UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya

Wednesday, June 28, 2017

චර්යාවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද



අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රය පුළුල් විමත් සම`ග ඒ පිළිබඳ විවිධ ගුරුකුලාගත මතයන් බිහිවන්නට විය. ඒ අතර චර්යාවාදයට මූලික ස්ථානයක් හිමි විය. චර්යාවාදය න්‍යායක් වශයෙන් උත්පාදනය වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වුවත් එහි ආරම්භය සිදු වූයේ සම්භාව්‍ය ආරෝපණය ප‍්‍රථමයෙන් ඇති වූ රුසියාවේය. චර්යාවාදය තුළින් පුද්ගල චර්යාව නිරීක්‍ෂණය කරනු ලැබේ. එමෙන්ම මානව චර්යාව පිළිබඳ තවත් ආකාරයකින් හේතු සාධක දැක්වීමක් ප‍්‍රජානනවාදී න්‍යාය තුළින් ඉදිරිපත් වේ. ප‍්‍රජානනවාදීහූ මනුෂ්‍ය චර්යාව කෙරෙහි පරිසරය ඇති කරන බලපෑමේ ප‍්‍රබලතාව පිළිගන්නා අතර පරිසරය සහ ජීවියා අතර ඇතිවන අන්තර් ක‍්‍රියාවලියේදී චින්තනයෙන්, සැළසුම් නිර්මාණයෙන් හා තොරතුරු සැකසීමේ ක‍්‍රියාවලියෙන් ඇතිකරන බලපෑමේ වැදගත්කම ද පෙන්වා දෙයි. චර්යාවාදීන් දක්වන අන්දමට ශිෂ්‍යයා නිෂ්ක‍්‍රීය ආකාරයට යාන්ත‍්‍රිකව ප‍්‍රතිචාර දක්වනවා යන්න ප‍්‍රජානනවාදීන් ප‍්‍රතික්‍ෂේප කරයි. මෙම චර්යාවාදී ඉගෙනුම් න්‍යාය සහ ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳ ඉදිරිපත්ව ඇති විවිධ මතිමතාන්තර මෙහිදී කෙටියෙන් සාකච්ඡුා කිරීමට අපේක්‍ෂා කෙරේ.
එමෙන්ම චර්යාවාදය පිළිබඳ ඉදිරිපත්ව ඇති අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය, එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය සහ ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය යන න්‍යායවල දක්නට ඇති සාධනීය ලක්‍ෂණ පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී භාවිත කළ හැකි ආකාරය සෝදාහරණව විමසීමට ලක්කිරීම ද මෙහි ප‍්‍රධාන අරමුණක් ලෙස දැක්විය හැක.


චර්යාවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද?
ලොවෙල්ට අනුව ඉගෙනුම යනු පුහුණුවේ හෝ අත්දැකීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පුද්ගල චර්යාවේ සිදුවන දිගුකාලීන, සාපේක්‍ෂ වශයෙන් ස්ථාවර වෙනස්වීමකි. මෙම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ගුරුකුලාගත මතිමතාන්තර අතර චර්යාවාදීන්ගේ මතය ප‍්‍රධාන න්‍යායන් ත‍්‍රිත්‍වයකට බෙදිය හැක.
x අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය
x එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය
x ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය.
යනුවෙනි.
x අයිවන් පැව්ලෝගේ (ෂඩ්බ ඡු්ඩකදඩ* සම්භාව්‍ය ආරෝපණ න්‍යාය.
පුරුද්ද සංඛේතයක් ලෙස යොදා ගනිමින් චර්යාවේ කිසියම් වෙනසක් ඇතිවීම නම් වූ ඉතා සරල ආරෝපණයක් පිළිබඳ අදහසක් මෙම න්‍යාය තුළින් ඉදිරිපත් වේ.  ඕනෑම සත්වයෙක් උත්තේ්ජක කෙරෙහි ප‍්‍රතිචාර දක්වනු ලැබේ. ගින්දරට අත සමීප කළ සැනින් එය ආපසු ඇද ගැනීම සිදුවන්නේ අප නොදැනුවත්වමය. එය ඉබේ සිදුවන නිසා එම ක‍්‍රියා ප‍්‍රතීක චර්යා ලෙස හැඳින්වේ. ප‍්‍රතීක වශයෙන් ඇතිවන මෙවැනි ප‍්‍රතිචාර කිසියම් නියමිත උත්තේජකයන් වෙනුවට වෙනත් උත්තේජකයක් සම`ග සම්බන්ධ කිරීම ඉතා සරළ ලෙස ආරෝපණය ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය වශයෙන් සිදුවන ප‍්‍රතිචාරයක් කිසියම් නියමිත උත්තේජකයක් සඳහා ලබා ගැනීමට හුරු කිරීමකි. මේ සඳහා අවශ්‍ය වන පුහුණුව තුළින් චර්යාවේ වෙනසක් සිදුවේ. මෙම චර්යාමය වෙනස දිගුකාලීනව පවතින්නේ ද යන්න තුළ ඉගෙනුමක් සිදුවී ඇද්ද යන්න තීරණය වේ. ආරෝපණයේදී ඉගෙනුමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සම්පරීක්‍ෂණ මාලාවක් අයිවන් පැව්ලෝ (ෂඩ්බ ඡු්ඩකදඩ* 1927 සිට සිදුකොට ඇත. බල්ලා මස් සඳහා දක්වන ප‍්‍රතිචාරය සීනුවේ ශබ්දයකට ආරෝපණය කරගෙන මෙම සම්පරීක්‍ෂණ කොට ඇත.
මස් - අනාරෝපිත  උත්තේජකය
මස් වලට කෙල ඉනීම - අනාරෝපිත ප‍්‍රතිචාරය
සීනු ශබ්දය - ආරෝපිත උත්තේජකය
සීනු ශබ්දයට කෙල ඉනීම - ආරෝපිත ප‍්‍රතිචාරය
අදාළ ක‍්‍රියාවලිය සිදුකරන වාර ගණන ඉහළ යාමත් සම`ග ප‍්‍රතිචාරයේ ඉහළ යාමක් සහ ස්ථාවර බවක් ද පෙන්නුම් කරයි. සාමාන්‍ය චර්යාවේ සිදුවන උත්තේජක - ප‍්‍රතිචාර (ීඑසපසකස ඍැිචදබිැි* ක‍්‍රියාවලිය ආරෝපිත උත්තේජක - ප‍්‍රතිචාර ක‍්‍රියාවලියක් බවට පරිවර්ථනය වීමක් මෙහිදී සිදුවේ.
සම්භව්‍යතා ආරෝපණයේ දී පැව්ලෝ ඉදිරිපත් කළ වැදගත්ම කරුණ නම් උගත් දේ තහවරු වීම පිළිබඳ අදහසයි. ඉහත සම්පරීක්‍ෂණයේදී මස් වලින් සීනු ශබ්දයට ඉගෙනුම ආරෝපණය වීමක් පෙන්නුම් කරන අතර එය තහවුරු වීමක් ද පැහැදිළි වේ. ඒ අනුව අදාළ උත්තේජක ඇතිවන වාර ගණන ඉහළ යාමේදී ඒ සම`ග බැඳුනු චර්යාව නැවත නැවතත් සිදුවීමට ඇති හැකියාව ස්ථම්භනය (ඍැසබදෙරජැපැබඑ* වශයෙන් අර්ථවත් කෙරේ. අදාළ ඉගෙනුම දිගින් දිගටම ර\පැවැත්මක් මෙහිදී විද්‍යමාන වේ. මෙම අධ්‍යයනය සතුන් ඇසුරින් සිදු කළ ද එය මිනිසාට ද සම්බන්ධ කොට විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත.
බොහෝවිට භාවමය ප‍්‍රතිචාරයන් සම්භව්‍යතා ආරෝපණය ඇසුරෙන් ඉගෙන ගන්නා බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. ඇතමුන් මීයන්ට, මකුළුවන්ට සහ කැරපොත්තන්ට බියක් දක්වනුයේ මෙබඳු ආරෝපිත තත්ත්‍වයක් මත බව පැවැසේ. මේ පිළිබඳ සිදුකර ඇති ප‍්‍රත්‍යෙක අධ්‍යනයේදී වැදගත් කරුණු රැුසක් අනාවරණය කරන්නට වොට්සන් සහ රේනර් සමත්වී ඇත. ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී සම්භව්‍යතා ආරෝපණය මිනිස් ඉගෙනුම් සම්බන්ධයෙන් භාවිත වන ආකාරය පැහැදිළි කර ඇත.

එමෙන්ම ඉගෙනුම් නිවාරණය පිළිබඳ ද පැව්ලෝ විසින් කරුණු ගෙනහැර දක්වා ඇත. ඉගෙනුම් නිවාරණය යනු උගත්දේ මතකයෙන් බැහැරවීමයි. බල්ලා සම්බන්ධ උදාහරණයේදී බල්ලාට සීනුව නාදකොට ආහාර නොලැබී ගියහොත් ඔහු සම්භව්‍යතා ආරෝපණය තුළ ලත් අවබෝධය වෙනස්වී යන අයුරු පැහැදිළි වේ. ඒ අනුව බල්ලාට මෙම තත්ත්‍වය දිගටම සිදුවීමෙන් ඔහු සීනුවේ නාදයට ක‍්‍රියාකාරී වීම සමුපූර්ණයෙන්ම අත්හිටිනු ඇත. මෙය ඉගෙනුම් නිවාරණය ලෙස අපට හඳුනාගත හැක. එසේ නිවාරණය වීමේ වාසි සහ අවාසි ද දැකිය හැක. එමෙන්ම නිවාරණය වූ ප‍්‍රතිචාරයන් සදාකාලිකවම මැකී නොගොස් යළි ඒවා මතකයට පැමිණීමේ හැකියාව ද පවතී. එමෙන්ම මොහු විසින් අන්තරීක ස්ථම්භනය, උත්තේජක ව්‍යාප්තිකරණය සහ උසස් මට්ටමේ ආරෝපණය වැනි සංකල්ප පිළිබඳ ද සංපරීක්‍ෂණ කොට ඇත.
x එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය
බලලෙකු සම්පරීක්‍ෂණ පෙට්ටියකට ඇතුල් කොට දොර වසා මෙම පරීක්‍ෂණය සිදුකොට ඇත. පෙට්ටිය තුළට සවිකොට තිබූ ලණුව ඇද්ද විට දොර විවරණ වන අයුරින් මෙම පෙට්ටිය නිමවා තිබුනි. පෙට්ටිය සමීපයේ තැබූ ආහාර බඳුන කෑම සඳහා බලලා ඒ මේ අත සැරිසරයි. අනතුරුව කෑගැසීමට ද පටන් ගනියි. අහම්ඹෙන් මෙන් කූඩුවේ ලණුව පෑගී දොර විවෘත වේ. මෙසේ ඔහු පෙට්ටියෙන් ඉවතට පැමිණ කෑම කනු ලැබේ. නැවත ද මෙම බලලා පෙට්ටියට දැමුව ද ටික වේලාවකින් පෙර ක‍්‍රියා අනුගමනයෙන් පෙට්ටියෙන් එළියට පැමිණේ. කිහිප වතාවක් මෙම ක‍්‍රියාවලිය සිදු කිරීමෙන් බලලා එක්වරම ලණුව තදකොට පෙට්ටියෙන් ඉවතට පැමිණ කෑමට හුරුවූ බව සම්පරීක්‍ෂණයෙන් හෙළි විය. මෙම පරීක්‍ෂණයෙන් තොන්ඩයික් හෙළිකර ගත්තේ ඵලය පිළිබඳ න්‍යාය ම`ගින් ජීවීන්ගේ චර්යාව නිරායාසයෙන්ම තීරණය වන බවයි. මෙහිදී ප‍්‍රතිචාරය සහ ඵලය අතර සම්බන්ධතාවක් ඇතැයි තේරුම් ගැනීම අවශ්‍ය නොවන බව ද පෙන්වා දී ඇත. කාලය සහ අනුභූතිය ඇසුරින් ජීවියා විසින්ම උත්තේජක සහ ප‍්‍රතිචාර අතර ඍජු සම්බන්ධතාවක් දැනීමකින් තොරව වුව ද ඇතිකර ගන්නා බව පැහැදිළිය.
x ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය.

අති නවීකරණය කළ පෙට්ටියක මොහුගේ පරීක්‍ෂණය සිදුවී ඇත. ඊට ඇතුලූ කළ මීයෙකුට එක්තරා ලීවරයක් තද කිරීමෙන් භාජනය මතට වැටෙන ආහාර කෑමට සැළැස්වීය. මුලදී විවිධ ප‍්‍රතිචාර දැක්වු නමුදු හදිසියේ ලීවරය තද වීමෙන් භාජනය තුළට වැටෙන ආහාර කන්නට පටන් ගනී. මෙම තත්ත්‍වය අවස්ථා කිහිපයකම සිදුවූ විට මීයා ඍජුවම ලීවරය තද කොට කෑම කෑමට උගත් බව පැහැදිළි වේ. මේ අනුව ප‍්‍රකාර ආරෝපණයේදී ක‍්‍රමයෙන් අදාළ නිෂ්ටාව කරා ල`ගාවීමේ මාර්ගයක් වශයෙන් ප‍්‍රතිචාර උගැන්මක් සහ ඒවා තහවුරු වීමක් සිදුවන බව ද පැහැදිළි වේ.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද?
චර්යාවාදී ඉගෙනුම් න්‍යාය වූ පුද්ගලයන් ස්ථම්භනය වූ අතීත ඉගෙනුම් මත උත්තේජක සඳහා ප‍්‍රතිචාර දක්වන බව පමණක් පැවැසූ මතය ප‍්‍රජානනවාදීන් එය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබේ. ඊට වඩා චින්තනමය කාර්යභාරයක් ඉගෙනුම් ක‍්‍රියාවලියේදී සිදුවන බව ප‍්‍රජානනවාදීන්ගේ මතය විය. උදාහරණයක් ලෙස වාහන පදවන්නෙක් ඉබේම වාහානයක් පැදවීමට අසමත් වේ. වාහනය පැදවීමට පූර්ව අනුභූතීන්  සහ ම`ගියෙකු වශයෙන්  ලැබූ දැනුම වැදගත් වන බවට සැකයක් නැත. ඒ අනුව ප‍්‍රජානනවාදීන් උත්තේජක ප‍්‍රතිචාර ක‍්‍රියාවලියකට අමතරව ප‍්‍රජානන ක‍්‍රියාවලියක අවශ්‍යතාව ද ස්මතු කොට දක්වයි.
ගෙස්ටෝල්ට් න්‍යාය ප‍්‍රථම වරට ඉදිරිපත් කළේ වර්දයිමර් විසිනි. ගෙස්ටෝල්ට් යනු හැඩය, ව්‍යූහය සහ රටාව යන අරුත් දෙන ජර්මන් වචනයකි. ගෙස්ටෝල්ට්වාදීන් පවසන්නේ චර්යාවේදි සමස්ථය මුල්වන බවයි. චර්යාව තේරුම්ගත යුත්තේ සමස්ථයක් ලෙසය. මේ අනුව ප‍්‍රබෝධක - ප‍්‍රතිචාර (ී-ඝඍ* න්‍යාය වෙනුවට ගෙස්ටෝල්ට් වාදීහු සංජානන - ප‍්‍රජානන (ී-ඝධ-ඝඍ* සූත‍්‍රයක් යෝජනා කළහ. මීට අමතරව ගෙස්ටෝල්ට්වාදීන් සංජානනය, රූප පිටුතල සංජානනය, සාමූහිකරණය, ක්‍ෂේත‍්‍රය පිළිබඳ මතය, අභිපේ‍්‍රරණය ආදී න්‍යායන් පිළිබඳ ද කරුණු දක්වා ඇත.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය අතර ටෝල්මන්ගේ (ෑගක්‍ග ඔදකප්බ* සංඥා ඉගෙනුම් න්‍යාය ද වැදගත් වේ.  මීයන් උපයෝගී කරගෙන කළ මෙම සම්පරීක්‍ෂණයෙන් ටෝල්මන් එළඹි නිගමනය වූයේ හුදෙක්ම ආරෝපිත ප‍්‍රතිචාර ම`ගින් උපස්ථම්භක ම`ගින් ඉගෙනීමට අමතරව, බුද්ධිමය ලෙස ප‍්‍රජානනමය සිතියම් ගොඩනංවාගෙන ඉගෙන ගන්නා බවයි. එම ඉගෙනීම අනුෂය වී, නිලීනවී පවතී.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය අතර ඇල්බට් බන්ධුරා (්කඉැරඑ ඊ්බාමර්* සහ ඔහුගේ අනුගාමිකයන් ඉදිරිපත් කළ නිරීක්‍ෂණමය ඉගෙනුම මෙහිදී වැදගත් වේ. මෙහිදී සිදුවන්නේ වෙනත් පුද්ගලයෙකුගේ චර්යාවක් ආදර්ශයට ගෙන එය ආකෘතියක් වශයෙන් සළකා කටයුතු කිරීමයි. බන්ධුරා පැහැදිළි කරන ආකාරයට නිරීක්‍ෂණමය ඉගෙනුම් පියවර හතරකින් යුක්තය. එනම්:
x තවත් කෙනෙකුගේ චර්යාවේ ඇති සුවිශේෂී ලක්‍ෂණ කෙරෙහි අවධානය සහ ඒවා ප‍්‍රත්‍යක්‍ෂ කිරීම.
x එම චර්යාව මතකයේ රඳවා ගැනීම.
x චර්යාව නැවත කිරීම හෝ ක‍්‍රියාව නැවත සිදු කිරීම.
x අදාළ චර්යාව ඉගෙනීම සඳහා චේතනාවක් ඇතිකර ගැනීම සහ එම චර්යාව ඉදිරියට පවත්වාගෙන යාම වශයෙනි.
හැකියාවන් ප‍්‍රගුණකිරීම සම්බන්ධ ඉගෙනුම්වලදී නිරීක්‍ෂණමය ඉගෙනුම වඩාත් වැදගත් වේ. ගුවන් යානයක් පැදවීමට , ශල්‍යකර්මයක් කිරීමට ඉගෙනීමේදී නිවැරදි නිරීක්‍ෂණය වැදගත් වේ. සමකාලීන මනෝවිද්‍යාව තුළ නිරීක්‍ෂණමය ඉගෙනුම වශයෙන් හැඳින්වූ මෙය අතීතයේ ප‍්‍රත්‍යක්‍ෂමය ඉගෙනුම (ඡුැරජැචඑම්ක ඛැ්රබසබට* හෙවත් ප‍්‍රතිවේද ඉගෙනුම (ෂබඑසඩසඑසඩැ ඛැ්රබසබට* ලෙස හඳුන්වා ඇත. චර්යාවාදී ඉගෙනුම් ක‍්‍රමය ප‍්‍රතික්‍ෂෙප කොට ප‍්‍රත්‍යක්‍ෂමය ඉගෙනුම පිළිබඳ පරීක්‍ෂණ කළ කොෆ්කා සහ කොලර්ගේ මතය ද මෙහිදී වැදගත් වේ. මෙහිදී කොෆ්කා විසින් ප‍්‍රතිවේදය පිළිබඳ අදහස ඉදිරිපත් කළ අතර එය කොලර් විසින් තහවුරු කරන්නට උත්සහ ගෙන ඇත. මෙම සම්පරීක්‍ෂණයේදී චිම්පන්සියෙකු කූඩුවක දමා කෙසෙල් ගෙඩි කිහිපයක් ඒ ආසන්නයේ කූඩුවට පිටතින් තබයි. යකඩ කූරක් හෝ කෝටුවක් එම කූඩුව ඇතුළත ඇති අතර එය උපකාරයෙන් චිම්පන්සියා එක්වරම කෙසෙල් ගෙඩිය ලබාගත්තේය. මෙම දැනුම සංජානන ක්‍ෂේත‍්‍රය ඇසුරින් ලද බව සම්පරීක්‍ෂකයෝ පැවසූහ. මෙහිදී වර්තමානය වැදගත් කොට සැලකීමක් සිදුවී ඇත. එසේම ජීවියා පරිසරයේ ස්වභාවික කොටසක් පමණක්ය යන පිළිගැනීම වෙනුවට ඔහු බුද්ධිමය ක‍්‍රියාකාරිත්‍වයේ ප‍්‍රතිමූර්තියක් බව දැක්වීම ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය තුළින් පැහැදිළි වේ.
චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී භාවිත කළ හැකි ආකාරය සෝදාහරණව විමසුම.
සම්භාව්‍ය ආරෝපන න්‍යාය පංති කාමර ඉගැන්වීමට යොදාගත හැකි ආකාරය.
01. ඉගෙනුම් ක‍්‍රියාවලිය සම`ග සෑම විටම ප‍්‍රතිජානන, ප‍්‍රසන්න අවස්ථා හා සිද්ධි සම්බන්ධ කිරීම.
ශිෂ්‍යයන්  අතර තනි තනි තර`ග පැවැත්විමෙන් වැලකී කණ්ඩායම් තර`ග පැවැත්වීම වැදගත් වේ. තනි තනිව තර`ග පැවැත්වීම තුළ සමහර ශිෂ්‍යයන්ට තම පරාජය දරා ගැනීමට නොහැකියාවෙන් පෙළෙයි. එම තතත්‍වය ඒ ඒ පුද්ගලයන්ට පසුකාලීනව බලපෑම් ඇති කරයි. එමෙන්ම සිත්ගන්නා අයුරින් පංති කාමරය සැකසීමෙන් අධ්‍යන කටයුතුවලට ශිෂ්‍යයන් ආශාවෙන්ම යොමු වේ. බෙදීම, එකතු කිරීම ගණිත කර්ම සෑම විටම දෛනික වැඩවලට සම්බන්ධ කිරීම තුළින් ඔවුන් අතර සහයෝගය ගොඩනැෙ`ග්.
02. ළමයයින්ගේ ලැජ්ජාව සහ බිය ඉවත් කිරීමට සරළ කාර්යයන් පැවැරීම සහ එම ක‍්‍රියාවෙන් සිදුවන ප‍්‍රතිඵලය පිළිබඳ ද විමසිම වැදගත් වේ.
ඒ ඒ ශිෂ්‍යයාට හොඳින් කළ හැකි කාර්යයන්, තේරුම් කළ හැකි දේ තවත් දෙදෙනකුට කියාදීමට යොමු කිරීම වැදගත් වේ. කණ්ඩායම් ක‍්‍රියාකාරකම්වලදී නායකයෙකු පත් කිරීම සහ එම කණ්ඩායමේ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල පංන්තියට ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම ද වැදගත් වේ.
03. ශිෂ්‍යයින්, සහභාගිත්‍වය දැක්වීමට ඉක්මනින් ඉදිරිපත් නොවේ නම් එම ඉලක්කය කරා ල`ගා කරගත හැකි අන්දමට කුඩා අනුකුඩා කොටස් භාරදී අනුක‍්‍රමයෙන් ඉලක්ක කරා ල`ගා කිරීම ඉතා වැදගත් වේ.
මෙහිදී ළමයින් අතර පවතින විභාග බිය දුරු කිරීමට ශ්‍රේණිගත නොකරන, දෛනික, මාසික, ත්‍රෛමාසික ආදී ලෙස සරල කෙටි පරීක්‍ෂණ පැවැත්වීම වැගදගත්ය. අවසාන පරීක්‍ෂණය ද එම ස්වරූපයෙන් පැවැත්වීම තුළින් ළමයා තුළින් විභාගයට ඇති අකමැත්ත දුරුකිරීමට හැකියාව ඇත. එමෙන්ම පංන්ති කාමරය ඉදිරයට පැමිණ කතා කිරීමට සබකෝලයක් දක්වන ශිෂ්‍යයන් පළමුව වාඩිවී ලිපියක් කියවීමට, දෙවනුව එබඳු වාර්ථාවක් සිටගෙන කියවීමට සහ අනතුරුව පංන්තිය ඉදිරියේ සහ සභාවක ඉදිරියේ කතා කිරීමට අවස්ථාව සැළසීමෙන් ඔවුන්ගේ සබකෝලය දුරුකිරීමට හැකියාව ඇත.
04. ඒ ඒ සිද්ධිවල, අවස්තාවල සමාන අසමානකම් හඳුනාගෙන  කටයුතු කිරීමට උපදෙස් ම`ගපෙන්වීම් ලබාදීම ද වැදගත් වේ.
අමුත්තන් සහ නාදුනන අය විසින් දෙන ත්‍යාග නොපිළිගැනීම සහ නාදුනන අය සැක කිරීමේ වැදගත් කම පෙන්වාදීම ද වැදගත් වේ. එසේම එම ත්‍යාග පිළිගැනීම කළ යුත්කේ කාගෙන් ද කවර අවස්ථාවල ද යන්න පිළිබඳ අවබෝධය වැදගත් වේ. දෙමාපියන් ඉදිරියෙහිදී ඔවුන් අඳුනන අය පිළිගන්වන ත්‍යාග පිළිගැනීම මෙමගින් විභේදනය කිරීමට සහ සාමාන්‍යකරණයට උගනී.
05. පංති කාමරය තුළදී ශිෂ්‍යයාට ද`ඩුවම් කිරීම, විකට නාම පද බැඳීමෙන්, දොස් කීමෙන් අපහසුතාවයට පත් කිරීමෙන් වැලකීම ද වැදගත් වේ.
ඒ අනුව ඒ ඒ විෂයන්ට ශිෂ්‍යයන් තුළ පවතින විවිධතාවයන් තේරුම් ගැනීම වැදගත් වේ. ගණිතය සහ ඉංග‍්‍ර‍්‍රසි වැනි විෂයන්වලදී ශිෂ්‍යයන් අපහසුතාවයට පත් නොකොට ඔවුන්ගේ දැනුම පෝසණයට රුකුලක් සැපයීම වැදගත් වේ. ශිෂ්‍යයාට පාඩම එපා වීම තුළ ගුරුවරයා ම`ග හැරීම සහ පාසල පවා ම`ග හැරීමේ හැකියාව ඇත. එම තත්ත්‍වයන්ගෙන් ශිෂ්‍යයා මුදවා ගැනීම වැදගත් වේ. ශිෂ්‍යයාගේ කුදුමහත් කටයුතුවලට අවශ්‍ය අත්වැල සැපයීම වැදගත්ම කාර්යයක් වේ.

ප‍්‍රකාරක ඉගැන්වීම් න්‍යාය පංති කාමර ඉගැන්වීමට යොදාගත හැකි ආකාරය.
ස්කිනර් තම ප‍්‍රකාරක ආරෝපන න්‍යායෙන් ඉදිරිපත් වූ මූලධර්ම පාදක කරගෙන පවතින අධ්‍යාපන ක‍්‍රමයේ දුර්වලතා ම`ගහරවා සාර්ථක අධ්‍යාපන ක‍්‍රමයක් වූ ප‍්‍රාථමික් අධ්‍යාපන ක‍්‍රමය නම් වූ නව ඉගැන්වීමක් යෝජනා කළහ. ඒ අනුව එහි භාවිතය පිළිබඳ විමසීම වැදගත් වේ.
01. පංන්ති කාමරයේදී නිවැරදි හැසිරීම් උපස්ථම්භනය කරන්න.
පන්තියට නීති, විධාන හඳුන්වා දෙන විට ඒවා ඉටු කිරිමෙන් සහ නොකිරිමෙන් සිදුවන වාසි අවාසි හඳුන්වා දීම ද වැදගත් වේ. උදාහරණයක් ලෙස පාසලට පැමිණීම 80% ට වඩා වැඩි පිරිසට විභාගයට ලකුණු 20 ක් පිරිනැමේ. පැමිණීම 75% කට වඩා අඩු වුවහොත් ලකුණු 20ක් විභාගයට අඩු වේ. එමෙන්ම ශිෂ්‍යයෙක් වරදක් කළ විට එයට සහනයක් ලබාදෙන්න. උදාහරණ ලෙස ‘‘ඔබ යහළුවාගෙන් කොපි කළ බව පිළිගන්නා නිසා අදටත් විභාගය ලියන්නට ඉඩ දෙනවා. නැවත කොපි කර අසු වුවහොත් විභාග ශාලාවෙන් ඉවත් කරනවා’’ ආදී වශයෙනි.
02. දෙනු ලබන උපස්ථම්භන යමෙකුට ඇත්ත වශයෙන්ම උපස්ථම්භනයන් ලෙස ක‍්‍රියා කරයි ද යන්න සොයා බැලීම ද වැදගත් වේ.
සාර්ථක උත්සහයන් සඳහා අර්ථවත් ත්‍යාග පිරිනමන්න. උදාහරණ ලෙස විවේකය වැඩිපුර ලබාදීම, පුස්තකාල කාලය දීර්ඝ කිරීම, ගෙදර වැඩ අඩු කිරීම, වැඩි වේලාවක් ආශාකරන කාර්යයෙහි යෙදෙන්නට ඉඩ සැළසීම වැදගත් වේ. හොඳ වැඩ සඳහා දිය යුතු ත්‍යාග ළමයින් සම`ග සාකච්ඡුා කොට තීරණය කිරීම වැදගත්ය.
03. නව උපකරණයක් හෝ පර්යේෂණයක් මෙහෙය වන විට, නව කුසලතාවක් වර්ධනය කරගැනීමට උත්සහ දරන විට  උපස්ථම්භනය වැඩිපුර ලබාදෙන්න.
නිවැරදිව ඉටුකරන ඉතා කුඩා දෙයට ද ප‍්‍රශංසා කිරීම මෙන්ම අමාරු වැඩ කොටසක් කිරීමට ආරම්භ කරන අවස්ථාවල සිදුවන වැරදි ම`ග හැරීම ද වැදගත් වේ. එම වැරදි උපහාසයට ලක් කිරීම නොකළ යුතුය.
04. නව චර්යාවන් තහවුරු වූ පසුව එය ස්ථාවරව තව දුරටත් පවත්වාගෙන යාමට නොසිතන වේලාවල උපස්ථම්භන ලබාදීම ද වැදගත් වේ.
පන්ති කාමරය තුළ හෝ පාසලෙන් පිටතදී කළ හොඳ ක‍්‍රියාවකට අනපේක්‍ෂිත අයුරින් ත්‍යාග පිරිනැමීම වැදගත් වේ. පත‍්‍රයකට ලිපියක් ලියූ විට, නව දස්කම් දැක්වූ විට ප‍්‍රශංසා කර ත්‍යාග ලබාදිම ද වැදගත් වේ. සාමාන්‍ය දැනුම සමබන්ධ කොට ප‍්‍රශ්න ඇසීම මෙන්ම පිළිතුරු දීම අනිවාර්ය නොවුනත් ඒවාට වාර අවසාන විභාගයට ලකුනු කිහිපයක් එකතු කිරීම වැදගත් වේ. නිතරම හොඳ, දක්‍ෂ, නිර්මාණශීලී සහ කාර්යශූර ළමයින්ට වරින් වර තෑගි, සහතික සහ ප‍්‍රශංසාත්මක ලිපි ලබාදීම ද වැදගත් වේ.
05. නව චර්යා ඇති කරලීමට අදාල නීති රීති පැහැදිළිව, නිශ්චිතව ඉදිරිපත් කරන්න.
පාසල් නිවාඩුවේදී කළ යුතු වැඩ, පැවරුම් නිශ්චිතව දැක්වීම ද වැදගත් වේ. පන්ති කාමර හැසිරීමේදී නීති සිහිපත් වීම සඳහා ළමයින් විසින්ම අඳින ලද සිතුවම් සහ සංඥා ඉදිරිපත් කිරීම ද වැදගත් වේ.
06. ළමයින්ට ප‍්‍රිය මනාප ලෙස හැසිරීම ද වැදගත් වේ.
පන්ති කාමරයෙන් පිටතදී මුන ගැසුන විට, හොඳ වැඩක් කළ විට, ජයග‍්‍රහණයක් ලද විට නොපැකිලිව සිනාසී සතුට ප‍්‍රකාශ කිරීම මෙන්ම අසහනයකට, ගැටළුවකට මැදිහත් වූ විට අවශ්‍ය අනුකම්පාව, ආදරය සහ උපකාරය ලබාදීම ද වැදගත් පියවරකි. ළමයන්ගේ නව දක්‍ෂතා, යහපත් චර්යාවන් අගය කිරීම මෙන්ම ළමයින් ධෛර්යමත් වන ලෙස කතා කර ඔවුන් පෙළඹවීම ද වැදගත්ය.
07. ද`ඩුවම් දීමේදී   සංයතතාව රැුකීම.
වරද කළ වහාම වරද තේරුම් කොට ද`ඩුවම් කිරීම වැදගත්ය. එමෙන්ම ද`ඩුවම වාචිකව කරුණු පැහැදිළි කොට ශිෂ්‍යයාට පිළිගත හැකි අයුරින් ද`ඩුවම් ලබාදීම ද වැදගත් වේ. ශාරීරික ද`ඩුවම් අවම කිරීම සහ කළ වරදට ද`ඩුවම සාධාරණ බව පෙන්වා දීම ද මෙහිදී වැදගත් වේ.
සමාලෝචනය

චර්යාවාදී ඉගෙනුම් න්‍යායට අනුව ස්වභාවික ප‍්‍රබෝධකයක් නිසා ස්වභාවික ප‍්‍රතිචාරයක් බිහිවෙයි.  ඒ අනුව චර්යාවාදී ඉගෙනුම් න්‍යායට අනුව පුද්ගලයාගේ ඉගෙනුම බාහිර වශයෙන් ප‍්‍රකට වේ. නමුත් ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය මනස සහ සම්බන්ධ වේ. එහිදී විශේෂයෙන් පුද්ගලයා යමක් ඉගෙන ගන්නා විට මනසේ කිසියම් ප‍්‍රජානන ව්‍යූහයක් ගොඩන`ගා ගන්නා බව මොවුන් ප‍්‍රකාශ කළහ. ඒ අනුව මෙම චර්යාවාදී ඉගෙනුම් න්‍යාය සහ ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳ මෙහිදී කෙටියෙන් සාකච්ඡුාවට බඳුන් වූ අතර චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා ආකාරය මෙහිදී පුළුල්ව සාකච්ඡුා කොට ඇත. නූතනයේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ පවතින බොහෝ ගැටළුකාරී තත්ත්‍වයන්ට පිළිතුරක් ලෙස එය භාවිත කිරීමේ හැකියාව පවතින බව මෙහිදී ප‍්‍රස්තුථ කරුණු වලින් අනාවරණය වේ.


ඇසුරු කළ පොතපත

අතුකෝරාල, දයා රෝහණ
අතුකෝරාල, හඳුන් රසාරි          - පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යාත්මක උපදේශන න්‍යායයන්, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය - 2008.

විදානගමගේ, කුලසේන            -   ඉගෙනුම පිළිබඳ මනෝ විද්‍යාව, මහාචාර්ය කුලසේන විදානගමගේ විහාරෙගම, නාරම්මල, ප‍්‍රථම මුද්‍රණය- 2002.

අතුකෝරාල, දයා රෝහණ
අතුකෝරාල, හේළි නිමලා          - අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය - 2009.



කල්හණ සහ ඔහුගේ රාජතරංගිණිය



‘රාජතරංගිණිය’ යන නම කියූ සැනින්ම අපට ප‍්‍රස්තුත වන්නේ රජවරුන් පිළිබඳ තොරතුරු වාර්තාකරණයකි. රාජගරංගිණීකාරක කල්හණයන් විසින් මෙම ග‍්‍රන්‍ථය තුළින් කාශ්මීර රාජ්‍යය පෙළපත පිළිබඳ මනා කරුණු විමර්ශනයක යෙදෙයි. කල්හණයන් ඒ සඳහා ඔහුට පෙර රචකයන්ගේ කෘති, ජනප‍්‍රවාද ආදියෙහි ඇති වැදගත් කරුණු සහ තමා අත්දුටු තොරතුරු උපයෝගී කොට ගෙන ඇත. මෙම කෘතිය ඉතිහාස කාව්‍යය ගණයෙහි ශ්‍රේෂ්ඨ කෘතිය ලෙස ද අවිවාදයෙන් සැලකීමට ද හේතු වී ඇත්තේ මෙම ග‍්‍රන්‍ථයේ ඇති නිරවද්‍යය තාවයයි. එමෙන්ම රාජ වංශය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට අමතරව ඊට සමගාමීව සමාජ ආර්ථික කරුණු පිළිබඳ ද කරුණු ඉදිරිපත් කොට ඇත. ඔහුට අප‍්‍රත්‍යක්‍ෂ සමහරක් කරුණු වාර්තාකිරීමේදී යම් ව්‍යාකූලත්‍වයක් පෙන්නුව ද එය තුළ වැදගත් ඓතිහාසික සටහන් ඉස්මතු කොට දක්වා ඇත.
මෙම රාජතරංගිණිය නිරීක්‍ෂණයෙන් කල්හණයන් ඓතිහාසික කරුණු ඍජුවම වාර්තා කරන වාර්තා කරුවෙකුට වඩා වෙනස් දෘෂ්ටියකින් අපට හඳුනා ගත හැක. එනම් මොහුගේ අසහාය කාව්‍යකරණ ශක්තිය ද මෙම ග‍්‍රන්‍ථය තුළ මොනවට විද්‍යමාන වේ. ඒ අනුව මෙම නිබන්ධනය ඔස්සේ කල්හණයන් පිළිබඳ සහ ඔහුගේ රාජතරංගිණී කෘතිය තුළින් හෙළිවන කාශ්මීර රජ පෙළපතෙහි ස්වරූපය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට අපේක්‍ෂා කෙරේ.  


සකු බසින් පොතපත කළ ශ්‍රේෂ්ඨතම ඉතිහාසකරුවෙකු වශයෙන් කල්හණ හැඳින්විය හැක. එපමනක් ද නොව ඔහු කාව්‍යකරණයේ ද හසල දැනුමක් ඇති ප‍්‍රාඳයෙකු වශයෙන් අපට හඳුනාගත හැක. මොහු කාශ්මීර ජාතිකයෙකු වශයෙන් චිරප‍්‍රසිද්ධය. කිතුවසින් දොළොස්වන සියවසෙහි දී ග‍්‍රත්‍ථ කරණයෙහි යෙදුණු මොහු හර්ෂ රජුගේ වැනීම හා සම්බන්ධ බ‍්‍රාහ්මණ රාජ්‍යයතාන්ත‍්‍රිකයෙකුගේ පුත‍්‍රයෙකි. ඔහුගේ පියා නමින් චම්පක ලෙස හඳුන්වයි. කල්හණ ද රාජ සේවයේ යෙදී සිටි තැනැත්තෙක් වූ අතර ශෛවභක්තිකයෙකු වූ නමුදු බුදුසමය කෙරෙහි ලැදිකමක් දැක්වූ බව පෙනේ. හර්ෂ රජුගේ මිය යාමත් සම`ග රාජ්‍යය සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ කල්හණ කාශ්මීර රජවරුන්ගේ සවිස්තර නාමාවලියක් සැකසීමට අදහස් කළේය. බිල්හණගේ කෘති කෙරෙහි විශේෂ අවධානයක් දැක්වූ ඔහු කාලිදාසගේ රඝුවංශය සහ මේඝ¥තයත්, බානගේ හර්ෂ චරිතයත් හොඳින් ඉගෙන ගත් බවක් ඔහුගේ රචනා ශෛලියෙන් පෙනී යයි. එසේම රාමායණ, මහාභාරත සහ වරාහ මිහිරගේ භෘහත්සංහිතා ද හෙතෙම නිතර නිතර සඳහන් කර ඇත.
මොහු  ඉතිහාසකරණයට මෙන්ම කාව්‍යය කරණයේ ද හසලයෙකු වශයෙන් සඳහන් කළ හැක. ශාන්තරසය ප‍්‍රධාන කොටගෙන, වෛදර්භී ශෛලියෙන් මහාකාව්‍යය ලක්‍ෂණවලට අනුකූලව ග‍්‍රන්‍ථ රචනා කළහ. හර්ෂ රජතුමාගේ බලපෑම මොහුට ලැබුණු බව මොහු අන්තදුඃඛාන්තවාදියෙකු වීම තුළින් පෙනී යයි.

‘‘ක්‍ෂණභඞගනිජන්තූනං ස ඵුරිතෙ පරිචින්තිතෙ
මූර්ධාභිෂෙකඃ ශාන්තස්‍ය රසාස්‍යත‍්‍ර විචාර්යතාම්’’

කල්හන අදහස් කළේ ඉතිහාස කාව්‍යයක් ලිවීමෙන් රජවරුන්ගේ හුදු ලෞකික මහාත්ම්‍යයක් හෝ ජීවන චරිතයක් පෙන්වීම නොව රාජශ‍්‍රීයෙහි ඇති ක්‍ෂණවෛපරීත්‍යයත්, මානුෂික භාග්‍යයෙහි පවත්නා අස්ථිරතාවය පෙන්වීමය. වාලිමිකී මෙන්ම හෙතෙමේ ද භාග්‍යවාදය ජීවිතයේ ඇති ගැටළුවලට එකම විසඳුම ලෙස සැලකීය. මොහු තම කාර්ය කිසිවිටෙක අමතක නොකළ බව ඔහුගේ මෙම කියමනෙන් පැහැදිළි වේ.

‘‘ශලාඝ්‍යස්ම්‍ය එව ගුණවාන් රාගද්වේෂ වහිෂ්කෘතා
භූතාර්ථ කථනෙ යස්‍ය ස්ථෙයස්‍යෙව සරස්වතී’’                                                                                                                                                                                      
තමාට පෙර විසූ ඉතිහාසඳයින් කිහිප දෙනෙක් පිළිබඳ සඳහන් කරන මොහු සුවෘත පිළිබඳ මෙසේ අදහස් කරයි. ඔහුගේ කෘති අනවගම්‍යය’යි ද ක්‍ෂේමෙන්ද්‍රගේ නෘපාවලිය වැරදිවලින් පිරුණු එකකැයි ද කියයි. එසේම නීලමුනිගේ නීලමත පුරාණය ද පද්ම මිහිර විසින් ලියන ලද ශ‍්‍රීජ්ජවිල්ලය ද හෙතෙම සඳහන් කරයි. මෙම කෘති සියල්ල විවේචනය කොට හෙතෙම රාජතරංගිනිය රචනාකොට ඇත. මෙහි කොටස් 08ක් දක්නට ලැබේ. පළමු කොටසින් ගොනන්ද වංශය පිළිබඳ ද, දෙවන කොටසින් අභිනව රාජවංශයක් පිළිබඳ ද, තුන්වන කොටසින් මෙඝ වාහන රජතුමාගේ ප‍්‍රධානත්‍වයෙන් ගොනන්ද වංශය පුනරුත්‍ථාපනය කළ අයරු ද, හතරවන කොටසේ කර්කොටක වංශයේ ආරම්භය සහ උත්පල රජතුමාගේ මුණුබුරෙකු වූ අවන්තිවර්මන් විසින් එය විනාශ කර දැමූ අයුරුත් විස්තර වේ. පස්වන කොටසින් උත්පල වංශය පිළිබඳ ද, හයවන කොටසින් ලොහර වංශය ද, හත්වන කොටසින් හර්ෂ රජුගේ මරණය ද, අටවන කොටසින් උච්චලගේ රාජ්‍යාභිෂේකයෙන් පසු අවුරුදු පනහක වෘත්තාන්තය ද කියැවේ. මෙහි අවසාන කොටස ශ්ලෝක 3449න් යුත් දිග කොටසකි. කවියා මෙහි ප‍්‍රථම කොටස් හත ගොදාවරියෙහි ශාඛා ගඞගා හතට උපමා කරයි.

‘‘ගොදාවරී සරිදිවොත්තුමුෙලෙස්තරංගෙර්
වක‍්‍රස්ඵුටං සපදි සප්තභිරා පතන්ති
ශ‍්‍රී කාන්තරාජවිපුලාභිජනාබ්ධිමධ්‍යං
විශ‍්‍රාන්තයෙ විශති රාජතරංගණීයම්’’

රාජතරංගිණිය රචනයෙහි ලා ඔහු කරට ගෙන ඇත්තේ භා¥ර කාර්යයෙකි. එය භූගෝලීය කරුණු හේතුවෙන් සියවස් ගණනක් මුළුල්ලේ විශේෂ වී පැවති විදේශිකයන්ගේ අවමානයට ලක් වූ දේශයක් වන කාශ්මීරය පිළිබඳ පුර්ණ ඉතිහාසයකි. පොතේ මුල හරියේ දී නීලමතපුරාණයේ බලපෑම පැහැදිළිව දැකිය හැක.
රාජතරංගිනිය නම් ලත් මෙම ග‍්‍රන්‍ථය රජවරුන්ගේ ප‍්‍රවාහය ඉතිහාසය යන නයින් විස්තර කරයි. 1148 වැනි ක‍්‍රි. වර්ෂයෙහි ආරම්භ කරන ලද මෙම කෘතිය ක‍්‍රි. ව. 1150 වැන්නෙහි නිමවී යැයි පිළිගැනේ. කාශ්මීර රජවරුන්ගේ ඉතිහාසයක් සකස් කිරීමේ දී ඔහු ඊට පෙර රචිත කෘතීන් කිහිපයකට නයගැති බව පවසයි. එමෙන්ම සමහර රචකයන්ගේ අඩුපාඩුකම් ද ඔහු ග‍්‍රන්‍ථාරම්භයේ දක්වයි. රාජ වංශය විස්තර කළ වැදගත් ග‍්‍රන්‍ථ එකොළසක් ද නීලමුණිගේ නීලමතපුරාණය ද ඔහු විසින් කියවා පරීක්‍ෂාකරණ ලදි. බ‍්‍රාහ්මණ පඩිවරයෙකු වූ හේලාරාජයන්ගේ පාර්ථිවාවලියෙහි සඳහන් රජවරු අටදෙනකු පද්මමිහිරයන් තම කෘතියට ඇතුළු කළ බැවින් කල්හණයෝ ද රාජතරංගිණියෙහි මුල් සර්ගවල විස්තර කරන පැරණි කාශ්මීර රජුන් පස්දෙනාගේ ගණයට ඔවුන් එක් කළ බව පැවැසේ. මේ සම්භාවනීය රාජ වංශයේ රජුන් පස්දෙනා අතර ගෝනන්ද, ලව, අභිමන්‍යූ, අශෝක ආදී රජවරුන් පිළිබඳ සඳහන්වී ඇත. පැරණි රජ්‍ය වංශයේ ඉතිහාසය සැකසීමේ දී විස්වාසදායක සාක්‍ෂි නොමැතිවීම නිසා කල්හණට ඉහත සඳහන්  ග‍්‍රන්‍ථ මෙන්ම ජනකතා, වාර්තා සහ මුඛපරම්පරාගත තොරතුරු ඇසුරු කරන්නට සිදුවිය. එම නිසා යම් යම් කරුණු ව්‍යාකූලත්‍වයක් ගත්ත ද කර්කෝට රාජ වංශයේ ආරම්භයේ සිට (ක‍්‍රි. ව. හත්වන සියවසේ සිට* තම කාලය වූ ක‍්‍රි. ව. දොළොස්වන සියවසේ ආරම්භය තෙක් (හර්ෂ රජුගේ මිය යාම තෙක්* කාශ්මීර රාජ පරම්පරාවල උන්නතිය සහ අවනතිය මැනවින් විස්කර කොට ඇත. තවද ග‍්‍රන්‍ථාවසානයේ එන උච්චල රජුගේ රාජ්‍යය සමයේ ජනතාවට සිදු වූ තාඩන පීඩන පිළිබඳ විස්තර වී ඇති හෙයින් එම තොරතුරු ඓතිහාසික වටිනාකම කියාපානු ඇත.
මොහු නිවැරදි ඓතිහාසික තොරතුරු තෝරාගැනීම සඳහා ශාසන, ප‍්‍රශස්ති පට්ට, ශාස්ත‍්‍ර රාජනියමයන් අඩංගු ලිපි, ස්ත්‍රෝත‍්‍ර, ධර්ම ශාස්ත‍්‍ර සහ නීති ශාස්ත‍්‍ර වැනි ශාස්ත‍්‍ර ග‍්‍රන්‍ථ පරිසීලනය කොට ඇත. මේ නිසා මොහුගේ ග‍්‍රන්‍ථයේ එන දේශ විස්තර, දේව මන්දිර, දේවායතන වැනුම් එකල ආගමික තතු සහ කලාත්මක දියුණුව ආදී කරුණු පිළිබඳ විවේචන විශේෂත්‍වයක් ගනු ලැබේ. ඒ අනුව කාශ්මීර ජනතාවගේ සිතුම් පැතුම්, ගතිගුණ, රජවරුන්, රාජසභා පාලන ක‍්‍රම, ස්ත‍්‍රීන් හා ඔවුනට සමාජයේ හිමි වූ තැන ආදී කරුණු රැුසක් මොහු විසින් තම ග‍්‍රන්‍ථයේ දී විවේචනය කොට දක්වන්නේ ඉතා අපක්‍ෂපාතීවය.
පාලන තන්ත‍්‍රය හා  පාලනය පිළිබඳ කල්හණගේ තොරතෙුරු ද ඉතා වැදගත් වේ. වෛදික යුගයෙහි පැවැති රජුන් තෝරාපත් කරගැනීමේ ක‍්‍රමවේදය වීර කාව්‍යයන්ගේ කාලයෙහි වෙනස් වූ නමුදු  ඊට අනුකූලව කාශ්මීරයේ රජවරුන් තෝරාපත්කර ගත්හ. ඒ බව මොහුගේ ග‍්‍රන්‍ථය තුළින් හෙළිදරව් වේ. කාශ්මීර රජවරුන් සමහර උසස් නිළධාරීන් සහ පාලක පක්‍ෂය විසින් මෙහෙයවනු ලැබූ සැටි සටහන් කරන කල්හණයෝ ‘‘ඒ රජවරු අහිකුණ්ඨිකයන් විසින් නටවන ලද සර්පයන් මෙන් වස`ග වූහ’’  යි පවසත්. එමෙන්ම බමුණන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් පිළිබඳ ද සඳහන් වන අතර රජවරුන්  විසින් බෞද්ධ ස්ථූප හා විහාර ද සූය්‍ය– දෙවියන්ට පිදීම පිණිස දේවාල ද තැනූ අයුරු මෙම ග‍්‍රන්‍ථයේ සඳහන් වේ. ජයස්වාමීන් හා මාර්තණ්ඩ නම් සූය්‍ය– දේවාල එකල කාශ්මීරයේ ඉතා ප‍්‍රසිද්ධ දේවාලය. ඇතැම් රජවරුන් ආගමික භක්තියට විරුද්ධව කටයුතු කළහ. ඒ බැව් දෙවොත්්පාටනනායකම් හෙවත් දේවපිළිම ඉදිරීම පිළිබඳ නිලධාරියා නම් තැනැත්තෙක් විශේෂයෙන් පත්කිරීම තුළින් පැහැදිළි වේ.
සමාජ තොරතුරු පිළිබඳ ද රාජ තරංගිණියෙහි සඳහන් වේ. විශේෂයෙන් එකල ජනතාව තුළ පැවැති දීන බව ග‍්‍රන්‍ථාගත කරුණු ම`ගින් නිරීක්‍ෂණය කළ හැක. රදල ක‍්‍රමය සමාජයේ පැවැත්ම තහවුරු කළ අතර සමාජ අයථා ක‍්‍රම බහුලව විද්‍යමාන විය. රජවරුන් සහ රදලයන් අතර පැවැති සටන් නිසා පීඩා විඳිමින් සිටි ජනතාවට නිලධාරීන්ගේ බලයට ද අයථා මුදල් පැහැරගැනීම් වලට ද මුහුණ දීමට ද සිදු විය. ලලිතාදිත්‍ය වැනි රාජ්‍ය කාලවලදී ජනතාව වහල් භාවයට සමාන දීන බවක් උරුම කරගෙන සිටි අයුරු පහත පාඨයෙන් පැහැදිළි වේ.
‘‘වර්ෂයකට පමණක් සෑහෙන තරම් ආහාර ද කෙත් වතුවල ප‍්‍රමාණයට සෑහෙන තරම් ගොනුන් ද ගම් වවැසියන්ට ලැබෙන පරිදි කටයුතු සැලැස්විය යුතුයි. ඔවුන්ට ප‍්‍රමාණයට වඩා එවැනි පහසුකම් සැලැස්විණි නම් ඔවුන් අවුරුද්දක් ඇතුළත රජතුමාගේ අණසක ඉක්ම වීමට සමත් ක‍්‍රෑර (ඩාමරයන්* රදලයන් වනු නිසැකය’’  
ලලාදිත්‍යයගේ පාලන තන්ත‍්‍රය චාණක්‍ය නීතිය අනුව සකස් වූවකි. මැති ඇමැතිවරුන් රසට පිළියෙළ කළ මාංශ වර්ග අනුභවය සහ ශීතල කරන ලද මධු වර්ග පානය කළ අතර සාමාන්‍ය ජනතාව ධාන්‍ය ආහාරයෙන් යැපුණි. රාජ්‍ය බලයට සහ ඇමති පදවි වලට පත්වීම සඳහා කුල භේදයේ බලපෑම තීරණාත්මක සාධකයක් නොවුණි. ස්ත‍්‍රීන්ගේ තත්ත්‍වය ද වෛදික යුගයේ මෙන් ඉතා උසස් තත්ත්‍වයක පැවැතුණි. රජතුමා අභිෂේක කරන විට අග බිසිව ද අභිෂේක කළ අයුරු මෙම ග‍්‍රන්‍ථාගත කරුණු තුළින් පැහැදිළි වේ. පහත් කුලවල අය උසස් කුලවල අය සමග ද විවහා වූ බව සඳහන් වේ. ස්ත‍්‍රීන් ස්වතන්ත‍්‍රව තම අයිතිවාසිකම් ලබාගත් යුගයක් ලෙස මෙම කාලය සඳහන් කළ හැකි අතර ඔවුනට බුද්ධාගමේ බලපෑම නිසා මෙම වරප‍්‍රසාද ලැබුණු බව සිතිය හැක.
ඒ අනුව කල්හණයන් විසින් තම ග‍්‍රන්‍ථය තුළින් නිර්ධන පංතියේ නොයෙකුත් පැතිකඩ විෂයෙහි සානුකම්පිත දෘෂ්ටියක් යොමු කොට ඇති අතර එකල පැවැති වහල් වෙළදාම, ම්ලේච්ඡුයන්ට මිනිසුන් විකිනීම ආදී ක‍්‍රියා විවේචනය කොට ඇත. කල්හණ රාජතරංගණිය අවසන් කරන්නේ ජයසිංහ නමැති රජතුමාගෙනි. ඔහු සුස්සලගේ පුතාය. මොහුගේ රාජ්‍යය කාලයේදී කල්හණ මිය යන්නට ඇතැයි සැලකේ.

රාජතරංගිණියෙන් හෙළිවෙන කාශ්මීර රජ පෙළපත

රජ පෙළපතක් ලෙස අපට හැඳින්විය හැක්කේ විශාල රජ්‍ය වංශයකට අයත් රජවරුන් පිරිසකි. ඒ අනුව රාජ තරංගිණියෙහි විශාල රාජ්‍ය වංශයක් පිළිබඳ වර්ණණයට බඳුන් වේ. එහිදී ඔවුන් අතර ප‍්‍රධානම රජු ලෙස හෙවත් පළමු රජු ලෙස ගෝනන්ද රජු පිළිබඳ තොරතුරු ඉදිරිපත් වේ. ඉන් අනතුරුව පළමු දාමෝදර, යසෝවති, දෙවන ගෝනන්ද යන රජවරු පිළිබඳ විස්තර වර්ණණාවක් ඇතුළත්ය. මින් පසු රජවරු තිස්පස් දෙනෙකුගේ තොරතුරු පිළිබඳ සඳහන් නොවීම විශේෂත්‍වයක් ගනී. ලව, කුශේෂ්‍ය, ඛාගේන්ද්‍ර, සුරේන්ද්‍ර, ගෝධාර, සුවර්ණ, ජනක, ශචීනර, අශෝක, ජලෝක,  දෙවන දාමෝදර, හුශ්ක, ජුශ්ක සහ කණිෂ්ක, අභිමන්‍යු, තුන්වන ගෝනන්ද, පළමු විභීෂණ, ඉන්ද්‍රජිත රාවණ,  දෙවන විභීෂණ, නර, සිධ, උත්පාලක්ෂ, හිරණ්‍යක්‍ෂ, හිරණ්‍යකුල, මුකුල, මිහිරකුල, වක, ක්‍ෂිතිනන්ද, වසුනන්ද, දෙවන නර, අක්‍ෂ, ගෝපාදිත්‍ය, ගෝකර්ණ, නරෙන්ද්‍රදිත්‍ය, ඛින්ඛිල, යුධිෂ්ඨිර, පළමු ප‍්‍රතාපාදිත්‍ය, ජලෞක, පළමු තුංග්ජින, විජය, ජයෙන්ද්‍ර, සන්දීමති, මේඝවාහන, ශ්‍රේෂ්ඨසේන, හිරණ්‍ය, මාත‍්‍රීගුප්ත, දෙවන ප‍්‍රවරසේන, යුධිෂ්ඨිර, නරෙන්ද්‍රදිත්‍ය, රණදිත්‍ය, වික‍්‍රමාදිත්‍ය, බාලාදිත්‍ය, දුර්ලබවර්ධන.........ආදී රජවරු රැුසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. එමෙන්ම මෙම රජවරු පිළිබඳ තොරතුරු විශ්වාසදායක සහ පිළිගත හැකි මට්ටමින් පළවී තිබීම නිසා ඓතිහාසික තොරතුරු ගවේෂණයෙහිලා එය මහත් රුකුලක් වී ඇත.
කලියුගයේ ආරම්භයත් සම`ග පළමු වන ගෝනන්ද නම් ශක්තිමත් රජ කෙනකුගේ පාලනය පිළිබඳ සඳහන් වේ.

‘‘ස නරේන්ද්‍ර ශ‍්‍රියා සාර්ධං - ලබ්ධවාන්බාලභූපතිඃ
නාම ගෝනන්ද ඉත්‍යෙවං - නප්තා පෛතාමහං ක‍්‍රමාත්’’

ඒ අනුව මෙම රජු බාල කාලයේම කාශ්මීරයේ රාජ්‍යයත්‍වයට පත් වූ බව සඳහන් වේ. මෙම රජු යුධිෂ්ඨිර හා ඔහුගේ මිතුරකුගේ සතුරා වූ ජරසින්දු හා සමකාලිකයෙකු ලෙස හැඳින්විය හැක. කයිලාසයෙන් ගලාබසින ගංගාවන්ගෙන් පෝෂණය වූ කාශ්මීරයේ පාලකයා වූ ගොනන්්දට ක‍්‍රිෂ්ණගේ අගනගරය වූ මාතුරාව ආක‍්‍රමනය කරීමට ජරසින්දු විසින් ආරාධනා කරනු ලැබුහ. විශාල හමුදා පිරිසක් සම`ග ඔවුන් එම නගරය ආක‍්‍රමණය කොට යමුනා ඉවුරේ තම සතුරන් සිටින දෙසට මුහුණලා කඳවුරු බැඳ ගත්හ. ඔවුන් එක් අවස්ථාවක පමණක් ක‍්‍රිෂ්ණගේ හමුදාව පරාජයට පත් කළහ. නමුත් බලරාම ඔවුන්ගේ හමුදාව මුදවා ගත්තා පමණක් නොව ඔවුන් ශක්තිමත් ප‍්‍රාහාරයක් එල්ල කලහ. මොවුන්ගේ ජයග‍්‍රහණය ගෝනන්ද සිටින තෙක් රැුඳී පැවැතුණු අතර ගෝනන්දගේ මරණයෙන් පසු ක‍්‍රිෂ්ණයන්ට ජයග‍්‍රහණය හිමි විය.  
ගෝනන්දගේ මරණින් පසු කාශ්මීරයේ රජකමට පත්වූයේ පළමුවන දාමෝදරය. මොහුට කාශ්මීරයේ ලස්සනම රාජධානිය හිමිව තිබූ නමුත් ඔහුගේ සතුට බොහෝ දුර ඈත විය. ඔහු නිර්භීතයෙකු වුවත් තම පියාගේ මරණය පිළිබඳ සිතන්නට විය. ඒ අනුව සෝකයෙන් යුක්තව සිටි දාමෝදර රජු කාශ්මීරයේ රජ වූ බව පහත ශ්ලෝකයෙන් අපට පැහැදිළි කළ හැක.

‘‘අථාශෝකකුලෝත්පන්නෝ - යද්වාන්‍යාභිජනෝද්භවඃ
භූමිං දාමෝදරෝ නාම - ජුගෝප ජගතීපතිඃ’’

මේ අතරතුර ඉන්‍දු නදී තීරයේ විවහා උත්සවයකට ක‍්‍රිෂ්ණට සහ ඔහුගේ පවුලේ අයට සහභාගී වීමට සිදුව ඇති බව දාමෝදරට දැනගන්නට ලැබින. ගන්ධාරයන් විසින් ආරාධනා කළ මෙම විවහා උත්සවය ඔවුන්ගේ ¥වරු තිදෙනෙකුගේ සරණපාවාගැනීමක් විය. මෙම විවහා උත්සවය මනමාලයන්ව මනමාලියන් විසින් තෝරාගනු ලැබූ එකක් වූ අතර මෙම අවස්ථාවේ  විශාල අස්ව සහ පාබල සේනාවක් රැුගෙන පැමිණි දාමෝදර එම විවහා උත්සවය විනාශ කොට දැමූහ. මෙම යුද්ධයේදී විශාල ගන්ධාරයන් පිරිසක් මරණයට පත්වූ බව සඳහන් වේ. නමුත් දාමෝදර රජුගේ පපුව ක‍්‍රිෂ්ණගේ චක‍්‍රායුධයෙන් පැලී ඔහු මරණයට පත්වූ බව සඳහන් වේ.
යසවතීගේ පුත‍්‍රයා වූ ගෝනන්දයන්ගෙන් පසු රජවරු තිස්පස් දෙනකුගේ තොරතුරු අමතක වීම නිසා සටහන් කොට නැත. මෙම රජවරු පිරිස ආගම් විරෝධී වූ නිසා ජනතාවට සහ ලේකකයන්ට ඔවුන් පිළිබඳ තොරතුරු අමතක වන්නට ඇත.
රජවරු තිස්පස් දෙනකු පිළිබඳ තොරතුරු සඳහන් නොවන අතර මීල`ග රජු ලෙස තොරතුරු සඳහන් වන්නේ ලව රජතුමා පිළිබඳය. ඔහු රාජ්‍යය බලය පතුරුවමින් රාජ්‍ය ශ‍්‍රීය ඉතා ප‍්‍රීතියෙන් සැමරූ බව පැවැසේ.

‘‘අථාභවත් ලවෝ නාම - භූපාලෝ භූමිභූෂණම්
වෙල්ලඪසෝදුකූලායාඃ - ප‍්‍රීති පාත‍්‍රං ජයශ‍්‍රියඃ’’

 ලව රජතුමාට විශාල යුධ ශක්තියක් පැවැති බව සඳහන් වේ. එමෙන්ම මෙම යුධ ශක්තිය හේතුවෙන්ම අසල්වැසි රාජ්‍යයන් සම`ග නිරන්තර යුධවලට මැඳිහත් වූ බව සඳහන් වේ. මොහුගේ හමුදාව ඉතා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව සඳහන් වේ. ලව රජුගේ හමුදාව මිනිසුන් නිදි වර්ජිත කර වූ අතර සතුරන් සදාකාලික නින්දට යැවූ බවත් සඳහන් වේ. ඒ බව පහත ශ්ලෝකයෙන් තවදුරටත් පැහැදිළි කළ හැක.

‘‘යස්‍ය සේනානිනාදේන - ජගදෞන්නිග‍්‍රදායිනා
නින්යිරේ වෛරිණශ්චෛත‍්‍රං - දීර්ඝනිද්‍රාවිධේයතාම්’’

 ඔහු විසින් ලොලෝරා නම් වූ 84 ලක්‍ෂයක් ගල්වලින් යුත් නිවාස සැ¥ බව සඳහන් වේ. මීට වඩා තොරතුරු ඔහු පිළිබඳ සඳහන් නොවන අතර ලේදාරියේ ලෙවාර නම් ග‍්‍රාමය බ‍්‍රාහ්මණයන්ට ප‍්‍රධානය කළ බව සඳහන් වේ.
මෙතැන් පටන් රජවරු කිහිප දෙනකුගේ තොරතුරු ඉතා කෙටියෙන් දක්වා ඇත. ලවගේ පුත් කුෂේස්‍ය බලවත් රජෙකු වූ අතර ඔහු විසින් කුරුහරන නම් ගම බමුණන්ට ප‍්‍රධානය කළ බව සඳහන් වේ. ඔහුගේ පුත් ඛාගේන්ද්‍ර ඉවසිලිවන්ත සහ නිර්භීත රජෙක් ලෙස දක්වා ඇත. ඔහු තමාගේ සතුරු වූ නාගයන් විශාල පිරිසක් විනාශ කළ බව සඳහන් වේ. ඛාගිකුණ සහ මුස යන ගම් මොහු විසින් සොයාගත් බව සඳහන් වේ. එමෙන්ම සුරේන්ද්‍ර, ගොධර, සුවර්ණ, ජනක, සවිගරාදී රජවරුන්ගේ තොරතුරු ඉතා කෙටියෙන් විස්තර වේ.
සකුණගේ පුත‍්‍ර වූ අශෝක පිළිබඳ තොරතුරු  මීල`ගට දැක්විය හැක. මොහු සවිගරගේ පළමුු මස්සිනා වන අතර ඔහු සත්‍යවාදී සහ  නාස්තිකාර නොවූ රජෙකු ලෙස හැඳින්විය හැක.

‘‘යඃ ශාන්තවෘජිනෝ රාජා - ප‍්‍රපන්නෝ ජිනශාසනම්
ශුෂ්කලේත‍්‍රවිතස්තාත්‍රෞ - තස්තාර ස්තූපමණ්ඪෙලෙඃ’’

මෙම ශ්ලෝකය අනුව මොහු බෞද්ධයෙකු ලෙස සැලකීමට හැකියාව ඇත. මොහු සුෂ්කලත‍්‍රයේ විථස්ථ නම් ගල් තලාව මුල විශාල ස්ථූප සංඛ්‍යාවක් ඇති කිරීමට කටයුතු කළහ. ඔහු වළාකුළු ස්පර්ශ කරන ස්තූපයන් ගොඩ නැ`ගූ බව මෙම ශ්ලෝකය අනුව අපට පැහැදිළි වේ. ඔහුගේ පන්සල වූ ශ‍්‍රීවිජයෙෂයේ ගරා වැටුණු බැම්ම කඩාදමා ඒ වෙනුවට නව බැම්මක් ඉදිකළ බව සඳහන් වේ. එමෙන්ම මිදුලේ අශෝක සහ ඊෂ්වර යන දෙවියන්ට ස්තූප දෙකක් ගොඩ නැගූ බව සඳහන් වේ. එයින් අදහස් වන්නේ ම්ලේච්චයන් රටේ පැතිර ගිය බව සඳහන් වේ. ඔහු අප‍්‍රසිද්ධියේ විශ‍්‍රාම ගොස් ඔහුගේ දිවිය බැතිමතෙකු ලෙස අවසන් කළහ. ඒබ ව පහත ශ්ලෝකයෙන් තව දුරටත් ප‍්‍රස්තුත වේ.

‘‘ ම්ලේච්ෙඡෙඃ සංච්ඡුාදිතේ දේශේ - ස තදුච්ýත්තයේ නෘපඃ
තපස්සංතෝසිතාල්ලේභේ - භූතේශාත්සුකෘතී සුතම්’’

මේඝ වාහනගේ පුත‍්‍ර වූ ශ්‍රේෂ්ඨසේනයන් මිල`ගට රජ පදවිප‍්‍රාප්ත විය. ඔහු ප‍්‍රවරසේන මෙන්ම   ඔමබටවසබ් යනුවෙන් ද හැඳින්වේ.  ඔහු මතිචක‍්‍ර සහ ප‍්‍රවරේෂ්වර පිළිරූ පිහිටවනු ලැබීය. එමෙන්ම පැරණි පිළිරූ පැරණි ස්ථානවල පිහිටුවීය. මෙම රජු සියලූ ලෝකයා තමන්ට යටත් බව සිතීය. ඔහුගේ කැපවීම මත ප‍්‍රවරේෂ්වර දෙවියන්ට ත‍්‍රිගර්ට්ට නම් දෙවොලක් ඉදිකොට ඇත. ඔහු අනෙක් රජවරුන්ට වඩා වසර තිහක් පමණ සාමකාමීව රජ්‍යය පාලනය කළ බව සඳහන් වේ. ඔහු නිතරම ඔහුගේ රන් කඩුව භාවිත කරන්නට විය.
රණාදිත්‍යගේ පුත් වික‍්‍රමාදිත්‍ය  සාර්ථක රජෙක් වශයෙන් හැඳින්විය හැක. බලවත් රජෙකු වූ මොහු ශිව නමින් ද හඳුන්වනු ලැබුහ. බ‍්‍රහ්මණ සහ ගලූන නමින් මෙම රජුට ඇමතිවරු දෙදෙනෙක්  වූහ. මොහු විසින් බ‍්‍රහ්ම මාතා නමින් ආශ‍්‍රමයක් මුලින්ම ගොඩ න`ගයි. පසුව එය ඔහුගේ බිරිඳ වූ රත්නාවලීට විහාරයක් ගොඩ නැ`ගීමට ද හේතුවක් විය. කාශ්මීර රාජධානිය අවුරුදු හතරක් මොහු විසින් පාලනය කරනු ලබයි.
රණාදිත්‍යගෙන් පසු ඔහුව ශක්තිමත් කරනු ලැබුවේ ඔහුගේ පුත් බලදිත්‍ය විසිනි. බලදිත්‍ය සතුරන්ව යටත් කරගත් අතර ඔහුගේ බලය ඔහුගේ සතුරන් සිව්දෙනකුගේ බිරින්දෑවරුන්ට වැලපීමට කාරණයක් විය. ඔහුගේ ජයග‍්‍රහණයේ කුළුණු තවමත් උතුරු මුහුද අසල දැකිය හැක. ඔහු බන්කලාව (ඊ්බටන්ක්* ජයගෙන එහි කලමව්‍ය නම් නගරය තම වාසස්ථානය සඳහා කාශ්මීරයේ ගොඩනැ`ගූ බව සඳහන් වේ. එමෙන්ම කාශ්මීරයේ මාධව දිස්ත‍්‍රික්කයේ ඔහු ඊයැා්ර් නමින් බ‍්‍රාහ්මණයන්ට පදිංචිය සඳහා ග‍්‍රාමයක් කරවූ බව සඳහන් වේ. ඔහුගේ ප‍්‍රියඹරම දේවිය වූ ඪසපඩ් ශිව සඳහා ඪසප ඪැියඩ්ර් නමින් සතුන් ඇතුල් වීම වැලැක්වීම සඳහා දෙවොලක් සකසන ලදි. ඔහුගේ ඇමතිවරු වූ ණයමරට් ීය්එරමටයබ් සහ ඵ්ක්අ් යන සොහොයුරන් දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදිකරනු ලැබූ අතර පාලමක් ද ඉදිකරනු ලැබීය. ඔහුට ්බ්බටට්කැන් නමින් දියණියක් සිටි අතර ඇය දැකීමෙන් අනාවැකි කරුවන් ඇය නිසා ඇගේ බෑනා රජවන බව ප‍්‍රකාශ කළහ. එසේම ඔහුගේ රජ පරපුර අවසන් වන බව ද පැවැසීය. මෙම අනංගලේඛා සම්බන්ධ පෙම් කථාවෙහි බුද්ධ ධර්මය අනුව ක‍්‍රියා කළ සැමියාගෙන් තමන්ට ලැබුණු දයානුකම්පාව ගැන කල්හණයන් සඳහන් කරන්නේ මෙසේය.

‘‘ක්ෂමාවාඤ් ශික්‍ෂිතොපෙක්‍ෂො - මෛත‍්‍රීස්ෙථෙර්යෙ මුදං භජන්
නාගාඃ සාගස්‍යපි දධෙ - බෝධිසත්ව ඉව ක‍්‍රැධම්’’

කල්හණගේ සිත බුද්ධ ධර්ය කෙරෙහි කෙතරම් ඇදී ගියේ ද යන්නට මෙය හොඳම නිදසුනකි. එමෙන්ම පැරණි ඒකපත්නී විවහාය කෙතරම් අගනේ ද යන්න පිළිබඳ මෙහිදී  විස්තර කොට ඇත.
ජයපීඩගෙන් පසුව ඔහුගේ පුත් ලලිතජර රජකමට පත්වීය. ඔහුගේ මෑණියන් විසින් මොහු පත්කරන ලදි. ලලිතජර ඉතා කාමුක චරිතයක් වූ අතර රාජ්‍යය පාලනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එමෙන්ම ගණිකා වෘත්තිය කෙරෙහි නැඹුරු වීමක් දැක්වූ අතර වැරදි ජීවන ක‍්‍රම බොහෝ සෙයින් භාවිත කළහ. අයතා අයුරින් ගත් තම පියාගේ ධනය ද නාට්‍ය සහ වෙනත් විවිධ ක‍්‍රියාකාරකම් විෂයෙහි යෙදවූහ. අවිචාරවත් මිනිසුන් ගණිකාවන්ගේ මිතුරන් ලෙස රජ වාසලට ඇතුළු වීමට අවස්ථාව සලසා ගත්හ. එසේ පැමිණි අවිචාරවත් මිනිසුන් වෙතින් ප‍්‍රසිද්ධ ගැහැණුන්ගෙන් සතුටු වීමේ කලාව රජු අධ්‍යනය කළහ. රජතුමා ඔහුගේ රාජකීය ඔටුන්න, රාජකීය ආභරණ මුදා ගැහැණුන් සම`ග විනෝදාස්වාදයේ යෙදෙන්නට වූහ. උගත්, දක්‍ෂ පිරිසක් වෙනුවට විහිළු කරීමේ හැකියාව ඇති, එමෙන්ම කතාකීමේ දක්‍ෂ කාන්තාවන් ඔහුගේ පූර්වාදර්ශය විය. ඔහුගේ මෙම කාමුකත්‍වය නිසා ඔහු තම පියා නපුංසකයෙකු ලෙස හැඳින්වීය. මොහු විසින් කාන්තාවන් ආශ‍්‍රයට යාමේදී ඒවා නැවතීමට කිසිවෙකුටත් හැකියාවක් නොවීය. ඔහු කාන්තාවන් තාවකාලික මිතුරන් ලෙස සලකන්නට විය. එමෙන්ම කාන්තාවන්ට බොහෝ සෙයින් සමීප වූ අතර තම පරම්පරාවේ ආරම්භකයන්ට ස්ත‍්‍රීන් සම`ග විනෝදවීමට නොහැකි වූ බව පවසමින් ඔවුන් අවඥාවට ලක්කලහ. එමෙන්ම මොහු තමා වෙත පැමිණෙන වැඩිහිටි ජනතාව ම`ගහැරීය. බොහෝ සෙයින් කාමුක වීමෙන් වැඩිහිටි ජනතාවගේ සිතුම් පැතුම් සහ සදුපදේශයන් නිරන්තරයෙන් ම`ග හැරීය. එමෙන්ම රාජ සභාවට තම ගණිකාවන් පැමිණ වූ අතර තම රාජ සභාවේ ඇමතිවරුනට ගණිකාවන්ගේ පාසලකුණු සහිත ඇඳුම් ඇන්දවූහ. එයින් ඔවුන් විහිළුවට අවමානයට ලක්කරන්නට පෙළඹිණ. මොහුගේ රාජ සභාවේ සිටි ඵදබදර්එය් නම් ඇමතිවරයා රජු යහපත් මාර්ගයට ගැනීමට තැත් කළ ද එය සාර්ථක නොවීය. එම හේතුවෙන් මෙම ඇමතිවරයා රාජ සභාවෙන් ඉවත් වූ බව සඳහන් වේ. මොහු විසින් කළ සියලූ පාප ක‍්‍රියාවලින් ඔහුට මිඳීමක් නොවූ බව සඳහන් වේ. එමෙන්ම මෙම  රජු විසින් බමුණන්ගෙන් ස්වර්ණපර්ශ, ෆාලාපුර සහ ලෝචනෝට්සය යන ස්ථාන නැවත පවරා ගත්හ. මොහු විසින් වසර දොළසක් රජකම් කළ බව සඳහන් වේ.
කුරිරු සහ දරුණු ඔ්ර්චසා් ඔහුගේ සහෝදරයා ඝාතනය කොට රජ විය. ඔහුගේ රාජ්‍යයේ පළමු කටයුත්ත වූයේ ඔහුගේ සතුරන් කුරිරු ලෙස ඝාතනය කොට පරාජය කිරීමය. ඔහුගේ සමෘද්ධිය වූයේ නැවත නැවත සම්පත් වලට අශාකිරීමය. දෙවියන් පිළිබඳ ඊර්ෂියාවෙන් පසුවූහ. බ‍්‍රාහ්මණයන්ගේ වැරදිවලට ද`ඩුවම් කිරීමකින් තොරව සිටි අතර එම තත්වය නිසා ඔවුනට අවශ්‍ය කටයුතු කිරීමේ නිදහසක් පැවතිනි. ඔහු වසර හතරකුත් දින විසි හතරක් රජකම් කළහ. බමුණන් විසින් ව්‍යාජයෙන් ඔහු රජකමින් ඉවත් කිරීමට කටයුතු කළහ.
ඒ අනුව මෙම ග‍්‍රන්‍ථය පුරාවටම කාශ්මීර රාජ්‍යය වංශය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැුසක් විද්‍යමාන වේ. විශේෂයෙන් එම තොරතුරු අධ්‍යයනය කිරීමේදී කාශ්මීර රාජ්‍ය පිහිටීම ආදී කරුණු රැුසක් පිළිබඳ අවබෝධය අපට ලබාගත හැක.







සමාලෝචනය


කල්හණයන් විසින් රචිත රාජතරංගිණිය තුළින් කාශ්මීර රජ පෙළපත පිළිබඳ ඉදිරිපත්ව ඇති කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡුාවට බඳුන්වී ඇත. ඒ අනුව කල්හණ කවියා පිළිබඳ සහ රාජ තරංගිණිය පිළිබඳ කෙටි විස්තරයක් ප‍්‍රථමව සඳහන් වේ. එයින් කල්හණ කවියා කෙබඳු ස්වරූපයෙන් රාජතරංගිණිය නිර්මාණය කොට ඇති ද යන්න පිළිබඳ විස්තර වේ. කාශ්මීරයෙහි රාජ්‍යය තන්ත‍්‍රයේ ස්වභාවය, සමාජ ආර්ථික කරුණු ආදී ඉස්තරයන් පිළිබඳ මෙහිදී මූලික හැඳින්වීමක් දැකිය හැක. එමෙන්ම කාශ්මීර රාජ්‍යය පෙළපතෙහි ¥රදර්ශී රජුන් සහ අ¥රදර්ශී රජුන් පිළිබඳ ද කරුණු විස්තර වේ. ඒ අනුව කාශ්මීරයෙහි එක් යුගයක ඓතිහාසික කරුණුවල සංක්‍ෂිප්තයක් මෙම නිබන්ධනය තුළ දී සංග‍්‍රහ කොට ඇත.












ඇසුරු කළ පොතපත
ඬේවිඞ්, කරුණාරත්න, සෝමදෙවයන්ගේ කථා සරිත් සාගරය, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය- 1958.

තිලකසිරි, ජයදේව, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, ගොඩගේ පොත් මැදුර, කොළඹ- 10, ප‍්‍රථම මුද්‍රණය- 1961.

බෙරීඬේල්  කීත්, ඒ, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, රාජ්‍ය භාෂා දේපාර්තමේන්තු ප‍්‍රකාශනයකි. ප‍්‍රථම මුද්‍රණය- 1964.

බෙරීඬේල්  කීත්, ඒ, සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය- 1955.

සේනානායක, කොලට්,
කරුණාතිලක, නාරද, යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2000.

සේනානායක, ජී. එස්. බී. සංස්කෘත සාහිත්‍යය, එම්. ඞී. ගුණසේන සහ සමාගම. ප‍්‍රථම මුද්‍රණය- 1955.

ඊැරරසැා්කැ ණැසඑයල ් ්‍යසිඑදරහ දෙ ී්බිනරසඑ ඛසඑැර්එමරුල ඵදඑසක්ක ඊ්බ්ර්ිසා්ිිි ඡුමඉකසියැරි චගඛසපසඑැාල ෘැකයසල 1993ග

න්‍දටැිය ක්‍යමබාමර ාමඑඑල ණසබටි දෙ ණāියපබ්ර්ල ක්‍ග ඊදිැ * ජදග ීඒබයදචැ චරුිිග ක්‍මකජමඑඒල 1879ග

ඵග්ග ීඑැසබල ණ්කය්බ්’ි ඍāව්ඒර්බටසබබ් දර ක්‍යදරදබසජකැ දෙ එයැ නසබටි දෙ ණ්ියපසරල ඩදකග 1ල ෘැකයසල 1892ග

ඪසියඩ් ඊ්බාමල ඍ්ව්ඒර්බටසබස දෙ ණ්කය්බ්ල ඪසියඩැියඩ්ර්බ්බා ඪැාසජ ඍැ්ිැ්රජය සබිඑසඑමඑැල ්‍යදියස්රචමරල 1963ග

සමාජානුයෝජනය

01. සමාජානුයෝජනය යන සංකල්පය Socialisation
 පුද්ගලයා සමාජයට අනුගත කිරීමයි. මෙය ‘සමාජීයකරණය’ ලෙසද හැඳින්වේ. පුද්ගලයෙකුගේ පෞරුෂය හැඩ ගැසීම කෙරෙහි උපයුක්ත කරගත හැකි චර්යාධර්ම, ආයතන හා පිළිවෙල රටාදිය සමාජය තුළ නිරන්තරව හට ගනියි. සමාජය තුළින්ම නැතිවී නැවත නැවතත් උපත ලබයි. අඛණ්ඩව සිදුවන එම සමාජ ක‍්‍රියාකාරිත්‍වය හමුවේ පුද්ගලයාගේ හැඩගැස්ම ද වේගයෙන් සිදුවන අතර එහිලා එම පුද්ගලයා සමාජය තුළින් යම් උගැන්මක් ද ලබා ගනී. එම උගැන්මේ පොදු රටාව සමාජානුයෝජනය හෙවත් අනුසංස්කෘත්‍යායනය යන නමින් සමාජ විද්‍යාඥයන් විසින් අර්ථ දක්වා ඇත. ඉහත දැක්වූ පරිදි පුද්ගලයා සමාජයට අනුව හැඩ ගැස්වීම හෙවත් සමාජයට අනුගත කිරීමේ දිගුකාලීන ක‍්‍රියාවලිය සමාජානුයෝජනයයි. ඔහු තමාගේ ජීවිත කාලය මුලූල්ලේම මෙම ක‍්‍රියාවලියට යටත්වන අතර ජීවියෙකු වශයෙන් මින්සාගේ කායික සන්ධර්භය සමාජානුයෝජන ක‍්‍රියාවලියට යටත් වීමට අවශ්‍ය හැකියාව ඔහුට ලබා දෙයි. උදාහරණ ලෙස පිපාසාව, භිය, කුසගිනින, නින්ද වැනි පේ‍්‍රරණයන් නෛසර්ගික වශයෙන් ළදරුවා තුළ පැවතීම, අවධානය යොමු වීමේ දැඩි ආශාවක් තිබීම, තම අවශ්‍යතා පෙන්වාදීම සඳහා යම් සන්නිවේදන ශක්තියක් පිහිටා තිබීම ආදිය දැක්විය හැක. මෙබඳු සාධක නිසා ඔහු නිරායාසයෙන්ම සමාජානුයෝජන ක‍්‍රියාවලියට යටත් වෙයි.

සමාජය විසින් ගොඩන`ගාගෙන ඇති සංස්කෘතිය, සභ්‍යත්‍වය, විචාරය වැනි අංශ තුළ පුද්ගල ක‍්‍රියාදාමයන් ඇතිවන විට පුද්ගලයා එහි අරමුණ තේරුම් ගනු ලැබේ. ඒ පිළිබඳ වටහා ගනියි. ඒ පිළිබඳ සැලකිලිමක් වේ. සමාජානුයෝජන ක‍්‍රියාවලිය තුළ මෙම අංශ පිළිබඳ පූර්ව ඉගැන්වීමක් පුද්ගලයාට අත් විඳිය හැක. පහත නිර්වචන වලින් සමාජානුයෝජනය පිළිබඳ මූලික අදහසක් ගොඩ න`ගාගත හැක.
‘‘සමාජයේ බලපවත්වනු ලබන යම් යම් සාරධර්ම, ආකල්ප, අගනාකම්, පිළිබඳ ඉගෙනගෙන ඒවා තමාගේ චරිතය තුළ අභ්‍යන්තරීකරණය කරගැනීම සමාජානුයෝජනයයි’’
ටැල්කොට් පාර්සන්ස් (ඔ්කජදඑඑ ඡු්රිදබි*
‘‘දෙමාපියන් පිළිගත් ධර්මතාවන්, අගනාකම්, ආකල්ප දරුවන් විසින් මනෝගමනය කරගෙන යහපත් සුපහන් සිතක් සකස් කරගැනීමේ ක‍්‍රියාවලිය සමාජානුයෝජනයයි’’
ජෝර්ජ් හර්බරට් ම්ඞ් (ඨැදරටැ ්‍යැරඉැරඑ ඵැ්ා*
‘‘සමාජ සමූහයේ ධර්මතාවගට අනුකූලව ජීවත්වීමට පුද්ගලයා ඉගෙන ගන්නේ සමාජානුයෝජන ක‍්‍රියාවලියෙනි’’
ඩබ්ලිව්. එෆ්. ඔග්බර්න් (උගත්‍ග ධටඉමප*
‘‘සමාජානුයෝජනය වූ කලී සංස්කෘතික සම්පේ‍්‍රෂණ ක‍්‍රියාවලියකි’’
පීටර් වෝර්ස්ලි(ඡුැරඑැර උදරිකැහ*
‘‘සමාජානුයෝජනය උපතේ සිට මරණය දක්වා නොනැවතී පවතියි. මිනිසා උපත ලබන විට ඔහු තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පවතියි. (ඊසදකදටසජ්ක භැැාි* මේ අවශ්‍යතා සමාජ ජීවිතයේදී (ීදජස්ක භැැාි* සමාජ අවශ්‍යතා බවට පත්වෙයි. ඒ අනුව ජීව විද්‍යාත්මක මිනිසා සාමාජීය මිනිසෙකු බවට පත් කිරීම සමාජානුයෝජනයයි’’
ඒ අනුව සමාජානුයෝජන ක‍්‍රියාවලියේ මූලික නීති 04 ක් විද්‍යමානව පවතින බව ඒ පිළිබඳ ආනුභවික අධ්‍යනයන්හී නියැලී සිටින සමාජ විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇත. එනම්
x පුද්ගලයා සමූහයේ මූලික නීති උගත යුතුයි.
x සමාජයේ-සමූහයේ පිළිගත් සම්මතයන්ට හැම විටම අනුගත විය යුතුය.
x සංස්කෘතියට අත්‍යවශ්‍ය වූ ශිල්පීය ක‍්‍රම පිළිබඳ උගැන්මක් ලබාගත යුතුය.
x පුද්ගලයා තමාට හිමි කාර්ය කොටස කුමක්දැයි නිශ්චිතව දැනගත යුතුය.
සමාජ මනෝවිද්‍යාඥයින්ට අනුව පුදුගලයා සමාජය පිළිබඳ ලබන අවබෝධය මූලික වශයෙන් දෙයාකාරයකි. එනම්
x ප‍්‍රාතමික සමාජානුයෝජනය- ඡුරසප්රහ ීදජස්කස‘්එසදබ
x ද්විතීයික සමාජානුයෝජනය- ීැජදබා්රහ ීදජස්කස‘්එසදබ
යනුවෙනි. ප‍්‍රාතමික සමාජානුයෝජනය යනු දරුවෙකු සමාජය පිළිබඳ මූලිකවම ලබන අවබෝධයයි. මෙහිදී පවුල මූලික වේ. ද්විතීයික සමාජානුයෝජනය යනු දරුවෙකු පාසල, සමවයස් කණ්ඩායම්, සන්නිවේදන මාද්‍යයන්, ආගමික ආයතන, සංස්කෘතික සංවිධාන ආදී බාහිර පරිසරය ආශ‍්‍රයෙන් වන සමාජානුගතවීමකි.


02. සමාජානුයෝගී කාරකයක් ලෙස පවුලේ කාර්යභාර්ය විස්තර කරන්න.
පුද්ගලයා සමාජයට බිහි වනුයේ පවුල තුළිනි. පුද්ගලයාගේ ප‍්‍රාථමික සමාජානුයෝජනට පවුල බලපානු ලැබේ. පුද්ගලයාට ලෝකය පිළිබඳ මූලිකම පාඩම උගන්වනුයේ පවුල තුළිනි. බිළිඳෙකු උපතේ සිට මාස 36 ක් පමණ කාලයක් ප‍්‍රාථමික සමාජානුයෝජනයේ මූලික අවදියක පසුවෙයි. එයිනුදු ළදරුවෙක් මුල් මාස තුන තුළ අන්තර් ක‍්‍රියාත්මක අත්දැකීම් බැලීමෙන් නිහ`ඩව යම් යම් දෑ උගනී. දාරක මනෝවිද්‍යාඥයින්ගේ සොයා ගැනීම්වලට අනුව මෙම අන්තර් ක‍්‍රියා අත්දැකීම් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙකක් තරම් දරුවා උකහා ගනු ලබන බවයි. ශිල්ප හැකියාව, අන්තර් පුද්ගල ප‍්‍රතිචාර දැක්වීම වඩාත් පැහැදිළිව කරනුයේ දරුවා වයසින් වැඞී පෞරුෂය වර්ධනයත් සම`ගය. ප‍්‍රාථමික සමාජානුයෝජනයේ මවට වැදගත් ස්ථානයක් හිමි වේ. දරුවා උපතින් අසරණය. මෙහිදී මව සම`ග සංග‍්‍රහ ශීලී බැඳියාවක් සම`ගින් කල් යත්ම සමාජයේ අන් අය සම`ගත් සපලදායී සබඳතා ඇතිකර ගනු ලැබේ.
x කිරි බීම.
x සිනහ වීම.
x ඇසෙන දේ ගැන අවධානය යොමු කිරීම.
x දකින දැය විමසිල්ලෙන් බැලීම.
x ඔබ මොබ දන ගැසීම.
මෙම අත්දැකීම් දරුවා මුල් අදියරේදී සමාජානුයෝජනයට උපකාරී වන බව දාරක මනෝවිද්‍යාඥයින් පැහැදිළි කරයි. කිරිදීම මවගේ සෙනෙහස හා උණුසුම දරුවා වෙත දනවන මාද්‍යයයක් මෙන්ම කිරිදීම දීර්ග කාලයක් පැවැත්වීම දරුවා තුළ පරාධීන පෞරුෂ ලක්‍ෂණ ඇතිවීමට ද හේතු වේ. සිග්මන් ‘ප්‍රොයිඞ්’ පුද්ගලයාගේ පෞරුෂ වර්ධනයට බිළිඳු හා ළමා වියේදී ලබන අත්දැකීම් ප‍්‍රධාන වන බව පවසයි. මව් සෙනෙහස නොලැබී යාමෙන් ළමයා තුළ ස්නේහයෙන් තොර පෞරුෂත්‍ව වර්ධනය විය හැකි බව ‘ජෝන් බෝබී’ නම් දාරක මනෝවිද්‍යාඥයා පවසයි.
පවුල වෙතින් ලබන සමාජ උගැන්ම, පවුලේ හිතවතුන්, සොයුරු සොයිරියන්, මව්පියන්, මිත්තනිවරුන් හරහා පුද්ගලයා අභ්‍යන්තරීකරණය වන බවත්, මෙසේ පුද්ගලයා අයත් සමූහය විසින් අනුදත් හැසිරීම් රටාව, ඉගෙනීමේ අනුවර්ථනමය ක‍්‍රියාවලිය සමාජානුයෝජනය බව එන්. එම්. ‘නිම්කොප්(භසපජදෙෙ*’ නම් විද්‍යාඥයාගේ අදහසයි. සමාජයක පවතින සංස්කෘතිය නැතහොත් ඇගයීම් සමුදාය අභ්‍යන්තරීකරණය දෙයාකාරව සිදුවන බව ‘ටැල්කෝට් පාසන්ස් හා (ඔ්කජදඑඑ ඡු්රිදබි*’ ‘ආර්. ඩබ්ලියු. බේල්ස්(ඍග උග ඊ්කැි*’ යන විද්‍යාඥයින් විසින් දක්වයි. එනම් ශක්‍යතා රෝපණ උපක‍්‍රමයයි.(ක්‍්එයැිඑසි* ස්ථම්භනය(තෑගි දීම* හා මූලෝත්පාධනය(දඩුවම් දීම* (ඍ්සබදෙරජැපැබඑ ්බා ෑංඑසබජඑසදබ* මතයි. ආදරය හා ගෞරවය නිසා අන්‍යයන් අනුකරණය කිරීමෙන් අවබෝධය ඇති වේ. මෙම උගැන්ම හා ශික්‍ෂණය ‘ගිලින්(ඨැකකැබ*’ සහ බෝවර්මන්‘(ඊදඇරප්බ*’ මෙසේ සාරාංශ කොට දක්වයි.
x දාරක ශරීර වතාවත් විධිමත්ව හුරු කිරීම.
x පරිසරය තේරුම් ගැනීමේ ලා ඉවහල් වන සමාජ ආකල්ප ඇති කිරීම.
x ජනසංනිවේදන මාධ්‍යන් සම`ග සම්බන්‍ධතා පැවැත්වීම හුරු කිරීම.
x වැඩිහිටි දාරක පරතරයෙහි විෂමතා අකාමකා දමා ඒ වෙනුවට ආරක්‍ෂාව පිළිබඳ හැ`ගීම දරුවා තුළ ඇති කිරීම.
‘මාස්ලෝ’ නම් මනෝවිද්‍යාඥයා පෙන්වා දෙන්නේ පවුල තුළදී ළමයයෙකුගේ පෞරුෂ්‍යය වර්ධනයට බලපාන පූර්ව හේතු කිහිපයක් දක්වයි.
x කායික අවශ්‍යතා (ඡුයහිසදකදටසජ්ක භැැාි*.
x ආරක්‍ෂක අවශ්‍යතා (ී්ෙැඑහ භැැාි*.
x සාමාජිකත්‍වය හා ආදරය (ඊැකදබටසබටබැිි ්බා ඛදහැ*.
x සම්මානික අවශ්‍යතා (ෑිඑැැප භැැාි*.
x ආත්ම සාක්‍ෂාත්කරණ අවශ්‍යතා (ීැකෙ ්ජම්කස‘්එසදබ භැැාි*.
පවුලක ප‍්‍රධානියා පියාය. පියා දරුවන්ට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදිය සපයාදීම කළ යුතුය. පියෙකු නැති ගෘහයක මවගේ ප‍්‍රධානත්‍වය දැකිය හැක. මව්පිය ආරක්‍ෂාව දරුවන්ට ලැබීම පෞරුෂ වර්ධනයට හේතු වේ. නිවසක සමානාත්මතාවය තිබිය යුතු අතර එය යහපත් දරුවෙකු සමාජයට බිහිවීමට හේතු වේ. එමෙන්ම ආදරය, කරුණාව ආදිය දරුවා වසන සමාජයෙන් නිරතුරුව ලැබීම ද සමාජානුයෝජනයට හේතු වේ. දෙමව්පියන්ගෙන් තොර දරුවන් අපරාධවලට යොමු වේ. තරුණයෙකු තම මව අනුකරණයට යෑම තුළින් ගැටළු ඇති වේ. ඔහු විවහා වූ විට පවුලේ කටයුතු බිරිඳට පවරයි. නායකත්‍වය දැරීමට බිරිඳට නොහැකි වුවහොත් එම පවුල විනාශ වේ. දියණියක් තම පියා අනුකරණයට යෑමෙන් ද මෙබඳු ප‍්‍රතිඵල ඇති වේ. නමුත් දියණියකට තම පියාගේ ගුණාංගයන් තම ස්වාමි පුරුෂයාගෙන් ප‍්‍රාර්ථනා කරන්නේ නම් එය සාධනීය ලක්‍ෂණයකි. පවුල තුළ තරුණ, තරුණියන් වෙන වෙනම සමාජානුයෝජනය කරයි. මොවුන් තුළ ඇඳුම් පැලඳුම් පමණක් නොව චර්යාත්මක වෙනසක් ද ඇත. ලිංගිකත්‍වය මත පදනම්ව ඔවුන් ප‍්‍රථමයෙන්ම සමාජානුයෝජනය කරන්නේ පවුල තුළිනි. ආසියාතික රටවල් වලට වඩා බටහිර රටවල් වල දරුවන් සහ දෙමව්පියන් අතර සම්බන්ධය සීමිත කාලයක් පවතී.  
විශාල සාමාජිකයන් පිරිසක් සහිත අතීත විශෘත පවුලක් තුළ එක් පුද්ගලයෙකු අවස්ථා කිහිපයකදී සමාජානුයෝජනය විය. සංස්කෘතික හරපද්ධතිය පරම්පරාවෙන් දායාද විය. වර්තමානයේ න්‍යෂ්ටික පවුලක් තුළ මේ තත්‍වය ම`ග හැරී ගොස් ඇති බවක් දක්නට ලැබේ.  වර්තමාන පවුලක් තුළින් යම් පමණක සමාජානුයෝජනයක් සිදුවන බව පිළිගත යුතුය. කුඩා කල ඉගෙන ගන්නා දෙය ජීවිත කාලයටම වැදගත් වේ. ‘ජෝර්ජ් හර්බට්ට’ අනුව සමාජානුයෝජන ක‍්‍රියාවලියේ ඉතාමත් වැදගත් සිදුවීම් ඇති වන්නේ ළමා කාලයේදීය. පවුල තුළ සිදුවන මෙම ක‍්‍රියා කාරිත්‍වය පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපානු ලැබේ. මෙලොව සිටින සත්‍වයන් අතරින් කථන හැකියාව ඇත්තේ මිනිසාට පමණි. ළදරුවෙකු මුලින්ම අපැහැදිළි ලෙස වචන උච්චාරණය කරණ අතර පසුව මව්පිය ආදීන් අනුකරණයට පැමිණෙයි. එම බස ජිවිතය පුරාවටම උච්චාරණය කරයි. ‘ජෝර්ජ් හර්බඞ් මිඞ්’ පෙන්වාදෙන ආකාරයට සමාජ අන්‍යෝන්‍ය ක‍්‍රියාවලිය ඇති කිරීමට හේතුවන්නේ භාෂාවයි. ඒ අනුව මෙම කරුණු වලින් ළදරුවෙකු ප‍්‍රාථමික සමාජානුයෝජනය සහ ඉන් ඉදිරියට ද්විතීයික සමාජානුයෝජනයට පැමිණ වීම පවුලක් සතු මූලික කාර්ය භාරයක් බව පැහැදිළි වේ. පවුල තුළින් ලැබිය යුතු සමාජානුයෝජනයෙන් දරුවෙකු තොර වූ විට එම දරුවා සමාජ සම්මතය ඉක්මවා යන්නෙක් බවට පත් වේ. එබඳු පවුල් අපරාධ විද්‍යාව තුළ බිඳුණු පවුල් ලෙස හඳුන්වයි. එම පවුල් වල ලක්‍ෂණ ‘ඊ. එච්. සදර්ලන්ඞ්’ නම් විද්‍යාඥයා මෙසේ දක්වයි.
x පවුල් සාමාජිකයන් සාපරාධීන්, දුරාචාරීන් හෝ සුරාසො`ඩුන් වීම.
x මරණය, දික්කසාදය හෝ අතහැර යාම නිසා දරුවා දෙමව්පියන් ල`ග නොවීම.
x නූගත්කම, අන්‍ධ බව හෝ වෙනත් ඉන්‍ද්‍රිය දෝෂයක් නිසා මව්පිය පාලන අඩුපාඩු.
x එක් සාමාජිකයෙකුගේ අධිපති බව, අනිසි පක්‍ෂපාතිත්‍වය, පමණට වඩා රළු බව, නොසලකා හැරීම, ජාති ආගමික වෙනස්කම් පැවතීම.
පවුලක මෙබඳු තත්‍වයන් නිසා විධිමත් සමාජානුයෝජනයක් පවත්වා ගැනීම දුෂ්කර වේ. ‘ඍග ඛග ීචැසැර’නම් සමාජ විද්‍යාඥයා ඹසැකඑැඒක ක්‍යසකා නම් කෘතියේදී බිඳුණු පවුල් වර්ග කිහිපයක් දක්වා ඇත.


03.සමාලෝචනය
පුද්ගලයා සමාජ සත්‍වයෙකු ලෙස පළමුවෙන්ම පවුල කේන්‍ද්‍ර කරගෙන නිර්මාණය වේ. පවුල සමාජානුයෝජනයේ මුල්ම ඒකකයයි. පුද්ගලයෙකුට ලෝකයේ තනිව ජීවත් විය නොහැක. අනෙකුත් පිරිවර ජනතාවගේ සහයෝගයෙන් දිවිපැවැත්ම තහවුරු කර ගනු ලැබේ. ඊට මූලික අඩිතාලම පවුලේ ජීවත්වන මව පියා ඇතුලූ පිරිස සකසා දෙනු ලැබේ. ඒ අනුව ළදරුවෙකු සමාජයට බිහිවී ක‍්‍රමයෙන් ප‍්‍රාථමික සමාජානුයෝජනයට නතුවන ආකාරය මෙම නිබන්‍ධනය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡුා කොට ඇත.
ළදරුවෙකු ගත් විට විශේෂයෙන් ඔහු මව හරහා මුලින්ම සමාජානුයෝජනය වේ. නූතනයේ ලංකා සමාජය ගත් විට එහි විධිමත් සමාජානුයෝජන ක‍්‍රම විද්‍යමාන වන අතර ඒවායේ ද යම් යම් අඩුපාඩු දක්නට ලැබේ. සමාජානුයෝජන කාරක අතර පවුලට මූලිකත්‍වය හිමිවන අතර පවුල තුළින් නිවැරදිව සමාජානුයෝජනය නොවුන හොත් එබඳු පවුල් බිඳුණු පවුල් ඒකක ලෙස හැඳින්වේ. එබඳු පවුල් හරහා නිර්මාණය වන දරුවන්ගේ ජීවිත අසාර්ථක මාවතකට ගමන් කරනු ලැබේ. සමාජ දුරාචාරයට එබඳු දරුවන් ල`ගා වේ. ඊට හේතුව නිසි ලෙස සමාජානුයෝජනය නොවීමයි. ඒ අනුව විධිමත් සමාජානුයෝජන ක‍්‍රියාවලිය තුළ පවුලේ කාර්යභාරය මෙම නිබධනය තුළ වියතුන්ගේ මත ආශ‍්‍රයෙන් විවරණය කොට ඇත. මෙහි සඳහන් යහපත් ආකල්ප ක‍්‍රියාත්මක කිරීම තුළින් යහපත් පුරවැසියෙකු බිහිවීම නියත කරුණකි.


04. ඇසුරු කළ පොත පත
ද්විතීයික මූලාශ‍්‍රය

අමරසේකර, දයා, සමාජ විද්‍යාවේ මූලික සංකල්පය, ප‍්‍රකාශනය-ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-1948
නාගිත හිමි, මහපුලියන්කුලම, සමාජ විද්‍යාවේ මූලිකාංග, ප‍්‍රකාශනය-තරංග ප‍්‍රින්ට්ස්, කුලියාපිටිය, ප‍්‍රථම මුද්‍රණය-1998
මනරත්න, එම්. පී, ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය හා පවුල, ප‍්‍රකාශනය-ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත,  වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-2003
රත්නපාල, නන්‍දසේන, සමාජ විද්‍යාව හා මානව විද්‍යාව, ප‍්‍රකාශනය- ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-2007
රත්නපාල, නන්‍දසේන, සමාජ විද්‍යාවේ මූලධර්, ප‍්‍රකාශනය-සීමාසහිත ස්ටැම්ෆර්ඞ් ලේක් සමාලම, ප‍්‍රථම මුද්‍රණය-1986
රන්ජන්, ධර්ම ශ‍්‍රී, ශ‍්‍රී ලංකා සමාජයෙහි දාරක සමාජානුයෝජනය, ප‍්‍රකාශනය- එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය-2007
සමරකෝන්, මයුර, මූලික සමාජ විද්‍යාව, ප‍්‍රකාශනය-ලස්සන මුද්‍රණ ශිල්පියෝ හා ප‍්‍රකාශනයෝ, ප‍්‍රථම මුද්‍රණය-2005
හේරත්, එම්. එම්. සී. ආර්, ඥාතිත්‍වය, ප‍්‍රකාශනය-තරංගි ප‍්‍රින්ට්ස්, මහරගම, ප‍්‍රථම මුද්‍රණය-1999

ඛ්චසැරග ඍැඉැරඑල ීදජස්ක ඡුිහජයදකදටහ ඵජටර්අ ්‍යසකකල භැඅ ශදැන ත්‍්ැපිඅදරඑයල ඡුග ඍග- 1942ල චග57

ඵැරසකක ත්‍ර්බජසිල ෑල ‘‘ීදජසැඑහ ්බා ජමකඑමරු’’ ෑබට’ැඅදදා ක්‍කසෙෙිල භැඅ න්‍ැරිැහ ඡුරුබඑසජැ ්‍ය්කකල 1961ල ඡුග153
ඡුදචැබල ෘ්ඩසාල ිදජසදකටහල ඡුරුබඑසජැ ්‍ය්කක ෂබජල භැඅ ෘැකයසල 1998 ඡුග350

ීමඑයැරක්බා ෑල ඡුරසබජසචකැි ධෙ ක්‍රසපසබදකදටහල ක්‍රුිිැහ ෘග ඍග- න්‍ග ඊග ඛසචචසබජදඑඑ ක්‍දපච්බහ- භැඅ ශදරනල 1960ල ඡුග101ග


තෘතීයික මූලාශ‍්‍රය

විජේසුන්දර, තිලක්, සහාය කථිකාචාර්ය, සමාජ විද්‍යා අංශය, රුහුණු විශ්ව විද්‍යාලය, පවුලේ කාර්ය භාරයන්හී මෑත කාලීන වෙනස්කම්, සම්භාෂා 12 වැනි කලාපය, 2002, පිටු අංක-383

Sunday, June 25, 2017

තද්ධිත යනු කුමක්ද?


තද්ධිත යනු ද යම් ආකාරයක සමාසයකි. පද එකකට වැඩි ගණනකින් ප‍්‍රකාශ කළ යුත්තක් සඳහා එක් නාමයකට අර්ථවත් ප‍්‍රත්‍යයක් යෙදීමෙන් පද කෙටි කිරීමකි. මේ වෙනුවෙන් යෙදෙන ප‍්‍රත්‍යය සමූහයත්, එම ප‍්‍රත්‍යයන් යොදා සාදා ගනු ලබන නාම සමූහයත් තද්ධිත යන නමින් හැඳින්වේ. ‘‘මුඛ්‍ය වශයෙන් ‘තද්ධිත’ යන නම ලැබෙනුයේ නාමයන්ගේ අගට එකතු වන ප‍්‍රත්‍යයන්ටය. නොයෙක් අර්ථ දීම සඳහා ඒ ඒ නාමයන්ට හිතවත් වන බැවිනි. එහෙත් එකී ප‍්‍රත්‍යයන් හා ගැළපීමෙන් නිපදවනු ලබන නාමයන්ට ද අමුඛ්‍ය වශයෙන් තද්ධිත යැයි කියත්.’’  එමෙන්ම සාරස්වත ප‍්‍රදීපයේදී තද්ධිත පිළිබඳ මෙසේ හඳුන්වා ඇත. ‘‘තස්‍ය සමාසස්‍ය හිතඃ, යදිවා තෙෂාං පූර්වෝක්තානාං නාමාදීනාමර්ත්ථාන්තර ප‍්‍රකාශනෙන හිතඃ = තද්ධිතඃ’’  යනුවෙන් ඒ සමාසයට හිත වූයේ, නොහොත් ඒ නාමාදීන්ගේ අර්ථ භේදයක් ප‍්‍රකාශ කිරීමෙන් ( නාමය හා* යුක්ත වූයේ හෝ තද්ධිත නම් වේ. තවද තද්ධිත පිළිබඳ මෙසේ ද අර්ථ දැක්විය හැක.
‘‘යෙෂං හිතාස්තු සහිතාස්ත‍්‍රිවිධාච්ච ලිංගාද්
යෙ ප‍්‍රත්‍යයාඃ ශ‍්‍රැතවිධෞ විවිධාර්ථයුක්තඃ
තෙ තද්ධිතාහ්වයමතාඃ කිල තෙෂු කෙචිත්
කථ්‍යන්ත ඉත්‍යනුයතාත‍්‍ර සතාං වචාංසි.’’
ඒ ඒ වාක්‍යාන්තර්ගතවූ නාමයන් පිළිබඳ අර්ථයන්ට හිතව ඒ ඒ නාම කෙරෙන් පරව යෙදෙන ප‍්‍රත්‍යයෝ තද්ධිත නම් වෙත්. තද්ධිත යන්න තත්+හිත යනුවෙන් පද සෑදී ඇති මෙහි අර්ථය අතිශයින් හිත ව්‍යාකරණය තද්ධිත බවයි. ඒ අනුව මෙම සියලූ විවරණ සැලකීමේදී සන්‍ධි, සමාස, කෘදන්ත ආදී සංස්කෘත ව්‍යාකරණ සිද්ධාන්ත අතර ප‍්‍රමුඛවූත්  වඩාත් යෝග්‍යවූත් ව්‍යාකරණ සිද්ධාන්තය ලෙස තද්ධිත හඳුන්වාදිය හැක. එය විශේෂ කොටස් කිහිපයකට බෙදේ. එනම්
I. සාමාන්‍ය
II. අව්‍යය
III. භාව
යනුවෙනි. අපත්‍ය - දෙවතා - ඉදමර්ථාදියෙහි නිපන්නාහූ සාමාන්‍ය තද්ධිතයෝය. වාරාදී අර්ථයන්හී නාමයන් කෙරෙන් ප‍්‍රත්‍යයව අව්‍යත්‍වයෙන් නිපන්නාහූ අව්‍යය තද්ධිත නම් වේ. භාවාර්ථයෙහි නිපන්නාහූ භාව තද්ධිත නම් වේ. එමෙන්ම
I. සාමාන්‍ය
II. විශේෂ
III. අව්‍යය
IV. භාව
යැයි  ද තද්ධිත චතුර්විධ කොට දක්වත්. ඉන් අපත්‍යාදී අර්ථයන්හී ප‍්‍රත්‍යය වී ත‍්‍රි ලිංග සමව නිපන්නෝ සාමාන්‍ය තද්ධිතය. එකෛක ලිංගව නිපන්නාහූ විශේෂ තද්ධිතය. සෙසු තද්ධිත පෙර සේමය. තවද සාරස්වත ව්‍යාකරණයේදී තද්ධිත අර්ථ වශයෙන් ප‍්‍රධාන කොටස් 08 කට විභජනය කොට දක්වා ඇත. එනම්
අපත්‍ය තද්ධිතය
භාව තද්ධිතය
අස්ත්‍යර්ථ තද්ධිතය
සමූහාර්ථ තද්ධිතය
අතිශයාර්ථ තද්ධිතය
අනේකාර්ථ තද්ධිතය
සංඛ්‍යා තද්ධිතය
අව්‍යය තද්ධිතය
යනුවෙනි.
02. මෙම තද්ධිතවලට පොදු පද සිද්ධීන් කිහිපයක් පහත දැක්වේ.
සමහර තද්ධිත ප‍්‍රත්‍යයන් එක්වන විට, නාමයේ ආදිම ස්වරය වෘද්ධි වේ.(ආදි ස්වරස්‍ය ඤ්ණිති වෘද්ධිඃ* (ප‍්‍රත්‍යයක අගට ‘ණ්’ යන්න එකතු කිරීමෙන් පැරණි ව්‍යාකරණ ග‍්‍රන්‍ථවල දක්වන ලද්දේ මෙම අදහසයි.* ඒ ප‍්‍රත්‍යය සමූහය මෙසේය. මෙහි ‘ණ්’ යන්න කාර්යය හ`ගවන ‘ඉත්’ අකුරක් මිස ප‍්‍රත්‍යයෝ කොටසක් නොවේ.
අණ් ඉන්/ඉණ් ඊකණ් කිණ් ඉවණ් ආයනණ් ඉකණ්
එයණ් ත්‍යණ් ෂණ් ආරණ් ඉනේයණ් එරණ් යණ්

විදේහ + අණ් වෛදේහ +   වෛදේහ
දශරථ + ඉණ් දාශරථ +   දාසරථී
ශ‍්‍රමණ + එරණ් ශ‍්‍රමණ + එර ශ‍්‍රාමණේර
සෝම + යණ් සෞම   + සෞම්‍ය
ප‍්‍රත්‍යය තනි ස්වරයක් හෝ ස්වරාදිකයක් හෝ ‘ය’ හෝ නම්
I.   නාම පදයේ අන්ත්‍යය වූ ‘අ’ ‘ආ’ ‘ඉ’ යන ස්වර ලොප් වේ.
විදේහ  +  අණ්   ඝ  වෛදේහ  +  අ  ඝ  වෛදේහ
ශ‍්‍රමණ  +  එරණ්  ඝ  ශ‍්‍රාමණ   +  එර ඝ  ශ‍්‍රාමණේර
සෝම  +  යණ්  ඝ  සෞම  +  ය  ඝ  සෞම්‍ය
II.  නාම පදයේ අන්ත්‍යය වූ ‘උ’, ‘ඌ’, ‘ඖ’ යන ස්වරවලට ‘අව්’ ආදේශ වේ.
මනු +  අ  ඝ  මානු  +  අ  ඝ  මානව්  +  අ  ඝ  මානව
ගෝ +  ය  ඝ  ගෞ +  ය  ඝ  ගව්     +  ය  ඝ  ගව්‍ය
III. මාතෘ ශබ්දයේ අන්ත්‍යය වූ ‘ඍ’ යන්නට ‘උර්’ ආදේශ වේ.
ද්විමාතෘ  +  අණ්  ඝ  ද්වෛමාතෘ  +  අ  ඝ  ද්වෛමාතුර්  +  අ  ඝ  ද්වෛමාතුර
සමාසගත නාමයකට තද්ධිත ප‍්‍රත්‍යයක් එක් වන විට, වෘද්ධි වන්නේ දෙවැනි නාමයේ ආදි ස්වරයයි.
පූර්වවර්ෂ  +  ඉක  ඝ  පූර්වවාර්ෂික
එහෙත් ඇතැම් විට, සමාසගත නාමපද දෙකේම ආදි ස්වර වෘද්ධි වේ. (ක්‍වචිද්වයෝඃ*
සු  -  හෘද්  +  අණ්  ඝ  සෞ  -  හාර්ද  +  අ  ඝ  සෞහාර්ද
සු  -  භග  +  යණ්  ඝ  සෞ  -  භාග +  ය  ඝ  සෞභාග්  +  ය  ඝ  සෞභාග්‍ය
ප‍්‍රත්‍යය එක්වන්නේ ද්වන්ද සමාසගත නාමයකට නම්, නාම දෙකේම ආදි ස්වරය වෘද්ධි වේ.
අග්නි  -  මරුත්  +  අ  ඝ ආග්නි  -  මාරුත
I.  නාමයක ආදි ස්වරයට පූර්වයෙන් උපසර්ග වශයෙන් ‘ඉ’ හෝ ‘උ’ සිටී නම්, පළමුව ඒ දෙකට      පිළිවෙළින් ‘ඉය්’ සහ ‘උව්’ ආදේශ වී පසුව වෘද්ධි වීම සිදුවේ. (නසන්‍ධිර්යෙවාර්යුට් ව*
    වි  +  ආකරණ  ඝ  විය් ආකරණ  ඝ  වෛයාකරණ
සු  -  අස්ති  +  ක  ඝ  සුව් අස්තික  ඝ  සෞවස්තික
II.  ව්‍යඤ්ජනාදික තද්ධිත ප‍්‍රත්‍යයන්ට පූර්වයෙන් සිටි පදන්ත වූ ‘න්’ ලොප් වේ.
යුවන්  +  ත්‍ව  ඝ යුව  +  ත්‍ව  ඝ  යුවත්‍ව
රාජන්  +  ක  ඝ  රාජ  +  ක  ඝ  රාජක
III. ස්වරාදික ප‍්‍රත්‍යයක් හෝ ‘ය’ පරව සිටි කල, පදාන්ත ‘අන්’ ලොප් වේ.
ආත්මන්   +  ඊය  ඝ  ආත්ම  +  ඊය  ඝ  ආත්මීය
    IV. සමහර ප‍්‍රත්‍යය පර කල්හී, පූර්ව නාමයෙහි අන්ත්‍ය ස්වරය හා ව්‍යංජනය (ටි සංඥය* ලොප් වේ. (ප‍්‍රත්‍යයේ මුලට ‘ඞ්’ යන්න යෙදීමෙන් පැරණි ව්‍යාකරණ ග‍්‍රන්‍ථයන්හී දක්වනු ලබන්නේ මෙම අදහසයි. ඩිමන්, ඩිම, ඩාමහ, ඩුල යනු එවැනි ප‍්‍රත්‍යය කිහිපයකි.*
ලෝහිත  +  ඩිමන්  ඝ  ලෝහිතිමන්
පිතෘ  +  ඩාමහ  ඝ  පිතාමහ
අර්ථ වශයෙන් තද්ධිත නාම වර්ග කිහිපයකට බෙදෙන අයුරු ඉහතින් දක්වන ලදි. එකම ප‍්‍රත්‍යය අර්ථ කිහිපයකම යෙදේ. එයින් අපත්‍යාර්ථ තද්ධිතය පිළිබඳ පහත විස්තර වේ.
03. අපත්‍යාර්ථ තද්ධිතය පිළිබඳ සම්පරීක්‍ෂණය.
ඔහුගේ දරු, ඔහුගේ පරපුරෙහි වූ යන අර්ථ ප‍්‍රකාශ කරන ෂෂ්ඨි විභක්ත්‍යන්ත නාමයන් කෙරෙන් ඒ ඒ ප‍්‍රත්‍යයන් එකතුවී සෑදෙන නාම අපත්‍යාර්ථ තද්ධිත නම් වේ. පුද්ගලයෙකුගේ, කුලයක, ගෝත‍්‍රයක නාමය මීට මුල් වේ. මෙහි විශේෂ ලක්‍ෂණය නම් නාමයෙන් දැක්වෙන ගෝත‍්‍රය පැවසීමයි. ඇතමෙක් මෙයට ගොත්ත තද්ධිතය යැයි ද පවසයි.  උදාහරණයක් ලෙස වසිෂ්ඨස්‍ය අපත්‍යම් වාසිෂ්ඨඃ යනුවෙන් සෑදුණු මෙහි වසිෂ්ඨ ඍෂිවරයාගේ දරු මුණුබුරු පරම්පරාවෙහි සියල්ලෝ මීට ගැනේ. ඒ අනුව සාරස්වත ව්‍යාකරණය තුළ අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයෝ නවයක් දක්වා ඇත. ඒ මෙසේය. ‘අණ්, ඉඤ්, ණ්‍ය, ආයනණ්, එයණ්, ණීය, කි, ඓරණ්, ඉනෙය’ යනුවෙනි. ඒ අනුව මෙම ප‍්‍රත්‍යය සෝදාහරණව මෙසේ විස්තර කළ හැක.
අණ් ප‍්‍රත්‍යය ÷
මතු දැක්වෙන අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයන්ට විෂය නොවන අන්‍ය නාමයන් කෙරෙන් සාමාන්‍යයෙන් මෙම ප‍්‍රත්‍යය වේ. (අපත්‍යෙණ්*
උදාහරණ ÷ වසිෂ්ඨස්‍ය අපත්‍යං වාසිෂ්ඨඃ
උපගෝඃ අපත්‍යම් ඖපගවඃ (වො’ව්යස්වරෙ* ස්වරයක් හෝ ‘ය’ කාරයක් පර කල ‘උ’-‘ඔ’ කාරයන්ට ‘අව්’ ආදේශ වේ.
ගොතමස්‍ය අපත්‍යම්- ගෞතමඃ
ශ‍්‍රමණස්‍ය අපත්‍යම්- ශ‍්‍රාමණේරඃ
චන්‍ද්‍රස්‍ය අපත්‍යම්- චන්‍ද්‍රායනඃ
ශිවස්‍ය අපත්‍යම්- ශෛවඃ
විදේහස්‍ය අපත්‍යම්- වෛදෙහඃ
ඉඤ් ප‍්‍රත්‍යය ÷
ඍෂි වාචක නොවන අකාරාන්තයන් හා බාහු ශබ්දාදීය කෙරෙන් මේ ප‍්‍රත්‍යය වේ. (බාහ්වාදෙශ්ව* බාහු, උපබාහු, උපවාකු, නිවාකු, ශිවාකු, වටාකු, උපවින්‍දු, වෘෂලී, වෘකලා, චූඩා, බලාකා, මූෂිකා, කුශලා, ධ‍්‍රැවකා, ධුවකා, සුමිත‍්‍රා, පුෂ්කරසද්, අනුහරත් යන මේවා බාහු ශබ්දයි.
උදාහරණ ÷ දෙවදත්තස්‍ය අපත්‍යම්- දෛවදත්තිඃ
ශ‍්‍රීධරස්‍ය අපත්‍යම්- ශෛ‍්‍රධරිඃ
බාහොඃ අපත්‍යම්- බාහවිඃ
උපබාහොඃ අපථ්‍යම්- ෙඖපබාහවිඃ
x ඇතැම් විට ඍෂි වාචකයන් කෙරෙන් ද මේ ප‍්‍රත්‍යය වේ. (ක්වචිදාෂිශබ්දාදපි භවති*
උදාහරණ ÷ උද්දාලකස්‍ය අපත්‍යම්- ෙඖද්දාලකිඃ
ණ්‍ය ප‍්‍රත්‍යය ÷
ගර්ගාදී ශබ්දයන් කෙරෙන් මේ ප‍්‍රත්‍යය වේ. ගර්ගාදී ශබ්ද ලෙස ගර්ග, වත්ස, අජ, අගස්ති, පුලස්ති, වමසරෙහ, අග්නිවෙශ, ශක, ශංඛ, ධනඤ්ජය ආදිය දැක්විය හැක.
උදාහරණ ÷ ගර්ගස්‍ය අපත්‍යම්- ගාර්ග්‍යඃ
වත්සස්‍ය අපත්‍යම්- වාත්ස්‍යඃ
ආයනණ් ප‍්‍රත්‍යය ÷
නඩාදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය වේ. නඩාදී ශබ්ද ලෙස නඩ, නර, චර, චන්‍ද්‍ර, ද්වීප, කාශයප, දණ්ඞීන්, හස්තින්, බදර, අශ්වල, දණ්ඩ්‍ය යන මේවා පෙන්වාදිය හැක.
උදාහරණ ÷ නඩස්‍ය අපත්‍යම්- නඩායනඃ
වරස්‍ය අපත්‍යම්- වාරායනඃ
එයණ් ප‍්‍රත්‍යය ÷
අත‍්‍රි ආදියෙන් හා ස්ත‍්‍රී ලිංගයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය වේ. අත‍්‍රි ආදිය යනු අත‍්‍රි, ශුභ‍්‍ර, පුරු, මෘකණ්ඩු, පාණ්ඩු, කද්‍රැ, බ‍්‍රහ්ම, කුමාරිකා, රොහිණී ආදීයයි.
 උදාහරණ ÷ අත්‍රෙඃ අපත්‍යම්- ආත්‍රෙයඃ
ගංගායඃ අපත්‍යම්- ගාංගෙයඃ
ණීය ප‍්‍රත්‍යය ÷
මාතෘෂ්වසෘ-පිතෘෂ්වසෘ ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ මාතෘෂ්වසුරපත්‍යම්- මාතෘෂ්වස‍්‍රීයඃ
පිතෘෂ්වසුරපත්‍යම්- පිතෘෂ්වස‍්‍රීයඃ
x එයණ් ප‍්‍රත්‍යය මෙයට යෙදීමෙන් මාතෘෂ්වසෙය-පිතෘෂ්වසෙය යුනුවෙන් ද මෙහි රූප සිද්ධිය වේ.
කි ප‍්‍රත්‍යය ÷
ව්‍යාසාදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ ව්‍යාසස්‍ය අපත්‍යම්- වෛයාසකිඃ
ඓරණ් ප‍්‍රත්‍යය ÷
චටක ශබ්දය කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ.
උදාහරණ ÷ චටකස්‍ය අපත්‍යම්- චාටකෛරඃ
ඉනෙය ප‍්‍රත්‍යය ÷
කල්‍යණී ආදී ශබ්දයන් කෙරෙන් මෙම ප‍්‍රත්‍යය යෙදේ. (කල්‍යාණ්‍යාදීනාමිනෙයඃ* කල්‍යාණී ආදී ශබ්ද ලෙස කල්‍යාණී, සුභගා, දුර්භගා, බන්‍ධකී, අනුදෘෂ්ටී, ජරතී ආදිය දැක්විය හැක.
උදාහරණ ÷ කල්‍යාණ්‍යාඃ අපත්‍යම්- කල්‍යාණිනෙයඃ
x අපත්‍යාර්ථයේ ඇතැම් ශබ්දයන් කෙරෙන් යෙදෙන සමහර ප‍්‍රත්‍යයන් බහුවචන විෂයෙහි කිසි විටෙක ලොපයට පැමිණෙයි. ලූග් බහුෙත්‍ව ක්‍වචිත් ‘භෘග්වත‍්‍රි කුත්සාංගිරො වසිෂ්ඨගොතම දෙශ තුල්‍යාඛ්‍යා ක්‍ෂත‍්‍රියෙභ්‍යඃ පරස්‍ය ප‍්‍රත්‍යයස්‍ය ලූග් භවති.’ යන ඉහත පදවලට පර අපත්‍යාර්ථ ප‍්‍රත්‍යයට ලූක් වේ යනු එහි අදහසයි.
උදාහරණ ÷ භාර්ගවඃ = භෘගවඃ
ආත්‍රෙයඃ = අත‍්‍රයඃ
කෞත්සාඃ = කුත්සාඃ
යනුවෙනි.


04. සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමවලිය
ද්විතීයික මූලාශ‍්‍රය

ආනන්ද හිමි බළන්ගොඩ, සංස්කෘත ශික්‍ෂකය, මොඩන් පොත් සමාගම, නුගේගොඩ, 1960.

ගුණවර්ධන ඇල්මන්, ජී. සාරස්වත ප‍්‍රදීප, ප‍්‍රකාශනය- ගාමිණී මුද්‍රණාලය, 1947.

ධම්මින්ද හිමි, හෑගොඩ, සංස්කෘත ව්‍යාකරණ තරංගිණී, ප‍්‍රකාශනය- විද්‍යෝදය පිරිවෙණේ ආදි ශිෂ්‍ය සංගමය, ප‍්‍රථම මුද්‍රණය- 1951.

රතනසාර හිමි, කහවේ, සංස්කෘත ප‍්‍රවේෂ නම් වූ සංස්කෘත ව්‍යාකරණය, ප‍්‍රථම මුද්‍රණය- 1914.
 ENGLISH REFERENCE

Wilson H. H.                                                   An Introduction to the Grammer of the Sanskrit Language 1847.



වේද සාහිත්‍යය යනු කුමක් ද?


ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක ඉන්‍දීය සාහිත්‍යය විරාජමාණ වේ. ඉන්‍දීය සාහිත්‍යයයේ පැරණිතම ස්ථානයට හිමිකම් කියනුයේ වේද සාහිත්‍යයයි. වේදය පිළිබඳ දැනුමකින් වියුක්තව ඉන්දීය දර්ශනවාදයන් අධ්‍යනය අපහසු කරුණකි. ‘වේද’ යනු දැනුමයි. එනම් පූජනීය, ආගමික දැනුමයි. වේදය යනු අතිදීර්ග කාලයක් තිස්සේ පෝෂණය වී ‘පූජනීය ඥානය’ ‘දේව ශ‍්‍රැතිය’ යැයි පරසිදු උතුම් සංකල්පයෝය. එම සංකල්ප ඇතුලත් ග‍්‍රන්‍ථ සමූහය වේද සාහිත්‍යය ලෙස හැඳින්වේ.  වේදය වෙනුවෙන් භාවිත අපර නාම කිහිපයකි. එනම් ශ‍්‍රැති, ආම්නාය, ඡුන්‍දස්, බ‍්‍රහ්ම, අපෞරුෂේය සහ අනාදිමත් යනුවෙනි. වේද සාහිත්‍යය තුන්වැදෑරුම් ගණයකට නූතන විචාරකයන් පෙන්වා දෙනු ලැබේ. එනම්
I. සංහිතා
II. බ‍්‍රාහ්මණ
III. ආරණ්‍යක
යනුවෙනි. මෙයින් සංහිතා යන්න කොටස් හතරකට විභජනය කොට ඇත. එනම්
I. ඍග්වෙද සංහිතාව
මෙහි ස්තෝත‍්‍ර ගීතිකා පිළිබඳ සඳහන් වේ.
II. අථර්වේද සංහිතාව
මෙහි මන්ත‍්‍ර තන්ත‍්‍රයන්(අතර්වන්* පිළිබඳ සඳහන් වේ.
III. සාමවේද සංහිතාව
මෙහි ගීතිකා පිළිබඳ දැනුම ඇතුලත් වේ.
IV. යජුර්වේද සංහිතාව
මෙහි යාග, මන්ත‍්‍රයන් පිළිබඳ දැනුම ඇතුළත් වේ. මෙහි එකිනෙකට වෙනස් ග‍්‍රන්‍ථ ද්වයකි. එනම් කෘෂ්ණ හා ශුක්ල සංහිතා යන ග‍්‍රන්‍ථයි. එමෙන්ම වෛදික සාහිත්‍යය හා කිට්ටුම සබඳකම් ඇති තවත් කෘති සමූහයක් අපට දැකිය හැක. ඒවා ‘කල්ප සූත‍්‍ර’ හෙවත් යාග පිළිබඳ අත්පොත් ලෙස හැඳින්විය හැක. මෙම ග‍්‍රන්‍ථ වේද සතරින් එකට බැඳී පවතී. එම ග‍්‍රන්‍ථ මෙසේය.
I. ශ්‍රෞත සූත‍්‍ර
II. ගෘහ්‍ය සූත‍්‍ර
III. ධර්ම සූත‍්‍ර
ඉහත දැක්වූ සංහිතා ග‍්‍රන්‍ථවල එකිනෙකට වෙනස්කම් ඇති නිසා එම සංහිතා භාරතීයන් ‘වේද’ යන නාමයෙන් හැඳින්වේ. සංහිතා ස්මතු නොවේ. බ‍්‍රාහ්මණ, අරණ්‍යක සහ උපනිෂද් යන මේ පන්තිවලට අයත් සෑම කෘතියක්ම ඉහත දැක්වූ සංහිතාවලින් සතරින් එකකට සම්බන්ධ වන හෙයින් වේද සතරින් එකකට සම්බන්ධ වේ. එම සිව් වේදය ආශ‍්‍රයෙන් බ‍්‍රාහ්මණ, අරණ්‍යක සහ උපනිෂද් ග‍්‍රන්‍ථ සමුදායක් ඇති විය. ඒ අනුව මෙම සමස්ථ ග‍්‍රන්‍ථාවලිය වේද සාහිත්‍යය ලෙස හැඳින්වේ.
02. නියමිත ඍග් වෛදික සූක්තවල එන විවිධ සංකල්ප විමසීම.
02.I ආගමික සංකල්ප
ඍග්වේදය තුළ දැකිය හැකි ප‍්‍රමුඛතම සංකල්පය ලෙස ආගමික සංකල්ප පෙන්වාදිය හැක. විශේෂයෙන් ආගමික සංකල්ප ඍග්වේදයේ පදනම නියෝජනය කරයි. මෙහි අන්තර්ගත සියලූ මන්ත‍්‍ර, එම මන්ත‍්‍රයන්හී අන්තර්ගත කරුණු අනුව ආගමික සංකල්පවල වැඩි නියෝජනයක් දැකිය හැකිය. ඍග්වේදය පිළිබඳ අපරදිග ප`ඩුවන්ගේ අදහස නම් ‘‘ඍග්වේද ආර්යයෝ ශිෂ්ටාචාරයෙන් ඉතා අඩු වූ වැද්දන් වැනි පිරිසකි. ඔවුන්ගේ ආගමික හැ`ගීම් ද ඉතා ප‍්‍රාකෘතික (ඡුරසපසඑසඩැ* විය. ස්වභාව ධර්මයෙහිම අලංකාර වූ යම් යම් දේ දුටු විට අතිශය විස්මයට පත්ව ඒ දර්ශනයන්ට දේවත්‍වය ද ආරෝපණය කොට වඳින්නට පුදන්නට පටන් ගත්හ.’’  යන්නයි. විචාරාත්මකව විමසා බැලීමේදී ඉහත අදහස යුක්ති යුක්ත නොවන බවත් ඍග්වේද සමයේ වුව ද එක්තරා දියුණු සභ්‍යත්වයක් පැවති බවත් මන්ත‍්‍ර කරණය යාගය සඳහාම භාවිත වූ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
ඍග් මන්ත‍්‍රවල පෙනෙන ක‍්‍රියාත්මකත්‍වය හා ඵලාපේක්‍ෂකත්‍වය ද (ඔයැ චර්ජඑසජ්ක ්බා මඑසකසඒරස්බ බ්එමරු* වෛදිකාගමේ විශේෂ ලක්‍ෂණ විය. ඍග් පාඨ කොතරම් අභ්‍යන්තර හැ`ගීම්වලින් සහ කාව්‍යය රසයෙන් යුක්ත වුවත් ඒවා ගත යුත්තේ යාගයන්ට උවමනා පරිදිය. ඍෂිවරු මෙම යාග කරන ලද්දේ දීර්ගායුෂ, වීර පුතුන්, ගවයන් සහ අනෙකුත් භවභෝග සම්පත් ලබාගැනීම උදෙසාය. දෙවියන් සහ ජනතාව අතර මෙම ආගමික කටයුතු එක්තරා ගනුදෙනුවක ස්වරූපයක් ඉසිලීය. මිනිසුන් විසින් කළ යාග හෝමවල ප‍්‍රයෝජනය ලත් දෙවිවරු ජනතාවට ප‍්‍රත්‍යුපකාරය වශයෙන් ආරක්‍ෂක සංවිධානය, වැසි කලට සැපයීමෙන් ශස්‍ය සමෘධිය සහ අනෙකුත් ප‍්‍රතිලාභ සැලසිය යුතුය.
ඍග් වෛදික ආගමේ ප‍්‍රධානත්‍වය බමුණා සතු විය. රජුන් සහ දෙවියන් අතර මැදිහත් කරුවන් වූයේ පූජකයන්ය. සාමාන්‍ය ජනයාගේ ඵලප‍්‍රාප්ති පමණක් නොව රජුන් අතර සටනක ජය පරාජය පවා පූජකයන් දේවතාරාධනය කළ අන්දමට සිදුවේ. දේව ප‍්‍රසාදය වැඩියෙන් දිනාගත් පිරිසට ජය හිමි විය. යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයන්ට යාගෝපකරන සැපයීමෙන්, පූජකයන්ට සැලකීමෙන් අධික වියදමක් දරන්නට විය. ඍග්වේද සමයේ ආගමික චාරිත‍්‍රවල සුවිශේෂී ලක්‍ෂණයක් වූයේ ආගමික චාරිත‍්‍ර විශේෂයෙන් ධනවතුන්ට පමණක් සීමා වීමයි. නිර්ධනයින්ට ඒවා සිදු කිරීමට නොහැකි විය. අථර්වේද සමයේ මෙන් දුප්පත් පොහොසත් කාහටත් එම යාග පැවැත්වීමට හැකි තත්‍වයට ඍග්වේදයේ ආගමික සිරිත් විරිත් හැඩගැසී නොතිබුනි. ඍග්වේදයෙහි ඍෂීන්ට පසු කාලයන්හී මෙන් මේ ජීවිතයේ ඇති අඳුරු පක්‍ෂය, ජීවිතයේ ඇති අනිත්‍යතාව, නිස්සාර භාවය, මායාමය ස්වභාවය, මරණයාගේ නියත බව ආදිය පිළිබඳ කිසිසේත් භය නොඑළවූ බව ප‍්‍රත්‍යක්‍ෂය. එවැනි අදහස් මෙම සූක්තවල සඳහන් නොවන අතර ඒවාගේ විශේෂයෙන් මෙළොව ජීවිත සාර්ථකත්‍වය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වේ.
ඍග්වේදයේ මන්ත‍්‍ර ගැන විවිධ ප`ඩිවරු අදහස් දක්වා ඇති අතර පිෂල් (ඡුසිජයැක* නම් ප`ඩිවරයාගේ අදහස නම් ‘‘ඍග්වේද ආර්යයන් කොතරම් ප‍්‍රාකෘතික වුවත් ඒක දේව වාදයම ඇදහූ බවයි.’’  රාජ, රාම, මොහන, රෝයි(ඍ්ව්ල ඍ්ප්ල ඵදය්බල ඍදහ* යන වියතුන්ගේ අදහස් පරිදි ‘‘වෛදික දේවතාවෝ වූ කලී සචේතනත්‍වාරෝපනය කරන ලද පරමේශ්වරයානන්ගේ ගුණවිශේෂයෝයි.’’  ඍග්වේදයේ භාෂ්‍ය කර්තෘ වූ සායනාචාරීහු ‘‘ස්වභාවික වස්තූන්ම දේවත්‍වයෙන් සලකා වෛදික දේවතාවන් උපදවා ඇතැයි කියත්’’ ඒ අනුව බුද්ධිය සූර්ය දේවත්‍වයෙන් ද ඡුන්‍දස අග්නි දේවත්‍වයෙන් ද හැ`ගීම් සෝමදේවයා වශයෙන් ද සලකනු ලැබේ.
දෙවියන් පෙනුමෙන් මිනිසුන්ට අනන්‍ය වූ සේ සිතනු ලැබේ. සාමාණ්‍යයෙන් ගත් කල නිතර සඳහන් කරනු ලැබූ ඔවුන්ගේ ශරීරාංග, බොහෝ අවස්ථාවන්හී ඔවුන් විසින් නියෝජනය කරනු ලැබූ සොබා දහම් සන්සිද්ධීන් පිළිබඳ උපමාලංකාර සහිත වර්ණනාවෝ වෙත්. ඒ අනුව හිරුගේ අවි වනාහී ඔහුගේ රැුස්දහරට වඩා වැඩි යමක් නොවීය. ගිනිදැල් අග්නිගේ දිවත්, අ`ග පස`ගත් ලෙස දක්වයි. ඇතැම් දෙවිවරු රණවිරුවන් සේ සන්නද්ධව සිටින්නා සේය. මෙහිලා ඉන්‍ද්‍ර දෙවියන් සුවිශේෂී වේ. ඇතමුන් පූජකයන් සේ විස්තර වේ. මේ අතර අග්නි සහ බෘහස්පති ප‍්‍රමුඛ වේ. මේ සියලූ දෙවිවරුන් අන්තරීක්‍ෂය හරහා ජවසම්පන්න අස්වයන් හා වෙනත් සතුන් තම රථය ලෙස යොදාගෙන ගමන්වල යෙදේ. මෙම දෙවියන්ගේ ආහාරය වන්නේ කිරි, වෙ`ඩරු, ධාන්‍ය සහ බැටළු, එළු සහ හරක් මස්ය. මෙවා මිනිසුන්ගේ ද ප‍්‍රියතම ආහාර ලෙස හැඳින්වේ. ඒවා දෙවිවරුනට පිදුනේ යාගයක් ම`ගිනි. දෙවියන්ගේ ප‍්‍රියතම පානය වූයේ සෝම පානයයි. දෙවියන්ගේ නිවහන වූයේ දෙව් ලොවයි.
දෙවියන්ගේ ගතිගුණ අතර ප‍්‍රමුඛ වූයේ ඔවුන්ගේ බලාධිකාරයයි. ඔවුන් නිරතුරුව බලසම්පන්න ලෙස විස්තර වේ. ඔවුන් ස්වභාව නියමය මෙහෙයවති. සමස්ථ සත්ත්‍ව වර්ගයා කෙරෙහි සිය බලය පතුරුවයි. ඔවුන්ගේ නියමයන් කඩ කිරීමට කිසිවෙකුටත් නොහැකිය. ඔවුන් මානව සංහතිය වෙත සෞභාග්‍යය ප‍්‍රධානය කරයි. ජනතාවට හිංසාව පමුණු වන්නේ රුද්‍ර පමණයි. දෙවියන් අවංකත්‍වයේ සහ සත්‍යයේ මිතුරන් සහ ආරක්‍ෂකයෝ ද වෙති. වරදට ද ද`ඩුවම් කරති. අධිකාරිත්‍වය, දීප්තිය, ත්‍යාගශීලීත්‍වය සහ බුද්ධිය යන ගුණාංගවලින් සියලූ දෙවියන් සමස්ථානයක තබා විස්තර කරයි. ඍග්වේදය විසින්ම යෝජනා කොට ඇති ත‍්‍රිත්‍ව වසමට අනුව ඍග් වෛදික දෙවිවරු කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
ආකාසස්ථ දෙවිවරු
අන්තරීක්‍ෂ දෙවිවරු
භූමස්ථ දෙවිවරු
යනුවෙනි. ආකාසස්ථ දෙවිවරු ලෙස ද්යෞස්, වරුණ, මිත‍්‍ර, සූර්ය, සවිතෘ, පුෂන්, අශ්වින් දෙදෙනා ආදීහූ නම් කළ හැක. අන්තරීක්‍ෂ දෙවිවරු ලෙස ඉන්‍ද්‍ර, අපාම්නපාත්, රුද්‍ර, මරුත්හූ, වායු, පර්ජන්‍ය සහ ආපස් ආදීන් නම් කළ හැක. භූමස්ථ දෙවිවරු ලෙස පෘථුවි, අග්නි සහ සෝම යන දෙවිවරු නම් කෙරෙත්. එසේම යම් තරමකට නොපැහැදිළි ත‍්‍රික නම් දෙවියෙක් පිළිබඳ තොරතුරු ඉන්‍දු ඉරාණීය යුගයේ සිට පැවති බව පෙනේ. ඍග්වේදයේ දෙවිවරු අතරින් ඍග්වේදයේ පුදන ලද ජීවත්‍වාරෝපිත ඇතැම් නදීන් ද දක්නට ලැබේ. ඒ අතර සින්ධු සරස්වතී ආදී ගංගාවෝ ප‍්‍රධාන වේ. එමෙන්ම මිනිසුන්ට සතුරන් වන බූමාටුු යකුන් පිරිසක් පිළිබඳ ද තොරතුරු සඳහන් වේ. එමෙන්ම පශ්චාත් වේදවල පිශාචයන් පිළිබඳ ද වාර්ථා වේ.
ඍග්වේදයේ බූමාටු දෙවියන් අතරෙහි අගතැන් ලබන්නේ අග්නි දෙවියාය. එම දෙවියා ලෙස සලකන ලද්දේ අන් කවරකුත් නොව දේවත්වයට නැංවූ යාග ගින්නමය. මෙම දෙවියා දෙවැනි වන්නේ ඉන්‍ද්‍රට පමණි. ඍග්වේදයේ මොහු සඳහා තන්ත‍්‍රයන් 200 ක් පමණ දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවල ඍග්වේදයේ සෙසු දෙවියන් සම`ග අග්නි දෙවියා සම්බන්ධ කොට දක්වා ඇත. ඍග්වේදයට අනුව මෙම දෙවියාට මනුෂ්‍ය ස්වභාවයක් විද්‍යමාන නොවේ. හෙතෙම පෘථිවියෙහි පවතින ගින්නම බව පුරාතනයන් සලකා ඇත. වෛදික මුනිවරුන්ගේ සංකල්පනාවන් මෙම දෙවියන් විෂයෙහි බෙහෙවින් ඉදිරිපත් වී ඇත. එකම ගින්නෙහි හැඩහුරුව, පැහැය නොයෙක් අයුරින් වර්ණනා කරන්නට පෙළඹිනි. ඒ හෙයින් එකම ගිනිදළුව එක් මුනිවරයෙකුට කෙස් ගස් මෙන් පෙනෙද්දී තවත් මුනිවරයෙකුට එය දත් මෙන් පෙනෙන්නට විය. ගින්නට දමන ගිතෙල්වලින් බුර බුරා නැෙ`ගන ගිනිදැල් හෙතුවෙන් තවත් මුනිවරයෙක් ගිනි දෙවියන්ට දිව් දහසක් ඇති බව පැවසූහ. එමෙන්ම ගින්නෙන් පරිසරයේ ඇති සියල්ල දැවු පසු එම දැවුනු පරිසරය දුටු එක් මුනිවරයෙක් ගිනි දෙවියන් කරනවෑමියෙකුට උපමා කළහ.
ඒ අනුව ඍග්වේදයේ අග්නි සූක්තය ගෙන බලන විට අග්නි දෙවියන් විෂයෙහි පැවති නොයෙකුත් සංකල්පනාවන් පැහැදිළි වේ. අග්නි දෙවියා පිළිබඳ ජනතාව තුළ පැවති විශ්වාසය කෙබඳු ද යන්න එහි එන පහත ගීතයෙන් පැහැදිළි වේ.
‘‘අග්නිනා රයිමශ්නවත් - පෝෂමේව දිවේ දිවේ - යශසං වීරවත්තමම්’’
ඒ අනුව මෙහිදී ඍග් වෛදික ජනයා තුළ දෙවියන් කෙරෙහි පැවති ආකල්පය පැහැදිළි වේ. සමෘද්ධිය, සෞභාග්‍යය, කීර්තිය සහ වීරත්‍වය වැනි සංකල්පනාවන් ජීවිතයට එකාත්මික කර ගැනීමට ජනතාව අග්නි දෙවියන්ට පුද සත්කාර කළ අයුරු මෙයින් පැහැදිළි වේ. එහිදී විශේෂයෙන් කීර්තිය සහ රණ ශූරත්‍වය යන සංකල්ප එකල සමාජයේ ඉතා ප‍්‍රමුඛ සංකල්ප විය. නිතර පැවැති ආක‍්‍රමණවලින් ජය ලැබීමට අවශ්‍යය ශක්තිය ස්වභාව දහමේ අපූර්වත්‍වය තුළින් ජනතාව තම ජීවිකාවට ල`ගාකර ගැනීමට උත්සුක වූහ.
ඉන්‍ද්‍ර දෙවියා ඍග්වේදයේ ප‍්‍රධානත්‍වයෙහි ලා සැලකේ. ඍග්වේදයේ සූක්ත 1028 න් හතරෙන් එකක් පමණ සූක්ත තුළින් ඉන්‍ද්‍ර දෙවියා වර්ණනා කෙරේ. මොහු කායිකව මනුෂ්‍යත්‍වාරෝපිත විය. ඉන්‍දීය දේශයේ මුල් පදිංචිකාර අනාර්යන් පැරදවීමට ආර්යයන්ට උදව් කරන දෙවියා මොහුය. ඒ බව ඍග්වේදයේ ඉන්‍ද්‍ර සූක්තයේ මෙසේ සඳහන් වේ.
‘‘යේනේමා විශ්වා ච්‍යවනා කෘතානි - යෝ දාසං වර්ණමධරං ගුහාක:
ශ්වඝ්නීව යෝ ජිගීවාං ලක්‍ෂමාදද් - අර්ය: පුෂ්ටානි ස ජනාස ඉන්‍ද්‍ර:’’
මෙයට අනුව අනාර්ය වර්ණය පරාජය කිරීමට ආර්යයන්ට ඉන්‍ද්‍ර ශක්තියක් වූ බව සඳහන් වේ. එමෙන්ම ඔහුගේ බලය මුලූ ලෝකයේම ව්‍යාප්ත වී පැවතුනි. ඔහුගේ එම බලය ජීවී අජීවී සෑම වස්තුවක් කෙරෙහිම ව්‍යාප්ත වී පැවතුනි. ඒ බව පහත ගීයෙන් පැහැදිළි වේ.
‘‘ද්‍යාවා චිදස්මෛ පෘථිවී නමේතේ - ශුෂ්මාච්චිදස්‍ය පර්වතා භයන්තේ
ය: සෝමපා නිචිතෝ වජ‍්‍රබාහුර් - යෝ වජ‍්‍රහස්ත: ස ජනාස ඉන්‍ද්‍ර:’’
මෙම ගීතයට අනුව ඉන්‍ද්‍ර දෙවියන්ට අහස පොළව පවා නමස්කාර කරන්නේය. එමෙන්ම මොහුගේ චණ්ඩ ස්වරූපයට පර්වත පවා බිය ගන්නා අයුරු මෙම ගීතයෙන් දක්වා ඇත. ඉන්‍ද්‍ර දෙවියන්ගේ පානය ලෙස දක්වා ඇත්තේ සෝම පානයයි. අත් ලෙස දක්වා ඇත්තේ අසනියයි. ඒ අනුව අසීමිත බලයක් ඉන්‍ද්‍ර දෙවියන්ට අරූඩ කොට ඇති අයුරු මෙයින් පැහැදිළ වේ.
ඍග්වෙදයේ 10 වන මණ්ඩලයේ 14 තන්ත‍්‍රයේ සිට 18 වන තන්ත‍්‍රය දක්වා ඇති තනත‍්‍ර පඤ්චකය තුළින් යම රජු පිළිබඳ විස්තර වේ. මීට අමතරව අනෙකුත් මණ්ඩලවලත් යම පිළිබඳ තොරතුරු ඇතුළත්ව පවතී. 10 වන මණ්ඩලයේ 14-18 දක්වා ඇති තන්ත‍්‍ර සුසාන තන්ත‍්‍ර හෙවත් පාංශුකූල තන්ත‍්‍ර ලෙස නම් කොට ඇත. මෙම පාංශුකූල තන්ත‍්‍ර තුළින් මළගිය ඇත්තන් වෙනුවෙන් යම රජුට කරන පූජා පිළිබඳ ඇතුළත් වේ. මළගිය ඇත්තන්ගේ පරලොව ජීවිතය යහපත් කිරීමට නම් යම රජුට පුද පූජා පැවැත්විය යුතුය. මේ තුළින් වෛදිකයන් සදාචාර සම්පන්න වීමට උත්සහ දැරූ අයුරු පැහැදිළි වේ. ඒ අනුව යම රජු සාධාරනයේ සහ මරණයේ පාලකයා මෙන්ම මරණින් මතු ජනතාවගේ ජීවිතයේ සැප හෝ දුක තීරණය කරන නියාමකයා ලෙස හඳුන්වා ඇත. මෙම ගීතිකා පිළිබඳ විමසීමේදී එකල භූමදානය සහ ආදාහණය පැවැති බව 10 වන මණ්ඩලයේ 13-14 ගීතිකාවලින් පැහැදිළි වේ. මළ සිරුර විවිධ පූජෝපාහාරයන් සහිතව පීතෘ ලෝකයට සහ දෙව්ලොවට ගෙනයාමේදී අග්නි දෙව්යන් ප‍්‍රමුඛස්තානය ගෙන කටයුතු කළහ.  එහිදී එම මාර්ගය අති දීර්ඝ බැවින් එම මාර්ගය පෙන්වා දෙන්නේ සවිතෘය. ඒ මෙ`ගහි යන මළගිය තැනැත්තාට රුකවරණය සලසන්නේ පුෂන්ය.
එමෙන්ම පුරුෂයා මිය ගිය පසු බිරිඳ ස්වාමියා දැවෙන දර සෑයට පැන දිවි පූජා කළ යුතුය. තවද කිසියම් කෙනකු මිය ගිය පසු ඔහු තමන්ට පෙර මියගිය මුතුන් මිත්තන්ගේ පැරණි මාර්ගය ඔස්සේ ගමන් කරමින් මළගිය පුද්ගලයාගේ අවතාර ලෝකයට පිවිසෙයි. ඍග්වේදයේ 10 වන මණ්ඩගයේ 14 වන සූක්තයේ 02 වන ගීයේ මෙසේ සඳහන් වේ.
‘‘යමෝ නෝ ගාතුං ප‍්‍රථමෝ විවේද - නෛපා ගව්‍යූතිරපභර්තවා උ
යත‍්‍රා න: පූර්වේ පිතර: පරේයුර් - ඒනා ජඥානා: පථ්‍යා අනු ස්වා:’’
මෙම ගීතයට අනුව යමතෙමේ පළමුවෙන්ම පිතෘ ලෝකයට යෑමට ම`ග පෙන්වී ද එම මාර්ගයෙන්ම පසුව උපන්නවුන් ද ගමන් කළ යුතු බව සඳහන් වේ. එසේ යන පුද්ගලයාට යම හා සතුටු වන පිතෘවරුන් ස්වර්ගයෙහි හමුවේ. ඔහුට සියලූ සැප සම්පත් ස්වර්ගයේදී හමු වේ. මෙම තත්‍වය හේතුවෙන් ජනතාව ස්වර්ගයට පිවිසීමට යහපතෙහි නිරත විය. සදාචාර සම්පන්න විය.
යම මළවුන්ගේ ලෝකයේ ආධිපත්‍යය උසුලයි. එමෙන්ම ඔහුගේ යහළු දෙවිවරු ලෙස වරුණ, වෘහස්පති සහ අග්නි දක්වා ඇත. යමගේ සොහොයුරිය ලෙස යමී කටයුතු කරයි. යමගේ විමානය දෙව්ලොව ඈත පියෙසක පිහිටා ඇත. දෙව්ලොව තුනෙන් දෙකක කොටසක් සවිතෘ සතුය. සෙස්ස යම සතුය. යම රජුගේ පියා ගාන්ධර්යයෙකු බවත් මව ජල දේවතාවියෙකු බවත් සඳහන්ය. එසේම තවත් තැනක ඔහු වෙස්සවනගේ පුතු බවත් මව සරනූ නම් වූ බවත් සඳහන්ය. මොහුගේ ¥තයන් ලෙස පරවියා සහ බකමූනා දක්වා ඇත. නමුත් ඔහුගේ ¥ත මෙහෙවරෙහි යෙදී ඇත්තේ බල්ලන් දෙදෙනකි. මේ අනුව යම රජුගේ සංකල්පය තුළින් ලෝකයාගේ සුචරික වර්ධනය අපේක්‍ෂා කොට ඇත. එමෙන්ම සමාජයේ යහ පැවැත්ම ආරක්‍ෂා කරගැනීමට ද ඍග් වෛදික ජනයාට යම රජුගේ සංකල්පයෙන් පැහැදිළි වේ.
උෂස් දෙව`ගන පිළිබඳ සංකල්පය ද ඍග්වේදයේ ප‍්‍රමුඛස්ථානයක් ගනු ලැබේ. උෂස් යන නාමය බැබලීම් අර්ථයේ වස් යන ධාතු ප‍්‍රකෘතියෙන් උපන්නේය. උෂස් යන්න (ෘ්අබ ඨදාාැිි* අරුණෝදයේ දෙන`ගන යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාවේ යෙදේ. මෙම නාමය ප‍්‍රාග් ඉන්‍දු යුරෝපීය භාෂාවේ (්මිදි* යනුවෙන් හැඳින්වේ. එය සංස්කෘත භාෂාවේ (ඹි්ි* යනුවෙන් ද ග‍්‍රීක් භාෂාවේ (ෑදි* යනුවෙන් ද හැඳින්වේ. බෙල්ඩික් භාෂාවේ (්මිර්* යනුවෙන් ද ජර්මන් භාෂාවේ (්මිඑරදබ* යනුවෙන් ද හැඳින්වේ. ඍග්වේදයේ සූක්ත 1028 න් 20 ක පමණ මේ උෂස් දෙව`ගන ගැන සඳහන් වේ. අපට නියමිත උෂස් දෙව`ගන පිළිබඳ සූක්තයේ අන්තර්ගත කරුණු පිළබඳ විමසීමේදී කවියා ඉතා සැහැල්ලූවෙන් නිතරම ඇය භෞතික සංසිද්ධීන් ස්මතු කරමින් වර්ණනා කරයි. වෙනත් සූක්ත ගත් විට ඒවායේ නල`ගනක මෙන් විලාශවත් ස්වරූපයෙන් සැරසුණු තැනැත්තියකි. ඇය පෙරදිග දිශාවේ දර්ශනය වන්නේය. උෂස් දෙව`ගන ස්නානයෙන් පසු බබළන්නාක් මෙන් අඳුර පලවා හරිමින් රාත‍්‍රිය නමැති කළුපාට පොරවනය ඉවත් කරමින් එහි ඉදිරියට පැමිණ ආලෝකය සම`ග ඉදිරියට ගමන් කරන්නීය.
දිව: දුහිත:  යනුවෙන් සඳහන් පරිදි ආකාශ දෙවියාගේ දියණිය වූ ඇය ජනතාවට ජීවන මාර්ගය පහසු කරන්නේය. එසේම නැෙ`ගනහිර දිශාවේ ස්ථාවරව වාසය කරන ඇය පැරණි වුවත් යළි යළි උපදින නිසා තරුණ බවින් යුක්තය. ඇය අවදිවන විට මුළු ලොකයත් අවකාශ අන්තයත් අවදි කරවයි. දෙව්ලොව දොරටු හරියි. රතවන් ගවරලක් මෙන් ඇය රතුවන් ආලෝකය දීප්තිය විහිදුවමින් ලෝකය ඇලෝකමත් කරයි. ඇය අන්දකාරයේ ස`ගවා ඇති ධනය රැුගෙන ජනතාවට ලබාදෙයි. සමාජයේ වෙසෙන පරිත්‍යාගශීලී පුද්ගලයන් උනන්දු කරවනු ලැබේ. පරිත්‍යගශීලී නොවන පුද්ගලයන් අන්දකාරයේම තනිකර දමයි. ඒ බව පහත ගීතයෙන් පැහැදිළි වේ.
‘‘උච්ඡුන්තීරද්‍ය චිතයන්ත භෝජාන් - රාධෝදේයායෝෂසෝ මඝෝනී:
අචිත්‍රේ අන්ත: පණය: සසන්ත්‍ව - බුධ්‍යමානාස්තමසෝ විමධ්‍යෙ’’
ඇය නිතරම නියමිත ස්ථානයේ රුඳී සිටින අතර ස්වභාව විවස්තාව සහ දේව විවස්ථාව කඩ නොකරයි. අග්නිට අවශ්‍යය පසුබිම සකසන නිසා ඇය අග්නි දෙවියාගේ පෙම්වතා ලෙස ද හැඳින්වේ. ඍග්වේදයේ වර්ණිත උෂස් දෙව`ගන දීප්තිමත් සහ කාන්තිමත් තැනැත්තියක් වන අතර සකල ලෝකයා සශ‍්‍රීකත්‍වයට පමුණුවන්නේ ඇයය.
 ඍග්වේද සමයේදී ප‍්‍රධාන දේවතවෙක්ව සිටි වරුණ දෙවියන් පසුව එම ප‍්‍රධානත්‍වයෙන් පිරිහිණ. වරුණ දෙවි තෙම අභ්‍යන්තර ගුණ ධර්මාදියට අරක්ගත් දෙවියාය. ලෝකවාසීන් කරන හොඳ හෝ නරක පිළිබඳ විමසමින් ධර්මාධිකරණයෙහි නියුක්තව සිටියි. ‘‘සත්‍යානෘතෙ අවපශ්‍යන් ජනානාම්’’  යන්නට අනුව මොහුට සත්‍යාසත්‍යතාව මනාව පෙනේ. මොහුගේ නිවේදනය කිසිවෙකුටත් උල්ලංගනය කළ නොහැක. මොහු මායාමය හෙවත් අද්භූත බලයෙන් යුක්ත වන නිසා මායී යැයි ද කියනු ලැබේ. තමාගේම තේජසින් බැබළෙන වරුණ දෙවියා සමහර තැනෙක සම්රාට් යනුවෙන් ද හැඳින්වේ. මිනිසෙකු මෙන් ඔහු සියලූ ක‍්‍රියාවන් සිදු කරයි. හිරු ඔහුගේ ඇසය. ඒ ඇසින් මුළු මිනිස් ප‍්‍රජාව දෙස බලයි. යාග භූමියට පිවිසි පසු තණ ඇතිරියක වැතිර සෝම පානය කරයි. රනින් පළසක් පොරවාගෙන හෙතෙම පැහැපත් කබායක් අඳියි. කාන්තිමත් වූ ඔහු අසුන් විසින් අදිනු ලැබූ හිරු මෙන් කාන්තියෙන් බබළන රියක නැ`ගී ගමන් කරයි. මිත‍්‍ර දෙවියා හා එක්ව වසන මොහුගේ විමානය රන්මුවා ය. මෙම විමානයේ සිට ජනතාව දෙස බලාගෙන සිටියි.
වරුණ දෙවියාගේ අණ පනත් පෙළ ‘ධෘත වෘත’ යන නමින් හැඳින්වේ. මොහු සාධු ශීලයේ ආඥාදායක වරයයි. මොහු අවුරුද්දේ දොළොස් මස හොඳින් දත් අයෙකු බව පැවැසේ.
02.II සමාජ හා සංස්කෘතික සංකල්ප
නවීන වාග්විද්‍යාවේ පර්යේෂණ අනුව පෙනී යන්නේ ආර්යයන්ගේ ද, ඉරාණීයවරුන්ගේ ද, යවනයන්ගේ් ද, ස්ලාව්, ලිත්වේනියන් සහ ජර්මන් ජාතීන්ගේ ද, ඉතාලි ජාතීන්ගේ ද ආදී වශයෙන් ප‍්‍රකට ජාතීන්ගේ ආදිම මුතුන් මිත්තන් ¥රාතීතයේ භාෂාව සහ සිරිත් විරිත් අතින් එකම සම්බන්ධකමක් දක්වමින් එකම ප‍්‍රදේශයේ වාසය කළ බවයි. තවද ඉහත දැක්වූ බටහිර ජාතීන්ගෙන් වෙන්වී ආ භාරතදේශවාසීන් ද ඉරාණීය ජාතිකයෝ ද එසේ වෙන් වූ නමුත් එකට වෙසෙමින් ඉන්‍දු ඉරාණීය ජන සමූහය යන නමින් විශේෂයෙන් හඳුන්වනු ලැබීය. පසුව ඉරාණීය වරුන්ගෙන් ද වෙන් වූ භාරත දේශවාසී ආර්යයන් ඒ බටහිර පෙදෙස්වලින් භාරත දේශයට සංක‍්‍රමණය කළේ හින්දුකුස් කඳු අතරෙන්ය.
ඍග්වේදයේ රචනා කරන කාලයේ ආර්යයන්ගේ නිවාසස්ථාන පිළිබඳ වැදගත් සාක්‍ෂ්‍ය හෙළිවන්නේ එහි සඳහන් ගංගාවන්හී නම් වලිනි. ඒ අනුව අපට පෙනී යන්නේ සින්‍ධු ග`ග අසල වෛදික ආර්යයන්ගේ ප‍්‍රධාන වාසස්ථානය වූ බවයි. සින්‍ධු ගං ඉවුරු දෙකෙහි විශාල ජනාවාසයක් පැවැති බවට විස්වාස කළ හැක. ඍග්වෙද යුගයෙහි භාරතයේ දේශපාලන ව්‍යුහයේ මෙන්ම සමාජ ව්‍යූහයේ ද පදනම වූයේ පවුලයි. පවුලේ සාමාජිකයෝ එකම ගෘහයෙහි වාසය කළහ. මෙකල ගෙවල් ඉදි වූයේ දැවයෙන් හෝ උණ පතුරුවලින් සැකිල්ල නිමවා මැටියෙන් ඇහුරුණු වරිච්චි බිත්ති වලිනි. සෑම නිවසකම අග්නි ශාලාවක් හෙවත් ගිනිහල් ගෙයක් පැවතුනි. ගෙහි හිමියා ‘ගෘහපති’ නොහොත් ‘දම්පති’ යන නමින් හැඳින්වීය.
ඍග්වේද ජනයාගේ ප‍්‍රධාන ජීවනෝපාය වූයේ පශුපාලනයයි. සූක්ත කිහිපයකින්ම ඉන්‍ද්‍රාදී දෙවි වරුන්ගෙන් ඇයදිනුයේ ගව, අශ්ව, එළු, බැටළු සහ කිරි දෙනුන් රැුක දෙන ලෙසය. කෘෂිකර්මාන්තය ද ඔවුනට පශු පාලනය මෙන්ම අවශ්‍ය විය. සතුන් දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම එකල පැවති නමුත් ඒවා උසස් වෘත්තීන් ලෙස නොසලකා ඇත. රැුකී රක්‍ෂා අතුරින් ලී වැඩ කිරීම විශේෂ තැනක් ගනියි. ලී වැඩ කරන්නා වඩු වැඩ කිරීමෙහි ද රථ චක‍්‍ර සහ යුද්ධ රථ සෑදීමෙහි ද දක්‍ෂ වූවාක් මෙන්ම විසිතුරු කැටයම් සහිත භාණ්ඩ නිපදවීමෙහි ද සමත් විය. ඒ හැර සම් වැඩ කරුවෝ, යකඩ වැඩකරුවෝ, කුඹල් කර්මාන්ත කරුවෝ ඒ අතර විය. එමෙන්ම නැව් ගමනාගමනය පඤ්ජාබ් නදීන්ට පමණක් සීමා වූ නිසා කිහිප දෙනෙකු විසින් කරන ලද විශේෂ රැුකියාවක් විය. වෙළදාම පැවැතුනේ භාන්ඩ හුවමාරු ක‍්‍රමයටයි. පැදුරු විවීම, රෙදි විවීම සහ ගෙතීම ස්ත‍්‍රීන් කළ ගෘහ කර්මාන්තය. බැටළු ලොම්වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කළහ.
පීතෘ මූලික සමාජයක් නිසා සෑම මව් පියෙකුගේම බලාපොරොත්තුව වූයේ පිරිමි දරුවෙකු ලැබීමය. ගැහැනු දරුවන්ගේ උපත කෙරෙහි ඍග්වේදයේ එතරම් කරුණු සඳහන් නොවේ. එහෙත් ගැහැනු දරුවන් ලැබුනු විට ආදරයෙන් කුලූණින් රැුක බලා ගත්තේය. එමෙන්ම ඔවුන්ගෙන් ඇතැමෙකුට අධ්‍යාපන වරප‍්‍රසාදය ද හිමි විය. ඔවුන්ගෙන් ඇතමෙක් කොතරම් උසස් අධ්‍යාපනයක් ලද්දේ ද යත් විශවාරා, ඝෝෂා සහ අපාලා වැනි වනිතාවෝ ඍග්වේදයේ සූක්ත රචනා කිරීමට තරම් විචක්‍ෂණ වූයේය. වැඩිවියට පත් ගැහැණු ළමයි සුදුසු කුල පුත‍්‍රයෙකුට සරණපාවා දෙනු ලැබේ. පාණිග‍්‍රහණෝත්සවය පැවැතුනේ මනාලියගේ මව්පියන්ගේ නිවසේය. ඒකපත්නී ව‍්‍රතය එකල සමාජයේ ස්ථාපිතව පැවැතුනි. බහුභාර්යා සේවනය ද පැවතුනි. බහු පුරුෂ සේවනය නීතියෙන් තහනම් කොට පැවැතුනි. වැන්දඹු ස්ත‍්‍රීන්ට නැවත විවහා වීමට අවස්ථාව තිබිණි. එමෙන්ම සමාජයේ සෑම කටයුත්තකදීම ස්ත‍්‍රියට ස්වධීනත්‍වයක් නොපැවැතුණි. පුරුෂයාගේ අනුමැතිය සහ සහාය සෑම කටයුත්තකටම අවැසි විය. නමුත් ගෘහයේ කටයුතුවලදී ස්වාධීනත්‍වයක් හිමි විය. ‘ගෙදර ඇත්තී’ යන අරුත් ඇති ‘ගෘහිණී’ යනුවෙන් හැඳින් වූ  ඕ තොමෝ සැබැවින්ම ගෘහයේ අධිපතිනිය වූවාය. ස්ත‍්‍රිය ගෘහයේම රැුඳී සිටිය යුතු යැයි මතයක් ඍග්වේද යුගයේ නොවීය. ඇය මනාව සැරසී උත්සවාවස්ථාවලට සහභාගී විය.
ඇඳුම් පැළැඳුම්
ඍග්වේද යුගයේ ඇඳුමට පැළඳුමට විශේෂ ස්ථානයක් හිමි විය. ඇඳුම කොටස් තුනකින් සමන්විත විය. එනම් ‘නිවි’ නමින් හැඳින්වුණු යට ඇඳුමත් ‘වාස’ හෙවත් පරිධාන යන නමින් හැඳිනුවණු අඳනයත් ‘අධිවාස’, ‘අත්ක’, ‘ද්‍රාපි’ නම්වලින් හැඳින්වුණු පොරෝනයත්ය. නොයෙක් වර්ණයෙන් මසන ලද මෙම ඇඳුම සකසා ඇත්තේ කපු, මුව සම් සහ ලෝම යන මින් එකකින් හෝ කිහිපයකම එකතුවෙනි. රන් නූලින් සකසන ලද උසස් ඇඳුම් ධනවතුන්ගේ පරිහරණය සඳහා විය. රන් මාල, වළලූ, මුදු ආදී නොයෙක් අබරණ ද ඔවුන්ගේ පැළඳුම්වලට අයත්ය. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මොවුන් මල් දම් පැළªහ. ස්ත‍්‍රීන් එම මල් දම් කෙස් කළඹේ ගසාගෙන දෙපටට සිටින සේ ගොතා ගැනීමෙන් මහත් රුචියක් ලදහ.
ආහාර - පාන
ඍග්වේද යුගයේ දෛනික ආහාර ලෙස වියළි ධාන්‍ය, එළවළු, මස්, ‘අපූප’ නමින් හැඳින් වූ කැවිලි, කිරි, දී, ගිතෙල්, මෝරු යොදා ගැනිණ. මස් පිණිස ගවයන් මැරීම මුල් කාලයේ තහනමක් නොවූ අතර පසුකාලීනව ගව දෙනුන් නොමැරිය යුතු යැයි නියමයක් වූ බව පැවැසේ. ‘අඝ්න්‍ය’ යන යෙදුමෙන් ඒබ ව පැහැදිළි වේ. ලූණු භාවිතය පිළිබඳ සඳහන් නොවේ. ගංගා, ඇල, දොළ ආදියෙන් මෙන්ම ‘අවතස්’ යන නමින් හැඳින්වූ ළිංවලින් ද මොවුන් ජලය ලබාගෙන ඇත. ගලින් නිමවූ රෝදයක ආධාරයෙන් ජලය ඉහළට ගත් අතර ලීමුවා බඳුන්වලට එම ජලය එක්රැුස් කරන ලදි. සෝම පානය ද මේ යුගයේ පැවැතුනි. මෙම සෝමය හිමාලයේ මුජවත් නම් කඳු බිමෙක වැඩුණු පැළෑටියක ඉස්මෙන් සැකසුණි.
ක‍්‍රීඩා විනෝදාංග
තුර`ග දිනුම(රේස්*, යුද සරඹ, දඩයම, දාදු කෙළිය ආදී ක‍්‍රීඩා මේ යුගයේ වැදගත් විය. යුද්ධ කාර්යයෙහිලා ඉතා වැදගත් සේවයක් කළ අශ්වයා ද මේ යුගයේ වටිනා සම්පතක් විය. දාදු ක‍්‍රීඩාව ද මෙකල පැවති ජනප‍්‍රිය ගෘහ ක‍්‍රීඩාවකි. මෙහි යෙදෙන අයගේ විලාප දෙඞීම් ඍග්වේදයේ ඇතුළත් වේ. 10 වන මණ්ඩලයේ 34 වන සූක්තය එබන්දකි. දාදු ක‍්‍රීඩාවේ යෙදුනු ඇතැම් රජවරු තම රාජ්‍යය, වසතුව, අඹුදරුවන් පවා පරදුවට තබා පරාජයට පත්ව ඒ හැම අහිමි කර ගත්හ. එහි එන පහත ගීතය ඉතා වැදගත් වේ.
‘‘ත‍්‍රිපඤ්චාශ: ක‍්‍රීළති ව‍්‍රාත ඒෂාං - දේව ඉව සවිතා සත්‍යධර්මා
උග‍්‍රස්‍ය චින්මන්‍යවේ නා නමන්තේ - රාජා චිදේභ්‍යෝ නම ඉත්කෘණෝති’’
මෙම ගීතයෙන් දාදු ක‍්‍රීඩාවේදී දාදු කැටයේ ඇති ප‍්‍රබලත්‍වය ස්මතුකර ඇත. දාදු ක‍්‍රීඩාවේදී රජුගේ සිට සෑම බලවතෙක්ම දුබලයෙක් වන බව මෙයින් පැහැදිළි වේ. එමෙන්ම සංගීතය, නාට්‍ය, නෘත්‍යය යන මේවා ජන හදවත් දිනූ කලාත්මක විනෝදාංශ විය. යුධ රිය සරඹට නොදෙවෙනි වූයේ දඩයමයි. රජවරු, කුමාරවරු, රාජ්‍ය ප‍්‍රභූවරුන් ද නැකැත් කෙළි පැවැති අවස්ථාවල වනයට වැද දඩයමේ නිරත වූහ. මේ ගණයට පක්‍ෂීහූ ද ඇතුළත් වූහ. මල්ලව පොරය ද සුවහසක් ජනයා පිනවූහ.
02.III දාර්ශනික සංකල්ප
ඍග් වෛදික චින්තකයෝ ලෝකයේ ප‍්‍රභවය, ස්වභාවය පිළිබඳ සහ දාර්ශනික සංකල්පයන් ගැන අමතක නොකළෝය. සියලූ විපරිණාමීය ධර්මයන්හී මූල ප‍්‍රතිෂ්ඨාව සෙවීමේදී ඔවුහු පැරණි ග‍්‍රීකයන් මෙන් ජලය, වායුව යනාදිය ලෝකයේ විවිධත්‍වය තැනී ඇති මූලය ලෙස සැලකූහ. ලොක නිර්මාණය පිළිබඳ කියැවෙන පළමුවන අතිපුරාණ සංකල්පය ඍග්වේදයේ X. 129 නාසාදීය සූක්තයෙන් විවිරණය වේ.  මැක්ඩොනල් මෙම සූක්තය නම් කරනුයේ විශ්ව සම්භව සූක්තය ලෙසිනි. වෙසෙසින්ම විශ්වාරම්භයේදී පැවැති ස්වභාවය වෛදික මුනිවරුන් දුටු ආකාරය මෙම සූක්තයෙන් පෙන්නුම් කෙරේ. ඒකත්‍වවාදයට එළඹෙනු මූලාවස්ථාවන් සූක්තාන්තර්ගතයෙන් පෙන්නුම් කරයි.
‘‘නාසදාසීන් නෝ සදාසීත්තදානීං - නාසීද්‍රජෝ නෝ ව්‍යෙමා පරෝ යත්
කිමාවරිව: තුහ තස්‍ය ශර්මන් - අම්භ: කිමාසීත් ගහනං ගභිරම්’’
එකල්හි නැති බව නොවීය. ඇති බව නොවීය. වාතය නොවීය. එහි අනන්ත අවකාශ නොවීය. කුමක් අඩංගු වීද? කොහේ කාගේ ආරක්‍ෂාව ද? කියනු කිම? නොමිනිය හැකි ගැඹුරු ජලස්කන්ධය වීද? යනුවෙනි. නිර්මාණයට පෙර පැවති කාලය පිළිබඳ විස්තරයකින් ඇරඹෙන මෙහි මුල්කාලීන් වෛදිකයාගේ චින්තන ඉතිහාසය පිළිබඳ වැදගත් කරුණු රැුසක් හෙළි කරන්නේ වෙයි. තවද අතිශයින්ම දියුණු වූ නිර්මාණවාදයේ නිරූපනයක් පෙන්වන මෙහි සියලූ දේට මුලින් සත් වූ හෝ අසත් වූ හෝ දෙවක් නොතිබිනැයි කියැවේ. වෛදිකයන් හුදු දේවවාදී සංකල්පයේම සිරව සිටිමින් ලෝකය දෙස බලනු වෙනුවට නවතම දෘෂ්ටියක් මෙහි දක්නා ලැබේ. දර්ශනයේ බීජය සංකාව බව ඒත්තුගන්වන ඉහත සඳහන එක්විටම සිතට නැ`ගුනක් සේ පළකිරීමක් නොවේ. මෙහි කියැවෙන අන්දමට සත් වස්තු වශයෙන් ඇති හෝ අසත් වස්තු වශයෙන් නැති යැයි හැඳින්විය හැකි කිසිවක් විශ්වාරම්භයේදී නොපැවති බව දක්වනු ලැබ ඇත. වස්තු වශයෙන් දැක්විය හැකි වායුවක් හෝ අහසක් නොවීය. මුළු මහත් ලෝකයම හට ගැනීමට බීජ වශයෙන් අවශ්‍ය වූ මුල් ද්‍රව්‍යය ව්‍යවහාර භාෂාවකින් විස්තර කළ නොහැකි බව පිළිගත් ඔවූහු යම් කිසි ජන සම්මත භාෂාවකින් දැක්විය හැකි අවස්ථාවක් පැමිණියේ නම් එම අවස්ථාවේදී ජලය පමණක් වූයේ යැයි පිළිගත් බව පෙනේ. තවද විශ්වාරම්භයේ ලෝක ස්වරූපතා පෙන්වමින්
‘‘නමෘත්‍යුරාසීදමෘතං න තර්හි - න රාත‍්‍ර්‍යා අහ්න ආසීත් ප‍්‍රකේත:
ආනීදචාතං ස්වධයා තදේකං - තස්මාද්ධාන්‍යන්න පර: කි චනාස’’
එකල්හී මැරීමෙක් නොවීය. අමරණීයත්‍වය ද නොවීය. ? දවාල වෙන්කොට දක්වන සලකුණක් ද නොවීය. වාතයෙන් තොර හුස්ම නොගන්නා ඒ එකෙක් තමාගෙන්ම ආශ්වාස ප‍්‍රශ්වාස කළේය. ඉන් පිටත් අන් කිසිවක් නොවීය යැයි දක්වන තැන්හී භාරතීය දර්ශනයේ වඩාත් සැලකිල්ලට බඳුන් වෙන බ‍්‍රහ්මන් පදාර්ථය ගැන මෙහි තත් සංකල්පයේ මූල බීජ ස්වරූපයෙන් කියැවෙන්නේ වෙයි. ඉන්‍දීය දර්ශනයේත් ඉන්‍දීය ආගමේත් ඓතිහාසික සංවර්ධනය උගත්තෙකුට මෙතරම් වැදගත් වූ අන් තැනක් මුළුමහත් ඍග්වේදයෙහිම නැතැයි හැ`ගියන තැනකි මේ.  විචාරකයන් පවසන අන්දමට ඉහත උද්ධරණයේ අපහැදිළි භාවයක් පෙන්නුම් කරන්නේ මුත් එහි ගූඪාර්ථයක් සැ`ගවී නැතැයි කාහට කිව හැකිද? ලෝකාරම්භයේදී එය අඳුරින් වැසී තිබූ බවත් ජලය ද පැවැති බවත් දක්වමින් පසුකාලීන දාර්ශනික මූල කෙරෙහි බීජරෝපිත බැව් පෙන්වාලයි.
‘‘තම ආසීත් තමසා ගුල්හමග්‍රෙ - ප‍්‍රකේතං සලිලං සර්වමා ඉදම්
තුජ්‍යේනාභ්වපිහිතං යදාසීත් - තපසස්තන්මභිනාජායතෛකම්’’
මුලදී අඳුරින් වැසී පැවති එහි තෝරා බේරා ගැනීමේ ලකුණු කිසිත් නැතිව අඳුර පමණක් වීය. මේ සියල්ල ජලය වීය. යමක් වී ද එය හිස් වූවක් මෙන්ම රූප නැති වූවක් ද විය. මහත් තේජසින් ඒ එක උපන. ඒකම් අජායත යනු බ‍්‍රහ්මාණ්ඩය (ක්‍දිපසජ ෑටට* නමින් පසු කලක හැඳින්වෙන ලෝක බීජය සේ සැලකේ. ‘‘ලෝකයේ ආරම්භය ‘බ‍්‍රහ්මන්’ පදාර්ථය බවත් සත්‍ව, වෘක්‍ෂ ලතාදිය සියලූ ජීව අජීව වස්තූන්ගේ උත්පත්තිය ඒ පදාර්ථයෙන් සිදු වූ බවත් භාරතීය දර්ශනයෙන් කියැවේ.’’
ලෝකයේ මූල හේතුව (ත්‍සරිඑ ක්‍්මිැ* පිළිබඳ මෙහි එන සඳහන වෙසෙසින්ම වැදගත් වන්නේ හේතුමාත‍්‍රයෙන් පමණක්ම නොවේ. මැක්ඩොනල් පවසන අන්දමට ‘‘පශ්්චාත්තන සමාජයේ සාංඛ්‍ය දර්ශනයේ ස්වරූපය ගත් පරිණාමවාදී දර්ශනයේ ආරම්භක ලක්‍ෂ්‍යය ලෙස මෙම සූක්තය සිත් ගන්නා බවයි.’’  තවද මෙම සූක්තයේ ඇති සංකල්ප පසුකාලීන ඉන්දීය දාර්ශනිකයන්ගේ අදහස් උදහස් පෝෂණය කිරීමට ඉවහල් වී ඇතැයි කිවහැක්කේ පශ්චාත්තන දර්ශනය සියුම්ව අධ්‍යයනය කිරීම තුළින්ය. එකල්හී ඉතා විශාල වූ ද ගැඹුරු වූ ද ජලස්කන්ධයක් වූ බවත් අඳුරින් ගැවසී ගත් එම ජලස්කන්ධය වෙන්කොට දැක්විය නොහැකි බවත් මෙහි දක්වනු පෙනේ. ජලය ආධාර කොට ලෝකය නිර්මාණය කළ සර්ව බලධාරී දෙවි කෙනෙකුන් පිළිබඳ විශ්වාසයක් නොතබන මෙහි එම ජලය උෂ්ණය හේතුකොටගෙන ලෝකයේ වූ නොයෙක් දෙයට පරිවර්ථනය වූ බව කියයි. පරිණාමශීලී පදනමකින් විශ්වෝත්පත්තිය දක්වමින් ඉනික්බිතිව දක්වනුයේ
‘‘කාමස්තදගේ‍්‍ර සමවර්තතාධි - මනසෝ රේත: ප‍්‍රථමං යදාසීත්
සතෝ බන්ධුමසති නිරවින්දන් - හෘදි ප‍්‍රතීෂ්‍යා කවයෝ මනීෂා’’
මුලදී සිතින් පහළ වූත් මුල්ම බීජය වූත් කාමය එකට පිවිසියේය. කවීහූ නුවණින් තම හදවතෙහි සොයා අසත්හූ කෙරෙහි සත්හුගේ (අසත් හා සත් අතර* ඇති සබැඳියාව සොයා දැනගත්හ.
‘‘තිරශ්චිනෝ චිතතෝ රෂ්මිරේෂාම් - අධ: ස්විදාසිදුපරි ස්විදාසීත්
රේතෝධා ආසන් මහිමාන ආසන් - ස්වධා අවස්තාත් ප‍්‍රයති: පරස්තාත්’’
ඔවුනගේ ආලෝකය (අඳුර* හරහා පතළේය. ඒ එක පහළින් වීද? එහි රේතස (උත්පාදක ශක්තිය* විය. පෝෂක ශක්තිය ද විය. උද්වේගය ඉහළින් විය.
කළුපහන මහතා දක්වන අන්දමට කිකිළියගේ ශරීරගත උෂ්ණය බිජුවක් රත් කොට පැටවකු බිහි කිරීමට සමත් බව ප‍්‍රත්‍යක්‍ෂයෙන් දුටු ඔහු එය උපමාවක් ලෙස ගෙන මේ මතය ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිය.  උෂ්ණත්‍වය හෙතුකොට ගෙන තවත් දෙයක පරිණාමය වීම මෙහි දක්වන ඉතා වැදගත් සංකල්පයකි. මෙම කාමය නොහොත් චේතනා බලය මූලික ද්‍රව්‍ය වූ ජලයෙන් බැහැරව පවත්නා දෙයක් නොව ජලයෙන්ම හටගන්නකි. මෙහි චේතනා බලය යනු සාමාන්‍ය මිනිසාගේ සිත නොවේ. ඒ සූර්යයාය. සූර්යයාට පසුව මේ ලෝකය හා එහි වූ දෙව් මිනිස් ආදී සත්‍වයන් බිහි වූ හෙයින් සාමාන්‍යයෙන් මිනිසා ලෝක නිර්මාණය සූර්යයාගේ කෘත්‍යයක් ලෙස විශ්වාස කරනු ලැබේ.  නාසාදීය ගීත අවසානයේ කියන වැදගත් කියමනකි.
‘‘කෝ අද්ධා වේද ක ඉහ ප‍්‍ර වෝචත් - කෘත අජාතා කුත ඉයං විසෘෂ්ටි:
අර්වාග් දේව අස්‍ය විසර්ජනෝ - ථා කෝ වේද යත ආබභූව’’
මේ විසෘෂ්ටිය (මැවීම* කවදා උපන්නේ ද? කවදා පැමිණියේදැයි කවරෙක් ඒකාන්තයෙන් දනිත් ද? කවරෙක් මෙහි පවසා ද? දෙවියෝ මේ (ලොවේ* මැවිල්ලට පසුව (උපන්නෝය* ය. ඉතින් කවදා පහළ විණැයි කවරෙක් දනී ද?
විශ්ව නිර්මාණය දෙවියන්ගේ පහළ වීමට පසුව සිදුවූ බව මෙහි කියැවිනි. එහෙයින් දේවවාදී ආකල්ප මෙහිදී ඈත්ව ගිය බව පෙනෙන්නේය. මුලින් කී ‘තත් එකම්’ යන අදහසින් කී දේවේශ්වරයා හැර අනෙක් දේව කුලයන් නොසලකා හැරූ බවක් මෙයින් පෙනී යයි. ඒකත්‍වවාදයට පසුබිම මැනවින් සැකසුණු අයුරු පැහැදිළි වේ. නාසාදීය සූක්තය ඍග්වේදයේ සෙසු ලෝකොත්පත්තිය නැතහොත් විශ්වවිද්‍යාව සම්බන්ධයෙන් දක්නට ලැබෙන ගීත අතරින් ප‍්‍රසස්තම ගීතයයි.  මෙම සූක්තයට ලියූ මුල්ම භාෂ්‍යය ශතපථබ‍්‍රාහ්මණයෙන් හමුවේ. වේද යුගයේදී පවා විශ්වය කිසිවෙකු විසින් මවන ලද්දක් දැයි ප‍්‍රශ්න කළ බවක් මෙම ගීතයෙන් පැහැදිළි වේ. පරිණාමවාදී සංකල්පයන් වුවද නිර්මාණවාදයත් සම`ග වෙලී සිටින අයුරු ඍග්වේද සූක්තයන්හී පෙන්නුම් කෙරේ යනු වියත් මතයයි.
ඍග්වේදයේ නාසාදීය පද්‍ය සංචිතය හැරුණු කොට වැදගත් වනුයේ X. 121 වැනි හිරණ්‍යගර්භ සූක්තයයි. මෙහි කතෘවරයෙකු පිළිබඳ සඳහන් නොවන අතර ඒකේශ්වරයෙකු පිළිබඳ කියැවේ. හිරණ්‍යගර්භ යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ස්වර්ණමය අණ්ඩය හෙවත් බීජය යන්නයි. පශ්චාත්තන යුගයේ බ‍්‍රාහ්මණ නමින් පළට නිෂ්ඨාවෙහි මූල ලක්‍ෂණ මෙම සූක්තයේ ඇතුළත්ව ඇති අයුරු විචාරකයින් පෙන්වා දෙයි. බ‍්‍රහ්මන් යනු පශ්චාත්කාලීනව උපනිෂද් දර්ශනයේ ලියලා පැමිණි ජගදාත්මය පිළිබඳ සංකල්පයයි. හිරණ්‍යගර්භ යනු ඊට සමීපතම ඍග් වෛදික සංකල්පය බැව් වියත්හූ පවසති. සූක්තය පිළිබඳ විමසා බැලීමේදී දාර්ශනික පැතිකඩ අනාවරණය කරගත හැක.
‘‘හිරණ්‍යගර්භ: සමවර්තතාග්‍රෙ - භූතස්‍ය ජාත: පතිරෙක ආසීත්
ස දධාර පෘතථිවීං ද්‍යාමුතේමාං - කස්මෛ දෙවාය හවිෂා විධෙම’’
හිරණ්‍යගර්භ ලොව මුලින්ම පැවැතියේ වෙයි. ඔහු අහස ද පෘථිවිය ද දැරීය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙහි හිරණ්‍යගර්භ ලෙස දක්කා ඇත්තේ ප‍්‍රජාපතීය. කස්මෛ දේවාය හවිෂා විධෙම යන්න පිළිබඳ උගතුන් විවිධ අදහස් දක්වනු ලැබේ. එයින් ප‍්‍රජාපතී අදහස් වන්නේ යැයි භාෂ්‍යකරුවන්ගේ ද මතයයි. ස්වර්ණමය අණ්ඩයෙන් ප‍්‍රජාපතී බිහිවුණ බවත් ඔහු ලොව එකම අධිපතියා වන බවත් ඉහතින් දැක්විනි. විශ්වාරම්භයේදී මෙකී ඒකේශ්වරයා උපන් බවත් ඔහුගෙන් සෙස්්සන් උපන් බවත් කියැවේ. ඒ මෙසේය.
‘ය ආත්මදා බලදා යස්‍ය විශ්ව - උපාසතේ ප‍්‍රවිෂං යස්‍ය දේවා:
යස්‍ය ඡුායාමෘතං යස්‍ය මෘත්‍යු: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
යමෙක් (ප‍්‍රජාපතී* ආත්ම දෙන්නා වේද බලය දෙන්නා වේද යමෙකුගේ නියමය සියලූ ප‍්‍රාණීහු පිළිගනී ද ගරුකරත් ද යමෙකුගේ ඡුායාව අමරණීය වේද එයම යම නොහොත් මරණය වේද එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
‘ය: ප‍්‍රාණතෝ නිමිෂතො මහිත්වෛක - ඉද්‍රාජා ජගතෝ බභූව
ය ඊශේ අස්‍ය ද්විපදශ්චතුෂ්පද: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
ඔහු ආශ්වාස ප‍්‍රාශ්වාස කරන ඇසිපිය සලන සකල ලෝකයාටම එකම ප‍්‍රධානියා වූයේලූ. ඔහු දෙපා ඇත්තන්ගේ ද සිවුපාවුන්ගේ ද ප‍්‍රධානියාය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
‘යේන ද්‍යෞරුග‍්‍රා පෘථිවී ච දෘළ්හා - යේන සව: ස්තභිතං යේන නාක:
යෝ අන්තරීක්‍ෂෙ රජසෝ විමාන: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
ඔහු අන්තරීක්‍ෂය ඝන බවට ද පෘථිවිය ස්ථිර බවට ද ආලෝකවත් ප‍්‍රදේශය ද සූර්යයා ද ස්ථිර කරන ලද්දේ ඔහු විසිනි. හෙතෙම අන්තරීක්‍ෂයේ ජලය ද මවාලීය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙයින් ප‍්‍රජාපතීගේ ස්වභාවය වර්ණිතය. ඔහු සත්වයාගේ අධිපතියා වූයේ පමණක්ම නොව ජීවදායකයා ද බව මෙයින් කියැවේ. මෙම සූක්තයෙන් ද දාර්ශනික අදහසක් ලෙස දැක්වෙන්නේ හිරණ්‍යගර්භ ලෝකාරම්භයේදී සිටි ඒකේශ්වරයා බවයි. ඔහුගෙන් පසු ලොව සියලූ භෞතික වස්තු නිර්මාණය වූ බවයි. එකී සචේතනික අචේතනික වස්තූන් ඔහුගෙන් පසුව සමුද්භවය වූ අන්දම මෙහි කියැවේ. 10 වන මණ්ඩලය රචනා සමයේදී විශ්වවිද්‍යාව කෙරෙහි තත්කාලීනයන් දක්වන ලද අවධානය මෙහි මොනවට දිස් වෙයි.
‘ආපෝ හ යද්බෘහතී ර් විශ්වමායන් - ගර්භං දධානා ජනයන්තීර්යඥම්
තතෝ දේවානං සමවර්තතාසුරේක: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
පොළව මතුපිට ජලය ව්‍යාප්තව තිබූ එකල එය මත බ‍්‍රහ්මාණ්ඩය (හිරණ්‍යගර්භය* පාවෙමින් තිබිණ. අග්නිය ද ක‍්‍රියාත්මක විය. එබඳු වූ කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙම සූක්තයෙන් සර්ව බලධාරී දෙවි කෙනෙක් පෙර පැවති ද්‍රව්‍යයෙන් ලෝකය නිර්මාණය කිරීම පිළිබඳ විස්තරයක් ලැබේ. ආදියේදී විශ්වයේ පැතිර සිටි මහා ජලයෙන් හිරණ්‍යගර්භ මතු විය. එයින් ජීවය බිහිවුනු අන්දම මෙහි දැක්වේ. වෛදික දාර්ශනික සූක්තයන්හී ඒකත්‍වයත් ඒකදේවවාදයත්් යන උභය කාරණයන්ම පෙන්නුම් කෙරේ. ඉහතින් දක්වන ලද නාසදීය සූක්තයෙන් මෙහි කියැවෙන අදහසේ පශ්චිමාවස්ථාව ලෙස හඳුනාගත හැකි බව රාධකෘෂ්ණයන් පවසනු පෙනේ.  ක‍්‍රමයෙන් හිරණ්‍යගර්භය පහළ වීමත් සම`ගම විශ්වය පරිණාමශීලිත්‍වයට නැඹුරු වූ අන්දම මෙහි කියැවෙන්නේ නිර්මාණ වාදයත් යම් පමණකට පදනම් කර ගනිමිනි.
ඒකත්‍වය කෙරෙහි මෙම සූක්තය දක්වන නැඹුරුව පශ්චාත්තන යුගයේ මල් පල ගැන්වී ගිය සැටි උපනිෂද් දර්ශනය පිරික්සීමේදී පෙනී යයි. විශ්වයේ මූල හේතුවේ සම්භවය මෙම සූක්තයේ දැක්වෙන්නේ හිරණ්‍යගර්භයම පදනම් කරගෙනය. එහෙයින් එනමින්ම සූක්තය ද නම් කොට ඇති සේය. කෙසේ වතුදු මෙම සූක්තය දාර්ශනික හරයක් ඇතුළත් වූවකැයි කිව හැක්කේ මුල් කාලීන වෛදික චින්තාවන්ට එහා ගිය දාර්ශනික බීජ ඇතුළත් බැවිනි. එහිදී ඒක දේවවාදිත්‍වය කෙරෙහි දක්වන නම‍්‍රතා(ඵදබදඑයැසිඑසජ ඔැබාැබජහ* වෙසෙසින් ප‍්‍රජාපතී හා විශ්ව කර්ම වැනි ස්ථානයන්හී ප‍්‍රකටය.  මින් අනතුරුව වැදගත් සූක්තයක් ලෙස අපට හමුවන්නේ ඍග්වේදයේ X වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයයි. මෙහිදී පෙර කී දර්ශනයට වෙනස් මුත් ඒකත්‍වය පිළිබඳ නැමියාවේ පූර්වාවස්ථාවන් ප‍්‍රතීත වෙයි. ලෝකය බිහිවීම පුරුෂයා නමැති මූලයෙන් ඇති වූවක් බව දක්වයි. ලෝක නිර්මාණ කාර්යය මෙහි සඳහන් කර ඇත්තේ පුරුෂ නමැත්තා බිල්ලක් ලෙස යොදාගන්නා යාගයක් ලෙසයි. එහිදී පුරුෂයාගේ අංගෝපාංග ෙඡ්දනයේදී ඒ ඒ කොටස් විශ්වයේ විවිධාංග බවට පත්වෙයි.
‘සාහශ‍්‍රශිර්ශා පුරුෂ: - සහශ‍්‍රාක්‍ෂ: සහශ‍්‍රපාත්
ස භූමිං විශ්වතෝ වෘත්‍වා - ත්‍යතිෂ්ඨද්දශාංශුලම්’
පුරුෂ තෙමේ දහස් හිසි, දහස් ඇස්, දහස් පා වන්නේය. හෙතෙම මහ පොළොව හාත්පසින් වසා දස ඇ`ගිලි සීමා ඉක්මවා පතුරුවා සිටියේය.
‘පුරුෂ ඒවේදං සර්ව - යද්භූතං යච්චභව්‍යම්
උතමෘතත්වස්‍යේශානෝ - යදන්නේතිරෝහති’
යම් අතීත වූ සහ යම් අනාගතයේ වන්නා වූ මේ සියල්ල පුරුෂයාමය. තවද දේවත්‍වයේ පාලකයා යම් (යාග* ආහාරයකින් සීමාව ඉක්මවා වැඩෙයි.
නිර්මාණවාදී සංකල්ප හරහා විශ්වයේ සහ ජීවීන්ගේ සම්භවය මෙම සූක්තයෙන් පිළිඹිබු වන අතර එක් අතකින් ආගමික විශ්වාසයන් දේව ධර්මය හා අත්වැල් බැඳගෙන දියුණු වී අවුත් ඒකදේවවාදය ඇතිවූ අතර අනික් අතින් දාර්ශනික ගැටළු පිළිබඳ විමර්ශන ද ක‍්‍රමයෙන් සාර්ථක වූ බව පෙනේ. සත්‍යය පිළිබඳ ඒකත්‍වයක් සෙවීමට වෙහෙසෙන අන්දම මෙම සූක්තයෙන් පෙන්නුම් කෙරේ. මුළු මහත් ලෝකයම දැවැන්ත පුරුෂයෙකුට සමාන කරමින් එම පුරුෂයාගේ අවයව මිනිසාගේ අවයව වලට සමාන කොට දැක්වීමට ගත් තැත බාහිර ලෝකය පිළිබඳ සත්‍යයත් මිනිසා කෙරෙහි වූ අභ්‍යන්තරික සත්‍යයත් අතර ඇති සම්බන්ධය දැක්වීමට ගත් පරිශ‍්‍රමයකි. පසුකලෙක බිහිවූ උපනිෂද් දර්ශනයේ පවා පරමාර්ථය වූයේ බාහිර ලෝකය පිළිබඳ සත්‍යය හා මිනිසා පිළිබඳ වූ සත්‍යය අතර වූ සම්බන්ධය සෙවීමය. ඍග්වේදයේ දැක්වෙන මෙම දාර්ශනික බීජ උපනිෂද් ආදී පසුකාලීන දර්ශනවාදයන් බිහි වීමට හේතු විය. මේ අනුව පුරුෂයා යනු සමස්ථ විශ්වයේ පරිපූර්ණ නිමාවකි.
‘චන්‍ද්‍රමා මනසසෝ ජායතශ් - චක්‍ෂෝ: සූර්යෝ අජායත
මුඛාදින්ද්‍රශ්චාග්නීච - ප‍්‍රාණාත්‍වායුරජායත’
සඳ මනසින් ජනිත විය. හිරු ඇසින් උපන්නේය. ඉන්‍ද්‍ර ද ගින්න ද මුඛයෙන් උපන්නේය. වායුව ප‍්‍රාණයෙන් ජනිත විය.
‘නාභ්‍යා ආසීදන්තරීක්‍ෂං - ශීර්ෂ්ණෝ ද්‍යෞ: සමවර්තත
පද්භ්‍යාං භූමිර්දිශ: ශෝතාත් - තථා ලෝකාන් අකල්පයන්’
නාභියෙන් අන්තරීක්‍ෂය විය. හිසින් අහස මැවිණ. භූමිය දෙපතුලිනි. දිශා සෙවනෙනි. මෙසේ ලෝකය නිමැවූහ.
‘බ‍්‍රාහ්මණෝස්‍ය මුඛමාසීද් - බාහු රාජන්‍ය: කෘත:
උරූ තදසී යද්වෛශ්‍ය: - පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත’
ඔහුගේ කට බමුණාගේ උපන් ස්ථානය විය. බාහු යුගලයෙන් ක්‍ෂත‍්‍රියයා නිර්මිතය. යම් වෛශ්‍යයෙක් වී ද ඒ ඔහුගේ වටොර යුගලයි. ක්‍ෂුද්‍රයා දෙපතුලින් උපන්නේය.
මෙහි භාෂාවත් අන්තර්ගතයත් පශ්චාත්තන යුගය නියෝජනය කරන බව පෙනේ. කෙසේ වෙතත් මෙය දාර්ශනික වන්නේ ඒකත්‍වය පිළිබඳ ආකල්පයේ මුහුකුරාගිය අදහස් කැටිවී ඇති නිසාත්, පසුකාලීන දර්ශනයන්හී බීජාවස්ථාවන් පෙන්නුම් කරන නිසාය. කෙසේ වුවද ඍග්වේදයේ X වන මණ්ඩලය පූර්ව යුගයේ වෛදික චින්තාවන් පරිණාමයට පත්ව එහි පුෂ්පෝද්ගමය සිදුවූ බවට සාධක රැුසක් හෙළි කරන වටිනා මූලාශ‍්‍රයක් බව නොකියාම බැරිය. ප‍්‍රාථමික අවස්ථාවේ සිට බ‍්‍රාහ්මණ උපනිෂද් වැනි දාර්ශනයන් තෙක් වර්ධනයට පැමිණීමේදී ඍග්වේදයේ එන මෙම සූක්ත ඉතා වැදගත් සාක්‍ෂි සපයනු ලැබේ.
02.IV උපදේශාත්මක සංකල්ප
ඍග්වේදය ආගමික සංහිතාවක් පමණක්ම නොව ලෞකික විෂයයන් ද භජනය කරන්නක් බව ග‍්‍රන්‍ථාන්තර්ගතය තුළින් පෙනී යයි. ඊට කදිම නිදසුන නම් මෙහි ඇතුළත් උපදේශාත්මක ස්වරූප වූ සූක්ත එකතුවයි. ඒ අතර ඍග්වේදයේ 10 වන මණ්ඩලය වැදගත් වේ. එහි 34 වන සූක්තය බෙහෙවින්ම විචාරක පර්ෂද්හී ඇගයීමට ප‍්‍රාප්ත වූවකි. අක්‍ෂකිතව නින්දා හෙවත් අක්‍ෂකිතවයාගේ අෙ`දා්නාව ලෙස හැඳින්වෙන කවෂ ඓලූෂ නමැති මුනිවරයා විසින් පබැඳුණු මේ සූක්තයේ සූදුවට ගිජුවූ පුද්ගලයෙකුගේ දුක්බර ඉරණම රමණීය කාව්‍යය ස්වරූපයකින් ඉදිරිපත් කරනු ලැබ ඇත.  සූදුවේ ලොල් නොවිය යුතු යැයි මෙහි දැඩිව අවධාරණය කෙරේ.
ප‍්‍රවේෂා මා බෘහතෝ මාදයන්ති - ප‍්‍රවාතේජා ඉරිණෙ වර්වෘතාන:
සොමස්‍යෙව මෞජවතස්‍ය - භක්‍ෂෝ විභිදකෝ ජාගෘවිර්මමහ්‍යමජාන්
උස් මුදුනක නල රැුල්ලක ජනිත හුරුබුහුටියෝ දාදු පෙතේ පෙරළෙන්නෝ මා පිනවත්. මුජවතේ සෝම විතක්සේ විභීදක මා පිනවත්.
මෙහිදී සූදුකාරයා විභීදක නම් වෘක්‍ෂයේ හටගත් දාදු කැටයේ ආකර්ෂණය කියා පාන්නේ වේ. දාදු කෙළිය භාරතයේ මුල් අවධියේ සිටම පැවත එන සූදු ක‍්‍රීඩාවකි. රටේ ප‍්‍රභූ පන්තියේ සිට සාමාන්‍ය ජනයා අතර පවා මෙය ප‍්‍රසිද්ධව පැවතුනි. ඍග්වෙද ගී අතරට මෙම සූක්්තය පසුකාලීනව එකතුවී ඇත. පසැටයෙන් ජය මෙන්ම පරාජයත් උරුමකර දෙන්නක් ලෙස සිතිය හැක්කේ එය සූදුවක් බැවිනි. මෙහි සූදුකාරයා පළකරන අන්දමට එය සෝම නමැති පානයෙන් බිඳුවක් මෙන් සිත මන්මත් කරන ස්වභාවයෙන් යුකත වන බවයි. මෙහි කථානායකයා තම පවුලේ පෙර පැවති ප‍්‍රීතිදායක තත්‍වය තමා මෙම ක‍්‍රීඩාවේ වහලෙකු බවට පත්වීමෙන් වියැකී ගිය බව දක්වනුයේ
න මා මිමේථ න ජිහීළ ඒෂා - ශිවා සඛිභ්‍ය උත මහ්‍යමාසීත්
අක්‍ෂස්‍යහමෙකපරස්‍ය හේතෝර් - අනුවෘතාමප ජායාමරෝධම්
ඕ තොමෝ (බිරිඳ* මට නොබිනුවාය. උරණ නොවූවාය. මිතුරන්ටත් මටත් කාරුණික වූවාය. මා දාදුවෙන් පැරදීම නිසා අනුකූල පැවතුම් ඇති ඇයව පළවා හැරීමි. යනුවෙනි. අඹුසැමියන් පවා වෙන් කරවන නිවසේ සාමකාමීත්‍වය පවා නැතිවී ඇත්තේ සූදුව කෙරෙහි නොතිත් ආසාව බව කියැවේ. අනතුරුව මෙසේද කියයි.
ද්වේෂ්ටි ශ්වශ‍්‍රෑරප ජායා රුණද්ධි - න නාථිතො වින්දතේ මර්ඩිතාරම්
අශ්වස්‍යෙව ජරතෝ වස්නස්‍ය - වින්දාමි කිතවස්‍ය භෝගම්
නැන්දම්මා ද්වේශ කරයි. බිරිඳ එළවා දමයි. විපතට පත් තැනැත්තා අනුකම්පා කරන්නෙකු නොලබයි. මම විකුනන්නට සිටින දිරාපත් අශ්වයෙකු මෙන් සූදුකාරයකුගේ ප‍්‍රයෝජනයක් නොදකිමි. ඒ අනුව සූදුකාරයාට අත්වන ඉරණම කෙබඳු ද යන්න ඉහත පද්‍යයෙන් පැහැදිළි වේ. තමා පවුල් බර දරන්නෙකු ලෙස පීඩා විඳින අතර ඔහු වසන පරිසරයෙන් ද ප‍්‍රතික්‍ෂෙප වන බව කියා සිටියි. තමා විසින්ම පාපෝච්ඡුාරණයක යෙදෙන සූදුකාරයා තමාට අනුකම්පා කරන්නෙකු නොමැති බව දන්වා සිටින්නේ පාඨක සිත් කාවැද යන විලාසයෙනි. පාපෝච්ඡුාරණයක් වශයෙන් පෙනුනත් එයින් වක‍්‍රව කියා සිටින්නේ එබන්දෙකු නොවුනානම් මැනවි යන්නයි.
යදාදීධ්‍යො න ද්විෂාණ්‍යේභි: - පරායද්භ්‍යොව භීයේ සඛිභ්‍ය:
න්‍යුක්තාශ්ච බභ‍්‍රවෝ වාචමක‍්‍රතං - ඒමීදේෂාං නිෂ්කෘතං ජාරිණිව
එකල්හී මම ඔවුන් සම`ග නොයන්නේ මුත් ඔවුන් කැටුව නොගිය ද දාදු කැට විසුරුවනු හ`ඩ කන වැකුණු සැණින් ගණිකාවක මෙන් දාදු පොළට යමි. දාදුවේ ඇති ආකර්ෂණය කෙබඳු ද යන්න මෙයින් සිතාගත හැක. දාදු කැටයේ සබ්දයට තමා ඇදී යන්නේ නොදැනුවත්වමය. සෑම පද්‍යයකම අවශේෂ වනුයේ උපදේශාත්මක සාරයකි. එනම් දාදු කෙළිය වහා නපුරම කැඳවන බවයි.
අක්‍ෂාස ඉදංකුශිනෝ නියතෝදිනෝ - නිකෘත්‍වානස්තපනාස්තාපයිෂ්ණව:
කුමාරදේෂ්ණා ජයත: පුනර්හණෝ - මධීවා සංපෘක්තා: කිතවස්‍ය බර්හණා
දාදු කැටයෝ වනාහී කොකු සහිතයෝය. සිදුරුකරගෙන යන්නෝය. කුඩා පිරිමි දරුවන් මෙන් තෑගි ප‍්‍රදානය කරන්නාහු ජයගත්තවුන්ගෙන් නැවත උදුරා ගන්නාහු වශීකරණ බලයෙන් සූදුකාරයාගේ රසයෙන් සතුටට පත්වූවෝය.
දාදුවේ ඇති භයානක ස්වරූපය මෙයින් ප‍්‍රතීතයි. මිනිස් හද මනස සූදුවෙහිම රඳවා තබා ගන්නා බවත් එයින් ගැලවීමක් නොමැති අන්දමත් නැවත නැවතත් උපදේශාත්මකව කියා සිටියි. දාදු කෙළියේ නියුතු පුද්ගලයාගේ භෞතික සම්පත් විනාශ වනවා පමණක් නොව මුළු ජීවිතයේම අතෘප්තිකර ස්වභාවය වර්ධනය වන අයුරු මෙයින් පැහැදිළි වේ. මෙහි එන ස¥පදේශ ඉතා ප‍්‍රසස්තය. පසුකාලීනව උපදේශ සාහිත්‍යය නමින් විශාල සාහිත්‍යයක් බිහි වීමේ මූල බීජ ද මෙහි විද්‍යමාන වේ. මෙම සූක්තයේ වැදගත්ම ගීතයක් වනුයේ
‘ස්ත‍්‍රියං දෘෂ්ට්වාය කිතවං තතාප - න්‍යේෂාං ජායාං සුකෘතං ච යෝනිම්
පූර්වාහ්ණේ අශවාන්යුයූජේ හි බභ‍්‍රෑන් - සෝ අග්නේරන්තේ වෘෂලං පපාද’
සූදුකාරයා අනුන්ගේ භාර්යාව සහ ඇගේ මැනවින් සැලසුම්කරණ ලද නිවස දැක තමා දවයි. උදා සමයේ පටන් දුබුරු අශ්වයන් බැඳ ගනියි. දවස කෙළවර සි`ගන්නෙකුව ගින්නෙහි වැටෙයි. දිනාන්තයේ සූදුකාරයා පශ්චාත්තාපයට පත්වන අන්දම තීව‍්‍ර කරන සාධක කිහිපයක් ඇත. ඒ අන්‍යයන්ගේ භාර්යාව සහ ඔවුන්ගේ භෞතික අභිවෘද්ධියයි. මෙහිදී පෙන්නුම් කරන වටිනා උපදේශයක් නම් සූදුකාරයා විවිධ කාරක ඔස්සේ (අභ්‍යන්තර හා බාහිර* සංතාපයට පත්වන බවයි. මුලසිට පාපෝච්ඡුාරණය කරන කිතවයා අවසාන වශයෙන් තිළිණ කරනුයේ මෙබන්දකි.
‘අෙක්‍ෂෙර්මා දිව්‍ය: කෘෂිමිත්කෘෂස්ව - විත්ත රමස්ව බහුමන්‍යමාන:
තත‍්‍ර ගාව: කිතව තත‍්‍ර ජායා - තන්මේ වි චෂ්ටේ සවිතායමර්යම:
ධාදු කැටය සම`ග සෙල්ලම් නොකරන්න. දැන් කෙත සී සාන්න. බොහෝ සෙයින් සිතමින් සම්පත්හී ඇලෙන්න. සූදුකාරය, ගව සම්පත් එහිය. බිරිඳ එහිය. ඒ උත්තම සවිතෘ මෙය මට පැහැදිළිකර දෙයි. අන්තිම වශයෙන් සූදුවෙන් දැනමුතුකම් ලැබූ කිතවයා විසින්ම මෙම අදහස ඉදිරිපත් කරයි. ඉහත පද්‍යයෙන් කුඹුරු රැුකබලා ගනිමින් ජීවත් වීමට සූදුකාරයා ප‍්‍රතිඥාවක් දී ඇත.  වින්ටර්නීට්ස් පවසන්නේ ඍග්වේදයේ ගීත අතුරින් මෙම ගීතය අලංකාරතම පද්‍යය බවයි.
















04. සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය

ද්විතීයික මූලාශ‍්‍රය

කළුපහන, ඞී. ජේ. භාරතීය දර්ශන ඉතිහාදය, ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේනිතුව, ප‍්‍රථම මුද්‍රණය- 1970.

කෘෂ්ණන්, රාධා, ඉන්‍දීය දර්ශනය (01 කාණ්ඩය*, ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය-1970.

තිලකසිරි, ජේ. වෛදික සාහිත්‍යය, ප‍්‍රකාශනය- ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඞ්, කොළඹ-02, ප‍්‍රථම මුද්‍රණය- 1958.

පැට්රික්, නාරාවිල, ඍග්වේදගීතාවලී, ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, ප‍්‍රථම මුද්‍රණය-1997.

වින්ටර්නිට්ස්, එම්, ඉන්‍දීය සාහිත්‍ය ඉතිහාසය, සිං.පරි(01 කොටස* ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.

සේනානායක, ජී. එස්. බී. සංස්කෘත සාහිත්‍යය, ප‍්‍රකාශනය- සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, ප‍්‍රථම මුද්‍රණය- 1955.

සේනාධීර ගුණපාල, ඍග්වේද සමීක්‍ෂා, ප‍්‍ර‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයේ, ප‍්‍රථම මුද්‍රණය- 1992.

හෙට්ටි ආරච්චි, ඞී. ඊ. දඹදිව පැරණි සාහිත්‍යය, ප‍්‍රකාශනය- නව ලිපි පොත් සමාජය, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය-1946.
ෑබටකසිය ඍැෙැරුබජැ


Svami Satyaprakash Sarasavati,                       Rigveda Samhita, ^English Translation& vol º¸¸, Veda Patishtana, New Delhi, 1984.

X. Dasgupta  surendranath,                               A History of Indian Philosophy, vol ¸, Cambridge, University Press, 1922.