පුරා විද්‍යාවේ ඉතිහාසය
පුරා විද්‍යාවේ ඉතිහාසය දිනෙන් දින දියුණු වන වෘත්තීයකරණය වීම්වලින් එකක් වන අතර එමඟින් සමීක්ෂණයට ලක් කරනු ලබන ප්‍රදේශයේ හැකිතාක් දත්ත ලබා ගැනීම සඳහා දිනෙන් දින වැඩි වන තාක්ෂණික ක්‍රම පරාසයක් යොදා ගනී.
පුරාතන ස්මාරක කැනීම හා කෞතුක භාණ්ඩ එකතු කිරීම වසර දහස් ගණනක් පුරාවට පැවතී ඇති නමුත් ඒවා බොහෝ විට සිදු වී ඇත්තේ වටිනා දෑ එකතු කිරීමට හෝ සෞන්දර්යාත්මක වශයෙන් වැදගත් මානව කෘති ලබා ගැනීමටය.
එහි භෞතික අවශේෂ හරහා අතීතය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනය කිරීම ඇරඹුනේ 19 වන සියවසේ දීය. මෙහි සැලකිය යුතු මුල්කාලීන දියුණු වීමක් වූයේ 1829 දී පුරා විද්‍යාත්මක අනුරූපතා පිළිබඳ ආයතනයේ එඩ්වඩ් ජෙහාඩ් හා ඔහුගේ පිරිස විසින් රෝමයේ සිදු කළ සොයා ගැනීම්ය. පුරා විද්‍යාත්මක ක්‍රම ඒ සඳහා ආශාවක් ඇති ආධුනිකයන් විසින් හා වෘත්තීයමය පුරා විද්‍යාඥයින් විසින් දියුණු කළ අතර ඔවුන් අතරට ඕගස්ටස් පිට් රිවස් හා විලියම් ෆින්ඩර්ස් පෙට්‍රි ඇතුළත් වේ.
මෙම ක්‍රියාවලිය 20 වන සියවසේ දී මෝටයිමර් වීලර් වැනි පුද්ගලයන් විසින් අඛණ්ඩව සිදු කළ අතර ඔවුන්ගේ කැනීම් සඳහා වූ අතිශය ශික්ෂාකාමී ප්‍රවේශය ලබා ගත හැකි සාක්ෂිවල තත්වය වර්ධනය කරන ලදී.
20 සියවස අතරතුර දී නාගරික පුරා විද්‍යාවේ හා ඉන්පසු මුදා ගැනීමේ පුරා විද්‍යාවේ දියුණුවීම් පුරා විද්‍යාත්මක විද්‍යාවේ දියුණුවත් සමඟ වඩාත් වැදගත් සාධක බවට පත්විය. එමඟින් ලබා ගත හැකි දත්ත ප්‍රමාණය අතිශයින් වර්ධනය විය.
මෙහි තවත් අංශයක් වන පුරා විද්‍යාත්මක තාරකා විද්‍යාව පුරා විද්‍යාව ලෙස නොහඳුනන නමුත් එය සංස්කෘතිකමය සන්දර්භයක් පුරා පුරාතන හෝ සාම්ප්‍රදායික තාරකා විද්‍යාව පිළිබඳ අධ්‍යයන සමඟ ගණුදෙණු කරයි
පාෂාණීය ධාතූ විද්‍යාව යනු ශාක හා සත්ත්ව පොසිල පරීක්ෂා කිරීම හරහා පෘතුවිය මත ඇති ප්‍රාග් ඓතිහාසික ජීවි ආකාර පිළිබද අධ්‍යයනයයි. මෙයට වස්තු පොසිල, පථ, බෙන, ඉවත් කළ කොටස්, පොසිල ගත වුණු මල හා රසායනික අවශේෂ පිළිබද අධ්‍යයන ඇතුළත් වෙයි. ප්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයන්, ඔවුන්ගේ සංස්කෘතිය හා ඔවුන්ගේ හැසිරීම පිළිබද අධ්‍යයනය, පුරා විද්‍යාව හා පාෂාණීය ධාතු මනුෂ්‍ය විද්‍යාව යන විෂය පථයන්ට අයත් වෙයි
.ජීව විද්‍යාව
ජීව විද්‍යාව මගින් ජීවයෙහි ඇති විවිධත්වය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. (ඉහල සිට පහලට) E.coli, ශාක පර්නාංග, කූරංගයා, ගොලායත් කුරුමිනියෙක්
ජීව විද්‍යාව යනු ජීවය සහ ජීවීන් පිලිපඳව ඇති ස්වභාවික විද්‍යාවයි. මේ ජීව විද්‍යාව මගින් ජීවීන්ගේ ව්‍යුහය, කෘත්‍ය, වර්ධනය, සම්බවය, පරිනාමය සහ ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කරනු ලැබේ. එමගින් ජීවින් පිළිබඳව විග්‍රහ කරන අතර ඔවුන්ගේ කෘත්‍ය, ජීවින් ඇති වු ආකාරය සහ ස්වාභාවික පරිසරය සමග සහ එකිනෙකා අතර ඇතිවන අන්තර් ක්‍රියා පිළිබඳව හදාරනු ලැබේ. නූතන ජීව විද්‍යාවෙහි පදනම සෑදෙනුයේ එයට ආවේනික මූලධර්ම හතරකිනි. ඒවා නම් ලෛවාදය, පරිනාමය, ප්‍රවේනිය සහ සමස්ථිතියයි.
ජීව විද්‍යාව වෙනමම විද්‍යාවක් ලෙස සංවර්ධනය වුයේ 19 වන ශතවර්ෂයේ දී විදයාඥයන් විසින් ජීවීන් මූලික ලක්ෂණයන් හුවමාරු කරගන්නා බවට සොයා ගැනීමත් සමගය. ජීව විද්‍යාව මේ වන විට පාසල් වල සහ ලොව පුරා විශ්ව විද්‍යාල වල සම්මත විශයක් බවට පත්ව ඇත. ලොව පුරා වර්ෂිකව ජීව විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳව විවිධ පර්යේෂණ පත්‍රකා ප්‍රකාශයට පත්වේ.
බොහෝ ජීව විද්‍යාත්මක හැදැරීම් විශේෂණය වු උප කොටස් වේ. සම්ප්‍රදායිකව ඒවා හදාරනු ලබන ජීවි විශේෂය අනුව වර්ගී කරණය කරනු ලබයි. එනම් උද්භිද විද්‍යාවේදී ශාක පිළිබඳව ද සත්ත්ව විද්‍යාවේදී සතුන් පිළිබඳවද ක්ශුද්‍ර ජීව විද්‍යාවේදී ක්ශුද්‍ර ජීවීන් පිළිබඳව ද අධ්‍යයනය කරනු ලබයි. ජීව විද්‍යාව තුලද එහි ක්ෂේත්‍රයන් අධ්‍යයනය කරනු ලබන ජීවින් සහ ඒවා හැදැරීම සඳහා භාවිතා කරන ක්‍රමෝපායන් අනුව තවදුරටත් බෙදීම් වලට ලක්වේ. ජෛව රසායන විද්‍යාවේදී ජීවයෙහි මූලික රසාහයනය පිළිබඳවද, අනුක ජීව විද්‍යාවෙහිදී ජීවි අනු අතර ඇති සංකිර්ණ අන්තර් ක්‍රියා පිළිබඳවද, සෛල ජීව විද්‍යාවේදී සියළු ජීවීන්ගේ මූලික නිර්මාපක ඒකකය වන සෛලය පිළිබඳවද අධ්‍යයනය කරනු ලබයි. භෞත වේදය මගින් ජීවීන්ගේ භෞතික සහ රසායනික ක්‍රියාකාරීත්වයන් පිළිබඳවද පරිසර විද්‍යාව මගින් විවිධ ජීවීන් ඔවුන්ගේ බාහිර පරිසරය සමග අන්තර් ක්‍රියා සිදු කරන ආකාරය පිළිබඳවද හදාරනු ලැබේ.ජීව විද්‍යාව මගින් මිනිස් දේහයේ කුුියාකාරිත්වය පිළිබඳවද හදුනාගැනීමට හැක