UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: කල්හණ සහ ඔහුගේ රාජතරංගිණිය

Wednesday, June 28, 2017

කල්හණ සහ ඔහුගේ රාජතරංගිණිය



‘රාජතරංගිණිය’ යන නම කියූ සැනින්ම අපට ප‍්‍රස්තුත වන්නේ රජවරුන් පිළිබඳ තොරතුරු වාර්තාකරණයකි. රාජගරංගිණීකාරක කල්හණයන් විසින් මෙම ග‍්‍රන්‍ථය තුළින් කාශ්මීර රාජ්‍යය පෙළපත පිළිබඳ මනා කරුණු විමර්ශනයක යෙදෙයි. කල්හණයන් ඒ සඳහා ඔහුට පෙර රචකයන්ගේ කෘති, ජනප‍්‍රවාද ආදියෙහි ඇති වැදගත් කරුණු සහ තමා අත්දුටු තොරතුරු උපයෝගී කොට ගෙන ඇත. මෙම කෘතිය ඉතිහාස කාව්‍යය ගණයෙහි ශ්‍රේෂ්ඨ කෘතිය ලෙස ද අවිවාදයෙන් සැලකීමට ද හේතු වී ඇත්තේ මෙම ග‍්‍රන්‍ථයේ ඇති නිරවද්‍යය තාවයයි. එමෙන්ම රාජ වංශය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමට අමතරව ඊට සමගාමීව සමාජ ආර්ථික කරුණු පිළිබඳ ද කරුණු ඉදිරිපත් කොට ඇත. ඔහුට අප‍්‍රත්‍යක්‍ෂ සමහරක් කරුණු වාර්තාකිරීමේදී යම් ව්‍යාකූලත්‍වයක් පෙන්නුව ද එය තුළ වැදගත් ඓතිහාසික සටහන් ඉස්මතු කොට දක්වා ඇත.
මෙම රාජතරංගිණිය නිරීක්‍ෂණයෙන් කල්හණයන් ඓතිහාසික කරුණු ඍජුවම වාර්තා කරන වාර්තා කරුවෙකුට වඩා වෙනස් දෘෂ්ටියකින් අපට හඳුනා ගත හැක. එනම් මොහුගේ අසහාය කාව්‍යකරණ ශක්තිය ද මෙම ග‍්‍රන්‍ථය තුළ මොනවට විද්‍යමාන වේ. ඒ අනුව මෙම නිබන්ධනය ඔස්සේ කල්හණයන් පිළිබඳ සහ ඔහුගේ රාජතරංගිණී කෘතිය තුළින් හෙළිවන කාශ්මීර රජ පෙළපතෙහි ස්වරූපය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට අපේක්‍ෂා කෙරේ.  


සකු බසින් පොතපත කළ ශ්‍රේෂ්ඨතම ඉතිහාසකරුවෙකු වශයෙන් කල්හණ හැඳින්විය හැක. එපමනක් ද නොව ඔහු කාව්‍යකරණයේ ද හසල දැනුමක් ඇති ප‍්‍රාඳයෙකු වශයෙන් අපට හඳුනාගත හැක. මොහු කාශ්මීර ජාතිකයෙකු වශයෙන් චිරප‍්‍රසිද්ධය. කිතුවසින් දොළොස්වන සියවසෙහි දී ග‍්‍රත්‍ථ කරණයෙහි යෙදුණු මොහු හර්ෂ රජුගේ වැනීම හා සම්බන්ධ බ‍්‍රාහ්මණ රාජ්‍යයතාන්ත‍්‍රිකයෙකුගේ පුත‍්‍රයෙකි. ඔහුගේ පියා නමින් චම්පක ලෙස හඳුන්වයි. කල්හණ ද රාජ සේවයේ යෙදී සිටි තැනැත්තෙක් වූ අතර ශෛවභක්තිකයෙකු වූ නමුදු බුදුසමය කෙරෙහි ලැදිකමක් දැක්වූ බව පෙනේ. හර්ෂ රජුගේ මිය යාමත් සම`ග රාජ්‍යය සේවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ කල්හණ කාශ්මීර රජවරුන්ගේ සවිස්තර නාමාවලියක් සැකසීමට අදහස් කළේය. බිල්හණගේ කෘති කෙරෙහි විශේෂ අවධානයක් දැක්වූ ඔහු කාලිදාසගේ රඝුවංශය සහ මේඝ¥තයත්, බානගේ හර්ෂ චරිතයත් හොඳින් ඉගෙන ගත් බවක් ඔහුගේ රචනා ශෛලියෙන් පෙනී යයි. එසේම රාමායණ, මහාභාරත සහ වරාහ මිහිරගේ භෘහත්සංහිතා ද හෙතෙම නිතර නිතර සඳහන් කර ඇත.
මොහු  ඉතිහාසකරණයට මෙන්ම කාව්‍යය කරණයේ ද හසලයෙකු වශයෙන් සඳහන් කළ හැක. ශාන්තරසය ප‍්‍රධාන කොටගෙන, වෛදර්භී ශෛලියෙන් මහාකාව්‍යය ලක්‍ෂණවලට අනුකූලව ග‍්‍රන්‍ථ රචනා කළහ. හර්ෂ රජතුමාගේ බලපෑම මොහුට ලැබුණු බව මොහු අන්තදුඃඛාන්තවාදියෙකු වීම තුළින් පෙනී යයි.

‘‘ක්‍ෂණභඞගනිජන්තූනං ස ඵුරිතෙ පරිචින්තිතෙ
මූර්ධාභිෂෙකඃ ශාන්තස්‍ය රසාස්‍යත‍්‍ර විචාර්යතාම්’’

කල්හන අදහස් කළේ ඉතිහාස කාව්‍යයක් ලිවීමෙන් රජවරුන්ගේ හුදු ලෞකික මහාත්ම්‍යයක් හෝ ජීවන චරිතයක් පෙන්වීම නොව රාජශ‍්‍රීයෙහි ඇති ක්‍ෂණවෛපරීත්‍යයත්, මානුෂික භාග්‍යයෙහි පවත්නා අස්ථිරතාවය පෙන්වීමය. වාලිමිකී මෙන්ම හෙතෙමේ ද භාග්‍යවාදය ජීවිතයේ ඇති ගැටළුවලට එකම විසඳුම ලෙස සැලකීය. මොහු තම කාර්ය කිසිවිටෙක අමතක නොකළ බව ඔහුගේ මෙම කියමනෙන් පැහැදිළි වේ.

‘‘ශලාඝ්‍යස්ම්‍ය එව ගුණවාන් රාගද්වේෂ වහිෂ්කෘතා
භූතාර්ථ කථනෙ යස්‍ය ස්ථෙයස්‍යෙව සරස්වතී’’                                                                                                                                                                                      
තමාට පෙර විසූ ඉතිහාසඳයින් කිහිප දෙනෙක් පිළිබඳ සඳහන් කරන මොහු සුවෘත පිළිබඳ මෙසේ අදහස් කරයි. ඔහුගේ කෘති අනවගම්‍යය’යි ද ක්‍ෂේමෙන්ද්‍රගේ නෘපාවලිය වැරදිවලින් පිරුණු එකකැයි ද කියයි. එසේම නීලමුනිගේ නීලමත පුරාණය ද පද්ම මිහිර විසින් ලියන ලද ශ‍්‍රීජ්ජවිල්ලය ද හෙතෙම සඳහන් කරයි. මෙම කෘති සියල්ල විවේචනය කොට හෙතෙම රාජතරංගිනිය රචනාකොට ඇත. මෙහි කොටස් 08ක් දක්නට ලැබේ. පළමු කොටසින් ගොනන්ද වංශය පිළිබඳ ද, දෙවන කොටසින් අභිනව රාජවංශයක් පිළිබඳ ද, තුන්වන කොටසින් මෙඝ වාහන රජතුමාගේ ප‍්‍රධානත්‍වයෙන් ගොනන්ද වංශය පුනරුත්‍ථාපනය කළ අයරු ද, හතරවන කොටසේ කර්කොටක වංශයේ ආරම්භය සහ උත්පල රජතුමාගේ මුණුබුරෙකු වූ අවන්තිවර්මන් විසින් එය විනාශ කර දැමූ අයුරුත් විස්තර වේ. පස්වන කොටසින් උත්පල වංශය පිළිබඳ ද, හයවන කොටසින් ලොහර වංශය ද, හත්වන කොටසින් හර්ෂ රජුගේ මරණය ද, අටවන කොටසින් උච්චලගේ රාජ්‍යාභිෂේකයෙන් පසු අවුරුදු පනහක වෘත්තාන්තය ද කියැවේ. මෙහි අවසාන කොටස ශ්ලෝක 3449න් යුත් දිග කොටසකි. කවියා මෙහි ප‍්‍රථම කොටස් හත ගොදාවරියෙහි ශාඛා ගඞගා හතට උපමා කරයි.

‘‘ගොදාවරී සරිදිවොත්තුමුෙලෙස්තරංගෙර්
වක‍්‍රස්ඵුටං සපදි සප්තභිරා පතන්ති
ශ‍්‍රී කාන්තරාජවිපුලාභිජනාබ්ධිමධ්‍යං
විශ‍්‍රාන්තයෙ විශති රාජතරංගණීයම්’’

රාජතරංගිණිය රචනයෙහි ලා ඔහු කරට ගෙන ඇත්තේ භා¥ර කාර්යයෙකි. එය භූගෝලීය කරුණු හේතුවෙන් සියවස් ගණනක් මුළුල්ලේ විශේෂ වී පැවති විදේශිකයන්ගේ අවමානයට ලක් වූ දේශයක් වන කාශ්මීරය පිළිබඳ පුර්ණ ඉතිහාසයකි. පොතේ මුල හරියේ දී නීලමතපුරාණයේ බලපෑම පැහැදිළිව දැකිය හැක.
රාජතරංගිනිය නම් ලත් මෙම ග‍්‍රන්‍ථය රජවරුන්ගේ ප‍්‍රවාහය ඉතිහාසය යන නයින් විස්තර කරයි. 1148 වැනි ක‍්‍රි. වර්ෂයෙහි ආරම්භ කරන ලද මෙම කෘතිය ක‍්‍රි. ව. 1150 වැන්නෙහි නිමවී යැයි පිළිගැනේ. කාශ්මීර රජවරුන්ගේ ඉතිහාසයක් සකස් කිරීමේ දී ඔහු ඊට පෙර රචිත කෘතීන් කිහිපයකට නයගැති බව පවසයි. එමෙන්ම සමහර රචකයන්ගේ අඩුපාඩුකම් ද ඔහු ග‍්‍රන්‍ථාරම්භයේ දක්වයි. රාජ වංශය විස්තර කළ වැදගත් ග‍්‍රන්‍ථ එකොළසක් ද නීලමුණිගේ නීලමතපුරාණය ද ඔහු විසින් කියවා පරීක්‍ෂාකරණ ලදි. බ‍්‍රාහ්මණ පඩිවරයෙකු වූ හේලාරාජයන්ගේ පාර්ථිවාවලියෙහි සඳහන් රජවරු අටදෙනකු පද්මමිහිරයන් තම කෘතියට ඇතුළු කළ බැවින් කල්හණයෝ ද රාජතරංගිණියෙහි මුල් සර්ගවල විස්තර කරන පැරණි කාශ්මීර රජුන් පස්දෙනාගේ ගණයට ඔවුන් එක් කළ බව පැවැසේ. මේ සම්භාවනීය රාජ වංශයේ රජුන් පස්දෙනා අතර ගෝනන්ද, ලව, අභිමන්‍යූ, අශෝක ආදී රජවරුන් පිළිබඳ සඳහන්වී ඇත. පැරණි රජ්‍ය වංශයේ ඉතිහාසය සැකසීමේ දී විස්වාසදායක සාක්‍ෂි නොමැතිවීම නිසා කල්හණට ඉහත සඳහන්  ග‍්‍රන්‍ථ මෙන්ම ජනකතා, වාර්තා සහ මුඛපරම්පරාගත තොරතුරු ඇසුරු කරන්නට සිදුවිය. එම නිසා යම් යම් කරුණු ව්‍යාකූලත්‍වයක් ගත්ත ද කර්කෝට රාජ වංශයේ ආරම්භයේ සිට (ක‍්‍රි. ව. හත්වන සියවසේ සිට* තම කාලය වූ ක‍්‍රි. ව. දොළොස්වන සියවසේ ආරම්භය තෙක් (හර්ෂ රජුගේ මිය යාම තෙක්* කාශ්මීර රාජ පරම්පරාවල උන්නතිය සහ අවනතිය මැනවින් විස්කර කොට ඇත. තවද ග‍්‍රන්‍ථාවසානයේ එන උච්චල රජුගේ රාජ්‍යය සමයේ ජනතාවට සිදු වූ තාඩන පීඩන පිළිබඳ විස්තර වී ඇති හෙයින් එම තොරතුරු ඓතිහාසික වටිනාකම කියාපානු ඇත.
මොහු නිවැරදි ඓතිහාසික තොරතුරු තෝරාගැනීම සඳහා ශාසන, ප‍්‍රශස්ති පට්ට, ශාස්ත‍්‍ර රාජනියමයන් අඩංගු ලිපි, ස්ත්‍රෝත‍්‍ර, ධර්ම ශාස්ත‍්‍ර සහ නීති ශාස්ත‍්‍ර වැනි ශාස්ත‍්‍ර ග‍්‍රන්‍ථ පරිසීලනය කොට ඇත. මේ නිසා මොහුගේ ග‍්‍රන්‍ථයේ එන දේශ විස්තර, දේව මන්දිර, දේවායතන වැනුම් එකල ආගමික තතු සහ කලාත්මක දියුණුව ආදී කරුණු පිළිබඳ විවේචන විශේෂත්‍වයක් ගනු ලැබේ. ඒ අනුව කාශ්මීර ජනතාවගේ සිතුම් පැතුම්, ගතිගුණ, රජවරුන්, රාජසභා පාලන ක‍්‍රම, ස්ත‍්‍රීන් හා ඔවුනට සමාජයේ හිමි වූ තැන ආදී කරුණු රැුසක් මොහු විසින් තම ග‍්‍රන්‍ථයේ දී විවේචනය කොට දක්වන්නේ ඉතා අපක්‍ෂපාතීවය.
පාලන තන්ත‍්‍රය හා  පාලනය පිළිබඳ කල්හණගේ තොරතෙුරු ද ඉතා වැදගත් වේ. වෛදික යුගයෙහි පැවැති රජුන් තෝරාපත් කරගැනීමේ ක‍්‍රමවේදය වීර කාව්‍යයන්ගේ කාලයෙහි වෙනස් වූ නමුදු  ඊට අනුකූලව කාශ්මීරයේ රජවරුන් තෝරාපත්කර ගත්හ. ඒ බව මොහුගේ ග‍්‍රන්‍ථය තුළින් හෙළිදරව් වේ. කාශ්මීර රජවරුන් සමහර උසස් නිළධාරීන් සහ පාලක පක්‍ෂය විසින් මෙහෙයවනු ලැබූ සැටි සටහන් කරන කල්හණයෝ ‘‘ඒ රජවරු අහිකුණ්ඨිකයන් විසින් නටවන ලද සර්පයන් මෙන් වස`ග වූහ’’  යි පවසත්. එමෙන්ම බමුණන්ගේ විවිධ ක‍්‍රියාකාරකම් පිළිබඳ ද සඳහන් වන අතර රජවරුන්  විසින් බෞද්ධ ස්ථූප හා විහාර ද සූය්‍ය– දෙවියන්ට පිදීම පිණිස දේවාල ද තැනූ අයුරු මෙම ග‍්‍රන්‍ථයේ සඳහන් වේ. ජයස්වාමීන් හා මාර්තණ්ඩ නම් සූය්‍ය– දේවාල එකල කාශ්මීරයේ ඉතා ප‍්‍රසිද්ධ දේවාලය. ඇතැම් රජවරුන් ආගමික භක්තියට විරුද්ධව කටයුතු කළහ. ඒ බැව් දෙවොත්්පාටනනායකම් හෙවත් දේවපිළිම ඉදිරීම පිළිබඳ නිලධාරියා නම් තැනැත්තෙක් විශේෂයෙන් පත්කිරීම තුළින් පැහැදිළි වේ.
සමාජ තොරතුරු පිළිබඳ ද රාජ තරංගිණියෙහි සඳහන් වේ. විශේෂයෙන් එකල ජනතාව තුළ පැවැති දීන බව ග‍්‍රන්‍ථාගත කරුණු ම`ගින් නිරීක්‍ෂණය කළ හැක. රදල ක‍්‍රමය සමාජයේ පැවැත්ම තහවුරු කළ අතර සමාජ අයථා ක‍්‍රම බහුලව විද්‍යමාන විය. රජවරුන් සහ රදලයන් අතර පැවැති සටන් නිසා පීඩා විඳිමින් සිටි ජනතාවට නිලධාරීන්ගේ බලයට ද අයථා මුදල් පැහැරගැනීම් වලට ද මුහුණ දීමට ද සිදු විය. ලලිතාදිත්‍ය වැනි රාජ්‍ය කාලවලදී ජනතාව වහල් භාවයට සමාන දීන බවක් උරුම කරගෙන සිටි අයුරු පහත පාඨයෙන් පැහැදිළි වේ.
‘‘වර්ෂයකට පමණක් සෑහෙන තරම් ආහාර ද කෙත් වතුවල ප‍්‍රමාණයට සෑහෙන තරම් ගොනුන් ද ගම් වවැසියන්ට ලැබෙන පරිදි කටයුතු සැලැස්විය යුතුයි. ඔවුන්ට ප‍්‍රමාණයට වඩා එවැනි පහසුකම් සැලැස්විණි නම් ඔවුන් අවුරුද්දක් ඇතුළත රජතුමාගේ අණසක ඉක්ම වීමට සමත් ක‍්‍රෑර (ඩාමරයන්* රදලයන් වනු නිසැකය’’  
ලලාදිත්‍යයගේ පාලන තන්ත‍්‍රය චාණක්‍ය නීතිය අනුව සකස් වූවකි. මැති ඇමැතිවරුන් රසට පිළියෙළ කළ මාංශ වර්ග අනුභවය සහ ශීතල කරන ලද මධු වර්ග පානය කළ අතර සාමාන්‍ය ජනතාව ධාන්‍ය ආහාරයෙන් යැපුණි. රාජ්‍ය බලයට සහ ඇමති පදවි වලට පත්වීම සඳහා කුල භේදයේ බලපෑම තීරණාත්මක සාධකයක් නොවුණි. ස්ත‍්‍රීන්ගේ තත්ත්‍වය ද වෛදික යුගයේ මෙන් ඉතා උසස් තත්ත්‍වයක පැවැතුණි. රජතුමා අභිෂේක කරන විට අග බිසිව ද අභිෂේක කළ අයුරු මෙම ග‍්‍රන්‍ථාගත කරුණු තුළින් පැහැදිළි වේ. පහත් කුලවල අය උසස් කුලවල අය සමග ද විවහා වූ බව සඳහන් වේ. ස්ත‍්‍රීන් ස්වතන්ත‍්‍රව තම අයිතිවාසිකම් ලබාගත් යුගයක් ලෙස මෙම කාලය සඳහන් කළ හැකි අතර ඔවුනට බුද්ධාගමේ බලපෑම නිසා මෙම වරප‍්‍රසාද ලැබුණු බව සිතිය හැක.
ඒ අනුව කල්හණයන් විසින් තම ග‍්‍රන්‍ථය තුළින් නිර්ධන පංතියේ නොයෙකුත් පැතිකඩ විෂයෙහි සානුකම්පිත දෘෂ්ටියක් යොමු කොට ඇති අතර එකල පැවැති වහල් වෙළදාම, ම්ලේච්ඡුයන්ට මිනිසුන් විකිනීම ආදී ක‍්‍රියා විවේචනය කොට ඇත. කල්හණ රාජතරංගණිය අවසන් කරන්නේ ජයසිංහ නමැති රජතුමාගෙනි. ඔහු සුස්සලගේ පුතාය. මොහුගේ රාජ්‍යය කාලයේදී කල්හණ මිය යන්නට ඇතැයි සැලකේ.

රාජතරංගිණියෙන් හෙළිවෙන කාශ්මීර රජ පෙළපත

රජ පෙළපතක් ලෙස අපට හැඳින්විය හැක්කේ විශාල රජ්‍ය වංශයකට අයත් රජවරුන් පිරිසකි. ඒ අනුව රාජ තරංගිණියෙහි විශාල රාජ්‍ය වංශයක් පිළිබඳ වර්ණණයට බඳුන් වේ. එහිදී ඔවුන් අතර ප‍්‍රධානම රජු ලෙස හෙවත් පළමු රජු ලෙස ගෝනන්ද රජු පිළිබඳ තොරතුරු ඉදිරිපත් වේ. ඉන් අනතුරුව පළමු දාමෝදර, යසෝවති, දෙවන ගෝනන්ද යන රජවරු පිළිබඳ විස්තර වර්ණණාවක් ඇතුළත්ය. මින් පසු රජවරු තිස්පස් දෙනෙකුගේ තොරතුරු පිළිබඳ සඳහන් නොවීම විශේෂත්‍වයක් ගනී. ලව, කුශේෂ්‍ය, ඛාගේන්ද්‍ර, සුරේන්ද්‍ර, ගෝධාර, සුවර්ණ, ජනක, ශචීනර, අශෝක, ජලෝක,  දෙවන දාමෝදර, හුශ්ක, ජුශ්ක සහ කණිෂ්ක, අභිමන්‍යු, තුන්වන ගෝනන්ද, පළමු විභීෂණ, ඉන්ද්‍රජිත රාවණ,  දෙවන විභීෂණ, නර, සිධ, උත්පාලක්ෂ, හිරණ්‍යක්‍ෂ, හිරණ්‍යකුල, මුකුල, මිහිරකුල, වක, ක්‍ෂිතිනන්ද, වසුනන්ද, දෙවන නර, අක්‍ෂ, ගෝපාදිත්‍ය, ගෝකර්ණ, නරෙන්ද්‍රදිත්‍ය, ඛින්ඛිල, යුධිෂ්ඨිර, පළමු ප‍්‍රතාපාදිත්‍ය, ජලෞක, පළමු තුංග්ජින, විජය, ජයෙන්ද්‍ර, සන්දීමති, මේඝවාහන, ශ්‍රේෂ්ඨසේන, හිරණ්‍ය, මාත‍්‍රීගුප්ත, දෙවන ප‍්‍රවරසේන, යුධිෂ්ඨිර, නරෙන්ද්‍රදිත්‍ය, රණදිත්‍ය, වික‍්‍රමාදිත්‍ය, බාලාදිත්‍ය, දුර්ලබවර්ධන.........ආදී රජවරු රැුසක් පිළිබඳ තොරතුරු වාර්තා වේ. එමෙන්ම මෙම රජවරු පිළිබඳ තොරතුරු විශ්වාසදායක සහ පිළිගත හැකි මට්ටමින් පළවී තිබීම නිසා ඓතිහාසික තොරතුරු ගවේෂණයෙහිලා එය මහත් රුකුලක් වී ඇත.
කලියුගයේ ආරම්භයත් සම`ග පළමු වන ගෝනන්ද නම් ශක්තිමත් රජ කෙනකුගේ පාලනය පිළිබඳ සඳහන් වේ.

‘‘ස නරේන්ද්‍ර ශ‍්‍රියා සාර්ධං - ලබ්ධවාන්බාලභූපතිඃ
නාම ගෝනන්ද ඉත්‍යෙවං - නප්තා පෛතාමහං ක‍්‍රමාත්’’

ඒ අනුව මෙම රජු බාල කාලයේම කාශ්මීරයේ රාජ්‍යයත්‍වයට පත් වූ බව සඳහන් වේ. මෙම රජු යුධිෂ්ඨිර හා ඔහුගේ මිතුරකුගේ සතුරා වූ ජරසින්දු හා සමකාලිකයෙකු ලෙස හැඳින්විය හැක. කයිලාසයෙන් ගලාබසින ගංගාවන්ගෙන් පෝෂණය වූ කාශ්මීරයේ පාලකයා වූ ගොනන්්දට ක‍්‍රිෂ්ණගේ අගනගරය වූ මාතුරාව ආක‍්‍රමනය කරීමට ජරසින්දු විසින් ආරාධනා කරනු ලැබුහ. විශාල හමුදා පිරිසක් සම`ග ඔවුන් එම නගරය ආක‍්‍රමණය කොට යමුනා ඉවුරේ තම සතුරන් සිටින දෙසට මුහුණලා කඳවුරු බැඳ ගත්හ. ඔවුන් එක් අවස්ථාවක පමණක් ක‍්‍රිෂ්ණගේ හමුදාව පරාජයට පත් කළහ. නමුත් බලරාම ඔවුන්ගේ හමුදාව මුදවා ගත්තා පමණක් නොව ඔවුන් ශක්තිමත් ප‍්‍රාහාරයක් එල්ල කලහ. මොවුන්ගේ ජයග‍්‍රහණය ගෝනන්ද සිටින තෙක් රැුඳී පැවැතුණු අතර ගෝනන්දගේ මරණයෙන් පසු ක‍්‍රිෂ්ණයන්ට ජයග‍්‍රහණය හිමි විය.  
ගෝනන්දගේ මරණින් පසු කාශ්මීරයේ රජකමට පත්වූයේ පළමුවන දාමෝදරය. මොහුට කාශ්මීරයේ ලස්සනම රාජධානිය හිමිව තිබූ නමුත් ඔහුගේ සතුට බොහෝ දුර ඈත විය. ඔහු නිර්භීතයෙකු වුවත් තම පියාගේ මරණය පිළිබඳ සිතන්නට විය. ඒ අනුව සෝකයෙන් යුක්තව සිටි දාමෝදර රජු කාශ්මීරයේ රජ වූ බව පහත ශ්ලෝකයෙන් අපට පැහැදිළි කළ හැක.

‘‘අථාශෝකකුලෝත්පන්නෝ - යද්වාන්‍යාභිජනෝද්භවඃ
භූමිං දාමෝදරෝ නාම - ජුගෝප ජගතීපතිඃ’’

මේ අතරතුර ඉන්‍දු නදී තීරයේ විවහා උත්සවයකට ක‍්‍රිෂ්ණට සහ ඔහුගේ පවුලේ අයට සහභාගී වීමට සිදුව ඇති බව දාමෝදරට දැනගන්නට ලැබින. ගන්ධාරයන් විසින් ආරාධනා කළ මෙම විවහා උත්සවය ඔවුන්ගේ ¥වරු තිදෙනෙකුගේ සරණපාවාගැනීමක් විය. මෙම විවහා උත්සවය මනමාලයන්ව මනමාලියන් විසින් තෝරාගනු ලැබූ එකක් වූ අතර මෙම අවස්ථාවේ  විශාල අස්ව සහ පාබල සේනාවක් රැුගෙන පැමිණි දාමෝදර එම විවහා උත්සවය විනාශ කොට දැමූහ. මෙම යුද්ධයේදී විශාල ගන්ධාරයන් පිරිසක් මරණයට පත්වූ බව සඳහන් වේ. නමුත් දාමෝදර රජුගේ පපුව ක‍්‍රිෂ්ණගේ චක‍්‍රායුධයෙන් පැලී ඔහු මරණයට පත්වූ බව සඳහන් වේ.
යසවතීගේ පුත‍්‍රයා වූ ගෝනන්දයන්ගෙන් පසු රජවරු තිස්පස් දෙනකුගේ තොරතුරු අමතක වීම නිසා සටහන් කොට නැත. මෙම රජවරු පිරිස ආගම් විරෝධී වූ නිසා ජනතාවට සහ ලේකකයන්ට ඔවුන් පිළිබඳ තොරතුරු අමතක වන්නට ඇත.
රජවරු තිස්පස් දෙනකු පිළිබඳ තොරතුරු සඳහන් නොවන අතර මීල`ග රජු ලෙස තොරතුරු සඳහන් වන්නේ ලව රජතුමා පිළිබඳය. ඔහු රාජ්‍යය බලය පතුරුවමින් රාජ්‍ය ශ‍්‍රීය ඉතා ප‍්‍රීතියෙන් සැමරූ බව පැවැසේ.

‘‘අථාභවත් ලවෝ නාම - භූපාලෝ භූමිභූෂණම්
වෙල්ලඪසෝදුකූලායාඃ - ප‍්‍රීති පාත‍්‍රං ජයශ‍්‍රියඃ’’

 ලව රජතුමාට විශාල යුධ ශක්තියක් පැවැති බව සඳහන් වේ. එමෙන්ම මෙම යුධ ශක්තිය හේතුවෙන්ම අසල්වැසි රාජ්‍යයන් සම`ග නිරන්තර යුධවලට මැඳිහත් වූ බව සඳහන් වේ. මොහුගේ හමුදාව ඉතා ප‍්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව සඳහන් වේ. ලව රජුගේ හමුදාව මිනිසුන් නිදි වර්ජිත කර වූ අතර සතුරන් සදාකාලික නින්දට යැවූ බවත් සඳහන් වේ. ඒ බව පහත ශ්ලෝකයෙන් තවදුරටත් පැහැදිළි කළ හැක.

‘‘යස්‍ය සේනානිනාදේන - ජගදෞන්නිග‍්‍රදායිනා
නින්යිරේ වෛරිණශ්චෛත‍්‍රං - දීර්ඝනිද්‍රාවිධේයතාම්’’

 ඔහු විසින් ලොලෝරා නම් වූ 84 ලක්‍ෂයක් ගල්වලින් යුත් නිවාස සැ¥ බව සඳහන් වේ. මීට වඩා තොරතුරු ඔහු පිළිබඳ සඳහන් නොවන අතර ලේදාරියේ ලෙවාර නම් ග‍්‍රාමය බ‍්‍රාහ්මණයන්ට ප‍්‍රධානය කළ බව සඳහන් වේ.
මෙතැන් පටන් රජවරු කිහිප දෙනකුගේ තොරතුරු ඉතා කෙටියෙන් දක්වා ඇත. ලවගේ පුත් කුෂේස්‍ය බලවත් රජෙකු වූ අතර ඔහු විසින් කුරුහරන නම් ගම බමුණන්ට ප‍්‍රධානය කළ බව සඳහන් වේ. ඔහුගේ පුත් ඛාගේන්ද්‍ර ඉවසිලිවන්ත සහ නිර්භීත රජෙක් ලෙස දක්වා ඇත. ඔහු තමාගේ සතුරු වූ නාගයන් විශාල පිරිසක් විනාශ කළ බව සඳහන් වේ. ඛාගිකුණ සහ මුස යන ගම් මොහු විසින් සොයාගත් බව සඳහන් වේ. එමෙන්ම සුරේන්ද්‍ර, ගොධර, සුවර්ණ, ජනක, සවිගරාදී රජවරුන්ගේ තොරතුරු ඉතා කෙටියෙන් විස්තර වේ.
සකුණගේ පුත‍්‍ර වූ අශෝක පිළිබඳ තොරතුරු  මීල`ගට දැක්විය හැක. මොහු සවිගරගේ පළමුු මස්සිනා වන අතර ඔහු සත්‍යවාදී සහ  නාස්තිකාර නොවූ රජෙකු ලෙස හැඳින්විය හැක.

‘‘යඃ ශාන්තවෘජිනෝ රාජා - ප‍්‍රපන්නෝ ජිනශාසනම්
ශුෂ්කලේත‍්‍රවිතස්තාත්‍රෞ - තස්තාර ස්තූපමණ්ඪෙලෙඃ’’

මෙම ශ්ලෝකය අනුව මොහු බෞද්ධයෙකු ලෙස සැලකීමට හැකියාව ඇත. මොහු සුෂ්කලත‍්‍රයේ විථස්ථ නම් ගල් තලාව මුල විශාල ස්ථූප සංඛ්‍යාවක් ඇති කිරීමට කටයුතු කළහ. ඔහු වළාකුළු ස්පර්ශ කරන ස්තූපයන් ගොඩ නැ`ගූ බව මෙම ශ්ලෝකය අනුව අපට පැහැදිළි වේ. ඔහුගේ පන්සල වූ ශ‍්‍රීවිජයෙෂයේ ගරා වැටුණු බැම්ම කඩාදමා ඒ වෙනුවට නව බැම්මක් ඉදිකළ බව සඳහන් වේ. එමෙන්ම මිදුලේ අශෝක සහ ඊෂ්වර යන දෙවියන්ට ස්තූප දෙකක් ගොඩ නැගූ බව සඳහන් වේ. එයින් අදහස් වන්නේ ම්ලේච්චයන් රටේ පැතිර ගිය බව සඳහන් වේ. ඔහු අප‍්‍රසිද්ධියේ විශ‍්‍රාම ගොස් ඔහුගේ දිවිය බැතිමතෙකු ලෙස අවසන් කළහ. ඒබ ව පහත ශ්ලෝකයෙන් තව දුරටත් ප‍්‍රස්තුත වේ.

‘‘ ම්ලේච්ෙඡෙඃ සංච්ඡුාදිතේ දේශේ - ස තදුච්ýත්තයේ නෘපඃ
තපස්සංතෝසිතාල්ලේභේ - භූතේශාත්සුකෘතී සුතම්’’

මේඝ වාහනගේ පුත‍්‍ර වූ ශ්‍රේෂ්ඨසේනයන් මිල`ගට රජ පදවිප‍්‍රාප්ත විය. ඔහු ප‍්‍රවරසේන මෙන්ම   ඔමබටවසබ් යනුවෙන් ද හැඳින්වේ.  ඔහු මතිචක‍්‍ර සහ ප‍්‍රවරේෂ්වර පිළිරූ පිහිටවනු ලැබීය. එමෙන්ම පැරණි පිළිරූ පැරණි ස්ථානවල පිහිටුවීය. මෙම රජු සියලූ ලෝකයා තමන්ට යටත් බව සිතීය. ඔහුගේ කැපවීම මත ප‍්‍රවරේෂ්වර දෙවියන්ට ත‍්‍රිගර්ට්ට නම් දෙවොලක් ඉදිකොට ඇත. ඔහු අනෙක් රජවරුන්ට වඩා වසර තිහක් පමණ සාමකාමීව රජ්‍යය පාලනය කළ බව සඳහන් වේ. ඔහු නිතරම ඔහුගේ රන් කඩුව භාවිත කරන්නට විය.
රණාදිත්‍යගේ පුත් වික‍්‍රමාදිත්‍ය  සාර්ථක රජෙක් වශයෙන් හැඳින්විය හැක. බලවත් රජෙකු වූ මොහු ශිව නමින් ද හඳුන්වනු ලැබුහ. බ‍්‍රහ්මණ සහ ගලූන නමින් මෙම රජුට ඇමතිවරු දෙදෙනෙක්  වූහ. මොහු විසින් බ‍්‍රහ්ම මාතා නමින් ආශ‍්‍රමයක් මුලින්ම ගොඩ න`ගයි. පසුව එය ඔහුගේ බිරිඳ වූ රත්නාවලීට විහාරයක් ගොඩ නැ`ගීමට ද හේතුවක් විය. කාශ්මීර රාජධානිය අවුරුදු හතරක් මොහු විසින් පාලනය කරනු ලබයි.
රණාදිත්‍යගෙන් පසු ඔහුව ශක්තිමත් කරනු ලැබුවේ ඔහුගේ පුත් බලදිත්‍ය විසිනි. බලදිත්‍ය සතුරන්ව යටත් කරගත් අතර ඔහුගේ බලය ඔහුගේ සතුරන් සිව්දෙනකුගේ බිරින්දෑවරුන්ට වැලපීමට කාරණයක් විය. ඔහුගේ ජයග‍්‍රහණයේ කුළුණු තවමත් උතුරු මුහුද අසල දැකිය හැක. ඔහු බන්කලාව (ඊ්බටන්ක්* ජයගෙන එහි කලමව්‍ය නම් නගරය තම වාසස්ථානය සඳහා කාශ්මීරයේ ගොඩනැ`ගූ බව සඳහන් වේ. එමෙන්ම කාශ්මීරයේ මාධව දිස්ත‍්‍රික්කයේ ඔහු ඊයැා්ර් නමින් බ‍්‍රාහ්මණයන්ට පදිංචිය සඳහා ග‍්‍රාමයක් කරවූ බව සඳහන් වේ. ඔහුගේ ප‍්‍රියඹරම දේවිය වූ ඪසපඩ් ශිව සඳහා ඪසප ඪැියඩ්ර් නමින් සතුන් ඇතුල් වීම වැලැක්වීම සඳහා දෙවොලක් සකසන ලදි. ඔහුගේ ඇමතිවරු වූ ණයමරට් ීය්එරමටයබ් සහ ඵ්ක්අ් යන සොහොයුරන් දෙවියන් වෙනුවෙන් දෙවොලක් ඉදිකරනු ලැබූ අතර පාලමක් ද ඉදිකරනු ලැබීය. ඔහුට ්බ්බටට්කැන් නමින් දියණියක් සිටි අතර ඇය දැකීමෙන් අනාවැකි කරුවන් ඇය නිසා ඇගේ බෑනා රජවන බව ප‍්‍රකාශ කළහ. එසේම ඔහුගේ රජ පරපුර අවසන් වන බව ද පැවැසීය. මෙම අනංගලේඛා සම්බන්ධ පෙම් කථාවෙහි බුද්ධ ධර්මය අනුව ක‍්‍රියා කළ සැමියාගෙන් තමන්ට ලැබුණු දයානුකම්පාව ගැන කල්හණයන් සඳහන් කරන්නේ මෙසේය.

‘‘ක්ෂමාවාඤ් ශික්‍ෂිතොපෙක්‍ෂො - මෛත‍්‍රීස්ෙථෙර්යෙ මුදං භජන්
නාගාඃ සාගස්‍යපි දධෙ - බෝධිසත්ව ඉව ක‍්‍රැධම්’’

කල්හණගේ සිත බුද්ධ ධර්ය කෙරෙහි කෙතරම් ඇදී ගියේ ද යන්නට මෙය හොඳම නිදසුනකි. එමෙන්ම පැරණි ඒකපත්නී විවහාය කෙතරම් අගනේ ද යන්න පිළිබඳ මෙහිදී  විස්තර කොට ඇත.
ජයපීඩගෙන් පසුව ඔහුගේ පුත් ලලිතජර රජකමට පත්වීය. ඔහුගේ මෑණියන් විසින් මොහු පත්කරන ලදි. ලලිතජර ඉතා කාමුක චරිතයක් වූ අතර රාජ්‍යය පාලනයට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එමෙන්ම ගණිකා වෘත්තිය කෙරෙහි නැඹුරු වීමක් දැක්වූ අතර වැරදි ජීවන ක‍්‍රම බොහෝ සෙයින් භාවිත කළහ. අයතා අයුරින් ගත් තම පියාගේ ධනය ද නාට්‍ය සහ වෙනත් විවිධ ක‍්‍රියාකාරකම් විෂයෙහි යෙදවූහ. අවිචාරවත් මිනිසුන් ගණිකාවන්ගේ මිතුරන් ලෙස රජ වාසලට ඇතුළු වීමට අවස්ථාව සලසා ගත්හ. එසේ පැමිණි අවිචාරවත් මිනිසුන් වෙතින් ප‍්‍රසිද්ධ ගැහැණුන්ගෙන් සතුටු වීමේ කලාව රජු අධ්‍යනය කළහ. රජතුමා ඔහුගේ රාජකීය ඔටුන්න, රාජකීය ආභරණ මුදා ගැහැණුන් සම`ග විනෝදාස්වාදයේ යෙදෙන්නට වූහ. උගත්, දක්‍ෂ පිරිසක් වෙනුවට විහිළු කරීමේ හැකියාව ඇති, එමෙන්ම කතාකීමේ දක්‍ෂ කාන්තාවන් ඔහුගේ පූර්වාදර්ශය විය. ඔහුගේ මෙම කාමුකත්‍වය නිසා ඔහු තම පියා නපුංසකයෙකු ලෙස හැඳින්වීය. මොහු විසින් කාන්තාවන් ආශ‍්‍රයට යාමේදී ඒවා නැවතීමට කිසිවෙකුටත් හැකියාවක් නොවීය. ඔහු කාන්තාවන් තාවකාලික මිතුරන් ලෙස සලකන්නට විය. එමෙන්ම කාන්තාවන්ට බොහෝ සෙයින් සමීප වූ අතර තම පරම්පරාවේ ආරම්භකයන්ට ස්ත‍්‍රීන් සම`ග විනෝදවීමට නොහැකි වූ බව පවසමින් ඔවුන් අවඥාවට ලක්කලහ. එමෙන්ම මොහු තමා වෙත පැමිණෙන වැඩිහිටි ජනතාව ම`ගහැරීය. බොහෝ සෙයින් කාමුක වීමෙන් වැඩිහිටි ජනතාවගේ සිතුම් පැතුම් සහ සදුපදේශයන් නිරන්තරයෙන් ම`ග හැරීය. එමෙන්ම රාජ සභාවට තම ගණිකාවන් පැමිණ වූ අතර තම රාජ සභාවේ ඇමතිවරුනට ගණිකාවන්ගේ පාසලකුණු සහිත ඇඳුම් ඇන්දවූහ. එයින් ඔවුන් විහිළුවට අවමානයට ලක්කරන්නට පෙළඹිණ. මොහුගේ රාජ සභාවේ සිටි ඵදබදර්එය් නම් ඇමතිවරයා රජු යහපත් මාර්ගයට ගැනීමට තැත් කළ ද එය සාර්ථක නොවීය. එම හේතුවෙන් මෙම ඇමතිවරයා රාජ සභාවෙන් ඉවත් වූ බව සඳහන් වේ. මොහු විසින් කළ සියලූ පාප ක‍්‍රියාවලින් ඔහුට මිඳීමක් නොවූ බව සඳහන් වේ. එමෙන්ම මෙම  රජු විසින් බමුණන්ගෙන් ස්වර්ණපර්ශ, ෆාලාපුර සහ ලෝචනෝට්සය යන ස්ථාන නැවත පවරා ගත්හ. මොහු විසින් වසර දොළසක් රජකම් කළ බව සඳහන් වේ.
කුරිරු සහ දරුණු ඔ්ර්චසා් ඔහුගේ සහෝදරයා ඝාතනය කොට රජ විය. ඔහුගේ රාජ්‍යයේ පළමු කටයුත්ත වූයේ ඔහුගේ සතුරන් කුරිරු ලෙස ඝාතනය කොට පරාජය කිරීමය. ඔහුගේ සමෘද්ධිය වූයේ නැවත නැවත සම්පත් වලට අශාකිරීමය. දෙවියන් පිළිබඳ ඊර්ෂියාවෙන් පසුවූහ. බ‍්‍රාහ්මණයන්ගේ වැරදිවලට ද`ඩුවම් කිරීමකින් තොරව සිටි අතර එම තත්වය නිසා ඔවුනට අවශ්‍ය කටයුතු කිරීමේ නිදහසක් පැවතිනි. ඔහු වසර හතරකුත් දින විසි හතරක් රජකම් කළහ. බමුණන් විසින් ව්‍යාජයෙන් ඔහු රජකමින් ඉවත් කිරීමට කටයුතු කළහ.
ඒ අනුව මෙම ග‍්‍රන්‍ථය පුරාවටම කාශ්මීර රාජ්‍යය වංශය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැුසක් විද්‍යමාන වේ. විශේෂයෙන් එම තොරතුරු අධ්‍යයනය කිරීමේදී කාශ්මීර රාජ්‍ය පිහිටීම ආදී කරුණු රැුසක් පිළිබඳ අවබෝධය අපට ලබාගත හැක.







සමාලෝචනය


කල්හණයන් විසින් රචිත රාජතරංගිණිය තුළින් කාශ්මීර රජ පෙළපත පිළිබඳ ඉදිරිපත්ව ඇති කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡුාවට බඳුන්වී ඇත. ඒ අනුව කල්හණ කවියා පිළිබඳ සහ රාජ තරංගිණිය පිළිබඳ කෙටි විස්තරයක් ප‍්‍රථමව සඳහන් වේ. එයින් කල්හණ කවියා කෙබඳු ස්වරූපයෙන් රාජතරංගිණිය නිර්මාණය කොට ඇති ද යන්න පිළිබඳ විස්තර වේ. කාශ්මීරයෙහි රාජ්‍යය තන්ත‍්‍රයේ ස්වභාවය, සමාජ ආර්ථික කරුණු ආදී ඉස්තරයන් පිළිබඳ මෙහිදී මූලික හැඳින්වීමක් දැකිය හැක. එමෙන්ම කාශ්මීර රාජ්‍යය පෙළපතෙහි ¥රදර්ශී රජුන් සහ අ¥රදර්ශී රජුන් පිළිබඳ ද කරුණු විස්තර වේ. ඒ අනුව කාශ්මීරයෙහි එක් යුගයක ඓතිහාසික කරුණුවල සංක්‍ෂිප්තයක් මෙම නිබන්ධනය තුළ දී සංග‍්‍රහ කොට ඇත.












ඇසුරු කළ පොතපත
ඬේවිඞ්, කරුණාරත්න, සෝමදෙවයන්ගේ කථා සරිත් සාගරය, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය- 1958.

තිලකසිරි, ජයදේව, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, ගොඩගේ පොත් මැදුර, කොළඹ- 10, ප‍්‍රථම මුද්‍රණය- 1961.

බෙරීඬේල්  කීත්, ඒ, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, රාජ්‍ය භාෂා දේපාර්තමේන්තු ප‍්‍රකාශනයකි. ප‍්‍රථම මුද්‍රණය- 1964.

බෙරීඬේල්  කීත්, ඒ, සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය, ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය- 1955.

සේනානායක, කොලට්,
කරුණාතිලක, නාරද, යේසුස් නම් බුද්ධ ශ‍්‍රාවකයාණෝ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 2000.

සේනානායක, ජී. එස්. බී. සංස්කෘත සාහිත්‍යය, එම්. ඞී. ගුණසේන සහ සමාගම. ප‍්‍රථම මුද්‍රණය- 1955.

ඊැරරසැා්කැ ණැසඑයල ් ්‍යසිඑදරහ දෙ ී්බිනරසඑ ඛසඑැර්එමරුල ඵදඑසක්ක ඊ්බ්ර්ිසා්ිිි ඡුමඉකසියැරි චගඛසපසඑැාල ෘැකයසල 1993ග

න්‍දටැිය ක්‍යමබාමර ාමඑඑල ණසබටි දෙ ණāියපබ්ර්ල ක්‍ග ඊදිැ * ජදග ීඒබයදචැ චරුිිග ක්‍මකජමඑඒල 1879ග

ඵග්ග ීඑැසබල ණ්කය්බ්’ි ඍāව්ඒර්බටසබබ් දර ක්‍යදරදබසජකැ දෙ එයැ නසබටි දෙ ණ්ියපසරල ඩදකග 1ල ෘැකයසල 1892ග

ඪසියඩ් ඊ්බාමල ඍ්ව්ඒර්බටසබස දෙ ණ්කය්බ්ල ඪසියඩැියඩ්ර්බ්බා ඪැාසජ ඍැ්ිැ්රජය සබිඑසඑමඑැල ්‍යදියස්රචමරල 1963ග