UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: වේද සාහිත්‍යය යනු කුමක් ද?

Sunday, June 25, 2017

වේද සාහිත්‍යය යනු කුමක් ද?


ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානයක ඉන්‍දීය සාහිත්‍යය විරාජමාණ වේ. ඉන්‍දීය සාහිත්‍යයයේ පැරණිතම ස්ථානයට හිමිකම් කියනුයේ වේද සාහිත්‍යයයි. වේදය පිළිබඳ දැනුමකින් වියුක්තව ඉන්දීය දර්ශනවාදයන් අධ්‍යනය අපහසු කරුණකි. ‘වේද’ යනු දැනුමයි. එනම් පූජනීය, ආගමික දැනුමයි. වේදය යනු අතිදීර්ග කාලයක් තිස්සේ පෝෂණය වී ‘පූජනීය ඥානය’ ‘දේව ශ‍්‍රැතිය’ යැයි පරසිදු උතුම් සංකල්පයෝය. එම සංකල්ප ඇතුලත් ග‍්‍රන්‍ථ සමූහය වේද සාහිත්‍යය ලෙස හැඳින්වේ.  වේදය වෙනුවෙන් භාවිත අපර නාම කිහිපයකි. එනම් ශ‍්‍රැති, ආම්නාය, ඡුන්‍දස්, බ‍්‍රහ්ම, අපෞරුෂේය සහ අනාදිමත් යනුවෙනි. වේද සාහිත්‍යය තුන්වැදෑරුම් ගණයකට නූතන විචාරකයන් පෙන්වා දෙනු ලැබේ. එනම්
I. සංහිතා
II. බ‍්‍රාහ්මණ
III. ආරණ්‍යක
යනුවෙනි. මෙයින් සංහිතා යන්න කොටස් හතරකට විභජනය කොට ඇත. එනම්
I. ඍග්වෙද සංහිතාව
මෙහි ස්තෝත‍්‍ර ගීතිකා පිළිබඳ සඳහන් වේ.
II. අථර්වේද සංහිතාව
මෙහි මන්ත‍්‍ර තන්ත‍්‍රයන්(අතර්වන්* පිළිබඳ සඳහන් වේ.
III. සාමවේද සංහිතාව
මෙහි ගීතිකා පිළිබඳ දැනුම ඇතුලත් වේ.
IV. යජුර්වේද සංහිතාව
මෙහි යාග, මන්ත‍්‍රයන් පිළිබඳ දැනුම ඇතුළත් වේ. මෙහි එකිනෙකට වෙනස් ග‍්‍රන්‍ථ ද්වයකි. එනම් කෘෂ්ණ හා ශුක්ල සංහිතා යන ග‍්‍රන්‍ථයි. එමෙන්ම වෛදික සාහිත්‍යය හා කිට්ටුම සබඳකම් ඇති තවත් කෘති සමූහයක් අපට දැකිය හැක. ඒවා ‘කල්ප සූත‍්‍ර’ හෙවත් යාග පිළිබඳ අත්පොත් ලෙස හැඳින්විය හැක. මෙම ග‍්‍රන්‍ථ වේද සතරින් එකට බැඳී පවතී. එම ග‍්‍රන්‍ථ මෙසේය.
I. ශ්‍රෞත සූත‍්‍ර
II. ගෘහ්‍ය සූත‍්‍ර
III. ධර්ම සූත‍්‍ර
ඉහත දැක්වූ සංහිතා ග‍්‍රන්‍ථවල එකිනෙකට වෙනස්කම් ඇති නිසා එම සංහිතා භාරතීයන් ‘වේද’ යන නාමයෙන් හැඳින්වේ. සංහිතා ස්මතු නොවේ. බ‍්‍රාහ්මණ, අරණ්‍යක සහ උපනිෂද් යන මේ පන්තිවලට අයත් සෑම කෘතියක්ම ඉහත දැක්වූ සංහිතාවලින් සතරින් එකකට සම්බන්ධ වන හෙයින් වේද සතරින් එකකට සම්බන්ධ වේ. එම සිව් වේදය ආශ‍්‍රයෙන් බ‍්‍රාහ්මණ, අරණ්‍යක සහ උපනිෂද් ග‍්‍රන්‍ථ සමුදායක් ඇති විය. ඒ අනුව මෙම සමස්ථ ග‍්‍රන්‍ථාවලිය වේද සාහිත්‍යය ලෙස හැඳින්වේ.
02. නියමිත ඍග් වෛදික සූක්තවල එන විවිධ සංකල්ප විමසීම.
02.I ආගමික සංකල්ප
ඍග්වේදය තුළ දැකිය හැකි ප‍්‍රමුඛතම සංකල්පය ලෙස ආගමික සංකල්ප පෙන්වාදිය හැක. විශේෂයෙන් ආගමික සංකල්ප ඍග්වේදයේ පදනම නියෝජනය කරයි. මෙහි අන්තර්ගත සියලූ මන්ත‍්‍ර, එම මන්ත‍්‍රයන්හී අන්තර්ගත කරුණු අනුව ආගමික සංකල්පවල වැඩි නියෝජනයක් දැකිය හැකිය. ඍග්වේදය පිළිබඳ අපරදිග ප`ඩුවන්ගේ අදහස නම් ‘‘ඍග්වේද ආර්යයෝ ශිෂ්ටාචාරයෙන් ඉතා අඩු වූ වැද්දන් වැනි පිරිසකි. ඔවුන්ගේ ආගමික හැ`ගීම් ද ඉතා ප‍්‍රාකෘතික (ඡුරසපසඑසඩැ* විය. ස්වභාව ධර්මයෙහිම අලංකාර වූ යම් යම් දේ දුටු විට අතිශය විස්මයට පත්ව ඒ දර්ශනයන්ට දේවත්‍වය ද ආරෝපණය කොට වඳින්නට පුදන්නට පටන් ගත්හ.’’  යන්නයි. විචාරාත්මකව විමසා බැලීමේදී ඉහත අදහස යුක්ති යුක්ත නොවන බවත් ඍග්වේද සමයේ වුව ද එක්තරා දියුණු සභ්‍යත්වයක් පැවති බවත් මන්ත‍්‍ර කරණය යාගය සඳහාම භාවිත වූ බව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
ඍග් මන්ත‍්‍රවල පෙනෙන ක‍්‍රියාත්මකත්‍වය හා ඵලාපේක්‍ෂකත්‍වය ද (ඔයැ චර්ජඑසජ්ක ්බා මඑසකසඒරස්බ බ්එමරු* වෛදිකාගමේ විශේෂ ලක්‍ෂණ විය. ඍග් පාඨ කොතරම් අභ්‍යන්තර හැ`ගීම්වලින් සහ කාව්‍යය රසයෙන් යුක්ත වුවත් ඒවා ගත යුත්තේ යාගයන්ට උවමනා පරිදිය. ඍෂිවරු මෙම යාග කරන ලද්දේ දීර්ගායුෂ, වීර පුතුන්, ගවයන් සහ අනෙකුත් භවභෝග සම්පත් ලබාගැනීම උදෙසාය. දෙවියන් සහ ජනතාව අතර මෙම ආගමික කටයුතු එක්තරා ගනුදෙනුවක ස්වරූපයක් ඉසිලීය. මිනිසුන් විසින් කළ යාග හෝමවල ප‍්‍රයෝජනය ලත් දෙවිවරු ජනතාවට ප‍්‍රත්‍යුපකාරය වශයෙන් ආරක්‍ෂක සංවිධානය, වැසි කලට සැපයීමෙන් ශස්‍ය සමෘධිය සහ අනෙකුත් ප‍්‍රතිලාභ සැලසිය යුතුය.
ඍග් වෛදික ආගමේ ප‍්‍රධානත්‍වය බමුණා සතු විය. රජුන් සහ දෙවියන් අතර මැදිහත් කරුවන් වූයේ පූජකයන්ය. සාමාන්‍ය ජනයාගේ ඵලප‍්‍රාප්ති පමණක් නොව රජුන් අතර සටනක ජය පරාජය පවා පූජකයන් දේවතාරාධනය කළ අන්දමට සිදුවේ. දේව ප‍්‍රසාදය වැඩියෙන් දිනාගත් පිරිසට ජය හිමි විය. යාග කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයන්ට යාගෝපකරන සැපයීමෙන්, පූජකයන්ට සැලකීමෙන් අධික වියදමක් දරන්නට විය. ඍග්වේද සමයේ ආගමික චාරිත‍්‍රවල සුවිශේෂී ලක්‍ෂණයක් වූයේ ආගමික චාරිත‍්‍ර විශේෂයෙන් ධනවතුන්ට පමණක් සීමා වීමයි. නිර්ධනයින්ට ඒවා සිදු කිරීමට නොහැකි විය. අථර්වේද සමයේ මෙන් දුප්පත් පොහොසත් කාහටත් එම යාග පැවැත්වීමට හැකි තත්‍වයට ඍග්වේදයේ ආගමික සිරිත් විරිත් හැඩගැසී නොතිබුනි. ඍග්වේදයෙහි ඍෂීන්ට පසු කාලයන්හී මෙන් මේ ජීවිතයේ ඇති අඳුරු පක්‍ෂය, ජීවිතයේ ඇති අනිත්‍යතාව, නිස්සාර භාවය, මායාමය ස්වභාවය, මරණයාගේ නියත බව ආදිය පිළිබඳ කිසිසේත් භය නොඑළවූ බව ප‍්‍රත්‍යක්‍ෂය. එවැනි අදහස් මෙම සූක්තවල සඳහන් නොවන අතර ඒවාගේ විශේෂයෙන් මෙළොව ජීවිත සාර්ථකත්‍වය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වේ.
ඍග්වේදයේ මන්ත‍්‍ර ගැන විවිධ ප`ඩිවරු අදහස් දක්වා ඇති අතර පිෂල් (ඡුසිජයැක* නම් ප`ඩිවරයාගේ අදහස නම් ‘‘ඍග්වේද ආර්යයන් කොතරම් ප‍්‍රාකෘතික වුවත් ඒක දේව වාදයම ඇදහූ බවයි.’’  රාජ, රාම, මොහන, රෝයි(ඍ්ව්ල ඍ්ප්ල ඵදය්බල ඍදහ* යන වියතුන්ගේ අදහස් පරිදි ‘‘වෛදික දේවතාවෝ වූ කලී සචේතනත්‍වාරෝපනය කරන ලද පරමේශ්වරයානන්ගේ ගුණවිශේෂයෝයි.’’  ඍග්වේදයේ භාෂ්‍ය කර්තෘ වූ සායනාචාරීහු ‘‘ස්වභාවික වස්තූන්ම දේවත්‍වයෙන් සලකා වෛදික දේවතාවන් උපදවා ඇතැයි කියත්’’ ඒ අනුව බුද්ධිය සූර්ය දේවත්‍වයෙන් ද ඡුන්‍දස අග්නි දේවත්‍වයෙන් ද හැ`ගීම් සෝමදේවයා වශයෙන් ද සලකනු ලැබේ.
දෙවියන් පෙනුමෙන් මිනිසුන්ට අනන්‍ය වූ සේ සිතනු ලැබේ. සාමාණ්‍යයෙන් ගත් කල නිතර සඳහන් කරනු ලැබූ ඔවුන්ගේ ශරීරාංග, බොහෝ අවස්ථාවන්හී ඔවුන් විසින් නියෝජනය කරනු ලැබූ සොබා දහම් සන්සිද්ධීන් පිළිබඳ උපමාලංකාර සහිත වර්ණනාවෝ වෙත්. ඒ අනුව හිරුගේ අවි වනාහී ඔහුගේ රැුස්දහරට වඩා වැඩි යමක් නොවීය. ගිනිදැල් අග්නිගේ දිවත්, අ`ග පස`ගත් ලෙස දක්වයි. ඇතැම් දෙවිවරු රණවිරුවන් සේ සන්නද්ධව සිටින්නා සේය. මෙහිලා ඉන්‍ද්‍ර දෙවියන් සුවිශේෂී වේ. ඇතමුන් පූජකයන් සේ විස්තර වේ. මේ අතර අග්නි සහ බෘහස්පති ප‍්‍රමුඛ වේ. මේ සියලූ දෙවිවරුන් අන්තරීක්‍ෂය හරහා ජවසම්පන්න අස්වයන් හා වෙනත් සතුන් තම රථය ලෙස යොදාගෙන ගමන්වල යෙදේ. මෙම දෙවියන්ගේ ආහාරය වන්නේ කිරි, වෙ`ඩරු, ධාන්‍ය සහ බැටළු, එළු සහ හරක් මස්ය. මෙවා මිනිසුන්ගේ ද ප‍්‍රියතම ආහාර ලෙස හැඳින්වේ. ඒවා දෙවිවරුනට පිදුනේ යාගයක් ම`ගිනි. දෙවියන්ගේ ප‍්‍රියතම පානය වූයේ සෝම පානයයි. දෙවියන්ගේ නිවහන වූයේ දෙව් ලොවයි.
දෙවියන්ගේ ගතිගුණ අතර ප‍්‍රමුඛ වූයේ ඔවුන්ගේ බලාධිකාරයයි. ඔවුන් නිරතුරුව බලසම්පන්න ලෙස විස්තර වේ. ඔවුන් ස්වභාව නියමය මෙහෙයවති. සමස්ථ සත්ත්‍ව වර්ගයා කෙරෙහි සිය බලය පතුරුවයි. ඔවුන්ගේ නියමයන් කඩ කිරීමට කිසිවෙකුටත් නොහැකිය. ඔවුන් මානව සංහතිය වෙත සෞභාග්‍යය ප‍්‍රධානය කරයි. ජනතාවට හිංසාව පමුණු වන්නේ රුද්‍ර පමණයි. දෙවියන් අවංකත්‍වයේ සහ සත්‍යයේ මිතුරන් සහ ආරක්‍ෂකයෝ ද වෙති. වරදට ද ද`ඩුවම් කරති. අධිකාරිත්‍වය, දීප්තිය, ත්‍යාගශීලීත්‍වය සහ බුද්ධිය යන ගුණාංගවලින් සියලූ දෙවියන් සමස්ථානයක තබා විස්තර කරයි. ඍග්වේදය විසින්ම යෝජනා කොට ඇති ත‍්‍රිත්‍ව වසමට අනුව ඍග් වෛදික දෙවිවරු කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
ආකාසස්ථ දෙවිවරු
අන්තරීක්‍ෂ දෙවිවරු
භූමස්ථ දෙවිවරු
යනුවෙනි. ආකාසස්ථ දෙවිවරු ලෙස ද්යෞස්, වරුණ, මිත‍්‍ර, සූර්ය, සවිතෘ, පුෂන්, අශ්වින් දෙදෙනා ආදීහූ නම් කළ හැක. අන්තරීක්‍ෂ දෙවිවරු ලෙස ඉන්‍ද්‍ර, අපාම්නපාත්, රුද්‍ර, මරුත්හූ, වායු, පර්ජන්‍ය සහ ආපස් ආදීන් නම් කළ හැක. භූමස්ථ දෙවිවරු ලෙස පෘථුවි, අග්නි සහ සෝම යන දෙවිවරු නම් කෙරෙත්. එසේම යම් තරමකට නොපැහැදිළි ත‍්‍රික නම් දෙවියෙක් පිළිබඳ තොරතුරු ඉන්‍දු ඉරාණීය යුගයේ සිට පැවති බව පෙනේ. ඍග්වේදයේ දෙවිවරු අතරින් ඍග්වේදයේ පුදන ලද ජීවත්‍වාරෝපිත ඇතැම් නදීන් ද දක්නට ලැබේ. ඒ අතර සින්ධු සරස්වතී ආදී ගංගාවෝ ප‍්‍රධාන වේ. එමෙන්ම මිනිසුන්ට සතුරන් වන බූමාටුු යකුන් පිරිසක් පිළිබඳ ද තොරතුරු සඳහන් වේ. එමෙන්ම පශ්චාත් වේදවල පිශාචයන් පිළිබඳ ද වාර්ථා වේ.
ඍග්වේදයේ බූමාටු දෙවියන් අතරෙහි අගතැන් ලබන්නේ අග්නි දෙවියාය. එම දෙවියා ලෙස සලකන ලද්දේ අන් කවරකුත් නොව දේවත්වයට නැංවූ යාග ගින්නමය. මෙම දෙවියා දෙවැනි වන්නේ ඉන්‍ද්‍රට පමණි. ඍග්වේදයේ මොහු සඳහා තන්ත‍්‍රයන් 200 ක් පමණ දක්නට ලැබේ. ඇතැම් අවස්ථාවල ඍග්වේදයේ සෙසු දෙවියන් සම`ග අග්නි දෙවියා සම්බන්ධ කොට දක්වා ඇත. ඍග්වේදයට අනුව මෙම දෙවියාට මනුෂ්‍ය ස්වභාවයක් විද්‍යමාන නොවේ. හෙතෙම පෘථිවියෙහි පවතින ගින්නම බව පුරාතනයන් සලකා ඇත. වෛදික මුනිවරුන්ගේ සංකල්පනාවන් මෙම දෙවියන් විෂයෙහි බෙහෙවින් ඉදිරිපත් වී ඇත. එකම ගින්නෙහි හැඩහුරුව, පැහැය නොයෙක් අයුරින් වර්ණනා කරන්නට පෙළඹිනි. ඒ හෙයින් එකම ගිනිදළුව එක් මුනිවරයෙකුට කෙස් ගස් මෙන් පෙනෙද්දී තවත් මුනිවරයෙකුට එය දත් මෙන් පෙනෙන්නට විය. ගින්නට දමන ගිතෙල්වලින් බුර බුරා නැෙ`ගන ගිනිදැල් හෙතුවෙන් තවත් මුනිවරයෙක් ගිනි දෙවියන්ට දිව් දහසක් ඇති බව පැවසූහ. එමෙන්ම ගින්නෙන් පරිසරයේ ඇති සියල්ල දැවු පසු එම දැවුනු පරිසරය දුටු එක් මුනිවරයෙක් ගිනි දෙවියන් කරනවෑමියෙකුට උපමා කළහ.
ඒ අනුව ඍග්වේදයේ අග්නි සූක්තය ගෙන බලන විට අග්නි දෙවියන් විෂයෙහි පැවති නොයෙකුත් සංකල්පනාවන් පැහැදිළි වේ. අග්නි දෙවියා පිළිබඳ ජනතාව තුළ පැවති විශ්වාසය කෙබඳු ද යන්න එහි එන පහත ගීතයෙන් පැහැදිළි වේ.
‘‘අග්නිනා රයිමශ්නවත් - පෝෂමේව දිවේ දිවේ - යශසං වීරවත්තමම්’’
ඒ අනුව මෙහිදී ඍග් වෛදික ජනයා තුළ දෙවියන් කෙරෙහි පැවති ආකල්පය පැහැදිළි වේ. සමෘද්ධිය, සෞභාග්‍යය, කීර්තිය සහ වීරත්‍වය වැනි සංකල්පනාවන් ජීවිතයට එකාත්මික කර ගැනීමට ජනතාව අග්නි දෙවියන්ට පුද සත්කාර කළ අයුරු මෙයින් පැහැදිළි වේ. එහිදී විශේෂයෙන් කීර්තිය සහ රණ ශූරත්‍වය යන සංකල්ප එකල සමාජයේ ඉතා ප‍්‍රමුඛ සංකල්ප විය. නිතර පැවැති ආක‍්‍රමණවලින් ජය ලැබීමට අවශ්‍යය ශක්තිය ස්වභාව දහමේ අපූර්වත්‍වය තුළින් ජනතාව තම ජීවිකාවට ල`ගාකර ගැනීමට උත්සුක වූහ.
ඉන්‍ද්‍ර දෙවියා ඍග්වේදයේ ප‍්‍රධානත්‍වයෙහි ලා සැලකේ. ඍග්වේදයේ සූක්ත 1028 න් හතරෙන් එකක් පමණ සූක්ත තුළින් ඉන්‍ද්‍ර දෙවියා වර්ණනා කෙරේ. මොහු කායිකව මනුෂ්‍යත්‍වාරෝපිත විය. ඉන්‍දීය දේශයේ මුල් පදිංචිකාර අනාර්යන් පැරදවීමට ආර්යයන්ට උදව් කරන දෙවියා මොහුය. ඒ බව ඍග්වේදයේ ඉන්‍ද්‍ර සූක්තයේ මෙසේ සඳහන් වේ.
‘‘යේනේමා විශ්වා ච්‍යවනා කෘතානි - යෝ දාසං වර්ණමධරං ගුහාක:
ශ්වඝ්නීව යෝ ජිගීවාං ලක්‍ෂමාදද් - අර්ය: පුෂ්ටානි ස ජනාස ඉන්‍ද්‍ර:’’
මෙයට අනුව අනාර්ය වර්ණය පරාජය කිරීමට ආර්යයන්ට ඉන්‍ද්‍ර ශක්තියක් වූ බව සඳහන් වේ. එමෙන්ම ඔහුගේ බලය මුලූ ලෝකයේම ව්‍යාප්ත වී පැවතුනි. ඔහුගේ එම බලය ජීවී අජීවී සෑම වස්තුවක් කෙරෙහිම ව්‍යාප්ත වී පැවතුනි. ඒ බව පහත ගීයෙන් පැහැදිළි වේ.
‘‘ද්‍යාවා චිදස්මෛ පෘථිවී නමේතේ - ශුෂ්මාච්චිදස්‍ය පර්වතා භයන්තේ
ය: සෝමපා නිචිතෝ වජ‍්‍රබාහුර් - යෝ වජ‍්‍රහස්ත: ස ජනාස ඉන්‍ද්‍ර:’’
මෙම ගීතයට අනුව ඉන්‍ද්‍ර දෙවියන්ට අහස පොළව පවා නමස්කාර කරන්නේය. එමෙන්ම මොහුගේ චණ්ඩ ස්වරූපයට පර්වත පවා බිය ගන්නා අයුරු මෙම ගීතයෙන් දක්වා ඇත. ඉන්‍ද්‍ර දෙවියන්ගේ පානය ලෙස දක්වා ඇත්තේ සෝම පානයයි. අත් ලෙස දක්වා ඇත්තේ අසනියයි. ඒ අනුව අසීමිත බලයක් ඉන්‍ද්‍ර දෙවියන්ට අරූඩ කොට ඇති අයුරු මෙයින් පැහැදිළ වේ.
ඍග්වෙදයේ 10 වන මණ්ඩලයේ 14 තන්ත‍්‍රයේ සිට 18 වන තන්ත‍්‍රය දක්වා ඇති තනත‍්‍ර පඤ්චකය තුළින් යම රජු පිළිබඳ විස්තර වේ. මීට අමතරව අනෙකුත් මණ්ඩලවලත් යම පිළිබඳ තොරතුරු ඇතුළත්ව පවතී. 10 වන මණ්ඩලයේ 14-18 දක්වා ඇති තන්ත‍්‍ර සුසාන තන්ත‍්‍ර හෙවත් පාංශුකූල තන්ත‍්‍ර ලෙස නම් කොට ඇත. මෙම පාංශුකූල තන්ත‍්‍ර තුළින් මළගිය ඇත්තන් වෙනුවෙන් යම රජුට කරන පූජා පිළිබඳ ඇතුළත් වේ. මළගිය ඇත්තන්ගේ පරලොව ජීවිතය යහපත් කිරීමට නම් යම රජුට පුද පූජා පැවැත්විය යුතුය. මේ තුළින් වෛදිකයන් සදාචාර සම්පන්න වීමට උත්සහ දැරූ අයුරු පැහැදිළි වේ. ඒ අනුව යම රජු සාධාරනයේ සහ මරණයේ පාලකයා මෙන්ම මරණින් මතු ජනතාවගේ ජීවිතයේ සැප හෝ දුක තීරණය කරන නියාමකයා ලෙස හඳුන්වා ඇත. මෙම ගීතිකා පිළිබඳ විමසීමේදී එකල භූමදානය සහ ආදාහණය පැවැති බව 10 වන මණ්ඩලයේ 13-14 ගීතිකාවලින් පැහැදිළි වේ. මළ සිරුර විවිධ පූජෝපාහාරයන් සහිතව පීතෘ ලෝකයට සහ දෙව්ලොවට ගෙනයාමේදී අග්නි දෙව්යන් ප‍්‍රමුඛස්තානය ගෙන කටයුතු කළහ.  එහිදී එම මාර්ගය අති දීර්ඝ බැවින් එම මාර්ගය පෙන්වා දෙන්නේ සවිතෘය. ඒ මෙ`ගහි යන මළගිය තැනැත්තාට රුකවරණය සලසන්නේ පුෂන්ය.
එමෙන්ම පුරුෂයා මිය ගිය පසු බිරිඳ ස්වාමියා දැවෙන දර සෑයට පැන දිවි පූජා කළ යුතුය. තවද කිසියම් කෙනකු මිය ගිය පසු ඔහු තමන්ට පෙර මියගිය මුතුන් මිත්තන්ගේ පැරණි මාර්ගය ඔස්සේ ගමන් කරමින් මළගිය පුද්ගලයාගේ අවතාර ලෝකයට පිවිසෙයි. ඍග්වේදයේ 10 වන මණ්ඩගයේ 14 වන සූක්තයේ 02 වන ගීයේ මෙසේ සඳහන් වේ.
‘‘යමෝ නෝ ගාතුං ප‍්‍රථමෝ විවේද - නෛපා ගව්‍යූතිරපභර්තවා උ
යත‍්‍රා න: පූර්වේ පිතර: පරේයුර් - ඒනා ජඥානා: පථ්‍යා අනු ස්වා:’’
මෙම ගීතයට අනුව යමතෙමේ පළමුවෙන්ම පිතෘ ලෝකයට යෑමට ම`ග පෙන්වී ද එම මාර්ගයෙන්ම පසුව උපන්නවුන් ද ගමන් කළ යුතු බව සඳහන් වේ. එසේ යන පුද්ගලයාට යම හා සතුටු වන පිතෘවරුන් ස්වර්ගයෙහි හමුවේ. ඔහුට සියලූ සැප සම්පත් ස්වර්ගයේදී හමු වේ. මෙම තත්‍වය හේතුවෙන් ජනතාව ස්වර්ගයට පිවිසීමට යහපතෙහි නිරත විය. සදාචාර සම්පන්න විය.
යම මළවුන්ගේ ලෝකයේ ආධිපත්‍යය උසුලයි. එමෙන්ම ඔහුගේ යහළු දෙවිවරු ලෙස වරුණ, වෘහස්පති සහ අග්නි දක්වා ඇත. යමගේ සොහොයුරිය ලෙස යමී කටයුතු කරයි. යමගේ විමානය දෙව්ලොව ඈත පියෙසක පිහිටා ඇත. දෙව්ලොව තුනෙන් දෙකක කොටසක් සවිතෘ සතුය. සෙස්ස යම සතුය. යම රජුගේ පියා ගාන්ධර්යයෙකු බවත් මව ජල දේවතාවියෙකු බවත් සඳහන්ය. එසේම තවත් තැනක ඔහු වෙස්සවනගේ පුතු බවත් මව සරනූ නම් වූ බවත් සඳහන්ය. මොහුගේ ¥තයන් ලෙස පරවියා සහ බකමූනා දක්වා ඇත. නමුත් ඔහුගේ ¥ත මෙහෙවරෙහි යෙදී ඇත්තේ බල්ලන් දෙදෙනකි. මේ අනුව යම රජුගේ සංකල්පය තුළින් ලෝකයාගේ සුචරික වර්ධනය අපේක්‍ෂා කොට ඇත. එමෙන්ම සමාජයේ යහ පැවැත්ම ආරක්‍ෂා කරගැනීමට ද ඍග් වෛදික ජනයාට යම රජුගේ සංකල්පයෙන් පැහැදිළි වේ.
උෂස් දෙව`ගන පිළිබඳ සංකල්පය ද ඍග්වේදයේ ප‍්‍රමුඛස්ථානයක් ගනු ලැබේ. උෂස් යන නාමය බැබලීම් අර්ථයේ වස් යන ධාතු ප‍්‍රකෘතියෙන් උපන්නේය. උෂස් යන්න (ෘ්අබ ඨදාාැිි* අරුණෝදයේ දෙන`ගන යනුවෙන් ඉංග‍්‍රීසි භාෂාවේ යෙදේ. මෙම නාමය ප‍්‍රාග් ඉන්‍දු යුරෝපීය භාෂාවේ (්මිදි* යනුවෙන් හැඳින්වේ. එය සංස්කෘත භාෂාවේ (ඹි්ි* යනුවෙන් ද ග‍්‍රීක් භාෂාවේ (ෑදි* යනුවෙන් ද හැඳින්වේ. බෙල්ඩික් භාෂාවේ (්මිර්* යනුවෙන් ද ජර්මන් භාෂාවේ (්මිඑරදබ* යනුවෙන් ද හැඳින්වේ. ඍග්වේදයේ සූක්ත 1028 න් 20 ක පමණ මේ උෂස් දෙව`ගන ගැන සඳහන් වේ. අපට නියමිත උෂස් දෙව`ගන පිළිබඳ සූක්තයේ අන්තර්ගත කරුණු පිළබඳ විමසීමේදී කවියා ඉතා සැහැල්ලූවෙන් නිතරම ඇය භෞතික සංසිද්ධීන් ස්මතු කරමින් වර්ණනා කරයි. වෙනත් සූක්ත ගත් විට ඒවායේ නල`ගනක මෙන් විලාශවත් ස්වරූපයෙන් සැරසුණු තැනැත්තියකි. ඇය පෙරදිග දිශාවේ දර්ශනය වන්නේය. උෂස් දෙව`ගන ස්නානයෙන් පසු බබළන්නාක් මෙන් අඳුර පලවා හරිමින් රාත‍්‍රිය නමැති කළුපාට පොරවනය ඉවත් කරමින් එහි ඉදිරියට පැමිණ ආලෝකය සම`ග ඉදිරියට ගමන් කරන්නීය.
දිව: දුහිත:  යනුවෙන් සඳහන් පරිදි ආකාශ දෙවියාගේ දියණිය වූ ඇය ජනතාවට ජීවන මාර්ගය පහසු කරන්නේය. එසේම නැෙ`ගනහිර දිශාවේ ස්ථාවරව වාසය කරන ඇය පැරණි වුවත් යළි යළි උපදින නිසා තරුණ බවින් යුක්තය. ඇය අවදිවන විට මුළු ලොකයත් අවකාශ අන්තයත් අවදි කරවයි. දෙව්ලොව දොරටු හරියි. රතවන් ගවරලක් මෙන් ඇය රතුවන් ආලෝකය දීප්තිය විහිදුවමින් ලෝකය ඇලෝකමත් කරයි. ඇය අන්දකාරයේ ස`ගවා ඇති ධනය රැුගෙන ජනතාවට ලබාදෙයි. සමාජයේ වෙසෙන පරිත්‍යාගශීලී පුද්ගලයන් උනන්දු කරවනු ලැබේ. පරිත්‍යගශීලී නොවන පුද්ගලයන් අන්දකාරයේම තනිකර දමයි. ඒ බව පහත ගීතයෙන් පැහැදිළි වේ.
‘‘උච්ඡුන්තීරද්‍ය චිතයන්ත භෝජාන් - රාධෝදේයායෝෂසෝ මඝෝනී:
අචිත්‍රේ අන්ත: පණය: සසන්ත්‍ව - බුධ්‍යමානාස්තමසෝ විමධ්‍යෙ’’
ඇය නිතරම නියමිත ස්ථානයේ රුඳී සිටින අතර ස්වභාව විවස්තාව සහ දේව විවස්ථාව කඩ නොකරයි. අග්නිට අවශ්‍යය පසුබිම සකසන නිසා ඇය අග්නි දෙවියාගේ පෙම්වතා ලෙස ද හැඳින්වේ. ඍග්වේදයේ වර්ණිත උෂස් දෙව`ගන දීප්තිමත් සහ කාන්තිමත් තැනැත්තියක් වන අතර සකල ලෝකයා සශ‍්‍රීකත්‍වයට පමුණුවන්නේ ඇයය.
 ඍග්වේද සමයේදී ප‍්‍රධාන දේවතවෙක්ව සිටි වරුණ දෙවියන් පසුව එම ප‍්‍රධානත්‍වයෙන් පිරිහිණ. වරුණ දෙවි තෙම අභ්‍යන්තර ගුණ ධර්මාදියට අරක්ගත් දෙවියාය. ලෝකවාසීන් කරන හොඳ හෝ නරක පිළිබඳ විමසමින් ධර්මාධිකරණයෙහි නියුක්තව සිටියි. ‘‘සත්‍යානෘතෙ අවපශ්‍යන් ජනානාම්’’  යන්නට අනුව මොහුට සත්‍යාසත්‍යතාව මනාව පෙනේ. මොහුගේ නිවේදනය කිසිවෙකුටත් උල්ලංගනය කළ නොහැක. මොහු මායාමය හෙවත් අද්භූත බලයෙන් යුක්ත වන නිසා මායී යැයි ද කියනු ලැබේ. තමාගේම තේජසින් බැබළෙන වරුණ දෙවියා සමහර තැනෙක සම්රාට් යනුවෙන් ද හැඳින්වේ. මිනිසෙකු මෙන් ඔහු සියලූ ක‍්‍රියාවන් සිදු කරයි. හිරු ඔහුගේ ඇසය. ඒ ඇසින් මුළු මිනිස් ප‍්‍රජාව දෙස බලයි. යාග භූමියට පිවිසි පසු තණ ඇතිරියක වැතිර සෝම පානය කරයි. රනින් පළසක් පොරවාගෙන හෙතෙම පැහැපත් කබායක් අඳියි. කාන්තිමත් වූ ඔහු අසුන් විසින් අදිනු ලැබූ හිරු මෙන් කාන්තියෙන් බබළන රියක නැ`ගී ගමන් කරයි. මිත‍්‍ර දෙවියා හා එක්ව වසන මොහුගේ විමානය රන්මුවා ය. මෙම විමානයේ සිට ජනතාව දෙස බලාගෙන සිටියි.
වරුණ දෙවියාගේ අණ පනත් පෙළ ‘ධෘත වෘත’ යන නමින් හැඳින්වේ. මොහු සාධු ශීලයේ ආඥාදායක වරයයි. මොහු අවුරුද්දේ දොළොස් මස හොඳින් දත් අයෙකු බව පැවැසේ.
02.II සමාජ හා සංස්කෘතික සංකල්ප
නවීන වාග්විද්‍යාවේ පර්යේෂණ අනුව පෙනී යන්නේ ආර්යයන්ගේ ද, ඉරාණීයවරුන්ගේ ද, යවනයන්ගේ් ද, ස්ලාව්, ලිත්වේනියන් සහ ජර්මන් ජාතීන්ගේ ද, ඉතාලි ජාතීන්ගේ ද ආදී වශයෙන් ප‍්‍රකට ජාතීන්ගේ ආදිම මුතුන් මිත්තන් ¥රාතීතයේ භාෂාව සහ සිරිත් විරිත් අතින් එකම සම්බන්ධකමක් දක්වමින් එකම ප‍්‍රදේශයේ වාසය කළ බවයි. තවද ඉහත දැක්වූ බටහිර ජාතීන්ගෙන් වෙන්වී ආ භාරතදේශවාසීන් ද ඉරාණීය ජාතිකයෝ ද එසේ වෙන් වූ නමුත් එකට වෙසෙමින් ඉන්‍දු ඉරාණීය ජන සමූහය යන නමින් විශේෂයෙන් හඳුන්වනු ලැබීය. පසුව ඉරාණීය වරුන්ගෙන් ද වෙන් වූ භාරත දේශවාසී ආර්යයන් ඒ බටහිර පෙදෙස්වලින් භාරත දේශයට සංක‍්‍රමණය කළේ හින්දුකුස් කඳු අතරෙන්ය.
ඍග්වේදයේ රචනා කරන කාලයේ ආර්යයන්ගේ නිවාසස්ථාන පිළිබඳ වැදගත් සාක්‍ෂ්‍ය හෙළිවන්නේ එහි සඳහන් ගංගාවන්හී නම් වලිනි. ඒ අනුව අපට පෙනී යන්නේ සින්‍ධු ග`ග අසල වෛදික ආර්යයන්ගේ ප‍්‍රධාන වාසස්ථානය වූ බවයි. සින්‍ධු ගං ඉවුරු දෙකෙහි විශාල ජනාවාසයක් පැවැති බවට විස්වාස කළ හැක. ඍග්වෙද යුගයෙහි භාරතයේ දේශපාලන ව්‍යුහයේ මෙන්ම සමාජ ව්‍යූහයේ ද පදනම වූයේ පවුලයි. පවුලේ සාමාජිකයෝ එකම ගෘහයෙහි වාසය කළහ. මෙකල ගෙවල් ඉදි වූයේ දැවයෙන් හෝ උණ පතුරුවලින් සැකිල්ල නිමවා මැටියෙන් ඇහුරුණු වරිච්චි බිත්ති වලිනි. සෑම නිවසකම අග්නි ශාලාවක් හෙවත් ගිනිහල් ගෙයක් පැවතුනි. ගෙහි හිමියා ‘ගෘහපති’ නොහොත් ‘දම්පති’ යන නමින් හැඳින්වීය.
ඍග්වේද ජනයාගේ ප‍්‍රධාන ජීවනෝපාය වූයේ පශුපාලනයයි. සූක්ත කිහිපයකින්ම ඉන්‍ද්‍රාදී දෙවි වරුන්ගෙන් ඇයදිනුයේ ගව, අශ්ව, එළු, බැටළු සහ කිරි දෙනුන් රැුක දෙන ලෙසය. කෘෂිකර්මාන්තය ද ඔවුනට පශු පාලනය මෙන්ම අවශ්‍ය විය. සතුන් දඩයම් කිරීම සහ මසුන් ඇල්ලීම එකල පැවති නමුත් ඒවා උසස් වෘත්තීන් ලෙස නොසලකා ඇත. රැුකී රක්‍ෂා අතුරින් ලී වැඩ කිරීම විශේෂ තැනක් ගනියි. ලී වැඩ කරන්නා වඩු වැඩ කිරීමෙහි ද රථ චක‍්‍ර සහ යුද්ධ රථ සෑදීමෙහි ද දක්‍ෂ වූවාක් මෙන්ම විසිතුරු කැටයම් සහිත භාණ්ඩ නිපදවීමෙහි ද සමත් විය. ඒ හැර සම් වැඩ කරුවෝ, යකඩ වැඩකරුවෝ, කුඹල් කර්මාන්ත කරුවෝ ඒ අතර විය. එමෙන්ම නැව් ගමනාගමනය පඤ්ජාබ් නදීන්ට පමණක් සීමා වූ නිසා කිහිප දෙනෙකු විසින් කරන ලද විශේෂ රැුකියාවක් විය. වෙළදාම පැවැතුනේ භාන්ඩ හුවමාරු ක‍්‍රමයටයි. පැදුරු විවීම, රෙදි විවීම සහ ගෙතීම ස්ත‍්‍රීන් කළ ගෘහ කර්මාන්තය. බැටළු ලොම්වලින් විවිධ භාණ්ඩ නිෂ්පාදනය කළහ.
පීතෘ මූලික සමාජයක් නිසා සෑම මව් පියෙකුගේම බලාපොරොත්තුව වූයේ පිරිමි දරුවෙකු ලැබීමය. ගැහැනු දරුවන්ගේ උපත කෙරෙහි ඍග්වේදයේ එතරම් කරුණු සඳහන් නොවේ. එහෙත් ගැහැනු දරුවන් ලැබුනු විට ආදරයෙන් කුලූණින් රැුක බලා ගත්තේය. එමෙන්ම ඔවුන්ගෙන් ඇතැමෙකුට අධ්‍යාපන වරප‍්‍රසාදය ද හිමි විය. ඔවුන්ගෙන් ඇතමෙක් කොතරම් උසස් අධ්‍යාපනයක් ලද්දේ ද යත් විශවාරා, ඝෝෂා සහ අපාලා වැනි වනිතාවෝ ඍග්වේදයේ සූක්ත රචනා කිරීමට තරම් විචක්‍ෂණ වූයේය. වැඩිවියට පත් ගැහැණු ළමයි සුදුසු කුල පුත‍්‍රයෙකුට සරණපාවා දෙනු ලැබේ. පාණිග‍්‍රහණෝත්සවය පැවැතුනේ මනාලියගේ මව්පියන්ගේ නිවසේය. ඒකපත්නී ව‍්‍රතය එකල සමාජයේ ස්ථාපිතව පැවැතුනි. බහුභාර්යා සේවනය ද පැවතුනි. බහු පුරුෂ සේවනය නීතියෙන් තහනම් කොට පැවැතුනි. වැන්දඹු ස්ත‍්‍රීන්ට නැවත විවහා වීමට අවස්ථාව තිබිණි. එමෙන්ම සමාජයේ සෑම කටයුත්තකදීම ස්ත‍්‍රියට ස්වධීනත්‍වයක් නොපැවැතුණි. පුරුෂයාගේ අනුමැතිය සහ සහාය සෑම කටයුත්තකටම අවැසි විය. නමුත් ගෘහයේ කටයුතුවලදී ස්වාධීනත්‍වයක් හිමි විය. ‘ගෙදර ඇත්තී’ යන අරුත් ඇති ‘ගෘහිණී’ යනුවෙන් හැඳින් වූ  ඕ තොමෝ සැබැවින්ම ගෘහයේ අධිපතිනිය වූවාය. ස්ත‍්‍රිය ගෘහයේම රැුඳී සිටිය යුතු යැයි මතයක් ඍග්වේද යුගයේ නොවීය. ඇය මනාව සැරසී උත්සවාවස්ථාවලට සහභාගී විය.
ඇඳුම් පැළැඳුම්
ඍග්වේද යුගයේ ඇඳුමට පැළඳුමට විශේෂ ස්ථානයක් හිමි විය. ඇඳුම කොටස් තුනකින් සමන්විත විය. එනම් ‘නිවි’ නමින් හැඳින්වුණු යට ඇඳුමත් ‘වාස’ හෙවත් පරිධාන යන නමින් හැඳිනුවණු අඳනයත් ‘අධිවාස’, ‘අත්ක’, ‘ද්‍රාපි’ නම්වලින් හැඳින්වුණු පොරෝනයත්ය. නොයෙක් වර්ණයෙන් මසන ලද මෙම ඇඳුම සකසා ඇත්තේ කපු, මුව සම් සහ ලෝම යන මින් එකකින් හෝ කිහිපයකම එකතුවෙනි. රන් නූලින් සකසන ලද උසස් ඇඳුම් ධනවතුන්ගේ පරිහරණය සඳහා විය. රන් මාල, වළලූ, මුදු ආදී නොයෙක් අබරණ ද ඔවුන්ගේ පැළඳුම්වලට අයත්ය. ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මොවුන් මල් දම් පැළªහ. ස්ත‍්‍රීන් එම මල් දම් කෙස් කළඹේ ගසාගෙන දෙපටට සිටින සේ ගොතා ගැනීමෙන් මහත් රුචියක් ලදහ.
ආහාර - පාන
ඍග්වේද යුගයේ දෛනික ආහාර ලෙස වියළි ධාන්‍ය, එළවළු, මස්, ‘අපූප’ නමින් හැඳින් වූ කැවිලි, කිරි, දී, ගිතෙල්, මෝරු යොදා ගැනිණ. මස් පිණිස ගවයන් මැරීම මුල් කාලයේ තහනමක් නොවූ අතර පසුකාලීනව ගව දෙනුන් නොමැරිය යුතු යැයි නියමයක් වූ බව පැවැසේ. ‘අඝ්න්‍ය’ යන යෙදුමෙන් ඒබ ව පැහැදිළි වේ. ලූණු භාවිතය පිළිබඳ සඳහන් නොවේ. ගංගා, ඇල, දොළ ආදියෙන් මෙන්ම ‘අවතස්’ යන නමින් හැඳින්වූ ළිංවලින් ද මොවුන් ජලය ලබාගෙන ඇත. ගලින් නිමවූ රෝදයක ආධාරයෙන් ජලය ඉහළට ගත් අතර ලීමුවා බඳුන්වලට එම ජලය එක්රැුස් කරන ලදි. සෝම පානය ද මේ යුගයේ පැවැතුනි. මෙම සෝමය හිමාලයේ මුජවත් නම් කඳු බිමෙක වැඩුණු පැළෑටියක ඉස්මෙන් සැකසුණි.
ක‍්‍රීඩා විනෝදාංග
තුර`ග දිනුම(රේස්*, යුද සරඹ, දඩයම, දාදු කෙළිය ආදී ක‍්‍රීඩා මේ යුගයේ වැදගත් විය. යුද්ධ කාර්යයෙහිලා ඉතා වැදගත් සේවයක් කළ අශ්වයා ද මේ යුගයේ වටිනා සම්පතක් විය. දාදු ක‍්‍රීඩාව ද මෙකල පැවති ජනප‍්‍රිය ගෘහ ක‍්‍රීඩාවකි. මෙහි යෙදෙන අයගේ විලාප දෙඞීම් ඍග්වේදයේ ඇතුළත් වේ. 10 වන මණ්ඩලයේ 34 වන සූක්තය එබන්දකි. දාදු ක‍්‍රීඩාවේ යෙදුනු ඇතැම් රජවරු තම රාජ්‍යය, වසතුව, අඹුදරුවන් පවා පරදුවට තබා පරාජයට පත්ව ඒ හැම අහිමි කර ගත්හ. එහි එන පහත ගීතය ඉතා වැදගත් වේ.
‘‘ත‍්‍රිපඤ්චාශ: ක‍්‍රීළති ව‍්‍රාත ඒෂාං - දේව ඉව සවිතා සත්‍යධර්මා
උග‍්‍රස්‍ය චින්මන්‍යවේ නා නමන්තේ - රාජා චිදේභ්‍යෝ නම ඉත්කෘණෝති’’
මෙම ගීතයෙන් දාදු ක‍්‍රීඩාවේදී දාදු කැටයේ ඇති ප‍්‍රබලත්‍වය ස්මතුකර ඇත. දාදු ක‍්‍රීඩාවේදී රජුගේ සිට සෑම බලවතෙක්ම දුබලයෙක් වන බව මෙයින් පැහැදිළි වේ. එමෙන්ම සංගීතය, නාට්‍ය, නෘත්‍යය යන මේවා ජන හදවත් දිනූ කලාත්මක විනෝදාංශ විය. යුධ රිය සරඹට නොදෙවෙනි වූයේ දඩයමයි. රජවරු, කුමාරවරු, රාජ්‍ය ප‍්‍රභූවරුන් ද නැකැත් කෙළි පැවැති අවස්ථාවල වනයට වැද දඩයමේ නිරත වූහ. මේ ගණයට පක්‍ෂීහූ ද ඇතුළත් වූහ. මල්ලව පොරය ද සුවහසක් ජනයා පිනවූහ.
02.III දාර්ශනික සංකල්ප
ඍග් වෛදික චින්තකයෝ ලෝකයේ ප‍්‍රභවය, ස්වභාවය පිළිබඳ සහ දාර්ශනික සංකල්පයන් ගැන අමතක නොකළෝය. සියලූ විපරිණාමීය ධර්මයන්හී මූල ප‍්‍රතිෂ්ඨාව සෙවීමේදී ඔවුහු පැරණි ග‍්‍රීකයන් මෙන් ජලය, වායුව යනාදිය ලෝකයේ විවිධත්‍වය තැනී ඇති මූලය ලෙස සැලකූහ. ලොක නිර්මාණය පිළිබඳ කියැවෙන පළමුවන අතිපුරාණ සංකල්පය ඍග්වේදයේ X. 129 නාසාදීය සූක්තයෙන් විවිරණය වේ.  මැක්ඩොනල් මෙම සූක්තය නම් කරනුයේ විශ්ව සම්භව සූක්තය ලෙසිනි. වෙසෙසින්ම විශ්වාරම්භයේදී පැවැති ස්වභාවය වෛදික මුනිවරුන් දුටු ආකාරය මෙම සූක්තයෙන් පෙන්නුම් කෙරේ. ඒකත්‍වවාදයට එළඹෙනු මූලාවස්ථාවන් සූක්තාන්තර්ගතයෙන් පෙන්නුම් කරයි.
‘‘නාසදාසීන් නෝ සදාසීත්තදානීං - නාසීද්‍රජෝ නෝ ව්‍යෙමා පරෝ යත්
කිමාවරිව: තුහ තස්‍ය ශර්මන් - අම්භ: කිමාසීත් ගහනං ගභිරම්’’
එකල්හි නැති බව නොවීය. ඇති බව නොවීය. වාතය නොවීය. එහි අනන්ත අවකාශ නොවීය. කුමක් අඩංගු වීද? කොහේ කාගේ ආරක්‍ෂාව ද? කියනු කිම? නොමිනිය හැකි ගැඹුරු ජලස්කන්ධය වීද? යනුවෙනි. නිර්මාණයට පෙර පැවති කාලය පිළිබඳ විස්තරයකින් ඇරඹෙන මෙහි මුල්කාලීන් වෛදිකයාගේ චින්තන ඉතිහාසය පිළිබඳ වැදගත් කරුණු රැුසක් හෙළි කරන්නේ වෙයි. තවද අතිශයින්ම දියුණු වූ නිර්මාණවාදයේ නිරූපනයක් පෙන්වන මෙහි සියලූ දේට මුලින් සත් වූ හෝ අසත් වූ හෝ දෙවක් නොතිබිනැයි කියැවේ. වෛදිකයන් හුදු දේවවාදී සංකල්පයේම සිරව සිටිමින් ලෝකය දෙස බලනු වෙනුවට නවතම දෘෂ්ටියක් මෙහි දක්නා ලැබේ. දර්ශනයේ බීජය සංකාව බව ඒත්තුගන්වන ඉහත සඳහන එක්විටම සිතට නැ`ගුනක් සේ පළකිරීමක් නොවේ. මෙහි කියැවෙන අන්දමට සත් වස්තු වශයෙන් ඇති හෝ අසත් වස්තු වශයෙන් නැති යැයි හැඳින්විය හැකි කිසිවක් විශ්වාරම්භයේදී නොපැවති බව දක්වනු ලැබ ඇත. වස්තු වශයෙන් දැක්විය හැකි වායුවක් හෝ අහසක් නොවීය. මුළු මහත් ලෝකයම හට ගැනීමට බීජ වශයෙන් අවශ්‍ය වූ මුල් ද්‍රව්‍යය ව්‍යවහාර භාෂාවකින් විස්තර කළ නොහැකි බව පිළිගත් ඔවූහු යම් කිසි ජන සම්මත භාෂාවකින් දැක්විය හැකි අවස්ථාවක් පැමිණියේ නම් එම අවස්ථාවේදී ජලය පමණක් වූයේ යැයි පිළිගත් බව පෙනේ. තවද විශ්වාරම්භයේ ලෝක ස්වරූපතා පෙන්වමින්
‘‘නමෘත්‍යුරාසීදමෘතං න තර්හි - න රාත‍්‍ර්‍යා අහ්න ආසීත් ප‍්‍රකේත:
ආනීදචාතං ස්වධයා තදේකං - තස්මාද්ධාන්‍යන්න පර: කි චනාස’’
එකල්හී මැරීමෙක් නොවීය. අමරණීයත්‍වය ද නොවීය. ? දවාල වෙන්කොට දක්වන සලකුණක් ද නොවීය. වාතයෙන් තොර හුස්ම නොගන්නා ඒ එකෙක් තමාගෙන්ම ආශ්වාස ප‍්‍රශ්වාස කළේය. ඉන් පිටත් අන් කිසිවක් නොවීය යැයි දක්වන තැන්හී භාරතීය දර්ශනයේ වඩාත් සැලකිල්ලට බඳුන් වෙන බ‍්‍රහ්මන් පදාර්ථය ගැන මෙහි තත් සංකල්පයේ මූල බීජ ස්වරූපයෙන් කියැවෙන්නේ වෙයි. ඉන්‍දීය දර්ශනයේත් ඉන්‍දීය ආගමේත් ඓතිහාසික සංවර්ධනය උගත්තෙකුට මෙතරම් වැදගත් වූ අන් තැනක් මුළුමහත් ඍග්වේදයෙහිම නැතැයි හැ`ගියන තැනකි මේ.  විචාරකයන් පවසන අන්දමට ඉහත උද්ධරණයේ අපහැදිළි භාවයක් පෙන්නුම් කරන්නේ මුත් එහි ගූඪාර්ථයක් සැ`ගවී නැතැයි කාහට කිව හැකිද? ලෝකාරම්භයේදී එය අඳුරින් වැසී තිබූ බවත් ජලය ද පැවැති බවත් දක්වමින් පසුකාලීන දාර්ශනික මූල කෙරෙහි බීජරෝපිත බැව් පෙන්වාලයි.
‘‘තම ආසීත් තමසා ගුල්හමග්‍රෙ - ප‍්‍රකේතං සලිලං සර්වමා ඉදම්
තුජ්‍යේනාභ්වපිහිතං යදාසීත් - තපසස්තන්මභිනාජායතෛකම්’’
මුලදී අඳුරින් වැසී පැවති එහි තෝරා බේරා ගැනීමේ ලකුණු කිසිත් නැතිව අඳුර පමණක් වීය. මේ සියල්ල ජලය වීය. යමක් වී ද එය හිස් වූවක් මෙන්ම රූප නැති වූවක් ද විය. මහත් තේජසින් ඒ එක උපන. ඒකම් අජායත යනු බ‍්‍රහ්මාණ්ඩය (ක්‍දිපසජ ෑටට* නමින් පසු කලක හැඳින්වෙන ලෝක බීජය සේ සැලකේ. ‘‘ලෝකයේ ආරම්භය ‘බ‍්‍රහ්මන්’ පදාර්ථය බවත් සත්‍ව, වෘක්‍ෂ ලතාදිය සියලූ ජීව අජීව වස්තූන්ගේ උත්පත්තිය ඒ පදාර්ථයෙන් සිදු වූ බවත් භාරතීය දර්ශනයෙන් කියැවේ.’’
ලෝකයේ මූල හේතුව (ත්‍සරිඑ ක්‍්මිැ* පිළිබඳ මෙහි එන සඳහන වෙසෙසින්ම වැදගත් වන්නේ හේතුමාත‍්‍රයෙන් පමණක්ම නොවේ. මැක්ඩොනල් පවසන අන්දමට ‘‘පශ්්චාත්තන සමාජයේ සාංඛ්‍ය දර්ශනයේ ස්වරූපය ගත් පරිණාමවාදී දර්ශනයේ ආරම්භක ලක්‍ෂ්‍යය ලෙස මෙම සූක්තය සිත් ගන්නා බවයි.’’  තවද මෙම සූක්තයේ ඇති සංකල්ප පසුකාලීන ඉන්දීය දාර්ශනිකයන්ගේ අදහස් උදහස් පෝෂණය කිරීමට ඉවහල් වී ඇතැයි කිවහැක්කේ පශ්චාත්තන දර්ශනය සියුම්ව අධ්‍යයනය කිරීම තුළින්ය. එකල්හී ඉතා විශාල වූ ද ගැඹුරු වූ ද ජලස්කන්ධයක් වූ බවත් අඳුරින් ගැවසී ගත් එම ජලස්කන්ධය වෙන්කොට දැක්විය නොහැකි බවත් මෙහි දක්වනු පෙනේ. ජලය ආධාර කොට ලෝකය නිර්මාණය කළ සර්ව බලධාරී දෙවි කෙනෙකුන් පිළිබඳ විශ්වාසයක් නොතබන මෙහි එම ජලය උෂ්ණය හේතුකොටගෙන ලෝකයේ වූ නොයෙක් දෙයට පරිවර්ථනය වූ බව කියයි. පරිණාමශීලී පදනමකින් විශ්වෝත්පත්තිය දක්වමින් ඉනික්බිතිව දක්වනුයේ
‘‘කාමස්තදගේ‍්‍ර සමවර්තතාධි - මනසෝ රේත: ප‍්‍රථමං යදාසීත්
සතෝ බන්ධුමසති නිරවින්දන් - හෘදි ප‍්‍රතීෂ්‍යා කවයෝ මනීෂා’’
මුලදී සිතින් පහළ වූත් මුල්ම බීජය වූත් කාමය එකට පිවිසියේය. කවීහූ නුවණින් තම හදවතෙහි සොයා අසත්හූ කෙරෙහි සත්හුගේ (අසත් හා සත් අතර* ඇති සබැඳියාව සොයා දැනගත්හ.
‘‘තිරශ්චිනෝ චිතතෝ රෂ්මිරේෂාම් - අධ: ස්විදාසිදුපරි ස්විදාසීත්
රේතෝධා ආසන් මහිමාන ආසන් - ස්වධා අවස්තාත් ප‍්‍රයති: පරස්තාත්’’
ඔවුනගේ ආලෝකය (අඳුර* හරහා පතළේය. ඒ එක පහළින් වීද? එහි රේතස (උත්පාදක ශක්තිය* විය. පෝෂක ශක්තිය ද විය. උද්වේගය ඉහළින් විය.
කළුපහන මහතා දක්වන අන්දමට කිකිළියගේ ශරීරගත උෂ්ණය බිජුවක් රත් කොට පැටවකු බිහි කිරීමට සමත් බව ප‍්‍රත්‍යක්‍ෂයෙන් දුටු ඔහු එය උපමාවක් ලෙස ගෙන මේ මතය ඉදිරිපත් කරන්නට ඇතැයි සිතිය හැකිය.  උෂ්ණත්‍වය හෙතුකොට ගෙන තවත් දෙයක පරිණාමය වීම මෙහි දක්වන ඉතා වැදගත් සංකල්පයකි. මෙම කාමය නොහොත් චේතනා බලය මූලික ද්‍රව්‍ය වූ ජලයෙන් බැහැරව පවත්නා දෙයක් නොව ජලයෙන්ම හටගන්නකි. මෙහි චේතනා බලය යනු සාමාන්‍ය මිනිසාගේ සිත නොවේ. ඒ සූර්යයාය. සූර්යයාට පසුව මේ ලෝකය හා එහි වූ දෙව් මිනිස් ආදී සත්‍වයන් බිහි වූ හෙයින් සාමාන්‍යයෙන් මිනිසා ලෝක නිර්මාණය සූර්යයාගේ කෘත්‍යයක් ලෙස විශ්වාස කරනු ලැබේ.  නාසාදීය ගීත අවසානයේ කියන වැදගත් කියමනකි.
‘‘කෝ අද්ධා වේද ක ඉහ ප‍්‍ර වෝචත් - කෘත අජාතා කුත ඉයං විසෘෂ්ටි:
අර්වාග් දේව අස්‍ය විසර්ජනෝ - ථා කෝ වේද යත ආබභූව’’
මේ විසෘෂ්ටිය (මැවීම* කවදා උපන්නේ ද? කවදා පැමිණියේදැයි කවරෙක් ඒකාන්තයෙන් දනිත් ද? කවරෙක් මෙහි පවසා ද? දෙවියෝ මේ (ලොවේ* මැවිල්ලට පසුව (උපන්නෝය* ය. ඉතින් කවදා පහළ විණැයි කවරෙක් දනී ද?
විශ්ව නිර්මාණය දෙවියන්ගේ පහළ වීමට පසුව සිදුවූ බව මෙහි කියැවිනි. එහෙයින් දේවවාදී ආකල්ප මෙහිදී ඈත්ව ගිය බව පෙනෙන්නේය. මුලින් කී ‘තත් එකම්’ යන අදහසින් කී දේවේශ්වරයා හැර අනෙක් දේව කුලයන් නොසලකා හැරූ බවක් මෙයින් පෙනී යයි. ඒකත්‍වවාදයට පසුබිම මැනවින් සැකසුණු අයුරු පැහැදිළි වේ. නාසාදීය සූක්තය ඍග්වේදයේ සෙසු ලෝකොත්පත්තිය නැතහොත් විශ්වවිද්‍යාව සම්බන්ධයෙන් දක්නට ලැබෙන ගීත අතරින් ප‍්‍රසස්තම ගීතයයි.  මෙම සූක්තයට ලියූ මුල්ම භාෂ්‍යය ශතපථබ‍්‍රාහ්මණයෙන් හමුවේ. වේද යුගයේදී පවා විශ්වය කිසිවෙකු විසින් මවන ලද්දක් දැයි ප‍්‍රශ්න කළ බවක් මෙම ගීතයෙන් පැහැදිළි වේ. පරිණාමවාදී සංකල්පයන් වුවද නිර්මාණවාදයත් සම`ග වෙලී සිටින අයුරු ඍග්වේද සූක්තයන්හී පෙන්නුම් කෙරේ යනු වියත් මතයයි.
ඍග්වේදයේ නාසාදීය පද්‍ය සංචිතය හැරුණු කොට වැදගත් වනුයේ X. 121 වැනි හිරණ්‍යගර්භ සූක්තයයි. මෙහි කතෘවරයෙකු පිළිබඳ සඳහන් නොවන අතර ඒකේශ්වරයෙකු පිළිබඳ කියැවේ. හිරණ්‍යගර්භ යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ ස්වර්ණමය අණ්ඩය හෙවත් බීජය යන්නයි. පශ්චාත්තන යුගයේ බ‍්‍රාහ්මණ නමින් පළට නිෂ්ඨාවෙහි මූල ලක්‍ෂණ මෙම සූක්තයේ ඇතුළත්ව ඇති අයුරු විචාරකයින් පෙන්වා දෙයි. බ‍්‍රහ්මන් යනු පශ්චාත්කාලීනව උපනිෂද් දර්ශනයේ ලියලා පැමිණි ජගදාත්මය පිළිබඳ සංකල්පයයි. හිරණ්‍යගර්භ යනු ඊට සමීපතම ඍග් වෛදික සංකල්පය බැව් වියත්හූ පවසති. සූක්තය පිළිබඳ විමසා බැලීමේදී දාර්ශනික පැතිකඩ අනාවරණය කරගත හැක.
‘‘හිරණ්‍යගර්භ: සමවර්තතාග්‍රෙ - භූතස්‍ය ජාත: පතිරෙක ආසීත්
ස දධාර පෘතථිවීං ද්‍යාමුතේමාං - කස්මෛ දෙවාය හවිෂා විධෙම’’
හිරණ්‍යගර්භ ලොව මුලින්ම පැවැතියේ වෙයි. ඔහු අහස ද පෘථිවිය ද දැරීය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙහි හිරණ්‍යගර්භ ලෙස දක්කා ඇත්තේ ප‍්‍රජාපතීය. කස්මෛ දේවාය හවිෂා විධෙම යන්න පිළිබඳ උගතුන් විවිධ අදහස් දක්වනු ලැබේ. එයින් ප‍්‍රජාපතී අදහස් වන්නේ යැයි භාෂ්‍යකරුවන්ගේ ද මතයයි. ස්වර්ණමය අණ්ඩයෙන් ප‍්‍රජාපතී බිහිවුණ බවත් ඔහු ලොව එකම අධිපතියා වන බවත් ඉහතින් දැක්විනි. විශ්වාරම්භයේදී මෙකී ඒකේශ්වරයා උපන් බවත් ඔහුගෙන් සෙස්්සන් උපන් බවත් කියැවේ. ඒ මෙසේය.
‘ය ආත්මදා බලදා යස්‍ය විශ්ව - උපාසතේ ප‍්‍රවිෂං යස්‍ය දේවා:
යස්‍ය ඡුායාමෘතං යස්‍ය මෘත්‍යු: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
යමෙක් (ප‍්‍රජාපතී* ආත්ම දෙන්නා වේද බලය දෙන්නා වේද යමෙකුගේ නියමය සියලූ ප‍්‍රාණීහු පිළිගනී ද ගරුකරත් ද යමෙකුගේ ඡුායාව අමරණීය වේද එයම යම නොහොත් මරණය වේද එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
‘ය: ප‍්‍රාණතෝ නිමිෂතො මහිත්වෛක - ඉද්‍රාජා ජගතෝ බභූව
ය ඊශේ අස්‍ය ද්විපදශ්චතුෂ්පද: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
ඔහු ආශ්වාස ප‍්‍රාශ්වාස කරන ඇසිපිය සලන සකල ලෝකයාටම එකම ප‍්‍රධානියා වූයේලූ. ඔහු දෙපා ඇත්තන්ගේ ද සිවුපාවුන්ගේ ද ප‍්‍රධානියාය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
‘යේන ද්‍යෞරුග‍්‍රා පෘථිවී ච දෘළ්හා - යේන සව: ස්තභිතං යේන නාක:
යෝ අන්තරීක්‍ෂෙ රජසෝ විමාන: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
ඔහු අන්තරීක්‍ෂය ඝන බවට ද පෘථිවිය ස්ථිර බවට ද ආලෝකවත් ප‍්‍රදේශය ද සූර්යයා ද ස්ථිර කරන ලද්දේ ඔහු විසිනි. හෙතෙම අන්තරීක්‍ෂයේ ජලය ද මවාලීය. එබඳු කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙයින් ප‍්‍රජාපතීගේ ස්වභාවය වර්ණිතය. ඔහු සත්වයාගේ අධිපතියා වූයේ පමණක්ම නොව ජීවදායකයා ද බව මෙයින් කියැවේ. මෙම සූක්තයෙන් ද දාර්ශනික අදහසක් ලෙස දැක්වෙන්නේ හිරණ්‍යගර්භ ලෝකාරම්භයේදී සිටි ඒකේශ්වරයා බවයි. ඔහුගෙන් පසු ලොව සියලූ භෞතික වස්තු නිර්මාණය වූ බවයි. එකී සචේතනික අචේතනික වස්තූන් ඔහුගෙන් පසුව සමුද්භවය වූ අන්දම මෙහි කියැවේ. 10 වන මණ්ඩලය රචනා සමයේදී විශ්වවිද්‍යාව කෙරෙහි තත්කාලීනයන් දක්වන ලද අවධානය මෙහි මොනවට දිස් වෙයි.
‘ආපෝ හ යද්බෘහතී ර් විශ්වමායන් - ගර්භං දධානා ජනයන්තීර්යඥම්
තතෝ දේවානං සමවර්තතාසුරේක: - කස්මෛ දෙවාය හවිෂා විධෙම’
පොළව මතුපිට ජලය ව්‍යාප්තව තිබූ එකල එය මත බ‍්‍රහ්මාණ්ඩය (හිරණ්‍යගර්භය* පාවෙමින් තිබිණ. අග්නිය ද ක‍්‍රියාත්මක විය. එබඳු වූ කවර නම් දෙවියෙකුට යාග ද්‍රව්‍ය පුදම් ද?
මෙම සූක්තයෙන් සර්ව බලධාරී දෙවි කෙනෙක් පෙර පැවති ද්‍රව්‍යයෙන් ලෝකය නිර්මාණය කිරීම පිළිබඳ විස්තරයක් ලැබේ. ආදියේදී විශ්වයේ පැතිර සිටි මහා ජලයෙන් හිරණ්‍යගර්භ මතු විය. එයින් ජීවය බිහිවුනු අන්දම මෙහි දැක්වේ. වෛදික දාර්ශනික සූක්තයන්හී ඒකත්‍වයත් ඒකදේවවාදයත්් යන උභය කාරණයන්ම පෙන්නුම් කෙරේ. ඉහතින් දක්වන ලද නාසදීය සූක්තයෙන් මෙහි කියැවෙන අදහසේ පශ්චිමාවස්ථාව ලෙස හඳුනාගත හැකි බව රාධකෘෂ්ණයන් පවසනු පෙනේ.  ක‍්‍රමයෙන් හිරණ්‍යගර්භය පහළ වීමත් සම`ගම විශ්වය පරිණාමශීලිත්‍වයට නැඹුරු වූ අන්දම මෙහි කියැවෙන්නේ නිර්මාණ වාදයත් යම් පමණකට පදනම් කර ගනිමිනි.
ඒකත්‍වය කෙරෙහි මෙම සූක්තය දක්වන නැඹුරුව පශ්චාත්තන යුගයේ මල් පල ගැන්වී ගිය සැටි උපනිෂද් දර්ශනය පිරික්සීමේදී පෙනී යයි. විශ්වයේ මූල හේතුවේ සම්භවය මෙම සූක්තයේ දැක්වෙන්නේ හිරණ්‍යගර්භයම පදනම් කරගෙනය. එහෙයින් එනමින්ම සූක්තය ද නම් කොට ඇති සේය. කෙසේ වතුදු මෙම සූක්තය දාර්ශනික හරයක් ඇතුළත් වූවකැයි කිව හැක්කේ මුල් කාලීන වෛදික චින්තාවන්ට එහා ගිය දාර්ශනික බීජ ඇතුළත් බැවිනි. එහිදී ඒක දේවවාදිත්‍වය කෙරෙහි දක්වන නම‍්‍රතා(ඵදබදඑයැසිඑසජ ඔැබාැබජහ* වෙසෙසින් ප‍්‍රජාපතී හා විශ්ව කර්ම වැනි ස්ථානයන්හී ප‍්‍රකටය.  මින් අනතුරුව වැදගත් සූක්තයක් ලෙස අපට හමුවන්නේ ඍග්වේදයේ X වන මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයයි. මෙහිදී පෙර කී දර්ශනයට වෙනස් මුත් ඒකත්‍වය පිළිබඳ නැමියාවේ පූර්වාවස්ථාවන් ප‍්‍රතීත වෙයි. ලෝකය බිහිවීම පුරුෂයා නමැති මූලයෙන් ඇති වූවක් බව දක්වයි. ලෝක නිර්මාණ කාර්යය මෙහි සඳහන් කර ඇත්තේ පුරුෂ නමැත්තා බිල්ලක් ලෙස යොදාගන්නා යාගයක් ලෙසයි. එහිදී පුරුෂයාගේ අංගෝපාංග ෙඡ්දනයේදී ඒ ඒ කොටස් විශ්වයේ විවිධාංග බවට පත්වෙයි.
‘සාහශ‍්‍රශිර්ශා පුරුෂ: - සහශ‍්‍රාක්‍ෂ: සහශ‍්‍රපාත්
ස භූමිං විශ්වතෝ වෘත්‍වා - ත්‍යතිෂ්ඨද්දශාංශුලම්’
පුරුෂ තෙමේ දහස් හිසි, දහස් ඇස්, දහස් පා වන්නේය. හෙතෙම මහ පොළොව හාත්පසින් වසා දස ඇ`ගිලි සීමා ඉක්මවා පතුරුවා සිටියේය.
‘පුරුෂ ඒවේදං සර්ව - යද්භූතං යච්චභව්‍යම්
උතමෘතත්වස්‍යේශානෝ - යදන්නේතිරෝහති’
යම් අතීත වූ සහ යම් අනාගතයේ වන්නා වූ මේ සියල්ල පුරුෂයාමය. තවද දේවත්‍වයේ පාලකයා යම් (යාග* ආහාරයකින් සීමාව ඉක්මවා වැඩෙයි.
නිර්මාණවාදී සංකල්ප හරහා විශ්වයේ සහ ජීවීන්ගේ සම්භවය මෙම සූක්තයෙන් පිළිඹිබු වන අතර එක් අතකින් ආගමික විශ්වාසයන් දේව ධර්මය හා අත්වැල් බැඳගෙන දියුණු වී අවුත් ඒකදේවවාදය ඇතිවූ අතර අනික් අතින් දාර්ශනික ගැටළු පිළිබඳ විමර්ශන ද ක‍්‍රමයෙන් සාර්ථක වූ බව පෙනේ. සත්‍යය පිළිබඳ ඒකත්‍වයක් සෙවීමට වෙහෙසෙන අන්දම මෙම සූක්තයෙන් පෙන්නුම් කෙරේ. මුළු මහත් ලෝකයම දැවැන්ත පුරුෂයෙකුට සමාන කරමින් එම පුරුෂයාගේ අවයව මිනිසාගේ අවයව වලට සමාන කොට දැක්වීමට ගත් තැත බාහිර ලෝකය පිළිබඳ සත්‍යයත් මිනිසා කෙරෙහි වූ අභ්‍යන්තරික සත්‍යයත් අතර ඇති සම්බන්ධය දැක්වීමට ගත් පරිශ‍්‍රමයකි. පසුකලෙක බිහිවූ උපනිෂද් දර්ශනයේ පවා පරමාර්ථය වූයේ බාහිර ලෝකය පිළිබඳ සත්‍යය හා මිනිසා පිළිබඳ වූ සත්‍යය අතර වූ සම්බන්ධය සෙවීමය. ඍග්වේදයේ දැක්වෙන මෙම දාර්ශනික බීජ උපනිෂද් ආදී පසුකාලීන දර්ශනවාදයන් බිහි වීමට හේතු විය. මේ අනුව පුරුෂයා යනු සමස්ථ විශ්වයේ පරිපූර්ණ නිමාවකි.
‘චන්‍ද්‍රමා මනසසෝ ජායතශ් - චක්‍ෂෝ: සූර්යෝ අජායත
මුඛාදින්ද්‍රශ්චාග්නීච - ප‍්‍රාණාත්‍වායුරජායත’
සඳ මනසින් ජනිත විය. හිරු ඇසින් උපන්නේය. ඉන්‍ද්‍ර ද ගින්න ද මුඛයෙන් උපන්නේය. වායුව ප‍්‍රාණයෙන් ජනිත විය.
‘නාභ්‍යා ආසීදන්තරීක්‍ෂං - ශීර්ෂ්ණෝ ද්‍යෞ: සමවර්තත
පද්භ්‍යාං භූමිර්දිශ: ශෝතාත් - තථා ලෝකාන් අකල්පයන්’
නාභියෙන් අන්තරීක්‍ෂය විය. හිසින් අහස මැවිණ. භූමිය දෙපතුලිනි. දිශා සෙවනෙනි. මෙසේ ලෝකය නිමැවූහ.
‘බ‍්‍රාහ්මණෝස්‍ය මුඛමාසීද් - බාහු රාජන්‍ය: කෘත:
උරූ තදසී යද්වෛශ්‍ය: - පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත’
ඔහුගේ කට බමුණාගේ උපන් ස්ථානය විය. බාහු යුගලයෙන් ක්‍ෂත‍්‍රියයා නිර්මිතය. යම් වෛශ්‍යයෙක් වී ද ඒ ඔහුගේ වටොර යුගලයි. ක්‍ෂුද්‍රයා දෙපතුලින් උපන්නේය.
මෙහි භාෂාවත් අන්තර්ගතයත් පශ්චාත්තන යුගය නියෝජනය කරන බව පෙනේ. කෙසේ වෙතත් මෙය දාර්ශනික වන්නේ ඒකත්‍වය පිළිබඳ ආකල්පයේ මුහුකුරාගිය අදහස් කැටිවී ඇති නිසාත්, පසුකාලීන දර්ශනයන්හී බීජාවස්ථාවන් පෙන්නුම් කරන නිසාය. කෙසේ වුවද ඍග්වේදයේ X වන මණ්ඩලය පූර්ව යුගයේ වෛදික චින්තාවන් පරිණාමයට පත්ව එහි පුෂ්පෝද්ගමය සිදුවූ බවට සාධක රැුසක් හෙළි කරන වටිනා මූලාශ‍්‍රයක් බව නොකියාම බැරිය. ප‍්‍රාථමික අවස්ථාවේ සිට බ‍්‍රාහ්මණ උපනිෂද් වැනි දාර්ශනයන් තෙක් වර්ධනයට පැමිණීමේදී ඍග්වේදයේ එන මෙම සූක්ත ඉතා වැදගත් සාක්‍ෂි සපයනු ලැබේ.
02.IV උපදේශාත්මක සංකල්ප
ඍග්වේදය ආගමික සංහිතාවක් පමණක්ම නොව ලෞකික විෂයයන් ද භජනය කරන්නක් බව ග‍්‍රන්‍ථාන්තර්ගතය තුළින් පෙනී යයි. ඊට කදිම නිදසුන නම් මෙහි ඇතුළත් උපදේශාත්මක ස්වරූප වූ සූක්ත එකතුවයි. ඒ අතර ඍග්වේදයේ 10 වන මණ්ඩලය වැදගත් වේ. එහි 34 වන සූක්තය බෙහෙවින්ම විචාරක පර්ෂද්හී ඇගයීමට ප‍්‍රාප්ත වූවකි. අක්‍ෂකිතව නින්දා හෙවත් අක්‍ෂකිතවයාගේ අෙ`දා්නාව ලෙස හැඳින්වෙන කවෂ ඓලූෂ නමැති මුනිවරයා විසින් පබැඳුණු මේ සූක්තයේ සූදුවට ගිජුවූ පුද්ගලයෙකුගේ දුක්බර ඉරණම රමණීය කාව්‍යය ස්වරූපයකින් ඉදිරිපත් කරනු ලැබ ඇත.  සූදුවේ ලොල් නොවිය යුතු යැයි මෙහි දැඩිව අවධාරණය කෙරේ.
ප‍්‍රවේෂා මා බෘහතෝ මාදයන්ති - ප‍්‍රවාතේජා ඉරිණෙ වර්වෘතාන:
සොමස්‍යෙව මෞජවතස්‍ය - භක්‍ෂෝ විභිදකෝ ජාගෘවිර්මමහ්‍යමජාන්
උස් මුදුනක නල රැුල්ලක ජනිත හුරුබුහුටියෝ දාදු පෙතේ පෙරළෙන්නෝ මා පිනවත්. මුජවතේ සෝම විතක්සේ විභීදක මා පිනවත්.
මෙහිදී සූදුකාරයා විභීදක නම් වෘක්‍ෂයේ හටගත් දාදු කැටයේ ආකර්ෂණය කියා පාන්නේ වේ. දාදු කෙළිය භාරතයේ මුල් අවධියේ සිටම පැවත එන සූදු ක‍්‍රීඩාවකි. රටේ ප‍්‍රභූ පන්තියේ සිට සාමාන්‍ය ජනයා අතර පවා මෙය ප‍්‍රසිද්ධව පැවතුනි. ඍග්වෙද ගී අතරට මෙම සූක්්තය පසුකාලීනව එකතුවී ඇත. පසැටයෙන් ජය මෙන්ම පරාජයත් උරුමකර දෙන්නක් ලෙස සිතිය හැක්කේ එය සූදුවක් බැවිනි. මෙහි සූදුකාරයා පළකරන අන්දමට එය සෝම නමැති පානයෙන් බිඳුවක් මෙන් සිත මන්මත් කරන ස්වභාවයෙන් යුකත වන බවයි. මෙහි කථානායකයා තම පවුලේ පෙර පැවති ප‍්‍රීතිදායක තත්‍වය තමා මෙම ක‍්‍රීඩාවේ වහලෙකු බවට පත්වීමෙන් වියැකී ගිය බව දක්වනුයේ
න මා මිමේථ න ජිහීළ ඒෂා - ශිවා සඛිභ්‍ය උත මහ්‍යමාසීත්
අක්‍ෂස්‍යහමෙකපරස්‍ය හේතෝර් - අනුවෘතාමප ජායාමරෝධම්
ඕ තොමෝ (බිරිඳ* මට නොබිනුවාය. උරණ නොවූවාය. මිතුරන්ටත් මටත් කාරුණික වූවාය. මා දාදුවෙන් පැරදීම නිසා අනුකූල පැවතුම් ඇති ඇයව පළවා හැරීමි. යනුවෙනි. අඹුසැමියන් පවා වෙන් කරවන නිවසේ සාමකාමීත්‍වය පවා නැතිවී ඇත්තේ සූදුව කෙරෙහි නොතිත් ආසාව බව කියැවේ. අනතුරුව මෙසේද කියයි.
ද්වේෂ්ටි ශ්වශ‍්‍රෑරප ජායා රුණද්ධි - න නාථිතො වින්දතේ මර්ඩිතාරම්
අශ්වස්‍යෙව ජරතෝ වස්නස්‍ය - වින්දාමි කිතවස්‍ය භෝගම්
නැන්දම්මා ද්වේශ කරයි. බිරිඳ එළවා දමයි. විපතට පත් තැනැත්තා අනුකම්පා කරන්නෙකු නොලබයි. මම විකුනන්නට සිටින දිරාපත් අශ්වයෙකු මෙන් සූදුකාරයකුගේ ප‍්‍රයෝජනයක් නොදකිමි. ඒ අනුව සූදුකාරයාට අත්වන ඉරණම කෙබඳු ද යන්න ඉහත පද්‍යයෙන් පැහැදිළි වේ. තමා පවුල් බර දරන්නෙකු ලෙස පීඩා විඳින අතර ඔහු වසන පරිසරයෙන් ද ප‍්‍රතික්‍ෂෙප වන බව කියා සිටියි. තමා විසින්ම පාපෝච්ඡුාරණයක යෙදෙන සූදුකාරයා තමාට අනුකම්පා කරන්නෙකු නොමැති බව දන්වා සිටින්නේ පාඨක සිත් කාවැද යන විලාසයෙනි. පාපෝච්ඡුාරණයක් වශයෙන් පෙනුනත් එයින් වක‍්‍රව කියා සිටින්නේ එබන්දෙකු නොවුනානම් මැනවි යන්නයි.
යදාදීධ්‍යො න ද්විෂාණ්‍යේභි: - පරායද්භ්‍යොව භීයේ සඛිභ්‍ය:
න්‍යුක්තාශ්ච බභ‍්‍රවෝ වාචමක‍්‍රතං - ඒමීදේෂාං නිෂ්කෘතං ජාරිණිව
එකල්හී මම ඔවුන් සම`ග නොයන්නේ මුත් ඔවුන් කැටුව නොගිය ද දාදු කැට විසුරුවනු හ`ඩ කන වැකුණු සැණින් ගණිකාවක මෙන් දාදු පොළට යමි. දාදුවේ ඇති ආකර්ෂණය කෙබඳු ද යන්න මෙයින් සිතාගත හැක. දාදු කැටයේ සබ්දයට තමා ඇදී යන්නේ නොදැනුවත්වමය. සෑම පද්‍යයකම අවශේෂ වනුයේ උපදේශාත්මක සාරයකි. එනම් දාදු කෙළිය වහා නපුරම කැඳවන බවයි.
අක්‍ෂාස ඉදංකුශිනෝ නියතෝදිනෝ - නිකෘත්‍වානස්තපනාස්තාපයිෂ්ණව:
කුමාරදේෂ්ණා ජයත: පුනර්හණෝ - මධීවා සංපෘක්තා: කිතවස්‍ය බර්හණා
දාදු කැටයෝ වනාහී කොකු සහිතයෝය. සිදුරුකරගෙන යන්නෝය. කුඩා පිරිමි දරුවන් මෙන් තෑගි ප‍්‍රදානය කරන්නාහු ජයගත්තවුන්ගෙන් නැවත උදුරා ගන්නාහු වශීකරණ බලයෙන් සූදුකාරයාගේ රසයෙන් සතුටට පත්වූවෝය.
දාදුවේ ඇති භයානක ස්වරූපය මෙයින් ප‍්‍රතීතයි. මිනිස් හද මනස සූදුවෙහිම රඳවා තබා ගන්නා බවත් එයින් ගැලවීමක් නොමැති අන්දමත් නැවත නැවතත් උපදේශාත්මකව කියා සිටියි. දාදු කෙළියේ නියුතු පුද්ගලයාගේ භෞතික සම්පත් විනාශ වනවා පමණක් නොව මුළු ජීවිතයේම අතෘප්තිකර ස්වභාවය වර්ධනය වන අයුරු මෙයින් පැහැදිළි වේ. මෙහි එන ස¥පදේශ ඉතා ප‍්‍රසස්තය. පසුකාලීනව උපදේශ සාහිත්‍යය නමින් විශාල සාහිත්‍යයක් බිහි වීමේ මූල බීජ ද මෙහි විද්‍යමාන වේ. මෙම සූක්තයේ වැදගත්ම ගීතයක් වනුයේ
‘ස්ත‍්‍රියං දෘෂ්ට්වාය කිතවං තතාප - න්‍යේෂාං ජායාං සුකෘතං ච යෝනිම්
පූර්වාහ්ණේ අශවාන්යුයූජේ හි බභ‍්‍රෑන් - සෝ අග්නේරන්තේ වෘෂලං පපාද’
සූදුකාරයා අනුන්ගේ භාර්යාව සහ ඇගේ මැනවින් සැලසුම්කරණ ලද නිවස දැක තමා දවයි. උදා සමයේ පටන් දුබුරු අශ්වයන් බැඳ ගනියි. දවස කෙළවර සි`ගන්නෙකුව ගින්නෙහි වැටෙයි. දිනාන්තයේ සූදුකාරයා පශ්චාත්තාපයට පත්වන අන්දම තීව‍්‍ර කරන සාධක කිහිපයක් ඇත. ඒ අන්‍යයන්ගේ භාර්යාව සහ ඔවුන්ගේ භෞතික අභිවෘද්ධියයි. මෙහිදී පෙන්නුම් කරන වටිනා උපදේශයක් නම් සූදුකාරයා විවිධ කාරක ඔස්සේ (අභ්‍යන්තර හා බාහිර* සංතාපයට පත්වන බවයි. මුලසිට පාපෝච්ඡුාරණය කරන කිතවයා අවසාන වශයෙන් තිළිණ කරනුයේ මෙබන්දකි.
‘අෙක්‍ෂෙර්මා දිව්‍ය: කෘෂිමිත්කෘෂස්ව - විත්ත රමස්ව බහුමන්‍යමාන:
තත‍්‍ර ගාව: කිතව තත‍්‍ර ජායා - තන්මේ වි චෂ්ටේ සවිතායමර්යම:
ධාදු කැටය සම`ග සෙල්ලම් නොකරන්න. දැන් කෙත සී සාන්න. බොහෝ සෙයින් සිතමින් සම්පත්හී ඇලෙන්න. සූදුකාරය, ගව සම්පත් එහිය. බිරිඳ එහිය. ඒ උත්තම සවිතෘ මෙය මට පැහැදිළිකර දෙයි. අන්තිම වශයෙන් සූදුවෙන් දැනමුතුකම් ලැබූ කිතවයා විසින්ම මෙම අදහස ඉදිරිපත් කරයි. ඉහත පද්‍යයෙන් කුඹුරු රැුකබලා ගනිමින් ජීවත් වීමට සූදුකාරයා ප‍්‍රතිඥාවක් දී ඇත.  වින්ටර්නීට්ස් පවසන්නේ ඍග්වේදයේ ගීත අතුරින් මෙම ගීතය අලංකාරතම පද්‍යය බවයි.
















04. සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය

ද්විතීයික මූලාශ‍්‍රය

කළුපහන, ඞී. ජේ. භාරතීය දර්ශන ඉතිහාදය, ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේනිතුව, ප‍්‍රථම මුද්‍රණය- 1970.

කෘෂ්ණන්, රාධා, ඉන්‍දීය දර්ශනය (01 කාණ්ඩය*, ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය-1970.

තිලකසිරි, ජේ. වෛදික සාහිත්‍යය, ප‍්‍රකාශනය- ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඞ්, කොළඹ-02, ප‍්‍රථම මුද්‍රණය- 1958.

පැට්රික්, නාරාවිල, ඍග්වේදගීතාවලී, ප‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ-10, ප‍්‍රථම මුද්‍රණය-1997.

වින්ටර්නිට්ස්, එම්, ඉන්‍දීය සාහිත්‍ය ඉතිහාසය, සිං.පරි(01 කොටස* ප‍්‍රකාශනය- අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල.

සේනානායක, ජී. එස්. බී. සංස්කෘත සාහිත්‍යය, ප‍්‍රකාශනය- සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, ප‍්‍රථම මුද්‍රණය- 1955.

සේනාධීර ගුණපාල, ඍග්වේද සමීක්‍ෂා, ප‍්‍ර‍්‍රකාශනය- ඇස්. ගොඩගේ සහ සහෝදරයේ, ප‍්‍රථම මුද්‍රණය- 1992.

හෙට්ටි ආරච්චි, ඞී. ඊ. දඹදිව පැරණි සාහිත්‍යය, ප‍්‍රකාශනය- නව ලිපි පොත් සමාජය, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය-1946.
ෑබටකසිය ඍැෙැරුබජැ


Svami Satyaprakash Sarasavati,                       Rigveda Samhita, ^English Translation& vol º¸¸, Veda Patishtana, New Delhi, 1984.

X. Dasgupta  surendranath,                               A History of Indian Philosophy, vol ¸, Cambridge, University Press, 1922.