පුද්ගලයා සමාජයට අනුගත කිරීමයි. මෙය ‘සමාජීයකරණය’ ලෙසද හැඳින්වේ. පුද්ගලයෙකුගේ පෞරුෂය හැඩ ගැසීම කෙරෙහි උපයුක්ත කරගත හැකි චර්යාධර්ම, ආයතන හා පිළිවෙල රටාදිය සමාජය තුළ නිරන්තරව හට ගනියි. සමාජය තුළින්ම නැතිවී නැවත නැවතත් උපත ලබයි. අඛණ්ඩව සිදුවන එම සමාජ ක‍්‍රියාකාරිත්‍වය හමුවේ පුද්ගලයාගේ හැඩගැස්ම ද වේගයෙන් සිදුවන අතර එහිලා එම පුද්ගලයා සමාජය තුළින් යම් උගැන්මක් ද ලබා ගනී. එම උගැන්මේ පොදු රටාව සමාජානුයෝජනය හෙවත් අනුසංස්කෘත්‍යායනය යන නමින් සමාජ විද්‍යාඥයන් විසින් අර්ථ දක්වා ඇත. ඉහත දැක්වූ පරිදි පුද්ගලයා සමාජයට අනුව හැඩ ගැස්වීම හෙවත් සමාජයට අනුගත කිරීමේ දිගුකාලීන ක‍්‍රියාවලිය සමාජානුයෝජනයයි. ඔහු තමාගේ ජීවිත කාලය මුලූල්ලේම මෙම ක‍්‍රියාවලියට යටත්වන අතර ජීවියෙකු වශයෙන් මින්සාගේ කායික සන්ධර්භය සමාජානුයෝජන ක‍්‍රියාවලියට යටත් වීමට අවශ්‍ය හැකියාව ඔහුට ලබා දෙයි. උදාහරණ ලෙස පිපාසාව, භිය, කුසගිනින, නින්ද වැනි පේ‍්‍රරණයන් නෛසර්ගික වශයෙන් ළදරුවා තුළ පැවතීම, අවධානය යොමු වීමේ දැඩි ආශාවක් තිබීම, තම අවශ්‍යතා පෙන්වාදීම සඳහා යම් සන්නිවේදන ශක්තියක් පිහිටා තිබීම ආදිය දැක්විය හැක. මෙබඳු සාධක නිසා ඔහු නිරායාසයෙන්ම සමාජානුයෝජන ක‍්‍රියාවලියට යටත් වෙයි.
සමාජය විසින් ගොඩන`ගාගෙන ඇති සංස්කෘතිය, සභ්‍යත්‍වය, විචාරය වැනි අංශ තුළ පුද්ගල ක‍්‍රියාදාමයන් ඇතිවන විට පුද්ගලයා එහි අරමුණ තේරුම් ගනු ලැබේ. ඒ පිළිබඳ වටහා ගනියි. ඒ පිළිබඳ සැලකිලිමක් වේ. සමාජානුයෝජන ක‍්‍රියාවලිය තුළ මෙම අංශ පිළිබඳ පූර්ව ඉගැන්වීමක් පුද්ගලයාට අත් විඳිය හැක. පහත නිර්වචන වලින් සමාජානුයෝජනය පිළිබඳ මූලික අදහසක් ගොඩ න`ගාගත හැක.
‘‘සමාජයේ බලපවත්වනු ලබන යම් යම් සාරධර්ම, ආකල්ප, අගනාකම්, පිළිබඳ ඉගෙනගෙන ඒවා තමාගේ චරිතය තුළ අභ්‍යන්තරීකරණය කරගැනීම සමාජානුයෝජනයයි’’
ටැල්කොට් පාර්සන්ස් (ඔ්කජදඑඑ ඡු්රිදබි*
‘‘දෙමාපියන් පිළිගත් ධර්මතාවන්, අගනාකම්, ආකල්ප දරුවන් විසින් මනෝගමනය කරගෙන යහපත් සුපහන් සිතක් සකස් කරගැනීමේ ක‍්‍රියාවලිය සමාජානුයෝජනයයි’’
ජෝර්ජ් හර්බරට් ම්ඞ් (ඨැදරටැ ්‍යැරඉැරඑ ඵැ්ා*
‘‘සමාජ සමූහයේ ධර්මතාවගට අනුකූලව ජීවත්වීමට පුද්ගලයා ඉගෙන ගන්නේ සමාජානුයෝජන ක‍්‍රියාවලියෙනි’’
ඩබ්ලිව්. එෆ්. ඔග්බර්න් (උගත්‍ග ධටඉමප*
‘‘සමාජානුයෝජනය වූ කලී සංස්කෘතික සම්පේ‍්‍රෂණ ක‍්‍රියාවලියකි’’
පීටර් වෝර්ස්ලි(ඡුැරඑැර උදරිකැහ*
‘‘සමාජානුයෝජනය උපතේ සිට මරණය දක්වා නොනැවතී පවතියි. මිනිසා උපත ලබන විට ඔහු තුළ ජීව විද්‍යාත්මක අවශ්‍යතා පවතියි. (ඊසදකදටසජ්ක භැැාි* මේ අවශ්‍යතා සමාජ ජීවිතයේදී (ීදජස්ක භැැාි* සමාජ අවශ්‍යතා බවට පත්වෙයි. ඒ අනුව ජීව විද්‍යාත්මක මිනිසා සාමාජීය මිනිසෙකු බවට පත් කිරීම සමාජානුයෝජනයයි’’
ඒ අනුව සමාජානුයෝජන ක‍්‍රියාවලියේ මූලික නීති 04 ක් විද්‍යමානව පවතින බව ඒ පිළිබඳ ආනුභවික අධ්‍යනයන්හී නියැලී සිටින සමාජ විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇත. එනම්
x පුද්ගලයා සමූහයේ මූලික නීති උගත යුතුයි.
x සමාජයේ-සමූහයේ පිළිගත් සම්මතයන්ට හැම විටම අනුගත විය යුතුය.
x සංස්කෘතියට අත්‍යවශ්‍ය වූ ශිල්පීය ක‍්‍රම පිළිබඳ උගැන්මක් ලබාගත යුතුය.
x පුද්ගලයා තමාට හිමි කාර්ය කොටස කුමක්දැයි නිශ්චිතව දැනගත යුතුය.
සමාජ මනෝවිද්‍යාඥයින්ට අනුව පුදුගලයා සමාජය පිළිබඳ ලබන අවබෝධය මූලික වශයෙන් දෙයාකාරයකි. එනම්
x ප‍්‍රාතමික සමාජානුයෝජනය- ඡුරසප්රහ ීදජස්කස‘්එසදබ
x ද්විතීයික සමාජානුයෝජනය- ීැජදබා්රහ ීදජස්කස‘්එසදබ
යනුවෙනි. ප‍්‍රාතමික සමාජානුයෝජනය යනු දරුවෙකු සමාජය පිළිබඳ මූලිකවම ලබන අවබෝධයයි. මෙහිදී පවුල මූලික වේ. ද්විතීයික සමාජානුයෝජනය යනු දරුවෙකු පාසල, සමවයස් කණ්ඩායම්, සන්නිවේදන මාද්‍යයන්, ආගමික ආයතන, සංස්කෘතික සංවිධාන ආදී බාහිර පරිසරය ආශ‍්‍රයෙන් වන සමාජානුගතවීමකි.
02. සමාජානුයෝගී කාරකයක් ලෙස පවුලේ කාර්යභාර්ය විස්තර කරන්න.
පුද්ගලයා සමාජයට බිහි වනුයේ පවුල තුළිනි. පුද්ගලයාගේ ප‍්‍රාථමික සමාජානුයෝජනට පවුල බලපානු ලැබේ. පුද්ගලයාට ලෝකය පිළිබඳ මූලිකම පාඩම උගන්වනුයේ පවුල තුළිනි. බිළිඳෙකු උපතේ සිට මාස 36 ක් පමණ කාලයක් ප‍්‍රාථමික සමාජානුයෝජනයේ මූලික අවදියක පසුවෙයි. එයිනුදු ළදරුවෙක් මුල් මාස තුන තුළ අන්තර් ක‍්‍රියාත්මක අත්දැකීම් බැලීමෙන් නිහ`ඩව යම් යම් දෑ උගනී. දාරක මනෝවිද්‍යාඥයින්ගේ සොයා ගැනීම්වලට අනුව මෙම අන්තර් ක‍්‍රියා අත්දැකීම් ලක්‍ෂයේ සිට ලක්‍ෂ දෙකක් තරම් දරුවා උකහා ගනු ලබන බවයි. ශිල්ප හැකියාව, අන්තර් පුද්ගල ප‍්‍රතිචාර දැක්වීම වඩාත් පැහැදිළිව කරනුයේ දරුවා වයසින් වැඞී පෞරුෂය වර්ධනයත් සම`ගය. ප‍්‍රාථමික සමාජානුයෝජනයේ මවට වැදගත් ස්ථානයක් හිමි වේ. දරුවා උපතින් අසරණය. මෙහිදී මව සම`ග සංග‍්‍රහ ශීලී බැඳියාවක් සම`ගින් කල් යත්ම සමාජයේ අන් අය සම`ගත් සපලදායී සබඳතා ඇතිකර ගනු ලැබේ.
x කිරි බීම.
x සිනහ වීම.
x ඇසෙන දේ ගැන අවධානය යොමු කිරීම.
x දකින දැය විමසිල්ලෙන් බැලීම.
x ඔබ මොබ දන ගැසීම.
මෙම අත්දැකීම් දරුවා මුල් අදියරේදී සමාජානුයෝජනයට උපකාරී වන බව දාරක මනෝවිද්‍යාඥයින් පැහැදිළි කරයි. කිරිදීම මවගේ සෙනෙහස හා උණුසුම දරුවා වෙත දනවන මාද්‍යයයක් මෙන්ම කිරිදීම දීර්ග කාලයක් පැවැත්වීම දරුවා තුළ පරාධීන පෞරුෂ ලක්‍ෂණ ඇතිවීමට ද හේතු වේ. සිග්මන් ‘ප්‍රොයිඞ්’ පුද්ගලයාගේ පෞරුෂ වර්ධනයට බිළිඳු හා ළමා වියේදී ලබන අත්දැකීම් ප‍්‍රධාන වන බව පවසයි. මව් සෙනෙහස නොලැබී යාමෙන් ළමයා තුළ ස්නේහයෙන් තොර පෞරුෂත්‍ව වර්ධනය විය හැකි බව ‘ජෝන් බෝබී’ නම් දාරක මනෝවිද්‍යාඥයා පවසයි.
පවුල වෙතින් ලබන සමාජ උගැන්ම, පවුලේ හිතවතුන්, සොයුරු සොයිරියන්, මව්පියන්, මිත්තනිවරුන් හරහා පුද්ගලයා අභ්‍යන්තරීකරණය වන බවත්, මෙසේ පුද්ගලයා අයත් සමූහය විසින් අනුදත් හැසිරීම් රටාව, ඉගෙනීමේ අනුවර්ථනමය ක‍්‍රියාවලිය සමාජානුයෝජනය බව එන්. එම්. ‘නිම්කොප්(භසපජදෙෙ*’ නම් විද්‍යාඥයාගේ අදහසයි. සමාජයක පවතින සංස්කෘතිය නැතහොත් ඇගයීම් සමුදාය අභ්‍යන්තරීකරණය දෙයාකාරව සිදුවන බව ‘ටැල්කෝට් පාසන්ස් හා (ඔ්කජදඑඑ ඡු්රිදබි*’ ‘ආර්. ඩබ්ලියු. බේල්ස්(ඍග උග ඊ්කැි*’ යන විද්‍යාඥයින් විසින් දක්වයි. එනම් ශක්‍යතා රෝපණ උපක‍්‍රමයයි.(ක්‍්එයැිඑසි* ස්ථම්භනය(තෑගි දීම* හා මූලෝත්පාධනය(දඩුවම් දීම* (ඍ්සබදෙරජැපැබඑ ්බා ෑංඑසබජඑසදබ* මතයි. ආදරය හා ගෞරවය නිසා අන්‍යයන් අනුකරණය කිරීමෙන් අවබෝධය ඇති වේ. මෙම උගැන්ම හා ශික්‍ෂණය ‘ගිලින්(ඨැකකැබ*’ සහ බෝවර්මන්‘(ඊදඇරප්බ*’ මෙසේ සාරාංශ කොට දක්වයි.
x දාරක ශරීර වතාවත් විධිමත්ව හුරු කිරීම.
x පරිසරය තේරුම් ගැනීමේ ලා ඉවහල් වන සමාජ ආකල්ප ඇති කිරීම.
x ජනසංනිවේදන මාධ්‍යන් සම`ග සම්බන්‍ධතා පැවැත්වීම හුරු කිරීම.
x වැඩිහිටි දාරක පරතරයෙහි විෂමතා අකාමකා දමා ඒ වෙනුවට ආරක්‍ෂාව පිළිබඳ හැ`ගීම දරුවා තුළ ඇති කිරීම.
‘මාස්ලෝ’ නම් මනෝවිද්‍යාඥයා පෙන්වා දෙන්නේ පවුල තුළදී ළමයයෙකුගේ පෞරුෂ්‍යය වර්ධනයට බලපාන පූර්ව හේතු කිහිපයක් දක්වයි.
x කායික අවශ්‍යතා (ඡුයහිසදකදටසජ්ක භැැාි*.
x ආරක්‍ෂක අවශ්‍යතා (ී්ෙැඑහ භැැාි*.
x සාමාජිකත්‍වය හා ආදරය (ඊැකදබටසබටබැිි ්බා ඛදහැ*.
x සම්මානික අවශ්‍යතා (ෑිඑැැප භැැාි*.
x ආත්ම සාක්‍ෂාත්කරණ අවශ්‍යතා (ීැකෙ ්ජම්කස‘්එසදබ භැැාි*.
පවුලක ප‍්‍රධානියා පියාය. පියා දරුවන්ට අවශ්‍ය ආහාර පාන ඇඳුම් පැළඳුම් ආදිය සපයාදීම කළ යුතුය. පියෙකු නැති ගෘහයක මවගේ ප‍්‍රධානත්‍වය දැකිය හැක. මව්පිය ආරක්‍ෂාව දරුවන්ට ලැබීම පෞරුෂ වර්ධනයට හේතු වේ. නිවසක සමානාත්මතාවය තිබිය යුතු අතර එය යහපත් දරුවෙකු සමාජයට බිහිවීමට හේතු වේ. එමෙන්ම ආදරය, කරුණාව ආදිය දරුවා වසන සමාජයෙන් නිරතුරුව ලැබීම ද සමාජානුයෝජනයට හේතු වේ. දෙමව්පියන්ගෙන් තොර දරුවන් අපරාධවලට යොමු වේ. තරුණයෙකු තම මව අනුකරණයට යෑම තුළින් ගැටළු ඇති වේ. ඔහු විවහා වූ විට පවුලේ කටයුතු බිරිඳට පවරයි. නායකත්‍වය දැරීමට බිරිඳට නොහැකි වුවහොත් එම පවුල විනාශ වේ. දියණියක් තම පියා අනුකරණයට යෑමෙන් ද මෙබඳු ප‍්‍රතිඵල ඇති වේ. නමුත් දියණියකට තම පියාගේ ගුණාංගයන් තම ස්වාමි පුරුෂයාගෙන් ප‍්‍රාර්ථනා කරන්නේ නම් එය සාධනීය ලක්‍ෂණයකි. පවුල තුළ තරුණ, තරුණියන් වෙන වෙනම සමාජානුයෝජනය කරයි. මොවුන් තුළ ඇඳුම් පැලඳුම් පමණක් නොව චර්යාත්මක වෙනසක් ද ඇත. ලිංගිකත්‍වය මත පදනම්ව ඔවුන් ප‍්‍රථමයෙන්ම සමාජානුයෝජනය කරන්නේ පවුල තුළිනි. ආසියාතික රටවල් වලට වඩා බටහිර රටවල් වල දරුවන් සහ දෙමව්පියන් අතර සම්බන්ධය සීමිත කාලයක් පවතී.
විශාල සාමාජිකයන් පිරිසක් සහිත අතීත විශෘත පවුලක් තුළ එක් පුද්ගලයෙකු අවස්ථා කිහිපයකදී සමාජානුයෝජනය විය. සංස්කෘතික හරපද්ධතිය පරම්පරාවෙන් දායාද විය. වර්තමානයේ න්‍යෂ්ටික පවුලක් තුළ මේ තත්‍වය ම`ග හැරී ගොස් ඇති බවක් දක්නට ලැබේ. වර්තමාන පවුලක් තුළින් යම් පමණක සමාජානුයෝජනයක් සිදුවන බව පිළිගත යුතුය. කුඩා කල ඉගෙන ගන්නා දෙය ජීවිත කාලයටම වැදගත් වේ. ‘ජෝර්ජ් හර්බට්ට’ අනුව සමාජානුයෝජන ක‍්‍රියාවලියේ ඉතාමත් වැදගත් සිදුවීම් ඇති වන්නේ ළමා කාලයේදීය. පවුල තුළ සිදුවන මෙම ක‍්‍රියා කාරිත්‍වය පෞරුෂ වර්ධනයට බෙහෙවින් බලපානු ලැබේ. මෙලොව සිටින සත්‍වයන් අතරින් කථන හැකියාව ඇත්තේ මිනිසාට පමණි. ළදරුවෙකු මුලින්ම අපැහැදිළි ලෙස වචන උච්චාරණය කරණ අතර පසුව මව්පිය ආදීන් අනුකරණයට පැමිණෙයි. එම බස ජිවිතය පුරාවටම උච්චාරණය කරයි. ‘ජෝර්ජ් හර්බඞ් මිඞ්’ පෙන්වාදෙන ආකාරයට සමාජ අන්‍යෝන්‍ය ක‍්‍රියාවලිය ඇති කිරීමට හේතුවන්නේ භාෂාවයි. ඒ අනුව මෙම කරුණු වලින් ළදරුවෙකු ප‍්‍රාථමික සමාජානුයෝජනය සහ ඉන් ඉදිරියට ද්විතීයික සමාජානුයෝජනයට පැමිණ වීම පවුලක් සතු මූලික කාර්ය භාරයක් බව පැහැදිළි වේ. පවුල තුළින් ලැබිය යුතු සමාජානුයෝජනයෙන් දරුවෙකු තොර වූ විට එම දරුවා සමාජ සම්මතය ඉක්මවා යන්නෙක් බවට පත් වේ. එබඳු පවුල් අපරාධ විද්‍යාව තුළ බිඳුණු පවුල් ලෙස හඳුන්වයි. එම පවුල් වල ලක්‍ෂණ ‘ඊ. එච්. සදර්ලන්ඞ්’ නම් විද්‍යාඥයා මෙසේ දක්වයි.
x පවුල් සාමාජිකයන් සාපරාධීන්, දුරාචාරීන් හෝ සුරාසො`ඩුන් වීම.
x මරණය, දික්කසාදය හෝ අතහැර යාම නිසා දරුවා දෙමව්පියන් ල`ග නොවීම.
x නූගත්කම, අන්‍ධ බව හෝ වෙනත් ඉන්‍ද්‍රිය දෝෂයක් නිසා මව්පිය පාලන අඩුපාඩු.
x එක් සාමාජිකයෙකුගේ අධිපති බව, අනිසි පක්‍ෂපාතිත්‍වය, පමණට වඩා රළු බව, නොසලකා හැරීම, ජාති ආගමික වෙනස්කම් පැවතීම.
පවුලක මෙබඳු තත්‍වයන් නිසා විධිමත් සමාජානුයෝජනයක් පවත්වා ගැනීම දුෂ්කර වේ. ‘ඍග ඛග ීචැසැර’නම් සමාජ විද්‍යාඥයා ඹසැකඑැඒක ක්‍යසකා නම් කෘතියේදී බිඳුණු පවුල් වර්ග කිහිපයක් දක්වා ඇත.
03.සමාලෝචනය
පුද්ගලයා සමාජ සත්‍වයෙකු ලෙස පළමුවෙන්ම පවුල කේන්‍ද්‍ර කරගෙන නිර්මාණය වේ. පවුල සමාජානුයෝජනයේ මුල්ම ඒකකයයි. පුද්ගලයෙකුට ලෝකයේ තනිව ජීවත් විය නොහැක. අනෙකුත් පිරිවර ජනතාවගේ සහයෝගයෙන් දිවිපැවැත්ම තහවුරු කර ගනු ලැබේ. ඊට මූලික අඩිතාලම පවුලේ ජීවත්වන මව පියා ඇතුලූ පිරිස සකසා දෙනු ලැබේ. ඒ අනුව ළදරුවෙකු සමාජයට බිහිවී ක‍්‍රමයෙන් ප‍්‍රාථමික සමාජානුයෝජනයට නතුවන ආකාරය මෙම නිබන්‍ධනය තුළ ඉතා ගැඹුරින් සාකච්ඡුා කොට ඇත.
ළදරුවෙකු ගත් විට විශේෂයෙන් ඔහු මව හරහා මුලින්ම සමාජානුයෝජනය වේ. නූතනයේ ලංකා සමාජය ගත් විට එහි විධිමත් සමාජානුයෝජන ක‍්‍රම විද්‍යමාන වන අතර ඒවායේ ද යම් යම් අඩුපාඩු දක්නට ලැබේ. සමාජානුයෝජන කාරක අතර පවුලට මූලිකත්‍වය හිමිවන අතර පවුල තුළින් නිවැරදිව සමාජානුයෝජනය නොවුන හොත් එබඳු පවුල් බිඳුණු පවුල් ඒකක ලෙස හැඳින්වේ. එබඳු පවුල් හරහා නිර්මාණය වන දරුවන්ගේ ජීවිත අසාර්ථක මාවතකට ගමන් කරනු ලැබේ. සමාජ දුරාචාරයට එබඳු දරුවන් ල`ගා වේ. ඊට හේතුව නිසි ලෙස සමාජානුයෝජනය නොවීමයි. ඒ අනුව විධිමත් සමාජානුයෝජන ක‍්‍රියාවලිය තුළ පවුලේ කාර්යභාරය මෙම නිබධනය තුළ වියතුන්ගේ මත ආශ‍්‍රයෙන් විවරණය කොට ඇත. මෙහි සඳහන් යහපත් ආකල්ප ක‍්‍රියාත්මක කිරීම තුළින් යහපත් පුරවැසියෙකු බිහිවීම නියත කරුණකි.
04. ඇසුරු කළ පොත පත
ද්විතීයික මූලාශ‍්‍රය
අමරසේකර, දයා, සමාජ විද්‍යාවේ මූලික සංකල්පය, ප‍්‍රකාශනය-ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-1948
නාගිත හිමි, මහපුලියන්කුලම, සමාජ විද්‍යාවේ මූලිකාංග, ප‍්‍රකාශනය-තරංග ප‍්‍රින්ට්ස්, කුලියාපිටිය, ප‍්‍රථම මුද්‍රණය-1998
මනරත්න, එම්. පී, ස්ත‍්‍රී පුරුෂ සමාජ භාවය හා පවුල, ප‍්‍රකාශනය-ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-2003
රත්නපාල, නන්‍දසේන, සමාජ විද්‍යාව හා මානව විද්‍යාව, ප‍්‍රකාශනය- ආරිය ප‍්‍රකාශකයෝ, බෞද්ධ විද්‍යාල මාවත, වරකාපොල, ප‍්‍රථම මුද්‍රණය-2007
රත්නපාල, නන්‍දසේන, සමාජ විද්‍යාවේ මූලධර්, ප‍්‍රකාශනය-සීමාසහිත ස්ටැම්ෆර්ඞ් ලේක් සමාලම, ප‍්‍රථම මුද්‍රණය-1986
රන්ජන්, ධර්ම ශ‍්‍රී, ශ‍්‍රී ලංකා සමාජයෙහි දාරක සමාජානුයෝජනය, ප‍්‍රකාශනය- එස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, ප‍්‍රථම මුද්‍රණය-2007
සමරකෝන්, මයුර, මූලික සමාජ විද්‍යාව, ප‍්‍රකාශනය-ලස්සන මුද්‍රණ ශිල්පියෝ හා ප‍්‍රකාශනයෝ, ප‍්‍රථම මුද්‍රණය-2005
හේරත්, එම්. එම්. සී. ආර්, ඥාතිත්‍වය, ප‍්‍රකාශනය-තරංගි ප‍්‍රින්ට්ස්, මහරගම, ප‍්‍රථම මුද්‍රණය-1999
ඛ්චසැරග ඍැඉැරඑල ීදජස්ක ඡුිහජයදකදටහ ඵජටර්අ ්‍යසකකල භැඅ ශදැන ත්‍්ැපිඅදරඑයල ඡුග ඍග- 1942ල චග57
ඵැරසකක ත්‍ර්බජසිල ෑල ‘‘ීදජසැඑහ ්බා ජමකඑමරු’’ ෑබට’ැඅදදා ක්‍කසෙෙිල භැඅ න්‍ැරිැහ ඡුරුබඑසජැ ්‍ය්කකල 1961ල ඡුග153
ඡුදචැබල ෘ්ඩසාල ිදජසදකටහල ඡුරුබඑසජැ ්‍ය්කක ෂබජල භැඅ ෘැකයසල 1998 ඡුග350
ීමඑයැරක්බා ෑල ඡුරසබජසචකැි ධෙ ක්‍රසපසබදකදටහල ක්‍රුිිැහ ෘග ඍග- න්‍ග ඊග ඛසචචසබජදඑඑ ක්‍දපච්බහ- භැඅ ශදරනල 1960ල ඡුග101ග
තෘතීයික මූලාශ‍්‍රය
විජේසුන්දර, තිලක්, සහාය කථිකාචාර්ය, සමාජ විද්‍යා අංශය, රුහුණු විශ්ව විද්‍යාලය, පවුලේ කාර්ය භාරයන්හී මෑත කාලීන වෙනස්කම්, සම්භාෂා 12 වැනි කලාපය, 2002, පිටු අංක-383