UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 09/13/18

Thursday, September 13, 2018

Job interviews



සම්මුඛ පරීක්ෂණයකදී ඉංග්‍රීසියෙන් කතා කරන්න ඔබට මඟ පෙන්වීමක්

අද කාලයේ හොඳ රැකියාවක් ලබා ගන්නවා කියන්නේ ලොකු අභියෝගයක්. අද වන විට බොහෝ සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි හොඳින් කතා කරන්න පුළුවන් සමහර අය වුණත් ආතතිය නිසා මෙවන් සම්මුඛ පරීක්ෂණ වලට හොඳින් මුහුණ දෙන්නේ නැහැ. ඒ නිසා ඔබේ ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව එතරම් හොඳ නැතිනම් ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉංග්‍රීසියෙන් මුහුණ දෙන හැටි ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්. ඒ නිසා අපි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දීමේදී ඉංග්‍රීසියෙන් කතා කරන්න අවශ්‍ය වන දැනුම මේ ලිපියෙන් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. අපි පහත සඳහන් කරලා තියෙන්නේ රැකියා සම්මුඛ පරීක්ෂණ වලදී වැඩිපුරම අහනවා කියලා සම්මත වෙච්ච ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට ලබා දෙන්න පුළුවන් ආදර්ශ පිළිතුරු කිහිපයක්. මේ ප්‍රශ්න සහ පිළිතුරු කියවලා ඒවායේ අදහස හිතට ගත්තාම ඔයාට පුළුවන් ඒක ඔයාගේ අවස්ථාවට අදාළ වෙන විදිහට ඔයාගේ විස්තර එකතු කරලා සකසාගන්න. අපි දැන් මේ ප්‍රශ්න මොනවද කියලා බලමු.

අපට ඔබ ගැන කියන්න

සාමාන්‍යයෙන් ඕනෑම සම්මුඛ පරීක්ෂණයකදී ඉස්සෙල්ලම අහන්නේ මේ ප්‍රශ්නය තමයි. ඒත් එය ඔබෙන් විවිධ ආකාරයෙන් අහන්න අවස්ථාව තියෙනවා. පහත සඳහන් කරලා තියෙන්නේ ඒ වගේ විධි තුනක්. එකම ප්‍රශ්නය වෙනස් විධි වලින් අහන්න පුළුවන් නිසා ඔබ ටිකක් අවධානය යොමු කරලා බලන්න ඔවුන් අහන්නේ මේ ප්‍රශ්නයම වෙනත් විදිහකට ද කියලා.

Tell us about yourself

Please introduce yourself to me

We would like to get to know about you

අපි බලමු දැන් ඔයා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ කොහොමද කියලා, මෙතැනදී ඔයා ඉන්නේ කොහේද, ඔයාගේ වයස කීයද වගේ ඒවා නැතුව රැකියාවට අදාළ වන ඔයාගේ සුදුසුකම් වගේ දේවල් ගැන තමයි කියන්න ඕනේ.
හැමෝටම භාවිතා කරන්න පුළුවන් වන විදිහේ පොදු උත්තරයක් තමයි අපි ඔයාට කියලා දෙන්නේ. ඒ නිසා ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ විස්තර දාලා මේ උත්තරය ඔයාට අවශ්‍ය වන විදිහට වෙනස් කරගන්න.

ඔයා කළින් රස්සාවක් කරලා තියෙනවා නම්;

Good Morning, I am Kushal Perera.

I have been working in the field of marketing for three years now.

I have extensive hands on experience on designing marketing campaigns.

අපි තවත් උදහරණයක් ගමු. මේක ගැළපෙන්නේ ඔයා මීට පෙර රැකියාවක් කරලා නැති අවස්ථාවකදී,

Good afternoon, I am amal

I completed advanced levels in arts stream and I obtained a diploma in tourism from the University of Technology.

I possess good speaking and negotiation skills.

Why did you apply for this job?

Why are you interested in this position at our company?

What brings you here?

මේ විදිහට ඔබ අදාළ තනතුරට අයදුම් කළේ ඇයි කියලා ඔවුන් ඔබෙන් අහන්න පුළුවන්. මේකත් අපි කළින් කිව්වා වගේම අදාළ සම්මුඛ පරීක්ෂණයට ගැළපෙන විදිහට තමයි කියන්න ඕනේ. විශේෂයෙන්ම එම තනතුරට ඔබ දක්වන කැමත්ත සහ එයට ඔබ සුදුසු වන්නේ ඇයි කියලා මේ පිළිතුරෙන් ඔබට සම්මුඛ පරීක්ෂණය පවත්වන පුද්ගලයන්ට දන්වන්න පුළුවන්. මේ පිළිතුරෙන් තමයි ඔබට රැකියාව ලැබෙනවාද නැද්ද කියන එක බොහෝ දුරට තීරණය වෙනවා. ඒ නිසා අපි ලබාදෙන උදාහරණ ඔයාගේ තොරතුරු දාලා ඔයාට ගැළපෙන විදිහට වෙනස් කර ගන්න.

I’m always passionate about latest trends in the hotel industry and therefore I applied to this Job.


I think with my previous experience in the hotel industry I would be able to perform the duties related to this job very well.

I applied for this job because it aligns with my career goals

I believe my skills and the educational background qualifies me for this job


ඔබ තව වසර පහකින් ඔබව දකින්නේ කොහොමද?

මේ ප්‍රශ්නයෙන් ඔබෙන් අහන්නේ ඔබේ අනාගත අරමුණු ගැනයි. තව වසර පහකට පසුව ඔබේ වෘත්තීය ජීවිතයේ ඔබ ළඟා වන්න සිතා සිටින ඉලක්ක ගැන තමයි ඔවුන් විමසන්නේ. ඔබට හොඳ අරමුණක් තිබෙනවා නම් බිය නැතුව ඒ ගැන ප්‍රකාශ කරන්න. ඔබට පරීක්ෂණ මණ්ඩලයේ විශ්වාසය දිනා ගැනීමට ඒ තුළින් පුළුවන්.
මේ ප්‍රශ්නය ඔබෙන් මේ ආකාරයෙන් අහන්න පුළුවන්.


ඉංග්‍රීසි භාෂාවෙන් ස්තූති කරන්න පුළුවන් විවිධ විධි


ඉංග්‍රීසි භාෂාවෙන් ස්තූති කරන්න පුළුවන් විවිධ විධි

කවුරුහරි අපිට උදව්වක් කරාම අපිට ඉබේටම වගේ කියවෙන්නේ “Thank You” (තෑන්ක් යූ) කියලා. ඉංග්‍රීසි වචනයක් වුණාට “Thank You” කියන එක අපිට සිංහල වචනයක් වගේම ඉතාම සමීපයි සහ ඒක අපේ වචන මාලාවට එකතු වෙලා තියෙනවා. අපි හැමෝම එදිනෙදා ජීවිතේ අනිවාර්යයෙන්ම භාවිතා කරන වචනයක් බවට “Thank You” පත් වෙලා ගොඩක් කල්. සමහර වෙලාවට “Thank You” වලට සිංහල වචනය වන ඔබට ස්තූතියි කියලා කිව්වමයි අපිට නුහුරු ගතියක් දැන්නෙන්නේ. ඉතිං අපේ ජීවිතයට මෙච්චර සමීප “Thank You” කියන්න ඉංග්‍රීසි භාෂාවේ විවිධ විධි ගොඩක් තියෙනවා. සිංහල භාෂාවෙනුත් ඔබට ස්තූතියි, ඔබට කෘතඥ වනවා, ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා ආදී ලෙස විවිධ විදිහට ස්තූති කරලා කතා කරන්න පුළුවන් නේ. ඉංග්‍රීසි භාෂාවේත් ඒ වගේම තමයි. අපි මේ ලිපියෙන් ඔයාලට කියලා දෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් “Thank You” කියලා කියන්න පුළුවන් විවිධ ක්‍රම ගැන.

ඉංග්‍රීසියෙන් ස්තූති කරන්න භාවිතා කරන විවිධ වාක්‍ය අතර ඔබට ස්තූති එහෙමත් නැත්තනම් “Thank you” කියන වචනය යෙදී තිබෙන වගේම එම වචනය යෙදී නැති වාක්‍යත් අපිට හමු වෙනවා. එලෙස ස්තූති යන වචනය භාවිතා වෙන්නේ නැති වාක්‍ය වල තේරුම ඔබට බැලූ බැල්මට වෙනත් අර්ථයක් දෙනවා වගේ තේරුම් යාවි. එහෙත් එම වාක්‍ය භාවිතා වන්නේත් ස්තූතිය ප්‍රකාශ කරන්නයි. වෙනසකට තියෙන්නේ වෙනත් වචන භාවිතා කරමින් ස්තුතිය පළ කිරීමයි. එවන් වැකි වල ඔබ තේරුම ගත යුත්තේ එම වාක්‍ය ප්‍රකාශ කරන වාතාවරණය අනුවයි. මේ ලෙසට ස්තුතිය පළ කළ හැකි විවිධ විධි භාවිතා කරන ඕනේ ඒවාට ගැළපෙන අවස්ථාවලදී පමණයි. අපි දැන් බලමු ඒ විධි සහ අවස්ථා මොනවාද කියලා.

පුද්ගලයෙක්ට සාමාන්‍යයෙන් ස්තූති කිරීමේදී…..

එදිනෙදා ජීවිතයේදී සාමාන්‍යය සිදු වීමකදී පහත ආකාරයෙන් ස්තූති කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබට කවුරුන් හෝ තේ කෝප්පයක් පිරිනැමූ විට නැත්තම් කාගෙන් හෝ පාරක් අසා ගත් විට, කඩේකින් භාණ්ඩයක් මිලදී ගත් විට මේ ලෙස ස්තූති කරන්න පුළුවන්.

Thank You – ඔබට ස්තූතියි
(තෑන්ක් යූ)

බහුලවම ස්තූති කරන්නට යොදාගන්නා පදය මෙයයි. එදිනෙදා ජීවිතයේදී හා රාජකාරී අවස්ථාවලදී මෙය යොදාගැනීමේ හැකියාව තිබෙනවා. ඉතාම සාමාන්‍යය විදිහට ස්තූති කරන්න මේ විදිහට පුළුවන්.

Thanks – ස්තූතියි
(තෑන්ක්ස්)

ස්තූති කරන්න යොදාගන්න පුළුවන් කෙටිම විදිහ තමයි මේ. මෙය සාමාන්‍ය ජීවිතයේදී පවුලේ අය, යහළුවන් හා සම තත්වයේ අයට ස්තූති කරන්න යොදාගත්තාට ඔබට වඩා ඉහළ අයත් සමඟ කතාවේදී යොදාගන්න එපා.

Thank you very much/Thanks so much/Thanks a bunch – බොහොම ස්තූති
(තෑන්ක් යූ වෙරි මච්)/(තෑන්ක්ස් සෝ මච්)/(තෑන්ක්ස් අ බන්ච්)

ඔබේ ස්තුතියේ වටිනාකම ටිකක් වැඩි කරන්න සහ විනීත බව බව වැඩි කරන්න මේ ලෙසට පුළුවන්

Thanks a million – මිලියන වාරයක් ස්තූති
(තෑන්ක්ස් අ මිලියන්)

ඔබේ හිතවතුන්ට ස්තූති කිරීමට මෙය භාවිතා කරන්න. ඔවුන්ගේ උදව්ව ඔබට ඉතාමත් වටිනා බව මෙමඟින් දැනවේවි.

කවුරුන් හෝ ඔබට උදව්වක් කළ අවස්ථාවකදී…..

ඔබ යම් අයෙකුගෙන් උදව්වක් ඉල්ලූ විට ඒ පුද්ගලයා ඔබට කැමැත්තෙන්ම ඒ උදව්ව කරන්න පුළුවන්. ඒ වගේම සමහරවිටක ඔබ අහන්නෙත් නැතුව ඔබට උදව් උපකාර කරන්න පුළුවන්. ඒ වගේ අවස්වකදී ඔබ සාමාන්‍යය අයුරින් ස්තූති කරනවාට වඩා මේ විදිහට ස්තූති කරොත් ගොඩක් හොඳයි.

කෙනෙක් කළ උදව්වට සහ ඔවුන්ගේ කාරුණික බවට මෙලෙස ස්තූති කරන්න පුළුවන්.

That’s very kind of you – ඔබ එය සිදු කිරීම ඉතා කාරුණිකයි.
(දැට්ස් වෙරි කයින්ඩ් ඔෆ් යූ)

යම් අයෙක් කළ උදව්වක් නිසා ඔබේ දවස ප්‍රසන්න, යහපත් එකක් බවට පත් වුණා නම් ඉහත සඳහන් ලෙස ස්තූති කරන්න. මේ වාක්‍යයෙන් ප්‍රකාශ වෙන්නේ ඔවුන්ගේ කරුණාවන්ත බවට වඩා ඔබ එම උදව්ව ඉතා අගය කරනවා යන වගයි.

You made my day – ඔබ මගේ දවස යහපත් කළා
(යූ මේඩ් මයි ඩේ)

මෙයින් අදහස් කරන්නේ ඒ පුද්ගලයා කළ දෙයින් ඔබ ඉතා සතුටට පත් වුණා හෝ ඔබට විශේෂිත බවක් දැනුණා යන්නයි. ඔබ ගැන සොයා බැලීම සහ ඉතා හොඳ පුද්ගලයෙක් ලෙස ඔබට සැළකීම සම්බන්ධයෙන් මේ විදහට ස්තූති කරන්න පුළුවන්.

You are awesome – ඔයා නියමයි
(යූ ආර් ඕසම්)

ඔබට කිරීමට හෝ සිතීමට අපහසු දෙයක් අන් අයෙක් සිදු කළ විට ඔබට හිතනවා නේද “ෂා මාරයි” කියලා. ඒ වගේ දෙයක් තමයි මෙයින් කියවෙන්නේ. ඔබට කරන්නේ කෙසේදැයි සිත සිතා සිටී දෙයක් අන් අයෙක් සිදු කළ විට මෙලෙස පවසා ඔවුන්ව අගය කරන්න පුළුවන්.

යම් විශේෂිත දෙයක් වෙනුවෙන් පුද්ගලයෙක්ට ස්තූති කිරීමේදී…..

ඔබට මඟ පෙන්වූ ඔබත් සමඟ දැනුම බෙදා හදාගත් පුද්ගලයින්ට ස්තූති කිරීමට මේ ලෙසින් පුළුවන්.

Thank you for your guidance. – ඔබේ මඟ පෙන්වීමට ස්තූතියි
(තෑන්ක් යූ ෆෝ යුවර් ගයිඩන්ස්)

Thanks for explaining this to me. – මට මෙය පැහැදිලි කරාට ස්තූතියි
(තෑන්ක්ස් ෆෝ එක්ස්ප්ලේනින් දිස් ටු මී)

ඔබව බලන්න ඔබ සිටනා තැනකට පැමිණි විට ඒ වෙනුවෙන් යම් අයෙකුට මේ විදිහට ස්තූති කරන්න.

Thank you for stopping by. – නැවතී ගියාට ස්තූතියි
(තෑන්ක්ස් ෆෝ ස්ටෝපින් බයි)

යම් අයෙක් කළ විශේෂිත උදව්වකට ස්තූති කිරීමට අවශ්‍යයි නම් “Thanks for..” ලෙස පවසා ඊළඟට ඔවුන් කළ උදව්ව සඳහන් කරන්න.

Thanks for ……… .- ස්තූතියි ……. (අනෙක් පුද්ගලයා ඔබ වෙනුවෙන් කළ දෙය සඳහන් කරන්න)
(තෑන්ක්ස් ෆෝ…….)

යම් අයෙක් බලාපොරොත්තු නොවූ දෙයක් ඔබ වෙනුවෙන් කළොත්…..

අපි දන්නවා අපේ සමහර නෑදෑ හිත මිතුරෝ අපි ඔවුන් සිදු කරාවි යැයි බලාපොරොත්තු නොවන එහෙත් අපට ඉතා වටිනා උදව් කරනවා. සමහරවිටක ඒ උදව් අපිව පුදුමයටත් පත් කරන්න පුළුවන්. එවන් අවස්ථාවකදී ඔබට ස්තූති කිරීමට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට පුළුවන්.

I don’t know what to say – මම දන්නේ නැහැ කුමක් කියන්නද කියලා
(අයි ඩෝන්ට් නෝ වට් ටු සේ)

මේ කියමනින් අදහස් කරන්නේ ඔබට කිසි දෙයක් කියන්න තේරෙන්නේ නැහැ කියලා කියන එක නෙමෙයි. යම් අයෙක් ඔබට වචනයෙන් කියලා නිම කරන්න බැරි තරම් උදව්වක් කළ විට ඉහත සඳහන් ලෙස ස්තූති කරන්න පුළුවන්.

යම් අයෙක් ඔබ වෙනුවෙන් විශේෂයෙන්ම මහන්සි වී ඔවුන්ගේ දේවල් පවා පසෙකලා ඔබ වෙනුවෙන් උදව්වක් කරනවා නම් ඒ පුද්ගලයාට ස්තූති කරන්න පහත සඳහන් විධි වලට පුළුවන්

Oh, you shouldn’t have done it – ඔබට එය නොකර සිටින්නට තිබ්බා
(ඕ, යූ ෂූඩ්න්ට් හෑව් ඩන් ඉට්)

ඔබ වෙනුවෙන් මහන්සි වී ඔවුන් ගැනත් නොසිතා ඔබට ලොකු උදව්වක් කළ විටක මෙය භාවිතා කළ හැකියි. මේ වාක්‍යයෙන් ඒ පුද්ගලයා කළ දෙයට ඔබේ අකමැති බවක් පෙන්නන්න්නේ නැහැ. ඔබ එය ඉතා අගය කරනවා යන අදහස තමයි ලබා දෙන්නේ.

How thoughtful of you! – ඔබ කොතරම් ඒ ගැන සිතා කටයුතු කර තිබෙනවාද!

(හව් තෝට්ෆුල් ඔෆ් යූ)

අපි හැමෝම දන්නවා සමහර පුද්ගලයින් අන් අය ගැන ගොඩක් සිතනවා කියා. ඉතා කාරුණිකව ඔබ ගැන සිතා කළ උදව්වක් අගය කරන්න මෙලෙස පවසන්න.

රාජකාරීමය කටයුතු වලදී ස්තූති කිරීම…..

යම් රාජකාරි කටයුත්තකදී ඔබට අන් අයෙක් පිළිතුරු දැක්වූ විට හෝ ඔබ හා සම්බන්ධ වූ විට ස්තූති කරන්න මේ ලෙසට පුළුවන්.

Thank you for contacting me. – මා හා සම්බන්ධ වුණාට ස්තූතියි
(තෑන්ක් යූ ෆෝ කන්ටෑක්ටින් මී)

Thank you for your prompt reply. – ඉක්මන් පිළිතුරට ස්තූතියි.
(තෑන්ක් යූ ෆෝ යුවර් ප්‍රොම්ප්ට් රිප්ලයි)

තව දුරටත් පහත සඳහන් විදිහට පුළුවන් ඔබට රාජකාරීමය අවස්ථාවලදී ඇති වන තත්වයන් වලදී ස්තූති කිරීමට. “Appreciate” සහ “Grateful” කියන්නෙත් ස්තූති කියන්න යොදාගන්න පුළුවන් තවත් වචන දෙකක්.

I appreciate your feedback. – ඔබගේ ප්‍රතිචාරය අගය කරනවා
(අයි ඇප්රිශියේට් යුවර් ෆීඩ්බැක්)

I’m grateful for your assistance. – ඔබගේ සහයට කෘතඥ වනවා.
(අයිම් ග්‍රේට්ෆුල් ෆෝ යුවර් ඇසිස්ටන්ස්)

ඔබගේ වැදගත් අරමුණක් ඉටු කර ගැනීමේදී සහය වූ අයෙකුට ස්තූති කරන විට…..

ඔබේ ජීවිතයේ වටිනා අරමුණක් ඉටු කර ගැනීම ඔබට ඉතා වටිනවා. බොහෝ අවස්ථාවලදී එය තනිව සිදු කිරීම අපහසුයි. ඒ සඳහා ඔබට විවිධ පුද්ගලයින්ගේ සහය ලැබෙන්න පුළුවන්. එවන් පුද්ගලයින්ට ස්තූති කිරීම ඉතා වැදගත්.

ඔබගේ සාර්ථකත්වය කරා යෑමට අත හිත දුන් පුද්ගලයින්ට ස්තූති කරන්න පහත සඳහන් ආකාරයට හැකියි.

I couldn’t have done it without you. – ඔබ නොමැති නම් එය මට කරන්නට වෙන්නේ නැහැ
(අයි කුඩන්ට් හෑව් ඩන් ඉට් විතවුට් යූ)

මෙයින් අදහස් කරන්නේ ඔවුන්ගේ උදව්ව නොමැති වූවා නම් ඔබට එම ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාවක් නොලැබෙන බවයි. මේ තුළින් ඔබට ඒ උදව්ව ඉතා අගය කරන බව පෙන්වීමට හැකියි.

I really want to thank you for your help. – මට ඇත්තටම ඔබේ උදව්වට ස්තූති කරන්න ඕනේ
(අයි රියලි වෝන්ට් ටු තෑන්ක් යූ ෆෝ යුවර් හෙල්ප්)

I really appreciate everything you’ve done. – මම ඔබ කළ සියළු දේ ඇත්තටම අගය කරනවා
(අයි රියලි අප්රිශියේට් යුවර් හෙල්ප්)

ඔබේ අමාරු අවස්ථාවකදී යම් අයෙක් සහය දැක් වූ විට…..

ඔබේ ජීවිතයේ අමාරු අවස්ථාවකදී යම් අයෙක් උදව්වට පැමිණෙන එක කොතරම් වටිනා දෙයක්ද කියලා හැමෝම දන්නවා. එවන් කරදරකාරී අවස්ථාවකදී ඔබට උදව් කරන පුද්ගලයන්ට පහත සඳහන් ලෙස විශේෂ විදිහට ස්තූති කරන්න. ඔබ ඔවුන්ගේ සහය කොතරම් අගය කරනවාද කියා ඔවුන්ට සතුටක් දැනේවි.

I’m really grateful for your help. – ඔබගේ උදව්වට මම කෘතඥ වනවා
(අයිම් රියලි ග්රෙට්ෆුල් ෆෝ යුවර් හෙල්ප්)

This means a lot to me. – මෙය මට ගොඩක් වටිනවා
(දිස් මීන්ස් අ ලොට් ටු මී)

මෙලෙසින් පවසන්නේ යම් උදව්වක වටිනාකම කියා නිම කළ නොහැකි බවයි.

I owe you one. – මම ඔබට ණයගැතියි
(අයි ඕව් යූ වන්)

ඔබ ඒ පුද්ගලයාගෙන් ණයක් ගත් බව මෙයින් අදහස් කරන්නේ නැහැ. එම උදව්ව ඔබට මිල කළ නොහැකි බව මෙයින් දන්වනවා. යම් අයෙක් ඔබට කළ උදව්වට ඔබ ඔවුන්ට ණයගැති බව හැඟෙනවා නම් සහ කෙදිනක හෝ අවස්ථාවක් ලැබුණු විට ඔබ ඔවුන්ට ප්‍රතිඋපකාර දැක්වීමට සූදානම්ව සිටිනවා නම් ඉහත ආකාරයට ස්තූති කරන්න හැකියි.

අපි දැන් දන්නවා යම් අයෙක් උදව්වක් කළ විට ස්තූති කරන්නේ කොහොමද කියලා. ඒ වගේම කවුරුන් හෝ ඔබට ස්තූති කළ විට එයට පෙරළා ප්‍රතිචාර දැක් විය යුතු අයුරු ඔබ දන්නවාද? යම් අයෙක් අපට ස්තූති කළාම පහත සඳහන් විදිහට අපට ඔවුන්ට පිළිතුරු දෙන්න හැකියි.

රාජකාරීමය සහ සාමාන්‍ය අවස්ථාවලදී යන අවස්ථා දෙකටම යමෙක්ගේ ස්තුතියක් අපිට “You are welcome” (යූ ආර් වෙල්කම්) කියා පිළිගන්න පුළුවන්. සාමාන්‍ය අවස්ථාවක් නම් අපිට “Don’t mention it” (ඩෝන්ට් මෙන්ෂන් ඉට්), “No worries” (නෝ වොරීස්), “Not at all” (නොට් ඇට් ඕල්) ලෙස විවිධ ආකාරයෙන් යමෙක් ස්තූති කළ විට ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඔබ විසින් පිළිගැන්වූ ආහාර වේලකට හෝ සේවාවකට ඔබට කෙනෙක් ස්තූති කළොත් “It’s my pleasure” යනුවෙන් ඔබ පිළිතුරු දීම වඩාත් සුදුසුයි.

උපුටාගැනීමකි