UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 10/24/18

Wednesday, October 24, 2018

පැණි වරකා බලවත් පිළිකා නාශකයක් බව නූතන විද්‍යාඥයින් පර්යේෂණ මගින් පෙන්වා දී තිබේ.


ශ්‍රී ලංකාව මෙන්ම කර්ම කලාපීය රටවල් වල වැවෙන ඉතාමත්ම රසවත් පලතුර ඇති පැණිවරකා ඉතින් නූතන විද්‍යාඥයින් විසින් පැණි වරකා වල පිළිකා නාශක සංඝටක තිබෙන බව නූතන විද්‍යාඥයින් විසින් මේ වන විට පර්යේෂණ මගින් තහවුරු කරගෙන ඇත අද අපි කතා කරන්නේ කොහොමද මෙම සංඝටක මගින් පිළිකා වලට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරනවා
වරකා වර්ධනය වූ විට රාත්තල් 100 පමණ බරක් දරන ශාකයක වර්ධනය වන ලොව විශාලතම පළතුරයි. බංගලාදේශයේ ජාතික පළතුර වන්නේත් වරකායි. වරකා පළතුර සතුව තන්තු, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ සහ විටමින් A, B6, C සහ ප්‍රෝටීන් වැනි විශාල පෝෂණ ගුණයක් අන්තර්ගත වනවා. වරකා මදුලු කෝප්පයක් තුල දිනකට ශරීරයට අවශ්‍ය වන විටමින් B6 25% පමණ අඩංගු වනවා. එළවළු පමණක් ආහාරයට ගන්නා පුද්ගලයෙකුට වාරකා මගින් ශරීරයට අවශ්‍ය කරන විටමින් නිසි පරිදි සපයා ගන්නට පුළුවන්.
“National Cancer Institute” විසින් සපයන තොරතුරු වලට අනුව මිනිසාට වැළදෙන පිළිකා අතරින් මහා බඩවැලේ ඇතිවන පිළිකාව සුව කිරීමට අපහසුම පිළිකාවක් වනවා. වාසනාවකට මෙන් වරකා සතු වන ඖෂධීය ගුණ ඇති මෙම සංයෝගයන් හට මෙම පිළිකාව සාර්ථකව සුව කර ශරීරාංග සවිමත් කර දීමේ හැකියාවක් තිබෙනවා.
මහාබඩවැලේ පිළිකාවසුව කිරීම
වරකා “phytonutrients, isoflavones, lignans සහ saponins” වැනි බලගතු පිළිකා මර්ධක සංයෝගයන්ගෙන් පොහොසත් වනවා. මෙම සංයෝගයන් සපිරි වරකා ආහාරයට ගැනීම මගින් ශරීරයට ඇතිවන ව්‍යාධි සමග සටන් කර පිළිකාව සහ වෙනත් රෝග සුව කිරීමක් සිදු වනවා.
Phytonutrient
ශාකමය පළතුරු තුල පමණක් අන්තර්ගත වන මෙම “Phytonutrient” සංයෝගයට පිළිකා සෛල මුල් අවදියේම විනාශ කර දැමීමේ හැකියාව තිබෙනවා. උදරයේ ඇතිවන පිළිකාව මර්ධනය සඳහා මෙම සංයෝගය වරකා සතුව ප්‍රමාණවත් පරිදි අන්තර්ගත වන අතර මෙම සංයෝගයේ පිළිකා මර්ධන හැකියාව පිළිබඳව තවමත් විද්‍යාඥයන් විසින් පර්යේෂණ සිදු කරමින් සිටිනවා.
Saponin

මහාබඩවැලේ ඇතිවන පිළිකාව සමග සටන් වැදීමට ඇති තවත් පිළිකා නාශක සංයෝගයක් තමයි “Saponin” කියන්නේ. මෙම සංයෝගය ලියුකේමියා සෛල හා සටන් වදින බවත් එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා. මෙවන් පිළිකා නාශක සංයෝගයක් මගින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇතිකර පිළිකා සෛල වර්ධනය වීම වළක්වනවා.
Lignans සහ Isoflavones
මෙම සංයෝග දෙක මගිනුත් ඊස්ට්‍රෝජන් හෝමෝනය මගින් සිදු කරන ක්‍රියාවම සිදු වන බව අධ්‍යයනයන් මගින් සඳහන් කරනු ලබනවා. මේ සංයෝග දෙක මගින් ගර්භක්ෂේත්‍ර පිළිකා අවදානම අඩු කර ගත හැකි බව 2006 වසරේදී කාන්තාවන් 500 යොදා සිදු කරනු ලැබූ අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.
DNA සෛල ආරක්‍ෂා කරදීම
වරකා සතු ප්‍රතිඔක්සිකාරක බලයන් නිසා ශරීරයට සිදු වන රෝග කාරක හා සටන් වැද ශරීරයට ඔක්සිකාරක ආපදා ඇතිවීම වළක්වනවා. වරකා සතු වන තන්තු මගින් මහාබඩවැලේ සහ ආහාර ජීර්ණ මාර්ගයේ ඇති විෂ සහිත සංඝටක පිරිසිදු කර පිළිකා අවදානම තුරන් කරනු ලබනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීම
වරකා සතු විටමින් C සහ සරල සීනි යන සංයෝගයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියවේගවත් කිරීමක් සිදු වනවා.
වරකා සතු පෝෂණ ගුණය සහ වරකා ඔබේ ආහාර වේලට එක්කර ගත යුතු ප්‍රධානතම හේතූන් කිහිපයක්
වරකා මදුලු කෝප්පයක් සතුව කැලරි 155, මේදය ග්‍රෑම් 4 ක්, සංතෘප්ත මේදය, කොලෙස්ටරෝල් සහ සෝඩියම් සුළු ප්‍රමාණයක් අන්තර්ගත වනවා. වරකා තුල විටමින් A, “niacin”, “riboflavin”, “thiamine” සහ“folate” වැනි සංයෝගයන් සහ අත්‍යාවශ්‍ය ඛනිජ අඩංගු වනවා. වරකා සතු සරල සීනි මුළු ශරීර සෞඛ්‍යයටම සුවදායක වනවා. දිනකට අවශ්‍ය වන තන්තු 11% පමණ වරකා මගින් ශරීරයට ලැබෙන අතර එමගින් ආහාර ජීර්ණ පද්ධතිය වර්ධනය වනවා. 

අන්තර්ජාලය ඇසුරිනි