UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: චර්යාවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද

Wednesday, June 28, 2017

චර්යාවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද



අධ්‍යාපන මනෝවිද්‍යාවේ විෂය ක්‍ෂෙත‍්‍රය පුළුල් විමත් සම`ග ඒ පිළිබඳ විවිධ ගුරුකුලාගත මතයන් බිහිවන්නට විය. ඒ අතර චර්යාවාදයට මූලික ස්ථානයක් හිමි විය. චර්යාවාදය න්‍යායක් වශයෙන් උත්පාදනය වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ වුවත් එහි ආරම්භය සිදු වූයේ සම්භාව්‍ය ආරෝපණය ප‍්‍රථමයෙන් ඇති වූ රුසියාවේය. චර්යාවාදය තුළින් පුද්ගල චර්යාව නිරීක්‍ෂණය කරනු ලැබේ. එමෙන්ම මානව චර්යාව පිළිබඳ තවත් ආකාරයකින් හේතු සාධක දැක්වීමක් ප‍්‍රජානනවාදී න්‍යාය තුළින් ඉදිරිපත් වේ. ප‍්‍රජානනවාදීහූ මනුෂ්‍ය චර්යාව කෙරෙහි පරිසරය ඇති කරන බලපෑමේ ප‍්‍රබලතාව පිළිගන්නා අතර පරිසරය සහ ජීවියා අතර ඇතිවන අන්තර් ක‍්‍රියාවලියේදී චින්තනයෙන්, සැළසුම් නිර්මාණයෙන් හා තොරතුරු සැකසීමේ ක‍්‍රියාවලියෙන් ඇතිකරන බලපෑමේ වැදගත්කම ද පෙන්වා දෙයි. චර්යාවාදීන් දක්වන අන්දමට ශිෂ්‍යයා නිෂ්ක‍්‍රීය ආකාරයට යාන්ත‍්‍රිකව ප‍්‍රතිචාර දක්වනවා යන්න ප‍්‍රජානනවාදීන් ප‍්‍රතික්‍ෂේප කරයි. මෙම චර්යාවාදී ඉගෙනුම් න්‍යාය සහ ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳ ඉදිරිපත්ව ඇති විවිධ මතිමතාන්තර මෙහිදී කෙටියෙන් සාකච්ඡුා කිරීමට අපේක්‍ෂා කෙරේ.
එමෙන්ම චර්යාවාදය පිළිබඳ ඉදිරිපත්ව ඇති අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය, එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය සහ ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය යන න්‍යායවල දක්නට ඇති සාධනීය ලක්‍ෂණ පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී භාවිත කළ හැකි ආකාරය සෝදාහරණව විමසීමට ලක්කිරීම ද මෙහි ප‍්‍රධාන අරමුණක් ලෙස දැක්විය හැක.


චර්යාවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද?
ලොවෙල්ට අනුව ඉගෙනුම යනු පුහුණුවේ හෝ අත්දැකීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් පුද්ගල චර්යාවේ සිදුවන දිගුකාලීන, සාපේක්‍ෂ වශයෙන් ස්ථාවර වෙනස්වීමකි. මෙම අධ්‍යාපන මනෝවිද්‍යාව සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ගුරුකුලාගත මතිමතාන්තර අතර චර්යාවාදීන්ගේ මතය ප‍්‍රධාන න්‍යායන් ත‍්‍රිත්‍වයකට බෙදිය හැක.
x අයිවන් පැව්ලෝගේ සම්භාව්‍ය ආරෝපණ න්‍යාය
x එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය
x ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය.
යනුවෙනි.
x අයිවන් පැව්ලෝගේ (ෂඩ්බ ඡු්ඩකදඩ* සම්භාව්‍ය ආරෝපණ න්‍යාය.
පුරුද්ද සංඛේතයක් ලෙස යොදා ගනිමින් චර්යාවේ කිසියම් වෙනසක් ඇතිවීම නම් වූ ඉතා සරල ආරෝපණයක් පිළිබඳ අදහසක් මෙම න්‍යාය තුළින් ඉදිරිපත් වේ.  ඕනෑම සත්වයෙක් උත්තේ්ජක කෙරෙහි ප‍්‍රතිචාර දක්වනු ලැබේ. ගින්දරට අත සමීප කළ සැනින් එය ආපසු ඇද ගැනීම සිදුවන්නේ අප නොදැනුවත්වමය. එය ඉබේ සිදුවන නිසා එම ක‍්‍රියා ප‍්‍රතීක චර්යා ලෙස හැඳින්වේ. ප‍්‍රතීක වශයෙන් ඇතිවන මෙවැනි ප‍්‍රතිචාර කිසියම් නියමිත උත්තේජකයන් වෙනුවට වෙනත් උත්තේජකයක් සම`ග සම්බන්ධ කිරීම ඉතා සරළ ලෙස ආරෝපණය ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ සාමාන්‍ය වශයෙන් සිදුවන ප‍්‍රතිචාරයක් කිසියම් නියමිත උත්තේජකයක් සඳහා ලබා ගැනීමට හුරු කිරීමකි. මේ සඳහා අවශ්‍ය වන පුහුණුව තුළින් චර්යාවේ වෙනසක් සිදුවේ. මෙම චර්යාමය වෙනස දිගුකාලීනව පවතින්නේ ද යන්න තුළ ඉගෙනුමක් සිදුවී ඇද්ද යන්න තීරණය වේ. ආරෝපණයේදී ඉගෙනුමක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සම්පරීක්‍ෂණ මාලාවක් අයිවන් පැව්ලෝ (ෂඩ්බ ඡු්ඩකදඩ* 1927 සිට සිදුකොට ඇත. බල්ලා මස් සඳහා දක්වන ප‍්‍රතිචාරය සීනුවේ ශබ්දයකට ආරෝපණය කරගෙන මෙම සම්පරීක්‍ෂණ කොට ඇත.
මස් - අනාරෝපිත  උත්තේජකය
මස් වලට කෙල ඉනීම - අනාරෝපිත ප‍්‍රතිචාරය
සීනු ශබ්දය - ආරෝපිත උත්තේජකය
සීනු ශබ්දයට කෙල ඉනීම - ආරෝපිත ප‍්‍රතිචාරය
අදාළ ක‍්‍රියාවලිය සිදුකරන වාර ගණන ඉහළ යාමත් සම`ග ප‍්‍රතිචාරයේ ඉහළ යාමක් සහ ස්ථාවර බවක් ද පෙන්නුම් කරයි. සාමාන්‍ය චර්යාවේ සිදුවන උත්තේජක - ප‍්‍රතිචාර (ීඑසපසකස ඍැිචදබිැි* ක‍්‍රියාවලිය ආරෝපිත උත්තේජක - ප‍්‍රතිචාර ක‍්‍රියාවලියක් බවට පරිවර්ථනය වීමක් මෙහිදී සිදුවේ.
සම්භව්‍යතා ආරෝපණයේ දී පැව්ලෝ ඉදිරිපත් කළ වැදගත්ම කරුණ නම් උගත් දේ තහවරු වීම පිළිබඳ අදහසයි. ඉහත සම්පරීක්‍ෂණයේදී මස් වලින් සීනු ශබ්දයට ඉගෙනුම ආරෝපණය වීමක් පෙන්නුම් කරන අතර එය තහවුරු වීමක් ද පැහැදිළි වේ. ඒ අනුව අදාළ උත්තේජක ඇතිවන වාර ගණන ඉහළ යාමේදී ඒ සම`ග බැඳුනු චර්යාව නැවත නැවතත් සිදුවීමට ඇති හැකියාව ස්ථම්භනය (ඍැසබදෙරජැපැබඑ* වශයෙන් අර්ථවත් කෙරේ. අදාළ ඉගෙනුම දිගින් දිගටම ර\පැවැත්මක් මෙහිදී විද්‍යමාන වේ. මෙම අධ්‍යයනය සතුන් ඇසුරින් සිදු කළ ද එය මිනිසාට ද සම්බන්ධ කොට විග‍්‍රහ කිරීමේ හැකියාව ඇත.
බොහෝවිට භාවමය ප‍්‍රතිචාරයන් සම්භව්‍යතා ආරෝපණය ඇසුරෙන් ඉගෙන ගන්නා බව මනෝවිද්‍යාඥයන්ගේ මතයයි. ඇතමුන් මීයන්ට, මකුළුවන්ට සහ කැරපොත්තන්ට බියක් දක්වනුයේ මෙබඳු ආරෝපිත තත්ත්‍වයක් මත බව පැවැසේ. මේ පිළිබඳ සිදුකර ඇති ප‍්‍රත්‍යෙක අධ්‍යනයේදී වැදගත් කරුණු රැුසක් අනාවරණය කරන්නට වොට්සන් සහ රේනර් සමත්වී ඇත. ඔවුන්ගේ මෙම අධ්‍යයනයේදී සම්භව්‍යතා ආරෝපණය මිනිස් ඉගෙනුම් සම්බන්ධයෙන් භාවිත වන ආකාරය පැහැදිළි කර ඇත.

එමෙන්ම ඉගෙනුම් නිවාරණය පිළිබඳ ද පැව්ලෝ විසින් කරුණු ගෙනහැර දක්වා ඇත. ඉගෙනුම් නිවාරණය යනු උගත්දේ මතකයෙන් බැහැරවීමයි. බල්ලා සම්බන්ධ උදාහරණයේදී බල්ලාට සීනුව නාදකොට ආහාර නොලැබී ගියහොත් ඔහු සම්භව්‍යතා ආරෝපණය තුළ ලත් අවබෝධය වෙනස්වී යන අයුරු පැහැදිළි වේ. ඒ අනුව බල්ලාට මෙම තත්ත්‍වය දිගටම සිදුවීමෙන් ඔහු සීනුවේ නාදයට ක‍්‍රියාකාරී වීම සමුපූර්ණයෙන්ම අත්හිටිනු ඇත. මෙය ඉගෙනුම් නිවාරණය ලෙස අපට හඳුනාගත හැක. එසේ නිවාරණය වීමේ වාසි සහ අවාසි ද දැකිය හැක. එමෙන්ම නිවාරණය වූ ප‍්‍රතිචාරයන් සදාකාලිකවම මැකී නොගොස් යළි ඒවා මතකයට පැමිණීමේ හැකියාව ද පවතී. එමෙන්ම මොහු විසින් අන්තරීක ස්ථම්භනය, උත්තේජක ව්‍යාප්තිකරණය සහ උසස් මට්ටමේ ආරෝපණය වැනි සංකල්ප පිළිබඳ ද සංපරීක්‍ෂණ කොට ඇත.
x එඞ්වඞ් තෝන්ඩයික්ගේ ප‍්‍රභෝධක ප‍්‍රතිචාර න්‍යාය
බලලෙකු සම්පරීක්‍ෂණ පෙට්ටියකට ඇතුල් කොට දොර වසා මෙම පරීක්‍ෂණය සිදුකොට ඇත. පෙට්ටිය තුළට සවිකොට තිබූ ලණුව ඇද්ද විට දොර විවරණ වන අයුරින් මෙම පෙට්ටිය නිමවා තිබුනි. පෙට්ටිය සමීපයේ තැබූ ආහාර බඳුන කෑම සඳහා බලලා ඒ මේ අත සැරිසරයි. අනතුරුව කෑගැසීමට ද පටන් ගනියි. අහම්ඹෙන් මෙන් කූඩුවේ ලණුව පෑගී දොර විවෘත වේ. මෙසේ ඔහු පෙට්ටියෙන් ඉවතට පැමිණ කෑම කනු ලැබේ. නැවත ද මෙම බලලා පෙට්ටියට දැමුව ද ටික වේලාවකින් පෙර ක‍්‍රියා අනුගමනයෙන් පෙට්ටියෙන් එළියට පැමිණේ. කිහිප වතාවක් මෙම ක‍්‍රියාවලිය සිදු කිරීමෙන් බලලා එක්වරම ලණුව තදකොට පෙට්ටියෙන් ඉවතට පැමිණ කෑමට හුරුවූ බව සම්පරීක්‍ෂණයෙන් හෙළි විය. මෙම පරීක්‍ෂණයෙන් තොන්ඩයික් හෙළිකර ගත්තේ ඵලය පිළිබඳ න්‍යාය ම`ගින් ජීවීන්ගේ චර්යාව නිරායාසයෙන්ම තීරණය වන බවයි. මෙහිදී ප‍්‍රතිචාරය සහ ඵලය අතර සම්බන්ධතාවක් ඇතැයි තේරුම් ගැනීම අවශ්‍ය නොවන බව ද පෙන්වා දී ඇත. කාලය සහ අනුභූතිය ඇසුරින් ජීවියා විසින්ම උත්තේජක සහ ප‍්‍රතිචාර අතර ඍජු සම්බන්ධතාවක් දැනීමකින් තොරව වුව ද ඇතිකර ගන්නා බව පැහැදිළිය.
x ඊග ත්‍ග ස්කිනර්ගේ ප‍්‍රකාරක ආරෝපණ න්‍යාය.

අති නවීකරණය කළ පෙට්ටියක මොහුගේ පරීක්‍ෂණය සිදුවී ඇත. ඊට ඇතුලූ කළ මීයෙකුට එක්තරා ලීවරයක් තද කිරීමෙන් භාජනය මතට වැටෙන ආහාර කෑමට සැළැස්වීය. මුලදී විවිධ ප‍්‍රතිචාර දැක්වු නමුදු හදිසියේ ලීවරය තද වීමෙන් භාජනය තුළට වැටෙන ආහාර කන්නට පටන් ගනී. මෙම තත්ත්‍වය අවස්ථා කිහිපයකම සිදුවූ විට මීයා ඍජුවම ලීවරය තද කොට කෑම කෑමට උගත් බව පැහැදිළි වේ. මේ අනුව ප‍්‍රකාර ආරෝපණයේදී ක‍්‍රමයෙන් අදාළ නිෂ්ටාව කරා ල`ගාවීමේ මාර්ගයක් වශයෙන් ප‍්‍රතිචාර උගැන්මක් සහ ඒවා තහවුරු වීමක් සිදුවන බව ද පැහැදිළි වේ.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය යනු කුමක් ද?
චර්යාවාදී ඉගෙනුම් න්‍යාය වූ පුද්ගලයන් ස්ථම්භනය වූ අතීත ඉගෙනුම් මත උත්තේජක සඳහා ප‍්‍රතිචාර දක්වන බව පමණක් පැවැසූ මතය ප‍්‍රජානනවාදීන් එය ප‍්‍රතික්‍ෂේප කරනු ලැබේ. ඊට වඩා චින්තනමය කාර්යභාරයක් ඉගෙනුම් ක‍්‍රියාවලියේදී සිදුවන බව ප‍්‍රජානනවාදීන්ගේ මතය විය. උදාහරණයක් ලෙස වාහන පදවන්නෙක් ඉබේම වාහානයක් පැදවීමට අසමත් වේ. වාහනය පැදවීමට පූර්ව අනුභූතීන්  සහ ම`ගියෙකු වශයෙන්  ලැබූ දැනුම වැදගත් වන බවට සැකයක් නැත. ඒ අනුව ප‍්‍රජානනවාදීන් උත්තේජක ප‍්‍රතිචාර ක‍්‍රියාවලියකට අමතරව ප‍්‍රජානන ක‍්‍රියාවලියක අවශ්‍යතාව ද ස්මතු කොට දක්වයි.
ගෙස්ටෝල්ට් න්‍යාය ප‍්‍රථම වරට ඉදිරිපත් කළේ වර්දයිමර් විසිනි. ගෙස්ටෝල්ට් යනු හැඩය, ව්‍යූහය සහ රටාව යන අරුත් දෙන ජර්මන් වචනයකි. ගෙස්ටෝල්ට්වාදීන් පවසන්නේ චර්යාවේදි සමස්ථය මුල්වන බවයි. චර්යාව තේරුම්ගත යුත්තේ සමස්ථයක් ලෙසය. මේ අනුව ප‍්‍රබෝධක - ප‍්‍රතිචාර (ී-ඝඍ* න්‍යාය වෙනුවට ගෙස්ටෝල්ට් වාදීහු සංජානන - ප‍්‍රජානන (ී-ඝධ-ඝඍ* සූත‍්‍රයක් යෝජනා කළහ. මීට අමතරව ගෙස්ටෝල්ට්වාදීන් සංජානනය, රූප පිටුතල සංජානනය, සාමූහිකරණය, ක්‍ෂේත‍්‍රය පිළිබඳ මතය, අභිපේ‍්‍රරණය ආදී න්‍යායන් පිළිබඳ ද කරුණු දක්වා ඇත.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය අතර ටෝල්මන්ගේ (ෑගක්‍ග ඔදකප්බ* සංඥා ඉගෙනුම් න්‍යාය ද වැදගත් වේ.  මීයන් උපයෝගී කරගෙන කළ මෙම සම්පරීක්‍ෂණයෙන් ටෝල්මන් එළඹි නිගමනය වූයේ හුදෙක්ම ආරෝපිත ප‍්‍රතිචාර ම`ගින් උපස්ථම්භක ම`ගින් ඉගෙනීමට අමතරව, බුද්ධිමය ලෙස ප‍්‍රජානනමය සිතියම් ගොඩනංවාගෙන ඉගෙන ගන්නා බවයි. එම ඉගෙනීම අනුෂය වී, නිලීනවී පවතී.
ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය අතර ඇල්බට් බන්ධුරා (්කඉැරඑ ඊ්බාමර්* සහ ඔහුගේ අනුගාමිකයන් ඉදිරිපත් කළ නිරීක්‍ෂණමය ඉගෙනුම මෙහිදී වැදගත් වේ. මෙහිදී සිදුවන්නේ වෙනත් පුද්ගලයෙකුගේ චර්යාවක් ආදර්ශයට ගෙන එය ආකෘතියක් වශයෙන් සළකා කටයුතු කිරීමයි. බන්ධුරා පැහැදිළි කරන ආකාරයට නිරීක්‍ෂණමය ඉගෙනුම් පියවර හතරකින් යුක්තය. එනම්:
x තවත් කෙනෙකුගේ චර්යාවේ ඇති සුවිශේෂී ලක්‍ෂණ කෙරෙහි අවධානය සහ ඒවා ප‍්‍රත්‍යක්‍ෂ කිරීම.
x එම චර්යාව මතකයේ රඳවා ගැනීම.
x චර්යාව නැවත කිරීම හෝ ක‍්‍රියාව නැවත සිදු කිරීම.
x අදාළ චර්යාව ඉගෙනීම සඳහා චේතනාවක් ඇතිකර ගැනීම සහ එම චර්යාව ඉදිරියට පවත්වාගෙන යාම වශයෙනි.
හැකියාවන් ප‍්‍රගුණකිරීම සම්බන්ධ ඉගෙනුම්වලදී නිරීක්‍ෂණමය ඉගෙනුම වඩාත් වැදගත් වේ. ගුවන් යානයක් පැදවීමට , ශල්‍යකර්මයක් කිරීමට ඉගෙනීමේදී නිවැරදි නිරීක්‍ෂණය වැදගත් වේ. සමකාලීන මනෝවිද්‍යාව තුළ නිරීක්‍ෂණමය ඉගෙනුම වශයෙන් හැඳින්වූ මෙය අතීතයේ ප‍්‍රත්‍යක්‍ෂමය ඉගෙනුම (ඡුැරජැචඑම්ක ඛැ්රබසබට* හෙවත් ප‍්‍රතිවේද ඉගෙනුම (ෂබඑසඩසඑසඩැ ඛැ්රබසබට* ලෙස හඳුන්වා ඇත. චර්යාවාදී ඉගෙනුම් ක‍්‍රමය ප‍්‍රතික්‍ෂෙප කොට ප‍්‍රත්‍යක්‍ෂමය ඉගෙනුම පිළිබඳ පරීක්‍ෂණ කළ කොෆ්කා සහ කොලර්ගේ මතය ද මෙහිදී වැදගත් වේ. මෙහිදී කොෆ්කා විසින් ප‍්‍රතිවේදය පිළිබඳ අදහස ඉදිරිපත් කළ අතර එය කොලර් විසින් තහවුරු කරන්නට උත්සහ ගෙන ඇත. මෙම සම්පරීක්‍ෂණයේදී චිම්පන්සියෙකු කූඩුවක දමා කෙසෙල් ගෙඩි කිහිපයක් ඒ ආසන්නයේ කූඩුවට පිටතින් තබයි. යකඩ කූරක් හෝ කෝටුවක් එම කූඩුව ඇතුළත ඇති අතර එය උපකාරයෙන් චිම්පන්සියා එක්වරම කෙසෙල් ගෙඩිය ලබාගත්තේය. මෙම දැනුම සංජානන ක්‍ෂේත‍්‍රය ඇසුරින් ලද බව සම්පරීක්‍ෂකයෝ පැවසූහ. මෙහිදී වර්තමානය වැදගත් කොට සැලකීමක් සිදුවී ඇත. එසේම ජීවියා පරිසරයේ ස්වභාවික කොටසක් පමණක්ය යන පිළිගැනීම වෙනුවට ඔහු බුද්ධිමය ක‍්‍රියාකාරිත්‍වයේ ප‍්‍රතිමූර්තියක් බව දැක්වීම ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය තුළින් පැහැදිළි වේ.
චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී භාවිත කළ හැකි ආකාරය සෝදාහරණව විමසුම.
සම්භාව්‍ය ආරෝපන න්‍යාය පංති කාමර ඉගැන්වීමට යොදාගත හැකි ආකාරය.
01. ඉගෙනුම් ක‍්‍රියාවලිය සම`ග සෑම විටම ප‍්‍රතිජානන, ප‍්‍රසන්න අවස්ථා හා සිද්ධි සම්බන්ධ කිරීම.
ශිෂ්‍යයන්  අතර තනි තනි තර`ග පැවැත්විමෙන් වැලකී කණ්ඩායම් තර`ග පැවැත්වීම වැදගත් වේ. තනි තනිව තර`ග පැවැත්වීම තුළ සමහර ශිෂ්‍යයන්ට තම පරාජය දරා ගැනීමට නොහැකියාවෙන් පෙළෙයි. එම තතත්‍වය ඒ ඒ පුද්ගලයන්ට පසුකාලීනව බලපෑම් ඇති කරයි. එමෙන්ම සිත්ගන්නා අයුරින් පංති කාමරය සැකසීමෙන් අධ්‍යන කටයුතුවලට ශිෂ්‍යයන් ආශාවෙන්ම යොමු වේ. බෙදීම, එකතු කිරීම ගණිත කර්ම සෑම විටම දෛනික වැඩවලට සම්බන්ධ කිරීම තුළින් ඔවුන් අතර සහයෝගය ගොඩනැෙ`ග්.
02. ළමයයින්ගේ ලැජ්ජාව සහ බිය ඉවත් කිරීමට සරළ කාර්යයන් පැවැරීම සහ එම ක‍්‍රියාවෙන් සිදුවන ප‍්‍රතිඵලය පිළිබඳ ද විමසිම වැදගත් වේ.
ඒ ඒ ශිෂ්‍යයාට හොඳින් කළ හැකි කාර්යයන්, තේරුම් කළ හැකි දේ තවත් දෙදෙනකුට කියාදීමට යොමු කිරීම වැදගත් වේ. කණ්ඩායම් ක‍්‍රියාකාරකම්වලදී නායකයෙකු පත් කිරීම සහ එම කණ්ඩායමේ ක‍්‍රියාකාරකම්වල ප‍්‍රතිඵල පංන්තියට ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම ද වැදගත් වේ.
03. ශිෂ්‍යයින්, සහභාගිත්‍වය දැක්වීමට ඉක්මනින් ඉදිරිපත් නොවේ නම් එම ඉලක්කය කරා ල`ගා කරගත හැකි අන්දමට කුඩා අනුකුඩා කොටස් භාරදී අනුක‍්‍රමයෙන් ඉලක්ක කරා ල`ගා කිරීම ඉතා වැදගත් වේ.
මෙහිදී ළමයින් අතර පවතින විභාග බිය දුරු කිරීමට ශ්‍රේණිගත නොකරන, දෛනික, මාසික, ත්‍රෛමාසික ආදී ලෙස සරල කෙටි පරීක්‍ෂණ පැවැත්වීම වැගදගත්ය. අවසාන පරීක්‍ෂණය ද එම ස්වරූපයෙන් පැවැත්වීම තුළින් ළමයා තුළින් විභාගයට ඇති අකමැත්ත දුරුකිරීමට හැකියාව ඇත. එමෙන්ම පංන්ති කාමරය ඉදිරයට පැමිණ කතා කිරීමට සබකෝලයක් දක්වන ශිෂ්‍යයන් පළමුව වාඩිවී ලිපියක් කියවීමට, දෙවනුව එබඳු වාර්ථාවක් සිටගෙන කියවීමට සහ අනතුරුව පංන්තිය ඉදිරියේ සහ සභාවක ඉදිරියේ කතා කිරීමට අවස්ථාව සැළසීමෙන් ඔවුන්ගේ සබකෝලය දුරුකිරීමට හැකියාව ඇත.
04. ඒ ඒ සිද්ධිවල, අවස්තාවල සමාන අසමානකම් හඳුනාගෙන  කටයුතු කිරීමට උපදෙස් ම`ගපෙන්වීම් ලබාදීම ද වැදගත් වේ.
අමුත්තන් සහ නාදුනන අය විසින් දෙන ත්‍යාග නොපිළිගැනීම සහ නාදුනන අය සැක කිරීමේ වැදගත් කම පෙන්වාදීම ද වැදගත් වේ. එසේම එම ත්‍යාග පිළිගැනීම කළ යුත්කේ කාගෙන් ද කවර අවස්ථාවල ද යන්න පිළිබඳ අවබෝධය වැදගත් වේ. දෙමාපියන් ඉදිරියෙහිදී ඔවුන් අඳුනන අය පිළිගන්වන ත්‍යාග පිළිගැනීම මෙමගින් විභේදනය කිරීමට සහ සාමාන්‍යකරණයට උගනී.
05. පංති කාමරය තුළදී ශිෂ්‍යයාට ද`ඩුවම් කිරීම, විකට නාම පද බැඳීමෙන්, දොස් කීමෙන් අපහසුතාවයට පත් කිරීමෙන් වැලකීම ද වැදගත් වේ.
ඒ අනුව ඒ ඒ විෂයන්ට ශිෂ්‍යයන් තුළ පවතින විවිධතාවයන් තේරුම් ගැනීම වැදගත් වේ. ගණිතය සහ ඉංග‍්‍ර‍්‍රසි වැනි විෂයන්වලදී ශිෂ්‍යයන් අපහසුතාවයට පත් නොකොට ඔවුන්ගේ දැනුම පෝසණයට රුකුලක් සැපයීම වැදගත් වේ. ශිෂ්‍යයාට පාඩම එපා වීම තුළ ගුරුවරයා ම`ග හැරීම සහ පාසල පවා ම`ග හැරීමේ හැකියාව ඇත. එම තත්ත්‍වයන්ගෙන් ශිෂ්‍යයා මුදවා ගැනීම වැදගත් වේ. ශිෂ්‍යයාගේ කුදුමහත් කටයුතුවලට අවශ්‍ය අත්වැල සැපයීම වැදගත්ම කාර්යයක් වේ.

ප‍්‍රකාරක ඉගැන්වීම් න්‍යාය පංති කාමර ඉගැන්වීමට යොදාගත හැකි ආකාරය.
ස්කිනර් තම ප‍්‍රකාරක ආරෝපන න්‍යායෙන් ඉදිරිපත් වූ මූලධර්ම පාදක කරගෙන පවතින අධ්‍යාපන ක‍්‍රමයේ දුර්වලතා ම`ගහරවා සාර්ථක අධ්‍යාපන ක‍්‍රමයක් වූ ප‍්‍රාථමික් අධ්‍යාපන ක‍්‍රමය නම් වූ නව ඉගැන්වීමක් යෝජනා කළහ. ඒ අනුව එහි භාවිතය පිළිබඳ විමසීම වැදගත් වේ.
01. පංන්ති කාමරයේදී නිවැරදි හැසිරීම් උපස්ථම්භනය කරන්න.
පන්තියට නීති, විධාන හඳුන්වා දෙන විට ඒවා ඉටු කිරිමෙන් සහ නොකිරිමෙන් සිදුවන වාසි අවාසි හඳුන්වා දීම ද වැදගත් වේ. උදාහරණයක් ලෙස පාසලට පැමිණීම 80% ට වඩා වැඩි පිරිසට විභාගයට ලකුණු 20 ක් පිරිනැමේ. පැමිණීම 75% කට වඩා අඩු වුවහොත් ලකුණු 20ක් විභාගයට අඩු වේ. එමෙන්ම ශිෂ්‍යයෙක් වරදක් කළ විට එයට සහනයක් ලබාදෙන්න. උදාහරණ ලෙස ‘‘ඔබ යහළුවාගෙන් කොපි කළ බව පිළිගන්නා නිසා අදටත් විභාගය ලියන්නට ඉඩ දෙනවා. නැවත කොපි කර අසු වුවහොත් විභාග ශාලාවෙන් ඉවත් කරනවා’’ ආදී වශයෙනි.
02. දෙනු ලබන උපස්ථම්භන යමෙකුට ඇත්ත වශයෙන්ම උපස්ථම්භනයන් ලෙස ක‍්‍රියා කරයි ද යන්න සොයා බැලීම ද වැදගත් වේ.
සාර්ථක උත්සහයන් සඳහා අර්ථවත් ත්‍යාග පිරිනමන්න. උදාහරණ ලෙස විවේකය වැඩිපුර ලබාදීම, පුස්තකාල කාලය දීර්ඝ කිරීම, ගෙදර වැඩ අඩු කිරීම, වැඩි වේලාවක් ආශාකරන කාර්යයෙහි යෙදෙන්නට ඉඩ සැළසීම වැදගත් වේ. හොඳ වැඩ සඳහා දිය යුතු ත්‍යාග ළමයින් සම`ග සාකච්ඡුා කොට තීරණය කිරීම වැදගත්ය.
03. නව උපකරණයක් හෝ පර්යේෂණයක් මෙහෙය වන විට, නව කුසලතාවක් වර්ධනය කරගැනීමට උත්සහ දරන විට  උපස්ථම්භනය වැඩිපුර ලබාදෙන්න.
නිවැරදිව ඉටුකරන ඉතා කුඩා දෙයට ද ප‍්‍රශංසා කිරීම මෙන්ම අමාරු වැඩ කොටසක් කිරීමට ආරම්භ කරන අවස්ථාවල සිදුවන වැරදි ම`ග හැරීම ද වැදගත් වේ. එම වැරදි උපහාසයට ලක් කිරීම නොකළ යුතුය.
04. නව චර්යාවන් තහවුරු වූ පසුව එය ස්ථාවරව තව දුරටත් පවත්වාගෙන යාමට නොසිතන වේලාවල උපස්ථම්භන ලබාදීම ද වැදගත් වේ.
පන්ති කාමරය තුළ හෝ පාසලෙන් පිටතදී කළ හොඳ ක‍්‍රියාවකට අනපේක්‍ෂිත අයුරින් ත්‍යාග පිරිනැමීම වැදගත් වේ. පත‍්‍රයකට ලිපියක් ලියූ විට, නව දස්කම් දැක්වූ විට ප‍්‍රශංසා කර ත්‍යාග ලබාදිම ද වැදගත් වේ. සාමාන්‍ය දැනුම සමබන්ධ කොට ප‍්‍රශ්න ඇසීම මෙන්ම පිළිතුරු දීම අනිවාර්ය නොවුනත් ඒවාට වාර අවසාන විභාගයට ලකුනු කිහිපයක් එකතු කිරීම වැදගත් වේ. නිතරම හොඳ, දක්‍ෂ, නිර්මාණශීලී සහ කාර්යශූර ළමයින්ට වරින් වර තෑගි, සහතික සහ ප‍්‍රශංසාත්මක ලිපි ලබාදීම ද වැදගත් වේ.
05. නව චර්යා ඇති කරලීමට අදාල නීති රීති පැහැදිළිව, නිශ්චිතව ඉදිරිපත් කරන්න.
පාසල් නිවාඩුවේදී කළ යුතු වැඩ, පැවරුම් නිශ්චිතව දැක්වීම ද වැදගත් වේ. පන්ති කාමර හැසිරීමේදී නීති සිහිපත් වීම සඳහා ළමයින් විසින්ම අඳින ලද සිතුවම් සහ සංඥා ඉදිරිපත් කිරීම ද වැදගත් වේ.
06. ළමයින්ට ප‍්‍රිය මනාප ලෙස හැසිරීම ද වැදගත් වේ.
පන්ති කාමරයෙන් පිටතදී මුන ගැසුන විට, හොඳ වැඩක් කළ විට, ජයග‍්‍රහණයක් ලද විට නොපැකිලිව සිනාසී සතුට ප‍්‍රකාශ කිරීම මෙන්ම අසහනයකට, ගැටළුවකට මැදිහත් වූ විට අවශ්‍ය අනුකම්පාව, ආදරය සහ උපකාරය ලබාදීම ද වැදගත් පියවරකි. ළමයන්ගේ නව දක්‍ෂතා, යහපත් චර්යාවන් අගය කිරීම මෙන්ම ළමයින් ධෛර්යමත් වන ලෙස කතා කර ඔවුන් පෙළඹවීම ද වැදගත්ය.
07. ද`ඩුවම් දීමේදී   සංයතතාව රැුකීම.
වරද කළ වහාම වරද තේරුම් කොට ද`ඩුවම් කිරීම වැදගත්ය. එමෙන්ම ද`ඩුවම වාචිකව කරුණු පැහැදිළි කොට ශිෂ්‍යයාට පිළිගත හැකි අයුරින් ද`ඩුවම් ලබාදීම ද වැදගත් වේ. ශාරීරික ද`ඩුවම් අවම කිරීම සහ කළ වරදට ද`ඩුවම සාධාරණ බව පෙන්වා දීම ද මෙහිදී වැදගත් වේ.
සමාලෝචනය

චර්යාවාදී ඉගෙනුම් න්‍යායට අනුව ස්වභාවික ප‍්‍රබෝධකයක් නිසා ස්වභාවික ප‍්‍රතිචාරයක් බිහිවෙයි.  ඒ අනුව චර්යාවාදී ඉගෙනුම් න්‍යායට අනුව පුද්ගලයාගේ ඉගෙනුම බාහිර වශයෙන් ප‍්‍රකට වේ. නමුත් ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය මනස සහ සම්බන්ධ වේ. එහිදී විශේෂයෙන් පුද්ගලයා යමක් ඉගෙන ගන්නා විට මනසේ කිසියම් ප‍්‍රජානන ව්‍යූහයක් ගොඩන`ගා ගන්නා බව මොවුන් ප‍්‍රකාශ කළහ. ඒ අනුව මෙම චර්යාවාදී ඉගෙනුම් න්‍යාය සහ ප‍්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය පිළිබඳ මෙහිදී කෙටියෙන් සාකච්ඡුාවට බඳුන් වූ අතර චර්යාවාදී ඉගෙනුම් න්‍යාය පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලියට සම්බන්ධ කර ගන්නා ආකාරය මෙහිදී පුළුල්ව සාකච්ඡුා කොට ඇත. නූතනයේ අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය තුළ පවතින බොහෝ ගැටළුකාරී තත්ත්‍වයන්ට පිළිතුරක් ලෙස එය භාවිත කිරීමේ හැකියාව පවතින බව මෙහිදී ප‍්‍රස්තුථ කරුණු වලින් අනාවරණය වේ.


ඇසුරු කළ පොතපත

අතුකෝරාල, දයා රෝහණ
අතුකෝරාල, හඳුන් රසාරි          - පුද්ගල පෞරුෂ සංවර්ධනය හා මනෝ විද්‍යාත්මක උපදේශන න්‍යායයන්, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය - 2008.

විදානගමගේ, කුලසේන            -   ඉගෙනුම පිළිබඳ මනෝ විද්‍යාව, මහාචාර්ය කුලසේන විදානගමගේ විහාරෙගම, නාරම්මල, ප‍්‍රථම මුද්‍රණය- 2002.

අතුකෝරාල, දයා රෝහණ
අතුකෝරාල, හේළි නිමලා          - අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන, ප‍්‍රථම මුද්‍රණය - 2009.