ඓතිහාසික ශ්රීද ජයවර්ධනපුර කෝට්‌ටේ රාජධානි පහළොස්‌වක සියවස මුල සිට අග තෙක් ද, ඉනික්‌බිතිව සෑහෙන කාලයක් තිස්‌සේ සිරිලක අගනුවර බවට පත්විය. සියවසකට අධික කාලයක් කෝට්‌ටේ අගනුවර වශයෙන් පැවැති සමය ලංකාවේ දේශපාලන කටයුතු අතින් ද භාෂා සාහිත්යය සහ කෘෂිකර්මාන්තය අතින් ද සුවිශේෂ වකවානුවක් බව පැවසිය යුතුය.
එහෙත් පහළොස්‌වක සියවස එළැඹීමට පෙර දුර්වල සිංහල රජවරුන් වසර සියයක් පමණ මෙරට කෝට්‌ටේ නගරය අගනුවර වශයෙන් පාලනය කළේය. යම් යම් ප්රපදේශ සිය පාලනයෙන් තොරවය. දකුණු ඉන්දියානු ද්රළවිඩ බලපෑම් නිසා යාපන ප්රමදේශයේ ද්රෙවිඩ රජවරුන්ගේ පාලනයටත්, දැදිගම, ගම්පොල, පේරාදෙණිය හා රයිගම යන ප්රරදේශ ප්රායදේශීය සිංහල රජවරුන්ගේ පාලනයටත් නතු වූහ. මේ කුඩා දිවයින ඒකීය රාජ්ය පාලනයෙන් මිදී ගිය බැවින් තනි රජකුගේ පාලනය යටතේ දක්‌නට ලැබෙන ආර්ථික ශ්රීක විභූතිය, දේශපාලන බලය සහ සංස්‌කෘතික දියුණුවය දිනෙන් දින ඈත් වන්නට විය. තවද ගම්පොළ රජකම් කළ තුන්වන වික්රබමබාහු රජු ක්රිිස්‌තු වර්ෂ 1356 සිට 1374 දක්‌වා රජ කළ වකවානුව තුළ වීර අලකේෂ්වර හෙවත් අලගක්‌කෝනාර ඇමැතියි ප්රනභූ රාජයකු වශයෙන් සිටියදී දෙමළ සෙනඟ සහ ආර්ය චක්රකවර්තීන් පලවා හැර මෙම නගරය ගොඩනැගූ බව ඉතිහාසයේ සඳහන් ය.
වීර අලකේෂ්වරයාණන්ගෙන් පසු කෝට්‌ටේ රජ බවට පැමිණියේ සයවැනි සිරි පැරකුම්බා රජුය. මෙතුමා ක්රිෝස්‌තු වර්ෂ 1515 දී ලක්‌දිව එකම සිංහ කොඩියක අණසක යටතේ පාලනය කරමින් රටේ උන්නතිය සඳහා සෑම විටම කටයුතු කළේය. සයවැනි පැරකුම්බා රජ කෝට්‌ටය අගනගරය කරගෙන මුළු සිරිලකට අගරජ බවට පැමිණි වසර පිළිබඳව විවිධ මත පළවේ. සිරි රහල් හිමියන්aගේ පංචිකා ප්රැදීපයෙහි රාජ්යව වර්ෂය ක්රිඅ. ව. 1412 දී සිදු වූ බව සඳහන් වේ. තවද පැපිළියානේ එක් සෙල් ලිපියක එම වසර ක්රිි. ව. 1412 වන අතර තවත් එහිම ඇති සෙල් ලිපියක ක්රිිස්‌තු වර්ෂ 1415 දී රජතුමා අභිශේක ලත් බවය. (කතිකාවත් සඟරාවය ඩී. බී. ජයතිලක) (1922 පැපිලියානේ සෙල්ලිපිය.)
මේ රජතුමා රයිගමදී ක්රිර. ව. 1412 දී ඔටුනු පැළැන්ද හෙයින් රාජ්යෙිdද්යප වර්ෂය එය ලෙස පිළිගැනේ. කෝට්‌ටේ රාජ්යත්වයට පැමිණියේ ක්රිද. ව. 1415 දී ය. එබැවින් මේ රජතුමා රයිගමදී ඔටුනු පැළැන්ද බව “පැරකුම්බා සිරිතෙහි” එන පහත සඳහන් කවියෙන් පෙනේ.
“උතුම් ගුණ යුත් මෙ පැරකුම්බා
නිරිදු රයිගම් නම් පුරා
බරණ සූ සැට සිද්ද වොටුනුත්
පැළඳ විලසින් පුරදරා”
ක්රි . ව. 1412 දී මේ රජු රයිගමදී රජ වී තැනින් තැන සිටි ප්රාපදේශීය රජුන් මෙල්ල කොට. ක්රි . ව. 1415 දී සකල ශ්රීය ලංකාවේම රජ බවට පැමිණි බව නූතන විද්වතුන්ගේ පිළිගැනීමයි.
මේ රජතුමාගේ රාජවංශය ගැන “පැරකුම්බා සිරිතෙහි” සහ සිරි රහල් හිමියන්ගේ කාව්ය ශේකරයෙහි සඳහන් වේ. රජතුමාගේ මෑණියන් කලිඟු රට රාජ වංශයට අයත් සුනේත්රාහ නම් දේවියක බවත් සඳහන් වන අතර එතුමිය සිහිවීම සඳහා පැපිළියානේ සුනේත්රාි දේවි පිරිවෙන ඉදිකරන ලද බව ද එම ග්රින්ථ දෙකේම සඳහන් ය. මහනුවණැති සාහිත්යිකාමී මේ නිරිඳුන්ගේ පිය පෙළපත දේවානම්පියතිස්‌ස රජ සමය දක්‌වා දිව යයි. දහම් සෝ රජුගේ ඉල්ලීම පරිදි සඟමිත් තෙරණිය සිරිමා බෝපැළය ලක්‌දිවට ගෙන එන විට 18 කුලයක කුමාරවරු ඇය සමඟ මෙරටට පැමිණියහ. එම කුමාරවරු අතරින් “සුමිත්ර්” නම් කුමරු හට දේවානම්පියතිස්‌ස රජතුමා විසින් “ජයමහලේනා” යන පදවිය ප්රසදානය කරන ලදී. සවන පැරකුම්බා රජතුමාගේ පියා එම කුමරුන්ගේ පරපුරෙන් පැවතෙන බවත්, එතුමා ද එම පදවිය හෙබවූ බවත් සඳහන් ය. “ජයමහලේනා” සුමිත්රර කුමරුගෙන් පැවති ආ සවුලු විජයබාහු රජුගේ පුතෙකු බවත් මහ පැරකුම්බා රජුගේ මුණුපුරෙකු බවත් ශ්රීනමත් ඩී. බී. ජයතිලක ශරීන්ට බ්රිෙතාන්යැ කෞතුකාගාරයෙන් ලැබුණු රාජාවලිය පිටපතක සඳහන් වේ. (පැරකුම්බා සිරිත අබේගුණරත්න සංස්‌කරණය 1940 හැඳින්වීම ඩී. බී. ජයතිලක.)
සවන සිරි පැරකුම්බා රජු කෝට්‌ටේ රජ වූ නොබෝ දිනකින්ම මුළු හෙළ දිවයිනම එකම සිංහ කොඩියක සෙවනේ යෙහෙන් වැජබෙන්නට විය. සතුරු කරදරවලින් තොර වී සියලුම ජාතීන් අතර සාමය, සමගිය වඩ වඩාත් පැතිරෙන්නට විය. මේ නිසා දිවයිනේ සෑම ප්රීදේශයකම ආර්ථික, සාමාජික, ආගමික පිබිදීමක් ගොඩනැගිණි. රජතුමා සාහිත්යඅකාමියෙකි. දැහැමි බෞද්ධයෙකි. ඇමැති මඩුල්ල භාෂා සාහිත්යොය, ගණිතය, විද්යාටව හා තාක්ෂණය අතින් පිරිපුන් පිරිසක් නිසා රජතුමාට රට පාලනය කිරීමට දැඩි ආයාසයක් ඇවැසි නොවීය. නිරන්තරයෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් දැහැමින් සෙමෙන් රට පාලනය කළේය. ඔහු කෝට්‌ටේ අභිසෙස් ලැබුවේ කීර වැල්ලෙන් (රාජාවලිය 48 වැනි පිටුව) රාජවංශික කුමරියක ආවාහ කරගෙනය. මේ නිසා රජතුමාට සිහසුන කෙරෙහි ඇති අයිතිය වඩාත් තහවුරු බවට සැකයක් නැත. මේ රජතුමාට පුත් කුමාරවරු නොසිටියහ. චJද්රබdවති, ලෝකනාථා (අලකුඩය) නමින් දියණියන් දෙදෙනෙක් වූහ. දකුණු ඉන්දියාවෙන් මෙහි පැමිණ පදිංචි වී සිටි පනික්‌කාර් නම් නායකයකුගේ පුතුන් දෙදෙනෙකු සිය පුත් කුමාරවරු ලෙස ඇති දැඩි කරගත්තේය. දෙබෑයෝ සපුමල් කුමරු හා අම්බුලුගල කුමාරයා නම් වූහ. මේ රජතුමාගේ පුත් තනතුරෙහි වැඩුණු අනෙක් කුමරා නම් පැවිදි බිමට පැමිණි හෙළයේ මහා පඬිරුවනක් වී ලෝක පූජිත ෂඩ් භාෂා පරමේෂ්වර තොටගමුවේ ශ්රීබ රාහුල නාහිමිපාණන් වහන්සේය. සතර කෝරලේ පාලකයා වශයෙන් සිටි මායාදුන්නේ කුමරු ඔහුගේ එකම සොහොයුරාය.
සිය පුත් තනතුරේ හැදුනු වැඩුණු සපුමල් කුමාරයා යාපනයට යවා එය විදේශ ආධිපත්ය්යෙන් මුදවා එහි බලය ස්‌ථාපිත කළේය. තවද උතුරේ ද්රශවිඩ රජුන්ගේ මෙන්ම රටේ විවිධ ප්රතදේශ අල්ලා ගෙන රජ කළ ප්රා්දේශීය රජවරුන්ගේ පාලනය විසිරුවා හැර රට දේශපාලනමය වශයෙන් එක් සේසත් කිරීමට දුක් සේ හා සියුම්ව කළ යුතු කාර්යයක් බව රජතුමාට වැටහී ගියේය. මේ රජතුමාගේ රාජ්යදය කාලයේ මුලින්ම සිදු වූයේ ගිරා සංදේශයෙහි සඳහන් පරිදි වන්නි පෙදෙස් 18 ක ප්රාුදේශීය රජවරු පලවා හැර බලය සියතට ගැනීමයි. තවද මේ රජතුමා කිසිම කෙනෙකුට රටේ ඒකීය බව නැති කිරීමට ඉඩ නොතැබූ අතර සියලුම ජාතීන්ට සිය ආගම් ඇදහීමට කාව්යෙකරණයේ යෙදෙන සාහිත්යඅකාමීන්ට තෑගි බෝග දීම යන ආදිය පවා කළේය. මේ රජතුමා සාහිත්යලකාමීන්ගේ ප්රියෝජනය සඳහා “රුවන්මල් නිඝණ්‌ටුව” නම් ගද්යා පොතක් කරවීය. මේ නිසාම කෝට්‌ටේ ප්ර ධාන කොට රටේ සෑම ප්රණදේශයකම ගද්ය”, පද්යය, සාහිත්ය් නවෝදයක් ඇතිවිය. එබැවින් මේ ප්ර තාපවත් රජතුමා සෑම කෙනෙකුගේම නෙමඳ ගෞරවයටත් ආදරයටත් පාත්ර, විය.
දුටුගැමුණු, මහා පරාක්ර මබාහු වැනි ශ්රේරෂ්ඨ නරපතියන් මෙන්ම මේ රජතුමා ද බුද්ධාගමේ චිරස්‌ථිතිය සඳහා අනුපමේය සේවාවක් කළේය. එමෙන්ම හින්දු බැතිමතුන්ගේ පූජනීය කටයුතු උදෙසා යාපනයේ නල්ලූර් කෝවිල සපුමල් කුමාරයා විසින් ගොඩනැගූ වකවානුව තුළ බත්තරමුල්ලේ ඉසුරු කෝවිල ඉදිවිය.
එපමණක් නොව, සවැනි පැරකුම් යුගයේ භාෂා සාහිත්යන, ආර්ථික, ආගමික මෙන්ම සංස්‌කෘතික වශයෙන් රටේ විශාල ප්රැබෝධයක් ඇතිවිය. එකල සිටි මහා පඬිරුවනක් වූ තොටගමුවේ ශ්රීෘ රාහුල මාහිමිපාණන් මෙන්ම ශ්රේුෂ්ඨ පඬිවරු රාශියක් පිරිවෙන් හ ඊට අනුබද්ධ කුඩා අධ්යාවපන ආයතන බිහිවූහ. එමෙන්ම ස්‌වභාවික වෘක්ෂ ලතා ආදිය ගංගාවන් සංරක්ෂධණය කිරීම ජනයාගේ සෞඛ්යතයට හිතසුව පිණිස වූ බැවින් බත්තරමුල්ලේ කොන්තගන්තොට, දියවන්නාඔය වැනි ස්‌ථාන රජ අණසකට යටත් ප්රුදේශ වශයෙන් හැඳින්විය. තවද එහි තිබුණු රජමල්වත්ත ප්රජදේශය අද ද ඒ නමින් හැඳින්වේ.
කෝට්‌ටේ ඓතිහාසික රාජමහා විහාරයේ රමණීය මැඳුරක ශ්රීර දළදා වහන්සේ තැන්පත් කොට දළදා අනුහස් ලබමින් රජතුමා සැම විටම දැහැමි පාලනයක් ගෙන ගියේය. මෙකළ කැකුන ඉටි යෙදූ පන්දම්වලින් හෙබි පහන් රෑ කල කෝට්‌ටේ නගරය ඒකාලෝක කෙරින. එහි දැකුම්කළු දෙමහල් මන්දිර පවා මේ නගරයේ දිස් වූ බව ඉතිහාසයෙන් පෙනේ.
කෝට්‌ටේ අග නගරය තුළ මේ යුගයේ වෙහෙර විහාර කීපයක්‌ම මේ රජතුමා විසින් ඉදිකරන ලදී. අප මෙහි සඳහන් කරන ලද පැපිළියානේ සුනේත්රාු දේවි පිරිවෙනට අමතරව නුගේගොඩ සුභද්ර dරාමය, විඡේරාම පන්සල, දෙහිවල කරගම්පිටිය පන්සල – කොරතොට විහාරය, කෝට්‌ටේ පැරකුම්බා පිරිවෙන ඉන් සමහරකි. කෝට්‌ටේ පහල වූ මේ දැහැමි රජතුමාගේ නාමය මෙන්ම දැහැමි පාලනයක් මුළු රට පුරා පැතිරෙන්නට විය. එහෙයින් දෙවිනුවර තිලක පිරිවෙණ හා ඊට අනුබද්ධ වාව්වේ වනවාසල ධර්ම රක්ෂි ත පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන ඇතුළු ශිල්පායතන රාශියක් නිසා අපේ රට භාෂා සාහිත්ය, කලා ශිල්ප අතින් ලෝකයේ සෙසු රටවලට නොදෙවැනි තත්ත්වයක තිබිණි. තවද ගැමියන්ගේ සාක්ෂ රතාව වැඩිදියුණු කළ පස් පිරිවෙන – ගතාරා පිරිවෙන ආදී කුඩා ශිල්පායතන කීපයක් තිබිණි.
සාහිත්යත අම්බරයේ දිදුලන තාරකාවක් බඳු කෝට්‌ටේ පුරවරය මුළු රටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවට ද ආදර්ශයක් විය. දකුණු ඉන්දියාවේ චෝල ප්රපදේශයෙන් මෙරටට පැමිණි නත්නූරු කුනයා, ශ්රී රාමචJද්රන භාරතී වැනි සාහිත්යයකාමීන් ව්ය ක්‌ත ලේඛකයන් බවට පත්වූහ.
කෝට්‌ටේ යුගයේ බිහිවූ සංදේශ කාව්යක පහකි. ඒවා ලියෑවුණු පිළිවෙලින් හංස සංදේශය, පරෙවි සංදේශය, සැළලිහිණි සංදේශය, ගිරා සංදේශය හා කෝකිල සංදේශයයි
කෝට්‌ටේ සාහිත්යි යුගය ගැන ගවේෂණය කිරීමේදී බොහෝ ලේඛකයන් සිය ආදරණීය පැරකුම් රජතුමා සියලු සතුරු කරදරවලින් මුදවා රැක දෙන ලෙස ත්රි විධ රත්නයෙන් සහ සියලුම දෙවිවරුන්ගෙන් පිහිට ඉල්ලා කාව්යදකරණයෙහි යෙදීමයි.
“හංස සංදේශය කළැයි සලකන පළමු වීදාගම හිමියන් රතන සූත්රහය පිරුවා බෞද්ධ දෙවිවරුන්ට පින්දී ඒ දෙවිවරුන්ගේ ආශිර්වාදය ඉල්ලා සිටියේ මේ රජතුමා ඇතුළු සිය පවුල රැකදෙන ලෙසයි. මෙම සංදේශය ඒ හිමියන් විසින් කෑරගල පද්මාවතී පිරුවන්පති වනරතන නාහිමියන් වෙත හංසයකු අතේ යවන ලදී. එබැවින් එය හංස සංදේශය විය.
තොටගමුවේ ශ්රීා රාහුල හිමිපාණන් විසින් ලියන ලද සාහිත්යන පොත් පහකි. එයින් පොත් දෙකක් ගද්යර රචනා පොත් ය. මේ හිමියන් ලියූ පළමු සංදේශ කාව්ය. වූයේ පරවි සංදේශය ලිවීමට හේතුවූයේ සවැනි පැරකුම් රජුයේ දෙටු දියණියට සුදුසු ස්‌වාමිපුරුෂයකු ලබාගනු වස් දේවාශීර්වාදය උදෙසා දෙවි නුවර උපුල්වන් දෙවොල වෙත පරවියා අතේ සංදේශය යෑවීමයි.
මේ රජුගේ කනිටු දියණිය වූ ලෝකනාථ (උලකුඩය) කුමරියට පින්වත් පුත් කුමරකු ලබා දෙන ලෙස කැලණියේ විභීෂන දෙවියන් යදිනු සඳහා කෝට්‌ටේ කොන්තගන් තොටින් සැළලිහිනියා අතේ සංදේශය කැලණි විහාරයේ විභීෂණ දෙවොල වෙත යෑවීමයි. පංචිකා ප්රලදීපය, සහ බුද්දිප්ප සාධනිය ගද්යා පොත් දෙක වන අතර කාව්යපශේකරය මේ හිමියන්ගේ අනික් කාව්ය ග්රපන්ථයයි
Wednesday, July 3, 2013
සිංහල කවියන් බුදුන් දැකීම
සිංහල කවියන් බුදුන් දැකීම
වීරසේන අල්ගෙවත්ත
දඹදිව මධ්යග මණ්‌ඩලයේ කිඹුල්වත් පුර උපන් සිද්ධාර්ථ කුමාරයෝ සොළොස්‌වන වියේදී යුගදිවි අරඹා එකුන් විසි වියේදී ගිහි දිවියෙන් අභිනිෂ්ක්රදමණය කොට තිස්‌පස් වන වියේදී බුද්ධත්වය ලබා ගත්හ. බුද්ධත්වයෙන් පසු පුරා පන්සාලිස් වසක් ලෝක සත්වයා සසර දුකින් මුදවාලීම අරභයා රටින් රට ගමින් ගම පමණක් නොව ගෙන් ගෙට ද වඩිමින් උන්වහන්සේ කළ අමිල බුදුකිස නිමා වූයේ වෙසක් පුන් පෝ දිනක කුසිනාරාවේ මල්ල රජුන්ගේ උපවත්තන සල් උයනෙහි දී පිරිනිවන් පා වදාළ හෙයිනි. ඒ වන විට මධ්යර මණ්‌ඩලය පුරා සම්බුද්ධ ශාසනය ව්යා ප්ත වී මුල්බැස තිබුණි.
සම්බුද්ධ ශාසනය ලෝක ව්යා්ප්ත සමාජ සංවිධානයක් බවට පත් වන්නේ ධර්මාශෝක අධිරාජයාගේ යුගයේදීය. පාලි ග්රතන්ථානුකූල තොරතුරු අනුව අශෝක අධිරාජයා රාජ්යජත්වයට පත්වන්නේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 214 ක් ඇවෑමෙනි. ඉන් වසර හතරකට පසුව රාජාභිෂේකය ලබන අශෝක නිරිඳුන් නිග්රෝෙධ සාමණේරයන් වහන්සේ ගැන පැහැදී බණ අසා සැදැහැවත් බුද්ධ ශ්රාඳවකයෙක් බවට පත් වෙයි. යුධ බෙරය ලොප් කොට දහම් බෙරය වයමින් මධ්යත මණ්‌ඩලයට සීමා වූ බුදුසසුන මුළු දඹදිව තලයේත් ඉන් බැහැර දේශවලත් පිහිටුවාලීමට මේ නර ශ්රේඩෂ්ඨයෝ මූලිකත්වය ගත්හ. එපමණක් නොව තම පුන් මහින්ද කුමරුත් දුව සංඝමිත්රා කුමරියත් ශාසනයට උරුම කොට මුළු දඹදිව තලයම සම්බද්ධ ශාසනයට පූජා කළෝය.
බුදුන් වහන්සේ තෙවරක් ලක්‌බිමට වැඩ පිහිටුවා ලු සම්බුද්ධ ශාසනයට සංවිධානාත්මකව ශක්‌තිමත්ව ස්‌ථාපිත වන්නේ ධර්මාශෝක නිරිඳුන්ගේ ශාසනික මෙහෙය නිසා සිදුවන ධර්මදූත ව්යාතපාරයේ මෙහෙයෑ වීමෙන් වන මහින්දාගමනය හේතුවෙනි.
ඊටත් වඩා ප්රතබල හේතුවක් අපේ වංශ කථාවන්හි සඳහන් වෙයි. පිරිනිවන් මඤ්චකයෙහි හොත් බුදුරජාණන් වහන්සේ ලක්‌දිව් හි බුදුසසුන ස්‌ථාවරම පිහිටන නිසා එදිනම මේ බිමට පැමිණෙන ''විජය'' ඇතුළු පිරිවර රැක්‌මට ''සක්රි දේවේන්ද්ර යාට'' පැවැරීමේ පුවතයි. මෙයින් පෙනී යන්නේ බුදු සසුන නොනැසී පවත්නා භූමිය ලෙස බුදුන් වහන්සේ අනුදැන වදාළේ මේ පුන්යන භූමිය බවයි.
ඒ නිසාම එදා සිටම බිහි වූ සියලූම රාජ්යත පාලකයෝත් රට වැසියෝත් බුදු සසුන රැකීම ඒකායන වගකීමක්, යුතුකමක්, රාජකාරියත් ලෙස කල්පනා කළහ. ඒ වෙනුවෙන් ව්යාහවෘත වූහ. රජවරු බෝසතුන් විය යුතුය යන මතය ක්රයමයෙන් සමාජය තුළ මුල්බැස ගැනීමෙන් පෙනෙන්නේ රාජ්යටය හා ශාසනය අතර පැවති අත්ය න්ත බැඳීමයි.
වැවෙන් දිය දෝතක් ගෙන මෙය තමා සිතු ධනය යෑයි කීමට තරම් අපේ රජ දරුවෝ අල්පේච්ඡ වූහ. බෝසත් ගුණ ධර්ම ප්රසගුණ කළහ. ''කළවිට'' වල බොල් පොළා ලබාගත් වීයෙන් මහ සඟනට දන් දුන් අසරණ දිළින්දෝ මේ බිමෙහි වූහ.
සමුදුර පරයන වැව් තැනු ඔවුහු අදත් ලොව විශ්මයට පත් කරන මහා ථූප ගොඩ නැගුහ. අපිරිමිත බුදුගුණ මහගල් තුළට කවා සෙල් පිළිම නිමකොට බුදුදහමේ අරුත් පෙළ ගස්‌වා ලිය වැල් ලෙසින් මවමින් සඳකඩ පහන් බුදු කුටි අබියස පිහිටු වූහ. අපේ සියලූ කලා නිර්මාණයෝම බුදුදහමේ සියලූ උගැන්වීම් ඇසුරේ බිහි වූහ. වැඩුනහ. ව්යාූප්ත වූහ.
ඇල්ගෙවිලියන් ගැයු අනියත බව තේමා කොට ගත් ගී අසා පුහුදුන් භික්‌ෂුන් වහන්සේලා සැට නමක් රහත් වීමෙන් පෙනී යන්නේ බුදුජන දහම හා බුදුසමය කෙතරම් ප්රසබලව ජන විඥානය හා බැඳී තිබුණේ ද යන්නයි. ජන කවීන් මෙන්ම පාණ්‌ඩිත්ය්යෙන් ඔපවත් කවියෝ ද බුදුදහමෙන් පිට නිර්මාණ සාහිත්යවයක් පිළිබඳව කල්පනා නොකළහ. මේ නිසා ඈත අතීතයේ සිට මෑත භාගය තෙක්‌ම බිහි වූ අපේ සාහිත්යම නිර්මාණයන් බුදුදහම ඇසුරේ හැදී වැඩී ගිය බෞද්ධ සාහිත්යකයක්‌ම වූහ.
සිංහල සාහිත්යධ වංශ කථාවේ පැරැණිම යුගය අනුරාධපුර අවධියයි. ඒ සමයේ ලියෑවී ඇති පොත් රාශියෙන් දැනට ශේෂව ඇත්තේ පොත් තුනක් පමණි. පස්‌වන කාශ්යිප නිරිඳුන් කළ දම්පියා අටුවා සන්නය, බුද්ධඝෝෂ අටුවාචාරීන් කළ ධම්ම පදට්‌ඨ කථාවට හෙළ බසින් අර්ථ දැක්‌වීමෙකි. ''සිඛ වළඳ විනිස්' භික්‌ෂුන් වහන්සේලා සඳහා කළ ''විනය නීති'' සංග්රදහයකි. එහි කර්තෘ අඥාතය. අපට හමුවන පැරැණිම පද්ය සංග්රලහය ''සියබස් ලකර'' නැමැති ගී පොතයි. මෙය රචනා කළේ ''සලමෙවන්'' නමින් හැඳින්වූ පළමුවන සේන මහ රජතුමාණෝය.
දණ්‌ඩීන්ගේ කාව්යා දර්ශය ගුරු තැන්හිලා කළ සියබස් ලකර සංස්‌කෘත අලංකාර ශාස්‌ත්රබයේ මුලධර්ම ඇසුරින් සිංහල කාව්යහ සම්ප්රඳදායක් ගොඩනංවා ගැනීමට කළ පර්යේෂණයක් වැනිය. සකු කවි මය ගුරු තන්නි ලා කළ නිර්මාණයක් වූවද මේ වන විට සිංහල ජන විඥානය තුළ මුල් බැසගත් බුදුසමයේ ප්රකබල තාවය ද කාව්ය ශාස්‌ත්ර යට නොසලකා හැරිය නොහැකි විය. ඒ නිසාම සියබස් ලකර කරුවෝ පද්යක නිර්මාණ පිළිබඳව මෙබඳු උපදෙස් දුන්හ. ඒ සංස්‌කෘත කාව්යක මූලධර්මයන්ට පිටින් ගොසිනි.
''පෙදෙන් බුදුසිරිත'' යනු උපදේශකයකි. බුදු උතුමන්ගේ සිරිත්, කාව්යෙ නිර්මාණයට ඉතා සුදුසු බව ඔහු කීවෝය. මේ වන විට ත්රියපිටක පාලිය ග්රමන්ථගත වී තිබීම හේතුවෙන් කාව්යර නිර්මාණයට අවශ්යී වස්‌තු බිජයෙන්ගෙන් නිර්මාණකරුවන්ට අඩුවක් නොවු බව මෙයින් ඇඟැවෙයි. සියබස් ලකර කරුගේ මේ උපදේශනය තවත් සංවර්ධනය කොට ඉදිරිපත් කළෝ ''කවිසිළුමිණ '' මහ කව කළ පැකුම්බා නිරිඳුතුමාණෝය.
''කිව් බම් කිවිදුමේ - කුසුම් සැපත් මේ විපුල්
පෙලෙ බෝසත් සරවැනුම් - වියතෙ මුව පත් වේවා
කවියා යනු කවීත්වය නමැති රුකෙහි මල් හට ගැනීම වූවත් බෝසත් සිරිත වැනීම කාව්ය යේ අග්රැඵලය බව මෙයින් ප්ර කාශ වෙයි.
සියබස්‌ලකරින් ලබාදුන් පෙදෙන් බුදු සිරිත කළ යුතුය යන උපදේශය පැරකුම්බා නරිඳුන් කවිසිළුමිණ මහ කවි කරමින් මහඟු ආදර්ශයක් ලබා දුන්නේය. කුසරජු හා පබවත අතර වූ පෙම් පුවත රැගත් කුස ජාතකය මේ මහා කාව්යදයට වස්‌තු විෂය වී ඇත.
අපට හමුවන අනෙක් පැරැණි ගී කාව්යි දෙක ''සසදාවත'' සහ ''මුවදෙව් දා ''වතයි. මේ දෙකම බෝසත් සර වැනුමෙකි. මඛාදේව රජු නරකෙසක් දැකීමෙන් ලත් කලකිරීම හේතු කොට අනිත්යසතාව මෙනෙහි කිරීමෙන් රජ සැප හැරා බවුන් වැඩීමට යාමේ පුවත රැගත් මඛාදේව ජාතකය මුවදෙව්දාවත ගී කාව්යියට වස්‌තු විෂය වී ඇත. ගී කාව්යජයේ මුල් ගී තුනම බුද්ධ වන්දනාව සඳහා වෙන් කොට ඇත.
1. නුවණ නිස යුරා - විනෙ කමුදු නිසයුරා
කෙලස්‌තුසර දිවසුරා - බව දුක්‌ළැවු අගයුරා
2. සත් තිසර සරා - ගුණ බිඟු පෙළ මනහරා
විසා දලනිදු ප සරා - තිත් ගජන් කැන් කෙසරා
3. රා වස මතුරා - ස`ග මොක් සුවඟ යතුරා
උවදුරු අඳුරු මිතුරා - නමවු තිලෝවෙගැ මිතුරා
(මුවදෙව්දාව - මුනිදාස කුමාරතුංග 5 මුද්රයණය 1996 )
නුවණ නැමැති ගංගාවන්ට මුහුද වැනි වූද විනෙජන කුමුදු විලට සඳවැනි වූද රාගා දී කෙලෙස් පිණි නසන හිරු වැනි වූද සසර දුක් නැමැති වනය දවනා ගින්නක් වැනි වූද සත්පුරුෂ නැමැති හංසයන්ට විලක් වැනි වූද ශීලා දී ගුණ නම් බිඟුන්ට පියුමක් වැනි වූද පස්‌කම් නැමැති සයුරට නෑවක් වැනි වූද මිසදිටු මත නැමැති ඇතුනට සිංහයන් වැනි වූද තන්නා නම් විෂ නසන දිව ඔසුවක් වැනි වූද සඟ මොක් සැපට මඟක් වූද උවදුරු අඳුරට පහනක් වැනි වූද තුන්ලෝ අසහාය මිත්රි වූ බුදුන් වහන්සේ නමදිමි.
මෙලෙස කවියා ඉතා අංග සම්පූර්ණ වැනුමකින් යුතු බුද්ධ වන්දනාවක යෙදේ. ඉතා විශිෂ්ට පරිපූර්ණ බුදුන් වැදීමක යෙදෙන කවියා සිව්වන ගීයෙන් පවසන්නේ නෙලුම් දඬු නූලින් පිනි බිඳු මුතු ලෙසින් අමුණා තැනු මාලයක් පැළැඳීම මෙන් බුදුගුණ වැනීම අතිශයින් දුෂ්කර කාර්යයක් බවයි.
මේ යුගයේම රචිත අනෙක් ගී කාව්ය යය සසදාවතයි. එයට වස්‌තු විෂය වන්නේ බෝසතුන්ගේ දාන පාරමිතාව ගැන කියෑවෙන සස ජාතකයයි. දාන පාරමිතාවේ මහිමය කියා පෑමට මෙන් සක්‌දෙව් රජුන් බෝසත් ''හා රුව'' සඳේ ඇඳි පුවතත් තවමත් එම රූපය සඳමඬලින් දැකිය හැකි බවත් බොදුනුවෝ අදහති. මේ නිසා එදා මෙදා තුර මේ ජාතක කථාව බොදු සමාජය තුළ අතිශයින් ජනාදරයට පත්ව ඇත.
''සසදා'' ගී කාව්යදය ආරම්භ වන්නේ ද බුද්ධ වන්දනාවකිනි.
1. නමවු නොමින් අන් - බුදුනුද වනත ගුණ ගන
සරන දෙව් දෙව්මුදුන් - මිණිකර නොසින් උතුමා
( සසදාවත වී. ඩී. එස්. ගුණවර්ධන මුද්රරණය 2000 සමයවර්ධන මුද්රබණය )
'' අන් බුදුවරයෙකුට වූවද බුදුන් වහන්සේගේ මහාගුණ සමූහය වර්ණනා කළ නොහැකි අතර අප්රඅමාණ දෙවියන් ද පාද නමස්‌කාරය කරන්නා වූ බුදුන්ගේ පා නමදිමු යන්න මෙහි අර්ථයයි. වර්ණනා විෂයාතික්රා්න්ත බුදුගුණ සමූහය ඉතා සරල එහෙත් මන බඳනා අයුරින් කියා පෑමට කිවියාට හැකිවී තිබේ. ඒ සසදාකරු බුදුන් දුටු සැටියි.
දඹදෙනිය රාජ්යි සමය ගී කාව්යගයේ මුදුන් මල් කඩ වන් ''කව්සිළුමිණ'' මහා කාව්යරය බිහි වූ සමයයි. ඒ හරුණු විට විශිෂ්ට ගණයේ කාව්යන නිර්මාණයක් මේ යුගයේ බිහි නොවීය. මේ යුගයේ බිහි වූ ''එලූ සඳැස් ලකුණ'' සිංහල චන්දස් ශාස්‌ත්රවය අරභයා ගීයෙන් පබැඳුනකි. මෙහි කතුවරයා කවරෙක් දැයි නොදනිතත් එතුමා ද තම ග්රරන්ථය අරඹන්නේ ඉතා සරල බුද්ධ වන්දනාවකිනි.'' ''පිනිපා'' කොටින් සතර'' යන යෙදුමට සීමා වූ ඒ බුද්ධ වන්දනාවෙන් කියෑවෙන්නේ ශාස්‌තෲන් වහන්සේ නැමැද හෙළයේ සඳැස් ලකුණු දක්‌වන බවයි.
මේ යුගයේ රචිත ''පියුම්මල'' නිඝණ්‌ඩුවකි. එය හෙළ වදන් රැසක් එක් කළ ''කෝෂ'' ග්රෑන්ථයකි. එසේ මතුදු එය ආරම්භ වන්නේ රසවත් ගීයකින් බුදුන් වහන්සේට නමස්‌කාර කරමිනි.
''බඹසුර නර උරඟ - කිරුළ මිණි කිරණ සර
සුපිපි රතඹර යුර - නැමැද මුණිරජ සරි සරණ යුග
බ්රිහ්ම දිව්යැ මනුෂ්ය හා උරග ආදීන්ගෙන් සැදුම්ලත් මනාව පිපීගිය රත් නෙලුම් මලක් වන් බුදුරජුන්ගේ පා යුග නමස්‌කාර කොට ග්රයන්ථය අරඹන බව කතුවරයා පවසයි.
මේ යුගයේම රචිත ''සිදත් සඟරාව'' සිංහල විසරණය අරඹයා ලියෑවුන සුවිශේෂ ග්රින්ථයකි. එය ආරම්භ වන්නේ ද එක් ගී පාදයකින් පමණක් බුදුන් වහන්සේ නමැදීමෙනි. ''මහද ගඳකිළි කර සව්නේ ගෙවා දන්නට'' යන ගී පාදය සිදත් කතුවරයා බුද්ධ වන්දනාවට යොදා ගෙන ඇත. ''සව්නේ ගෙවා දත් බුදුන් වහන්සේට මගේ හද ගඳ කිළියක් කරමින් ''සිදත් සඟරාව'' අරඹන බවට කතුවරයා කරන ප්රකකාශය සරල වුවත් ඉන් මතු වන්නේ ඉතා ගැඹුරු අර්ථයකි. බුදුරජුන් සව්නේ ගෙවා දත් බව කීමෙන්ම උන්වහන්සේ පිළිබඳව තිබූ පුළුල් අවබෝධය පසක් වේ. ''සව්නේ ''යනු සකල ඥෙය මණ්‌ඩලයයි. උන් වහන්සේ සියලූ ඥෙය පදාර්ථයන් පර්යන්ත කොට අවබෝධ කරගත් බව ප්ර'කාශ කිරීමෙන් කවියාගේ බුදුන් කෙරේ වූ අපමණ ශ්රතද්ධා ගුණයත් අවබෝධයත් ප්රකකට කරයි.
ගම්පොළ යුගයේ දී රචනා වූ කාව්ය ද්වය තිසර හා මයුර සන්දේශයන්ය. ඒවායේ අන්තර්ගත වර්ණනා අතර බුදුපුද උදෙසා රචනා වූ නිර්මාණයෝ ද වෙති.
කෝට්‌ටේ රාජ්යද සමය සිංහල කාව්ය සාහිත්යයයේ දීප්තිමත් කාල පරිච්ඡේදයක් ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කරති.
මේ යුගයේ සිටි විශිෂ්ටම කිවියා මෙන්ම මහා පඬිවරයා ද වූයේ තොටගමුවේ ශ්රීි රාහුල මහා ස්‌වාමීහුය. එතුමා කළ කාව්යලශේඛර මහා කාව්ය්යේ බුද්ධ වන්දනාව සිදුකරන්නේ මෙසේය.
පිරි සර සවිය රස
සුබ තරඟ නත මින් රැස
රන් වනඹර නිවෙ ස
වදිම් මුනිරජ සයුර සහනො ස
( කාව්යසශේඛරය හැඩිපන්නල පඤ්ඤාලෝක හිමි 1935)
වාක් රසයෙන් පිරි ගෝභනා රශ්මීමත් අංග ඇති අනන්ත ප්රයඥ රාශියෙන් යුතු පීත වර්ණ චීවරය දරන්නා වූ බුදුන් වහන්සේ නැමැති මහා සාගරය මම නමස්‌කාර කරමි. යනුවෙන් ගත හැකි එක් අරුතෙකි.
බුදුන් වහන්සේගේ සුමුදුර ධර්ම දේශනා විලාසයත් ශ්රී ශරීරයෙන් විහිදෙන බුද්ධ රශ්මි මාලාවත් මහා ප්ර ඥාවත් කවියා දැක ඇත්තේ අපමණ ශ්රයද්ධා චින්තයෙනි.
පද්යව බන්දනයේ දී අනුගමනය කරන සාම්ප්ර දායික ගන ශාස්‌ත්රියේ මූලධර්ම බිඳ දමමින් ගුත්තිල කාව්ය ය අරඹන වෑත්තෑවේ හාමුදුරුවන් ඒ නිසාම ගුරු හාමුදුරුවන් වන ශ්රී් රාහුල හිමියන්ගේ දෝෂ දර්ශනයට භාජනය වූ බව ජන ප්රුවාදයේ සඳහන් වෙයි. ගුත්තිලකරු බුදුන් වඳින්නේ මෙසේය.
සියපින් සිරින් සරු
දෙතිස් ලකුණෙන් විසිතුරු
කෙලෙසුන් කෙරෙන් දුරු
වඳිම් මුනි උතුමන් තිලෝගුරු
( ගුත්තිල කාව්යනය ඩී. වී. ද ලැනරෝල් සංස්‌කරණය )
අනේක පුන්යත සම්භාරයෙන් සාර වූ දෙතිස් මහා පුරුෂ ලක්‌ෂණයෙන් විචිත්ර සකල ක්‌ලේශයන් ප්රාහීන කළ මුනි උතුමාණන් මම් වදිම් යනුවෙන් කරන බුද්ධ වන්දනාවේ දී කවියා බුදුන් වහන්සේගේ ආධ්යා්ත්මික හා බාහිර හැඩ රුව එකවර දැක වීතරාගී සොම්නස් සුවයෙන් ඇලළෙයි.
කෝට්‌ටේ යුගයේ සිටි සුවිශේෂ කවියා වීදාගම මහ මෛත්රීද හිමියන්ය. බුදුගුණ අලංකාරය රචනා කොට හින්දු දේව සමූහයා දැඩි ප්රවහාරයකට ලක් කර බුදුන් පුදන්නේ මෙසේය.
තුලූණු මෙන් සත වෙත
පතළ නැණ සව් පදරුත
එළිකළ ලොවට සෙත
නිතර නමදිම් මුනිඳු සරනත
බුදුන් වහන්සේගේ මහා කරුණාවත් සියලු සත්වයන් කෙරේ පහළ වූ මෙත් සිතත් සකල පදාර්ථයන් දැන ලෝ සතුන්ට ශාන්තිය උදාකළ අන්දමත් කවියා දැක තිබේ.
මෙතුමාගේම රචනාවක් වූ ලෝවැඩ සඟරා කාව්යද නිර්මාණයේ දී බුදුන් වහන්සේගේ මහ මුහුදක් වන් මහා ගුණ සම්භාරය පළමුවම දකී. එමෙන්ම බව දුක් නසන වෙදාණ කෙනෙකි. මිසදිටු අඳුර නසන සූර්යයෙකි. කොතරම් අසිරිමත් දැක්‌මෙක් ද ? ඒ මෙසේය.
සෙත්සිරි දෙන මහ ගුණ මුහු දා ණන්
සත්හට වන බව දුකට වෙදා ණන්
තිත් ගන දුරු දුරුලන දිනි ¹ ණන්
සිත් සතොසින් නමදිම් මුණිදා ණන්
( ලෝවැඩ සඟරාව )
කෝට්‌ටේ රාජ්යන සමයේ ලියෑවී ඇති කාව්යරයන් අතරින් අමුතුම ආරක් ගත නිර්මාණය එඑ සිලෝ ශතකයයි. මේ මුළු කාව්යියම බුද්ධ ස්‌තෝත්රනයකි. රචකයා කාව්යම ආරම්භ කරන්නේ අන් කවීන් ගත් මගම යමින් බුද්ධ වන්දනාවකිනි.
විනෙදන සියොතුන් කැන් මන්සතොස් දුන් රසින් දම්.
නොව තුරු දුරලූ රා දොස් රජස් සත් සතන්හී
ලියලිය නොව දුන් තිත් කැන් උදම් සිත් අමාවැල්
මුනිඳු ගන රදුන් මන් මෙන් වඳිමි අත් මුදුන් දී.
( එළු සිලෝ ශතකය සංස් (- සිරිතිලකසිරි. 1945 )
විනෙදන නමැති ''කෑදැති'' සමූහයාගේ සිතට සතුට ලබාදෙමින් ඔවුන්ගේ සිත් සතන්හි ඇති රාග ද්වේෂ නැමැති දූලී දුරලා තීර්ථක සමූහයා නැමැති නෙලුම් දඬු ලියලෑමට ඉඩ ලබා නුදුන් බුදුරදුන් නම් ''මේඝ'' රාජයා නමදිමි.
කාව්ය් සමයානුගත උපමා භාවිතයට ගනිමින් ශතක කාව්ය රචකයා බුදු හිමියන් දකින්නේ වැහි වළාවක් ලෙසිනි. ඒ වැහි වළාව විනෙදන සිත් පුබුදයි. රා දොස් රජස් සෝදා හරී. කොතරම් අගනේ ද ?
''පැරකුම්බා සිරිත'' රජසිරි වැනුමට කළ විරුද කවක් වූවද කාව්යනය අරඹන්නේ බුදුහිමි නැමදීමෙනි.
පිහිටි කුලුණඹ තුර
දහම් මුවර ද රස බර
දෙව් සුරනර බමර
වඳිම් මුනි රජ තඹර සිරිසර
(පැරකුම්බා සිරිත)
කවියා දකින්නේ බුදුන් වහන්සේ පියුමක් ලෙසිනි. ඒ පියුම කරුණාව නම් දියෙහි වෙයි. දහම් නැමැති මුවර දි ඒ සියපතෙහි ඇත. දෙව් මිනිස් බමර කැල විසින් සේවනය කෙරේ.
සීතාවක රාජධානි සමයේ හමුවන එකම පඬිවරයා යෑයි පැවැසිය හැකි අලගියවන්න මුකවෙටි කවියාණන්ගේ ''සුභාෂිතය'' නැමැති උපදේශක සංග්රටහය අරඹන්නේ ද බුද්ධ වන්දනාවකිනි.
එතුමාණන් ද බුදුහිමි දකින්නේ සියපතක් ලෙසිනි.
සත වෙත පත මෙත සඟ හස සෙවි පසිඳු
අවනත සුර මත මිහිතර සරැ පුබුදු
දිගුරතැ ගිලි දළ පෙළ මොක් සුවඳ රැඳු
සියපත සිය සියපත සිය පත නමුදු බුදුන් වහන්සේ නැමැති සියපත සංඝයා නැමැති හංස රාජයන් විසින් සෙවින. ඒ සියපතෙහි නිවන් නැමැති සුගන්ධය රැඳී තිබේ.
පියුම මඩෙහි හටගෙන ඉන් ඉහළට මතු වී සිටින්නේ නොතැවරුන මඩ සහිතව සුවඳ විහිදුවමිනි. බුදුන් වහන්සේ ද මිනිස් ලොව ඉපිද උත්තර මනුෂ්යන භාවයට පත්ව පූජාවට පත්රද වෙයි. ඒ නිසා බුදුහිමි පියුමක් සේ දැකීම අතිශයින් උචිතය.
ලෞකික අද්දැකීම්වලට නැඹුරු වූ ශෘංගාරයට බර කාව්යස නිර්මාණය කළ මාතර යුගයේ කවියෝ ද බුද්ධ වන්දනාවෙන් තම කාව්යා නිර්මාණය ආරම්භ කළෝය. කටුවානේ දිසානායක මුහන්දිරම්තුමන් ''කව්මිණි මල්දම'' අරඹමින් මෙසේ බුද්ධ වන්දනාවේ යෙදෙන්නේ මෙසේය.
පිරි ගුණ බව නොල ග
මොහැඳුරු නිවු කෙලෙස ග
පිරි පඩෙර නෙතු යුග
වඳිම් මුනි තුමන් තෙදිය තාග
කෙලෙස් ගිනි නිවූ පිපීගිය පියුමක් බඳු දෙනෙත් ඇති තුන් ලොවට අග්රන වූ බුදුහිමි කවියාගේ වන්දනාවට පාත්රි වෙයි.
පත්තායමේ ලේකම්තුමන් අනිත් ලියෑවී ඇති ''කව්මිණි කොඬල'' නමැති කාව්යව සංග්රකහය ආරම්භ වන්නේ ද බුදුහිමි නමදිමිනි.
පිරිනෙක වණ නිසල
සව්තුරු සෙවුන මහසල
රුවනිඳු ඉඳු වසල
වඳිම් මුනිරජ සුනෙර නිකසල
( කව්මිණි කොඬල )
කවියා බුදුන් දකින්නේ මහමෙර ලෙසිනි. තිරසර බවත්, සියල්ල ට වඩා උතුම් බවත් සියලූ මැණික් අතර අග්රහගන්ය' බවත් සලකා මෙසේ වර්ණනා කර තිබේ.
අනුරපුර යුගයේ සිට මාතර අවධිය දක්‌වා විවිධ කාව්යස නිර්මාණයන්හි නියෑලුන අපේ කවියෝ බුද්ධ වන්දනාව තම නිර්මාණයේ ආරම්භය ලෙසින් සැලැකුහ. තම තම නැණ පමණින් බුදුගුණ කීමටත් උන්වහන්සේගේ ආධ්යා්ත්මික ගුණ මහිමයත් නෙත් සිත් සනහන බාහිර විලාසයත් දැකගත් අන්දම ඔවුහු රචනා කළෝය. ඒ සියල්ලෙහි රැඳුනේ බුදුන් වහන්සේගේ දහම දැකීමෙන් උපන් අපරිමිත ශ්රයද්ධාවයි.

සිංහල සටන් කාව්යායේ ආරම්භය1
සිංහල සටන් කාව්‍යයේ ආරම්භය
සටන් කාව්‍ය ඉතිහාසය විමසන විට එහි ආරම්භය කි‍්‍ර. පූ. 2000 තරම් ඈතට දිව යයි. සටන් කාව්‍යයක මුලික ලක්‍ෂණය වන්නේ එය යුද්ධයක් මූූලික කරගෙන නිර්මාණය වී තිබීමයි. ගී‍්‍රක සාහිත්‍යයෙහි එන ’ඉලියඩ්’ සහ ඕඩිසි’ යන මහා කාව්‍ය සඳහා ගී‍්‍රසියේ ටේරීයි නුවර ඇති මවු සටනක් හේතු වී ඇත. ලතින් ස්පාඤ්ඤ ජර්මන් ඉංගීසි සංස්කෘත ආදී සාහිත්‍යයන්හි සටන් මූලික කරගෙන කාව්‍ය නිර්මාණ බිහිවී ඇති බව ඒ ඒ සාහිත්‍යය අධ්‍යයනය කරන විට හඳුනාගත හැකි ය. අයිරිෂ් සාහිත්‍යයෙහි ද සටන් පිළිබඳව ලියවුණු කාව්‍යයන් බොහෝ දක්නට ලැබේ.සිංහල ළුසටන් කාව්‍ය සඳහා වඩාත් බලපාන්නේ භාරතීය කාව්‍යය යි. භාරතීය සාහිත්‍යයේ සටන් කාව්‍ය ලක්‍ෂණවල ඡායාව දක්නට ලැබෙන්නේ කි‍්‍ර. පු. 2500 දී තරම ය. භාරතීය වේද ග‍්‍රන්ථයන්හි සටන් පිළිබඳව සඳහන් වේ. භාරතය දේව විශ්වාසවලින් පිරිපුන් රටකි. භාරතීය දෙවිවරු අතර ඉන්ද්‍ර දෙවියන් සටන් කාමී දෙවියකු වශයෙන් ප‍්‍රසිද්ධ ය. වේද ග‍්‍රන්ථයන්හි ඉන්ද්‍ර දෙවියන් ගේ සටන් කාමීත්වය වීරත්වය ඉහළින් වාර්ණනා කර ඇත. සෘග් වේධයෙහි ඉන්ද්‍ර දෙවියන් වර්ණනා කිරීම සඳහා යොදාගෙන ඇති ස්තෝත‍්‍ර සටන් කාව්‍යයක මූලික ලක්‍ෂණ මතු කරයි. සංස්කෘත ’මහා භාරත’ නම් කෘතිය සඳහා පාදක වී ඇත්තේ ගෝති‍්‍රක සටනකි. රාමායනයෙන් ප‍්‍රකාශ වන්නේ රාවණාගේ වීරකි‍්‍රයා පිළිබඳව ය.සිංහල සටන් කාව්‍ය සඳහා පාලි වංශකතා සාහිත්‍යයේ ද බලපෑමක් ඇතැයි සිතිය හැකි ය. දීපවංශයෙහි පාලි මහා වංශයෙහි එන දුටුගැමුණු වර්ණනාව සිංහල සටන් කාව්‍යවල මුල් සැලැස්ම ලෙස දැක්විය හැකි ය. චූලවංශයෙහි පළමුවන පරාක‍්‍රම බාහු චරිතයත් එහිි දෙවැනි කොටසෙහි දෙවන පරාක‍්‍රම බාහු චරිතයත් සිංහල සටන් කාව්‍ය ආරම්භයට බලපාන්නට ඇතැයි සිතිය හැකි ය.සිංහල සාහිත්‍ය බුදු දහහම පදනම් කරගෙන ගොඩනැඟුණු සාහිත්‍යයක් බැවින් සිංහල සාහිත්‍යයේ ආරම්භක යුගයේ දී සටන් කාව්‍ය වලට සාහිත්‍යයේ තැනක් හිමි නොවී ය. එහෙත් දොළොස්වන සියවසේ අග භාගය සහ දහතුන් වන සියවසේ මුල් භාගය වන විට රජවරුන්ගේ රණකාමිත්වය කිර්තිය තේජස ආදී ලක්‍ෂණ වර්ණනා කර ඇති බව පහත සඳහන් කාව්‍ය යන්ගෙන් පැහැදිලි වේ.නර නිඳු සඳ ගිරිදු – බුජකුළු ලකුළු කගසීහී රුපු ඇත් මුදුනේ -දළ දජ මුල කබලගත් (මුවදෙව් දාවත 41)
ඒ නරේන්ද්‍රෝත්තමයා නමැති පර්වත රාජයාගේ බාහු නමැති මස්තකය අලංකෘත කළා වූ කඩුව නමැති කේසර සිංහ රාජයා සතුරු පිරිස් නමැති ඇත් මුදුණේ මහත් එඩි නමැති මොල කබල හැරගත්තේ ය.රණ රෙඟ නරතුරු – එවිරු කෙවත නොනටත්යස ගී ගා දියෙහි - කවඳ සුවහස් නැටුම් ගැන්වූ(සසදාවත 212)
යුද්ධ රංගයෙහි කවන්ධ දහස් ගණනක් නිරන්තරයෙන් නැටවූ ඒ වීරයා පිළිබඳ යස ගී ගයා නො නටන්නට ලොවෙහි කවරකු සමත් වේ ද?සිංහල සාහිත්‍යයෙහි සටනක් පිළිබඳ මුල් ම සඳහන දක්නට ලැබෙන්නේ කව් සිළුමිණෙහි ය.
පවසමින් ඉති නර - වරණ රණ හේ සෙබළන්,වත් දත් පිළු ද පිරිමැදි - නෙත් දත් රැසින් නහවා
වදනිනෙ යුගත්නල - ගස් ලද මුහුදු මිහිතෙලෙදිවු විලසක් පාමින් - සිවුරඟ සෙනග යාගත්
පැසුළු ගොසින් එදූ - සැදූ සවන්් නරවරන්එබසින් අග ලොමු දෙහෙන් – සදමින් දිවි රජ රැස් කව් සිළුමිණ 659, 660, 661
නර ශ්‍රේෂ්ඨයාණෝ මෙසේ පවසමින් යුද පිණිස යුද භටයන් ගේ මුහුණු සහ උරහිස ද නේත‍්‍ර කාන්තියෙන් සහ දන්ත කාන්තියෙන් නහවා පිරිමැන්දෝ ය.ඒ වචනයෙන් කල්පාන්ත මාරුතයෙන් පහර ලත් සමුදාය පෘථිවියෙහි දිවූ විලාසයක් පාමින් සිවුරඟ සෙනග ගමන් ගනී. පසුව ඒ දූතයෝ ගොස් ඒ වචනයෙන් නරවරයන්ගේ කන් සෑදූහ. රාජ සමූහ තෙමේ ඒ වචනයෙන් ශරීරයෙහි ලොමු ඩැහැ ගැනීම් ඇතිකරමින් දිවී ය.කුස ජාතකය වස්තුකොට ගෙන රචිත කව්සිළුමිණ කුසජාතකයෙහි වර්ණනා නො කරන ලද යුද වර්ණනාවක් කවි සිළුමිණෙහි දක්නට ලැබේ. මහා කාව්‍යයක තිබිය යුතු ලක්‍ෂණ රැක ගනිමින් කව් සිළුමිණ රචනා කර ඇති බැවින් යුද්ධ වර්ණනාවක් ඇතුළත් කර ඇති බව පෙනේ. මේ සඳහා දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ හටන් කාව්‍යයන්ගේ අභාසය ද ලබා ඇති බැව් පෙනේ.සිංහල සටන් කාව්‍යයේ ආරම්භය පිළිබඳව සාකච්ඡා කරන විට සන්දේශ කාව්‍යයන්හි බලපෑම ද අමතක කළ නොහැකි ය. මයුර, පරෙවි, කෝකිල, හංස ගිරා ආදී සන්දේශ කාව්‍යවල එන රාජ වර්ණනාවලින් සටන්්කාව්‍ය ලක්‍ෂණ පිළිබිඹු කරයි. සන්දේශ කාව්‍යයන්හි එන රාජ වර්ණනා බොහෝ විට රජවරුන් ගේ තේජස, බලය කීර්තිය හා යුධ වීරත්වය අතිශයෝක්තියෙන් යුක්තව වර්ණනා කිරීමට බොහෝ සන්දේශ කරුවෝ පෙළඹුණහ. ඒ බව මෙම සන්දේශ කවිවලින් ප‍්‍රකට වේ.ගුණෙන් අමිත මන හළ අමත කී රණටතෙදින් සැහැසි සහසවු සගසති රණටඔදින් විකුම් පෑ නරවර මෙදෙ රණටකගින් පැහැර රුපු නොතිබීය ද රණටමයුර සන්දේශය
සකලා අවිසිල්ප තතුගත් ලොව පැවතීසක ලා සදිසි සපුමල් කුමරිදු නමැතිදැකලා වත තරුණ රුපු ඔහු ගෙ විකුමැතිඑකලාවම ගජ දළ යාන සැතපෙති කෝකිල සන්දේශය
සටන් කාව්‍යයන්ට වඩාත් සමීපවන පරිදි රාජ, නායක වර්ණතා දක්නට ලැබෙන්නේ් හංස සහ ගිරා සංදේශවල දීය.
දිය රම් බල විකුම් පෙන්වූක මුළු දෙර ණමනරම් මෙනර නිදුගේ දිය ගිය කර ණවිහිඟුම් බුජග දිලි යම දිවසෙ කුරුප ණකගනම් රුදු විරුදු රද මුදු නැ ගෙන සෙ ණ හංස සන්දේශය
සන්දේශ කාව්‍යයන් හි එන රාජ, නායක ආදීන්ගේ වර්ණතා හටන් කාව්‍යයක සිරිය ගන්නේ ගිරා සන්දේශ යෙනි. එහි එන අම්බලමේ කතා වැනුමෙහි සය වෙනි පැරකුම්බා රාජවර්ණනය කුඩා ’පැරකුම් හටන ක් මෙනි.තෙදින් රිවි බිම්බානිරිදු සඳ පැරකුම්බාරුපු සිඳු කලම්බාකෙළෙ යැ විරු සිරි සඳ කුල’ම්බා 126
ජය ගෙනැ මුළු දෙරණපෙන්වා තමා තෙද අණලක එක හිරවරණකළේ අප හිමි විකුම් අපමණ 136
තෙවිකුම් විකුම් ඇතිඅප හිමි දිනිදු කුල පතිපෙර නිරිඳුන් අයතිනුවුදසටත් වන්නි ජය ගති 37 ගිරා සන්දේශය
සිංහල සාහිත්‍යයෙහි දක්නට ලැබෙන එක ම ප‍්‍රශස්ථ කාව්‍ය වන පැරකුම්බා සිරිත සිංහල සටන් කාව්‍යයට මූල බීජය සපයන වෙනත් සිංහල සාහිත්‍යයක් දක්නට නොමැති තරම් ය. පැරකුම්බා සිරිත නිර්මාණය වන තෙක් සිංහල සටන් කාව්‍යයට තුඩු දෙන නිර්මාණාංග දක්නට ලැබුණේ වෙනත් සාහිත්‍ය නිර්මාණවල එක්් අංශු මාත‍්‍රයක් ලෙසිනි. එහෙත් පැරකුම්බා සිරිත නිර්මාණය වන්නේ පරාක‍්‍රම බාහු රාජ චරිතය ප‍්‍රශස්තියට නැගීම සඳහා ය. ඒ අනුව පැරකුම්බා සිරිතෙහි තේමාව පැරකුම්බා රජතුමා වර්ණනා කිරීමයි. එහි දී පැරකුම්බා රජතුමාගේ කීර්තිය බලය තේජස රණකාමිත්වය වැනි ලක්‍ෂණ මැනවින් වර්ණනා කිරීමෙන් හටන් කාව්‍යක ලක්‍ෂණවල මූල බීජයන් මෙහි දක්නට ලැබේ. මෙහි එන වර්ණනයන්ට අනුරූපවන වර්ණනා සටන් කාව්‍යවල බොහෝ විට දක්නට ලැබේ. මෙහි දැක්වෙන්නේ පැරකුම්බා රජුගේ රණ ශූරත්වය පිළිබඳ වර්ණනාවකි.පැහැදිසර ම්බා රැඳි මනර ම්බාතුනු සිරිර ම්බා පති පිළිබි ම්බාරුපු රජර ම්බා රණ මත කු ම්බාදින පැරකු ම්බා හිමි තෙවිකු ම්බා
දූල යස පැරකුම් රජ දඹදෙණි වැසිකුල වන්නින් මැඩ තෙද බලයෙන් නිසිනිල ලා සිරි ලක තැන්පත් කළ ලෙසිකැලඹුණු දිය පෑදූ වැනි අග තිසි
පැරකුම්බා සිරිත
සිංහල සටන් කාව්‍ය සිංහල සාහිත්‍යයේ විවිධත්වය ප‍්‍රකාශ කිරීමට සටන් සාහිත්‍යාංගයක් ලෙස හැඳින්විය හැකි ය. දෙස් විදෙස් සාහිත්‍යයේ ආභාසය ලබමින් අනෙක් සාහිත්‍යංග සමඟ මිශ‍්‍රව පැවැති මෙම සාහිත්‍යංගය ස්වාධීන සාහිත්‍යංගයක් වශයෙන් ප‍්‍රකට වන්නේ ඉතා මෑත භාගයේදී ය. සිංහල සාහිත්‍යයේ එන සටන් කාව්‍ය අතර කොන්ස්තන්තීනු හටන, ගන්නොරුවේ සටන පරංගි හටන, ඇහැළේපොළ හටන සහ දුනුවිල හටන ආදිය ප‍්‍රසිද්ධ සටන් කාව්‍ය ලෙස හැඳින් විය හැකි යජෙ
නිමල් ප්‍රේමකුමාර
|
Subscribe to:
Posts (Atom)