UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 10/21/18

Sunday, October 21, 2018

ලිංගික උද්දීපනය පිළිබඳව හරියටම දැනගන්න


කාන්තාවකට සහ පිරිමියකුට ලිංගිකව එක්වීම සඳහා හැගීමක් මතුවන්නේ ඔවුනොවුන් අතර මතුවන සිතුවිලි අනුවය. නිරෝගී කාන්තාවකට සහ පිරිමියකුට වුව ඒ සඳහා සිතුවිලි පහළ නොවේ නම් ලිංගිකව එක්වීම සඳහා හැගීමක් මතුවන්නේ නැත.

ලිංගිකව එක්වීම සඳහා කාන්තාවට සහ පිරිමියාට සිතුවිලි පහළ වූ විට මතුවන හැගීම්වලට අනුව ලිංගික උත්තේජනයක් සිදුවේ. මෙම උත්තේජනය කාන්තාවට සහ පිරිමියාට ඇතිවන ආකාරය තුළ වෙනස්කම් පවතී.
කාන්තාවන්ට සහ පිරිමින්ට ලිංගික උත්තේජනයක් සඳහා මානසික මෙන්ම කායික සාධක ද බලපායි. කෙසේ වෙතත් කාන්තාවන්ට ලිංගික ආශාව මෙන්ම ලිංගික උත්තේජනය සඳහා මානසික සාධක වල බල පෑම වැඩිය.
නිරෝගී කාන්තාවකගේ සහ පිරිමියකුගේ ලිංගික උත්තේජනය සිදුවන ආකාරය නිවැරදිව හඳුනා ගැනීම වැදගත්ය.

මෙම වෙනස්කම් නිසිලෙස හඳුනා නොගැනීම නිසා කාන්තාවන් සහ පිරිමින් අතර ලිංගික ගැටලූ මෙන්ම අසහනකාරී තත්ත්වයන් ඇති විය හැකිය.

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීම

කාන්තාවකට ලිංගික උත්තේජනයක් ඇතිවීමේදී ඇයගේ ඔසප් චක‍්‍රය ද බලපායි. බොහෝ කාන්තාවන්ට ඩිම්බයක් පිටවීමට ආසන්න කාලයේදී ලිංගික ආශාව වැඩිවේ. මෙය සාමාන්‍යයෙන් ඇතිවන්නේ ඔසප් චක‍්‍රයේ මැද කාලයේදීය.

ගැබ් ගැනීමකදී, දරු ප‍්‍රසූතියෙන් පසු මව්කිරි දෙන කාලයේදී, ආර්ථවහරණයෙන් පසු, යම්කිසි මානසික පීඩාවකින් පෙළෙනවිට සහ රෝගී තත්ත්වයකදී හෝමෝනවල සිදුවන වෙනස්කම් වලදී දෙදෙනා අතර ඇතිවන ගැටලූවලදීද ලිංගික හැගීම්වල වෙනස්කම් මතුවේ. මීට අමතරව විවිධ රෝග සඳහා ගනු ලබන ඖෂධ නිසා ද ලිංගික හැගීම් වෙනස්වේ. විශේෂයෙන් පවුල් සැලසුම් සඳහා භාවිතා කරන පෙති වර්ග සහ එන්නත් ගනු ලබන විට ලිංගික ආශාවේ වෙනසක් ඇතිවිය හැකිය.

තරුණ වියේදී ලිංගික හැගීම් පහළවීම බහුල අතර මැදිවියට පත්වන විට එය ක‍්‍රම ක‍්‍රමයෙන් අඩු වේ.

කාන්තාවක් ලිංගික උත්තේජනයකට ලක්වීම පියවර හතරකින් දැක්විය හැකිය. පළමු පියවර ඒ සඳහා හැගීම් ඇතිවීමය. දෙවන පියවර ලිංගික ප‍්‍රදේශයේ උත්තේජනයයි. තෙවන පියවර ලිංගික කටයුතු සඳහා පසුබිම සැකසීමය. සිව්වැනි පියවර නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වීමය.

1. පළමු පියවර

කාන්තාවකට මෙන්ම පිරිමියකුටද ලිංගික එක්වීමක් සඳහා හැගීමක් ඇතිවිය යුතුය. එවිට ශාරීරිකව සහ මානසිකව ඒ සඳහා ඇය තුළ සුදානමක් ඇතිවේ.

මෙලෙස ලිංගික හැගීමක් මතුවීම සඳහා පිරිමියකු දැකීම හෝ ස්පර්ශයම අවශ්‍ය නොවේ. මානසිකව ඇතිවූ සිතුවිල්ලක් නිසාද ලිංගික උත්තේජනයක් මතුවිය හැකිය.

කාන්තාවකගේ ලිංගික උත්තේජනයකදී පළමුව දැකිය හැකි ලක්ෂණය වනුයේ ඇයගේ පියයුරු උත්තේජනය වීමයි. ඉන්පසු තනපුඩු ප‍්‍රාණවත් වේ. මෙම ලක්ෂණ මතුවීමත් සමÛ ඇයගේ ලිංගික ප‍්‍රදේශයට ගමන් කරන රුධිර ප‍්‍රමාණය වැඩිවේ. ඒ අනුව එම ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරිත්වය ඉහළ යයි.

මෙහිදී ඉතා ඉක්මනින් දැකිය හැකි ලක්ෂණයක් වනුයේ යෝනි ප‍්‍රදේශය තෙත්වීමය. එය ලිංගික උත්තේජනයක් ඇති වී තත්පර 30 ක් වැනි කෙටි කාලයකදී සිදුවිය හැකිය.

2. දෙවැනි පියවර

ප‍්‍රාණවත් භාවයට පත්වූ ලිංගික ප‍්‍රදේශය සක‍්‍රීය බව යම් පසුබෑමකට ලක්වූවා වැනි ලක්ෂණ මතුවේ. ලිංගික උත්තේජනය අප‍්‍රාණික වූවා ලෙස ඇතැම් දෙනා එය සිතති. මෙය වැරදි ආකල්පයකි. සිදුවී ඇත්තේ ලිංගික උත්තේජනය අප‍්‍රාණිකවීමක් නොව ලිංගික කටයුතු සඳහා අවශ්‍ය පසුබිම සැකසීමය. එනම් ලිංගිකව හැසිරීම සඳහා අවශ්‍ය කාලය උදාවී තිබීමය.

3. තෙවැනි පියවර

ලිංගිකව හැසිරීම් කාලය තීරණය වන්නේ එකිනෙකාගේ ශාරීරික හා මානසික තත්ත්වය මතය. කෙසේ වෙතත් ලිංගිකව හැසිරීමේදී කාන්තාවට මානසිකව ඇතිවන උපරිම තත්ත්වය සුරතාන්තයට පත්වීම ලෙස හඳුන්වනු ලබයි.

සුරතාන්තයේදී ඇයගේ යෝනි ප‍්‍රදේශයේ මාංශපේශි සංකෝචනයවීම ඇතිවේ. එය යෝනි ප‍්‍රදේශයෙන් පටන්ගෙන කකුල් අත් පා උදරය ප‍්‍රදේශය දක්වා පැතිර යා හැකිය.

මේ අවස්ථාවේදී කාන්තාවගේ රුධිර පීඩනය වැඩි වේ. හෘද ස්පන්දනය ඉහළ යයි. හුස්ම ගැනීම වේගවත්වේ. ගැඹුරු හුස්ම ගැනීමක් ඇතිවේ.

සාමාන්‍යයෙන් සුරතාන්තයට පත්වීමෙන් පසු ඇයගේ ඇති වූ ලිංගික උත්තේජනය ක‍්‍රම ක‍්‍රමයෙන් පහව ගොස් සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් ඇය තුළ මතුවන හැගීම අනුව සහ ලිංගික ක‍්‍රියාවේ ස්වභාවය අනුව නැවත වරක් ඇය සුරතාන්තයට පත්විය හැකිය. එසේම ලිංගික ක‍්‍රියාවේ තවදුරටත් යෙදීමේ හැකියාවද පවතී. මෙය පිරිමියාගේත්, කාන්තාවගේත් ලිංගික උත්තේජනයේ දැකිය හැකි වෙනසකි.

කාන්තාව සුරතාන්තයට පත්වූ විට ඇයගේ යෝනි මාර්ගයෙන් පිටවන තරලය වැඩිවේ. ඇතැම් කාන්තාවනට මුත‍්‍රා සුළු ප‍්‍රමාණයක්ද පිට වේ. මෙය අනිවාර්යයෙන්ම සිදුවන හෝ සිදුවිය යුතු දෙයක් නොවේ.

4. සිව්වැනි පියවර

සුරතාන්තයෙන් පසු කාන්තාවගේ ලිංගික ප‍්‍රදේශයේ ඉහිල්වූ මාංශ පේශි සහ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ආරම්භ වේ.

මෙලෙස කාන්තාව සාමාන්‍ය තත්ත්වයට පත්වීම ඉතා ඉක්මනින් සිදුවන්නේ සුරතාන්තයට පත් වූ පසුය.

සුරතාන්තයට පත් නොවී ලිංගික කටයුතු අවසන් කරනවිට ඇයට සාමාන්‍ය තත්ත්වයට පත්වීම සඳහා වැඩි කාලයක් ගත වේ. මෙය නිතර නිතර පැවතීමෙන් කාන්තාවට ලිංගිකව එක්වීමේදී සහ ඉන්පසු වේදනාකාරී බවක් ඇතිවිය හැකිය.

අන්තර්ජාලය ඇසුරෙනි.




රණවරා ඔබ දිනපතා පාවිච්චි කරනවා නම් ඔබගේ ලේ පිරිසිදු වීම නිසා ඔබගේ ශරීරය පැහැපත් කර ගැනිමට මෙම වටිනා ඔසුව ට හැකියාව තිබේ


ගොඩක් දෙනක් සම පැහැපත් කර ගන්නවට වඩා සුදු කර ගන්න හරියට මහන්සි වෙනවා. එත් විවිධ ආලේපන නිතරම ආලේප කිරීම නිසා සමට වෙන්න තියෙන හානිය ඉතා වැඩියි. ඒවායේ ඇති අවදානම හඳුනා ගෙන අහිතකර ආලේපන වලින් මිදිලා ස්වභාවික ආලේපන හා ස්වභාවික දෑ මඟින් ශරීරයට අවශ්‍ය අභ්‍යන්තර පෝෂණය ලබා දුන්නොත් ලෙඩ නොවී හැඩ වෙන්න පුළුවන්.

ඒ වගේ සම පැහැපත් කරන්නත් ඔයාව නිරෝගී කරන්නත් පුළුවන් ඖෂධිය ගුණ අතින් ඉතා ඉහල පානයක් තමයි රණවරා කියන්නේ. ඒ වගේම අතීතයේ ඉඳලම දේශීය ආයූර්වේදයේ නැතුවම බැරි ඖෂධයක්. ලංකාවේ විශේෂයෙන් වියලි කලාපයේ ඉතා හොඳින් වැඩෙන ශාකයක්. රණවරා ශාකයේ කඳ, මූල්, මල්, පොතු, කොළ, ඇට ආදී ශාකයේ සියලුම කොටස් ඖෂධිය ගුණයෙන් එක ලෙස වැදගත් වෙනවා.

රණවරා මල් තම්බා තේ වෙනුවට දිනකට දෙවරක් පානය කරන්න පුළුවන් නම් ශරීරයේ ඇති බොහෝ ලෙඩ රෝග වලට ඉතාමත් හොඳ ප්‍රතිකාරයක්. රණවරා මල් තම්බද්දී ඊට කලින් මලේ මැද ඇති රේණු කොටස් තරමක් ඉවත් කර ගැනීමෙන් තිත්ත රස ඇතිවෙන එක නැති කර ගන්න පුළුවන්. එත් තිත්ත රස එක්කම බොන්න පුරුදු වෙන එක තමයි වඩා හොඳ.


රණවරා වල ඇති ඖෂධිය ගුණයන්ට සිරුර සිසිල් කිරීමේ හැකියාව සහ විඩාබර බව දුරු කිරීමට හැකියාව පවතිනවා. ඒ වගේම සිරුර පැහැපත් කිරීමේ ගුණය අතිශයින් ඉහලයි. ඒ වගේම රණවරා පිත, සෙම අවම කරමින් පණු රෝග ආදියටද ගුණ ලබා දෙනවා. ශරීරයේ ඇති වෙන දද, කුෂ්ඨ ඇතුළු චර්ම රෝග අවම කරනවා.

රණවරා ශාකය දියවැඩියා රෝගීන්ට දෙන්න පුළුවන් වටිනා ඖෂධයක්. ඒ වගේම මුඛයේ හට ගන්නා තුවාල සුව කිරීමටත් යොදා ගන්න පුළුවන්. රණවරා මල්, කොළ, මුල් ආදිය තැම්බූ වතුර වලින් තුවාල, කුෂ්ට, දද ආදිය සේදීම මඟින් ඉක්මන් සුවය ලබන්න පුළුවන්. පිරිමින්ගේ ශුක්‍ර වර්ධනයට උපකාරී වීම මෙහි තවත් වැදගත්කමක්. රණවරා ඇට හොඳින් වියලා කුඩු කර තබා ගෙන තේ, කෝපි මෙන් පානය කරන්නත් පුළුවන්. එයින් ඔයාට තියෙන සෞඛ්‍ය ගැටළු රැසක්ම අවම කර ගන්න පුළුවන්.

දිනපතා රණවරා මල්, කොළ තැම්බූ වතුර, රණවරා කැඳ ආදිය පානය, රණවරා කොළ මැල්ලුම ආහාර වේලට එක් කර ගැනීම මඟින් ලේ පිරිසිදු වෙනවා. ඒ මඟින් සම වඩා පැහැපත් වෙනවා.

ගොටුකොළ පිළිබඳව මෙම කරුණු ගැන ඔබ දැනුවත් නම් හැමදාම ආහාරයට ගනු ඇත.


ගොටුකොළ යනු දීර්ඝායුෂ ලැබීමට මෙන්ම එදිනෙදා ජීවිතයේ දී වැයවන ශක්තිය නැවත ලබා ගැනීමට උපකාරීවන මහත්ම ඖෂධයකි. එමෙන්ම මොලය වර්ධනය කිරීමට මෙම ශාකයට විශේෂ හැකියාවක් තිබේ අපි ිනපතා ගොටුකොළ ආහාරයට ගන්නේ නම් අපේ සරීර සෞඛ්‍ය මනාව පවත්වා ගත හැකිය

අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.

මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.


නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ  බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.

ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.

හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.

ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද?


ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.

ශක්තිය කිලෝ කැලරි  3.7
ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
මේදය ග්‍රෑම් 0.5
පිෂ්ඨය ග්‍රෑම් 6.0
කැල්සියම් මිලිග්‍රෑම් 224
පොස්පරස් මිලිග්‍රෑම් 32
යකඩ මිලිග්‍රෑම් 68.8
විටමින් C මිලිග්‍රෑම් 6.8

ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය. විශේෂයෙන්ම අක්මාවේ අමාරු ඇති අයට සමහර ඖෂධ ගන්නා අයට, පිළිකා රෝග ඉතිහාසයක් ඇති අයටත් ගොටුකොළ භාවිත කරන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

මුරුංගා වල ගුණ දන්නවාද ? මුරුන්ගා වල තිබෙන අශීමිත ගුණාත්මක බව| Do You Know the Health Benefits of Drumstick Leaves?



Moringa oleifera

මුරුංගා කරල් රසවත් එළවළුව ක් ලෙස ලංකාවේ කා අතරත් ජනප්‍රියව ඇත. නමුත් මුරුංගා කොළ වල ඇති ගුණාත්මක අගය ගැන දන්නේ සුළු පිරිසකි. එසේ වුවද  මෙම කොළ, ආහාර රස ගැන්වීමට ව්‍යoජන වලට එකතු කරණ නමුත් තනි එළවළුවක් ලෙස ආහාරයට යොදා නොගනී.


මෙම කොළ විටමින් A (β කැරොටින් ), කැල්සියම් , පොස්පොරස්, විටමින් C සහ මධ්‍යම ප්‍රමාණයේ යකඩ වලින් ඉහලය.  නවතම පරික්ෂණ වලට අනුව කැරොටින් සහ විටමින්  පිලිකා , හදවත් රෝග සහ බෝවන රෝග වලින් වැලකීමට ඔබට උපකාරී වේ. මුරුංගා කොළ වල කැල්සියම්  සහ පොස්පොරස් වැඩි ප්‍රමානයෙනුත් ඔක්සලේට් අඩුවෙනුත් අඩංගු වීම නිසා එහි අඩoගු  කැල්සියම්  සහ පොස්පොරස් පහසුවෙන් අවශෝෂණය වේ. කැල්සියම්  සහ පොස්පොරස් ළමුන්ගේ අස්ථි වර්ධනයට උපකාරී වේ. තවද මුරුංගා කොළ වල අඩංගු යකඩ ,එහි ඇති විටමින් C නිසා හොදින් උරා ගනී. මුරුංගා කොළ වල ඇති පෝෂණ සංයුතිය පහත වේ.


පෝෂ
මුරුංගා කොළ 1g ක ඇති ප්‍රමාණය
අවු. 1-2 දරුවකුට අවශ්‍ය ප්‍රමාණය
මුරුංගා කොළ15 කින් (වියලා කුඩු කරගත් කොළ තේ හැදි 1 1/2) ලැබෙන ප්‍රමාණය අවු. 1-2 දරුවකුගේ  දිනක අවශ්‍යතාවයෙන් %  ලෙස
β කැරොටින්
192µg
2400
120%
විටමින් C
6.6 mg
30
330%
යකඩ
0.26mg
9
8.7%
කැල්සියම්
22.4 mg
500
13.4%
පොස්පොරස්
6.3 mg
800
2.4%
මුරුංගා කොළ 1 g = අමු කොළ මේස හැදි 1

මෙතරම් ගුණදායක අප රටේ සුලබව ඇති මෙම කොළ වර්ගය අපගේ එදිනෙදා ආහාරයේ , විශේෂයෙන්ම කුඩා ළමුන්ගේ ආහාරයේ ගුණාත්මක බව වැඩි කර ගැනීමට යොදා ගත යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කීරීම වටී.දැනට ඉන්දියාවේ කර ඇති සමීක්ෂණයකින්  සොයාගෙන ඇත්තේ මුරුංගා කොළ සහ විටමින් A කරල් , ව්ටමින් A ඌනතාව වැලකීමට එකලෙස උදව් වන බවයි. මෙනිසා මුරුංගා කොළ වියලා කුඩු කර මාස 6 සිට ළමුන්ගේ අමතර ආහාරයට දිනකට මේස හැදි 1 ½  බැගින් එකතුකර ගැනීමෙන් ඔවුන්ගේ දිනක විටමින් සහ ලවන අවශ්‍යතාවයෙන්  සැලකිය යුතු ප්‍රමාණයක් සපුරාගත හැකි වේ. 

මුරුංගා වල ගුණ ගැන කියවෙන මෙම වාර්තාව බලන්න.