UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: වෛදික සාහිත්‍යය පිළිබඳ කෙටි විමසුම.

Wednesday, June 28, 2017

වෛදික සාහිත්‍යය පිළිබඳ කෙටි විමසුම.




සංස්කෘත සාහිත්‍යයේ වැදගත්ම යුගය ලෙස වේද යුගය නම් කළ හැක. ඒ අනුව මෙම වේද සාහිත්‍යය ඉතා පුළුල් පරාසයක් නියෝජනය වන අතර එය සංහිතා, බ‍්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් වශයෙවන් සාහිත්‍යය යුග කිහිපයකින් පරිමිතය. එමෙන්ම ඍග්, යජුර්, සාම සහ අථර්වන් යනුවෙන් වේදය කොටස් හතරකින් පරිමිතය. මීට අමතරව ෂඞ් වේදාංගයකින් ද යුක්ත මෙම සාහිත්‍යය ඉතා පුළුල් මෙන්ම ලෝක සාහිත්‍යය අධයනයෙහි ඉතා වැදගත් ම මූලාශ‍්‍රය වශයෙන් ද හැඳින්විය හැක. මෙම වෛදික සාහිත්‍යයේ පැවති මූලික දේව භාෂිත සමාජ පරිණාමය වීමත් සම`ග යම් යම් වෙනස් වීම් වලට භාජනය විය. එම වෙනස්වීම් ම`ග හරවාගෙන ඒවා තිබුණු ස්වරූපයෙන්ම අනාගතය සඳහා රැුගෙන යාමත්, ඒවා ආරක්‍ෂා කර ගැනීමටත් විවිධ සාහිත්‍යාංග බිහි විය. එම සාහිත්‍යාංග අතර ස්මෘති සාහිත්‍ය ප‍්‍රමුඛත්වයෙහි ලා සැළකේ.  

උපනිෂද්හි සඳහන් ‘පරා’ සහ අපර යන නම් වලින් හඳුන්වනු ලබන විද්‍යාද්වය අතුරින් පරා විද්‍යාවට වේදාංග අයත් වේ. මෙම වේදාංග ප‍්‍රධාන වශයෙන් කොටස් 06 ට වර්ග කළ හැක. එනම් ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස් සහ ජ්‍යෝතිෂයයි. මෙයින් කල්ප කොටසට අයත් විශාල ස්මෘති සාහිත්‍යයක් බිහි විය. මුලින් අධ්‍යනයෙහි පහසුව සඳහා ඇති වූ සූත‍්‍ර සාහිත්‍ය පසුව වෙනත් පුළුල් අරමුණු විෂයෙහි ල`ගා විය. එහිදී බ‍්‍රාහ්මණ සමාජ ක‍්‍රමයේ ස්ථාරත්වය තහවුරු කිරීම සඳහා මෙම ස‍්‍රත‍්‍ර සාහිත්‍ය පසුකාලීනව බෙහෙවින් ඉවහල් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස කල්ප සූත‍්‍ර කොටස් කිහිපයක් නිර්මාණය විය.  එනම් ශ්‍රෞත සූත‍්‍ර, ගෘහ්‍ය සූත‍්‍ර, ධර්ම සූත‍්‍ර සහ ශුල්ව සූත‍්‍ර  යනුවෙන් ස්මෘති සාහිත්‍යයක් නිර්මාණය විය. මෙම ග‍්‍රන්‍ථ එක්වරම මෙම තත්ත්‍වයට පත් නොවූ අතර කාලායාගේ අතික‍්‍රමණයත් සම`ග එයට සමගාමීව සකස් විය. ඒ අනුව මෙම සූත‍්‍ර තුළ වේදය පිළිබඳ පශ්චාත්කාලීන විවිධ මතිමතාන්තර ඇතුළත් වී ඇති අතර ඒ තුළ වේදයේ අන්තර්ගතයන් වඩාත් ඉස්මතුවී පෙනේ. මෙම නිබන්ධනය තුළින් එම සංවර්ධනීය ලක්‍ෂණවල ප‍්‍රතිඵලයක් වූ ස්මෘති සාහිත්‍ය පිළිබඳ සම්පරීක්‍ෂණයක් කිරීම අපගේ මූලික අදහසයි

වෛදික සාහිත්‍යය පිළිබඳ කෙටි විමසුම.

සංස්කෘත සාහිත්‍යයේ වටිනාම යුගය ලෙස වෛදික සාහිත්‍යය යුගය නම් කළ හැක. සංහිතා, බ‍්‍රාහ්මණ, ආරණ්‍යක සහ උපනිෂද් ග‍්‍රන්‍ථ පසුකාලීනව වර්ධනය වූ වේදාංගාදී විශාල සාහිත්‍යකට අයත්ය. එමෙන්ම ඍග්, යජුර්, සාම සහ අථර්වන් ග‍්‍රන්‍ථ ද බොහෝ කාලයක් සංස්කරණය විය. මේ ග‍්‍රන්‍ථවල ආරම්භය ගත් විට ඍග් වේද යුගය ලෙස ක‍්‍රි: පූ: 1500 යැ’යි පොදුවේ පිළිගැනේ. මෙම පුරාණ ග‍්‍රන්‍ථයන්ගේ සඳහන් ‘ශ‍්‍රැතිය’ නොහොත් දේව භාෂිත එලෙසම පවත්වා ගැනීමට ඔවුන් විවිධ ක‍්‍රම උපයෝගී කර ගත්හ. මෙහි මුල්ම පියවර ලෙසින් වෛදිකයේ සුළු වශයෙන් විග‍්‍රහ වී ඇති ඇතැම් යාග විධි ආදී නොයෙකුත් කරුණු පිළිබඳ බ‍්‍රාහ්මණවලදී පුළුල්ව විස්තර කොට ඇත. මේ තත්ත්‍වයන් මත විශාල බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ රැුසක් නිර්මාණය විය. බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යක යුගවලදී මිනිසා බාහිර පරිසරය විෂ්ලේෂණයට යොමු වූ නමුත් උපනිෂද් යුගයේ දී ඉන් මිදී ඥානාවලෝකනයට ජනතාව පෙළඹුණු අයුරු දක්නට ලැබේ. මේ සඳහා විශේෂයෙන් එකල පැවැති විවිධ සාධක බලපෑහ. සමාජ විපර්යාස අතර ඇලෙක්සැන්ඩර්ගේ ආක‍්‍රමණයන්, චීන සංක‍්‍රමණ, වෙළඳ ගනුදෙනු, භාරතීය අධිරාජවාදය පිබිදීම, බුදුන් වහන්සේ ලොව පහළ වීම සහ ජෛන ආගම ලොව පහළ වීම ආදී හේතු මෙම චින්තන විපර්යාසයට මූලිකවම හේතු විය. ඉන් අනතුරුව බ‍්‍රාහ්මණ බලය බිඳ වැටීමේදී ඇතැම් බ‍්‍රාහ්මණයන් තමාට නිවැරදි යැ’යි තීරණය කළ මාර්ගයට පිවිසි අතර ඇතැම් බ‍්‍රාහ්මණයන් බ‍්‍රාහ්මණ ධර්මතාවන් පන මෙන් ආරක්‍ෂා කළහ. එහි ප‍්‍රතිඵලයක් ලෙස මෙම වේදාංග සාහිත්‍ය වැඩෙන්නට විය. ෂඞ් වේදාංග පිළිබඳ පළමු සඳහන ඇත්තේ මුණුඩකෝපනිෂදයේය.
ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස් සහ ජ්‍යෝතිෂ යනුවෙන් වේදය ෂඞ් වේදාංයකට බෙදා දැක්වේ. මෙම වේදාංගයන්ගේ ආරම්භය බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යකයන් තුළ ම දැකිය හැක. ෂඞ් වේදාංග තුළ වෛදික ග‍්‍රන්‍ථ වටහාගැනීම පිණිස වෛදික විද්‍යා ශාලාවන්හී දී උගත යුතු පාඨ ඇතුළත් විය. එමෙන්ම පැරණි වේද මන්ත‍්‍රයන්ගේ මූලික අර්ථය කුමක් දැ’යි පහදා දීම පිණිස ද, යාගවිධිය ගැන සවිස්තර ව්‍යාඛ්‍යානයක් සැපයීම පිණිස ද බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ අවශ්‍ය විය. එමෙන්ම දුර්බෝධ වෛදික වචනයන්ගේ නිරුක්ති සැපයීම පිණිස ද, වෛදික මත විස්තර කොට ගැටළු තැන් නිරාකරණය පිණිස ද, වේදාධ්‍යයනයට සම්බන්ධ වූ විවිධ ආශ‍්‍රිත විෂයන් පිළිබඳ විවේචන සටහන් කිරීම පිණිස ද භාෂ්‍ය රචනා විය. මෙසේ ආශ‍්‍රිත විෂයන් පිළිබඳ විවේචනය කිරීම කල්යෑමේ දී වෛදික ශාඛාවන්ට අයත් විශේෂ කාර්ය්‍ය–යක් ලෙස එය වර්ධනය විය. මෙම විෂයන් හය එක එක වෙන් වෙන් වශයෙන් ක‍්‍රමානුකූලව සකස් විය. විශේෂයෙන් සංහිතාවල පවතින ඇතැම් පදයන් බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථ යුගය වන විට ද දුර්බෝධ ස්ථාන ලෙස පැවැති බව ශතපථ බ‍්‍රාහ්මණය ආදියෙහි දක්නට ලැබේ. ‘‘නාත‍්‍ර තිරොහිතමිවාස්ති - මෙහි ස`ගවන ලද යමක් නැත’’  ඒ අනුව සංහිතාවල දුර්බෝධ වචන සුබෝධ කිරීමත් ඒවා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පවත්වාගෙන ඒමත් වැදගත් විය. මේ සඳහා බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථවල විවිධ උපාය මාර්ගික ක‍්‍රියා අනුගමනය කොට ඇත. එමෙන්ම ෂඞ් වේදාංග විවේචනය සංස්කෘත සාහිත්‍යයේ වැදගත් අංගයක් වූ අතර එයටම වෙන්වූ ‘සූත‍්‍ර’ (්චයදරසිපි* නමින් රචනා ශෛලියක් ද බිහිවිය.
‘සූත‍්‍ර’ යන වචනයේ මුල් අරුත වූයේ ‘හූය’ යනුවෙනි. නමුත් මෙය සාහිත්‍ය විෂයෙහි දී ‘කෙටි වැකියක්’ හෝ ‘කෙටි විධානයක්’ හෙවත් ‘වචන කිහිපයකින් පි`ඩුකොට දක්වන ලද විධානය, ශික්‍ෂාපදය’ යන අරුත් නියෝජනය කරයි. මෙවැනි සූත‍්‍රයන්ගෙන් රචිත වූ (ගොතන ලද* ග‍්‍රන්‍ථයක් ද සූත‍්‍ර නමින් හැඳින්විණ. ‘‘නූල් එක්වීමෙන් වස්ත‍්‍රයක් සකස් වන්නා සේ පද කිහිපයක් එක් වී පුළුල් අර්ථයක් දෙන පාඨ සංස්ථාවක් බිහිවේය යන සූත‍්‍ර ලෙස හඳුන්වා ඇත’’
එකල පැවැති අධ්‍යාපන ක‍්‍රමය නිසා මෙන්ම බාහිර යාගාදිය පිළිබඳ වූ දියුණුවේ ප‍්‍රතිඵලයක් ලෙස සූත‍්‍ර සාහිත්‍ය බිහිවී ඇත. ලිවීමේ ක‍්‍රමය පිළිබඳ එතරම් දියුණුවක් නොපැවති මෙම අවධියේ සිසුනට ගුරුවරුන් විසින් කරනු ලබන වාචික ඉගැන්වීමේ පහසුව පිණිස මෙම සූත‍්‍ර නමැති කෙටි දෙසුම් ක‍්‍රමය පිළියෙළ වන්නට ඇත. මෙම ක‍්‍රමය විශේෂයෙන් ගුරුවරයාට ඉගැන්වීමේ පහසුව ඇති කළ අතර ශිෂ්‍යයාට එම කරුණු ධාරණයේ පහසුව ද එතුළින් ඇති විය. එම සූත‍්‍ර ඉතා අඩු වචන සංඛ්‍යාවක් නියෝජනය කළ අතර අර්ථය පි`ඩුකොට දැක්වීමෙහි ප‍්‍රමුඛත්වය ලැබූහ. ඒ අනුව ධාරණ ශක්තිය දියුණු කරගැනීමේ අවශ්‍යතාව පැවති මෙම අධ්‍යාපන ක‍්‍රමයෙහි විශේෂත්වය වූයේ ‘‘ඉතාම අඩු වචන සංඛ්‍යාවකින් අදහස පි`ඩුකොට දැක්වීමයි. එසේ ඉගැන්වීමෙහිදී සමහර විට අර්ථය ව්‍යාකූල වුවද එය එතරම් ලොකු බාධාවක් ලෙස නොසැලැකිණ’’  කල්යත්ම සූත‍්‍රවල කරුණු විස්තර කර දැක්වීම සඳහා අටුවා, ටීකා, සන්න රචනා විය. එමෙන්ම මෙම සූත‍්‍ර සාහිත්‍යයට බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථවල බලපෑම ද දැකිය හැක. බ‍්‍රාහ්මණ ග‍්‍රන්‍ථයන්හී භාවිත ගද්‍ය ශෛලිය, කෙටි වැකි භාවිතය, වෙන කෙනකු කියන අයුරු වාක්‍යයක් නොතැනීම ආදී ප‍්‍රයෝග සූත‍්‍ර තුළ ද යෙදේ. විශේෂයෙන් මෙම සූත‍්‍රවල රචනා ශෛලිය තුළ එකිනෙකට සම්බන්ධ නොවූ වැකි යෙදීම, නිපාත පදයන්ගේ මාර්ගයෙන් ඒ වැකි ගැළපීම සහ සමාස පද බන්ධනය ද ප‍්‍රධාන කරුණක් ලෙස යෙදී ඇත. සංස්කෘත සාහිත්‍යයේ දීර්ඝ සමාසප‍්‍රයෝග භාවිතය මෙයින් ආරම්භ වූ බව නිගමනය කළ හැක.
සූත‍්‍ර ශෛලිය පහළ වූ අවධිය ලෙස ක‍්‍රි: පූ: 400 - ක‍්‍රි: ව: 200 අතර කාලයේ නිර්මාණය වී ඇති බව වියත් පිළිගැනීමයි. නමුත් ්කඑැරනැර සහ ණ්ියසන්ර වැනි උගතුන් එහි ප‍්‍රභවය ක‍්‍රි: පූ: 600 දක්වා අතීතයට ගෙන යයි. රාම් ගෝපාල් බොහෝ සූත‍්‍ර ක‍්‍රි: ව: 800 - 500 අතර රචනා වූ බව කියයි. මැක්ඩොනල්ඞ් මෙහි ප‍්‍රභවය බෞද්ධ යුගය බව පවසයි. සූත‍්‍ර ග‍්‍රන්‍ථ ද වෛදික සාහිත්‍යයේ ඇතුළත් කරන නමුදු ඒවා එතරම් පූජනීය ශුද්ධ ග‍්‍රන්‍ථ ලෙස නොපිළිගැනේ. සූත‍්‍ර මුලදී වේදය පමණක් ඉගෙනීමට යෙදී තිබුණු නමුදු කල්යත්ම එය ආරණ්‍යක සහ උපනිෂද් ආදිය ද අධ්‍යයනය සඳහා ද භාවිත විය. එයින් ඉගෙන ගත යුතු කාලය මෙන්ම විෂය ද දීර්ඝ විය. එසේ දිනපතා අවශ්‍ය වන, වාචෝදග‍්‍රහණය කළ යුතු දීර්ග පාඨ තෝරා ලූහු`ඩු කොට පිළියෙළ කළහ. ඒවා සූත‍්‍ර නමින් ප‍්‍රකට විය.
ඒ අනුව ලූහු`ඩු කොට දක්වන ලද සියලූම නීති රීති එක්කොට ගෙන කල්ප සූත‍්‍ර යැයි නම් කළහ. ඒ හැම ‘ස්මෘති සාහිත්‍යය’ ලෙස හැඳින්වේ. ස්මෘති සාහිත්‍යය තුළ වේදයේ අන්තර්ගතයන් විස්තරාත්මකව ප‍්‍රතීයමාන වේ.
කල්ප සූත‍්‍ර
ඍග්, යජුර්, සාම, අථර්වන් යන සිවු වේදයෙන්ම උපුටාගත් පාඨ සහ නීති මෙම ‘කල්ප සූත‍්‍රවලට’ ඇතුළත් වේ. මෙම කල්ප සූත‍්‍ර තුළ දී යාග විධිය හා එහි ක‍්‍රම පූජකයින්ගේ ප‍්‍රයෝජනය පිණිස සැකෙවින් දක්වන පැරණිම සූත‍්‍ර සංග‍්‍රහය ලෙස විශ්වාස කළ හැක. මෙබඳු සූත‍්‍ර රැුසක් එකතු කිරීම එකල අවශ්‍ය වූයේ බ‍්‍රාහ්මණ යුගයෙන් පසුව යාග ක‍්‍රමය පුද්ගල ජීවිතයේ ඉතා වැදගත් සිදුවීමක් වූ නිසාවෙනි. බ‍්‍රාහ්මණ සහ ආරණ්‍යක ග‍්‍රන්‍ථවලට අමතරව ඓතරේය ආරණ්‍යකයෙහි සමහර ස්ථාන, සූත‍්‍ර ස්වරූපයක් දරයි. මුල් අවධියේ කල්ප සූත‍්‍ර එකම ග‍්‍රන්‍ථයක් ලෙස පැවතුණ නමුත් පසුකාලීනව එම සූත‍්‍ර ක‍්‍රමානුකූලව සකස් කොට මෙම බෙදා දැක්වීම සිදු කොට ඇත. වේදාංග අතර වැදගත්ම කොටස ලෙස කල්ප සූත‍්‍ර නම් කළ හැක. මෙම ග‍්‍රන්‍ථ සමුදාය තුළින් ආය්‍ය–න්ගේ ජීවිතය සම්බන්ධ කරුණු විස්තර වන නිසා එය ජනප‍්‍රිය සාහිත්‍යාංගයක් බවට ද පත් විය. ඒ අනුව ෂඞ් වේදංගයන්හී කල්ප සූත‍්‍ර ප‍්‍රධාන කොටස් හතරකට වර්ග කළ හැකිය. එනම්÷
ශ්‍රෞතසූත‍්‍ර
ගෘහ්‍ය සූත‍්‍ර
ධර්ම සූත‍්‍ර
ශුල්ව සූත‍්‍ර
යනුවෙනි. මෙය වේද සංඛ්‍යාවෙහි ලා නොගැනෙන හෙයින් වේදාංගයන්ට අයත් එක් කොටසක් ලෙස පෙන්වා දී තිබේ. ඒ අනුව වේදාංග අතරින් කල්ප සූතවල ශ්‍රෞත, ගෘහ්‍ය, ධර්ම යන සූත‍්‍ර රචනාවෝ ආගමික අංශයට අයත් කළ අතර ශුල්ව සූත‍්‍ර සහ වේදාංග අතර ශික්‍ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡුන්දස්, ජ්‍යෝතිෂ යන සෙසු අංග ලෞකික අංශයට ඇතුළත් කොට ඇත. ‘‘අනෙක් අතට සූත‍්‍රයන් ම`ගින් ඉදිරිපත් කරන ආගම අතිශයින් අංග සම්පූර්ණ එකකි. නමුත් එහි ආගම අංග සම්පූර්ණ වන්නේ ලෞකික අංශයෙන් පමණි. ඒ මෙම ග‍්‍රන්‍ථ ධර්ම, අර්ථ හා කාම පිළිබඳ කරුණු ඉදිරිපත් කරන්නේ නමුත් මෝක්‍ෂය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් ම නිහ`ඩ බැවිනි’’

ශ්‍රෞතසූත‍්‍ර÷
ශ්‍රෞතසූත‍්‍ර ම`ගින් මහායාග පවත්වන ආකාරය උගන්වනු ලැබේ. බ‍්‍රාහ්මණයන්හි ඉගැන්වුණු ශ්‍රෞත යාගයන් පැවැත්වීම පිළිබඳ විස්තර කරන කල්ප සූත‍්‍රයෝ ‘ශ්‍රෞත සූත‍්‍ර’ නමින් හඳුන්වනු ලබයි. එමෙන්ම මෙම එක් යාගයක් පැවැත්වීමට බොහෝ දින ගණනක් ගතවන අතර බොහෝ බ‍්‍රාහ්මණයන් පිරිසක් ද සිටිය යුතු බව දක්වයි. ශ්‍රෞත සූත‍්‍රවල දී යාග ගින්න දැල්විය යුතු පිළිවෙළ, එහිදී ගායනා කළ යුතු ගීතිකා ආදිය වේද සංහිතාවල දැක්වූ ආකාරයටම දක්වා ඇත. ශ‍්‍රැති (=වේද, යඥවිධි* පිළිබඳ වූයේ ශ්‍රෞත සූත‍්‍රයි. මෙය සිවු වේදයටම අයත් වේ. ශ්‍රෞත සූත‍්‍රයෙහි දී අග්නි පාරිශුද්ධීන් තුනත්, අග්නි හෝත‍්‍රයත් (අග්නි යාගය*, අමාවසී සහ පූර්ණමී යාගයනුත්, ඍතු පිළිබඳ යාගයනුත්, පශු යාගය මෙන්ම විවිධ ප‍්‍රභේදයන්ගෙන් යුක්ත සෝම යාගය පිළිබඳ ද උපදෙස් ඇතුළත් වේ. භාරතීය පූජා කලාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට නම් මෙම ග‍්‍රන්‍ථයන් පිළිබඳ අධ්‍යයනය ඉතා වැදගත් වේ.
ඍග්වේද ශ්‍රෞත සූත‍්‍ර ප‍්‍රධාන වශයෙන් චරණ (ශාඛා* දෙකකට අයත් බව පැවසිය හැක. ඒවා ශාංඛ්‍යායන සහ අශ්වලායන යනුවෙන් දැක්විය හැක. මෙයින් ශාංඛ්‍යායන ශාඛා උතුරු ගුජරාටියේ ද, අශ්වලායන පරම්පරාව ගොදාවරී, කෘෂ්ණා යන ගංගා දෙක අතර ප‍්‍රදේශයේ පැවති බවට සොයා ගෙන ඇත. මෙම ශාඛා දෙක තුළ ම යාග ක‍්‍රමය පෙන්වා දී ඇත්තේ සමාන ස්වරූපයෙනි. නමුත් ‘රාජසූයාව’ ශාංඛ්‍යායන ශ්‍රෞත සූත‍්‍රයන්හී ඉතා විස්තර වශයෙන් දැක්වේ. මෙය සාංඛ්‍යායන බ‍්‍රාහ්මණයට ඉතා ආසන්නය. ශාංඛ්‍යායන චරණය අශ්වලායන චරණයට පඩා පැරණි යැයි සඳහන් වේ. ශාංඛ්‍යායන ශ්‍රෞත සූත‍්‍ර අධ්‍යාය වශයෙන් 18 ට බෙදේ. එයින් 17 සහ 18 අධ්‍යාය මෑතක දී එකතු කළ බවට මතයක් ද පවතී. ඒ අධ්‍යාය දෙක කෞශිතකී ආරණ්‍යයකට බෙහෙවින් සමානය. අශ්වලායන ශ්‍රෞත සූත‍්‍ර අධ්‍යාය 12 කි. එය ඓතරෙය බ‍්‍රාහ්මණයට ඉතා ආසන්නය. ඓතරෙය ආරණ්‍යකයෙහි ද කතෘ අශ්වලායනය. එහෙයින් ග‍්‍රන්‍ථ ත‍්‍රිත්වයෙහිම සමානකම් දැකිය හැකිය. අශ්වලායනගේ ගුරුවරයා වූයේ ශෞනකය. ඔහු මෙම සූත‍්‍රයේ දී ගෝලයාට උපකාර වී තිබෙන බව මෙයටම දී තිබෙන ‘ශෞනක ශාඛා’ යන නමින් පැහැදිළි වේ.
කාත්‍යායන නමින් හැඳින්වෙන ශ්‍රෞත සූත‍්‍ර ශුක්ල යජුර් වේදයට අයත් වෙයි. ශතපථ බ‍්‍රාහ්මණයට අනුව යාග ක‍්‍රමය පිළියෙළ කොට ඇති අතර මෙහි අධ්‍යාය 26 ක් දක්නට ලැබේ. කාත්‍යායන සූත‍්‍ර යජුර්වේදයට අයත් නමුදු එහි සාමවේදයෙහි යාග පිළිවෙළ දක්නට ලැබේ. කෘෂ්ණ යජුර් වේදයට ශ්‍රෞත සූත‍්‍ර 06 ක් පමණ ඇතුළත්ය. ආපස්තම්භ, හිරණ්‍යකෙශී, බෞද්ධායන, භාරද්වාජ, මානව සහ වෛඛානස යනුවෙනි. ආපස්තම්භ ශ්‍රෞත සූත‍්‍ර පරිච්ෙඡ්ද 24 න් ද හිරණ්‍යකෙශී ශ්‍රෞත සූත‍්‍ර පරිච්ෙඡ්ද 18 න් ද යුක්තය. බෞද්ධායන ශ්‍රෞත සූත‍්‍ර ආපස්තම්භ හා භාරද්වාජ යන දෙකටම වඩා පැරණිය. මානව ශ්‍රෞත‍්‍ර සූත‍්‍ර මෛත‍්‍රායණී සංහිතාව හා සම්බන්ධය. මෙහි රචකයා වූ මානව නමැති ආචාය්‍ය–වරයා මෛත‍්‍රායණ පරම්පරාවට අයිති හෙයින් මේ සම්බන්ධය ඇති වී ඇත. ‘‘සමහර විට මනුගේ නීති ග‍්‍රන්‍ථයට මුල් වූයේත් මේ මානව ශ්‍රෞත සූත‍්‍ර විය හැකිය’’  යි මැක්ඩොනල් මහතා ප‍්‍රකාශ කරයි. කෘෂ්ණ යජුර් වේදයේ ආරණ්‍යක කොටස් සංග‍්‍රහ කොට ඇති වෛඛානස ශ්‍රෞත සූත‍්‍ර එතරම් ජනප‍්‍රිය වූයේ නැත. සාමවේදයට ශ්‍රෞත සූත‍්‍ර ශාඛා තුනකි.
මශාඛ ශ්‍රෞත සූත‍්‍ර
ලාටායන ශ්‍රෞත සූත‍්‍ර
ද්‍රාහ්‍යායන
යනුවෙනි. එයින් පළමු සහ පැරණිම ශාඛාව ලෙස මශාඛ ශ්‍රෞත සූත‍්‍ර යනුවෙන් හැඳින්වේ. මෙයට ආර්ශය කල්ප යැයි ද නමක් ඇත. මෙහි පඤ්චවිංසා බ‍්‍රාහ්මණයෙහි දැක්වූ පිළිවෙළට සෝම යාගය පිළිබඳ කරුණු දැක්වේ. මෙයට අයත් තවත් යාග පිළිබඳ ද කරුණු සුළු වශයෙන් ඇතුළත් වේ. දෙවැනි ශාඛාව නම් ලාටායන ශ්‍රෞත සූත‍්‍රයි. කෞතුම නම් ආචාය්‍ය– පරම්පරාවේ මෙම ශාඛාව ශ්‍රේෂ්ටත්වයෙහි ලා සම්භාවිත විය. මෙහි ද මශාඛ ශාඛාවෙහි මෙන් පඤ්චවීංසා බ‍්‍රාහ්මණය හා ල`ගම සම්බන්ධයක් පවතී. ද්‍රාහ්‍යාන ශාඛාව රාණායනීය පරම්පරාවට අයත් අතර මෙය එතරම් ජනප‍්‍රිය නොවූයේය. එමෙන්ම අනෙක් ශාඛාවලට වඩා වෙනසක් මේ තුළ විද්‍යමාන නොවීය.
අථර්වේදයට වෛතාන ශ්‍රෞත සූත‍්‍ර ඇතුළත් වේ. එය ගොපථ බ‍්‍රාහ්මණය අනුව පිළියෙළ වූ ඉතාම අලූත් හෝ ඉතා අලූත් නොවන සංස්කරණයකි. යාගාග්නියට ද වෛතාන යන නම යෙදේ. මෙහිදී ත‍්‍රිවිධ යාගාග්නිය ගැන පැවසේ. මෙය ශුක්ල යජුර් වේදයේ කාත්‍යායන සූත‍්‍ර අනුගමනය කොට ඇත. මෙයට ගෘහ්‍ය සූත‍්‍ර කොටසක් ද ඇතුළත්ව පවතී.
ශ්‍රෞත සූත‍්‍රවල යඤවිධි පිළිබඳ විස්තර සඳහන් වේ. කුදු මහත් යාග පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ මෙම ශ්‍රෞත සූත‍්‍ර තුළය. මෙහිදී ඇතුළත් සියලූ යාග කොටස් දෙකකට බෙදිය හැක.
හවිඃ
සෝම
යනුවෙනි. මෙයින් හවිස් කොටසට යඥ හතක් ඇතුළත් වේ. අග්න්‍යාධාන, අග්නිහොත‍්‍ර, දර්ශපූර්ණීමාසී, චතුර්මාස්‍යානි, ආග‍්‍රයණොෂ්ටි, නිරූඪපශුබන්‍ධ, සෞත‍්‍රාමණී යනුවෙනි. සෝම යඥය ද කොටස් හතකට බෙදනු ලැබේ. එනම් අග්නිෂ්ටොම, අත්‍යග්නිෂ්ටොම, උක්ථ්‍යා, ෂොඩශී, වාජපෙය, අතිරාත‍්‍ර සහ ආප්තොර්යාම යනුවෙනි. හවිස් යාගයේ මුල් අවස්ථාව අග්න්‍යාධාන යනුවෙන් හැඳින්වේ. එනම් අග්නි ÷ ආධාන (√ධා = තැබීමෙහි* ගිනි පිහිටු වීමයි. මෙහිදී යාගය පවත්වන්නා සහ ඔහුගේ භාර්යාව විසින් පළමුව ගිනිපෙණෙලි වලින් ගිනි ඇවිළවිය යුතු අතර එම යාගාවසානය දක්වා නොනිවා ආරක්‍ෂා කළ යුතුය.
අග්නිහොත‍්‍ර යනු උදේ හවස කළ යුතු යාගයක් වූ අතර එහිදී උදේ හා සවස කිරිබත්, කිරි, ගිතෙල්, විළඳ, ධාන්‍යාදිය අග්නියට පූජා කළ යුතුය. බ‍්‍රාහ්මණයන් අවශ්‍ය නොවන මෙම යාගය කොටස් තුනකට බෙදිය හැක. එනම්
නිත්‍යය
නෛමිත්තික
කාම්‍යය
වශයෙනි. නිත්‍ය යනු නිතරම කළ යුතු යාගයයි. නෛමිත්තික යනු විශේෂ අවස්ථාවල කළ යුතු යාගයයි. කාම්‍යය යනු කැමති අවස්ථාවකදී කළ යුතු යාගයයි.
දර්ශපූර්ණමාස යාගය හඳ ඇති දිනයට බ‍්‍රාහ්මණයෙකුගේ අධාර ඇතුව කළ යුතු යාගයකි. මෙයින් දර්ශ, පූර්ණමාස යන වචන දෙක තුළින් අලූත් හඳ දකින දිනය හෝ සමුපූර්ණ හඳ ඇති දිනයම නොව එයට පසු දෙදින ද ගැනේ. මෙවැනි කොටස් යාගය ලෙස සැළකීම එතරම් වැදගත් නොවේ. ඉෂ්ටි, විකෘති නමින් ගැණෙන තොවිල් කොටසකි.
චාතුර්මාස්‍යානි යාගය  මාස හතරකට වරක් පැවැත්වේ. කාර්තික, ඵාල්ගුණ, ආෂාඪ යන මාස තුනෙන් පටන් ගන්නා මෙය අවුරුද්දකට තුන් වරක් පැවැත්වේ. ආග‍්‍රයණෙෂ්ටි යාගය වර්ෂා ඍතුවේ දී හටගන්නා ප‍්‍රථම ශස්‍යක් පුදා කළ යුතු යාගයකි. මෙය අවුරුද්දේ වර්ෂා ඍතුවේදී වී වලින් ද, ශරත් ඍතුවේදී ශ්‍යාමාක වලින් ද, වසන්තයේ යව වලින් ද පූජා කළ යුතුය.
නිරූඪපශුබන්ධ යාගයෙහිදී සතුන් බලි වශයෙන් දෙවියන්ට පූජා කළ යුතුය. එහිදී කවර සතෙකු වුවද පූජා කිරීමේ හැකියාව ඇති අතර එම පිනෙන් පූජාව කරන පුද්ගලයා ස්වර්ගස්ථ වෙයි. සෞත‍්‍රාමණී යාගය අශ්වින්, සාරස්වත, ඉන්ද්‍ර, වෘහස්පති ආදී දෙවිවරුනට කළ යුතු අතර එහිදී ද සතුන් බිලිදීම කළ යුතුය. ඉන්ද්‍ර, සවිතා සහ වරුණ යන තිදෙනාට පුරොඩාශ පිදීම ද මෙහි අංගයකි.
සෝම යඥය ක‍්‍රම කිහිපයකට පැවැත්විය  හැක. එක දවසකින්, දවස් කිහිපයකින්, අවුරුද්දකින් හෝ අවුරුදු කිහිපයකින් වුවද එය පැවැත්විය හැකිය. අවුරුද්දක් පවත්වන යඥය ‘සත‍්‍ර’ යනුවෙන් ද හඳුන්වයි. ආරම්භයේදී වේදිකාව මත ‘අග්නිය’ තැබිය යුතුය. මැද අවස්ථාව පසු යාගය ලෙස ද හැඳින්වේ. අවසන සෝම පානයෙන් යාගය අවසන් වෙයි. එය ‘සෝමාභිෂව’ යනුවෙන් හැඳින්වේ. මෙහි අනුකොටස් වශයෙන් පවතින යාග අවස්ථා පහකි. එනම් ÷
දීක්‍ෂණියා ඉෂ්ටි
ප‍්‍රායණීය ඉෂ්ටි
ප‍්‍රවර්ණ කි‍්‍රයා
පශු යාග
සෝම යාග
යනුවෙනි. පිළිවෙළින් මෙම යාග පැවැත්වීම තුළින් ද්විජ (බ‍්‍රාහ්මණ* තත්ත්‍වයට පුද්ගලයාට පැමිණිය හැක. දීක්‍ෂණියා ඉෂ්ටියෙන් බ‍්‍රාහ්මණත්වය පිළිබඳ බීජ හටගනියි. සෝම යාගයේදී අග්නියට පුදන සෝමය යථෝක්ත බ‍්‍රාහ්මණ බීජයට ආහාර වශයෙන් පිහිටයි. ප‍්‍රායණීය යාගයේදී බීජය යථෝක්ත ආහාරය අනුභව කරයි. ආතිථ්‍ය ඉස්ටයේදී සෝමය ආගන්තුක ස්වරූපයක් උසුලයි. ප‍්‍රවණී ක‍්‍රියාවෙහිදී බීජයේ සංවර්ධනයට අදාළ ක‍්‍රියා සිදු වේ. පශු යාගයේදී එහි පවත්නා තිරිසන් ගතිගුණ නැතිවෙයි. අනතුරුව මෙසේ වර්ධනය වූ බීජය සෝම පානයෙන් ශක්තිමත් වෙයි. මේ සියල්ල කිරීමෙන් බ‍්‍රාහ්මණත්වය ලැබේ. මීට අමතරව දින පතා සන්ධ්‍යා තුනේදී ‘සවන කර්ම’ නමින් යාග ද්‍රව්‍ය අග්නියට පිදිමේ ක‍්‍රියාවක් ද පැවතුනි.
සෝම යඥයේ කොටස් හත පිළිබඳ විමසීමේදී අග්නිෂ්ටොම යඥය ජ්‍යෝතිෂ්ටොමයට අයත් අත්‍යාවශ්‍ය යාගයක් බව සඳහන් කළ හැක. මෙම යාගය සමපූර්ණ කිරීම සඳහා සතියක කාලයක් අවශ්‍ය වේ. වසන්ත ඍතුවේ කළ යුතු මෙම යාගය ආරම්භයේදී අග්නියට ස්තුතිපාඨ කියවිය යුතුය. උසස් පහත් බ‍්‍රාහ්මණවරු 16 දෙනෙක් ඇතුළත් මෙම යාගයේදී පහත් බ‍්‍රාහ්මණවරු අටදෙනකු ත‍්‍රිසන්ධ්‍යාවන්හී ස්තෝම සහ ශස්ත‍්‍රපාඨ කියවිය යුතුය. සෝම යඥයට අයත් ඉතා පහසුවෙන්ම කළ හැකි යාගය ද මෙයයි. අත්‍යග්නිෂ්ටොමය අග්නිෂ්ටෝමයට අයත් දෙවන කොටස වශයෙන් සැළකේ. එහෙත් ප‍්‍රතිඵල වෙනස් වන අතර දින 12 ක් දක්වා කළ හැක.
උක්ථ්‍ය යඥය ද අග්නිෂ්ටෝමයේම වෙනස් කළ කොටසකි. මෙය දෙවිවරු කිහිප දෙකනුට පූජා පැවැත්වීම සඳහා පැවැත්වේ. ෂොඩශී යාගය ද අග්නිස්ටොමයේ විකෘත්තියකි. ෂොඩශීශස්ත‍්‍ර සහ ෂොඩශීස්තෝත‍්‍ර ව්‍යවහාර වන මෙය මාසයේ 16 වැනි දින පැවැත්විය යුතුය. වාජපෙය යාගය උක්ථ්‍ය යඥයේ විකෘත්තියකි. දින 17 ක් දක්වා කළ හැකි මෙම යාගයට සහාභාගී වන බ‍්‍රාහ්මණයන් රන්මාල පැළඳිය යුතුය. හෝතා නෙළුම් නූලෙන් කළ මාලයක් දැරිය යුතුය. අතිරාත‍්‍ර යඥය උක්ථ්‍ය යඥයේ කොටසක් මෙන්ම අග්නිෂ්ටොමයේ විකෘතියෙකි. යාගාවසානයේදී පාත‍්‍රයෙන් ගත් සෝම යුෂ දොළොස් වරක් පානය කරයි. ආප්තොර්යාම යාගය ගව සම්පත්තිය ලබනු කැමති පිරිස සිදු කරයි. මෙම යාගය විශ්වජිත් සහ අග්නිෂ්ටොම යන යාග වලට හැම අයුරින්ම සමාන වේ.

ගෘහ්‍ය සූත‍්‍ර
නේවාසික චාරිත‍්‍රකර්මවිධීන් (ෘදපැිඑසජ රසඑැි* සහ දෛනික ජීවිතය පිළිබඳ යාග විධීන් - එනම්, ගෘහ්‍යකර්මවිධීන් පිළිබඳ කියැවෙන සූත‍්‍රයෝ ‘ගෘහ්‍ය සූත‍්‍ර’ නමින් හඳුන්වන ලදහ. එහිදී දෛනික ජීවිතයට අවශ්‍ය ගෘහ කටයුතු සංවිධානය කිරීම පිණිස පිළියෙළ කළ නීති රීති ප‍්‍රමුඛව මෙම ගෘහ්‍ය සූත‍්‍රය තුළ භාවිත වේ. තවද සුළු ලෙඩ රෝග, අපල, උපද්‍රව ආදිය සුව කර ගැනීම සඳහා ඉටු කළ යුතු යාග මීට ඇතුලත් වේ. ඇතැම් චාරිත‍්‍රවිධීන් වර්තමානයේ ද භාවිත වේ. ඒ අතර දිය කොරහේ බලිය, මල් බලිය, දෙහි කැපීම ආදිය දැකිය හැක. එමෙන්ම දරුවකුගේ පිළිසිඳ ගැනීම, උත්පත්තිය, මවු සහ බිළිඳු දරුවා, නම් තැබීම, දොරට වැඞීම, දරුවා මුලින්ම ඉඳුල් කටගෑම ආදී ළමා වියේ විවිධ අවස්ථාවන් සවිස්තරව මෙම කෘතීන්හී දැක්වේ. එමෙන්ම පිරිමි ළමයින්ගේ හිස බූ ගෑම, ශිෂ්‍යා පිළිබඳ උපනයනය, බ‍්‍රහ්මචාරියකුගේ හෙවත් වේදාධ්‍යනය කරන ශිෂ්‍යයෙකුගේ ජීවිත චර්යාව, ගුරු ශිෂ්‍ය සම්බන්ධය, ගුරු - සුශ‍්‍රැෂාවෙන් මිදීම යන මෙම කරුණු පිළිබඳ නියත උපදෙස් අපට දක්නට ලැබේ. ඉන් අනතුරුව තරුණ වියේදී සිදුවන මංගල යෝජනා, විවාහ ගිවිස ගැනීම, ආවාහ විවාහ කටයුතු  ආදිය තුළ දී අනුගමනය කළ යුතු චාරිත‍්‍ර විධීන් මෙන්ම, මහලූ වියට පත් වීමේන පසු රෝගාබාධවලට ලක්වීම, මරණ ආදි නොයෙකුත් ගෘහාශ‍්‍රිත කටයුතුවල දී පිළිපැදිය යුතු ආකාරය පෙන්වා දී ඇත. මහායාග වලට මෙන් නොව මෙම සුළු යාගයන් පැවැත්වීමට බ‍්‍රාහ්මණයා අවශ්‍ය නොවේ. අවශ්‍ය නම් ගෙහිමියාට හෝ පවුලේ පූජකයා (පුරෝහිතයා* විසින් වුවද එය සිදු කළ හැක. ගෘහ්‍ය සූත‍්‍රවල ඇතැම් කරුණු ශ්‍රෞත සූත‍්‍රවල කරුණු වලටත් වඩා විවිධත්වයක් නියෝජනය කරන අතර වැදගත් කමක් ද ගනු ලැබේ. ගෘහ්‍ය සූත‍්‍රයෙහි ද ශතපථ බ‍්‍රාහ්මණයෙහි මුලින් සඳහන්ව තිබූ ‘පංච මහා යාගයන්’ පිළිබඳ දීර්ඝ විස්තරයක් ඇතුළත් වේ. ‘‘මොවුහූ වූ කලී ඒකාන්තයෙන් ම මහා යාගෝත්සවයෝ යැ’’යි  බ‍්‍රාහ්මණයන්හී අවධාරණයෙන් සඳහන්ව ඇත. මෙම මහා යාගයන් සෑම ගෘහපතියෙකු විසින්ම ප‍්‍රධානතම ආගමික කාය්‍ය–යක් ලෙස සලකා පැවැත්විය යුතුය. එහෙත් මෙම යාගයනට ඇතුළත්ව පවතින්නේ කුඩා දක්‍ෂිණා කිහිපයකුත් චාම් චාරිත‍්‍ර විධි කිහිපයකුත් පමණි. ඒවා සුරයන්, අසුරයන් සහ පිතෲන් සඳහා දිනපතා පැවැත්වෙන යාගයන්ය. උදුනෙහි ඇති පූජනීය ගින්න මත දර කොටසක් තැන්පත් කිරීම, ආහාර ස්වල්පයක් පිදීම, පැන් පිදීම, ආගන්තුකයෙකුට සත්කාර කිරීම (‘නර යාගය’ නමින් මෙය හැඳින්වේ* සහ පස්වනුව ‘බ‍්‍රහ්මන් හෙවත් (ඍෂි* යාගය’ ලෙස සැලකුණු වේදයේ කොටස් දිනපතා කියවීම යන ක‍්‍රියා ඊට ඇතුළත් විය. සරල සන්ධ්‍යා සහ උදය පූජා, අමාවසී සහ පූර්ණමී යාග, යාගයන් සම්බන්ධ වාර්ෂික උත්සව ද ගෘහ්‍ය සූත‍්‍රයන්හී සඳහන් කොට ඇත. මෙම කරුණුවලට අමතරව ගෙවල් තැනීම, ගවයන් ඇති කිරීම, ගොවිතැන් කිරීම යන මේවාට සම්බන්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර සහ උත්සව විධීන් ද, රෝගවලින් සහ අසුබ නිමිති වලින් ඇති වන ආපදාවන් දුරු කිරීම සඳහා යෙදෙන භූත කර්ම විධීන් ද ඉනාකම් හා තවත් එවැනි කටයුතු සඳහා යෙදෙන මන්ත‍්‍ර හා පූජා විධීන් ද මෙම කෘතීන්හී ඇතුළත්ව පවතී. තවද ගෘහ්‍ය සූත‍්‍රවල අවමංගල්‍ය කටයුතු සහ ශ‍්‍රද්ධා පූජාව ගැන ද කරුණු දක්වති. මෙම පූජාවල වටිනාකම හේතුවෙන් එවායේ කුඩාම කරුණක් සඳහා වුවද පසකාලීනව ග‍්‍රන්‍ථ (ශ‍්‍රද්ධකල්ප* බිහි විය.  
සහිත්‍යාත්මක වටිනාකමකින් අඩු වුවද මෙම ගෘහ්‍ය සූත‍්‍ර තුළින් ඉපැරණි භාරතීය ජන සමාජය පිළිබඳ අපට ගැඹුරු ප‍්‍රතිවේධයක් ලබා දෙයි. මෙම ග‍්‍රන්‍ථාගත කරුණු තුළින් පැරණි ඉන්දියානුවන්ගේ ජීවන ස්වරූපය මැනවින් ප‍්‍රතීයමාන කරන අතර ජනතාවගේ ආගමික අංශය නිරූපණය පිළිබඳ වැඩි නැඹුරුවක් මෙම ග‍්‍රන්‍ථ තුළින් විද්‍යමාන වේ.  ඒ අනුව ඉන්දීය ජනතාවගේ ආගමික නැඹුරුව කොපමණ තත්වයක පැවතියේ ද යන්න වටහා ගැනීමට හැකියාව ඇත. බොහෝ කලකට පෙර සොයා ගන්නා ලද කරුණු සම`ග මෙම ඉන්දීය ගෘහ්‍ය සූත‍්‍රාගත කරුණු සමාන වීම තුළින් ඒවායේ විශේෂත්වය තව දුරටත් වැඩිවී ඇත. විශේෂයෙන්ම ග‍්‍රීක, රෝම, ටියුටන් සහ ස්ලාව් ජාතීන්ගේ විවාහ චාරිත‍්‍ර විධීන් ගෘහ්‍ය සූත‍්‍රවල නීති රීති හා සස\ බැලීමෙන් ඉන්දු යුරෝපීය ජාතීන් අතර භාෂා අතර සබඳකම පමණක් නොව ප‍්‍රාෙගෙතිහාසික සමයෙහි පැවති ආචාර සමාචාර විදීන්ගේ සමතාවය ද ප‍්‍රකට කරයි.
ශාංඛ්‍යායන යන නමින් ඍග්වේදයට අයත් ගෘහ්‍ය සූත‍්‍ර හඳුන්වනු ලැබේ. මෙය ඍග්වේදයේ ශ්‍රෞත සූත‍්‍ර වලටම සම්බන්ධය. කෞශිතකී සම්බන්ධ කොට ඇති මෙය අධ්‍යාය 06 න් පරිමිතය. මුල් අධියර හතර ශාංඛ්‍යායන ගෘහ්‍ය සූත‍්‍රවලට අයිති යැ’යි මතයක් පවතී. ශාම්භව්‍ය ගෘහ්‍ය සූත‍්‍ර නමින් මෙයට අයත් යැ’යි කිව හැකි කෞශිතකී බ‍්‍රාහ්මණයට සම්බන්ධ තවත් සංස්කරණයක් තිබේ. මෙහි කතෘ ශාංඛ්‍යායන අනුගමනය කර ඇතත් බොහෝ වෙනස් කම් දක්නට ලැබේ. ඓතරෙය බ‍්‍රාහ්මණයට අයත් ආශ්වලායන ගෘහ්‍ය සූත‍්‍ර නමින් තවත් සංස්කරණයක් පවතී. මෙය ද ආශ්වලායන ශ්‍රෞත සූත‍්‍රවලට සමබන්ධ බව පෙනේ.
කෘෂ්ණ යජුර් වේදයට ගෘහ්‍ය සූත‍්‍ර 07 ක් ලියා ඇත. ආපස්තම්භ කල්පසූත‍්‍රයෙහි 26, 27 අධ්‍යාය දෙක ආපස්තම්භ ගෘහ්‍ය සූත‍්‍ර නමින් හැඳින්වේ. 26 වන අධ්‍යාය මන්ත‍්‍ර පාඨවලින් පිරවී ඇත. හිරණ්‍යකෙශී කල්ප සූත‍්‍රයේ 19, 20 වැනි අධ්‍යාය දෙක හිරණ්‍යකෙශී ගෘහ්‍ය සූත‍්‍ර නමින් හැඳින්වේ. බෞද්ධායන සහ භාරද්වාජ යන ගෘහ්‍ය සූත‍්‍ර දෙක ද මෙයට අයත්ය. මෙය අප‍්‍රකටව පවතී. පස්වැනිව මානව ශ්‍රෞත සූත‍්‍රයටම සම්බන්ධ වූ මානව ගෘහ්‍ය සූත‍්‍රයක් ද දක්නට ලැබේ. එමෙන්ම විනායක උදෙසා කරන පූජාවක් ද මෙහි ඇතුළත් වේ. යාඥවල්ක්‍යගේ නීති ග‍්‍රන්‍ථයෙහි දැක්වෙන පරිදි පළමුව විනායකවරු හතර දෙනෙක් වූහ. පසුව ඔවුන් එකතු කොට ගණෙශ නම් එක විනායකයෙකු කළ බව සඳහන් වේ. වෛඛානස, කාඨක නමින් තවත් ගෘහ්‍ය සූත‍්‍ර දෙකක් කෘෂ්ණ යජුර්වේදයට ඇතුළත් වෙති. මෙයින් වෛඛානස ගෘහ්‍ය සූත‍්‍ර ප‍්‍රමාණයෙන් විශාල වුවත් වැදගත් කමින් අල්පය.
කාටීය, වාජසනෙය යනුවෙන් හඳුන්වන පාරස්කරය ශුක්ල යජුර්වේද ගෘහ්‍ය සූත‍්‍රවලට අයත් වේ. කොටස් 26 කට බෙදා ඇති මෙය ශතපථ බ‍්‍රාහ්මණයට අයත් වේ. යජුර්වේදයට සම්බන්ධ කොට ඇති නමුදු මෙහි කොටස් තුනක්ම සාමවේදයේ දැක්වෙන යාගයන් පිළිබඳ කරුණු අඩංගු වේ. මෙම පාරස්කර ගෘහ්‍ය සූත‍්‍ර යාඥවල්ක්‍යගේ නීති ග‍්‍රන්‍ථයට ද බලපා ඇත. කාත්‍යායනගේ ශ්‍රෞත සූත‍්‍ර ද මෙයට සම්බන්ධ බව සැළකේ. ගොභිල නමින් සාමවේදයට අයත් ගෘහ්‍ය සූත‍්‍ර හඳුන්වනු ලැබේ. කෞථුම, ජෛමිමිනීය යන පරම්පරා දෙකට මෙය සම්බන්ධය. තවද ඛාදිර ගෘහ්‍ය සූත‍්‍ර නමින් රාණායනීය ශාඛාවට අයත් ගෘහ්‍ය සූත‍්‍රක් ද පවතී. අථර්වේදයට අයත් ඉතා වටිනා කෘතියක් ලෙස කෞශික සූත‍්‍ර දැක්විය හැක. යාග නීති, වෛදික ඉන්දියානුවන්ගේ ජීවිතය පිළිබඳ කරුණු මෙහි ඇතුළත්ය. මන්ත‍්‍ර භාවිත කරන ක‍්‍රම මෙහිදී පෙන්වා දෙයි. මෙම ග‍්‍රන්‍ථය තුළ එකල සමාජයේ පැවැති අදහස් උදහස් සහ ආචාර විචාර පිළිබඳ කරුණු වාර්තා කරයි.
ගෙහිමියන් පැවැත්විය යුතු ‘ආවස්ථ්‍ය, වෛවාහික’ ආදිය ගෘහසංස්කාර ලෙස හැඳින්වේ. මෙබඳු සංස්කාර 40 ක් පිළිබඳ දැක්වෙන අතර යාග වශයෙන් ද, ඉෂ්ටි වශයෙන් ද, ස්තෝත‍්‍රාදී වශයෙන් ද මේවා සිදු කළ යුතුය. යාගය පිළිබඳ මෙයින් කොටස් 22 ක සඳහන් වන අතර අනෙක් කොටස් 18 ක් තුළ වෛවාහික ක‍්‍රියා දක්වා ඇත. ශාරීරික සංස්කාර නමින් ද මෙම කොටස හඳුන්වයි. මෙම කොටස් 22 න් 05 ක් මහා යඥය නමින් හැඳින්වේ.
බ‍්‍රහ්මයඥ - චතුර්වේදය ඉගෙනීම
දේවයඥ - දෙවියන් උදෙසා කරන බලි බිලි ආදිය
පිතෘයඥ - මළගිය පියවරුන් උදෙසා ආහාර දීම
භූතයඥ - භුතයන්ට බලි බිලි දීම
මනුෂ්‍යයඥ - ආගන්තුක සත්කාර
ඒ කොටසටම අයත් පාකයඥ 07 කි. හුත, ප‍්‍රහුත, ආහුත, ශුලගව, බලිහරණ, ප‍්‍රත්‍යවරොහණ, අෂ්ටකාහෝම යනුවෙනි. තවත් තැනක පාකයඥය හඳුන්වන්නේ මෙසේය. ශ‍්‍රවණාකර්ම, සර්පබලි, අශ්වයුජී, ආග‍්‍රහායණී, ප‍්‍රත්‍යවරෝහණ, පිතෘයඥ, අන්වෂ්ටකා යනුවෙනි. මෙයින් අෂ්ටකාහෝම කොටස් තුනකට බෙදේ.
ප‍්‍රපාෂ්ටකා
මාංශාෂ්ටකා
ශාකාෂ්ටකා
මෙම අෂ්ටකා යග ත‍්‍රිත්වය ක‍්‍රමයෙන් පෞරුෂ, මාඝ, ඵාලගුණ යන මාස තුනේ කෘෂ්ණාෂ්ටමී දිනයෙහි පැවැත්විය යුතුය. යාග කොටසෙහි ලා දක්වන්නේ මෙම කොටස් 22 යි. කායික සංස්කරා 18 මෙසේය.
ගර්හාධාන - ගැබ්ගත් මොහොතේ ආරක්‍ෂාවට කරන චාරිත‍්‍රයකි. පුංසවන - පුතකු ලබා ගැනීම සඳහා කරන සංස්කාරයකි. සීමන්තොන්තයන - ගැබ් ගැනිමෙන් මාස 4, 6, 8 වැනි මාසවල කරන චාරිත‍්‍රයකි. ජාතකර්ම - දරුවා උපන් අවස්ථාවේ කරන චාරිත‍්‍රයකි. නාමකරණ - නම් තැබීමයි. මෙය සාමාන්‍යයෙන් ඉපදී දහවන දිනයෙහි කළ යුතුය. නම් දෙකක් තැබිය යුතු අතර එකක් මව්පියන් අතර පමණක් පැවැතිය යුතුය. එහි අරමුණ නම් දරුවා මන්ත‍්‍ර හූනියම් ආදියෙන් ආරක්‍ෂා කිරීමටය. බමුණු දරුවෙකු නම් ඔහුගේ නම අගට ශර්මන් කියා ද, ක්‍ෂත‍්‍රිය නම් නම අගට වර්මන් කියා ද වෛශ්‍යයකුට නම් ගුප්ත කියා ද යෙදීම පිළිගත් ක‍්‍රමයයි. නිෂ්ක‍්‍රාමණ - හතර වන මාසයේ කරන මෙය ළදරුවා ගෙයින් එළියට ගැනීම කරනු ලබයි. අන්නප‍්‍රාශන - හයවන මාසයේ දී බත් කැවීම කළ යුතුය. කර්ණවේධ - කන් විදීම. චොල - රෙදි ඇන්දවීම. අක්‍ෂරස්වීකරණ - අකුරු කියවීම. උපනයන - පූන නූල කරේ බැඳීම. මෙය බ‍්‍රාහ්මණයෙකුට නම් වයස 08 - 10 ත් අතර කාලයේ කළ යුතු අතර ක්‍ෂත‍්‍රිය සහ වෛශ්‍ය නම් ඊට පසුව ද කළ යුතුය. මෙම නූල බඳින විට සාවිත‍්‍රී මන්ත‍්‍රය සජ්ඣායනය කරයි. නූල බඳින තැනැත්තා ළදරුවාගේ උපාධ්‍යායයා වෙයි. ඉන්දියාවේ අද ද මේ සිරිත දැකිය හැක. ව‍්‍රත - ආගමික අධ්‍යනයෙහි යෙදවීමයි. සමාවර්තන - අවුරුදු දොළසකින් පසු ව‍්‍රතයෙන් පෙරළා පැමිණීම. මෙහිදී පළමුව ස්නානය කරයි. එයින් ශිෂ්‍යභාවය සෝදා හරියි. ඒ සම`ගම ඔහුට ‘ස්නාතක’ යන නම ලැබෙයි. විවාහ - කසාද බැඳීම. මෙහිදී මනාලිය ගලක් උඩ සිටුවා ඇයගේ ස්ථිරතාවය මැන බලයි. ඉන් අනතුරුව විවාහ යුවල පියවර හතක් ගොස් යාග ආහාර වැළඳිය යුතුය. එයින සමාජට හිතවතියක් වීම අදහස් කරයි. මනාලිය මනාලයාගේ ගෙදරට පැමිණීමෙන් අනතුරුව රතු ගොනකුගේ සමක් මත වාඩි කරවා පිරිමි දරුවන් පමණක් සිටින කාන්තාවකගේ අතින් පිරිමි දරුවකු ඇයගේ අතට දෙයි. එයින් පිරිමි දරුවන් ලැබීම අදහස් කරයි. ස්වාමියා මනාලියගේ අතින් අල්ලාගෙන යාගාග්නිය වටේ තෙවරක් ගමන් කරයි. විවාහයට ‘පරිණය’ යන නම යෙදී ඇත්තේ ද මේ හේතුවෙනි. මෙම ගින්න දිවි ඇති තෙක්ම පවත්වා ගත යුතුය. විවාහ යුවල ගෙදර පැමිණීමෙන් පසු දෙගුරුන් ධ‍්‍රැව තාරකාව සහ අරුන්ධතී තාරකාව පෙන්වයි. මෙයින් දික්කසාද නොවීම අපේක්‍ෂා කරයි. උපාකර්ම - යාගයක් කිරීම. උත්සර්ජන - වෙදෝත්සර්ජන නම් කර්මය කිරීම. විෂ්ණුබලි - විෂ්ණු පූජාව පැවැත්වීම. අන්තෙෂ්ටි - පිතෘ දේවතාවුන් සඳහා බලි දීම යනුවෙනි.
මෙම කරුණු වලින් එකල ජනතාවගේ උපතේ සිට මරණය දක්වා ජීවිත ස්වරූපය ප‍්‍රකට වේ. වර්ෂා ඍතුව ආරම්භ වීමත් සම`ග සර්ප බලිය පැවැත්විය යුතුය. එහිදී යාග ද්‍රව්‍ය පුදන අතර සර්පයන්ගෙන් ආරක්‍ෂා වීමට මෙය සිදු කරයි. මේ බලිය පවත්වා නියමිත කාලය අවසන් වන තුරුම උස ඇඳන් පාවිච්චි කළ යුතුය. තවද අලූත් ගෙයක් තනා ගෙට පිවිසෙන විට සතෙක් බිලිදිය යුතුය. ගෙදොර බටහිර දිශාවට මුහුණ ලා නොතබයි. ගවයෙක් සමාජයේ පොදු යහපත සඳහා මුදාහළ යුතුය. කුඹුරු වැඩ කිරීමේ දී කළ යුතු කටයුතු ගෘහ්‍ය සූත‍්‍රවල සඳහන් වේ. නරක සිහින ආදිය නොපෙනීමට අස්වැන්නේ පළමු කොටස පිදිය යුතුය. අවුරුදු දෙකෙන් ඉහළ අය මළ පසු මිහිදන් කළ යුතුය. මළ තැනැත්තා පිරිසිදු කොට තෙල් ගල්වා හිස මත මල් පොකුරක් තබයි. මළකඳ පිළිස්සීමට පෙර කළු ගෝන සමක් මත තැන්පත් කරයි. බ‍්‍රාහ්මණයෙකු නම් ඔහුගේ සැරයටිය ද ක්‍ෂත‍්‍රියකු නම් ඔහුගේ දුන්න ද වෛශ්‍යයකු නම් ඔහුගේ යෂ්ටිය ද මළකඳේ අත මත තබා නැවත ගෙන කඩා දර සෑයට දමයි. මළ කඳ සම`ග දෙනක හෝ එළුවකු පුළුස්සයි. අනතුරුව පිරිස හිස සෝදා නා නිල් තන පිටියේ තාරුකා පෙනෙන තෙක් අන්ත්‍යප‍්‍රතිසංයුත්ත කථා ශ‍්‍රවණය කරති. අනතුරුව වටපිට නොබලා සියලූ දෙනා ගෙදර පැමිණෙති. මරණයෙන් පසු කිළි යැ’යි සිතා දින තුනක් යන තුරු බිම නිදන අතර මස් මාංස අනුභව නොකරයි. මළ දිනට පසුදින කැවුම් ගෙඩියක් උයා පෙරේතයන්ට පුදති. පැන් වැඞීම ද කරයි. කිරි සහ වතුර භාජන දෙකක් තබා මළ තැනැත්තාට නෑමට ආරාධනා කරයි. ආදාහනයෙන් 10 වන දිනයේ ඇට හෝ අළු ගෙන භාජනයක තැන්පත් කොට ඍග්වේදයේ නියමිත ගීතයක් කියා පොළොවෙහි තැන්පත් කරයි. මළ ගිය තැනැත්තා පේ‍්‍රතභාවයෙන් මුදවා පිතෘ ලෝකයට යැවීම සඳහා නෑදෑයින් පුද පූජා පවත්වයි. එය සිතේ ශ‍්‍රද්ධාවෙන් කරන නිසා ‘ශ‍්‍රාද්ධයී’ යැ’යි හඳුන්වයි. අවුරුද්දකින් පසු ‘පිතෘමේධ’ නම් පූජාවක් පවත්වයි. පෙර වැළලූ අළු භාජනය ගෙන ස්ථූපයක් තනයි.

ධර්ම සූත‍්‍ර
ධර්ම යන්න විවේචනය කරන එහි අර්ථ පහක් දක්වයි. වර්ණ ධර්ම, ආශ‍්‍රම ධර්ම, වර්ණාශ‍්‍රම ධර්ම, නෛමිත්තික ධර්ම සහ ගුණ ධර්ම යනුවෙනි. මනුෂ්මෘතියට අනුව විමසා බැලීමේදී ආගම, ගුණ ධර්ම, නීතිය, යුක්තිය, සමාජ සහ ආගමික කරුණු එයින් ගම්‍ය වන බව දක්වයි. වින්ටර්නිට්ස් දක්වන්නේ යුතුකම, චාරිත‍්‍ර හා ව්‍යවහාරය යන අර්ථ ඉන් ගම්‍ය වන බව දක්වයි. එහිදී බ‍්‍රාහ්මණ, ක්‍ෂත‍්‍රිය, වෛශ්‍ය යන වර්ගත‍්‍රයටම අයත් කටයුතු බ‍්‍රහ්මචය්‍යය (ිඑමාැබඑයදදා*, ගාර්හපත්‍ය (යදමිැයදකාැර’ි කසෙැ*, වානප‍්‍රස්ථ (එයැ දෙරුිඑ ාඇකකැර’ි කසෙැ*, යති (එයැ ිදකසඒරහ පැාසජ්බඑි* යන ආශ‍්‍රම ධර්ම ඔස්සේ විස්තර කොට ඇත. සමයාචාරික ධර්ම සූත‍්‍ර සහ සමාර්ත ධර්ම සූත‍්‍ර යන දෙකොටසම ධර්ම සූත‍්‍ර යන්නෙන් හඳුන්වයි.
ධර්ම සූත‍්‍රවලින් උගන්වන විෂය ඉතා පුළුල් පරාසයක් නියෝජනය කරයි. පුද්ගලයාගේ හැසිරීම, විනය, යුක්තිය, යුතුකම, නීතිය, ආගම, චාරිත‍්‍ර වාරිත‍්‍ර, ව්‍යවහාරය, ආධ්‍යාත්මික හා බාහිර සංවර්ධනය, චතුරාශ‍්‍රමයන්ගෙන් සිදුවිය යුතු සේවය, තපස, පාලනය ආදී නොයෙක් කරුණු මෙයින් ඉගැන්වේ. මෙම කරුණු ඔවුන්ගේ සාහිත්‍ය තුළ අර්ථවත් ව්‍යාප්තීන් විය. භාරතීයන්ගේ පැරණි නීති ග‍්‍රන්‍ථය ද මෙයට ඇතුළත්ව පවතී. මිනිසුන්ගේ කුල ගෝත‍්‍ර සහ ජීවිතයේ විවිධ අවස්ථා අනුව කොටස් වශයෙන් එකිනෙකට අදාළ නීති රීති මෙහි සඳහන් වේ. එහෙයින් මෙහිදී ලෞකික නීතිය මෙන්ම ආගමික නීතිය ගැන ද කරුණු ඉගැන්වේ. මෙම අංශ දෙකම ඉන්දීය සමාජය තුළින් එකිනෙකට වෙන් කළ නොහැකිය. බ‍්‍රාහ්මණයන් මෙම නීති රීති තුළින් පුරාණ ඉන්දීය සමාජය තුළ තම ඒකාධිකාරය පැතිර වීමට මෙන්ම ඉන්දීය නීතිය තමන් යටතට ගැනීමටත් ක‍්‍රියාත්මක වූ බව නිරීක්‍ෂණය කළ හැකිය. මෙම ධර්ම සූත‍්‍ර අන්තර්ගතය අනුව ප‍්‍රධාන කොටස් තුනකට බෙදිය හැක.
වර්ණ ධර්ම (ාමඑසැි දෙ ජ්ිඑි*
ආශ‍්‍රම ධර්ම (ාමඑසැි දෙ  ්ියර්ප්ි*
නෛමිත්තික ධර්ම (ජ්ිම්ක ාමඑසැි*
ධර්ම සූත‍්‍ර වූ කලි ස්මෘති මත ගොඩ නැ`ගී ඇත. නීතිය සහ යුක්තිය පිළිබඳ මේවායෙන් උගන්වයි. වශිෂ්ඨගේ ධර්මශාස්ත‍්‍ර කෘතිය ද මේ යුගයට අයත් සූත‍්‍රවලට ඇතුළත් කළ හැක. මේ කෘතියෙහි අධ්‍යාය 30 කි. ගද්‍ය පද්‍ය දෙකෙන්ම කරන ලද මෙය පසුකාලයේ මනුගේ ධර්මශාස්ත‍්‍රයට ද මූලික වී ඇත. මෙහි අවසාන අධ්‍යාය පහ මෑතකාලීනව එකතු කළ බව සැළකේ. මෙහි සිරිත් විරිත් පිළිබඳ උගන්වන අතර විවාහ ක‍්‍රම 06 ක් පිළිබඳ උගන්වයි. මනුගේ කාලය වන විට මෙය 08 ක් බවට සංවර්ධනය වී ඇත. මෙය වැඩි වශයෙන් ඍග්වේද සම්ප‍්‍රදායට අයත් ශිෂ්‍යයන් හැදෑරූ බව කුමාරිල සඳහන් කරන අතර සමහර තැනක ගෞතමගේ ධර්ම සූත‍්‍ර ගැන ද සඳහන් වේ. ‘‘මේ කරුණු අනුව වශිෂඨ ධර්මශාස්ත‍්‍රය ගෞතමට පසුවත් මනුට පෙරත් ඇතිවිය’’  යැ’යි මැක්ඩොනල් මහතා පවසයි.
කෘෂ්ණ යජුර්වේදයෙහි තෛතරිය සංහිතාව තුළ වැදගත් ධර්ම සූත‍්‍ර ප‍්‍රමාණයක් අන්තර්ගතය. ආපස්තම්භිය ධර්ම සූත‍්‍ර සහ හිරණ්‍යකේශී ධර්ම සූත‍්‍ර යැ’යි ප‍්‍රධාන කෘති දෙකක් මෙම කෘෂ්ණ යජුර්වේදයට අයත් වේ. හිරණ්‍යකේශී සංස්කරණය ද ආපස්තම්භීය කෘතියටම ඇතුළත්ව තිබී පසුව වෙන් වී ඇත. බෞද්ධායන ධර්ම සූත‍්‍ර එතරම් වැදගත් කමක් නොගනී. කෙසේ වෙතත් මෙය පරිශිලනය කොට ඇත්තේ දකුණු ඉන්දියානුවන්ය. සායන මේ ධර්ම සූත‍්‍ර අගය කළහ. මෙහි සඳහන් කරුණු අතර චතුරාශ‍්‍රම, චතුර් වර්ණ, විවිධ යාග විධි, ව‍්‍රත, තපස් ආදී විවිධ ක්‍ෂේත‍්‍ර පෙන්වා දී ඇත. ගෞතමීය ධර්ම සූත‍්‍ර උපුටනයන් සහ මානව ධර්ම සූත‍්‍ර ද මෙයට ඇතුළත් වේ. මෙය මනුමෘතිය ලෙස නොසැළකිය යුතුය. එමෙන්ම වෛඛානස ධර්ම සූත‍්‍රය ගත් විට එය ද වෛඛානස ශ්‍රෞත සූත‍්‍රයන්ගේම කෘතියකැ’යි නිගමනය කළ හැක. මෙහි වනවාසී තවුසන් විසින් පිළිපැදිය යුතු කරුණු ඇතුළත් වේ.
පාරස්කර ධර්ම සූත‍්‍ර ශුක්ල යජුර්වේදයට ඇතුළත්ය. කුමාරිලගේ අදහස අනුව මෙය කෘෂ්ණ යජුර්වේදයේ වාජසනෙයී ශාඛාවට අයත් බව පිළිගැනේ. මෙහි කරුණු සමාන බවක් දිස්වේ. චතුර් වර්ණය පිළිබඳ නීති රීති ඇතුළත් ගෞතමීය ධර්ම සූත‍්‍ර සාමවේදයේ රාණායනීය ශාඛාවට ඇතුළත්ය. මෙහි ශුද්‍රයින්ට ලැබී ඇති පහත් සමාජ තත්ත්‍වය පිළිබිඹු වේ. ‘‘ශුද්‍රයෙක් වේදය ශ‍්‍රවණය කරයි නම් ඔහුගේ කන් දෙක ලාකඩ දමා හිර කළ යුතුය. ඔහු වේද පාඨ කියවයි නම් දිව කපා දැමිය යුතුය. වේදයන් අසා සිතෙහි දරා ගනී නම් ශරීරය දෙකඩට ඉරා දැමිය යුතුය’’   පුරාණ ග‍්‍රන්‍ථයන් තුළ රජකුගේ පාලනය සිදුවිය යුතු ආකාරය පෙන්වා දෙයි. ‘‘රජකුගේ පාලනයට යුක්තිය, වේදය, ධර්ම සූත‍්‍ර, වේදාංග, පුරාණ යන කරුණු පහ විශේෂයෙන් ඇතුළත් විය යුතුයි’’  යැ’යි දක්වා ඇත.
අථර්වේදයට වෙනම ධර්ම සූත‍්‍රයක් නොමැත. එහෙත් වෛතාන ශ්‍රෞත සූත‍්‍ර මෙයට සම්බන්ධ කොට ඇත. මෙය කෞශික ගෘහ්‍ය සූත‍්‍රය මූලාශ‍්‍ර කොට ඇති අයුරු විද්‍යමාන වේ. ‘‘අථර්වේදය සෙසු වේදයන් හා අංග සම්පූර්ණ කොට සමකක්‍ෂයෙහි ලා තැබීම පිණිස මේ ධර්ම සූත‍්‍ර එයට සම්බන්ධ කොට ඇත’’  යනුවෙන් වින්ටර්නිට්ස් මහතා පවසයි.


ශුල්ව සූත‍්‍ර
සූත‍්‍ර සාහිත්‍යයේ කුඩාම ග‍්‍රන්‍ථාවලිය ලෙස ශුල්ව සූත‍්‍ර නම් කළ හැක. ශ්‍රෞත සූත‍්‍රයන් සහ ඍජුවම සම්බන්ධ වේ. එමෙන්ම මෙම ශුල්ව සූත‍්‍ර තුළ දී යාග භූමිය සහ අග්නිචයනයන් මැනීම (‘ශුල්ව’ යනු ‘මිනුම් නූල’ යන අරුත දෙයි* හා තැනීම පිළිබඳ නියත නීති වේ. බොහෝ මිනුම් ඇත්තේ මහා යාගය සඳහාය. ඉන්දීය ජ්‍යාමිතිය සහ ගණිත ක‍්‍රම පිළිබඳ පැරණිම කෘතිය ලෙස විද්‍යා ඉතිහාසයෙහි දී මෙයට වැදගත් ස්ථානයක් හිමි වේ. බෞද්ධායන, කාත්‍යායන, ආපස්තම්භ, සත්‍යාෂාඪ, මානව, වාරාහ හා මෛත‍්‍රායණි යන ශුල්ව ග‍්‍රන්‍ථ 07 ක් පිළිබඳ විස්තර වේ. ශුල්ව සූත‍්‍ර ගත්කල එය ආපස්තම්භ කල්ප සූත‍්‍රයෙහි 30 වන අධ්‍යායයි. යාගස්තම්භය සහ වේදිකාවක් හරිහැටි පිළියෙළ කරන්නේ කෙසේ ද යන්න මෙහි මනාව විස්තර වේ. එමෙන්ම භාරතීය ජ්‍යාමිති ශාස්ත‍්‍රයේ මූල බීජ මෙහි බව පෙරාපර දෙදිග වියතුන් විශ්වාස කරයි.
කාත්‍යායන හා ආපස්තම්බ යන ග‍්‍රන්‍ථ ඉතා කුඩා ඒවාය. බෞද්ධායන කල්ප සූත‍්‍රය හා සම්බන්ධව ඇති බෞද්ධායන ශුල්ව සූත‍්‍රය ප‍්‍රශ්න 13 න් යුක්තය. වාරාහ හා මානව ශුල්ව සුත‍්‍රයන් වෙනස් වන්නේ නාමයෙන් පමණි. එම ග‍්‍රන්‍ථ කොටස් තුනකි. පළමු කොටස මානව ශුල්ව ලෙසත් දෙවන කොටස උත්තරාෂ්ටක ලෙසත් තෙවන කොටස වෛෂ්ණව ලෙසත් නම් කොට ඇත. ආශ්වලායන මෛත‍්‍රාණීය ශාඛාවට අයත් වන අතර ෂත්‍යාෂාඪ හා ආපස්තම්බය එකිනෙකට සමානය. කාත්‍යායන ශුල්ව සූත‍්‍රය පරිච්ෙඡ්ද 06 න් පරිමිත කුඩා ග‍්‍රන්‍ථයකි. මෙයින් කවාකාර, ආයත චතුරස‍්‍රාකාර හා අර්ධ කවාකාර යාග උදුන් සකස් කරගැනීමට උපදෙස් ලබා දෙයි. එමෙන්ම ගඩොලෙහි ප‍්‍රමාණය, විවිධ යාගාසන නිරූපණයට උපදෙස් දී ඇත. ආපස්තම්බ ශුල්ව සූත‍්‍රය පටල 06 න් යුක්තය. ඉහත කරුණු මෙහිදී ද සාම්‍ය වන අතර වාස්තු විද්‍යාත්මක ගැටළු නිරාකරණයට සදුපදේශ මෙහිදී සපයයි. මෙහි වාස්තු විද්‍යාත්මක වශයේන සහ ජ්‍යාමිතික වශයෙන් වැදගත් තාක්‍ෂණික පද 11 කි. වර්ග මූලයන් සහ දශම සංඛ්‍යා පිළිබඳ ද මෙහි සඳහන් වේ. මෙම ග‍්‍රන්‍ථ භාෂාව අතිශයින් සංක්‍ෂිප්තය.
ඒ අනුව මෙම සමස්ථ කල්ප සූත‍්‍ර තුළ පුනරුක්ත කරුණු දැකිය හැකි වේ. මෙසේ සිදු කිරීමට හේතුව නම් බ‍්‍රාහ්මණ ඒකාධිකාරය සමාජයේ හිනි පෙත්තටම වත්වාගෙන යාමටය. එමෙන්ම මේ තුළින් සිවු කුලයට ආවේණික සත්තාවන් ආරක්‍ෂා කිරීමට මෙතරම් සූත‍්‍ර සංඛ්‍යාවක් රචනා කළ බව නිගමනය කළ හැක. සූත‍්‍ර සාහිත්‍යය වෛදික කෘතීන්හී සාරාංශයක් වැනිය. මෙයින් ලෝක සාහිත්‍යයේ එක් පැතිකඩක් නිරූපණය වන අයුරු සුපැහැදිළිය.  එමෙන්ම මෙම ග‍්‍රන්‍ථ වල ක‍්‍රමික විකාශනය මනාව පෙන්නුම් කරන අතර ඒවායෙන් භාරතීය දර්ශනවාදයන්ගේ විකාශය, සමාජ විකාශනය ආදිය මැනවින් පෙන්නුම් කෙරේ.























සමාලෝචනය


භාරතීය සාහිත්‍යයෙහි මුදුන්මල්කඩ වන වෛදක යුගය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී අපට එහි විවිධ පැතිකඩ පිළිබඳ අධ්‍යයනය කළ හැක. වේදයේ සඳහන් විවිධ කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී ඒවායේ ඇති ඓතිහාසික සහ සාහිත්‍යාත්මක වටිනාකම් මැනවින් ඉස්මතුව පෙනේ. එවැනි වටිනාකම් වලින් සපිරි මෙම වේද යුගයේ හුදෙක්ම විද්‍යමාන කරුණු අතර බ‍්‍රාහ්මණ සමාජ සත්තාවන් දැකිය හැක. බ‍්‍රාහ්මණ සමාජ ආධිපත්‍යට නතුවූ මෙම සමාජය ක‍්‍රමයෙන් වෙනස් වී විකෘති වී යෑම වැලැක්වීම් වශයෙන් ඒවා නිවාරණය කිරීම සඳහා විවිධ ක‍්‍රියාමාර්ග එකල සිටි බ‍්‍රාහ්මණ වියතුන් අනුගමනය කළහ. එහිදී ඔවුන් සාහිත්‍ය මනා පිටුවහලක් කරගත්හ. ඒ අනුව මූලික දේව භාෂිත එලෙසම පවත්වාගැනීම සඳහා වේදයේ විස්තර කථන රචනා කළහ. උපනිෂද් යුගයේ චින්තන විප්ලවයට මුහුණ දීම සඳහා මෙම ග‍්‍රන්‍ථවල විවිධ ස්වරූපයෙන් වේදය විග‍්‍රහ වේ. ඒ අනුව මෙසේ රචනා වූ ග‍්‍රන්‍ථ වෙනමම සාහිත්‍යයකට උරුමකම් කීහ. එම සාහිත්‍ය ‘සූත‍්‍ර’ සාහිත්‍ය හෙවත් ‘සමෘති’ සාහිත්‍යය ලෙස හැඳින්වේ. එම ස්මෘති සාහිත්‍යය පිළිබඳ වියත් මතාශ‍්‍රිත නිගමනයක් මෙම නිබන්ධනය තුළ ඉදිරිපත් කොට ඇත.

















සමාශ‍්‍රිත ග‍්‍රන්‍ථාවලිය


ද්විතීයික මූලාශ‍්‍රය


තිලකසිරි, ජයදේව,   වෛදික සාහිත්‍යය, ප‍්‍රකාශනය - ලංකාවේ සීමා සහිත   එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1958.

තිලකසිරි, ජයදේව, සංස්කෘත කාව්‍ය සාහිත්‍යය, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, පී. ද. ඇස්. කුලරත්න මාවත, කොළඹ - 10, ප‍්‍රථම මුද්‍රණය - 1961.

පැට්රික්, නාරාවිල, ඍග්වේදගීතාවලී, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 1997.

බෂාම්, ඒ. එල්, අසිරිමත් ඉන්‍දියාව, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, ප‍්‍රථම මුද්‍රණය - 1962.

විජේසිංහ, එස්. ඒ. ජී, සංස්කෘත සාහිත්‍ය විමර්ශන, ප‍්‍රකාශනය - සමයවර්ධන පොත්හල (පෞද්ගලික* සමාගම, කොළඹ - 10. ප‍්‍රථම මුද්‍රණය - 2009.

වින්ටර්නිට්ස්, එම්, ඉන්දීය සාහිත්‍ය ඉතිහාසය, ප‍්‍රකාශනය - අධ්‍යාපන ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව, පළමු මුද්‍රණය - 1967.

සේනානායක, ජී. එස්. බී, සංස්කෘත සාහිත්‍ය. ප‍්‍රකාශනය - ඇම්. ඞී. ගුණසේන සහ සමාගම. ප‍්‍රථම මුද්‍රණය - 1955.

සේනාධීර, ගුණපාල, ඍග්වේද සමීක්‍ෂා, ප‍්‍රකාශනය - එස්. ගොඩගේ සහ        සහෝදරයෝ, කොළඹ - 10,  ප‍්‍රථම මුද්‍රණය - 1992.

හෙට්ටි ආරච්චි, ඞී. ඊ, පැරණි දඹදිව සාහිත්‍යය, ප‍්‍රකාශනය - නව ලිපි පොත් සමාජය, කොළඹ, ප‍්‍රථම මුද්‍රණය - 1946.

තෘතීයික මූලාශ‍්‍රය
 
අනුපස්සනා, (සංස්* - වෑගල ඤාණවිමල හිමි ආදිහු, ප‍්‍රකාශනය - ශ‍්‍රී ධම්මාලෝක මහ පිරිවෙන, කුඹුරේගම,  ප‍්‍රථම මුද්‍රණය - 2012.