UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: නවකතාව උපදිනුයේ ප‍්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබ`ද ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාiයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප‍්‍රභේද හා ප‍්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප‍්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබ`දව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප‍්‍රකාශනයකි.

Wednesday, December 11, 2013

නවකතාව උපදිනුයේ ප‍්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබ`ද ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාiයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප‍්‍රභේද හා ප‍්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප‍්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබ`දව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප‍්‍රකාශනයකි.

නවකතාව උපදිනුයේ ප‍්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබ`ද ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාiයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප‍්‍රභේද හා ප‍්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප‍්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබ`දව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප‍්‍රකාශනයකි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යනු ඉතා ප‍්‍රකට කියමනකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇත්තේ සදාතනික සතයතත්‍යතාවකී. මිනිසා සිය ජීවිතය තුළ තමාට ශක්ති ප‍්‍රමාණයෙන් මනුෂ්‍ය ජීවිතයේ හා සමාජ අර්ථ සිද්ධියට කැපවිය යුතුය. එහිදී මිනිස් සිතේ ඇතිවූ සො`දුරු හැ`ගීම් පරිකල්පනය කරමින් ප‍්‍රතිභාව තුළින් නිර්මාණය කරණලද කලාදිය හා සාහිත්‍යය බිහිවිය. එකී කර්තව්‍යය භාරතීයයන් හැ`දින්වූයේ ‘‘අපූර්ව වස්තු: නිර්මාණාක්ෂමා: ප‍්‍රතිභා ’’ යනුවෙන්ය. එනම් පෙර නොවූ අපූර්වත්වය දැනෙන දෙයක් නිර්මාණය කිරීම යනු එහි අදහසය. මෙහිදී සාහිතයේ මාධ්‍යය වනුයේ භාෂාවයි. ඒ ඕනෑම සාහිත්‍ය කෘතියක් ලියැවෙනුයේ භාෂාව පදනම් කොටගෙන නිසාය. ඒ නිසා සාහිත්‍යය යනු භාෂාවේ හාස්කමකි. මේ අනුව නවකතාවද භාෂාවේ ප‍්‍රධානත්වයෙන් ලියැවෙන නිර්මාණ විශේෂයකි. සාහිත්‍යයද ගi, පi හා චම්පු යනුවෙන් වර්ගීකරණය කළ හැකි අතර එයින් ගiය යටතේ ලියැවෙන ප‍්‍රධාන සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් නවකතාව හුද`නාගත හැකිය. නවකතාව යනු කෙටිකතාවට වඩා වැඩියෙන් දිගු නිසා ඒ නමින් හ`දුන්වයි. තවද නවකතාව යනු ප‍්‍රබල විඥානධාරාවක් ඔස්සේ මිනිසාගේ ජීවිතය වෙත හෙළන නිර්මාණයකි. එහිදී අත්දැකීම හා ඉන්ද්‍රීය සංජානනය අරමුණු කරගත් පංචේන්ද්‍රීයට දැනෙනදේ අත්දැකීමක් මාර්ගයෙන් කියාපෑම වනාහී නවකතාවේ ස්වභාවයයි. නවකතාව උපදිනුයේ ප‍්‍රබන්ධනාත්මක කථනය පදනම් කොටගන්නා භාෂාව මූලික කොටගෙන වුවද නවකතාව එහි ආකෘතිය හා අන්තර්ගතය ඍජුවම ලබාගන්නේ වෙනත් කලා අංගවලදී මෙන් සමාජීය සංසිද්ධින් ඇසුරෙණි. ඒ නිසාවෙන් නවකතාවෙන් ඉදිරිපත් කෙරෙන්නේද සමාජ සංසිද්ධියක් සේම පුද්ගල ජීවිතය පිළිබ`ද ගවේෂණයකි. දාහත්වන සියවසේ සිට බටහිර යුරෝපයේ සිදුවූ වෙනත් කලා අංගයන්ගේ මෙන් නවකතා මාiයද වෙනස් වීමකට ලක්විණි. ඒ සෞන්දර්යාත්මක ස්වාභාවයත්වයෙන් ලවත්ව ගතානුගතික කඩඉම පසුකර විප්ලවීය ආකෘතීන් ඔස්සේ ලිවීම නිසාය. ඒ නිසාවෙන්ම නවකතාව නම් සාහිත්‍යාංගය උප ප‍්‍රභේද හා ප‍්‍රභේද ලෙසින් බෙදී ගියේය. කෙසේ මේ අනුව නවකතාකරුවා ප‍්‍රධාන අංශ දෙකක් ඔස්සේ නවකතාවේ අවධානය යොමුකරයි. එනම් නවකතාවේ අඩංගු චින්තනය හා එහි ලියා ඇත්තේ කුමක්ද යන්න පිළිබ`දව සෙවීමය. ඒ ඔස්සේ නවකතාවෙන් ඔහු ඉදිරිපත් කරන්නේ මනසේ නිර්මිතවූ බාහිර පෙනුමක් හා අර්ථයක් සේම යථාර්ථවාදී ප‍්‍රකාශනයකි. යුරෝපය පදනම්ව ඇතිවූ විiාවේ දියුණුවත් සම`ග මනස පිළිබ`ද අධ්‍යයනය ආරම්භ විය. එය තවත් දියුණුවීමත් සම`ගින්ම අනු කොටසක් ලෙසින් මනෝවිශ්ලේෂණවාදය බිහිවිය. එහි බලපෑම කෙතරම් ප‍්‍රබලව විකාශනයවීද යත් සාහිත්‍යකාලාදිය කෙරෙහිද කෙරෙහිද රචකයන් යොදාගැනීම නිසාවෙන් මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය බිහිවිය. මේ ඔස්සේ මනෝවිiාත්මක නවකතාවේ බිහිවීම සිදුවිය. මෙහිදී නවකතාකරුවා සිය චරිතයනගේ මනසතුළ පහළවන දෑ වාර්තා කිරීමට එසේ නැතිනම් කාල්පනික චරිතයනගේ චිත්තාභ්‍යන්තරය ගෙනහැර දැක්වීමට ගත් උත්සාහය මත 18 වන සියවසේ ඉංග‍්‍රීසි නවකතාව පසුබිම්ව මනෝවිiාත්මක නවකතාව බිහිවිය. ඒ අනුව යුරෝපීය නවකතාකරුවා මෙකී විඥානධාරා නවකතා ලිවීමේ ප‍්‍රාරම්භකයෝ වෙති. සැමුවෙල් රිචර්ඞ්සන්, ඞී.එච් ලෝරන්ස්, පියදෝර් දොස්තොව්ස්කී, ගුස්ටාවෝ ප්ලොබෙයා, ඊ.එම් ෆෝස්ටර්, මිලාන් කුන්දේරා, ෆ‍්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ් ආදින් මෙම සංදචර්භය ප‍්‍රචලිතකළ නවකතා කරුවන් වෙති. ඔවුන් විසින් පුද්ගලයාගේ පුද්ගලත්වය හා සාංදෘශ්ටික මිනිසාවෙත හෙළු මානුෂවාදී දෘශ්ටිය නිසා මිනිසාගේ අ`දුරු භවාන්තරගත චෛතසික විග‍්‍රහකිරීම ස`දහා යොමු විය. එහිදී පියදෝර දොස්තොව්ස්කිගේ අපරාධය හා ද`ඩුවම, (1866* ( ජරසපැ ්බා චමබසියපැබඑ * ඔහුගේම කර්මසොව් සහෝදරයෝ 1879 ( එයැ ඊරදඑයැරි * ගුස්ටාවෝ ෆ්ලෝබෙයාගේ එමා බෝවාරි ( ෑප් ඊදඩ්රහ * ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා ( ්බබ් ණ්රුබසබ් * ලෝරන්ස්ගේ දැටර්ලි ආර්යාවගේ පෙම්වතා 1928 ( ඛ්ාහ ක්‍ය්එඑැරකැහලි ඛදඩැර * හා ( ීදබි ්බා ඛදඩැරි * යන නවකතා මෙකී විඥානධාරවේ ප‍්‍රධානම කෘතීන් ලෙසින් හ`දුනාගත හැකිය. ඒ අනුව මනෝවිiාත්මකයැයි සැළකෙන නවකතාවන් කිහිපයක් හ`දුනාගත හැකිය. මිනිසාගේ මනසපදනම් කොටගෙන අධ්‍යයනය කරනුලබන කේෂේත‍්‍රය පසුව මෙහිදී සිග්මන් ෆ්‍රොයිඞ්ගේ මනෝවිශ්ලේෂණීය ආකල්පයන්ද පදනම් කොටතතේය. ඒ අනුව මිනිසාගේ එකී සො`දුරුතම නිර්මාණයක් වන මෙම මානසිකත්වය දැක්වීමේ සාහිත්‍යය මනෝවිiා සාහිත්‍ය විචාරය ලෙසින් විචාර චර්චාවක්ද බිහිකළේය. මේ ඔස්සේ විචාරය පාඨකයාගේ බුද්ධිය දියුණු කිරීමේ ක‍්‍රමවේදයක් ලෙසින් හ`දුනාගත හැකිය. එහිදී විචාරකයා කරනුයේ පාඨනයා හා කෘතිය අතර පවත්නා පරතර බි`දදැමීම, කුනීකිරීම, පදම්කිරීමය. පාඨකයාට කෘතිය අවබෝධ කරගැනීමට ම`ග පෙන්වීමය. එය වනාහී සාහිත්‍ය කලාවන්ගේ ප‍්‍රගමනයටද අවශ්‍ය වන්නේය. එබැවින් විචාරය යන සංකල්පය කාරණාවන් දෙකක් හමුවේ අවබෝධයට ලක්කිරීමට හැකිය. එනම් සාහිත්‍ය නිර්මාණයක පාදකවූ විෂය කේෂේත‍්‍රය එහි සංදර්භමය ශිල්පීය ක‍්‍රම රචනෝපක‍්‍රම, භාෂා ලක්ෂණ, විභාගකිරීමත් ජීවිතාර්ත පැහැදිළි කිරීමත් වන නිසාය. අනතුරුව එකී අංගෝපාංග සාර්ථක අසාර්ථක භාවය පිළිබ`දව ගුණ විනිශ්චය සිදුකරයි. කෙසේ සාහිත්‍ය විචාරයෙහිලා මෙවන් කාර්යභාරයක් අවබෝධකොටගත හැකිය. කෙසේ හෝ මෙකී විඥානධාරා නවකතාවන්හි ප‍්‍රබලත්වය ගන්නාවූ වැදගත් සාහිත්‍යාංගයක් ලෙසින් දැනගත හැකිය. ඒ සාහිත්‍යයක සතු ප‍්‍රලවූ සනාතන චමත්කාරය වින්දනය ලබාදෙන නිසාය. එහිදී බටහිර චිචාරකයන් අර්ථදක්වන ආකාරයට සාහිත්‍ය කෘතියක (01* විග‍්‍රහකිරීම (්බ්කහිසි* (02* අගයකිරීම (ෑඩ්කමඑසදබ* (03* පැහැදිළිකිරීම (ෑංචක්බ්එසදබ* යන කාරණාවන් අන්තර්ගත වනබව පැවසේ. මේ සාහිත්‍යයක අන්තර්ගතය වනාහී බටහිර බිහිවූ මනෝවිiා නවකතාවේ චරිතයනගේ විඥානය තේරුම්ගැනීමෙහිලා ඉවහල් කරගත හැකිබව පැවසේ. කෙසේ හෝ සාහිත්‍ය විචාරය යනු පෙරදිග ශා අපරදිග ්‍යන ක‍්‍රමදෙකක් පවතිනබව පැහැදිළිය. එය වර්තමානය වනවිට විවිධ සානර ඔස්සේ ව්‍යාප්තවී ගොස්ඇතිබව පැවසිය හැකිය. මෙහිදී නවකතාවක නවකතාකරුවා දකින දෘශ්ටිකෝණය හා විචාරකයා දකින දෘශ්ටිකෝණය දෙකකි. ප‍්‍රකට නවකතාකරුවකුවන ඊ.ඇම්.ෆෝස්ටර් සිය නවකතාවේ රටාව (්ිචැජඑ දෙ එයැ බදඩැක* නම් කෘතියේ නවකතාවේ පවතින ස්වභාවය මෙසේ දක්වයි. කතාප‍්‍රවෘත්තිය (ීඑදරහ* චරිත (චැචකැ* කතා වින්‍යාසය (චකදඑ* මන:කල්පිතය (ත්‍්බඒිහ* හා භවිෂ්‍යත් විදර්ශනාව (චරදචයැජහ* රටාව (ච්එඑැබ* හා රිද්මය (රයහඑයැප* යනාදී කාරණාවන්ය. මේ කාරණාවන් හුමුවේ ඔහු මනෝවිiා නවකතාවේ සන්දර්භයද පිළිබ`දව යම් අදහසක් පවසන බව කිවහැකිය. කිසියම් නවකතාවක් කියවා අවසන්වූ කල හෝ නොහොත් කිසියස් ශ්‍රේෂ්ඨ නාට්‍යයක් බලා ශාලාවෙන් පිටවූ කල හෝ අප සිත් තුළ එක්තරා විධියක තිගැස්සුණු ගතියක් නැතහොත් තෝන්තු වූ ස්වභාවයක් පවතී. එවැනි අවස්ථාවකදී කිසි විටෙක නො ඇසූ පුවතක් අප විසින් අසන ලදැයි නැතහොත් කවදාවත් නො අත්දුටු අත්දෑකීමක් අප විසින් අනුභව කරන ලදැයි යන හැ`ගීම් අප තුළ ඇතිවේ.’’ මනෝවිiාත්මක විචාරයේදී කලාකෘති ව්‍යාඛ්‍යා කිරීමේදී විචාරකයන් සිදුකරනුයේ පුද්ගලයා තුළ පවත්නා චේතනා හා පුද්ගල භාවයන් පිළිබ`ද විස්තර කිරීමය. මෙහිදී මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය විචාරය යනුවෙන් අප හ`දුනාගනුයේ සාහිත්‍යය එකී ශානරයක් වෙත යොමුවීමේදීය. ඒ ඔස්සේ නවකතා කරුවා සිය කාල්පනික චරිතයනගේ ගූඪ මානසිකත්වය විවරණය කිරීමේ යෙදෙන්නේය. එසේම බටහිර බිහිවී මෙකී ප‍්‍රවණතාවය මිනිසාගේ විනිශ්චය පදනම් විරහිතව ස්වෛරීව හා ගැඔුරින් විමසනු ලබයි. එහිදී මිනිස් මනසේ විඥානීය (ජදබජසදමි* හා අවිඥානීය (මබජදබජසදමි* යන අංගයන්ගේ චිත්ත චෛතසික විග‍්‍රහකිරීම සිදුවේ. කතාකාරයා මෙකී විශ්ලේෂණීය (්බ්කස‘සි* විචාරයේදී ජීවිතය නුවණින් විමසා එයින් තම අදහස් මිරිකාගෙන චරිතවලට ගැබ්කරයි. එබැවින් මෙකී මනෝවිශ්ලේෂණීය විචාරයේදී පාඨකයා නවකතාවේ එන චරිතයනගේ අදෘශ්‍යමානව අවිඥානිකව අන්තර්ග‍්‍රහනය කරනදැය ජීවිත පරිඥානය දනවයි. එසේම මෙකී විචාර චින්තනය ආරෝහන පරිඥාන චින්තනය ලෙසින් හ`දුන්වනුයේ එය කියවීමට පෙර සිටි අවස්ථාවට වඩා පොත කියවා අවසාන කිරීමෙන් පසු තමා අධ්‍යාත්මක වශයෙන් ඉහළ තත්වයකට පත්වීයැයි සිතිය හැකි තත්වයට පත්වූ නිසාය. කෙසේ හෝ මෙකී නවකතාවෙන් තුළ චරිත ඔස්සේ තථ්‍ය ලෝකය පිළිබ`දව අවධානයේ්දී පුද්ගලයාගේ ජීවිතය විමසීමය. දෙවන පරිච්ෙඡ්දයේදී විමසනුයේ මනෝවිiාත්මක නවකතාව පිළිබ`දවය. ප‍්‍රථමයෙන් අප මනෝවිiා නවකතාවේ ප‍්‍රාරම්භය සිදුවූයේ දාහත්වන සියවසේදී බව විමසා දැනගත්තෙමු. එහි ප‍්‍රාරම්භය බටහිර යුොර්පය පදනම්ව බිහිවන අතර ලෆායෙත් මැතිණිය ලියූ ‘‘ ප‍්‍රින්සෙස්ද කිලිවිස් ’’ (චරුසබජැිිා් ජකැඩැි* 1678 දී නවකතාව මනෝවිiා නවකතාව ලෙසින් හ`දුනා ගැනේ. ඇය මෙම නවකතාව ඔස්සේ අතිශය කේන්ද‍්‍රීය සංවාද (ජදපපමබසදබ දෙ දබි ෙැැකසබටි අසඑය එයදිැ දෙ එයැ ්රඑසිඑ* චරිත ඔස්සේ බව කිවහැකිය. කෙසේ හෝ නවකතාව මෙකී මනෝවිiාත්මක (චිහජයදකදටසජ්ක ්චචරද්ජය* වගා කිරීමේදී චරිතයක කිසියම්වූ ආකාරයේ විශ්ලේෂණයක් කිරීම සිදුකරලයි. ‘‘ නවකතාව යනු එහි කතුවරයාගේ පාපොච්චාරණයක් නොවේය. ඒ වූ කලී ලෝකය උගුලක් බවට පත්වී එහි හිරවුණ මනුෂ්‍ය ජීවිතය පිළිබ`දව ගවේෂණයකි.’’ කෙසේ හෝ මෙකී නවකතාවන් බිහිවනුයේ ක‍්‍රියාව ම`ගින් පුද්ගලත්වය හෙළිදරව් නොවීම නිසා එය ග‍්‍රහනය කරගැනීමේ ප‍්‍රයත්නය මාර්ගයෙන්ය. එකී ප‍්‍රයත්නය නවකතාකරුවා දෘශ්‍යමාන ලොකයෙන් වෙන්ව පුද්ගලත්වය සොය අදෘශ්‍යමාන අභ්‍යන්තරික ජීවිතය ගවේෂණය කරන්නට පටන්ගනී. මනෝවිiාත්මක නවකතාව බිහිවන්නේ මෙම ප‍්‍රායාසය තුළදීය. එනම් ප‍්‍රබන්ධ කරුවාගේ එකී දෘශ්ටිකෝණයේ පවතිනු ලබන එකී කලාත්මක ගුණයෙන් යුතු සහෘද මනසෙහි විපර්යාෂයක් ඇති කිරීමේ සමත්කම ඇති කෘතියක් ලෙසින් හ`දුනාගත හැකිය. ශ්‍රේෂ්ටයැයි ගැනෙන හැම කලා නිර්මාණයක්ම ලෝකයෙහි පෙර නොවූ විරූ දෙයකි. එය අපූර්ව වස්තුවකි. මේ කියමනම විඥානධාරා නවකතාවේ ආවේණික ජනවිඥානය පුබුදුවාලීමෙහි මානුෂීයත්වය ග‍්‍රහනය කරන්නාවූ ආකාරය පැහැදිළිය. එබැවින් මෙකී නවකතාව ඔස්සේ කතාකරුවාගේ පරිකල්පනය ප‍්‍රබලත්වයට පවා පත්කරලයි. ඒ අනුව අත්දැකීම සියමුව විනිවිදව ඒවායේ ගැඹුරට පත්ලට කිමි`දී අ`දුරු අහුමුළුකරා පවා ආලෝකධාරාවක් එල්ලකොට යථා තතු පසක්කිරීම මේ ඔස්සේ සිදු කරයි. එබැවින් මෙකී මනෝවිiාත්මක නවකතාවන්හි ස්වරූපය හා එහි කථන ක‍්‍රියාමාර්ග ඵිළිබ`දව මෙසේ විමසිය හැකිය. 01* විඥානධාරාව චරිත ඔස්සේ ප‍්‍රකාශ කිරීම. 02* ප‍්‍රධාන චරිතයනගේ වාගාලාප හා ජංගම සිතේ සිතිවිලි පරපුර ගවේෂණය කිරිම. 03* චරිතයනගේ අභ්‍යන්තර අන්තර්භාෂණයක් ඔස්සේ පැවසීම. 04* දෘෂ්‍යමාන ලෝකයෙන් වෙන්ව මිනිසාගේ අභ්‍යන්තරික ජීවිතය ගවේෂණය කිරීම. 05* සිහින විශ්ලේෂණය හා ජීවිතය වි`දින අනාගත අපේක්ෂා ආදියෙන් චරිතයනගේ අදහස් දැක්වීම. මේ අනුව මනෝවිiා නවකතාවේ එන චරිත ඔස්සේ මිනිස් ජීවිතයේ අ`දුරු දු:ක්ඛිත පක්ෂය හා ප‍්‍රපංච ලෝකයද ප‍්‍රකේවලත්වයද (එයසබටි සබ එයසපිැකඩැි* පවා ග‍්‍රහනය කොටගෙන නිර්මාණය කරලනබව කිව යුතුය. කෙසේ හෝ නවකතාවෙහිලා දැක්වෙන ආකාරයට යම් වැටහීමක් කළ හැකිය. ලාකීය කතා කලාවේ ඉතා අතීතයට දිවයන්නේය. එය බෞද්ධ කතා කලාවේ සිට ආරම්භය විණැයි විචාරකයෝ පවසති. අනතුරුව මෙරට විදේශීය ආක‍්‍රමණ හා ඒ ඹස්සේ ඇතිවූ යුගකරණයේ සාහිත්‍ය කථිකාව මත නවකතාව නම් දේශීය සාහිත්‍ය ගර්භයේ තැන්පත්විය. පොදු පිළිගැනීමේ හැටියට සිංහල නවකතාවේ ආරම්භය ක‍්‍රී.ව 1905 ලියැවෙන ‘‘මීනා ’’ නවකතාව සම`ගින් ආරම්භ වෙතැයි පිළිගත් මතයයි. එනමුදු මෙරට නවකතාවේ ආරම්භය පිළිබ`දව විද්වතුන් අතර විවිධ මතවාද පවතී. ඒ මුල්කාලීන නවකතාවන්හි හා පසුකාලීන නවකතාවන්හි එන අරමුණු හා පරමාර්ථ අතර ඇති වෙනස පදනම් කොටගෙනය. මුල්කාලීන නවකතාකරුවා ආගමික, හා සංස්කෘතික උද්ඝොෂණ ආභාසය ලබාගෙන සාමාජීක, ආර්ථික, හා දේශපාලනික වශයෙන් නව ජීවන ආකල්ප වෙත සිංහල බෞද්ධයා යොමු කරවීමය. ඒ අනුව අලූත්ගමගේ සයිමන්ද සිල්වා, පියදාස සිරිසේන, ඩබ්ලිව් ඒ සිල්වා, අයිසෙක්ද සිල්වා, ජොන්ද සිල්වා වැනි නවකතාකරුවන් එය ප‍්‍රචලිත කළවුන් අතර ප‍්‍රධානත්වය ගනී. එසේ පැවති ස්වරූපය නිදහස දිනාගැනීමෙන් පසුව විවිධත්වය හා විචිත‍්‍රත්වය තුළ පෙරළිය සිදු කළේය. එය සිංහල ජන ජීවිතය නව ජීවන වටිනාකම් සහ අරමුණු කෙරෙහි යොමුවීමට පටන් ගැනීමය. එකී සාමාජීය පසුබිමෙහි ප‍්‍රබල වෙනසක් සිදුකරමින් නවකතාවේ නිමිවළලූ පුළුල්කරමින් මාර්ටින් වික‍්‍රමසිංහයන් ප‍්‍රථමවරට මෙරට නවකතාව යැයි සැළකියහැකි අංගලක්ෂණයන්ගෙන් යුත් ‘‘ ගම්පෙරළිය ’’ නම් නවකතාව ලියයි. එය වනාහී සිංහල නවකතාවේ බිහිවූ ප‍්‍රථම යථාර්ථවාදී නවකතාවයි. කෙසේ හෝ ලාංකීය නවකතාවේ යථාර්ථවාදය හමුවේ මෙරට මිනිසාතුළ ජීවිතවිටිනාකම් සහ අරමුණු ඇතිකීරීමෙහිලා මෙකී පසුබිම පදනම් විය. පසුව එකී පුද්ගලචරිත වික‍්‍රමසිංහයන් මානසිකත්වය ප‍්‍රකටකරන්නාවූ චෛතසික විග‍්‍රහයක් වෙත නවකතාව ගෙනයයි. ඒ හෙවනැල්ල නම් මෙරට ප‍්‍රථමව මානසිකත්වය විවරණය කරන්නාවූ චරිතයක් පාදකකොට ගන්නාවූ මනෝවිiාත්මක යැයි සැළකියහැකි නවකතාවක් ලිවීමය. එම ප‍්‍රවණතාවය පසුව එදිරිවීර සරච්චන්ද්‍ර, ජී.බී.සේනානයක, මහගමසේකර, ඒ.වී.සුරවීර, ජේ.බී. දිසානායක ආදී නවකතාකරුවන් තවදුරටත් ප‍්‍රචලිත කළහ. මෙය ඉන් නොනැවතී පසුකාලීන නවකතාකරුවන්ද තවදුරටත් මෙම මානසිකකත්වය දක්වන නවකතා ලියූවෝය. ඒ අතර මිණිවන්පී තිලකරත්න, ජයතිලක කම්මැල්ලවීර, සුනෙත‍්‍රා රාජකරුණා, පියසේන කහ`දගමගේ, සයිමන් නවගත්තේගම, සමරවීර විජයසිංහ, බටුවන්ගල රාහුල හිමි, කැත්ලීන් ජයවර්ධන යන ලේඛිකාවන් ප‍්‍රධානත්වය ගනී. ඔවුන් විසින් නවකතාව යථාර්ථවාදය ඉක්මවා පුද්ගල ජීවිතයෙහි ඇතිවූ වේගවත් වෙනස සාමාජික, ආර්ථික, දේශපාලනික හා නෛතික වශයෙන් ප‍්‍රසාරණය නිරීමක් සිදු කළහ. මෙම කථිකාව ඔස්සේ ලාංකීය නවකතාවේ මනෝවිiාත්මක එළඹුම ස`දහා යම් ප‍්‍රවේශයක් ගත හැකිය. ඒ අනුව මෙරට විඥානධාරා නවකතාව පුද්ගල චින්තනය විවරණය කිරීම ස`දහා යොමුවූයේ යථාර්ථවාදී නවකතාව ලියූ මාර්ටින් වික‍්‍රමසිංහයෝමය. එහිදී විරාගය, හෙවනැල්ල හා යළි උපන්නෙමි යන නවකතාවන් ඔහුගේ මනෝවිiාත්මක පක්ෂයෙහිලා ගැනියහැකි නවකතාවෝය. මෙවායින් ප‍්‍රධානවම පිරිමි චරිත පදනම් කොටගනිම්න් පේ‍්‍රමය හා විවාහය සම්බන්ධව සිය පුද්ගල භාවයන් පදනම් කොටගනිමින් ඇතිවූ මානසික අසහනය හා අතෘප්තිය ඒ ඔස්සේ දක්වයි. විශේෂයෙන් යුරෝපීය නවකතාකරුවන් වන ප‍්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ්, ඞී.එච් ලෝරන්ස් වැනි ලේඛකයෝ භාවිත මනෝවිiා නවකතාවන්හි ආභාසයද ඒ ස`දහා ඉවහල්වී ඇත. එය වික‍්‍රමසිංහයන් ලියූ විරාගය ස`දහා රුසියානු සාහිත්‍යයේ ඇසුර ලබාගෙන තිබේ. මේ අයුරින් ආරම්භවන මෙම සංදර්භය පසුකාලීන නවකතාකරුවන් වන එදිරිවීර සරච්චන්ද්‍ර, ඝූණදාස අමරසේකර වැනි ලේඛකයන් තවදුරටත් වර්ධනය කළේය. ඒ අනුව සිංහල නවකතාවේ මනෝවිiාත්මක නවකතාවන් ලෙසින් සැළකෙන්නේ මෙකී ඒවාය. මළගිය ඇත්තෝ, දෙපා නොලද්දෝ, මළවුන්ගේ අවුරුදුදා, පරාජිතයෝ, අප‍්‍රසන්න කතාවක්, ගන්ධබ්බ අපදානය, වල්මත්වී හසරක් නොදුටිම්, පානෙන් අ`දුරට, චරිත තුනක්, යන නවකතා මෙකී විඥානධාරා සන්දර්භව යටතේ හ`දුනාගත හැකි නවකතාවන්ය. මෙවන් නවකතාවන් ලාංකීය කතාකරුවා යුගයේ අවශ්‍යතාවය මත හා විවිධත්වය හමුවේ ලියන ලද්දේය. ඒ අනුව හැටේ දශකයේ සිට ලියැවෙන එකී නවකතාවන් ම`ගින් ජීවිත වටිනාකම් ඉස්මතු කිරීම සිදුවිය. එය වඩාත් දැකියහැක්කේ සිරිගුණසිංහගේ හෙවනැල්ල නවකතාවේ දැකිය හැකිය. පසුව එකී ප‍්‍රවණතාවය පුද්ගල මිනිස් ගැටුම හා සමාජ ආකල්පයන් හෙළිදරව් කරමින් පසුකාලීන නවකතාකරුවන්ද ලියන ලද්දේය. එය තවදුරටත් නවකතාවේ ජීවිතවටිනාකම් වෙනුවට ඉච්ඡුාභංගත්වය හා අනාසක්තතාවය ප‍්‍රධානකොටගත් චරිත ඉදිරිපත් කිරීමටද පෙළඹිණ. එවන් පදනම වර්ධනය කරන්නාවූ නවකතාකරුවන් කිහිපදෙනකු මෙසේ හ`දුනාගනිමු. සයිමන් නවගත්තේගම, තිස්සකාරියවසම්, කුලසේන පොන්සේකා, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, සෝමවීර සේනානායක, අබයරත්න වීරසිංහ, ඇන්පී කරුණාතිලක, ඒ. එම්. කරුණාරත්න, ටෙනිසන් පෙරේරා ආදඋීහු වෙති. ඔවුනගේ නවකතාවන්හි විශේෂතාවය වනුයේ සමාජසංස්ථා හා ගැටෙන පුද්ගලයන් ඒවාට කම්පා නොවී එම තත්වයන් නිවැරදි කරගන්නට දරන මානසික ප‍්‍රයත්නය හෙළිදරව් කිරීමය. කෙසේ හෝ අපගේ විචාරාක්ෂියට ලක්වන නවකතාලෙසින් කන්දක්සේමා, ස්වයංජාත, චුම්භනකන්ද, කළු, කෙලෙස්පර්වත, සත්‍යකාම, ප‍්‍රභානි යන නවකතාවන් විඥානධාරා සංදර්භයක දිවෙන චරිත පාදතවීදැයි සෙවීමය. එහිදී මනෝවිiාත්මක කාරණාවන් හා එකී කථාන ක‍්‍රමයේ ඇසුරින් චරිතයන් දැක්වීමත් එය යථාර්ථවාදීව විශ්ලේෂණය කොට මනෝවිiාත්මක පසුබිමක් වෙත යොමවීමය. ඒ අනුව උක්ත නවකතාවන්හි අරමුණ වනුයේද පුද්ගලාභ්‍යන්තරය ගවේෂණයකොට හුදෙකලා චරිතයනගේ කාංසාබර හා පරත්වාරෝපිත චරිතයනගේ ගූඩමානසිකත්වය හෙළිදරව් කිරීම බව පැහැදිළිවිය. මෙහිදී කවර නවකතාවක් වුවද මනෝවිiාත්මකැයි නර්වචනය කිරීම අපහසු වූවත් අපගේ විචාරාක්ෂියට ලක්කෙරුණු නවකතාවන්හි එවන් තේමාමවක කාතාකළ හැකිබව පැහැදිළි විය. ඒ එකී සුවිශේෂි අංගයන් වෙත සංකේන්ද්‍රණය කළහැකි දැයි සෙවීමේදී විඥානධාරාව නිරූපණය කරන්නාවූ චරිතයන් පදනම් වන නිසාවෙන්ය. මෙලෙස විඥානධාරා නවකතාවේ සිතිවිල්ලේ ආයාචනය (එයැ ්චචැ්ක දෙ එයදමටයඑ* හා පරිකල්පනයන්ගේ සිහිනයාගේ ආයාචනය (එයැ ්චච්ක දෙ ාරු්ප* මෙකී මෙහිදී විචාරයට ලක් කෙරේ. මෙහිදී මෙම පුද්ගලත්වය පිළිබ`ද සෙවිල්ල නවකතාවේ අවසන්වූයේ පරස්පර විරෝධීව තෘප්තියකින් (ච්ර්ාදංසජ්ක ාසිි්එසෙැඒබ* මිස එය පරාජය කියා පවසනුයේ නැත. ඒ ඔස්සේ මෙම මනෝවිද්‍යාත්මක නවකතාවේ පුද්ගලත්වය ගවේෂණය කිරීමේදී සවිඥානික අවිඥානික දිසානතීන් භාවිතා කරලයි. මේ සෙවීම නිසාවෙන්ම මනෝවිදයා නවකතාව යථාර්ථවාදය විසින් අනුල්ලංගනීය සම්මතයන් කිහිපයක්ම බිහිකිරීමට සමත්වී තිබේ. 01* ලේඛකයකු චරිතයක් පිළිබ`දව හැකිතරම්වූ විස්තර සැපයිය යුතුය. ඊට ඔහුගේ කතාබහ ශරීර පෙනුම ඇතුළත්ය. 02* ඔහු චරිතයාගේ අතීතය පිළිබ`දව පාඨකයාට දැනගැනීමට සැලැස්විය යුතුයි. මන්ද වර්තමාන හැසිරීම උදෙසාවූ පෙළඹවීම (පදඑසඩැි* සියල්ල ස්ථානගතවී ඇත්තේ සිත තුළයි. 03* චරිතයක සම්පූර්ණ නිදහස තිබිය යුතුය. ඒ කියන්නේ ලේඛකයා අතුරුදහන්ව සිටිය යුතු බවයි. එවිට තමයි පාඨකයා තමන් කැමති විදිහට මායාවට යටත්ව ප‍්‍රබන්ධය යථාර්ථයක් විදිහට බාර ගන්නේ. උක්ත විදිහේ මානුෂීක ප‍්‍රවාහයක විවිරණය කිරීම උදෙසා මෙකී නවකතාවන් යම් ඍජු ප‍්‍රවේශවීමක් ගෙන ඇත. ලාංකීය විඥානය මතුකිරීම සිදුකිරීම වනාහී අභ්‍යන්තර ඒකීය කථන ක‍්‍රමයකින් සිදුකරලයි. මනෝවිශ්ලේෂණවාදයේ එන ආකාරයට විඥානය යනු පුද්ගල මනසෙහි ඇති සෑම මනුෂ්‍යකුටම පොදුවූවක් ලෙසින්ය. ඒ අනුව අභ්‍යන්තර මනෝභාෂණය (සබඑරදට්එසඩැ පදබදකදටහ* හරහා නවකතාකරුවා සිය කාල්පනික චරිතයනගේ විඥානීය අදහස් චරිතයෙන්ම අසන්නට සලස්වයි. කන්දක්සේමා නවකතාවේ නූපාගේ චරිතය වනාහි සිය සිහින පෙම්වතාගේ මතකයක් ඇගේ සිතේ විඥානය දැක්වීමේ අවස්තාවකී. මසායාන් නමි ජපන්ජාතිකයාගේ විවාහක බිරි`ද වුවද ඇය මානසික පැතුම්තලයේ අසම්පූර්ණත්වය සිහින පෙම්වතකු ඹස්සේ අවිඥානය තෘප්තිමත් කරලන්නීය. එය වනාහී නවකතාකරුවා චරිතයක විඥානය පාදක කොටගන්නාවූ අවස්ථාවකී. තවත් විඥානයසතු ස්වභාවය චරිතයක විවරණය කරන්නාවූ අවස්ථාවක් ලෙසින් බටුවන්ගල රාහුල හිමිගේ ප‍්‍රභානි නවකතාවේ එන ප‍්‍රභානිගේ චරිතයෙන් දැකිය හැකිය. ඇතුපිටිය නම් වයස්තත පුද්ගලයෙකු සම`ග විවාහවන ඇය ජීවිතයේ ලිංගික තෘප්තිය හා දරුසම්පතක් පවා නොලැබීම යන කාරණාවන් නිසාවෙන් මානසිකව වද වි`දින කාන්තාවකී. එකී අවස්ථාවකදී ඇගේ සිතම ඇගේඅභ්‍යන්තර සිතවෙත කරන්නාවූ ප‍්‍රශ්නකිරීම හමුවේ විඥානීය සංදර්භයක් වෙත අපව ගෙනයන්නාවූ අවස්ථාවකී. එය වනාහි මිනිසාගේ ඇතැම්විට හුදෙකලා දිවියේ පීඩනය නිසා විටෙක වෙනත් අරමුණු හා ආස්වාදනීයත්වයන් වෙත යොමුවීමද යම් අයුරකින් විඥානීය පෙළඹවීමකී. එකී අවස්ථාවක් ජයතිලක කම්මැල්ලවීරගේ චුම්භන කන්ද නවකතාවේ පොඩිසිංහයාගේ චරිතයෙන් දැකිය හැකිය. ඔහු නවයේ තනිව ජීවත්වූවද පසුව මිනිසුන් ඇසුරුකිරීමට සිතීම හා තනිකම පිළිබ`දව ඔහු විසින්ම රාත‍්‍රියේදී සිය සිතින් ප‍්‍රශ්න කිරීම යනු චරිතයක විඥානය පුරුද්දන අභ්‍යන්තර කථනය දැක්වීමකි. මේ ලෙසින් ලාංකීය නවකතාවේද සිය කාල්පනික චරිතයනගේ මාර්ගයෙන් අභ්‍යන්තර මනෝමය පසුබිම විවරණය කිරීමක් දැකිය හැකිය. මේ අනුව කතාවින්‍යාසයක් බිහිවනුයේ මෙකි ඝට්ඨනය (ජදබසෙකසජඑ* පදනම්වය. මෙහිදි සිංහල නවකතාකරුවාගේ එකි ගැටුම හරහා පොදුවූ විඥානීයත්වය සතු ගතිකඅංශය චරිතයනගේ අභ්‍යන්තර මනෝභාෂණය පදනම්ව දක්වන බව පැහැදිළිය. ඒ අනුව මනෝවිද්‍යා නවකතාවන්හි පුද්ගලත්වය හා නිශ්ක‍්‍රීයත්වය සෙවීමක්ද කරලන බව පැහැදිළිය. එය වනාහි බටහිර හා දේශීය නවකතාවේද එකසේ සමත්කමක් ගෙනඇතැයි කිවහැකිය. මෙය සිදුකරනුයේ රචකයා සිය චරිතවලට කතාකිරීමට සැලැස්වීම නිසාවෙන් එකී චරිතයනගේ අවබෝධයත් ඔහුට ස්වයං පාපොච්චාරණයක් තුළින් විඥානය වෙත පිවිසීමටත් හැකිවීම නිසාය. ඒ අනුව ලැබෙන වාසිදායක තත්වය නම් විඥානය ම`ගින් ඍජුවම ක‍්‍රියාකාරීත්වය දැක්වීමත් එය හෙළිදරව්කිරීමද කළහැකි නිසාය. තවදුරටත් ලාංකීය නවකතාවේ මනෝවිiාත්මක පක්ෂය දැනවීම අත්දැකීම හා තදාත්ම්‍යය යන අවස්ථාවන් පදනම්කොටගෙන ඇති නිසාය. ඒ අනුව මනෝවිiා නවකතාවේ ප‍්‍රකාශන ක‍්‍රම අතර තදාත්මීයකරණය යනු චරිතයක මානසිකත්වය දැක්වීමේ ප‍්‍රබල අවස්ථාවකී. එය සිදු කරනුයේ නවකතාවේ අත්දැකීම ඔස්සේ සිය කාල්පනික චරිතයන් මාර්ගයෙන් විකාශනය කිරීම ඔස්සේය. නවකතාවක අත්දැකීම යනු සෑදීමකි. එම සෑදීම සත්‍යත් කල්පිතයත් අතර මිශ‍්‍රනයක් ලෙසින් ගත හැකිය. මේ පිලිබ`දව යම් පැහැදිළි කිරීමක් මෙසේ දක්වමු. ‘‘ ලේඛකයකුට කරුණු තුණක් අවශ්‍යයි. එනම් අත්දැකීම, පරිකල්පනය හා නිරීක්ෂණ ශක්තිය යන මේ කාරණා තුනය.මේ කරුණු තුනෙන් දෙකක් හෝ ඇත්නම් එකක් අනෙක් කරුණේ අඩුපාඩුව පිරිමසාලයි. විවිධාකාරයේ විවිධ අවස්තාවල ලබන අද්දැකීම් හා නිරීක්සණ ම`ගින් පසක්කරගත් ජීවන ප‍්‍රවෘත්ති සම්භාරය ඒකමිතියෙන් යුක්ත නවකතාවකට පෙරලනුයේ පරිකල්පන ශක්තිය මෙහෙයවීමෙනි. සත්‍ය ලෝකයේ ජීවත්වන නවකතාකරුවා ඒ සත්‍ය බි`දක් අඩු වැඩි වශයෙන් උකහාගෙන පරිකල්පන ශක්තිය මෙහෙයවා ගොඩන`ගන නවකතාව සත්‍යයේත් කල්පිතයෙත් සංයෝජනය වන්නේය.’’ කෙසේ හෝ මෙකී විඥානධාරා නවකතාවේ සිදුකරලනුයේ අත්දැකීම මානසික සිතිවිලි පරපුර ගවේෂණය කිරීමකි. කන්දක්සේමා නවකතාවේ නූපාගේ චරිතය එකී මානසික අවස්ථාවක් දක්වන්නේය. හෙිදී ජපානයේ පරිසරයක අත්දැකීම විවරණය කරන්නීය. ජපානයේ වෙසෙන නූපා ජපන්ජාතික මසායාසාන්ගේ විවාහක බිරි`දය. නමුදු ඇයට එකී විවාහ ජීවිතයේ මානසිකව හා කායිකව කිසිදු අස්වැසිල්ලක් නැතිවූවාය. ඒ නූපා එමවිවාහයෙන් බලාපොරොත්තු වූ කිසිදු දෙයක් ඉටුනොවීම නිසා ඉච්ඡුාභංගත්වය නිසාවෙන්ය. එම තත්වය නිසා ඇගේ මනස සහනය සෙවීම තමා කලින් දැකඇති ජීවිතයේ තැන් පිළිබ`දව සිය චරිතයෙන්ම අද්දැකීම හා තදාත්ම්‍යය මිශ‍්‍රිතව නිරූපණය කරන්නීය. මෙය මනෝවිiාත්මක නවකතාවේ සංරක්ෂණෝපයෝගයක් වුවද ඒ අවස්ථාව අත්දැකීම හා තදාත්ම්‍යය පදනම් වන අවස්ථාවකී. මෙහිදී තදාත්මීකරණය යනු ආත්මයක් තවත් ආත්මයක් තුළට ග‍්‍රහනය කරගැනීමය. විටෙක එය ද්වීතිය ආත්මයක් ලෙසින්ද සැළකේ. මේ තුළින් මෙම විඥානධාරා නවකතාවේ ආත්මය වෙත තදාත්මීයකරණය වන ආකාරය පිළිබ`දව විමසීමය. තවත් එවන් අවස්තාවක් ලෙසින් කෙලෙස්පර්වත නවකතාවේ උපතිස්සගේ චරිතය හ`දුනාගත හැකිය. ඔහු වරෙක සීගිරියට ගිය අවස්ථාවේදී එම ස්ථානයට මීට පෙර පැමිණියැයි සිහිවීමත් එයින් කාල්පනිකලෝකයක නිදන්ගත වීමද දැකියහැකිය. එය වාර්තාකිරීමේදී නවකතාකරුවා චරිතයේම තදාත්මීයව කෙරෙණ අභ්‍යන්තර භාෂණයක් උපයෝගී කොටගෙන ඇත. එය අත්දැකීමක් ඉතා සංකීර්ණව ආදිකල්පික මිනිසාගේ අසම්පූර්ණවූ මතක තදාත්ම්‍යයෙන් දැක්වූ අවස්ථාවකී. උපතිස්සගේ පෙරභවයේ සිදුවීම් මේ භවයේ මතකයට නැංවීම මාර්ගයෙන් කතුවරයා අද්දැකීමක් තදාත්ම්‍යය හා දැක්වීමකී. තවත් මනෝවිiාත්මකව තදාත්මීයවීම යනු තමා ප‍්‍රියකරණ පුද්ගලයෙකුගේ ගතිගුණ සිතින් මවාගැනීම, තමා සතු කරගැනීම හා එය සිතාමතාම ඇතැම්විට සිදුවන එකකි. ස්වයංජාත නවකතාවේ පබ්ලිනා හාමිනේගේ චරිතයෙන් දැක්වූ අවස්ථාවකී. එහිදී පබිලිනාහාමිනේගේ දරුවකු නොලැබීම නිසාවෙන් ප‍්‍රතිකාරගැනීමට එන අතර ඇගේ අවිඥානීය සිත තුළ එමතෙරුන්ගේ මතකය තැන්පත්වීම වනාහී අභ්‍යන්තරය තදාත්මීයව දැක්වූ අවස්තාවකී. එකී සිතතුළ පවතින මානසික ප‍්‍රවාහය ඉස්මතු වනුයේ එම තෙරුන්ගේ විරූපීභාවය පිළිබ`දව තවකෙක් සමච්චල්කරණ විටදීය. එහිදී පබ්ලිනා හාමිනේ එය සාධාරණීකරණය කිරීමට පෙළඹෙන්නීය. එය වනාහී මනෝවිදයා නවකතාවේ එකිනෙක චරිත අතර නිරන්තරසංවේදීතාවය ශක්තිමත්කරණ ෆීල්ඞීන් (ත්‍ැැකාසබට* කතුවරුන්පවා චිත්තවේගයන් නිරූපණය කිරීමක් වන නිසාවෙන්ය. තවදුරටත් එකී විඥානීය මානසිකත්වය ග‍්‍රහනය කරන්නාවූ අවස්ථාවක් ලෙසින් චුම්භනකන්ද නවකතාවේ පොඩිසිංහයාගේ චරිතයෙන් දැකියහැකිය. වනයතුළ තනිකඩ ජීවිතයක් වෙුවද ඔහුම විටෙක අතීතය හා අනාගතය අතර දෝලනය වන්නාවූ මානසිකත්වය තුළින් අපේක්ෂාදිය සපුරාගැනීමට සිතීම වනාහී රචකයාගේම තදාත්මීයව චරිතයේ ප‍්‍රකාශනයක් ලෙසින් දැකිය හැකිය. මනෝවිiාත්මක නවකතාවේ දැක්වෙන අන්දමට තවදුරටත් මානසිකත්වය දැක්වීමේ කථන ක‍්‍රමයක් ලෙසින් ප‍්‍රදීපණක්ෂණ න්‍යාය භාවිතාකිරීම දැකිය හැකිය. එනම් චරිතයක් බාහිර සාධකයන් හමුවේ ගැටෙනවිටදී සංකීර්ණ මානසික සාධක ඉස්මතුකරමින් ගූඪමානසිකත්වය ඉස්මතුකිරීම වනාහී මෙම ලක්ෂණය ලෙසින් දැක්විය හැකිය. එවන් තතවයන් බටුවන්ගල රාහුල හිමිගේ ප‍්‍රභානී, තාරකා වාසලමුදලි ආරච්චිගේ කළු හා සමරජීව විජයසිංහගේ ස්වයංජාත යන නවකතාවන්හි ප‍්‍රධාන චරිතයන්ගේ මාර්ගයෙන් දැකිය හැකිය. ප‍්‍රභානිගේ මානසිකත්වය දරුවකුනොමැතිකම හා සමාජයේ ව`දගැහැනියකැයි යන අවමානයත් ඇයගේ මානසිකත්වය ගැටීමට ලක්කළ බාහිර සාධකය. තවද රාගීක දිවියේ ඇති අඩුව අශොක්වැනියවුන්ගේ සමීපවීම් හමුවේ ඇවිස්සීමද යම් අයුරකින් තවත් පීඩනයකි. මේ අවස්ථාවන් නිසාවෙන් ප‍්‍රභානිගේ චරිතයේ නිරන්තර මානසික ගැටුම් උදෙසා ඇතිවන්නාවූ පසුබිම්ය. එහිදී ඇගේ චරිතයේ ක‍්‍රියාකාරීත්වය කායිකව හා මානසිකව පවා යම් වෙනස්වීම් යනු උක්ත ප‍්‍රදීපනක්සණය ඉස්මතුවන අවස්ථාවකී. කළු නවකතාවේද චේතිගේ චරිතයෙන් එවන් පසුබිමක් නවකතාකාරිය ප‍්‍රකාශ කරන්නීය. ඇය සිය සැමියා වන මහානාම ගිනිගේ කායික හා මානසික පීඩාවන්, දරුගැබ විනාශකිරීම, සිය රැුකියාව අහිමිවීම, සිය මවගේ පවා අකාරුණික ආදරය යන සාධක නිසාවෙන් ඇගේ මානසික ගැටුම්කාරී අවස්ථාවන් පැවසේ. ඒ නිසාවෙන්ම ඇගේ සිතේ එකී සාධක නිසාවෙන් ඇතිවූ ගැටුම්කාරී තත්වය නිසාවෙන් සිය නිවනේපවා ම`ගහැරයාමත් පසුව මානසික විකෘතියට පවා ලක්වන්නීය. කෙසේ හෝ ඒ ඔස්සේ නවකතාකාරිය චේතිගේ මානසික ගැටුම් නිසා ඇගේ අභ්‍යන්තර ගූඪමානසිකත්වය දක්වන බව කිවහැකිය. විටෙකදී ඇගේ අධ්‍යාත්මයේ කිතිකැවෙන හැ`ගීම් අභ්‍යන්තරය ඔස්සේ පැවසීමෙන් එය පැහැදිළි වේ. මේ ලෙසින්ම ස්වයංජාත නවකතාවේ ‘‘පබාවතියගේ’’ චරිතයේද නවකතාකරුවා මෙවන් ස්වභාවයක් දක්වයි. ඇයද සිය නිවසේ වැඩකාර විභූතිරත්න වෙත පෙමින් බැ`දී සිටියාය. එකී ආදරය වනාහී පබාවතියගේ සිතතුළ හෙවත් උත්තරාත්මයෙන්ම හටගත් එකක් වන අතර එය පැවසීමට නොහැකි එකකි. එකී ආදරය නිසාවෙන් පබාවතියගේ සිත නිරන්තරයෙන් ගැටීම් හමුවේ සංකීර්ණ වන්නේය. එකී බාහිරබලවේගයක ගැටීම දැක්වෙනුයේ පබාවතියගේ විවහා යෝජනාදිය හමුවේය. සිය නැ`ගනියගේ විවාහය සිදුවීමත් තමා පාසලේම ගුරුවරයකු කළ විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමත් යනු ඇගේ ආදරයේ පවතින්නාවූ බැ`දීමට විරුද්ධවීක් නිසාවෙන්ය. එහි බලපෑම මත විටෙක ඇය විඥානය විසින් අන්‍යයනට කෝපවන ආකරයත් අව්ඥානීයව ඇගේ නින්දපවා නොඒම යනු එකී නවකතාවේ ප‍්‍රදීපණක්ෂණය හමුවේ චරිතයක ගැටුම ආරම්භවූ අවස්ථාවක් වන්නේය. එම අවස්ථාවද ස්වයංජාත නවකතාවේ කතාකරුවා දක්වනුයේ අභ්‍යන්තර මනෝභෂණය දැක්වීමේ මාර්ගයෙන් බව පැහැදිළිය. ‘‘ මට අවශ්‍ය වනුයේ ඔහු වෙනුවෙන් ඔහුගේ ආකල්ප ඔහු දේවල් දකින ආකාරය ඔහුට කළ හැකිවාට වඩා ගැමුරින් කල්පනාවට ගන්න. (එයැ මබඉැ්ර්ඉකැ කසටයඑබැිි දෙ ඉැසබට* (පැවැත්ම දරාගත නොහැකි සැහැල්ලූව* පටන් ගන්නේම ශරීරය සහ ආත්මය අතර අන්තර් සබ`දතාවය පිළිබ`දව දීර්ඝවූ භාවනාවක් සම`ග. එිහි පිටුපස මනසිකාරය (* අත්දැකීම, හැදෑරිම, ලාලසාව පවා ඇති පදම් තිබෙනවා. එහෙත් එහි ස්වරය එම රචනාවෙන් පිටත නවකතාවක සිතාගත නොහැකි තරම්.’’ ඒ අනුව විඥානධාරා නවකතාවක චරිතයනගේ ගැටීම ඇතැම්වූ විට ඉතා දිගුවූවක් ලෙසින් විකාශනය වේ. පබාවතියගේද එකී සවිඥානීය ලාලාසාවයන් හෙවත් පේ‍්‍රමයෙ දිගුවූ එකකි. එය ගැටීම් හමුවේ ඇගේ මානසික ගූඪත්වය ප‍්‍රකාශ වනබව කිවහැකි නොවේද. මනෝවිiා නවකතාවේ චරිතයක විඥානය ප‍්‍රකාශ කිරීමෙහිලා අවශ්‍යවන භාෂාව වනාහී ප‍්‍රබලතම සාධකයයි. ඒ අනුව විඥානධාරා නවකතාවේ මානසිකත්වය යනු භාෂාවේද උපයෝගිතාවයෙන් නවකතාකරුවා සපුරාගත යුතු අභියෝගය ලාංකීය නවකතාවේද දක්වන සමත්කම පිළිබ`දව පැහැදිළිය. ඒ අනුව විඥානය හා අවිඥානය ෂතු මනසික ප‍්‍රවාහය චරිතයක භාෂාව මාර්ගයෙන් දක්වයි. මෙහිදී මනෝමය පරිසරයක් චරිතයක පැවසීමෙහිදී භාෂාවේ උපමා, රූපක, සංකේත හා රිද්මයන් භාවිතා කරමින් එය සම්පූර්ණ කරගන්නා ආකාරය විමසිය හැකිය. මනුෂ්‍යායාගේ සිතිවිලි පරපුරක දම්වැළක පුරුකක්සේ එකට පුරුද්දමින් එකට ඇමිණී පැවතීමත් එකී සිතිවිළි දාමය ඉපදවීමේ ශක්තිය ප‍්‍රබන්ධකරුවා යොදාගත යුතුය. එය කියවන්නාගේ මනෝභාවයන් පුබුදු කිරීමේ සමත්විය යුතුය. එකී භාෂාව භාවිතාකළ අවස්ථාවක් ලෙසින් ප‍්‍රභානී නවකතාවේ ප‍්‍රභානිගේ සිතිවිලි පරපුර දැක්වීමේදී සංකේතවත් භාෂාවකින් පැවසේ. ඇගේ සිතෙහි ‘‘ නිරුවත් ප‍්‍රතිමාවක් ’’ගමන් කිරීම වනාහී මානසිකත්වයේ සංකේතයකි. එනම් ප‍්‍රභානිගේ ඉටුනොවන අශයන් එවා සපුරාගැනීමට නොහැකි නිසාවෙන් සිතේ ඇතිවන ගැටුම්කාරී ස්වභාවය පිළිබ`දව දක්වන අවස්ථාවකී. ඇතැම් විටෙකදී මෙම විඥානධාරා රීතියෙහි මානසික ප‍්‍රවාහයක් සිය චරිතයේම කථනය මාර්ගයෙන් දැක්වීමද සිදුකරලයි. එය වනාහී මනෝවිi නවකතාවේ අභ්‍යන්තර මනෝභාෂණය යොදාගත් අවස්ථාවන්ය. චුම්භන කන්ද නවකතාවේ පොඞ්සිංහයාගේ චරිතයේ දැක්වෙන මානසිකත්වය එකී අභ්‍යන්තර කථනය මාර්ගයෙන් දැක්වීමේ ස්වභාවය පිළිබ`දව විමසිය හැකිය. ඔහු සිය ජීවිතය වනයේ තනිව ගෙවන අතර වරෙකදී නොව විවිධ අවස්ථාවන්හිදී මානසිකව සිය චරිතයේම අභ්‍යන්තරයසතු මානසික ගතීන් විවරණය කිරීම දැක්විය හැකිය. එය වරෙක ඔහු ස්ත‍්‍රියක් සම`ග රමණයේ යෙදීමෙන් පසුව ඇතිවූ මානසික ගැටුම හමුවේ දැකිය හැකිය. ඒ අනුව භාෂාව වනාහී මනුෂ්‍යාගේ ස්මෘතිවල ප‍්‍රිය හා අප‍්‍රිය භාවයක්ද ඇත. මනුෂ්‍යාගේ විවිධ අත්දැකීම් හා වෙළී පවත්නා දෙයකි. ඔහුගේ ස්මෘති සන්තානයට භාෂාව ඈදෙන්නේ මේ අත්දැකීම හා සම`ගය.’’ එබැවින් මෙහිදී විඥානධාරා නවකතාවේ භාෂාභාවිතය පිළිබ`දව කිසියම් ආකාරයේ වැදගත්භාවයක් පිළිබ`දව විමසිය හැකිය. ඒ අනුව භාෂාවේ සංකේත හා රිද්ම මෙන්ම රූපක ආදිය වැඩියෙන් භාවිතා කරනුයේ මෙම නවකතාවන්හිදීය. එය වනාහී සත්‍යකාම නවකතාවේදී සත්‍යකාමගේ චරිතයේ මානසිකත්වය දැක්වීමේදී පැහැදිළි වේ. ඔහු සොයන්නාවූ සත්‍යපේ‍්‍රමයේ මායාව බි`දිමින් වරින්වර මානසිකත්වයේ ඇතිවන පෙරළිය ඔස්සේ දැකියහැකිය. ඒ අනුව ‘‘උකුස්සා හා කුරුල්ලා’’ ලෙසින් සත්‍යකාමගේමානසිකත්වය රාගීකත්වයෙන් පලාගොස් වරෙක එය රාගීකත්වයෙන් ස්ඵර්ශකිරීම දක්වනුයේ එකී උපමා රූපක භාවිතා කරමින්ය. ඒ උකුස්සාගේ හා කුරුල්ලාගේ ජීවිත සටනේදී ඇතිවන ගැටුම තුළින් සත්‍යකාමගේ මානසිකත්වය නවකතාකාරිය චරිතයේම අභ්‍යන්තරය විනිවිද යනපරිද්දෙන් දක්වන්නීය. තවත් මනෝවිiා නවකතාවේ චරිතයක මානසිකප‍්‍රවාහය දැක්වීමේ ක‍්‍රමයක් ලෙසින් සිහිනමය බස්වහරක් යොදාගැනීමයි. එ තුළින් චරිතයේ මානසිකත්වය හා ආකල්ප වේදනාදිය මානසිකව ඔහුගේ සිහිනයක ආකාරයෙන් දැක්වීමය. මෙය වනාහී කෙලෙස් පර්වත නවක’තාවේ උපතිස්සගේ චරිතයෙන් දැකිය හැකිය. ඔහුගේ පෙරභවයේ අ`දුරු ආභ්‍යන්තරික මතකයන් මේ ආත්මයේදී යළි සිහියට නැංවීම වනාහී ඇතැම් අවස්ථාවෙකදී සිහිනමය භාෂාවකින් දක්වන බව කිව හැකිය. වරෙක ඔහු වැරහැළි ඇ`දගත් ගැහැණියකගේ දැක්මෙන් මේ භවයේ සුභාගේ ජීවිතයේ ඇතිවූ අවුල් සහගත තත්වයක් දකියි. තවද උපතිස්සගේ සිත ඉටුකළයුතු මෙහෙවර පිළිබ`දව සිහිනයක ආකාරයෙන් දකියි. ඒ වනාහී සෝමාගේ සංසාරික බන්ධනය සිහිනමය බස්වහරක් ඔස්සේ දකින අවස්ථාවන්ය. ප‍්‍රභානී නවකතාවේ ප‍්‍රභානිගේ චරිතයේ අවිඥානීයව ඉටුනොවූ කඩවූ ඉච්ඡුාවන් සිහිනමය බස්වහරකින් දක්වන අවස්ථාවකී. මෙහිදී චිත‍්‍රදකිනුයේ මනසින් මෙන්ම වචන ම`ගින් පෙන්වාදීමේදී රූප දකිනුයේ මනසින්ය. ඒ නිසාවෙන් මානසිකත්වය යනු සාහිත්‍ය රචනයක විශේෂයෙන් මනෝවිiාත්මක නවකතාවේ මෙලෙසින් මනසේ ඇතිකරණ භාෂාත්මක සංකල්පයන්මය. සිව්වන පිච්ෙඡ්දය මනෝවිශ්ලේෂණීය කාරණාවන් පිළිබ`දව තවදුරටත් විමසිය හැකිය. එහිදී මිනිස් මනසේ ප‍්‍රබලම චෛතන්‍ය අංශය නියෝජනය කරන්නාවූ අවිඥානය (මබජදබිසදමි* ඔස්සේද මානසික කාරණාවන් දැක්විය හැකිය. මෙම මනසේ ස්ථරය වනාහී සිග්මන් ෆ්‍රොයිඞ් දක්වනුයේ මනසේ දහයෙන් නවයක්ම පවතින බවය. ඒ අනුව මිනිසාගේ යටපත්වූ ප‍්‍රාර්ථනා, ආශාවන්, හැ`ගීම් පේ‍්‍රරණ හා චිත්වේගයන් විඥානධාරා නවකතාකරුවා දක්වනුයේ සිය පාත‍්‍රවර්ගයා හරහාය. බටුවන්ගල රාහුල හිමියන්ගේ ප‍්‍රභානි නවකතාවේ ප‍්‍රභානී වනාහී විටෙක සැමියාව බැලීමට රෝහලට පවා යාමේදී ඇගේ මානසිකත්වය තුළ ඇතිවූ ගැටුම්කාරී භාවය වනාහි විඥානයේ ඇතිවූ සංකීර්ණ චෛතසික සමුදාය පෙන්වන අවස්ථාවක්ය. ඇ`දියයුතු ඇ`දුම පවා තීරණය කිරීමට නොහැකි වනුයේ ඇගේ සිත අශෝක්ගේ මතකය, හා රෝගී සැමියාත් , කඩවූ ඉච්ඡුාවන් පිළිබ`දව අවිඥානය විසින් ඇගේ සිත ගැටුමකට ලක්කරන නිසාය. ඒ අනුව අවිඥානය සතු මානසික ප‍්‍රවාහය වනාහි ඇගේ සංකීර්ණත්වය දක්වන චරිතයක් ලෙසින් නවකතා රචකයා දක්වන නිසාය. අවිඥානීය ගූඪමානසිකත්වය පිළිබ`දව හෙන්රිජෙම්ස් සිය නවකතාකලාවේ (එයැ ්රඑ දෙ සෙජඑසදබ* ස`දහන්කරනුයේ අනුභූතිය කිසිවිටෙක සම්පූර්ණ නොවන දැවැන්ත වින්දන බලයක් ලෙසින්ය. ස්වයංජාත නවකතාවේ පබ්ලිනාහාමිනේගේ චරිතයේ දැකියහැක්කේ අවිඥානය මාර්ගයෙන් ඇතිවූ මානසික බන්ධනයක මානසික ප‍්‍රවාහයකි. එහි ප‍්‍රබලත්වය වනාහී කෙතරම්දයත් ඇයට උපදින දරුවාගේ හැඩරුවපවා එම හිමියන්ගේ ස්වරූපය ගැනීමය. ඒ අනුව මනෝවිiාත්මක නවකතාවේ (චිහජයදකදටසජ්ක* සෞන්දර්ය ප‍්‍රකෝපකොට ඥානමය පරිමාව සංකීර්ණ කිරීමක් සිදුකරලයි. අවිඥානයේ ප‍්‍රබලත්වය දැක්වීමේ තවත් නිදසුනක් ලෙසින් සුමිත‍්‍රාරාහුබද්ධගේ කන්දක්සේමා නවකතාවේ නූපාගේ චරිතය ගතහැකිය. ඇයගේ විවාහය මසායාසාන් සම`ගින් සිදුවුවද මානසිකව එය අසම්පූර්ණ වන්නේ ඇය පැතූ කිසිවක් එකී විවාහයෙන් ඉටුනොවීම නිසාවෙන්ය. එවන් ඉච්ඡුාකඩවීම් නිසාවෙන් ඇය සිය මානසිකත්වය සහනයට පත්කරගැනීම වනාහී සිහිනමය පෙම්බරාගේ මතකයක් තූළින්ය. ඒ අවස්ථාවයනු ඇගේ අවිඥානීය මානසිකත්වයේ ගතිකත්වය දැක්වූ අවස්ථාවක්ය. ඒ අනුව නූපාගේ ජීවිතයේ අවිඥානීයව යොමුවූ සංරක්ෂණෝපයෝගයක් ලෙසින් දැක්විය හැකිය. මෙම නවකතාවේ සානරය (ටැබැරුි* තුළ නූපාගේ ආත්මයේ පතන ජීවිත පරිපූර්ණත්වය පලායන ආවේග, අනන්තවූ හැ`ගීම් හා සිතිවිළි මෙකී අවිඥානීය අන්තර්භාෂණය ඔස්සේ දක්වනබව කිවහැකි නොවේද. නූතන සිංහල නවකතාවේ තවදුරටත් කැපීනෙනෙ මානසික සංකල්පයන් ලෙසින් තද්භාවය හා අහංභාවය දර්ශාස්වාසය වැනි මනෝගතීන් දක්වන චරිත පාදකකොට ගන්නා ආකාරය කිවහැකිය. ඒ අනුව ඉඞ් යනු මිනිසාගේ මූලික සහජාසයන් තෘප්තිමත් කරලීමේ චෛතන්‍ය අංශයයි. ඒ අනුව පබාවතියගේ චරිතයේ විභූතිරත්නවෙත ඇති ආදරය නිසාවෙන් තද්භාවය හා අහංභාවය අතරගැටුම ඇතිවේ. එනම් වෙනත් විවාහයක් නොකරගැනීමත්, විභූතිරත්නවෙත ඇති ආදරය නිසාත් මෙම මානසික ගැටුම ඇතිකරවන්නේය. චුම්භනකන්ද නවකතාවේ පොඞ්සිංහයාද මෙවන් මානසිකත්වයක විටෙකදී නිමග්නවේ. එනම් ඔහු වනයේදී රමණය කළස්ත‍්‍රීය පිළිබ`දවත් එකී ක‍්‍රීයාව නිසාවෙන් නැවත සිතින් වදවි`දීමේ ස්වභාවය යනු ඒ අවස්ථාවය. ඒ මූලික සහජාසයන් තෘප්තිමත් කරලීමේ තද්භාවය ඔස්සේ සිතමෙහෙයවූ පසුව එය නැවත අහංභාවය මාර්ගයෙන් ඔහුවිසින්ම ගුණාගුන විනිශ්චයකට පෙළඹිමය. ඒ සුපර්ඊගෝ හෙවත් (ඍැ්කසඑහ චරසබජසචකැ* සද්භාවී චින්තනයේ ඔස්සේ පුද්ගලයාගේ මානසික ගැටුම ඇතිවන නිසාවෙන්ය. මනෝවිiා නවකතාවේ දර්ශාස්වාදය යනු තවත් චරිතයක මනෝභාවය දක්වන්නාවූ කාරණාවකි. මෙහිදී මනෝවිශ්ලෙෂණවාදයට අනුව දර්ශාස්වාදය (ඩදහැමරසිප* යනු උත්රාත්මය විසින් සහජාසයන් අවොර්ධනය කිරීමේ ස්ත‍්‍රී පුරුෂ ශරීර නරඹා සංතෘප්තවීමේ අපගාමී චර්යාවක් ලෙසින් හැ`දින්වේ. මෙවන් අවස්ථාවක් ලෙසින් ස්වයංජාත නවකතාවේ පබිලිනා හාමිනේගේ චරිතයෙන් දැකියහැකිය. එනම් ඇය විරූපී යක්කුටිගල හිමියන්ගේ ශරීරය දැකීමෙන් කිසියම් ආකාරයේ සංතෘප්තියක් ලැබුවායැයි පෙනේ. ඇය එමතෙරුන්ගේ සිනහව පිළිබ`දව ඇතිවන බැ`දීම වනාහී මෙම දර්ශාස්වාදය මතුකරන්නාවු අවස්ථාවක් ලෙසින් නවකතාකරුවා දක්වයි. මේ ලෙසින්ම ප‍්‍රභානී නවකතාවේ ප‍්‍රභානි වනාහී එවන් දර්ශාස්වාදයකින් පෙළුණු කාන්තාවකී. අශෝක්ගේ කායික ඉන්ද්‍රීයයන් දැකීමෙන් ඇතැම්විටෙක ඇය මානසිකව තෘප්තියක් ලැබීමය. මනෝවිiා නවකතාවේ වැඩියෙන්ම කතාකරන්නාවූ මිනිස් මානසිකත්වය රාගය පදනම්වූ තත්වයන්ය. මෙය වනාහී මනෝවිශ්ලේෂණවාදයේ පියාවන සිග්මන්ෆ්‍රොයිඞ් දක්වනුයේ මිනිසාගේ ප‍්‍රබලතම මානසික අංශයක් ලෙසින්ය. ඔහු කොටස් තුනකින් එකී පුද්ගල රාගීකත්වය දක්වයි. 01* රාගය හෙවත් කාමාසාව (ඛසඉසාද ෂබිඑසබජඑ* 02* ආත්ම ආරක්ෂාව හෙවත් භව ආසය (ෑටද ෂබිඑසබජඑ* 03* විනාශකාරීත්වය හෙවත් විභව ආශය (ෘැ්එය ෂබිඑසබජඑ* ලෙසින්ය. එබැවින් මෙකී තත්වය වනාහී මනෝවිද්‍යාත්මක නවකතාවේ චරිතයනගේ මාර්ගයෙන් දැක්වීමේදී විශේෂයෙන් වැදගත්කමක් ගනී. ප‍්‍රභානී නවකතාවේ දැක්වෙන ආකාරයට ඇගේ රාගීකත්වය නිසාවෙන් මානසිකව විටින් විට ඇයගේ ගැටුමකට ලක්වනබව පෙනේ. ඇය සියනිවසේ සිටියදී හා වාහනය පදවනවිටදීද, අශෝකව දකිනවිටදීද එවන් රාගීකත්වය සතු සිතිවිළි පහළවන ආකාරය නවකතාකරුවා දක්වයි. .එහිදී ස්වරූපරාගය හෙවත් ආත්කාම ආශක්තිය (බ්රුිිප* පදනම් වූවායැයි කිවහැකිය. චුම්භනකන්ද නවකතාවේ පොඞ්සිංහයාව දැකීමෙන් පසුව නින්දනොයාමත් සිය අසුන පවා වෙනස්කිරීමට ඇතිවූ මානසිකත්වය වනාහී ඔහුගේ එකී රාගී අවස්ථාව වර්ධනයවූ අවස්ථාවක් වන අතර එයම භවාසාව ලෙසින්ද පරිවර්තනයට පත්වීමේ ආකරය චරිතයෙන් දැකිය හැකිය. එනම් ස්ත‍්‍රීත්වය පුරුෂත්වය පිළිබ`දව ධ‍්‍රෑවීකරණය හමුවේ විඥානධාරා නවකතාකරුවාගේ සංකීර්ණ පරිකල්පනාත්මක අභ්‍යන්තරික සිතුවම්ද අභ්‍යන්තරික සිතුවම්ද විකාශනය කරන බව කිවහැකි නොවේද. මෙය විටෙක සාහිත්‍යකරුවෙකුගේ අන්තර්ගතය පෙන්වන අවස්ථාවකී. ඔහුගේ අධ්‍යාත්මයද එඛී කෘතියතුළ ර`දාපැවතීමත් ඒ හා අදෘෂ්‍යමාන අන්තර්ග‍්‍රහනය කරන ජීවිත පරිඥානයද නෙ තිබීමය. මනෝවිiා නවකතාවේද මෙකී දෘශ්ටිය ප‍්‍රකාශනය වේ. එය වනාහී මනෝරථ වලින් පෙන්වන අවස්තාවකී. කන්දක්සේමා නවකතාවේ නූපාගේ චරිතය වනාහී රාගීකත්වය දැක්වීමේ ක‍්‍රියාවලිය අතර දැකියහැකි කිසියම් පදනමක් ඔස්සේ දැකියහැකිය. ඇය එහි ජීවත්වන ආකාරයට විවිධ අවස්ථාවල ලිංගිකාස්වාදය ලබන්නාවූ තැනැත්තියකි. එහි ප‍්‍රතිඵලක් ලෙසින් ඇගේ දරුගැබ විනාශකිරීමේ මානසිකත්වය වනාහී සැබවින්ම සංරක්ෂණප‍්‍රයෝගයක් වුවද ස්වඝාතන ආවෙගයක් (ාැෙැබජැ ඵැජය්බසිප* පදනම්වූ මානසික අවස්ථාවකී. ඒ අවස්ථාව වනාහී ඇගේ භවආශය ඉක්මවාගෙන විභව ආශය (ෘැ්එය ෂබිඑසබජඑ* ක‍්‍රියාත්මකවූ අවස්ථාවක් ලෙසින් හ`දුනාගත හැකිය. කළු නවකතාවේද මෙකී අවස්ථාවක් ලෙසින්ම දැකියහැකිය. ඇගේ විවාහය, පේ‍්‍රමය, දරුගැබ විනාශවීම, ලිංගිකදිවියේ ඇති අසම්පූර්ණත්වය නොලද තැනැත්තියකි. ඒ අවස්ථාවන් වනාහී සැබවින්ම ස්වකීය කාරණාවන් පිළිබ`දව රාගය, භවාසාව හා ස්වඝාතන ආවේගය පදනම් වූ කාරණාවන් වශයෙන් දැක්විය හැකිය. තවදුරටත් මනෝවිiාත්මක නවකතාවේ සිහිනවිශ්ලේෂණය (ෘරු්ප ්බ්කසිසි* වනාහී සිය කාල්පනික චරිතයන්ගේ මාර්ගයෙන් දැක්වීම වනාහී් තවත් එකී අවස්ථාවකී. ප‍්‍රභානි නවකතාවේ ප‍්‍රභානිගේ චරිතය වනාහී ආශයන්ගේ තෘප්තිමත් නොවීමේ හේතුව නිසාවෙන් එකී මානසික තත්වයන් සිහිනමය විශ්ලේෂණයෙන් දැක්වීම වනාහී එකී තත්වය දැක්වීමේ තවත් අවස්ථාවකී. එසේම කෙලෙස්පර්වත නවකතාවේ උපතිස්සගේ චරිතය පෙරභවයේ මතකශේෂයන් හමුවේ සිහිපත්වීම වනාහී සිහිනමය විශ්ලේෂණය මාර්ගයෙන් පෙන්වන ආකාරය නොවේද. එම සිහිනයන් වනාහී ඔහුගේ චරිතයේ සංකේත, රිද්ම, රූපක යන මානසික සංකීර්ණ අදහස් මාර්ගයෙන් දැක්වීම වනාහී එවන් අවස්ථාවක් ලෙසින් දැකිය හැකිය. මෙය කුන්දේරා කියනුයේ සිහිනය වනාහී නවකතාවේ චින්තනයට බයනැතිව කඩාවැදීමට, හැකිබවත්, සිහිනය හා යථාර්ථය එකිනෙකට ඇදබැ`දතබන ආඛ්‍යානයක් ලෙසින් ගැනියහැකි බවය.’’ කෙසේහෝ යුරෝපයේ බිහිවීගිය මෙකී මනෝවිද්‍යාත්මක නවකතාව ලාංකීය නවකතාකරුවාද දක්සලෙස අතික‍්‍රමණය කරඇතිබව කිවහැකිය. ඒ අනුව මනෝවිiා සංදර්භයක දිවෙන නවකතාවන් ලෙසින් කෙලෙස් පර්වත, ස්වයංජාත, කළු, සත්‍යකාම, ප‍්‍රභානි, චුම්භනකන්ද කන්දක්සේමා යන නවකතාවන් කිසියම් ආකාරයේ දැක්මක් ඇතිව විචාරයට ලක්කළ හැකිබව කිවහැකිය. සාහිත්‍යයේ ප‍්‍රබල අනුභූතියක් නිර්මාණය කිරීමෙහිලාත් ජනතාහැ`ගීම්වල ව්‍යූහය (ීඑරමජඑමරු දෙ ත්‍ැැකසබටි* යම් අයුරකින් විවරණය කිරීමෙහිලා හැකියාව ඇතිබව කිවහැකිය. මෙය වනාහී සාහිත්‍යකථිකාවත තුළ පශ්චාත්නූතනවාදය ඔස්සේ පුද්ගලත්වය සෙවීමේ ගැටළුව විවරණය කිරීමේ අවස්ථාව පදනම්ව ඇතිවූවකී. එබැවින් මෙම මනෝවිද්‍යාත්මක පසුබිම වනාහී විවාදාපන්න කථිකාවතක් දක්වන්නාවූ අවස්ථාවකී. කෙසේ සමස්ථසාහිත්‍යයක අපේක්ෂිත ධර්මතාවන් අතර මනෝවිශ්ලේෂණීය නවකතාවද මෙකී සමස්ථ සාහිත්‍ය අභිමතාර්ථයන් සපුරාගන්නා බවකිවහැකිය. 01* සාහිත්‍යකෘතියකින් මිනිසාගේ අර්ථසිද්ධියට ඉවහල්වන යථාර්ථය ගවේෂණයක් කළ යුතුය. 02* මානව දයාව සාහිත්‍යකෘතියක අනිවාර්ය ගුණය වියයුතුය. 03* සාහිත්‍යකෘතිය මිනිසාගේ සමාජයේ ආධ්‍යාත්මික පක්ෂය පෝෂණය කළයුතුය. 04* සාහිත්‍යකෘතිය සනාතන හා විශ්වසාධාරණ එකක් විය යුතුය. 05* සාහිත්‍යකෘතිය මිනිසාගේ භාවමය හා ඥානමය සම්පත් පුළුල්කළ යුතුය. කෙසේ හෝ අප මෙහිදී මෙතෙක් විමසූ කාරණාවනට අනුව සාහිත්‍යයක කිසියම් ආකාරයේ වැදගත්වූ ප‍්‍රවණතාවයක් බව කිවහැකිය. එය වනාහී ලාංකීය නවකතාවේ දැක්නෙ ආකාරයට මනෝවිශ්ලේෂණීය නවකතාවේ නිම්වළලූ පුළුල්වීමෙන් ඇතිවු වැදගත්වූ කාරණාවක් ලෙසින් දැක්විය හැකිය. මේ අනුව ලාංකීය නවකතාවේ මෑතක ලියැවෙන නවකතාවන්හී මනෝවිiාත්මක පක්ෂයෙහිලා සැළකියහැකි බව කිවහැකිය.    

No comments: