Wednesday, December 11, 2013
මනෝවිශ්ලේෂණවාදය.
පළමු පරිච්ජේදය.
01. මනෝවිශ්ලේෂණවාදය.
මිනිස් මනස පදනම් කොටගත් අධ්‍යයන ක්‍ෂේත‍්‍රය මෙනමින් හැඳින්වේ. මෙම න්‍යාය ඉදිරිපත් කරණ ලද්දේ සිග්මන් ෆ්‍රොයිඞ් විසින්ය. පසුව ඇඞ්ලර් හා කාල්යුංග් යන අනුගාමිකයන්ද යම් යම් සංශෝධන ඉදිරිපත් කරන ලදී. මෙම විශ්ලේෂණවාදයේ විකාශනය මූලික සංකල්ප හතරක් ඔස්සේ දැක්විය හැකිය. (01* මනසේ ස්ථර (ඛැඩැි දෙ ඵසබා* (02* පෞරුෂ ව්‍යුහ (ීඑර්යජමරි දෙ චැරිදබ්කසඑහ* (03* මනෝලිංගික සංවර්ධනය (චිහජයදිැංම්ක ෘැඩදකදචපැබඑ ීඒටැි* (04* සංරක්ෂණ ප‍්‍රයෝග (ෘැෙැබජැ ඵැජය්බසිප* යනු ඒවාය. ෆ්‍රොයිඞ්ගේ අවිඥානය පිළිගනු ලබන මනෝවිද්‍යා න්‍යායේ උපක්‍ෂේත‍්‍රයක් වන අධි මනෝවිද්‍යාව තුළ කතා බහට ලක් වන මාතෘකාවක් ලෙස පෙන්වාදිය හැකිය. එයට හේතු එය මිනිස් මනස පිළිබඳ සාමාන්‍ය නියමයක් පමණක් එමඟින් ඉදිරිපත් වන නිසාය. විල්හෙල්ම් වුන්ඞ්ගේ සම්පරික්‍ෂණාත්මක මනෝවිද්‍යාවට විපක්‍ෂව ආනුභාවික (නිරික්‍ෂණයන් සහ පරික්‍ෂණයන් පාදක කරගනිමින් දැනුම එකරැුස් කරන මනෝවිද්‍යාවක් බිහි කිරිමට වියානා විශ්වවිද්‍යාලයේ ප‍්‍රාන්ස් බ්‍රොන්ටානෝ විසින් උත්සාහ දරන ලද අතර ඔහුගේ මතවාදමය දායකත්වය ෆ්‍රෝයිඞ්ගේ මනෝවිශ්ලේෂණවාදය බිහිවිිමට මුලිකවම ඉවහල් විය. සූර්ය කේන්ද්‍රවාදය පරිණාමවාදය ලොවට ඉදිරිපත් වීමත් සමඟ ලෝ වැසියන් විමතියට හා එම සංකල්පනාවන් ප‍්‍රතික්‍ෂේප කිීමට පෙළඔුනාහ. එසේම මනෝවිශ්ලේෂණවාදයේ බිහිවීමත් සමඟ දැකගතහැකිවූ පොදු තත්වයක් වූයේ එහි බිහිවීමම මනෝවිද්‍යාවේ විප්ලවීය වෙනසක් සිදුකළ බවයි. එයට හේතු ගණනාවකි. එහි අන්තර්ගත සංකල්පයන් වඩා විවාද සම්පන්න නවමු මාතෘකාවන් වීම. ෆ්‍රොයිඞ්ගේ මනෝවිශ්ලේෂණවාදය පසුකාලීනව වෙනත් විෂය අන්තර්ගතයන් සමඟ අත්වැල් බැඳගැනිමට සමත්විය. එමඟින් එම විෂයයන් පෝෂණයට මනෝවිශ්ලේෂණවාදයේ පිහිට ඉවහල් විය. විශේෂයෙන්ම කලාව තුළ ෆ්‍රොඞ්ගේ සංකල්ප අතිශයින්ම ජනප‍්‍රියය. මනෝවිශ්ලේෂණවාදය බිහිවීමට ප‍්‍රථම මනෝවිද්‍යාවේ සැලකෙන කේෂේත‍්‍රය විධික‍්‍රමය වස්තුවිෂය ආදීය ෆ්‍රොයිඞ් අතින් වෙනසකට ලක්වුණු නිසාය. උදා- ව්‍යූහවාදීන් කාර්යබද්ධවාදීන් මනෝවිද්‍යාවතුල පර්යේෂණයට ලක්කරණ සාමාන්‍ය වැඩිහිට් මනස්ගැනය. එහෙත් ප්‍රොයිඞ් ළමා මනසගැන වැඩි වැදගත්කමක් ඉස්මතුකොට වැඞ්හිටි මනසේ ස්වභාවය තීරණය වීමට ළමා කාලයේ මුහුණ දුන් අත්දැක’ම් වැදගත් බව පෙන්වා දෙන ලදි.
එසේම මනෝවිශ්ලේෂණවාදය බිහිවීමට ප‍්‍රථම මනෝවිද්‍යාවේ ප‍්‍රධාන මාතෘකාව වුයේ විඥානය පිළිබඳව විමසීමයි. එහෙත් ෆ්‍රෝයිඞ් සාමාන්‍ය මනස සමඟ ක‍්‍රියාත්මක වන මනසේ අසාමාන්‍ය පාර්ශවයක් වන අවිඥානය පිළිබඳව අධ්‍යනයන් ඉස්මතු කරන ලදි. ආනුභාවික මනෝවිද්‍යාවෙන් බැහැරව මිනිස් මනස සායනකි ප‍්‍රවේශයක් යටතේ අධ්‍යනය කිරිමට ගත් උත්සාහයයි. මානසික රෝගින්ට වඩා සාර්ථක හා සඵලදාය’ ප‍්‍රතිකාර ක‍්‍රමවෙදයක් වු නිදහස් සංඝටන ක‍්‍රමවේදය හඳුන්වා ද’ම හා මානසික ආබාධ සහිත රෝග’න්ට වඩාත් මානුෂික ප‍්‍රවේශයක් යටතේ ප‍්‍රතිකාර ක‍්‍රමවෙදයන් ආරම්භ කිරීමට මූලාරම්භයක් සැපය’මයි. පොදු ජනතාව ඒ වටා ඒකරාශිවීම හා එහි යම් යම් සංකල්පනාවන් විවිධ විෂයන් තුළ සාකච්ඡුාවට ලක්වීම හා අදාළ කරගැන’මට උත්සාහ දැරීම. එසේම ඔහුගේ විප්ලවීය අදහසක් වූයේ කලා කෘති යනු සැඟවුණු ලිංගික ආශයන් සංකේතානුසාරයෙන් ඉදිරිපත් කරන්නක් බවයි. එය උත්කර්ෂණය නමැති සංරක්‍ෂණ ප‍්‍රයෝගය මඟින් ෆ්‍රෝය’ඞ් පැහැදිළි කරනලදි. ස්නායු මනෝවිද්‍යාව මනෝචිකිත්සාව සේම මොළය පිළිබඳ ආද’ අධ්‍යයන ක්‍ෂේත‍්‍ර පිළිබඳ ෆ්‍රොයිඞ් තුළ ඉහල දැනුමක් තිබුණි. ප‍්‍රංශ ස්නායු වෛද්‍යවරයෙකු වු ජින් චාර්කෝ විසින් හිස්ට’රියාව නැමැති මායා රෝගයට පිළියම් සෙවීමට උත්සාහ දරන ලද අතර එහි ආභාසය ෆ්‍රෝයිඞ්ට ලැබුණි. ෆ්‍රෝයිඞ් හිස්ට’රියා රෝගයට සෙවූ පිළියම්වල ප‍්‍රතිඵලයක් ලෙස මනෝවිශ්ලේෂණවාදය බිහිවීමේ පසුබිම වර්ධනය විය. මනෝවිශ්ලේශණවාදයට පසුබිම් සකස්ව’මට ජෝසප් බ්රූවර් නම් වෛද්‍යවරයා හිස්ට’රියා රෝගයෙන් පෙළුණු ඇනා ඕ නමැති කාන්තාවට කළ ප‍්‍රතිකාරයන්හි ප‍්‍රතිඵලයන්ද දායක විය. විශ්ලේෂණවාදයේ පැතිරීමට ඉතාමත් ඉහළ බලපෑමක් කළ ග‍්‍රන්ථයක් වූයේ ෆ්‍රෝයිඞ් විසින් ලියන ලද සිහින විශ්ලේශණය නම් ග‍්‍රන්ථයයි. සිහින සහ පෞරුෂය අතර සම්බන්ධයක් අතිබව ෆ්‍රෝයිඞ් විසින් පෙන්වා දෙන ලදි. සවිඥානගත ආශාවන් බාහිර සමාජයේද’ ඉටුකරගත නොහැකි වූ විට නින්දේ ද’ ඵ්වා සංකේතානුසාරයෙන් ඉටුකර ගන්නා බව ෆ්‍රොයිඞ් පෙන්වා දුනි. සිහින යනු අවිඥානගත ආශාවන් ඉටුකර ගැනීමේ ව්‍යාජ ක‍්‍රමවේදයකි. හිස්ටීරියා රෝගය හා සම්බන්ධ ප‍්‍රතිකාර ක‍්‍රමවේදයෙහිලා ෆ්‍රෝයිඞ් ඒ සඳහා මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශයක් හඳුන්වා දෙන ලදි. එහිදී මෝහන ක‍්‍රමයට වඩා රෝගියා සවිඥානික මට්ටමේ තබාගැනීමට හැකි නව ප‍්‍රතිකාර ක‍්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එය නිදහස් සංඝටනය ක‍්‍රමය ලෙස හැඳින්විය. ෆ්‍රොයිඞ් සිය සායනික වාර්තා මඟින් පෙන්වා දෙන ලද්දේ ළමා කාලයේ අත්දැක’ම් බොහෝ මානසික රෝග සඳහා ඉවහල් වන බවකි. විශේෂයෙන්ම ළමා කාලයේ ලිංගික ආශාවන්ගේ අවරෝධනය හා නියුරෝස’ය රෝග මනසේ ව්‍යූහය සමග බද්ධවන බව ෆ්‍රොයිඞ් පවසයි. තවදුරටත් ක‍්‍රියාකාරීත්වය පදනම් කර ගනිමින් විග‍්‍රහයක නිරත වන ෆ්‍රෝයිඞ් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ පුද්ගල මනස මුහුදේ පාවෙන හිම කන්දකට :ෂජැ ඉමරටැ* සමාන බවයි. සවිඥානය හෙවත් (උඩු සිත* (ජදබිජසදමි* උපවිඥානය (මැදි සිත* (චරුජදබිජසදමි* අවිඥානය හෙවත් (යටි සිත* :මබජදබිජසදමි* යනුවෙන් මනස කොටස් තුනකට බෙදා දැක් වු ෆ්‍රෝයිඞ් මේ එක් එක් ස්ථරයන්හ’ද’ අපගේ මනස ක‍්‍රියාකරන ආකාරයද වෙනස් බව පෙන්වා දෙයි.
x සවිඥානය
මෙය ක‍්‍රියාත්මක වන්නේ මේ මොහොතෙ ක‍්‍රියාත්මක වන සංජානනයත් සමඟය. එය එයටම අදාළ නීති ඔස්සේ් ක‍්‍රියාකාර’ වන අතර ද්විතීියික ක‍්‍රියාකාරිත්වයක්ද දැකිය හැක. සවිඥානය තුළ යම් මොහොතක අප සිතමින්, අත්දකිමින් සිටින සිතිවිලි හා සංජානනයන් ඇතුළත් වේ. එය තුළ මනස විසින් ස්වේච්ඡුාවෙන්ම කරන ක‍්‍රියා ඇතුළත් වේ. ෆ්‍රෝයිඞ් මනස පිළිබඳ සිය සාකච්ඡුාවේද’ එයට ලබා දෙනුයේ දෙවැනි ස්ථානයකි. ෑටද ලෙස හඳුන්වා දෙන ලදි. ෆ්‍රෝයිඞ් පෙන්වා දෙන ලද්දේ ‘‘සවිඥානයට තිබෙන රජ මාවත සිහින’’ යන්නයි. අවසාන වසයෙන් මෙම සවිඥානය මෙසේ පෙන්වාදිය හැකිය. උඩු සිත පුද්ගලයාගේ මතකයෙහි අවධානයෙහි හා සංජානනයෙහි පවතින සිතිවිලි සහ තොරතුරු මීට අයත්යැයි කිව හැකිය. තවද මෙම සවිඥානය වනාහි පුද්ගලයෙකුගේ මනසෙහි දැනට පවත්නා දෙයක් ලෙසින් දක්වයි.
x උපවිඥානය ජදබිජසදමි
මනසේ මෙම පාර්ශ්වය සවිඥානයත් අවිඥානයත් අතර ක‍්‍රියාත්මක වන තත්ත්වයකි. පූර්ණ වශයෙන් අවරෝධනයවී නොමැති අතර පූර්ණ වශයෙන් සවිඥානිකද නොවේ. සවිඥානය සහ අවිඥානය අතර සම්බන්ධ’කාරකයෙකු ලෙස ක‍්‍රියාකරයි. එසේම උපවිඥානයේ ඇති තොරතුරු සවිඥානගත කළහැකි අතර ඒ සඳහා දැඩි වෙහෙසක් ගතයුතු නැත. උපවිඥානික මට්ටම් තුළ ඇතුළත් වන්නේ වර්තමාන සිතිවිලිවලට අතුළත් නොවන මතකයන්ය. උපවිඥානයේ ස්වභාවය මෙසේ පෙන්වාදිය හැකිය. අපහසුවකින් තොරව මතකයට නැංවිය හැකි සිතිවිලි සහ තොරතුරු මීට අයත්ය.
x අවිඥානය මබජදබිජසදමි
උපවිඥානයට පහළින් අත්තේ මිනිස් මනසේ විශාලතම කොටසය. එය අවිඥානය නම් වේ, මේ තුළ ඇත්තේ අපේ සවිඥානික දැනීමෙන් තොර වු සිතිවිලි, ආශාවන් හා ආවේගයන්ය. අපගේ සාමාන්‍ය අවබෝධයෙන් අවිඥානය ¥රස්ථය. අවිඥානය ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රාථමික මූලයන් අනුවය. මේ තුළ අඩංගු වන්නේ පුද්ගලයාට ආගන්තුක ඔහුගේ සවිඥානික ක‍්‍රියාවලියට අයත් නොවන තොරතුරුය. ෆ්‍රෝයිඞ් සිය මනස පිළිබඳ සාකච්ඡුාවෙද’ මනස ෂා පාර්ශ්වය අවිඥානික ක‍්‍රියාවලිය සමඟ සම්බන්ධකරන ලද’. අවිඥානය තුළ ප‍්‍රධාන මූලයන් 02ක් පවතී. එක් කොටසක් පහසුවෙන් සවිඥානගත කළහැකිය බලාපොරොත්තු පැන්ටසීන් හා වේදනාත්මක අමිහිරි මතකයන් පැරණි ආශාවන් ආදියයි. අනෙක් කොටස නම් ලිංගික අවරෝධන ක‍්‍රියාවලිය නිසා ඇතිවන මානසික තත්වයන්ය. මෙම කොටස ඉතා වැදගත් වනඅතර අදාළ ප‍්‍රතිරෝධයන් ඉවත්කිරීමෙන් පමණක් සවිඥානගත කළ හැක. ‘‘සිහින විශ්ලේෂණය’’හා ‘‘ලිංගිකත්ව න්‍යාය පිළිබඳ රචනා තුනක් ’’ යන නමින් ෆ්‍රොයිඞ් ලියන ලද ග‍්‍රන්ථ දෙකෙන් මිනිස් අවිඥානය හා ලිංගිකත්වය අතර ඇති සම්බන්ධතාව ඉස්මතු කරන ලදි. මනසේ එක් එක් ක‍්‍රියාවලී සඳහා භාවිතා වන උපකරණ හෙවත් කොටස් ඇති බව ෆ්‍රෝයිඞ් විසින් පෙන්වා දෙන ලදි. ෆ්‍රෝයිඞ් මනසේ ව්‍යුහයන් සහ ක‍්‍රියාකිරීත්වය පැහැදිළි කරණුයේ එම කොටස් පදනම් කරගෙනය. පුද්ගල පෞරුෂ ක‍්‍රියාකරිත්වයේද’ බලපාන මූලික පෞරුෂ වයූහයන් :ඡුැරිදබ්කසඑහ ීඑරමජඑමරු* තුනක් තුනක් පෙන්වා දෙන ෆ්‍රෝයිඞ් ඒවා (ෂාල ෑටදල ීමචැර ෑටද * ලෙස නම් කරයි. එම එක් එක් පෞරුෂ ව්‍යූහය පුද්ගලයා තුළ ක‍්‍රියාත්මකවීමේද’ හා චින්තනයේද’ ක‍්‍රියාකරනුයේ එකිනෙකට වෙනස් මූලධර්ම මතය. කෙසේ හෝ අවිඥානයේ පවතින ස්වභාවය මෙසේ දැක්විය හැකිය. මනසේ නිදන්ගතව පවතින සිතුවිලි පේ‍්‍රරණ ආවේග සහ අපේක්ෂාවලින් සංයුක්ත වෙයි. සහජ පේ‍්‍රරණ කාංසාව උද්දීපනය කළ මතකයන් හා චිත්තවේගවලින් සමන්විත මෙම කොටස මනසේ විශාලතම කොටසවේ. මිනිස් හැසිරීම මෙහෙයවන මහත් බලයක් මෙහි පවති.
x දළසිත ෂා .
පෞරුෂයේ ෂා පාර්ශ්වය සම්පූර්ණයෙන්ම අවිඥානිකය. එය වහා තෘප්තිමත් වීමට උත්සාහ දරයි. අතාර්කිකය, ආවේගශ’ලිය, සුඛ වේදනා මූලධර්මය :ඡුකැ්ිමරු චරසබජසචකැ* මත ක‍්‍රියාත්මක වේ. එමඟින් අදහස් වන්නේ කෙසේ හෝ තම අවශ්‍යතාවන් තෘප්තිමත් කරගැනීමට දරන උත්සාහයයි. එබැවින් ප්‍රෝයිඞ් එය හඳුන්වන ලද්දේ ඇවිස්සී ඇති අවුල් ජාලයකින් යුත් උතුරන කල්දේරමක් ලෙසය. නැතහොත් හ’ලෑ නොකරන ලද අශ්වයකු ලෙසය. පුරුෂයාතුළ සදාචාරය පිළිබඳ හැඟ’මක් නොමැත. එසේම අප කරන යම්කිසි කාර්යක් හරිද වැරදිද යන්න සලකා බැල’මක් එහ’දි සිදු නොවේ. අවිඥානික ක‍්‍රියාවලිය පැහැදිළි කිරීම සඳහා මෙම වචනය ප්‍රෝයිඞ් භාවිතා කර ඇත. පුද්ගලයකු තුළ උපතේ සිටම දැකිය හැකි සියලූම පෞරුෂමය සහ මානසික ස්වභාව යන අංශ මෙයට අයත් වේ. එසේම එය ක‍්‍රියාත්මක වීමේද’ අපට හඳුනා ගැනීම දුෂ්කරය. අතැම් විට එහි අවිඥානික ක‍්‍රියාකාරීත්වය විවිධ මානසික,(නියුරෝස’ය* රෝග, සිහින, කට වැරදීම්, අත්වැරදිම් හරහා ඉදිරිපත් වෙයි. ෂා තුළ ජ’වන ආශය සහ මරණ ආශය ක‍්‍රියාත්මක වන අතර ෂාගේ ක‍්‍රියාකාරිත්වය ජ’වය ලබාදෙන්නේ ආශයන්ය. මෙම ජීවන ආශය ශක්තියක් වශයෙන් ඉදිරිපත් වීම ලූබ්ධිය ලෙස ෆ්‍රෝයිඞ් විසින් හඳුන්වයි. කුඩා ළමයකුගේ තොල්, ගුදය, ආශ‍්‍රිතව ලූබ්ධියමය ශක්තිය ගැබ්වී ඇති බව ෆ්‍රෝයිඞ් පෙන්වාදෙන ලදි. ලූබ්ධි ශක්තිය හිර කරගෙන සිටි විට මිනිසා ආතතියට ලක්වේ. ඒවායින් ලූබ්ධිය කෙසේ හෝ පිට කිරීමට මිනිසා උත්සාහ කරයි. ප්‍රෝයිඞ් පෙන්වා දෙන ලද්දේ මෙම පුද්ගලයා අවශ්‍යතාවන් එක් එක් ඉන්ද්‍රීයන් තෘප්තිමත් කරගැනීම හරහා සපුරා ගැනීමට උත්සාහ කරන බවකි. කෙසේ හෝ මෙම දළ සිතේ පවතින ස්වභාවය මෙසේ දැක්විය හැකිය.
01. උපතේදීම මනසේ පවතින මුල්ම හෙවත් ආරම්භක කොටසයි. එම නිසා ඉඞ් ස්වභාවයෙන්ම අපරිණත ආවේගාත්මක හා අහේතුකවාදී වන මනසේ සංචිතයයි.
02. තමා තුළ ඇතිවන අවශ්‍යතා වහා ඉටුකරගැනීම ඉඞ්ගේ අපේක්ෂාවයි.
03. පුද්ගලයාගේ අවිඥානික මනස නියෝජනය කරයි.
04. පෞරුෂයේ ඉතා බලවත්ම එමෙන්ම විශාලතම අංශය වේ.
05. සහජයේන්ම උරුමවන ඉඞ් පුද්ගලයා මෙහෙයවනු ලබන සියලූම පේ‍්‍රරණ උපත ලබන ස්ථානය වේ.
මෙම කාරණාවන් ඔස්සේ දළ සිතේ පවතින ස්වභාවය දැක්විය හැකිය.
x ෑටද
මනසේ ෂා පාර්ශ්වයේ අවශ්‍යතාවයන් සැම විටම යථාර්ථය සමඟ ක‍්‍රියාත්මක කළ නොහැකිය. එබැවින් යථාර්ථවාදී ජීවිතයෙන් අප වෙත එල්ලවන පීඩනයන්, සීමාකම් හා බාධාවන් අනුව ක‍්‍රියාකරන නව පාර්ශ්වයක් උපතින් පසු මනසේ නිර්මාණ වේ. එය ෑටද ලෙස හැදින්වේ.ෑටදගේ කාර්යභාරය වන්නේ ෂාගේ ආවේගයෙන් තෘප්තිමත් කරගැනීමට සුදුසු ඉඩ ප‍්‍රස්ථා සැකසෙන තුරු පරික්‍ෂාවෙන් සිටීමයි. සුදුසු වේලාව, සුදුසු ස්ථානය, සුදුසු අවස්ථාව පිළිබඳව සැලකිලිමත් වෙමින් ෂා ගේ අවශ්‍යතා තෘප්තිමත් කරගැන’මට ඉඩකඩ සලසා ෑටද මගින් සිදුකෙරේ. ෑටදහි ක‍්‍රියාකාරීත්වය මූලධර්මය වන්නේ යථාර්ථවාදයයි. මූලධර්මයයි ඍැ්කසඑහ ඡුරසබජසචකැ*. එබැවින් ප්‍රෝයිඞ් පෙන්වා දෙන්නේ මනසේ ෑටද පාර්ශවය යනු බාහිර පරිසරයේ කොන්දෙස’න්ට එකඟව ෂා පාර්ශවයේ අවශ්‍යතාවන් තෘප්තිමත් කරන්නා ලෙසයි තර්කනය, චින්තනය, ගැටලූ විසද’ම වැනි උසස් ප‍්‍රජානන හැකියා ෑටද මඟින් ක‍්‍රියාත්මක වේ. ෑටදහි ක‍්‍රියාකාර’ත්වය සවිඥානික මට්ටමින් ද සිදුවේ. ෑටද යනු පුද්ගලයා තමන් පිළිබඳව සාදාගන්නා අදහසය. එනම් ‘‘මම’’නමැති මානසික සංකල්පය නිර්මාණයවන්නේ ෑටද හරහාය. ෑටද වෙස්මුහුණක් ලෙස ප්‍රෝයිඞ් හදුන්වා දෙයි. ෑටදහි වර්ධනය සිදුවන්නේ මුඛ’ය අවධියෙහිද’ය. පහත් සිත හෙවත් ඊගෝ සංස්කාරය සතු ලක්ෂණයන්ගේ ස්වභාවය මෙසේ පෙන්වාදිය හැකිය.
01. මනස තුළ සංවර්ධනය වන දෙවන කොටසයි.
02. සැලසුම් කිරීම, හේතු සෙවීම, ගැටලූ විසඳීම සහ ඉඞ් පාලනය කිරීම ඊගොගේ හැකියාවන්ය. ඊගෝසතු ප‍්‍රධාන කාර්යය නම් ඉඞ්ගේ ආවේග බාහිර පරිසරයට අනුකූලව එළි දැක්වීමේ මාර්ග සැලසීමයි. ඊගෝ වඩාත් නියෝජනය කරන්නේ විඥානය සහ උපවිඤානයයි.
03. යථාර්ථ මූලධර්මය ඔස්සේ ඊගෝ කි‍්‍රයා කරයි.
04. ඉගෝ, අහංභාවය ආත්මය පහන්සිත හෙවත් උඩුසිත යන නම්වලින් හඳුන්වයි.
x ිමචැර ෑටද
අපගේ පෞරුෂයේ සදාචාරමය අංශය නියෝජනය කරනුයේ ිමචැර ෑටද විසිනි. හෘද සාක්‍ෂිය ලෙස අප හඳුන්වන්නේද මෙයමය. එසේම පුද්ගලයකූ ශිෂ්ට සම්පන්න පුද්ගලයකූ බවට පත් කරනුයේ මනසේ මෙම පාර්ශවය මඟිනි. කූඩා කාලයේ සිට දෙමාපියන්, ආගම සංස්කෘතිය, වැඩිහිටියන් තූළ ලැබෙන යහපත/අයහපත, හොඳ/නරක පිළිබඳ හැඟිම වර්ධනය වන්නේ මනසේ ිමචැර ෑටද තූළයි.ෂාගේ ආශාවන් තෘප්තිමත් කරගැනිමට ගන්නා විවධ මාර්ග හොඳ ද/නරක ද, සුදුසු ද /නුසුදුසුද යන්න පිළිබඳ ිමචැර ෑටද සලකා බලයි. එබැවින් එය සමාජ පරමාදර්ශයන්හි නියෝජිතයා ලෙස සැලකේ. ිමචැර ෑටද හි පාලන මූලධර්මය වන්නේ සදාචාරයයි. (පදර්ක සපචැර්එසඩැි* මනසේ මෙම කොටස ෑටද තූළින් වර්ධනය වන්නකි. පුද්ගලයකු කුඩා කල සිට ලබන ස්වයං නිරීක්‍ෂණය හා ස්වයං විවේචනය තුළින් මනසේ ිමචැර ෑටද කොටස වර්ධනය වෙයි. ‘‘උසස් චේතනාවන් ඇතිවන්නේ පූර්ණත්වය කරා පුද්ගලයා හසුරුවනුයේත් උපරි අහංභාවයයි. හෘදය සාක්ෂිය මඟින් පුද්ගලයාගේ කරන ක‍්‍රියා හසුරුවන අතර අහංභාවය ආදර්ශය හෙවත් අහමාදර්ශය මඟින් තමාට කවර පුද්ගලයෙකුට පත්විය යුතුද යන්න තීරණය කෙරේ.’’ උපරි අහංභාවය හෙවත් සුපර් ඊගෝ සතු විශේෂතාවය මෙසේ දැක්විය හැකිය.
01. මනසේ සංවර්ධනය වන තුන්වන කොටසයි.
02. මෙය පුද්ගලයාගේ සදාචාර අංශය නියෝජනය කරයි.
03. දරුවා සිරිත් විරිත් ඉගෙනීමට පටන් ගැනීමත් සමඟින් සුපර් ඊගෝ සංවර්ධනය ඇතිවේ.
04. සුපර් ඊගෝ මිනිස් පෞරුෂයේ ඉහළම තත්ත්වය වශයෙන් සැලකේ.
05. සුපර් ඊගෝ මානසිකත්වය බාහිර පරිසරයත් සමඟ ගැටීම මාර්ගයෙන්ද ඇතිවේ.
x මනෝලිංගික සංවර්ධනය
ෆ්‍රොයිඞ්ට අනුව පුද්ගලයකුගේ පෞරුෂ වර්ධනය වීම ආරම්භ වනුයේ කාලානුරූපවය. නැතහොත් යම් යම් විශේෂ අවධීන් පසුකිරීමෙනි. මුල් දවස් කිහිපයේ ළමයා ශරීරයේ ඔිනෑම කොටසක් හරහා ලූබ්ධි ශක්තිය පිටකරන අතර පසුව එක් එක් විශේෂීය ඉන්ද්‍රීයන් හරහා එය එළිදක්වයි. මිනිස් මනස වර්ධනය වන්නේ ළමයා එක් එක් අවධියේදී ලිංගික වශයෙන් තෘප්තිමත් වීම පදනම් කොටගෙනය. එහිදී මූලික අවධි කිහිපයකි. මුඛීය අවධිය - ළමයා තුළ මෙම අවධියෙහි කි‍්‍රියාකාරීත්වයේදී ප‍්‍රධාන වසයෙන් ස්වභාවයන් දෙකක් හදුනාගත හැකිය. එනම් උරන, අවධිය හා හපන අවධිය ලෙසය. ගුදීය අවධිය - ගුදය ආශ‍්‍රීතව මළපහ කිරීමේ ක‍්‍රියාවලිය තුළින් ලිංගික තෘප්තිය ලබාගනී. ලිංගරූප අවධිය – දරුවන් තමන්ගේ ලිංගික අවයව ආශ‍්‍රීතව අන්‍යයවීම හා එයින් ශෘංගාරයක් ලැබීමට උත්සාහ දරනු ලැබේ. මෙම අවධියේ දැකියහැකි වනුයේ ඊඞ්පස් සහ ඉලෙක්ට‍්‍රා සංකීර්ණයන්ගේ හටගැනීමයි. ගුප්ත ලිංගික අවධිය - ලිංගික උද්දීපනය යටපත් වී අධ්‍යාපන ක‍්‍රීඩා නිර්මාණශීලී ක‍්‍රියාකාරකම් මඟින් තෘප්තියක් ලබාගැනීමට උත්සාහ කරයි. ප‍්‍රජනන අවධිය – විරුද්ධ ලිංගිකයන් වෙත ආකර්ෂණය වන අවධියයි. එක් එක් අවධියේදී ළමයා තෘප්තිමත් වන ඉන්ද්‍රීය අවයවවලින් ලූබ්ධිමය ශක්තිය පිටකිරීමට නොහැකිවුවහොත් එය පසුකාලීනව පුද්ගලයාගේ පෞරුෂය තුළ දැකගත හැකි අතර එය අවිඥානය තුළ අවරෝධනය වෙයි. මෙම ක‍්‍රියාවලිය ‘‘ සංලග්න වීම’’ ලෙස හදුන්වයි.
01. මනෝවිශ්ලේෂණ ක‍්‍රමය
මනෝවිශ්ලේෂණවාදය මනෝවිද්‍යාවේම :චිහජයද්බකසිසි* එනුලබන ගුරුකුලයකි. එයින් සත්වයාගේ මනස (පසබා* පදනම් කොටගෙන යම් විශ්ලේෂණාත්මක ඉගැන්වීමක් සිදුකරයි. මෙහිදී බටහිර මනෝවිද්‍යාත්මක සිද්ධාන්ත පවා ගොඩනඟන ලද්දේ අන්තරාවලෝකනය හෙවත් අන්තරීක්ෂණය (සබඑරදිචැජඑසදබ* මෙම දිසානතිය ඔස්සේය. තමා ගැන නිසි ලෙස තේරුම් ගැනීමෙන් අනුන් ගැනද ප‍්‍රමාණවත් අවබෝධයක් ලබාගත හැක. එනම් මෙහිදී මනෝවිශ්ලේෂණවාදය ඉදිරිපත් කරනු ලබන ප‍්‍රදාන මතයන්ද කිහිපයක්ද ඇත. එහිදී විඥානයේ ඇති යථා තත්වය විඥානයට වඩා අපගේ දැනුම කියවීමට අදහස් කළේය. සිග්මන් ෆ්‍රොයිඞ් මේ හා සම්බන්ධව ප‍්‍රධාන මතවාදයන් ඉදිරිපත් කළ තැනැත්තෙකි. ඔහුගේ න්‍යායන් මානසික රෝගීන් පාදක කොටගනිමින් ගොඩනැඟුණු අතර එහි මූලධර්ම පෞරුෂය, චිත්තචේග, අභිපේ‍්‍රරණ මනස සහ මානසික ප‍්‍රතිකාර වැනි මංපෙත් ඔස්සේ ව්‍යාප්ත විය. එබැවින් එහි ක‍්‍රමය අනිත් මනෝවිද්‍යාගුරුකුලවලට වඩ වෙනස් වේ. මෙම ක‍්‍රමය ඔහු විසින් චර්යා ගැටලූව විසඳීම සදහා වූ ( චිහජයද්බකහඑසජ පැඑයදා දෙර එයැ ිදමඑමඑසදබ දෙ එයැ ඉැය්ඩසදරි චරදඉකැපි* යනුවෙන් වෙනස් වූවකි. මනෝවිශ්ලේෂණ ක‍්‍රමය වශයෙන් මෙහිදී හඳුන්වනුයේ මෙයයි.
01. නිදහස් සංඝට්ටනක‍්‍රම
මේ ක‍්‍රමය මඟින් ගැටළු ඇති පුද්ගලයාට තම මනසට එන ඕනෑම කාරනාවක් ඉන් ඇතිවන හිතකර අහිතකර බලපෑම් වලින් තොරව නිදහසේ ප‍්‍රකාශ කිරීමට අවස්ථාව සලසනු ලැබේ.
02 ස්වප්න විශ්ලේෂණය
ප‍්‍රකෘති ජිවිතයේ යටපත් කරගන්නා ආශා කැමැත්ත සිහින පිළිබඳ විශ්ලේෂණය අවිඥානය අපට හෙළිකරන අපගාමි චර්යා දැනගත හැකිය.
03 දෛනික මනෝව්‍යාධිවේදී විශ්ලේෂණය
යටපත් වු ආශාවන් හා අත්දැකිම් සම්බන්ධ අවිඥානය දක්වා මනෝව්‍යාධිවේදය තුළින් තේරුම් ගැනීම පහසුවේ. මේ ලෙසින් මනෝවිශ්ලේෂණවාදයේ සඳහන් වන ආකාරයට ප‍්‍රධානත්වයක් ගන්නේය.
02මනෝවිශ්ලේෂණවාද’ ගූරුකූලය
මනෝවිශ්ලේෂණවාදයේ ආරම්භකයා වනුයේ සිග්මන් ෆ්‍රෝයිඞ්ය මෙම ගුරු කුලය සැම දෙනා අතරම ප‍්‍රකටය මනෝවිද්‍යාවේ බිහිවීමත් හා සමගාමීව චර්යාවාදය ගෙස්ටෝල් වාදය ආදිය ව්‍යාප්ත විය. එහිදි මෙම න්‍යායට ප‍්‍රධාන තැනක් හිමිවිය. එය මනෝවිද්‍යාව ලෙසින් 1920 ගණන්වලද’ ව්‍යාප්තියට පත්විය. (එය්එ සෙකා දෙ නබදඅකැාටැ සි නබදඅබ ්ි ච ිහජයද්බ ්කහිසි ාැඩැකදච ැා ඉහ ිසප්බා රෙැමා සබ ක්එැ බසබ ැඑ ැැබඑය- ජැබඑමරහ ඩසැබබ්ල ්බා සඑ සි රෙැමාි ාදජඑරසබැි එය්එ ෂ බදඅ අ්බඑ ඉරසැඑකහ එද ිමපප්රස‘ැ* මෙලසින් බිහිවන මනෝවිශ්ලේෂණවාදය ඔහුගේ අනුග‍්‍රහයෙන්ද ස්වක’ය මතවාදයන් ඔස්සේ මෙම වර්ධනය ව්‍යාප්ත කළේය. එහිද’ කවෙල්යුං හා ඇල්ෆ‍්‍රඞ් ඇඞ්ලර් ඒ අතරින් ප‍්‍රධානය තැනක් ගනී. කාල්ගේ විශ්ලේෂණ මනෝවිද්‍යාව :්බ ්කසඑසජ චිහජයදකදටහ* හා ඇඞ්ලර්ගේ පෞද්ගලික මනෝවිද්‍යාව ඤ සබාසඩසාම්ක චිහජයදකදටහ% යන මතයන් වඩා ප‍්‍රකට විය. මේ ආකාරයෙන් නූතන මනෝවිද්‍යාවේ පැතිරීගිය විවිධ ගුරුකුල ආදිය හඳුනාගැනීමට හැකිය.
03 මනසේ ව්‍යුහය පිිළිබඳ ෆ්‍රෝයිඞ්ගේ අදහස
මනස පාවෙන හිම කන්දකට සමාන කිර’ම ෆ්‍රෝයිඞ්ගේ තර්කණය විය. එසේම එය කොටස් තූනකින් යුතූ බව පෙන්වා දෙන ෆ්‍රෝයිඞ් පෞරුෂ න්‍යාය තුළ විඥානය’ උප විඥානය හා අවිඥානය ඉතා වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත. එහිදී විඥානය (ජදබිජසදමි* යනු පුද්ගලයකුගේ දැනට පවත්නා කොටසය. උඩුසිත හෙවත් උපවිඥානය (ිමඉජදබිජසදමි* තමන් දැනට නොදන්නා නමුත් අවශ්‍ය විටෙකදී මතුකොටගත හැකි දෙයකි. අවිඥානය යනු තමන් නොදැනුවත්ම තම අදහස් ගැටුම් බිඳුණු අදහස් තම සිත තුළ සැඟවී ඇති අපේක්ෂා බවයි. අවිඥානය මාර්ගයෙන් (මබජදබිජසදමි* මාර්ගයෙන් මිනිස් සිත සියයට අනූවක් පමණ ඇත්තේ සැඟවී ඇති තත්වයක්ය. මේ ආකාරයෙන් අපට මනසේ ව්‍යුහය පිළිබඳව ඔහු දක්වන කාරණාවන් ආදිය පෙන්වා දිය හැකිය.
02. නූතන විචාර වාදයන්.
01.විචාරය අර්ථකථනය.
මිනිසා අතින් නිර්මාණය වන කිසියම් නිර්මාණයක් වෙත්ද ඒ හා සමගාමීව විචාර වාදයන්ද බිහිවෙයි. එය තත් සමාජයේ නිර්මාණ කාර්යාවලියේ ප‍්‍රගමනය සඳහා අතිශයින් ඉවහල් වන්නේය. විචාරය සම්බන්ධව විචාරකයාගේ කාර්යාවලියෙහි ඇති වැදගත්කමද ඉන් ප‍්‍රකාශ වන්නේ යැයි කිව හැකිය. විචාරයක ස්වරූපය වනුයේ කෘතිය හඳුනාගෙන ඒ අනුව එහි උපාංග ගැන දැන ඊට ගැලපෙන ලෙස ගොඩනඟා ගන්නා අර්ථකථනයක් වීමය. මෙය ‘‘වී’’ පූර්ව ‘‘චර්’’ ධාතුවෙන් ගැබ්වන අර්ථයට අනුව පරික්ෂා කිරීමේ අරුත දනවයි. තවත් ලෙසකින් යමක් කිරීම යමකින් යමක් වෙන් කිරීම ලෙසින්ද හඳුනාගැනීමට හැකිය. එකී ව්‍යභිචාරාත්මක ශක්තිය ඇත්තා විචාරකයායි. මේ ඔස්සේ සාහිත්‍ය හා සම්බන්ධව විචාර කලාවක් හා විචාර ගුරුකුලයන්ද බිහිවිය. නූතන විචාරවාද විමසීමෙසීමෙහිලා විචාර ගුරුකුලයන් ද අතිශයින් වැදගත්වේ. එහිදී තිස්ස කාරියවසම් මහතා විචාරය හා සම්බන්ධව දක්වන කාරණා තුනක් මෙසේය. (01* සදාචාර විචාරකයන් (02* ෙඓතිහාසික විචාරකයෝ හා (03*නූතන විචාරකයෝ වසයෙනි. එසේම නූතන විචාර වේදීන් පවසනුයේ නිර්මාණකරුවාගේ වින්දනයම උපයෝගී කොටගෙන සහෘදයා තුළත් එවන් හැ`ගීම් ඇතිකළ යුතු බවය. එය කලාවේ කාර්යය බව පවසනුයේ ලියෝ තෝල්ස්තෝයිය.
‘‘ කලාව වූ කලී එක් අයකු සිතා මතාම යම් යම් බාහිර සළණු උපයෝගී කොටගෙන අනයයන් අසාදනය වන සේ ස්වකීය වේදිතයන් අන්‍යයන් තුළ ජනිත කරවන මානව ක‍්‍රියාවලියයි’’.
එනම් මේ අදහසට අනුව අපට පෙනී යනුයේ විචාරකයාගේ භාවාතිශය හැගීම් ආදිය නිර්මාණයන් හමුවේ පේ‍්‍රක්ෂකයාට සම්පේ‍්‍රෂණය කරන කිරීමද විචාර කලාවේ කාර්යයක් බවය. විචාරවාද පෙරදිග හා අපරදිග වසයෙන් විචාර සිද්ධාන්තයන් දෙකක් දැක්විය හැකි අතර ඒ දෙකෙහි කිිසියම් වු ආකාරයේ යම් වෙනස්කම් දැකිය හැකිය. මෙහිදී භාරතීය සාහිත්‍ය විචාර ඉදිපත් කළවුන් අතර මොවුන් ප‍්‍රධනත්වයක් ගනී.
‘‘භට්ටලෝල්ලට, ශ‍්‍රී ශංකු භට්ටනායක, අභිනවගුප්ත ප‍්‍රධානකොට ඇති දාර්ශනිකයන් නොයෙකුත් සාරගර්භ විචාරවාදයන් විශේෂයෙන් නිපද වූයෙත් කලා රසාස්වාදය සම්බන්ධ වු සියලූ තර්ක විතර්ක ආදිය පහළ කළෙත් නාටය ශාස්ත‍්‍රයේ එන ‘‘විභාවානුභාව ව්‍යභිචාරී සංයෝගාත් රසනිශ්පත්ති.’’ යන රස සූත‍්‍රය ව්‍යාඛයා කිරීමෙනි.
මේ ලෙසින් භාරතීය රසවාදයේ එනු ලබන විචාර සංකල්පයක් පිළිබඳව කිසියම් අදහසක් අපට දැකිය හැකිය. පසුකාලිනව ඉතා පුළුල් ලෙසින් පැතිරී ගියාවු විචාර වාදයක් ලෙසින් භාරතීය විචාරවාදයන් දැක්විය හැකිය. එසේම රස සූත‍්‍රයේ එන්නාවූ පෙරදිග විචාරයේදී භරතමුනි කියනුයේ ස්ථායී භාවයන් අටක් හා පහළවන රස අටක් දැකියහැකි බවය.‘‘රතිර් හාසස්ච ශෝකස්ච ක්‍රෝදොත්සාහෞ භයං යථා - ජුගුප්සා විස්මය: චේති ස්ථායී භාව ප‍්‍රකීර්තිතා’’ මෙහිදි ඔහු පෙන්වාදෙනුයේ රති හාස ශෝක ක්‍රෝධ උත්සාහ ජුගුප්සා විස්මය හා ස්ථායීභාවයන් අට විභාවාදි හා මනාව සංයෝගවීමෙන් රසයන් පහළ වේ. එබඳු රස අටක් දක්නට ලැබේ. එනම් පිළිවෙලින් ශෘංගාර, හාස්‍ය, රෞද්‍ර, වීර, භයානක, භීභත්ස, අත්භූත යන රසයන් ආදිය මේ යටතට අයත්වේ. මෙහිදී භාරතීය විචාර වාදයන් අතරින් දැකිය හැක්කේ කිසියම් විචාරකාර්යාවලියක ක‍්‍රමවේදයකි. මෙලෙසින් විචාර මාර්ගයෙහිලා රසවාදයේ ඇති උපයෝගීතාවය පැහැදිළිය. කෙසේ හෝ පෙරදිග අපරදිග යන විචාර වාදයන්හි කිසියම් සමතාවයක් දැකිය හැකි අවස්ථාත් නැතුවා නොවේ. අපරදිග විචාවාදියෙකු වන ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත‍්‍රයේ භාරතීය විචාර සංකල්පය හා සමගාමී බවක් දරයි. ‘‘රස’’ යනුවෙන් යමක් විශේෂයෙන් සඳහන් කරනුයේ ඔහුය. එසේම භාව යනුවෙන් යමක් සඳහන් නොකරන අතර ඔහු භාව විශෝධනය (ජ්එයැිසි* වින්දනය සේ දකියි. එබැවින් භාරතීයයන් දැක්වූ රස සංකල්පයේ පිළිගත්තෙකැයි ඇරිස්ටොටල් පිළිගත්බව පෙනේ.
තවදුරටත් පෙරදිග විචාර සිද්ධාන්තයන් විමසීමේදි විචාරවාද කිහිපයක්ම දැකිය හැකිය. මේවා පෙරදිග විචාර සිද්ධාන්තයෙහිලා ප‍්‍රධානව විමසියහැකි විචාරවාදයෝය. 01රසවාදය - භරතමුනි 02 අලංකාරවාදය - භාමහ 03 ධිවනිවාදය - ආනන්දවර්ධන04 වක්‍රොත්තිවාදය - කුන්තක 05 ඖචිත්‍ය වාදය - කේෂේමේන්ද්‍ර 06 ගුණරීතිවාදය - දණ්ඞීන් 07 රීතිවාදය - වාමහ යනු එකී භාරතීය විචාරවා හඳුන්වාදුන් විචාරකයෝය. මෙම පෙරදිග විචාරයන් මාර්ගයෙන් නූතනයේදී පවා සාහිත්‍ය විචාරයේ සුවිශාල කාර්යයක් කළහැකිය. විචාරකයා බුද්ධිමත් පාඨකයෙක් ලෙසින් හඳුනාගත හැක්කේ බුද්ධිය විසින් තීව‍්‍රකෙරෙණ හැඟීම් සන්නිවේදනය කරීමේදි සංයමයෙන් යුතු වාග්මාලාව තුලිණි. වචනයට දිව්‍යමය බලයක් ඇතැයි පුරාතනයන් පැවසුවේ ඒ න්ිසාය. ඒ සාධකය වනාහි පැහැදිලිවම වැදගත්වනුයේ විචාරකයාටය. මේ ආකාරයෙන් භාරතීය විචාරවාදයේ කිසියම් අයුරකින් භාෂාවට විශේෂතාවක් දක්වන බව කිවයුතුය. නමුදු නූතනයේ බෙහෙවින් ප‍්‍රචලිතවී ඇත්තේ බටහිර විචාරයයි. නමුදු විචාරයේදී තාත්විකත්වය වනාහී කවර විදියේ විචාරයකට වුවද අතිශයින් වැදගත් වන්නේය. ඒ කාරණය විචාරක අදහසකින් මෙසේ දැක්විය හැකිය. සුරංගනා ලෝකයට ගෙනයාමට තරම් සමත්වන නිර්මාණයක් දකියිනම් එයින් පරිබාහිරවූ යම් දෙයක් රැුගෙනයායුතු නොවේ. සුරංගනාලොවකට රැුගෙන යාමට තරම් නොවුනත් කිසිවකුට සිතන්නට අවශ්‍ය පසුබිමක් සපයා දිය යුතුය. එබැවින් චින්තනය වනාහී භාවයන් කුළුගැන්වීමේ හා කිසියම් වින්දනාත්මක අවබෝධයක් සැපයිය යුතු බව පෙනේ. විචාරයේදී විචාරකයා විසින් එකී කාර්යය සිදුකළ යුත්තේ කිසිමයම් සංයමයකින්ය. ඒ තුළින් රචකයාගේ කෘතියේ හොඳත් නරකත් දෙකම එකසේ සෙවිය යුතුය. එහිදී එම කාරණයෙන් පෙණීයනුයේ මෙම තත්වයයි. මේ ආකාරයෙන් විචාර කාර්යයෙහිලා කිසියම් වු නීති සමුදායක් ඇතිබවද පැවසිය යුතුය. එබැවින් විචාරයක් යනු කිසියම් විචාරක ආකෘතියක ප‍්‍රත්‍යක්ෂයක් නිරූපණය කිරීමක් බව පැහැදිළිය. එය මනාව පේ‍්‍රක්ෂකයාට ඒත්තු ගැන්වීමද කළ යුතුය. සාහිත්‍ය අධ්‍යයනයේදී දැකියහැකි තවත් කාරණාවක් වනුයේ එය සමාජය හා බද්ධව විමසිමේ ඇති හැකියාවයි. එනම් විචාර කාර්යාවලියෙහිලා බලපැවැත්වෙන කිසියම් වු සමාජීය විචාර සිද්ධාන්තයක් මෙහිදි විමසිය හැකිය මේ පිළිබඳව ඒ.වී.සුරවීර මහතා දක්වන විචාර කාර්යාවලිය වඩා වැදගත්වේ.
01. සාහිත්‍යය වනාහී එය පහළවූ යුගයේ පර්යාවලෝකනයකි. පවතින සංකල්පයෙහි පිහිටා කරන සාහිත්‍යය අධ්‍යයනය.
02. ලේඛකයා සමාජයේ පිහිටා සිටින ආකාරයත් ග‍්‍රන්ථ නිෂ්පාදන අලෙවිය වැනි අංශයන් කෙරෙහි විශේෂාවධානය දක්වමින් සාහිත්‍යය අධ්‍යයනය.
03. සාහිත්‍ය පහලවූ සමාජ ඓතිහාසික පසුබිම තුළ ඒ සමාජ සංස්කෘතිය කෙරෙහි පවත්වන ප‍්‍රතික‍්‍රියා නැතහොත් පාඨකයා කෘතිය පිළිගන්නා ආකාරය පිළිබඳ අධ්‍යයනය.
මෙසේ විචාරය වනාහී සමාජ සාහිත්‍යය අධ්‍යයනයෙහිලා බලපැවැත්වෙන කිසියම් වූ කාරණාවක් ලෙසින්ද ගත හැකිය. එය සමාජ සංස්කෘතියේ විචල්‍යයන් ඔස්සේ වෙනස්වීමද මෙහිදී විය හැකිය. කෙසේ හෝ මෙලෙසින් විචාරය යන්න ඉතා පෘථුලවූ වැදගත් අවස්ථාවක් ලෙසින් හඳුනාගැනිමට හැකිය.
02 නූතන විචාරයේ ස්වභාවය.
සාහිත්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලද විද්‍යාර්ථීන් විසින් සාහිත්‍ය නිර්මාණ අරබයා ඉදිරිපත් කරනු ලබන ප‍්‍රකාශන සාහිත්‍ය විචාරයන් ලෙසින් දැක්විය හැකිය. මෙම විචාර වාදයන් පෙරදිග හා අපරදිග ලෙසින් හඳුනාගත හැකිය. විචාරය පිළිබඳව විවිධ උගත් විචාරක අදහස් මෙහිදි විමසිය යුතුය. මේ සඳහා පෙරදිග අපරදිග විචාරකයින්ගේ විචාර අදහස් කිහිපයක් මෙසේ දක්වමු.
01. විශ්වනාථ - ‘‘කිසියම් නොපැහැදිළි කරුණු පැහැදිළි කරමින් හේතු යුක්ති දක්වමින් සාහිත්‍ය කෘති පිළිබඳ වඩා ගැඹුරු අවබෝධයක් පාටක සිත් සතන්හි ඇති කරන ප‍්‍රකාශයයි.’’
02. විචාරකයකුගේ අදහසක් - ‘‘විචාර තත්ව නිර්ණයක් ලෙසින් විචාරය නම් ඇති තතු නිර්ණය කිරීමයැයි තවත් අදහසකි’’.
03. ලියෝන් ට්‍රොස්කි -‘‘විචාරය යනු කෘතියක් එය සැදුම්ලැබ තිබෙන මූලිකාංග( ැකැපැබඑි* තෙක්ම විශ්ලේෂණය කොට ඒ මූලිකාංග අතර අන්තර් සම්බන්ධය පෙන්වා ඒවා සමාජය පිළිබිඔු කරන හැටි විදහා දැක්වීමය’’.
04. ටී එස් එලියට් - ‘‘විචාරය යනු කෘතිය විශ්ලේෂණය කොට එහි තත්ව නිර්ණය කිරීමත් එමඟින් රුචිකත්වය නිවැරදිව කිරීමත්ය’’.
05. කේෂේමේන්ද්‍ර -‘‘ඖචිත්‍ය විචාරචර්චා නැමති කෘතියෙහි සාහිත්‍ය නිර්මාණයක මූලිකාංග ගුනාංගය ලෙසින් ඖචිත්‍ය හඳුන්වා දිය හැකිය. ඔහු මෙය පද වාක්‍ය විෂයාර්ථය හා ගුණ වශයෙන් ලක්ෂණ දක්වයි’’.
06. අයි එස් රිවර්ඩිස් -‘‘සාහිත්‍ය විචාරය සදහා අවශ්‍ය පියවර ලෙස අධ්‍යයනය විශ්ලේෂණය හෝ විග‍්‍රහය අර්තකථනය හා ඇගයීම ඇතුළත්විය යුතු බව පෙන්වා දුන්නේය’’.
07. එලියට් - භාව( ැපදඑසදබ* හා වේදිත( ෙැකසබට ි* ලෙසින් දක්වයි. එසේම භාව යනු ආනුභූතිකයායි. වේදිත යනු නිර්මාණ චින්තනයයි.
08. එලියට් හෙන්රි හඞ්සන් - අර්තකථන(සබඑැරචරුඑසදබ* හා විනිශ්චය (වමාැපැබඑ* යනුවෙන් ක‍්‍රම දෙකක් ඇතැයි පැවසේ.
බටහිර විචාරකයෝ මෙසේ විචාරය පිළිබඳව විවිධ වූ අදහස් දක්වති. ඒ අතර (01*උපදේශාත්මක (ඛසබටසිඒඑසඩැ* (02*සිද්ධාන්තවාදී (ඔයැදරුඑසජ්ක* (03*විස්තීර්ණ (ෘැිජරසචඑසඩැ* යනු තවත් ප‍්‍රභේදයන්ය. උපදේශාත්මක නම් විනෝද උපදෙස්දීම, නීති පැනවීමත් සාහිත්‍යක කෘතියක උකහාගතහැකි සෞන්දර්යාත්මක හෝ විනෝදාත්මක ගුණය මතුකිරීමයි. විස්තීර්ණ ක‍්‍රමය නම් කතාපුවත, අන්තර්ගතය, භාෂාශෛලිය, සිද්ධිනිරූපණය, ලේඛකයාගේ දෘෂ්ටිකෝණය යනාදි කාරණාවන් මතු කිරීමය. මෙලෙසින් විචාරයේ පවතින කිසියම් න්‍යායතාමක ප‍්‍රවේශයක් බටහිර විචාරකයින් මතුකරණ ආකාරය කිවහැකිය. මෙහිදි ලොව විචාරවාදීන් ලෙසින් පිරිස් තුණක් දක්වන නූතන විචාරවාදීහු ඔවුහු සදාචාර වාදීහු, ඓතිහාසිකවාදීහු හා නුතනවාදීහු යන කොටස් තුනක් ලෙසින් දක්වති. කෙසේ හෝ නූතනයේ ප‍්‍රකට විචාරයන් ලෙසින් වර්ග හතරක් දක්නට හැකිය. 01.යථාර්තවාදය (ඍැ්කසිප* 02.ස්වභාවවාදය (භ්එමර්කසිප* 03.සංකේතවාදය (ීහපඉදකසිප* 04.උපස්ථිතිවාදය (ෂපචිිසදබසිප* 05.සංකල්පවාදය( ෂප්ටසිප* මෙසේ උක්ත වර්ගකිරීම් හඳුනාගත හැකිය. මේ කවර වර්ගයේ විචාරමාර්ගයකින් වුවද කිසියම් රසවින්දනයක් දැනවීම උදෙසා ගැඹුරින් සාහිත්‍ය කෘතීන් අධයයනය කිරීම අවශ්‍ය වේ. මෙහිදි විචාරකයාගේ විචාරපූර්වක භාවය අතිශයින් වැදගත්වේ. ඔහු හුදෙක් නිර්මාණයේ උපරිම සාධාරනීකරණය උදෙසාත් අපක්ෂපාතී විචාරයක් සඳහාත් ක‍්‍රියාකළ යුතුවේ. නූතන සාහිත්‍ය විචාර කාර්යාවලියෙහිලා අංශයන් දෙකක් මෙහිදී හඳුනාගැනිමට හැකිය.
01. සාහිත්‍ය නිර්මාණයක පාදකවූ විෂය කේෂේත‍්‍රය එහි සන්දර්භමය ශිල්පීය ලක්ෂණ රචනෝපක‍්‍රම, භාෂාලක්ෂණ හා ජීවිතාර්ථ පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබාදීම.
02. එකී අංගෝපාංග සාහිත්‍ය සාර්ථක අසාර්ථක භාවය කෙරෙහි තුඩුදුන් ආකාරය පිළිබඳව ගුණ විනිශ්චය කිරීම.
එබැවින් මෙම හේතූන් මාර්ගයෙන් පෙනී යන්නේ විචාරකයා සතු දැනුම හා ආකල්පය විශේෂයෙන් වැදගත් වනබවය. මෙහිදී විචාරකයාට මෙන්ම නිර්මාණකරුවාටත් අවශ්‍ය නිසඟයෙන් පැවතිය යුතු කාරණා කිහිපයක් දක්නට ලැබේ. එනම් නිර්මල බහුශ‍්‍රැතභාවය, නෛසර්ගික ප‍්‍රතිභාව, සතතාභ්‍යාසය වැනි කාරණාවන්ය. එයින්ද සාමාන්‍ය පාඨකයාට නොපෙනෙන වීමංසනයක් විචාරකයාට තිබිය යුතුය. එහිලා මාර්ටින් වික‍්‍රමසිංහයන් දක්වනුයේ බුද්ධිපූර්වක විමංශන හැකියාව පැවතිය යුතු බවය. එයින් අදහස් කරනුයේ සමාජීය හා සංස්කෘතිය පිළිබඳ වැටෙහෙන නුවණ ඇති බවය. මෙහිදි නූතන විචාර වාදයන් බොහෝ ඇතත් වඩාත් ප‍්‍රචලිත හා වීමංශනයට ලක්කළහැකි විචාරවාදයෝ මෙසේය.
01. සදාචාරාත්මක විචාරය. 02. සමාජවිද්‍යාත්මක විචාරය.
03. මනෝවිද්‍යාත්මක විචාරය. 04. ආකෘතික විචාරය.
05. ප‍්‍රායෝගික විචාරය. 06. සංස්ථිතික විචාරය.
07. පශ්චාත්නූතනවාදි විචාරය. 08. මාක්ස්වාදි විචාරය.
09. ස්ත‍්‍රීවාදි විචාරය. 10. පුරාණෝක්ති විචාරය.
11. පශ්චාත් සංස්ථිතික විචාරය. 12. සංවාදාත්මක විචාරය.
13. මායායථාර්තථවාදි විචාරය.
මෙසේ දැනට ලොව භාවිතා කරලන්නාවූ විචාරවාද පිළිබඳව කිසියම් හඳුනගැනීමක් කළ හැකිය. කෙසේ හෝ මෙම විචාරවාදයන් ඔස්සේ කිසියම්උ සාහිත්‍ය විචාරයක් න්‍යයාත්මකව සිදු කිරීමෙහිලා භාවිතා කළහැකි උපයෝගි ක‍්‍රම වේදයන්ය.
සදාචාරාත්මක විචාරය
සාහිත්‍ය කෘතියක ප‍්‍රකාශවන අර්ථය සදාචාරාත්මක වශයෙන් කෙතරම් වැදගත්ද යන්න සොයාබැලිම මෙයින් සිදු කෙරේ. මෙයින් පාඨක විඥානය දියුනුකර ගැනිමට ඉන් අනුබලයක් ලැබේදැයි යන කරුණු පිළිඳව විමසා බැලේ.
සාමජවිද්‍යාත්මක විචාරය
සාහිත්‍ය කෘතියක් පටන්ගෙන ඒ තුළින් ප‍්‍රකටවන සමාජ තත්වය පරීක්ෂාකර බැලීම මෙයින් අදහස් කෙරේ. තවද ඉන් ප‍්‍රකාශවන සමාජ තත්වය පරීක්ෂාකොට බැලීම මෙයින් අදහස් කෙරේ. තවද කවියා ඉදිරිපත් කරනුයේ කෙබදු සමාජ අර්තයක්ද එය සමාජයට හා පැවැත්මට කෙලෙසින් ප‍්‍රයෝජනවත් වන්නේද යන්නත් මෙයින් විමසනු ලැබේ. තවද එයින් සමාජයේ පැවැත්මට වර්ධනයට කෙලෙසින් හිතකරද සෙවීම ටයිටන්ගේ හා මාක්ස්ගේ අදහස වී ඇති බව කිව යුතුය. එනම් කලාවේ මූලික සැකිල්ල ලෙසින් දක්වනුයේද මෙම කාරණාවයි. මෙයින් කලාකරුවා නොව ඔහු හුදෙක් නිරූපණය කරලන්නාවූ සමාජීය තත්වය පිළිබඳව මෙහිදි විමසිමට හැකිය.
මනෝවිද්‍යාත්මක විචාරය
මනෝවිද්‍යාත්මන විචාරයේදි මූලික ලක්ෂණයක් ලෙසින් සලකනුයේ සාහිත්‍ය කෘතියක විශේෂ ලක්ෂණ ලේඛකයාගේ චිත්ත චෛතසික ස්වභාවට සම්බන්ධකොට විග‍්‍රහ කිරීමයි.
ආකෘතික විචාරය
ආකෘතික විචාරයේදී විමසනුයේ සාහිත්‍ය නිර්මාණය ස්වාධින ජීවයකින් යුක්ත වස්තුවක් ලෙස සලකා එහි දක්නට ලැබෙන විවිධ භාෂාත්මක ලක්ෂණ විග‍්‍රහකරමින් එහි විශේෂත්වය වටහා ගැනීමට උත්සාහ දැරීමය.
නූතන විචාරයේ නව ශිල්ප විධින්ද දක්නට ලැබේ. ඒ විචාරයේදි සදාචාරාත්මක, සාමජීක හා ඓතිහාසික යන පරමාර්ථයන් සියල්ලක්ම සහමුලින්ම ප‍්‍රතික්ෂේප කිරීමය. මෙහිදී චිචාරකයාගේ අවධානයට ලක්වන කාරණාවන් මෙසේ පෙන්වා දිය හැකිය.
01. රචකයා අවධානයට යොමුවිය යුත්තේ කවියා හා පාඨකයා අතර පවත්නා වස්තුව වීම.
02. කලාත්මක රචනාවක මනෝවිද්‍යාත්මක අගයක් පැවතිය යුතු බව.
03. කාව්‍යයේ ව්‍යූහය වඩාත් වැදගත්බව.
04. කාව්‍යාත්මක භාෂාව හා මාධ්‍යය, සංගීතය, රිද්මය, චිත්තරූප, සංකේත ආදිය නිරූපණය කරන්නේද යන්න විමසිමයට.
05. නූතන විචාර ක‍්‍රමවේදය නම් විශ්ලේෂණය ව්‍යූහාත්මක විග‍්‍රහය ශෛලීය විග‍්‍රහය වචනයෙදුම් ආදියත්ය.
මේ ආකාරයට විචාරයේ පුරාතනයන්ගේ භාවිතාකරන ලද අදහස් විමසිය යුතු කාරනාවන් පිළිබඳව කාරනාවන් විමසීමට හැකියාව සැලසේ. ප‍්‍රකට දාර්ශනිකයෙකු වන ප්ලේටෝ පවසනුයේ කාව්‍යප‍්‍රතිභාව යනු දිව්‍යාභාසයකින් ඇතිවන්නකි. ඒ ආභාෂය ලත් තැනැත්තා ක‍්‍රියාකරනුයේ ආවේශයකින්ය. තවද කවියේ ඇති සංවේදනාවන් පහත් බවත් ඒවා පිටුවහල් කිරීමෙන් කළයුතු බව ඔහු වරෙක පෙන්වා දෙන්නේය. ඒ ඔහුගේ විචාරක ප‍්‍රස්තුතයයි. මේ අතරින් ඇරිස්ටෝටල් දකිනුයේ කාව්‍යයේ අන්තර්ගතය ආකෘතිය දෙකම මුළු කෘතිය පුරාම දිවයන ඒකමිතියක් ලෙසින් පවතින බවය. මින් පසුව ලතින් විචාරයට අනුව හෝරස්ගේ කාව්‍ය විචාර කලාව නම් දීර්ඝ විචාර ලිපියේ යම් අදහසක් ඔහු මෙසේ දක්වයි. සුඛාන්ත ශෝකාන්ත දෙකින් යුක්තවූ ප‍්‍රවේශයක්ය. ‘‘ මිනිස්මුහුණ සිනාසෙන්න් සමග සිනාසිය යුතු අතර වැලපෙන්නන්ට උක්ත අදහස් සඳහා පැමිණිය යුතුය.’’ යන අදහසින්ය. සිංහල සාහිත්‍යයේ මහඟු මෙහෙවරක් සිදුකළ වියතකුලෙසින් වික‍්‍රමසිංහ මහතා මෙසේ අදහසක් දක්වයි. වික‍්‍රමසිංහයන් වනාහී නූතන විචාරය පිළිබඳව වඩා වැදගත් මතවාදයක් දැරූ තැනැත්තෙකි. සකු සාහිත්‍යයේ දක්නට ලැබෙන රසවාදය, ධිවනිවාදය, හා ඹෟචිත්‍යවාදයත් බටහිර සාහිත්‍යයේ දක්නට ලැබෙන ව්‍යවහාරික ක‍්‍රමයත් ඇසුරුකොටගෙන දේශානුරූප හා කාලානුරූප විචාරයක් සදහා උත්සාහ දැරුවේය. ඒ මාර්ගයෙන් නූතන සිංහල විචාර කලාවෙහිලා මෙතුමා විශේෂ මාර්ගයක් ඇතිකිරීමට උත්සාහ ගත්තේය. එදිරීවීර සරච්චන්ද්‍ර මහතාද මේ අතරින් තත් මතවාදයේම දිගුවක් ඇති කළ අයෙකි. එතුමාද බටහිර සාහිත්‍යයේ එන ව්‍යවහාරික ක‍්‍රමයත් සකු සාහිත්‍යයේ එන ක‍්‍රමවේදයත් දෙකම සංකලනයෙන් මෙම මතවාදයම ඉදිරියට ගෙන ගියේය.
‘‘ බටහිර පාරිහාරික විචාරක‍්‍රම ආදර්හ කොටගෙන සංස්කෘත විචාරයේ වචන මාලාව පොදු සිංහල කාවය විවේචනය සදහා ඉතා හොඳ මගක් සකස්කරගෙන නැතැයි මා තුළ වූ විශ්වාසය දැනුදු අත්හැරීමට කරුණක් නොපෙනේ. එහෙත් මේ ක‍්‍රමය වුවද අනුගමනය කරන්නට යාමෙන් විහිලූවකට පත්විය හැකි බව සමහර ලියකියවිලි හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප‍්‍රශ්න බලනවිට මට නොයෙක්වර පෙනි යයි. මෙසේ වූ කලට ඒ ක‍්‍රමයේ වරදක්නොව භාවිතාකරන්නවුන්ගේ දෝසයක් බව සාහිත්‍යාභිලාෂින් විසින් සිහිකටයුතුය.’’
නූතන විචාරයේ ප‍්‍රචලිතවී යන පාරභෞතික වාදය, සෞන්දර්යවාදය, ඉන්ද්‍රීය රූපාත්මකභාවය හා සංකේත භාවිතය වැනි ප‍්‍රවණතාවන් දැකිය හැකිය. එසේම නූතන විචාරයෙහිලා අතිශයින් භාවිතයට ගැනෙන භාවිත විචාරය වනාහි වැදගත්වනු ලබන තවත් එක් ප‍්‍රභේදයකි. පරිපූර්ණ විචාරයක් කළ හැක්කේ පිටුවෙහි එන වචනය කෙරෙහි පාටකයාගේ සම්පූර්ණ අවධානය යොමුකිරීමයි. මෙය ධිවනිවාදයේම එක්තරා ප‍්‍රභේදයක් ලෙසින් දැක්විය හැකිය. ආචාර්ය රිචඩිස්ගේ විග‍්‍රහයට අනුව මෙහි ප‍්‍රභේදයන් හතරක් ලෙසින් දක්වන්නේය.
01* ලක්ෂ්‍යාර්තය - වචනයෙන් ජනිතවන චිත්තරූපය හෝ අදහස මෙහි නිර්දේශාර්තය ලෙසින් සැලකේ.
02* භාවිකාර්තය - වචනයෙන් හැඟවෙන භාව හෙවත් හැඟීම් මෙය කවියෙන් කවියෙන් අද්දැකීීමට සරිලන සේ සංවේදනය වූ අර්ථයයි.
03* ආකල්පය - ලේඛකයා පාටකයා කෙරෙහි විහිදවන හැඟීම්වල උද්ගතවන ලීලාව හෙවත් ස්වර.
04* අභිප‍්‍රාය - ලේකකයාගේ ලේකනයෙහි අධ්‍යාහය දක්වන බලාපොරොත්තුව ලේඛකයාගේ ලක්ෂ්‍යාර්ථය ආකල්පය ආදි සියල්ලයි.
මෙලෙසින් භාවිත විචාරයේදි විමසිමට ලක්කෙරෙනුයේ අක්ත ආකාරයේ කරුණුය. මේ ක‍්‍රමය පෝෂණය කළවුන් අතර විලියම් එමිපස්, ඇප් ආර් ලිවීස්, රිචර්ඩිසන් යන තිදෙනා දැක්විය හැකිය. මේ අවදියේ කේම්බ‍්‍රිජ් සම්ප‍්‍රදාය පදනම්ව ඇතිවු ක‍්‍රමයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය. තවදුරටත් මේ ක‍්‍රමය පිළිබඳව අදහසක් ගෙනඑන රිචඞ්සන් මෙසේ දක්වයි. ‘‘ මා තේරුම් ගන්නා ආකාරයට විචාරය යනු අත්දැකීම් අතර විවයන්යත් (හර නිහර නිශ්චය* ඇගයීමත් වන්නේය. අත්දැකීම්වල ස්වභාවය පිළිබඳවත් ඇගයීම් හා සංවේදන න්‍යායන් පිළිබඳවත් අවබෝධයකින් තොරව අපට එය කළ නොහැකිය.’’ තවද විචාරකයා කළයුතු දෙයනම් කෘතියේ සෑම අංගයක්ම එනම් බොහෝ අංග සලකාබලා විග‍්‍රහකොට ඒවා සමවාය සම්බන්ධයෙන් උපද්නා ලෙස කිඳා බැලීමය. මෙහිදි නූතන විචාර වාදයේහිලා භාවිතා කරන්නාවු ක‍්‍රමවේද කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.
01* පරිස්ථිතික විචාරය - පරිස්ථිතික විචාරයේදි කෙරෙන්නේ කලාකෘතියක් ඓතිහාසික සමාජික හා මනෝවිද්‍යාත්මක පරිස්ථිතිය හෙලිකිරීමයි. එනම් කලාත්මක අගය පමණක් පදනම් කොටගෙන කෘතියේ නිර්මානයට තුඩුදුන් ආර්ථික, සාමාජික, වෛඥානික පරිසරය එයින් සමාජය කෙරෙහි උපන් ප‍්‍රථිඵල හා පොදු වශයෙන් එය අයත්වන සියල්ල අතර පවතින සබඳතාවය පෙන්වා දීමය.
02* ප‍්‍රතික‍්‍රියානුගත විචාරය - කලාකෘතියක් විචාරය කිරීම නම් එය පරිහරණයෙන් විචාරකයා තුළ උපන් හැගීම් විස්තර කිරීම යැයි මෙම විචාරයෙන් අදහස් කෙරේ. මෙම විචාරයෙන් අදහස් කරනුයේ පරිකල්පණයටත් මනෝභාවයටත් රිසිසේ ඉඩ දිය යුතු යැයි මෙම විචාරයෙන් පෙන්වා දෙන්නේය.
03* අභිප‍්‍රායානුගත විචාරය - කලා විචාරයේදි කලාකරුවාගේ අභිප‍්‍රාය වී ඇත්තේ කුමක්දැයි සෙවිම මෙහි අරමුණයි. එනම් එහුගේ වයාපාර හෙවත් පරිකල්පන අරමුන පරීක්ෂාකිරීම මෙයින් අදහස් කෙරේ.
04* නව විචාරය - මෙහිදි කෘතියේ ආකෘතික රටාව පිළිබඳව අධ්‍යයනය කරයි. කෘතියේ පවත්නා ලෙසින්ම ඒ සඳහා නැරඔීම නව විචාරයේ අරමුණයි. ඔවුහු කෘතියේ ආවේනික ස්වරූපයට අවදානය යොමු කරයි.
මේ ආකාරයෙන් දැක්විය හැක්කේ නූතන විචාරයෙහිලා අපගේ විමසීම පෘථුල කරන්නාවූ කාරණාවෝය. මෙහිදි මෙම ප‍්‍රායෝගික විචාරයේදි කිසියම් විශේෂතාවක් දැකියහැකි වුවද එය ඉතා ඉක්මනින්ම නැතිවිගිය ආකාරයත් කිව යුතුය. බටහිර සාහිතය විචාරයෙහිලා පැතිරිගිය අලූත්ම ක‍්‍රමවේදයක් ලෙසින් (ෘැිජදබිඑරමජඑසදබසිප* හඳුන්වාදිය හැකිය. ඒ. වී. සුරවීර මහතා මෙසේ මේ පිළිබඳව දක්වයි.
‘‘සාහිත්‍ය සංනිවේදනයේදී පූර්වෝක්ත තර්කය අදාල බව ඩෙරීඩාග් සාහිත්‍ය අනුගාමිකයන් පිළිගනිත්. මේ අනුව විසංස්ථාපනයේදි විචාරකයන් සලකනුයේ කෘතියේ අන්තර්ගත සියළු කොටස් ඇතැම්විට ප‍්‍රතිවිරෝධි අර්ථපවා පැවසෙන කොටස් එකිනෙක සම්බන්ධවි ඒ කාබද්ද අර්ථයක් ගොනුකරගතහැකි අවස්තාව එළෙඔන තෙක් ඒ කෘතියේ අර්ත විසංස්තාපණය කළමනා බවය. මේ සඳහා එහි ප‍්‍රධාන වචන පදසංයෝග ආදියේ නිරුක්ති ප‍්‍රභවය ඇතුළු විවිධාර්ථ ඇදිය විභාග කිරීමට සිදු වෙනු ඇත.’’
මේ ආකාරයේ නූතන විචාරයෙහිලා නිර්මාණකරුවාගේ හා විචාරකයාගේ පවතින්නාවූ සබඳතාවය පැහැදිළි කොටගත හැකිය. වත්මන් විචාර කථිකාවතෙහිලා පශ්චාත් නූතන වාදය අතිශයින් ප‍්‍රචලිත වූවකි. මෙම විචාරයට නිශ්චිත අර්ථකථනයක් නොමැති වුවද විචාවාදයක් ලෙසින් සැළකෙන මෙහි සංකල්ප කිහිපයක් දැකිය හැකිය. සම්මත යථාර්ථවාදී රීතිය ප‍්‍රතික්ෂේප කිරීම, භාෂා භාවිතය, ආකෘතිය හා අති ආකෘතිය, ප‍්‍රතිනිර්මාණය යන කාරනාවන් මෙම විචාරයේදි ප‍්‍රතික්ෂේප වේ. කෙසේ වුවද මෙම සාහිත්‍ය විචාරය මාර්ගයෙන් සමාජ සංස්කෘතික දේහීය ආදි කාරණාවන් ඔස්සේ වෙනස්වන අතර එමගින් කිසියම් අර්ථකථනයක් සපයාදීම මේ විචාරයේදී වැදගත් වේ.
‘‘උච්ච කලාව වෙනුවට ජනප‍්‍රීය කලාව වෙනුවට සංස්කෘතික පරිස්ථීතියක් තුළ බිහිවී කිසියම් රසික සමූහයක් ප‍්‍රතිග‍්‍රහනය කරනු ලබන ආකාරය විමසීම සංස්කෘතික නිෂ්පාදකය යන සංකල්පයන් අභිපේ‍්‍රත කරයි. විදග්ධ කලාව හා ජනප‍්‍රිය කලාව අතර බේදය ආත්මීය භේදයක්ලෙස පෙන්නුම් කරන පශ්චාත් නූතන වාදී ලේඛකයෝ බලය, අදිකාරීත්වය,මතවාදය වැනි හේතු කාරණා ඒ තුල කර්මණ්‍යව ඇති ආකාරය පැහැදිළි කරති.’’
කෙසේ හෝ පශ්චාත් නූතනවාදීහු පෙන්වා දෙනුයේ කිසියම් සීමාවකට කොටුනොවී විචාරයෙහිලා යෙදෙන බවය. එබැවින් මෙකී විචාරයේ දක්නට ලැබෙන ක‍්‍රමවේදයද නූතන විචාර කාර්යයෙහිලා නවතම වෙනසක් ඇතිකිරීමෙහි බලපා ඇතිබව කිව යුතුය. කෙසේ හෝ මෙතෙක්වේලා විමසූ කාරනාවන්ට අනුව නූතන විචාරය වනාහී විවිධ සානරයන් ඔස්සේ ව්‍යාප්තවන ඉතා සංකීර්ණ කාර්යයක් බව පැහැදිළිය.
(03* මනෝවිශ්ලේෂණිය සාහිත්‍ය විචාරය.
01 මනෝවිශ්ලේෂණීය විචාර චින්තනය
නූතන විචාරවාදයන් ලෙසින් අදහස් කරනුයේ විසිවැනි සියවසේ සිට අද දක්වා ශාස්ත‍්‍රීය ලෝකයේ භාවිතාවන මිනුම් දඬුයි. එකී විචාර වාදයන් අතර මනෝ විශ්ලේෂණිය සාහිත්‍යය විචාරයද සුවිශේෂීය වන්නකි. මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය විචාරයේ මූලික ලක්ෂණය වන්නේ චිත්ත චෛතසික ස්වභාවයන් නිර්මාණයන්ට සම්බන්ධකොට විග‍්‍රහ කිරීමය. මේ විචාරවාදය ව්‍යාප්ත කළවුන් අතර සිග්මන් ප්‍රොයිඞ්, කාර්ල්ජුංග්, ජේම්ස්ජෝයි, ෆ‍්‍රාන්ස් කෆ්කා, වර්ජිනියා වුල්ෆ්, ඇල්ෆර්ඞ් අඞ්ලර් යන අය ප‍්‍රධානවේ. මිනිස් මනස හා හැසිරීම් පිළිබඳව ඉදිරිපත්කොට ඇති සංකල්පයන් මෙම විචාරය ගොඩනඟා ගැනීමට ඉවහල්වේ. එබැවින් මෙම විචාරය වනාහි නිර්මාණකරුවාගේ මානසික තතු හෙළි කිරීමේ මූලික සැකිල්ල දක්වන පරිස්ථිතක(--------* වාදයක් ලෙසින් දැක්විය හැකිය. ‘‘ෆ්‍රොයිඞ් වාදීන් කරන්නේ කලාකෘතිය විභාග කොට එහි නිර්මාපකයාගේ මානසික තතු හෙළිකිරීමය. කෘතිය මඟින් එහි කතුවරයා මනෝවිශ්ලේෂණයට භාජනය කිරීමය. ‘‘ෆ්‍රොයිඞ්වාදී විචාරකයන් කලාකෘතිය සලකන්නේ මනෝවිද්‍යාත්මක කරුණු සෙවීම සඳහා වහල්වන මූලාශ‍්‍රයක් වසයෙන්ය. කෘතිය විශ්ලේෂණය කිරීමෙන් එහි නිර්මාපකයාගේ පුද්ගලතාව තුළ බල පැවැත්වූ අවිඥානික මානසික බලවේග අනාවරණය වේය යනු ඔවුන්ගේ විස්වාසයයි.’’ මෙලෙසින් මනෝවිශ්ලේෂණීය විචාරයේ දැකිය විචාරාත්මක පැතිකඩ පිළිබඳව යම් අදහසක් දැනගත හැකිය. මෙහිදී චින්තනය හරහා කිසියම් නිර්මාණශීලී අවස්ථාවක් උදෙසා එමඟින් ප‍්‍රවේශවන බව කිව යුතුය. මෙම නිර්මාණකාර්යේදී අවසරණ චිත්තයේ (ජදබඩැරටැබඑ එයසබනසබට* බව සඳහන් වේ. මේ කාරණාව වැඞ්දුරටත් පැහැදිළි කරගැනීමට මෙසේ දැක්විය හැකිය. ගණිත ගැටළුවක් විසඳීමේදී එක එල්ලේම පිළිතුරක් වෙත යොමු වන අතර ඒ මාර්ගයෙන් පිළිතුරු සොයාගැනීමට අදහස් කෙරේ. නමුදු අවසරණ චිත්තයේදි සිදු කරණුයේ විවිධ පිළිතුරු ගොඩනඟමින් විසිරීගිය චින්තනය පිළිබඳව විවිධ අර්ථකථනයන් සඳහා යොමුවේ. නිර්මාණයක් මාර්ගයෙන්ද රචකයා කරනුයේ මෙම ක‍්‍රියාවලිය බව යැයි කිවහැකි නොවේද. අවසරණ චිත්තය හෙවත් විසිරීගිය සිත යොමුකිරීම හරහා මෙම සාහිත්‍යය ගොඩනැගෙන බව කිවහැකිය. නිර්මාණ චින්තන ක‍්‍රියාවලිය හා (ඉරුඩදඑැර ටයසිිකසබ* මනෝවිශ්ලේෂණවාදී විචාරය නිර්මාණයන් ගොඩනැගීමේ ප‍්‍රවේශය දැනගැනීමට හැකිය. සියුම් අභ්‍යන්තර හැඟීම් පවා එහිදී නිර්මාණකාර්යාවලිය හරහා රචකයෙකුට ප‍්‍රකාශ කිරීමට හැකියාව සැළසේ. එය ක‍්‍රමවත්ව සැදී ඇති සංකීර්ණ ක‍්‍රියාවලියක් බව පෙන්වාදිය හැකිය. එසේම තවත් ආකාරයකින් දැකිය හැකි මෙය කලාකෘතියක නිර්මාණයවීමේ ප‍්‍රාරම්භක අවස්ථාවක් ලෙසින් දැක්විය හැකිය. මේ හා සම්බන්ධව අවස්ථා හතරක් දක්නට හැකිය. 01.ප‍්‍රාරම්භක අවස්ථාව.(චරුචැ්එසදබ* 02. පරිණතිය(සබජමඉ්එසදබ* 03. ප‍්‍රහාස අවස්ථාව(සකකමපසබ්එසදබ* 04. සත්‍යේක්ෂණ අවස්ථාව(ඩැරසෙජ්එසදබ* යනුවෙන්ය. මෙම කරුණු දැක්වූවන් ලෙස පැට‍්‍රීක් මැතිණිය, බොල්ස්, ජොන්සන්, යන පිරිසයි. සාහිත්‍ය කලා නිර්මාණ පිළිබඳව කිසියම් අදහසක් මනෝවිශ්ලේෂණීය විචාරය හරහා දැකිය හැකිය. එබැවින් සාහිත්‍ය කලා කෘතියක් ඔස්සේ චින්තනය සඳහා ලැබෙන ප‍්‍රධානත්වය පැහැදිළිය. කලාකරුවාගේ නිර්මාණ කාර්යාවලියෙහිලා මෙකී චින්තනමය පැතිකඩ මෙයින් විනිවිද දැකගත හැකිය. ඔහු පවසනුයේ මෙම විශ්ලේෂණීය චින්තනය වූකලී ප‍්‍රධාන නිර්මාපකයා බවයි. සම්පරීක්ෂණවලට වඩා මෙම ප‍්‍රස්තුතය සම්බන්ධයෙන් කිසියම් ආකාරයේ පවතින හැකියාව පිළිබඳව ප්‍රොයිඞ් තවදුරටත් පැහැදිළි කරයි. සාහිත්‍ය නිර්මාණයේදී කිසියම් අයුරකින් තවත් වැදගත් කාරණාවන් සමූහයක් ඇත්තේය. පුද්ගල පෞරුෂයේ එක්තරා අංශයක්ද නියෝජනය කරන බවය. එහිදී තවදුරටත් ඔහු විසින් මනෝවිශ්ලේෂණීය චින්තනය පිළිබඳව මෙසේ දක්වන්නේය.
01. කුඩා දරුවන් ක‍්‍රීඩා කිරීම වැඩිහිටියන් දවල් හීන දැකීම හා කලාකරුවන් අතරේ නොවන බවක් දක්නට හැකිය.
02. නිර්මාණමය කාර්යය අවිඥාන ක‍්‍රම මාර්ගයක් හමුවේ යැයි ඔහු පවසයි.
03. පුද්ගල අවරෝධනයට ලක්වූ අශාවන් හැඟීම් හා අපේක්ෂා නිර්මාණාත්මක කෘති මාර්ගයෙන් වෙනත් ආකාරයකට දැක්වීමයි.
04. යටපත් කළ බව ආශාමැවීම, ෆ්‍රොයිඞ් අදහස් කළේ උත්තරීක්ෂණය(ිමඉකසප්එසදබ* ලෙස හැඳින්විය හැකි බවයි.
05. ළමාවියේ ඇති ඉච්ඡුා භංගත්වය (රෙමිඑර්එසදබ* නිර්මාණකාර්යාවලියෙහිලා බලපාන බවය.
මෙසේ නිර්මාණ චින්තනය වනාහී කලාකෘතියක් නිර්මාණය උදෙසා බලපැවැත්වෙන ආකාරය පැහැදිළි කොටගත හැකිය. තවද නිර්මාණශීලී චින්තනය මනෝමය වසයෙන් බලපාන ආකාරය මෙහිදී වටහාගත යුතුය. ප‍්‍රකට මනෝවිද්‍යාඥයෙක් වන ඩැනියෙල් පර්කින්ස් හඳුන්වාදෙන කරුණුද මේ සම්බන්ධව මෙසේ දැක්විය හැක. ඔහුගේ අදහසට අනුව කාරණා කිහිපයක් මෙසේය.
01. ප‍්‍රථම ලක්ෂණය නම් පෞද්ගලික සෞන්දර්ය සංකල්පයක් වෙත ඇති ආසක්ත තාවය.
02. හොඳ ප‍්‍රශ්න විසඳා ප‍්‍රකට වන්නට ඇති අභිරුචිය වර්ධනය කරගැනීමට ඇති හැකියාවයි.
03. මනෝගතිකත්වය යමක් ගැන නැවුම්ව සිතීමට ඇති හැකියාවයි.
04. විෂයබද්ධතාවය එනම් නිර්මාණකරුවන් වැඩිදෙනා පුද්ගලබද්ධව පෙන්වීම එය දැක්විය හැකිය.
05. අභ්‍යන්තරයෙන්ම අභිපේ‍්‍රරණ විෂය බද්ධව යන දෙකින්ම පෙන්විය යුතුය.
මේ අයුරින් විශ්ලේෂණීය චින්තනය පිළිබඳව අදහස් කිහිපයක් ඔහු විසින් දක්වයි. එබැවින් නිර්මාණකාර්ය සඳහා බලපාන්නාවූ චින්තනය පිළිබඳව මෙහිදී අදහස් දැනගත හැකිය. චිත‍්‍රකලාවේදී වුවද මෙම කාර්යය දැනගැනීමට හැකිය. ‘‘ මානවවාදය (යමප්බසිප* නව චින්තනය බිහිවීම නිසාවෙන් ඇතිවූයේ බුද්ධි ප‍්‍රබෝධයයි. (ඔයැ ඉදමරටැදමසි ෑබකසටයඑබපැබඑ* මේ නිසාවෙන් මනුෂ්‍යයින් තම තමන්ම පිළිබඳව පෙන්නුම් කරණලද උසස් මට්ටම් බිහිවිය. එය සවිඥානිකත්වයයි. එය වර්ධනය වීම නිසාවෙන් සෞන්දර්ය පිළිබඳව නව කතිකාවත් ගොඩනැගෙන අතර ප‍්‍රභේද දෙකක් ලෙසින් දක්වයි. ප‍්‍රසන්නතාව(ි්මඩැ* හා උදාරත්වය (ිමඉකසප්එසදබ* යන්නයි. මේවාද චිත‍්‍ර නිර්මාණයේදී පුද්ගලයාගේ විඥානවාදී ප‍්‍රවේශය හරහා යම් කතිකාවක් අපවෙත ගෙනඒ.’’ එබැවින් උක්ත කාරණාවට අනුව කවර නිර්මාණකාර්යක් සඳහා උවද මනෝවිශ්ලේෂණීය චින්තනය ප‍්‍රධානවන බවය.
02. මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය විචාරය.
කවර විදියේ නිර්මාණයක් බිහිවීම සඳහා වුවද මනස පදනම් වන බව විවාදයක් නොමැත. එය කාව්‍ය, සංගීතය, නාට්‍යය, කෙටිකතා, නවකතා හා චිත‍්‍ර ආදියෙහි කවරකට වුවද බලපැවැත්වේ. මෙහිදී මෙම විචාරයේ දැකියහැකි ප‍්‍රධාන ලක්ෂණය වනුයේ මනස පදනම් කොටගැනීම දැක්විය හැකිය. එනම් උක්ත අදහසට අනුව විඥානය ගැඔුරින් ස්ථානගත කොට ඇත්තේ නිර්මාණයක් හරහා දැක්විය යුතු බව දැනගත යුතුයි. එහිදී සංකේතයන්හි අර්ථාද්ව්‍යත්වය හා එය කලාකෘතිවලින් පෙන්වනුයේ විඥානයයි. පරිහරණයක් ලෙසින් දැකිය හැකිය. ‘‘මනෝවිද්‍යාත්මක දෘශ්ටිකෝණයෙන් කලාකෘති ව්‍යාඛ්‍යා කරන විචාරකයන් කලාකරුවාගේ ජීවිතය කෙරෙහිත් මහත් සැළකිය යුතුය. තවත් මෙම විශ්ලේෂණය මාර්ගයෙන් ක‍්‍රියාවක් කිරීමේදී පුද්ගලයන් තුළ පවත්නා චේතනා හා පුද්ගල භාවය ගැන සොයාගෙන තිබෙන කරුණුද සාහිත්‍යයේ විග‍්‍රහ කිරීම සදහා පරිහරණය කරන්නට පුළුවන් වෙයි. මේ ආකාරයේ මනෝවිද්‍යාත්මක විචාරයේදී මනෝවිද්‍යාත්මක විචාරයේදී කතුවරයාගේ ජීවිතය පිළිබඳව කරුණු අවශ්‍යයෙන්ම දැන ගැනීමට හැකිවයාව සැළසේ. සාහිත්‍යය කෘතියක් පරිශීලනය කරන සහෘදයා එකී අත්දැකීමට මුහුණදෙයි. නවකතාවක් නම් එම නවකතාවේ චරිත, සිද්ධි තුළින් පාඨකයාද විඥානගත සන්දර්භයකට මුහුණදෙයි. පියදොර් දොස්තොව්ස්කිගේ ‘‘අපරාධය හා දඩුවම’’ යන නවකතාවේ මෙකී පාඨක විඥානධාරාව අවදිකරන අවස්ථාවක් දැකිය හැකිය. කවර පාඨකයකු වුවද අපරාධකරුවෙක් වූවිටදී ඇතිවන මානසිකත්වය පාඨකයාටද අත්විඳීමට හැකියාව සැළසීමය. ඔහුගේ මානසික තත්වය දැක්විය හැක්කේ එකී විඥානගතව පාඨකයා පවා ඒ තුළට ඇදගැනීම නිසාය. එබැවින් මෙම නවකතාවෙන් මනෝවිද්‍යාත්මක නවකතාවේ ස්වභාවය චරිතයක විඥානධාරාව විවිරණය හමුවේ විකාශනය කළහැකිබව අවබෝධ කොටගත හැකිය. එසේම මිනිසාගේ සාංදෘශ්ටිකවාදී ගූඪ මානුෂිකත්වය යථාර්ථවාදී විචාරයක්ද ඒ ඔස්සේ සැළසෙන බවය. එනම් කලාව යනු කිසියම් ආකාරයේ යථාර්ථවත් ජීවිතයේ ස්වභාව ධර්මය අතර කිසියම් ආකාරයේ ධාරණාවක්ද ඉස්මතුකොට ගත හැකිය. එබැවින් මිනිස් ජීවිතයේ මානුෂීය ස්වභාවය පිළිබ`දව ගැඔුරු අවබෝධයක් ඒ තුළින් ලබාගත හැකිය. ස්වභාව ධර්මය අතර
‘‘ කලාව වනාහී ලෝකය තුළ සිය සබඳතාවය හා මංසන්ධිය කියාපාන්නාවු මාර්ගයන්ගෙන් එකකි. මෙම අර්ථය කලා උරුමය විද්‍යා හා තාක්ෂණික උරුමයක් ලෙසින්ද දැක්විය හැකිය. එය එයටත් අඩුවේ දැක්විය යුතුය. වෙනස් කලාවක් ලෝකයේ නියාම ධර්මයේ නියාම පද්ධතියේ සේ නොව සංකල්ප සමූහයක් මෙන් ඥානනය කරන්නාවූ විධියක්ද ඒ අතරම දැක්විය හැකිය. එසේම නියාම ධර්මයක් ලෙසින් දැක්විය හැක්කේ විධියක් ලෙසින් දක්වනුයේය. ඒ අතර හැ`ගීම් හා මනෝගතීන් පුබුදුවන්නාවූ මාර්ගයක්ද වෙයි.
එබැවින් මෙකී මනෝගතීන් විමසීමට ම`ගපාදන මාර්ගයක් ලෙසින් මනෝවිද්‍යාත්මක නවකතාව හ`දුනාගත හැකිය. මනෝවිශ්ලේෂකයින් සිහින ඔස්සේ පවා විග‍්‍රහකරනුයේ මෙකී මිනිස් මානසිකත්වය නොවේද. එහිදී කිසියම් සිහිනයක් තේරිමේදී අභ්‍යන්තර චිත්ත චෛතසිකයක් නවකතාකරුවා දැක්වීමද සිදු කරයි. මෙහිදී චරිතයක අර්ථව්‍යාඛ්‍යාන කිරීමද චරිත ඔස්සේ දක්නට හැකියාව ලැබේ. පුද්ගලයෙකුගේ සිහිනයක් දකිනවිටදී දක්නා තතු හෝ අදහස් කරණ දෙය පහදාදීම මෙයින් අදහස් කෙරේ. සමහර විචාරකයෝ හැම්ලට් නාටකය ගුප්තයැයි කියා පවසන අතර පුද්ගල හැසිරීම හා අවිඥානික පේ‍්‍රරණ ඒ තුළ බලපෑම් දක්වයි. සවිඥානිකව කල්පනාකරණ සිත කිසිවෙකුට කිසිවක් කළ යුතු යැයි දනවයි. කොයි අතින් කල්පනා කළත් ඔහුට වැටහෙන්නේ එය කළ යුත්තක් නිසාමය. එහෙත් ඔහුට එය කරන්නට බැරිය. මෙම ගැටීමට නිතරම හේතු වනනේ ඔහුගේ ආධයාත්මයේ එක්තරා කොටසකට එම ක‍්‍රීයාව නොකිරීමට බැරි නිසාය. මෙම ගැටීමට හේතු වනුයේ අධ්‍යාත්මයේ එක්තරා ගුප්ත හේතුවක් පැවතීමයි. මෙම හේතුව ඔහු තුළ තිබෙන බවක් ඔහු නොදනි. දනිතත් දන්නේ සිහිනයක් මෙනි. මෙසේ අවිඥානික බලවේගයක ස්වභාවය එම නාට්‍යය ඔස්සේද ගැඔුරින් විග‍්‍රහවන බව දැනගත හැකිය. එබැවින් නාට්‍යයතුළ පවා මනෝවිශ්ලේෂණීය සිද්ධායක් මතුකර ගැනීමට හැකැයි පෙනේ. මේ ආකාරයෙන් නවකතාකරුවාට සිය විඥානධාරා රීතිය ඔස්සේ නවකතාවක් ලිවීමටද පාදක වනුයේ එවන් අවස්ථාය. නමුදු නාට්‍යය හා නවකතාවේ වෙනස නවකතාව භාෂාව ඔස්සේ විඥානධාරා සංදර්භය දැක්වීමය. ප‍්‍රබන්ධකරුවා පාත‍්‍රවර්ගයා හමුවේ විඥානධාරා රීතිය දැක්වීමේදී දාර්ශනික සංකල්ප තුනක් උපයෝගී කරගන්නා ආකාරය කිවහැකිය.
01. සිත වේදනා සංඥා විඥාන චෛතසික පොදියක්ය යන කාරණාව.
02. සිග්මන් ෆ්‍රොයිඞ්ගේ චෛතසික විග‍්‍රහයයි.
03. හැන්රි බර්ගසන්ගේ දර්ශනවාදයට පැමිණි ආකාරයයි. ජීව ව්‍යූහය විඥාන ප‍්‍රවාහය.
ඒ ලෙසින් විඥානධාරා නවකතාකරුවා ස්වකීය චරිතයනගේ චිත්ත චෛතසික ගැඔුරින් අධ්‍යයනය කිරීමත් නිරූපණය කිරීමටත් පෙළඹෙ. මෙසේ නවකතාවේදී චිත්ත චෛතසික සාමාන්‍ය විග‍්‍රහකිරීමකින් පමණක් සෑහීමකට පත්නොවේ. එය කලාත්මක වන්නේ සිත හාරා බැලීමෙනි. එහිදී ලේඛකයාගේ විඥානධාරා රීතිය ජීවිතයේ සුලබදේ නොව දුලබ දේ අනාවරණය කිරීමත් සිදුකරයි. එසේම මෙම විචාරයේදී නවකතාකරුවා චරිත හරහා කතුවරයා සවිඥාන අවිඥාන ගුහ්‍ය අංශයන් විමසීමකට යොමුකරයි. ඒ කාරණාව නිර්මාණය හරහා දෙයාකාරයෙන් සිදු කරන බව මනෝවිශ්ලෙෂණවාදී සාහිත්‍යධරයෝ පවසති. 01. උපවිඥානය සමුදාය චෛතසික (ජදකකැජඑසඩැ මබජදබිසදමි* 02 පුද්ගල චෛතසික (චැරිද බ්ක මබජදබිසදමි * යනුවෙන් එකී කාරණු දෙක දක්වයි. එබැවින් මෙලෙස නිර්මාණ හරහා මෙම මනෝවිශ්ලේෂණීය කාරණාවන් ප‍්‍රකට කිරීමේ කාර්යය සිදුකරයි. මෙහිදී සාමාජික පරිසරය හා මානසික පරිසරය අරමුණුකර ජීවත් වීමේදී වඩා වැදගත් වනුයෙද් ඒ නිසාය. ඒ නවකතා ලියන කාරණාව ලේඛකයාගෙන් එම පදනම් ගැඔුරින් විග‍්‍රහ කෙරෙණ නිසාය. මෙම ආකාරයෙන් සෑම මිනිසෙකුම අනුකරන කාර්යයෙහිලා යෙදෙති. ඒ සෑම මිනිසෙකුගේම සවිඥානික අවිඤානික අනුකරණ කාර්යයහෙිලා යෙදෙන බැවින්ය. මෙසේ අනුකරණාත්මක අවස්තාවන් මෙම සාහිත්‍යයෙහිලා අවස්ථා හතරක් ඔස්සේ පෙන්වාදිය හැකිය.
‘‘ අනුකරණාත්මක අවස්ථාව, අන්්‍යතා අවස්ථාව, භාවාරෝපණ අවස්තාව හා ආත්ම ආඩම්බර අවස්තාව යනුවෙන්ය. යමකු යමක් කරනු බලා එය කිරීම අනුකරණයයි. යමකු යමක් කරන අවස්ථාවේදී ඔහු තුළ පහලවන හැගීම් භාවයන් හෙවත් හැගීම් තමාට ආරූඩකරගැනීම භාවාරෝපනයයි. දෙදෙනාම එක්බදුයැයි සිතන්නේ අන්‍යොතා අවස්ථාවේදීය. අනුගාමිකයා දෙවතාවයක් වඩා හොඳයැයි සිතන්නේ ආත්මාඩම්බර අවස්තාවේදීය. පෞරුෂ සංවර්ධනයේ මෙම අවස්තා ඒ ඒ පුද්ගලයන්ගේ ප‍්‍රකෘති ස්වභාවයට අනුරූපව ඒ ඒ ප‍්‍රමාණයෙන් බලපානු ලැබේ.’’
මෙහිදී සාහිත්‍යයේ කතුවරයාගේ මානසික ආකල්පය හා එම යොන් රසිකයා කෙරේ ප‍්‍රභාවිත වන ආකාරයත් විමසිය යුතුය. මෙම නවකතාවේ පමණක් නොව නූතන සාහිත්‍යයේ වැදගත්ම පර්යේෂණය වූයේ විඥානධාරා සංදර්භය සොයාගැනීමයි. එය නවකතාවේදී ඉතා ගැඔුරින් දියුණු කරණ ලද්දක්සේම එයින් පෙනී යනුයේ උඩු සිතේ නලියන ඇතැම් හැ`ගීම් ප‍්‍රකාශකිරීමට මෙය ඉතා කදිමට ගැලපෙන බවය. එබැවින් මනෝවෘත්තිය (පැඒකිඒඑැ* සාහිත්‍යය හරහා පඨිතමය මැදිහත්මක් හමුවේ ප‍්‍රකාශවන නිසාවෙන්ය. ප‍්‍රකාශනවාදීහු (ැංචරුිිසදබසිඑ* පවසනුයේ මෙකී සන්දර්භමය ස්ථරයක සිටය. එබැවින් තත් කාරණය ඔස්සේ නවකතා රචකයෙකුගේ මෙහෙය හා සැබෑ ජීවිතයෙන් පලානොයා මිනිසාගේ සවිඥානික අවිඥානික මනස අධයනය කළ හැකිය. මෙම සාහිත්‍යවිචාරය ඔස්සේ පැහැදිළිවම දැක්වියහැකි ප‍්‍රබලත්වය ගනුයේද උක්ත විදිහේ ගැඔුරු මානසික අවස්ථාවන්ය. වර්ජිනියා වුල්ෆ්, ජෙම්ස් ජෝයි, ඞී. එච් ලෝරන්ස්, මාර්ෂල් ෆ‍්‍රවුස්ටි හා ෆ‍්‍රාන්ස් කෆ්කා වැනි නූතනවාදී ලේඛකයන් මෙලෙස පුද්ගල මනස ඔස්සේ ජීවිතය ගවේෂණය කිරීම ආරම්භ කළහ. ඒ අතර සිග්මන් ෆ්‍රොයිඞ් හා කාල් ජුන්ග් ඉතා ප‍්‍රකටය. ඔවුන් විසින් ඉතාප‍්‍රබලව එකි විචාරවාදය ප‍්‍රචලිත කළහ. කෙසේ හෝ මනෝවිශ්ලේෂණීය සාහිත්‍යයේදි සිදුවන විවරණය මෙසේ දක්වමු. එහිදී නකතාකරුවා චරිත ඔස්සේ දක්වන මානසික කාරණාවන් දැක්වීම බව පැහැදිළිය.
‘‘විඥානය ඹස්සේ තමයි ඔුවුන් එය විග‍්‍රහකළේ. මනුෂ්‍යාගේ සාමූහික උපවිඤානයට මතු පිටින් පැන න`ගින අවස්ථා තියෙනවා. සාහිත්‍ය නිර්මාණයකදී වේදිකා නාට්‍යයකදී අපි ග‍්‍රහනය කරන්නේ එයින් සියුම් අවස්ථා කිහිපයක් විතරයි.’’
එබැවින් පුද්ගල මානසික යථාර්ථය ගවේෂණය කිරීම මෙහිදී අරමුණ බව පැහැදිළිය. වර්ජිනියා වුල්ෆ් ජිවිතය පිළිබ`ද පරම ෂත්‍යය බුද්ධිමත් වින්දන ශක්තියෙන් පිරිපුන් පුද්ගලයාගේ සිතෙහි පිළිබිඹු වන බව ඇදහුවාය. එහෙයින් නවකාකරුවාගේ කාර්යය එවැනි පුද්ගල මනස් ම`ගින් ජීවිතය ගවේෂණය කිරීම බව ඈ (* රචනාව තුළින් දැක්වූවාය. එබැවින් මෙකී සාහිත්‍යයේදී නවකතාව ඔස්සේ තම චරිතයන්හි පහවන දෑ වාර්තා කිරීමට නැතහොත් සිය කාල්පනික චරිතයන්හි චිත්තාභ්‍යන්තරය ගෙන හැර දැක්වීමට සිදුකරන බව පැහැදිළිය.
”මෙම සාහිත්‍ය නිර්මානයේ කිසියම් භූමිකාවක් නියෝජනය කරනුලැබූ ජෙම්ස් ජෝයි, ෆ‍්‍රාන්ස් කෆ්කා ආදීන්ගේ ආදීන්ගේ චරිතයනගේ යථාර්ථය වනාහී ඉතාමත්ම සංකීර්ණව පෙන්වා දෙන්නේය. මනෝවිද්‍යාවට අනුව මිනිස් මනසේ ඇති වන්නේ සිතුම් ව්‍යුහය ඒඑ ් පුද්ගලයාගේ බුද්ධිවර්ධනය අනුව එය වෙනස් වේ. තර්කනය විමර්ශනය හා ගැටළු විසදීම සම්බන්ධයෙන් ක‍්‍රියාවලියෙහි මනසේ සිතුම් ව්‍යූහය වේ.
මෙලෙසින් පුද්ගල චරිතයනගේ ගූඪාභ්‍යන්තරය විවරණය කිරීම මෙකී සාහිත්‍ය ඔස්සේ සාහිත්‍යකරුවා යොමුවේ. මනෝවිශ්ලේෂණීය සාහිත්‍යයේදී විමසීමට හැකියාව ඇත. මානසික විද්‍යාඥයන්ගේ සොයාගැනීම් වරයන් හා පාඨකයන් අතර ජනප‍්‍රීයවීමත් ඒවා ගැන පුළුල් උනන්දුවක් දැක්වීමත් නිසා එහි බලපෑම සාහිත්‍යය ස`දහාද ප‍්‍රවේශවිය. එකී විඥානධාරා රීතිය භාවිතාකළවුන් අතර ජෙම්ස් ජොයිස්, වර්ජිනියා වූල්ෆ්, ඩොරති රිචඞ්සන් වැනි නවකතාකරුවන්ගේ කෘති දෙස බලන අපට පැහැදිළි වෙයි. මානසික විද්‍යාඥයන් මිනිස් මොලය විග‍්‍රහ කිරීමේ ක‍්‍රම සොයාගැනීමත් එය මනෝවිශ්ලේෂණවාදයේ දිගුවක් ලෙසින් වර්ධනය වීමත් නිසා සාහිත්‍යය භාවිතාවට ගැනීමට හැකියාව ලැබුණි. විසිවැනි සියවසේ සාහිත්‍ය කරුවන් මෙහිදී චිත්ත ස්වභාවය හා චිත්තාචාරය එනම් සිත ක‍්‍රීයාකරණ අයුරු තම කෘතිවලින් විදහාපෑමට යත්න දැරූහ. චරිතයනගේ සිතිවිලි ආවලිය හෙවත් ‘‘විඥානධාරාව’’ (ිඑරු්ප දෙ මබජදබිසදමි * ඒ හැටියෙන්ම ග‍්‍රන්ථාරූඪ කිරීමට තැත් කළේය. ඒ මාර්ගය ඔස්සේද දැකිය හැක්කේ මෙකී සාහිත්‍යය මාර්ගයෙන් කිසියම් වු කාරණාවක් පිළිබඳව අදහසක් ගැනීමට ඇති හැකියාවයි. සිංහල සාහිත්‍යයේ ප‍්‍රකට විද්වතකු ලෙසින් සැළකෙන මාර්ටින් වික‍්‍රමසිංහ විඥානධාරව සාහිත්‍යය හා භාවිතය පිළිබ`දව අදහස් දැක්වූවෙකි. ඔහු පවසනුයේ බුද්ධියට වඩා හදවතට ඉඩදීම ඔස්සේ සාහිත්‍ය කරුවාගේ මානසික විවරණය කිරීමට යොමුවීම සිදුවන බවය. එහිදී ඔහු මනෝවිශ්ලේෂණීය සාහිත්‍ය විචාරය හා සම්බන්ධව දක්වන අදහස මෙසේය.
‘‘ දස දෙනෙක් කාව්‍යයකින් ලබන්නේ දස විධියක චමත්කාරයකි. ඒච මත්කාරය ඔවුන්ගේ අත්දැකීම් රුචිය හා දැනුමද අනුව වෙනස් වෙයි. ඒච මත්කාරය දනවන චිත්ත චෛතසික ධර්ම ශෘංගාරය භයානක හා අත්භූත යනු විසින් වෙනස්කොට හැඳින්වීම මනෝවිද්‍යාත්මක විභාගයක් මිස කාව්‍ය විභාගයක් නොවේ. එකකු සිනස්වන දෙය නම් ඇතැම්විට තවත් එකකු හඬවයි. එකකු තුළ රාගය දනවන දෙය තවත් එකකු තුළ දනවන්නේ විරාගය නොවේ නම් පිළිකුලයි.’’
මෙසේ වික‍්‍රමසිංහ මහතා එකී සාහිත්‍ය විචාරයේදී පවත්නාවූ මනෝවිද්‍යාත්මක නියෝජනය විස්තර කරන ආකාරයයි. කෙසේ හෝ සාහිත්‍යධාරාවේ දෘශ්ටිවාදාත්මක පදනම සකසාගැනීමේදී මිනිසාගේ ඇතුළු හදෙහි පැනෙන සිතිවිලිවලට ප‍්‍රධාන තැනක් ගැනෙන බව කිව හැකිය. මිනිසා බලහත්කාරයෙන් පද්ධතිගත කළ නොහැකි බව මෙකී විචාරයේදී පැහැදිළි වේ. ඒ මිනිසාගේ පූර්ව විනිශ්චයාත්මක හරයන් ප‍්‍රතික්ෂේප කරමින් ස්වෛරීත්වය හා ස්වච්ජන්දතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම නිසාවෙන්ය. නූතන සාහිත්‍ය විචාරයෙහිලා මනෝවිශ්ලේෂණිය විචාරයට වැඩිදියුණු වූයේ මේ හේතුවෙන් බව කිවහැකිය. අධියථාර්ථවාදය (ිමරු්කසිප* තුළද මූලික ලක්ෂණ කිහිපය අතරේ මෙකී විඥානධාරාව සාහිත්‍යය කථිකාවට ලක්වේ. මෙහි යථාර්ථවාදයේ වගේ කාලය හා ඉඩහසර අතර සබඳතාවයක් දක්නට ලැබෙනුයේ නැත. මෙලෙස අධියථාර්ථවාදී කලාකරුවා පරිකල්පණය උපවිඥානය හරහා අනාවරණය කිරීම බොහෝදුරට සිදුකරනුයේ මෙම ධාරණවාදී සාහිත්‍ය ඔස්සේය. සියළු මානව සබඳතාවයන්ට පෙන්වා දෙනුයේ ඔවුන් ඒ ලෙසින්ය. මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයෙකු වන ජෝර්ජ් ප්ලෙකනොව් (ඨදරටස ඡුකැන්බදඩ* කලාකරුවා සමාජයේ වැසියන්ගේ චිත්තාභ්‍යන්තරය විභාගයෙහිද සමත්විය යුතු බවය.
” පන්ති අරගලය චිත‍්‍රණය කරන කලාකරුවා එම අරගලය විසින් චරිතයන්ගේ අධ්‍යාත්ම ස්වභාවය හා ඔවුන්ගේ සිතුම් පැතුම් හා හැ`ගීම් නිශ්චය කෙරෙන ආකාරය අපට පෙන්විය යුතුය. එක් වදනකින් කියතොත් කලාකරුවා මනෝවිද්‍යාඥයකු විය යුතුය.” ඒ ආකාරයේ දැක්මක් හා යොමුවීමක් මෙකී සාහිත්‍යය කරුවාගේ දැකිය හැකිය. එබැවින් භාෂාව උපයෝගීව ලියැවෙන සාහිත්‍ය ලියවිල්ලක කලාකරුවා පරිකල්පනය උපවිඥානය හරහා ප‍්‍රකාශකිරම සිදුකළ යුතයි. උක්ත අදහසට අනුව අපගේ මෙම කාරනාවන් සමූහයයි. මෙම සාහිත්‍ය විචාරයන් ආශ‍්‍රයෙන් චින්තනය අනුව මිනිසාගේ ග‍්‍රහනයෙන් එපිට එනම් අචේතනික වසයෙන්ද දක්වන්නේය. එබැවින් දක්වන්නාවූ අදහසට අනුව මිනිස් චින්තනයෙන් එපිට අනිකක් ලෙසින් ඔහු දැක්වූයේය. කලාකරුවාගේ කාර්යය සිග්මන් ෆ්‍රොයිඞ් මෙසේ දක්වන්නේය.
‘‘කලාකරුවා වු කලී යම් මනෝවිද්‍යාත්මක පදනමක පිහිටා යථාර්ථයෙන් ඉවත හැරී තමාගේ පුළුල් උනන්දුව මෙන්ම ශක්තියද ඇතිව ස්වකීය සකලවිධ අභිමතාර්ථයන් මන:කල්පිත ජීවිතයක් ඇති එකම තැනැත්තා කලාකරුවා පමණක් නොවෙයි. අත්භූතයේ අන්තර් ලෝකය පිළිබඳ පොදු මානව අනුමැතියෙන් පිළිගනු ලැබූවෙකි. එහෙත් කලාකරුවන් නොවන පුද්ගලයන්ට නම් අත්භූතයේ උල්පත් මගින් ලැබියහැකි සන්තර්පණය සීමා සහිතවේ. සැබෑ කලාකරුවෙකුටනම් තමා ඉදිරියේ ඊටවඩා බොහෝදෑ ඇත්තේය. පළමුකොටම තමන්ගේ දවල් සිහින නුපුරුදු කන්වලට යාහුල් හෙලනකල පෞද්ගලිකත්වය තුරන්වන පරිදි විස්තාරණය කරණ පිළිවෙල ඔහු දකී. ඒ සිහින කොතැනින් ලබාගත්තේද යනු අනාවරණය කිරීම අවශ්‍ය වූ කල්හි හදුනාගත හැකි එසේම යම් යම් නිශ්චිත මූලාශ‍්‍රමය නියම මන:කල්පිත ජීවිතය පිළිබඳව සන්තුෂ්ටි ධාරාව කෙතරම් ප‍්‍රබල වන්නේද යත් ටික කලකට හෝ ඊට එල්ල කෙරෙන බාධා යටපත්වි ¥රීභූතවී යනු ඇත. මේ සියල්ලම සපුරාලීමෙන් අන්‍යයන් අචේතනික සන්තුෂ්ටි මාර්ග අස්වැසීමටත් තහවුරු කිරීමටත් කලාකරුවා සමත්වන අතර අනුන්ගේ ප‍්‍රශංසාව හා ප‍්‍රසාදය ලැබීමට සුදුසුවෙයි. මේ ප‍්‍රශංසාව වූ කලි කලාකරුවා සොයායන යථාර්ථයේ කොටසක්බව සැලකුව මනාය.’’
මෙහිදී ප‍්‍රකාශ කරලන්නාවූ විචාරයේදී අන්තර්ඥාන ප‍්‍රතිලාභයට හේතු සෙවීම සඳහා යටකී පරිදි උපකල්පණයක් අවශ්‍ය වේ. එනම් සෑම යුගයක් සම්බන්ධයෙන්ම කලාකරුවාගේ අන්තර්ඥානමය ගවේෂණය වැදගත්වේ. එබැවින් මේ භාවමය වූ අන්තර්ඥානමය සෑම විචාරයක්ම කලාකරුවකුගේ කාර්යාවලියකි. මේ කාර්යාවලියෙහිලා පැහැදිළිවම දැක්විය හැක්කේ විඥානධාරා රීතිය ඔස්සේ එම සමාජ පසුතලය ආරම්භ කරලන බවය. මෙහිදී සිග්මන් ෆ්‍රොයිඞ්ගේ ඊඩිපස් සංකීර්ණය වනාහීද මනෝවිශ්ලේෂණීය සාහිත්‍යය ඔස්සේ පැහැදිළිවම දැක්විය හැකි කාරණාවකි. මෙලෙසින් දැක්වියහැකි ආකාරයට පැහැදිළි වනුයේ නිර්මාණ කාර්යාවලිය ඔස්සේ භාෂාත්මක සංඥාවේදයේ පවතින්නාවූ කිසියම් අදහසක්ය. කෙසේ හෝ උක්ත ආකාරයේ විාරාක්ෂින් ඔස්සේ මනෝවිශ්ලේෂණීය සාහිත්‍යයේ ස්වභාවය පිළිබඳ යම් පැහැදිළි කිරීමක් කළ හැකිය.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment