UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සාහිත්‍යයේ ශාංගාරය ලෙසින් හඳුන්වනුයේ කුමක්්ද?

Wednesday, December 11, 2013

සාහිත්‍යයේ ශාංගාරය ලෙසින් හඳුන්වනුයේ කුමක්්ද?

සාහිත්‍යයේ ශාංගාරය ලෙසින් හඳුන්වනුයේ කුමක්්ද? ජීවිත අරමුණු අතර රසඥතාව ප‍්‍රධාන එකකි. ජීවත් වීමේදී රසය හඳුනන බව හා එය පදනම් කොටගෙන රසවින්දන ශක්තිය ඇතිකර ගනී. මෙහිදී රසඥතාවය ලෙසින් අප හඳුනාගනුයේ කලාවන්ගේ රසය විඳගැනීමය. ඒ තුළින් සාහිත්‍යය නිර්මාණයන්හි සංතෘප්තවීම යනුවෙන් හඳුනාගනී. ඒහිදී කිසියම් සාහිත්‍ය නිර්මාණයක් හෝ කලානිර්මාණයක් පදනම් කොටගෙන ඇතිකරගන්නාවූ ප‍්‍රබුද්ධ රසවිින්දනය මෙහිදී අප රසඥතාව ලෙසින් හඳුනා ගැනේ. එහිදී රසය පිළිබඳව ලොව විවිධ උගතුන් විවිධ අර්ථ කථනයන් ඉදිරිපත් කොට ඇත. භාරතීය විචාරකයන් ඒ අතරින් කැපී පෙනේ. එහිදී භාරතීය විචාර සංකල්ප අතර රසවාදය ලෙසින් ප‍්‍රධාන විචාරවාදයක් පවා බිහිවිය. එහිදී රස සංකල්පය ඉදිරිපත් කළවුන් අතර භරතමුනි කැපී පෙනේ. මන්දයත් ඔහු විසින් සිය නාට්‍යශාස්ත‍්‍රයේදී රසවාදය පිළිබඳව වෙනමම විස්තරයක් ඉදිරිපත් කරණ නිසාවෙනි. එහිදී ඔුවුන් පවසන අන්දමට රසය යනු රස සූත‍්‍රයට අනුව මිනිසාගේ ආත්මය හා කෙසේ බැඳගෙන ඇත්ද යන්නත් එය සාහිත්‍යය හා කෙලෙසින් බද්ධව යන්නේද යන්නත් පිළිබඳව මෙහිදී අපගේ විචාරාක්ෂියට බඳුන්වේ. එහිදී රසවාදය යනු කුමක්ද හා එකී රසයන් අතර ශෘංගාරය යනු කුමක්දැයි පැහැදිළිකිරීම ප‍්‍රධාන අරමුණ වේ. ඒ යටතේ ශෘංගාරය වනාහී සාහිත්‍යය නිර්මාණයන් හමුවේ කෙලෙසින් නිරූපණය වී ඇද්ද යන්නත් එය රසවිඳීමේ ස්වභාවයව පිළිබඳවත් මෙහිදී විමසීමක් කෙරේ. (01* . රසය යනු කුමක්ද? ක‍්‍රි.පු 1 වැනි සියවසේ භරත මුනිගේ නාට්‍ය ශාස්ත‍්‍රයේ ප‍්‍රධාන රස සංකල්පය විචාරය විය. නමුදු රස සංකල්පයේ ආරම්භය ඊට ප‍්‍රථමයෙන් සිදුවී තිබේ. භාරතීය විචාරකයන් අතර භරතමුනි කියනුයේ රසය උපදිනුයේ ‘‘ විභාවානුභාව ව්‍යභිචාරීසංයෝගාත් රසනිෂ්පත්ති:’’ එනම් විභාව, අනුභාව හා ව්‍යභිචාරීභාවයන්ගේ එකතුවීමෙන් බවය. රසය හා සමාන පාඨයක් ඉංග‍්‍රීසියෙහි හෝ බටහිර අන්‍ය භාෂාවකින් සොයා ගැනීම අපහසුය. එය ( ්ිඑයැඑසජ ැංචැරසැබජැ * යැයි ඇතැම් විට ඉංග‍්‍රීසියෙන් පරිවර්තනය කෙරේ. කෙසේ හෝ රස සංකල්පය වනාහී බොහෝ විට සෞන්දර්ය සංකල්පය හා සමීපවන බවක් දැකිය හැකිය. ‘‘ඉන්ද්‍රීයයන්ගේ අත්දැකීම් නිසා අපතුළ පහලවන චිත්තාහ්ලාදය රස නමින් හැඳින් වේ.’’ තවද රසාස්වාදය ඉංග‍්‍රීසියෙහි (්චචරුජ්ස්එසදබ* යන්න ‘‘ අවබෝධය’’ නැතහොත් ‘‘උසස් ලෙස අගය කිරීම’’ යන අරුත් දෙයි. එහිදී කිසියම් සාහිත්‍ය කෘතියක භාවාත්මක චිත්තවේග (ැපදඑසබ්ක* යන්න පමණක්ම රසය ලෙසින් දැක්විය නොහැක. එහිදී රසය විඳීමට නම් එකී නිර්මාණයේ මූල ධාතුව (ැකැපැබඑි* සෙවිය යුතුයි. ඒ අනුව මූලධාතුව ලෙසින් ගනුයේ අන්තර්ගත දෑ හෙවත් ශරීරය (ජදබඑැබඑි* හා එහි අඬ්ගය (දෙරප* යන කාරණා දෙකය. ඒ අනුව ශරීරයේදී අදහස් (එයදමටයඑ* සංයෝග (්ිිදජස්එසදබි* සංකල්ප (සප්ටැරහ* හා භාවයන් (ැපදඑසදබි* යනාදී ඒවා පිළිබඳව සෙවීම රසය ඇති කිරීමේ මාර්ගයයි. කාව්‍යයක් හෝ කවර ගණයේ සාහිත්‍ය කෘතියක් වේවා එහි පරමාර්ථය විය යුත්තේ සුඛය ඇතිකිරීමයි. ඒ අනුව දුකක් වනාහී ඇතිවේ නම් එය කියවීමට මැළිවෙති. නමුදු රසවාදයට අනුව දුකද රසයක් බව අප මෙහිදී මතක තබාගත යුතුය. ශෘංගාර රසය වනාහී මෙයින් ප‍්‍රකටම රසයයි. රසය යනු පංචේන්ද්‍රීයන්ට ගොචරවන්නාවූ බ‍්‍රහ්මාස්වාදයෙන් විඳිය යුත්තකි. මෙය භාරතීයයන් මෙසේ බෙදා දක්වති. භාව - රති, හාස, ශෝක, ක්‍රෝධ, උත්සාහ, භය, ජුගුප්සා, විස්මය යනාදී භාවයන්ය. රස - ශෘංගාර, හාස්‍ය, කරුණ, රෞද්‍ර, වීර, භයානක, බීභත්ස්‍ය, අද්භූත යනාදී රසයන්ය. එබැවින් ලෞකිකත්වය ඉක්මවූ ලෝකෝත්තර වන අතර එය විචාරකයන් විසින්ම වින්දවිය යුතු එකක් බව විචාරකයෝ දක්වති. ‘‘ සේවාද් රේඛා දණ්ඩච - බ‍්‍රහ්මාස්වාද: සහෝදර: ලෝකෝත්තර චමත්කාර: - ප‍්‍රාණ: කෛශ්චිද් ප‍්‍රමෘතිභි: ස්වාකාරං වදභින්නත්වේනයා - මාසාද්‍යතෙ රස: ’’ සාහිත්‍යෝදයේ දැක්වෙන අන්දමට රසය වනාහී විචාරකයා විසින්ම වින්දවිය යුතු එකක් ලෙසින් දක්වයි. මෙහිදී රසය සාහිත්‍යයෙහි අර්ථ රසය ලෙසින්ද ශබ්ද රසය ලෙසින් බෙදීමට ලක්වෙන බව කිව හැකිය. අර්ථරසය මෙයින් මනසට ගෝචරවේ. ශබ්ද රසය වනාහී කනට ගෝචර වේ. මෙහිදී ශබ්ද රසයේ දියුණුව සඳහා ඉවහල්වන කාරණා ලෙසින් දක්වනුයේ උචිත වෘත්තය, රිද්මය, ශබ්ද ධ්වනිය, එළිසමය, පද ඖචිත්‍යය, අක්ෂරෞචිත්‍යය, අවස්ථානුකූල ශෛලිය, හා ශබ්දාලංකාර ලෙසින් දැක්වේ. තවදුරටත් ශෘංගාරය පිළිබඳව නිර්වචනය කිරීමේදී ශබ්ද කල්පදෘමේ මේ ලෙසින් දක්වයි. ‘‘ පුංශ: ස්ත‍්‍රීයා: පුංසි සංයෝගං පුතියා ස්පෘහා, - ස ශෘංගාර ඉති ඛ්‍යාතො රතික‍්‍රීඩාදිකාරණම් ‘‘ පුරුෂයෙක් ස්ත‍්‍රීයක කෙරෙහිද ස්ත‍්‍රියක් පුරුෂයෙකු කෙරෙහිද සමාගමය , සංයෝගය, සම්භෝගය යන මෙකී රතික‍්‍රීඩාවන් ශෘංගාරය දැනවීමෙහිලා බලපානු ලැබේ. මේ පිළිබඳව ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂයේ දැක්වෙනුයේ මෙවන් අදහසකි. ආලය, රාගය, මෙවුන්දම, රාගෝත්පාදයට හේතුවන ඇඳුම් ආදියෙන් කළ වේශය අලංකාරිකයන් ආභරණය නෘත්‍ය ආලය පිළිබඳව හැඟීම් නාට්‍ය රසයේ පළමුවැන්න විලාසියා විසිතුරු ලෙස සැරසුණු අය, තවදුරටත් මෙය සංස්කෘත ශබ්දකෝෂයෙහි දක්වනුයේ මේ ලෙසින්ය.( කදඩැල ිැංමක ච්ිිසදබ දර ාැිසරු දර ැබවදහපැබඑ එයැ ැරදඑසජ ිැබඑසපැබඑල * එනම් ආදරය, කාමුක ලාලසාව, කාමාශාව, රාගය, කාමුක හැඟීම යන අරුත ගෙනදේ. එබැවින් රසය පිළිබඳව මෙලෙසින් කිසියම් අවබෝධයක් ලබාගත හැකිය. එය වනාහී මිනිසාගේ ඉන්ද්‍රීය සංජානනය හා බද්ධවන්නක් බව කිව හැකිය. (02* සාහිත්‍යයේ ශාංගාරය ලෙසින් හඳුන්වනුයේ කුමක්්ද? ‘‘ සහිතස්‍යභාවෝ සාහිත්‍යම්’’ අතිශයින් හිතවත්වූ ලියවිල්ල සාහිත්‍යය ලෙසින් හඳුන්වයි. මානවකේන්ද‍්‍රීය සෞන්දර්යාත්මක නිර්මාණ සමුච්චයට අප සාහිත්‍යය ලෙසින් ආමන්ත‍්‍රණය කරනෙමු. මිනිසා බුද්ධියෙන් දියුණු වෙත්ම හැඟීම්ද වැඩිවෙයි. ඒ හැඟීම් ඇසුරු කොටගෙන දැනෙන රසයද වැඩි වෙයි. ඒ බුද්ධියෙන් දියුණු මිනිසා වඩාත් නිවහල්ව සිතීම නිසාත් සාහිත්‍ය නිර්මාණ බිහිවීමත් නිසාය. එකී සාහිත්‍ය තුළ ඇතුළත් රස හැඟීම් හා රස දැකීම් ස්වභාවික සිද්්ධියකි. මෙකී සාහිත්‍යයයෙහි රස හඳුනාගත හැක්කේ සහෘදයකුවී සාවධානව සාහිත්‍යයය කියවීමෙන් බව පිළිගත් මතයයි. මේ අනුව රසය වනාහී නිර්මාණයක් වෙත පාඨකයාගේ යොමුවීම ඉටුකරලන්නාවූ තත්වයකි. එහිදී සාහිත්‍යයයේ රසය ඇතිකරනුයේ චමත්කාරය බව ඇතැමෙක් පෙන්වා දුන්නේය. ඒ අනුව කාව්‍යයේදී ‘‘ වාක්‍යං රසාත්මකං කාව්‍යං’’ යන කියමන පවා ප‍්‍රකටවිය. මෙලෙසින් චමත්කාරය ඇතිකිරීමෙහිලා එකී නිර්මාණය භාවපූර්ණ වූත් රසාලිප්තවූත් එකක් විය යුතුය. නමුදු රසවාදයට අනුව සාහිත්‍යකලා නිර්මාණයක් සුඛපක්ෂයේ වේවා දු:ඛ පක්ෂයේ වේවා නවනළු රසයට අනුව රස විඳිය හැකිය. මෙසේ චමත්කාරය ඇතිවනුයේ යම් නිර්මාණයක් කියවීමේදී රසය යන භාවය පහලවන නිසාවෙන්ය. ‘‘ රසේ සාරශ්චමත්කාර: සර්වත‍්‍රාප්‍යනුභූයතේ තච්චමත්කාරසාරත්වේ සර්වත‍්‍රාප්‍යද්භූතො රසා තස්මාද්ද්භූතමේවාහ කෘති නාරායණ රසම් ’’ මෙලෙස නාරායණගේ අදහසට අනුව රසය වනාහී සාහිත්‍යයේ නිරූපණය වන්නේ පාඨකයාට එය අනුභූතිය වන ආකාරයෙන් බවයි. එබැවින් ශාංගාරය වනාහී උක්ත අදහස හා අතිශයින් බද්ධවන්නකි. එයට හේතුනම් එය අතිශයින් ශාරීරික ඉන්ද‍්‍රීයයන් පදනම්ව විකාශනය වන නිසාවෙන්ය. ශාංගාර රසයද ඇතිවනුයේ නොකියවූ සාහිත්‍ය නිර්මාණයක් දැකීමෙන් ඒ හා බැඳෙන්නාවූ පෙර නොදුටුවිරූ අපූරු සිතිවිල්ලක් මාර්ගයෙන් ඇතිකරලන චමත්කාරය බව කිව හැකිය. එබැවින් සාහිත්‍යයයෙහි ශාංගාර රසය යනු නිර්මලවූ ආස්වාදයකි. එය වනාහී අන් වේදයිතයන්ගෙන් වෙන්වූ එකකි. ‘‘ නග්නවූ ස්ත‍්‍රී රූපයක ලාවන්‍ය දෙස බලන්නාගේ සිත තුළ කාමුක හැඟීමක් පහළ වුවහොත් ඔහුට රසයක් විඳිය නොහැකිය. නොහොත් කාව්‍යයක ශාංගාරාත්මක වර්ණනාවක් කිවයන විට කෙනකුගේ කාම තෘෂ්ණාව පිබිිදේ නම් ඔහු රසයක් නොවිඳියි. රසය තෘෂ්ණාවෙන් තොර වූවකි. තෘෂ්ණාවට තුඩු දෙන්නේ භාවයන්ය. රතිය නැමති භාවය ශාංගාරය නැමති රසයට පෙරළුණු විටය. කාව්‍ය නිර්මාණයක් ඇතිවන්නේ....’’ මේ අනුව ශාංගාරය යනු සාහිත්‍යයයේ එන පහත් වූවක් නොව එය ධ්‍යානයට සමවැද විඳිය යුතු භාවයකි. ශාංගාරය පිළිබඳව තවත් වැදගත් අදහසක් ලෙසින් අග්නිපුරාණයේ දක්වයි. එහි එන අන්දමට ශාංගාරය යනු ස්ත‍්‍රී පුරුෂයන් අතර හටගන්නාවූ රතියේ පෝෂණය ලෙසින් පෙන්වා දෙයි.‘‘ ආනන්දය වූ කලී ඒ පරබ‍්‍රහ්මන්හි සහජ ස්වරූපයයි. කිසි කලෙක්හි පරබ‍්‍රහ්මන් ඒ ආනන්දය වෙත ව්‍යක්ත වෙයි. ඒ ආනන්දයෙහි ව්‍යක්තිය චෛතන්‍යය චමත්කාරය රස යන නම් වලින් හඳුන්වයි. ඒ ආනන්දය වූ හෙවත් ප‍්‍රථම විකාරය නම් අහංකාරයයි. ඒ අහංකාරයෙන් අභිමානය විතර්කනය වෙයි. මේ භුවනත‍්‍රය ඒ අභිමානයෙන් ව්‍යාප්තවෙයි. අභිමානයෙන් රතිය විතර්ණනය වෙයි. ව්‍යභිචාර ආදීභාවයන්ගේ සංයෝගයෙන් පරිපෝෂණයට පත්වූ කල්හි ඒ රතිය ශාංගාරය යන නමින් හඳුන්වනු ලැබේ.’’ එබැවින් ව්‍යභිචාරී භාවයනගේ මාර්ගයෙන් මෙකී රසය නිරූපණය වනබව කිවහැකිය. කෙසේ හෝ මෙම ශාංගාර රසය වනාහී ආලංකාරිකයන් සැලකූයේ සියුමැලි රසය ලෙසින්ය. එසේම මෙම රසය ආස්වාදනය කිරීමට කවර කෙනකු තුළ උවද හැකියාව ඇත. තවද ශාංගාරය වනාහී ඉතා සියුම් ලෙස සලකතොත් එය ශ‍්‍රව්‍ය අර්ථයක් ගෙනදේ. සාහිත්‍යයේ ශාංගාරය නිරූපණය වන අවස්ථාවක් නම් මාධුර්ය ගුණය ඇති අවස්ථාවය. සාහිත්‍යයේදී ශාංගාර රසය හටගනුයේ රසාභාස හා භාවාභාස දෙකේ මිශ‍්‍රණයෙන් බව පැහැදිළිය.‘‘නිදර්ශනයක් වශයෙන් කාව්‍යයේ නායකයා තුළ පේ‍්‍රමයක් ඇතිමුත් එම පේ‍්‍රමයට පාත‍්‍රවන තරුණිය තුළ ඔුහු කෙරේ පේ‍්‍රමයක් නොමැති නම් එබඳු අවස්ථාවකදී උපදින්නේ ශාංගාර රසාභාසයක් පමණි. නියම ශාංගාර රසයක් නොවේ. එසේම ඔහුගේ පේ‍්‍රමයට ආලම්භ වනුයේ තම ගුරුවරයාගේ බිරිඳනම් පේ‍්‍රමය නිරූපණය වන්නේ කාව්‍යනායකයා තුළ හෝ නොව අන්‍යයකු තුළ නම් එසේම එය හීනජාතික ප‍්‍රකෘතියෙකු තුළ හෝ තිරශ්චීනයකු තුළ නම් එවිට හටගන්නේද ශාංගාර භාසමැයි.’’ මේ අයුරින් සාහිත්‍යයයක ශාංගාරය හා ප‍්‍රධාන රසයන් යෙදෙන ආකාරය පැහැදිළිය. ඒ අනුව ශාංගාරය වනාහී භාවාභාසය හා විප‍්‍රලම්භය පදනම්ව මනසතුළ නිමග්න වන්නාවූ හැඟීමකි. කෙසෙේ හෝ සාහිත්‍ය නිර්මාණයෙහිලා බොහෝ විට යෙදෙනුයේ ශාංගාරය ප‍්‍රධාන රසයක් ලෙසින් පිළිගැනීමට මැලිවෙති. ඒ ප‍්‍රධාන රසයක ඇති පරිපූර්ණත්වය නොමැති යැයි සළකාගෙනය. ‘‘ නූතනයේ බොහෝ නිබන්ධනවල ගැබ්වෙනුයේ සෞන්දර්්‍යය හා බැඳුණු ශාංගාරයකි. ශාංගාරය සම්පූර්ණ රසයක් නොවේ. එය ‘‘කව්‍ය’’ රසයෙහි අංශයක් වේ. කාම්‍ය රසයෙහි පංචවිධ භේදයක් දැක්වෙයි. 1දර්ශන 2ශ‍්‍රවණ 3 ආඝ‍්‍රාණ 4අනුභාව 5 ස්පර්ෂ යනාදී ලෙසින්ය. ශාංගාර රසය ලෙසින් හඳුන්වනුයේ මේ පංචවිධ රසයනගේ පස්වෙනි අංගයයි.’’ කෙසේ හෝ මේ රසය වනාහී පැහැදිළිවම පවතිනුයේ තදීය නිර්මාණයක් කියවන කළ හෝ අසනකල රසවිඳින විටදීය. ඒ හා ඇතිවන හැඟීමකදී බව පැහැදිළිය. තවද ආලංකාරිකයන් ශාංගාර රසය ලෙසින් ගනුයේ තරුණ තරුණියන් තුළ ලිංගික ප‍්‍රබෝධය පදනම්ව ඇතිවන ප‍්‍රමෝදයක් ලෙසින්ය. පංචේන්ද්‍රීයයන් අනුව රසවිඳීමට ඇතිවන ආශාව ඇසුරුකොට ගන්නා ප‍්‍රමෝදවත් භාවය ශාංගාරය නම්න් හැඳින්වේ. ’’ මේ අනුව සාහිත්‍ය නිර්මාණයකදී ආලම්භන හා උද්දීපන විභාව මාර්ගයෙන් ඇතිකරණ රසය වනාහී ශාංගාරය බව යම් අයුරකින් සිතිය හැක. ඊට අනුචිත පරිසරය බව පැහැදිළිය. මල් ගස් ආදියෙන් රම්‍යවූ පරිසරයෙන්ද ඒවාගේම නා නා පාත‍්‍ර වර්ගය නිසාද ඇතිවනුයේ ශාංගාරාත්මක හැඟීම්ය. සරාගී ආනුභාවයන්ද එකී රසය තවත් ලෙසකින් වර්ධන කරයි. අද්භුත රසය බව ඔහු තවදුරටත් දක්වයි. ‘‘ එකො රසොංගී කර්තව්‍යො වීර: ශාංගාර මෙවච අංගෙ මන්‍යෙ රසා: සර්වේ පර්ධාන් නර්්වහණෙ ද්යුතම් ’’ එබැවින් ශාංගාරය වනාහී සාහිත්‍යයෙහිලා සැළකීමේදී එය ප‍්‍රධානවම ආහ්ලාදජනක ඉන්ද්‍රීයපිනවන රතිය පදනම්ව පසුව එය අද්භූත රසය දක්වා දිවයන බව පැහැදිළිය. තවද ශාංගාර රසය මුනිදාස කුමාරතුංග මහතා කාම්‍ය රසය ලෙසින් හඳුන්වයි. එසේම ඔහු එය කොටස් පහක් යටතේ බෙදා දක්වයි. දැකීමට, අසීමට, ආඝ‍්‍රානයට, අනුභවයට, ස්ඵර්සයට ආසාවන් පහල වනුයේ මෙම කැම් රසය ලෙසින් යැයි පෙන්වා දෙයි. එබැවින් මෙසේ සාහිත්‍යයෙහි හඳුනාගත හැකි ශාංගාර රසය විශ්වනාථ විසින් දක්වනුයේ මේ ආකාරයෙන්ය. ‘‘ ශාංඬ්ගං හිමන්මථොද්භෙද - සතදාගමන හේතුක: උත්තම ප‍්‍රකෘති ප‍්‍රාය: - රස: ශාංඬ්ගාර ඉෂ්‍යතෙ’’ එනම් ශාංගනම් අනඬ්ගයාගේ උද්භේදයයි. එය පැමිණීමට හේතුවූයේ ශාංගාරය රසය නම් වේ. මෙය බෙහෙවින් ඇත්තේ ශ්‍රේෂ්ඨයන් ඇසුරු කොටය. ’’ තවද ආචාර්ය වාග්භටයන් එය හඳුන්වනුයේ ‘‘ ඡුායා පත්‍යොර්ථම්ථො රථ්‍යා - වෘත්ති: ශාංගාර උච්්‍යතේ ’’ සරාගී අඔු සැමි දෙදෙනකුට රහස්‍ය ප‍්‍රවෘත්තිය ශාංගාරය යැයි කියනු ලැබේ. තවදුරටත් රසය පිළිබඳව සාහිත්‍යයෙහි කරුණු දැක්වීමේදී පෙනෙනුයේ සුබෝධාලංකාර කතුවරයා එය කොටස් තුනක් යටතේ දක්වයි. එනම් 01* රතස්ථායී සංඛ්‍යාත ශෘංගාරය 02* සම්භෝග ශෘංගාරය 03* විප‍්‍රලම්භ ශෘංගාරය ලෙසින්ය. එබැවින් සාහිත්‍යයෙහි රසය ලෙසින් අප මෙහිදී රමණීයත්වය හෙවත් ගීතකාල ආදී වශයෙන් නැවත නැවතත් ඇලීමට සිත් ගැනීම මෙහිදී ශෘංගාරය ලෙසින් පැහැදිළි කොට ගතහැකිය. එය විභාව හා අනුභාවාදී භාවයන්ගේ මෙහෙයවීමෙන් නිපැදෙන බව පැවසේ. 03* සාහිත්‍යයේ ශාංගාරය යෙදෙන ආකාරය පිළිබඳව යම් විමසීමක්. සාහිත්‍යයේ ප‍්‍රධාන රසයන් අතුරින් ශාංගාරය වනාහී ප‍්‍රධානතම රසයක් ලෙසින් හඳුනාගත හැකිය. එය මිනිසාගේ භාවයන් රසයෙන් ප‍්‍රීතියට පත්කරණ නිසාවෙන් එකී රසයට සියල්ලෝම කැමති වෙති. ඒ එයින් පැහැදිලිවම සියුමැලි හා බොහෝ ජනයාට විෂයවන මුඛ්‍ය රසයක් වන නිසාය. මෙහිදී අප ශාංගාරයේ ප‍්‍රධාන ප‍්‍රභේදයන් දෙකක් ලෙසින් හඳුනා ගනිමු. (1* විප‍්‍රලම්භ ශාංගාර (2* සම්භෝග ශාංගාර ලෙසින්ය. එහිදී එකී අවස්ථාවේදී හෙවත් විප‍්‍රලම්භ ශාංගාරයේදී නායකයා තුළ ස්ථායීභාවයට අරමුණුවූ ආලම්භන විභාවය තවමත් ජීවත්ව සිටීී. නිදසුන් ලෙසින් කුසරජුගේ පුවත ගතහැකිය. එනම් පබවතියගේ වියෝගයෙන් දුකටපත්වූ කුසරජුගේ මනෝගතීන් පැවති අයුරෙණි. එහිදී කුසරජුගේ සිතේ නැවත එක්වීමේ අනාගත බලාපොරොත්තුව ඇත. එය වනාහී විප‍්‍රලම්භ ශාංගාරයේ ඇති විශේෂ තත්වයයි. එහිදී කුසරජ දියකෙළියෙහිදී පබවතගේ අත ඇල්ලීම නිසා ඇය දියරකුසකු අල්වාගත්තේයැයි සිතා වෙන්වෙයි. ඒ සිය සැමියාගේ රුව දුටු පළමු අවස්ථාව නිසාත් ඇතිවූ පිළිකුළත් නිසාය. එහිදී රතියේ හා පබවතගේ වියෝගයේ දුක නිසාවෙන් කුසරජුගේ වැලපීම වනාහී විප‍්‍රලම්භ ශාංගාරය දනවයි. ‘‘ පසුගිය දිනවල අනුරාගය පුරවා ඇති ඇගේ ඇගේ පියවුරු මගේ ළයෙහි තබා සැරසුවාය. ඉතින් මගේ හදවතේ කෙසේ නොතැවී සිටීද.’’ (557* ‘‘ යන්නාවූ පබවත සමඟ මගේ සිතද මදෙස නොබලාම ගියේය. මෙතැන් සිට නිරතුරුවම වේදනා විඳින මම සිත මුල්ව ෙවිදනා ඇතිවේ යන පරමාර්ථයට පිටු නොපාන්නෙම්ද.?’’ (563* ඉහත සඳහන් ආකාරයට කුසගේ පබාවතියගෙන් වෙන්වීම වනාහී දකිනුයේ උක්ත ආකාරයේ විප‍්‍රලම්භ ශාංගාරයයි. එය වනාහී පසිඳුරනට ගෝචර වන වෙන්වීම වනාහී අතිශය විභාව හා ආනුභාවය ඔස්සේ මිනිසාගේ රසභාවයන් විනිවිද දුවන නිසාවෙනි. එසේම ශාංගාරයේ අනේක් ප‍්‍රභේද වනුයේ සම්භෝග ශාංගාරයද දත හැකිය. පසිඳුරන්ගෙන් ලබන චිත්ත ප‍්‍රබෝධය ප‍්‍රීතිය මේ ලෙසින් හඳුනා ගනී. මෙයද අතිශය භාවෝද්දීපනය කරලන්නාවූ අවස්ථාවකී. හංස සන්දේශයේ එකී අවස්ථාවක් මෙසේය. ‘‘ ලදුන් කැකුළු තන පට බැම්මකින්යුතේ එවන් දෙඟ සිතු දුටුවන්ද බැඳ ලතේ මෙයින් මිදීමෙන් පැළඔුම් ලැබුන හොතේ සොඳින් මෙ මුළු ලොව වුව බැඳ ලතී සිතේ ’’ (හංස* මෙහිදී හංසයේ දැක්වෙනුයේ සංම්භෝග ශාංගාරයේ භාවයන්ය. කාන්තාවන්ගේ පියවුරු රතියෙන් ආසක්තවීම වනාහී සම්භෝගය අවුස්සන එය පසිඳුරන්ගේ ආස්වාදය ජනිත කරවන්නාවූ එකකි. එබැවින් මෙලෙස රතිය නම්වූ භාවය ප‍්‍රධානව ශාංගාරය ජනනය වේ නම් එය වනාහී සැබවින්ම අපගේ ආහ්ලාද ජනකවූ හැඟීම් ඇති කිරීමෙහිලා අවැසිවන අන්දමේ ශාංගාරය දනවන අවස්ථාවන් කිහිපයක් දත හැකිය. නාට්‍ය තුළද එකී සම්භෝගය නිසා ඇතිවන ශෘංගාරය දනවන අවස්ථාවන් කිහිපයක් දත හැකිය. ‘‘ රත්නාවලියෙහි උදයන රජතුමා සාගරිකා නිසාද සාගරිකා තුළ උදයන රජතුමා හේතු කොටගෙනද රතිය ඇතිවෙයි. අභිඥානශාකුන්තලයෙහි දුෂ්‍යන්ත රජතුළද රතිය දැනවෙයි. වික‍්‍රමෝර්වශියෙහි පුරූරව හා ඌර්වශිය නිසා දුෂ්‍යන්ත රජතුළද රතිය දැනවෙයි. වික‍්‍රමෝරවශියෙහි පුරූරව හා ඌර්වශීය නිසා ඒ දෙදෙනාම රතියෙන් මත්වෙයි.’’ කෙසේ හෝ භරතමුනිගේ රස විග‍්‍රහයට අනුවද මෙහිදී ශාංගාරය යනු කුමක්දැයි අපගේ අවධානයට ගොදුරුකොටගත යුතුය. එනම් ඔහු පවසන අන්දමට මෙහිදී විප‍්‍රලම්භ හා සම්භෝග ශාංගාරය පිළිබඳව ඒවාට පදනම්වන භාවයන් මෙසේ දත හැකිය. 01* සම්භොග ශාංගාරය - ප‍්‍රසන්න ඝෟතුව, මල්දම්, අනුලේපන, ආභරණ, හිතවතුන්, විෂය වස්තූන්, උතුම් වාසභවන, උපභෝගවස්තුව උයන් ගමන්, සැප සම්පත් භුක්තිවිඳීම, මධුර ශ‍්‍රවණය, රමණීය වස්තු දර්ශනය, ක‍්‍රීඩා හා පෙම්කෙළි දර්ශන. 02* විප‍්‍රලම්භ ශාංගාරය - නිර්වේද, ග්ලානි, ශංකා, අසුයා, ශ‍්‍රම, චින්තා, අපස්මාරය, ජාඩ්‍ය, මරණ, ආදී ආනුභාවයන් අභිනයකොට ඇත. මේ අනුව ශාංගාරය වනාහී ලොව සුන්දරම දේ තුළින්ද අසුන්දර දේ තුළින්ද විඳගතහැකි බව පැහැදිළිය. වැදගත් වනුයේ එය විභාව හා අනුභාව මාර්ගයෙන් පුද්ගල ඉන්ද‍්‍රීය සංජානනය වන ලෙසින් රතියේ ගෙන දැක්වීමය. තවද ශාංගාරය සෙවීමේදී යම් ලෙසින් හඳුනාගත හැකිය. ‘‘ පද්‍යයක් හෝ ගද්‍යයක් කියවන විටදී හෝ සවන් දෙන විට හෝ ඉන් පැවසෙන දෙය දකින්නට හෝ අසන්නට හෝ සුවඳ විඳින්නට හෝ රසවිඳින්නට හෝ පහස ලබන්නට හෝ ආසාවක් උපදී නම් එම ශක්තිය ශාංගාර රසය වශයෙන් හැඳින්වේ.’’ මේ අනුව ගද්‍ය පද්‍ය චම්පු වේවා මෙලෙස ඉන්ද‍්‍රීය සංජානනය උදෙසා එයින් උත්තෙජනයක් ඇති කරයි. නම් එය විප‍්‍රලම්භ හෝ ශාංගාර කවර ගණයේ ශාංගාරයක් ඇතිකරවන බව පැහැදිළිය. බුද්සරණ ගද්‍ය කෘතියේ මාර දූන් පිළිබඳව වර්ණනාව වනාහී අතිශයින් ශාංගාරය දනවන අවස්ථාවක් ගෙන බලමු. ‘‘ මල්බරින් නැමුණු වරලසින් බැලූ බැලූවන් සිත් තමන් කරා අදිමින් කනතට දිවෙන දිගු පුළුල් නෙතුපුලෙන් රසවතුන් සිත් තමන්කරා හයවමින් ගණ නිල් වරල් මහ මේකුළු නැගෙන කෙණෙහි බඳ දෙවිදුණු සෙයින් මනහර වූ තුමු සඟලින් හෙලාලන ඇසින් බැලූ බැලූවන් දිරිය හෙළවමින් දැල්වූ දැල්වූ ඇසින් ලීලාවට ලීලාවට දොර හැසිරවමින් තඔුරු තඔවන් ලවනත්හි වතළ දසන් රසින් සඳවලාහී වහළ නුව බග් සඳ කැල්මෙහි මන් බඳිමින් ....තෘෂ්ණාය, අරතීය, රගාය යන මාර ස්ත‍්‍රීන් තුන් දෙනා අවුත් සිට....’’ ඉහත ගද්‍යමය වර්ණනාවට අනුවද පෙනී යනුයේ ශාංගාරය වනාහී රතිය හා ස්ත‍්‍රී පුරුෂ චිත්තාහ්ලාදයන් ඇතිකරන්නාවූ වැදගත් ආකාරයේ රසයක් දෙන්නාවූ කාරණාවක් බවය. මෙහිදී ශෘංගාරාදී රස පෝෂිත වාක්‍ය හෙවත් ධීමන්ත: මීයෙන් මත්වූ මීමැස්සෝමෙන් මත්වෙයිද එය රසය ලෙසින් දක්වයි. මෙහිදී ඉහත ගද්‍ය පාඨය වුවද එය ශෘංගාරාදී රස පෝෂිත වාක්‍යයක් හෙයින් රසවත් රචනය මධුර නම්වේ. කාව්‍යාදර්ශ කතුවරයා දක්වනුයේ මෙවන් අදහසකි. ‘‘යම් වැකියක් කියන අසන කළ එහි වර්ණිත දෙය දැකීමට හා ඇසීමට ද සිත් හි ආශාව උපදීනම් එයින් ඇතිවනුයේ ශෘංගාරසය බව පවසයි.’’ කෙසේ හෝ ශෘංගාර රසය වනාහී ඉන්ද්‍රීය පස අනුව කොටස් පහකට බෙදේ. 01* දර්ශන ශාංගාරය - යමක් කියවන කල එයින් කියැවෙන දෙය දකින්නට රුචියක් සිතෙහි පහලවෙයිද එය දර්ශන ශෘංගාරය නම් වේ. පහත කවියේ එන ස්ත‍්‍රීය පිළිබඳව රසවත් හැඟීමක් උපදී. ඇය බැලීමටද කැමැත්තක් ඇතිවේ. ළකල පුළුලූකුළැ බඳමිණි මෙවුල්ලා - සමඟ රන් සළඹ රැුවු දී වෙවුල්ලා වයන පදට තබමින් පා කමල්ලා - රඟන ලඳුන් බල රූ සිරි සියල්ලා 02* ශ‍්‍රවන ශෘංගාරය - ඇසීමෙන් ඇතිවන ප‍්‍රීතිය ශ‍්‍රවණ ශෘංගාරය නම් වේ. එබැවින් එකී ඇසීමේ ප‍්‍රීතිය නිසාවෙන් ශෘංගාර රසය ලෙසින් හඳුනාගත හැකිය. ‘‘ තන්හි තන්හි හඬන පියුම් බී මත් රජ හසුන් පිය රැුවු අසව්. සල් මල්හි ගී ගයන බමරුන්ගේ අදල ගුම් අසවු. සුපුල් ලැගුම්හි කුල්නා කෙවිල්ලන් පිය තෙපුල් අසව්. 03* ආඝ‍්‍රාණ ශෘංගාරය - සුවඳ ආඝ‍්‍රාණය කිරීම පිළිබඳව සිතතුළ හටගන්නාවූ රසය ආඝ‍්‍රාණ රසය ලෙසින් හඳුනාගනී. ‘‘ මල් අසුනට ලංවත්ම ඇයගේ සිතට එක් ඉන්ද්‍රීයක් මැ ඉන්ද්‍ර වීය. ඹ් ඇස පිසුවාය. නැහැය අග මඳ කොටැ නැටැ වූවාය. හුස්මද මඳ මඳ කොටැ ඇතුළු කළාය. අ: සුවඳ! රුක්ද? නා ද? සපු ද? මහනෙල් ද? නෙළුම් ද? සමන් ද? එකෙක්ම නොවේ මිශ‍්‍රණයෙකි. 04* සායන ශෘංගාරය - ආහාරය කෙරෙහි ඇතිවන රසය මෙහිදී සායන ශෘංගාරය ලෙසින් හඳුනා ගැනේ. කුමණ හෝ ආහාර ද්‍රව්‍යයක් පිළිබඳව ඇතිවන රසය මේ ලෙසින් සැළකේ. ‘‘ කැකිරි ගෙඩියවටා තුන් පැත්තකින් පැළුණේය. ඉරි අතරින් කපු පුළුන් සේ කැටිසේ පෙනුනු සුදු මස මා මුව තෙත් කළේය. මට නම් ඉවසුම් නැතිවිය. සිවිය ඉවත්කොට ඇට වෙන්කොට සීනි මඳක් එක්කරන්නට පෙ රමැ කැබැල්ලක් මුවට යැවීම්.’’ 05* ස්පර්ශ ශෘංගාරය - යම් සාහිත්‍ය නිර්මාණයක් කියවීමේදී ඒ පිළිබඳව ස්පර්ශය පිළිබඳව අපගේ ආශාව ඇවිස්සීමේදී මෙම රසය ඇතිවේ. ‘‘අත්පුඩිදෙය සියුමැලි බව ගෙලට දැනී - උණුසුම් හැඟීමක් හදවත වැළඳ ගනී එකෙනෙහි ආදරය පෙළහර නගනු වැනි - සංගීතයක් තොල් අතරින් පිටට පනී’’ එබැවින් මෙතෙක් දැක්වූ කාරණාවනට ශෘංගාරය වනාහී සාහිත්‍යයේ නිරූපනය වනුයේ කෙසේද යන්න හඳුනාගත හැකිය. එබැවින් රසවාදයේ ප‍්‍රධානත්වයක් ශෘංගාරයට ලබාදීමට හැකියැයි සිතිය හැකිය. 05* සමාලෝචනය ලොව සාහිත්‍යකලා නිර්මාණයන්ගේ බිහිවීමත් සමඟම ඒවායේ විචාරවාදයන්ද බිහිවිය. එහිදී රසවාදය ලෙසින් අප හඳුනාගන්නේද මෙකී විචාර සංකල්පයක්ය. එය සාහිත්‍යයයේ රසය දැනවීමෙහිලා අවැසි ප‍්‍රධානම කාරණාවකී. රසය වනාහී සැප, දුක යන කවර විදිහේ එකක් වුවද රසවාදයට අනුව එය රසයකි. එනම් භරතමුනි සිය නාට්‍ය ශාස්ත‍්‍රයේ රස නවයක් පිළිබඳව හා ඒවාට ආනුභාවය වන ස්ථායිභාවයන් නවයක්ද දක්වයි. රසය යනු ඉන්ද්‍රීයගෝචර හා බ‍්‍රහ්මාස්වාදී ධ්‍යානයට සමවැදී වින්දයුත්තක් බව පැහැදිළිය. මෙයින් ශෘංගාර රසය වනාහී විශේෂයෙන් රතිය පදනම්ව තරුණ තරුණියන් අතර ඇතිවන රසයකි. ශෘංගාරය ප‍්‍රධානවම කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. සංභෝග ශෘංගාරය හා විප‍්‍රලම්භ ශෘංගාරය ලෙසින්ය. මෙකී ශෘංගාරය අනතුරුව ප‍්‍රධාන කාරණාවන් පහකට බෙදේ. දර්ශන, ශ‍්‍රවණ, ආඝ‍්‍රාණ, අනුභාව, ස්පර්ශ යනාදී ලෙසින්ය. එබැවින් පංචේන්ද්‍රීයයන් අනුව රසවිඳීමට ඇතිවන ආශාව ඇසුරු කොටගෙන හටගන්නා ප‍්‍රමෝදවත් භාවය ශෘංගාරය නමින් හඳුනාගත හැකිය. 06* ආශ‍්‍රීත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍ර 01.ඉන්ද්‍රජොති හිමි, සුබෝධාලංකාරය,(සංස්.*, විද්‍යාශේඛර මුද්‍රණාලය, 1967. 02.තිලකසිරි සිරි, කව්සිළුමිණි විනිස(සංස්.*, ගුණසේන සහ සමාගම, කොළඹ02, 1996. 03.මාරසිංහ වෝල්ටර්, භරතමුනිගේ නාට්‍ය ශාස්ත‍්‍රය (සංස්.*, පියසිරි ප‍්‍රින්ටිම් සිස්ටම්, ගංගොඩවිල, නුගේගොඩ, 1994. 04පේමරතන හිමි, වැලිපිටියේ, කාව්‍යාදර්ශය (සංස්.*, සමයවර්ධන, මාලිගාකන්ද, මරදාන,2001. ද්වීතික මූලාශ‍්‍ර 01.අමරවංශ හිමි, කොත්මලේ, සිංහල සාහිත්‍යලතා, ගොඩගේ සහ සමාගම, මරදාන, කොළඹ10, 2000. 02.කරුණාරත්න අශෝක, සාහිත්‍ය විවේචනය, සමන් මුද්‍රණාලය, මහරගම, 1955. 03.ගම්ලත් සුචරිත, රසවාද විවරණය, ගොඩගේ සහ සහෝදරයෝ, මරදාන, කොළඹ10, 1974. 04.ගුණතිලක ඇම්, රත්නාවලී නාට්‍ය දෘශ්ටිය, සමන් මුද්‍රණාලය, මහරගම, 1964. 05.පෙරේරා, සිංහල භාෂා සාහිත්‍ය විචාරය, අභය ප‍්‍රකාශන, ගාලූපාර, 1960. 06.විජයවර්ධන හේමපාල, සංස්කෘත කාව්‍යවිචාරයේ මූලධර්ම, ගුණසේන සහ සමාගම, කොළඹ02, 1967. 07.වජිරඥාන හිමි, හොරණ, සිංහල සාහිත්‍ය රසාස්වාදය, ගුණසේන සහ සමාගම, කොළඹ02, 1986. 08.වර්ණකුල පැට‍්‍රික්, සාහිත්‍ය මඟ, ග‍්‍රන්ථාලෝක මුද්‍රණාලය, හංවැල්ල, 1949. ශබ්ද කෝෂ 01 .ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය, වැලිවිටියේ සෝරත හිමි, ඒස්, ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ, 10. 2011. 02. ඍ්ව් ර්ාය් න්බඒ ාැඩ්, ිය්ඉා් න්කච්ාරමප්, චමඉ, ජයදඅනය්පඉ් ී්බිනරසඑ ිැරසැි දෙසෙජැ, ඩ්ර්බ්ිස, 1961. 03.ී්බිනරසඑ ෑබටකසිය ාසජඑසදබ්රහල පදබසදර අසකක්පිල චමඉග ්ිස්බල ැාමජ්එසදබක ිැරඩසජැිල බැඅ ාැකයසග 2005ග සඟරා නුවන (සංස්.*, 2009, අ.ප‍්‍ර.දෙපාර්තමේන්තුව

No comments: