UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව දේශීය ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ ස්වරූපයන්.

Thursday, December 12, 2013

මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව දේශීය ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ ස්වරූපයන්.

මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව දේශීය ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ ස්වරූපයන්. මිෂණාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයන් දේශීය සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන සංස්ථාවන් කෙෙරිහි සිදු කළා වූ බලපෑම් වල ස්වරූපය හමුවේ එකී ව්‍යාපාරය කෙෙරිහි ස්වදේශීය ජනයාගේ ප‍්‍රතිචාරයන් පිළිබිඹු විම දඑනව වන සියවස හා විසිවන සියවස මුල් භාගයෙහි මෙරට දක්නට ලැබෙන සුවිශේෂී ඓතිහාසික සන්සිද්ධිදාමයක් වන්නේය. බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී අනුග‍්‍රහයන් මධ්‍යයේ ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරය කරලීමේ නැයැළි මිෂණාරී පූජක කොට්ඨාශයන්හි ක‍්‍රියා පිළිවෙතෙහි සුවිශේෂී ලක්‍ෂණ යුගයෙන් යුගයට වෙනස් වෙමින් පැවතීම හේතුවෙන් ඒ කෙරෙහි වූ ජනතා ප‍්‍රතිචාරයන්හි ස්වරූපය කෙබඳු ආකාරයකට විද්‍යමාන වූයේ ද යන්න විමර්ශනය කිරීම තුළින් එකී සන්සිද්ධිදාමයෙහි ඓතිහාසික කාර්ය සාඵල්‍යය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට පහසු වෙයි. බි‍්‍රතාන්‍ය පාලන ආරම්භක සමයේ ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරය කරලීමේ කාර්යයේ නිරතවූූ පූජක කණ්ඩායම් කෙරෙහි දේශීය ප‍්‍රතිචාරයන් මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් ඔස්සේ විද්‍යමාන වනු දිටිය හැකිය. මුල්කාලයේදී ක‍්‍රිස්තියානි ආගම තමාට එතරම් තර්ජනයක් ලෙස බෞද්ධයන් සැලකුවේ නැත. සමහර අවස්ථාවලදී මිෂණාරී කටයුතු සඳහා ස්වදේශීයන් උදව් උපකාර ද ලබා දි ඇති බැව් පෙනේ. 1812 දී බයිබලය පරිවර්තනය කිරීම ආරම්භ කළ විට කරතොට ධම්මාරාම හා බෝවල ධම්මානන්ද යන හිමිවරු එහි සමහර පරිවර්තන වලට උදව් කළහ. සමහර අවස්ථාවල ක‍්‍රිස්තියානි පූජකවරු දුරබැහැර සංචාරය කරන විට බෞද්ධ විහාර වලින් නවාතැන් හා ආහාර සපයා ගත්තේය. ඔවුන්ට ගම් වල සිය දේශන සඳහා ධර්ම ශාලා පාවිච්චි කිරීමට ද ඉඩ ලැබිණි. ස්වදේශීය ගිහි හා පැවිදි පාර්ශවයන්ගේ අනුග‍්‍රහයන් ද මධ්‍යයේ තම කටයුතු සඳහා අවශ්‍ය පසුබිම ඉතා සූක්‍ෂමව සකසා ගන්නා මිෂණාරීන්ගේ ක‍්‍රියාකාරකම් පෙරට වඩා වෙනස් වූ දිශානතියක් ඔස්සේ ගමන් කිරීම ඔවුන් කෙරෙහි වූ භක්තිය අඩුවීමට ප‍්‍රබල හේතුවක් විය. සමාජයේ ගරු කටයුතු හා ලාභදායක ලෞකික වෘත්තීන් සඳහා සූදානම් කරන අධ්‍යාපනයක් සිය දරුවනට ලැබුණු බැවින් පාසල්වලදී ලබාදෙන ආගමික අධ්‍යාපනය ගැන තම දරුවන් එම පාසල්වලට යැයූ බෞද්ධ දෙමාපියන් එතරම් කලබල වූයේ නැති නමුත්, එහි ප‍්‍රතිඵලය ලෙසින් ක‍්‍රිස්තියානි ආගමික බලපෑමට ගොදුරු වූ දරුවන් බිහිවීම දෙමාපියන්ගේ දැඩි අප‍්‍රසාදයට හේතු විය. එපමණක් නොව රජයේ ආගමික ප‍්‍රතිපත්තිය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්වා ගැනීමට සමත්වූ මිෂණාරී සංවිධාන ඒ අතරතුර කාලයේදී බෞද්ධාගමට විරුද්ධව තමන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාරය ද ගෙය යමින්, සිය ආගම පිළිබඳ විස්තර කරන ප‍්‍රකාශන ස්වභාෂාවෙන් මුද්‍රණය කර බෙදා හැරීම බෞද්ධයන්ගේ පමණක් නොව හින්¥න්ගේ සහ මුස්ලිම් ජාතිකයන්ගේ ද විවේචනයට බඳුන් විය. රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හි විචල්‍යතාවයන්, දේශීය ආගමික හා අධ්‍යාපනික සංස්ථාවන්හි පරිහානිය උග‍්‍රවන්නට පටන් ගැනීමත් හමුවේ ස්වදේශීය සමාජය එකී විපර්වර්තනයට ලක්වෙමින් පරිහානිය කරා ගමන් කරන්නාවූ දේශීය අනන්‍යතාවයන් සුරක්‍ෂිත කරලීමේ අරමුණින් විජාතික වූත්, අන්‍යාගමිකරණයේ නියැලූණාවූත් මිෂණාරී සංවිධාන වලට එහෙිව නැ`ගී සිටින්නට වූ අතර, එකී නැ`ගී සිටීම් විධ්‍යමාන වූ ස්වරූපයන්හි ලක්‍ෂණ හඳුනා ගැනීම සුවිශේෂී වන්නේය. 04.1 දේශීයජනතා ආගල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ නිශ්ක‍්‍රීය තත්ත්‍වයන්. මිෂණාරී කි‍්‍රයාකාරකම් තුළින් විපර්වර්තනයට බඳුන් වන්නාවූ දෙච්ශීය අනන්‍යතාවයන් පුනර්ජීවනය කිරීමේ ප‍්‍රයත්නට අනුගත වූ ස්වදේශීය ජනයා ස්වකීය ප‍්‍රතිචාරයන් යිද්‍යමාන කරවීමේ ස්වරූපයන් අධ්‍යනය කිරීමේදී දක්නට ලැබෙන එක් සුවිශේෂී තත්ත්‍වයක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. තත්කාලීන සමාජ, සංස්කෘතික, ආර්ථික හා දේශපාලන බලවේගයන්හි විචල්‍යතාවයන් අභාසය ස්වදේශීය ජනතා පෙළගැසීම්හි ගාමක බලවේගය වූ හෙයින් එවන් සන්චර්භයක් තුළින් ප‍්‍රකාශයට පත් වූ දේශීය ප‍්‍රතිවිරෝධතාවයන් නිශ්ක‍්‍රීය ස්වරූපයකින් පිළිබිඹු වන අවස්ථාවන් විධ්‍යමාන වීම මෙම අවධියෙහි දක්නට ලැබෙන සුවිශේෂී සන්සිද්ධිදාමයකි. මිෂණාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයන්හි ප‍්‍රතිඵලයක් ලෙසින් පාරම්පරික ශ‍්‍රී ලාංකීය අධ්‍යාපන ක‍්‍රමයෙහි සිදුවන්නාවූ පරිහානිය හමුවේ තවදුරටත් ස්වකීය අභිමානයෙහි ප්‍රෞඩත්වය විනාශවී යාමට එරෙහි වූ භීක්‍ෂූන් වහන්සේලා තම විහාරස්ථාන ආශ‍්‍රිතව, මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමයට එරෙහිව ප‍්‍රතිදාර දක්වන්නට පෙළඹෙන අයුරු මෙකල දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයකි. ‘‘භික්‍ෂූන් වහන්සේලා මිෂණාරී අධ්‍යාපනයට දේශී දරුවන් අභිරුචියක් දැක්වීම කෙරෙහි දැඩි විරෝධය පෑ අතර, දෙමාපියන් දුර්මුඛ කිරීමෙන් සිය විරුද්ධත්වය පෑ භික්‍ෂූන්, ක‍්‍රිස්තු ධර්මය බොරු පොදියකින් ද, මිෂණාරීන් නම් රස්තියාදුකාරයින් පිරිසක් යැයි ද ප‍්‍රසිද්ධියේ කියමින් මිෂණාරී අධ්‍යාපනයට එරෙහි විය’’ දේශීය අධ්‍යාපනයෙහි සුරක්‍ෂිතභාවය පිණිස පෙළ ගැසුණු භික්‍ෂූන් වහ්නසේලා ගම්වල ඇවිදිමින්, අන්‍යාගම්වලට විරුද්ධත්වය දක්වන ලෙසත්, සිය දරුවන්ට මිෂණාරීන්ගෙන් ලබාදෙන අධ්‍යාපනය නතර කරන ලෙසත්, කළ ඉල්ලීම්වලට ගිහි බෞද්ධ ජනතාවගෙන් ද යහපත් ප‍්‍රතිචාරයක් ලැබෙනු දක්නට ලැබේ. ඒ අනුව යථාර්ථය තේරුම් ගත් දෙමාපියන් මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි වූ ස්වකීය භක්තියෙන් ඉවත්ව, විවිධ ක‍්‍රමවේදයන් අනුසාරයෙන් මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමය අඩපණ කරන්නට ක‍්‍රියා කරනු දක්නට ලැබේ. ‘‘බුදුන් වඳින්නට දැන් ඔබ අප සම`ග ආ යුතුයි. කියමින් දෙමාපියන් සිට දරුවන් ඉගෙන ගන්නා අතරතුරදීම කැඳවාගෙන යන බව සමකාලීන මිෂණාරී පූජකවරුන්ගේ අදහස් වලින් ගම්‍ය වේ’’ බටහිර අධ්‍යාපන ක‍්‍රමය තුළින් ඉහළ වෘත්තීන් සඳහා තම දරුවන් පුහුණු කිරීම පිළිබඳ විශේෂයෙන් පහත රට ජනයා මිෂණාරීන් කෙරෙහි දැඩි භක්තියකින් ක‍්‍රියා කළ ද එම පාසල් වලින් ක‍්‍රිස්තු ධර්මයට අනුගත කරගැනීම සඳහාමිෂණාරීන් විසින් දරුවන් බෞතීස්ම කිරීමත්, ක‍්‍රිස්තියානි නාම ආරෝපණය කිරීමත් බෞද්ධයින්ගේ දැඩි අප‍්‍රසාදයට ලක් වූ හෙයින් ඊට විරුද්ධව බෞද්ධ භික්‍ෂූන් සම`ග එකතු වී මිෂණාරී ක‍්‍රියාකාරිත්වයන් විවේචනය කරන්නට ස්වදේශීය ජන කොටස් පෙළඹෙන ආකාරයක් විධ්‍යමාන වන්නේය. මිෂණාරී අධ්‍යාපනය කෙෙරිහි වූ රාජ්‍ය අනුග‍්‍රහයන් පිළිබඳ ස්වදේශී ජන කොටස් දැඩි ලෙස විරුද්ධ වූවත්, එකී අධිරාජ්‍යවාදී ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙතට එරෙහිව ප‍්‍රබල විරෝධතාවක් දැක්වීමට සුදුසු පසුබිමක් නිර්මාණය නොවූ හෙයින් බෞද්ධ අධ්‍යාපනය න`ගා සිටුවීමට දැඩි ප‍්‍රයත්නයක නියැළීමට ස්වදේශීය පූජක පිරිස් ප‍්‍රමුඛත්වය ගත්් අතර, ‘‘කලක් තිස්සේ සමාජයේ අවස්ථා ලාභයන්ගෙන් ද, සාමාජීය පරිසරයෙන් ද, කොන්කර සිටි සාමාන්‍ය බෞද්ධයින් භික්‍ෂූන් විසින් ආරම්භ කළ මෙම ව්‍යාපාරය වටා ආගමික උද්‍යෝගයකින් ඒකරාශී වන්නට විය’’ දේශීය ගිහි ජනතාවගේ උද්යෝගය භික්‍ෂූන්ගේ කාර්ය සාධනයෙහි ලා ප‍්‍රබල පිටුවහලක් වූ අවස්ථාවක් ලෙසින් 1839 වලානේ සිද්ධාර්ථ හිමි රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙණ ආරම්භ කිරීමේ අවස්ථාව දැක්විය හැකිය. යටත් විජිත අධිපතීන්ගේ අප‍්‍රසාදයට මෙය මූලික හේතුවක් වුවද එයින් පසුබෑමට ලක් නොවූ දේශීයන් දිවයිනේ බෝහෝ ග‍්‍රාමිය ප‍්‍රදේශයන්හි අධ්‍යාපන ආයතන පිහිටුවමින්, පාරම්පරික ලාංකේය අධ්‍යාපනය න`ගා සිටුවිමට කටයුතු කරන අයුරු සමකාලීන තොරතුරු ම`ගින් මැනවින් විද්‍යමාන වේ. විශේෂයෙන් මිෂණාරීන්ගේ දැඩි අවධානය මුහුදු බඩ, උතුරු නැෙ`ගනහිර හා ගුලහීන ජනතාව විසූ ප‍්‍රදේශ වලට වැඩි වශයෙන් යොමු වූ අතර, ගතානුගතිකත්වයේ යුතු එකී සමාජයන් වරප‍්‍රසාදයන් හා විවිධ තනතුරු ප‍්‍රධානය තුළින් ඔවුන් කෙරෙහි අවනත කර ගැනීම උඩරට ප‍්‍රදේශයට සාපේක්‍ෂව පහසු කර්තව්‍යයක් වූ හෙයින්, එහි ප‍්‍රතිඵලයක් ලෙසින් සම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවයන්හි ද පරිහානිය මැනවින් එම ප‍්‍රදේශයන් තුළින් පිළිබිඹු වීම මිෂණාරීන්ට එරෙහිව ස්වදේශිකයන් නැ`ගී ඒමට ප‍්‍රබල සාධකයක් වූයේය. දේශීය අධ්‍යාපනය න`ගා සිටුවීම කෙරෙහි භික්‍ෂූන් දැක්වූ උද්යෝගයට බෞද්ධ ගිහි ජනතාවගේ දායකත්වය ලැබිම මිෂණාරී ක‍්‍රියාකාරිත්වයට දැඩි අභියෝගයක් වූ ආකාරය ස්වකීය වාර්තාවන් තුළින් ගෙනහැර දැක්විමට මිෂණාරී ලේඛකයින් පෙළඹී ඇති අතර ඔවුන් දක්වන්නේ ‘‘කෙසේ හෝ රැුස් වූ පිරිසකට ගසක් යටදීවත් දේශනයක් කළ හොත් ඔවුන් විනාඩි ගණනක් සවන් දී සිට කතා කරන අරමුණ දැනගත් විගස පිටව යාමට පටන්ගන්නා බවයි. එසේම ඔවුන් තමන් වටා සිටින සියලූ දෙනාට ඒසේ පිටවී යාමට අනුබල දෙමින් ‘යන්නන් අපට ? වෙනවා තවදුරටත් ඉන්න බෑ’’ වැනි දේ කියන බව ඩැනියෙල් විසින් සිය වාර්තාවේ ගෙන හැර දක්වා තිබේ. ස්වදේශීය ජනයා මිෂණාරීන් කෙරෙහි වූ අප‍්‍රසාදය පිළිබිඹු කළ තවත් ක‍්‍රමවේදයක් වූයේ ගම්වල ධර්ම ප‍්‍රචාරක කාර්යයන්හි නියැළෙන මිෂණාරීන්ට බැණ වැදීම, සැ`ගවි සිට ඔවුන්ව අවමානයට ලක්කිරීම වැනි දේ තුළිනි. ග‍්‍රාමීය නිවෙස් අසළින් ගමන් කරන මිෂණාරීන්ට කාන්තාවන් විසින් සැළසුම් සහගතව නිවසින් බැහැර කරනු ලබන අපවිත‍්‍ර ජල ප‍්‍රහාරයන් ද එල්ල කරමින් සිය විරුද්ධත්වය දැක්වූ අවස්ථාවන් ද විද්‍යමාන වන්නේය. මෙවැනි දේ තුළින් හෝ මිෂණාරී ක‍්‍රියාකාරිත්වයන් අඩපණ කරන්නට ස්වදේශීයන් පෙළඹෙන අතර, නාගරික ප‍්‍රදේශයන් තුළ ඊට පරිභාහිර වූ ක‍්‍රමවේදයන් ඔස්සේ සිය අප‍්‍රසාදය පළ කරනු දැකිය හැකිය. මිෂණාරීන් විසින් ස්වදේශීය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන් ම්ලේච්ඡුත්වයෙන් සුසැදි ඒවා යැයි දැඩි පරිභවයට ලක්කරන විට දේශීයන් ද, ඔවුන්ගේ සමාජ ක‍්‍රමයන්හි පවත්නා නිස්සාරත්වය හුවා දක්වමින් මෙරට ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළේය. යුරෝපා අධ්‍යාපනය ලබා මෙරටට පැමිණි දේශීය ජන කොටස් විසින් මෙම කර්තව්‍යට දායකත්වය සැපයූ අතර ඒ. ඊ. බුල් ජෙන්ස් ඒ අතර වැදගත් පුද්ගලයෙකි. උපතින් ක‍්‍රිස්තු භක්තිකයෙකු හා බර්ගර් ජාතිකයෙකු වූ ඔහු පසුව බුදුදහම වැළඳ ගනිමින් මෙරට ආගමික පුනර්ජීවනයට සිය අනුග‍්‍රහයන් දක්වන අතරතුරදීම, මිෂණාරීන්ගේ ශිෂ්ට සම්පන්න සමාජ හා සංස්කෘතික සම්ප‍්‍රදායන්හි නිස්සාරත්වය හුවා දැක්වූයේ ‘‘ලන්ඩනයේ නැගෙනහිර පෙදෙස් තුච්ඡු පිරිහීම , දරිද්‍රතාව සහ දුක්ඛිතභාවය සම`ග මෙතනට පිටු අංක 06 සම්බන්ධ විය යුතුයි. එක ළ`ගින් අන්ත ධනවත්කම පැවති අන්දම දිගින් දිගටම කතා කිරීම අනවශ්‍යය....දහස් ගණන් ගැහැණු, පිරිමි හා ළමයි රාත‍්‍රී කාලයේදි නිවහනක් නැතිව, ආවරණයක් නැතිව, කිසිවෙකුගේ පිළිසරණක් නැතිව හිමෙන් වැසුණු තෘණ රහිත නග්න මහ පොළොව මත එකට ගුලිවී නින්දට යන්නාහ. ක‍්‍රිස්තියානි එංගලන්තයෙහි එබඳු දේ සිදුවිය හැකිද?’’ මේ ආකාරයට ක‍්‍රිස්තියානි සමාජ ක‍්‍රමයෙහි නිස්සාරත්වය පිළිබඳ දේශීය ජනයා දැනුවත් කිරීම තුළින් අන්ධානුකරණයෙන් ක‍්‍රිස්තු ධර්මය වැළඳ ගන්නා ස්වදේශික පිරිස එයින් වලක්වා ගැනිමටත්, මිෂණාරින් හුවා දක්වන ‘අපරදිග විශ්ෂ්ටත්වයට’ අභයෝග කරමින් පෙරදිග ශිෂ්ටත්වය ඉස්මතු කරලීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වීම සිදු විය. බුද්ධාගමට විරෝධය පෑම විවිධ ක‍්‍රමවේදයන් භාවිතයට ගැනීම තුළින් ක‍්‍රියාවට නැංවූ මිෂණාරීන්ට එරෙහිව ස්වදේශීය ජනයා පත‍්‍රිකා සහ ලිපි ලේඛන ම`ගින් ද ස්වකීය විරුද්ධත්වය ප‍්‍රකාශයට පත් කරන ලදි. එහිදී මහා පරිමාන මුද්‍රණ කාර්යයෙහි නිරත වීමට අවශ්‍ය පදනමක් ගොඩ නොනැ`ගී තිබු අවධියෙහි, අතින් ලියූ පත‍්‍රිකා හා ලිපි ලේඛන සාමාන්‍ය ජනයා අතර බෙදා හරිමින් මිෂණාරීන්ට එරෙහිව නැ`ගී සිටින්නට භික්‍ෂූන්ගේ මූලිකත්වයෙන් ග‍්‍රාමීයහ මට්ටමේ සංවිධාන පිහිටුවා ගැනීමට පෙළඹෙනු දක්නට ලැබේ. මිෂණාරීන් විසින් සිය මුද්‍රණාල වලින් පිට කරනු ලබන ලක්‍ෂ සංඛ්‍යාත ලිපි ලේඛන වලට අතින් පිළිතුරු ලියා ප‍්‍රතිචාර දැක්වීම අපහසු බව තේරුම් ගත් භික්‍ෂූන් එම අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ගිහි පාර්ශවයෙන් ආධාර උපකාර ඉල්ලා සිටියේය. දැඩි දුෂ්කරතා මධ්‍යයේ එකී අභිමථාර්ථය සපුරා ගනිමින් 1855 දී කෝටටේ චර්ච් මිෂන් සමාගම සිය මුද්‍රණාලය විකුණූ අවස්ථාවේදී එය මිල දී ගත් අතර 1862 දී බෞද්ධයන් විසින් ගල්ලේ ‘ලංකෝපකාර’ මුද්‍රණාලය ආරම්භ කරන ලදි. මෙම මුද්‍රණාල දෙක යොදා ගනිමින් මිෂණාරී ප‍්‍රකාශන වලට පිළිතුරු දීමට බෞද්ධයන්ට අවස්ථාව උදා විය. ක‍්‍රිස්තියානි ප‍්‍රඥප්තිය, සුධර්ම ප‍්‍රකරණය, බෞද්ධ ලබ්ධි පරීක්‍ෂාව වැනි ග‍්‍රන්‍ථ ක‍්‍රිස්තියානි පක්‍ෂයෙන් ලඅයැවී ප‍්‍රචාරයට ප්තවන විට ලංකෝපකාරය මුද්‍රණාලය මු`ගින් ඒවාට පිළිතුරු දීම සඳහා ග‍්‍රන්‍ථ මුද්‍රණය කිරීම සිදු විය. 1862 දී1862 දී ප‍්‍රකාශිත හික්කඩුවේ සුමංගල හිමියන්ගේ ‘සුදර්ශනය’ මීට එක් උදාහරණයකි. එය කිතුනුවන්ගේ සුදර්ම ප‍්‍රකරණයට පිළිතුරු දීම සඳහා ලියවුණු අතර 1862 දීම මුද්‍රිත ‘දුර්ලබ්ධි විනෝදනිය’ ද එම පරමාර්ථයෙන්ම ප‍්‍රකාශයට පත් වූවකි. මේ අනධියේම කොටහේනේ පහළ පන්සලේ වැඩ විසූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියෝ සෑම ඉදිරා සවසකම පන්සලේදී ක‍්‍රිස්තියානින්ට විරුද්ධව ධර්ම දේශනයක් පැවැත්වූහ. 1862 මාර්තු මාසයේ සිට පටන් ගත් මේ වැඩ පිළවෙළ සංවිධානය සඳහා පත්ව සිටි ‘කෝර්නේලිස් ද සිප්වා පොන්නම්පෙරුම අප්පුහාමි’ගේ ලේඛම් ධුරයෙන් ‘සර්වඥ ශාසන වෘද්ධිදායක ධම්ම සමාගම’ පිහිටුවා ගනිමින් බුද්ධාගම ක‍්‍රිස්තියානින්ගෙන් රැුක ගැනීමට වැඩ පිළිවෙළක් දියත් කෙරිණ. මෙම සමාගම විසින් 1862 නොවැම්බර් මස තවත් සිංහල බෞද්ධ යන්ත‍්‍රාලයක් පිහිටුවනු ලැබූ අතර එම`ගින් ‘ක‍්‍රිස්තියානිවාද මර්දනය’ නමැති ග‍්‍රන්‍ථය මොහොට්ටිවත්තේ හිමියන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලදි. මෙම තත්ත්‍වයන් ම`ගින් සිංහලයන්ට අභියෝගවක් ද විය. මෙම තත්ත්‍වය පිළිබඳ වෙස්ලියානු මීසමේ පූජක ඞී. ජේ. ගොගර්ලි ලන්ඩනයේ සිටින මීසමේ ප‍්‍රධානීන්ට ලිපියක් යවමින්, සමහරු සිතන්නේ බුද්ධාගම විනාශ වී අවසානයි කියාය....එහෙත් බුද්ධාගම සජීවීය. භික්‍ෂූහු එයට ප‍්‍රාණවායුව පිඹිති ‘‘සර්වඥ ශාසන වෘද්ධිදායක ධම්ම සමාගම ක‍්‍රිස්තියානි මිෂණාරීවරුන්ගේ ධර්ම ප‍්‍රචාරයට එරෙහිව කටයුතු කිරීම සඳහා ලිපි ලෙඛන හා පත‍්‍රිකා රැුසක් පළ කළ අතර මෙය ‘බුද්ධ ධර්මය පැතිරවීමේ සංගමය’ යනුවෙන් හඳුන්වනු ලැබීය. ක‍්‍රිස්තියානි මිෂණාරීවරුන් ගෙන යන ලද බෞද්ධ විරෝධී ප‍්‍රචාරණයන්ට එරෙහිව ආරම්භ කරන ලද ප‍්‍රථම සංවිධානය වශයෙන් මෙය කැපී පෙනෙන කාර්යභාර්යක් ඉටු කරන ලදි. මිෂණාරී ක‍්‍රියාකාරිත්වයන්ට එරෙහිව බෞද්ධ ජන සමාජය මෙවැනි ක‍්‍රමවේදයන් වෙත එළඹෙන විට ඒ අභාසයෙන් හින්දු සහ මුස්ලිම් ජන සමාජයන් ද මිෂණාරී ක‍්‍රියාකාරිත්වයන් පිටු දැකීම සඳහා පෙළ ගැසෙන අයුරු දක්නට ලැබේ. ක‍්‍රිස්තියානි මිෂණාරීන් විසින් හින්දු ආගම විවේචනය කරමින් නිකුත් කළ ප‍්‍රකාශන වල සඳහන් අර්ථවිරහිත ස්වභාවය හුවා දක්වමින් ද, ක‍්‍රිස්තියානි දර්ශනය විවේචනයට ලක්කරමින් ද ලිපි ලේඛන ප‍්‍රකාශයට පත් කිරීම ආරම්භයේදී මන්දගාමී ස්වරූපයක් විද්‍යමාන වන්නට විය. ආරුමුගනාවලර් තුමා මෙයට මැදිහත් වූ අතර දැඩි දුෂ්කරතා මධ්‍යයේ සිය ජනතාවගෙන් ලබාගත් ආධාර උපකාරයෙන් 1849 දී මුද්‍රණ යන්ත‍්‍රාලයක් ආරම්භ කරමින් හින්දු ආගමික පත‍්‍රිකා ප‍්‍රකාශයට පත් කිරීමට හෙතෙම කටයුතු කළේය. එපමණක් නොව ඔහු විසින් හින්දු ආගමික සිද්ධස්ථාන ගෙඩනැ`ගීමට ද කටයුතු කරමින් පැතිරී යන ක‍්‍රිස්තියානි ආගම් යටපත් කරමින් දේශී දමිළ සංස්කෘතිය න`ගා සිටුවීමට ප‍්‍රයත්න දැරීය. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා මෙන්ම මොහු ද සිය සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ දරුවන් මිෂණාරී අධ්‍යාපන ආයතනලට යැවීම පිළිබඳ දැඩි ලෙස විරුද්ධ වෙමින් එය වැළැක්වීම උදෙසා මහජනතාව දැනුවත් කරමින් ඔවුන්ටම ආවේණික වූ පාඨශාලා ක‍්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු යොදන ලදි. මිෂණාරී ක‍්‍රියාකාරකම් වලට එරෙහිව පෙළ ගැසුණු මුස්ලිම් ජන සමාජය ද ස්වකීය ප‍්‍රතිචාරයන් දැක්වීම බොහෝ අවස්ථාවලදී හින්දු ජන සමාජයේ ක‍්‍රියාකාරකම් හා සමානත්වයක් පිළිබිඹු කරනු විධ්‍යමාන වන සුවයිශේෂී ලක්‍ෂණයකි. ‘‘මුස්ලිම් පුනරුද ව්‍යාපාරයේ පුරෝගාමී පුද්ගලයා ලෙසින් කටයුතු කරනු ලබන එම්. සී. සිද්ධි ලෙබ්බේ මහතා ‘මුස්ලිම් නේෂන්’ නමින් ස`ගරාවක් ආරම්භ කොට ආරුමුග නාවලර්ගේ ආභාසයෙන් මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම් පාසලක් විවෘත්ත කළ අතර 1829 දී කොළඹ සහිරා විධ්‍යාලය ද ආරම්භ කරන ලදි. අයි. එල්. එම්. අබ්දුල් අසීස් විසින් 1910 දී මුස්ලිම් තරුණ සංගමයත්, 1914 දී මුස්ලිම් රිවීව් පත්තරයත්, 1915 දී මුස්ලිම් ගාඩියන් පත්තරයත් ආරම්භ කරමින් ස්වකීය සංස්කෘතිය ආරක්‍ෂා කරගැනීමට පියවර ගත්තේය’’ මුස්ලිම් හා හින්දු ජනසමාජය මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ස්වකීය ප‍්‍රතිචාරයන් දැක්වීම බෞද්ධ ජන සමාජයට සාපේක්‍ෂව තරමක ඒකාකාරී ස්වරූපයක් දක්නට ලැබෙන අතර මිෂණාරීන්ගේ බලපෑම ඒ ඒ ජන සමාජයට එල්ල වූ ස්වභාවය මත දේශීය ජනතා ප‍්‍රතිචාරයන් පිළිබිඹු විමෙහි පරස්පරතාවයන් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම දහනව වන සියවසෙහි ප‍්‍රථම භාගයෙහි හා දෙවන භාගයෙහි පළමු දසකය තුළ මිෂණාරී ක‍්‍රියාකාරිත්වයට එරෙහිව ස්වදේශීය ප‍්‍රතිචාරයන් නිශ්ක‍්‍රීය ස්වරූපයකින් ප‍්‍රකාශයට පත්වන අයුරු ඉහත සඳහන් අවස්ථාවන් අනුසාරයෙන් ගෙනහැර දැක්විය හැකිය. 04.2 දැඩි සංවිධානාත්මක අවස්ථා. බි‍්‍රතාන්‍ය පාලන අවධිය තුළ මෙරට ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරක කාර්යයෙහි නියැළි මිෂණාරී පූජක පිරිස් ම`ගින් ස්වදේශී සම්ප‍්‍රදායන්ට සිදු කළ වූ අහිතකරවූත්, කෲරවූත් බලපෑම් හමුවේ එකී සංස්ථාවන්හි පුනර්ජීවනය උදෙසා පෙළ ගැසුණු ලාංකීය ජනයාගේ ඒ කෙරෙහි වු ප‍්‍රතිචාරයන්හි සුවිශේෂී ප‍්‍රවනතාවක් දහනව වැනි සියවසේ පළමු භාගයට වඩා දෙවන භාගය තුළ හඳුනාගත හැකිය. මිෂණාරීන් විසින් ස්වකීය ධර්ම ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගනු ලැබූ ක‍්‍රමවේදයන්හි අනුසාරයෙන් ගොඩනැ`ගුණු දේශීය ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමවේදයන්ගෙන් යම් පමණකින් ඉවත්ව ඊට වඩා සුවිශේෂී බලපෑමක් තුළින් ක‍්‍රිස්තියානිකරණය යටපත් කරලීමට දේශීය ජනයා පෙළඹෙන අවස්ථාවන් මෙකල මැනවින් විද්‍යමාන වන්නේය. ‘‘බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දහනව වන සියවසේ පළමු දශක කීපය තුළ ක‍්‍රමයෙන් ක‍්‍රිස්තියානි මිෂණාරී ව්‍යාපාරය ප‍්‍රබල වෙමින් බුදුසමය පසුබෑමට ලක්වනු දුටු බෞද්ධයන්ගේ නැ`ගී සිටීම 1840 දශකයේ සිට දැකිය හැකිය. ඒ බෞද්ධ ප‍්‍රතික‍්‍රියාවේ උච්චතම අවධිය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, හික්කඩුවේ සුමංගල හිමි, වැලිගම සුමංගල හිමි ආදීන්ගේ පුරෝගාමිත්වයෙන් සිදු වූ බෞද්ධ ව්‍යාපාරයක් වූ ක‍්‍රිස්තියානි ප‍්‍රචාරකයන්ට එරෙහිව බෞද්ධ වාද මාලාවෙහි දැකිය හැකිය. වර්ෂ 1865 පෙබරවාරි මස බද්දේගම වාදයෙන් ඇරඹුණු මේ වාද මාලාව 1865 අගෝස්තු වරාගොඩදී ද 1866 පෙබරවාරි මස උදන්විටදී ද, 1871 ජනවාරි ගම්පළදී ද සිදු වූ වාදයන්ගෙන් පසුව 1873 අපේ‍්‍රල් මස පානදුරේදී සිදු වූ පානදුරාවාදයහිදී ද කූට ප‍්‍රාප්ත විය’’ මේ වන තෙක් ක‍්‍රිස්තියානි හා බෞද්ධයින් අතර ස්වකීය ආගම් වල සත්‍යාසත්‍යභාවය තහවුරු කිරීම ලිපි ලේඛන ම`ගින් සිදු වූ අතර එකී ක‍්‍රමවේදයන් ඉවත්ව දෙපාර්ශවය අතර ඍජුව ඇති වූ මෙකී ‘පංචමහාවාද’ වනාහි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සුවිශේෂී නව ප‍්‍රවනතාවයක් ලෙස දැක්විය හැක. මෙම වාද අවස්ථා වලදී බොහෝ විට මිෂණාරීන් විසින් ඉස්මතු කරන ලද කර්මය, පුනරුත්පත්තිය, නිර්වාණය, බුද්ධත්වය වැනි කරුණු වලට බෞද්ධ පාර්ශවයෙන් සාර්ථක ප‍්‍රතිචාරයක් ලැබීමත් ක‍්‍රිස්තු ධර්මයේ නිස්සාරත්වය තවදුරටත් තහවුරු වීම හේතු කොට ගෙන සිංහල බෞද්ධ උද්යෝගය තවදුරටත් දැඩි ශක්තිමත් භාවයකින් ගොඩනැෙ`ගන්නට අවශ්‍ය පසුබිම නිර්මාණය විය. එකී විවාද අවස්ථාවන්ගෙන් දේශීය ප‍්‍රතිචාරයන් දැඩිව ප‍්‍රකාශයට පත්වූ සුවිශේෂී ඓතිහාසික අවස්ථා වශයෙන් ‘පානදුරාවාදය’ හැඳින්විය හැකිය. ‘‘ප‍්‍රචණ්ඩකාරිව හා අධිපතිවාදීව ශ‍්‍රී ලංකාව තුළ සිදු කෙරුණු ක‍්‍රිස්තියානිකරණ ව්‍යාපාරයන් මතවාදීව පරාජය කිරීමට පාණදුරාවාදය තුළින් හැකි වූවා සේම බෞද්ධ ප‍්‍රබෝධය මුළු මහත් රට පුරා පමණක් නොව දේශාන්තරවල පවා පැතිර ගිය අතර අනගාරික ධර්මපාල තුමාගේ ජාතික හා ශාසනික මෙහෙවරට ද අත්තිවාරම දැමිණි. වලිසිංහ හරිශ්චන්ද්‍ර, පියදාස සිරිසේන, කුමාරතුංග මුනිදාස වැනි දේශමාමක විරුවන් හට පූර්වාදර්ශ සැපයිණි. ඕල්කට් තුමාගේ ශ‍්‍රී ලංකා ගමනට ද ම`ග පෑදිණි’’ ‘‘එය අවසන්ව නොබෝ කලකින්ම බෞද්ධයන් මුළුමනින්ම ද්වේෂ සහගත හා අවලාදාත්මකව ක‍්‍රිස්තියානි ආගම කෙරෙහි පත‍්‍රිකා ලිවීම ආරම්භ කළේය’’ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ඇරඹි මෙම පංචමහාවාදයන් හේතු කොට ගෙන මිෂණාරී ව්‍යාපාරයෙහි යම්කිසි පසුබැසීමක් විද්‍යමාන වීම ද බෞද්ධයන් ලත් ජයග‍්‍රහනයකි. මිෂණාරීන්ට එරෙහිව විධිමත්වූත්, කාලෝචිතවුත්, ප‍්‍රතික‍්‍රියාවන් කෙරෙහි යොමු වීමට විශේෂයෙන්ම මෙකී වාදයන් ඉවහල් විය. දේශීය බෞද්ධාගමික පුනර්ජිවන ව්‍යාපාරය කෙරෙහි වූ විදේශීය අනුග‍්‍රහයන් ලැබීමට අවශ්‍ය පසුබිම නිර්මාණය විම ද මෙකල දක්නට ලැබෙන නව ප‍්‍රවනතාවයකි. ඒවගේම ‘‘නාමිකව ක‍්‍රිස්තියානි වී සිටි පුද්ගලයන් ආපසු සිය ආගම් කරා අනුගත වීමේ ප‍්‍රවනතාවක් ද මෙකල හඳුනාගත හැකිය. මෙහි ප‍්‍රතිඵලය වූයේ විවිධ මිෂණාරී සමාගම් වල ආගමික නාම ලැයිස්තු වල නම් සඳහ්නව තිබූ දහස් ගණනක් ක‍්‍රිස්තියානීන් පල්ලිය සම`ග පැවති සියලූ සම්බන්ධතා නවතා දැමීමය’’ බෞද්ධයන් අතර පෙර නොවූ පරිදි දැඩි උද්යෝගයක් ඇති වූ බවට සාධක සමාකාලීන් මිෂණාරී වාර්තා ම`ගින් ද විද්‍යමාන වන අතර 1879 දී කොළඹ බිෂොප්වරයා කරන ලද ප‍්‍රකාශනයක් වන ‘‘බුද්ධාගම සම්පූර්ණයෙන් පරාජය කොට හෝ එයට ආසන්න වී වත් නැත. එය පැහැදිළි අර්ථයෙන්ම සිංහල බහුජනතාවගේ ආගම වශයෙන් තවමත් රැුඳී පවතී. බුද්ධාගම මීට අවුරුදු එකසිය පනහකට පෙර පැවති තත්ත්‍වයටත් වඩා බලවත්ව අද පවතින අතර එය ප‍්‍රමුඛත්වට පත්වීම සඳහා පුදුම දරුණු ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කරයි.’’ මේ ආකාරයට බෞද්ධ හා ක‍්‍රිස්තියානි යන ආගමික කණ්ඩායම් දෙක අතර සිදු වූ ඍජු විවාදයන්ගෙන් පමණක් මිෂණාරී ව්‍යාපාරයන්ට එරෙහි වීම සීමා නොවූ අතර දැඩි සංවිධානාත්මක ක‍්‍රමවේදයකින් ක‍්‍රියාවට නැංවූ මුද්‍රණ ශිල්පය උපයෝගීත්වයෙන් ද මිෂණාරීන්ට ප‍්‍රබල බලපෑමක් සිදු කරන්නට බෞද්ධ, හින්දු හා මුස්ලීම් යන ජන වර්ගයන් ත‍්‍රිත්වයම පෙළඹෙන අයුරු මෙකල දැකිය හැකි තවත් එක් සුවිශේෂී ප‍්‍රවනතාවයකි. මිෂණාරී පූජකයින් විසින් ස්වකීය ආගමෙහි ශ්‍රේෂටත්වය ද, ස්වදේශීය ආගම් වල ම්ලේච්චත්වය ද හුවා දක්වමින් ප‍්‍රකාශයට පත්කැන්නා වූ ලිපි ලේඛනයන්හි සීඝ‍්‍ර වර්ධනයක් 1860 න් පසුව දක්නට ලැබෙන අතර, ස්වදේශීන්ට ඊට ප‍්‍රතිචාර දක්වනු පිණිස ස්වකීයම වූ මුද්‍රණාල පිහිටුවා ගනිමින් මිෂණාරීන්ට එරෙහිව ලේඛන කලාව තුළින් ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹෙන අතර එකී කර්තව්‍යයේ පුරෝගාමින් බවට බෞද්ධ භික්‍ෂුව පත්වන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය පහසුකම් ප‍්‍රභූ පැලැන්තිය ම`ගින් සපයනු ලැබීය. බෞද්ධ අධ්‍යාපන ව්‍යාපාරය ව්‍යාප්ත වීමත් ස්වභාෂා අධ්‍යාපනය දියුණු වීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් මෙම පුවත්පත් හා ස`ගරා ස්වදේශීයන් අතර ජනප‍්‍රිය වූ හෙයින් එය මිෂණාරී විරෝධී ව්‍යාපාරයේ සාර්ථකත්වයට ප‍්‍රබල පිටුවහලක් විය. ‘‘1862 ජූනි 17 වැනි දින ඞී. ජේ. ගොගර්ලි පියතුමා ලන්ඩනයට ලිපියක් ලියමින්, සමහර දෙනා අභාවයට පත් වී යැයි සිතූ බුදුදහම දැන් ප‍්‍රමුඛත්වයට පත්වෙමින් පවතී....සතිපතා ක‍්‍රිස්තියානි ආගමට විරුද්ධව පැවැත්වෙන දේශනයක් කොළඹ ඇත. එම`ගින් පත‍්‍රිකා මුද්‍රණය කර බෙදාහරිති. ඒවා ස්වභාවයෙන්ම දරුණුය. කොල්ලූපිටියේ තාප්ප වල ප්ලැකාඞ් අළවා ඇත. ඒවායේ ඇත්තේ කාක්කන්ට විඳින එක දෙවියන්ට වඳිනවාට වඩා හොඳයි. නැත්නම් පාරවල් වල බුර බුරා දුවන බල්ලන්ට වඳිනු. ජෙ හෝවාට හා ජේසුස් ක‍්‍රිස්තූන්ට නොවඳිනු’’ ස්වදේශීයන් මිෂණාරීන් කෙරෙහි වූ අප‍්‍රසාදය මෙලෙස ප‍්‍රසිද්ධියට පත් කිරීම මිෂණාරීන්ගේ අභිමථාර්ථ සාධනයට යම් කිසි අහිතකර වූ පසුබිමක් නිර්මාණය වීමට ප‍්‍රබල පිටුවහලක් වූ අතර මෙවැනි ප‍්‍රකාශනයන් තුළින් එකී ක‍්‍රියාකාරිත්වයෙහි පසුබෑමක් සනිටුහන් වනු සමකාලීන තොරතුරු ම`ගින් සනාථ වේ. 1862 නොවැම්බර් මස මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ අනුශාසනයෙන් ප‍්‍රකාශයට පත්කරන ලද ‘කි‍්‍රස්තියානි වාද මර්දනය වනාහි ගොගර්ලිට පමණක් දුන් පිළිතුරක් නොවන බවත් බුද්ධාගමේ සත්‍යභාවයත් ක‍්‍රිස්තියානියේ අසත්‍යභාවයත් ප‍්‍රකාශ කරන්නකියි සංස්කාරක කීය. එහි අග මෙලෙස එයි. ‘සිතට කයට ද සැපත දෙනනෙක සසර දුක් බිය හරවනා සතට ගැළපෙන පිණිස මුනි දෙසු දහම් තේරුම් නොමගෙනා කටට ආ පමණින් සිහිසන් නැතිව පල් බොරු දොඩවනා අයට මින්මතු සිහි ලැබෙන්නට කරුණු පවසමි සැකවිනා’ ගුණානන්ද හිමියන්ගේ පුරෝගාමීත්වයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලබන දුර්ලබ්ධි විනෝදනියේ අග මෙවැනි කවියක් ඇත. ‘තද ගඳ වෑහෙන ගෙරි කුණ පිරිවර ගත්ත වැද වැද බුදින විලසින් කැණහිල් රොත්ත මඳ මඳ නුවණවත් නැති දින පිළි ගත්ත පද බැඳ තිබෙන බොරුවකි බයිබල පොත්ත’ ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරයෙහි ප‍්‍රමුඛයින් ලෙස කටයුතු කළ මිෂණාරී පූජක පිරිස් ස්වදේශීය ආගමික සංකල්පයන් ගැරහුමට ලක්කිරීමට තම ප‍්‍රකාශන උපයෝගී කරගත් පරිද්දෙන්ම, බෞද්ධයින් ද ස්වකීය ප‍්‍රකාශනයන් තුළින් ක‍්‍රිස්තියානි ආගමික සංකල්පයන්ට එරෙහිව දැඩි විරෝධී ස්වරූපයකින් ප‍්‍රතිචාර දැක්වූ මූලික ක5මවේදයක් ලෙස මෙවැනි අවස්ථාවන් ගෙනහැර දැක්විය හැකිය. ‘ලක්මිණි පහන’ පුවත් පත ම`ගින් ක‍්‍රිස්තියානි ධර්මය අඩංගු බයිබලය විවේචනය නිතර සිදු කළ අතර, එහි එක් තීරු ලිපියක දැක්වෙන පරිදි ‘‘බයිබල් කෑල්ල හුලූ අතු කෑල්ලක් සේ වන වනා බයිබල් කෑල්ලට අඩිය ගසා ස්වර්ගයට න`ගින්නට උත්සහ කරන්නන් එසේ වූ වැරවීර්යයක් නැති පාදිරි මට්ටන් පැටියෝය.’’ මේ ආකාරයට 1860 ගණන් වල පළ කළ පුවත් පත් ම`ගින් ක‍්‍රිස්තියානි මිෂණාරී කටයුතු සහ එහි සංකල්පයන් විවේචනය කිරීම, හම ව්‍යාපාරයන්ට මුහුණ දීමට සිදු වූ ප‍්‍රබල අභියෝගයක් වූ අතර, දේශීය ජන කොටස් සිය ආගමික සුරක්‍ෂිතභාවය උදෙසා ගෙන යන්නාවූ මෙවැනි ක‍්‍රමවේදයන් කෙරෙහි බි‍්‍රතාන්‍ය ආණ්ඩුව පක්‍ෂපාතීත්වය නොදැක්වුව ද, ඍජුව එකී ක‍්‍රියාවන් මැඩපැවැත්වීමට ප‍්‍රතිපත්තියට පරිපාලන තන්ත‍්‍රය අනුගත නොවී මධ්‍යස්ථ ප‍්‍රතිපදාවක් අනුගමනය කිරීමට වගබලා ගත් අතර, ඒ වන විට පෙළගැසෙමින් පැවති ස්වදේශීය ජනතා නැ`ගීසිටීම්හි පැවති දැඩි සංවිධිත භාවය එයට ප‍්‍රබල හේතුවක් වූවාය. 1880 වර්ෂයේ ආරම්භ කරන ලද ‘සරසවි සඳරැුස’ පුවත් පත ම`ගින් ද බෞද්ධ පුනර්ජීවනය උදෙසා ඉටු කරන ලද සේවාව ඉමහත්ය. ‘‘ක‍්‍රිස්තියානීහු අප සර්වඥයන් වහන්සේට ද උන්වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මයට ද ඊර්ෂ්‍යා පරවශව අභූත දෝෂාරෝපන කොට පති‍්‍රකා අච්චුගස්වා රටේ තොටේ විසුරුවා හරිති. මේ පත‍්‍රිකාවලින් බුද්ධාගම කෙරෙහි බෞද්ධයන්ගේ හිත් ¥ෂණය කිරීම ඔවුන්ගේ පරම අදහසයි. ඔවුන්ගේ මේ පාපසහගත අදහසට ඉඩහැර නිසොල්මන්ව සිටීම බෞද්ධයන්ට කිසිසේත් යුතු නොවේ. බෞද්ධයන් විසින් ප‍්‍රස්ථාවෝචිත පත‍්‍රිකා අච්චුගස්වා විසුරුවා හැරිය යුතු වේ. නූගත් බෞද්ධ ජනයාගේ සිත් මුලා කරන අදහසින් පරසමය වාදින් විසින් කරන ක‍්‍රියා වලට පහරදීම බෞද්ධයන්ගේ යුතුකමකි.’’ 1898 මොහොට්ටිවත්තේ ජනානන්ද ස්ථවිරයන් විසින් ප‍්‍රස්ද්ධියට පත් කරන ලද ‘සත්‍යර්ථ දර්ශනය’ නමැති පුවත් පත ද බෞද්ධ පුනර්ජීවනය උදෙසා ප‍්‍රබල පිටුවහලක් සැපයූවකි. ‘‘පරසමය වාදීන් විසින් බුද්ධාගමට විරුද්ධව කරන ලද අභූත දෝෂාරෝපනයන් හරු දුටු කෙ\්පැණියන් මෙන් දුර්භූත කිරීම ද බුද්ධ ධර්මයට විරුද්ධව ගෙන යන සියලූ ප‍්‍රහ්නයන්ට පිළිතුරු දීම ද, පරසමයවාදීන්ගේ මිථ්‍යාමත මූලෝච්ෙඡ්දනය කිරීමට සාරවත් පිළිතුරු බෞද්ධයන්ට ඉගැන්වීමට ද මෙය ඇති කිරීමෙන් බලාපොරොත්තු වන්නේය’’ ‘‘දැනට අප රට පවත්නා බුද්ධාගම සම්බන්ධ සිංහල ප‍්‍රවෘත්ති පත‍්‍ර අතුරෙන් කොයි පත‍්‍රයක් වත් ඍජුව බුද්ධාගමේ අභිවෘද්ධිය ගැන ක‍්‍රියා කරන්නේ නැති හෙයින් බුද්ධාගමට බොහෝ සේ හානි පැමිණීගෙන එන බව ඒ ඒ පත‍්‍ර කියවන ඇත්තන්ට දැනගන්නට පුළුවන. හබැවින් මිථ්‍යාවාදීන් විසින් බුද්ධාගමට කරන අපහාස මැඩ පැවැත්වීම පිණිසත්, බුද්ධාගමේ නැති දේවල් ඇත කියා ලෝකය මුලා කරන්නට කරන උත්සහයෙත් වන ශාසන හානිය නැති කිරීම පිණිසත්, සමහර සමාගම් වල අය බුද්ධාගමට මුවා වී සිටගෙන බුද්ධාගම අන්‍යාකාරයකට පෙරලන්නට හදන එක නැවැත්වීම පිණිසත් මේ කාලයෙහි බුද්ධාගම සම්බන්ධ ක‍්‍රියා කරන පත‍්‍රයක් ඕනෑමය. ඒ ගැන ‘රවිරැුස’ නම් පත‍්‍රයක් වර්ෂ 1888 ජනවාරි 08 වන ඉරිදා පටන් සතිපතා සෑම ඉරිදා දවස් වල ප‍්‍රසිද්ධ කරන්නට අරමුණු කරගෙන තිබෙනවායි’’ ‘‘ක‍්‍රිස්තියානි ආදි අන්‍යාගම්කාරයෝ ගමක් පාසා ඇවිද දේශනා කිරීමේන ද, මිෂණාරී වැස්ලියන් ආදි සමාගම් දියුණු කරගැනීමෙන් ද, වෙනත් නානා උපාය වලින් ද, තම ආගම දියුණු කරගැනීම පත‍්‍රිකා, කුඩා පොත් මුද්‍රණය කරවා ලෝකයා අතර පතුරුවා හරිති. ලෝකයෙහි මහවර දැක්වූ මිථ්‍යාදෘෂ්ටි අසත්‍යය දියුණු කිරීමෙන් බොහෝ සමූහ කෙනෙක් මහා විනාෂයට පැමිණෙති. මිසදිටු රජස් බැහැර කරමින් සර්වඥ ශාසනය දියුණු කිරීමට සකල බෞද්ධයන් දායක විය යුත්තේය....’’ දහනව වන සියවසෙහි දෙවැනි භාගයෙහි බෞද්ධයන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලද පුවත් පත්, ස`ගරා, පත‍්‍රිකා සහ කෘතීන් මූලික වශයෙන්ම ක‍්‍රිස්තු ධර්ම ප‍්‍රචාරකයන්ට එරෙහි වුත්, බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයන් ශක්තිමත් කිරීමේ පරමාර්ථයෙනුත් සිදු කළ ඒවා බව එකී ලේඛනයන්හි ගෙන හැර දැක්වෙන තොරතුරු ම`ගින් මැනවින් විද්‍යමාන වන්නේය. මෙවැනි සංවිධිත වූ ක‍්‍රමවේදයන් අනුගමනය කරමින් ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රචාරක කටයුතු පිටුදැකීම කෙරෙහි බෞද්ධ ජන සමාජය ඒකරාශී වීමේ ආභාසය ලද හින්දු හා මුස්ලිම් ජන සමාජය ද මුද්‍රිත ප‍්‍රකාශන තුළින් දැඩි මිෂණාරී විරෝධී ක‍්‍රියාමාර්ගයන් වෙත යොමු වන අයුරු හඳුනාගත හැකිය. ආරුමුග නාවලර් තුමාගේ පුරෝගාමිත්වයේ ඇරඹි හින්දු පුනර්ජීවන කටයුතු සාර්ථකත්වයට පත්වනුයේ දහනව වැනි සියවසේ දෙවන භාගයේදී මුද්‍රණ ශිල්පයෙහි සිදුවූ දියුණුවත් සම`ගය. ක‍්‍රිස්තියානි විරෝධී පත‍්‍රිකා, පුවත් පත්, ස`ගරා සහ ප‍්‍රකාශනයට පත් කිරීමත්, ඒ ම`ගින් ශිව භක්තිකයන් බිහි කිරීමත් අරමුණු කරගෙන දිවත් වූ එකී කාර්යයට හින්දු ප‍්‍රභූ පැළැන්තියේ අනුග‍්‍රහකත්වය ලැබීම එහි කටයුතු සාර්ථකත්වයට ඉවහල් විය. ස්වකීය සංස්කෘතික අනන්‍යතාවයන් ආරක්‍ෂා කර ගැනීමට සහ බටහිර බලපෑම් වලට අභියෝග කිරීමේ පරමාර්ථයෙන් ඒකරාශී වූ මුස්ලිම් ජන කොටස් අතර ද, හින්දු සහ බෞද්ධයන් මෙන්ම මුද්‍රිත ප‍්‍රකාශන උපයෝගීත්වයෙන් අන්‍යාගම්කරණයට බලපෑම් කිරීමට සංවිධිත වූ ක‍්‍රමවේදයන්ට අනුගත වීම දහනව වන සියවසේ අග භාගයෙහි දි දක්නට ලැබෙන තවත් එක් ප‍්‍රවනතාවකි. මුද්‍රිත මාධ්‍ය උපයෝගී කරගනිමින් මිෂණාරී විරෝධී ප‍්‍රයත්නයට අනුගත වූ ස්වදේශී ජන කොටස් ‘පාඨශාලා සංවර්ධනය’ කිරීමේ සංවිධිත වූ ව්‍යාපාරය ම`ගින් ද සිය ක‍්‍රිස්තියානි විරෝධී භාවය ඉස්මතු කිරීම මෙකල දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයකි. ‘‘ක‍්‍රිස්තු භක්තිකයන් විසින් මෙසේ ස්ව සමය පාලනය කර ගනිමින් පර සමයන් විනාශ කර දැමීමට යොදාගෙන තිබෙන බලවත් උපාය නම් පාඨශාලා පිහිටුවීමයි. ඒවායින් බෞද්ධ, ශෛව, වෛශ්ණව කරුණයන්ට ක‍්‍රිස්තියානිය උගන්වනු ලැබේ. මේ ක‍්‍රිස්තියානි පාඨශාලා වලින් ආගමට හරවා ගත් සංඛ්‍යාව අතිමහත්ය. එබැවින් කොළඹ උසස් හින්දු, බෞද්ධ ශාස්ත‍්‍ර ශාලාවක් පිහිටෙවුවොත් එය මුළු ලංකාවේම බෞද්ධ, ශෛව, වෛෂ්ණවයන් ස්වකීය ආගම් වල රඳවා පාලනය කර ගැනිමට පමණක් නොව ක‍්‍රිස්තු භක්තිකයන් බුදුසමය, ශෛවසමය දෙකට හරවා ගැනීමට ද පිටිවහලක් වන්නේය. බෞද්ධ, හින්දු දෙපක්‍ෂය විසින් මිත‍්‍රව මේ ශාස්ත‍්‍ර ශාලාව පිහිටුවීමෙන් ලබන යහපත නම් ක‍්‍රිස්තියානියෙන් දෙපක්‍ෂයේම දරුවන්ට වන විපත වළකා ගැනීමයි.’’ ස්වදේශීය දරුවන් මිෂණාරි පාසල් තුළින් ලබන අධ්‍යාපනයට දැඩි අභයෝගයක් කිරීමේ පරමාර්ථයෙන් 1880 වර්ෂයේ සිට දේශීය පාඨශාලා ක‍්‍රමයක් ස්ථාපිත කිරීමත් එම`ගින් මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමය පිටුදැකීමත් අරමුණු කොටගනිමින් ඒකරාශී වන්නාවූ ලාංකීයන්ට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඇතුළු පරම විඥානාර්ථ සමාගමේ අනුග‍්‍රහයන් නොමඳව ලැබීම එකී කාර්ය සාධනයට ප‍්‍රබල පිටුවහලක් විය. ඒ සඳහා අවශ්‍ය ආධාර සපයා ගැනීමේ පරමාර්ථයෙන් 1881 දී ‘අධ්‍යාපන අරමුදලක්’ පිහිටු වීමෙන් පරම විඥානාර්ථ සමාගමේ සාමාජිකයින් සහ සමකාලීන දේශීය පුනර්ජීවන ව්‍යාපාරයන්හි පුරෝගාමීන් එකතුව දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වල සංචාරය කරමින් ඒ සඳහා අරමුදලක් රැුස් කිරීම ආරම්භ කළ අතර එහි සාර්ථකත්වයට එකල මෙරට සමාජ ක‍්‍රමයෙහි සුවිශේෂීව ඉස්මතු වෙමින් පැවති ‘මධ්‍යම පන්තිකයින්ගේ ද’ අනුග‍්‍රහයන් ලැබීම ඉතා වැදගත් කාර්යයකි. සිංහල බෞද්ධ වෙළෙන්දන්, වතු හිමියන්, රේන්දකරුවන් හා වෘත්තීමය බුද්ධිමත්හු බෞද්ධ පැළැන්තිය විසින් මෙරට අධ්‍යාපන ක‍්‍රමයට පදනම සපයමින්, තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පාඨශාලාවන් ගණනාවක් ආරම්භ කිරීම දහනව වන සියවස අවසාන දශකයෙහි සහ විසිවන සියවස ආරම්භයෙහිදී දක්නට ලැබෙන ප‍්‍රවනතාවකි. පානදුරේ අරක්කු රේන්ද කරුවෙකු සහ ධන පතියෙකු වූ ජෙරම්යස්ඩයස්ගේ දියණිය වූ සෙලෙස්තිනා ඩයස් විසින් දිවයිනේ ප‍්‍රධාන බෞද්ධ බාලිකාව බවට පත් වූ විශාඛා විද්‍යාලය ඇරඹීමට ආධාර මුදල් සැපයූ අතර, ගොවිගම බෞද්ධ ත්‍යාගශීලීන් වූ සේනානායක, කොතලාවල හා ආටිගල ආදි පවුල් වල සාමාජිකයින් ද තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් අධ්‍යාපන ආයතන පිහිටු වීමට කටයුතු යොදන ලදි. සීඝ‍්‍ර සංවර්ධනයක් හිමිකරගත් බෞද්ධ පාසල් ම`ගින් දේශීය අධ්‍යාපනික පුනර්ජීවනයක් ඇති විමත් සම`ග, මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමය පසුබෑමට ලකම්ම සිදු විය. ඒ වන විට පාලන අධිකාරිත්වය හෙබවූ බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ස්වදේශිකයන්ගේ බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ ව්‍යාපාරයට මැදිහග් නොවූ අතර, සමකාලින සමාජය තුළින් ප‍්‍රබල මිෂණාරි විරෝධී ව්‍යාපාර සංවිධානය වී පැවතීම මීට බලපෑ එක් හේතුවක් වන්ට හැකිය. හින්දු සහ මුස්ලිම් ජන කොටස් ද තම අධ්‍යාපනය න`ගා සිටුවීමේ අරමුණින් ස්වකීයම වූ පාඨශාලාවන් ආරම්භ කිරීමට කටයුතු යොදන අතර, එහිදී ද මධ්‍යම පාන්තික ප‍්‍රභූ පැළැන්තියෙන් ඒ සඳහා අවශ්‍ය ආධාර උපකාර ලැබෙනු දක්නට ලැබේ. මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමය ම`ගින් සිදුකරනු ලබන ස්වදේශීය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්හි පරිහානියට අභියෝග කරමින් දේශීයත්වය සුරක්‍ෂිත කරලීමේ අරමුණ මත පිහිට වූ පාඨශාලා සහ පිරිවෙන් ම`ගින් සමකාලීන අණ්‍යාගමික ක‍්‍රියාදාමයට එරෙහිව දැඩි විරෝධයක් දැක්වීමට පසුබිම නිර්මාණය වීම ස්වදේශීය ජන කොටස් ලැබූ සුවිශේෂී ජයග‍්‍රහනයකි. මෙපරිද්දෙන් සංවිධිත වූ ක‍්‍රමවේදයන් ම`ගින් මිෂණාරීන්ට එරෙහිව ජනතා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වන තුරදීම ‘බෞද්ධ නවජීවනය ම`ගින් අවුස්සනු ලැබූ චිත්ත වේගයන් කරණකොට ගෙන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාද හට ගැනිණ. ක‍්‍රිස්තියානින් හා බෞද්ධයන් අතර වූ ප‍්‍රථම බරපතල ගැටුම, ශාන්ත ලූසියා ආසන දෙව් මැදුරත් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ සුප‍්‍රසිද්ධ බෞද්ධ පන්සලත් එකිනෙකට ඉතා ආසන්නව පිහිටා තිබූ ජනාකීර්ණ කොටහේන ප‍්‍රදේශයෙහි සිදු විය...එහි ප‍්‍රතිඵලය වහයෙන් එක් පුද්ගලයෙකු මරුමුවට පත්ව 30 දෙනකු තුවාල ලැබූහ.’’ කොළඹ ප‍්‍රදේශයෙදී මෙවැනි ආගමික ගැටුම් ඇතිවන විට ‘බ‍්‍රහ්මචාරී වලිසිංහ හරිස්චන්ද්‍ර’ අනුරාධපුරයට පැමිණ එහි බෞද්ධයන් තුළ ඇති කළ ප‍්‍රබෝධය මිෂණාරී විරෝධතාවන් වර්ධනය වීමට බෙහෙවින් උපකාරී වූ අතර 1900 වර්ෂයේදී රුලපනාවේ රෝමානු කතෝලික පාසල දෙවරක්ම ගිනි තබා විනාශ කොට ඇති අතර, ක‍්‍රිස්තියානි පාසල් ඇති ගම් වලින් දන් පිළිගැන්ම අත්හිටවන බවට අටමස්ථානාධිපති හිමිවරුන් විසින් තර්ජනය කළ බව තොරතුරු ලැබේ. එපමනක් නොව කැකිරාව බැප්ටිස්ට් පාඨශාකාවට දරුවන් යැවීම නැවැත්වීමට එහි ඇතැම් බෞද්ධයන් තර්ජන මාර්ගයෙන් උත්සහ කිරීම නිසා එසේ නොකරන ලෙස අවවාද කිරීමට අනුරාධපුර ඒජන්තයොට සිදු වූ බවත්, අවසානයේදී එම පාසැල තර්ජන හේතුවෙන් වසා දමන ලද බවත්, මඩාටුගම බැප්ටිස් පාසල වර්ජනය කළ ගැමියන් විසින් එම පාසල සැතපුම් එකක් පමණ ඈතින් බෞද්ධ පාසලක් පිහිටවූ බවත් සඳහන් වේ. මේ ආකාරයට බෞද්ධ ජන සමාජය විසින් උග‍්‍ර විරෝධී ක‍්‍රියාමාර්ගයන් වෙත එළඹෙමින් මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ප‍්‍රතිචාර දක්වන අවස්ථාවන් විසිවන සියවස සමාරම්භයේදී දැකිය හැකිය. හින්දු සහ මුස්ලිම් ජනතාව මෙවැනි ක‍්‍රමවේදයන වෙත යොමු වූ අවස්ථාවන් පිළිබඳ විධිමත් වූ තොරතුරු නොලැබෙන අතර, මිෂණාරී පූජකයින්ගේ ක‍්‍රියාකාරිත්වයන් ඒ ඒ ජන සංස්කෘතීන්ට සිදු කළා වූ බලපෑමෙහි ස්වරූපය හා විවිධ පුද්ගල කොටස්හි ආගල්පයන් විවිධාකාර වූ හෙයින් මේ ආකාරයට විෂම වූ ප‍්‍රතිචාරයන් මිෂණාරීන් කෙරෙහි දැක්විමට හේතු වන්නට ඇත. දහනව වන සියවසෙහි මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි වූ ස්වදේශීය ප‍්‍රතිචාරයන් නිශ්ක‍්‍රීය වූ තත්ත්‍වයන්ගෙන් විද්‍යමාන කරනු ලැබුව ද එකී තත්ත්‍වයන්හි සංවර්ධනයක් එම සියවසෙහි දෙවැනි භාගයෙහිදී විද්‍යමාන වනු දිටිය හැකිය. අධිරජ්‍යවාදී ග‍්‍රහනය තුළ රැුඳෙන යටත් වැසියන් ලෙස වුවත්, ස්වකීය දේශීය අනන්‍යතාවන් සුරක්‍ෂිත කරලීම උදෙසා පෙළ ගැසෙන ලාංකිකයන් දැඩි සංවිධානාත්මක සහ දැඩි විරෝධී ක‍්‍රමවේදයන් වෙත යොමු වෙමින් මිෂණාරී ක‍්‍රියාකාරිත්වයන් පිටුදකින අවස්ථාවන් දහවන සියවස අවසාන භාගයෙහිදීත් විසිවන සියවස සමාරම්භයේදීත් ලංකා ඉතිහාසයේ විද්‍යමාන වීම සුවිශේෂී ලක්‍ෂණයකි. 04.3 ප‍්‍රාදේශීය විවිධත්වයන්. බි‍්‍රතාන්‍ය පාලන අවධියෙහි මෙරට ක‍්‍රිස්තියානි ධර්ම ප‍්‍රචාරක කර්තව්‍යයෙහි යෙදුණු මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි වූ ස්වදේශීය ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබ්ඹු වූ ආකාරය පිළිබඳ විමර්ශනය කරන විට එය සමස්ථ දිවයිනෙහිම ඒකාකාරී ස්වරූපයකින් විද්‍යමාන වූයේ ද යන්න අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය. බි‍්‍රතාන්‍ය පාලන අධිකාරිත්වයෙහි අනුග‍්‍රහයන් සහිතව ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරය කිරීම ද වනාහි ජාතික මට්ටමින් ඒකාකාරීව සිදු වූ ක‍්‍රියාදාමයක් නොවන බව ගම්‍ය වන අවස්ථාවන් හඳුනාගාත හැකිය. ‘‘උඩරට උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ද සම්මත කුලහීන ප‍්‍රදේශවල ද බෞද්ධ ව්‍යාපාරවලින් දුරස්ථ වීම නිසා ක‍්‍රිස්තියානි මිෂණාරී ව්‍යාපාරයන්ට එම ප‍්‍රදේශ වල ජනයා ආකර්ෂණය කරගත හැකි විය. එය නොයෙක් වරප‍්‍රසාද හා තාන්නමාන්න පෙරටු කරගනිමින් සිදුවූ හෙයින්, එකී ප‍්‍රදේශ තුළ මිෂණාරී ක‍්‍රියාකාරකම් පිටුදකින සුළු ව්‍යාපාරයන්හි සීඝ‍්‍ර වර්ධනයක් නොපෙන්වීමට එය හේතුවක් විය’’ දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතීන්ගේ විවිධත්වය මත ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරය කරලීම බහුවිධ ස්වරූපයන්ගෙන් සිදුවීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් ඒ කෙරෙහි වූ ස්වදේශීය ප‍්‍රතිචාරයන් බහුවිධ ස්වරූපයකින් විද්‍යමාන වනු දහනව වන සියවසෙහි දක්නට ලැබෙන සුවිශේෂී සංසිද්ධිදාමයකි. ‘‘යුරෝපීන් හා ක‍්‍රිස්තියානි මිෂණාරීන් බොහෝ කාලයක් ආශ‍්‍රයෙන් කරන්නට ලැබුණු මුහුදු බඩ පළාත්වල ජනයා නිතරම මිෂණාරී සමාගම් වලට කැමැත්තක් දැක්වූහ. වෙරළ බඩ සෑම ගමකම පාහේ මහජනයා මිෂණාරීන් පිළිගත්තේ ගුරුවරුන් වශයෙනි. බොහෝ විට ඔවුන් එසේ ගුරුවරුන් වශයෙන් පිළිගත් නමුත් ළමයින් ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීම නිසාත්, එම පාසල් වල වැඩියෙන්ම කෙරුණේ ආගමික උපදෙස් දීම නිසාත් දෙමාපියවරුන් ඔවුනට විරුද්ධව නැ`ගී සිටි අවස්ථා ද වේ. ළමයින් පාසල් වලින් ඉවත්කර ගැනීම, විරුද්ධත්වය ප‍්‍රකාශ කළ සාමාන්‍ය ක‍්‍රමය විය.’’ මිෂණාරී ව්‍යාපාරය තුළින් ලබාදෙනු ලබන බටහිර අධ්‍යාපන ක‍්‍රමය විශේෂයෙන්ම තත්කාලීන සමාජ ස්තරයන්හි කුල හීනයින් ලෙසින් සැලකූ ජන කොටස් සඳහාත්, පහත රට ජන කොටස් සඳහාත් තම තත්ත්‍වය ඉහළ නංවාගැනීමේ ගාමක බලවේගය සැපයූ හෙයින්, එකී පිරිස් මිෂණාරී අධ්‍යාපනය කෙරෙහි දැක්වූයේ වහපත් ආකල්පයකි. එහෙත් අධ්‍යාපනය නමැති කඩතුරාව උපයෝගී කරගනිමින් මිෂණාරී පූජකවරුන් සිදුකරන්නට තැත් දරූ ක‍්‍රිස්තියානිකරණ ක‍්‍රියාදාමය ස්වදේශීය ජනයාගේ අප‍්‍රසාදයට හේතු විය. ‘‘19 වන සියවසේ දෙවැනි භාගයේදී මෙරට දක්නට ඇති බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයෙහි ලා පෙරමුණේ සිටියේ බස්නාහිර හා දකුණු පළාත්වල බෞද්ධයන්ය. ඔවුන්ගේ අවධානය යොමු වූ අංශයක් නම් පාසල් පිහිටුවමින් බෞද්ධ දරුවන් ක‍්‍රිස්තියානි ආලමට හරවා ගැනීම කරගෙන ගිය මිෂණාරී පාසාල් වල කටයුතු කෙරෙහිය. ප‍්‍රමාණවත් බෞද්ධ පාසල් නොමැති වීම නිසා බෞද්ධ දරුවන්ට මිෂණාරී පාසල් වලට යෑමට සිදුවී ඇති බව දුටු බෞද්ධයෝ ඒ නිසා බෞද්ධ පාසල් පිහිටුවීම සඳහා පියවර ගත්හ.’’ උඩරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල භික්‍ෂූන් ද මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමයට එරෙහිව නැ`ගී සිටි අතර, සිය විරෝධය පෑම සඳහා උන්වහන්සේලා තම දරුවන් මිෂණාරී පාසල් වලට යවන නිවෙස් වලින් දානය පිළිගැනිම සිදු නොකරමින් එකී විරුද්ධත්වය ප‍්‍රකාශයට පත් කළ බවට තොරතුරු දක්නට ලැබේ. උඩරට ප‍්‍රදේශයට සාපේක්‍ෂව පහත රට ප‍්‍රදේශයන්හි මිෂණාරී ව්‍යාපාරයට එරෙහි වූ ස්වදේශීය ජන සංවිධාන විධිමත් ලෙස ගොඩනැගෙමින්, එකී බල අධිකාරිත්වය යටපත් කිරීමට දැඩි ප‍්‍රයත්නයකට අවතීර්ණ වීමේ ප‍්‍රවනතාවක් විද්‍යමාන විම සුවිශේෂී ලක්‍ෂණයකි. දහනව වන සියවසේදී දිවයිනේ බටහිර හා දකුණු දිග ප‍්‍රදේශ වල ඇති වූ බෞද්ධාගමික ව්‍යාපාරය වනාහි විශේෂයෙන්ම බටහිර ජාතීන්ගේ පාලනය යටතේ වැඞීගෙන ආ විවිධ ක‍්‍රිස්තියානී මිෂණාරී ව්‍යාපාර විසින් දේශය ආගම් දුර්වල කිරීමට හා ඔවුන්ගේ ආගම් ප‍්‍රචාරය කිරිමටත් අනුගමනය කළ ක‍්‍රියාමාර්ග වලට එරෙහිව දියත් වූ ඒවාය. එහිදී බෞද්ධ අධ්‍යාපනය හා මුද්‍රිත ප‍්‍රකාශන උපයෝගී කරගනිමින් මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ප‍්‍රතිචාර දැක්වීමෙන් පමණක් ස්වකීය විරෝධීභාවය ප‍්‍රකාශයට පත් නොකළ පහත රට ජනයා මිෂණාරී පූජක පිරිස් වලට සහ ඔවුන්ගේ වාසස්ථානයන්ට ද පහරදීමට යොමු වන අවස්ථාවන් ද මෙම අවධියේදී දක්නට ලැබෙන සුවිශේෂී තත්ත්‍වයකි. ‘‘1862 ජූනි මාසය වන විට කොළොම්පුර වාසී බෞද්ධයෝ ප‍්‍රචණ්ඩත්වයට පත් වූහ. කොල්ලූපිටියේ වෙස්ලියානු මීසමේ ප‍්‍රධාන සභාපති තුමාගේ නිවස වටකරගත් ඔවුන් එතුමාගේ ලියකියවිලි වලට සහ ක‍්‍රියා කලාපයට විරෝධය පාන්නට වූහ.’’ පානදුරාවාදය ම`ගින් උද්යෝගිමත් වූ බෞද්ධ ජනයා මිෂණාරීන්ට එරෙහිව ප‍්‍රකෝපකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය. ඔවුන් විසින් දෙහිවල පැවති කතෝලික පල්ලියක් ගිනි තබා විනාශ කරන ලදි. 1883 වර්ෂයේ කතෝලිකයන්ගේ පාස්කු සතියට විරෝධය පාමින් බෞද්ධ ආගමික උත්සව උත්කෘෂ්ටාලංකාරයෙන් පැවැත්වීමට ගුණානන්ද හිමිගේ අනුශාසකත්වයෙන් බෞද්ධ පිරිස් ක‍්‍රියා කිරිම නිසා දෙපාර්ශවය අතර දැඩි ගැටුමක් ඇති විය. කුරුසියේ ඇණ ගැසූ යේසුස් වහන්සේගේ පිළිරුවක් රැුගෙන බෞද්ධ පෙරහැරක් කොළඹ න`ගරය තුළ සංචාරය කරමින්, ක‍්‍රිස්තියානි දර්ශනයට ඍජුවම සිය විරෝධීභාවය හෙළිදර්ව් කළේය. 1884 දී කෝට්ටේ දේවස්ථානයකට ගොස් ආපසු පැමිණෙමින් සිටි කතෝලික ආගමික පිරිසකට බෞද්ධයන් විසින් පහර දුන්නේය. මෙම සියලූ මිෂණාරී විරෝධී ක‍්‍රියාකාරකම් මෙහෙයවන ලද්දේ බෞද්ධ භික්‍ෂූන් විසිනි. එවැනි තත්ත්‍වයන් යටපත් කිරිම බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට ද තරමක් අපහසු වූ බැවින් දැඩි සංවිධානාත්මකව පහත රට ප‍්‍රදේශයන් තුළින් මිෂණාරී අධිකාරිත්වය පිටු දැකීමට මෙවැනි ක‍්‍රමවේදයන් තුළින් පසුබිම නිර්මාණය වන්නට විය. පහත රට සිදුවූ මෙම ආගමික ප‍්‍රබෝධයේ බලපෑම විසිවන සියවස සමාරම්භයත් සම`ග උතුරු මැද පලාතේ එනම් අනුරාධපුර න`ගරය තුළින් දෘෂ්‍යමාන විය. මෙම ආගමික ප‍්‍රබෝධය අංශ කිහිපයකින් විද්‍යමාන වූ අතර නටඹුන් වී ගිය පැරණි න`ගරය සංරක්‍ෂණය, පූජනීය ස්ථානවල පවත්වාගෙන ගිය කතෝලික දේවස්ථාන ඉවත් කිරීමට කටයුතු කිරීම, පන්සල් පිහිටුවා ඒවායෙහි භික්‍ෂූන් පදිංචි කිරීම, බෞද්ධ අධ්‍යාපන ආයතන පිහිටු වීම හා මිෂණාරී අධ්‍යාපන ආයතන අක‍්‍රිය කාරිත්වයට පත් කිරීමට වලිසිංහ හර්ස්චන්ද්‍රගේ පුරෝගාමිත්වයෙන් කේනද්‍ර කරගනිමින් නැගීගෙන එන්නාවූ ක‍්‍රිස්තියානි විරෝධී ව්‍යාපාරයන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තීන්ට ද අභියෝගයක් වන්නට විය. 1903 සහ 1905 සිදු වූ ආගමික කෝලාහල ම`ගින් ක‍්‍රිස්තියානි පූජක ස්ථාන රාසියකට හානි සිදු කිරීමට උතුරු මැද පළාතේ වැසියන් ක‍්‍රියා කිරීම, පහතරට ආගමික පුනර්ජීවන ව්‍යාපාරය අනුගමනය කළා වූ ක‍්‍රමවේදයන්ට සමානත්වයක් විද්‍යමාන වූ අවස්ථාවක් ලෙසින් දැක්විය හැකිය. ‘‘උතුරු ප‍්‍රදේශය දැඩි මිෂණාරී ග‍්‍රහණයනකට හසුවූ ප‍්‍රදේශයක් වුවද මිෂණාරී ක‍්‍රියාකාරිත්වන්ට එරෙහිව ක‍්‍රියාත්මක වූ බෞද්ධ ජනතා ව්‍යාපාරය තරම් ප‍්‍රබල වූත් සාර්ථක වූත් ක‍්‍රියාදාමයකට අවතීර්ණ වූ අවස්ථාවන් එම ප‍්‍රදේශය තුළින් විද්‍යමාන නොවීම සුවිශේෂී ලක්‍ෂණයකි. බටහිර අධ්‍යාපනයේ උපරිම ප‍්‍රයෝජන ගත් යාපනයේ ජනතාව මිෂණාරී වරුන් එක හෙළා පිටමන් කිරීමට මැලි වූහ. දකුණේ තරම් දැඩි ලෙස නොවූවත් උතුරේ හින්දු ආගමික විරෝධී අදහස් දෙමළ පත‍්‍රිකාවල, සහ පොත්වල පළ වන්නට විය’’ දකුණු පළාතට සාපේක්‍ෂව උතුරු පළාතේ ජනයා ක‍්‍රිස්තියානිකරණය වීමෙහිදී සුවිශේෂ වෙනස්කම් පැවති බව සමකාලීන තොරතුරු ම`ගින් විද්‍යමාන වන අතර ඒ ඒ ජන කණ්ඩායම් තුළින් ප‍්‍රාදේශීය විවිධත්වයකින් යුක්තව මිෂණාරී විරෝධී ප‍්‍රතිචාරයන් ඉස්මතු විමට එය ප‍්‍රබල සාධකයක් වන්නට ඇත. ‘‘දකුණේ තත්ත්‍වයට වඩා වෙනස් තත්ත්‍වයක් උතුරේ ඇති විය. දකුණේ සිංහල බෞද්ධයෝ ක‍්‍රිස්තියානි ආගමය හැරුණා පමණක් නොව කිතුණු බැතිමතුන් ලෙසම ක‍්‍රියා කළහ. උතුරේ තත්ත්‍වය ගැන සර් පොන්නම්බල්ම් රාමනාදන් ව්‍යවස්ථාදායක සභාවේදී මෙසේ ප‍්‍රකාශ කළේය. ‘ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබාගන්නට අවශ්‍ය නිසා හිනදු ළමයි මිෂණාරී පාසල් වලට ගියේය....ඔවුන්ට උවමනා ක‍්‍රිස්තියානි ආගම නොව ඉංග‍්‍රීසි ඉගෙන ගැනිල්ලයි.’’ ඒ අනුව ස්වදේශීයන් ක‍්‍රිස්තු ධර්මය කෙරෙහි අනුගත වීමේ පරමාර්ථයන් ප‍්‍රාදේශීය වශයෙන් විවිධාකාර වූ හෙයින් එකී ව්‍යාපාරය කෙරෙහි වූ අකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ ස්වභාවයෙහි විවිධත්වයක් හඳුනා ගත හැකිය. දේශීය බහුතරය වූ බෞද්ධ සිංහල ංන පිරිස් කෙරෙහි මිෂණාරී බලපෑම් දැඩිව ප‍්‍රකාශයට පත්වීම එකී ප‍්‍රදේශයන්ගේ මිෂණාරී විරෝධතාවයන් ද දැඩිව පිළිබිඹු වීමට බලපෑ මූලික හේතුවක් විය. බි‍්‍රතාන්‍ය පාලන අවධියෙහි මිෂණාරී පූජක ක‍්‍රියාකාරිත්වයන් කෙරෙහි වූ ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු විමේ සවරූපය තුළ ප‍්‍රදේශීය විවිධත්වයක් හඳුනාගත හැකි වීමේ සුවිශේෂී ප‍්‍රවනතාවයක් ලෙසින් දැක්විය හැකිය. 04.4. විවිධ සමාජ කොටස්වල ස්වරූපයන්. මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ස්වදේශීය ජනතා ආකල්පයන් හා ප‍්‍රතිචාරයන් පිළිබිඹු විමෙහි සන්ධර්භය තුළ ප‍්‍රදේශීය විවිධත්වයන් විද්‍යමාන වූවා සේම එකී ප‍්‍රතිචාරයන් පිළිබිඹු විම සමස්ථ ශ‍්‍රී ලාංකීය ජාතිය තුළින්ම ඒකකාරිව සිදු වූවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත්ය. ඒ අනුව තත්කාලින අවධියෙහි බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් ජන සමාජයන් තුළින් ස්වකීය අනන්‍යතාවයන්හි විපරිවර්තනයන්හි පුරෝගාමින් වූ මිෂණාරීන් කෙරෙහි දැක්වූ ආකල්පයන් සහ එය පාදක කොට ගනිමින් විද්‍යමාන වූ ප‍්‍රතිචාරයන්හි විවිධත්වයන් හඳුනා ගැනිම ඉතා වැදගත් ය. 04.4.1 බෞද්ධ ජන සමාජය. ශ‍්‍රී ලාංකේය ජන සමාජය තුළ බෞද්ධ ජන කණ්ඩායම වනාහී බහුතර ප‍්‍රදේශයක ව්‍යාප්ත වී ඇත්තාවුත් බහුතර පිරිසකගෙන් සමන්විත වන්නා වූත් පුද්ගල කොට්ඨාශය ලෙසින් හැඳින්විය හැකිය. බි‍්‍රතාන්‍ය පාළන අවධියෙහි මිෂණාරීන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් විපරිවර්තනයන්ට බඳුන් වූ ස්වකීය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්හි පුනර්ජීවනය පාදක කොට ගනිමින් පෙළ ගැසෙන බෞද්ධ ජන සමාජයෙහි එකී සංසිද්ධිදාමය ප‍්‍රකාශයට පත්වූයේ කුමන පදනමක් ඔස්සේ ද යන්න විමර්ශනය කිරීමේදී දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයක් වනුයේ මිෂණාරී ව්‍යාපාරය මෙරට ස්ථාන ගතවීමේ සිට එකී අධිකාරිත්වයේ පසුබැසිම සනිටුහන් වන තෙක්ම බෞද්ධ හැ`ගීම් උද්දීපනය වීමට පටන් ගත් බවයි. ප‍්‍රථමයෙන් බෞද්ධයන් මිෂණාරී වරුන්ගේ ක‍්‍රියා කලාපයට එරෙහිව රජයට පෙත්සම් යැවීමට පටන් ගත්තේය. මේ පෙත්සම් වලට සාමාන්‍යයෙන් කරුණු හතරක් අඩංගු විය. 01. වසර දහස් ගණනක් තිස්සේ මෙරට ජනතාව විසින් වන්දනාමාන කළ බුද්ධාගමට අත්විගෙන යන ඉරනම ගැන මෙරට ජනතාවගේ දැඩි කනස්සල්ල පහළ වී ඇත. 02. බුදුසමයට එරෙහිව ක‍්‍රිස්තියානි මිෂණාරීවරුන් විසින් ගෙන යන ක‍්‍රියා කලාපය නිසා බෞද්ධ ජනතාව තුළ බරපතල අන්දමින් සිත් වේදනාවන් ඇති වි තිබේ. 03. එහෙත් බෞද්ධ ජනතාව ක‍්‍රිස්තියානි ධර්මයට කිසිඳු අයුරකින් පහර ගැසිමක් සිදු කරනු නොලැබේ. 04. එබැවින් ඉංග‍්‍රීසි රජය ආගමික සහනශීලී තාවය ඇති කිරීමට මීට වඩා උනන්දු විය යුතුය. එබන්දක් ඇති කළ හැක්කේ ක‍්‍රිස්තියානි පූජක වරුන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ආගම් විරෝධී ප‍්‍රකාශන නැවැත්වීමේන හා අනිත් ආගම් වලට හානි සිදුවන පරිදි මිෂණාරීවරුන්ට ක‍්‍රියා කිරීමේ නිදහස නැති කීරීමට ප‍්‍රකාශයක් නිකුත් කිරීමෙනි. ස්වකීය ආගමික සංස්ථා වන් කෙරෙහි වූ රාජ්‍ය ප‍්‍රතිපත්තියේ ස්වරූපය බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුව ම`ගින් විවිධ ප‍්‍රතිසංස්කරණයන්ට බඳුන් කරලීමෙන් මිෂණාරී ක‍්‍රියාකාරකම් සඳහා වූ පසුබිම ප‍්‍රසතිස්ථාපනය කිරීමක් සම්බන්ධයෙන් බෞද්ධ ජන සමාජයෙහි විරෝධය හේතු විය. මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි වූ මධ්‍යස්ථවාදි ප‍්‍රතිපත්තියෙහි අනුගමනය කළ බෞද්ධ ජන සමාජයේ එකී මධ්‍යස්ථතාවයෙන් පරස්පර වූ ප‍්‍රතිලත්තියක් කෙරෙහි යොමු වීම මිෂණාරී ව්‍යාපාරයෙහි වූ අධිපතිවාදිත්වය පදනම් කොට ගෙන ස්වදේශීය ආගමික සංස්ථා යටපත් කිරීම ප‍්‍රබල සාධකයක් වන්නට ඇත. එවන් පසුබිමක් තුළින් පිළිබිඹු වන්නාවූ ස්වදේශීය නැ`ගී සිටීම දහනව වන සියවස පළමු භාගය තුළ විද්‍යමාන වු ස්වරූපයෙහි යම් කිසි අසංවිධානාත්මක ස්වභාවයක් දැක ගත හැකිය. බි‍්‍රතාන්‍ය රජය වෙත පෙත්සම් ම`ගින් ස්වකීය මිෂණාරි විරෝධීභාවය ප‍්‍රකාශ කළ බෞද්ධයින්ට රාජ්‍ය තන්ත‍්‍රය කිසිදු සාධාරණත්වයක් ඉටු නොවීම ඔවුන්ගේ ප‍්‍රතිචාරයන් තීව‍්‍ර කිරීමට ප‍්‍රබල හේතුවක් විය. විශේෂයෙන්ම මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමවේදය ම`ගින් සිදු වූ දේශී අධ්‍යාපන සංස්ථාවන්හී පරහානියට එරෙහිව පෙළ ගැසෙන බෞද්ධ භික්‍ෂූන් විහාරස්ථාන කේන්ද්‍රකොට ගනිමින් දෙමාපියන් දැනුවත් කිරීමෙන් සහ මිෂණාරි අධ්‍යාපන ආයතන අක‍්‍රියකාරී කරමින් සිය විරෝධීභාවය පිළිබිඹු කරනු දැකිය හැකිය. බෞද්ධ සංක්ල්පයන්හී ම්ලේච්චත්වය හුවා දක්වමින් මිෂණාරීන් විසින් ප‍්‍රකාශයට පත්කරන ලද පත‍්‍රිකා, පුවත්පත් සහ ග‍්‍රන්‍ථ වලට ඍජු පිළිතුරු දැක්වීමේදී මුද්‍රණ ශිල්පයෙහි නොදියුණුභාවය බෞද්ධයන්ට අභියෝගයක් වූ හෙයින් බෞද්ධ භික්‍ෂූන්ගේ මූලිකත්වයෙන් ඇරඹි ආධාර එකතු කිරීමේ වැඩ සටහන්හි ප‍්‍රතිඵලයක් ලෙසින් 1855 දී මිෂණාරීන් විසින් මුද්‍රණාලයක් මිලදී ගත් අතර 1862 වර්ෂයේදී සිංහල බෞද්ධයන්ගේම මැදිහත් වීමේන් ලංකෝපකාර මුද්‍රණාලය විවෘත්ත කරන ලදි. මෙය මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි වූ බෞද්ධයන්ගේ ප‍්‍රතිචාර හැඩගැස්වීමෙහි මූලික පදනම සපයන ලදි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දහනව වැනි සියවසේ දෙවැනි භාය තුළ දැඩි මිෂණාරී විරෝධී ව්‍යාපාරයක් මෙරට බෞද්ධ සමාජය තුළින් විද්‍යමාන වීම දක්නට ලැබේ. භික්‍ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් ප‍්‍රකාශයට පත්කරන ලද පුවත්පත් හා ස`ගරා මිෂණාරී ක‍්‍රියාකාරකම්හි ප‍්‍රබලතම විවේචකයා බවට පත්විය. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් මෙම ඓතිහාසික කාර්ය භාරයෙහිලා පුරෝගාමීත්වයෙන් කටයුතු කළ අතර උන්වහන්සේ සෑම ඉරිදා දිනකම සිය විහාරස්ථානයේදී ධර්ම දේශනා පවත්වමින් ද දිවයිනේ නොයෙක් ප‍්‍රදේශයන්හි සංචාරය කරමින් මිෂණාරීන්ට එරෙහි වූ දේශනයන් පවතිවමින් ද ස්වකීය ජනතාව ඒකරාශී කරන්නට විය. ‘‘මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි ක‍්‍රිස්තියානීන්ට එරෙහිව ලිවීමෙහිදී හා ප‍්‍රසිද්ධ කතා පැවැත්විමේදී පණ්ඩිතමානි යල් පැණ ගිය ක‍්‍රම වෙනුවට සරල ප‍්‍රබල භාෂාවක් පාවිච්චි කළ අතර ඉන් ඔබ්බට ගොස් ආක්‍රෝශ සහගත වාක්‍යයන් ද සංක්‍ෂිප්ත හා අර්ථයෙන්සාර වාක්‍ය කණ්ඩ ද ඉදිරිපත් කළ නිසා සිංහල බෞද්ධ ජනයා අතර ඉතාම ජනප‍්‍රිය කථිකයා හා ලේඛකයා බවට පත් විය.’’ ලිපිලේඛන ම`ගින් ආගමික වාදයන්හී නියැළි ක‍්‍රිස්තු භක්තික පූජකයින් සහ බෞද්ධ භික්‍ෂූන් ඍජුව විවාදයන්ට යොමු වීම 1865 දී සිදුවූ වරාගොඩවාදයෙන් සනිටුහන් වන්නට විය. පසුව 1865 පෙබරවාරි මස සිදුවූ බද්දේගමවාදයෙන් ද, 1866 උදන්විටදී සිදුවූ වාදයෙන් සහ 1871 ගම්පලදී සිදුවූ වාදයන්ගෙන් මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි දැඩි අභියෝගයක් එල්ල කිරීමට අවස්ථාව උදාකර ගන්නා බෞද්ධයින්ගේ එකී අභිමතාර්ථය 1873 අගෝසතු සිදුවු පානාදුරාවාදයෙන් සාක්‍ෂාත් වීම බෞද්ධ ජන සමාජය, මිෂණාරින්ට එරෙහිව ගෙන ගියාවු සටනෙහි ජයග‍්‍රහනය සනිටුහන් කළ ඓතිහාසික අවස්ථාව විය. ‘‘පානදුරාවාදය යනු අප දේශයේ ඉතිහාසයේ තවත් එක් සිදුවිමක් පමණක් නොවේ. එය ඉතිහාසය වෙනස් කිරීමට තුඩුදුන් සිදුවීමකි. සුදු අධිරාජ්‍යවාදින්ගේ සහ ක‍්‍රිස්තියානි මිෂණාරීන්ගේ දැඩි බලපෑමෙන් පීඩිතව හෙම්බත්ව සිටි සිංහල බෞද්ධයන්ගේ අධ්‍යාත්මය යළි අවධි කරවීමට සමත් වූ සිදුවීමකි. දේශීය සංස්කෘතිය අවඥාවට ලක්කෙරුණු යුගයක සමාජයේ සියලූ වරප‍්‍රසාද බෞද්ධයාට අහිමි කෙරී තිබූ යුගයක දිනෙන් දිනම බෞද්ධයන් ශක්තියෙන් බලයෙන් හා සම්පත් වලින් දුර්වල කෙරෙමින් පැවති යුගයක එම පරිහානි ගමන ආපසු හැරවීමට සමත් වූ කඩඉමකි. ක‍්‍රිස්තියානි ධර්මය මතවාදීව පරාජයට පත් කළ මෙම සුවිශේෂී ඓතිහාසික සන්දර්භය තුළින් උද්යෝගිමත් වූ සිංහල බෞද්ධ පිරිස් මිෂණාරී පූජකයින් සම`ග ගැටළු වලට යොමු වෙමින් තවදුරටත් ඔවුන් යටපත් කිරිමට ක‍්‍රියාකරනු දක්නට ලැබේ. විශේෂයෙන්ම පහත රට සිංහල සමාජය තුළින් මෙවැනි ප‍්‍රතිවිරෝධතාවය ඉස්මතු වූ අතර කොළඹ සහ කොටහේන ආදි ප‍්‍රදේශ වල ඉදිකර තිබූ කතෝලික දේවස්ථාන වලට පහර දෙමින් පූජක කණ්ඩායම් සම`ග ගැටුම් ඇති කරගැනිමට පෙළඹීමෙන් බෞද්ධයන්ගේ ආගමික උද්යෝගය ප‍්‍රකාශයට පත්කරන ලදි. එපමණක් නොව එදා පැවති ප‍්‍රබලතම පොදුජන විඥාපන මාධ්‍ය වූ පුවත්පත් හා ස`ගරා ම`ගින් බෞද්ධයන්ගේ ජාතික ආගමික උද්යෝගය මැනවින් පිළිබිඹු කරමින් දැඩි ක‍්‍රිස්තියානි විරෝධී ව්‍යාපාරයකට පදනම සකස් කර දුන්නේය. 1880 දී ආරම්භ කරන ලද සරසවි සඳරැුස, සිංහල බෞද්ධයා (ඔයැ ඊමාායසිඑ*, ලක්මිණි පහන, ඥානාර්ථ ප‍්‍රදීපය වැනි පුවත්පත් ද අනගාරික ධර්මපාල තුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මහාබෝධි ස`ගරාව තුළින් ද දැඩි ක‍්‍රිස්තියානි විරෝධී ආකල්පයන් ප‍්‍රකාශයට පත් කිරීමහ මිෂණාරීන්ගේ ලිය කියවිලි වලට එල්ල කරනු ලැබූ ප‍්‍රබල අභියෝගයක් වූයේය. 1880 දී ආරම්භ කළ ද බුඩිස්ට් නමැති ස`ගරාවේ සංස්කාරක වශයෙන් කටයුතු කළ බුල්ජන්ස් බෞද්ධ දර්ශනය පැහැදිළි කිරීමත්, කිතු දහම හා මිෂණාරී කටයුතු දැඩි ලෙස විවේචනය කිරීමත් කළේය. ඔහු ක‍්‍රිස්තියානි පාසල් වලට දිගටම පහර දීමට පටන් ගත්තේය. ඔහු එසේ කළේ බටහිර අධ්‍යාපන ක‍්‍රමයට විරුද්ධ වීමක් නිසා නොව ක‍්‍රිස්තියානි පාසල් ම`ගින් කිතු දහම පැතිරවිමට ගත් ක‍්‍රියාමාර්ග නිසාය. සමකාලීන පුවත් පත් හා ස`ගරා ම`ගින් ක‍්‍රිස්තියානී විරෝධීභාවය පිළිබිඹු කළ බෞද්ධයින්ගේ උද්යෝගය තවදුරටත් වර්ධනය කරවීමෙහි ලා 1880 දී මෙරටට පැමිණි පරමවිඥානාර්ථවාදින් සිදුවූ දායකත්වය ඉතා වැදගත්ය. ඔවුන්ගේ මූලික අභිමථාර්ථය වූයේ මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමය යටපත් කිරීමයි. බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ සංවිධිත ප‍්‍රයත්නයට අනුගත වූ ඔවුන්ගේ කාර්යය සාඵල්‍යයට තත්කාලින දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් ලැබූ අනුග‍්‍රහකත්වයන් වැදගත් ස්ථානයක් හිමිකර ගනී. ඔවුන් අතර ගාල්ලේ තෝමස් සිල්වා අමරසූරිය, ගාල්ලේ සයිමන් පෙරේරා අබේවර්ධන, හේවාවිතාරණ දොන් කරෝලිස් වැන්නන් ඕල්කට්ගේ ‘බෞද්ධ කථෝපකථනය’ ප‍්‍රසිද්ධ කිරිම සඳහා මුදලින් ආධාර කළ ධනවත් බෞද්ධයන්ය. විසිවන සියවස ආරම්භයත් සම`ග බෞද්ධ භික්‍ෂූන්ගේ ප‍්‍රමුඛත්වයෙන් ක‍්‍රියාවට නැංවූ මිෂණාරී විරෝධී ක‍්‍රමවේදයන්හි නායකත්වයට ඉහත සඳහන් කළ මධ්‍යම පාන්තික සාමාජිකයින් ද උපතින් ක‍්‍රිස්තියාන් වූ පසුව බෞද්ධාගම වැළඳගත් ප‍්‍රභූ පිරිස් ද පත්වීමත් සම`ග දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ගෙන් මිෂණාරී විරෝධී ව්‍යපාරයන් සීඝ‍්‍රයෙන් ඉස්මතු වන්නට පටන් ගත්තේය. සාම්ප‍්‍රදායික ක‍්‍රිස්තියානි බර්ගර් පවුලකට අයත් වූ ඒ. ඊ. බුල්ජන්ස් 1888 දී බෞද්ධාගම වැළඳගැනීමත් සම`ග දැඩි ක‍්‍රිස්තියානි විරෝධී කටයුතු වලට අවතීර්ණ වීම බෞද්ධ ජන සමාජයේ ආගමික පුනර්ජීවනය සඳහා වූ උද්යෝගය තව දුරටත් තීව‍්‍ර කරන්නට මූලික හේතුවක් වූවත්, එයට මෙරට සිටි මිෂණාරීන්ගෙන් එල්ල වූයේ දැඩි අප‍්‍රසාදයකි. විදේශීය පරම විඥානාර්ථවාදීන් ඇරඹූ කටයුතු ඉදිරියට ගෙන යෑමට බෞද්ධ ව්‍යාපාරයට ලැබුණු ප‍්‍රථම ස්වදේශික ස්වේච්ඡුා සේවකයන් අතර ප‍්‍රමුඛයෙකු බවට ඔහු පත් බෞද්ධ පාසල් ව්‍යාපාරයේ මූලිකත්වය ගෙන කටයුතු කරන අතරතුරදී දිවයිනේ නොයෙක් ප‍්‍රදේශයන්හී දී ප‍්‍රසිද්ධ දේශන පවත්වමින් ක‍්‍රිස්තියානි ආගම විරුද්ධව විවේචනය කරමින්, පෙරදිග අශ්ෂ්ටත්වය පිළිබඳ ක‍්‍රිස්තියානි පූජකවරු පතුරුවා තිබූ මතයට විරුද්ධව කරුණු දැක්වූ ඔහු අශිෂ්ටත්ත්‍වය, දුප්පත්කම එංගලන්ත සමාජය තුළ ඉහවා ගොස් ඇති අතර....තම ක‍්‍රිස්තියානි සහෝදරයන්ගේ අන්ත දුක්ඛිත දුගී දුප්පත්කම් මධ්‍යයේ ක‍්‍රිස්තියානි බිෂෝප්වරු හා දේවගැතියන් නිසොල්මන් සුඛෝපභෝගීජීවිත ගත කරන බවත් මේ තත්ත්‍වය නිසා ප‍්‍රායෝගික ක‍්‍රිස්තියානි ආගම විහිළුවක් ලෙස තමන්ටම පෙනී යන බවත් සඳහන් කළේය. මේ ආකාරයට බුල්ජන්ස් දැඩි ක‍්‍රිස්තියානි විරෝධීව කටයුතු කිිරීම දේශීය බෞද්ධ නායකයින්ගේ උද්යෝගය කෙරෙහි සැපයූ පරමාදර්ශයක් විය. ඒ අනුව යමින් වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා ද අනුරාධපුර නගරය කේනද්‍ර කොට ගනිමින් මිෂණාරී විරෝධී ක‍්‍රමවේදයන් වෙත අනුගත වෙමින් පූජනීය න`ගර සංරක්‍ෂණ වැඩසටහන් ද ඇරඹීය. අනුරාධපුර නගරයෙහි මිෂණාරීන් විසින් පිහිටුවා තිබූ පාඨශාලාවන් කෙරෙහි දැඩි ලෙස විරෝධය දැක්වීම ආණ්ඩුවේ අවධානයට ලක්වූ සුවිශේෂී සිද්ධිදාමයකි. බෞද්ධ පනර්ජීවන ව්‍යාපාරයෙහි පුරෝගාමීව කටයුතු කළ තවත් සුවිශේෂී පුද්ගලයෙකු වූයේ අනගාරික ධර්මපාල තමාය. බෞද්ධ සාමාන්‍ය ජනතාව අතරට ගොස් දේශීය සම්ප‍්‍රදායන්හි විශිෂ්ටත්වය හුවා දක්වමින් ක‍්‍රිස්තියාන් දර්ශනය දැඩිව විවේචනය කරමින් ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමත් සමකාලීන ස`ගරා සහ පුවත්පත් ම`ගින් ක‍්‍රිස්තියානි ධර්මය කෙරෙහි වූ අප‍්‍රසාදයට ලක්කිරිමට ක‍්‍රියා කිරීම නිසා හෙතෙම ජාත්‍යන්තරික වශයෙන් ද සුවිශේෂී වැදගත් ස්ථානයක් හිමකර ගත්තේය. එතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මහාබෝධි ස`ගරාවේ දැක්වෙන පරිදි අවුරුද්දක් අවුරුද්දක් පාසා දහස් ගණන් බෞ්දධ දරුවෝ ක‍්‍රිස්තියානි මිත්‍යා දෘෂ්ටියේ අපහැදිළියි හමුවේ බිලි කරනු ලබති. ක‍්‍රිස්තියානි ආගමට හැරීම යනු බේබදුකමට ඇබ්බැහි විම ද වෙයි.... අබින්, මත්පැන්, දිළිඳුකම, නූගත්කම යන මේවා සිංහලයන් ක‍්‍රිස්තියානීන්ගේ ලබා ඇති ආශිර්වාද වේ. මිෂණාරීන්ගේ ක‍්‍රියාකාරිත්වයන් පමණක් නොව සමස්ථ බටහිර සමාජ ක‍්‍රමයෙහි පවත්නා යථාර්ථය හෙළා දැකීමට හෙතෙම උත්සහ දරා ඇත.ස්වදේශීය ජනතා ආකල්පයන් පිළිබිඹු වීම, මිෂණාරී ව්‍යාපාරය පමණක් කේනද්‍රකර ගනිමින් දහනව වන සියවසේදී සිදු වුවද විසිවන සියවසේදී එකී පරමාර්ථයෙන් ඔබ්බට බෞද්ධයන් ගමන් කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් අමද්‍යප ව්‍යාපාරයෙහි ආරම්භය ද සනිටුහන් විම සුවිශේෂී ලක්‍ෂණයකි. මිෂණාරී විරෝධී ව්‍යාපාරය තුළ අමද්‍යප ව්‍යාපාරය සංකේන්ද්‍රගත වෙමින් ක‍්‍රිස්තියානි ධර්මයටත්, බටහිර සංස්කෘතියටත් එරෙහිව පෙළ ගැසෙන ජනතා ව්‍යාපාරයක් බෞද්ධ සමාජය තුළින් ඉස්මතු වීම කතෝලික ආගම මෙන්ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුවට ද ප‍්‍රබල අභියෝගයක් වන්නට ඇත. මුල්කාලයේදී විශේෂිත වශයෙන් ආගමික වූ බොහෝ ස්වදේශීය ජනතා ව්‍යාපාරයන් විසිවන සියවස වන විට ගුප්ත වශයෙන් දේශපාලනමය හා ජාතික වාදී ස්වරූපයක් ගත්තේය. බෞද්ධ රැුඩිකල්වාදීන් අතුරෙන් ඉතාම සටන්කාමී පුද්ගලයන් දෙදෙනෙකු වූ අනගාරික ධර්මපාල සහ වලිසිංහ හරිස්චන්ද්‍ර ලංකාවේ ක‍්‍රිස්තු ධඍ්මයට හා අපරදිග ජීවන ක‍්‍රමයට විරුද්ධව උග‍්‍ර සටනක් ගෙන ගිය අතර තම ආගම, භාෂාව සහ සිරිත් ගැන ආඩම්බර වන ලෙස සිංහපයන්ගෙන් ඉල්ලා සිටියේය....මධ්‍යම පාන්තිකයන් ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනිමට විරුද්ධ සටන් කළ ඔවුන්ගේ ආකර්ෂණ මහිමයෙන් සටන්කාමී බෞද්ධයෝ වශී වූහ. මේ අවධියෙහි දක්නට ලැබෙන තවත් සුවිශේෂී ලක්‍ෂණයක් වන්නේ මිෂණාරී ව්‍යාපාරයට එරෙහි වූ බෞද්ධ ජනතා පෙළගැසීම් කම්කරු ව්‍යාපාරය සමග ද ඒකරාශී වෙමින් ආගමික උද්ඝෝෂණ දේශපාලන අසන්තුෂ්ටිය පළකිරීමේ මාර්ගයක් බවට පත් වන බවයි. කුමාරි ජයවර්ධනගේ අදහසක් වන ‘‘බෞද්ධ හා හින්දු නවජීවන ව්‍යාපාරය වූ කලි ක‍්‍රිස්තියානි ආගමට විරුද්ධව එල්ල කරන ලද ආගමික සටනක් පමණක්ම නොවිය. එමගින් රාජ්‍ය ද්‍රෝහී විමේ වරදට ගොදුරු නොවී බි‍්‍රතාන්‍ය පාලනයට අභියෝග කිරීමේ අවස්ථාවක් ලබා ගැනීමට අලූතින් ඉස්මතු වී ආ දේශීය ධනපති පන්තියට අවස්ථාවක් ද ලැබුණි. මෙසේ ආරම්භයේදී විදේශීය ක‍්‍රිස්තු භක්තික පාලකයන්ගේ ආගමික හා සාමාජීය සාරධර්ම වලට අභියෝග කිරිම සඳහා යොදන ලද ක‍්‍රිස්තියානි විරෝධී සටන් ව්‍යාපාරය පසුව මුළුමහත් විජිතවාදී පාලන ක‍්‍රමයටම විරුද්ධ අභියෝගයක් බවට පත් විය. ක‍්‍රිස්තු භක්තියට පමණක් නොව ක‍්‍රිස්තියානිකරණය යනුවෙන් විස්තර කළ හැකි සංස්කෘතික පරිවර්තනය ප‍්‍රතික්‍ෂේප කිරීම සඳහා ඒ ව්‍යාපාරය අපකාරි විය’’ මිෂණාරී විරෝධී ව්‍යාපාරය අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට පත් වීම සම`ග පළ වූ සියලූ පුවත්පත්, ස`ගරා සහ ග‍්‍රන්‍ථ ම`ගින් ද ජාතික වාදී ආකල්පයන් ඉස්මතු කරලීමේ පරමාර්ථයට අනුගත වන අයුරු ද සුවිශේෂී ලක්‍ෂණයකි. පියදාස සිරිසේන ක‍්‍රිස්තු ධර්මයටත්, බටහිර අනුකාරකවාදී සමාජ ක‍්‍රමයටත් විරෝධය දැක්වීමේ උපක‍්‍රමයක් ලෙසින් සිංහල නව කතා කලාව උපයෝගී කර ගත්තේය. ඒ අනුව දහනව වන සියවසේදී මුද්‍රණ මාධ්‍යයන්ගේ කාර්ය භාර්යයට වඩා වෙනස් වූ කාර්ය භාරයක් වෙත විසිවන සියවසේ මුද්‍රිත මාධ්‍යන් අනුගත වෙමින් ක‍්‍රිස්තියානී විරෝධීභාවය ප‍්‍රකාශට පත්කරනු දක්නට ලැබේ. මෙම අපහැදිළියි බි‍්‍රතාන්‍ය පාලන අවධියේ ක‍්‍රිස්තියානිකරණ ක‍්‍රියාදාමයට එරෙහි වූ බෞද්ධ ජන සමාජයේ ප‍්‍රතිචාරයන් විධ්‍යමාන වීම වනාහි විවිධ පරාසයන් ඔස්සේ විහිද ගියාවූත්, තත්කාලීන සමාජ, ආර්ථික සහ දේශපාලන විචල්‍යතාවයන්ට අනුගත වෙමින් ප‍්‍රකාශයට පත් වූ සුවිශේෂී ඓතිහාසික සන්සිද්ධිදාමයක් ලෙසින් හැඳින්විය හැකිය. 04.4.2. හින්දු ජන සමාජය බෞද්ධ ජන සමාජය තුළින් මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ප‍්‍රතිචාරයන් විද්‍යමාන වූවා සේම, හින්දු ජන සමාජය තුළිනුත්, මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ජනතා පෙළ ගැසීම් විධ්‍යමාන වීම දහනව වන සියවසෙහි සහ විසිවන සියවස් වල මූලාරම්භයේදී දකුනට ලැබෙන සුවිශේෂී සංසිද්ධිදාමයකි. විශේෂයෙන් ද්‍රවිඪ ජනතාව බහුතරයකින් සුසැදි උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මෙකී පනර්ජීවන ව්‍යාපාරයෙන් ඉස්මතු වන අතර, එහි පුරෝගාමියා බවට පත්වනුයේ ආරුමුගනාවලර්තුමාය. හින්දු ආගමික නවජීවන ව්‍යාපාරය ද සිය ප‍්‍රයත්නය යොමු කළේ අධ්‍යාපනය සුරක්‍ෂිත කර ගැනිමත්, තමත්ට විශේෂිත වූ ආගමික හා ජනවාර්ගික අනන්‍යතා තහවුරු කර ගැනිමත් කෙෙරිහය. 1820 ගණන් වල සිට උතුරු පළාතේ මිෂණාරීන් විසින් සිදුකරගෙන යන ලද ක‍්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ ක‍්‍රියාදාමයට මෙන්ම, ඔවුන් විසින් සිදුකරන ලද ස්වකීය අධ්‍යාපනය පාලනය කිරීමේ ක‍්‍රිස්තියානි ආධිපත්‍යයේ තර්ජනය විරෝධය දැක්වීම උදෙසා විවිධාකාර වූ ක‍්‍රමවේදයන් වෙත හින්දු භක්තිකයන් යොමු වන අයුරු හඳුනාගත හැකිය. මිෂණාරීන්ගේ ආගම ප‍්‍රචාරක උපක‍්‍රම ද යොදාගෙන හින්දු ආගාම සංවර්ධනය කිරීමට පටන්ගත් ආරුමුගනාවලර් තුමා 1848 දී හින්දු පාඨශාලාවක් ආරම්භ කළ අතර, ශෛව භක්තිය වර්ධනය කිරීම සඳහා යාපනයේ සෑම ගමකම පාසලක් ආරම්භ කිරීමට කටයුතු කළේය. මොහු ක‍්‍රිස්තියානි මිෂණාරිවරුන් විසින් හින්දු ආගම විෙවිචනය කරමින් නිකුත් කළ ප‍්‍රකාශන වල අදහස් විවේචනය කිරීමේ අරමුණින් 1849 දිම මුද්‍රණ යන්ත‍්‍රාලයක් ද ආරම්භ කරමින් පත‍්‍රිකා පොත්පත් ආදිය ප‍්‍රකාශයට පත් කිරීමට පුරෝගාමී විය. ආරුමුග නාවලර් තුමාගේ ප‍්‍රමුඛත්වයෙන් ඇරඹි හින්දු පනර්ජීවනය පරමාර්ථ කොටගත් ව්‍යාපාරයෙහි සාර්ථකත්වයට සමාකාලීන හින්දු ප‍්‍රභූන්ගේ ප‍්‍රබල පිටුවහලක් වූයේය. බි‍්‍රතාන්‍යයින්ගේ ධනවාදී ආර්ථිකයෙහි ප‍්‍රතිඵලයක් ලෙසින් ස්ථාපිත වූ මධ්‍යම පාන්තික ප‍්‍රභූ පැළැන්තිය සමකාලීන දේශීය ආගම් පුනර්ජීවනයෙහි ද පුරෝගාමින් විය. ‘‘අලූතින් ඹනවත් වූ කොළඹ හින්¥න්වරු ‘ක‍්‍රිස්තියානි ආණ්ඩුවෙන් පමණක් නොව බි‍්‍රතාන්‍යයින්ට තදින් ආධාර කළ සිංහල ක‍්‍රිස්තියානින්ගෙන් ද විභේදනය වූහ....කුමාරස්වාමී හා පොන්නම්බලම් පවුල් ශක්තිමත් හින්¥න්වරු වූහ. තම ආගමික අනන්‍යතාවය ප‍්‍රසිද්ධියේ හා තරයේ ප‍්‍රකාශ කළ ඔවුහු හින්දු නවජීව ව්‍යාපාරයට හා වෙනත් හින්දු කටයුතු වලට දැඩි ලෙස ආධාර කළහ.’’ මෙවැනි පසුබිමක් නිර්මාණය වීම මිෂණාරී ව්‍යාපාරයට දැඩි අභියෝගයක් වීය. බෞද්ධ ජනසමාජය මෙන් දැඩි සංවිධිතවූත්, ප‍්‍රතිවිරෝධීවූත් ක‍්‍රමවේදයන්ට හිනු¥න් අනුගත නොවූව ද ස්වකීය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන් ම්ලේච්චත්වයෙන් විවේචනය කරනු ලබන මිෂණාරීන් කෙරෙහි ගොඩ නැ`ගුණු අප‍්‍රසාදාය දහනව වැනි සියවසේ දෙවැනි භාගයේදී උද්යෝගිමත් අයුරින් ප‍්‍රකාශයට පත් වනු දිටිය හැකිය. හින්දු ආගමික පුනර්ජීවනයේ පුරෝ්ගාමීත්වය හෙබවූ ආරුමුල නාවලර් තුමා මිෂණාරීන්ට එරෙහිව ලිවීමේදී හා දේශන පැවැත්වීමේදී සරල භාෂාව උපයෝගී කර ගැනීම සාමාන්‍ය ජනතා ප‍්‍රසාදයට බෙහෙවින් හේතු විය. ස්වකීය දෙමළ ජාතික ප‍්‍රජාවන්හි දායකත්වය සිය ව්‍යාපාරය කෙරෙහි ලබාගැනීමේ පරමාර්ථයෙන් මෙවැනි ක‍්‍රමවේදයන්ට යොමු වන එහුගේ කාර්ය සාඵල්‍යට සමකාලීන විදේශීය ආගමික පුනර්ජීවන ව්‍යාපාරයන්ගේ ආභාසය ද ලැබීම සුවිශේෂී ප‍්‍රවතාවකි. විශේෂයෙන්ම මෙම අවධියෙහි ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති බහ්ම සමාජය, ආර්ය සමාජය, රාම ක‍්‍රිෂ්ණු පරම හංස හා පරම විඥානාර්ථ වැනි සංවිධාන දෙමළ ජනයාගේ ආගමික ප‍්‍රභෝදයට ප‍්‍රබල පිටුවහලක් විය. පෙරදිග රාජ්‍යයන්හි සාම්ප‍්‍රදායික ශිෂ්ටත්වය ම්ලේච්චත්වය ආරෝපණය කරන්නාවූ මිෂණාරී ව්‍යාපාරයන් පිටු දැකිමේදී දේශීය හින්දුන්ට විදේශීය ආභාසය ලැබීම තුළින්, උතුරු ප‍්‍රදේශයේ කේන්ද්‍රකොට ගෙන වයාප්ත වූ ක‍්‍රිස්තියානිකරණ ක‍්‍රියාදාමයෙහි යම්කිසි පසුබැසීමකට ඉවහල් විය. බෞද්ධ භික්‍ෂූන් මෙන්ම හින්දු ආගමික පූජක පිරිස් ද, දෙමාපියන් විසින් සිය දරුවන් මිෂණාරී පාසල්වලට යැවීමට බාධා කළ අතර ‘‘වෙස්ලියන් මිෂණාරී සමාගමේ දේවගැති ‘ස්කුවන්ස්’ විසින් ක‍්‍රිස්තියානි මිෂණාරීන් කෙරෙහි හින්දු පූජකවරුන් දැක්වූ විරුද්ධත්වය දක්වනුයේ මෙසේය. ‘අපට විරුද්ධව මිනිසුන්ගේ සිත් කලින් අල්ලා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම බ‍්‍රාහ්මණයෝ කරති. ඔවුන්ගේ බලය උග‍්‍ර හෙයින් හයින් සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනිම දුෂ්කර නොවේ. ඔවුහු ඉතා ප‍්‍රයෝගකාරී මනුෂ්‍ය කොට්ඨාශයකි.’’ හින්දු ජන සමාජයේ මිෂණාරී ව්‍යාපාරයට එරෙහිව ක‍්‍රියා කළ තවත් පුරෝගාමී පුද්ගලයෙකු ලෙසින් පොන්නම්බලම් රාමනාදන් මහතා හැඳින්විය හැකිය. විසිවන සියවසේදී මිෂණාරී ක‍්‍රියාකාරකම් පිටුදකිමින් ක‍්‍රියා කළ ‘‘රාමනාදන්ගේ දැඩි හින්දු බලපෑම් දේශපාලන හරයකින් ද තොර වූයේ නොවේ. නිතර ඉන්දියාවට ගමන් කළ ඔහු රටේ දේශපාලන මත ප‍්‍රවාහ සම`ග, විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ඉස්මතු වෙමින් පැවති සංස්කෘතික ජාතිකවාදය සම`ග සම්බන්ධකම් ඇතිකර ගත්තේය. හින්දු නවජීවන ව්‍යාපාරය සම`ග වූ ඔහුගේ සම්බන්ධකම් කරණකොට ගෙන ක‍්‍රිස්තියානි ආගමට ද මිෂණාරීවරුන්ට ද විරුද්ධ එඩිතරව නැ`ගී සිටීමට ඔහු මෙහෙයවනු ලැබීය. ඔහු හින්දු ගැහැණු ළමයින් සඳහා රාමනාදන් විද්‍යාලය ද හින්දු පිරිමි ළමයින් සඳහා පරමේශ්වර විද්‍යාලය ද ආරම්භ කළ වේලේ ඇමරිකන් මිෂණාරීවරුන් සම`ග තවදුරටත් හැපුනේය.’’ දිවයිනෙහි උතුරු පළාත කේන්ද්‍ර කොට ගනිමින් මිෂණාරීන් විසින් සිදුකළවූ අධ්‍යාපනය පිළිබඳ වූ යහපත් ප‍්‍රතිචාරයක් දැක්වූ බෝහෝ පිරිසක් සිටි හෙයින් දකුණු ප‍්‍රදේශයේ ජනයා තුළින් විද්‍යමාන වූ මිෂණාරී විරෝධී ප‍්‍රතිචාරයන් උතුරෙන් පිළිබිඹු නොවීමට ප‍්‍රබල සාධකයක් විය. බටහිර අධ්‍යාපනයේ උපරිම ප‍්‍රයෝජනය ගත් යාපනයේ ජනතාව මිෂණාරීවරුන් එක හෙළා පිටමන් කිරීමට මැළි වූහ. මිෂණාරීන්ගේ ක‍්‍රියාකාරත්වයට එරෙහිව බෞද්ධ ජන සමාජය තුළින් දැඩි විරෝධී ස්වභාවයකින් යුක්ත ප‍්‍රතිචාරයන් හින්දු සමාජය තුළින් පිළිබිඹු නොවිමට ප‍්‍රබල හේතුවක් ලෙසින්, බටහිර අධ්‍යාපන ක‍්‍රමයට ඔවුන් දැක්වූ දැඩි නැඹුරුතාවය ඉවහල් වන්නට ඇත. දහනව වන සියවසේ මිෂණාරී ව්‍යාපාරය කෙරෙහි දැක්වූ හින්දු ජනතාවගේ ප‍්‍රතිචාරයන් විසිවන සියවස වන විට වෙනස් දිශානතියක් ඔස්සේ ගමන් කරනු දක්නට ලැබේ. ‘‘හින්දු නවජීවන ව්‍යාපාරය වූ කලි කි‍්‍රස්තියානි ආගමට විරුද්ධව එල්ල කළ ආගමික සටනක් පමණක් නොවීය. එමගින් රාජද්‍රෝහී වීමේ වරදට ගොදුරු නොවී බි‍්‍රතාන්‍ය පාලනයට අභියෝග කිරීමේ අවස්ථාවක් ලබා ගැනිමට අලූතින් ඉස්මතු වී ආ දේශීය ධනපති පන්තියට අවස්ථාවක් ද ලැබුණි. මෙසේ ආරම්භයේදී විදේශීය ක‍්‍රිස්තු භක්තික පාලකයන්ගේ ආගමික හා සාමාජීය සාරධර්ම වලට අභියෝග කිරිම සඳහා යොදන ලද ක‍්‍රිස්තියානි විරෝධී සටන් ව්‍යාපාරය පසුව මුළුමහත් විජිතවාදී පාතන ක‍්‍රමයට විරුද්ධ වූ අභියෝගයක් බවට පති විය. ක‍්‍රිස්තු භකිත්යට පමණක් නොව ‘ක‍්‍රිස්තියානිකරණය’ යනුවෙන් විස්තර කළ හැකි සංස්කෘතික පරිවර්තනය ප‍්‍රතික්‍ෂේප කිරිම සඳහා ඒ ව්‍යාපාරය උපකාරී විය.’’ පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් වැනි හින්දු ප‍්‍රභූ පැළැන්තියේ සාමාජිකයින් විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යත්වයට විරුද්ධත්වය දැක්වීමේ ක‍්‍රමවේදයක් ලෙසින් උපයෝගී කරගනු ලැබුවේ ආගමික සන්සිද්ධීන්ය. 1918 දී එබඳු සිදුවීමක් දක්නට ලැබේ. ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන් බලපත‍්‍රයක් නොගෙන උස්තව සමයේදී කතරගමට යන වන්දනා කරුවන්ට දඩ ගැසිම හෝ ඔවුන් සිර භාරයට ගැනීම සඳහා ආණ්ඩුව විසින් රෙගුලාසි සකස් කිරීම පිළිබඳ රාමනාදන්ගේ දැඩි දැඩි අප‍්‍රසාදයට ලක්වූ අතර, ස්වකීය ආගමික වරප‍්‍රසාදයන් ලැබීමට ඕනෑම ජාතියකට අධිරාජ්‍යවාදී ආණ්ඩුව යටතේ වුවද කිසිදු බලපෑමක් කළ නොහැකි බව දක්වමින් රජය විසින් ගනු ලැබූ එම ප‍්‍රතිපත්තිය දැඩිව විවේචනය කරන ලදි. මේ අනුව ස්වකීය දේශපාලන අපේක්‍ෂාවන් ඉටුකරගැනිමට අවශ්‍ය පසුබිම මිෂණාරී ව්‍යාපාරයට එරෙහිවීමේ ක‍්‍රියාමාර්ගයන් තුළින්ම නිර්මාණය කරගැනීමට බෞද්ධ ජන සමාජය මෙන්ම හින්දු ජන සමාජය ද උපායශීලීව ක‍්‍රියාකරනු දක්නට ලැබේ. මිෂණාරී ව්‍යපාරයට එරෙහිවූ හින්දු ජනතා ප‍්‍රතිචාරයන් පිළිබිඹු වීමේ ස්වරූපයන් තුළ දැඩි සංවිධිත හා දැඩි විරෝධී ස්වභාවයක් විද්‍යමාන නොවීම මූලික ලක්‍ෂණයකි. ස්වකීය අනන්‍යතාවයන් කෙරෙහි වූ මිෂණාරීන්ගේ ආවේගශීලී ක‍්‍රියාදාමයන්ට එරෙහිව නැ`ගී සිටින්නට හින්දු ජනයා පෙළ ගැසුන ද, බෞද්ධ ජන සමාජය තුළින් ප‍්‍රකට වූ ආකාරයේ බහුවිධ වූ ප‍්‍රතිචාරයන්ට අනුගත නොවීම හින්දු ජන සමාජය තුළින් විද්‍යමාන වන්නාවූ ලක්‍ෂණයක් ලෙසින් ගෙනහැර දැක්විය හැකිය. 04.4.3. ඉස්ලාම් ජන සමාජය. දහ නව වැනි සියවසේ දක්නට ලැබෙන මිෂණාරී විරෝධී ව්‍යාපාරයන් අතර ඉස්ලාම් ජනයාගේ නැ`ගී සිටිම ද වැදගත් සන්ධිස්ථානයක් හිමිකර ගනියි. ස්වකීය සංස්කෘතික අනන්‍යතාවයන් කෙරෙහි වූ ක‍්‍රිස්තු භක්තික බලපෑම් වලට එරෙහිව පෙළ ගැසුණු ඔවුන්ගේ ප‍්‍රතිචාරයන් ප‍්‍රකාශයට පත්කරනු ලැබූ මුලික ක‍්‍රමවේදය වූයේ මුද්‍රිත මාධ්‍යයි. මුස්ලිම් පුනරුද ව්‍යාපාරයෙහි පුරෝගාමියා වශයෙන් සලකනු ලබන එම්. සී. සිද්ධිලෙබ්බේ විසින් ‘මුස්ලිම් නේෂන්’ නමින් ස`ගරාවක් ප‍්‍රකාශයට පත් කරමින් එකී කර්තව්‍යයෙහි සමාරම්භය සනිටුහන් කරන ලදි. ‘‘සමාජමය වශයෙන් දැඩි ගතානුගතිකවාදීන් වූ ඉස්ලාම් ජනතාව, තම ආගම හා ජනවාර්ගිකත්වය ගැන සැලකිලිමත් වෙමින් බෞද්ධයින් සහ හින්දුන් විසින් ආර්ය වංශය හා ද්‍රවිඩ වංශය පිළිබඳ පුරාවෘත්තයන් ගැන වාද විවාද කරන ලද පරිද්දෙන්ම මුස්ලිම්වරු ද සෙමිටික්,....අරාබි ජන්මයක් පිළිබඳ තම කතන්දර ඉදිරිපත් කළහ....බෞද්ධයින් සහ හින්දුන් අතර සිදුවූ අන්දමට මුස්ලිම් වෙළඳ ධනපතීන්ගේ සමෘද්ධිය නිසා මුස්ලිම් ළමයිගේ අධ්‍යාපනය මුස්ලිම් ආගමික කටයුතු සඳහා මැනවින් අරමුදල් සපයනු ලැබීම සහතික විය.’’ එම`ගින් ඔවුන් සඳහා සුදුසු පාඨශාලා විවෘත්ත කිරීමට අවස්ථාව උදා විය. එම්. සී. සිද්ධි ලෙබ්බේ මහතාගේ ප‍්‍රමුඛත්වයෙන් මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම් පාසලක් ද 1892 ඔහු විසින්ම කොළඹ සහිරා විද්‍යාලය ද ආරම්භ කරමින් මිෂණාරී අධ්‍යාපන සංස්ථාවන්ගෙන් සිවකීය සම්ප‍්‍රදායන්ට සිදුවන්නා වූ බලපෑම් වලට අභියෝග කිරීමට පසුබිම සකස්කර ගැනිමට හෙතෙම ක‍්‍රියා කළේය. නවජීවනය සඳහා අවශ්‍ය වූ ද්‍රව්‍යමය පදනම දේශීය මුස්ලිම් මධ්‍යම පාන්තිකයන්ගේ අනුග‍්‍රහයෙන් සකස් වූ අතර, පිටුවහල් කරනු ලැබ මෙරට වාසය කළ මිසර ජාතික ඔරාබි පාෂාගෙන් වැදගත් දෘෂ්ටිමය පදනම ලැබුනේය. අවුරුදු දහඅටක් මෙරට වාසය කළ එතුමා මුස්ලිම් ජනතාවට තමන්ගේ ඉස්ලාම් උරුමය ගැන මනා අවබෝධයක් ඇතිකරවීමට ප‍්‍රයත්න දැරීය. සර් සයිඞ් අහමඞ් චාන්ගේ ප‍්‍රමුඛත්වයෙන් ඉන්දියාවේ පවත්වාගෙන යන ලද මිෂණාරී අධ්‍යාපන ඒකාධිකාරයට විරුද්ධ වූ ‘අලිගාර් ව්‍යාපාරයේ’ ආභාසය ලාංකීය ඉස්ලාම් ජන සමාජය කෙරෙහි ලැබූ හෙයින්, මිෂණාරී ආධිපත්‍යයට අභියෝග කිරීමේ ගාමත බලවේගය වූ අධ්‍යාපන ක‍්‍රමය ප‍්‍රතිසංවිධානය කිරීමට අනෙකුත් ලාංකීය ජන කොටස් මෙන්ම මොවුන් ද සංවිධානය වනු දක්නට ලැබේ. 1892 වර්ෂයේදී කොළඹ ‘මුස්ලිම් සංගමයක්’ පිහිටුවිමෙන් ඉස්ලාම් අනන්‍යතාවයන්ට මිෂණාරීන් විසින් කරනු ලැබන අහිතකර බලපෑම් වලට ප‍්‍රතිචාර දැක්වීම සඳහා වූ ජනතාව පෙළ ගැස්වීමේ කාර්යයෙහි නියැළෙන අතර, අයි. එල්. එම්. අබ්දුල් අසීස්ගේ ප‍්‍රමුඛත්වයෙන් 1910 දී මුස්ලීම් තරුණ සංගමයත්, 1924 දී මුස්ලිම් රිවිව් නමැති පුවත්පත්, 1915 දී මුස්ලිම් ගාඩියන් පුවත්පතත් ආරම්භ කරමින් ස්වකීය සමාජ හා සංස්කෘතික අභිමානයන් ඉස්මතු කොට දැක්වීමට ක‍්‍රියා කළේය. ආරුමුග නාවලර් සහ ඕල්කට් තුමාගේ ආභාසය ලද සිද්දි ලෙබ්බේ නමැත්තා 1892 දී ඥානදීප නමැති ස`ගරාව ප‍්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන ලදි. එහි පරමාර්ථය වූයේ සමය ප‍්‍රතිසංස්කරණයට සහ නවීන අධ්‍යාපනයට ද, මුස්ලිම්වරුන්ගේ දේශපාලන නියෝජිකත්වයට ද අවශ්‍ය පසුබිම ගොඩ න`ගා ගැනීමයි. බෞද්ධ සහ හින්¥න්ගේ මිෂණාරී විරෝධී ව්‍යාපාරයන් පසකාලීන ආර්ථික, සාමාජ හා දේශපාලන වරප‍්‍රසාදයන් හිමි කරගැනිමේ පෙළබඹුන අවස්ථා ද්කනට ලැබූ පරිද්දෙන්ම නොවූවත්, ඉස්ලාම් ජන සමාජය තුළින් ද පසුකාලිනව එකී වරප‍්‍රසාදයන් තහවුරු කරගැනීමේ පරමාර්ථයෙන් ද කටයුතු කරනු විද්‍යමාන වන්නේය. විශේෂයෙන්ම ස්වකීය වෙළඳ ආධිපත්‍යය කෙරෙහි වූ පසුබිම ගොඩන`ගා ගැනීමේ අභිලාසය ඉස්ලාම් ව්‍යාපාරය තුළින් ද ගම්‍ය වන අතර, ස්වකීය සංස්කෘතිකාංගයන්ට ගෞරව කරමින්, බටහිර අධ්‍යාපනය ලබා ගැනිම සාධාරණීකරණය කිරිමට ඉස්ලාම් ජන නායකයින් පෙළඹෙන අවස්ථාවන් හඳුනා ගත හැකිය. මධ්‍යම පාන්තික පුද්ගල ස්ථරය විශේෂයෙන්ම මිෂණාරී අධ්‍යාපන ක‍්‍රමයේ ප‍්‍රතිඵලයක් වූ අතර සිංහල ජන කොටස් මෙන්ම ඍජුව ක‍්‍රිස්තු භක්තිය වැළඳ නොගනිමින් උපායශීලීව සිය අවශ්‍යතාවය ඉටුකර ගැනිමට හින්¥න් ක‍්‍රියා කළ පරිද්දෙන් මොවුන් ද කටයුතු කරනු දක්නට ලැබේ. ඉස්ලාම් ජනසමාජය තුළින් මිෂණාරී ව්‍යාපාර විරෝධී ප‍්‍රතිචාරයන් විද්‍යමාන වූ අවස්ථාවන් දක්නට ලැබුන ද, සංවිධිතවූත් දැඩි විරෝධීවුත් ප‍්‍රතිචාරයන් විද්‍යමාන වීමත්, බෞද්ධ ජන සමාජයට සාපේක්‍ෂව දක්නට නොලැබීම සුවිශේෂී ලක්‍ෂනයකි. බි‍්‍රතාන්‍ය පාලන අවධියෙහි පැවති මිෂණාරී ඒකාධිකාරිත්වය කෙරෙහි වූ ස්වදේශීය ආකල්පය සහ ප‍්‍රතිචාරයන් ප‍්‍රාදේශීය විවිධත්වයකින් යුක්ත වූවාසේම පුද්ගල විවිධත්වයකින් ද යුක්ත වුන හඳුනාගත හැකිය. ස්වකීය අනන්‍යතාවයන් කෙරෙහි වූ මිෂණාරී ක‍්‍රියාකාරකම්හි බලපෑම ඒ ඒ පුද්ගල ප‍්‍රභේදයන් අනුව පරස්පරතාවයන් විද්‍යමාන විමේ ප‍්‍රතිඵලයක් ලෙසින් මෙවැනි විවිධකාර වූ ප‍්‍රතිචාරයන් ඉස්මතු විමට පසුබිම නිර්මාණය වන්නට ඇත.

No comments: