UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: දේශීය ජනතා ආකල්ප හා ප‍්‍රතිචාර හමුවේ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයේ සිදු වූ විපරිවර්තනයන්.

Thursday, December 12, 2013

දේශීය ජනතා ආකල්ප හා ප‍්‍රතිචාර හමුවේ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයේ සිදු වූ විපරිවර්තනයන්.

දේශීය ජනතා ආකල්ප හා ප‍්‍රතිචාර හමුවේ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයේ සිදු වූ විපරිවර්තනයන්. බි‍්‍රතාන්‍ය පාලන සමයෙහි මෙරට ක‍්‍රියාත්මක වූ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය හේතුවෙන් විපරිවර්තනයන්ට බඳුන් වූ මෙරට සමාජ හා සංස්කෘතික සංස්ථාවන් ප‍්‍රතිෂ්ටාපනය කරලීමේ භාර¥ර වගකීම පෙරදැරිව ඒකරාශී වූ ස්වදේශිකයන්ගේ ප‍්‍රතිචාර හමුවේ, එකී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයට යම්කිසි අභියෝගයක් එල්ලවූ අයුරු හඳුනාගත හැකිය. දහනව වන සියවසේ මුල් භාගය තුළ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයට එරෙහිව දේශීයන්ගේ ඉස්මතු වීමෙහි යම්කිසි මන්දගාමී ස්වරූපයක් විද්‍යමාන වුවද, එම සියවසේ අග භාගය වන විට එකී තත්ත්‍වයෙහි සුවිශේෂී වෙනස් විමක් දක්නට ලැබීම විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව දහනව වන සියවස අවසාන වන විට ස්වදේශීය ආගම් යටපත් කරමින් දැඩි අන්‍යාගමිකරණ ක‍්‍රියාදාමයක නිරතව සිටි මිෂනාරී ව්‍යාපාරයට එරෙහිව පෙළ ගැසුණු ජනයාගේ ප‍්‍රතිචාරයන් හමුවේ, එකී ව්‍යාපාරයෙහි යම්කිසි පසුබැසීමක් විද්‍යමාන වූ ආකාරය හඳුනාගත හැකිය. ‘‘1860 දශකය තුළ දේශීය ප‍්‍රජාව විසින් ක‍්‍රිස්තියානි වාද මර්දනය උදෙසා සීඝ‍්‍රයෙන් ලිපි ලේඛන පළ කිරීමත් සම`ග බුද්ධාගමට විරුද්ධව ක‍්‍රිස්තියානින් පළ කරන පොත්පත්වල සංඛ්‍යාව ද අවම විය’’ එපමණක් නොව මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ සංවිධානාත්මක වැඩ පිළිවෙළ පිළිබඳ ක‍්‍රිස්තියානින් තුළ තැති ගැන්මක් ඇතිව තිබුණු බව 1862 මැයි 15 වැනිදා ජේ. නිකොල්සන් පියතුමා මොහොට්ටිවත්තේ හිමියන් විසින් බෞද්ධයන්ගෙන් කළ ඉල්ලීම සහිත පත‍්‍රිකාව ඉංග‍්‍රීසියට පරිවර්තනය කර ලන්ඩනයට යැවීමේදී එහි සඳහන් කළ ක‍්‍රිස්තියානි මතය තුළින් සනාථ වේ. ‘‘අවුරුදු පනහක් පමණ අප සිතා සිටියේ බුද්ධාගම අවසාන කියාය. නමුත් මෙතෙක් ඉවසාගෙන සිටි බෞද්ධ පිරිස තුළ මහත් උද්යෝගයක් ඇති වී තිබේ. කොළඹ සහ මුහුදු බඩ මිනිස්සු දෙවියන් වහන්සේ ගැන ප‍්‍රශ්න කරති. වත්තල්පොලදී අපේ පූජක තුමාට සියයක් පමණ දෙනාට කතා කරන්නට සිදු විය’’ මේ අනුව ස්වදේශීය ප‍්‍රතිචාර වඩාත් උග‍්‍ර අතට හැරෙත්ම මිෂනාරීන් ක‍්‍රියා පිළිවෙතෙහි සුවිශේෂී විපරිවර්තනයක් හඳුනාගත හැකිය. විශේෂයෙන්ම මේ වන විට අභ්‍යන්තර භේද බින්නතා හට ගැනීමත් සම`ග අන්‍යාගම්කරණ ක‍්‍රියාදාමයෙහි මුලින් තිබූ උද්යෝගිමත් ස්වරූපයේ පසුබැසීමක සේයාවන් පූජකවරුන් විසින් සිදුකළ අදහස් තුළින්ම හඳුනාගත හැකිය. ‘‘ගොගර්ලි පියතුමා තම නිකායේ සෙසු පූජකයන් නිසලව සිටීම ගැන උරණ වී මෙසේ අදහස් දැක්වීය. ක‍්‍රිස්තියානි පූජකයන් වහන්සේලා මේ අවස්ථවේ නින්දක පසුවීම නම් ඛේද ජනකය. බෞද්ධයෝ පුදුම විදියට උද්යෝගිමත්ය. අපේ අය එක්කෝ නාකිය. නැත්නම් ලෙඞ්ඩුය’’ විදෙස් රටක ආගමික සංස්ථාවන් දැඩි විවේචනයන්ට බඳුන් කරමින් තමන් ගෙනයන්නා වූ අන්‍යාගම්කරණ ක‍්‍රියාදාමයට එරෙහිව ප‍්‍රබල බලවේගයක් ක‍්‍රියාත්මක වන බව පංචමහා වාදයන්ගෙන් මිෂනාරීන්ට මනාව තහවුරු වන්නට ඇත. ‘‘සර්ව බලධාරී දේව සංකල්පය මතවාදීව පරාජය කිරීම ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයට දැරිය නොහැක්කකි. එය කෙතරම් ශක්තිමත් බලපෑමක් ඇති කිරීමට සමත් වූයේද යත් ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරය එතැන් පටන් බෙල හිනව අඩපණව ගියේය. විශේෂයෙන්ම පාණදුරාවාදයේදී මුහුණපෑ ඉරණමට යළි ලක්වීමට ඔවුහු බිය වෙති. බෞද්ධයන් සම`ග ඍජු සංවාදයකට එළඹීමෙන් ඔවුන් වළකින්නේ මේ නිසා විය යුතුය’’ ‘‘වාද වලින් පසුව ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයෙහි උග‍්‍ර දේශීය ආගම් හෙළා දැකීමේ ස්වභාවයෙහි යටපත් විමක් ක‍්‍රිස්තියානි ආගමේ විවිධ නිකායිකයින් අතර අරගල ඇති වී භේද බින්න වී යාමක් දක්නට ලැබුණි’’ මේ ආකාර වූ තත්ත්‍වයන් එකී ව්‍යාපාරය තුළ ඇති වන්නේ අන් කවරක් හෝ නිසා නොව දේශීය ප‍්‍රතිචාරයෙහි ආවේගාත්මක ස්වභාවය නිසාය. ස්වදේශීය ජනතා ප‍්‍රතිචාරයන්හී ස්වරූපය තීව‍්‍ර වත්ම මිෂනාරී ව්‍යාපාරය තුළ ආගම ප‍්‍රචාරය කරලීමේ ක‍්‍රමවේදයන්හි ද යම්කිසි පසුබැසීමක් සිදුවන අයුරු හඳුනාගත හැකිය. ආරම්භයේදී ලිපි ලේඛන, දේශන, නාට්‍ය හා සංගීතය වැනි විවිධ ක‍්‍රමෝපායන් අනුසාරයෙන් ආගම ප‍්‍රචාරයෙහි නියැළි මිෂනාරී පූජකවරුන්ගේ එකී උද්යෝගිමත් කර්තව්‍යය පංචමහා වාදයන්ගෙන් පසුව දැඩි විපරිවර්තනයන්ට ලක්වේ. ප‍්‍රචණ්ඩකාරීව හා අධිපතිවාදීව ශ‍්‍රී ලංකාව තුළ සිදු කෙරුණු ක‍්‍රිස්තියානිකරණ ව්‍යාපාරයන් වලින් ඈත්වූ පූජකයින් නිවෙස් වලට රිංගමින් හා තැන් තැන් වල අහඹු ලෙස රැුඳෙමින් ක‍්‍රිස්තියානි මතවාදය පිළිබඳ පත‍්‍රිකා බෙදන්නට පටන් ගත්තේය. ඒ අනුව පංචමහා වාදයන් වනාහි මිෂනාරී ව්‍යාපාරය අඩපණ කරලීමේ මූලික කඩයිමක් ලෙස හඳුනාගාත හැකිය. දහනව වන සියවස අවසාන සමය වන විට දේශීයන් විවිධ ක‍්‍රමවේදයන් වෙත යොමු වෙමින් දැඩි ලෙස මිෂනාරී මතවාදයන්ට පහර ගසමින්, තම සංස්කෘතීන් පුනර්ජීවනයෙහි නියැළෙන අතරම, ඍජුව පූජක පිරිස් සම`ග ගැටුම් වලට එළඹෙන අවස්ථාවන් ද මෙකල දක්නට ලැබේ. ‘‘1880 - 1900 අතර කාලය තුළදී බෞද්ධයින් දැඩි ආත්ම විශ්වාසයකින් යුක්තව සිය ආගමික අනන්‍යතාව රැුක ගැනීමට උත්සහ කරමින් මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වයට ඍජුව අභියෝග කළ අතර එහිදී දෙපාර්ශවය අතර නිරන්තර ගැටුම් ඇති විය. මේ අන්දමින් ඇති වූ ආගමික ගැටුම් වලින් පෙන්නුම් කළේ බෞද්ධයින් ආත්ම විශ්වාසයකින් යුක්තව සිය ආගමික අනන්‍යතාව රැුක ගැනීමට කළ උත්සහයක් පමණක් නොව මෙතෙක් කල් දෙවන තැනකට වැටී සිටි බෞද්ධාගමිකයන්, නිදහසේ ඉදිරියට ඒම පිළිබඳ ක‍්‍රිස්තු භක්තිකයන් දැක්වූ නොඉවසීමත් බවයි. ක‍්‍රිස්තියානි ආගමික සංවිධාන දිගු කලක් බෞද්ධාගමිකයන්ට විරුද්ධව ගෙන ගිය කටයුතු වල බිඳ වැටීම සලකුණු කරන්නට මෙම ආගමික ගැටීම් හේතු වූ අතර, එම අපේක්‍ෂා භංගත්වය ඔවුන් විසින් පිළිබිඹු කළ එක් ආකාරයක් මෙබඳු සිදුවිම් තුළින් ප‍්‍රකාශයට පත් විය’’ දහනව වන සියවස අග භාගයේදීත්, විසිවන සියවස මුල් භාගයේදී මෙරට සංස්කෘතික පුනර්ජීවන ව්‍යාපාරයෙහි සුවිශේෂී ප‍්‍රවර්ධනයන් සනිටුහන් වීම වනාහි මිෂනාරී ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්‍වයෙහි පසුබැසිමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. දැඩි ආධිපත්‍යයකින් ආගමික ප‍්‍රචාරයෙහි නියැළි පූජක කණ්ඩායම් වලට නිරන්තර පහරදිම් සිදුවූ හෙයින් ඔවුන් ප‍්‍රසිද්ධියේ එකී ක‍්‍රියාදාමයේ නියැළීමට පවා බිය වෙති. එහෙත් තම ප‍්‍රයත්නය තවදුරටත් රහසිගතව සිදුකරගෙන යන මිෂනාරී පූජක පිරිස් අතර නිරන්තර ඇතිවූ නිකායාන්තර ගැටුම් උග‍්‍රවත්ම තව තවත් එකී ව්‍යාපාරයෙහි පරිහානිය සනිටුහන් කරන්නට විය. ඒ අනුව මුලදී තිබූ ශකිත්මත් පදනම ගරාවැටිමත් දේශීය ප‍්‍රජාවන්හී දැඩි ක‍්‍රිස්තියානි විරෝධීභාවයන් හමුවේ තවදුරටත් සාර්ථකව තම කර්තව්‍යයේ නියැළිමේ දුෂ්කරතාවයන් මතුවන අතර, එකී ආගමික පිරිස් අතුරෙන් බහුතරය තම නිජභූමීන් වෙත පිටත්ව යෑමද මෙකල දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයකි. විසිවන සියවසේ සමාරම්භයත් සම`ග අක‍්‍රිය භාවයේ තෝතැන්නට ළ`ගාවන්නාවූ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය හමුවේ දැඩි උද්වේගකාරී ලෙස ඒකරාශී වෙමින් සිටි ස්වදේශිය ජනයාගෙන් සුසැදි ආගමික පුනර්ජිවන ව්‍යාපාරයෙහි ගමන් ම`ග ද නව මං පෙත් ඔස්සේ විහිද යනු දැකගත හැකිය. ‘ආගමික පුනර්ජීවනය’ නැමති කඩතුරාවට මුවා වෙමින් අධිරාජ්‍ය විරෝධී සටනට පණ පොවන්නට එකී පිරිස් පෙළඹීමත් සම`ග කමක‍්‍රමයෙන් එකී ව්‍යාපාරයෙහි අභිමතාර්ථයන්හී ස්වරූපය වෙනත් දිශානතීන් ඔස්සේ ගමන් කරනු මෙකල දක්නට ලැබෙන සුවිශේෂී ඓතිහාසික සන්සිද්ධිදාමයකි. ඒ අනුව විසිවන සියවසේ සමාරම්භයත් වනාහි මිෂනාරී ව්‍යාපාරයෙහි පසුබැසීම සනිටුහන් වූ අවධියක් ලෙස හඳුනාගත හැකිය. ස්වදේශීය ජනතා ආකල්ප හා ප‍්‍රතිචාරයන්හී උද්වේගකාරිත්වය හේතුවෙන් තවදුරටත්, අන්‍යාගම් ක‍්‍රියාදාමයෙහි නැයැළීමේ අභයෝගයත් සාර්ථකව ජයග‍්‍රහනය කිරීමට නොහැකි වූ මිෂනාරීන්ගේ, එකී ක‍්‍රියා පිළිවෙතෙහි අක‍්‍රිය තත්ත්‍වය සනිටුහන් කිරීමත් ඒ ඔස්සේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය, අධිරාජ්‍ය විරෝධී ව්‍යාපාරයක් බවට පරිවර්තනය වීමත් විසිවන සියවසෙහි පළමු දසකය තුළ මෙරට හඳුනාගත හැකි සුවිශේෂ ඓතිහාසික සිද්ධිදාමයන්ය. බි‍්‍රතාන්‍ය යුගයේ මිෂනාරී ව්‍යාපාරයෙහි භූමිකාව දේශපාලන හා ආර්ථික ක්‍ෂේත‍්‍රයන්ට සිදු කළ බලපෑම. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට ක‍්‍රියාත්මක වූ මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්ට සුවිශේෂී ලබපෑමක් සිදු කළාසේම දේශපාලන සහ ආර්ථික ක්‍ෂේත‍්‍රයන්හි ද සිවිශේෂී විපරිවර්තනයන්ට එකී ක‍්‍රියා පිළිවෙත ඉවහල් වූ අයුරු දක්නට ලැබේ. ඒ අනුව විශේෂයෙන්ම තත්කාලින බි‍්‍රතාන්‍ය ආණ්ඩුක‍්‍රම සංස්ථාවන්ට සුවිශේෂ බලපෑමක් එල්ල කළා වූ මිෂනාරී ව්‍යාපාරය, ආගමික ඒකාධිකාරය හරහා රාජ්‍ය පාලනය හැසිරවීමට ක‍්‍රියා කරනු දැකිය හැකිය. ආගමික පූජකවරුන්ගේන සුසැදි ව්‍යාපාරයක් ලෙසත් ක‍්‍රිස්තියානාකරණය සඳහා මෙරටට පැමිණි එකී පිරිස, එම අභිමතාර්ථයන්ට පමණක් සීමා නොවෙමින් ආර්ථික හා දේශපාලන සංස්ථාවන්හි ආධිපත්‍යය ද තමන් යටතේ රඳවා ගැනීමට උත්සහ කරයි. විශේෂයෙන්ම මධ්‍යතන අවධියෙහි යුරෝපය තුළ දක්නට ලැබුණු ක‍්‍රිස්තියානි පල්ලියේ ඒකාධිකාරිත්වය මත සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අංශයන්හි පැවැත්ම සිදු වූවක් මෙන්ම දහනව වන සියවසේ මෙරට ඇති වූ තත්ත්‍වයන් ද යුරෝපයේ ඇති වූ ඉහත කී තත්ත්‍වයට බෙහෙවින් සමාන වන්නට විය. ‘‘විවෘත්ත වූ දේශපාලන කාර්ය භාරයක් ඉටු කළ සමහර මිෂනාරීවරු අධිරාජ්‍යවාදය යනු දෙවියන් වහන්සේගේ අභිමතය බැව් පෙන්වීමට වෑයම් කළහ. ‘මිථ්‍යා දෘෂ්ටික’ ආගම්වලට විරුද්ධව සෑහෙන තරම් දැඩි ලෙස ක‍්‍රියා නොකිරීම ගැන ඔවුහු විජිතවාදී අධිකාරීන්ට දොස් නැ`ගූහ. බොහෝ අවස්ථාවලදී ඔවුුුහු අධිරාජ්‍යවාදයට පක්‍ෂපාත තම දේශපාලන ආකල්ප ප‍්‍රසිද්ධියේ පළ කළහ. ආර්. ස්පෙන්ස්හාඞ් 1839 දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදයට පක්‍ෂව ලියමින් ලෝකය පාලනය කිරීමට බි‍්‍රතාන්‍යට දිව්‍යමය අයිතියක් තිබේ යැයි තමන් විශ්වාස කරන බැව් අනාවරණය කළේය’’ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය සාධාරණීකරණය කරලීමේ නියමුවා වශයෙන් මිෂනාරීන් කටයුතු කරන අතරම රාජ්‍ය ප‍්‍රතිපත්තීන් ද තමන්ට අභිමත පරිදි මෙහෙය වීසට ප‍්‍රයත්න දරනු දැකිය හැක. එහිදී විශේෂයෙන්ම දේශීය ආගම් පිලිබඳ බි‍්‍රතාන්‍ය රජය අනුගමනය කළා වූ ප‍්‍රතිපත්තීන් මිෂනාරීන්ගේ දැඩි විවේචනයට ලක්වීය. විශේෂයෙන්ම මෙරට පාරම්පරිකව පැවත ගෙන ආ රාජය හා බෞද්ධාගම අතර පැවතිය යුතු සම්ප‍්‍රදායන්ගෙන් සම්පූර්ණයෙන් ඈත් වීමට බි‍්‍රතාන්‍ය පරිපාලන තන්ත‍්‍රයට නොහැකි විය. මක්නිසා ද යත් යටත් විජිතවාදී ආණ්ඩුවක් ලෙසින් තම පැවැත්ම තහවුරු කරගැනීමට දේශිය ප‍්‍රජාවගේ ද බලපෑම ඉවහල් විම අත්‍යාවශ්‍ය වූ හෙයින් ප‍්‍රායෝගිකව කෙසේ වුවත් න්‍යායාත්මකව හෝ දේශීය සම්ප‍්‍රදායන්හි සුරක්‍ෂත භාවය සඳහා තමා බැඳී සිටින බව පෙන්වීමට ආණ්ඩුව සහ මෙරට නායකයන් අතර විවිධ ගිවිසුම් ඇතිකර ගත්හ. මෙකී ගිවිසුම් ප‍්‍රකාරව ආණ්ඩුව ක‍්‍රියාකරන අවස්ථාවන්හිදී දැඩි විරෝධයක් මිෂනාරී පූජකවරුන්ගෙන් එල්ල විය. ‘‘ප‍්‍රධාන භික්‍ෂූන් ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලද, මාලාගාවේ ප‍්‍රධාන නිළධාරීන්ගේ, ප‍්‍රධාන දේවාල වල බස්නායක නිළමේවරුන් ආණ්ඩුව විසින් පත්කිරීම ද බෞද්ධ භික්‍ෂූන් සඳහා මාසික දීමනාවක් ලබාදීම ද, නුවර ඇසළ පෙරහැර සඳහා රජය ආධාර ලබාදීම ද බෞද්ධාගමේ පෝෂණයට රජය කරන ලද ආධාර ලෙස පෙන්වා දුන් ස්පෙන්ස්හාර්ඞ් මෙම සම්බන්ධතාව අස්වාභාවිත හා පාපකාරී සම්බන්ධයක් ලෙස හැඳින්වීය. ක‍්‍රිස්තියානි ආණ්ඩුවක් මිලේච්ඡු ආගමික ක‍්‍රමයක් සම`ග පවතින සම්බන්ධයක් ලෙස මේ තත්ත්‍වය විස්තර කළ ඔහු මේ සම්බන්ධය දේව නීතියට පටහැණි යැයි ද මොනා ආකාරයේ ප‍්‍රතිඵල උදා වුවත් ලංකාවේ බි‍්‍රතාන්‍ය ආණ්ඩුවට මෙම වගකීම අත්හැරීමට යුතුකමක් තිබෙන බව ද ප‍්‍රකාශ කළේය’’ එපමණක් නොව ‘‘විජිතමය රාජ්‍ය සහ බෞද්ධාගම අතර සම්බන්ධයක් තිබූ බැව් පෙන්නුම් කළ සිරිත් අවලංගු කිරීම සඳහා මිෂනාරීවරු සටන් කළහ. උඩරට රාජධානිය බි‍්‍රතාන්‍යට පවරා දුන් 1815 උඩරට ගිවිසුමේ රජය විසින් බෞද්ධාගම ආරක්‍ෂා කරන බවට ද වත්පිළිවෙත් දිගටම පවත්වාගෙන යන බවට ද කොන්දේසියක් අඩුංගු වී තිබින. කාලයක් යන තුරු අනුගමනය කරන ලද එක් සිරිතක් වූයේ වාර්ෂික දළදා පෙරහැර හා සම්බන්ධ උත්සවයට රජය අනුග‍්‍රහය දැක්වීමයි. මෙහිදී කලින් රජු විසින් ඉටුකරන ලද කාර්ය භාර්ය මහනුවර ආණුඩවේ ඒජන්ත විසින් සියතට ගනු ලැබින. මේ සිරිත අතහැර දමන ලෙස මිෂනාරීවරු බලවත් ඉල්ලීම් කළහ’’ ලංකාවේ පාලන අධිකාරිත්වය හෙබවූ බි‍්‍රතාන්‍ය නිළධාරීන්ට පැමිණිලි කිරිමෙන් පමණක් සෑහීමකට පත් නොවූ මිෂනාරීන් එංගලන්ත යටත් විජිත පාලන අධිකාරීත්වයට ද බලපෑම් කරමින් දේශීය ආගම් කෙරෙහි වූ බි‍්‍රතාන්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්තීන් වෙනස් කරන ලෙස දැඩිව ඉල්ලා සිටින ලදි. ‘‘මිෂනාරී සමාගම්වලට අයත් වූ ප්දගලයන් ලංකාවේ බෞද්ධාගමට ආණ්ඩුව කරන ආධාර නතර කරන ලෙස ඉල්ලා එංගලන්තයේ යටත් විජිත භාර ලේඛම් වරයාට ලිපි යැවීමේ ව්‍යාපාරයක් මේ සම`ග ආරම්භ කළ අතර ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් එංගලන්ත ආණ්ඩුවට බලපෑම් ඇති කිරීමට ඔවුන් සමත් විය. මේ උද්ඝෝෂණවල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ ආණ්ඩුව බුද්ධාගම සම`ග නාමික වශයෙන් හෝ පවත්වාගෙන ආ සම්බන්ධය පවා දුර්වල තත්ත්‍වයකට ම`ග පෑදුනි’’ මේ අනුව පූර්ණ ආගමික ආධිපත්‍ය සම`ග දේශපාලන ආධිපත්‍යයත් තමන්ගේ ඒකාධිකාරිත්වය මත ගොඩන`ගා ගන්නට මිෂනාරීන් නිරන්තර අරගලයක යෙදුණු බව මෙමගින් ගම්‍යවේ. හුදු ආගමික පූජකවරයෙකු සතු වගකීමෙන් බැහැර වූ මිෂනාරීන්ගේ මූලිකම අභිමතාර්ථය වූයේ රජයෙන් ලබාගත හැකි සියලූම වරප‍්‍රසාදයන්හි එකම අයිති කරුවා බවට පත් වීමය. මෙකී අභිමතාර්ථ සාධනය සඳහා ස්වදේශීය ජනයා හා බැඳී සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්හි පූර්ණ විපරිවර්තනයක් සිදු කරමින් කෙසේ හෝ මෙරට ක‍්‍රිස්තු භක්තිකයන්ගේ දිවයිනක් බවට පරිවර්තනය කරලීමේ ප‍්‍රයත්නයක නියැළුණු දිටිය හැකිය. ආගමික පූජකයින් සතුව පැවතිය යුතු අන්‍යාගමික සහනශීලී ප‍්‍රතිපදාවට අල්පමාත‍්‍රයක් හෝ ගරුත්වයක් නොදැක්වූ මිෂනාරීන් පූර්ණ ක‍්‍රිස්තියානි බල අධිකාරිත්වයකින් සමන්විත සමාජ ක‍්‍රමයක් බිහි කරලිමේ අරමුණ ඇතිවයි දේශපාලන තන්ත‍්‍රය ද තම අවශ්‍යතා මත හැසැරවිය හැකි ලෙස ගොඩන`ගා ගනු ලබන්නේ. මිෂනාරී කණ්ඩායම් විසින් මෙරට පරිපාලන තන්ත‍්‍රයට සිදු කළ බලපෑම හමුවේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්තීන්හී සුවිශේෂී වෙනස්කම් සිදුවන අවස්ථාවන් හඳුනාලත හැකිය. ‘‘ක‍්‍රිස්තියානි මිෂනාරීන් විසින් එංගලන්තයේත් ලංකාවේත් ගෙන ගිය උද්ඝෝෂණ ව්‍යාපර ඉදිරියේ තව දුරටත් නිහ`ඩව සිටීමට බි‍්‍රතාන්‍ය රජයට කළ නොහැකි දෙයක් විය. මේ නිසා 1800 ගිවිසුමෙන් දුන් ප‍්‍රතිඥාව තවදුරටත් සලකා බැලීමට, විශේෂයෙන්ම සිංහල රජු වෙනුවෙන් බුද්ධාගම ආරක්‍ෂා කිරීමට පවරාගත් වගකීම්වලින් ඉවත් වීමට හැකි ම`ගක් සොයා ගැනීමට බරපතල පෙළඹවීම් ඇති විය. මේ සියලූ දෙයකම ප‍්‍රතිඵලය වූයේ යටත් විජිත භාර මහලේඛම්ගේ උපදෙස් පිට උඩරට ප‍්‍රදේශවල ඇති විහාර දේවාලගම් පාලනයට අදාළ වූ නව විධිවිධානයන් ඇති කිරීම් තුළින් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව දේශීය ආගම් කෙරෙහි බැඳීම්වලින් බවත් වන බව මිෂනාරීන් ඉදිරියේ ප‍්‍රකාශ කිරීමයි’’ ‘‘ස්ටුවර්ට් මැකන්සි ආණ්ඩුකාරයා (1837 - 1841* ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමේ පළමු වන ආරම්භය තබමින් සිය සේවා කාලය අවසන් කොට මෙරටින් පිටත් වී යන අවස්ථාවේදී ලිඛිතව සිය අදහස් සඳහන් කළ ඔහු විහාර දේවාල සම්බන්ධයෙන් අනාගතයේ මොන යම් ආකාරයේ පත්වීමක දී ආණ්ඩුකාරයාට මැදිහත් වීමට ඉල්ලා සිටීම ගැන සිය වරුද්ධත්වය පළ කළේය. මීල`ගට පැමිණි කොලින් කැම්බල් ආණ්ඩුකරු ද මේ ප‍්‍රතිපත්තිය අනුගමනය කිරීමට උත්සහ කරමින් බෞද්ධ සිද්ධස්ථානවල පාලනය සම්බන්ධයෙන් හැකිතාක් දුරට ම`ගහැර සිටීම තමන් විසින් ඉහළින් අපේක්‍ෂා කරන බව ඔහු නිතර සඳහන් කළේය’’ වසර සියදහස් ගණනාවක් තිස්සේ මෙරට සම්ප‍්‍රදායිකව පවත්වාගෙන ආ නීති රීතීන්ට ද සුවිශේෂ බලපෑමක් එල්ල කිරීමට මිෂනාරීන්ට හැකිවන අයුරු මේවායින් මනාව ගම්‍ය වේ. ඒ අනුව දේශපාලන ආධිපත්‍යයේ පූර්ණ හිමිකරුවා බවට ද පත්වන මිෂනාරීන්, නොයෙක් ක‍්‍රමවේදයන් අනුසාරයෙන් දේශීය සංස්ථාවන්හී පරිහානියට ක‍්‍රියාකරනු දක්නට ලැබේ. ඉහත දැක්වූ පරිදි මිෂනාරීන්ගේ ඉල්ලීම පිරිදි රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හි වෙනස්කම් සිදු කිරීම හරහා ගම්‍ය වනුයේ ආණ්ඩුව සතු විය යුතු පරාමාධිපත්‍යයට ද ප‍්‍රභල අභියෝගයක් මිෂනාරී ව්‍යාපාරය තුළින් සිදුකර ඇති බවයි. ‘‘1843 වර්ෂයේදී සියම් භික්‍ෂු නියෝජිත පිරිසක් ලංකාවට පැමිණි අතර ඔවුන් සඳහා පැවති දළදා ප‍්‍රදර්ශනයට ආණ්ඩුකාරයා, මධ්‍යම පළාතේ දිසාපති ඇතුළු සිවිල් නිළධාරී පිරිසක් සහභාගී වීම නැවත වතාවක් ක‍්‍රිස්තියානි පූජකයින්ගේ උද්ඝෝෂණ මතු කිරීමට අවස්ථාව ලබා දුන්නේය. මේ සිද්ධිය පිළිබඳ 1843 ජූනි මාසයේ ඉන්දියාවේ බැප්ටිස්ට් මිෂනාරී ආයතනයේ ස`ගරාවේ ආණ්ඩුකාරයා විවේචනය කරමින් වාර්තාවක් පළ කරන ලදි. මෙය පදනම් කරගෙන ඇතිවූ විවේචනය නිසාා ආණ්ඩුකාරයාට එංගලන්තයට කරුණු පැහැදිළි කරමින් වාර්තාවක් යැවීමට ද සිදු විය’’ ‘‘බෞද්ධාගම සම`ග ආණ්ඩුව පැවැත්වූ සම්බන්ධතාව මේ අන්දමින් හැඩගැස්වීමට මිෂනාරීන් ගත් පියවර නිසා 1853 න් පසුව ක‍්‍රිස්තියානි ආගමික සංවිධානය රාජ්‍ය ප‍්‍රතිපත්තිය පසුපස සිටි තනි හා බලගතු සංවිධානය බවට පත් විය. ආණ්ඩුව ක‍්‍රිස්තියානි ආගමික සංවිධානයේ අවශ්‍යතාවලට අනුව ක‍්‍රියාකරන බව පැහැදිළි ලෙසට පෙනී ගියේය’’ මේ අනුව පැහැදිළි වන්නේ අධිරාජ්‍යවාදී උපක‍්‍රමයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා බි‍්‍රතාන්‍ය රජය ස්වදේශීය ආගමික සංස්ථාවන්හී ආරක්‍ෂකයා බවට යම් යම් අවස්ථාවලදී පත් වුවද, එකී සියුලූ අවස්ථාවන් මිෂනාරීන්ගේ දැඩි දෝෂාරෝපණයන්ට ලක්වූ බවයි. ඒ අනුව ස්වාධීන වූ පරිපාලන ක‍්‍රමවේදයක් ගොඩ න`ගා ගැනිමේ ප‍්‍රයත්නයට නිරන්තර අභියෝග කළාවූ මිෂනාරී ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ විමර්ෂණය කරන විට පෙනී යන්නේ එය හුදු ආගමික ව්‍යාපාරයක් පමණක්ම නොවූ බවයි. විසිවන සියවස සමාරම්භයත් සම`ග මිෂනාරි ව්‍යාපාරයෙහි සිදුවන්නා වූ පසුබැසීම් දක්වා වූ බි‍්‍රතාන්‍ය පාලන සමය තුළදී මූලික වශයෙන්ම පරිපාලනය හසුරුවන්නා බවට මිෂනාරීන් ක‍්‍රියා කළාක් මෙන්ම ආර්ථික ප‍්‍රතිපත්තීන්හිද න්‍යාමක බලවේගය ලෙසින් මිෂනාරීන් ක‍්‍රියා කරනු දිටිය හැකිය. ‘‘මිෂනාරීවරු බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදය අත්‍යන්ත ලෙස වර්ණනා කළා පමණක් නොව ධනවාදය යනු ‘මිත්‍යාදෘෂ්ටිකයා’ න`ගාලීම සඳහා වන දේව අවසරය ලත් ආර්ථික ක‍්‍රමයක්ය යන මතයද පතළ කළෝය. ‘වාණිජ්‍ය හා කිතු සමය’ නමැති පොතෙහි ස්පෙන්ස්හාඞ් දක්වන්නේ වෙළදාම හා කර්මාන්ත ඉංග‍්‍රීසි පොතෙස්තන්ත‍්‍රවාදීන්ගේ කටයුතු සඳහා නිසි ක්‍ෂේත‍්‍රය යැයි කියාය’’ ඒ අනුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ආණ්ඩුව විසින් ගෙන ගියාවූ ආර්ථික ප‍්‍රතිපත්තීන්හි සාධාරණීයත්වය හුවා දැක්වීමේ භාර¥ර වගකීම මිෂනාරීවරුන් විසින් සිදුකරන අයුරු විද්‍යමාන වේ. ආණ්ඩුවේ මර්ධනකාරී ආර්ථික ප‍්‍රතිපත්තීන්ගෙන් පීඩා විඳින්නාවූ යටත් විජිත වැසියන්ගේ සැබෑ ජීවන දර්ශනය හෙළිදරව් කරනු වෙනුවට මිෂනාරීන් විසින් එහි ප‍්‍රතිපත්තීන්හී යෝග්‍ය භාවය පිළිබඳ ලෝක ප‍්‍රසිද්ධ කිරීම හරහා, ඔවුන්ගේ ප‍්‍රයත්නයට අභිමත පරිදි ආර්ථික පාර්ශවයන්ගේ ද පදනම සකස් කරලීමට උස්තහ කරනු දිටිය හැකිය. ඒ අනුව විශේෂයෙන්ම මිෂනාරීන්ගේ මැදිහත් වීම හරහා මෙරට සිදුවන්නාවූ ධනවාදී ආර්ථික ප‍්‍රතිසංස්කරණයන්හි ප‍්‍රමුඛාංගයක් බවට පත් වූයේ විදේශීය ආයෝජකයින්ට මෙරට ආර්ථිකය හැසිරවීමේ අවස්ථාවක් ගොඩනැ`ගීමයි. ‘‘බාධක කොතෙකුත් පැවතියත් භරත, පර්සි හා හෙට්ටි ඇතුළු ඉන්දියාවේ වෙළෙන්දු ශ‍්‍රී ලංකාවේ ආනයන අපනයන හෝ අභ්‍යන්තර සිල්ලර වෙළදාමේ ද සංචාරක වෙළදාමේ ද සැලකිය යුතු ආකාරයෙන් නිරත වූහ. භරත ජාතිකයෝ දහනව වන සියවස මුල් භාගයේ සිට දේශීය මත්පැන් වෙළදාමෙහි යෙදුණු කොටසක් වූ අතර ඔවුහු කෙරළයේ තූත්තුකුඩි ප‍්‍රදේශයෙන් සංක‍්‍රමණය වූ කතෝළිකයෝ වූහ. නාට්ටු කෝට්ටෙයි වෙට්ටියාර්වරුන්ගේ සමාගම් සමාගම් එකසිය පනහක් 1830 හා 1840 ගණන් වලදී දේශීය වෙළදාමේ කොඳුනාරටිය වූ බව ‘ජෝන් කැපර්’ පැවසීය. මේ සියලූ විදේශීය ආයෝජකයන්ගේ මෙහෙයවන්නා බවට පත්වූයේ මිෂනාරීන්ය’’ ඒ අනුව ආගම ප‍්‍රචාරය කරලිමේ අරමුණින් පැමැණි මිෂනාරීන් විසින් බි‍්‍රතාන්‍ය යටත් විජිතයන්හි ආර්ථික පාර්ශවයන්හි විපරිවර්තනයක් ද සිදුකරන අයුරු මනාව විද්‍යමාන වේ. මෙරට සම්ප‍්‍රදායික ආර්ථික රටාවන්ගෙන් පමණක් උපරිම ලාභය අත්පත්කර ගැනීමෙන් සෑහීමකට පත් නොවී නව ධනවාදී ආර්ථික පදනමක් මෙරට ස්ථාපිත කරන්නට බි‍්‍රතාණ්‍ය ආණ්ඩුව මෙහෙයවන්නා බවට මිෂනාරීන් ක‍්‍රියා කරනු දහනව වන සියවස තුළදී දැක ගත හැකි සුවිශේෂී ලක්‍ෂණයකි. ඒ අනුව ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තීන්හි ගාමක බලවේගය බවට මිෂනාරී ව්‍යාපාරය ක‍්‍රියා කළා සේම, ක‍්‍රිස්තියානිකරණය හරහා මෙරට සමාජ සංස්ථාවෙහි සුවිශේෂී වූ වන ධනපති පන්තියක් නිර්මාණය කරන්නට ද පෙළඹෙන අයුරු හඳුනා ගත හැකිය. ‘‘19 වන සියවස අග භාගයේදී යාපනයේ ද්‍රවිඩ විද්වත්හු බොහෝ දෙනෙකු සිය වෘත්තීන්හි කැපී පෙනුණ චරිත බවට පත්වූ අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක‍්‍රිස්තු භක්තිකයෝ වූහ. ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනයා අතුරෙන් 12% ක් පමණ වූ ක‍්‍රිස්තු භක්තිකයෝ දෙමළ සමාජ සැකැස්මේ බලගතු පොටක් වූහ. විලියම් මෙතර් සහ පුත‍්‍රයා නමින් යුත් ස්වකීයම වූ වෙළද සමාගම පිහිටවූ 1851 උපන් විලියම් මෙතර් ක‍්‍රිස්තියානි පාසලක ඉගෙන ගත්තෙකි. තවත් කැපී පෙනුණු දෙමළ ක‍්‍රිස්තු භක්තිකයෙකු වූයේ න්‍්ෙබේ ිඒර නැමති ස`ගරාවේ කතෘ වූ ජේ. ආර්. ආර්ගෝල්ඞ්ය. බි‍්‍රතාන්‍ය වෙළඳුන් ද දේශීය වෙළදාමේ කොඳු නාරටිය වූ ලංකාවේ හෙට්ටීන් ද අතර ගනුදෙනු සාකච්ඡුා කිරීමේ යෙදුණු එකම අතර මැදියහත් වූ බ්‍රෝකර්වරුන් යාපනයේ ක‍්‍රිස්තු භක්තිකයන්ගෙන් සමන්විත විය. ඔහුගේ කාර්යයන්හිදි අවශ්‍ය උපදෙස් ආදිය ලබාදෙමින් දිරිමත් කිරීමේ කටයුතු වල නිරතවූ මූලිකම කණ්ඩායම වූයේ මිෂනාරී පූජක පිරිස්ය’’ මේ අනුව නව ආර්ථික ප‍්‍රතිපත්තීන් හඳුන්වාදෙමින් ඒ අනුසාරයෙන් මෙරට සම්ප‍්‍රදායිකව පවත්වාගෙන ආ ආර්ථික ක‍්‍රමවේදයන්හි පූර්ණ විපරිවර්තනයකට පදනම මිෂනාරී ව්‍යාපාර තුළින් නිර්මාණය කරනු දිටිය හැකිය. ක‍්‍රිස්තියානිකරණ ක‍්‍රියාදාමයත් සම`ග දේශපාලන හා ආර්ථික ප‍්‍රස්තරයන්හී ද සුවිශෙෂී විපරිවර්තනයක් සිදුකරන මිෂනාරීන්ගේ මූලික අභිමතාර්ථය වන්නට ඇත්තේ යුරෝපා ක‍්‍රමයන් මෙරට ස්ථාපිත කිරීම හරහා යටත් විජිතයන්හි සාරය උරා බොන පරපෝෂිතයන් බවට පත්වීමය. එකී අභිමතාර්ථයට ගැලපෙන පරිදි යටත් විජිත ආණ්ඩුව ද මෙහෙය වනු දිටිය හැකිය. ආගම ප‍්‍රචාරය කිරීමේ කඩතුරාවට මුවාවෙන් දේශපාලන හා ආර්ථික ක්‍ෂේත‍්‍රයන්හි ද සුවිශේෂී විපරිවර්තනයක් සිදු කිරීම හරහා ස්වදේශීය සංස්ථාවන් යටපත් කරලීමේ ප‍්‍රයත්නය දැඩි සංවිධානාත්මක ක‍්‍රමවේදයක් ඔස්සේ හසුරුවනු අයුරු මැනවින් විද්‍යමාන වේ. එකී ව්‍යාපාරයෙහි භූමිකාව දේශපාලන හා ආර්ථික සංස්ථාවන්ට සිදු කළ බලපෑම කිසි විටෙකත් අධරාජ්‍යවාදී ආණ්ඩුවේ විවේචනයට ලක් නොවූ අතර, එකී ක‍්‍රමවේදයන් හරහා යටත් විජිතකරණ ක‍්‍රියාදාමයට ශක්තිමත් පදනමක් නිර්මාණය වීම මෙකල දක්නට ලැබෙන සුවිශෙෂී ලක්‍ෂණයකි. මිෂනාරී ව්‍යාපාරයෙහි භූමිකාව දේශිය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්ට සිදු කළ අනන්‍යතාවයන්ට සිදු කළ බලපෑම. බි‍්‍රතාන්‍ය පාලන සමයේ මෙරට ක‍්‍රිස්තියානිකරණ ක‍්‍රියාදාමයෙහි නියැළි මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය සාම්ප‍්‍රදායික ස්වදේශීය සමාජ හා සංස්කෘතික අභිමානයන්හි විපරිවර්තනයට ඍජු බලපෑමක් එල්ල කරනු දක්නට ලැබේ. පෘතුගීසි හා ලන්දේසිඅධිරාජ්‍යවාදි අවධීන්ට සාපේක්‍ෂව මෙකල දේශීය සම්ප‍්‍රදායන්හි පරිහානියෙහි උග‍්‍ර අවස්ථාවක් විධයමාන වනු දැකිය හැකිය. එකී සංස්කෘතික පරිහානියේ පූර්වගාමීන් වූයේ අන්කවරෙකු හෝ නොව මිෂනාරී පූජක කණ්ඩායම්ය. ශ‍්‍රී ලාංකීය සිංහල බෞද්ධ උරුමයන්හි ආරක්‍ෂකයා ලෙසින් නීත්‍යානුකූලව බි‍්‍රතාන්‍ය රජය පෙනී සිටිය ද ප‍්‍රායෝගික වශයෙන් එකී ප‍්‍රතිපත්තීන් අංශු මාත‍්‍රයකු දු ආරක්‍ෂා නොවීම හේතුවෙන් දහනව වන සියවසේදී මෙරට සමාජය තුළින් ස්වදේශීය සම්ප‍්‍රදායන් අකර්මන්‍ය වී බටහිර සම්ප‍්‍රදායන්හී අරුණාලෝකය මෙරට විහිද යෑම ලංකා ඉතිහාසයේ එක් ඛෙදනීය සන්සිද්ධිදාමයකි. එකී කර්තව්‍යයේ මූලික පාර්ශව කරුවා ලෙසින් මිෂනාරී ව්‍යාපාරය කටයුතු කිරීම ද මෙකල දක්නට ලැබෙන සුවිශේෂී ලක්‍ෂණයකි. ‘‘බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකය, දේශීය සංස්කෘතිය හා අභිමානවත් ජාතික අනන්‍යතාවය විනාශ කිරීමට, විකෘත්ති කිරීමට හා වහල් කිරීමට යොදාගනු ලැබුවේ උණ්ඩය හෝ භෞතික බලපෑම් නොව බටහිර චින්තනය, හැසිරීම් රටාව හා ඇගයීම් අඩංගු ඉංග‍්‍රීසි අධ්‍යාපනය හා ක‍්‍රිස්තියානි ආගමයි. ක‍්‍රිස්තියානි ආගමික පූජකයන් ලවා එකී අරමුණු විධිමත්ව හා ඉතා සියුම්ව ඉටුකිරීමට ආණ්ඩුව සමත් විය’’ ඒ අනුව මෙරට සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්ට බලවත් පහර එල්ල වූයේ මිෂනාරීන් විසින් මෙරට ජනතාවට ලබාදුන් අධ්‍යාපන ක‍්‍රමය හරහාය. ‘‘මිෂනාරී අධ්‍යාපනයේ අභිමතාර්ථය වූයේ ලෙයින් හා පැහැයෙන් පමණක් ස්වදේශිකයන් වන චින්තනයෙන්, ආකල්ප හා හැසිරීම් රටාවෙන් ඉංග‍්‍රීසි අනුගාමිකයන් තැනීමය. අධ්‍යාපන වහල් චින්තනය හා බැඳුණු ක‍්‍රිස්තියානිකරණය විසින් රජයේ රැුකියා, ප‍්‍රතිසංස්කරණවාදී දේශපාලනය විශේෂ වරප‍්‍රසාද ආදිය තුළින් මේ රටේ අනන්‍යතාව විකෘත්ති කළේය. මිෂනාරී අධ්‍යාපනයේ අරමුණ වූයේ අධිරාජ්‍යවාදී ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අංශ විද්‍යාත්මක හා දියුණු බව දක්වමින් දේශීය හැමදේම මිලේච්ඡු නොදියුණු දේ ලෙස හෙළා දැකීමයි. එම අධ්‍යාපනයේ අන්තර්ගත විෂය මාලාවෙන් දේශීය සිසුන් විදේශීය අනුකාරකවාදීන් කරන ලදි’’ ඒ අනුව මිෂනාරීන් විසින් මෙරට ජනයා වෙත ලබාදුන් අධ්‍යාපනය හරහා ඉතා උපක‍්‍රශීලීව ස්වදේශීය සම්ප‍්‍රදායන්ගෙන් ජනයා ඈත් කිරීම සූක්‍ෂමව සිදු කිරීම හරහා මෙරට පැවති සමාජ සැකැස්මෙහි සුවිශේෂී විපරිවර්තනයක් සිදුවන අයුරු විද්‍යමාන වේ. ආනන්ද කුමාරස්වාමීගේ ප‍්‍රකාශනයක් වන ‘‘මිෂනාරී අධ්‍යාපනය ජාතික සංස්කෘතිය මුළුමනින්ම නොසලකා හැර ජනතාව නිවට නියාළු ලෙස පරසිරිත් අනුගමනයට යොමු කරයි. ඒ හරහා පෙරදිගටත් අපරදිගටත්, අතීතයටත් අනාගතයටත් අයත් නොවන දේශීයත්වය හෙළා දකින කළු සුද්දන් පිරිසක් බිහිවීම ඉබේම සිදුවේ’’ ඒ අනුව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් මිෂනාරීන් ලවා දේශීය ආගම් හා සාරධර්ම මිලේච්ඡු ලෙස හෙළා දකිමින් ක‍්‍රිස්තියානිකරණයත් සම`ග ඉටහිර සුපිරි සංස්කෘතිය ප‍්‍රචාරය කිරීමෙන් චින්තනමය හා ආකල්පමය පෙරළියක් ඇති කරමින් අනුකාරකවාදී පුළුල් මධ්‍යම පංතියක් නිර්මාණය කළ අතර ඔවුන් හැම විටම පූර්ව දර්වාදර්ශ ගනු ලැබුවේ බි‍්‍රතාන්‍යයෙනි දහනව වන සියවසේ ලාංකීය සමාජ සැකැස්මෙහි එක් ප‍්‍රධාන ස්ථරයක් නියෝජනය කරන්නාවූ මධ්‍යම පංතියේ නිර්මානයේ දායකත්වය පූර්ණ වශයෙන්ම මිෂනාරී ව්‍යාපාරය සතු වන බව මෙමගින් පැහැදිළි වේ. ඒ අනුව තත්කාලීන සමාජ, දේශපාලන හා ආර්ථික ක්‍ෂේත‍්‍රයන්හි කැපී පෙනෙන චරිත බවට පත්වන මොවුන්ගේ ජීවන රටාව සම්පූර්ණයෙන්ම අපරදිග සිරිත් විරිත් මත සැකසුණු අතර, ඔවුන් දැඩි ලෙස ස්වදේශීය සම්ප‍්‍රදායයන් ගැරහීමට ලක්කිරීම ද මෙකල දක්නට ලැබේ. ප‍්‍රබල බලපෑමක් මෙරට සමාජ ක‍්‍රියාවලියේ අනන්‍යතාවයනට මිෂනාරීන් විසින් සිදු කළ අයුරු මේවායින් මැනවින් ගම්‍ය වේ. ලාංකීය සමාජය තුළට බටහිර සම්ප‍්‍රදායයන් අනුගතකරවීමේ මූලිකම ක‍්‍රමවේදය ලෙසින් මිෂනාරීන් ‘අධ්‍යාපනය’ යොදාගත් අතර එම`ගින් බතා පහසුවෙන් බටහිර ගැති සමාජයක් මෙරට ස්ථාපිත කරලීමේ අභිමතාර්ථයට ඔවුන්ට ල`ගා විය හැකි විය. විශේෂයෙන්ම මෙකී ක‍්‍රියාවලියේ මෙරට ජීවත් වූ සියලූ ජනවර්ගයන් අතරට රැුගෙන යාමට ඔවුන් ක‍්‍රියා කරනු දිටිය හැකිය. ඒ අනුව සුළු ජාතීන් දිනා ගැනීමෙන් ලබාගත හැකි වාසි ගැන සැලකූ මිෂනාරිහූ යාපනයේ අධ්‍යාපන පහසුකම් වැඩි දියුණු කර ඒඅ ය රජයේ රැුකියා වලට යොමු කළහ. එමගින් බිහිවූ අනුකාරකවාදී මධ්‍යම පාංතික ද්‍රවිඩ සමාජය ද පාරම්පරිකවූත්, ශ්‍රේෂ්ටවූත් තම සම්ප‍්‍රදායන්ගේ බැහැරවීම අභාග්‍ය සම්පන්න සිදුවීමකි. ‘‘අපි පාවහන් පැළඳ කළු පාට කබා ඇඳ ගත්තෙමු. මගේ බාප්පා මගේ දිගු කේශ කලාපය කපා දැමුවේය. හින්දුභක්තිකයෙකු බවට මට තිබූ එකම සලකුණ එයයි...බටහිර ශිෂ්ටාචාරය ලංකාව සිසාරා පැතිර යමින් පැවති බවත් එය අපේ පවුලේ පවුරු බිඳගෙන ඇතුළු වී තිබූ බවත්....’’ යනුවෙන් පොන්නම්බලන් රාමනාදන් සිදුකරනු ලබන ප‍්‍රකාශනය තුළින් මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය මෙරට සමාජ ක‍්‍රමයට සිදු කළ බලපෑමේ අහිතකර ස්වරූපය මැනවින් හඳුනාගත හැකිය. ඔහුගේ තවත් ප‍්‍රකාශනයක් වන ‘‘කොළඹ නගරයේ ධනවත් ද්‍රවිඩ හින්දුවරුන් තම සහජ උරුමයන් ගැන නින්දිත ලෙස උදාසීන වී ඇත්තාහ. සීග‍්‍රයෙන් විජාතික වෙමින් සිටින්නාහ. ඔවුහු පෙරදිග සංස්කෘතීන්ට සැලකිල්ලක් නොදක්වන අතර ක‍්‍රිස්තියානි ආගමට භක්ති ප‍්‍රණාමය පුදමින් තමන්ගේ ආගම පිළිකුල් කරති. ඔවුන්ගේ අනුබලය නොලැබීම නිසා සාහිත්‍යය, සංගීතය හා කලාව වැනසෙමින් පවතී. තම පූජනීය භාෂාව වූ සංස්කෘත ඔවුන්ට හීබෲ හෝ චීන භාෂාවන් නුපුරුදුය. ඔවුන්ගේ මව් බස වූ දෙමළ දැන් ඉංග‍්‍රීසි, සිංහල හා පෘතුගීසි මිශ‍්‍ර වූ නන් දෙඩවිල්ලක් බවට පත් වී තිබේ. මේ සියල්ලටම හේතුව ක‍්‍රිස්තියානි ආගමට භක්ති ප‍්‍රණාමය පුදා කටයුතු කිරීමය’’ ‘‘දහනව වන සියවසේදී දේශීය ධනපති පංතියේ සිදුවූ සංස්කෘතික විපර්යාසය ම`ගින්, මැකොලේ සාමී විස්තර කළ අන්දමේ ලේ සහ පාට අනුව ඉන්දීය වූ නමුත් අභිරුචිය, සදාචාරය හා බුද්ධිය අනුව ඉංග‍්‍රීසි වූ ‘කළු සුද්දන්’ පිරිසක් ඉස්මතු වීමට ම`ග පෑදිනි. මේ වර්ධනයේ ප‍්‍රතිඵලය වූයේ විදේශීය ජීවන ක‍්‍රම අනුකරණය කිරීම සඳහා ආශාව නිසා ස්වදේශීය ආගම්, භාෂා, වත්පිළිවෙත් හා සම්ප‍්‍රදායන් නොසලකා හරිනු හා ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීමයි’’ ‘‘ක‍්‍රිස්තියානිකරණයත් සම`ග භාෂාව අතින් මෙන්ම ආගම්, ඇදුම්, ආහාරපානාදි සකලාංගයන්ගෙන් යටත් විජිත ස්වාමීන් සේ හැසිරෙන්නට ඔවුහු පුහුණුව ලැබූහ. මේ පුහුණුව ලැබීම සඳහා ඇතැම් ස්වදේශික දරුවන් ඉංග‍්‍රීසි පවුල් වල නේවාසිකයන් බවට පත්කර තිබූ බව ද වාර්තා වී ඇත. එක් මිෂනාරී වරයෙකු 1830 දී වාර්තා කළ පරිදි මේ වන විට වැඩෙමින් ආ ප‍්‍රභූ පරපුරේ දරුවන් ‘ලැබු හා ලබමින් සිටි’ අධ්‍යාපනය කෙබඳු ද යත්, එයට කුමක් පසුව අන්තර්ගත කරනු ලැබුවත් බුදුසමයට ඇති විය හැකි ප‍්‍රහාරයන් පිළිබඳ ඔවුන් තුළ කිසිදු බියක් තිබුණේ නැත... ඉහළ පංතිය පුරා කිතු සමය පැතිරී යාමත් ‘දියුණුව’ ප‍්‍රාර්ථනා කළ අන්‍යයන් ද ඒ ඉහළ පන්තිය අනුකරණය කරන්නට උත්සුක වීමත් මේ යුගයේ කැපී පෙනෙන සමාජ විපර්යාසය වූයේය. ඒ ප‍්‍රවනතාවය හා සමාන්තරව බුදුසමය හා පාරම්පරික අධ්‍යාපන සම්ප‍්‍රදාය පසුබෑමට ලක්වන බව පෙනිණි. ඊට හේතු වූයේ ඒවාට මූලාධාරය ලෙස චිරාත්කාලයක් ක‍්‍රියාත්මක වූ රාජ්‍ය හා ප‍්‍රභූ අනුග‍්‍රහය අඩුවී හෝ නැතිවී යෑමය’’ මේ අනුව මිෂනාරීන් විසින් මෙරට ජනයා වෙතඅධ්‍යාපනය ලබාදීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් ස්වදේශීය සමාජ හා සංස්කෘතීන්හි සිදුවූ විපරිවර්තනයන් විමර්ශනය කරන විට පෙනී යන්නේ ප්‍රෞඪ අතීතයකට උරුමකම් කී ලාංකීය ශිෂ්ටාචාරයෙහි පරිහානිය සනිටුහන් වීමක් නොවේද? විශේෂයෙන්ම මෙරට සමාජ සැකැස්මේ මූලික අඩිතාලම වූ ‘කල ක‍්‍රමයට’ මිෂනාරී ව්‍යාපාරය නිසා දැඩි පහරක් එල්ල විය. ‘‘මිෂනාරී පූජකවරුන් ශ‍්‍රී ලංකාවේ සමාජ ක‍්‍රමය තුළ ස්ථාපිතව තිබූ කුල භේදයට දෘෂ්ටිමය වශයෙන් විරුද්ධ වූ අතර, ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් ම`ගින් එක්තරා අන්දමින් කුල භේදයෙන් තොර සමානාත්මතා ක‍්‍රමයක් පිහිටුවීමට කළ උත්සහයක් මගින් කුල ක‍්‍රමයේ ඓන්ද්‍රීය මූලිකාංගයක් වූ ධූරාවිලි පද්ධතීන් දුබල වීම කෙරෙහි ඉවහල් විය. මිෂනාරී පාසල්වලදී සියල්ලන්ම එකට වාඩිවී ආහාර ගත යුතු යැයි බල කෙරුණු අතර එමගින් කුල ව්‍යවහාරයට වැදගත් පහරක් ගසනු ලැබීය’’ මිෂනාරීන් අනුගමනය කළා වූ මෙම ක‍්‍රමවේදය තුළින් සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකීය සමාජ ස්ථරයන්හි සුවිශේෂී වෙනස් වීම් රැුසක් සිදු වීමට හේතු විය. මෙම ක‍්‍රමවේදය ලාංකීය බහුතර ප‍්‍රජාවගේ ගැරහුමට ලක් වුවද, කුලහීන කණ්ඩායම් වලට ලැබුණු ඉහළ වරප‍්‍රසාදයක් ලෙසින් ඔවුන් මීට දැඩි කැමැත්තක් දක්වමින් ඉතා සීඝ‍්‍රයෙන් කිතු දහම වටා ඒකරාසී වන්නට විය. ඒ අනුව දහනව වන සියවස මුල්භාගයෙදී ක‍්‍රිස්තියානිකරණ කි‍්‍රියාදාමයේ සාර්ථකත්වය කෙරෙහි මෙම ප‍්‍රජාවගේ ප‍්‍රතිචාරයන් ප‍්‍රභල සාධකයක් වන්නට ඇත. සමාජය තුළ තමාට ඉස්මතු වීමට තිබූ මූලික කඩයිමක් නොසලකා හැරීම නිසා කුලහීන පිරිස සමාජයේ දේශපාලන, ආර්ථික හා සාමාජීය වරප‍්‍රසාද ලත් පංතියක් බවට පත්වීමට මිෂනාරීන් විසින් අනුගමනය කළා වූ මෙකී ක‍්‍රියාවලිය හේතු වුවද එමගින් සම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකීය සමාජ ස්තරයෙහි දැඩි ඝට්ටනයක් ඇති වීමට මෙය පසුබිම වූ අයුරු කුමාරී ජයවර්ධන සිය ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ නමැති ග‍්‍රත්‍ථය තුළින් ගෙනහැර දක්වයි. කෙසේ වුවත් ‘‘බි‍්‍රතාන්‍යයෙන් පැමිණි මිෂනාරීවරුන්ගේ ජීවිතශෛලීන්, ආකල්ප සහ සාරධර්ම එකල අපරදිග රටවල මල් ඵල ගැන්වුණු නොදැක්වූ නමුත් මෙරට නැ`ගීගෙන ආ ධනපති පන්තිය ඉතා පහසුවෙන් මේ පටු විජිතවාදී බි‍්‍රතාන්‍ය සංස්කෘතිය තුළට උරාගැනීමට ඔවුන්ට ඉතා පහසු විය’’ ඒ අනුව නොයෙකුත් වරප‍්‍රසාද ලබා දෙමින් අනුකාරකවාදී පිරිසක් මෙරට සමාජය තුළ බිහිකරලීමේ ප‍්‍රයත්නයේ පූර්ණ වගකීම මිෂනාරීන් සතු වූ බවත්, එය ඉතා සාර්ථකව ඔවුන් ක‍්‍රියාවට නැංවූ ආකාරයත් මැනවින් විද්‍යමාන වේ. ‘‘දහනව වන ශතවර්ෂය වන විට ක‍්‍රිස්තියානි ආගම වැළඳගත් බව ප‍්‍රකාශ කිරීමත්, ඉංග‍්‍රීසි දැනුමක් ඇතිව සිටීමත් නව පන්නය හා ප‍්‍රගතිය පිළිබඳ සංඛෙත බවට පත්වී තිබුණි. විදේශීය ආකල්පයන් උකහා ගත් සමහර ලාංකික ක‍්‍රිස්තු භක්තිකයෝ බෞද්ධාගම, හින්දු ආගම හා මුස්ලිම් ආගම ද සිංහල හා දෙමළ භාෂාවන් ද සිරිත් විරිත් ද ආසියානු නොදියුණු භාවයේ බොර මණ්ඩි සේ සැලකූහ’’ මේ අනුව ස්වදේශියන් විසින් ස්වදේශීය සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන් පිළිකුල් කරලීමට තරම් මිෂනාරීන් විසින් මෙරට පවත්වාගෙන යනු ලැබූ අධ්‍යාපන ක‍්‍රමය සාධකයක් වූ බව සනාථ වේ. හමගින් බටහිර අනුකාරකවාදී පිරිසක් බිහිවූවා සේම බෞද්ධාගමික අධ්‍යාපන රටාව තුළ ‘පන්සල’ කේනද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමයෙහි පරිහානිය ද සනිටුහන් විය. ඒ අනුව එකී කාර්ය භාරය ඉටුකරන්නා බවට පත්වූ මිෂනාරී අධ්‍යාපන ආයතන මගින් යුරෝපීය සියල්ල ශිෂ්ට ජීවිතයක අත්‍යාවශ්‍ය අංග ලක්‍ෂණ ලෙසින් සලකන තම ජාතියේ ඉතිහිසයෙන් හා සංස්කෘතියෙන් ඈත් කරනු ලැබූ පිරිසක් මෙරට සමාජයට දායාද කරන්නට සමත් විය. පාරම්පරික දේශීය අධ්‍යාපන ක‍්‍රමය මත්තේ යටපත් කරමින් සෑහීමට පත් නොවූ මිෂනාරීන් පාරම්පරික දෙශීය වෛද්‍ය ක‍්‍රමයේ ද අක‍්‍රිය භාවයට කටයුතු කරන ලදි. ‘‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වෛද්‍ය විද්‍යාලයආරම්භ කරන ලද්දේ යාපනේ, ඇමරිකන් මිෂනාරීවරුන් විසිනි. එහි සාර්ථකත්වය හේතුවෙන්, 1870 දී ලංකා වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළ වේලේ යාපනයේ ශිෂ්‍යයෝ බොහෝ දෙනෙක් කොළඹ වෛද්‍ය විද්‍යාලයට පැමිණීමට මිෂනාරීන්ගේ එකී පසුබිම ඉවහල් විය’’ මෙය නූතනයේ යහපත් ප‍්‍රවනතාවයක් ලෙසින් විද්‍යමාන වුවද, මිෂනාරීන් එසේ සිදු කිරීමේ අභිමතාර්ථය මෙරට පැවති සාම්ප‍්‍රදායික සංස්ථාවන් යටපත් කරලීම බව සිතිය හැකිය. එපමණක් නොව මෙරට සමාජයට යුරෝපානුකූල වූ නවීන භාණ්ඩ, ඇඳුම් පැළඳුම් හඳුන්වාදීමේ කාර්යය ද මිෂනාරීන් විසින් සිදු කර තිබෙනු දක්නට ලැබේ. ‘‘තම දර්ශනය අතින් පටු හා ආධානග‍්‍රාහී වූ ඔවුහු දේශීය සංස්කෘතීන්ට ෂතුරු වෙමින් මව්රටින් දුර බැහැර තත්ත්‍වයක් තුළ විශේෂ වර්ගයේ අනුකරණශීලී සංස්කෘතියක් සංවර්ධනය කරලීමේ අරමුණින් පිටරටින් ගෙනෙන භාණ්ඩ හා මත්පැන් පරිභෝජනය ද වික්ටෝරියානු ජීවන ශෛලීන් හා සමාජ සාරධර්මයන්ට අනුගත කරවීම විවිධාකාරයෙන් සිදු කරන ලදි’’ ඒ අනුව පැහැදිළි වන්නේ මෙරට සමාජ පරිහාණියට අදාළ වූ සියලූ කාරකයන් මෙහෙය වන්නා බවට මිෂනාරීන් පත්වූ ආකාරයයි. මෙවැනි ක‍්‍රියාදාමයන් ම`ගින් මෙරට සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්ට පහර ගැසූ මිෂනාරීන්, ස්වදේශීය ආගම් හා බැඳි සංකල්ප, පූජනීය ස්ථාන, වත්පිළිවෙත් ආදි සියල්ල ඉතා නින්දිත අයුරින් විවේචනයට ලක් කිරීමට ද දහනව වන සියවසේදී දක්නට ලැබෙන්නකි. ‘‘මිෂනාරීවරුන් අතුරෙන් වැඩිදෙනකු බි‍්‍රතාන්‍යයන් සතු හිෂ්ට සම්පන්න කිරීමේ මෙහෙවර ගැන ද ධනපති ක‍්‍රමයේ යහපත් ඵල ප‍්‍රයෝජන ගැන ද ප‍්‍රචාරය කිරීමෙහි යෙදුණු අතර, වඩා ඇට්ටර මිෂනාරීවරු බුද්ධාගමට, හින්දු ආගම හා දේශීය සංස්කෘතීන්ට හා සිරිත්වලට නිරතුරුවම පහර ගැසූහ. ඒවා මිලේච්ඡු ඇදහීම් ලෙස හැඳින්වූහ’’ ඒ අනුව ආගම් හා විශ්වාසයන් පිළිබඳ සලකන කළ ලෝකයේ නිවැරදි ආගම් ලෙස සැලකිය හැකි එකම ආගම ක‍්‍රිස්තියානි ආගම ලෙස හුවාදක්වමින් ස්වදේශීය සියලූ ආගමික සංස්ථාවන් යටපත් කරලීමේ දැඩි ප‍්‍රයත්නයක මිෂනාරී පූජක පිරිස් නියැළුනි. දහනව වන සියවසේ මෙරට මිෂනාරී කටයුතු කරගෙන ගිය ඩබ්. එම්. හාර්වඞ්, ස්පෙන්ස් හාර්ඞ්, ජෙම්ස් සෙල්කර්ක් හා ඊ. ඩැනියෙල් යන පූජකයින් විසින් පළ කරන ලද රචනාවන් ම`ගින් දේශීය සංස්කෘතිකාංගයන් දැඩි පරිහාණියට ලක්කරන ලදි. ‘‘බෞද්ධාගම මෙන්ම ඒහා බැඳි ජාතික උත්සවයන් ඉතාමත් පහත් සිරිත් විරිත් මත පදනම් වී ඇතැයි කී ඔවුන්, සාතන්ගේ පිළිකුල් සහගත නිර්මාණයන් විනා ඊට වැඩි දෙයක් මේවා තුළින් දුටුවේ හෝ අවබෝධ කර ගැනීමට උත්සහ කළේ හෝ නැති බවත්, බුදුන් මැටි, දැව, පිත්තල ආදියෙන් තනන ලද ඇස් තිබුණත් දැකිය නොහැකි, කන් තිබුණත් ඇසිය නොහැකි, මුව තිබුණත් ආහාරගත නොහැකි, අත් තිබුණත් දැරිය නොහැකි පිළිරුවක් පමණක් බවත්, එය වන්දනා කිරීම ඵලක් නැති බවත්’’ දැක්විය. මෙ වැනි නිග‍්‍රහයන් තුළින් ඔවුන්ගේ අභිමතාර්ථය වන්නට ඇත්තේ ස්වදේශීය සංස්කෘතිකාංගයන් මිලේච්ඡු ලෙස සලකමින් ක‍්‍රිස්තියානි ධර්මය හා එහි සංකල්පයන් මෙරට සමාජය තුළ ස්ථාපිත කිරීමයි. ස්වදේශීය සංස්කෘතිකාංගයන් දැඩි විවේචනයට ලක්කරමින් පමණක් සෑහීමට පත් නොවූ මිෂනාරී පූජකයින් දේශීය ආගමික සංස්ථාවන් ද විනාශ කරන්නට කටයුතු යොදන අවස්ථාවන් හඳුනාගත හැකිය. ‘‘සාම්ප‍්‍රදායික වෙහෙර විහාර බිඳ දමා ඒ මත ගොඩ නැංවූ ක‍්‍රිස්තියාන් පල්ලි නිසා දේශීය කලා ශිල්ප බෙහෙවින් අසරණ විය’’ ඒ අනුව මෙරට පැවති පෞරාණික ආගමික සංස්ථාවන්හි ප‍්‍රවර්ධනයට බි‍්‍රතාන්‍ය රජය කිසියම් හෝ අවස්ථාවක මැදිහත් වුවහොත්, ආණ්ඩුවේ එකී ප‍්‍රතිපත්තීන්ට ද බලපෑම් කරන්නට තරම් මිෂනාරී ව්‍යාපාරය බලවත්ව සිටි බවට සාධක හමුවේ. ඒ අනුව රාජ්‍ය අනුග‍්‍රහය ද ඇතිව මෙරට වෙහෙර විහාර, හින්දු හා මුස්ලිම් දේවස්ථාන රැුසක් විනාශ කිරීමට මිෂනාරීන් කටයුතු කිරීම හේතුවෙන් ස්වදේශීය ආගමික සිද්ධස්ථානයන්හි ද දැඩි පරිහාණියක් මෙකල සිදුවූ බව මූලාශ‍්‍ර ම`ගින් සනාථ වේ. ඒ අනුව බි‍්‍රතාන්්‍ය පාලන අවධියෙහි මෙරට ක‍්‍රියාත්මක වූ මිෂනාරී ව්‍යාපරය ම`ගින්, දේශීය ස්වයංපෝෂිත ආර්ථිකය, සංස්කෘතිය හා අභිමානවත් ජාතික අනන්‍යතාවය විනාශ කරමින් බටහිර චින්තනය, හැසිරීම් රටාව හා හරපද්ධතීන් මෙරට ස්ථාපිත කිරීමේ වගකීම විධිමත් වූත්, උපක‍්‍රමශීලී වූත් ක‍්‍රමවේදයන් අනුසාරයෙන් සිදුකරන අයුරු හඳුනාගත හැකිය. මිෂනාරී පූජකයන් විසින් එකී අභිමතාර්ථයන් සාක්‍ෂාත්කරණය උදෙසා අනුගමනය කළා වූ නොයෙක් ක‍්‍රමවේදයන් මගින් මෙරට සමාජ හා සංස්කෘතික අනන්‍යතාවයන්ට සුවිශේෂී බලපෑමක් එල්ල කරන්නට සමත් වූ අයුරු ඉහත ගෙනහැර දැක්වූ තොරතුරු මගින් මැන්වින් අවධාරණය කරගත හැකිය. 03. මිෂනාරී ව්‍යාපාරයේ ක‍්‍රියාකාරිත්වය තුළ බි‍්‍රතාන්‍ය පරිපාලන තන්ත‍්‍රයෙහි භූමිකාව සහ විදේශීය බලවේගයන්හි ක‍්‍රියාකාරිත්වය. (I* මිෂනාරී ව්‍යාපාරය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය. බි‍්‍රතාන්‍ය පාලන සමයේ ස්වදේශීය ජනයා අන්‍යාගමිකකරණය වෙත අනුගත කරලීමේ නියැළි ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයෙහි ක‍්‍රියාකාරිත්වය පිළිබඳ, රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හි ස්වභාවය පිළිබඳ විමර්ශනය කිරීමේදී පෙනී යන්නේ, එකී පාලන තන්ත‍්‍රය ස්ථාපිත වීමේ මුල් අවධියේ මෙරට මිෂනාරී ව්‍යාපාරය ස්ථාපිත වීමට තරම් සුදුසු පරිසරයක් නිර්මාණය වී නොතිබූ බවයි. ‘‘මදුරාසි පාලනය යටතේ ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාකර කටයුතු සඳහා කිසිදු අනුග‍්‍රහයක් නොලැබුණු අතර, එවක දිවයිනෙහි සිටි පූජකවරු ද සිරභාරයට ගන්නා ලදි. මෙබඳු පසුබිමක් තුළ මිෂනාරී ව්‍යපාරයෙන් මෙරටෙහි ක‍්‍රිස්තු ධර්ම ¥ත සේවය සඳහා උනන්දුවක් නොදැක්වූ අතර, ඉන්පසුව බලයට පත්වන පෙඩි‍්‍රක් නෝර්ත් ආණ්ඩුකරුගේ පාලන අවධිය මිෂනාරීවරුන්ට සශ‍්‍රීක කාලයක් විය’’ ‘‘තමාට පෙර සිටි යිද්ධානුඩුකාරවරුන්ට වඩා වෙනස් පිළිවෙතක් අනුගමනය කළ නෝර්ත් ආණ්ඩුකරු ජනතාවගේ අධ්‍යාත්මික හා සුචරිත ව්රධනය සලකා ආගමික වූත් අධ්‍යාලනික වූත් විවිධ ආයතනයන් න`ගා සිටුවීම සඳහා ක‍්‍රියා කළේය. ක‍්‍රිස්තියානියේ අභිවෘද්ධිය උදෙසා එක් අතකින් අධ්‍යාපනය න`ගාසිටුවීමට සඳහා උනන්දු වූ අතර, ඒ සඳහා සිය පාලන කාලය තුළ මෙරටට පැමිණි ක‍්‍රිස්තියානි පූජකවරුන්ගේ සහය ලබාගනිමින් ඔවුන්ගේ ප‍්‍රචාරක කටයුතු සඳහා උදව් දුන්නේය’’ ‘‘පාඨශාලා නඩත්තුව, පූජකවරුන්ගේ යැපීම සහ දේවස්ථාන ඉදිකිරීම වැනි කටයුතු සඳහා නෝර්ත් නොමසුරු රජයේ ආධාර ලබාදුන්නේය. නමින් පමණක් කි‍්‍රස්තියානි වූවන්ට රජයේ නිළතල ලබාදීම කුහකකම වැඩිවීමට හේතුවක් ලෙස සැලකූ ඔහු මෙරට හැකි තරම් හොඳ ක‍්‍රිස්තියානි පිරිසක් බිහි කිරීම සඳහා හැම වෑයමක්ම ගත්තේය’’ ඒ අනුව මිෂනාරී ව්‍යාපාරය ස්ථාපිත විමේ පසුබිම නොර්ත් ආණ්ඩුකරු විසින් ඉතා සැලසුම් සහගතව නිර්මානය කර දීම මිෂනාරීන් ලත් විශිෂ්ට ජයග‍්‍රහණයකි විය. සාර්ථක පදනමකින් තම කාර්ය භාර්ය ඇරඹි මිෂනාරීන්ගේ ක‍්‍රියා පිළිවෙතෙහි යම්කිසි පසුබැසීමක් ක‍්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය පහ වර්ෂයේ මෙරට බලයට මේට්ලන්ඞ් ආණ්ඩුකරු පත්වීමෙන් පසුව සිදු විය. හෙතෙම ආගමික අංශයට වඩා සිවිල් සේවාව නවීකරණය සඳහා යොමු වූ හෙයින් මෙවැනි තත්ත්‍වයක් නිර්මාණය විය. ‘‘මේට්ලන්ඞ් ස්්වකීය ආගම මත තදින් එල්බ සිටි නමුත් අන්‍යයනට එය වැද්ද ගැනීමට බිය වූයේය. එක් ආගමක් අනිකට වඩා උසස් යැයි සැලකීමට තරම් දෙයක් ඔහු නොදුටුවා බිය හැකිය. ආගම වෙනුවට ඔහු ප‍්‍රිය කළ සම්‍යක් පැවතුම් පිළිබඳ ප‍්‍රතිපත්තිය සෑම ආගමකටම පොදු ඒවා විය. හෙතෙම රටේ සැම ජාතියකටම අනුකම්පාවක් දැක්වීය’’ ක‍්‍රිස්තු භක්තිකයෙකු ලෙස අන්ධානුකරණයෙන් ක‍්‍රියා නොකළ මේට්ලන්ඞ්, සාධාරණීයත්වයෙන් තම පාලන ප‍්‍රතිපත්තීන් අනුගමනය කිරීම ඔහු මිත්‍යාදෘෂ්ටිකයෙකු වශයෙන් හංවඩු ගැසීමට ද හේතු විය. සිය ආගමික ප‍්‍රතිපත්තිය කෙරෙහි මිෂනාරී පූජකයින් යටත් විජිත ආණ්ඩුව හා ක‍්‍රිස්තු භක්තිකයන් දැඩි ලෙස විරුද්ධ වුවද මේට්ලන්ඞ් අනුගමනය කළේ ස්වාධීන වූත්, සාධාරණිය වූත්ක‍්‍රියා පිළිවෙතකි. ‘‘ලන්ඩන් මිෂනාරී සමාගමේ දේවගැතිවරයෙකු වූ ‘ද වෝස්’ නමැති මිෂනාරී තැනගේ අයහපත් හැසිරීම නිසා දිවයිනෙන් පිටුවහල් කිරීම යටත් විජිත භාර මහලේකම්ගේ ද දැඩි විවේචනයට හේතු විය’’ එපමණක් නොව මිෂනාරීන් විසින් දෙශීයන් ක‍්‍රිස්තියානිකරණය උදෙසා අනුගමනය කළා වූ ක‍්‍රමවේදයන්හි නිස්සාරත්වය අවබෝධකරගත් ඔහු එකී ක‍්‍රියාදාමයන්ට ද විරුද්ධ වෙමින් රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම නිස්සාර වූවක් ලෙස ප‍්‍රකාශ කර සිටියේය. මිෂනාරී ව්‍යාපාරය පිළිබඳ මෙරට පාලන තන්ත‍්‍රය තුළින් යම් තරමක සුවිශේෂ ප‍්‍රතිචාරයක් එල්ල වුණු අවධියක් ලෙස මෙට්ලන්ඞ්ගේ පාලන සමය කැපී පෙනේ. මන්දයත් බි‍්‍රතාන්‍ය රජය විසින් අන් හැම අවස්ථාවකදීම කිසිදු වග විභාගයනික් තොරව මිෂනාරී ක‍්‍රියා පිළිවෙත දැඩි ගෞරවයෙන් වන්දනයට ලක් කළත්, මේට්ලන්ඞ් කි‍්‍රස්තු භක්තිකයෙකු වුවත් එවැනි ප‍්‍රතිපත්තියකින් බැහැර වීම සුවිශේෂ ලක්‍ෂණයකි. ඉන්පසු මෙරට බලයට පත්වන රොබට් බ‍්‍රවුන්රින්ගේ පාලන ප‍්‍රතිපත්තීන් මිෂනාරී ව්‍යාපාරයේ වර්ධනයට දැඩි හිතකර පසුබිමක් සකස් කර දෙනු ලැබීය. ‘‘ක‍්‍රිස්තු ධර්මයේ මිත‍්‍රයෙකු ලෙස හඳුන්වනු ලැබූ හෙතෙම ක‍්‍රිස්තියානි ධර්මය පැතිරවීම සඳහා කළ හැකි සියලූ ක‍්‍රියාකාරකමින් ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය ලබා දුනි. 1816 පුනි 13 වන දින බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙකු වූ සර් විලියම් විල්බර් ෆෝස් වෙත ලිපියක් යවමින් මාගේ ආණ්ඩුවේ පරමාර්ථය නම් මේ රටේ වැසියන්ගේ ආගමික හා ගුණ ධර්ම දියුණුව සලසාදීම හා ක‍්‍රිස්තියානි ධර්මය පතුරුවා හැරීමත්ය’’ යනුවෙන් සඳහන් කළේය. ඒ අනුව ‘‘මිෂනාරී ව්‍යාපාරයට ශක්තිමත් හා සංවිධානාත්මක නියම පදනමකින් එක්වූ ඔහු ක‍්‍රිස්තු වර්ෂ එක්දහස් අටසිය පහළවේ ගිවිසුම ද අමතක කළේ නෛතික සදාචාරාත්මක පොරොන්දු ද කඩ කිරීමෙනි’’ මෙරට ක‍්‍රිස්තියානි ධර්මය පැතිරවීම සඳහා බ‍්‍රවුන්රිග් දැක්වූ උද්යෝගය කොතරම් උණුසුම් එකක් ද යන්න ඔහුගේ වචනවලින් ස්ථුට වේ. ‘‘අපේ ගැලවුම්කාරයානන්ගේ දර්මය පැතිරවීමෙහි ලා මාගේ ආණ්ඩුව යටතේ එංගලන්ත සභාවේ පූජකයන් හා සමග වෙස්ලියන්වරු, ප්‍රෙස්බිටීරියන්වරු හා බැප්ටිස්ට්වරුන් සහයෝගයෙන් කටයුතු කරනු දැකීම මගේ විශේෂ සතුටට හේතු වී තිබේ’’ ඒ අනුව විශේෂයෙන්ම නෝර්ත් හා බ‍්‍රවුන්රිග්ගෙන් ලැබුණු ධෛර්යය හා ආරක්‍ෂාව නිසා ලංකාවේ මිෂනාරී සමාගම් බලවත් උත්සහයකින් හා බලාපොරොත්තුවකින් ස්වකීය වැඩ කටයුතු ආරම්භ කළ අතර ඊට රජය දැක්වූ තවත් අනුග‍්‍රහයක් ලෙසින් 1817 දී කොළඹ ආචීඩිකන් පදවිය පිහිටුවීම සිදු විය. ඒ තුළින් ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට එංගලන්ත සභාව රාජකාරීමය වශයෙන් ස්ථාපිත වීම මිෂනාරීන් ලත් සුවිශේෂී ජයග‍්‍රහණයක් විය. ඒ වගේම මිෂනාරීවැරු ලැබූ රාජ්‍ය අනුග‍්‍රහය නිසාම ඔවුන්ගේ මූලිකත්වයෙන් මෙරට පාඨශාලා ක‍්‍රමයක් ආරම්භ කිරීමට ද හැකි විය. එය ස්වදේශීය ජනයා අතරට කිතු දහම රැුලෙන යාමේ ගාමක බලවේගය බවට පත් විය. මෙකල මෙරටට පැමිණි ක‍්‍රිස්තියානි පූජක කණ්ඩායම් නිකාය ගණනාවක් නියෝජනය කළ අතර ඒ සියලූ පූජක කොටස්හි කාර්ය සාපල්‍යයට බි‍්‍රතාන්‍ය පරිපාලන තන්ත‍්‍රය ම`ගින් දැක් වූ සුවිශේෂ අනුග‍්‍රහය හේතු විය. ඒ සඳහා බලය ලත් සෑම නිළධාරීවරයෙකුගේම සහාය ලබාදීමට කටයුතු කළ බවට තොරතුරු හමුවේ. ‘‘1814 දී ලංකාවේ අග‍්‍රවිනිශ්චයකාර ධූරය දැරූ සර් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන්ගේ උපදෙස් අනුව වෙස්ලියන් මෙතෝදිස්ත මිෂනාරීහු මෙරටට ගෙන්වා ගත් අතර ඔවුන්ට ධෛර්ය දීම සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වූ ඔහු ආණ්ඩුකාරවරයාට එම පිරිස හඳුන්වා දෙමින් ඔවුන්ගේ ඒ ශ්‍රේෂට පරමාර්ථයන් මුදුන් පත්කරගැනීම පිණිස සමුපූර්ණ ආධාර හා පහසුකම් ෂලසා දෙන මෙන් ද බල්ලා සිටියේය’’ රොබට්බ‍්‍රවුන්රිග්ගෙන් පසුව මෙරට ආණ්ඩුකාර ධූරයට පත් වන එඞ්වඞ් බාන්ස් මිෂනාරී සමාගම් කෙරෙහි දැක්වූ ප‍්‍රතිපත්තීන්හි පෙරට වඩා වෙනස් ස්වරූපයක් විද්‍යමාන විය. එනම් ඔහු ඒවන විට මෙරට ක‍්‍රිස්තු ධර්මය ප‍්‍රචාරය කරලීමේ නියැළි සියලූ ආගමික පූජක කොටස් කෙරෙහි සුභවාදී දෘෂ්ටියක් නොපෙන්වූ අතර විශේෂයෙන් විදේශීය මිෂනාරී සමාගමක් වූ ‘ඇමරිකන්’ මිෂනාරී සමාගමට දැඩි අහිතකර වන ප‍්‍රතිපත්තීන් අනුගමනය කරන්නට යොමුවන අයුරු දක්නට ලැබේ. විදේශීය මිෂනාරීන් පිළිබඳ හවැනි ආකල්පයකින් ක‍්‍රියා කළ හෙතෙම එංගලන්තය නියෝජනය කළ සෙසු පූජක කණ්ඩායම් කෙරෙහි පැහැදීමේන ක‍්‍රියා කරනු දක්නට ලැබේ. ‘‘එඞ්වඞ් බාන්ස් 1819 දී එවකට දිවයිනේ සිටි මිෂනාරී පිරිසක් වෙත යැවූ එක් සන්දේශයක මෙසේ සඳහන් වේ. ‘මාගේ මතය නම් ඉංග‍්‍රීසි භාෂාව ඉදිරියට ගෙන යෑම හා ඊට අනුබල දීම හැකිතරම් දුරට කළ යුතු බවයි. ඒ අනුව ක‍්‍රිස්තියානි ධර්මය ජනතාව වෙත ඍජුව පැමිණෙනු ඇත. මෙය පරිවර්තන ම`ගින් මන්දගාමීව හා තැන්තැන් වලින් ලැබෙන දැනුමට වඩා යහපත්ය. කලින් කිසිම ආගමික ඉගැන්වීමක් නොලබා වුවද ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ම`ගින් ඔවුන් ක‍්‍රිස්තියානාය වෙත අනිවාර්යයෙන් යොමුවනු ඇත. එහි පුරෝගාමීන් විය යුත්තේ මිෂනාරී පූජක කොටස්ය’’ 1833 මෙරට තත්කාලීන ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයන්හි ස්වභාවය පිළිබඳ විමර්ශනයට බි‍්‍රතාන්‍ය පාලන අධිකාරිත්වය විසින් පත්කර එවනු ලැබූ ‘කොල්බෲක් කොමිසම’ ද මිෂනාරී ව්‍යාපාරය කෙරෙහි දැක්වූයේ සුභවාදී ප‍්‍රතිචාරයකි. එකී කොමිසම ම`ගින් විශේෂයෙන්ම ඇමරිකන් නිකායෙහි පූජකවරුන් විසින් ගෙන ගිය කාර්ය භාරය පැසසුමට ලක්කරමින් ඔවුන්ට පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය ලබාදිය යුතු බව ‘‘අධ්‍යාපනයේ දියුණුවත් ඒ ම`ගින් ලබා ඇති ප‍්‍රයෝජනත් සම්බන්ධයෙන් දිවයියේ උතුරු දිස්ත‍්‍රික්ක මේ මිෂනාරීන්ට ප‍්‍රධාන වශයෙන්ම ණය ගැතිය. ඔවුන්ගේ ඒ ආදර්ශවත් ප‍්‍රයත්නයට රජයේ සම්පූර්ණ සහයෝගය ලැබිය යුතු යැයි යෝජනා කිරීම ඉතාම සාධාරණය’’ ධර්ම ¥ත සමාගම් ස්වකීය අරමුණු කෙරෙහෙි කෙතරම් බලවත් උනන්දුවක් දැක් වුවද ඒවා මුදුන්පත් කරගත හැක්කේ රජයෙන් එම සමාගම් වලට ලැබෙන සහයෝගය මත වූ හෙයින් ඔවුන්ගේ වැඩ කටයුතු වළකාලීම හෝ අඩුකිරීම රාජ්‍ය ප‍්‍රතිපත්තිය මත තීරණය වන සාධකයක් වන බැවින් මිෂනාරීන් ද සෑම විටම රාජ්‍ය පාලකයන්ගේ අප‍්‍රසාදයට ලක් නොවී තම අභිමතාර්ථයන් කරා ල`ගා වීමට උත්සහ කළේය. ඒ වගේම බි‍්‍රතාන්‍ය රජය ද උපක‍්‍රමශීලීව මිෂනාරීන් කෙරෙහි ගෞරවාදරයකින් ක‍්‍රියා කළ අතර, මිෂනාරීන් ලවා අධ්‍යාපනය හරහා මෙරට වැසියන් සම්පූර්ණ වශයෙන් ජාතික සංස්කෘතීන්ගෙන් ඈත් කරමින් බටහිර ගැති අධිරාජ්‍යට සුවචකීකරු යටත් වැසියන් පිරිසක් බිහි කරලීමේ ප‍්‍රයත්නයට පූර්ණ දායකත්වය මිෂනාරීන් වෙතින් ලබා ගන්නට ඉතා සූක්‍ෂම ලෙසින් රජය ක‍්‍රියා කළ හෙයින් මිෂනාරී ගැති ප‍්‍රතිපත්තීන් වෙත මූලික අවධානය යොමු කරන්නට පාලන අධිකාරිය ද ක‍්‍රියා කරන අයුරු විද්‍යමාන වේ. සර් රොබර්ට් ජෝන් විල්මට් හොර්ටන් ආණ්ඩුකරු ද තම රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හිදි විශේෂ ස්ථානයක් මිෂනාරීන් වෙත හිමිකර දීමට ක‍්‍රියාකරනු දක්නට ලැබේ. බි‍්‍රතාන්‍ය පාලන අධිකාරිත්වය දැරූ බහුතර පිරිසගේ අප‍්‍රසාදයට ලක් වූ ඇමරිකන් පූජකවරුන් පිළිබඳ ප‍්‍රගතිශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ හෙතෙම එම සමාගමේ කටයුතු ගැන විශේෂ උනන්දුවක් දක්වමින් එහි නඩත්තුව සඳහා නිත්‍ය වශයෙන් ආධාර මුදලක් ද වෙන් කරනු ලැබීය. ආණ්ඩුකාරවරුන්ගේ භාර්යාවන් ද මිෂනාරී කටයුතු කෙරෙහි දැඩි ප‍්‍රසාදයකින් ඔවුන්ට ආධාර උපකාර කිරීමට ඉදිරිපත් වූ බවට තොරතුරු හමුවේ. විශේෂයෙන්ම මිෂනාරීන් විසින් ගෙන ගිය පාඨශාලාන්හි ප‍්‍රගමනයට දායක වූ ඔවුන් ලංකාවේ විවිධ ප‍්‍රදේශ වල පාසැල් පිහිට වූ අතර බ‍්‍රවුන්ගේ ආර්යාව විසින් පිහිටුවන ලද කොළඹ දෙමළ ශිෂ්‍යාවන් සඳහා වූ පාසලත්, ජොන්ස්ටන් ආර්යාව විසින් ආරම්භ කරන ලද ප‍්‍රථම සිංහ බාලිකාවත් ඒවා අතුරෙන් කිහිපයකි. 1837 නොවැම්බර් 07 වැනි දින ජේ. ඒ. ස්ටුවට් මැකන්සි සිරිත් පරිදි මෙරට ආණ්ඩුකාර ධූරය භාර ගනිද්දී එවකට යටත් විජිත භාර මහලේකම් වරයා වූ ‘ග්ලෙකෙල්ග්’ සාමී විසින් උපදෙස් පත‍්‍රයක් එවමින් ලංකාවේ ජනතාවගේ සදාචාරාත්මක හා ආගමික අධ්‍යාපනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම ඔහු වෙත පැවරී තිබූ ඉතා බරපතල වගකීමක් බව දන්වා තිබුණි. ලංකාවේ මිෂනාරී කටයුතු කෙරෙහි රජය දැක්වූ ආකල්පය සම්බන්ධයෙන් ස්ථිරවූත් බරපතලවූත් වෙනසක් මෙමගින් පෙන්නුම් කෙරෙන බව කේ. එම්. ද සිල්වාගේ අදහසයි. ‘‘කන්ද උඩරට රාජධානිය ඈ\ ගැනිමේ සිට දශක තුනක් යන තෙක්ම මිෂනාරී කටයුතු කෙරෙහි රජය දැක්වූ උදාසීන ආකල්පය වෙනස් කිරීමට ඉහල දැක්වූ උපදේශය හේතු විය. රජය ප‍්‍රථම වරට දිවයිනේ මිෂනාරී කටයුතු වලට ආධාර දීම පමණක් නොව එය ආණ්ඩුකාරයාගේ අවධානයට යොමු විය යුතු අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස සැලකීමට මේ උපදෙශ පත‍්‍රයෙන් අනුමැතිය ලැබී තිබුණි. එම නිසා මෙය රජයත් ක‍්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයත් අතර ඇති වූ සම්බන්ධය පෙන්නුම් කරන්නක් ලෙස සැලකිය හැකිය’’ ඒ අනුව ‘‘මව් ආණ්ඩුව විසින් මෙරට පාලන තන්ත‍්‍රය හෙබවුවත් ඉතා දැඩි ලෙස මිෂනාරී ව්‍යාපාරය වෙත රඳවා තැබීමට උත්සහ කළ අතර එමගින් ලක්දිව ක‍්‍රිස්තු ධර්මය පිහිටුවීමේ අභිප‍්‍රායට පහසුවෙන් ල`ගා වීම ඔවුන්ගේ ඒකායන අභිමතාර්ථය විය. ඒ සඳහා රජය විසින් සියලූ වරප‍්‍රසාදයන් ලබාදීම නිරන්තරයෙන් සිදු කළ යුතු බව දන්වා එවූ මව් ආණ්ඩුව මෙරට ක‍්‍රිස්තියාන් පූජනීය ස්ථාන ඉදිකිරීමට පසුබිම ෂලස්වා දෙන ලෙස ද ආණ්ඩුකාරවරුන්ට නියෝග කරන ලදි’’ එකීකර්තව්‍ය සපුරාලනු වස් දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි ක‍්‍රිස්තියානි පල්ලි පිහිටුවීමට ක‍්‍රියා කළ අතර 1845 අංක 13 දරණ පනතට අනුව නුවර පෙස්බිටේරියන් පල්ලිය ඉදි කළ බවත්, 1846 අංක 04 දරණ පනතට අනුව බිෂොප්වරු සඳහා දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පූජනීය ස්ථාන ඉදි කළ බව ද සාක්‍ෂි හමුවේ. මෙසේ මිෂනාරීන් සඳහා පූජනීය ස්ථාන ඉදිකිරීම රාජ්‍ය මැදිහත් වීම මත සිදු වූ අතර එමගින් සාම්ප‍්‍රදායික ලාංකීය ආගමික ස්ථානයන්හි පරිහානිය ද සිදු වූ අතර විශේෂයෙන්ම 1841 දී ස්ටුවට් මැකන්සි ආණ්ඩුකරු විසින් විහාර දේවාලගම් පනත අහෝසි කිරීමේ මූලික අභිමතාර්ථය වූයේ ද මිෂනාරී ව්‍යාපර ශක්තිමත් කරලීමයි. ඒ අනුව මිෂනාරී ව්‍යාපාරය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තිය සක්ස වූ අයුරු පිළිබඳ අධ්‍යනය කරන විට පෙනී ය්නනේ නෛතික වශයෙන් බුද්ධාගම ආරක්‍ෂා කිරීමට ආණ්ඩුව බැඳී සිටින බව යටත් විජිත ආධිපත්‍ය තහවුරු කරලීමේ උපක‍්‍රමයකට පමණක් සීමා වූවක් වන අතර බි‍්‍රතාන්‍ය පාලන සමය අවසන් වන තෙක්ම මිෂනාරීන්ගේ සුරක්‍ෂිත භාවය තහවුරු කරලීමට රජය නිර්නතර උත්සහයක නියැළි බවයි. දහනව වන සියවසේ දෙවන භාගයේ මිෂනාරී ක‍්‍රියාකාරිත්වයට එරෙහිව දේශීය ජනයා විසින් දැඩි ක‍්‍රියාමාර්ගයන් වෙත එළඹුන ද ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් පූර්ණ වශයෙන් අඩපණ කරන්නට කිසිදු අවස්ථාවක දී හෝ නොහැකි වූයේ රාජ්‍ය රැුකවරණය ඔවුන් පිටුපස නිරන්තරවම පැවති හෙයින්ය. ආගමික පූජක කොටසක් ලෙසින් ඔවුන්ට නොගැලපෙන ක‍්‍රියාකාරකම් වල නිරත වෙමින් මිෂනාරීන් හැසිරුණ ද එය බෝහෝ පාලකයන්ගේ ගැරහිමට ලක්වීමක් සිදු නොවූ අතර සමස්තයක් වශයෙන් මිෂනාරීන්ගේ කටයුතු සියල්ල සුභවාදී ඒවා ලෙසින් ප‍්‍රශංසා මුඛයෙන් වර්ණනා කරමින් ඔවුන් තවත් දිරි ගැන්වීම සඳහා බි‍්‍රතාන්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්තීන් නිර්මාණය විය. ඒ අනුව මිෂනාරී ව්‍යාපාරය සම්බන්ධයෙන් තත්කාලීන රාජ්‍ය ප‍්‍රතිපත්තිය හැඩගැසුණු අයුරු විමර්ශනය කරන විට පෙනී යන්නේ එය හුදු ක‍්‍රිස්තියානි ආගමික ඒකාධිකාරිත්වයට පක්‍ෂපාතීව ගොඩනැ`ගී පැවති බවයි. ක‍්‍රිස්තු භක්තික මව් රජයක් විසින් තම යටත් විජිතයන්හි ආගම ප‍්‍රචාරයේ නියැළි ස්වකීයම වූ පූජක කණ්ඩායම් කෙරෙහි ශුබවාදී වන්නාවූ ප‍්‍රතිපත්තීන් වෙත යොමු වීම සෑම රජයක් විසින්ම සිදුකරන ලබන මූලික කර්තව්‍යක් වන අතර, බි‍්‍රතාන්‍ය රාජ්‍ය ප‍්‍රතිපත්තීන්හි ද එම සුවිශේෂත්වය නිරන්තරව විද්‍යමාන වූ බැව් ප‍්‍රකාශ කළ හැකිය.

No comments: