Thursday, December 12, 2013
විචාරය විචාරකයා සහ භාවිත විචාරය පිළිබ`ද කෙටි හැ`දින්වීමක්
විචාරය විචාරකයා සහ භාවිත විචාරය පිළිබ`ද කෙටි හැ`දින්වීමක්
සාහිත්‍ය විචාරය
මිනිසා තමා සතු සුවිශේෂී බුද්ධිය යොදාගනිමින් මිනිස් පරිණාමය ඇරඹි දිනයේ පටන් අද දක්වා අප හමුවේ තබා ඇති නිර්මාණ පුදුම සහගතය. එම නිර්මාණ තුළින් අද ලෝකයා කෙතරම් සුඛෝපබෝගී ජීවිත ගත කරනවාද යන්න ඉතා කාර්යබහුලව ජීවිතය නමැති ධාවන තර`ගයේ යෙදෙන අපට මොහොතකට ඉන් නිදහස් වී සිතා බලන විට වැටහේ. එසේ මිනිසා තාක්‍ෂණයෙන් දියුණුවූවා සේම මිනිසා විසින් නිපදවූ නිර්ව්‍යාජ අකලංක නිර්මාණයක් ලෙස විශ්ව සාහිත්‍ය දැක්විය හැකිය. ඒ අනුව ලොව පවතින රටවලට තම රටේ පවතින උතුම්ම වස්තුව ලෙසින් සාඩම්බරව කියවා රසවි`දින්නේ තම රට එම සතු සාහිත්‍යයයි.
මිනිසා තමන් සතු විශේෂ කුසලතාවන්ට අනුව නිර්මාණ ඉදිරිපත් කරන්නට විය. එහෙත් කල්යත්ම මෙසේ ඉදිරිපත් වන නිර්මාණ දෙස මිනිසා විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව බලන්නට විය. එසේම විවිධ මතද පළකරන්නට විය. ඒ අනුව කල්යත්ම විචාරවාදී ප‍්‍රවණතා ඉදිරිපත් විය. මෙම සාධක මුල් කරගනිමින් සාහිත්‍ය විචාරය සමාජයට ප‍්‍රවිශ්ඨ වේ. විචාරය යන්න වි-චර් ධාතුවෙන් සැකසී ඇත. කිසියම් දෙයක අර්ථය හුවා දැක්වීම, වාච්චාර්ථයන්, ව්‍යංගාර්ථයන් හෙළි කිරීම ආදී අරුත් මෙහි ගැබ් වී ඇත. විශ්ව සාහිත්‍ය විචාරවාද අධ්‍යයනය කිරීමේදී විචාරය පදය ක‍්‍රි.පූ යුගය දක්වා දිව යයි. එය කොටස් දෙකක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්
x පෙරදිග සාහිත්‍ය විචාරය
x අපරදිග සාහිත්‍ය විචාරය
පෙරදිග සාහිත්‍ය විචාරයේ නිජබිම ලෙස අපට අවිවාදයෙන් පිළිගත හැකි වන්නේ භාරතතයයි. එහිදී අපට විචාර ග‍්‍රන්‍ථ කිහිපයක් මෙලස දැක ගත හැකිය.
භරතමුනිගේ - නාට්‍යශාස්ත‍්‍රය
භාමහගේ - කාව්‍යාලංකාරය
දණ්ඞීන්ගේ - කාව්‍යාදර්ශය
විශ්වනාථගේ - සාහිත්‍ය දර්පන
ක්‍ෂේමෙන්‍ද්‍රගේ - අවධාන කල්පනා
ධනංජයගේ - දශරූපය
ආනන්‍දවර්ධනගේ - ධ්වන්යාලෝකය
එසේම අපරදිග සාහිත්‍ය විචාරයේ කේන්‍ද්‍රස්ථානය ලෙස පිළිගැනෙන්නේ ග‍්‍රිසියයි. මුල් කාලයේදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක‍්‍රටීස් යන දාර්ශනිකයන් තුළින් මෙම මතවාද පිළිබඳ සුවිශේෂී ඉ`ගි පහළවී ඇත. ප්ලේටෝගේ ජනරජය නමැති කෘතියෙන් සහ ඔහු ආරම්භ කළ ඇකඩමි (්ක්‍්ෘ්ඵශ* යන ආයතනයෙන්ද විචාරය පිළිබඳ යම් යම් කරුණු කාරණා හෙළිවේ. විචාරය යන පදය පරීක්‍ෂාව, පරීක්‍ෂණය, ව්‍යාපාරය, විනිශ්චය ආදී විවිධාර්ථ නාමයන්ගෙන් අරුත් ගැන්වී ඇත. මීට අමතරව ප්ලේටෝට පූර්ව යුගයේ සිටි හෝමර්, හීසියඞ්, ඇරිස්ටොපානිස්, ඇනැක්සැගොරස්් ආදී දාර්ශනිකයන් සහ කවීන් උක්ත මතය පිළිබඳ යම් අදහසක් දරා ඇත. එහෙත් අප අදහස් කරන ‘‘ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ ‘විචාරය’ යන පදය බටහිර සාහිත්‍යයේ විවේචනය (ජරසඑසජසිප* වශයෙන් මදක් හෝ සමීප වන අයුරින් යොදා ඇත්තේ 17වන සියවසයේ විසූ ජෝන් ඩයිසන් නමැති කවියා විසිනි.’’
මෙහිදී බෙකන් විසින් සාහිත්‍ය විචාරය සමාජයට හඳුන්වා දෙයි. මෙම`ගින් සාහිත්‍ය විචාරය සම්බන්‍ධයෙන් යම් යම් අදහස් සමාජයේ දළු ලා වැඩෙන්නට පටන් ගනී. එහෙත් විචාරය ශබ්දය දාහත්වන සියවසට පෙර දහවන සියවසයේදී භාවිත විය. ‘‘විචාරය ශබ්දය පළමු වරට පුළුල් අර්ථයක භාවිත කර ඇත්තේ දසවන සියවසයේ විසූ ක්‍ෂේමේන්‍ද්‍ර නමැති විචාරකයාය. ඖචිත්‍ය විචාර චර්යා නමැති කෘතියෙහි ඒබව දක්වා ඇත.’’ අපි උක්ත විස්තරයන් තුළ විචාරය යන්නෙහි අරුත පසි`දා ගතිමු.
සාහිත්‍ය විචාරය යනු යම් කිසිවක් කියවා බලා යම් නිගමනයකට පැමිණීම, හාත්පස ගවේෂණය කිරීම, සමාන ඇසකින් එහි අරුත් සෙවීම ආදී අරුත් වලින් සමන්විත වේ. මේ ආදී වශයෙන් සාහිත්‍ය විවාරයෙහි අර්ථය සඳහන් කළ හැකිය. මේ සඳහා බටහිර සාහිත්‍යයේ ජරසඑසජසිප යන පදය යොදයි. ඒ අනුව මෙයට සමාන්තරව රසාස්වාදය, රසවින්දනය, ගුණදෝෂ විභාගය, විවේචනය යන පද විචාරය සඳහා යෙදිය හැකි වචනයන්ය. තදුක්ත කාරණා ම`ගින් සාහිත්‍ය විචාරයෙහි ආරම්භ පදාර්ථය කුමක්ද යන්න මොනවට විශද විය. එය මෙමගින් අප සාකච්ඡුා කරණ කාරණයට මනා ප‍්‍රවේශයක් ලබා දෙයි. එනම් ‘‘සාහිත්‍ය විචාරයේදී ඉතා ස්වාභාවික වූත්, ප‍්‍රඥාගෝචර වූත්, ආරම්භක ස්ථානය වන්නේ නිර්මාණයමය.’’ යන්නයි.
විචාරය හා විචාරකයා
විචාරය පදය සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ කරුණු හතරක් සම්බන්‍ධව යෙදේ. එනම්,
විචාරය - ජරසඑසුමැ
විචාරය කිරීම - ජරසඑසජස‘ැ
විචාරකයා - ජරසඑසජ
විචාරවාදය - ජරසඑසජසිප
විචාරවාද අධ්‍යයනය කිරීමේදී මෙම සිව් කාරණා පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය. ඒ අනුව පසක් වන කාරණය නම් නිර්මාණාත්මක සාහිත්‍යයේ අභිවෘර්ධියට සාහිත්‍ය විචාරය අත්‍යවශ්‍ය අංගය බවයි. එමගින් සාහිත්‍ය විචාරය ගමන් කළ යුතු යහපත් දිශානතිය පෙන්වා දෙයි. ඒ අනුව නිවැරදි විචාරය නිසාවෙන් නිර්මාණය රසිකයා සාහිත්‍ය යන කරුණු ආරක්‍ෂා වන අතර පරිහානියට පත්නොවේ. එනම් ‘‘විචාරය යනු කෘතිය විශ්ලේෂණය කොට එහි තත්‍ව නිර්ණය කිරීමත්, එමගින් රුචිකත්‍වය නිවැරදි කිරීමත් වේ. (ටී.එස්. එලියට්, ලියෝන් ටෝව්ස්කි*’’ මෙහිදී විචාරයේදී කරනු ලබන විශ්ලේෂණය ම`ගින් රසික හදවත් නිර්මාණය හා සමීප කළ යුතු විනා දුරස් කිරීමක් නොවන බව උක්ත කාරණය ම`ගින් අවබෝධ කරගත හැකිය. එපමණක් නොව නිවැරදි විචාරකයෙකු සතු කාර්යභාරයද සිහිපත් කරවයි. මීට අමතරව සකු විද්වතුන් ‘විචාරය’ යන්න අරුත් ගන්වා ඇත්තේ මෙලෙසිනි ‘‘විචාරෝ තත්‍ව නිර්ණය×’’ මෙහිදී විචාරය යනු ඇති තතු නිර්ණය කිරීමක් ලෙස අරුත පසිඳ ලීමේදී වටහාගත හැකිය. විචාරය කුමක්ද යන්න මෙම උපහණය කරුණු ම`ගින්ද සනාථ වේ. වත්මන් විචාරකයන් විසින් අවබෝධ කොටගත යුතු කාරණාවක් ලෙස මෙය දැක්විය හැකිය. මෙකී තතු නිර්ණයකින් තොරව නිර්මාණයන් විචාරයේදී ඇති වූ ගැටළු අප කොතෙකුත් දැක ඇත. ඒ සඳහා ප‍්‍රධාන හේතුව වන්නේ විචාරකයා උක්ත කරුණු ගැන අවධානයෙන් නොසිටීමයි. උක්ත සාධකය ම`ගින් විචාරකයාගේ කාර්යභාරය සම්බන්‍ධයෙන්ද යම් යම් කරුණු විiමාන වෙයි.
මීට අමතරව ‘විචාරය’ යන්න තවදුරටත් සියුම්ව විමර්ශනය කිරීමේදී තවත් සාධක බොහොමයක් සොයාගත හැකිය. එනම් ‘‘ විචාරය යනු කෘතියක් සැදුම් ලැබ තිබෙන මූලිකාංග තෙක්ම (ැකැපැබඑි* විශ්ලෙෂණය කොට ඒ ඒ මූලිකාංග අතර අන්තර් සම්බන්‍ධතා පෙන්වා ඒවා සමාජයට පිළිඹිබු කරන සැටි විදහා දැක්වීමයි.’’ . මෙම`ගින් විචාරය කෙතෙක් දුරට විමසුම් අක්‍ෂියෙන් නිර්මාණය විමන්නේද යන්න පැහැදිලි වන අතර විචාරය නිර්මාණයේ යථාර්ථය රසිකයාට පසක් කරන කැඩපතක් හා සමාන වන බවද විශද කරයි. එසේම විචාරකයා නිර්මාණයේ මූලිකාංග, විශ්ලේෂණය, එහි ඇති සම්බන්‍ධතාව, සමාජමය දැක්ම ආදී කරුණුද අවධානයට ගත යුතුබව උක්ත සාධකය ම`ගින් සනාථ වෙයි. මෙබඳු අධ්‍යයනයක් කිරීමට එම නිර්මාණය සම්බන්‍ධයෙන් විචාරකයාට පරිපූර්ණවත් දැනුමක් තිබිය යුතුය. එනම් විචාරය යනු එක් විෂයකට පමණක් කුටුම්බ ගත වූ කාර්යක් නොවන නිසාය. මෙහිදී විචාරකයා හාත්පස පැතිරුණු විෂය ක්‍ෂේත‍්‍රයන් පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එම පරිබාහිර ඥනය සහ විෂයානු බද්ධ දැනුම කැටිකරගෙන සාර්ථක විචාරයක් සිදුකළ හැකිය. මෙම`ගින් විචාරයකදී විචාරකයෙක් සන්නද්ධ විය යුතු අයුරු ස්ඵුට වෙයි. මෙවැනි කරුණු ගැන නොතකා නොසලකා විචාරයට වඩා විවේචනයට බරව විචාරට පිවිසීම නිසා වත්මනේ විචාරය පිළිබඳ ගැටළු මතු වන්නට ඇත.
තවදුරත් විචාරය සම්බන්‍ධයෙන් කරුණු විමසීමේදී අංග සම්පූර්ණ විචාරයක සතු සාධක කිහිපයක් අයි. ඒ. රිචඞ්ස්ගේ මතවාද විමසීමේදී සොයාගත හැකිය..
‘‘අධ්‍යයනය
විශ්ලේෂණය හෝ විග‍්‍රහය
අර්ථකථනය
ඇගයීම’’
මේවා විචාරයේදී දැකිය හැකි අත්‍යවශ්‍ය අංගයන් ලෙස ඔහු සඳහන් කරයි. ක‍්‍රමානුකූලව විචාරය ම`ගින් නිර්මාණයට අගයක් ලැබෙන අයුරු උක්ත සාධක ම`ගින් සනාථ වෙයි. එහිදී නිර්මාණය අධ්‍යයනය කිරීමෙන්ද එම කරුණු මනාව විග‍්‍රහ කිරීමෙන්ද ඒ සඳහා තමා දක්වන අර්ථකථන තුළින්ද එම`ගින් නිර්ණය කරන ඇගයීම දැක්වීමෙන්ද නිසැකයෙන්ම නිර්මාණවත් විචාරයක් බිහිවේ. එසේම කාව්‍යාත්මක විචාරයක පදනම දැක්වීමේදී තවත් අංග කිහිපයක් දැක්විය හැකිය.
‘‘අපක්‍ෂපාතී බව
සංයමය
සාහිත්‍ය කෘතියක බාහිර තත්‍වයට වඩා අභ්‍යන්තර තත්‍වයට ඇස යොමු කිරීම.
පිළිගත් මූලධර්ම රැුසක් තිබීම.’’
මෙම`ගින්ද යහපත් විචාරයකට අවශ්‍ය කරුණු කාරණා රැුසක් හෙළි වේ. මීට අමතරව යහපත් සාහිත්‍ය විචාරයක් ගොඩනැගීමෙදී පාදක වන තවත් කරුණු දෙකක් දැකිය හැකිය.
‘‘1. සාහිත්‍ය නිර්මාණයට පාදක වූ විෂය ක්‍ෂේත‍්‍රය එහි සංදර්භමය ශිල්පී ලක්‍ෂණ, රචනා උපක‍්‍රම, භාෂා ලක්‍ෂණ හා ජීවිතාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාදීම.
2. එකී අංගෝපාංග සාහිත්‍ය නිර්මාණ හෝ සාර්ථක අසාර්ථකභාවය කෙරෙහි තුඩු දී ඇති ආකාරය පිළිබඳ ගුණ විනිශ්චයක් ඉදිරිපත් කිරීමය.’’
උක්ත මූලධර්ම කොතෙකුත් තිබුනද විවාරය අපක්‍ෂපාතීව සිදු කිරීමේදී මතවාද දෙස බලා සිදු කළ නොහැකිය. මන්ද, විචාරය නිර්මාණය අධ්‍යයනය කිරීම තුළින් සිදුවන්නක් නිසාවෙනි. එසේම විචාරය ස්වායත්ත නිර්මාණයක් නොවන නිසාවෙන් කොතෙකුත් මූලධර්ම තිබුනද එම විචාර වාද මූධර්ම හා ගැටෙන අවස්ථාද දැකගත හැකිය. කෙසේ වෙතත් කුමන විචාර වාදයකින් හෝ කළ යුත්තේ නිර්මාණකරුවාගේ පරමාර්ථය පාඨකයාට ලබා දීමයි. ඒ සඳහා විචාරකයා නිර්මාණයේ සහෘදයෙක් විය යුතුය. එවිට සාර්ථක විචාරයක් බිහිවීම වැලැක්වි නොහැකිය. එසේම සාර්ථක සාහිත්‍ය විචාරයක් සඳහා විචාරකයා හික්මිය යුතු අංශ කිහිපයක් පවතී. අපක්‍ෂපාතීත්‍වය ඒ අතර සුවිශේෂීම ලක්‍ෂණයි. මීට අමතරව
x ගුරුකුල අත්තුකංෂණය
x අධිමමංකාරය
x පරමේෂ්වරත්‍වය
x ආධානග‍්‍රාහීවීම
ආදී කරුණු දැක්විය හැකිය.
මේ අනුව විචාරකයා යනු සාමාන්‍ය පුද්ගලයෙක් නොවන බව පසක් වේ. ඒ බැව් කාව්‍යශේඛරයේ හා සුභාෂිතයේ එන මෙම පද්‍ය ම`ගින්ද යම් අවබෝධයක් ලැබේ.
‘‘මකියන වදන් රැුස
කිවිහුම දනිති ගුණ දොස
දන්නා තැනට මිස
වෙසෙස නොදැනේ රුවන් තතු ලෙස’’
‘‘කවිපද බැඳුම් ගුණ දොස් කිවි`දුන් මැ මිස
නැණ මද කුකවි දැන හෙති කවර වර’’
මෙම`ගින් යම් විචාරයක් කිරීමට ඇති දුෂ්කරතාව මොනවට පසක් වෙයි. එහෙත් කල් යත්ම යථෝක්තව දැක්වූ විචාර ක‍්‍රමවේදයන්ට අනුව විචාරවාද බොහොමයක් බිහිවිම දැකගත හැකිය. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය. එනම් සදාචාරාත්මක, සමාජ විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක, ආකෘතික, ප‍්‍රායෝගික, සංස්ථිතික, නූතනවාදී, මාක්ස්වාදී, ආදී විචාරවාදය. මේ අනුව කෙමෙන් කෙමෙන් විචාරය සහ විවාරකයා බිහි වූ අයුරුත් ඔවුන් නිවැරදි විචාරක් ඉදිරිපත් කළ යුතු අන්දමත් උක්ත නිදර්ශන ම`ගින් සාකච්ඡුා කරන ලදී. එහිදී එක් එක් මූලධර්ම ගෙන හැර පෑවේ විචාරකයාගේ නිවැරදි කාර්යභාරය ඉටු කිරීමට උක්ත සාධක ඔස්සේ ගමන් කළ යුතු නිසාවෙනි. ඒ අනුව ‘‘ලේඛකයාටත් පාඨකයාටත් අසාධාරණයක් නොවන අන්දමින් විචාරය ඉදිරිපත් කිරීමට විචාරකයා වග බලා ගත යුතුය.’’ ඒ අනුව මින් පසුව විචාරකයාගේ මුඛ්‍ය පරමාර්ථය වියයුතුත්තේ නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය නැතිකිරීම සම්බන්‍ධයෙන් කරුණු දැක්වීමයි.
භාවිත විචාරය
තදුක්ත සෝදාහරණ ම`ගින් විචාරකයා කවර කාරණා වලින් සමන්විත පුද්ගලයෙක්ද බව සහේතුකව පැහැදිලි විය. ඒ අනුව ‘‘විචාරකයා යනුවෙන් හැදින්වෙන පුද්ගලයා සාමාන්‍ය පාඨකයාගෙන් වෙනස් වන්නේ ඔහු කාලාන්තරයක් තිස්සේ තම විචාරාක්‍ෂිය යොමු කොට යම් විෂය ක්‍ෂේත‍්‍රයක් තුළ ප‍්‍රවීණත්‍වයක් ලබා ඇත්තෙකු බැවිනි.’’ මෙම`ගින් අප සාකච්ඡුා කරන විචාරකයා කුමන පුද්ගලයෙක්ද යන්න පිළිබඳ නිරවi ප‍්‍රපංච ගොඩ නැගෙයි.
මෙම සාධක ම`ගින් පුන පුනා සනාථ වන්නේ විචාරකයා යන පුද්ගලයා සාමාන්‍ය පුද්ගලයෙකු නොවන බවයි. එහෙයින් මෙවැනි සර්ව සම්පූර්ණ විචාරකයෙකු සෙවීම දුෂ්කර කාර්යකි. එහෙත් ඕනෑම රටක සාහිත්‍ය කලාව ප‍්‍රගමනය කරා ගමන් කිරීමට මෙවැනි කරුණු වලින් සමන්විත විචාරකයන් සිටිය යුතුය. මේ ආකාරයෙන් අප විචාරකයාගේ කාර්යභාරය සාකච්ඡුා කරනු ලබන්නේ එම කාරණයන්හි අවසානය යථාර්ථවත් කාරණයකින් අවසන් වියයුතු නිසාවෙනි. එනම් විචාරකයාගේ කාර්යභාරය නිර්මාණ හා රසිකයා අතර පවත්නා පරතරය අවම කළ යුතු බැවිනි . අප යථෝක්තව සාකච්ඡුා කළ සෑම මූලධර්මයකම අවසන් ප‍්‍රතිඵලය වශයෙන් විචාරකයා සමාජයට දායාද කල යුත්තේ උක්ත ප‍්‍රස්තුතයයි. ඒ සඳහා විචාරකයා හා නිර්මාපකයා අතර අදෘශ්‍යමාන වූ දැඩි බැ`දීමක් පැවතිය යුතුය. එනම් සංයමයෙන් මැදහත්ව නිර්මාණය අධ්‍යයනය කළ යුතුය. ඒ සඳහා ‘‘විචාරකයා රාජානක ආනන්ද වර්ධනයන් ධ්‍යාන්‍යාලෝකයේ දක්වන පරිදි සහෘදයෙකු විය යුතුය.’’
ඒ අනුව සාර්ථක විචාරකයෙක් මැනිය හැකි හොඳම මිනුම් ද`ඩුව වන්නේ නිර්මාණයට පාඨකයාට ඔහු දක්වන සහෘදත්‍වය මතය. ඒසේම උක්ත සාධකයේද අවසන් ප‍්‍රතිඵලය වන්නේ අප සාකච්ඡුා කරන ප‍්‍රස්තුතය සනාථ වන අන්දමටය. එනම් ‘‘ විචාරකයා පාඨකයාගේ සහෘදයෙකු වන්නේ පාඨකයා හා නිර්මාණය අතර පවත්නා පරතරය බිඳ දැමීමට හැකි පුද්ගලයා ඔහු බැවිනි.’’ උක්ත සාධක ම`ගින් විචාරකයාගේ ප‍්‍රධානතම කාර්යභාරය කුමක්ද යන්න ස්ඵුට විය. එහෙත් මෙම සාධක මොනවට පසක් කර නොගත් නිසා නිස්සාරවත් විචාර වර්තමානයේ බිහිවීමට හේතු සාධක වී ඇත.
විචාරයක් කිරීමේදී එම විචාරය තුළ නිර්මාණය සේම රසිකයාද නිසැකයෙන්ම අරමුණු කරගත යුතුය. මන්ද සෑම විචාරයක් තුළින් රසිකයා නිර්මාණයෙන් දුරස් නොකර සමීප කිරීමට උත්සාහ දැරිය යුතුය. රසිකයා වර්තමානයේ නිර්මාණ රසවි`දීමෙන් ඈත් වී ඇත්තේ විචාරකයා තම කාර්යභාරය තත්‍වාකාරයෙන් අවබෝධ කර නොගත් නිසාවෙනි. අපි මෙහිදී විචාරකයාගේ ප‍්‍රධාන කාර්යභාරය වන උක්ත සාධකය තවදුරටත් පසක් කරගැනීම පිණිස ප‍්‍රචලිත සාහිත්‍ය විචාරවාද කිහිපයක් විමසා බලමු. ඒම`ගින් විචාරකයා නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය අවම කර ඇත්ද යන්න තවදුරටත් පළට වේ.
බටහිර විචාර සිද්ධාන්ත අතර අතිශයින් සුභාවිත විචාර ධාරාවක් ලෙස භාවිත විචාරය දැක්විය හැකිය. එය ප‍්‍රායෝගික විචාරය නමින්ද හඳුන්වයි. මෙම විචාරවාදයේ ප‍්‍රගමනය උදෙසා අයි.ඒ රිචඞ්ස්, එෆ්, ලූවිස්, විලියම් එම්සර්, යන විස්වත්හු මනා මෙහෙයක් සිදුකළහ. එහෙත් ‘‘මෙය විචාරවාදයක් ලෙස ආරම්භ වන්නේ 1929දී අයි.ඒ රිචඞ්ස් විසින් රචනා කෙරුණු ප‍්‍රායෝගික විචාරය (චර්ජඑසජැ්ක ජරසඑසජසිප* නමැති ග‍්‍රන්‍ථය සම`ගය.’’ තත් කාලයේ යුරෝපයේ ප‍්‍රචලිත විචාර සම්ප‍්‍රදායන් අතරින් විපලවීය වෙනසක් සිදුකළ විචාරවාදයක් ලෙස භාවිත විචාරය දැක්විය හැකිය. සාහිත්‍ය කෘතියක් විචාරයට භාජනය කිරීෙමිදී තත් කාලයේ සොයා බැලූ කතෘගේ සමාජ පසුබිම, කතෘ පිළිබඳ ඉතිහාසය, ඔහුගේ රුචි අරුචිකම්, සංස්කෘතික පසුතලය, සමාජ පසුබිම, ආදී කරුණු කෙරෙහි අවදානයක් යොමු කරනු ලබයි. එහිදී ප‍්‍රකට වන්නේ කෘතියට අමතරව අනෙකුත් සමාජ සම්බන්‍ධතාද සොයා බැලීමයි. එහිදී භාවිත විචාරයේ තර්කය වන්නේ සදාකාලික මානව සම්බන්‍ධතා අමතක කර අදාළ නිර්මාණය පමණක් ගෙන විචාරයට ලක් කිරීමයි. එනම් අදාළ නිර්මාණයෙහි රැු`දී පවතින අර්ථය, වින්දනය, පරමාර්ථය විවරණය කරීමයි. ඒ සඳහා එම නිර්මාණය සතු වූ අද්දැකීම් සේම සන්නිවේදන ක‍්‍රමය සම්බන්‍ධයෙන් අවබෝධයක් තිබිය යුතුබව රිචඞ්ස් පවසයි. එසේම රිචඞ්ස් සාහිත්‍ය කෘතියක් විචාරයේදී අංශ හතරක් කෙරෙහි අවධානය යොමු කරයි.
‘‘01 උද්දේස
02 භාවාකල්ප
03 ස්වරය
04 අභිප‍්‍රාය’’
මෙහිදී උද්දේස යනු නිර්මාණයට පාදක වස්තු විෂය හෙවත් මාතෘකාවයි. භාවාකල්පය යනු අද්දැකීම් ඉදිරිපත් කරන ආකාරයයි. ස්වරය නම් පාඨකයා කෙරෙහි ලේඛකයා දක්වන ආකල්පයයි. එනම් ශ‍්‍රාවකයා නිර්මාණයට සමීප කරවීමයි. අභිප‍්‍රාය යනු ලේඛකයා ප‍්‍රකාශ කිරීමට උත්සහ දරන මූලික අරමුණයි. මෙම සාධක අධ්‍යයනයේදී විචාරකයාගේ ප‍්‍රධාන කාර්ය වන නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය අවම කිරීම භාවිත විචාරයේදී යම්තාක් දුරට සිදුවන බව විශද වේ. උක්ත සාධක වලට අනුව භාවිත විචාරයේදී නිර්මාණය පාඨකයාට සමීප කරවන්නේ මෙලෙසිනි.
‘‘සිදාදියට එන්නට මට
බුද්ධිය උඹ තමයි එදා
පාර කියා දුන්නේ
ගමෙන් උරුම වූ වස්තුව
පොදියක් බැඳ කර තියාන
උඹේ බහට රුවටීලයි සිදාදියට ආවේ
ඒ එනකොට ගෙන ආ දෙය
විය පැහැදම් කළා මිසක
මෙහිදී අලූතින් ඉපයූ කිසිම දෙයක් නැත්තේ
ඉස බර කළ පුහු නම්බුව විතරයි මට ඇත්තේ
සිදාදියෙන් ආපසු මගෙ
ගමට යන්න ආසයි මට
ඔත් ගමට යන්නට දැන්
පාර මතක නැතතේ
ඉතිරිව ඇති සුළු වස්තුව
රැුකගෙන ආපහු එන්නට
ඈත ඉදන් අත වනලා
අම්මේ මට ගමට යන්න
පාර කියාපන්නේ ... ’’
මෙම කාව්‍යයෙහි උද්දේස යනු අනේක දුක් කම්කටොළු විඳ ඉගෙනගෙන උසස් නිළතල හොබවන විට තමා බුද්ධියට වහල් වී පැමිණි ස්ථානය අමතක කොට නැවත එම සමාජයේ පිහිට පතන පුද්ගලයෙකු පිළිබඳ පුවතයි. තමා උසස් නිළතල ඔසවා තැබූ සමාජය අමතක කරලීමේ ආකල්පය භාවාකල්පයයි. උක්ත කාරණාව සම්බන්‍ධයෙන් පසුතැවෙන ආකාරයෙන් පද වැල ගැළපීම ස්වරයයි. තමාට සක්විති පදවි ලැබුනද මුල අමතක නොකළ යුතු යැයි ඇගවීම අභිප‍්‍රායයි. මෙම උදාහරණය ම`ගින් භාවිත විචාරය තුළින් රසිකයා නිර්මාණයට ප‍්‍රශංසනීය අන්දමින් සමීප කරවන අයුරු පසක්වේ.
එසේම භාවිත විචාරකයා පවසන්නේ විචාර කලාවේදී මූලික වශයෙන් නිර්මාණකරුවා විසින් භාවිත කරන භාෂාව සංකල්පරූප මැවීමට සමත් භාෂාවක් විය යුතු බවයි. එවැනි කාරණා නිසාවෙන් සිදුවන්නේ රසිකයා නිර්මාණයෙන් ඈත්වීම නොව සමීපවීමයි.
‘‘හිස නමා ගති ඈ
සිහින් රතැගිලි පටලවා ගති...’’
යන නිසැදැස් ම`ගින් නොව මෙම ගීතය විචාරය කිරීමේදීද උපමා රූපක ම`ගින් සුන්දර සංකල්ප රූප මැවේ.
‘‘වෙහෙරක් වගේ පින් දුන් කෙනෙක්
දෙවොගක් වගේ දුක් ඇසූ කෙනෙක්
කුඹුරක් වගේ බත් පිසූ කෙනෙක්
වේ නම් ලොවේ ඔබයි අපෙ අම්මා ’’
එසේම සැළලිහිණි සංදේශයේ එන
‘‘ නිමල් සඳ පහන් වැනි වැලි පිට උදුල’’
‘‘ වදිමින් සවස නල හැසිරෙන දිගතු වල’’
ආදී කාව්‍යයන් උක්ත සාධකය මොනවට පසක් කරයි. පූර්වෝක්ත විචාරය ස`දහා ගෙන හැර පෑ සෝදාහරණ ම`ගින් නිර්මාණය හා රසිකයා අතර පවත්නා පරතරය, විචාරකයා අවම කරන බව ප‍්‍රකට වේ. එසේම භාවිත විචාරකයා නිර්මාණය තුළ මතු කරන තවත් සාධකයක් වන්නේ සංකේත භාවිතයයි. මෙම උදාහරණය ම`ගින් එය මනාව ප‍්‍රත්‍යක්‍ෂ වේ.
‘‘මුල අග දෙකම මේ ගංගාවේ අඳුරුයි
මැද ඇති සලා ගල්පර ආදිය රුදුරුයි
එගොඩින් එහා සැනසිලි ඇති රට අඳුරුයි
මෙගොඩට වඩා එගොඩත් ලොට ල`ග ගැඹුරුයි ’’
මෙම කාව්‍ය ම`ගින් ගංගාවක ගලා යෑම සම්බන්‍ධයෙන් විස්තර කළද එහි සංකේතවලින් අරුත් ගන්වා ඇත්තේ ඉමක් කොනක් නැති සංසාර ගමනයි. මෙම`ගින් අප සාකච්ඡුා කරන, විචාරකයා නිර්මාණයක හාත්පස විමසමින් රසිකයාට මනා ආස්වාදයක් ලබාදෙන අයුරු ස්ඵුට වේ. මෙහිදී භාවිත විචාරකයා පවසන්නේ සංකේත භාවිතය සැම නිර්මාණයකම තිබිය යුතු බවයි.
එසේම භාවිත විචාරකයා නිර්මාණයේ රිද්මය ගැනද අවධානය යොමු කරයි. රිද්මය යනු නිර්මාණකරුවා හා පාඨකයා බැඳ තබන මන්ත‍්‍රය නමින් විද්වත්හු කරුණු දැක්වූහ. එමගින් රිද්මයෙහි ඇති සුවිශේෂීතාව අවබෝධ කරගත හැකිය. චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ මෙම ගේය පද රචනාවෙන් උක්ත සාධකය මොනවට පසක් වේ.
‘‘වැලිතල අතරේ හෙමිහිට බසිනා
නේරංජන නදියේ
ගයා හිස වැඩ සිට බුදු වූ දා...’’
රිද්මයානුකූලව ගංගාවක විලාසයෙන් පදවැල ගලා බසින්නේ නිර්මාණයක රිද්මයෙහි ඇති බලපෑම සිහිපත් කරවමින්ය. නිර්මාණයකට රිද්මයේ ඇති බලපෑම මයුර සංදේශයේ එන මෙම පiයෙන්ද ප‍්‍රකට වේ.
‘‘ග`ගුලැලිලා සලිල සලා පුලින තලා
සෙවන දුලාහමන නලා රොණැ දසලා
රත් පියලා රති පියලා පියලි නිලා
එවන බලා සිරි නොවලා තොපම බලා ’’
එසේම තවදුරටත් විග‍්‍රහ කිරීමේදී භාවිත විචාරයේදී නිර්මාණක ඖචිත්‍ය සම්බන්‍ධයෙන්ද විමර්ශනය කරන බව පසක් වේ. උදාහරණ වශයෙන්
‘‘? වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරළි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රූ වෙයි පෙර කළ පවට ...’’
යන නිර්මාණයෙන් ප‍්‍රකාශනය වන ඇ`ගලූම් කාන්තාවකගේ ජීවන චර්යාව එම පදවැල හා කෙතරම් ඖචිත්‍යයෙන් බද්ධ වී සිටින්නේද යන්න පැහැදිලි වේ. උක්ත සාධක අධ්‍යයනය කිරීමේදී භාවිත විචාරය ම`ගින් නිර්මාණය කෙතරම් දුරට පාඨකයාට සමීප කරන්නේද යන්න පැහැදිලි වේ.
එසේම භාවිත විචාරයේදී සිද්ධි අවස්ථා තුලනය කරමින් නිර්මාණය විමර්ශනය කරයි. බෙහෝ විට විචාරකයෙකු නිර්මාණයක් විචාරය කිරීමේදී ඒ හා බැඳි සිද්ධි හා අවස්ථා පිළිබඳ අවබෝධයක් නොමැතිනම් සාර්ථක නිර්මාණයක් කිරීමට ඔහුට උගහට වනු ඇත. ඒ සඳහා මෙය කදිම උපහරණයකි.
‘‘සක්මන් කරන මළුව - පාළුයි දේවී
මං විතරයි ඔබ කිසිදිනක නොඒවී
ඉක්මන් ගමන් එපා - පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා - ඔබේ කුමාරී...’’
මෙම ගීතය හා බැඳී ඇති සිද්ධි හා අවස්ථා තුලනයකින් තොරව මෙම ගීතය විචාරය කළ නොහැකිය. විචාර කාර්යේදී භාවිත විචාරයේ ඇති සුවිශේෂී බව මෙම`ගින් මොනවට විශද වේ. මීට අමතරව භාවිත විචාරයේදී අනුප‍්‍රසය, ආකෘතිය, වදන් සංයෝගය, වැනි කරුණු කෙරෙහිද අවදානය යොමු කරයි.
එහෙත් මේ හා සමාන්තරව භාවිත විචාරයේදී පැණ නගින ප‍්‍රශ්නය නම් මෙම විචාරවාදය සාහිත්‍යයේ එක් අංශයක් පමණක් විචාරයට බඳුන් කිරීමයි. එනම් නාට්‍ය, චිත‍්‍රපටි, නවකතා, කෙටිකතා, චිත‍්‍ර ආදී සාහිත්‍ය මූලාශය මෙම`ගින් යම් විචාරයකට භාජනය කිරීමට නොහැකි වීමයි. එසේම භාවිත විචාරයට අනුව සැම සාර්ථක සාහිත්‍ය නිර්මාණයකම සංකේත භාවිතය සමන්විත වියයුතු බව පවසයි. මෙය යම් විවාදයට තුඩු කාරණයකි. මන්ද යත්, සංකේත භාවිතය සුදුසු තැන්වලදී නිර්මාණයේ සාරගර්භබව තී‍්‍රව‍්‍රකරනවා සේම එය සෑම නිර්මාණයකටම ඈදා ගැනීම තුළින් නිර්මාණයට හානියක් මිස යහපතක් සිදු නොවේ.
එසේම භාවිත විචාරයේදී කර්තෘ විසූ සමාජ පසුබිම, දේශපාලනික තත්‍වය, ආදී සකලවිද මානව සම්බන්‍ධතා අමතක කර දමයි. එහෙත් යම් යම් නිර්මාණ විචාරයේදී භාවිත විචාරකයන් බැහැර කරන කරුණු කෙරෙහිද අවදානය යොමු කිරීමට සිදුවේ. මෙය ඒ සඳහා කදිම උපහරණයකි.
‘‘පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසින්
මිහිකත කම්පා වී
ගුගුරා දෙස් දේවී
පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමනේ ඒ විරුවන් මියදුණි
උන්ගේ රුවවක් අප නෙත් නොගැටුණි
මිල මුදලට යස ඉසුරුට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම වෙත
භීෂණ ¥ෂණ රජ වූ දෙරණක
සුබ සෙත සලකා මළෝය උන් හැම’’
මෙම නිර්මාණය විමසීමේදී අපට එම සමාජ පසුබිම පිළිබඳද මනා අවබෝධයක් තිබිය යුතුය. එසේ නොමැතිව භාවිත විචාර සිද්ධාන්තවලට අනුව මෙම නිර්මාණය විචාරය කිරීමෙන් සඳහා සාර්ථක විචාරයක් බිහි නොවිය හැකිය.කෙසේ වෙතත් නිර්මාණයක් විචාරය කිරීමේදී කිසිවකට ආධානග‍්‍රාහී නොවී, එහි හාත්පස පැතිරුණු රසයන් සොයා ගත හැකි අතිශය සුභාවිත විචාරධාරවක් ලෙස භාවිත විචාරය හැඳින්විය හැකිය.
අද සමාජයේ දක්නට ලැබෙන සාහිත්‍ය කෘති විචාර ක‍්‍රියාදාමය යම් ශෝචනීය තත්‍වයකට මුහුණ පා ඇත්තේ යම් යම් ගුරුකුලවලට, මතවාදවලට එල්බගෙන විචාර කාර්යෙහි යෙදීම නිසාය. ඒ අනුව අප යථෝක්ත මතෘකා ඔස්සේ සාහිත්‍ය කෘතියක් අපක්‍ෂපාතීව විචාරය කළ යුත්තේ කෙසේද යන්න සම්බන්‍ධයෙන් පූර්ණ විමර්ශනය යෙදී ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment