UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: හත්ථවනගල්ල විහාරවංසය පිළිබඳ විමසුමක්

Wednesday, December 11, 2013

හත්ථවනගල්ල විහාරවංසය පිළිබඳ විමසුමක්

හත්ථවනගල්ල විහාරවංසය පිළිබඳ විමසුමක් පාලි සාහිත්‍ය තුළ විiමාන සුව්ශේෂි සාහිත්‍යංගයක් වශයෙන් පාලි වංසකථා සාහිත්‍ය හැඳින්විය හැකියx වංසකථා සාහිත්‍ය පාලි සාහිත්‍යයේ මෙන්ම පාලි භාෂාවේ සංවර්ධනය සඳහාද හේතු වියx පාලි සාහිත්‍යයේ සෑම අංගයකම ආරම්භය බුද්ධ දේශනාවටම සම්බන්ධවන්නාක් මෙන් වංසකථා සාහිත්‍යයේ ආරම්භයද බුද්ධ දේශනාවට සම්බන්ධ වේx ඒ අනුව ප‍්‍රථම පාලි වංසකථාව වශයෙන් ”බුද්ධවංසය” හැඳින්විය හැකියx විචාරක අදහස් අනුව බුද්ධවංසය රචනා වීමට බලපා ඇත්තේ සංස්කෘත සාහිත්‍යයිx1 සංස්කෘත සාහිත්‍යයේ අන්තර්ගත රාමායණය, මහභාරතය වැනි කෘති මේ සඳහා බලපාන්නට ඇතැයි ඔවුහු තවදුරටත් අදහස් කරතිx පාලි සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්විට වංසකථාවක අන්තර්ගත ලක්ෂණ ඇති බැවින් ”අපදාන පාලිය” ද වංසකථාවක් වශයෙන් සැලකීමට ඇතැම් විචාරකයෝ කැමති වෙතිx එය එසේ නම් ථේර,ථේරි ගාථා පාලියද වංසකථා ගණයට ඇතුලත් විය යුතු බව අපගේ අදහසයිx එබැවින් ඒ ඒ පුද්ගලයාගේ ජීවන තොරතුරු අන්තර්ගත වූ පමණින් වංසකථාවක් නොවෙයිx ඒ නිසා අපදාන පාලිය වංසකථාවක් වශයෙන් සැලකිය නොහැකියx පාලි වංසකථා සාහිත්‍යයේ ආරම්භය භාරතීය සමාජය තුළ දක්නට ලැබුනද එහි වර්ධනය දක්නට ලැබෙන්නේ ලංකොව් දි බව පෙන්වාදිය හැකියx ඒ අනුව ලක්දිව පාලි වංසකථා සාහිත්‍යයේ ආරම්භය සිදුවන්නේ ”දිපවංසය” රචනාවීමෙනිx එම වංසකථා සාහිත්‍යයේ මධ්‍යතන යුගය සනිටුහන් කරන කෘතියක් වශයෙන් ” හත්ථවනගල්ල විහාරවංසය” දැක්විය හැකියx ” හත්ථවනගල්ල විහාරවංසය” අනිකුත් වංසකථාවන්ට වඩා කරුණු කීපයකින් වැදගත්වන කෘතියකිx ” හත්ථවනගල්ල විහාරවංසය” සම්බන්ධයෙන් ප‍්‍රථමයෙන් ග‍්‍රන්ථ නාමය පිළිබඳව විමසීමට සිදු වේxමෙහි ග‍්‍රන්ථ නාමය යෙදී ඇත්තේ ”අත්තනගල්ල විහාරය” තේමාකොට ගෙනයx එසේම එම විහාර වංසය ප‍්‍රකාශකරන නියාවෙන් සිරිසංඝබෝධි රජුගේ ජීවන වෘත්තාන්තයද කීමට කතුවරයා අදහස් කරයිx ඒ අනුව සිරිසංඝබෝධි රජු හිස දන් දුන් ස්ථානය වශයෙන් මෙම ස්ථානය හඳූන්වා ඇතx එහෙත් උක්ත කරුණ සම්බන්ධයෙන් විවිධ අදහස් විචාරකයන් අතර ඉදිරිපත්ව ඇතx ඒ අනුව සිරිසංඝබෝධි රජු හිස දන් දුන් ස්ථානය වශයෙන් ”හත්ථිකුච්ඡුි” විහාරය බව දක්වයිx උක්ත මතය තහවරු කිරීම සඳහා අවශ්‍ය සාධකයන්ද ඉදිරිපත් කර ඇතx2 ග‍්‍රන්ථ නාමය ඉදිරිපත් කර ඇති ආකාරය අනුව වංසකථාකරුවා තම තේමාවට ගෙන ඇත්තේ ”හත්ථිකුච්ඡුි” විහාරය නොවන බවද පැහැදිළි වේx ” හත්ථවනගල්ල” යන්න ”හත්ථිකුච්ඡුි” යන්නට වඩා ”අත්තනගල්ල” යන්නට සමානත්වයක් දක්වන බැවින්යx මීළඟට අපට ග‍්‍රන්ථය රචනාකළ කාලය දෙසට අවධානය දැක්වීමට සිදු වේx ඒ අනුව කාලය නිර්ණය කිරිමට ග‍්‍රන්ථයේ ආරම්භක පරිච්ෙඡ්දය මෙන්ම අවසාන පරිච්ෙඡ්දයද උපයෝගී කරගැනීමට සිදු වේx සමාරම්භක ගාථාවක මෙසේ සඳහන් වේx ”බ‍්‍රහ්මණ්වයේනනුගතත්ථමනොමදස්සි ඛ්‍යාතේන සබ්බයත්රාජ ධුරන්ධරේන ව්‍යාපාරිතෝහමිතිහානුගතං කථඤ්ච නිස්සායපුබ්බලිඛිතඤ්චිද වායමාමි3” මෙහි සඳහන් ආකාරයට සංඝරාජ ධූරන්ධර අනොමදස්සි හිමියන් විසින් මෙහෙයවන ලදුව ,පූර්ව ලේඛනයන්ද ඇසුරු කරගෙන ” හත්ථවනගල්ල විහාරවංසය” රචනාකොට ඇතxමේ අනුව ” හත්ථවනගල්ල විහාරවංසය” රචනා වී ඇත්තේ අනොමදස්සි හිමියන් සංඝරාජ ධූරය දරණ අවධියේයx අනොමදස්සි හිමියන් ජීවත් වූ කාලවකවානුව වශයෙන් නිකාය සංග‍්‍රහය දක්වන්නේ දඹදෙණි යුගයයිx4 එසේම ග‍්‍රන්ථය අවසානයේ දක්වා ඇති පරිදි අත්තනුගලූ විහාරයට පූජාවන් සිදු කළ රජවරු අතර අවසානයටම සඳහන්වන රජු දෙවන පැරකුම්බා රජුයx ඒ පිළිබඳව මෙසේ සඳහන් වේx ”පරක්කමෝ භුජෝ රාජා xxxxxxxxසම්බුද්ධරජ්ජප්පත්තිතො පට්ඨාය අට්ඨාසතාධිකවස්සසහස්සේ චතුවීසතියාච වච්ඡුරේසු අතික්කන්තෙසු”5 මෙහිදි වර්ෂ ප‍්‍රමාණය දක්වනු ලබන්නේ ලක්දිව පාලි මූලාශ‍්‍රය ඇසුරින් බවද දැනගත යුතුයx ඒ අනුව සම්බුද්ධත්වයෙන් වසර එක් දහස් අටසිය විසි හතරක් ගෙවුන තැන හෙවත් කිතු වසින් වසර එක් දහස් දෙසිය තිස් හයක් ගෙවුන පසු යxමේ අනුව දඹදෙණි රාජ්‍ය සමයේ දෙවන පැරකුම්බා රාජ්‍ය යුගයේදි අනොමදස්සි හිමියන් සංඝරාජ පදවිය දරණ කළ ” හත්ථවනගල්ල විහාරවංසය” රචනා කරන්න ඇතැයි නිගමනය කළ හැකියx එහෙත් කතුවරයා පිළිබඳව කිසිදු තොරතුරක් ග‍්‍රන්ථාභ්‍යන්තරයෙන් හමුවන්නේ නැතx ග‍්‍රන්ථ ආකෘතිය පිළිබඳ විමසීමේදි පාලි වංසකථා සාහිත්‍යයේ සුවිශේෂි කෘතියක් වශයෙන් මෙය හැඳින්විය හැකියxඑනම් මෙතෙක් ලක්දිව රචනා වු වංසකථා සියල්ල පොදු තේමාවක් මුල්කොට ගෙන රචනා වූවෝයxදීපවංසය, මහවංසය, ථූපවංසය, දාඨාවංසය ආදිය දැක්වි හැකියx එසේම එම වංසකථා සඳහා මූළික වූයේද බුදු රජාණන් වහන්සේගේ පූජාර්හ වස්තුවක් හෝ ලක් ඉතිහාසයයිx එහෙත් ” හත්ථවනගල්ල විහාරවංසය” නම් මෙතෙක් රචනා වූ ග‍්‍රන්ථ මෙන් පොදු කරුණක් මුල් කර රචනා වූවක් නොවx එබැවින් ” හත්ථවනගල්ල විහාරවංසය” පාලි වංසකථා සාහිතයයේ සන්ධිස්ථානයක් වශයෙන් දැක්විය හැකියx මෙසේ පුද්ගලික කරුණක් මූළික කොටගෙන රචනා වූ වංසකථා දක්නට ලැබෙන්නේ සංස්කෘත සාහිත්‍ය තුළයx රඝුවංසය ආදිය උදාහරණ වේx එම නිසා ” හත්ථවනගල්ල විහාරවංසය” සංස්කෘත සාහිත්‍යයේ ආභාසයෙන් රචනා වූ බව ඉන් තහවුරු වේx එසේම මෙතෙක් රචනා වූ වංසකථා සියල්ල ගාථාවන්ගෙන් පමණක් යුක්තයx එහෙත් ” හත්ථවනගල්ල විහාරවංසය” තුළ පi මෙන්ම ගදය පාඨයන්ද අන්තර්ගතයx මෙහි ගාථා පමණක් පණස් පහක් (55* වේxඉතිරිය ගi පාඨයෝයx එම නිසා ” හත්ථවනගල්ල විහාරවංසය” චම්පු කාව්‍යක් වශයෙන් හැඳින්විය හැකියxකාව්‍යාලංකාර උපදේශ කෘතියක් වන සුබෝධාලංකාරයද මීට ආසන්න යුගයක් රචනා වූවක්යxඑඑහි මෙසේ සඳහන් වේx ”ගජ්ජපජ්ජවිමිස්සානං- භේදනායං තිධා භවේ”6 උක්ත පාඨයෙන් ප‍්‍රකාශවන පරිදි මිශ‍්‍ර කාව්‍ය යනුවෙන් කවෙය ආකෘතියක් ඇතx එහෙත් පාලි ප‍්‍රකරණ සාහිත්‍ය තුළ එවැනි ආකෘතික නිර්මාණයක් දක්නට නැතx රසවාහිනිය රචනා වී පැවතියද එය සාහිත්‍ය කෘතියක් වශයෙන් අගය කළ නොහැකියxඑබැවින් සුබෝධාලංකාරය මගින් පාලි සාහිත්‍යයේ තිබිය යුතු යැයි දක්වන චම්පු කාව්‍ය සම්ප‍්‍රදාය පාලි සාහිත්‍යයට එකතු කිරීමට ගත් උත්සහයක් වශයෙන්ද ” හත්ථවනගල්ල විහාරවංසය” රචනා විම දැක්විය හැකියxඑසේම පොළොන්නරු යුගයේ ඇති වු සංස්්කෘත සාහිත්‍යයේ ප‍්‍රබෝධය නිසා එම සාහිත්‍යයේ ආභාසය ලබා පාලි සාහිත්‍යයට චම්පු කාව්‍ය එකතු වූ බව කිව හැකියx ඒ අනුව ” හත්ථවනගල්ල විහාරවංසය” තුළ පරිච්ෙඡ්ද එකොළහක් අන්තර්ගත වේx එනම් 1x කුමාරෝත්පත්ති පරිච්ෙඡ්දය 2 අනුශාසන පරිච්ෙඡ්දය 3x අනුරාධපුර ප‍්‍රවේස පරිච්ෙඡ්දය 4x රාජාභිසේක පරිච්ෙඡ්දය 5x පාරමිතාසිංසන පරිච්ෙඡ්දය 6x රත්තක්ඛිදමන පරිච්ෙඡ්දය 7x අභිනික්ඛමණ පරිච්ෙඡ්දය 8x අජ්ඣත්තිකදාන පරිච්ෙඡ්දය 9x වට්ටුලවිමානුප්පත්ති පරිච්ෙඡ්දය 10x පාසාදුප්පත්ති පරිච්ෙඡ්දය 11x අට්ඨංසවිමානුප්පත්ති පරිච්ෙඡ්දය උක්ත පරිච්ඡෙද පෙළගැස්ම අනුව පැහැදිලි වන්නේ පරිච්ෙඡ්ද අටක්ම සිරිසංඝබෝධි කථා පුවත තේමාකොට ගත් බවයිx ඉතිරි පරිච්ෙඡ්ද තුන පමණක් අත්තනුගලූ විහාරය පිළිබඳව සඳහන් වේx x සාමාජික තොරතුරු ග‍්‍රන්ථාභ්‍යන්තරයෙන් හෙළිවන සාමාජික තොරතුරු අපට මෙසේ පෙළගැස්විය හැකියx 1x අනොමදස්සි නමින් සංඝරාජ හිමි නමක් විසු බව 2x පාලි ” හත්ථවනගල්ල විහාරවංසය” ට පෙර ඒ ගැන සඳහන් වෙනත් ග‍්‍රන්ථයක් තිබූ බවx 3x සීහළදීප හා ලංකාදීප යන අපර නාමයන් භාවිත වු බව 4x මිණිපේ ජනපදය එකලද එම නමින් හැඳින් වූ බව 5x මහියන්ගණ මහා විහාරය පිළිබඳව 6x රාජ්‍ය පැහැරගැනීම් පිළිබඳව 7x සිරිසංඝබෝධි රජුගේ හිස දන් දීම 8x අත්තනගල්ල විහාරයට කළ පූජාවන් පිළිබඳව මෙම කරුණු තුළින් පැහැදිළි වන්නේ අත්තනගලූ විහාරයට සාපේක්ෂව රටේ අභ්‍යන්තර කටයුතු පිළිබඳව ද විශාල කරුණු ප‍්‍රමාණයක් ද අනාවරණය වන බවයිx x භාෂා ශෛලිය හත්ථවනගල්ල විහාරවංසය චම්පුකාව්‍ය ගණයට අයත් කාව්‍යක් බවත් එසේම සංස්කෘත භාෂාවේ ආධිපත්‍යට ලක් වූ වංසකථාවක් බවත් පූර්වයේදි සාකච්ඡුා කෙරුණිx ” හත්ථවනගල්ල විහාරවංසයේ” සංස්කෘත ගැතිබව පහත් උදාහරණ තුළින් පැහැදිළි වේx ”ජඨරපිඨරභාරක්ඛන්තවංකෝරුජානු- සජලජලදකූටාකාර ඝෝරෝරුකායෝ කුඨිලකඨිනදාඨා කොටිසන්දට්ඨගණ්ඪො- නවදිවසකරක්ඛසොදීපමාප”7 උක්ත උදාහරණය තුළින් පැහැදිළි වන තවත් කරුණක් නම් හත්ථවනගල්ල විහාරවංස කතුවරයා ”අනුත්ප‍්‍රාස” රසයට ඇළුම් කළ බවයිx ඒ බව එහි සඳහන් ජඨරපිඨර/සජලජලද/කුඨිලකඨින වැනි වදන් තුළින් පැහැදිළි වේx ඊට අමතරව සරළවකුළපුන්නාගනාග/අවිරලපවාළකුසුමඵල ආදියද උදාහරණ වේx එසේම ගi කාව්‍යයකට අවශ්‍ය ඕජෝ ගුණයෙන්ද ” හත්ථවනගල්ල විහාරවංසය” තොර නොවෙයිx ”සංඛාභරණමානනසොභාසමුද්දයමධිකතරමුපවහති”8 ”උච්චාවචේහිපනසසහකාරකපිත්ථන්ම්බරුජම්බීරජම්බුවිහිත”9 තවද සංස්කෘත භාෂා බලපෑම මත උපමා උපමේයන්ද යොදාගත් බව පැහැදිළි වේx ”චක්ඛුන්ද්‍රියලාලන පරවසස්ස සලභස්ස සමුජ්ජලිත දීපසිඛාපතනං”10 ”සොතින්ද්‍රියසුඛානුයුත්තස්ස තරුණ හරිණස්ස”11 එසේම කවර කරුණක් මුල්කොට කවර ග‍්‍රන්ථයක් රචනා කළද පාලි රචකයෝ බෞද්ධ උපදේශයන් ලබාදීමට අමතක කර නොමැතx හත්ථවනගල්ල විහාරවංස කතුවරයාද ඒ බව අමතක කර නොමැතx ”සොතින්ද්‍රියසුඛානුයුත්තස්ස තරුණ හරිණස්ස උුසුපාත සම්මුඛි භවනංxxxxxxx ඵස්සින්ද්‍රියානුභවනලාලස්ස මතංගජස්ස”12 ත්‍කසේ වුවද සිරිසංඝබෝධි රජු පිළිබඳව වඩාත් සාකච්ඡුා කිරීමෙන් පැහැදිළි වන්නේ බුදු දහමෙන් බලාපොරොත්තු වන්නා වූ පරමාදර්ෂි රාජ්‍ය පාලකයෙකුගේ ස්වභාවය දැක්වීමද කතුවරයාගේ අභිමතාර්ථයක් වූ බවයිx ඒ බව රත්තක්ඛිදමන හා නිදාඝ සමය අවස්ථාවලදි සිරිසංඝබෝධි රජු ක‍්‍රියා කළ අයුරු දැක්වීමෙන් පැහැදිළි වේx ඒ අනුව ” හත්ථවනගල්ල විහාරවංසය” ජනහිතකාමි පාලකයෙකුගේ ලක්ෂණයන්ද ස්මතුකර දක්වා ඇති බව පැහැදිළි වේx මේ අනුව ” හත්ථවනගල්ල විහාරවංසය” පාලි වංසකථා සාහිත්‍යයට නව උදාවක් හා ආකෘතියක් හදුන්වා දුන් වංසකථාවක් වශයෙන් පාලි සාහිත්‍ය ක්ෂේත‍්‍රයේ ගෞරවයට භාජනය විය යුතු කෘතියක් වේx පාදක සටහන් 1x පාලි සාහිත්‍ය අධ්‍යයන 1, සුගතසිරි හිමි,මඩිහේ, 143 පිටුව 2x අසිරිමත් හත්ථිකුච්ඡුි විහාරය,දිසානායක සෙනරත්, 1 පිටුව 3x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර, 1 පිටුව 4x නිකාය සංග‍්‍රහය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 29 පිටුව 5x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර,30 පිටුව 6x සුබෝධාලංකාරය, ලංකානන්ද හිමි, ලබුගම, 1 පිටුව 7x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර, 14 පිටුව 8x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර, 4 පිටුව 9x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර, 21 පිටුව 10x හත්ථවනගල්ල විහාරවංසය,අමරතුංග,ඒxඇම්xඩිxවයිx සරච්චන්ද්‍ර, 5 පිටුව 11x එම 12x එම   මමමස 

No comments: