Wednesday, December 11, 2013
තද්භව සිංහලයෙහි ශබ්දවිද්‍යාත්මක විවිධතා පිළිබ`ද ශිලාලේඛනාශ‍්‍රිත විමැසුමක්
තද්භව සිංහලයෙහි ශබ්දවිද්‍යාත්මක විවිධතා පිළිබ`ද ශිලාලේඛනාශ‍්‍රිත විමැසුමක්
ජීව භාෂාවක පැනෙන ප‍්‍රමුඛතම ලක්‍ෂණය වනුයේ සදාකාලිකව ඒකස්වභාවයෙන් නොපැවතී වැඞී යාමයි. භාෂාවක පරිසමාප්ත වූ පදයක නිෂ්ඵත්තිය කාලාන්තර පැවැත්මකින් සිද්ධ වනුයේ එහෙයිනි. සිංහල භාෂාව ද එකී ක‍්‍රමික වර්ධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් අවධි කිහිපයක් ඔස්සේ නූතන සිංහලය දක්වා විකාශනය වූ අයුරු මහාචාර්ය ෙගෙගර් මහතා විසින් ් ඨර්පප්ර දෙ එයැ ිසබය්කැිැ ක්බටම්ටැ නමැති කෘතියෙහි දක්වා ඇත. ඒ අනුව
01. සිංහල ප‍්‍රාකෘත යුගය. (කි‍්‍ර:පූ 02 සියවසෙහි සිට කි‍්‍ර:ව 04-05 දක්වා*
02. පුරාතන සිංහල යුගය. (කි‍්‍ර:ව 04-05 සියවසෙහි සිට කි‍්‍ර:ව 08 දක්වා*
03. මධ්‍ය සිංහල යුගය. (කි‍්‍ර:ව 08 සියවසෙහි සිට කි‍්‍ර:ව 13 දක්වා*
04. නූතන සිංහල යුගය. (කි‍්‍ර:ව 13 සියවසෙහි සිට නූතනය දක්වා දක්වා*
වශයෙන් එකී යුග භේදනය දැක්විය හැකිය. භාෂා ව්‍යවහාරාගත ඇතැම් වචන අවධි දෙකකදී ස්ථිරත්‍වයට පත්ව ඇති අතර සමහරක් වචන පරිසමාප්ත වී ඇත්තේ අවධි කිහිපයකින් පසුවය. එනම් ශතවර්ෂ ගණනාවක පරිණාමයෙනි. මෙසේ ප‍්‍රාකෘත අවධියේ සිට සිංහල භාෂාව ක‍්‍රමිකව විකාශනය වූ බව විද්‍යමාන ශිලා ලේඛනයන්හි එන සාධක ම`ගින් පළට වෙයි. ඒ ස`දහා පෙරියකුලම් සෙල්ලිපිය, මිහින්තලා සෙල්ලිපිය, මෝලාහිටියවෙලේගල සෙල්ලිපිය, රිටිගල සෙල්ලිපිය, මහරත්මලේ පර්වත ලිපිය, තෝනිගල සෙල්ලිපිය ආදිය දැක්විය හැකිය. සාහිත්‍යමය වශයෙන් එතරම් වැදගත් නොවූවද සිංහල භාෂා සංවර්ධනය හා ක‍්‍රම විකාශය පළට කරනු වස් ප‍්‍රාමාණික මූලාශ‍්‍රයක් වශයෙන් ශිලා ලේඛනයනට ලැබෙනුයේ ප‍්‍රමුඛස්ථානයකි.
‘‘රඣ නග ක්‍ධිත රඣ උති ඣය අබි අනුරදිච රඣ උතිච කරපිතශෙ ඉම ලෙණ චතුදිශ ශගය අගත අනගත පශු විහරයෙ අපරිමිතලොකදතුය ශතන ශික ශුකය.’’
යථෝක්ත පෙරියකුලම් සෙල්ලිපි සාධක පාඨයෙන් ක‍්‍රි:පූ: 03 වන ශතවෂ_යට අයත් භාෂාවෙහි තත්ත්‍වය අවබෝධ කරගත හැකිය. ඒ අනුව මෙකල භාෂාවෙහි පෙනෙන සුවිශේෂී ලක්‍ෂණ වනුයේ, ජ ඝ ඣ, ධ ඝ ඣ ආදියයි. මෙයට සියවසකට පසුව පිහිට වූ සිලාලිපිවල භාෂාව විමසා බැලීමේ දී ප‍්‍රකටව පෙනෙන විශේෂිත ලක්‍ෂණයක් වනුයේ භාෂා විකාශනයේ ශීඝ‍්‍ර වර්ධනයයි.
‘‘දෙවන පිය මහ රජහ ගමිණි තිසහ පුත දෙවන පිය තිස අබයහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ. ’’
ක‍්‍රි:පූ: දෙවන සියවසට අයත් උක්ත සෙල්ලිපි සාධක පාඨයෙහි පෙනෙන විශේෂිත ලක්‍ෂණය නම්, ඣ ඝ ජ ලෙස භාවිතා වීමයි. තත් සාධක නයින් භාෂාවේ ශබ්ද පිළිබ`ද පරිණාමය සිදුව ඇත්තේ එයට අනන්‍ය වූ මූලධර්ම රාශියක්් අනුවය. සංස්කෘත, පාලි ආදී මාතෘ භාෂාවන්ගේ සංස්පර්ෂය සිංහල ශබ්ද මාලාවේ සංවර්ධනය ස`දහා අතිශයෝපකාරී විය. සිංහලය අංග සම්පූර්ණ භාෂාවක් ලෙස හැඩ ගැසීමෙහිලා තද්භවාදී න්‍යායයන්ගෙන් පිවිසි වචන අප‍්‍රමාණය.
භාෂාවක ශබ්ද භාවිතයෙහි න්‍යායානුකූලත්‍වය අනිවාර්ය සාධකයක් වනුයේ න්‍යායබද්ධ ශබ්ද ධම_ය උල්ලංඝනය කිරීමෙන් හා පුද්ගල කල්පිතයන් අනුව ශබ්ද, පද ආදිය වෙනස් කිරීමෙන් භාෂාවක් කෙලෙසී යන බැවිනි. මේ අනුව ක‍්‍රි: පූර්ව යුගයේ සිට ක‍්‍රි: වර්ෂය දක්වා සිංහල භාෂාව ශබ්ද විiාත්මක (ඡුයදබදකදටහ*, පද විiාත්මක (ඵදරචයදකදටහ* හා වාක්‍ය වින්‍යාසාත්මක (ීහබඒං* මූලධර්මයන්ට එක`ගව විකාශනය වෙමින් නූතනය දක්වා වැඞී ආ බව පෙනෙයි. ක‍්‍රි:පූ: 03 සියවසේ සිට ක‍්‍රි:ව: 08 සියවස තෙක් සිංහල භාෂාවෙහි ඇති වූ ශබ්ද පිළිබ`ද පරිණාමය අතිශයින් සීඝ‍්‍ර හා උත්කෂ_වත් වූවක් බව ශාබ්දිකයන්ගේ පිළිගැනීමයි. ඒ අනුව ශිලාලේඛනාගත සාධක පාදක කොට ගනිමින් සිංහල භාෂාවේ වූ පරිණාමීය ධම_තා ශබ්ද විiාත්මක නයින් විමසා බැලීම මෙම ප‍්‍රයත්නයෙහි අභිමතාර්ථයයි.
ඕනෑම භාෂාවක භාෂාත්මක කුඩාම ඒකකය වනුයේ ශබ්දයි. සෑම භාෂාවකම ශබ්ද ධර්මය තද්භව, තත්සම, නිෂ්පන්න අංගයන් හා එක`ගය. ප‍්‍රගතිය කරා යන භාෂාවක පරිණාම ලක්‍ෂණ මේ ධර්මත‍්‍රය මත ක‍්‍රියාත්මක වේ . තද්භව යනු යම් කිසි භාෂාවක භාවිත වචන තවත් භාෂාවකට බි`දී ඒමේදී සෑදෙන ශබ්දය. ශබ්දයන්හි ක‍්‍රම විකාශය සිදුවනුයේ භාෂකයන්ගේ ශබ්දෝච්චාරණයේදී සිදු වන විපරිණාමයනට අනුව ය. වචන පාවිච්චි කරන්නෝ ඒවා එවකට ව්‍යවහාර වන බසේ හුරුවට අනුව සකස් කරති. ක‍්‍රි:පූ: සියවස්හි භාෂාව පාලියෙන් එතරම් ඈත් වූවක් නොවෙයි. ඇතැම් වදන් හුදෙක්ම පාලියට අනුරූපව තත්භව වී ඇත්තේ එහෙයිනි. ‘‘ආගත ඝ අගත’’ වශයෙන් දීර්ඝාක්‍ෂර සහිත මාතෘභාෂීය වචන සියබසට පැමිණීමෙදී හ‍්‍රස්වාක්‍ෂර බවට පත් වීම මේ ස`දහා නිදර්ශනයක් වශයෙන් දැක්විය හැකිය. උක්ත පරිණාමීය අවධියෙහි සියබසෙහිි දීර්ඝාක්‍ෂර අවිiමාන වූයේ පාලියට අනුරූපවය.
භාෂා විකාශනයේදී ශබ්ද ප‍්‍රකෘතියක් යුග පරිණාමය අනුව අවස්ථා දෙකකදී හෝ ඊට වැඩි ගණනකදී එනම් ශතවර්ෂ ගණනාවක පරිණාමයෙන් පසුව පරිසමාප්ත ශබ්දාවස්ථාව ලබයි. ශබ්ද පිළිබ`ද උක්ත ක‍්‍රමවේදය අධ්‍යයනය කරන න්‍යායය ශබ්දවිද්‍යාව (චයදබදකදටහ* නම් වේ. මෙම මූලධර්මය ක‍්‍රියාත්මක වීමේ දී ශබ්දයන්හි තද්භව ලක්‍ෂණය අනන්‍ය සාධකයකි. කි‍්‍ර:පූ යුගයේ සිට විද්‍යමාන ශිලාලේඛනාගත භාෂාව පිරික්සා බැල’මෙන් ශබ්දවිද්‍යාත්මක මූලධර්මයට එක`ගව ශබ්ද විකාශනය වූ බැව් පැහැදිලිය.
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ඍ’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘අ, ඉ හෝ උ’ බවට පත් වෙයි.
ගෘහපති ඝ ගපති
පීතෘ ඝ පිත
මාතෘ ඝ මාත
තෘණ ඝ තණ
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ඓ , ඖ’ ශබ්ද සියබසට පැමිණි වචනයෙහි ‘එ, ඔ’ බවට පත් වෙයි.
කෛලාශ ඝ කලෙසෙ
වෛශ්ව ඝ වෙශෙ
දෞ ඝ දො
කෞෂික ඝ කොසික
මාතෘභාෂීය වචනයක පැනෙන ‘අ’ ශබ්දය සියබසට පැමිණි වචනයෙහි ‘එ, ඔ’ බවට පත් වෙයි.
ලයණ ඝ ලෙණෙ
උපවසක ඝ පෝසක
මාතෘ භාෂාගත වචනයක් සිංහලට තත්භව වීමේදී ඇතැම්විට පදයක ආදි ස්වර ලෝප් වෙයි.
අකිණිය ඝ කිණිය
එමෙන්ම පළමුවන හෝ දෙවන මාත‍්‍රාවේ ස්වරයකට පූර්වයෙන් හෝ පසුව ආගම ස්වරයක් ඇතැම් විට එක් කරනු ලැබෙයි. එසේ එක් කරනු ලබන්නේ දෙවන මාත‍්‍රාවේ ස්වරයයි.
ස්ථවිර ඝ තෙර
පුෂ්කරණි ඝ පොකරණ
ස්වර භක්ති ව්‍යංජන දෙකක් ද්විත්‍ව වූ තැනට ස්වරයක් යෙදීමෙන් එම ව්‍යංජන දෙකින් එකක් නාසික්‍ය වෙයි.
ආචාර්ය ඝ ආචරිය
භාර්යා ඝ බරිය
ස්වර සාම්‍යය පිළිබ`ද නිදර්ශන ද අභිලේඛනවල දැකගත හැකිය. මෙය ද්විප‍්‍රකාර වෙයි. එනම් ස්වර මාත‍්‍රාවට අනුව සමානව යෙදීම හා විකල්පනයන්ට අනුව ස්වරාසන්න මාත‍්‍රාව උස්හඩින් උච්චාරණය වීමයි.
භාගිනෙය්‍ය ඝ භගිනිය
චතුදිශ ඝ චතුදශ
සේනාපති ඝ සෙනපති
මාතෘභාෂීය වචන තත්භව වීමේදී සියබසට පැමිණි වචනයෙහි ස්වර ශබ්ද විපර්යාස වෙයි.
ප‍්‍රමුඛ ඝ පරුමක
‘අ’ ස්වරය සාමාන්‍ය ස්වරයක් වන ‘ය’ අක්‍ෂරයට පසුව යෙදෙන විට එය ‘එ’ බවට පත් වෙයි.
යශශ් ඝ යෙශෙ
අර්ථාය ඝ අටය
සංඝාය ඝ සගයෙ
විහාරාය ඝ විහරයෙ
සුඛාය ඝ ශුකයෙ
මාතෘභාෂීය වචනයක පැනෙන ඔ කාරය සියබසට පැමිණි වචනයෙහි එ බවට පත් වේ.
බොජි ඝ බෙජි
එමෙන්ම මාතෘභාෂාගත වචනයන පැනෙන ‘ඔ’ ස්වරය ‘උ’ ලෙසත් ‘එ‘ ස්වරය ‘ඉ’ ලෙසත් කලාතුරකින් යෙදී ඇති බැව් පෙනෙයි.
භොජික ඝ භුක්‍ධික
කුබෙර ඝ කුබිර
මාතෘභාෂාගත වචනයන්හි එන ‘අ’ කාරයට පසුව යෙදෙන ‘ඉ’ කාරය ‘ය්’ හෝ ‘එ’ බවට පත්වෙයි.
ලඞඝිතක ඝ ලෙගිතක
වඞ්ඩි ඝ වෙඩ
පිටක ඝ පෙකඩ
අමාත්‍ය ඝ අමෙති
වාපි ඝ වෙව
පත්ති ඝ පෙත
මාතෘභාෂාගත වචනයන්හි ‘ඉ’ කාරයට පසුව යෙදෙන ‘අ’ කාරය සිය බසට පැමිණි වචනයෙහි ‘ඉ’ බවට පත්වෙයි.
විසති ඝ විසිය
මාතෘභාෂාගත වචනයන්හි ‘අ’ කාරයට පසුව යෙදෙන ‘ය්’ කාරය ‘ඉ’ බවට පත්වෙයි.
සයං ඝ සිය
මාතෘභාෂාගත වචනයන්හි ‘අ’ කාරයට පසුව යෙදෙන ‘ව’ කාරය ‘ඔ’ බවට පත් වෙයි.
ලවණ ඝ ලෝණ
කත්‍වා ඝ කොටු
මාතෘභාෂාගත වචනයන්හි එන ‘ඉ’ කාරය ‘අ’ බවට පත් වෙයි.
සිරි ඝ සරි
නික්‍ඛිත්‍ත ඝ නිකිත
ගිරි ඝ ගරි
විහාර ඝ වහෙර
මාතෘභාෂාගත වචනයන්හි එන ‘උ’ කාරය ‘ඉ’ බවට පත් වෙයි.
මූල්‍ය ඝ මිලිය
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ඔ’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘උ’ බවට පත් වේ.
මොග්ගල්ලායන ඝ මුගලන
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ඓ’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘එ’ බවට පත් වේ.
වෛශාඛ ඝ වෙසක
වණ පෙරළියට උදාහරණ ලෙස,
බිදල ඝ බයලි
සලාග ඝ ලසාග
උක්ත සාධක නයින් විමසා බලන කල්හි මාතෘභාෂාගත ස්වර ශබ්ද පද්ධතිය සියබසට බි`දී ඒමේදී නොයෙක් ශබ්ද විද්‍යාත්මක ධම_යනට භාජනය වූ බව පැහැදිලිය. තත් කාලීන සමාජ සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමෙහිලා පොහොසත් මාතෘභාෂාගත වචනයන්ගෙන් තත්භව වූ ව්‍යංජන ශබ්ද මාලාවක් ද පැවති බව ශිලා ලේඛනාගත සාධකයන්ගෙන් ප‍්‍රකට වෙයි. ඒ අනුව ව්‍යංජන ශබ්ද පද්ධතියද තත්භව ක‍්‍රියාවලියේ දී නොයෙක් ශබ්ද විද්‍යාත්මක න්‍යායයන්ට එක`ගව වැඞී ආ බව පෙනෙයි.
මහාප‍්‍රාණාක්‍ෂර සහිත මාතෘභාෂීය වචන සිය බසට පැමිණීමේ දී අල්පප‍්‍රාණ බවට පත්වේ.
ධම්මරක්‍ඛිත ඝ දමරකිත
ථෙර ඝ තෙර
සඞඝ ඝ ස`ග
ප‍්‍රමුඛ ඝ පරුමක
අභය ඝ අබය
භත්ත ඝ බත
මාතෘභාෂීය දීර්ඝාක්‍ෂර සහිත වචන සියබසට පැමිණීමෙදී හ‍්‍රස්වාක්‍ෂර බවට පත් වේ.
විහාර ඝ විහර
ආගත ඝ අගත
නාග ඝ නක
මාස ඝ මස
රාජන් ඝ රජ
සංයුක්තාක්‍ෂර සහිත මාතෘභාෂීය වචන සියබසට පැමිණීමේ දී කේවල බවට පත්වේ.
සුදස්සන ඝ සුදසන
භික්‍ඛු ඝ බිකු
මාතෘභාෂාගත වචනයන්හි එන ‘ච්ඡු’ සිය බසට පැමිණීමේදී ‘ජ’ බවට පත් වෙයි.
මච්ඡු ඝ මජි
ඝෝෂාක්‍ෂර සහිත මාතෘභාෂාගත වචන සියබසට පැමිණි වචනයෙහි අඝෝෂාක්‍ෂර බවට පත්වේ.
නාග ඝ නක
මේඝ ඝ මෙක
නගර ඝ නකර
කපාල ඝ කබුලි
මාතෘභාෂාගත වචනයන්හි ස්වර මධ්‍යගත ග , ත , ධ යන අක්‍ෂර ‘ය’ බවට පත් වෙයි.
නිගම ඝ නියම
පර්වත ඝ පවය
මධු ඝ මිය
මාතෘභාෂීය වචනයක ‘ඍ’ හෝ ‘ර’ කාරයට පෙරටුව හෝ පසුව යෙදෙන දන්තජාක්‍ෂර මූර්ධන්‍ය බවට පත් වෙයි.
වර්තවෙ ඝ වටවි
වෘද්ධි ඝ වෙඪ
වෘත්ති ඝ වට
අර්ථ ඝ අට
කෘත්‍වා ඝ කොටු
මාතෘභාෂීය වචනයක එන ‘ට’ සියබසට පැමිණි වචනයෙහි ‘ඩ’ බවට පත් වෙයි.
පිටක ඝ පෙකඩ
මාතෘභාෂීය වචනයක එන ‘ස’ කාරය සියබසට පැමිණි වචනයෙහි හකාර බවට පත් වෙයිි.
ශස්‍ය ඝ හස
පලාස ඝ පලහ
සකට ඝ හකඩ
මාතෘභාෂීය වචනයක ස්වර මධ්‍යගත ‘හ් ’ යන්න සියබසට පැමිණි වචනයෙහි ‘ක් ’ බවට පත් වෙයි.
මහිලක ඝ මකලක
මාතෘභාෂීය වචනයක ස්වර මධ්‍යගත ‘ද් ’ යන්න සියබසට පැමිණි වචනයෙහි ‘ත්’ බවට පත් වෙයි.
කුමාරදාස ඝ කුමරතස
මාතෘභාෂීය වචනයක ස්වර මධ්‍යගත ‘බ්’ යන්න සියබසට පැමිණි වචනයෙහි ‘ප්් ’ බවට පත් වෙයි.
අබය ඝ අපය
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ග’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘ක’ බවට පත් වෙයි.
යාගු ඝ යාකු
ණාගදීප ඝ නකදිව
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ඨ’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘ළ’ බවට පත් වෙයි.
දාඨා ඝ දළි
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ථ’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘ය’ බවට පත් වෙයි.
උපොසථ ඝ පොහොයි
මාතෘභාෂීය වචනයක පැනෙන ‘ශ’ කාරය හා ‘ත’ කාරය සියබසට පැමිණි වචනයෙහිදී පිළිවෙළින් ‘ස’ හා ‘ය’ වෙයි.
ශත ඝ සිය
නිග්ගහීතය සහිත මාතෘභාෂීය වචනයක් තද්භව වීමේදී අර්ධානුනාසිකාක්‍ෂර බවට පත්වෙයි.
භික්‍ෂු සංඝ ඝ බික්ස`ග්
දණ්ඩ ඝ ද`ඩි
මාතෘභාෂීය ස්වර මධ්‍යගත ‘ට, ඩ’ වැනි කේවල මූර්ධන්‍යාක්‍ෂර සහිත වචනයක් තද්භව වීමේදී මූර්ධජ ‘ළ’ බවට පත්වෙයි.
පටිබාහන ඝ පිළිබහන
හකට ඝ යහළ
ආවාට ඝ වළ
ගූඪ ඝ ගුළු
පටිමා ඝ පිළිම
මාතෘභාෂීය වචනයක එන කණ්ඨජාක්‍ෂර හා දන්තජාක්‍ෂර සියබසට පැමිණි වචනයෙහි උච්චාරණය නොවීම. (ස්වර මධ්‍යගත ‘ක’ලොප් වී ය, ව, හ, රූප බවට පත් වීම*
දුකුල ඝ දුහුල
ලෙඛා ඝ ලෙයා
දක ඝ දිය
පවත ඝ පවය
මාතෘභාෂීය වචනයක එන හකාරය සිය බසට පැමිණි වචනයෙහි ලොප් වෙයි.
ගහපති ඝ ගපති
මාතෘභාෂීය වචනයක එන ‘ය’ බවට පත් නොවුනු ඇතැම් ‘ච’ යෙදුම ‘ස’ බවට පත් වෙයි.
චේතියගිරි ඝ සෑගිරි
චතුර් ඝ සතර්
චල ඝ සල
චන්‍ද්‍ර ඝ ස`ද
අන්ත ව්‍යඤ්ජන ලෝපය සිදු වූ අවස්ථාවන්ට නිදර්ශන දක්නට ලැබෙයි.
මහා ප‍්‍රමුඛ ඝ මපුරුමු
වී‍්‍රහී ඝ වී
දධි ඝ දී
ප‍්‍රකෘතිමය හෝ විකෘතිමය ජ කාරය ද කාර බවට පත් වෙයි.
රාජ කුළ ඝ රදොල
වර්ගාන්ත සහිත මාතෘභාෂීය වචන සියබසට පැමිණීමේදී වර්ගාන්තය ලොප් වී යයි.
දේවානම්පිය ඝ දෙවනපිය
සංඝස්ස ඝ ශගශ
මාතෘභාෂීය වචනයක එන ‘ට’ කාරය සියබසට පැමිණි වචනයෙහි ‘ඩ’කාර බවට පත් වෙයිි.
සකට ඝ හකඩ
කුටිකණ්ණ ඝ කුඩකණ
මාතෘභාෂීය වචනයන්හි එන ස්වර මධ්‍යගත ප ඝ ව බවටත් ස ඝ හ බවටත් පත්වෙයි.
උපරාජ ඝ උවරජ
වාපිසර ඝ වෙවසර
වසභ ඝ වහබ
ධනිතාක්‍ෂරයන්ගේ හ කාරය ව්‍යස්තව සමහර තැනක සිටියි.
අභය ඝ අබහය්
මාතෘභාෂීය වචනයක ඇති අනුස්වාරය හා අනුනාසිකය සියබසට පැමිණි වචනයෙහි අභාවයට යයි.
චිරං තිට්ඨති ඝ චිලතිටති
අහං ඝ අව
දෙවානං ඝ දෙවන
සංඝ ඝ සග
උක්ත සාධකාශ‍්‍රයෙන් විමසා බලන කල්හි මාතෘභාෂාගත ව්‍යංජන ශබ්ද පද්ධතිය ද නොයෙක් ශබ්ද විද්‍යාත්මක විපරිණාම ධම_යනට භාජනය වෙමින් වැඞී ආ බව පැහැදිලිය.
ප‍්‍රාරම්භයේදී ශතවර්ෂ වශයෙන් අවධි සතරකට බෙදා දක්වන ලද කාල පරිච්ෙඡ්දය සිංහල භාෂා පරිණාමයේ විවිධ සංසිද්ධීන්ගෙන් ගහන වූවක් ලෙස සැලකිය හැකිය. ඒ අතර ක‍්‍රි:පූ: 03 වන සියවසෙහි සිට ක‍්‍රි:ව 08 වන සියවස දක්වා කාල පරාසය සිංහල භාෂාවේ සීඝ‍්‍ර වර්ධනය ප‍්‍රකට කරන වැදගත් අවස්ථාවක් බව ශිලාලේඛනාගත සාධක සාක්‍ෂ්‍ය දරයි.
සිංහලය ස්වාධීන භාෂාවක් ලෙස වැඞීමෙහිලා මාතෘභාෂාගත ශබ්ද සමූහය යම් මූලධර්ම පද්ධතියකට යටත්ව බලපෑ බැව් භාෂා පරිණාමයෙහි සාධනීය මූලධර්මයක් ලෙසින් සැලකෙන ශබ්ද විiාත්මක නයින් කෙරෙන අධ්‍යයනයේදී පැහැදිලි වෙයි. ඒ අනුව ප‍්‍රාකෘත යුගයේ සිට මධ්‍යතන යුගය ඔස්සේ නූතනය දක්වා වූ භාෂා සංවර්ධනයෙහිලා මාතෘ භාෂා ශබ්ද පද්ධතිය ශබ්ද විද්‍යාත්මක වෙනස්කම් රාශියක් ඔස්සේ සිදු වී ඇති බැව් ආහට සාධක සාක්‍ෂ්‍ය සපයයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment