Thursday, December 12, 2013
සිංහල පද්‍ය ආකෘතියෙහි ප‍්‍රාරම්භක ප‍්‍රවණතා හා විකාශනය පද්‍යය
සිංහල පද්‍ය ආකෘතියෙහි ප‍්‍රාරම්භක ප‍්‍රවණතා හා විකාශනය
පද්‍යය
භාෂාව ප‍්‍රධානතම මාධ්‍යය කොට පවත්නා කලාව, සාහිත්‍යය ලෙස කීර්තනය කළ හැකිය. එම කලාව ‘සාහිත්‍යය’ යන සංඥාව ලබා ඇත්තේ සමාජයට හෝ අර්ථයට හෝ රසයට හිතවත් වූ බැවිනි. සාහිත්‍යයේ ප‍්‍රධාන මාධ්‍යය වන භාෂාව හසුරවන ආකාරය අනුව සාහිත්‍යය ත‍්‍රිවිධ වන බව විද්වත් මතය වේ. එනම් ගද්‍ය, පද්‍ය හා චම්පු/මිශ‍්‍ර යනුවෙනි. ඡුන්දසකින් තොරව පාදවලට නොබෙදා භාෂාව හසුරවනුයේ ගද්‍යය වේ. ඡුන්දසකට අනුව පාද බෙදා භාෂාව හසුරවනුයේ පද්‍යයයි (නිසඳැස් කාව්‍යය තුළ ඡුන්දසක් නොමැති වුවද පාද බෙදීම දක්නට ඇති හෙයින් එයද පද්‍ය විශේෂයෙහිලාම සලකමු*. ගද්‍ය, පද්‍ය දෙකින් මිශ‍්‍ර වූයේ චම්පු කාව්‍යය හෙවත් මිශ‍්‍ර කාව්‍යය වේ. දෘශ්‍ය කාව්‍යය බොහෝ සෙයින් මේ ගණයෙහිලා සලකනු ලැබේ (ගද්‍යයෙන් පමණක් ලියවුණු දෘශ්‍ය කාව්‍යයද නූතනයේ දක්නට ලැබේ*.
සාහිත්‍යයේ වන ප‍්‍රධාන අංගත‍්‍රය අතුරෙන් මෙහිදී අවධානය යොමු වන්නේ පද්‍ය කාව්‍යය විෂයයෙහි පමණි. පද්‍යයක් යනු කුමන ලක්ෂණවලින් සමුපේත වූවක්දැයි ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන ආචාර්යවරයෝ අර්ථ දක්වා ඇත්තාහ. මෙහිදී උත්සුක වන්නේ එම අදහස් හා කෝෂකරුවන්ගේ අදහස් උපයෝගී කර ගෙන පද්‍යය යනු කිමැයි විග‍්‍රහ කිරීමටය.
සිංහල භාෂාවෙන් ‘කවිය’ යනුවෙන් හඳුන්වන මෙය සංස්කෘත භාෂාවෙන් ‘පද්‍ය/ශ්ලෝක’ යනුවෙන්ද පාලි භාෂාවෙන් ‘පජ්ජ/ගාථා/සිලෝක’ යනුවෙන්ද ඉංග‍්‍රීසි භාෂාවෙන්ිචදැප’ යනුවෙන්ද හඳුන්වයි. සිංහල භාෂාවේ එන කවිය යන්නෙහි මාතෘ රූපය වූ කාව්‍යය යන්නද සංස්කෘත භාෂාවේ කවිය සඳහාද යෙදී ඇතත් එය පොදුවේ සාහිත්‍යය යන අරුත්හි බොහෝ සෙයින් යෙදී ඇති බව කාව්‍යය යන්න යෙදී ඇති ප‍්‍රස්තාවන් විමසීමෙන් පෙනේ.ිචදැප’ යන්නට ශබ්දකෝෂකරුවන් අර්ථ දක්වා ඇත්තේ මෙසේය.
‘‘පද පේළිවල සහ ශබ්දවල පිළිවෙළ අනුව පෙළ ගස්වා ඇති, යම් අදහසක්, හැ`ගීමක් හෝ මනුෂ්‍ය අත්දැකීමක් චිත්තරූප බහුලව භාවිත කොට ඉදිරිපත් කරන ලියවිල්ලකි.’’
‘‘පද්‍යයෙන් ඇති නිර්මාණාත්මක රචනයකි. බොහෝ විට ගැඹුරු හැ`ගීම්, වටිනා සිතිවිලි මනෝ්රම්‍ය බසකින් ඉදිරිපත් කරනු ලැබේ. පද්‍යය ලියනු ලබන්නේ යම් අත්දැකීමක් සන්නිවේදනය කරනු සඳහාය.’’
‘‘සෑදීම, නිර්මාණය කිරීම යන අරුත් ඇති ගී‍්‍රක පදයකින් උත්පත්තිය ලබා ඇත. කලාත්මක නිර්මාණයකි. පද්‍යයෙන් ඇති, චිත්තරූපවල ඇති සුන්දරත්වය සහ උසස්බව ලක්ෂණ කොටගත් නිර්මාණයකි.’’
‘‘පද්‍යයෙන් ඇති නිබන්ධයකි. චින්තනයේ, භාෂාවේ ඉහළ සුන්දරත්වයක් පෙන්නුම් කරන බොහෝ විට පද්‍යයෙන් ඇති (නමුත් අත්‍යවශ්‍යයෙන්ම පද්‍යයෙන් තිබිය යුතු නොවේ* රචනාවකි.’’
‘‘කලාත්මක රචනයකි. චින්තනයේ, භාෂාවේ හෝ කලාත්මක ආකෘතියේ අතිචමත්කාරයක් පෙන්වන, පද්‍යයෙන් හෝ ගද්‍යයෙන් ඇති රචනාවකි.’’
ශබ්දකෝෂකරුවන්ගේ යථෝක්ත නිර්වචන සියල්ල පිරික්සීමෙන් පද්‍යයේ ලක්ෂණ අංශද්වයකින් මතු වේ. එනම්, බාහිර වශයෙන් හා අභ්‍යන්තර වශයෙනි. බාහිර ලක්ෂණ යටතේ එහි ආකෘතිය අර්ථකථනය වන අතර අභ්‍යන්තර ලක්ෂණ යටතේ භාෂාව හා සංකල්ප නිර්මාණාත්මක වීම, චිත්තරූප මැවීම, චමත්කාරයක් දැනවීම යන ලක්ෂණ අර්ථකථනය වේ. ශබ්දකෝෂකරුවන්ගේ අදහස්වලට අනුව පද්‍යයක් යනු කිසියම් වූ අදහසක් සහෘද සන්තානයෙහි චිත්තරූප මැවෙන පරිදි හා චමත්කාරයක් ඇතිවන පරිදි නිර්මාණාත්මක සංකල්පනාවෙන් හා භාෂාවෙන් යුතුව ශබ්දවල ගැළපෙන පිළිවෙළක් අනුව පද පේළි ම`ගින් දැක්වීමයි.
ප‍්‍රාචීන හා ප‍්‍රතිචීන විද්වතුන් පද්‍යය යන්න තම තමා පිළිගත් කාව්‍ය විචාර සිද්ධාන්ත හෝ ගුරුකුලයන්ට අනුව අර්ථ දක්වා ඇත. භාමහ නම් සංස්කෘත කාව්‍යාලංකාරිකයා කාව්‍යය හඳුන්වන්නේ ‘ශබ්දාර්ථෞ සහිතෞ කාව්‍යයම්’ වශයෙනි. ඔහුගේ පිළිගැනීම පරිදි කාව්‍යය තුළ ශබ්දය හා අර්ථය අතර අන්‍යෝන්‍ය ප‍්‍රතිබද්ධතාවක් පැවතිය යුතුය. මෙම ප‍්‍රතිබද්ධතාව සමස්ත ශබ්ද සමූහය මතුකරන ශබ්දය හා සමස්ත අර්ථය අතර වන්නක් විය යුතු සේ ගැනීම උචිත වේ. මක්නිසාද යත්, කාව්‍යයේදී වැදගත් වන්නේ අභිධේය අර්ථයට වඩා ලක්ෂ්‍යාර්ථය හා ව්‍යංග්‍යාර්ථය බැවිනි. රසවාදය අනුව යමින් විශ්වනාථයන් කාව්‍යය යන්න අර්ථ දක්වන්නේ ‘වාක්‍යං රසාත්මකම් කාව්‍යයම්’ වශයෙනි. විශ්වනාථයන් කාව්‍යයේ ප‍්‍රධානම ලක්ෂණය හෙවත් ආත්මය ලෙස දකින්නේ රසයයි. භාරතීය ෙසෙද්ධාන්තිකයන්ගේ විග‍්‍රහයන්හි එන කාව්‍යය යන පදය පද්‍යය විෂයයෙහි පමණක් ලඝු කළ නොහැකි වෙතත් පද්‍යය විෂයයෙහිත් එය අදාළ හෙයින් පද්‍යයේ ලක්ෂණ දෙකක් ලෙස ශබ්දාර්ථ සුසංයෝගය හා රසඥතාව හැඳින්විය හැකිය.
එස්. ටි. කොල්රිජ් පවසන ‘කාව්‍යය වනාහි හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීමයි’ යන්නද භාමහගේ විග‍්‍රහයට සමානය. හොඳම වචන හොඳම පිළිවෙළට ගැළපීම යනු යම් අර්ථයක් පැවසීමට වචන/ශබ්ද කිහිපයක් ඇත්නම් ඒ අතුරින් සමස්තාර්ථයට උචිත වූ ශබ්දයක් ඇති පදය තෝරා ගැනීම හා එසේ තොරාගත් පදය/පද සමස්තාර්ථයට උචිත වූ තැනෙක පිහිටවීමයි. ධ්වනිවාදීහු කාව්‍යයේ ආත්මය ධ්වනිය ලෙසත් රීතිවාදීහු කාව්‍යයේ ආත්මය රීතිය ලෙසත් දැක්වූහ. මෙනයින්ම වක්‍රෝක්තිවාදින් හා ඖචිත්‍යවාදීන්ද අර්ථ දක්වා ඇත. එසේ හෙයින් කාව්‍යය යන්න අර්ථ දැක්වීමේදී එක් ගුරුකුලයකට වහල් විය නොහැකි සේම එකකුද නොවැදගත්යැයි ප‍්‍රතික්ෂේපද කළ නොහැකිය. එසේ හෙයින් කාව්‍යය යනු යථෝක්ත සියල්ලෙන් සමලංකෘත, සුසමාහිත, සුසාධිත වූවක් ලෙස අර්ථ දැක්වීම යෝග්‍ය වේ. එහෙත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙය නම් යම්කිසි පද්‍යයක රස, ධ්වනි, ඖචිත්‍ය, වක්‍රෝක්ත්‍යාදි කාව්‍ය ලක්ෂණයන්ගෙන් එකක් හෝ දෙකක් නොඑසේ නම් කිහිපයක්ම නොතිබීම එය කවියක් නොවීම විෂයයෙහි බල නොපානා බවයි. එක් ලක්ෂණයක් පමණක් වුව තිබීම එය කවියක් වීම විෂයයෙහි අසාධාරණ නොවේ.
ගද්‍යයෙන් පද්‍යය වෙන් කිරීමේ ප‍්‍රධාන ලක්ෂණය ලෙස පූර්වයේ පටන් සැලකූ පාද බෙදීම යන සංකල්පය වුව එක් පාදයකින් නිමවන කවියක් හමුවෙහිදී ප‍්‍රතිෂ්ඨා විරහිත බවට යේ. ඇතැම් ශබ්දකෝෂකරුවකු මෙය සලකාගෙන හෝ වෙනත් යම් ආස්ථානයක් සලකාගෙන කවිය යන්න ගද්‍යයෙන්ද පැවතිය හැකි බව පිළිගෙන ඇති අයුරු ශබ්දකෝෂයන්ගෙන් ගත් උද්ධෘතයන්ගෙන් පෙනේ. ඇතැම් විට එම අදහස් සංස්කෘත ආලංකාරිකයන්ගේ කාව්‍යය යන පදය සේිචදැප’ යන්නද ගද්‍ය පද්‍ය විෂයයෙහිලා අවිශේෂයෙන් ඉදිරිපත් කළ ඒවාද විය හැකිය.
යුග ප‍්‍රවණතා අනුව කවියේ නිර්වචන විපරිණාමී වේ. පද්‍ය ඉතිහාසයේ එය එසේ වී ඇති බව නිසඳැස් හා දෙපද කවි විමසීමෙන් පෙනේ. පූර්වයෙහි පද්‍යයේ විශේෂ ලක්ෂණය ලෙස සැලකුවේ ඡුන්දස හා චතුෂ්පදීත්වයයි (පද්‍යං චතුෂ්පදී තච්ච වෘත්තාං ජාතිරිති ද්විධා*. නිසඳැස්වල හා දෙපදයන්ගේ සම්ප‍්‍රාප්තියෙන් පසු නිසඳැස හා දෙපදය කවි ලෙස පිළිගැනීමට වූයෙන් කවියේ අනිවාර්ය අංගය ලෙස සැලකූ ඡුන්දස හා චතුෂ්පදිත්වය යල් පැන ගියේය. නූතන කාව්‍ය ප‍්‍රවණතා අධ්‍යයනය කරන විට ‘පාදවලට බෙදනු ලැබුයේ පද්‍යය’යි යන සංකල්පයේද වලංගුතාව පිරිහෙමින් පවත්නා බව පෙනේ. එසේ හෙයින් ‘පද්‍යය’ යනු යම්කිසි අදහසක් කාල්පනිකත්වයේ හා භාෂාවේ ඇති නිර්මාණශීලිත්වය ම`ගින් සහෘදයා තුළ චමත්කාරයක් දැනවෙන ආකාරයට කරන රචනාවකි’ යන ආකාරයේ නිර්වචනයක පිහිට පැතීමට සිදු වේ. සිංහල කවියේ ඇති වෙමින් පවත්නා නූතන ප‍්‍රවණතාවන් විෂයයෙහි අවධානය ගැඹුරින් යොමු කරන කල මෙහිද යම් යම් වෙනස්කම් කිරීමට සිදු වන බවද කිව යුතු වේ.
ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ආරම්භය
ලක්වැසියෝ වනාහි ප්‍රෞඪ ඉතිහාසයක උරුමකරුවෝය. එම ප්‍රෞඪත්වය විදහාපාන තාක්ෂණික මෙන්ම සාහිත්‍යමය ශක්තියේ කොතෙකුත් නිදසුන් ලාංකේය ජනයාගේ පමණක් නොව විදේශිකයන්ගේද නෙත්සිත් පුදුම කරමින් අදටද නිහ`ඩව විරාජමාන වෙයි. මෙහිදී විශේෂ අවධානය යොමුකරන්නේ ලක්දිව සාහිත්‍ය ඉතිහාසයේ මාණික්‍යමය කිරීටයක් සේ දිස්වන පද්‍ය සම්ප‍්‍රදායයේ ආරම්භය පිළිබඳවය. ‘ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම’ යන සංකල්පය සවන් වැකුණු විගසම සිත් ආක‍්‍රමණය කරගන්නා අනෙකුත් සංකල්පය වන්නේ ‘ජන කවි සම්ප‍්‍රදායය’යි. මෙම පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම සෙවීම උගහට කරුණක් වන්නේ එහෙයිනි. මන්ද යත්, මිනිස් දිවියේ දුක් කම්කටොළු, සෙනෙහස, විරහව, ආදරය යම් තාක් පැරණිද ඒ තාක් ජන කවියද පැරණි වන නිසාවෙනි.
මෙම`ගින් ලක්දිව පද්‍ය සාහිත්‍යය කොතෙක් දුරට මහජනයාගේ සිත් සතන් හා බැඳී පැවතියේද යන්න මොනවට විද්‍යමාන වෙයි. එහෙත් දැනට නෂ්ටප‍්‍රාප්ත නොවී පවතින ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ පැරණිම මූලාශ‍්‍රය වන්නේ සීගිරි ගී සමුච්චයයි. එහෙයින් මෙහිදී විමසනු ලබන්නේ සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයක් පැවතුණේද යන්නයි. එය ප‍්‍රධාන කොටස් තුනක් යටතේ අධ්‍යයනය කරනු ලබයි.
ෂග සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපිවල පද්‍ය සම්ප‍්‍රදායය
ෂෂග ඓතිහාසික කෘති, සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදායය
ෂෂෂග සීගිරි ගී ම`ගින්ම හෙළිවන අතීත පද්‍ය සම්ප‍්‍රදායය
සිංහල පද්‍ය සම්ප‍්‍රදායයේ ශේෂව පවතින පැරණිතම සාධකය වන්නේ සීගිරි ගීයයි. එම ගීවල ඇති විදග්ධභාවය, සරලත්වය හා ගේයතා ලක්ෂණ ම`ගින්ද සාහිත්‍ය පොතපත මගින්ද මෙරට යම් පද්‍ය සම්ප‍්‍රදායයක ප‍්‍රවණතාවන් පැවති බවට සාක්ෂ්ය සැපයේ. ඒ අනුව ආකස්මිකව, එකවර සීගිරි ගී ම`ගින් සිංහල පද්‍ය සම්ප‍්‍රදායය ඇරඹුණේයැයි පැවසීම යුක්ති සහගත මෙන්ම සර්ව සම්පූර්ණ නිවැරදි ප‍්‍රස්තූතයක් ලෙස පිළිගත නොහැකිය.
සීගිරි ගී රචනා වීමට ප‍්‍රථමයෙන් දක්නට ලැබෙන සෙල්ලිපිවල ඇති පද්‍ය සම්ප‍්‍රදායය
සීගිරි ගීවලට ප‍්‍රථමයෙන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක් ලක්දිව පැවති බවට සාධක ගෙනහැර පෑමට ඇති වටිනාම සාක්ෂ්‍යයක් ලෙස ඓතිහාසික සෙල්ලිපිවල එන කරුණු දැක්විය හැකිය. ඒ අතර ‘‘ඉතාම පැරණි යුගයට අයත් සෙල්ලිපි අතර පද්‍යයෙන් ලියවුණු සෙල්ලිපි දක්නට ලැබේ.’’ මේ පිළිබඳ විශේෂයෙන් අධ්‍යයනය කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා බ‍්‍රාහ්මී අක්ෂරයන්ගෙන් ලියන ලද එම සෙල්ලිපිවල පුරාතන සිංහල පද්‍ය සම්ප‍්‍රදායයක ලක්ෂණ ඇති බව පිළිගනී. ‘මේ හෝඩුවාව අනුව විපරම් කරමින් කරුණු දක්වන පරණවිතාන මහතා එය වනාහි එකළොස්වැනි, දොළොස්වැනි හා තෙළෙස්වැනි ශතවර්ෂවල බොහෝ සෙයින් පැතිර පැවති සුප‍්‍රසිද්ධ යහගී වෘත්තයට අනුව ලියා ඇති බව නිගමන කරයි.’ ක‍්‍රි.පූ. තෙවන සියවස තුළ අනුරාධපුර පළාතේ මාමිණියේ කෝරළේ මරදන්කඩවල අසල කොස්ගමකන්ද විහාර ලිපිය එහිදී පළමුව දැක්විය හැකි සාධකයයි.
‘‘මහරඣහ ගමණි (මාත‍්‍රා 9*
අබයහ දෙවන පියශ (මාත‍්‍රා 11*
(ර*ම(ණි* බ(රි*ය මිලකතිශ (මාත‍්‍රා 11*
විහාරෙ කා(රි*තෙ කතිය’’ (මාත‍්‍රා 11*
දකුණු පාළාතේ මාගම් පත්තුවේ තිස්සමහාරාමයේ කිරින්දේ කොටා ඇති ලිපිය දෙවැන්නයි.
‘‘අපරිමිතෙ ලොකහි බුධ (මාත‍්‍රා 12*
සමෙනති අඨාන පරමදුලබෙ (මාත‍්‍රා 15*
සව`ක්‍දුතපතෙ අනුතරෙ සථෙ (මාත‍්‍රා 12*
මහසරණෙ ලොකචක බුධ නම සසහු (මාත‍්‍රා 18*
මෙගලහි විහරෙ නක- (මාත‍්‍රා 9*
උවර (ජෙනෙ*ම බුධ සරණ (මාත‍්‍රා 11*
ගතෙ මිචදිටික බිදිය (මාත‍්‍රා 11*
(යහ* (මහ* (පර*ය (ණ* භුතෙ’’ (මාත‍්‍රා 11*
තෙවැන්නද දකුණු පළාතේ තිස්සමහාරාම ප‍්‍රදේශයෙන් සොයා ගත්තකි.
‘‘ය ගෙධම සෙ බයෙ නාමා (මාත‍්‍රා 12*
සහ වඩම නෙනා මිචදිකා (මාත‍්‍රා 15*
ජන අවතය නෙ භකියේ සහ (මාත‍්‍රා 12*
ආසා ති සොහ රජිති(ය* ගමේ (මාත‍්‍රා 15*
මචදිටි බිනක අටි (මාත‍්‍රා 9*
මථිම බුද සරණ ගතෙ (මාත‍්‍රා 11*
නාග උවරාජ නාම (මාත‍්‍රා 11*
කඩ උවරාජ කාලහි ’’ (මාත‍්‍රා 11*
මීට අමතරව ක‍්‍රි.ව. කාලයට පෙර දැකිය හැකි කවි අඩකින් පමණ සමන්විත පද්‍යයද සෙල්ලිපි අධ්‍යයනයේදි දැකගත හැකිය.
ඓතිහාසික කෘති සාහිත්‍ය කෘති හා ජනප‍්‍රවාද ම`ගින් හෙළිවන පද්‍ය සම්ප‍්‍රදායය
අනුරාධපුර යුගයේ රචනා වූ ඓතිහාසික කෘති අධ්‍යයනයේදීද සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් කිසියම් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට යම් යම් සාධක සොයා ගත හැකිය. මීට අමතරව ඓතිහාසික කෘති අධ්‍යයනයේදී එහි සාහිත්‍යමය අගය විද්‍යමාන වනවා සේම, එසමයෙහි පැවති සමාජ පරිසරය පිළිබඳ යම් අවබෝධයක්ද ලබා ගත හැකිය. එසේම ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායය පිළිබඳව යම් තොරතුරුද එම`ගින් සොයාගත හැකිය. එහිදී විද්‍යමාන වන ප‍්‍රාරම්භකම සාධක කිහිපයකි. මහාවංසය සඳහන් කරන්නේ විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබට අවස්ථාවේ ගීත රාවයක් ඇසුණු බවයි. එසේම මහින්දාගමනයේ සිට මේ සම්බන්ධ යම් යම් කරුණු හෙළි කර ගත හැකිය. මෙහිදී මතුවන ගැටලූව නම් පාලි ති‍්‍රපිටකයේ සමන්විත ගාථා ආදිය විශේෂයෙන් ථේර ථේරි ගාථා ආදිය හෙළ’ටුවාවට ඇතුළත් කිරීමේදී යම් පද්‍යමය ස්වරූපයකට පරිවර්තනය කරන්නට ඇති බවය. මුල් කාලයේ පටන් යම් පද්‍ය සම්ප‍්‍රදායයක මූලබීජ සේම ප‍්‍රවණාතාවන් දක්නට ලැබුණු බවට සාධක මෙම`ගින් පැහැදිලි වේ.
ඉන්පසුව පැනෙන ප‍්‍රධාන සාධකය නම් ගජබා රජුගේ පුවතයි. එය ජනප‍්‍රවාදවල පවතින්නකි. එනම් පත්තිනි ඇදහීම සම්බන්ධයෙන් දෙමළ භාෂාවෙන් ලියවී තිබූ කාව්‍ය කෘති රාශියක් ගජබා රජු විසින් ලක්දිවට ගෙන ආ බව ජන විශ්වාසයෙහි පවතී. ඉන්පසුව සිව්වන ශතවර්ෂයේ දළදා වර්ණනාව සම්බන්ධයෙන් ‘එළු දළදා වංසය’ නමින් කෘතියක් රචනා වී ඇත. ඒ බව දාඨාවංසයේද සඳහන් වී ඇත. මෙය සිංහල ගී කවක් ලෙස එකල ලියවන්නට ඇත.
ඉන්පසුව හමුවන සුවිශේෂිම සාධකය වන්නේ බුද්ධඝෝෂ හිමියන් විසින් සංරචිත ‘සාරත්ථප්පකාසිනී’ නම් පාලි අට්ඨකථාවේ එන මෙම විස්තරයයි. එනම්, ඇල් ගෙවිලියන් විසින් තිලකුණු පිළිබ`ද පවසමින් ගැයූ ගීතයක් ශ‍්‍රවණය කරමින් සිටි භික්ෂූන් වහන්සේලා හැට නමක් දෙනා රහත් වූ පුවතයි. එහි ගී යන යෙදුමෙන් මෙරට සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට මූලාශ‍්‍ර සපයනු ලබයි. ඒ බව පසුකාලීනව රචනා වූ ලෝවැඩස`ගරාවේ සඳහන් වන්නේ මෙලෙසිනි.
‘‘දහමට සරිකොට එළුවෙන් පෙර කී
කවියට සිත පහදා සිට නිසැකී
සිහිකොට කඳ පිළිවෙළ දොස් නොයෙකී
නිවනට සපැමිණි ස`ග සැට නමකී’’
එසේම සුළු මුගලන් රජතුමා විසින්ද හෙළ කවක් ලියා ඇති බව මහාවංසයේ සඳහන් වේ. හයවෙනි ශතවර්ෂයේ අග්බෝ රජුගේ කාලයේ ලක්දිව දොළොස් මහා කවීන්ගෙන් හෙබිව තිබූ බව ප‍්‍රථිත කරුණකි. ඒ රජ දවස කිවිවරුන් සිංහල නිරුක්තියෙන් විචිත‍්‍රවත් බොහෝ කව් ගෙතූ බවද මහාවංසයේ සඳහන් වේ. එසේම දඹදෙණි යුගයේ රචනා කළ සිදත්ස`ගරාවෙහි අනුරපුර යුගයේ මයූර සන්දේශයක් රචනා වී පැවති බව සඳහන් වේ. එසේම පස්වන සියවස වන විට ලක්දිව ජනයා සංස්කෘත සාහිත්‍යය සහ පද්‍ය රසවිඳීමේ විචාර බුද්ධියකින් සමන්විත වූ බව බුදුගොස් හිමියන්ගේ ‘පපඤ්චසූදනි’ අටුවාවෙහි ‘සම්පප්ඵලාප’ යන වචනයට දී ඇති නිරුක්තියෙන් ප‍්‍රකට වේ. මෙහි මහාභාරතය, රාමායණය යන කතා ඇසීම ‘සම්පප්ඵලාප’ ලෙස දක්වයි. එම`ගින් ලක්දිව එම කෘති කෙතරම් ප‍්‍රචලිතව පැවතියේද යන කරුණ වටහා ගත හැකිය. එසේම කුමාරදාස රජතුමා විරචිත ‘ජානකීහරණය’ නම් සංස්කෘත මහා කාව්‍යය ම`ගින්ද එතුමා මහාකවි කාලිදාසයන් සම`ග පැවත්වූ මිත‍්‍ර සම්බන්ධතා ම`ගින්ද හෙළි වන්නේ සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් ලාංකිකයා සතු වූ බවයි. අනුරපුර යුගයේ රචිත කාව්‍යාදර්ශයේ අනුවර්තනයක් වන ‘සියබස්ලකර’ නමැති කාව්‍ය සිද්ධාන්ත පිළිබඳ සාකච්ඡුා කෙරෙන කෘතිය ම`ගින්ද සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට ඉතා විශ්වසනීය සාධක සපයාගත හැකිය. කාව්‍යකරණයේ ෙසෙද්ධාන්තික පක්ෂයට උපදෙස් සපයන කෘතියක් රචනා වීම තුළින්ම පැහැදිලි වන්නේ කාව්‍යකරණයේ පැහැදිලි ප‍්‍රවණතාවක් තත් යුගයේ පැවැති බවයි. සියබස්ලකර කියවීමෙන් මේ හා සම්බන්ධ සාධකද්වයක් සොයා ගත හැකිය. එනම්
ෂග සියබස්ලකර සිංහලයට පරිවර්තනය වීමට පෙර සංස්කෘත අලංකාරවාදය පිළිබඳ අවබෝධයක් සිංහල කවීන්ට තිබුණු බව.
ෂෂග අනන්‍යතා ගුණයෙන් හෙබි දේශීය පද්‍ය කාව්‍ය සම්ප‍්‍රදායයක් පැවති බව
යනුවෙනි. එසේම සියබස්ලකරේ යම් යම් ගී අධ්‍යයනය කිරීමේදි සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් කාව්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට කරුණු හෙළි වේ.
සීගිරි ගී ම`ගින්ම හෙළිවන අතීත පද්‍ය සම්ප‍්‍රදායය
ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ඇරඹුම් සලකුණ කෙදිනක, කොතැනකදැ’යි නිශ්චිතව පැවසීම අපහසු කාර්යයකි. එහෙත් එම පද්‍ය සම්ප‍්‍රදායය කෙමෙන් වර්ධනය වී සපැමිණ වර්තමානයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. එම පද්‍ය සම්ප‍්‍රදායයේ දැනට ශේෂව පවතින ප‍්‍රාරම්භකම සාක්ෂ්‍ය සීගිරි ගී සම්ප‍්‍රදායයයි. එහෙත් සීගිරි ගී ම`ගින් සිංහල පද්‍ය සම්ප‍්‍රදායය එකවර ඇරඹුණායැයි කිව නොහැකිය. මන්ද යත්, එම සීගිරි ගී තුළම බොහෝ කලක් තිස්සේ පෝෂණය වූ විශිෂ්ට කාව්‍ය සම්ප‍්‍රදායයක යටගියාව විද්‍යමාන වන හෙයිනි. භාරතයේ මේ වන විට විවිධ නිර්මාණ බිහි වී කාව්‍ය පිළිබඳ පුනරුදයක් ඇති වූ යුගයකි. එම පිබිදීමේ සෙවණැල්ල නොමඳව ලංකා සමාජයටද වැටී තිබිණ. මහාකවි කාලිදාසයන් විසින් රචනා කළ මේඝ¥තය පිළිබඳ ලක්වැසියන් දැනුවත් වූ බවට සාක්ෂ්‍ය සීගිරි කැටපත් පවුරේ සටහන් වී ඇත්තේ මෙලෙසිනි.
‘‘වන්දිමි හිමි වලා - තොගොසින් ඇය නිවෙස්නට
පිරිබුන් පගා මලයුන දිවොට - තො හදහව කිය කියයි’’ (134*
කි‍්‍ර.ව. හයවෙනි සියවසේ විසූ භාමහ ප`ඩිවරයාගේ කාව්‍යාලංකාර කෘතියෙහි මෙබඳු සඳහනක් වෙයි.
‘‘ගතො’ස්තමර්කෝ භාතින්දුර්යාන්ති වාසාය පක්‍ෂිණඃ
ඉත්‍යෙවමාදි කිං කාව්‍යං වාර්තාමේනාං ප‍්‍රචක්‍ෂ්‍යතේ’’
(සූර්යා අස්තංගත වීය. කුරුල්ලෝ කැදලි කරා පියාඹුණහ. මෙය කවියක්ද? මෙය වාර්තාවක් ලෙස සැලකිය යුතුය.*
මෙම`ගින් ‘කවියක්’ යනු නවමු අත්දැකීමක්, සුන්දර හැ`ගීම් දනවන සේ සුමිහිරි බස් වහරකින් ඉදිරිපත් කළ යුත්තක් බව අදහස් වේ. මේ පිළිබඳ සීගිරි ගී කවීන්ද මනා අවබෝධයකින් සමන්විත වූ බවද උක්ත කාව්‍ය සිද්ධාන්ත ඇසුරු කළ බවද මතු දැක්වෙන නිදසුනෙන් පළට වේ.
‘‘මේ ගෙත්මට සිතුජු - කෙනෙක්ද ඒ කවෙක් හින්දෙලී
මෙ බෙලූව ලී නොහිස් ගී - බලත දක්නා සේ ගති’’ (492*
උක්ත ගීය හිස් ගීයකැයි පැවසීමෙන්ම කාව්‍ය රසාස්වාදයේ මනා සන්නද්ධ දැනුමකින් යුත් පිරිසක් වාසය කළ බවට සාක්ෂ්ය සැපයේ. එසේම සමස්ත සීගිරි ගී අධ්‍යයනයේදී සුළු කොටසක් හැරෙන්නට අන් සැම ගීයක්ම සිත් ඇද බැඳ තබා ගන්නට සමත් අයුරින් රචනා කිරීමට ලක්වැසියන් සමත් වී ඇත. ඔවුන් භරතීය කාව්‍ය සිද්ධාන්තද නිතැතින් අධ්‍යයනය කළ බව එම ගී ම`ගින් සෝදාහරණව දත හැකිය. එහි සුසංයෝජිත සුවිශේෂීම ලක්ෂණයක් වන්නේ සංක්ෂිප්තව අදහස් ඉදිරිපත්් කිරීමයි. එය විශිෂ්ට කවියෙකු සතුව ඇති කවිතා ලක්‍ෂණයකි. එම ලක්ෂණය සීගිරි ගී පුරාවටම දැකිය හැකිය. ඒ බැව් ධ්වන්‍යාලෝක කර්තෘ ආනන්ද වර්ධනයන් වර්ණනා කර ඇත්තේ මෙලෙසින්ය. ‘‘අනෞචිත්‍යදෘතේ නාන්‍යද්, රසභංගස්‍ය කාරණම්’’. එම`ගින් ඔවුන් උචිත අනුචිත විවේක බුද්ධියෙන් කාව්‍ය රචනා කළ බව පැහැදිලිය. සීගිරි කවියන් බොහෝ කාලයක සිට පුරුදු කරන ලද යම් පද්‍ය සම්ප‍්‍රදායයකට අනුව ක‍්‍රියා කර ඇති බව ඉන් ගම්‍යමාන වේ. සංස්කෘත කාව්‍ය විචාරකයෝ එම කාව්‍ය ලක්‍ෂණය ‘මුක්තක’ යන නාමයෙන් හඳුන්වති. එසේම සාහිත්‍ය දර්පණයේදී විශ්වනාථ ප`ඩිතුමා රසය ආත්මය කොට ඇති වාක්‍යය, කාව්‍යය ලෙස හඳුන්වයි. සීගිරි ගීවලද මුඛ්‍යාර්ථය රසය බව පැවසෙන ගී රැුසක් දැකිය හැකිය. ඒ සඳහා නිදසුන් කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
‘‘රස ඇතියවුන් (164*
ගියේ රජකතුන් රස කොට (206*
නොම බිණි රස වදන් (657*
නොම බැණැහි රසැත්තක් (380*’’
එසේම දණ්ඩින්ට අනුව කවියක රස හා මාධුර්යය ඇති කිරීමට අර්ථ මාධුර්යය සහ ශබ්ද මාධුර්යය අවශ්‍යය. තත්කාලීන සීගිරි කවියා ඒ පිළිබඳ දැනුමකින් සුපෝෂිත වූ බව මෙම ගීයෙන් ප‍්‍රකට වේ.
‘‘මෙයට නැගී ජෙනෙ - ලයු ඇති මිහිරි රෙසෙ එරෙව් ’’
එසේම සීගිරි කවියා දැන හෝ නොදැන කාව්‍යාලංකාර භාවිත කොට ඇති බව සීගිරි ගී අධ්‍යයනයේදී පසක් වේ. එහිදී බහුලව දක්නට ලැබෙන්නේ උපමාලංකාරයයි.
‘‘බන්දු බැමැ නිම් පෙතෙක්හි (394* (ඇගේ බැම කොහොඹ පත‍්‍රයක් බඳුය.*
එමු සන්ද්හයි එක්වනා (394* (අය චන්ද්‍රයා හා ඒකාකාරය*
ළදැරිය තොල් ළපලූ නා පැරයු (394* (ළදැරියගේ තොල්වලින් නා දළු පරදවන ලදී.*’’
එසේම ජනවහරේ දක්නට ලැබෙන උපමාද දැක ගත හැකිය.
‘‘නිල් කට්රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය්.’’ (334*
(නිල් කට්රොළු මලක ඇවිණි වැටකොළු මලක් මෙන් *
‘‘එත සී අමඞ් ලෙඞ් වුණු’’ (337*
(සිනහව කැකිරි ගෙඩියක බීජ පන්තියක් බඳුය.*
‘‘අමය රස වැම්හෙත මජවිත් තලණ්බසා’’ (627*
(අමා රසය වෑහෙන මිදි යුෂ කෝප්පයක් බඳු විය.*
ඒ අනුව යථෝක්ත උදාහරණවලින් සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් ලක්දිව දියුුණු පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට උපකල්පනය කළ හැකිය. එම සීගිරි කවියාගේ සංවේදී හදවත, උචිත අනුචිත විවේක බුද්ධිය, සාමාන්‍ය ගැමි ජනයාගේ පටන් භාෂා ශාස්ත‍්‍රයෙහි ප‍්‍රවීණත්වයකින් හෙබි විදග්ධ ප`ඩිවරයා දක්වා දිවයන චිත්තාකර්ෂණීය කවිතා ලක්ෂණ, සංක්ෂිප්තතාව යන කරුණු ඒ සඳහා උපහරණය. මෙහිදී දැක ගත හැකි සුවිශේෂී ලක්ෂණයක් නම් ඉතාම සංවර ලෙස කැටපත් පවුර භාවිත කිරීමයි. එය වර්තමාන සමජය හා සස\ බැලීමේදී කෙතරම් සුවිශේෂීද යන්න තේරුම් ගත හැකිය. ඒ අනුව සීගිරි ගී යුගයට ප‍්‍රථමයෙන් විශිෂ්ට පද්‍ය සම්ප‍්‍රදායයක් පැවති බවට උක්ත කරුණු සාක්‍ෂ්‍ය සපයයි.
01.2. ගී යුගය හා තත්කාලීන ආකෘතික ලක්‍ෂණ
ඕනෑම සමාජයක විවිධාකාරයේ ප‍්‍රවණතා කාලානුක‍්‍රමණයෙන් ස්ථාපිත වීම සාමාන්‍ය ලක්‍ෂණයකි. සමාජයක් තුළට ප‍්‍රවණතාවන් ගලා එන්නේ චණ්ඩ මාරුතයක් විලාසයෙන් නොව, උච්චාවචනය වන රළ පතරක ස්වරූපයෙනි. එනම්, විටෙක ජනප‍්‍රිය සම්ප‍්‍රදායය සමාජයේ දිදුලන අතර කාලයාගේ ඇවෑමෙන් එම ජනප‍්‍රිය සම්ප‍්‍රදායයම ජනප‍්‍රියත්වයෙන් තොර වී යයි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් ජනප‍්‍රියත්වයෙන් තොර වූ යට කී සම්ප‍්‍රදායයම සමාජයේ සම්භාවනීය තලයට සම්ප‍්‍රාප්ත වේ. ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ ප‍්‍රාරම්භක ප‍්‍රවණතාව ලෙස දැක්විය හැක්කේ ගී ආකෘතියයි. පසුකාලීනව එම ප‍්‍රවණතාව පරයා වෙනත් සම්ප‍්‍රදායයන් නැ`ගී ආවද, වර්තමානය වන විට ගී ප‍්‍රවණතාව සමාජයේ බෙහෙවින් පතළ සාහිත්‍ය ප‍්‍රවණතාවක් බවට පත් වී ඇත.
ඒ අනුව ගී යුගය හා තත්කාලීන ආකෘතික ලක්‍ෂණ විමර්ශනයට බඳුන් කිරීමේදී එය ප‍්‍රධාන මූලාශ‍්‍රයයන් කිහිපයක් ඔස්සේ සුඛාවබෝධ කර ගත හැකිය. එනම්,
ෂග ගී ආකෘතිය
ෂෂග ගී යුගය
ෂෂෂග ගී ආකෘතියට නිදසුන් සපයන ගී කාව්‍ය
යනුවෙනි.
ෂග ගී ආකෘතිය
සිංහල පද්‍යයේ ප‍්‍රාරම්භකම ප‍්‍රවණතාව ගී ආකෘතිය බවට සුධීහු සැම දෙන අවිවාදයෙන් පිළිගනිති. ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සාක්‍ෂ්‍ය බෙහෙවින් තර්කානුකූලය.
‘‘ගීය සිංහල කවියේ මුල් අවස්ථාව බවද සිව්පදකරණය ඊට පසු ඇති වූ බවද පෙන්නුම් කරයි’’
‘‘අප විසින් සිංහල කවියේ යටගියාව වශයෙන් හඳුන්වන ලද අවධිය තුළ ප‍්‍රචලිතව පැවති ප‍්‍රධානතම කාව්‍ය ආකෘතිය ගී ආකෘතිය බව පෙනේ.’’
‘‘තදාසන්න කාලයන්හි විසූ සිංහල කවියන් ගී විරිතෙන්ම කව් බඳින්නට ඇතැයි අනුමාන කළ හැකිය.’’
‘‘ඒ අනුව අප මෙහිදී ප‍්‍රාරම්භකව සිදු කළ යුත්තේ ගීය යනු කුමක්දැයි හඳුනා ගැනීමයි. එහෙත් ‘‘ගීයක් යනු කුමක්දැයි යන්න පිළිබඳව ඒකමතික නිගමනයක් විද්වතුන් අතරද නොමැති බව පෙනෙන්නට තිබේ.’’
හෙළ ගී විරිත සම්බන්ධයෙන් මූල සාධක හමු වන්නේ ක‍්‍රි.ව. අටවන ශතවර්ෂයේ ලංකාවේ රජ කළ පළමුවන සේන රජතුමා විසින් රචනා කළ සිබස්ලකරෙහිය. (ක‍්‍රි.ව. 807-823 * එහි කලාගුරු සුලූ පා වැසි වූ කලණ මිතෙ නම් හිමියන්ගේ ‘‘පියුම් ලකුණු’’ නම් ඡුන්දස් ග‍්‍රන්ථයක් පිළිබඳ සාක්‍ෂ්‍ය සැපයේ.
‘‘කලාගුරු සුලූ පා
වැසි වූ කුළුණු නුවණ යුත්
කලණ මිතෙ වියතුන්
ගත්හි පියුම් ලකුණු ඈ’’
‘‘කලාගුරු සුලූ පා මූලප‍්‍රාසාදවාසී වූ කරුණාවෙන් හා ඥානයෙන් හෙබි කල්‍යාණ මිත‍්‍ර ඒ ව්‍යක්තයන්ගේ ග‍්‍රන්ථයෙහි පියුම් ගී ආදියන්ගේ ලක්‍ෂණාදිය වේ.’’
මෙහිදී සංස්කෘත ඡුන්දස් නොදන්නවුන් උදෙසා කලණමිත් හිමියන්ගේ කෘතියෙහි එන පද්‍ය බන්ධන කිහිපයක් පිළිබඳවද සියබස්ලකරෙහි සඳහන් වේ.
‘‘පියුම් ගී දෙ සතර’ට
දොළොස් සොළොස් පදනම්
සැහැලි ඇහැලි දු නම් ඇත්
පිළි උපහැලි බැහැලි නම්
අඹ හැලි නමැ’ත් ඇයෙක්
පිළි පිහියොඹු නම් ඇත්
සිතිලි ගී නම් යමෙකැ’ත්
උනු සඳ වසම් සඳ නම්’’
ඒවා වෙන් වෙන් වශයෙන් මෙලෙස දැක්විය හැකිය.
01. පියුම් 11. බැහැලි
02. ගී 12. අඹහැලි
03. දෙපද 13. පිහියොඹ
04. සිව්පද 14. සිතිලි ගී
05. අටපද 15. උනුසඳ
06. දොළොස්පද 16. විසමසඳ
07. සොළොස්පද 17. ගලසඳ
08. සැහැලි 18. සුන්හිස්
09. ඇහැලි 19. දෙවිපානි
10. උපහැලි
සියබස්ලකරෙන් පසු ගී විරිත සම්බන්ධයෙන් විස්තරාර්ථව කරුණු දක්වන්නේ භද්‍ර හිමියන්ගේ (ක‍්‍රි.ව. 1270 - 1293* එළුසඳස් ලකුණෙහිය. එළුසඳස් ලකුණෙහිදී කතුවරයා මුලින්ම විස්තර කර ඇත්තේ ගී විරිත පිළිබඳවය. එහිදී ගීයක් ලෙස අර්ථ දක්වා ඇත්තේ මාත‍්‍රා තිහත් හතළිස්හතරත් අතර ඇති නිර්මාණයන්ය.
‘‘තිස් පටන් සිවුකළ - වසන් මතින් සඳසුන්
පතර කෙරෙමින් සඳ - හ`ගනේ විරිත් සහසුන් ’’
ඒවා නම්,
වෘත්ත නාමය 1පාදය 2පාදය 3පාදය 4පාදය සියලූ
මාත‍්‍රා මාත‍්‍රා මාත‍්‍රා මාත‍්‍රා මාත‍්‍රා
ෂග ගී 9 11 11 11 42
ෂෂග පියුම් ගී 8 11 8 14 41
ෂෂෂග මත්වල ගී 8 8 8 13 31
ෂඪග උමතු ගී 9 10 9 10 38
ඪග කව් ගී 9 10 10 11 41
ඪෂග බමර ගී 8 11 10 18 42
ඪෂෂග යහ ගී ලූහු 9 ලූහු 11 ලූහු 11 ලූහු 11 42
ඪෂෂෂග දුව`ග ගී 9 11 11 13 42
ෂඞග යොන් ගී 8 11 10 11 40
ඞග කාරිකා ගී ලූහු 4, ගුරු2 ලූ.7, ගු. 2 ලූ. 5, ගු.2 ලූ. 9 ගු. 2 41
ඞෂග තොහොල් ගී 8 11 9 13 41
ඞෂෂග නළු ගී ස, දගණගුරුලූහු ස, බගණ ලූ. 2+ස+9 ස+ලූහු 30
ඞෂෂෂග සසපුලූතු ගී ද, බගණ මාත‍්‍රා 2ද, බගණ මා 2 දබ. මා.2 40
ඞෂඪග උනුවිලඹු ගී 8 11 8 11 39
ඞඪග ගජගැමි ගී 8 11 11 11 41
ඞඪෂග සදහට ගී ? ? ? ?
මෙම නිදර්ශනයෙන් හෙළ ගී විරිතේ ස්වරූපය සැකසී ඇති අන්දම විද්‍යමාන වේ. මෙම ගී විරිතෙහි ආකෘතිය දේශජ නිර්මාණයක්ද යන වග ශ්ලේෂාර්ථය දනවන්නකි. මේ පිළිබඳ යූ.ඞී. ජයසේකර මහතා මෙබඳු අදහසක් දක්වයි.
ෂග ‘‘හෙළ ගී විරිත සකස් වී ඇත්තේ ඉන්දු - ආර්ය මාත‍්‍රා විරිත් ආශ‍්‍රයෙනි.
ෂෂග ඉන්දු - ආර්ය මාත‍්‍රා විරිතෙහි දැක්වෙන මාත‍්‍රා ගණන හෙළ මාත‍්‍රා විරිතෙහිදී වෙනස් වී ඇත.’’
මේ පිළිබඳ අදහස් දක්වන වැලිවිටියේ සෝරත හිමි යූ.ඞී. ජයසේකර මහතාට ප‍්‍රතිවිරුද්ධ අදහසක් දක්වයි.
‘‘සිංහල ඡුන්දස් හුදු සංස්කෘත ඡුන්දසින්ම උපන්නක් නොවේ. ලංකාද්වීපයේ පෙර පටන් පැවතියා වූ ඡුන්දසුත් අන්‍ය ප‍්‍රාකෘත ඡුන්දසුත් වර්තමාන සිංහල ඡුන්දසට ප‍්‍රභව වූ බව නිසැකය.’’
මේ සමාන මතයක් පරණවිතාන මහතාද ඉදිරිපත් කර ඇත.
‘‘සිංහල ඡුන්දසෙහි එයටම ආවේණික වූ අනන්‍යතාවක් තිබේ. සංස්කෘත ප‍්‍රාකෘත ඡුන්දස සම`ග සමානකම් දැකිය හැකි නමුදු මේ අනන්‍යතාව හොදින් කැපී පෙනෙන්නකි. එය ගී විරිත්වලට යෙදෙන නම්වලින් පෙනී යයි.’’
යථෝක්ත මතයන් විමර්ශනය කිරීමේදී ගී විරිතේ ආකෘතික වපසරිය පැහැදිලි කරගත හැකිය. එහෙත් හෙළ ගී විරිත නිපන් අයුරු පිළිබඳ ඒකායන විද්වත් මතයක් නොමැති බව මෙම`ගින් ප‍්‍රත්‍යක්‍ෂ වේ.
ෂෂග ගී යුගය
සිංහල පද්‍ය සම්ප‍්‍රදායය පිළිබඳ අධ්‍යයනය කළ ෙඡ්කයන් ගී යුගය යනුවෙන් අදහස් කරන ලද්දේ කුමන කාල පරාසයක්ද යන වග දෙවනුව අවධානය යොමු කළ යුතු කාරණයයි. සිංහල භාෂාවේ ඉතිහාසය උගත්හු යුග කිහිපයකට බෙදා දක්වති. එනම්,
ෂග ප‍්‍රාකෘත සිංහල අවධිය - (ක‍්‍රි.පූ. දෙවන සියවසේ සිට කි‍්‍ර.ව. තුන්වන හෝ හතරවන සියවස දක්වා*
ෂෂග පුරාතන සිංහල අවධිය - (ක‍්‍රි.ව. හතරවන සියවසේ සිට ක‍්‍රි.ව. අටවන සියවස දක්වා*
ෂෂෂග මධ්‍යකාලීන සිංහල අවධිය - (ක‍්‍රි.ව. අටවන සියවසේ සිට ක‍්‍රි.ව. දහතුන්වන සියවස දක්වා*
ෂඪග වර්තමාන සිංහල අවධිය - (ක‍්‍රි.ව. දහතුන්වන සියවසේ සිට අද දක්වා*
මෙම වර්ගීකරණයට අනුව පුරාතන යුගය හා මධ්‍යකාලීන යුගයේ කොටසක් ගී යුගයෙහිලා ගැණෙන බව පැහැදිලි වේ. මේ සඳහාද ස්ථිර කාලවකවානුවක් නොමැති බව විදග්ධ මත විමසීමේදී අවබෝධ වේ.
‘‘පොළොන්නරු - දඹදෙණි රාජ්‍ය කාලය (1055-1293* ගී යුගය වශයෙන් හැඳින්වීමට අප පුරුදු වී සිටින්නෙමු.’’
‘‘සාහිත්‍ය විචාරකයන් ගී යුගය යනුවෙන් අදහස් කරනු ලබන්නේ ගී කාව්‍ය රචනා දොළහ, දහතුන කාලවලට පමණක් ඇතුළත් විය හැකි නිසාය.’’
‘‘අනුරාධපුරයේ පටන් කුරුණෑගල යුගය දක්වා කාලය ගී යුගය ලෙස හැඳින්විය හැකිය.’’
දොළොස්වන දහතුන්වන කාලවකවානු තුළ ගී කාව්‍ය දක්නට ලැබුණද, අනුරාධපුර යුගයෙන් හමුවන ශිලා ලේඛන තුළ යම් ලාලිත්‍යයකට පැවසිය හැකි සුමට බවක් දිස් වේ. ඒ අනුව ගී යුගයේ ආකෘති භාවිතය අනුරාධපුර යුගය දක්වා දිවයන බව පැවසිය හැක්කකි. මේ පිළිබඳ අධ්‍යයනය කළ සෙනරත් පරණවිතාන මහතා සහ යූ. ඞී ජයසේකර මහතා ක‍්‍රිස්තු පූර්ව යුගවල රචනා කළ සෙල්ලිපිවල ගී විරිත දක්නට ලැබෙන බවට සාක්‍ෂ්‍ය සපයා ඇත. මේ සඳහා පළමුවන සාක්‍ෂ්‍ය සැපයෙන්නේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මරදන්කඩවල අසල, කොස්ගමකන්ද නම් ස්ථානයෙන් හමුවන සෙල්ලිපියෙනි. ඒ පිළිබඳ විමර්ශනය කළ සෙනරත් පරණවිතාන මහතා මෙබඳු අදහසක් දරයි. සාමාන්‍යයෙන් සෙල්ලිපිවල ඇත්තේ ගද්‍ය කාණ්ඩයැයි සිතුවද, මෙම සෙල්ලිපි කාව්‍යයක වෙස් දරා ඇත. එම කාව්‍යයේ ආකෘතිය සැකසී ඇත්තේ 11, 12, 13 සියවස් තුළ බෙහෙවින් ප‍්‍රසිද්ධියට පත් යාගී විරිතට අනුවය. පරණවිතාන මහතා සෙල්ලිපියෙහි තතු යාගී විරිතට අනුව මෙසේ ගෙන හැර දක්වයි.
‘‘මහරඣහ ගමණි (මාත‍්‍රා 9*
අබයහ දෙවන පියශ (මාත‍්‍රා 11*
(ර*ම(ණි* බ(රි*ය මිලකතිශ (මාත‍්‍රා 11*
විහාරෙ කා(රි*තෙ කතිය’’ (මාත‍්‍රා 11*
(දෙවියන්ට ප‍්‍රියවූ ගමණී අබය මහ රජතුමාණන්ගේ රම්‍ය වූ භාර්යාව වන කතිය විසින් මිලකතිශ විහාරය කරවන ලදී.*
එසේම දකුණු පළාතේ මාගම් පත්තුවේ කිරින්ද අසලින් ලැබී ඇති සෙල්ලිපිය තුළද ගී විරිතේ ආකෘතිය විදහාපායි. ඒ පිළිබඳ අදහස් දක්වන පරණවිතාන මහතා පවසන්නේ මෙම කව මෙන් යා ගීයකින් හා සංස්කෘත, ප‍්‍රාකෘත, පාලි ආදි භාෂාවල දැක්වෙන ආර්යා විරිතෙහි විශේෂත්වයක් වන උද්ගීති විරිතින්ද සකස් වූවක් බවයි. එම විරිත්වලට අනුව පරණවිතාන මහතා කිරින්දේ සෙල්ලිපිය දක්වන්නේ මෙලෙසින්ය.
‘‘අපරිමිතෙ ලොකහි බුධ (මාත‍්‍රා 12*
සමෙ නති අඨාන පරම දුලබෙ (මාත‍්‍රා 15*
සව`ක්‍දුතපතෙ අනුතරෙ සථෙ (මාත‍්‍රා 12*
මහසරණෙ ලොකචක බුධ නම සසභු (මාත‍්‍රා 18*
මෙගලහි විහරෙ නක- (මාත‍්‍රා 9*
උවර (ජෙනෙ*ම බුධ සරණ (මාත‍්‍රා 11*
ගතෙ මිචදිටික බිදිය (මාත‍්‍රා 11*
(යහ* (මහ* (පර*ය (ණ* භුතෙ’’ (මාත‍්‍රා 11*
(මේ අපරිමිත ලෝකයෙහි බුදුරදුන් හා සම කෙනෙක් නැති. හැම දෙයකින්ම ලබාගත හැකි පරම දුර්ලභ දෙය ඒ බුදු බවයි. සර්වඥබව ලැබූ එතුමා වනාහි සැම ශාස්තෘවරයෙකුටම උතුම් වන්නේය. මහාසරණයක් වන එතුමා ලොවට ඇසක් වැනිය. බුදුරජාණන් වහන්සේ වනාහි ස්වයම්භූ සේක.*
(මෙගෙලෙහි පිහිටි නක උපරජතුමා බුදුන් සරණ ගියේය. මිසදිටු මග බිඳ හැර එතුමා මෙහිදී යහමග පරායණ විය.*
මීට අමතරව පරණවිතාන මහතා දක්වන අන්දමට තුන්වන සෙල්ලිපි ගීය හමුවන්නේ තිස්සමහාරාම ප‍්‍රදේශයෙන්ය. එතුමා පවසන්නේ එම ගී යාගී හා උපගීති යන විරිත්වලින් රචනා වී ඇති බවයි. එම විරිත්වලට අනුව පරණවිතාන මහතා තිස්සමහාරාම සෙල්ලිපිය විග‍්‍රහ කර ඇත්තේ මෙසේය.
‘‘ය ගෙධම සෙ බයෙ නාමා (මාත‍්‍රා 12*
සහ වඩම නෙනා මිචදිකා (මාත‍්‍රා 15*
ජන අවතය නෙ හකියෙ සහ (මාත‍්‍රා 12*
ආසා ති සොහ රජිති(ය* ගමේ (මාත‍්‍රා 15*
මිචදිටි බිනක අටි (මාත‍්‍රා 9*
මථිම බුද සරණ ගතෙ (මාත‍්‍රා 11*
නාග උවරාජෙ නාම (මාත‍්‍රා 11*
කඩ උවරාජ කාලහි ’’ (මාත‍්‍රා 11*
(තණ්හාව වනාහි බය නම් වන්නේය. තණ්හාව වර්ධනය කිරීම වූ කලි මිසදිටු වූවාක් නම් නොවන්නේද? තණ්හාව හා ආසාවන්ගෙන් තුරන් වී සිටීමට ජනයාට නොහැකිද?*
(මෙසේ සිතීමෙන් අනතුරුව, රාජකීය ග‍්‍රාමයෙහි ඇති මිසදිටු බව බිඳ දමන අටියෙන් උපරාජ නම් වූ නැණවත් මම උපරාජ කාලයෙහිදී බුදු හිමියන් සරණ ගියේය.*
මෙම අනාවරණයන්ට අමතරව යූ.ඞී. ජයසේකර මහතා වෙනත් ශිලා ලේඛන දහයක ඇති ගේයතා ලක්‍ෂණද ගෙන හැර දක්වා ඇත. මෙහිදී පොළොන්නරු යුගය වන විට ගී ආකෘතිය සියවස් තුනකට වඩා පැරණි වන බව සහේතුක වේ. ඒ අනුව සිංහල පද්‍ය සම්ප‍්‍රදායයේ ප‍්‍රාරම්භකම ආකෘතික ලක්‍ෂණය වන ගී ආකෘතිය අයත් යුගය, එහි ඓතිහාසික කාරණා මෙම`ගින් අධ්‍යයනය කෙරිණි.
ෂෂෂග ගී ආකෘතියට නිදසුන් සපයන ගී කාව්‍යයෝ
ගී යුගයෙහි ආකෘතික ලක්‍ෂණ තත්ත්වාකාරයෙන්ම පසි`දලනු වස් පිහිටාධාරවන ධාරණාවන් ලෙස සීගිරි ගී, මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ, සියබස්ලකර, එළුසඳස් ලකුණ, ලකුණු සර, සිදත්ස`ගරාව ආදි මූලාශ‍්‍රයයන් දැක්විය හැකිය. තත්කාලීන සමාජයේ ගී විරිතේ විවිධාකෘතික ලක්‍ෂණ ප‍්‍රසාරණයව පැවති බවට උක්ත මූලාශ‍්‍රයයන් උදාහරණ සපයයි. මෙහිදී ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ මුදුන්මල්කඩ වශයෙන් විරාජමාන වන්නේ සීගිරි ගීයයි. ගී යුගයේ ආකෘතික ලක්‍ෂණ විදහාපාන කදිම උපැහරණයක් ලෙස මෙය නම් කළ හැකිය.
‘‘ඉන් වැඩි කොටසක් ඡුන්දසින් රචනා කරන ලද පද්‍යයෝයි. යහ ගී, පියුම් ගී, මත්වල ගී, කව් ගී, උමතු ගී, දුව`ග ගී, යොන් ගී ආදිවිරිත්වලින් බැඳි මේවා පද්‍ය සංග‍්‍රහයක් වශයෙන් විභාග කර දැක්විය හැකිය.’’
දැනට විද්‍යමාන සාධක අනුව සීගිරි ගී හත්සිය අටක් පමණ දක්නට ලැබෙන අතර, ඉන් හයසිය අසූපහක් පමණ ගී පබැදුම්ය. මේ පිළිබඳ අදහස් දක්වන සෙනරත් පරණවිතාන මහතා සිය ‘සීගිරි කුරුටු ගී’ :ීසටසරස ටර්ෙසෙඑස* කෘතියෙහිදී මෙබඳු අදහසක් දක්වයි. ‘‘... යාගී විරිතෙන් පමණක් කව් 403ක්ම ලියවී තිබෙන බව කිව යුතුයි. ඊළ`ගට බහුලව ලියවී ඇත්තේ කව් ගී 86, දුව`ග ගී 74 හා යොන් ගී 37කි.’’ ඒ සඳහා උදාහරණ මෙලස දැක්විය හැකිය.
‘‘නොවී පෙර කල් මෙන සිනා
අ විමෙන් මිනිසන
තා කළ වරද ඒ කතුන් සිතින්
නො තොර වෙ සිහිගිරි’’ (යාගීයකි, මාත‍්‍රා 42කි*
‘‘මෙය්හි වෙය් සෙය් නිලි රන්වන්
ගිරි බෙයන්දහි
වෙසෙස් මළ හො පියා එහි
නෙ බැසි ගත්තෙන්’’ (කව්ගීයකි, මාත‍්‍රා 40කි.*
‘‘තොප සෙ අනුන් ළකැකුළුවන්
ඉතා නො යෙදෙය
කළ සෙය් මුළ දුටුවන් දුට මෙහි
නො දෙනෙය් දහ වැ සිහිගිරි’’ (දුව`ග ගීයකි, මාත‍්‍රා 42කි.*
‘‘නො අස්වැසෙය් (මන-
-මහ* නෙල්වනුන් අතරෙ
බෙයන්ද්හි රන්වනුන් හි (න්‍දිනු*
දුට් සන්‍ද (2* පහරය් ’’ (යොන් ගීයකි, මාත‍්‍රා 40කි.*
සීගිරි ගීයෙන් මූර්තිමත් වන ආකෘති භාවිතයන්ට යථෝක්ත නිදර්ශන මනා කැඩපතකි. මින් අනතුරුව ගී ආකෘතියට නිදසුන් සපයන්නේ සියබස්ලකර කෘතියයි. සීගිරි ගී හැරුණු විට ඉන් අනතුරුව දක්නට ලැබෙන පැරණිතම ගී සමුපේත සිංහල පොත සියබස්ලකරයි . මේ කෘතිය සඳහා දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශයේ සෙවණ ලැබී ඇත. ගී ආකෘතියට අනුව රචිත මෙම කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂීම ආකෘතික භාවිතය දුෂ්කර බන්ධන ක‍්‍රමයයි.
චතුරාක්‍ෂර චිත‍්‍ර බන්ධන
‘‘කනනා තනන් තුනු
තුනු නිත්තෙන් තෙනා නී
සිරි සරු සිරි සර රුසිරු
සිසි රස් සේ සරා සිරි
(කෙස`ගි ශරීර සහිත තී කම්පිත පීන පයෝධර සරත් චන්ද්‍ර රශ්මිය සේවනය කළ අසිරි රුචිර පද්මශ‍්‍රීය නිතියෙන් සොරා ගනී*’’ (මෙම දුෂ්කර බන්ධනයේ දක්නට ලැබෙන්නේ ‘ත, න, ස, ර’ යන චතුරාක්‍ෂරයන්ය.*
ද්වි අක්‍ෂර චිත‍්‍ර බන්ධනය
‘‘නව වූ නන් වෙනෙන්
නොවෙන් වැ නේ නිවන්
වනනින් වැව්වා නෙන්
නිවිනි මෙනෙක්වැ වෙනුවා’’
(අලූත් නානා වනයෙන් පැමිණි නොයෙක් නදීනට නොවෙන්ට පිවිසුණ ජලය වැව් වානෙන් නික්මිණ. ගොවීනි ජලයෙන් වර්ධනය වේත්වා* (‘න,ව’ අක්‍ෂරයන්ගෙන් මෙම ගීතය ප‍්‍රණීතය.*
ඒකාක්‍ෂර චිත‍්‍ර බන්ධනය
‘‘නා නී නූ නේ නී
නී නා නූනා නී නෝ
නෝ නුනා නේ නා
නීනී නූනන් නන් නී’’
(නදියෙන් අනූණ අනේක ජලය අනුගත බක්මී නා ගස්ද හස්තීන්ද නාගයන්ද ගෙනැ යයි. අනූන නාද ඇති නදී ජලය අනුගත නානා විධ අන්‍යයන්ද ගෙන යනවා නොවේද?* (‘න’ වර්ණයෙන් සමස්ත ගීයම ප‍්‍රණීතය.*
මීට අමතරව වී.ඞී.එස්. ගුණවර්ධන මහතා සියබස්ලකර දීපනී සංස්කරණයෙහි ගී ආකෘතිය විදහාපාන චිත‍්‍ර බන්ධන කිහිපයක් දක්වා ඇත.
1. අර්ධ භ‍්‍රම දුෂ්කර බන්ධනය.
‘‘වනගළ වන විදල්
නවතද ගිම් ඔකඳ නෙත්
ගත සල ලවග සිළු රැුස්
ළදල ගිහිණෙව් මුලූ ඉළු’’
මෙම චිත‍්‍ර බන්ධනයෙහි මුලකුරු සතර ඉහළ සිට පහළටද, වමේ සිට දකුණටද කිය වූ විට දිස් වන්නේ එකම ස්වරූපයකි. මෙසේ අඩක් භ‍්‍රමණය වන නිසා අර්ධභ‍්‍රම නම් වේ.
2. ගෝමුත‍්‍රිකා දුෂ්කර බන්ධනය
‘‘අවන් කෙළෙ මිහිලොල්
දැවැ වී නී කුසුම්හි
පවන් සෙළෙ සිහිලැල්
දැලැ වී හා කුසුම් ගී’’
3. ධ්වජ චිත‍්‍ර බන්ධනය
‘‘දස පතළ සඳරැුස්
දනකල් සබඳ සැනහී
දළ තොස්හි ගත වණ රැුස්
දවහ පණ බිලි මල්හි
දද බැඳුම්’’
4. පද්ම චිත‍්‍ර බන්ධනය
‘‘සව්නේ දම් පහස
සහ පලසා බාස රස
සරසවි සද වාස
සවදාන දිනනේ වස’’
5. ත‍්‍රිශූල දුෂ්කර බන්ධනය
‘‘බි`ගු නුබයා හළ
හිම බොල් පවන් බියනෙව්
පරපුටුනට එකල් සර
පරවටනුවටෙ දිනෙව් වර
තිසුල් නම්’’
මෙම නිදර්ශන ගී යුගයේ ආකෘති භාවිත හඳුනා ගැනීමට කදිම නිදසුන්ය. එසේම සිංහල පද්‍ය සාහිත්‍යයයෙහි පළමු සාහිත්‍ය කෘති හමුවන්නේ ගී විරිතෙනි. ඒවා නම් මුවදෙව්දාවත, සසදාවත, කව්සිළුමිණ නමැති කෘතීන්ය. ඒ අතරත මුවදෙව්දාවතේ දක්නට ලැබෙන්නේ එළිවැට රහිත ගී බැඳුම් ය. මුවදෙව්දාවත තුළ ගී විරිත නිරූපණය වී ඇත්තේ මෙලෙසින්ය.
‘‘පහ උස් බවට තොස්
වී රිවි ඒ පුරවරේ
දැක සීමැදුරෝරෙහි
උවන් පියුම් වර`ගනන්’’ (යාගී විරිත*
තදනන්තරව ගී විරිතෙන් රචිත ප‍්‍රධාන පඨිතය සසදාවතයි. එහි ගී ආකෘතිය නිරූපණය වී ඇත්තේ මෙලෙසින්ය.
‘‘ර`ග නොබඳ කේ නම්
කේ නම් නොගී තියුගී
නොවිස්මූ ලෙන් කවරෙක්
කවරෙක් නොහළ පුදවත්’’ (යාගී විරිත.*
ගී යුගය තුළ ආකෘතික විශේෂතා ගෙනහැර දක්වන අනෙක් කැඩපත කව්සිළුමිණයි. මෙම පද්‍ය කෘතිය මහාකාව්‍ය ආකෘතිය සඳහා නිදසුනකි. ගී ආකෘතියේ විවිධතා බාහුල්‍යයක් මේ කෘතිය තුළ දක්නට ලැබේ. එහි විවිධාකාරයේ ගී විරිත් දක්නට ලැබීම සාමාන්‍ය ලක්‍ෂණයකි. එහෙයින් මෙහිදී කව්සිළුමිණෙහි දිස්වන ගී විරිතේ විශේෂ ආකෘතික භාවිතය කෙරෙහි අවධානය යොමු කරයි.
ඒකාක්‍ෂර බන්ධන ගීත.
‘‘නා නී නූ නේ නී නන් නී නෑ නා නා
නනු නන නී නන් නී නේ නීනා නින්න නී’’
(මෙම ගී පුරාවටම දක්නට ලැබෙන්නේ ‘න’ අක්‍ෂරය පමණි.*
මීට අමතරව මෙම පද්‍ය කෘතියෙහි දක්නට ලැබෙන විශේෂතම ආකෘතික ලක්‍ෂණය දෘෂ්‍යරූපී රචනා අන්තර්ගත වීමයි. දෘශ්‍යරූපී නැතහොත් චිත‍්‍ර ස්වරූපයෙන් රචිත මෙබඳු රචනා සංස්කෘත කාව්‍ය ශාස්ත‍්‍රයේ පක්‍ෂ පත‍්‍ර, ධ්වජ, අවුල්ජාලා, කාව්‍යනාම, ගර්භචක‍්‍ර හා ත‍්‍රිශූල ආදි චිත‍්‍ර බන්ධන විවිධ නම්වලින් හඳුන්වයි. මේ සඳහා නිදසුන් කව්සිළුමිණ ගී කාව්‍යයෙන් සොයා ගත හැකිය.
‘‘මල පවනා බිඳු පොද
වී පි`ඩු වනා නෙ කොවුල්
සිකි ඉහිනා කෙළේ මත
තමැ මස් වී වැසි වදලෙන් බත’’
මෙම ගීයෙහි චක‍්‍රාකාර චිත‍්‍ර බන්ධන ආකෘතියක් දැක ගත හැකිය.
මීට අමතරව ධ්වජ බන්ධන ආකෘතියට නිදර්ශනද කව්සිළුමිණෙහි දක්නට ලැබේ.
‘‘දලරදහු ගිම් සොයන් ද සැඳිරි වත් මැ දෙත් ලෙල
දල විදු පෙනෙහෙලි මුත් දලරොන් වන් කබබ පෙළ’’
එසේම සංදේශ චිත‍්‍ර බන්ධන ආකෘතියද මෙහිදී දැකගත හැකිය.
‘‘දුන් ලියන කරන් පත් දුන් කරන් පත්
වෙනෙවි කඳලනෙන් අද වෙනෙ වි කඳලනෙන් අද’’
පූර්වෝක්ත නිදර්ශන අධ්‍යයනයේදී ගී යුගයෙහි ආකෘතික ලක්‍ෂණ මොනවට ස්ඵුට වේ. මේ සඳහා එළුසඳස් ලකුණ, සිදත්ස`ගරාව ආදි කෘති ම`ගින්ද නිදර්ශන සැපයේ. ඒ අනුව මේ සමස්ත හෙළ ගී ආකෘති විමර්ශනයේදී එම ගී ආකෘති සිතිලි ගී, කඩවත්, සැහැලි විරිත් ආදියෙන් සමන්විත බව දත යුතුය.
‘‘ගී සිව්පද ලකුණු - දෙකින් වැඬේ අත් සඳ
සිතිලි ගී කඩවක් සැහැලි - ලිය හැලි නම් බැහැලි නම්’’
(‘අන්ත්‍යච්ඡුන්දස ගී සිව්පද යන ලක්‍ෂණ දෙකින් වර්ධනය වේ. ඤඒ කවරේද? යත්-:% සිතිලී ගීය, කඩවක්ය, සැහැලිය, ලියහැලිය නම්ය, බැහැලිය නම්ය.*
ඒ අනුව යථෝක්ත නිදර්ශන ගී යුගයෙහි ආකෘති භාවිතය සැදුම් ලද ආකාරයට සාක්‍ෂ්‍ය සපයා ඇත. ඒ ආකෘති භාවිතය අතර අද වන තෙක් බෙහෙවින් ජනප‍්‍රියත්වයට පත්ව ඇත්තේ මහ පියුම් විරිතයි. මෙම සමස්ත ධාරණා තුළ එළඹිය හැකි නිගමන කිහිපයකි.
ගී ආකෘතිය මිනිසාගේ කටවරින් තනා ගත්තකි.
මුල්කාලීන සෙල්ලිපිවලද ගී ආකෘතිය යොදා ගන්නා ලදි.
පසුකාලීන සම්භාව්‍ය පද්‍ය රචකයන් තම පද්‍ය කෘති සඳහා ගී ආකෘතිය යොදා ගන්නා ලදි
එළුසඳස් ලකුණ, සියබස්ලකර කෘති තුළ තත්කාලයේ ගී ආකෘතිය පිළිබඳ මිනිසා පූර්ණ අවබෝධයකින් සමන්විත වීම.
සීගිරි ගී තුළ විවිධාකාරයේ ගී විරිත් අඩංගු වීම
ගී කාව්‍ය තුළ විවිධාකාරයේ ගී විරිත් අඩංගු වීම
ගී ආකෘතියෙහි චිත‍්‍ර බන්ධන දක්නට ලැබීම
ගී ආකෘතියෙහි ශබ්ද රසය සේම අර්ථ රසයද අනූන වීම
මෙම සමස්ත ධාරණාවන්හි ගී යුගය හා තත්කාලීන ආකෘතික ලක්‍ෂණ නිර්මාණය කෙසේ වීද යන්න සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයක් ලබාගත හැකිය.
01.3 සිව්පද විරිත් හා සිංහල පද්‍යයේ වර්ධනීය අවධිය
ගී විරිතෙන් පසු සමාජයේ ප‍්‍රකටීභූත වූයේ සිව්පද විරිතයි. විද්වතුන් බෙදා දක්වන ගී, සිව්පද හා සිලෝ යුගත‍්‍රයෙහි සිව්පද අවධිය මෙයයි. බොහෝ විද්වත්හු ගම්පොළ සිට සීතාවක දක්වා කාලවකවානුව සිව්පද අවධිය ලෙස හැඳින්වීමට පුරුදු වී සිටිති. එහෙත් සිව්පද විරිතේ ස්වර්ණමය දීප්තිය රැුඳී පවතින්නේ කෝට්ටේ යුගයේය.
‘‘සිව්පද විරිතේ ස්වර්ණමය යුගය කෝට්ටේ සමය ලෙස සඳහන් කළ යුතුය. මේ සමයේ විසූ කවීන් සංදේශ කාව්‍ය රචනයේදී උපයෝගී කර ගනු ලැබුවේ සිව්පද විරිතයි.’’
ඒ මෙම සිව්පද විරිත හා සිංහල පද්‍යයේ වර්ධනීය අවධිය මෙවැනි කරුණු ඔස්සේ සාධනය කළ හැකිය. එනම්,
ෂග සිව්පද විරිතේ මූලාරම්භය
ෂෂග සිව්පදය යනු
ෂෂෂග සිංහල පද්‍යයේ වර්ධනීය අවධියේ සිව්පද භාවිතය
ෂඪග සිව්පදයේ විවිධ ආකෘතික අත්හදා බැලීම්
ඪග සිව්පද ආකෘතියේ පශ්චාත්කාලීන ප‍්‍රවණතා
ඪෂග සිලෝ විරිත් භාවිතය
යනුවෙනි.
ෂග සිව්පද විරිතේ මූලාරම්භය
සිව්පද විරිතේ මූලාරම්භය කෙදිනක කුමන ආකාරකින් සිදු වූවාදැයි නිශ්චිතව පැවසිය නොහැකිය. ඒ බැව් ජනකවියාගේ තු`ඩග රැුව් දුන් පහත කවියෙන් මනාව විද්‍යමාන වේ.
‘‘අහස උපන් තැන සකි නුඹ දන්නවද
පොළොව උපන් තැන සකි නුඹ දන්නවද
සයුර උපන් තැන සකි නුඹ දන්නවද
සිව්පද උපන් තැන සකි නුඹ දන්නවද’’
මීට අමතරව ජන සම්මතයේ පවතින කුමාරදාස වෘත්තාන්තයද සිව්පදයට නිදසුන් සපයන්නකි.
‘‘වන බඹරා මල නොතලා රොනට වනී
මල දෙදරා පන ගලවා ගිය සේ වැනී
සිය තඹරා සිය තඹරා සිය සේ වැනී
සියැස පුරා නිදි නොලබා උන් සෙ වැනී’’
එසේම මුගලන් රජතුමාගේ සමයේ දොළොස් මහ කවීන් විසූ බව නිකාය සංග‍්‍රයේ සඳහන් වේ. ඉන් පසු සිව්පදය සම්බන්ධයෙන් හමුවන ඉපැරණිතම මූලාශ‍්‍රය සීගිරි කුරුටු ගීය. මේ පිළිබඳ අධ්‍යයනය කළ එච්.සී.පී. බෙල් මහතා සහ පරණවිතාන මහතාගේ අදහස් අනුව සීගිරි ගී තුළ කවි විස්සක් පමණ දක්නට ලැබේ.
‘‘කොමුඞ් අමඞ් ලෙඞ් ලින සී
එබොන්ද මියුර් යහ බැ සී
එකපල් දලූවන් දිගැ සී
මන ජල්වයි සිත් නොමු සී’’
මීට අමතරව සිව්පද විරිතේ ස්වරූපය ගත් ශිලා ලේඛන කිහිපයක්ද ඇති බව යූ.ඞී. ජයසේකර මහතා පවසයි. එමෙන්ම සිදත්ස`ගරාවේ පුරාණ මයූර සංදේශ කාව්‍යයක් පිළිබඳ සඳහනක් වේ. එසේම සිදත්ස`ගරා කතුවරයා එක් එක් අදියරෙහි නිදසුන් දැක්වීමේදීද සිව්පද විරිත භාවිත කර ඇත. ඒ ස`දහා කදිම නිදසුනක් ලෙස ලකර අදියරෙහි එන මෙම සිව්පද පද්‍යය දැක්විය හැකිය.
‘‘ම`ගා මැ`ගී සුව විසලී මලීයා
තිළී දොළී වැස එසලී මලීයා
බොමී වි මී තුඩු විලි පිලීයා
පිලින් නෙලෙන් උලැ`ගී බැලි මලීයා’’
ගී යුගයේ රචිත එළුස`දස් ලකුණ තුළද සිව්පද විරිතෙන් රචනා කළ පද්‍ය නිදසුන් ස`දහා යොදා ගෙන ඇත.
‘‘හළ ද බුලත වත රත ලව නත
මිණි මුතු’පුල පත පැහැගත නෙත
සිසි කැලූම පත සිහිවත වත
එනිරිදු මන නෙත ගත පබ වත’’
මෙම සමස්ත උද්ධරණයන් අධ්‍යයනයේදී ගී යුගයෙන් පසු සිව්පද විරිතේ ස්වර්ණමය යුගය ඇරඹුණද සිව්පද විරිත ඊට ප‍්‍රාරම්භක යුගයේ සිට පැවත එන්නක් බව අවබෝධ කරගත හැකිය. එසේම සිව්පදය යනු කවරාකාරයේ අර්ථ ජනන කරන්නක්ද යන්නද ඉන් වටහා ගත හැකිය.
ෂෂග සිව්පදය යනු
සිව්පද විරිත ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,
ෂග අපතාල සිව්පද විරිත්
ෂෂග තාලාත්මක සිව්පද විරිත්
අපතාල සිව්පද විරිත යනුවෙන් අදහස් කරන්නේ නියමිත තාලයක් නොමැතිව නමුත් ගායනා කළ හැකි විරිත්ය. මෙම සැලළිහිණි සංදේශයේ කවිය ඒ සඳහා කදිම නිදසුනකි.
‘‘වන දෙව් ලියෝ නොකොළෝද සවන අබරණ
එන ම`ග දුකෙක් නොවීද සබඳිනි කලණ
සනහන බැ\ුණු තැන නොහරින කළ දියුණ
වෙන සැප කුමට තොප දකිනා එම පමණ’’
තාලාත්මක සිව්පද විරිත යනු විරිතකට අනුව පාඨක සිත් තුළ මනෝභාව ජනනය කිරීමයි.
‘‘සදවා සුදු වැලි පිවිතුරු
බඳවා රන් දද පියකරු
සිටුවා දොර දොර රඹතුරු
තඹවා පුන්කුඹු විසුතුරු’’
එළුසඳස් ලකුණෙහි සිව්පදය නිර්වචනය කර ඇත්තේ මෙලෙසිනි.
‘‘ගණ සකි වසම් කිසි - එම මන් සම කරත් හොත්
සම එළි විරම් පද වුව - සිවුපද නමයි දන්නේ ’’
ෂෂෂග සිංහල පද්‍යයේ වර්ධනීය අවධියේ සිව්පද භාවිතය
සිව්පද විරිත සමාජයේ තැනින් තැන ටිකෙන් ටික ඉස්මතු වුවද, එය කූටප‍්‍රාප්තිය කරා ළ`ගා වන්නේ කෝට්ටේ යුගයෙනි. සිව්පද විරිතෙහි සුන්දරත්වය, චමත්කාරය, ප‍්‍රතිභාපූර්ණත්වය පණ පෙවෙන්නේ සිංහල පද්‍යයේ වර්ධනීය අවධිය පැමිණීමත් සම`ගය. ඒ සඳහා මූලික අඩිතාලම වැටෙන්නේ ගම්පොළ යුගයේ (ක‍්‍රි.ව. 1347 - 1412* රචිත මයූර සංදේශයෙන් හා තිසර සංදේශයෙනි. මීට අමතරව සාහිත්‍ය සම්බන්ධයෙන් කැපී පෙනෙන සේවාවක්ද, සිව්පද විරිතේ වර්ධනයද, සංදේශ කාව්‍යකරණයේ දියුණුවද දක්නට ලැබෙන්නේ කෝට්ටේ යුගයේදීය. කවි පොත් වැඩියෙන්ම ලියවී ඇත්තේ මෙම යුගයේදීය. ඒ අනුව සිංහල පද්‍යයේ වර්ධනීය අවධියේ සිව්පද භාවිතය කෙතරම් ප‍්‍රසාරණය වීද යන්න පහත දැක්වෙන අනාවරණයෙන් වටහා ගත හැකිය.
1ග ජාතක කතා වස්තු විෂය වී ඇති පද්‍ය නිර්මාණ
ෂග කාව්‍යශේඛරය
ෂෂග ගුත්තිල කාව්‍ය
2ග සංදේශ කාව්‍ය
ෂග හංස සංදේශය
ෂෂග පරෙවි ’’
ෂෂෂග සැලළිහිණි ’’
ෂඪග ගිරා ’’
ඪග කෝකිල ’’
3ග නිඝණ්ඩු හා අත් පොත්
ෂග රුවන් මල
ෂෂග නාමාවලිය
ෂෂෂග කව්ලකුණු මිණි මල්
4ග වෙනත් පද්‍ය නිර්මාණ
ෂග පැරකුම්බා සිරිත
ෂෂග එළුසිලෝ සතකය
ෂෂෂග ලෝවැඩ ස`ගරාව
ෂඪග බුදුගුණ අලංකාරය
මෙම පද්‍ය රචනා සඳහා ගාමක හේතු සාධකය වී ඇත්තේ සිව්පද විරිතයි. මෙම පද්‍ය නිර්මාණ සිව්පදයෙන් කෙතරම් වර්ණවත් වීද යන්න මෙම නිදර්ශන කිහිපයෙන් ප‍්‍රකට වේ.
‘‘පැහැදි සරම්බා- රුදි මන රම්බා
තුනුසිරි රම්බා- පති පිළි බිම්බා
රුපු රජ රම්බා- රණමතු කුම්බා
දින පැරකුම්බා- හිමි තෙවි කුම්බා’’
‘‘ඇසින් හන් වසන් නන් වතින් යුත් කලූන් නේ
රුවන් වන් රසින් දම් කැලූම් කැන් පෙනෙන් නේ
ඔවුන් දුන් වෙසින් ගත් සකක් මෙන් බමන් නේ
අඳුන් වන් ගුවන් වන් විදුන් වන් එතැන් නේ’’
ෂඪග සිව්පදයේ විවිධ ආකෘතික අත්හදා බැලීම්
සිව්පද යුගය තුළ කාව්‍ය නිර්මාණ බහුලව දක්නට ලැබේ. සිව්පද ආකෘතිය එම පද්‍ය නිර්මාණ පුරාවටම දක්නට ලැබුණද එහි ඇති විශේෂත්වය වන්නේ ඒ තුළ විවිධ ආකෘතික අත්හදා බැලීම් දක්නට ලැබීමයි. උගත් නූගත් සියලූ ජනයා එක සේ ඇලූම් කරන ගුත්තිල කාව්‍ය තුළ ඒ සඳහා උපහරණ සැපයේ. කතුවරයා සාමාන්‍ය කාරණා ජනකවි ආරෙන් සිව්පද ආකෘතියට ග‍්‍රහණය කර ගන්නේ මේ ආකාරයෙන්ය.
‘‘බරණැස් නුවර සිට
උදේනි නම් නුව රට
පුරා බඩු ගැල් පිට
රැුගෙන ගියෙ වෙළඳු වෙළඳා මට’’
ගුත්තිල කතුවරයා එම ජන කවි ආරෙන් රමණීය ශබ්ද අර්ථ රස ජනනය කරන ආකෘති අත් හදා බලන්නේ මෙලෙසිනි.
‘‘රූ රැුසේ අ`දිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
රන් රැුසේ එක්වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ල`දුන් දුන් ර`ග සොබා’’
එකම පද්‍ය නිර්මාණයක සිව්පද විරිතේ විවිධ ආකෘතික අත්හදා බැලීම් උක්ත නිදර්ශන ම`ගින් හඳුනාගත හැකිය.
ඪග සිව්පද ආකෘතියේ පශ්චාත්කාලීන ප‍්‍රවණතා
සිව්පද යුගයේ රචනා කරන ලද පද්‍ය නිර්මාණ පිරික්සීමේදී සිව්පද ආකෘතියේම ප‍්‍රවණතා කිහිපයක් දැකගත හැකිය. සිව්පද කෙටි වී දෙපද භාවිත කිරීමද සිව්පදය දිගු වී දසපද නිර්මාණය වීමද මෙහිදී දැකගත හැකි ප‍්‍රධාන ප‍්‍රවණතා කිහිපයකි. සිංහල පද්‍යයේ වර්ධනීය අවධියේ රචිත පද්‍ය නිර්මාණ හා සංදේශ නිර්මාණ තුළ දෙපදය නිරූපණය වී ඇත්තේ මෙලෙසින්ය.
‘‘පයියා ගල නොයිඳ - සැදි සරි බලන ලොල්ලේ
වයියා ගන්න විසිතුරු - නෙරළු තුරු සෙවණැල්ලේ ’’
එසේම දසපදය නිරූපණය වී ඇත්තේ මේ ආකාරයෙන්ය.
‘‘විදුලග මේ කුලක් - වැනි රුනුදුල දළ හිස
පෑපක් වැටුපු ළං ඉඳු මිණි පෑ දිනිය
සේ ඇත් සො`ඩක් වන් යුවළක් කුම් වැනිය
පෙ`ඩර ගිරි පස හුණු - ග`ගුලැලි යුවළ විලසළ
ලඹ දෙන ලකල් අකපට අම පිෙ`ඩව් ගත
නුබ ග`ග සුනිල් හස වැල ඇත විසිරි ගත
පද නියෙනි රසුදුල වතළතරු වැල සඳබ පබළේ
සඳ රුසිනි ඇකිළෙන තුස රුඳි තඹර මන් පහළේ
සොඳ රුවිනි යුතු ඉති නතිඳු එම මුනි නිවෙස බැබළේ
වැඳ තොසිනි ඕනුදු අයදු කුළු දෙන ලෙස මන දොළේ’’
මීට අමතරව සිව්පද යුගයේ පද්‍ය තුළ ගද්‍ය කාණ්ඩ යොදා ඇත. එයද සුවිශේෂී ආකෘතික ප‍්‍රවණතාවකි. ඒ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් පවසන්නේ එම ගද්‍ය කාණ්ඩ තුළ යම් ලාලිත්‍යයක් ඇති බවයි.
‘‘රස නුසුන් හසුන් මතු කියමි මමිතුර තොප නිකුත් වන
සව් ඉසුරු නුමුත් වන පුර පවර පසස්නා වදන් දැන්
තා සවන් මිණි බරණ සද’’
ඪෂග සිලෝ විරිත් භාවිතය
ගී යුගය තුළ ගී විරිත ස්ථාපිත වුවද සිව්පද විරිතද දක්නට ලැබිණි. එසේම සිව්පද යුගය තුළ සිව්පද විරිත සේම සිලෝ විරිතද දක්නට ලැබේ. සිව්පද යුගයෙන් පසු සිලෝ යුගය ඇරඹුණද, සිලෝ විරිතේ ආගමන සිදුවන්නේ සිව්පද යුගය තුළයි. ඒ එළුසිලෝසතකය (ක‍්‍රි.ව. 1415 - 1430* නැමැති කෘතියේ ආගමනයත් සමගය. බුදු ගුණ සමරමින් කරන වන්දනාවන් එහි අන්තර්ගතය. එම පද්‍ය කෘතියෙහි සිලෝ විරිත අලංකාරවත් වී ඇත්තේ මෙලෙසින්ය.
‘‘රුදු බවණව පිනා - නොමින්වුන් සතන්ගේ
සූවිසි අසෙකි සත් දැ - සුක්මුදා මොක් අමා දී
තිලොවක ගුරු වූ ඒ - දම්රදුන් පා පියුම් දෝ
වඳිමි බැති සිතින් දෝ - අත් සදා මා මුදුන්හි’’
තදුක්ත ධාරණාවන් විමර්ශන කිරීමේදී එළිසමය ආරක්‍ෂා කරගනිමින් විවිධාකාර අලංකාර භාවිත කරමින් සිව්පදය සිංහල සාහිත්‍යයේ ස්වර්ණ යුගයේ පෑ පෙළහර මනාව විද්‍යමාන වේ. එපමණක් නොව, ගී යුගයෙන් පසු සමාජයේ ප‍්‍රකටීභූත වන සිව්පද සම්ප‍්‍රදායය ලක්දිව පද්‍ය සම්ප‍්‍රදායයේ පාඨක රසඥතාවේ නිම් වළලූ පුළුල් කළ අන්දම යථෝක්ත උදාහරණ ම`ගින් ප‍්‍රත්‍යක්‍ෂ විය. එසේම සිව්පද සම්ප‍්‍රදායය ම`ගින් ලක්දිව පද්‍ය සම්ප‍්‍රදාය විදග්ධ කාව්‍ය සම්ප‍්‍රදායයකට මෙන්ම විවිධාකාරයේ අලංකාර භාවිතයක මං පෙත් විවර කළ අන්දම උක්ත උදාහරණ සාක්‍ෂ්‍ය සපයයි.
01.4. සිංහල පද්‍යයේ ආකෘතික විවිධතා හා පශ්චාත්කාලීන ප‍්‍රවණතා
අනුරාධපුර යුගයේ පටන් කෝට්ටේ යුගය දක්වා විවිධ ආකෘතික ප‍්‍රවණතා දක්නට ලැබුණි. එහෙත් එහි කෝටිප‍්‍රාප්ත ප‍්‍රවණතා දෙක වූයේ ගී විරිත හා සිව්පද විරිතයි. කොට්ටේ යුගයෙන් පසු එළඹෙන්නේ සිලෝ යුගයයි. සීතාවක යුගයේ ආරම්භයේ පටන් මහනුවර යුගයේ දෙවන පරපුර දක්වා කාලවකවානුව සිලෝ යුගයට අයත් වේ. මෙම කාලවකවානුව තුළ දක්නට ලැබෙන්නේ ආකෘතික විවිධතාවකි. මෙම කාලයේ විදග්ධ සම්ප‍්‍රදායයේ ඇසුර ලත් පද්‍ය කෘති බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. එහෙත් මෙම යුගයේ ඇති නානාවිධ ආකෘතික විවිධතාව අවධානයට ලක් කළ යුතු සංකල්පයකි. එම ආකෘතික ප‍්‍රවණතා මෙලෙස වෙන් වෙන් වශයෙන් සුඛාවබෝධ වනු පිණිස දැක්විය හැකිය. එනම්,
ෂග ගී විරිතේ ස්වරූපය
ෂෂග සිව්පද ආකෘතිය
ෂෂෂග දෙපද ආකෘතිය
ෂඪග සිව්පද ආකෘතිය තුළ අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැනක් ලබා දීම
ඪග පද්‍ය ආකෘතියට දෙමළ භාෂාවෙන් ලත් ආභාසය
ඪෂග ජන ආකෘතිය දක්නට ලැබීම
ඪෂෂග සිව්පදය ඉක්මවා යෑම
ඪෂෂෂග සංවාද කවි ආකෘතිය
ෂඞග සිලෝ විරිත් ආකෘතිය
ඞග මිහිරිපැන්නේ හිමියන්ගේ පද්‍ය ආකෘතික ලක්‍ෂණ
යනුවෙනි.
ෂග ගී විරිතේ ස්වරූපය
ලක්දිව ප‍්‍රාරම්භක පද්‍ය ප‍්‍රවණතාව ගී විරිතයි. ගී විරිත ලක්දිව පතළ අයුරු ගී යුගයේ දැක්වෙන සනිදර්ශන ම`ගින් මොනවට පළට වේ. මේ ගී විරිත ඉන් පසු ප‍්‍රථිත නොවුවද යම් පිබිදීමක් මහනුවර යුගයේ දක්නට ලැබේ. එනම් හටන් කාව්‍ය තුළය.
‘‘කුලතුංග සෙනෙරත්න භූපා //සේනා
චතුරංග භල බ‍්‍රෑවි ප‍්‍රතාපා
දස සතවර භූපා // ඛිද්ධි
අනුරපුර සෙංකඩගල් අධිපා’’ (මහ හටන*
ෂෂග සිව්පද ආකෘතිය
ගම්පොළ යුගයෙන් ආරම්භ වී කෝට්ටේ යුගයේ පතළ සිව්පද ආකෘතිය සිංහල පද්‍යයේ පශ්චාත්කාලීන ප‍්‍රවණතා තුළ එළිසම දැකගත හැකිය. කෝට්ටේ යුගයෙන් ලත් එම ආභාසය පශචාත්කාලීන පද්‍ය රචකයෝ එලෙසින්ම පවත්වාගෙන ගියහ. උදාහරණ වශයෙන් අලගියවන්න මුකවෙටිතුමා කුසදාකව පද්‍ය කෘතිය රචනා කිරීමේදී පුරාණ සිව්පද ආකෘතියේ ඇසුර ලබා ඇත. කුසදාකවේ ආරම්භක පද්‍යයෙන්ම ඒ බව වටහා ගත හැකිය.
‘‘තිත් ගණඳුරු මිතු රු
විනෙදන කුමුදු නිසයු රු
ගුණමිණි මහ සයු රු
වඳිමි මුනි උතුමන් තිලෝගු රු’’
‘‘ගුණමිණි මහ සයු රු
සව්සත කුමුදු නිසයු රු
නුවණින් තිලෝගු රු
සැරද දද කුල කමල දිවයු රු’’
‘‘සියපින් සිරින් ස රු
දෙතිස් ලකුණින් විසිතු රු
කෙලෙසුන් කෙරෙන් දු රු
වඳිමි මුනි උතුමන් තිලෝගු රු’’
මෙම උපැහරණ ම`ගින් ගම්පොළ යුගයේ ඇරඹි සිව්පද ආකෘතිය පශ්චාත්කාලීන පද්‍ය ප‍්‍රවණතා තුළ එලෙසින්ම රක්‍ෂණය වී ඇති අන්දම අවබෝධ කර ගත හැකිය. මෙම යුගවල බිහි වූ ශෘංගාර, ප‍්‍රශස්ති, හටන්, බණකතා, පෞද්ගලික, භික්‍ෂු විරෝධී ආදි පද්‍ය ප‍්‍රවණතා සඳහා සිව්පද ආකෘතිය එක ලෙස හේතු සාධක විය.
ෂෂෂග දෙපද ආකෘතිය
ගී යුගයේ හා සිව්පද යුගයේ දෙපද ආකෘතික නිදසුන් ඉහතදී හමුවිය. එසේම සිලෝ යුගයෙහි පැනෙන සීතාවක, මහනුවර කාලවකවානු තුළද මෙම දෙපද ආකෘතියේ භාවිතය එලෙසින්ම පැවත ඇත.
‘‘දහම් රජ ප`ඩිව ර
නදන වු පරසිඳු මෙදියතු ර’’
‘‘අලගියවන් න ම්
මුකවෙටි ගුණෙති නැණතු ම්’’
ෂඪග සිව්පද ආකෘතිය තුළ අර්ථ රසයට වඩා ශබ්ද රසයට මුල් තැනක් ලබාදීම
සිංහල පද්‍ය වංශාවලියෙහි පශ්චාත්කාලීන ප‍්‍රවණතා තුළ සුලබත්වය දැකිය හැකි ලක්‍ෂණයක් ලෙස ශබ්ද රසයට මුල් තැනක් දීම දැක ගත හැකිය. එහෙත් ඒ ශබ්ද රසය තුළ අර්ථ රසයට හානියක් බහුලව දක්නට ලැබෙන්නේ කෝට්ටේ යුගයෙන් පසුවය.
‘‘රුවිනි අනංග තෙදිනි පතංග නැණැති මතංග වනසේ මේ
මන අකලංග රුදුරුපු බංග කැර උතුමංග සිඳලා මේ
යදි කවි බිංග කළ මනරංග සියසෙ පතංග සිරි පෑ මේ
රුපු රද ගංග සුරිසුර අංග මනකල බංග සැමදා මේ’’
ඪග පද්‍ය ආකෘතියට දෙමළ භාෂාවෙන් ලත් ආභාසය
මහනුවර යුගයේ රචිත හටන් කාව්‍ය හා විරුද කාව්‍ය තුළ දිස්වන පද්‍ය තුළ සුවිශේෂී ආකෘතියක් දැකගත හැකිය. දෙමළ භක්ති ගීතයට සමාන ආකෘතියක් දක්නට ලැබීම එහි විශේෂත්වයයි. එහි ඇත්තේ උච්ච ස්වරයෙන් ගායනා කිරීමකි. එහි ඇති අනුනාසික්‍ය හා දන්තජ සංයෝගය පද්‍යවල ආයාචන ස්වරූපය තියුණු කොට ඇත.
‘‘තෙජෙනේ ආදිත්‍ය වංශ අර්ණ වලංඝනී කෘත්‍ය නාදනේ ඉරුල රණ වල්ලා
භාජනේ වන් මින් කර ධාරණේ තුම් මුණිගුණ තේස මෙගු පූතල මුල්ලා
භෝජනේ සංගීත අවතාරණේ කර්ණ වදාන තීදමෝ කිලීත පොල්ලා
රාජනේ නරේන්ද්‍රසිංහ මොලනේ මනු නීදි එන්නේන් මේ ලිප්පඩි මොල්ලා’’
එසේම එළුසඳස් ලකුණෙහි දක්නට නොලැබෙන වෘත්තවලින් බැඳි කාව්‍ය මෙම යුගයේ දක්නට ලැබේ. එම වෘත්ත බොහෝ දුරට ද්‍රවිඩ ප‍්‍රබන්ධයන්ගෙන් උපුටා ගන්නා ලද වෘත්තයෝය. ඒ අතරත දණ්ඩක හා අෂ්ඨක විරිත්වලින් බැඳි පද්‍ය බහුලය. දණ්ඩක අෂ්ඨක විරිත්වලින් බැඳි පද්‍ය හටන් කාව්‍යවල දැකගත හැකිය.
‘‘බ‍්‍රහ්මා අච්චුත දේව සංකාර උමා ලක්ෂ්මිශ්ච වෛහා භාරතී’’ (අෂ්ඨක විරිත*
‘‘පද්ම බෝ නකුල නර පාලය ප‍්‍රියතා මනු නීති විසාලාය ප‍්‍රභතා
නව කිරණ ප‍්‍රකාශය නුපතේ ශරි භූපා’’ (දණ්ඩක විරිත*
ඊට අමතරව පහත විරිතද දෙමළෙන් පැමිණි එකක්යැයි සුධීහු විශ්වාස කරති.
‘‘සමහරු මර වැද වැද ලතී - අත
සමහරු වට විද පෙර ලතී
මෙම ර`ග දැක උන් ජන පතී - අඹ
තුරකට දනි පනි ගා ගතී’’
මෙම නිදර්ශන ම`ගින් සිව්පද ආකෘතිය සඳහා මෙම යුගයේ දෙමළ ආභාසය නොඅඩුව ලැබී ඇති බව පැහැදිලි වේ.
ඪෂග ජන ආකෘතිය දක්නට ලැබීම
ජනකාව්‍ය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වා දිවයන්නකි. මිනිසාගේ සිත් සතන් තුළ නැගුණු දුක් දොම්නස් සේම ප‍්‍රීතිය, පාලූව මකා දමනු වස් පොදු ජනයාගේ මුව`ගින් පිටව ගියේ ජනකවියයි. එම ජනකාව්‍ය ආකෘතිය ගුත්තිල කාව්‍ය තුළ නොඅඩුව දක්නට ලැබිණ. කෝට්ටේ යුගයෙන් පසුව එළඹෙන පශ්චාත්කාලීන ප‍්‍රවණතා තුළද ජනකාව්‍ය ආකෘතිය දැකගත හැකිය.
‘‘කෙතට බැඳි පඹයෙකු සේ වැනෙමි න
සබයට ආ සක් බමුණා දකිමි න
කුමට මෙතනට අවුදැයි කියමි න
වටකොට සිටියෙන් රවයි නොමදි න’’
ඪෂෂග සිව්පදය ඉක්මවා යෑම
මහනුවර යුගයේ රචිත පද්‍ය ප‍්‍රබන්ධ අතරත සිව්පදය ඉක්මවා ගිය පද සහිත ආකෘතික ලක්‍ෂණ සහිත පද්‍ය රචනා සොයාගත හැකිය. එය පශ්චාත්කාලීන ආකෘතික ප‍්‍රවණතා අතර කැපී පෙනෙන ආකෘතික ලක්‍ෂණයකි. ඒ අතරත මාත‍්‍රා බහුල කාව්‍යයක් මෙලෙස දැක්විය හැකිය.
‘‘නොතැකුම් රුදු විරුදු අඩම්බර නොතරම් කර සිරිදු උතුම් ර`ග
සැතපුම් සැදු මහරු විකුම් බුජ රණ මන්දිර භූපා
සතපෙම් කොද කිවිඳු පියුම් වන හිම ගුම රිවි විලස උදම්
සහ තැවැරුම් ක තෙදන කොකුම් තෙන දිගබුන් පර තාපා
මනරම් යස කෙහෙලි නොහිම් ලෙස බිහිගුම් දිගු යට`ග නැ`ගුම්
කළ සුරදුම් තිලිනි දුරු සුජම්පති මනයොන් තුනු රූපා
සදහම් තෙල කෙසර රුදුම් වන රණකුම් දිසි දඹදෙණි ගම්පල
දැදිගම් නගරාදිප රම්පුර නෘප සිංහ මහීපා’’
මෙම පද්‍ය දෙපණස්මත් විරිතේ ආභාසය ලබා ඇත. වාර්තාවක ස්වරූපයක් මෙහි දක්නට ලැබේ. මීට අමතරව මෙම යුගයේ රචිත හටන් කාව්‍ය තුළ සිව්පදයට අමතරව ගී, සැහැලි, සින්දු, විරිදු ආදි විරිත් නිතැතින්ම උපයෝගී කරගෙන ඇත.
ඪෂෂෂග සංවාද කවි ආකෘතිය
පද්‍යයේ නව ආකෘති දලූ ලන විට එහි ප‍්‍රතිඵලයක් ලෙස බිහි වූ ආකෘතියක් ලෙස සංවාද කවි දැක්විය හැකිය. මෙය මහනුවර යුගයේ දෙවන භාගයේ පැන නැගුණු පද්‍ය ආකෘතික විශේෂතාවකි. මෙය සංදේශ, ප‍්‍රශස්ති, හටන් ආදි පද්‍ය නිර්මාණයන්ගෙන් මිදුණු සිව්පද ආකෘතියේ සුවිශේෂී ප‍්‍රවණතාවකි. මෙම සංවාද පද්‍ය ආකෘතිය වඩාත් ප‍්‍රචලිත වූයේ මාතර යුගයේ ගජමන් නෝනා, ඇලපාත මුදලි, රංචාගොඩ ළමයා වැන්නවුන් අතර ඇති වූ කාව්‍ය සංවාද ඇසුරෙනි.
ඇලපාත මුදලි ගජමන් නෝනාට යැවූ කවියක්
‘‘චන්දා සුරිය වැනි එලඳගෙ උව න
ඉන්ද නීල දෙක වැනි ළමැද එන ත න
අන්දකාරයට ඇවුලූ පහන මෙ න
කින්ද තනි යහනෙ නිදියන්නේ නෝ න’’
ඊට ගජමන් නෝනා යැවූ පිළිතුරු කවිය
‘‘බැන්ද මගේ හිමි පරලොව ගිය බැවි න
නින්ද අපට පුරුදුය තනියම යහ න
වින්ද ..... සැපත මට මතක නැතිවු න
කින්ද තමුසෙට විමසන්න කාර ණ’’
ෂඞග සිලෝ විරිත් ආකෘතිය
සිංහල පද්‍ය සාහිත්‍යය ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.
ෂග ගී යුගය (අනුරාධපුර/කුරුණෑගල*
ෂෂග සිව්පද යුගය (කෝට්ටේ/සීතාවක*
ෂෂෂග සිලෝ යුගය (මහනුවර/මාතර*
ඒ අනුව සිලෝ කාව්‍ය ආකෘතිය පශ්චාත්කාලීන ප‍්‍රවණතා අතරත ප‍්‍රධානතම ආකෘතික ලක්‍ෂණයක් බව විශදය. සිලෝ විරිත යන්නෙන් අදහස් කෙරෙන්නේ සංස්කෘත ශ්ලෝකවල ඇති ඡුන්දස් විරිත්වලට අනුකූලව සිංහල පද එකතු කර තනන විරිතයි.
‘‘සංස්කෘත ශ්ලෝකය සිංහලට පෙරළා ගැනීම නිසා පහළ වූවකි සිලෝව. ගණ මුල් කරගත් සංස්කෘත ඡුන්දස් අනුව නිර්මාණය කරන ලද සංස්කෘත ශ්ලෝක විරිත් තුළට හෙළ වදන් කවා ඒ ම`ගින් එළු සිලෝවක් බිහිකර ගැනීම නිර්මාණශීලී නව සංස්කරණයක් වෙයි’’
සිලෝ විරිත් ආකෘතිය තාලයක් නොමැති ගායනා රටාවක් ඇති විරිත්ය. එනම් අපතාල විරිතක් වෙයි. සිලෝ විරිතෙහි ප‍්‍රාරම්භක ප‍්‍රවණතාව දැකගත හැකි වන්නේ කෝට්ටේ සමයේ ලියවුණු එළුසිලෝ සතකයෙනි. මින් පසුව සිලෝ විරිත ආගමනය සිදු වනනේ මාතර යුගයේ මුල් අවධියේය. සිලෝ ආකෘතියෙහි ජනප‍්‍රියතම අවධිය ලෙස සැලකිය හැක්කේ මෙම අවධියයි. තෙරුවන් මාලා, ප‍්‍රාතිහාර්ය ශතකය, ගංගාරෝහණ වර්ණනාව ආදි සිලෝ කාව්‍ය නිර්මාණ බිහි වන්නේ මෙම යුගයේදීය. ඒ අතරත සුවිශේෂීම පද්‍ය කාව්‍ය වන්නේ ප‍්‍රාතිහාර්ය ශතකයයි. සිලෝව කවීන්ගේ සිත් ගැනීමට හේතු සාධක වූයේ මෙම කෘතියේ ආගමනයෙන් පසුවය. සංස්කෘත මන්දක‍්‍රාන්ත වෘත්තයට අනුව රචනා කළ කව් ප‍්‍රාතිහාර්ය ශතකයේ දක්නට ලැබේ.
‘‘සිදුහත සිදුහත්හී වත් තො දිස්නෙයි නො දිස්නෙයි
මෙහෙ තුළ මෙ මහත් දුක්මා නුවන් තො ලොබින් වූ
පලූපල සියපත් ඈ වත්නි අත් නෙත් වුවන් ඈ
කුරු අතළ ගලක් ලා තෝ මැවූ වන් ඒ සිවුවත්’’
කාලානුක‍්‍රමයෙන් මෙම සිලෝ විරිත මාතර යුගයේ බොහෝ සෙයින් ප‍්‍රචලිත වූ අතර ඒ බැව් සාලිඇලේ මණිරතන, මිහිරිපැන්නේ ධම්මරතන ආදි හිමිවරුන්ගේ සහ කුමාරතුංග මුනිදාස ආදි උගතුන්ගේ පද්‍ය පන්ති විග‍්‍රහයේදී ප‍්‍රකට වේ. කුමාරතුංග මුනිදාස මහතා සිලෝව ගැන දක්වන්නේ මෙබඳු අදහසකි.
‘‘ශ්ලෝක බන්ධනයට රුකුල් දීමෙන් තවත් වැඩක් සිදුවෙයි. එනම් නොවියත්හු පද්‍ය බන්ධනයෙන් වලක්වා ලීමයැ. හ‍්‍රස්ව වූ හෝ දීර්ඝ වූ හෝ යම්කිසි අකුරු ගණනක් යොදා සතර පෙළ එක් අකුරකින් කෙළවර කිරීම නූගත් පිටිසර මැහැල්ලනටද නොබැරියැ. එහෙයින් ස්වදත්තෝපාධිභාරාවනත නූතන කවීන්ද්‍රයෝ ශීලීන්ද්‍රයන් මෙන් නැගෙති. ගුණ ගණාදියෙන් නියම කළ පරිදි ලූහු ගුරු පිහිටුවා ශ්ලෝක බන්ධනකිරීම සිහි එළවා කළ යුත්තකි. නූතන කවීන්ද්‍රයනට ඒ නොරිසියෙනි. එහෙයින් ඔවුන් සුදුසු කටයුත්තකට මැ පොළඹවාලීමට ශ්ලෝක බන්ධනය කලට සුදුසු කොට ගැන්ම වහල් වේ. එළිසමයෙන් ස්වාභාවිකත්වය නැසේ. සිලෝවෙන් එය රැුකේ. එහෙයින් සිලොවට රුකුල් දීම භාෂාව පිරිසිදු කිරීමකි.’’
මෙම ප‍්‍රකාශන ම`ගින් සිලෝ ආකෘතිය එම යුගයේ කෙතරම් ප‍්‍රචලිත වීද යන්න ප‍්‍රකට වේ.
ඞග මිහිරිපැන්නේ හිමියන්ගේ පද්‍ය ආකෘතික ලක්‍ෂණ
මිහිරිපැන්නේ ධම්මරතන හිමියන් මාතර යුගයේ පද්‍ය ආකෘතික ලක්‍ෂණ අතරත විද්වතුන්ගේ පැසසුමට ලක් වූ ප‍්‍රධානතම පද්‍ය රචකයෙකි. ඒ හිමියන්ගේ පද්‍ය ආකෘතික ලක්‍ෂණ විමසීමේදී ජනකවි, සිලෝ ආදි ආකෘති බාහුල්‍යයක් දක්නට ලැබේ. එහෙත් මෙහිමියන්ගේ පද්‍ය රචනා සුවිශේෂ වනනේ දුෂ්කර බන්ධන හා චිත‍්‍ර බන්ධන අතර ප‍්‍රමුඛස්ථානයක් ගත් බැවිනි. මේ හිමියන් විසින් රචිත ඇතැම් පද්‍ය නිර්මාණ අවබෝධ කර ගැනීමට සමතෙක් එකල නොවීය. මෙම පද්‍යය ඒ සඳහා කදිම උපැහරණයකි.
‘‘සත්වන කිරිය අදියර වනස ලොපා දෙණ
ගත්සර දෙසවන ගම පිය විස ය වණ
නෙත් පස ලබන දානන් පස ගුරු වණ
සිත් සැක හදාරණ නමකර සතර විය රණ’’
මීට අමතරව චිත‍්‍ර බන්ධන ආකෘතිය එකල බෙහෙවින් ජනප‍්‍රියත්වයට පාත‍්‍ර වූ ආකෘතියකි. මෙම චිත‍්‍රබන්ධන ආකෘතිය ගී යුගයේ දක්නට ලැබුණද ඉන් පසුව සමාජයේ ජනප‍්‍රියත්වය පත් වන්නේ මිහිරිපැන්නේ හිමියන්ගේ ආගමනයත් සම`ගය. ඒ අනුව මෙම ප‍්‍රවණතා ආගමනය පද්‍යාකෘතියේ ප‍්‍රධාන සංධිස්ථානයක් ලෙස අවධාරණය කළ හැකිය. චිත‍්‍රබන්ධන ආකෘතිය මිහිරිපැන්නේ හිමියන් භාවිත කර ඇත්තේ මෙලෙසින්ය.
‘‘නදිරණ යසැති මුළු දිය තුලෙහි සර වන
නවරස බෙදන විනෙදන ගණට සුර වන
නවරසු දුලන තුනු සිරි දරණ නද වන
නවදන අයස නමදිනු මුනිදු කර දින’’
අවුල් ජාලා ලක්‍ෂණයෙන් යුත් පද්‍ය
කාව්‍ය නාම ගර්භ චක‍්‍රය
‘‘දිමුන නද තන හු න
බාලාවි නද ගෙ වස න
බද මෙ නද සහසි න
හිදිති ගැබ ලෙබ පැමින තැන තැ න’’
මේ අර්ථ ක‍්‍රම දෙක
ධ්වජ ලක්‍ෂණ බන්ධන
මිහිරිපැන්නේ හිමියන්ගේ යථෝක්ත පද්‍යාකෘතික ලක්‍ෂණ වසර සියගණනකට පෙර වැසීගිය චිත‍්‍රබන්ධන නගා සිටුවීමක් හා සමානය. මෙය සාමාන්‍ය ප‍්‍රවණතාවක් ලෙස කව් රස විඳිනන් සිතන්නට ඇත. එහෙත් මිහිරිපැන්නේ හිමියන්ගේ මෙම චිත‍්‍ර බන්ධන පද්‍ය සාහිත්‍යයේ නිම් වළළු පුළුල් කිරීමේ ආධාරකයක් වන්නට ඇත. ඒ අනුව තදුක්ත ධාරණා සෝදාහරණව විචාරාක්‍ෂියට බඳුන් කිරීමේදී අනුරාධපුර යුගයේ පටන් වැටෙමින් පද්‍ය ආකෘතියේ ප‍්‍රාරම්භක ප‍්‍රවණතා හා විකාශනය සිදු වූ අයුරු අවබෝධ කරගත හැකිය.