UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සිරිත් විරිත්

Thursday, December 12, 2013

සිරිත් විරිත්

සිරිත් විරිත් ලොව පවතින ඕනෑම ජන සමාජයකට අනන්‍ය වූ සිරිත් විරිත් සමුදායක් ඇත. එම සිරිත් විරිත් ජීවිතයේ විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් පෙනී සිටියි. ලක්දිව සංස්කෘතිය නිර්මාණයේදී භාරතීය සංස්කෘතියේ යෝධ සෙවනැල්ලක ආභාසය ලබා ඇති බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. විජයාගමනයට පෙර සිටම ලක්දිව සභ්‍යත්වය කෙරෙහි ඍජු බලපෑමක් භාරතීය ජන සමාජය ඔස්සේ දක්නට ලැබිණ. ඒ අනුව ලක්දිව චාරිත‍්‍ර වාරිත‍්‍රවල මූල බීජ දක්නට ලැබෙන්නේ භාරතීය ජන සමාජය තුළය. භාරතීය ජන සමාජය තුළ චාරිත‍්‍ර වාරිත‍්‍ර සම්බන්ධයෙන් කරුණු දැක්වෙන් කි‍්‍රස්තු පූර්ව යුගවල සිටය. එහිදී හමුවන පැරණිතම මූලාශ‍්‍රය වන්නේ අථර්ව වේදයේ එන සඳහනයි. එහි ගෘහෘ්‍ය සූත‍්‍රවල ජීවිත සංස්කාර විධි හතළිහක් පමණ දක්නට ලැබේ. ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.  ගර්භාධාන - ගැබ්ගත් විට අනුගමනය කරන වත්පිළිවෙත්, විශ්වාස, කෙම් ක‍්‍රම  පුංසවන - පුතෙකු- ලබා ගැනීම සඳහා කරනු ලබන චාරිත‍්‍ර (නුග දළුවක් තලා නාස් පු`ඩුවේ තැබීම*  ජාතකර්ම - බිළිඳාගේ පෙකෙනි වැල කැපීමට පෙර රන් මුසු ගිතෙල් කටේ ගෑම  නමාකරණ - ඉපදී දවස් හතක් යක තැන නමක් තැබීම  කර්ණවේද - නැකතට කන් විදීම  අක්‍ෂර ස්වීකරණ - අකුරු කියවීම මෙම චාරිත‍්‍ර වාරිත‍්‍ර ක‍්‍රමයෙන් ලක්දිව ජන සමාජයේ රෝපණය වන්නට විය. මහාවංශය සඳහන් කරන අන්දමට පණ්ඩුකාභය කුමරුට ශිල්ප උගන්වන ලද්දේ පණ්ඩුල බ‍්‍රාහ්මණයා විසින්ය. එසමය වන විට බ‍්‍රාහ්මණ ආගමේ ආධිපත්‍යය එම කාරණාවෙන් වටහා ගත හැකිය. එම අධ්‍යයන ක‍්‍රමවේදය සම`ග වෛදික සිරිත් විරිත් ලක්දිව සමාජයේ ප‍්‍රචලිත වන්නට විය. කාලානුක‍්‍රමයෙන් ලක්දිව බුදුසමය ප‍්‍රචලිත වීමත් සම`ග වෛදික චාරිත‍්‍ර වාරිත‍්‍ර බුදුසමයට අනුව හැඩ ගැසෙන්නට විය. මේ අනුව දෙවියන්ගේ ආශිර්වාදය වෙනුවට ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පැතීමට මිනිසා හුරු පුරුදු විය. මෙහිදී දර්වාගේ පිළිසිඳ ගැනීමේ පටන් මරණය දක්වා විවිධ සිරිත් විරිත් කාලානුක‍්‍රමයෙන් අප සංස්කාතිය වැළඳගත්තේය. එම සිරිත් විරිත් අප සමාජය තුළ පමණක් නොව සමස්ත ජන සමාජ තුළ විවිධත්නයකින් යුක්තව දැකගත හැකිය. ඒ ඒ සිරිත් විරිත් ඒ ඒ ජන සමාජයන්ට අනුව වෙනස් වෙයි. විවිධ ජන සමාජයන්හි ජීවිතයේ විවිධ අවස්ථා සඳහා අනුගමනය කරන සිරිත් විරිත් තුළ සාම්‍යත්වයක් මෙන්ම විවිධත්වයක්ද දක්නට ලැබේ. මනුෂ්‍ය ජීවිතය හා බැඳි විශේෂිතම අවස්ථා කිහිපයක නිරූපිත සිරිත් විරිත් විවිධ ජන සමාජ අනුගමනය කරන ආකාරය මෙලෙස අධ්‍යයනය කළ හැකිය. පිළිසිඳ ගැනීම හා දරු උපත ඕනෑම ජන සමාජයක් තුළ දරුවෙකු පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් විශේෂිත සිරිත් විරිත් රැුසක් දැකගත හැකිය. දරු උපත ජන සමාජයේ ප‍්‍රගමනයේ සංකේතයයි. එබැවින් දරු උපත උත්කර්ෂවත් ලෙස සැමරීමට මිනිසා හුරු පුරුදුව සිටී. ලක්දිව ජන සමාජයේ දරුවෙකු පිළිසිඳ ගත් විට බොහෝ දුරට බෞද්ධ වතාවත් සිදු කිරීම දැකගත හැකිය. ‘එහිදී මහා සංඝරත්නය උදෙසා දාන මානාදිය පිළිගැන්වීම, ශ‍්‍රී මහා බෝධිය, දළදා මාළිගාව කේන්ද්‍ර කරගෙන බාරහාර වීම, දෙවියන්ට බාරහාර වීම, බෝධි පූජා පැවැත්වීම, කිරි අම්මාරවරුන්ට දාන මානාදිය දීම, අඕගුලිමාල පිරිත් සජ්ඣායනා කිරීම, බිත්තර පිසීම තැම්බීම මකුණු දැල් කැඞීම ආදිය නොකිරීම. රට යකුම, රිද්දි යාගය ආදී බලි තොවිල් සෙත් ශාන්ති ආදිය කිරීම,’ කළු කුමාරයාට යාතිකා කිරීම ආදී පිළිවෙත් දරුවෙකු පිළිසිඳ ගැනීමේදී ලක්දිව ජනයා අනුගමනය කරනු ලබන සිරිත් විරිත් වේ. අප සමාජයේ විවිධ පළාත්වල මෙම සිරිත් විරිත්වල විවිධත්වයක් දැකගත හැකිය. දරුවෙකු පිළිසිඳ ගත් විට භාරතීය ජන සමාජයේ සිදු කරන්නේ දේව විශ්වාස පදනම් කරගත් වත් පිළිවෙත් ආදිය කිරීමයි. එහිදී ඔවුහු විවිධ කෙම් ක‍්‍රම විශ්වාස කරති. ඒ සඳහා දෙවියන් උදෙසා යාග හෝම ආදිය කිරීම, නුග දළුවක් තලා ගැබිණියගේ නාස් පු`ඩුව අග තැබීම ආදි සිරිත් විරිත් දැකගත හැකිය. එසේම දරුවෙක් පිළිසිඳ ගත් විට ගැබිණියට ඇතිවන දොළ දුක ආධි කාලයක පටන් පැවත එන්නකි. එම දොළ දුක සංසිඳු වීමට පවුලේ අය ක‍්‍රියා කරනු ලබයි. ඉන්පසුව දරු ප‍්‍රසූති අවධිය උදා වූ විටද විවිධ සිරිත් විරිත් මිනිසා අනුගමනය කරන බව දැකගත හැකිය. වර්තමානයේ මෙන් එකල රෝහල් දක්නට නොලැණු හෙයින් තිඹිරිගෙය නමින් දරු ප‍්‍රසූතිය සඳහා වෙන් කරන ලද වෙනම කාමරයක් විය. එම කටයුතු පිළිබඳ දැනුම් තේරුම් ඇති වින්නඹු කාන්තාවක්ට ඒ කටයුත්ත භාරව තිබිණ. තිඹිරගෙයෙහි පහනක් පමණක් දක්නට ලැබීම, අබ, කහ දියර ඉසීමෙන් පිරිසිදු කර තීබීම ආදිය දැකගත හැකිය. ද්‍රවිඩ ජාතිකයන්ගේ සිරිත් විරිත් අනුව තිඹිරිගෙය තුළ ‘‘පිත්තල කළගෙඩියක්, වී ගොඩක්, පොල් ගෙඩියක්, අඹ කොළ, මල් හා හාල් දැක ගත හැකිය.’’ එහෙත් වතුකරයේ වතුකරයේ තිඹිරිගෙය රෙදිවලින් වට කළ කාමරයකි. මෙම`ගින් එක් එක් සමාජ තුළ මනුෂ්‍ය ජීවිතයේ එකම අවධිය විවිධාකාරයෙන් සමරන ආකාරය දැකගත හැකිය. ඉන්පසු දරුවාගේ උපත්තිය සම`ග රන්කිරි කට ගෑම, මංගල සම්මත ආහාරයක් පිළියෙල කර නානු ගා බිළිඳට හිරු පෙන්වීම, බාර හාර ඔප්පු කිරීම, පූජනීය ස්ථානයකට රැුගෙන යාම අප සමාජයේ දැකගත අනිවාර්යයෙන් දැකගත හැකිය. භාරතීය සමාජය තුළ මීට අමතරව විශේෂයෙන් දරුවාගේ ඇගෙහි තල තෙල් ගෑම ආදී විශේෂ චාරිත‍්‍රද දැකගත හැකිය. ‘දකුණු අප‍්‍රිකාවේ බ‍්‍රගන්ඩා ගෝත‍්‍රයේ දරුවෙක් ඉපදුන විට දරුවාගේ නිරෝගී සුවය පතා හඳට පෙන්වීමේ චාරිත‍්‍රයක් දැකගත හැකිය.’ දරුවෙක් ඉපදුන විගස දරුවෙක්ට නමක් තැබීම සැම ජන සමාජයකම දක්නට ලැබෙන දෙයකි. ලංකා සමාජයේ එය පංසලේ ලොකු හාමුදුරුවෝ හෝ විද්වත් පුද්ගලයෙකු විසින් තබනු ලබයි. අප සමාජයේ සුභ ගණයකට අනුව නම් තැබීම බෙහෙවින් විශ්වාස කරයි. බ‍්‍රසීලයේ වෙසෙන ‘කුවාටා’ නම් ගෝත‍්‍රිකයන් ළමයින්ට නම් තබන්නේ එකම දිනයකදීය. ඔවුන් එය උත්සවත්ශී‍්‍රයෙන් සමරන අතර, එහිදී විශේෂ මණ්ඩපයක් මල්වලින් සැරසීම සිදු වේ. මීට අමතරව එක් එක් ජන සමාජවල දරුවන්ට නම් තැබීමේදී අනුගමනය කරන්නේ මෙබඳු පිළිවෙතකි.  ‘දකුණු ඉන්දියාවේ ‘‘පොඞ්ස්’’ නම් ගොත‍්‍රිකයන් දරුවන්ට නම් තැබීමේදී හිස මුඩු කරන අතර පිරිමි දරුවෙකුට මාමා කෙනෙක් වසු පැටවෙක් ත්‍යාග වශයෙන් දෙන බවට පොරොන්දු වන අතර ගැහැණු දරුවාට තම පියා විසින් නම් තබනු ලබයි. එහිදී ඇගෙහි ගෙලෙහි සත්ව ඇට කටු වලින් නිර්මිත මාලයක් එල්ලනු ලබයි.  ග‍්‍රීන්ලන්තයේ ඇක්සිමෝවරුන් ළමයින්ට නම් තැබන්නේ බිහිවීමට ප‍්‍රථමයෙන්ය. එය ඉතා පුදුම සහගත නම් තැබීමකි.  උතුරු ඇමරිකාවේ රතු ඉන්දියන්වරුන් නම් තබා ගැනීමේදී යොදාගනු ලබන්නේ මන්ත‍්‍රකරුවන්ය. එහිදී ඔවුන් පිරිමි දරුවෙකුට සිව්පාවෙකුගේ නමක් තබනු ලබන අතර ගැහැණු දරුවෙකුට ගසක හෝ මලක නමක් තබයි.  ඇතැම් හින්දු ජන සමාජවල ළමයින්ට නම් දෙක තුන තබනු ලබයි. එහිදී රහස්‍ය ලෙස භාවිත කරන නමක්ද පැවතීම විශේෂ වේ.  අත්ලන්තික් සාගරයේ ශාන්ත හෙලේනා ¥පතේ වෙසෙන්නා වූ ජනයා නම් තැබීම උත්සවශ‍්‍රීයෙන් සමරන අතර සුදුසු නමක් තෝරන්නේ පියා හා වැඩිමල් සොහොයුරා විසින්ය. ඉන්පසු කිරිපොල් කටුවක් අතින් ගත් ‘නම් තබන්නා’ කිරිවලින් ළමයාට සිඹ නමක් තබයි.  බටහිර පකිස්තානයේ වෙසෙන ‘යුක`ගිර්’ වාසීන් ළමයින්ට නම් තබන්නේ නිතර නිතර සිහිනෙන් පෙනෙන මළ තැනැත්තෙකුගේ නමකි.  බුරුමයේ වෙසෙන ‘ෂාන්’ නම් ගෝත‍්‍රිකයන් නම් තැබීම ඉහළින් සමරන අතර එය රාත‍්‍රී කාලයේ සිදු කරයි. එහිදී මැටි බඳුනක වතුර පුරවා දරුවා නෑවීමෙන් පසු නම් තැබීම සිදු කරයි. මෙලෙස විවිධ ජන සමාජවල දරු උපත හා විවිධ චාරිත‍්‍ර වාරිත‍්‍ර බැඳී පවතී. මීට අමතරව ඒ හා බැඳි ඉඳුල් කට ගෑම, කන් විඳීම, හිස කෙස් කැපී ආදී සිරිත් විරිත් දැකගත හැකිය. වැඩිවියට පැමිණීම ගැහැණු දරුවෙකු වැඩිවියට පත් ඇයගේ ජීවිතයේ සුවිශේෂී සංදිස්ථානයකි. එය මල්වර වීම, කොටහළු වීම, ගෙට වීම ආදී නම් වලින් අර්ථ ගන්වා ඇත. එපමණක් නොව මේ හා බැඳි සිරිත් විරිත් විශාල සංඛ්‍යාවක් පැවතීම විශේෂ ලක්‍ෂණයක් වේ. ලක්දිව වුවද වැඩිවියට පත්වීමේදී පවත්වන චාරිත‍්‍ර වාරිත‍්‍ර විවිධ පළාත්වලින් පාළාත්වලට වෙනස් වේ. වැඩිවියට පත්වීම දැනගත් පසු විවිධ පළාත්වල අනුගමනය කරන්නේ මෙබඳු පිළිවෙත්ය.  උතුරු පළාත - පිදුරු ගෙතූ ලණුවක් ගෙදර එල්ලයි  මධ්‍යම පළාත - නිවසින් පිටදී සිදු වී නම් ආරක්ෂා සහිත කිරි ගසක් යට ඇය ස`ගවා නැකතට ගෙන්වා ගනී.  දකුණු පළාත - ප‍්‍රථමයෙන් වෑවර ගෙඩියක වතුර දීම  වයඹ පළාත - ලූණු රහිත කිරි බතක් ලබා දෙයි මේ ආදී වශයෙන් වැඩිවියට පත් වීමේ චාරිත‍්‍රය ලංකාවේ විවිධ පළාත් විවිධාකාරයෙන් සමරන බව දත යුතුය. එහෙත් සැම පළාතකටම සරිලන පොදු චිරාගත චාරිත‍්‍රද දක්නට ලැබේ. එහිදී ‘‘වැඩිවියට පත් විට නැකැත් බැලීම, එම නැකතට අනුව දිය නෑවීම, වැඩැවියට පත් තැනැත්තියගේ තනියට ස්ත‍්‍රියක් ළ`ග නතර කිරීම, පිරිමියෙකු නොදකින ලෙස ඉඩ සැලැස්වීම, ගෙයි සිටින කාලය තුළ ඇයට මිරිස් හොදි හා බත් කෑමට ඉඩ දීම, කෙම්මුර දිනයකදී සිදු නොකිරීම, දිය කළ හතක් නෑවීම’’ ආදී සිරිත් විරිත් දැක්විය හැකිය. වැඩිවියට සම්බන්ධ පුරාවෘත රැුසක්ද අප සමාජයේ දක්නට ලැබේ. ඒ පුරාවෘත අතර ප‍්‍රධාන වන්නේ නීලමහා යෝධයාගේ පුරාවෘතයයි. මීට අමතරව මේ සඳහා කොටහළු යාගය නමින් යාගයක් පවතී. මෙම කොටහළු යාගය ඉතා අනාදිමත් කාලයක පටන් පැවත එන බව ජනයාගේ විශ්වාසයයි. මේ තුළ දැරියට දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් උපක‍්‍රමශීලීව උපදෙස් ලබා දී ඇත. උදා-: ‘‘තුන් දින ආතුළත් රුධිරය දුටු තැන කම් රස විඳිමින සතහට ලෙඩ එන ඉන් දහසය දින තුළ දරු පල දෙන මින් මතුවට දරුවන් නොම උපදින’’ (කොටහළු යාගට* මේ ආදී වශයෙන් සිංහල ජන සමාජය තුළ වැඩිවියට පත් වීමේ සිරිත් විරිත් සම්බන්ධයෙන් විශ්වාස පවතී. එසේම වෙනත් ජන සමාජ තුළද වැඩිවියට පත්වීම විවිධාකාරයෙන් සමරන්නේ මෙලෙසිනි.  දකුණු අප‍්‍රිකාවේ ‘සුලූ’ නම් ගෝත‍්‍රිකයන් ගැහැණු ළමයින් වැඩිවියට පත් වූ පසු කැලයේ ස`ගවයි. එසේම පිරිමින්ට නොපෙනෙන ලෙස හිරු එළිය නොපෙනෙන ලෙස අඳුරු කුටියක හුදෙකලාවම තබයි  වැන්කුවාර් ¥පතේ වෙසෙන ‘නුට්කා’ නම් ඉන්දියන්වරුන්ද දැරිය වැඩිවියට පත් වූ පසු හිරු එළියෙන් ආරක්‍ෂා කරයි. ඇය එයට ගරු සරු නොකර හිරු එළිය බැලූවහොත් ඇය මරා දමන්නටද ඔවුන් පසුබට නොවෙයි. එසේම ඇයට ආහාර අනුභවයට ඉඩ සැලසුවද වතුර බීමට ඉඩ නොදේ.  අප‍්‍රිකාවේ නායාසා විල අද්දර වෙසෙන්නවුන් දැරිය කූඩාරමක නතිව විසීමට ඉඩ සලස්වයි.  නිව්ගිනියාව, අයර්ලන්තය ආදී රටවල ඇතැම් ¥පත්වල වැඩිවියට පත් වීමට පෙර කූඩාරමක අවුරුද්දක් පමණ වාසය කරවයි. ඔවුන් නැවත එළියට පැමැණෙන්නේ වැඩිවියට පත් වූ පසුවය. බ්‍්‍රතාන්‍යයේ කබාඞ් ¥පත්වල හා නුට්කා, බොනියා, ඩැනොම්ස්, ඕස්ටෙ‍්‍රලිනු ගෝත‍්‍රිකයන් තුළද මෙම සිරිත දක්නට ලැබෙන අතර, නිව්ගිනියාවේ වෙරළබඩ ප‍්‍රදේශවල යබිමි, බුකාවා ගෝත‍්‍රිකයන් දැරියන් වසර පහ හය අඳුරු කුටියක වාසය කරවා ඇය වැඩැවියට පත් ව පසු නැවත තම සමාජයට එකතු කරවා ගනී.  මේ සමාන සිරිත් විරිත් අනුගමනය කරන මබුයා ¥පතේ වෙසෙන ජනයා දැරියට බිම ඉඳ ගැනීමට තහනම් කරයි. ඇයව පොළොවේ ස්පර්ෂය ලබන්නේ තුන් මාසයකින් පසු දියපහරක් ළ`ගට ගොස් නෑවීමෙන් අනතුරුවය. ගයානාවේ මාකියුසිස් නම් මනුෂ්‍ය වර්ගයාද එය තදින්ම අනුගමනය කරන චාරිත‍්‍රයකි.  අලක්සියාවේ ‘තලින්කට’ නම් ගෝත‍්‍රිකයින් වැඩිවියට පත් දැරියන් දැකීමෙන් දඩයම් අසාර්ථක වන බව විශ්වාස කරයි. එමනිසා ඇයව නියමිත දිනය එනතෙක් වෙනම පැලක හිඳුවයි.’ යථෝක්ත සාධක අධ්‍යයනයේදී මිනිසාගේ සුවිශේෂී අවධියක් වන මෙම වැඩිවියට පත් වීම ලංකාවේ මෙන්ම විවිධ ජන සමාජ තුළ විවිධාකාරයෙන් සමරන බව පැහැදිලි වේ. ආවාහ විවාහ මනුෂ්‍ය ජීවිතය හා බැඳි සුවිශේෂීම අවස්ථාව ලෙස විවාහය දැක්විය හැකිය. මිනිසා අතිඋත්කර්ෂවත් ලෙසම සමරන මෙම කටයුත්ත සැම සමාජයක් තුළම විවිධාකාරයේ සිරිත් විරිත් අනුව සිදු කරන්නකි. විවාහ යන පදය පාලි ‘විවාහන්ති’ යන්නෙන් බිඳී ආවකි. මෙය ජාතකට්ඨ කතාවල ‘විවාහන්ති ආවාහ සම්පන්නං’ වශයෙන් දක්වා ඇත. විවාහ සහ ආවාහ යන පද දෙක තුළද විශේෂ අර්ථයක් ගැබ්ව ඇත.  ආවාහ - මනමාලයා මනමාලිය සරණ පාවා ගැනීමයි  විවාහ - මනමාලිය මනමාලයාගේ නිවසට කැඳවාගෙන යෑමයි මීට අමතරව විවාහය යන පදය තුළ වි- විශ්වාසය වා- වාසනාව හ- හදවත් බැඳීම ය- යහ පැවැත්ම ආදී අර්ථයක්ද සමන්විත බව ජනවහරේ එයි. විවාහය දුරාතීතයක පටන් පැවත එන චාරිත‍්‍රයකි. එය වෛදික යුගයේ පවා සිදු වී ඇත. එහිදී විවාහයේදී සිදු වූ පස් වැදෑරුම් උත්සව මාලාවක් ගැන සඳහනක් වේ. 1ග ‘‘සටහන් ගෙඩි ම`ගුල - යෝජනාව තල්පතක ලියා කිරි බතක් හඳවාගෙන යෝජනා තරන ගෙදරට යෑම 2ග කටබස් ම`ගුල - සාකච්ඡුා කිරීම 3ග බත්කෑමේ ම`ගුල - තීරණයකට ඒමේ උත්සවය 4ග සුබ ම`ගුල - විවාහ මංගල උත්සවය 5ග කත් බැඳි ම`ගුල - මනාල පාර්ශ්වය මනාලියගේ පාර්ශ්වය සැපයිය යුතු අඩුක්කු මුඩුක්කු සම්පාදනය’’ එසේම පුරාණ සිංහල ජන සමාජයේ විවාහ ක‍්‍රම දෙකක් පැවතියේය. 1ග දීග විවාහය - ස්ති‍්‍රය සරණ පාවාදීම හෙවත් ස්වාමි පුරුෂයාගේ නිවසට බිරිය කැඳවාගෙන යෑම 2ග බින්න විවාහය - පුරුෂයා බිරියගේ නිවසට පදිංචියට යෑම එසේම සිංහල ජන සමාජයේ තුළ විවාහය හා ම`ගුල් කපුකම අත්‍යන්තයෙන් බැඳී පැවති කාරණයකි. වර්තමානයේ එය බෙහෙවින් දක්නට නොලැබුණද අතීතයේ විවාහ යෝජනාව ම`ගුල් කපුවෙකුගේ මාර්ගයෙන් සිදු වේ. ම`ගුල් කපුවා පවුලට ගැළපෙන කුලවත්, ධනවත් තැනැත්තියක හෝ තැනැත්තෙකු සොයා දෙයි. මීට අමතරව අප සමාජයේ බෙහෙවින් විශ්වාස කරන දෙයක් ලෙස පොරොන්දම් බැලීම දැක්විය හැකිය. එම පොරොන්දම් කිහිපයක් මෙලෙසය. නැකැත් පොරොන්දම නාඩි පොරොන්දම ගණ ’’ වර්ණ ’’ මහේන්ද්‍ර ’’ ආයුෂ ’’ ස්තී‍්‍ර දීර්ඝ ’’ ලිංග ’’ යෝනි ’’ ආය ’’ රාශි රාශ්‍යාධිපති ’’ පක්‍ෂි ’’ වශ්‍ය ’’ පංච භූත ’’ රජ්ජු ’’ වෘක්‍ෂ ’’ වේද ’’ ග‍්‍රහ ’’ මෙලෙස සම්මත වූ විවාහය උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතර සාමාන්‍ය සිංහල සමාජය තුළ එය පිළිවෙලින් සිදු වන්නේ මෙලෙසින්ය. විවාහ මංගල්‍ය -පෝරුවේ නැංවීම මංගල උත්සවය විවාහය ලියාපදිංචි කිරීම මනාලිය කැන්දාගෙන එම මිත‍්‍රයන් සඳහා සංග‍්‍රහ කිරීම මනාලියගේ නිවසට යෑම නෑදෑ මිතුරන්ගේ නිවෙස් වෙත යෑම මීට අමතරව මනාලිය විසින් මනාලයාට දෑවැද්දක් දීමද මංගල චාරිත‍්‍ර අතර දැකිය හැකි චාරිත‍්‍රයකි. එය ඈත අතීතයේ පවා සිදු වී ඇති අතර වර්තමානයේ ලංකා සමාජයේ එය එතරම් සුවිශේෂී චාරිත‍්‍රයක් ලෙස නොසළකයි. එමෙන්ම පුරාණ සිංහල ජන සමාජය තුළ විවාහය සිදු වීමට පෙර කවියෙන් තහංචි දැමීමක් පිළිබඳ සඳහනක් වේ. (මෙය විවාහයට පාත‍්‍ර වන දෙපාර්ශවයේ විනෝදය පිණිස මෙය සිදු වී ඇත.* එහිදී මනාලයා එම තහංචිය නිෂේධනය කිරීමෙන් පසුව ඇය හා විවාහ වීමට පුළුවන. උදා-: කඩුලූ තහංචිය ‘‘වත්තේ සිවු කොන කඩුලූ තහංචි මඩුවත් ඇඳ පුටු වියන් තහංචි සබයෙන් කෙතලේ කෙන්ඩි තහංචි මෙ ම`ගුල් ගෙදරට එන්න තහංචි කඩුලූ තහංචි නිෂේධය සිටිනා වත්තේ කඩුල්ල ගාවා වෙසෙනා දේවතාවෝ මුර පෑවා ලොව්තුරු මුනි බලයෙන් බල පෑවා සරණ බලෙන් මම පෑලට ආවා’’ එසේම අතීතයේ සිංහල ජන සමාජය තුළ ‘එකගෙයි කෑමේ’ විවාහ ක‍්‍රමයක් තිබී ඇත. සහෝදරයන් දෙදෙනෙක් සිටින ගෙදරකට එක් බිරින්දක් කැඳවාගෙන විත් පවුල් කෑම එම`ගින් සිදු වී ඇත. මෙම ආකාරයෙන් සිංහල ජන සමාජය තුළ විවාහ කටයුතු වටා විවිධ සිරිත් විරිත් බැඳී පවතී. මීට අමතරව විවිධ ජන සමාජ වටා විවාහ චාරිත‍්‍රය සම්බන්ධයෙන් බැඳී පවතින සිරිත් විරිත් කිහිපයක්ද මෙලෙස දැක්විය හැකිය.  බොනියාවේ ඇතැම් ගෝත‍්‍රයක තරුණයෙකුට විවාහ වීමට අවශ්‍ය වූ විට තරුණියක් සිටිනා නිවෙසකට ගොස් කතාබහ කොට කැමැත්ත ප‍්‍රකාශ කරයි. ඉන්පසු විශාල චාරිත‍්‍ර ගණනනාවක් කර විවාහය සිදු කරයි. ලංකාවේ පෝරුවෙන් බසින විට පොල් ගෙඩියක් බින්දද එහි ඒ සඳහා ඌරෙකු මරණු ලබයි.  ඇතැම් ගෝත‍්‍රවල තරුණිය පැහැර ගෙන යෑමෙන්ද විවාහය සිදු කරයි.  ඉන්දු චීන ජන සමාජවල විවාහය උතුම් කාර්යයක් ලෙස සැලකෙන අතර ශාස්ත‍්‍රකාරයන් යොදාගෙන එහි වැඩකටයුතු සිදු කරනු ලබයි. මෙම ජන සමාජවල දික්කසාද වීම් සිදු වන්නේ කලාතුරකින්ය.  කිකියු ගෝත‍්‍රිකයන්ට අනුව තරුණියන්ට කැමැත්ත පරිදි විවාහය සිදු කර ගත හැකි අතර දෙදෙනාගේ කැමැත්ත එහිදී විමසා බලා මංගල්‍යය සිදු කරයි. එහිදී විවාහයට පත් ස්ත‍්‍රිය අනිවාර්යයෙන්ම වැලපීම විශේෂ කාරණාවකි.  යුතෝපියාවේ ‘ගල්ලාවරුන්ගේ’ විවාහයේදී විවාහයට පත් දෙදෙනා වතුරට දැමීම සිදු කරනු ලබයි.  නැගෙනහිර ඉන්දියාවේ ‘සෙල්බස්’ දිවයිනේ වෙසෙන ‘බියුගිස්’ ගෝත‍්‍රිකයින් මංගල උත්සවයේදී මනාලියට සිහිසුන් නැති වන තෙක් බෙහෙත් වර්ගයකත් පොවයි.  ඔස්ත‍්‍රියාවේ ටිල්අර් නම් පළාතේ මංගල දින කරණවෑමියා මනමාලයාගේ කොණ්ඩය හා රැුවුල කපයි.  රුසියාවේ ඇතැම් ප‍්‍රදේශවල දියණියට සුදුසු තරුණයෙකු සොයා යන්නේ තරුණියගේ පියා විසින්ය. මෙහිදී ලෝකයේ විවිධ ජන කොට්ටාස තුළ විවාහ චාරිත‍්‍ර විවිධ සිරිත් විරිත්වලින් ලද බව යථෝක්ත උදාහරණ ම`ගින් අවබෝධ කර ගත හැකිය. මීට අමතරව විවාහ චාරිත‍්‍ර විවිධ ආගම් අනුවද වෙනස් වේ. කතෝලික ආගමේදී විවාහය මරණින් මිස වෙන්කළ නොහැකි දෙයක් ලෙස සලකන අතර දේව මෙහෙයන්ට මුල් තැනැක් දෙමින් විවාහ සිරිත් විරිත් සිදු කරයි. මුස්ලිම් ආගමේද විවාහ සිරිත් විරිත් පල්ලිය හා සම්බන්ධ වන අතර මෙහි ඇති විශේෂත්වය වනනේ බහුභාර්යා සේවනයට ඉඩක් ලැබීමයි. එසේම හින්දු ආගම තුළ මව්පියන් කරුණු සොයා බලා කේන්දර, ජාති, ආගම් සැසඳීමෙන් විවාහය සිදු කරයි. විවාහය සම්බන්ධයෙන් සිරිත් විරිත් බහුල්‍යයක් පවතින බව මින් පසක් වෙයි අවමංගල්‍ය චාරිත‍්‍ර මනුෂ්‍ය ජීවිතයේ අවසන සනිටුහන් වන්නේ මරණින් පුසුවය. මිනිසා ජීවතුන් අතර සිටියදී මෙන්ම මරණින් පසුද අනුගමනය කරන සිරිත් විරිත් රැුසක් ජන සමාජය තුළ දක්නට ලැබේ. මෙහිදී සිංහල ජන සමාජය තුළ මරණාසන්න මොහොතේ පටන් විවිධ චාරිත‍්‍ර අනුගමනය කරනු ලබයි. මව් කුස තුළදී පිරිතෙන් ආශිර්වාදය ලබා දෙන්නා සේ මරණාසන්න මොහතේද මිනිසාට සෙත සලසන්නේ පිරිත් ධර්මයයි. ඒ අනුව සිංහල බෞද්ධයා තිඹිරිගෙයෙහි සිට පාංශුකූලය දක්වා බුදු දහම හා බැඳී පවතින බව මින් අනාවරණය වේ. මීට අමතරව මරණාසන්න මොහොතේ පිං පොත කියවීමද දුරාතීතයක සිට පැවත එන්නකි. දුටුගැමුණු රජු මරණාසන්න මොහොතෙහි පිං පොත කියවූ බව ථූපවංසයේ සඳහන් වේ. මීට අමතරව සාමාන්‍ය සිංහල ජන සමාජය තුළ කෙනෙක් මිය ගිය විට  මළ සිරුරේ හිස බස්නාහිරට හැරවීම  මිනිය දර ද`ඩු වීමට පෙර මාපට ඇ`ගිලි එක් කිරීම  දෑත එකතු කර පපුව මත තැබීම  සිරුරෙහි අවයව මනා ලෙස සකස් කිරීම  ගෙදර පින්තූර කනපිට පෙරළීම  බුලත් කොළ කනපිට පෙරළීම  මෘත ශරීරය ළ`ගින් පහනක් පත්තු කිරීම  අතීතයේ වෙස්සන්තර ජාතකයද කියවා ඇත ආදී සිරිත් විරිත් ඕනෑම ආගමක් තුළ සාමාන්‍යයෙන් දැකගත හැකිය. ලක්දිව බෞද්ධ ජනයාගේ පිළිවෙත්වලට අනුව  අවසන් කටයුතු සඳහා භික්‍ෂූන් වහන්සේ කැඳවා ගෙන ඒම  බෞද්ධ වතාවත් කිරීම  පැන් වඩා පිං දීම  මළ බෙර වාදානය  පෙරහැරකින් භූමිදානය වෙත රැුගෙන ඒම  අනිත්‍ය පිළිබඳ සිහිපත් කිරීම  පොහෝ දිනවල හා අ`ගහරුවාදා, සිකුරාදා ආදී දිනවල භූමිදානය නොකිරීම. ආදී චාරිත‍්‍ර වාරිත‍්‍ර සිංහල ජන සමාජය තුළ දැකගත හැකිය. එමෙන්ම විවිධ ජන සමාජවල මිනිසාගේ මෙම අවධිය විවිධාකාරයේ ක‍්‍රමයන්ටය.  ලංකාවේ හිරු බැස යන විට මෘත ශරීරය වැළලීම සිදු කළද, නිව්ගිනියාවේ ඇතැම් ගෝත‍්‍ර තුළ මෘත ශරීරය වළලන්නේ හිමිදිරි උදෑසනය.  උතුරු ඇමරිකාවේ වනගත ප‍්‍රදේශවල යමෙක් මියගිය විට කිසිවෙක් හ`ඩා වැටෙන්නේ නැත  ඕස්ටෙ‍්‍රලියාවේ ‘අරුන්ටා’ නම් ප‍්‍රදේශවාසීහු මළ මිනිසා රැුගෙන ගෙදර වටා පැදකුණු කරයි. ඔවුන් මිනිය වළලනවා වෙනුවට ගසක උඩ තබයි. පිලිපයින් ¥පත්වලද ඇතැම් ජනයා මළ සිරුරු ගස් උඩ තබන අතර ඔවුන් එම මළ සිරුරුවල අස්ථීන්ගෙන් ආභරණ විශේෂයක් සාදා පැළදීමටද පුරුදු වී සිටියහ.  උතුරු ඕස්ටෙ‍්‍රලියාවේ ඇතැම් ගෝත‍්‍රිකයින් මළ සිරුරු වළලන්නේ නැත. ඒ වෙනුවට ලී කොටවලින් වසා තබයි.  බාලි දිවයිනේ කෙනෙක් මළ විට බෙර වාදනය කරමින් සියල්ලන්ටම දැනුම් දෙයි. එසේම මෙම දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවල පෙරහැර කිරීම, පහන් දැල්වීම ආදියද සිදු කරයි. හින්දු ජන සමාජයේ අවමංග්‍ය චාරිත‍්‍ර අතර දක්නට ලැබෙන සති පූජා චාරිත‍්‍රය දැක්විය හැකිය. එහිදී සැමියා මළ පසු එම දර සෑයේම තබා වැන්දඹු භාර්යාව ගිනිබත් කරනු ලබයි. එය වර්තමානයේ ඉන්දියානු නීතියට අනුව තහනම්ය. කතෝලික ආගමේ අවමංගල්‍යයේදී දේව මෙහෙයන් සිදු කරන අතර අනෙකුත් අය ඔහුගේ ආත්මය වෙනුවෙන් යාඥා කරනු ලබයි. මුස්ලිම් ආගමේ සියලූ අවමංගල්‍ය චාරිත‍්‍ර පැය විසිහතරකින් නිමා කරනු ලබයි. එය එහි ඇති විශේෂම චාරිත‍්‍රයයි. මිනිසා වනාහි සමාජයෙන් වියුක්ත පුද්ගලයෙක් නොවේ. ඔහු නිරතුරුවම කටයුතු සිදු කරන්නේ සමාජයත් සම`ගින්ය. ඒ සමාජ සංස්කෘතිය බිහි වන්නේ මිනිස් ක‍්‍රියාකාරකම් අනුවය. ජන සමාජය තුළ විවිධ සිරිත් විරිත් අපට දැකගත හැකිය. එම සිරිත් විරිත් අතර බොහොමයක් මනුෂ්‍ය ජීවිතය හා බද්ධ වූ ඒවා බව තදුක්ත නිදර්ශන සාක්‍ෂ්‍ය දරයි. මිනිසා තම දිවිය ආරම්භ කිරීමට පෙරද, ඔහු තම දිවිය ගත කරන විටද, ඔහුම මළ පසුද ඔහු වටා බැ`දී ඇති සිරිත් විරිත් පුදුමාකාරය. ඒවා ජන සමාජයෙන් ජන සමාජයට වෙනස් වීම තුළ එහි ඇති විශේෂත්වය මොනවට පළට වේ. මෙම නිබන්ධය තුළ එකම මනුෂ්‍ය අවධියකදී විවිධ ජන කොට්ටාස අනුගමනය කරන සිරිත් විරිත් වෙන වෙනම සාකච්ඡුා කර ඇත. ඒ සඳහා මිනිස් ජීවිතයක ඉපදීම, නම් තැබීම, මල්වර වීම, විවාහ වීම, මරණයට පත්වීම යන අවධීන් සාකච්ඡුාවට බඳුන් කර ඇත. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ මහාවංසය. (සංස්.*. මංගල ඉලංගසිංහ, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2007. ද්විතීක මූලාශ‍්‍රයෝ පේ‍්‍රමදාස,තලංගම, රට රටවල සිරිත්. වැල්ලම්පිටිය: දිවාස ප‍්‍රචාරකයෝ, 1987. විමලකීර්ති උදිත හිමි, හිත්තැටියේ, ධර්ම ශාස්ත‍්‍ර සහ සිංහල සිරිත් විරිත්. කොළඹ: ඇම්.ඞී ගුණසේන සහ සමාගම, 1989. සේනාරත්න, පී. ඇම්, ශී‍්‍ර ලංකාවේ සංස්කෘතික දායාද. කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2001.