UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ශ‍්‍රී ලංකාවේ සිනමා චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු.

Thursday, December 12, 2013

ශ‍්‍රී ලංකාවේ සිනමා චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු.

ශ‍්‍රී ලංකාවේ සිනමා චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු. ශ‍්‍රී ලංකා චිත‍්‍රපට කලාවේ ඉතිහාසය වර්තමානයේ සිට අවුරුදු 65 ක් පමණ ඈතට දිවයයි. ඒ 1947 දී ‘කඩවුණු පොරොන්දුව’ ප‍්‍රථම චිත‍්‍රපටය ලෙස තිරගත වූ කාල සීමාව දක්වාය. මෙරට චිත‍්‍රපට කලාව ආරම්භ වන්නේ ඉන්දියානු ප‍්‍රාග්ධනයේ බලපෑම සම`ගය. එනම් ශ‍්‍රී ලංකාවට උතුරින් පිහිටි සමීපතම කේන්‍ද්‍රීය සංස්කෘතිය ඉන්දීය සංස්කෘතියයි. බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ පටන් ඉන්දියාව සම`ග පැවැති ආර්ථික, දේශපාලන සම්බන්ධතාවන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාව තුළ චිත‍්‍රපට කලාවේ ආරම්භය සිදුවිය. ශ‍්‍රී ලංකාව තුළ චිත‍්‍රපට කලාව ආරම්භක සමයේදී එහි ව්‍යාපාරික පාලනය සේම නිෂ්පාදනය ද පිහිටියේ ඉන්‍දියානුවන් අතය. පළමු සිංහල චිත‍්‍රපටය වන ‘කඩවුණු පොරොන්දුව’ ද රාජා වහාබ් කාශ්මීර නම් ඉන්‍දියානු චිත‍්‍රපට ව්‍යාපාර හිමි අධ්‍යක්‍ෂක වරයා විසිනි. එතැන් පටන් බිහිවූ බොහෝ චිත‍්‍රපට සඳහා නිෂ්පාදනය අධ්‍යක්‍ෂණ මෙන්ම අනෙකුත් තාක්‍ෂණික දායකත්‍වය ද සැපයුනේ ඉන්‍දියානුවන් අතිනි. එපමණක් නොව බොහෝ චිත‍්‍රපට තැනුනේ ද ඉන්‍දීය චිත‍්‍රාගාර තුළය. වවකට ශ‍්‍රී ලංකාවට බටහිර චිත‍්‍රපට ගෙන්වා ප‍්‍රදර්ශනය කළ ද ඊට වඩා ශ‍්‍රී ලාංකික පේ‍්‍රක්‍ෂකයන් දකුණු ඉන්‍දීය දෙමළ හෝ හින්දි චිත‍්‍රපට සඳහා වැඩි ඇල්මක් දැක්වූහ. එබැවින් මෙරට චිත‍්‍රපට නිෂ්පාදනය කළ දකුණු ඉන්‍දීය චිත‍්‍රපට අධ්‍යක්‍ෂක වරුන් වන ශාන්ති කුමාර්, ඒ. බී. රාජා, ආර්ටී සුන්දරම්, ඒ. එස්. නාගරාජන්, ටී. සෝමසේකරන් වැන්නවුන් ඉන්දියාවට ගොස් එහි චිත‍්‍රාගාර තුළ සිංහල චිත‍්‍රපට නිපදවීම සිදු කළහ. එමෙන්ම ඒ ඉන්‍දියානු, දෙමළ හෝ හින්‍දි චිත‍්‍රපටවල ආකෘතියට අනුව නිර්මාණය කිරීම මෙරට චිත‍්‍රපට කලාවේ ව්‍යාපාරික ලක්‍ෂණයක් විය. සිංහල චිත‍්‍රපට කලාවේ ආරම්භක සමය වන විට මෙරට චිත‍්‍රාගාර ඉදිවී නොතිබීමත් ඉන්‍දීය චිත‍්‍රපට තත්ත්‍වයෙන් ශ‍්‍රී ලංකාවේ සිටි චිත‍්‍රපට නිපදවීමට පහසුකම් නොමැති වීමත් මෙලෙස ඉන්‍දියානු චිත‍්‍රාගාර තුළ චිත‍්‍රපට නිපදවීමට අධ්‍යක්‍ෂක වරුන් පෙළඹවීය. කඩවුණු පොරොන්දුව (1947*, අශෝකමාලා (1947*, වැරදුණු කුරුමාණම, පෙරළෙන ඉරණම, මාතලන් (1955* ආදී චිත‍්‍රපට එලෙස ඉන්‍දීය චිත‍්‍රාගාරවල තැනූ චිත‍්‍රපට වේ. එතෙක් ඉන්‍දියානු ආකෘතියට අනුව නිර්මාණය වූ චිත‍්‍රපට සඳහා විරෝධය පෑ චිත‍්‍රපට අධ්‍යක්‍ෂකවරුන් හා චිත‍්‍රපට විචාරකයින් ද මෙරට සිටියහ. සියයට සියයක්ම සිංහල වූ චිත‍්‍රපටයක් වීමට නම් ලංකාවේදී චිත‍්‍රපට තැනිය යුතු යැයි අදහස් කළ අධ්‍යක්‍ෂක වරයෙක් වන්නේ සිරිසේන විමලවීරය. එමෙන්ම ඉන්‍දියාවට ගොස් චිත‍්‍රපට තැනිමේ දී වියදම් අධික වීම ද මෙරට චිත‍්‍රාගාර බිහිවිමට හේතු විය. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පළමු චිත‍්‍රාගාරය ලෙස ක\පන් සුන්දර සවුන්ඞ් චිත‍්‍රාගාරය බිහිවිය. මෙය ඉදි කළේ එස්. එම්. නායගම් නම් දකුණු ඉන්‍දීය ජාතිකයෙකි. ඉන්පසු 1951 දී විමලවීර විසින් කිරිබත්ගොඩ නවජීවන චිත‍්‍රාගාරය ද, විජය චිත‍්‍රාගාරය හා ලංකා චිත‍්‍රාගාරය ද බිහිවිය. 1951 වනවිට ඉන්‍දියාවට ගොස් චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම රජය විසින් තහනම් කිරීම මෙරට චිත‍්‍රාගාර ඉදිවීම සඳහා ප‍්‍රභල ලෙසම බලපෑවේය. එමෙන්ම සිංහල චිත‍්‍රපට ලංකාව තුළදී නිෂ්පාදනය වීමට ඉන්‍දියානු අධ්‍යක්‍ෂක වරුන් හා කාර්මික ශිල්පීන් මෙරටට ගෙන්වීම 1961 වන විට මුළුමනින්ම තහනම් කිරීම ද ඊට හේතු විය. මේ නිසා 1951 පමණ පසු බිහිවූ බොහෝ චිත‍්‍රපට ලංකාවේ චිත‍්‍රාගාර ආශ‍්‍රය කරගනිමින් නිෂ්පාදනය විය. මෙය ශ‍්‍රී ලංකා චිත‍්‍රපට ඉතිහාසයේ ප‍්‍රභල ප‍්‍රවනතාවක් විය. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රාගාර භාවිත වූ කාල සීමාව යනු සිංහල චිත‍්‍රපට කලාවේ ස්වර්ණමය අවධිය කීම ද වරදක් නැත. සිංහල චිත‍්‍රපට බොහෝමයක් ලංකාවේ තැනුන ද චිත‍්‍රපට ආනයනය ද ඇතුළුව චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කිරීමේ ආධිපත්‍යය පැවැතියේ මෙරට ස්ථාපිත වූ ඉන්‍දියානු ප‍්‍රභල සමාගම් තුනකටය. සීමා සහිත සිනමාස්, සිලෝන් එන්ටටේට්මන්ට් සහ සිලෝන් තියේටර් නම් එම සමාගම් තුන විය. එම සමාගම් තුන විසින් සිංහල චිත‍්‍රපට සඳහා ලබාදෙන තිර කාලයට වඩා විදේශීය චිත‍්‍රපට වලට වැඩි තිර කාල සීමාවක් ලබාදෙමින් ව්‍යාපාර ලාභ ලැබීමේ ක‍්‍රම වේදයක් කලක සිටන් ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට කර්මාන්තය තුළ පැවැතුනි. ඒ හේතුවෙන් කල්ගත වෙත්ම මෙම ඒකාධිකාරයට එරෙහිව සිංහල චිත‍්‍රපට අධ්‍යක්‍ෂක වරුන් හා විවිධ ජාතික සංවිධාන හා කලා සංගම් ම`ගින් විරෝධී මතවාද ගොඩ නැ`ගීම සිදු විය. මෙම ප‍්‍රධාන සමාගම් තුන විසින් චිත‍්‍රපට ආනයනය කිරීමේදී අධික විදේශ විනිමයක් ඉන්‍දියාව වෙත ගලායාම ද මෙම ප‍්‍රතිවිරෝධී මත බිහිවීමට හේතු විය. අදවන විට ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රාගාර භාවිතය මුළුමනින්ම පාහේ ඉවත්ව ගොස් ඇත. ශ‍්‍රී ලංකා සිනමා ඉතිහාසය තුළ ප‍්‍රශස්ත අන්දමින් ක‍්‍රියාත්මක වූ මෙම චිත‍්‍රාගාර අද වන විට අභාවයට යාමට හේතු විමසා බැලීම මෙම ස්වාධීන පර්යේෂණ ම`ගින් ම`ගින් සිදුකරනු ලැබේ. එහිදී ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු වමර්ශනය කිරිමේදී සිංහල චිත‍්‍රපට කර්මාන්තයේ ස්වභාවය, රාජ්‍ය ප‍්‍රතිපත්ති, ශ‍්‍රී ලංකාවේ ආර්ථික තත්ත්‍වය, මතවාදාත්මක ගැටළු, චිත‍්‍රාගාර ආශ‍්‍රිතව නිර්මාණය වූ චිත‍්‍රපටවල ගුණාත්මක භාවය සහ සිංහල චිත‍්‍රපට ඉතිහාසයේ සිදුවූ නව ප‍්‍රවනතා ආදිය යටතේ කරුණු විමසා බැලේ. මෙම පර්යේෂණය ම`ගින් මූලික වහයෙන්ම ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු විමසා බැලීමේදී ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රාගාර වල ව්‍යූහය වටහාගැනීමට පූර්වාදර්ශයක් වශයෙන් හොලිවුඞ් චිත‍්‍රපට චිත‍්‍රාගාර ආශ‍්‍රිත කර්මාන්තයේ ස්වභාවය හා එම චිත‍්‍රාගාර පිළිබඳ විමසා බැලීමක් සිදුකර ඇත.ි එමෙන්ම ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර ආශ‍්‍රිත සිනමා කර්මාන්තයේ ස්වභාවය වටහා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට ආරම්භක සමයේ ස්වභාවය පිළිබඳ ද අධ්‍යයනයක් සිදු කෙරේ. 03. සාහිත්‍යය විමර්ශනය මෙම පර්යේෂණය සිදුකරගෙන යාමේදී හොළිවුඞ් චිත‍්‍රපට කර්මාන්තයේ ස්වභාවය සහ එම දිත‍්‍රාගාර පිළිබඳ අධ්‍යනය කිරීමට ෘ්ඩසා ක්‍දදන විසින් 1990 දී රචිත ් ්‍යසිඑදරහ දෙ භ්රර්එසඩැ ත්‍සකප ග‍්‍රන්‍ථයේ අටවන පරිච්ෙඡ්දය වන ඔයැ ීදමබා ත්‍සකප එයැ ්පැරසජ්බ ක්‍ය්රජය ඨසඉිදබ විසින් 1998 සංස්කරණය කළ ඔයැ ධංදෙරා ඨමසාැ එද ත්‍සකප ීඑමාසැි ග‍්‍රන්‍ථයේ තුන්වන පරිච්ෙඡ්දය වන ්‍යදකකහඅදදා ්ි ෂබාමිඑරහ (19-28 පිටු* සහ ෘදබ්කා ෑ ීඒචකැරි සංස්කරණය කළ ඔයැ ්පැරසජ්බ ක්‍සබැප් (1973* ග‍්‍රන්‍ථයේ දාහත්වන පරිච්ෙඡ්දය වන ඔයැ ීඑමාසද ශැ්රි (261-287 පිටු* ජනක මල්ලිමාරච්චි විසින් රචිත ‘හොලිවුඞ් සිනමාව’ (1993* යන ග‍්‍රන්‍ථ ප‍්‍රධාන වශයෙන් භාවිත වේ. එම`ගින් හොලිවුඞ් සිනමාවේ ඉතිහාසය හා කර්මාන්තයේ ස්වභාවය මෙන්ම හොලිවුඞ් සිනමා කර්මාන්තය තුළ චිත‍්‍රාගාර වල පැවැත්ම අධ්‍යයනය කෙරේ. එමෙන්ම හොලිවුඞ්හි ප‍්‍රභලම චිත‍්‍රාගාර පිළිබඳ අධයනයක් සිදු කිරීමට ද ඉහත දක්වන ග‍්‍රන්‍ථ උපකාර විය. ශ‍්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය අධ්‍යනය කිරීමේදී අරුණ ගුණරත්න විසින් රචිත නූර්තියේ සිට රූපවාහිනිය තෙක් සිංහල සිනමාවේ මං සළකුණු (1995* ග‍්‍රන්‍ථයේ ‘නූර්ති ඔස්සේ අනුකරණය වෙත’ (20-34 පිටු* යන පරිච්ෙඡ්දය, සුනිල් මිහිඳුකුල විසින් රචිත ‘ඉන්දීය සිනමාවේ දහතුන්වැනි භාෂාව’ (2003* ග‍්‍රන්‍ථයේ දෙවන පරිච්ෙඡ්දය සහ තුන්වන පරිච්ෙඡ්දය (09-34 පිටු* සහ ඇම්. ආර් මෙන්ඩිස් විසින් රචිත සිංහල භාෂාවේ ආරම්බක පසුබිම (2003* යන ග‍්‍රන්‍ථ ම`ගින් ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට කලාව ස්ථාපිත වීම හා එය වර්ධනය වූ ස්වභාවය පිළිබඳ අධයයනය කිරීමට බොහෝසෙයින් ඉවහග් විය. එහිදී මෙරටට බලපෑ ඉන්දිය චිත‍්‍රපට ආධිපත්‍යය සහ ඔවුන් මෙරට චිත‍්‍රපට කර්මාන්තය පාලනය කළ ආකාරය පිළිබඳ වටහා ගැනීමට හැකි අතර සුළු වශයෙන් වුවද ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර පිලිබඳ ඇතැම් සාධක ගෙන හැර දක්වා ඇති බව පෙනී යයි. ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර අභාවයට යාමට හේතු සාධක අධ්‍යයනයේදී සුනිල් මිහිඳුකුල විස්න රචිත සිංහල සිනමාවේ අර්බුධය (2008*, ශ‍්‍රී ලංකා චිත‍්‍රපට සංස්ථාවේ වාර්ෂික වාර්ථා (1991, 92, 93, 94, 96*, ආරියරත්න ඇතුගල විසින් රචිත ජෝ සිනමාරන්‍යයේ මහා රංගධරයාණෝ (2006*, අර්නස්ට් වඩුගේ විසින් රචිත අමරණිය ජෝති (2002*, සමන්ත හේරත් විසින් රචිත සිංහල චිත‍්‍රපට ගීත සාහිත්‍ය (1995*, යන ග‍්‍රන්‍ථ වැදගත් විය. මෙම ග‍්‍රන්‍ථ අධ්‍යනයේදී සිංහල සිනමාව සම්බන්ධව ගැණුණු රාජ්‍ය ප‍්‍රතිපත්ති සහ විවිධ කාල සීමාවන්හීදී ශ‍්‍රී ලංකාව් පැවැති චිත‍්‍රපට ක‍්‍රමයට එල්ලවූ සමාජ විරෝධතා මෙන්ම මෙරට චිත‍්‍රපට කර්මාන්තයේ පැවැති විවධ අක‍්‍රමිකතා ආදිය පිළිබඳ පූර්ව අවබෝධයක් ගැනීමට ඉවහල් විය. එමෙන්ම ශ‍්‍රී ලංකා චිත‍්‍රපට ඉතිහාසයේ සිදුවූ සුවිශේෂ සිදුවීමක් ලෙස එළිමහන් චිත‍්‍රපට තැනීම ආරම්භ වීම චිත‍්‍රපට චිත‍්‍රාගාර කෙරෙහි බලපාන අන්දම කෙබඳු ද යන්න අධ්‍යයනය කිරීමේදී නුවන් කුමාර නයනජිත් විසින් රචිත ලෙස්ටර් විරචිත ලේඛන සංහිතා (2006*, සුනිල් මිහිඳු කුල රචිත ලෙස්ටර් ජේමිස් පීරිස් හා සිංහල සිනමාව (1997*, සෝමවීර බෝපිටිය, සුනිල් මිහිඳු කුල විසින් රචිත ලෙස්ටර් ජේමිස් පීරිස් සිනමා ලිපි සංග‍්‍රහය (2004* යන ග‍්‍රන්‍ථ වැදගත් විය. එහිදී චිත‍්‍රාගාර සිනමාව සම්පූර්ණයෙන්ම එළිමහන් සිනමාවක් වීම තුළ එම ද්විත්‍වයේ ඇති පේ‍්‍රක්‍ෂක බලපෑම් කාරක ශක්‍යතාව අධ්‍යනය කිරීමට මෙම ග‍්‍රන්‍ථ වැදගත් විය. 04. අරමුණු ශ‍්‍රී ලංකාව තූල චිත‍්‍රපට චිත‍්‍රාගාර භාවිත කොට චිත‍්‍රපට නිෂ්පාදනය කිරීමේ කාල සීමාව ලාංකික සිනමා ඉතිහාසයේ වැදගත් පරිච්ෙඡ්දයකි. එහෙත් ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර පිළිබඳ හෝ එය අභාවයට යාම පිළිබඳ මෙතෙක් පූර්ණ අධ්‍යයනයක් සිදුවී නොමැත. සිංහල සිනමාවේ ඉතිහාසය පිළිබඳ කතිකාවේදී ද චිත‍්‍රපට චිත‍්‍රාගාර පිළිබඳ අවධානය යොමු කිරීම එම ඉතිහාසයේ කර්මාන්තමය පසුබිම සම්පූර්ණයෙන් අවබෝධ කරගැනීම සඳහා බොහෝ සෙයින් ඉවහල් වේ. ශ‍්‍රී ලංකාවේ සිනමාව අධ්‍යයනයේදී මෙතෙක් පූර්ණව සිදු නොකෙරුණු මෙම චිත‍්‍රපට චිත‍්‍රාගාර අභාවයටයාම පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් සිනමා ඉතිහාසයේ කතිකාවට නොගැනුණු එම රික්තකය පූර්ණ කිරීම මෙම පර්යේෂණයේ මූලික අරමුණ වී තිබේ. 05. පර්යේෂණ ක‍්‍රමවේදය මෙම පර්යේෂණය සිදුකරගෙන යාමේදී ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට කලාවේ ඉතිහාසය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ඒ සම්බන්ධව දැනට රචනා වී ඇති ග‍්‍රන්‍ථ සහ ස`ගරා ලිපි භාවිත වේ. ශ‍්‍රී ලංකාවේ පැවැති චිත‍්‍රාගාරවල ස්වභාවවය සම්බන්ධ තොරතුරු ලබාගැනීමේදී ඒ ආශ‍්‍රිතව කටයුතු කළ අධ්‍යක්‍ෂකවරුන්, නළු නිළියන් සහ කාර්මිත ශිල්පීන් සම`ග කරනු ලබන සම්මුඛ සාකච්ඡුා ප‍්‍රධාන පර්යේෂණ ක‍්‍රමවේදයක් ලෙස භාවිත වේ. 06. පර්යේෂණයේ සීමා හා ගැටළු ශ‍්‍රී ලංකා චිත‍්‍රපට කලාවේ ඉතිහාසය පිළිබඳ ග‍්‍රන්‍ථ ලියවී තිබුණ ද ශ‍්‍රී ලංකාවේ චිත‍්‍රපට චිත‍්‍රාගාර සම්බන්ධ මූලාශ‍්‍ර ග‍්‍රන්‍ථ නොමැති වීම ගැටළු සහගත වී තිබේ. එමෙන්ම වර්තමානය වන විට දියුණු චිත‍්‍රපට චිත‍්‍රාගාර අභාවයට ගොස් ඇති නිසා ක්‍ෂේත‍්‍ර අධ්‍යයනයක් වැනි දේට යොමූ වීමට ඇති අපහසුව ප‍්‍රධාන ගැටළුවකි. එයට අමතරව චිත‍්‍රපට චිත‍්‍රාගාර සම්බන්ධ කටයුතු කළ පුද්ගලයින් වර්තමානය වන විට අල්ප වීම ආදිය මෙම පර්යේෂණය සිදුකරගෙන යාමේදී ඇතිවූ ගැටළු ලෙස දැක්විය හැකිය. 07. ආශ‍්‍රිත මූලාශ‍්‍ර

No comments: