UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා ්කාලය

Wednesday, December 11, 2013

සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා ්කාලය

ද්වීතීය අධ්‍යාය 02. සංඝරාජ සාධුචරියාව හා තච්ýහ්න 02. 1. සංඝරාජ සාධුචරියාවේ කර්තෘ හා ්කාලය සිංහල සාහිත්‍ය වංශකථාව යම් යම් කාලසීමාවල පිරිහෙමින්ද තවත් විටෙක එක් එක් සාහිත්‍යාංග එකතු වෙමින් සුපෝෂණය වෙමින්ද පැවති බව ඒ පිළිබ`දව අවධානය යොමු කිරීමේදී මොනවට පළට වන කාරණයකි. සාහිත්‍ය යුග අනුපිළිවෙළෙහි අවසාන සිංහල රාජධානිය වන්නේ මහනුවර යුගයයි. එහිදී සිංහල සාහිත්‍යයේ කිසියම් පසුබෑමක් පෙන්නුම් කළද සාහිත්‍යය යුගයක් වශයෙන් සාකච්ඡුා කළ හැකි ගද්‍යය හා පද්‍යය කෘති බොහෝමයක් තත් යුගයේදී රචනා විය. ශ‍්‍රී වර්ධන පුරය, සෙංකඩගල පුරය, මහනුවර යනාදි විවිධ නම්වලින් තත් රාජධානිය ව්‍යවහාර කොට ඇත. ශ‍්‍රී ලංකා ඉතිහාසයේ මහනුවර රාජධානිය කොටස් දෙකක් යටතේ පිළිගනී. එය පූර්ව භාගය හා පශ්චිම භාගය වශයෙනි. ඒ අතර සෙන්කඩගල කාලය හෙවත් මහනුවර පූර්ව භාගය ක‍්‍රි.ව. 1480 සිට ක‍්‍රි.ව. 1706 දක්වා පැවතිණි. මෙම යුගයෙහි ප‍්‍රධාන රජවරුන් සහිත සාමන්ත රජවරුන් කිහිප දෙනෙක් පාලන තන්ත‍්‍රය මෙහෙයවා ඇත. ඒ අනුව, සේනාසම්මත වික‍්‍රමබාහු ජයවීර ක‍්‍රි. ව. 1480 - 1592 වීරවික‍්‍රම ඇතුළු දේශාධිපතීහු 1වන විමලධර්මසූර්ය ක‍්‍රි. ව. 1592 - 1604 සේනාරත්න ක‍්‍රි. ව. 1604 - 1634 2වන රාජසිංහ ක‍්‍රි. ව. 1634 - 1684 2වන විමලධර්මසූරිය ක‍්‍රි. ව. 1684 - 1704 යන රජවරුන් මෙසමයෙහි රාජ්‍ය පාලනයෙහි නිරතව ඇත. දෙවන යුගය එනම් මහනුවර කාලය හෙවත් සෙන්කඩගල පශ්චිම භාගය ක‍්‍රි.ව. 1706 සිට ක‍්‍රි.ව. 1815 දක්වා කාලසීමාවට අයත් වේ. මෙම යුගයේ රජවරුන් පස් දෙනෙකු පමණ රාජ්‍ය පාලනයෙහි නියුතුව සිට ඇත. එනම්, ශ‍්‍රී පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ ක‍්‍රි. ව. 1706 - 1739 ශ‍්‍රී විජයරාජසිංහ ක‍්‍රි. ව. 1739 - 1747 කීර්ති ශ‍්‍රී රාජසිංහ ක‍්‍රි. ව. 1747 - 1780 ශ‍්‍රී රාජාධිරාජසිංහ ක‍්‍රි. ව. 1780 - 1798 ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ ක‍්‍රි. ව. 1798 - 1815 වශයෙනි. මේ අනුව බලන කල්හි ක‍්‍රි.ව. 1480 - 1815 දක්වා වූ වසර තුන්සිය තිස් පහක කාලය මහනුවර යුගය වශයෙන් පිළිගැණේ. එහෙත් එකම යුගය මෙලෙස විභේදනය කිරීම එතරම් සාධාරණ වූවක් නොවන බව පෙනේ. ‘‘...එකම රාජධානිය කාල පරච්ෙඡ්ද දෙකක දී ප‍්‍රකට වූ නම් දෙකක් පමණක් පදනම් කර ගනිමින් දෙ යුගයකට බෙදීම අනුචිතය. මහනුවර පූර්ව භාගයයි ගැනුණු සෙන්කඩගල යුගයේ ආරම්භය කි‍්‍ර. ව. 1480 යි සැලකීම ද ඓතිහාසික යුග බෙදීමක දී ගැටලූවකට හේතු වේ ’’ යනුවෙන් මහනුවර සමයේ කාල නිර්ණය පිළිබ`ද සන්දිග්ධතා මතු කරන බව විභාවී විජයශී‍්‍රවර්ධනයෝ පෙන්වා දෙති. එහෙත් මෙලෙස එකම යුගය කොටස් දෙකකට බෙදීම හේතුකොටගෙන තත් යුගයේ රචිත කෘති නිශ්චිතවම මහනුවර යුගයෙහි පූර්ව භාගයට හෝ පශ්චිම භාගයට යැයි අන්තර්ගත කිරීමට විචාරකයින්ට අපහසු වේ. එහෙත් ‘‘සාහිත්‍ය ප‍්‍රවණතා අනුව කෙරෙන යුග බෙදීමක දී නම් සරණංකර හිමිපාණන්ගේ භාෂා සාහිත්‍ය පුනරුත්ථාපන ව්‍යාපාරයට පෙර අවධිය, මහනුවර (සෙන්කඩගල* සමයේ පූර්ව භාගය හෙවත් වර්ධන අවධිය ලෙසත් උක්ත ව්‍යාපාරය ඇරැුඹූ තැන් පටන් ඉදිරි කාල පරිච්ෙඡ්දය මහනුවර (සෙන්කඩගල* සමයේ පශ්චිම භාගය හෙවත් පරිණත අවධිය ලෙසත් සැලකිය හැක.’’ මහනුවර යුගයේ ආරම්භක පාලකයා වන පළමු විමලධර්මසූරිය රජතුමා ක‍්‍රි. ව. 1592දී රාජ්‍යත්වයට පත්විය. ඉන්පසු ක‍්‍රි. ව. 1739 පමණ කාලය දක්වා සිංහල රජවරුන් යටතේ පාලනය වී පසුව නායක්කාර වංශික රජවරුන් යටතට පත්විය. ක‍්‍රි. ව. 1815දී ඉංග‍්‍රීසීන්ගේ පාලනයට යටත්වීම දක්වා නායක්කාර වංශික රජවරුන් පාලනය ගෙන ගිය අතර වරින්වර පෘතුගීසි හා ලන්දේසීන් සම`ග ආරවුල් ඇතිවීම හේතුවෙන් මහනුවර යුගය ආගමික, සංස්කෘතික, දේශපාලනික මෙන්ම සාහිත්‍ය අතින්ද විශාල පරිහානියකට පත්ව තිබුණි. මේ සඳහා විශාල වශයෙන්ම බලපාන ලද්දේ පෘතුගීසි, ලන්දේසි හා ඉංග‍්‍රීන්සීන් ස්වකීය ආධිපත්‍යය මෙරට පැතිරවීමට උත්සුක වූ අතර සිහලූන් ඔවුන්ට එරෙහිව නිතරම සටන් වැදුණු නිසාවෙනි. ඔවුන්ට විරුද්ධව කළ සටන් ඇතැම් සිංහලයන් විසින්ම පාවාදීම හේතුකොටගෙන සාර්ථක පාලනයක් ගෙන යාමට තත් යුගයේ රජවරුනට හැකියාවක් නොලැබුණු අතර මහනුවර යුගයේ පාලනය අසාර්ථකවීම සඳහා ඇතැම් රජවරුන්ගේ දුර්වලකම්ද යම් පමණකට බලපා තිබේ. මෙම හේතු සාධක නිසාවෙන් මහනුවර අවදිය ශාස්ත‍්‍රාලෝකය පිරිහීගිය අඳුරු කාල පරිච්ෙඡ්දයක් වශයෙන් සලකනු ලැබේ. මේ ස`දහා දේශපාලන වියවුල් සහගත බව බෙහෙවින්ම බලපෑවේය. කෙසේවතුදු තත් යුගයෙහි සිටි වියතුන් මහනුවර සමයේ සාහිත්‍යය සම්පූර්ණයෙන්ම පරිහානියට යාමට ඉඩ තැබුවේ නැත. ඔවුන් සාහිත්‍යාලෝකය පතුරනු වස් අත්‍යන්ත වෙහෙසක් ගෙන ඇත. ඒ අනුව මහනුවර සමයේ සාහිත්‍යය කොට්ටේ මෙන් සම්පූර්ණයෙන්ම පද්‍යයද නොවූ අතර කුරුණෑගල මෙන් සම්පූර්ණයෙන්ම ගද්‍යයද නොවීය. තත් යුගයේ සාහිත්‍යය ගද්‍ය මෙන්ම පද්‍යයද මිශ‍්‍රිත වූවකි. මෙම යුගයෙහි සම්භාව්‍ය නාමයෙන් සලකන ලද පද්‍ය ග‍්‍රන්ථ කිසිවක් බිහි වූයේ නැත. එහෙත් අන් සෑම යුගයකටම වඩා විවිධ විරිත්වලින් සමන්විත පද්‍ය කෘති රාශියක් සම්පාදනය විය. මෙසමයෙහි සිංහල ග‍්‍රන්ථ කෙරෙහි ද්‍රවිඩ ආභාසය තදින්ම ලැබී තිබෙන බව තත් යුගයෙහි සාහිත්‍ය ග‍්‍රන්ථ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කරුණකි. ‘‘ද්‍රවිඩ කථා’’ ආදිය වෙනමම සංග‍්‍රහ කොට තිබීමෙන් උක්ත කාරණය සනාථ වීමට හේතු සාධක වේ. පොළොන්නරු, දඹදෙණි යුගයන්හි සංස්කෘත සාහිත්‍යයෙහි ආභාසය යම් සේ බලපාන ලද්දේද එයට නොදෙවෙනි සේ මහනුවර යුගයේදී ද්‍රවිඩ ආභාසය ලැබී තිබේ. එහෙත් මහනුවර යුගයෙහිදී පාලි, සංස්කෘත භාෂාවල බලපෑම තත් යුගයෙහි රචිත ග‍්‍රන්ථ කෙරෙහි බලනොපෑ බව කිව හැකි නොවේ. මන්ද යත් එම යුගයේ නිර්මාණය වූ ග‍්‍රන්ථවල සංස්කෘත තත්සම මිශ‍්‍ර භාෂා ශෛලියක් දක්නට ලැබීමයි. සතුරු උවදුරු නිසා 16වන ශතවර්ෂයෙහි සිට ශාස්ත‍්‍රීය කටයුතු පිරිහෙමින් පැවතිණි. එය න`ගාසිටුවීම සඳහා ඉමහත් වෙහෙසක් ගත් යතිවරයෙකි, සරණංකර සංඝරාජ මාහිමියන්. ස්වකීය උත්සහය මත සිංහල සාහිත්‍ය උදාව ඇති කිරීමට සරණංකර හිමියෝ සාමාර්ථ වෙති. උන්වහන්සේ කළ මෙහෙය පිළිබඳ විස්තරයක් මහනුවර යුගයේ සිංහල සාහිත්‍යය නම් ලිපියෙහි ඞී.ඊ. හෙට්ටිආරච්චි සූරීහු මෙසේ ඉදිරිපත් කරති. ‘‘...සරණංකර හිමිපාණෝ දිවා ? දෙකෙහි බලවත් පරිශ‍්‍රම දරා ධර්ම ශාස්ත‍්‍රාලෝකය යළිත් පතුරුවන්නට පටන් ගත්හ... මහත් දුෂ්කරතාවන්ට මුහුණපාමින් භාෂා ශාස්ත‍්‍රාදිය හැදෑරූ සරණංකර හිමිපාණෝ ....... ග‍්‍රන්‍ථ කීපයක් කළහ. උඩපාත දෙරටෙහිම ධර්ම ශාස්ත‍්‍රයන් නැවතත් න`ගා සිටුවීම සඳහා කාර්යක්‍ෂම පිරිසක් අත්‍යාවශ්‍ය බව උන්වහන්සේගේ ¥රදර්ශී වූ තීක්‍ෂණ බුද්ධියට ඉඳුරාම වැටහී ගියේය. මෙසේ උදාර අදහස් ඇත්තා වූ උගත් ශිෂ්‍ය පිරිසක් ඇති කරලීම උන්වහන්සේගෙන් ඉටු වූ විශිෂ්ටතම සේවයයි. පසුව ඇති වූ ජාතික හා සාහිත්‍යෝන්නතියට අසහාය හේතුව වූයේද එයයි. ’’ හෙට්ටිආරච්චිගේ උක්ත ප‍්‍රකාශය තුළින් මහනුවර යුගයේ සාහිත්‍යය පිළිබඳ පැහැදිලි චිත‍්‍රයක් මවාගත හැකිය. පිරිහී පැවති කටයුතු නැවත න`ගාසිටුවීම සඳහා සරණංකර සංඝරාජ මාහිමිපාණෝ මහත් වෙහෙසක් දැරූහ. උන්වහන්සේ එතෙක් යටත්ව පැවති ශාස්ත‍්‍රීය කටයුතු නැවත ඇති කරනු වස් ඉමහත් වෙහෙසක් දැරූහ. ඒ ස`දහා උන්වහන්සේ අභිනවයෙන් ග‍්‍රන්ථ සම්පාදනය කළහ. එතෙක් යටපත්ව පැවති ශාසත‍්‍රීය කටයුතුවලට නව පණක් එක් කරමින් උන්වහන්සේ විසින් අභිනවයෙන් සම්පාදනය කරන ලද ග‍්‍රන්ථ ප‍්‍රමාණය නවයකි. එනම්, 1ග මුනිගුණාලංකාරය 2ග අභිසම්බෝධි අලංකාරය 3ග සාරාර්ථ සංග‍්‍රහය 4ග රත්නත‍්‍රය ප‍්‍රණාම ගාථා සන්නය 5ග භේසජ්ජ මඤ්ජුසා සන්නය 6ග සාරාර්ථ දීපනී නම් සතර බණවර සන්නය 7ග මධුරාර්ථ ප‍්‍රකාසිනී නම් මහා බෝධිවංශ සන්නය 8ග රූපමාලාව 9ග පාළි සන්දේශය යනුවෙනි. උන්වහන්සේ විසින් ඉපැරණි පොත් සංස්කරණය කිරීමේ වැඩ පිළිවෙළක්ද ක‍්‍රියාත්මක කර තිබූ නිසා ග‍්‍රන්ථ රාශියක් බිහිවන්නට විය. වැලිදු, සරණංකර හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද සිල්වත් සමාගම නිශ‍්‍රිත කරගෙන ආගමික මෙන්ම සාහිත්‍යයික පුනරුදයක් ඇතිකිරීමට උන්වහන්සේට හැකියාව ලැබිණි. උන්වහන්සේගේ එම ප‍්‍රයත්නය සාර්ථකවීම නිසා ශාස්ත‍්‍රීය කටයුතු සීග‍්‍රයෙන් වර්ධනය විය. එතෙක් පැවති සාහිත්‍යප‍්‍රදීපය මහනුවර යුගය වන විට සම්පූර්ණයෙන්ම පාහේ නිවී යමින් පැවති බව ‘‘මේ කාලයට අයත් ගද්‍ය-පද්‍ය කෘතීන් අතරින් ප්‍රෞඪ ග‍්‍රන්ථයකැයි කිව හැකි එකදු කෘතියක් නැත’’ යන ඞී.ඊ. හෙට්ටිආරච්චි මහතාගේ ප‍්‍රකාශයෙන් උක්ත කාරණය මැනවින් සනාථ වේ. එය ප‍්‍රත්‍යොජ්වලනය කිරීමට මෙකල බිහි වූ යුග පුරුෂයාණන් කෙනෙක් වූ වැලිවිට සරණංකර සංඝරාජ හිමිපාණන්ට හැකි විය. උන්වහන්සේ ස්වකීය අප‍්‍රතිහත ධෛර්යය මත නිවී යන සාහිත්‍යප‍්‍රදීපය ප‍්‍රත්‍යෝජ්වලනය කළහ. පැරණි පොත-පත සංස්කරණය කරමින්, සමකාලීන උගතුන් සම්මුඛ වී නිරහංකාරව ඔවුන් උගත් දේ ඉගෙන ගනිමින්, නව ග‍්‍රන්ථ සම්පාදනය කරමින් මෙම සාහිත්‍ය සේවනය උන්වහන්සේ විසින් කරන ලදි. තත් සාහිත්‍ය සේවය අගයමින් හා සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතාපදානය ඉදිරිපත් කරමින් කරන ලද කෘතියක් ලෙස ‘‘සංඝරාජ සාධුචරියාව’’ හ`දුන්වාදිය හැකිය. මහනුවර සමයෙහි ඇති වූ සාහිත්‍යයේ නව ප‍්‍රවණතාවකි, චරිත කතා රචනා කිරීම. එහෙත් පද්‍යයෙන් චරිත කතා රචනා කිරීම හා යම් යම් චරිත වර්ණනයට භාජනය කිරීම මහනුවර යුගයට පෙර ආරම්භ වී ඇත. එය ගද්‍යයෙන් රචනා කිරීම ආරම්භ වනුයේ මෙම යුගයේදීය. ප‍්‍රශස්ති හා සන්දේශ කාව්‍යවලින් චරිත වර්ණනයට බ`දුන් කිරීම මහනුවර සමයටත් පෙර ආරම්භ වූවකි. එහෙත් සම්පූර්ණ වශයෙන්ම ගද්‍යයෙන් චරිත කතාවක් රචනා කිරීම ආරම්භ වනුයේ මහනුවර යුගයේදීය. ඒ ස`දහා හො`දම උදාහරණය වනුයේ මහනුවර සමයෙහි රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව. සංඝරාජ සාධුචරියාව රචනා කිරීමේ ගෞරවය ආයිත්තාලියද්දේ මුහන්දිරම් නමැත්තාට හිමි වේ. ‘‘ආයිත්තාලියද්දේ මුහන්දිරම් කීර්තිශ‍්‍රීරාජසිංහ රජුගේ ඇමතිවරයෙකි. මේ තෙම අවසානවරට සියම් ¥ත මෙහෙවරෙහි යෙදුණු රදලවරුන් පස්දෙනා අතරද කෙනෙකි. වෙඩික්කාර ලේකමේ දුම්බර වසම කරවූයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් යන ධූරනාමයෙන් එතුමා හ`දුන්වනු ලැබීය’’ . මොහු සරණංකර සංඝරාජ හිමියන්ගේ සමකාලීනයෙකි. එබැවින් සරණංකර සංඝරාජ හිමියන් පිළිබ`ද සියලූ තොරතුරු දැන සිටි ප`ඩිවරයෙකු වශයෙන් උක්ත කතුවරයා හැදින්විය හැකිය. සරණංකර හිමියන්ද කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමාට අවවාද දෙමින් රාජ්‍ය පාලනය උදෙසා සුවිසල් මෙහෙවරක් කළ යතිවරයෙකි. ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද අමාත්‍ය පදවියක් දරමින් තත් රාජ සභාවේම කටයුතු කළේය. මේ නිසා ඔවුන් දෙපළ අතර අන්‍යෝන්‍ය වශයෙන් සුහදතාවක් ගොඩ නැ`ගී තිබෙන්නට ඇත. එබැවින් සංඝරාජ සාධුචරියාව ම`ගින් සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතය යථාපරිද්දෙන් ඉදිරිපත් කෙරෙන කැඩපතක් ලෙස සැලකිය හැකිය. සංඝරාජ සාධුචරියාව කර්තෘ වශයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් යන නාමය චිරප‍්‍රසිද්ධියට පත්ව ඇත. හේවා පන්නක්කාරයන් පාලනය කළ නිලධාරියා මෙම නාමයෙන් හ`දුන්වා ඇති බව කරුණාරත්න දිසානායක පෙන්වා දෙයි. . ආයිත්තාලියද්දේ යනු ඔහුගේ නාමයයි. එහෙත් ආහිත්තාලියද්දේ යනු ඔහුගේ සම්පූර්ණ නාමය නොවේ. මුහන්දිරම් යනු ඔහුගේ පදවි නාමයයි. ඔහුගේ සම්පූර්ණ නාමය පිළිබ`දව කිසිදු තැනක ස`දහනක් දක්නට නොලැබේ. මහනුවර සමය වන විට රට අභ්‍යන්තරයේ හා බාහිර වශයෙන් සිදු වූ යුද්ධ හා ඒ අනුව රාජ්‍යත්වයේ අස්ථාවරත්වය සිදු විය. එබැවින් මෙම යුගයේදී උගතුන් බිහි නොවූ අතර, බුද්ධිමතුන්ට තෝතැන්නක් ලෙසද මහනුවර සමය හැ`දින්විය නොහැකිය. වියත් වහර මෙසමයෙහි අපභ‍්‍රෂ්ට වෙමින් පැවති බව ස`දගෝමි කෝපරහේවා පෙන්වා දෙයි. සරණංකර සංඝරාජ හිමියන් ආරම්භ කළ සිල්වත් සමාගම හේතුවෙන් සාහිත්‍ය සේවයක් සිදු වූ අතර පෞද්ගලිකව සම්පූර්ණ කාලයම සාහිත්‍ය වෙනුවෙන් කැප කළ ශාස්ත‍්‍රඥයෙක් මෙම යුගයෙන් සොයාගත නොහැකිය. මේ අනුව ආයිත්තාලයද්දේ මුහන්දිරම්ද සම්පූර්ණ වශයෙන් සාහිත්‍යයේ සුපෝෂණය වෙනුවෙන් ස්වකීය සම්පූර්ණ කාලයම කැප කළ ලේඛකයෙකු වශයෙන් කිසිසේත් හ`දුන්වාදිය නොහැකිය. ප‍්‍රස්තුත යුගයෙහි රාජ්‍ය අස්ථාවරත්වය නිසා රාජ සභාවේ සේවය කළ අමාත්‍යවරයෙකු වශයෙන් සුවිසල් මෙහෙයක් ඉටු කිරීමට ඔහුට සිදු වූ බැවින් සාහිත්‍ය වෙනුවෙන් විසල් මෙහෙයක් කිරීමට නොහැකි වන්නටද ඇත. ස්වකීය සාහිත්‍ය සේවය එක කෘතියකට පමණක් සීමා වූයේ එබැවින් විය යුතුය. එබැවින් ඔහු විසින් රචනා කරන ලද එකම කෘතිය වශයෙන් පිළිගැනෙනුයේ සංඝරාජ සාධුචරියාවයි. සංඝරාජ සාධුචරියාව ඉතා දීර්ඝ කෘතියක් නොවූවද එහි අගය සීමා කළ නොහැකිය. තත්කාලීන දේශපාලනික, සංස්කෘතික හා ආගමික තොරතුරු ගවේෂණයෙහිදී සංඝරාජ සාධුචරියාවෙහි අගය මෙතෙකැයි ප‍්‍රමාණ කළ නොහැකිය. සරණංකර සංඝරාජ හිමියන්ගේ චරිතය හා සම්බන්ධ සෑම වැදගත් සිද්ධියක්ම මෙම කෘතියට ඇතුළත් කිරීමට අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම් වගබලා ගෙන ඇත. ඒ අනුව කුලතුංග මුදලි පරම්පරාගතව තුන්පනේ රටේදී ජන්ම ලාභය ලැබ දහසය වන වියේදී ප‍්‍රවෘජ්‍යා භූමියට පත්ව පනස් පස්වන වියේදී උපසම්පදාව ලැබ බොහෝ වූ ආගමික හා සාහිත්‍යයික කටයුතුවල නිමග්නව සංඝරාජ ධූරයද දරා අසූවන වියෙහිදී, එනම් ක‍්‍රි. ව. 1778 ඇසළ පුර පසළොස්වක දින අපවත් වූ සරණංකර සංඝරාජ හිමියන්ගේ විශිෂ්ට වූ චරිතය මෙම කෘතියට වස්තු විෂය සපයා ඇත. 02. 2. සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතය මහනුවර යුගයෙහි ග‍්‍රන්ථ වර්ගීකරණ අතර චරිතාපදාන ගණයෙහිලා ගිනිය හැකි ග‍්‍රන්ථයක් වශයෙන් ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් විරචිත සංඝරාජ සාධුචරියාව සැලකීම යුක්තියුක්ත වේ. සරණංකර ස`ගරජ චරිතය වෙසෙසින් අගය කිරීමේ මුඛ්‍ය අභිලාසයෙන් මෙම කෘතිය රචනා වේ. මෙහි අන්තර්ගතය කෙරෙහි අවධානය යොමු කිරීමේදී සමකාලීනයෙහි භාෂා සාහිත්‍ය පිළිබ`ද මතු නොව, ඓතිහාසික වශයෙන් ආගමික තොරතුරු රාශියක්ද මහනුවර යුගයේ රාජ්‍ය තත්ත්වය පිළිබ`ද අවබෝධයක්ද ලබාගත හැකිය. සරණංකර සංඝරාජ සාධුචරිතය වටා ගෙතුණු මෙම කෘතිය සරණංකර සංඝරාජ චරිතය මෙන්ම තත් යුගය අධ්‍යයනය කිරීමෙහිලා ප‍්‍රධාන මූලාශ‍්‍රයකි. මෙහි අන්තර්ගතය විවිධ අංශ ඔස්සේ සාරාංශ කර දැක්විය හැකිය.  සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතය හා ඒ හා සම්බන්ධ ඓතිහාසික ප‍්‍රවෘත්ති  අභාවයට ගිය උපසම්පදාව නැවත ප‍්‍රතිෂ්ඨාපනය කිරීම  මහනුවර සමයේ රාජ්‍ය පාලනය  සමකාලීන භික්‍ෂු සාසනයේ පැවති වත්පිළිවෙත්  ගණින්නාන්සේලා පිළිබ`ද තොරතුරු  සමකාලීන අධ්‍යාපනික තත්ත්වය  ලක්දිව හා පැවති විදේශ සම්බන්ධතා  සංඝරාජ තනතුරු පිදීම හා සම්බන්ධ පිළිවෙත  විහාර කර්මාන්ත කරවීම හා ප‍්‍රතිසංස්කරණය  තත්කාලීන භික්‍ෂු ආදාහන කෘත්‍යය සිදුකළ යුතු අයුරු සරණංකර හිමියන්ගේ උත්පත්තියෙහි පටන් වැදගත් යැයි සැලකුණු සෑම සන්ධිස්ථානයක්ම සංඝරාජ සාධුචරියාව තුළ සටහන්ව ඇත. සංඝරාජ හිමියන්ගේ චරිතය අළලා කරන ලද කෘතියක් බැවින් සරණංකර හිමියන්ගේ උත්පත්තියේ සිට අපවත් වීම හා උන්වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට සෑයක් ඉදිකිරීම දක්වා ඓතිහාසික තොරතුරු මේ තුළින් අනාවරණය කරගත හැකි වේ. සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්ගතය සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතයට පමණක් සීමා නොවූ පෘථූල වූ විෂය ක්‍ෂේත‍්‍රයක් ආවරණය වන පරිදි රචිත කෘතියක් බව පැහැදිලි කරුණකි. සියම් දේශය සම`ග පැවති සබ`දතාව පිළිබ`ද තොරතුරු ගවේෂණය කිරීම එතරම් අපහසු නොවේ. එහෙත් ලක්දිව අභාවයට ගිය උපසම්පදාව ප‍්‍රතිෂ්ඨාපනය කරනු වස් ගත් මෙහෙය හා තෙවතාවේදීම සියම් දේශයට ගිය පර්ෂදය පිළිබ`ද නිරවුල් අවබෝධයක් ලබාගත හැක්කේ සංඝරාජ සාධුචරියාවෙනි. එහිදී එම ගමනට සහභාගිවූවන්ගේ නම් හා මරණයට පත් වූවන්ගේ නම් පවා ප‍්‍රස්තුත කෘතිය ම`ගින් දැනගත හැකිය. පෘතුග‍්‍රීසි, ලංදේසි හා ඉංග‍්‍රීසි බලපෑම් හුදෙක් රාජ්‍ය තන්ත‍්‍රයට පමණක් නොව, බුදුදහමටද ඉමහත් ව්‍යසනයක් කිරීමට සමත් විය. විදේශිකයන්ගේ එක් අභිප‍්‍රායක් වූයේ කතෝලික දහම ප‍්‍රචලිත කිරීමයි. මේ හේතුවෙන් බුදුදහමට සිදු වූ සුවිශාලම හානිය නම් උපසම්පදා විනය කර්මය අභාවයට යාමයි. මහනුවර සමය වන විට විනය කර්මයක් කිරීමට ප‍්‍රාමාණික වන උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා සොයා ගැනීමට අපහසු විය. මේ හේතුවෙන් විදේශයෙන් උපසම්පදා භික්‍ෂූන් වඩම්මවා මෙරට නැවත උපසම්පදා විනය කර්මය ප‍්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය විය. ඒ ස`දහා තොරාගන්නා ලද්දේ සියම් දේශයයි. එය රක්ඛංග දේශය යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ හ`දුන්වා ඇත. මේ අනුව රක්ඛංග දේශය යනු සියම් දේශයට කියන ලද අපර නාමයක් බව සංඝරාජ සාධුචරියාවෙන් අනාවරණය කරගත හැකිය. උපසම්පදා විනය කර්මය ලක්දිව තුළ ප‍්‍රතිෂ්ඨාපනය කිරීම ස`දහා ප‍්‍රබල ප‍්‍රයත්නයක් දැරීමට සරණංකර හිමියන්ට සිදු විය. මේ ස`දහා රාජ්‍ය පාලකයන්ගේද නොම`ද සහාය උන්වහන්සේට ලැබිණි. රාජ්‍ය අනුග‍්‍රහය යටතේ සරණංකර හිමියන්ගේ උපදෙස් පරිදි සියම් දේශයට තෙවතාවක් ¥ත පිරිස් යවන ලදි. තෙවන වතාවේදී තත් කාර්ය සාඵල්‍යය සිදු වූයෙන් සියම් දේශයෙන් උපාලි මහා තෙරුන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කරවන ලදි. උන්වහන්සේලා හමුවෙහි සරණංකර හිමියන් ඇතුළු පිරිස උපසම්පදාව ලැබූහ. මෙම ඓතිහාසික ප‍්‍රවෘත්තිය මතු පරපුරගේ දැනගැනීමට සංඝරාජ සාධුචරියාවට ඇතුළත් කර ඇත. සංඝරාජ සාධුචරියාවෙහි විශාල ප‍්‍රමාණයක් වැය වී ඇත්තේ තත් කාරණය අන්තර්ගත කිරීමටය. විමලධර්මසූරිය රාජ්‍යෝදයෙන් පසුව මහනුවර රාජධානිය ආරම්භ වේ. එහෙත් සංඝරාජ සාධුචරියාවේදී රජවරුන් අතර වැඩි ඉඩහසරක් වෙන් වී ඇත්තේ කීර්ති ශ‍්‍රී රාජසිංහ හා ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ යන රජවරුන් උදෙසාය. මෙම රජවරුන් රක්ඛංග රටින් උපසම්පදාව ගෙන ඒම ස`දහා කැප වී ඇත. එබැවින් ප‍්‍රස්තුත කෘතියෙහිදී ඔවුන්ට සුවිශේෂී තැනක් හිමි වී ඇත. කෙසේ වුවද සංඝරාජ සාධුචරියාව රාජ්‍ය පාලනය පිළිබ`ද තොරතුරු රාශියක් ඉදිරිපත් කරයි. රජවරුන් ශාසනය සම්බන්ධයෙන් ඉතා සමීපව කටයුතු කොට ඇත. ‘‘...විහාර දෙකේ නායක සාමණේර උන්නාන්සේලා සහ සෑම උන්නාන්සේලාත් පිළිවෙත් පුරණ සමාගමත් නුවරට සම්භ වූ පමණ හැම උන්නාන්සේලාත් ම`ගුල් ම`ඩුවට එකතු කරවා වදාරමින් ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ මහාරාජෝත්තමයාණෝ සිංහාසනේ අතින් වැඩ සිට ගෙන, පිළිවෙත් පුරණ සමාගමට කරුණාව ඇති නමුත් ඒ බව නොදන්වා ම, පිළිවෙත් පුරණ බවට විරුද්ධ ව හානි කරන ලෙසට දුශ්ශීල ව වසන අලජ්ජි සාමණේර සමූහයා විසින් උපදවා කියන දේවල් සැබෑ බොරු පරීක්‍ෂා කරන පිණිසත්...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙහි ස`දහන් පරිදි ශාසනික විලෝපනකාරී සිදුවීම්වලදී රාජ්‍ය පාලකයා ඍජුවම සම්බන්ධ වී ඇත. එමතුද නොව, රජුට සහාය වීම ස`දහා අමාත්‍යවරුන් මෙන්ම ඒ ඒ දිසා පාලකයෝද සිටියහ. ඔවුන් පිළිබ`ද විස්තරද මෙම කෘතිය තුළින් දත හැකි වේ. මෙම යුගය වන විට භික්‍ෂු ප‍්‍රතිපදාවන් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ගොස් තිබිණි. පිණ්ඩපාතයේ වඩින භික්‍ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය දීමට තරම්වත් තත්කාලීන ජනයා දැනගෙන නොසිටියහ. මේ නිසා සරණංකර හිමියන්ට විතැන් වූ ශාසනික ප‍්‍රතිපත්ති නැවත ඇතිකිරීම ස`දහා ඉමහත් වෙහෙසක් දැරීමට සිදු වීය. උන්වහන්සේ ගණින්නාන්සේලාගෙන් ශාසනය මුදාගෙන නැසී තිබෙන ශාසන පිළිවෙත් ඇති කිරීමට ක‍්‍රියා කළහ. ‘‘පළමු කොට තමා පිළිවෙත් ඉගෙන එහි පිහිටා සෙස්සවුන් නැවත පිහිටුවීමට උත්සාම කිරීම ම යුතු වන්නේ ය. එතෙකුදු වුවත් ඒ පිළිවෙත් උගන්වන්ට නිසි ගුරුවරයෝ දැන් නැත. ඒ දේ පොත්වලින් ම බලා උගන්ට ඕනෑ ය.’’ මේ අනුව විනාශ වී ගිය අධ්‍යාපනය පමණක්ම නොව ශාසනික වත්පිළිවෙත් ඇති කිරීමටද සරණංකර හිමියෝ කැප වූහ. මහනුවර යුගයෙහි ශාසනික තත්ත්වය පිළිබ`දව නිරවුල් අවබෝධයක් සංඝරාජ සාධුචරියාවෙන් හැර එතරම් සාධාරණ ලෙස වෙනත් කෘතියකින් ලැබිය නොහැකිය. මෙසමයෙහි ශාසනික කටයුතු සම්බන්ධයෙන් ගණින්නාන්සේලා නමැති භික්‍ෂු ප‍්‍රතිරූපකයෝ සකි‍්‍රයව සිටියහ. ඔවුන්ට අමතරව සිල්වත් තැන නමින් ප‍්‍රසිද්ධ වූ පිරිසක්ද වූහ. ගණින්නාන්සේලා සම්පූර්ණයෙන්ම පාහේ ගිහි ජීවිතයක් ගතකරමින් සිටියහ. එහෙත් සිල්වත් තැන නමින් ප‍්‍රසිද්ධ වූ පිරිස ගණින්නාන්සේලාට වඩා වෙනස් වූ ප‍්‍රතිපත්ති අනුගමනය කළ පිරිසකි. ඔවුන්ද සම්පූර්ණයෙන් භික්‍ෂු ප‍්‍රතිපත්ති අනුගමනය කළ පිරිසක් නොවන බව සංඝරාජ සාධුචරියාව තුළින් සනාථ වේ. මහනුවර යුගයෙහි අධ්‍යාපනික තත්ත්වය අතිශයින් පරිහානි ස්වභාවයට පත්ව තිබුණි. ‘‘ආගම - භාෂාව - සාහිත්‍යය පමණක් නොව උගතුන් වියතුන් බිහිකළ පිරිවෙන් ද පරිහානියට පත් විය. පාලි - සංස්කෘත පොත පත භාවිතයෙන් ඈත් විය’’ . කෙසේ වූවද මෙකල පැවති අධ්‍යාපනික තත්ත්වය කාණ්ඩත‍්‍රයක් යටතේ සාකච්ඡුා කළ හැකිය. එන්ම්, x ප‍්‍රාථමික අධ්‍යාපනය x ද්විතීයක අධ්‍යාපනය x තෘතීයක අධ්‍යාපනය යනුවෙනි. එය අනුක‍්‍රමයෙන් සැකසුණු අධ්‍යාපනයක් බව සංඝරාජ සාධුචරියාව ඉදිරිපත් කරන අදහස්වලින් අවබෝධ කරගත හැකිය. ‘‘...අකුරු නො කී ළදරු වයස් ඇති අයට හෝඩිය පටන් ද, සිල්වාරම් අකුරු දන්නා අයට ඇණවුම් සකස්කඩ පටන් ද, සමහර අයට ශකත පොත් පටන් ද, කීම් ලීම් උගන්වමින් හෙරණසිඛ දිනචරියාව, සතර සංවර සීලේ, වෙල් සිලෝ ගන්නා සූතිස් යෝධයින්, සේඛියාව ඇතුළු වූ ධූතාංග පිළිවෙත් ද...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙහි ස`දහන් පරිදි මහනුවර යුගයෙහි අධ්‍යාපනික තත්ත්වය යම් සංවිධිත ක‍්‍රමයකට අනුව සකස් වූවක් බව නම් සිතිය හැකිය. මහනුවර සමයෙහිදී පෘතුගීසි, ලංදේසී හා ඉංග‍්‍රීසීන්ගෙන් සිදු වූ ආක‍්‍රමණයන්ට මුහුණ දීමට ලක්දිව පාලකයන්ට හා රටවැසියාට සිදු විය. මේ නිසා ඔවුන් සම`ග විදේශ සම්බන්ධතා පැවැත්වීමට මෙරට පාලකයන්ට සිදු විය. එසේම ලාඩ රට සම`ගද මිත‍්‍ර සම්බන්ධතාවක් පැවතී ඇත. එරටින් රජමාලිගයට බමුණෙකු පැමිණීමෙන් උක්ත කාරණය සනාථ වේ. එමතුද නොව, උපසම්පදාව නැවත ලක්දිව පිහිටුවීම ස`දහා සරණංකර හිමියෝ ඉමහත් ප‍්‍රයත්නයක් දැරූහ. මේ ස`දහා තුන්වරන්ම රක්ඛංග දේශයට ¥තයන් යැවීමට සිදු විය. අවසාන වතාවේදී උපාලි මහතෙරුන් ඇතුළු පිරිස ලක්දිවට වැඩම කළහ. මෙරට ¥ත පිරිස සියම් දේශයට හිස් අතින් නොගියහ. ‘‘... බොහෝ ප`ඩුරු පරිවාර ජන සහිත සන්දේශ පත‍්‍ර සියාම් දේශයට යවා...’’ යන උපුටනයට අනුව මෙරට ¥ත පිරිස සම`ග ප`ඩුරුද යවා ඇත. සියම් දේශය තුළ නිර්මල බුදුදහම පැවතීම මෙන්ම ලක්දිව හා සියම් දේශය සම`ග පැවති මිතුරු සබ`දතාව නිසා මෙලෙස ප`ඩුරු යවා ඇත. මේ අනුව මහනුවර යුගයේදී විදේශයන් සම`ග පැවති සම්බන්ධතා පිළිබ`ද තොරතුරුද සංඝරාජ සාධුචරියා තුළින් අනාවරණය කරගත හැකිය. සංඝරාජ තනතුරේ අවසාන පුරුක වනුයේ සරණංකර හිමියන්ය. සංඝරාජ තනතුර පිදීමේදී සුවිශේෂී ක‍්‍රම පටිපාටියක් අනුගමනය කොට ඇති බවට සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ‘‘...ලංකාවේ ශාසනාභිවෘද්ධියෙහි නියුක්ත වූ කීර්ති ශ‍්‍රී රාජසංහ නරේන්ද්‍රෝත්තමයාණෝ සංඝරාජ තනතුරට යොග්‍ය වටහාපත් දෙකකුත් ගෙන්වා ගෙන මල්වත්තේ පෝයගේ ස`ග මැදට වැඩ සංඝරාජ තනතුරට ලැබෙන වටහාපත ගෙන වදාරමින්, සියලූ මේ ශාසනාභිවෘද්ධියට මූලාධාර වශයෙන් ගුරූපදේශයට පැමිණ වැඩ සිටින සරණංකරාභිධාන මහාස්ථවිර සාමීන් වැඩ ඉන්නා තැනට පැමිණ විහාර දෙකට ම සංඝරාජ තනතුර ලැබුණා ය කියා යෙදී වටහාපත ඒ සාමිදරුවන් අතට ලැබී නමස්කාර කොට වදාරමින්...’’ යනුවෙන් දැක්වෙන පරිදි අස්ගිරි - මල්වතු උභය විහාරයන්හි භික්‍ෂු සංඝයා ඉදිරියෙහිදී රජතුමා විසින් මෙම තනතුර ප‍්‍රදානය කරන බව වටහාගත හැකිය. එය වූ කලී හුදෙක් සරණංකර හිමියන්ගේ ශාසනාභිවෘද්ධියට මූලාධාර වූ සේවය අගයමින් කරන ලද ප‍්‍රදානයකි. වටාපත ලබාදීමෙන් මෙම තනතුර සංකේතාත්මකව ප‍්‍රදානය කෙරේ. විහාර කර්මාන්ත කරවීම හා ප‍්‍රතිසංස්කරණය සම්බන්ධවද කරුණු රාශියක් මෙම කෘතිය තුළ අඩංගු වේ. ‘‘තව ද, සංඝරාජෝත්තම සාමිදරුවන්ගෙන් ඇන්නෝරු විහාරේ ලබන ලද එම ඇන්නෝරුවේ අත්ථදස්සි උන්නාන්සේ විසිනුදු එම විහාර මළුවේ දාගොබ් වහන්සේ ළ`ග ගලතල පිට දෙමහල් විහාරයක් තනවා උඩු මාලේ ධාතු වඩා යට මාලෙ වැඩ ඉන්නා, වැඩ සිටිනා පිළිම බ`දවා කර්මාන්ත නිමවා නේත‍්‍ර ප‍්‍රතිෂ්ඨාපනය කරවා ඊට නුදුරු තැන ගලතල පිට ම පෝය ගෙට බද්ධ සීමාවක් කරවා...’’ යන්නෙන් තත් කාරණය සනාථ වේ. සරණංකර හිමියන් මෙන්ම උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ වූ සිල්වත් සමාගමේ පිරිසද බුද්ධ ශාසනයේ දියුණුවට කැප වී ඇත. මෙහි ස`දහන් ඇන්නෝරුවේ අත්ථදස්සි හිමියෝ ඒ හා සම්බන්ධ කෙනෙකි. සරණංකර හිමියන්ගේ ශාසනික කටයුතුවලට සම්බන්ධ අනෙකුත් භික්‍ෂූන් වහන්සේලාද මෙලෙස විහාර කර්මාන්තයන් සංවර්ධනය කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කර ඇති බව සංඝරාජ සාධුචරියාව තුළින් අවබෝධ කරගත හැකිය. සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහන කෘත්‍යය රාජ්‍ය ගෞරව සහිතව සිදු විය. එය රජතුමෙකුගේ ආදාහනයට සමාන විය. සරණංකර හිමියන් සංඝරාජයන් වහන්සේ වූ බැවින් උන්වහන්සේගේ ආදාහනය වෙනුවෙන් රාජ්‍ය ගෞරවය හිමි වන්නට ඇත. වෙනත් භික්‍ෂූන් වහන්සේලාගේ ආදාහනය සම්බන්ධවද සංඝරාජ කතුවරයාගේ අවධානය යොමු වී ඇත. එහෙත් එය සරණංකර හිමියන්ගේ ආදාහන කෘත්‍යය මෙන් සවිස්තරව දක්වා නැත. කෙසේ වුවද ග‍්‍රන්ථාන්තරයෙන් ඉදිරිපත් කෙරෙන තොරතුරුවලට අනුව සරණංකර සංඝරාජ හිමියන්ගේ ආදාහන කෘත්‍යය රාජ්‍ය ගෞරව සහිතව ඉතා උසස් ලෙස සිදු වූ බවට තොරතුරු දැනගත හැකිය. ආගමික භූ දර්ශනයේ සුවිශේෂී සිදුවීම් රාශියක් සිදු වූ කාල වපසරියක් ලෙස මහනුවර සමය හැ`දින්වීම සාවද්‍ය නොවේ. මේ අනුව ‘‘සාධු චරියාවට අනුව සරණංකර ස`ගරජ සමයේ ඇති වූ ආගමික භූ දර්ශනයේ භෞතික වෙනස්කම් උදෙසා පාදක වූ ධාරාවන් දෙකක් හ`දුනාගත හැකිය. එනම්, ෂග උපසම්පදාව පිහිටුවීම ෂෂග අස්ගිරි - පෝයමළු උභය මහාවිහාර ස`ග පරපුර හා ඒ හා බැ`දුණු සංඝනායක පරපුරක විකාශය’’ යථෝක්ත කාරණාද්වයෙන් ප‍්‍රථමාංකය වන උපසම්පදාව පිහිටුවීම සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතයේ වැදගත් තැනක් හිමි කර ගනී. දෙවනුවට දක්වන ලද අස්ගිරි - පෝයමළු උභය විහාරයන්හි ස`ග පරපුරක විකාශනය සෙවීමේදී සංඝරාජ සාධුචරියාවෙහි අන්තර්ගතය වෙසෙසින් වැදගත් වේ. නූතනයේ පවා භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට උන්වහන්සේගේ පරම්පරා කතාව ඉදිරිපත් කෙරේ. වර්තමාන භික්‍ෂූන් වහන්සේගේ පරම්පරා කතාව සරණංකර සංඝරාජ හිමියන් දක්වා අතීතයක් කරා දිව යයි. එහිදී උන්වහන්සේලාගේ පරම්පරා කතාවේදී සංඝරාජ සාධුචරියාව අතිශයෝපකාරී වේ. මේ අනුව සංඝරාජ සාධුචරියාවේ අන්තර්ගතය මහනුවර යුගයෙහි දේශපාලනික, සංස්කෘතික මෙන්ම ආගමික යන විවිධ අංශයන් කෙරෙහි විහිදී යන බව උක්ත කරුණු අනුව පැහැදිලි වේ. 02. 3. අරමුණ හා වැදගත්කම සංඝරාජ සාධුචරියාව චරිතාපදානයක් වශයෙන්ද සැලකිය හැකි වේ. එමතුද නොව, තත් කෘතිය රචනා වනුයේ මහනුවර යුගයේ පහළ වූ ශ්‍රේෂ්ට යතිවරයෙකු පිළිබ`ද ප‍්‍රශස්ති කීමටය. ඒ අනුව මෙය ප‍්‍රශස්ති ගණයෙහිලාද පිළිගැනීමට පුළුවන. ඒ අනුව ප‍්‍රශස්තියක් වශයෙන් වුවද ඓතිහාසික තොරතුරු ගෙනහැර දක්වන ඉතිහාස ග‍්‍රන්ථයක් වශයෙන්ද සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම අසීමිතය. ඒ කෙසේවතුදු සංඝරාජ සාධුචරියාව රචනා කිරීමෙහි අරමුණු රාශියක් වූ බව ග‍්‍රන්ථාන්තරයෙන් තොරතුරු විද්‍යමාන වේ. ‘‘කෝට්ටේ සමයෙන් පසු වර්ෂ 200ක් තරම් කාලයක් තිස්සේ අනුක‍්‍රමයෙන් පිරිහී ගිය භාෂා ශාස්ත‍්‍රයත්, බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත් පිළිබ`ද තොරතුරු සංඝරාජ සාධුචරියාවෙන් අනාවරණය වන අතර ශාසනික පිළිවෙත් හා ධර්ම ශාස්ත‍්‍රයන් දුකසේ ඉගෙන අධ්‍යාපන මධ්‍යස්ථාන තැන තැන පිහිටුවමින් ශිෂ්‍ය පිරිසක් තනමින් බුද්ධ ශාසනයත් භාෂා සාහිත්‍යයත් යථා ස්ථානයට පත් කිරීමට සරණංකර සංඝරාජයන් වහන්සේ විසින් සිදුකරන ලද උදාර සේවය පිළිබ`ද විස්තරයක් මේ කෘතියෙන් හෙළිදරව් වේ.’’ උක්ත තොරතුරු අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීම ස`දහා කතුවරයාට අරමුණු රාශියක් පදනම් වූ බව පිළිබිඹු වන කාරණයකි. කෝට්ටේ යුගයේ සිට ක‍්‍රමයෙන් රාජ්‍ය සීතාවක හා මහනුවර යුගවලට සංක‍්‍රමණය වීමේදී රට අභ්‍යන්තර හා බාහිර වශයෙන් ඇති වූ අවුල්-වියවුල් හා යුද්ධ නිසා සිදු වූ සාහිත්‍ය මෙහෙවරද අනුක‍්‍රමයෙන් ගිලිහෙමින් පැවතිණි. එය සම්පූර්ණ වශයෙන් සිදු වූ යුගයක් ලෙස මහනුවර මුල් අවධිය පෙන්වාදිය හැකිය. උගතුන් සොයා ගොස් ඔවුන් උගත් දේ ඉගෙනීමටද සරණංකර හිමියන්ට ඉමහත් වෙහෙසක් දැරීමට සිදු විය. සමහර අවස්ථාවන්වල උන්වහන්සේ සිරගතව සිටි පුද්ගලයන් පවා සොයා ගොස් ඉගෙන ගත් බව ප‍්‍රකට කාරණයකි. විශේෂයෙන්ම ලෙව්කේරාල නැමැත්තාගෙන් බාලාවතාරය ඉගෙන ගත්තේ ඔහු සිරගතව සිටි අවධියේය. භාෂා සාහිත්‍ය පමණක් නොව, ශාසනික චාරිත‍්‍ර-වාරිත‍්‍රද පිරිහෙමින් පැවතිණි. උපසම්පදා භික්‍ෂූන් වහන්සේලා මෙම යුගයේ වැඩ නොසිටීමෙන්ම තත් කාරණය මැනවින් සනාථ වේ. ආගමික වතාවත් පිළිබ`ද අවබෝධයක් තිබූ පිරිසද නොසිටි බැවින් සරණංකර හිමියන්ට ඒ සියල්ල අමුතුවෙන්ම ආරම්භ කිරීමට සිදු විය. මේ අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීම ස`දහා කතුවරයාට හේතු වූ අරමුණු රාශියක් ඔහු විසින් ග‍්‍රන්ථාරම්භයෙහිම දක්වා තිබේ. ‘‘...ප‍්‍රථම උපසම්පදා මංගලයයෙහි ලබන ලද උපසම්පදා ඇති ශීලාචාර අල්පේච්ඡුසන්තුෂ්ටාදී ලෞකික ගුණාන්තර සමුත්පන්න රත්නාකර නිර්විශේෂ ලංකා ශාසනාම්බරෝද්ගත පූර්ණ චන්ද්‍ර මණ්ඩලායමාන පරම බෝධිසත්වාවතාර ගුණ විශේෂ මහිම ඇති සංඝරාජ ධුරන්ධර ... ස්වාමිපාදයන්ගේ උත්පත්තිය සහිත ප‍්‍රවෘජ්ජාභාවාදි කථන ප‍්‍රකාරයෙන් ශිෂ්‍යගණාභිවෘද්ධි වර්ධනයෙන් ශාසනාභිවෘද්ධියෙහි නියුක්ත ක‍්‍රම ප‍්‍රකාශ කිරීම් වශයෙන් සාධු ජන මනෝනන්දනීය වූ සංඝරාජෝත්තම සාධුචරියාව නම් කථා ප‍්‍රබන්ධයක්...’’ යථොක්ත උපුටනයට අනුව ආයිත්තාලියද්දේ මුහන්දිරම් ප‍්‍රස්තුත කෘතිය රචනා කරනු ලබන්නේ අරමුණු රාශියක් පෙරදැරි කරගෙන බව පැහැදිලි වන කාරණයකි. ශාසනික වත්පිළිවෙත් නොදන්න ගණින්නාන්සේලා පිරිසක් ශාසන භාරධාරීව කටයුතු කරන විට ඔවුන්ගෙන් ශාසනයට සිදු වූ විනාශය අනල්පය. ලෞකික ගුණයන්ගෙන් විනිර්මුක්ත ඔවූහූ ගුණයන්ගෙන් සමූපේත භික්‍ෂූන්ට සුවසේ ශාසනික කටයුතු කිරීමට ඉඩ නොදුන්හ. ඒ ස`දහා නොයෙකුත් කෙණෙහිලිකම් කරන්නට ඇත. එහෙත් මේ සියල්ලටම මුහුණ දී ජය ගැනීමට සරණංකර හිමියන්ට හැකි විය. උන්වහන්සේ සතුව පැවති අපරිමිත ගුණස්කන්ධය මතු පරපුරට දැනගනු වස් සංඝරාජ සාධුචරියාව රචනා විය. මේ අනුව සංඝරාජ සාධුචරියාව රචනා කිරීමේ මුඛ්‍ය අභිලාසය බවට පත්වනුයේ ගුණයන්ගෙන් විභූෂිත සංඝරාජ චරිතය සටහන් කොට තැබීමයි. විනාශ මුඛයට පත්ව තිබූ උපසම්පදාව නැවත ප‍්‍රතිෂ්ඨාපනය කරමින් ප‍්‍රථමයෙන්ම උපසම්පදා මංගල්‍යයක් පවත්වනු ලබන්නේ සරණංකර සංඝරාජ මාහිමියන්ගේ අප‍්‍රතිහත ධෛර්ය නිසාවෙනි. සරණංකර සංඝරාජ හිමියන් විසින් කරන ලද උත්කෘෂ්ටම සේවාව වනුයේද උපසම්පදා විනය කර්මය නැවත ඇතිකරලීමයි. මේ ස`දහා අප කතුතුමාද කැප වී ඇත. මෙම කාරණය මතු පරපුරට දැනගනු වස් ග‍්‍රන්ථාරූඪ කොට තැබීම තත්කාලීන ජනයාගේ වගකීමක් ලෙස ඔහු සලකන්නට ඇත. මහනුවර සමයෙහි උපසම්පදාව නැවත ඇති කරනුයේ කෙසේද යන්න මතු පරපුරට දැනගනීමට සැලැස්වීම මෙම කෘතියෙහි තවත් අරමුණක් වන්නට ඇත. කාලයේ වැලිතලාවෙන් වැසී යන සුප‍්‍රකට මෙන් අප‍්‍රකට තොරතුරුද ප‍්‍රත්‍යාවලෝකනය උදෙසා රචනා කොට තැබීම ඉතා වැදගත් කාර්යයක් ලෙස සැලකිය හැකිය. වංශකතා ම`ගින්ද සිදු වූයේ අතීත සිදුවීම් මැකී යාමට නොදී මතු පරපුරක් වෙත ගෙන යමින් අතීතය හා වර්තමානය අතර පාලමක් ඉදිකිරීමයි. සංඝරාජ සාධුචරියාව ම`ගින්ද ලැබෙන එක් සුවිශේෂී ප‍්‍රතිඵලයක් ලෙස මහනුවර යුගයේ තොරතුරු ඉදිරිපත් කිරීම දැක්විය හැකිය. ‘‘ඉතිහාසය අතින්ද මේ ග‍්‍රන්ථය ඉතා වැදගත්. නුවර අවධියේ අප‍්‍රකට තොරතුරු රාශියක් මෙයින් පෑදී එන්නේය. උපොසථාරාමය, වටපුලූව වැනි වචන මෙහි උබෝසතාරාමය, වටබුලූව යනුවෙන් යොදා තිබේ’’ . මෙම කෘතිය ම`ගින් තත්කාලීන තොරතුරු සටහන්ව තිබීම මෙන්ම ඒවා භාවිත කළ අයුරුද දැක්වේ. උබෝසථාරාමය, වටපුලූව වැනි වචන තත් යුගයේ ව්‍යවහාර වූයේ කෙසේද යන්න මෙම කෘතිය තුළින් මැනවින් අධ්‍යයනය කළ හැකිය. සමහර විට මෙවැනි වදන් සමකාලීන යුගයෙහි භාවිත වූ අයුරු විය හැකිය. මේ අනුව වාග්විද්‍යාව ආදි විෂය ක්‍ෂේත‍්‍රයන් හදාරන්නන්ටද උක්ත කෘතිය ඉමහත් පිටුබලයක් වේ. මහනුවර සමය වනවිට සංඝ ශාසනය සම්පූර්ණයෙන්ම පාහේ පිරිහෙමින් පැවතිණි. එකල විනය කර්මයක් ස`දහා උපසම්පදා භික්‍ෂුවක් සොයා ගැනීමට තරම් අපහසු විය. ජනතාවගේ ආගමික කටයුතු කිරීම උදෙසා පමණක් පිරිසක් සිටි අතර ඔවුන් විවිධ රැුකී රක්‍ෂා කරමින් දිවි ගෙවූහ. ඔවුන් ‘‘ගණින්නාන්සේලා’’ යන අන්වර්ථ නාමයෙන් හැ`දින්විණි. ‘‘...නැකැත්, වෙදකම්, ගොවිතැන්, වෙළ`දාම් ආදි වූ අකර්තව්‍යයෙහි යෙදී රන් රිදී ආදිය පිළිගනිමින් මිථ්‍යාජීවයෙන් ජීවත් ව දන් උයවන්ට මාගමුන් කැන්දා ගෙන දුශ්ශීල ව වසන අලජ්ජී වූ ශාසනාවචර කුලදරුවන්ගේ බාහුලික භාවය දැක...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ ඔවුන්ගේ ස්වභාවය විස්තර කෙරේ. සැබවින්ම ඔවූහූ භික්‍ෂූ නියෝජිතයෝ පමණක් වූහ. තිරණාගම රතනසාර හිමියන් පෙන්වා දෙන පරිදි මහනුවර යුගයේ ශාසනයට බෙහෙවින්ම හානි සිදුවී ඇත්තේ මොවුන්ගෙනි . මොවුන් වාසය කළ වාසස්ථාන ගණේගෙදර, විහාරේගෙදර, විහාරේ වලව්ව යන නම්වලින් හ`දුන්වා ඇත . ගිහි ජීවිතය මෙන්ම පැවිදි දිවියද එක සේ ගත කළ මොවුන් නිසා ශාසනයේ විනාශ ස්වභාවයක් ඉදිරිපත් වනවා මෙන්ම යම්තාක් දුරට හෝ බුද්ධ ශාසනය පවත්වාගෙන යාමටද මොවුන්ගෙන් පිටු බලයක් ලැබුණු බව සැලකිය යුතු කරුණකි. ඒ ඒ අවධීන්හි දේශපාලනික හා ආගමික හා සාහිත්‍යයික වශයෙන් තොරතුරු උකහා ගැනීමේදී මහාවංශය ආදි වූ වංශකතාවලින් සිදු වන සේවය අනල්පය. මහනුවර යුගයේ තොරතුරු විමර්ශනයේදී මහාවංශය තරම්ම වැදගත් වන කෘතියක් ලෙස සංඝරාජ සාධුචරියාව පෙන්වාදිය හැකිය. ‘‘නුවර අවධියේ ශාසනය ගැනත්, විහාර පංසල් ගැනත්, වැඩසිටින භික්‍ෂූන් වහන්සේලා ගැනත්, උන්වහන්සේලාගෙන් සිදු වූ සේවාවන් ගැනත් මේ ග‍්‍රන්ථයෙන් දතහැකි දේ අනල්පය. මහාවංශය හැරුණු විට මෙතරම් ඓතිහාසික තොරතුරු දතහැකි වෙන ග‍්‍රන්ථයක් නැතැයි කියතොත් එය අතිශයෝක්තියක් නොවේ’’ යනුවෙන් හේන්පිටගෙදර පියනන්ද හිමියන් විසින් ප‍්‍රස්තුත කෘතියෙහි වැදගත්කම දක්වා ඇත. වංශකතා තත් යුගයේ තොරතුරු සංග‍්‍රහ කොට පසුකාලීනවද රචනා වේ. එහිදී ඇතැම් තොරතුරු ශ‍්‍රැති මාත‍්‍රයෙන් පමණක් රචනා කිරීමට කතුවරයාට සිදු වේ. එහිදී ඇතැම් විට අතිශයෝක්තියෙන්ද වර්ණනා කරනු ලැබේ. එහෙත් චරිතාපදානයක් බොහෝ විට රචනා කරනු ලබන්නේ සමකාලීනවය. ඒ පිළිබ`දව මනාව දන්නා වූ පුද්ගලයෙකු විසින් එය රචනා කරනු ලබයි. බොහෝ විට චරිතාපදානයක් මගින් යථාපරිදි චරිත කථාව ඉදිරිපත් කෙරේ. සංඝරාජ සාධුචරියාවද එබ`දු වූ තත්ත්වාකාරයෙන් තොරතුරු ඉදිරිපත් කරන ලද කෘතියක් බව තත් කාරණය විමසීමේදී පිළිබිඹු වන කාරණයකි. සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම් දෙකක් පුඤ්චිබණ්ඩාර සන්නස්ගලයෝ පෙන්වා දෙති. 1ග ප‍්‍රතිපත්තිකාමී භික්‍ෂූ පරිසක් ඇතිකර නැති වී තිබුණු උපසම්පදාව පිහිටුවා යටවී පැවති ශාස්ත‍්‍රය මතුකොට මහ උගතුන් පෙළක් ඇති කරවා විවිධ විෂයීය පොත්පත් රැුසක් බිහිකරලූ පුවත් සංක්‍ෂේපයෙන් වුවද මෙහි අඩංගු වී තිබීම එක් අගයකි. 2ග අනික නම් අද මෙරට වැඩ සිටින මහා සංඝයා වහන්සේගේ ගුරු පරපුර පහසුවෙන් සොයා දත හැකිවීමයි. සරණංකර සංඝරාජ හිමියන් පහළ වූ සමයේ මෙරට ජනයා ආගමික වත්පිළිවෙත්වලින් ඈත් වී සිටියහ. ඔවුන්ට රටේ පැවති අවුල්-වියවුල් තත්ත්වය නිසා හා ඔවුන් ආගමික ප‍්‍රතිපදාවන්ට යොමු කිරීම උදෙසා නිවැරදි මාර්ගෝපදේශකත්වයක් නොතිබුණු නිසා එලෙස ජීවත් වූ බව සිතිය හැකිය. මේ හේතුව නිසා විනාශ වී ගිය ශාසනික ප‍්‍රතිපදාවන් පුනරුත්ථාපනය උදෙසා ඉමහත් වෙහෙසක් දැරීමට සංඝරාජ හිමියන්ට සිදු විය. ප‍්‍රථමයෙන්ම උන්වහන්සේට ප‍්‍රතිපත්ති මාර්ගය අනුගමනය කොට ඒ ස`දහා අන් අය යොමු කිරීමට සිදු විය. මේ නිසා සරණංකර සංඝරාජ හිමියන් විසින් පාත‍්‍රයෙන් වැළ`දීම මෙන්ම පිණ්ඩපාතය යෑම ආදි ආගමික චර්යාවන් ආරම්භ කරන ලදි. එහෙත් එසේ පිණ්ඩපාතය යන විට පාත‍්‍රයට දානය බෙදීමට තරම්වත් තත් යුගයේ ජනයා දැනගෙන නොසිටි බව සංඝරාජ සාධුචරියාවෙන් මැනවින් නිරූපණය වේ. මෙය වූ කලී මහනුවර යුගයේ ශාසනික පිළිවෙත් අන්ත පරිහානියට පත්ව තිබූ බවට දැක්විය හැකි හො`දම නිදර්ශනයක් වේ. සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම පිළිබ`ද අවධානය යොමු කිරීමේදී ප‍්‍රස්තුත කෘතිය අංශ පහක් ඔස්සේ සාකච්ඡුාවට බ`දුන් කළ හැකිය. එනම්; 1ග ආගමික තත්ත්වය 2ග දේශපාලන තත්ත්වය 3ග අධ්‍යාපනික තත්ත්වය 4ග වෙනත් කාලීන තොරතුරු 5ග භාෂාව සෙසු යුගයන්ට සාපේක්‍ෂව මහනුවර සමයේ ආගමික අංශය කෙරෙහි අවධානය යොමු කිරීමේදී මහනුවර යුගයේ ආගමික තත්ත්වය අතිශය පරිහානි තත්ත්වයට පත්ව තිබුණු බව ඉතා ප‍්‍රකට කරුණකි. මහනුවර අවධිය වන විට බුද්ධ ශාසනය පිරිහීමට බලපෑ හේතු රාශියක් කොටගම වාචිස්සර හිමියෝ දක්වති. x රාජ්‍යාරක්‍ෂාව නැතිවීම x ක‍්‍රිස්තියානි බලපෑම x දේශපාලන විප්ලවය x සමාජ විප්ලවය හා ඉන්දු ද්‍රවිඩාභාසය x ආර්ථික ක‍්‍රමය x කුල භේදය x ඥාති ශිෂ්‍ය ක‍්‍රමය x රක්ඛඞිග රටින් ගෙනා උපසම්පදාව ගිහි-පැවිදි වශයෙන් උභය අංශයක් නොවූ පමණටම ශාසනය පිරිහී තිබිණි. මෙකල පැවිදි උදවියද ගිහියන් මෙන්ම නොයෙක් රැුකීරක්‍ෂා කරමින් ගිහියන් මෙන්ම ජීවත් වූහ. ඔවුහූ ආගමික කෘත්‍යයන්හිදී පමණක් පැවිදි පිරිස වශයෙන් පෙනී සිටි අතර අන් සෑම විටම ශ‍්‍රමණ සාරුප්‍යයට නොසරුප් ලෙස හැසිරුණාහ. මෙලෙස සිටි භික්‍ෂු පිරිස ඔවුන් ජීවත් වූ ස්වරූපය අනුව කොටස් දෙකකට බෙදිය හැකි බව ලක්දිව පිළිබ`ද අදහස් ඉදිරිපත් කරන රොබට් නොක්ස් පෙන්වා දෙයි. ෂග තෙරුන් වහන්සේලා ෂෂග ගණින් වහන්සේලා එහෙත් සරණංකර හිමියන් පහළ වූ සමයේ තෙරුන් වහන්සේලා නමක් සොයා ගැනීම අතිශය දුර්ලභ කාරණයක් විය. මෙසමයේ සිටියේ ගණින්නාන්සේලා පමණි. ඔවූහු විටෙක ප‍්‍රවෘජ්‍යා ස්වරූපයෙන්ද තවත් විටෙක ගහි ස්වරූපයෙන්ද පෙනී සිටියහ. ඔවුන්ගේ ස්වභාවය කෙබ`දුද යන්න ආයිත්තාලියද්දේ මුහන්දිරම්ගේ වදම්වලින් මෙසේ නිරූපණය කරයි. ‘‘.... වත් පිළිවෙත් සරු ව පිණ්ඩපාත කිරීම එකලට නො පවතින නිසා පාත‍්‍රයෙන් පමණ වළ`දමින් ලීම් කීම් බණ දහම් පුහුණු වීමෙන් ගුණ නුවණ වැඞී ගොස්, නැකැත්, වෙදකම්, ගොවිතැන්, වෙළ`දාම් ආදී වූ අකර්තව්‍යයෙහි යෙදී රන් රිදී ආදිය පිළිගනිමින් මිථ්‍යාජීවයෙන් ජීවත් ව දන් උයවන්ට මාගමුන් කැන්දා ගෙන දුශ්ශීල ව වසන අලජ්ජි වූ ශාසනාවචර කුල දරුවන්ගේ බාහුලිකභාවය දැක....’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවෙන් පෙන්වා දෙයි. ඔවුන්ගේ ස්වරූපය මුංකොටුවේ රාල විසින් රචිත ස`ගරජවතෙහි දැක්වෙන්නේ මෙපරිද්දෙනි. ‘‘සැදැහැත්තන් පුදන නොයෙක් පූජා ලබමින නෑයන්ට බෙදමින නිමල සස්නේ කසට තවරන’’ මෙවන් ආගමික පරිසරයක බිහි වූ සරණංකර හිමියන්ට ශාසනික වත්පිළිවෙත් ප‍්‍රතිෂ්ඨාපනය කරනු වස් ඉමහත් උත්සහයක් ගැනීමට සිදු විය. විශේෂයෙන්ම ගණින් වහන්සේලාගෙන් ශාසනයට සිදු වූ බෞද්ධ චාරිත‍්‍ර-වාරිත‍්‍රයන්ට පරිබාහිර සාවද්‍ය ක‍්‍රියාදාමයන් නැවත්වීම ඉතා අපහසු කරුණක් බවට පත් විය. ඔවුන් ඒ වන විට ඔවුන්ගේ සාවද්‍ය ප‍්‍රතිපදාවන් නිරවද්‍ය ප‍්‍රතිපදා ලෙස සමාජගත කොට තිබුණි. ‘‘තොවිල් පවිල් යන්ත‍්‍ර මන්ත‍්‍ර ආදී අභිචාර විධි එකල සමාජයේ බහුලව ව්‍යාප්ත වී තිබිණි. මිනිසුන්ට සුළු රෝගයක් වැළ`දුණු විට පවා එහි හේතුව යක්‍ෂ-භූත-පේ‍්‍රත-පිසාච-කුම්භාණ්ඩ වැනි අමනුෂ්‍ය කොටස් දිෂ්ටි හෙළීම යැයි සිතා සාමාන්‍ය වැසියා පමණක් නොව රජ පවුල්වලට අයත් වූවෝ පවා නිතර තැති ගත්හ. ඒ නිසා යක්දෙස්සෝ වැඩි වැඩියෙන් පහළ වූහ. භික්‍ෂූන් වහන්සේලා යකැදුරන්ගේ කාර්යය තමන් අතට ගැනීම නිසා බුද්ධ ධර්මයට විශාල පහරක් වැදුණි’’ . සරණංකර හිමියන්ට ආගමික ප‍්‍රතිපදාවන් අනුගමනය කිරීමට සිදු වූයේ මෙවැනි ආගමික පරිසරයකදීය. සරණංකර සමයේ පි`ඩුසි`ගා යාම පවා එකල ජනයාට අමුතු දෙයක් බවට පත් විය. එකල ජීවත් වූ ගණින් වහන්සේලා තමන්ගේ පැවැත්ම මිස නිවැරදි මාර්ගය පෙන්වා දීමට උත්සාහ නොකළහ. මේ නිසා පි`ඩුසි`ගා යාම වැනි මූලික භික්‍ෂු ප‍්‍රතිපදාවන් කෙරෙහි පවා තත් යුගයේ ජනයා අනවබෝධයෙන් සිටි බව සංඝරාජ සාධුචරියාවෙන් පැහැදිලි වන කාරණයකි. ‘‘.......ඒ රජමහා විහාරෙට අයිති ගම්දෙගොඩෙහි පස් පියවර වෙන තුරු ගෙපිළිවෙළින් පි`ඩු සි`ගා ගොසිනු`දු, එලෙස පි`ඩු සි`ගීමක් එකලට නැති නිසා මනුෂ්‍යයෝ කිසි ම ආහාරයක් දෙන සේ නො දැන....’’ යන උද්ධෘතයෙන් උක්ත කාරණය මැනවින් සනාථ වේ. මූලික භික්‍ෂු ප‍්‍රතිපදාවන් පවා අභාවයට යාමට ප‍්‍රධාන හේතුව බවට පත් වූයේ එකල ජීවත් වූ ගණින් වහන්සේලා ශාසනය ගැන නොසිතූ නිසා විය හැක. මෙම යුගයේ ඤාති සංග‍්‍රහය ඉතා ඉහළින් පැවති බවට සංඝරාජ සාධුචරියාව නිදසුන් සපයයි. විශේෂයෙන්ම ශාසනික භාරකාරත්වය දරමින් සිටි ගණින් වහන්සේලා ස්වකීය ඤාතීන් පැවිදි කොට තමන් සතු විහාර දේපළ ඔවුන්ට භාර කොට ඇත. ‘‘තවද සංඝරාජෝත්තම සාමිදරුවන්ගේ මුණුබුරා වන වැලිවිට සරණංකර කුඩා උන්නාන්සේ ද ළදරු කල පටන් ඒ සාමිදරුවන් වෙත සිට ලීම්-කීම්, ඡුන්දස්, නිඝණ්ඩු ශබ්ද ශාස්ත‍්‍ර ඉගෙන දළදා මාලිගාවේ තේවා කිරීමටත් පැමිණ ඒ ස්වාමි දරුවන්ගෙන් ලැබුණු පොත් පත් ධාතු කර`ඩු වැඩමවා ගෙන ගොස්...ශිෂ්‍ය ගණයාත් ඇතිව සො`දින් කල් යවනවාය....’’ යන නිදර්ශනයෙන් තත් කාරණය පළට වේ. එමතුද නොව, දළදා වහන්සේ සම්බන්ධව තේවාව පවා මොවුන් විසින් සිදු කිරීම වැදගත් කාරණයකි. දළදා තේවාව භාර වන්නේ අස්ගිර-මල්වතු උභය විහාරයන්හි වැඩවසන ප‍්‍රධාන තෙරුන් වහන්සේලාටය. එහෙත් එම උත්තරීතර කාර්යයෙහි පවා ගණින් වහන්සේලා නියුතුව සිටි බව සංඝරාජ සාධුචරියාව තුළින් අනාවරණය වේ. එසේම ස්වකීය දේපළ ඤාතීන්ට භාරකිරීම සරණංකර හිමියන්ට පවා සමතික‍්‍රමණය කිරීමට අසමත් වූ බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. මහනුවර අවධියෙහි දේශපාලනික තොරතුරු පිළිබිඹු කරන කැඩපතක් ලෙස සංඝරාජ සාධුචරියාව හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. ප‍්‍රස්තුත ග‍්‍රන්ථයේ කර්තෘ රාජ්‍ය හා සම්බන්ධව කටයුතු කරමින් අමාත්‍ය පදවියක්ද දැරූවෙකි. එබැවින් එම යුගයේ දේශපාලනික ස්වභාවය පැහැදිලිව ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වේ. ‘‘තත් යුගයේ රාජ්‍ය පාලකයන් හා ඔවුන්ගේ සේවා, රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් ගණුදෙනු කිරීමෙහිලා කළ ක‍්‍රමෝපායන්, රාජ්‍ය නිලතල දැරූ අය, නඩු විනිශ්චයන් හා දුන් ද`ඩුවම්, රාජ්‍ය නායකයන් ආගම විෂයෙහි දැක් වූ දායකත්වය ආදි දේශපාලනික වශයෙන් එම යුගයේ ස්වරූපය වටහා ගැනීමට උපස්ථම්භක වන බොහෝ කරුණු මෙම ග‍්‍රන්ථයෙන් ප‍්‍රකට වේ’’ . ආයිත්තාලියද්දේ මුහන්දිරම් අමාත්‍ය පදවියක් දරමින් කටයුතු කරනුයේ කීර්ති ශ‍්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදීය. එහෙත් සංඝරාජ සාධුචරියාවෙන් ශ‍්‍රී විමලධර්මසූරිය, කීර්ති ශ‍්‍රී රාජසිංහ, ශ‍්‍රී වීර පරාක‍්‍රම නරේන්ද්‍රසිංහ හා ශ‍්‍රී විජයරාජසිංහ යන රජවරුන් සිව්දෙනා හා ඔවුන් කළ සේවාවන් පිළිබ`දව කරුණු දක්වයි. මේ අතුරින් ශී‍්‍ර විමලධර්මසූරිය රජු දළදා වහන්සේ වෙනුවෙන් මාලිගාවක් ඉදිකොට තදනන්තරව දළදා වහන්සේ මහනුවරට වැඩම කරවා එහි තැන්පත් කළේය. මහනුවර යුගයේ උපසම්පදා විනය කර්මය අභාවයට ගොස් තිබුණි. එය නැවත පිහිටුවීමේ කාර්යයේදී ශ‍්‍රී විමලධර්මසූරිය රජු වැදගත් වේ. ඔහුගේ කාලයේ ගැටඹේ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදා විනය කර්මය කළ බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ‘‘එසමයෙහි රාජ ශ‍්‍රී පද ප‍්‍රාප්ත ව රක්ඛංග දේශයෙන් මහා ස්ථවීරවරාදීන් ගෙන්වා ශ‍්‍රී ශුද්ධ ශක රාජ වර්ෂයෙන් එක්වා දහස් සසිය දසනව වැන්නෙහි දී ගැටඹේ තොටෙහි උදකුක්ඛේප සීමාවේ දී තෙතිස් නමක් උපසම්පදා කරවා කුලදරුවන් එක්සිය විසි දෙනෙකු සාමණේර කරවීමෙන් බොහෝ ශාසනාභිවෘද්ධිය කළ ශ‍්‍රී විමලධර්ම මහා රාජෝත්තමයාණන්ගේ කාලයෙහි.... ’’ යන උපුටනයට අනුව ශකරාජ වර්ෂයෙන් එක්දහස් හයසිය දහනම වැන්නේහිදී රක්ඛංග දේශයෙන් වැඩමවා ගත් ස්ථවිරවාදීන්ගේ ප‍්‍රධානත්වයෙන් ගැටඹේ උදකුක්ඛේප සීමාවේදී තෙතිස් නමක් උපසම්පදා කළ බව සනාථ වේ. මෙහි පෙන්වා දෙන පරිදි ස්ථවිරවාදීන්ගේ උපසම්පදා විනය කර්මය කළ බව සුපැහැදිලි කරුණකි. එහෙත් කොටගම වාචිස්සර හිමියෝ මෙයට හාත්පසින්ම වෙනස් වූ අදහසක් ඉදිරිපත් කරති . උපසම්පදාව පිහිටුවීම පිළිබ`දව දරන ලද ද්විතීය ප‍්‍රයත්නය පිළිබ`දව වැදගත් වනුයේ විජය රාජසිංහ රජතුමාය. එහෙත් ඔහු විසින් උපසපන් භික්‍ෂූන් වැඩමවාගෙන ඒම ස`දහා පිටත් කර හරින ලද ප‍්‍රථම නැව මුහුදු බත් විය. ආරගොඩ, ගණේගොඩ, ලි`දපිටියේ, වටවන, හල්පේ යන සිල්වත් පස්නම සිවුරු හැර එම ගමනට එකතු වූහ. දොරණාගම මුහන්දිරම් රාළ, මාතොට රාළ යන අමාත්‍යවරුන් දෙදෙනාද මෙම ගමනට එකතු වූ අතර ඔවුහු දෙදෙන හා පැටවකු සම`ග වූ උපාසකරාලත් පමණක් එම ගමනින් දිවි රැුකගත්හ. දෙවන ¥ත ගමනටද දායක වී ඇත්තේ විජය රාජසිංහ රජුමය. මෙම ගමනට වැල්ලාවේ, ගලටොඹුවේ, දැලිවෙල, බෝතලේ, එගොඩපළ යන සිල්වත් තැන් ගිහි පිළි හන්දවා පළමු ගමනින් දිවිරැුකගෙන පැමිණි දොරණාගම මුහන්දිරම් රාළත් සම`ග පිටත් වූහ. මෙම ගමනට මීදෙණියේ මුහන්දිරම් රාළත්, විල්බාගෙදර රාළත් එකතු වී ඇත. මොවූහු ප`ඩුරු මෙන්ම අසුන්පත්්්්්්්ද රැුගෙන ගියහ. එහෙත් මෙම ගමනේදීද දිවි රැුකගෙන ලක්දිවට ගොඩ බටුයේ විල්බාගෙදර මුහන්දිරම් රාළ පමණි. තෙවනුව බුද්ධවර්ෂ දෙදහස් දෙසිය අනූවේදී රාජ්‍යත්වයට පත් කීර්ති ශ‍්‍රී රාජසිංහ රජතුමා ශාසනික වශයෙන් අතිශය වැදගත් වේ. මෙම රජුගේ සමයේදී යෙදුණු ¥ත මෙහෙවරට සංඝරාජ සාධුචරියාවේ කර්තෘ වූ ආයිත්තාලියද්දේ මුහන්දිරම්ද සම්බන්ධ වී ඇත. ඔහු ඇතුළුව රජයේ නිළධාරීන් පස් දෙනෙකු ප`ඩුරු පිරිවර ජනයාද සහිතව එම ගමනට යොමු වූහ. ලක්දිව නැවත් උපසම්පදාව පිහිටුවීම ස්ථාවරව සිදුව ඇත්තේ තෙවැනි ¥ත මෙහෙවරෙන් පසුවය. මහනුවර සමයේ අධ්‍යාපනික තත්ත්වය ඉතා පහළ මට්ටමක පැවතිණි. උක්ත කාරණය සනාථ කරනු වස් මහෝපකාරී වන කෘතියක් වශයෙන් සංඝරාජ සාධුචරියාව සැලකිය හැකි වේ. පාලි භාෂාව හා එහි ව්‍යාකරණය පිළිබ`ද ඉගෙනීමට ආවශ්‍යයික කෘතියක් වන බාලාවතාර සම්පූර්ණ කෘතියම දත් විදග්ධයෙකු නොවීම තුළින් උක්ත කාරණය සනාථ වේ. එබැවින් ශාස්ත‍්‍රඥානයෙන් යුක්ත පිරිස් සොයාගෙන ඔවුන් වෙත යෑමට උන්වහන්සේට සිදු විය. ඇතැම් විට ඔවුන්ට පුදසත්කාර කිරීමට පවා සරණංකර හිමියන්ට සිදු වී ඇත. උන්වහන්සේ බාලාවතාරයේ නාම කාණ්ඩය එකල සිරගතව සිටි ලෙව්කේ රාළ නමැත්තෙකුගෙන් හොර රහසේම උගත් අතර, සමාස කාණ්ඩයේ පටන් සෙසු කොටස පල්කුඹුරේ අත්ථදස්සි නම් සාමණේර කෙනෙකුගෙන උගත් බව සංඝරාජ සාධුචරියාවෙන් ඔප්පු වේ. එකල පංසල මූලික කර ගත් අධ්‍යාපන පටිපාටියක් තිබුණි. එහිදී නේවාසිකව ඡුාත‍්‍රගණයා විසින් අධ්‍යාපනය ලද බව සංඝරාජ සාධුචරියාව පෙන්වා දෙයි. ඔවුන් දිවාරාත‍්‍රී නොබලා සම්භාව්‍ය ග‍්‍රන්ථ අධ්‍යයනයෙහි නිරත වී ඇත. ‘‘ඇ`දන්වලට වැලි අතුර ? දාවල් උගන්නා අයට වැල්ලේ බොහෝ ලියවනවා ය. සතර සංවර ශීලය, හෙරණසිඛ, දිනචරියාව, සෙඛියාව, සිල් වොලො ගන්නා සූතිස් යෝධයන් හා ශිලානිශංස, කාමයෙහි ආදීනව, ධම්පියා සන්නේ, තේල කටාහ ගාථා සන්නේ කියනවා ය. ශතක පොත් කියා නිමවුණා ම, උගන්ට පුළුපුළුවන් අයට නිඝණ්ඩුව, ධාතුපාඨය, බාලාවතාරය, පද සාධනය කියවමින්, ව්‍යාකරණය වැල්ලේ ලියවමින්...’’ යථෝක්ත ප‍්‍රකාශයට අනුව මහනුවර සමයේ අධ්‍යාපනය සාම්ප‍්‍රදායික එකක් වූ බව පෙනේ. එහිදී එකිනෙකාගේ අධ්‍යාපන මට්ටම්වලට අනුව එය සකස් විය. එහෙත් එහිදී අධ්‍යයනය ස`දහා ගිහි-පැවිදි භේදයක් බලපා නැත. ‘‘....අකුරු නොකී ළදරු වයස් ඇති අයට හෝඩිය පටන් ද, සිල්වාරම් අකුරු දන්නා අයට ඇණවුම් සකස්කඩ පටන් ද, සමහර අයට ශතක පොත් පටන්ද ලීම් කීම් උගන්වමින්,...’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ අධ්‍යාපනය ලබා දීමෙහිදී ඔවුන්ගේ අධ්‍යාපන සීමා අවධාරණය කොට ඇත. මේ අනුව පිළිබිඹු වන කාරණයක් නම් ප‍්‍රාථමික අංශය - හෝඩියේ සිට ඇණවුම් සකස්කඩ පොත් ද්විතීය අංශය - ශතක පොත් තෘතීය අංශය - ව්‍යාකරණ, ධාතුපාඨ හා නිඝණ්ඩු පොත් නියමව තිබී බවයි. අධ්‍යාපනය වූ කලී සියල්ලන්ටම වැදගත් වූවකි. ඒ ස`දහා ස්ත‍්‍රී-පුරුෂ භේදයක් අවශ්‍ය නොවේ. එහෙත් මහනුවර යුගයේ කාන්තාවන්ගේ අධ්‍යාපනික තත්ත්වය පිළිබ`ද කිසිදු ස`දහනක් ප‍්‍රස්තුත කෘතියෙන් හෙළිදරව් නොවේ. එලෙස මහනුවර යුගයේ කාන්තාවන්ගේ අධ්‍යාපනික තත්ත්වය පිළිබ`ද එහි සටහන් නොවීම අභාග්‍යයකි. තත් යුගයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කාන්තාව එතරම් වැදගත් නොවූ බව එයින් පළට වන කරුණකි. සමහර විට රට අභ්‍යන්තරයෙහි පැවති තත්ත්වය නිසා ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට උත්සාහ නොගත්තේ යැයිද ඒ ස`දහා ඔවුන්ට සුදුසු පසුබිමක් නොතිබුණේ යැයිද සිතිය හැකිය. ‘‘ලිවීම සහ කියවීම තවම ලක්දිව වනිතාවන්ගේ අතට පත් වී නැත. එහෙයින් යම්තමින්වත් ලියන්ට කියවන්ට දන්නා වනිතාවෝ විවාහයෙන් පසුව තම දැනුම දියුණු තියුණු කර ගැන්මට උත්සාහ කරතී’’ යනුවෙන් චාර්ල්ස් ප‍්‍රීඞ්හෑම් විසින් ලංකාව පිළිබ`දව ඉදිරිපත් කරන ප‍්‍රකාශයෙන් තත් කාරණය මනාව සනාථ වේ. වෙනත් කාලීන තොරතුරු ගවේෂණයෙහිදීද සංඝරාජ සාධුචරියාව ඉතා වැදගත් මූලාශ‍්‍රයත් බවට පත් වේ. විශේෂයෙන් මහනුවර යුගයේ භික්‍ෂූන් වහන්සේ නමක් අපවත් වූ විට අදාහන කෘත්‍යය සිදු කරනුයේ කෙසේදැයි සංඝරාජ සාධුචරියාවේ මැනවින් සංගෘහිතය. සංඝරාජ සාධුචරියාවේ එන පරිදි භික්‍ෂූ දේහය සුව`ද පැනින් නැහැවීම කරනු ලැබේ. හැ`දීම් පෙරවීම් කෘත්‍යය කරනු ලබන්නේ තදනන්තරවය. මහනුවර අවධියෙහි අවමංගලෝත්සවයද මහත් උත්කර්ෂයෙන් සිදු කළ බවට සංඝරාජ සාධුචරියාව හො`දම නිදර්ශනයකි. ‘‘...ඒ මෘත දේහය සුගන්ධයෙන් ස්නානය කරවා පට්ට චීවරාදීන් ජීවමාන කාලයෙහි මෙන් සකස් කොට හැ`දීම් පෙරවීම් සො`දින් කරවා ? දාවල් නො කඩවා මිනීබෙර ගැස්වීම ද සලස්වා කොට්ට කුලිච්චම් ඇතිරිලි අතුරන ලද පේලාවට වඩා ඊපිට පට්ට වස්ත‍්‍රයකින් හා පට්ට චීවරයකින් ද වසා....’’ යනුවෙන් ප‍්‍රස්තුත කෘතියෙහි පෙන්වා දෙන පරිදි එය මහත් උත්කර්ෂයෙන් සිදුකොට ඇත. රාජරාජ මහාමාත්‍යයාදීන්ගේ සහභාගිත්වයෙන් තත් කාර්යය සිදුවිය. එමතුද නොව, භෂ්මාවශේෂ තැන්පත් කොට සෑයක් බැ`දීමේ සත් කාර්යයද සිදු කළ බවට ප‍්‍රස්තුත ග‍්‍රන්ථය හො`දම උදාහරණයයි. ‘‘ මේ පොතේ ස`දහන් ආදාහන තොරතුරු ඉතාමත් වැදගත් වන්නේ නුවර අවධියේ රදළ කෙනෙතු මළ විට අනුගමනය කරන චාරිත‍්‍ර වාරිත‍්‍ර දැනගැනීමට මෙයින් මාර්ගය සැලසෙන නිසයි’’ යනුවෙන් සංඝරාජ සාධුචරියාවේ වැදගත්කම පෙන්වා දෙන හේන්පිටගෙදර පියනන්ද හිමියෝ පවසති. අවමංගල වැනි උත්සවයන්වලදී භාවිත වන භාණ්ඩ පිළබ`ද දැනගැනීමටද සංඝරාජ සාධුචරියාව අතිශයෝපකාරී වේ. අත් කුවක්කු, කොඩි තුවක්කු, කඩු තුවක්කු වැනි අවිආයුධයන්ද තම්බෝරු පුරම්, පේත්තු කොම්බු, හොරණෑ බෙර, දවුල් ආදී වාද්‍ය භාණ්ඩද සරණංකර සංඝරාජයන් වහන්සේගේ අවමංගලෝත්සවය ස`දහා භාවිතයට ගෙන ඇත. සරණංකර හිමියන්ගේ අවමංගල්‍යය රාජ්‍ය බුහුමන් සහිතව සිදු වූවකි. එමතුද නොව විහාර කර්මාන්තයද උසස් අයුරින් මේ යුගයෙහිදී සිදු වූ බවට සංඝරාජ සාධුචරියාව සාක්ෂ්‍ය දරයි. සරණංකර හිමියන්ගේ ප‍්‍රමුඛත්වයෙන් තත්කාලීන භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත ශ‍්‍රීපාද ලාංඡුනය රැුකගනු වස් තත්කාලීන භික්‍ෂූන් ක‍්‍රියා කොට ඇති බව අපට පැහැදිලි වේ. ‘‘...අභිනව බැ`දවූ බුද්ධරූපයෙහි කර්මාන්තයන් නිමවමින් දොරඋළුවහු සහිත ගල්බිත්තියත් බ`දවා දාගොබක් හා බෝධීන් වහන්සේ නමක් නමකුදු පිහිටුවා අතිදුර්ග හෙල් බිමෙහි මහත් ගල්පඩිදු බ`දවා ....ශ‍්‍රීපාදය උදෙසා එහි තේවාව පවත්වා ශ‍්‍රීපාද ලාංඡුනයට තාම‍්‍රමය ස්වර්ණලිම්ප පාදලාංඡුනයකුදු කරවා තබමින් ඊ උඩින් ඊයම් තහඩු වැසූ මණ්ඩපයකුදු කොට...’’ මහනුවර යුගයෙහි භාෂා ශෛලිය අන්‍ය යුගයන්හි භාෂා ශෛලියට වඩා වෙනස් වූ මාර්ගයක් ගෙන ඇත. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වනුයේ තත් යුගයෙහි පැවති ගද්‍ය භාෂා ශෛලියයි. මහනුවර යුගයෙහි ගද්‍ය භාෂා ශෛලියට හො`දම නිදර්ශනයක් ලෙස සංඝරාජ සාධුචරියාව දැක්වීම යුක්තියුක්ත වේ. එහි පැනෙන භාෂා ශෛලිය ප‍්‍රස්තර තුනක් ඔස්සේ සාකච්ඡුාවට බ`දුන් කළ හැකි වේ. 1ග මහනුවර යුගයේ පොදු භාෂා විලාසය; එනම් කතා ව්‍යවහාරයට ආසන්න වූ දීර්ඝ වාක්‍ය ව්‍යවහාරය 2ග මහනුවර යුගයේ පසු භාගයේ බණපොත්වල දක්නට ලැබෙන මිශ‍්‍ර ශෛලිය 3ග ග‍්‍රන්ථාවසාන භාගයේ දක්නට ලැබෙන වෘත්ත ගන්ධි ශෛලිය වශයෙනි. කතා ව්‍යවහාරයට ආසන්න වූ දීර්ඝ වාක්‍ය සහිත භාෂා විලාසය මෙකල පොදු භාෂා ශෛලියක් බවට පත්ව තිබුණි. මෙකල දක්නට ලැබෙන බොහෝ කෘතීන්හි මෙම ලක්‍ෂණය විද්‍යමාන වේ. එය සංඝරාජ සාධුචරියාවටද එලෙසම අනන්‍ය වී ඇත. සිංහල භාෂාව වූ කලී ලේඛන භාෂාව හා කථන භාෂාව වශයෙන් භාෂා ද්විරූපීතාවක් පළට කෙරෙන භාෂාවකි. එහෙත් මෙම ලක්‍ෂණය මහනුවර යුගයෙහිදී සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇත. ‘‘මහාරාජෝත්තමයාණන්ගේ කාලේ දී සිල්වත් සමාගමත් ගිහි පුංචාවොත් අතිරේක සත්සියයක් සිවුරු පොරවමින් සාමණේර සමාගම ලංකාවේ වැඩි වුණා ය. දෙවැනි වරෙහි ගිය ගමනේ වෙච්ච මුළාසි කාරණාත් සම`ග නොයෙක් ලෙසින් ශාසන වර්ධනයට නිසි වචන සංඝරාජෝත්තම හාමුදුරුවො ඒම හා රාජෝත්තමයාණන්ටත් සැල කර සිට නැවත තුන් වැනි වාරෙත්...’’ යන උද්ධෘතයෙන් තත් කාරණය සනාථ වේ. සෑම වාක්‍යයක්ම ස්තී‍්‍රලිංග පදයක් උක්ත වූ පරිදි මෙන් ස්ත‍්‍රීලිංග වාක්‍යාවසානයක් සේ දැක්වීම මෙම යුගයෙහි දක්නට ලැබෙන පොදු භාෂා ශෛලියකි. එහිදී පුරුෂලිංග පදයක් උක්ත වුවද ගෞරවාර්ථ පදයක් උක්ත වුවද තත් ලක්‍ෂණය එලෙසම විද්‍යමාන වේ. එසේම බහුවචන පදයක් උක්ත වූ කල්හිද ආඛ්‍යාතය ස්ත‍්‍රීලිංග ඒකවචන ආඛ්‍යාතයක් උක්ත වූ කල්හි මෙන් යොදා තිබේ. මේ ස`දහා සම්පූර්ණ සංඝරාජ සාධුචරියාවම නිදර්ශන වශයෙන් දැක්විය හැකි වේ. සංඝරාජ සාධුචරියාවෙහි බෙහෙවින්ම දක්නට ලැබෙනුයේ සංස්කෘත මිශ‍්‍ර භාෂා ශෛලියකි. මෙයද මහනුවර යුගයෙහි ප‍්‍රබලව පැවති භාෂා ලක්‍ෂණයකි. ‘‘ශ‍්‍රීඝන චරණාරවින්ද ස්පර්ශයෙන් පවිත‍්‍ර වූ සමන්තකූට පර්වතාදි සොළොස්මස්ථානාදීන් සශ‍්‍රීක වූ ශ‍්‍රී ලංකාද්වීපයෙහි සෙංඛණ්ඩශෛලාභිධාන ශ‍්‍රීවර්ධනපුර ප‍්‍රවරයෙහි ශ‍්‍රී දන්ත ධාතූන් වහන්සේ...’’ යන උද්ධෘතයෙන් තත් කාරණය මනාව සනාථ වේ. මෙවැනි පාඨයන් යොදාගැනීම ම`ගින් කතුවරයා ස්වකීය භාෂා පටුත්වය විදහාපෑමට ප‍්‍රයත්න දැරූ බව සනාථය. සංඝරාජ හිමියන්ගේ සාහිත්‍ය ව්‍යාපාරයේ ප‍්‍රතිඵලයක් සම්භාව්‍ය සාහිත්‍ය පරිශීලනයේ මෙවැනි භාෂා ශෛලියක් කතුවරයා යොදාගැනීමට පෙළඹෙන්නට ඇත. වෘත්ත ගන්ධි ශෛලිය ආරම්භ වනුයේ කුරුණෑගල යුගයෙහිදීය. එය ප‍්‍රකටව පෙනෙනුයේ තත් යුගයෙහි රචිත දළදා සිරිතෙනි. දළදා සිරිතට පාදක වූ වෘත්ත ගන්ධි ශෛලියෙහි යම් බලපෑමක් සංඝරාජ සාධුචරියාවටද ලැබී ඇත. මෙය සංඝරාජ සාධුචරියාවට මතු නොව, එය මහනුවර යුගයෙහි පැවති භාෂා ශෛලියක් ලෙස දැක්විය හැකිය. සංඝරාජ සාධුචරියාවෙහි අවසාන භාගයෙහි එන ‘‘...නරවරා කරදරා ගෙන හැරා සුරවරා විලසිනා ඒ දළදා මණ්ඩපය මතු මහල්තල සො`දින් වඩිමිනා සිටිමිනා පුරපුරා ලකතුරා ඇවිදිනා සිටිමිනා නෙතුපුරා බල බලා සිතු පුරා පුද පුදා ව`දිමිනා යන ලෙසින්...’’ යනාදි වශයෙන් තත් භාෂා ශෛලිය උපයුක්ත කොට ගෙන තිබේ. මෙයින් පැහැදිලි වන කාරණයත් නම් ආයිත්තාලියද්දේ මුහන්දිරම් භාෂා ශාස්ත‍්‍රය පිළිබ`දව යම් අවබෝධයකින් සිටි බවයි. එසේම පූර්වයෙන් රචිත කෘතීන්ද කියවා අවබෝධයක් ලබා තිබේ. වර්තමානයේ පවා භික්‍ෂූන් වහන්සේලාගේ සේවය අගයමින් චරිත කතා ලිවීමේ සම්ප‍්‍රදායක් දක්නට ලැබේ. වර්තමානයේ යුගයේ භික්‍ෂූන් වහන්සේලාගේ චරිත කතා ලිවීමේදී බෙහෙවින් අනුගමනය කරන්නේ සංඝරාජ සාධුචරියාව බව පියනන්ද හිමියෝ දක්වති. මේ අනුව බලන කල්හි සංඝරාජ සාධුචරියාව සමකාලීන තොරතුරු ගවේෂණය කිරීමෙහිලා ප‍්‍රබල සාධකයක් බව පැහැදිලි ලක්‍ෂණයකි. ‘‘අටළොස්වන සියවසේ ශාසනික හා ශාස්ත‍්‍රීය ඉතිහාසය සොයන්නවුන්ට සංඝරාජ සාධුචරියාව තරම් අගනා ලියවිල්ලක් මහනුවර සාහිත්‍යයේ මේ තාක් හමු වී නැති බව මතක තබා ගත යුත්තකි’’ යනුවෙන් පුඤ්චිබණ්ඩාර සන්නස්ගලගේ අදහසට අනුව තත් කාරණය මනාව සනාථ වේ. සංඝරාජ සාධුචරියාව මහනුවර යුගයේදීම තත්කාලීන තොරතුරු සංග‍්‍රහ කොට රචනා කළ බැවින් මෙලෙස දක්වන්නට ඇත. උක්ත උපුටනයට අනුව සංඝරාජ සාධුචරියාව සරණංකර සංඝරාජයන් වහන්සේගේ ජීවන තොරතුරු ඉදිරිපත් කරන කෘතියක් මතුනොව, ඓතිහාසික තොරතුරු ඉදිරිපත් කරන ඉතිහාස ග‍්‍රන්ථයක් වශයෙන්ද වැදගත් වේ. ‘‘මහනුවර යුගයේ සාහිත්‍ය ග‍්‍රන්ථ අතරින් 18 වන සියවසේ ශාසනික හා ශාස්ත‍්‍රීය ඉතිහාසය හැදෑරීමට ද, එකල පොදු වහර දැන ගැනීමට ද මෙම කෘතියෙන් ලැබෙන පිටුවහල විශාල ය. ’’ යන උද්ධෘතයට අනුව ප‍්‍රස්තුත කෘතියෙහි වැදගත්කම මනාව අනාවරණය වේ. යථොක්ත කරණු දෙස අවධානය යොමු කිරීමේදී ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව චරිතකතාවක් වශයෙන් හ`දුනාගැනීම යුක්තියුක්තය. එය හුදෙක් චරිතකතාවක් වශයෙන් පමණක් ලඝු කොට සැලකිය හැකි කෘතියක් නොවන වග පිළිගත යුතු වේ. මහනුවර යුගයෙහි දේශපාලනික, සංස්කෘතික, ආගමික හා අධ්‍යාපනික යන සෑම අංශයක්ම සංඝරාජ සාධුචරියාව තුළින් පිළිබිඹු වන බව අවබෝධ කරගත හැකිය.

No comments: