Wednesday, December 11, 2013
සංඝරාජ සාධුචරියා-භාෂාවෙහි ප‍්‍රාරම්භක ඉංගිති -වර්ණ වින්‍යාසය හා යෝජනය
තෘතීය අධ්‍යාය
03. සංඝරාජ සාධුචරියා-භාෂාවෙහි ප‍්‍රාරම්භක ඉංගිති
03. 01 වර්ණ වින්‍යාසය හා යෝජනය
වර්ණ යනු අක්‍ෂරයි. සංඝරාජ සාධුචරියාවෙහි කතුවරයා ස්වකීය ග‍්‍රන්ථය රචනා කිරීමේදී ඒ ස`දහා අක්‍ෂර භාවිත කළ අයුරු පිළිබ`දව මෙහිදී සාකච්ඡුාවට බ`දුන් වේ. මහනුවර සමය වන විට දමිළ භාෂාවේ බලපෑම බෙහෙවින් තහවුරු වී තිබුණි. මහනුවර ම`ගුල් මඩුවේදී අත්සන් කළ ගිවිසුමෙහි සිංහල අත්සන්වලට වඩා දමිළ අත්සන් යෙදීම තුළින් උක්ත කාරණය සනාථ වේ. එබැවින් මහනුවර යුගයේ රචිත කෘති ස`දහා දමිළ අක්‍ෂර මාලාවේ බලපෑම බෙහෙවින් ලැබෙන්නට ඇති බවට උපකල්පනය කළ හැකිය. එසේම ඒ වන විට ලක්දිව පෘතුග‍්‍රීසි, ලන්දේසි හා ඉංග‍්‍රීසි යන ජාතීන් මෙරට තුළ වෙළ`දාම තහවුරු කරගැනීමට සමත් විය. වැලිදු, කිතුදහම ප‍්‍රචලිත කිරීමද ඔවුන්ගේ තවත් අභිප‍්‍රායක් විය. සිංහල සාහිත්‍ය තුළ කිතුසමය පැතිරවීමට අවශ්‍ය කරන ග‍්‍රන්ථ සම්පාදනය වනුයේද මෙම යුගයෙහිදීය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ගේ භාෂාවල බලපෑමද මෙසමය තුළ රචිත ග‍්‍රන්ථ කෙරෙහි බලපා නැතැ’යි සිතිය නොහැකිය. මෙම යුගයෙහි ග‍්‍රන්ථකරණයෙහි යෙදුණු සරණංකර සංඝරාජ හිමියන් ඇතුළු සිල්වත් සමාගමේ පිරිස මෙන්ම තත්කාලීන විද්වත්තුද ස්වකීය ඥාන කෝෂ්ටාගාරය ඉපැරණි ග‍්‍රන්ථ පරිශීලනයෙන් වර්ධනය කර ගත්හ. ඉපැරණි සම්භාව්‍ය ග‍්‍රන්ථ අතර ඇතැම් ඒවා ශූද්ධ සිංහලයෙන් රචනා වී ඇති අතර බොහෝ ග‍්‍රන්ථ රචනා වී ඇත්තේ මිශ‍්‍ර සිංහලයෙනි. එමනිසා පාලි, සංස්කෘත භාෂාවල බලපෑමද මෙම යුගයෙහි කෘතීන් කෙරෙහි බලපාන්නට ඇත.
උක්ත කරුණු විමසිල්ලට බ`දුන් කිරීමේදී මහනුවර යුගයෙහි ග‍්‍රන්ථකරණය උදෙසා පාලි, සංස්කෘත, දෙමළ, පෘතුග‍්‍රීසි, ලංදේසි හා ඉංග‍්‍රීසි යන භාෂා සියල්ලෙහිම බලපෑම ලැබී ඇති බවට උපකල්පනය කළ හැකිය. මහනුවර යුගයෙහි භාවිත වර්ණමාලාව පිළිබ`දව කරන කතිකාවතේදී තත් යුගයේ හෙළ බස ඉගැන්වීම ස`දහා භාවිත කළ වදන්කවි පොත අතිශය වැදගත් වේ. එහි ස`දහන් පරිදි ස්වරාක්‍ෂර සොළසක් සහ ව්‍යඤ්ජනාක්‍ෂර සූතිසක් ග‍්‍රන්ථකරණය උදෙසා පාදක කොටගෙන ඇත. කෙසේ වුවද අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව උදෙසා භාවිත වර්ණ වින්‍යාසය හා යෝජනය අංශ කිහිපයක් යටතේ සාකච්ඡුාවට බ`දුන් කළ හැකිය.
ෂග මිශ‍්‍ර සිංහල අක්‍ෂර මාලාව යොදාගැනීම
ෂෂග ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව භාවිතය
ෂෂෂග සාවද්‍ය න,ණ, ල,ළ භාවිතය
ෂඪග සාවද්‍ය ශ,ෂ,ස යොදාගැනීම
ඪග අල්පප‍්‍රාණාක්‍ෂර මහප‍්‍රාණාක්‍ෂර භාවිතය
ඪෂග යංශය භාවිතය
ඪෂෂග අනුනාසිකාක්‍ෂර භාවිතය
යනාදි කාණ්ඩ ඔස්සේ සංඝරාජ සාධුචරියාවෙහි වර්ණ වින්‍යාසය හා යෝජනය යටතේ සාකච්ඡුා කළ හැකිය. මේ එක් එක් කාරණාවන් වෙන වෙනම ගෙන සාකච්ඡුා කිරීමෙන් ප‍්‍රථමයෙන් ඉදිරිපත් කළ අදහස තහවුරු කරගත හැකිය.
මිශ‍්‍ර සිංහල අක්‍ෂර මාලාව භාවිතය
සංඝරාජ සාධුචරියා ග‍්‍රන්ථාරම්භයේ සිට අවසානය දක්වාම දක්නට ලැබෙන කාරණයක් නම් ප‍්‍රස්තුත කෘතිය රචනා කිරීම ස`දහා මිශ‍්‍ර සිංහල අක්‍ෂර මාලාව භාවිත කොට ඇති බවයි. තත් ලක්‍ෂණය ග‍්‍රන්ථාරම්භයේ සිටම ග‍්‍රන්ථාවසානය දක්වාම දක්නට ලැබේ. ග‍්‍රන්ථාරම්භයේදී සම්භාව්‍ය ග‍්‍රන්ථයන්හි මෙන් සංස්කෘත තත්සම ෙඡ්දයකින් අප කතු විසින් ග‍්‍රන්ථය රචනා කිරීමෙහි පරමාර්ථය ඉදිරිපත් කොට ඇත. ඔහු ස්වකීය පාණ්ඩිතය පළට කරනු වස් මිශ‍්‍ර සිංහල වර්ණ මාලාව භාවිතයට ගෙන ඇති බව ප‍්‍රකටව පෙනේ.
උදා: ‘‘ස්වස්ති ශ‍්‍රී සාර විරාජිත ලංකාතල රාජ්‍ය ධුරන්ධර අසද්‍රිශාඥා තේජෝබල පරාක‍්‍රම සමන්විත රත්නත‍්‍රය සරණ පරායණ ශ‍්‍රද්ධා බුද්ධි ගුණගණෝපලක්ෂිත විශුද්ධාතිප‍්‍රවරතර ජින ශාසනාභිවෘද්ධිකාමී වූ...’’
එහෙත් මිශ‍්‍ර සිංහල අක්‍ෂර මාලාව භාවිත කිරීමට ගොස් ඔහු එය සාවද්‍ය ලෙස බහුලව යොදාගත් අවස්ථාවන්ද උක්ත කෘතිය තුළින් දැකගත හැකි කාරණයකි.
උදා: ග‍්‍රහස්ථ (26 පිට*, ප‍්‍රව‍්‍රජ්ජිත (26 පිට*, මාතෘපිතෲන් (26 පිට*
ශරණ ශීල (26 පිට* මිත්ථ්‍යාද්‍රිෂ්ටියා (31 පිට* ගෙඩිගේ ල`ග (38 පිට*
අද්‍රිෂ්ට මිත‍්‍ර (39 පිට* අලංක‍්‍රත (40 පිට* ම‍්‍රත දේහය (63 පිට*
මේ අනුව පළට වන කාරණයක් නම් අප කතු විසින් යොදා ගන්නා ලද අක්‍ෂර මාලාව ඇතැම් විට ඔහු විසින්ම වරදවා යොදාගෙන ඇති බවයි. ඔහු ඒ පිළිබ`දව අනවබෝධය මෙන්ම එතරම් සැලකිල්ලක් දක්වා නැති බවද ග‍්‍රන්ථාන්තරයෙන්ම සනාථ වේ. ඔහු විසින් ඇතැම් තන්හි සාවද්‍යව අක්‍ෂර යොදා ඇති අතර තවත් තැනක ඒ වචනයම නිරවද්‍ය අක්‍ෂර භාවිතයෙන් රචනා කොට ඇත.
සාවද්‍ය: නිරවද්‍ය:
ස්වර්ග පරායන (62 පිට* සරණ පරායණ (25 පිට*
හෙරණසික (29 පිට* හෙරණසිඛ (33 පිට*
සම්භ වුණා (32 පිට* සම්බ වුණා (58 පිට*
ඇතුලූ (63 පිට* ඇතුළු (63 පිට*
මේ අනුව පැහැදිලි වන කාරණයක් නම් සංඝරාජ සාධුචරියා කතුවරයා විසින් ස්වකීය ග‍්‍රන්ථය රචනා කිරීමේදී ඔහු විසින් මිශ‍්‍ර සිංහල වර්ණ මාලාව භාවිත කළද එහි අක්‍ෂර මාලාව භාවිත කිරීමේදී එතරම් සැලකිල්ලක් දක්වා නැති බවයි.
ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව භාවිතය
සංඝරාජ සාධුචරයා කතුවරයා විසින් ඇතැම් අවස්ථාවන්හිදී මිශ‍්‍ර සිංහල වර්ණ මාලාව බැහැර කොට ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව පමණක්ම යොදා ගෙන ඇති අවස්ථාවන්ද කෘතිය තුළින් දැකගත හැකි වේ. සමහර අවස්ථාවන්හිදී මිශ‍්‍ර සිංහල අක්‍ෂර මාලාව මෙන්ම ශුද්ධ සිංහල වර්ණ මාලාවද සම්මිශ‍්‍රණව යොදා ගෙන ඇත. එහිදී ඔහු ඇතැම් විට මටසිලිටි භාෂා ශෛලියක් යොදාගෙන ඇති බවට පහත දැක්වෙන ෙඡ්දය ප‍්‍රාමාණිකය.ි
‘‘අනගි මිණි රුවන් බැ`දි බුදුරුවන් මුව තඹර සිදි රනහසුන් බ`දු විමල දළදා වඩන ලද අනගි රන්රුවන් කර`ඩු හැර නේ සුරන් නිරතුරෙන් කෙලෙසින් වැ`ද පිදුම් ලද උතුම් ඒ දළදා හිමි ස`දුන් නරවරා කරදරා ගෙන හැරා සුරවරා විලසිනා ඒ දළදා මණ්ඩපය මතු මහල්තල සො`දින් වඩිමිනා සිටිමිනා පුරපරා ලකතුරා ආවිදිනා සිටිමිනා නෙතුපරා බල බලා සිතු පුරා පුද පුදා...’’
මේ අනුව අප කතු ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව යොදා ගැනීමෙන් පමණක් සෑහීමකට පත්ව නැති වග පෙනෙන ලක්‍ෂණයකි. එසේම පුරාණ සාහිත්‍යයෙහි ආභාසයද ඔහු ලබාගෙන ඇති බව උක්ත ෙඡ්දයෙන් සනාථ වේ. උක්ත ෙඡ්දය සිංහල සාහිත්‍යයට නියමාකාරයෙන් පිවිසෙන්නේ කුරුණැගල යුගයෙන් පසුවය. එය තත් යුගයේ රචිත ‘‘දළදා සිරිත’’ නම් කෘතිය රචනා වීමත් සම`ගය. පසුකාලීන අස්න ග‍්‍රන්ථවල මෙම ලක්‍ෂණය සුලබව දැකිය හැකිය. මේ අනුව අපට අවබෝධවන කාරණයක් නම් සංඝරාජ සාධුචරියාව රචනා කිරීම සදහා කතුවරයා තත් ග‍්‍රන්ථයන්ගේ ආලෝකය මැනවින් ලබාගෙන ඇත. ඔහු ශුද්ධ සිංහල අක්‍ෂර මාලාව යොදාගත්තද ඇතැම් තන්හි එයද සාවද්‍ය ලෙස යොදාගත් අවස්ථා සුලබව දෘශ්‍යමාන වන ලක්‍ෂණයකි.
ස්වමීප (28 පිට* නො යිවසා (28පිට* පියොවර (29 පිට*
පන්සැලට (29 පිට* උණ වරදක් (30 පිට* මූනට කර (32 පිට*
තිරිකුණාමලෙන් (37 පිට* නෙවරදි ලෙසින් (41 පිට* අත් බැව (45 පිට*
ගිලන් ගති තිබැදීම (48 පිට* සාධවා (47 පිට*
මෙලෙස අක්‍ෂර සාවද්‍ය ලෙස යොදාගැනීම නිසාවෙන් අර්ථ සංදිග්ධතා මතුවිමද වැළැක්විය නොහැකිය. කතුවරයා ව්‍යාකරණානුකූලව සම්භාව්‍ය ග‍්‍රන්ථයක් රචනා කිරීමට නොව, ස්වකීය අභිප‍්‍රායානුකූලව චරිතකතාවක් රචනා කිරීමට වෙර දරා ඇති නිසා මෙවැනි සාවද්‍යතා පැනනැ`ගි බව ස්ඵුට වේ. මෙය තත්කාලීන භාෂා ව්‍යවහාරය වූ බැවින් කතුවරයා එවැනි පද උච්චාරණය වන ආකාරයෙන්ම යොදාගැනීමට තැත් කිරිම නිසාද සාවද්‍ය අක්‍ෂර භාවිතයක් වූ බවට උපකල්පනය කළ හැකිය.
ණ, න, ළ, ල භාවිතය
සිංහල භාෂාව තුළ ආධුනිකයන්ට බෙහෙවින් වරදින තැන් ලෙස ණ, න, ළ, ල යොදාගැනීම පෙන්වාදිය හැකිය. මෙය ඇතැම් විට ආධුනිකයන්ට පමණක් නොව භාෂාව පිළිබ`ද ප‍්‍රාමාණිකයන්ටද වරදින අවස්ථාවකි. සිංහල භාෂාව තුළ ණ, න, ළ, ල අක්‍ෂර යොදා ගැනීමේදී පිළිගත් සම්මත ක‍්‍රමවේදයන් හෙවත් රීති කිහිපයක් ඇත. ගත් කතුවරුන් විසින් එකී රීති අනුල්ලංඝනය කරමින් රචනා කළ යුතු වේ. ණ, න, ළ, ල භේදය පිළිබ`දව පුළුල් අවබෝධයකින් තොරව ග‍්‍රන්තකරණයෙහි යෙදීම තුළින් සිදුවන අනිටු ප‍්‍රතිඵලයක් නම් අර්ථ සංදිග්ධතා මතුවීමයි. සංඝරාජ සාධුචරියා කතුවරයා ඇතැම් අවස්ථාවන්හිදී ඊට අදාළ රීත්‍යනුගමනය කරමින්ද තවත් විටෙක රීති උල්ලංඝනය කරමින්ද රචනා කොට ඇත. මෙය හුදෙක් ඔහුගේ අනවබෝධයෙන් සිදු වූවක්ම නොවේ. මන්ද යත් ඇතැම් වචන නිවැරදි අක්‍ෂර යොදාගනිමින් හා ඇතැම් වචන සාවද්‍ය අක්‍ෂර යොදාගනිමින් රචනා කොට ඇති බැවිනි.
උදා: පරායණ (25 පිට*
මූනට කර ගෙන (32 පිට*
ගෙඩිගේ ල`ග (38 පිට*
ඇතුළු (63 පිට*
හොරනෑ (63 පිට*
මෙහි එන ‘‘මූනට කර ගෙන’’ යන්න තත්කාලීන ව්‍යවහාර භාෂාව විය හැකිය. අද්‍යතන යුගයෙහි පවා ‘මූන’ යන වදන ව්‍යවහාරයෙහි පවතී. එහෙත් තත් රූපය ලේඛනයෙහිදී ‘මුහුණ’ ලෙස යෙදිය යුතු වේ. එසේම, ‘ර’කාරයට පරව ‘ණ’කාරය යෙදීම සිංහල රීතියකි. ‘හොරනෑ’ යන පදය යෙදීමෙහිදී අප කතුවරයා උක්ත රීතිය උල්ලංඝනය කොට ඇත. මේ අනුව මෙහි නිවැරදි වචනය වනුයේ ‘හොරණෑ’ ලෙස යෙදීමයි. ඔහු ඇතැම් විට නිරවද්‍යව අක්‍ෂර භාවිත කොට ඇති අතර තවත් විටෙක සාවද්‍ය අක්‍ෂර භාවිතයක්ද කර ඇති බව කෘතියෙන්ම සනාථ වේ. පරායන (62 පිට*, සම්භ වුණා (32 පිට*, ඇතුලූ (63 පිට* යනාදි උදාහරණ ම`ගින් තත් කාරණය සනාථ වේ. මේ නිසා ණ, න, ළ, ල භේදය පිළිබ`දව ඔහු අවිඥානිකව සිටි බවක් ස්ඵුට නොවේ.
ශ, ෂ, ස යොදා ගැනීම
තාලූජ ‘ශ‘, මූර්ධජ ‘ෂ’ හා දන්තජ ‘ස’ වශයෙන් සමාන ශබ්ද ඇති අක්‍ෂර ත‍්‍රිත්වයක් මිශ‍්‍ර සිංහල වර්ණ මාලාව තුළ දෘශ්‍යමාන වේ. එහෙත් ශුද්ධ සිංහල වර්ණ මාලාවට අන්තර්ගත වන්නේ දන්තජ ‘ස’ පමණි. ණ, න, ළ, ල මෙන්ම ශ, ෂ, ස යන අක්‍ෂරයන් භාවිතයද සිංහල භාෂාව ඉගෙන ගන්නා ආධුනිකයන්ට මෙන්ම සිංහල භාෂාව පිළිබ`දව පුළුල් අවබෝධයක් ඇති අයට පවා වරදින අවස්ථාවන්ය. සංඝරාජ සාධුචරියා කතුවරයාද උක්ත අක්‍ෂර ත‍්‍රිත්වයම ස්වකීය ග‍්‍රන්ථය රචනා කිරීමෙහිදී භාවිතයට ගෙන ඇති අතර සාවද්‍යව යොදාගත් අවස්ථාවන්ද විරල නොවේ. ශරණ ශීල (26 පිට*, ප‍්‍රව‍්‍රජ්ජාභිලාෂීව (26 පිට*, විලාශානුගතව (58 පිට* ආදි වශයෙන් ඔහු විසින් සාවද්‍ය ‘ස’කාර භාවිතයක් යොදා ඇති බව විද්‍යමානය.
එහෙත් මෙවැනි වචනම ඔහු සුදුසුම අක්‍ෂර භාවිතයෙන් නිවැරදිව රචනා කොට ඇත. ඇතැම් විට නිවැරදි ලෙසත් තවත් විටෙක වැරදි ලෙසත් එකම වචනය යොදා ඇත්තේ ඒ පිළිබ`දව අනවබෝධයෙන් නොවන වග පැහැදිලිය. මෙය කතුවරයාගේ නොසැලකිල්ල නිසා සිදු වූවකි. ඔහු වඩාත් සැලකිල්ලක් දැක්වූයේ නම් එක් අවස්ථාවක නිවැරදි අක්‍ෂර භාවිතයෙන් නිවැරදි වචනයම යෙදීමටත් තවත් විටෙක වැරදි අක්‍ෂර භාවිතයෙන් සාවද්‍ය වචන යෙදීමටත් ප‍්‍රස්තාව නැත.
අල්පප‍්‍රාණාක්‍ෂර මහප‍්‍රාණාක්‍ෂර භාවිතය
අල්පප‍්‍රාණ හා මහප‍්‍රාණ අක්‍ෂර සියල්ල ගණනින් විස්සක් පමණ වේ. මිශ‍්‍ර සිංහල වර්ණමාලාවට අනුව වර්ගයන්ගේ ප‍්‍රථම හා තෘතීය අක්‍ෂර අල්පප‍්‍රාණාක්‍ෂර වන අතර වර්ගයන්ගේ දෙවන හා සිව්වන අක්‍ෂර මහප‍්‍රාණාක්‍ෂරයි. ඒ අනුව ක, ග, ච, ජ, ට, ඩ, ත, ද, ප, බ යන අක්‍ෂරයෝ මහප‍්‍රාණාක්‍ෂරයෝය. ඛ, ඝ ,ඡු ,ඣ, ඨ, ඪ, ථ, ධ, ඵ, භ යන අක්‍ෂර දහය මහප‍්‍රාණාක්‍ෂරයි. උච්චාරණ විශේෂතා අනුව මෙලෙස අල්පප‍්‍රාණ හා මහප‍්‍රාණ වශයෙන් අක්‍ෂර ද්විප‍්‍රභේදයක් විද්‍යමානය. නිවැරදි අර්ථාවබෝධය උදෙසා නිවැරදි අල්පප‍්‍රාණාක්‍ෂර හා මහාප‍්‍රාණාක්‍ෂර යෝජනය අත්‍යවශ්‍යාංගයකි. එහෙත් සංඝරාජ සාධුචරියා කතුවරයා නිවැරදි අල්පප‍්‍රාණ මහප‍්‍රාණාක්‍ෂර යොජනයෙන් ¥රස්ථ වූ බවක් ඇතැම් විට දක්නට ලැබේ. ඔහු ඇතැම් විට අනවබෝධයෙන්ද තවත් විටෙක සිතාමතාමද මෙම වරද කර ඇති බව විද්‍යමාන ලක්‍ෂණයකි. සම්භ වූ (30 පිට*, හිටින්ට සාධා (31 පිට*, ආදි වශයෙන් ඇතැම් අවස්ථාවලදී ඔහු විසින් සාවද්‍ය ලෙස අල්පප‍්‍රාණ, මහප‍්‍රාණ භේදය නොසලකා ඇත. සිංහල භාෂාවට පමණක් නොව, එහි මාතෘ භාෂා වශයෙන් සලකනු ලබන පාලි, සංස්කෘත භාෂාවලද මෙසේම අල්පප‍්‍රාණ හා මහප‍්‍රාණ වශයෙන් අක්‍ෂර ප‍්‍රභේදද්වයක් දෘශ්‍යමාන වේ. තත් භාෂාවන්හිද සාවද්‍ය අල්පප‍්‍රාණ මහප‍්‍රාණ භේදය සුඛාවබෝධයට මෙන්ම අර්ථ සංදිග්ධතා මතුවීමටද හේතු වේ.
යංශය භාවිතය
සංස්කෘතයෙහි හල් අක්‍ෂරයකට පරව එන ‘ය’ කාරය වෙනුවට යොදනු ලබන්නේ යංශයයි. මෙය බෙහෙවින් සංස්කෘත තත්සම වදන් භාවිතයෙහිදී යොදනු ලැබේ. සංඝරාජ සාධුචරියා කතුවරයාද හල් අක්‍ෂරයන්ට පරව යෙදෙන ‘ය’කාර වෙනුවට යංශය යොදාගත් බව ප‍්‍රස්තුත කෘතියෙන් අනාවරණය වේ. මිත්ථ්‍යාද්‍රිෂ්ටි (31 පිට*, පංක්ත්‍යාදීන් (34 පිට*, යොග්‍ය (38 පිට*, මහාමාප්ත්‍යාදීන්ට (55 පිට* අදි වශයෙනි. එහෙත් ‘්‍ය’ යෙදීමට වඩා ‘ය’කාරය යෙදීම තුළින් සිංහල භාෂාවෙහි සුඛෝච්චාරණය තහවුරු වෙන බව පී. තේනබදු පෙන්වා දෙයි . එහෙත් ඔහුගේ මතය හා එකහෙළාම එක`ග විය නොහැකිය. භාෂාවෙහි සුඛෝච්චාරණය මෙන්ම භාෂාවෙහි විදග්ධතාව කෙරෙහිද සැලකිලිමත් විය යුතු බැවිනි. ‘්‍ය’ අක්‍ෂරය හෙවත් යංශය යොදාගැනීමේදී බලපාන රීතීන්ද ඇත. හල් ‘ය’කාරය යෙදෙන සෑම තැනම යංශය යෙදීමට රීත්‍යනුකූලව නොහැකිය. යංශය යෙදීමේදී මුල් අක්‍ෂරය හල් බවට පත් වේ. එහෙත් සමහර අක්‍ෂරයන්ට පරව යංශය නොයෙදිය යුතු වේ. උදාහරණයක් වශයෙන් ‘ර’කාරයට පරව යංශය නොයෙදිය යුතු වේ. ‘ර’කාරයට පරව යංශය යොදන්නේ නම් එය සාවද්‍ය යොදා ගැනීමකි. ‘ආර්ය’ යන පදය කිසිවිටෙකත් ‘ආර්‍ය’ ලෙස යෙදිය නොහැකිය. එසේ යොදන්නේ නම් එය වැරදි යොදා ගැනීමකි. එහෙත් එහිදී ‘ආර්ය’ ලෙස ‘ර’කාරය වෙනුවට රේඵය යොදා ‘ර’කාරය හල් කොට යෙදිය හැකිය.
අනුනාසිකාක්‍ෂර භාවිතය
සඤ්ඤක අක්‍ෂර වශයෙන් හ`දුන්වනු ලබන `ග, `ජ, `ඩ, `ද, ඹ යන අක්‍ෂර
ලේඛකයන් අක්‍ෂර වින්‍යාසය විෂයෙහි ප‍්‍රාමාණික අවබෝධයකින් යුතුව ග‍්‍රන්ථකරණයෙහි යෙදිය යුතුය. මන්ද යත්, එය අර්ථාවබෝධයට බෙහෙවින් ඉවහල් වන බැවිනි. ‘‘අක්ෂර වින්‍යාසයෙහි කෙබ`දු ගැටළු මතු වී තිබුණත් ලේඛනයේ දී නිවැරදි අක්ෂර යෙදීම අත්‍යවශ්‍ය වන බව උගතුන්ගේ පිළිගැනීමයි. නො එසේ නම් එය භාෂාවේ පැවැත්මට අතිශයින් හානිකර වේ. පැහැදැලිවම අදහස් ප‍්‍රකාශ කිරීමට ද එය බාධාවකි.’’ එහෙත් සංඝරාජ සාධුචරියාව තුළ ඇතැම් විට අනවබෝධයෙන්ද තවත් විටෙක සිතාමතාමද අක්‍ෂර වින්‍යාස ගැටලූ මතු කොට ඇති බව පැහැදිලිවම පෙනෙන කාරණයකි.
03.02 පදවරණය, තත් විවිධතා හා න්‍යාය
සංඝරාජ සාධුචරියා කතුවරයා ස්වකීය කෘතිය රචනා කිරීමෙහිලා උපයුක්ත කොටගත් පද පිළිබ`දව මෙහිදී විමසුමට බ`දුන් වේ. ‘පදවරණය’ යනු වාක්‍ය රචනයට යෝග්‍ය වන පරිද්දෙන් පද තෝරා ගැනීමයි. ‘‘විභක්ත්‍යන්තං පදං’’ යනුවෙන් සංස්කෘත වියරණ ඇදුරෝ විභක්ති අන්ත වූයේ පද යැයි දැක්වූහ. ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් පද තොරාගැනීම, එහි විවිධතාව හා ඒ ස`දහා භාවිත කළ න්‍යායන් පිළිිබ`දව මෙහිදී සාකච්ඡුා කෙරේ. සාම්ප‍්‍රදායික ව්‍යාකරණයට අනුව මූලික වශයෙන් සිව් වැදෑරුම් පද වර්ගයක් දක්නට ලැබේ.
ෂග නාම පද,
ෂෂග ක‍්‍රියා පද,
ෂෂෂග නිපාත පද හා
ෂඪග උපසර්ග පද වශයෙනි.
උක්ත පද වර්ගයන්ට අමතරව සන්ධි පද, සමාස පද, තද්ධිත පද ආදි පදයන්ද කතුවරයා යොදාගත් අයුරු මෙහිදී විමර්ශනය කෙරේ.
පුද්ගල නාමයක් හෝ ස්ථාන නාමයක් හෝ යම්කිසි වස්තුවක නාමයක් හ`දුන්වනු ලබන පද නාම පද ලෙස සැලකේ. නාම පද නැවත ජාති නාම, ද්‍රව්‍ය නාම, ගුණ නාම, සංඥා නාම හා කි‍්‍රියා නාම වශයෙන් නාම පදයන්ද නැවත කාණ්ඩ පසකට බෙදේ.
සංඝරාජ සාධුචරියා කතුවරයා සන්ධි පද බෙහෙවින් සිය කෘතිය ස`දහා උපයුක්ත කොට ගත් බව පැහැදිලිවම දක්නට ලැබෙන කාරණයකි. හෙළ වියරණය තුළ උගන්වනු ලබන සන්ධි පද ඇතැම් විට නියමාකාරයෙන්ද තවත් විටෙක අනියතාකාරයෙන්ද යොදා ගනී. ඔහුට භාෂාවේ සන්ධි පිළිබ`දව පුළුල් අවබෝධයක් තිබූ බවට නිසැකය.
ගුණගණෝපලක්ෂිත (ගුණගණ + උපලක්ෂිත* - ස්වරාදේශ සන්ධිය (25 පිට*
ජින ශාසනාභිවෘද්ධිකාමී (ශාසන + අභිවෘද්ධිකාමී* - සමාන ස්වර දීර්ඝ සන්ධිය (25 පිට*
ගුරූපදේශ (ගුරු + උපදේශ* - සමාන ස්වර දීර්ඝ සන්ධිය (25 පිට*
ලවණම්බිලාදි (ලවණ + අම්බිල + ආදි* - පර ස්වර ලෝප සන්ධිය (34 පිට*
මුලිනුපුටා (මුලින් + උපුටා* - ස්වර සන්ධිය (41 පිට*
අප කතුවරයා එකම සන්ධිය අවස්ථා දෙකකදී දෙවිධියකට සන්ධි නියමයන් කෙරෙහි තැකීමක් නොකොට සන්ධි කොට ඇති අවස්ථාද වැරදි ලෙස සන්ධි කළ අවස්ථාද කෘතිය තුළින් දෘශ්‍යමාන වේ. ‘‘වාචුද්ගත’’ (34 පිට* යනුවෙන් එක් අවස්ථාවකදී යොදා ගන්නා කතුවරයා තවත් විටෙක උක්ත පදයම ‘‘වාචෝද්ගත’’ (34 පිට* යන රූපය යොදා ගනී. ස්වරාදේශ සන්ධියක් වන මෙහි නිරවද්‍ය රූපය වනුයේ ‘‘වාචෝද්ගත’’ යනුයි. එසේම, ‘‘ස`ගුරුවන්’’ (38 පිට* යනුවෙන් කතුවරයා එක් අවස්ථාවකදී වැරදි ලෙස සන්ධි කළ බවක්ද කෘතියෙන් පිළිබිඹු වේ.
හෙළ වියරණය තුළ උගන්වනු ලබන සමාස පදයන්ද ස්වකීය කෘතිය රචනා කිරීම උදෙසා කතුවරයා භාවිත කරනු ලැබේ. සමාස කිරීම තුළින් පද කෙටි කිරීමක් සිදු වේ. ‘‘සමාසොති, භින්නත්ථානං පදානමෙකත්ථො’’ යනුවෙන් පෙළ වියරණයේදී සමාස හ`දුන්වා ඇත. දැනට ශේෂව ඇති එකම හෙළ වියරණ ග‍්‍රන්ථය වන සිදත් ස`ගරාවෙහි ‘‘නේ සදන් සියොවැ එක සද අයුරක් වන සේ ගලපනු සමස් නම්’’ යනුවෙන් වෙන් වෙන් වශයෙන් පවතින පද එකට ගලපා එක පදයක් වශයෙන් තැබීම සමාස යයි හ`දුන්වයි. වාක්‍ය නිර්මාණයේදී අර්ථාවබෝධය පැහැදිලි වනු වස් පද ගැලපීම අතිශයින් වැදගත් වේ. කෙසේ වුවද සංඝරාජ සාධුචරියා කතුවරයා සමාස පද යොදා ගත් අයුරු මෙහිදී සාකච්ඡුා කෙරේ.
ජිනශාසනාභිවෘද්ධිකාමී (25 පිට* - විභක්ති සමාසය
දසසිල් (28 පිට* - විශේෂණ සමාසය
දෙමව්පියන් (28 පිට* දකාරාර්ථ සමාසය
සමාස වීමේදී යුක්තාර්ථවත් බව වැදගත් කාරණයකි. පාලි හා සංස්කෘත පිළිබ`ද අවබෝධයක් ඇති වියත් ලේඛකයා විසින් මෙම යුක්තාර්ථවත් බව ලේඛනයේදී සැලකිල්ලට යොමු වේ. නමුදු අප කතු ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් ඇතැම් පද සමාස කිරීමෙහිදී යුක්තාර්ථවත් බව සලකා නැති වග පැහැදිලිව පෙනෙන කාරණයකි. රන්රිදීබුලත් (30 පිටුව*.
පද යොදා ගැනීමේදී පාලි, සංස්කෘත හා දෙමළ වචන මෙන්ම ඇතැම් විට පෘතුග‍්‍රීසි වචනද තත්සම ස්වරූපයෙන්ම ස්වකීය කෘතිය උදෙසා කතුවරයා යොදාගනී.
පර්ණශාලාව (37 පිටුව*
විෂ්ටම්භාජීර්ණය (40 පිටුව*
සමක්කට්ටු (47 පිටුව*
වෙය්‍යාවච්ච (56 පිට*
කොට්ට කුලිච්චම් (62 පිට*ජ
ලන්ස පටිස්තානාදීන් (63 පිට*
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment