Wednesday, December 11, 2013
සිංහල සාහිත්‍යයේ චරිතකතාකරණය හා මහනුවර යුගය
ප‍්‍රථම අධ්‍යාය
01. සිංහල සාහිත්‍යයේ චරිතකතාකරණය හා මහනුවර යුගය
01.1. චරිතකතාකරණය හා එහි න්‍යායාත්මක ලක්‍ෂණ
√චර (චරණෙ* යන සංස්කෘත ධාතුවෙන් නිෂ්පන්න පදයකි, ‘චරිත’ යන්න. ‘හැසිරීම’ යන සාමාන්‍ය අර්ථය මෙම ධාතුව තුළින් අර්ථගම්‍ය වේ. ‘චරිත’ යන පදය අතීත කෘදන්ත පදයකි. ‘හැසිරෙන ලද’ යන අර්ථය ඒ තුළින් ඉදිරිපත් කෙරේ. එහෙත් මෙම වචනය පිළිබ`දව ගැඹුරින් අධ්‍යයනය කරන විට උක්ත අර්ථය සමතික‍්‍රමණය කළ අර්ථ සමුදායක් ගම්‍යමාන වන බව ශබ්දකෝෂ පරිශීලනයෙන් පිළිබිඹු වේ. මේ ස`දහා අර්ථ පහක් ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි දක්වා ඇත.
හැසිරෙන ලද
කළ
ක‍්‍රියාව
ගතිතුණ, ස්වභාවය
ජීවිත කථාව
යනුවෙනි. ‘චරිත’ යන පදයට මෙම අර්ථ විග‍්‍රහයට සාම්‍යයක් ඇති තවත් අර්ථ විග‍්‍රහයක් නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය තුළින් පෙන්වාදී ඇත. එහිදීද ප‍්‍රස්තුත පදය විවරණය කරනු වස් අර්ථ පහක් ඉදිරිපත් කොට ඇත. එනම්,
හැසිරීම, කල්ක‍්‍රියාව, පැවැත්ම
විස්තර කථාව, ජීවිත කථාව
බෝද්ධ දර්ශනයේ උගන්වන රාග, මෝහාදි චරිත ලක්‍ෂණ
එක් එක් පුද්ගලයා සංසාරයේ කර ඇති කුසලාකුසල සංස්කාර
සිරිත, භාවිතය, ව්‍යවහාරය
උක්ත අර්ථ විග‍්‍රහයන් අතර ජීවිත කථාව යන්නද යොදා තිබීම පිළිබ`දව අපගේ අවධානය යොමු විය යුතුය. මේ අනුව ‘චරිත’ යන පදයෙහිම අර්ථයක් ලෙස ‘ජීවිත කතාවක්’ හෙවත් ‘චරිත කතාවක්’ යන්න ඉදිරිපත් කොට තිබේ. ‘චරිතකතාව’ :ඊසදටර්චයහ* යන පදය සංස්කෘත √චර ධාතුවෙන් නිෂ්පන්න පදයක් බව මෙහිදී පැහැදිලි වන කාරණයකි. එහෙත් ඉංග‍්‍රීසි සංස්කෘත ශබ්ද කෝෂයෙහි චරිතකතාව හෙවත් ඊසදටර්චයහ යන වදන උදෙසා
ශිෂ්ටචරිතරචනා,
ශිෂ්ටසමාචාරරචනා,
ශිෂ්ටජනචරිතග‍්‍රන්ථ:,
ශිෂ්ටසමාචාර
යන අර්ථ සතරක් ඉදිරිපත් කර තිබේ . මෙහිදී ‘ශිෂ්ට’ යන පදය යොදා තිබීම අපගේ විශේෂ සැලකිල්ලට යොමු විය යුතුය. මේ අනුව චරිතකතාව ශිෂ්ටවත් චරිතයක් මතු කොට ඉදිරිපත් කිරීම උදෙසා රචනා වූ ග‍්‍රන්ථ විශේෂයක් බව පැහැදිලි වේ. අශිෂ්ට චරිතයක් ඉදිරිපත් කිරීම චරිතකතාවක් නොවන වග මේ තුළින් ගම්‍යමාන වන කාරණයකි. එහෙත් චරිතයක් තුළ සුචරිතවත් මෙන්ම දුශ්චරිතවත් ලක්‍ෂණද අත්‍යන්තයෙන්ම දෘශ්‍යමාන වේ. නමුදු චරිතකතාකරණයේදී තොරාගනු ලබන්නේ සුචරිතවත් ලක්‍ෂණ පමණි. චරිතකතාව හුදෙක් රට, දැය හා සමය වෙනුවෙන් මෙහෙවරක් කළ යුගපුරුෂයෙකුගේ චරිතයක් ඉදිරපත් වන බැවින් එය ‘ශිෂ්ට’ විය යුතු බව මනාව අවබෝධ කරගත යුතු කාරණයකි.
ඉංග‍්‍රිසියෙන් මේ ස`දහා යෙදෙන්නේ ඊසදටර්චයහ යන වචනයයි. ඉංග‍්‍රීසි ශබ්දකෝෂවල උක්ත වචනය ස`දහා එතරම් දීර්ඝ අර්ථ නිරූපණයක් ඉදිරිපත් කර නොමැති බව තත් ග‍්‍රන්ථ පරිශීලනයෙන් ස්ඵුට වන කාරණයකි. ‘‘්බ ්ජජදමබඑ දෙ ් චැරිදබ’ි කසෙැ අරසඑඑැබ ඉහ ිදපැදබැ ැකිැ’’ යනුවෙන් මේ ස`දහා ධංදෙරා ශබ්දකෝෂය අර්ථ දක්වයි. මේ අනුව කිසිවෙකු විසින් රචනා කරන ලද කිසියම් පුරුෂයෙකුගේ ජීවිත කතාව යන අර්ථය මෙම`ගින් ලැබේ. චරිතකතාවක් වෙනත් පුද්ගලයෙකු විසින් මෙන්ම තමන් විසින්මද රචනා කළ හැකිය. තමා විසින් රචනා කරන ලද චරිතකතාව ‘ස්වයං චරිත කතාව’ හෙවත් ්මඑදඉසදටර්චයහ යනුවෙන් හැ`දින් වේ. ඒ තුළින් ආත්ම හෝ ස්වයං චරිතාපදානය යන අර්ථය ලැබේ. චරිතකතාව හෙවත් ඊසදටර්චයහ යන්නට වඩා ස්වයං චරිතකතාව හෙවත් උක්ත ්මඑදඉසදටර්චයහ ස`දහා දීර්ඝ ඉතිහාසයක් තිබෙන බව ඒ පිළිබ`දව විමසීමෙන් ප‍්‍රකට වන කාරණයකි. ප‍්‍රථමයෙන්ම මෙම වචනය භාවිත කරන ලද්දේ 1797දීිඵධභඔ්‍යඛශ ඍෑඪෂෑඋ’ නම් ස`ගරාවෙහි උසකකස්ප ඔ්හකදර විසිනි. ඔහු මෙම වචනය සංකර වචනයක් බවත් නමුදු පණ්ඩිතමානි එකක් බවත් හ`දුන්වා දුන්නේය. ඔහුගෙන් අනතුරුව 1809දී ඍදඉැරඑ ීදමඑයැහ භාවිත කොට ඇත.
මේ අනුව කිසියම් පුද්ගලයෙකුගේ ජීවන තොරතුරු අළලා ගද්‍යයෙන් හෝ පද්‍යයෙන් රචනා වී ඇති කෘති විශේෂය චරිතකතා :ඊසදටර්චයහ* නමින් හැඳින්වීම යුක්තියුක්ත බව පෙනේ. සිංහල සාහිත්‍ය තුළ එවන් කෘති විශාල ප‍්‍රමාණයක් දක්නට ලැබේ. රට, ජාතිය හෝ ආගමෙහි ප‍්‍රගමනය වෙනුවෙන් දේශපාලන, අධ්‍යාපන, සාහිත්‍ය ආදි ක්‍ෂේත‍්‍රයන්හි අභිවෘද්ධිය පිණිස කටයුතු කළ පුද්ගලයන් පිළිබඳ මතකය පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන්නේ ඔවුන්ගේ ජීවන තොරතුරුත් සම`ගය. උක්ත ක්‍ෂේත‍්‍ර විෂයෙහි කිසියම් මෙහෙයක් සිදු කළ පුද්ගලයන්ගේ උපතේ සිට මරණය දක්වා තොරතුරු ඇතුළත්ව රචනා වී ඇති කෘති විශේෂය සඳහා චරිතකතා :ඊසදටර්චයහ* යන නම භාවිත වන බව මේ අනුව සිතිය හැකිය. මෙවන් කෘති රචනා වන්නේ අදාළ පුද්ගලයාට උපහාර ප‍්‍රදානය කිරීමේ අරමුණ ඇතිව හා ජීවත්වන අයට එම`ගින් ආදර්ශ ලබාගැනීමේ අරමුණ ඇතිවය.
චරිතකතා රචනයක් වූ කලී මානුෂිකත්වය පිළිබඳ තියුණු අධ්‍යයනයක යෙදෙන්නට පාඨකයා යොමු කරන ලේඛන කලා විශේෂයක් වශයෙන් පෙන්වාදිය හැකිය. එයට හේතුව යම් යම් පුද්ගලයන්ගේ ජීවන තොරතුරු තවත් අයෙකු විසින් රචනා කිරීමයි. බොහෝ විට චරිතකතාවක් රචනා වන්නේ තමන් පෞද්ගලිකව දන්නා හඳුනන පුද්ගලයෙකු පිළිබඳය. එහිදී අදාළ පුද්ගලයාගේ චරිතය සුදු (යහපත්* චරිතයක් කිරීමේ යටි අරමුණක් කතුවරයාට තිබිය හැකිය. එහිදී එම චරිතය හා සම්බන්ධ කළු හෙවත් අයහපත් ලක්‍ෂණ කතුවරයා විසින් හිතාමතාම ම`ගහරිනු ලබයි.
සාර්ථක චරිතකතාවක් රචනා කිරීමේදී උක්ත අරමුණෙන් කතුවරයා ඉවත් නොවුණහොත් පාඨකයා නොම`ග යාමක් සිදු වේ. කිසියම් ක්‍ෂේත‍්‍රයක විශාල මෙහෙයක් ඉටුකළ පුද්ගලයෙකුගේ චරිතය අළලා කෘතියක් සම්පාදනය කිරීමේදී අදාළ පුද්ගලයාගේ ජීවන චර්යාව උපතේ සිට සාධාරණ ගවේෂණයක් කිරීම තුළින් කරුණු අධ්‍යයනය කර කෘතිය රචනා කළ යුතු වේ. මෙසේ ගවේෂණය කිරීමකින් තොරව චරිතකතාවක් රචනා කිරීමට යාමේදී ප‍්‍රස්තුත චරිතයේ අප‍්‍රකට ස්ථාන කතුවරයා තුළින් ම`ගහැරී යා හැකිය. චරිතකතා කතුවරයාගේ වගකීම වන්නේ ප‍්‍රස්තුත චරිතයන්ගේ සාධුචර්යාවන්, ගුණ යහපත්කම් ආස්වාදය කරන්නට මෙන්ම, ඒ චරිතය සතු ඇතැම් දුබලතා හෝ අඩුපාඩු හෝ වෙතොත් ඒවා සානුකම්පිතව ඉවසන්නට පාඨකයා පුරුදු කිරීමේ ශක්තියක් ඇතිකිරීමය.
චරිතකතා කතුවරයෙකු සතුවිය යුතු තවත් ගුණාංගයක් වන්නේ පාඨක රුචිය ඇතිවන අයුරින් ආස්වාදදායී ලෙස කෘතිය රචනා කිරීමයි. අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීමෙන් සාහිත්‍යයික අගය වැඩිකිරීමක් එම`ගින් අපේක්‍ෂා නොකෙරේ. අතිශයෝක්තිය ඇතුළත් කිරීමෙන් චරිතකතාව ගුණාත්මක භාවයෙන් හීන වී යාම වැළැක්විය නොහැකිය. එබැවින් චරිතකතාවක් තුළ අතිශයෝක්තියට පෘථූල අවකාශයක් නොදිය යුතුය. එහෙත් පාඨකයාගේ අවධානය තත් කෘතිය කෙරෙහි ඇතිවන අයුරින් විචිත‍්‍ර රචනා ශෛලියක් අනුගමනය කිරීමට චරිතකතා රචකයන් උත්සුක විය යුතුය. කතුවරයා විසින් රැුස්කර ගන්නා ලද දත්ත සමූහය මනා ගැලපීමකින් යුක්තව පාඨක රුචිය ඇතිවන අයුරින් ඉදිරිපත් කිරීමේ හැකියාව චරිතකතා රචකයන් තුළ තිබිය යුතුය.
වර්තමානයේ චරිතකතා රචකයන් අතර ප‍්‍රවීණ ලේඛක අමරහේවා මද්දුමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 2011 අගෝස්තු මස 30වෙනි අගහරුවාදා ලංකාදීප පුවත්පත ම`ගින් පවත්වන ලද ප‍්‍රවෘත්ති සාකච්ජාවේදී ඔහු විසින් චරිතකතා රචනා කිරීම සම්බන්‍ධව ඉතා වැදගත් අදහස් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔහුගෙන් විමසන ලද එක් පැනයක් වන්නේ නවකතා රචනා කිරීමට වඩා චරිතකතා රචනා කිරීම අපහසුද? යන්නයි. එම පැනය සඳහා ඔහු ලබාදුන් පිළිතුර තුළින් චරිතකතාවක් යනු කුමක්ද හා එහි ස්වභාවයත් චරිතකතා කතුවරයා මුහුණපාන ගැටලූ පිළිබඳවත් මනා අවබෝධයක් ලබාගත හැකිය. ඔහුගේ අදහසට අනුව අපට ගම්‍යමාන වන කාරණයක් නම් නවකතාවක් රචනා කරනවට වඩා පරිශ‍්‍රමයක් ලේඛකයා විසින් චරිතකතා රචනයේදී කතුවරයා විසින් දැරිය යුතු බවයි.
‘‘නවකතාවක් ලියනවා නම් නවකතාකරුවාට ඕන දෙයක් ලියන්න පුළුවන්. එහෙත් චරිතකතා ලියනකොට එහෙම බැහැ. චරිතකතාවක් ලියන විට හැකිතාක් නිවැරදි තොරතුරු ඇතුළත් වෙන්න ඕනෑ. මුලින්ම කාලයක් තිස්සේ ඒ චරිතයට අදාළ තොරතුරු එකතු කරන්න ඕනෑ. පැරණි චරිතයක් නම් රාජ්‍ය ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දවස් ගාණත් තැපල තැපල අදාළ පොත් කියවන්න ඕනෑ. ඒ නිසා චරිතාපදාන රචනය නවකතාවක් ලියනවාට වඩා බැ?රුම්. මං හො`ද උදාහරණයක් කියන්නම්. රාජ්‍ය මන්ත‍්‍රණ සභාවෙත් (1931* පාර්ලිමේන්තුවෙත් (1947* පළමු කතානායක ශ‍්‍රීමත් ෆ‍්‍රැන්සිස් මොළමුරේ. ඔහු තමන්ගේ ජීවිත කාලය තුල වි`දින්න පුළුවන් ඉහළම ගෞරවයත්, ලබන්න පුළුවන් දුක් කරදර අවනම්බු සියල්ලක් ලැබූ කෙනෙක්. ඔහු දික්කසාද නඩුවක පළමු විත්තිකරු වශයෙන් ද`ඩුවම් ලැබුවා. ඒ වගේම ඔහු සාපරාදී ක‍්‍රියාවකට හිරේ ගියා. නමුත් ඔහු හිරෙන් නිදහස් වෙලා නැවත තර`ග කරල පළමු පාර්ලිමේන්තුවේ කතානායක වුණා. මේ තොරතුරු හොයන්න මට මාස හයකට වඩා කාලය ගියා. දැනට හොයාගෙන තිබෙන පැරණිම කැලෑපත්තරය ගහල තිබෙන්නෙත් මේ ෆ‍්‍රැන්සිස් මොළමුරේට විරුද්ධව. ඒ කැලෑ පත්තරය නම් පත්තරේකට හෙළි කරන්නත් බැරි තරමට අසභ්‍යයි.’’
යථොක්ත උපුටනයට අනුව චරිතකතා රචනය වූ කලී අතිශය අපහසු කරණයක් වග පැහැදිලිය. එය හුදෙක්ම සෙසු කෘතීන් මෙන් සිතන සියල්ල රචනා කිරීමට හෝ අලංකාර යොදා ගැනීමට කතුවරයාට අවකාශ නොලැබේ. කෘතියට පරමාදර්ශය ලබාදෙන චරිතයට හානියක් නොවන ලෙස කතාව ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් විය යුතුය. එහිදී සාවද්‍ය තොරතුරු දැක්වීමට ලේඛකයාට ඉඩහසර නොලැබේ. කිසියම් පුද්ගලයෙකුගේ චරිතය පිළිබ`ද සාකච්ඡුාවට බ`දුන් කිරීමේදී ඔහු හා සම්බන්ධ චතුර්විධ ගුණාශ‍්‍රයෙන් සාකච්ඡුා කරීම සාමාන්‍ය ලක්‍ෂණයයි. එනම්,
ඥානවීර
දානවීර
යුද්ධවීර
දයාවීර
යනුවෙනි. ස්වකීය අනන්‍යසාධාරණ බුද්ධි මහිමයෙන් ලෝකාර්ථ චර්යාවෙහි යෙදීම ‘ඥානවීර’ නම් වේ. චරිතකතාවට පරමාදර්ශය සපයන ඔහු බුද්ධිමත් වීම අනිවාර්ය අංගයකි. පරමාදර්ශී පුද්ගලයෙකු වීමේ මූලිකම කාරණය මෙලෙස බුද්ධිමත් වීමයි. ඔහු විසින් පරාර්ථ සේවය උදෙසා කෙරෙන පරිත්‍යාගයන් ‘දානවීර’ ගණයෙහිලා ගැණේ. සමාජ සුභසිද්ධිය උදෙසා ඔහු විසල් මෙහෙවරක් කෙරේ. ඇතැම් විට යුද්ධය මෙහෙය වන ඔහුට තවත් විටෙක සාමය ඇති කිරීමටද සිදු වේ. ‘යුද්ධවීර’ යන්නෙන් තත් කාරණය විශද කෙරේ. විශේෂයෙන්ම රාජ චරිතයකදී මෙම ගුණාංගය ඒකාන්තයෙන්ම පැවතිය යුතුය. චරිතකතාවෙහි පරමාදර්ශී පුද්ගලයා සමාජය කෙරෙහි අපරිමිත දයාර්ද්‍රයෙන් උපලක්‍ෂිත විය යුතුය. ‘දයාවීර’ යන්නෙන් තත් ලක්‍ෂණය පැහැදිලි කරයි. චරිතකතා රචනයෙදී ලේඛකයා මෙම සිවුවැදෑරුම් ගුණාංගයන් විෂයෙහි ස්වකීය පරිකල්පනය හා පර්යේෂණය මෙහෙය විය යුතුය.
චරිතකතා කියවීම හුදෙක්ම නවකතා හෝ කෙටිකතා කියවීමට සමාන කළ නොහැකිය. කෙටිකතා හෝ නවකතා කියවීමෙන් ලබන රසාස්වාදය චරිතකතා කියවීම තුළින් නොලැබෙන හෙයිනි. එහෙත් චරිතකතා කියවීම පාඨක ජනයාට ලැබෙන මහත්ම ලාභයක් බව ‘අපේ ඇත්තන්ගේ විත්ති’ යන කෘතියට ප‍්‍රස්තාවනාවක් සපයන කොටහේනේ පඤ්ඤාකිත්ති හිමියෝ පෙන්වා දෙති.
‘‘චරිත කියවීම කියවීම් ලෝකයාට ලැබෙන මහත් ම ලාභයකි. එබැවින් චරිත කතා හෝ චරිතාංශු හෝ ගැබ් කොට ලියන ලද පොතපත පාඨකයෝ මහත් ආසාවෙන් කියවන්නට පෙළඹෙති. එය ප‍්‍රසාදසංවේගය දනවනසුලූ රචනා විශේෂයකි.’’
මේ අනුව චරිත කියවීම ලෝකයාට ලැබෙන මහත්ම ලාභයක් බවයි, උන්වහන්සේගේ අදහස වනුයේ. මෙහි ‘චරිත කියවීම’ යනු චරිත අධ්‍යයනය කිරීම හෝ චරිතකතාවක් කියවීම හෝ විය හැකිය. ජීවිතයේ කටුක කාලපරිච්ජේදවලදී චරිතකතා කියවීම තම ගමනට රුකුලක් හා දිරියක් වූ බව ශ‍්‍රී ජවහල්ලාල් නේරුද ප‍්‍රකාශකර ඇත. එසේම දාර්ශනිකයන්ගේ චරිතකතා කියවීමෙන් තමා මහත් ආශ්වාදයක් ලද බව බර්නාඞ් ෂෝ ප‍්‍රකාශ කළ අතර චීන ප`ඩිවරයෙකු වන යෑනිං නම් පුද්ගලයා කියා සිටින්නේ හරිහැටි කියවන්නට දන්නේ නම් සෑම මිනිසාම පොතක් බවයි. චරිතාපදාන නම් සාහිත්‍යාංගයෙහි වටිනාකම පිළිබඳව ලොව ප‍්‍රකට ප`ඩිවරුන් තිදෙනෙකු ඉදිරිපත් කළ උක්ත ප‍්‍රකාශන තුළින් පැහැදිලි වේ.
ඇතැම් විට චරිතකතාවක් ප‍්‍රශස්තියකට සාමාන්‍ය යැයි තර්ක කළ හැකිය. එහෙත් චරිතකතා රචකයන්ගේ අරමුණ ප‍්‍රශස්ති රචකයන්ගේ අරමුණින් හාත්පසින්ම වෙනස් එකකි. චරිතකතා රචනා කිරීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ පුද්ගල ජීවිතයට ආදර්ශයන් ලබාදීමයි. සමාජයේ මිනිසෙකු වශයෙන් ජීවත් වන විට සෑම පුද්ගලයෙකුගෙන්ම ඉටු විය යුතු යුතුකම් හා වගකීම් ප‍්‍රමාණයක් වේ. එම යුතුකම් හා වගකීම් ඉටුකිරීමේ ප‍්‍රමාණය, සමාජය තුළ පුද්ගල පිළිගැනීමේ ප‍්‍රමාණය තීරණය කෙරේ. කිසියම් පුද්ගලයෙකු තම සීමාව ඉක්මවා යම් ක්‍ෂේත‍්‍රයක උන්නතිය වෙනුවෙන් තම දායකත්වය ලබාදෙන්නේ නම් එම පුද්ගලයා විශේෂ පුද්ගලයෙකු වශයෙන් සමාජය තුළ පිළිගැනීමට ලක් වේ. එවන් පුද්ගලයන්ගේ ජීවන චර්යාව තුළ තවත් අයෙකුට ලබාගත හැකි ආදර්ශ මෙන්ම අද්දැකීම්ද විශාල වශයෙන් අන්තර්ගතව ඇත. පුද්ගල ජීවිතයක් හැඩගස්වා ගතහැකි එවැනි ආදර්ශ හා අද්දැකීම් මතුකර පෙන්වීම චරිතකතා රචකයන්ගේ අරමුණ වේ. ජීවන අද්දැකීම් ලබාදීමේ අරමුණෙන් රචනා වන චරිතකතා තුළ ප‍්‍රශස්තීන්හි මෙන් අතිශයෝක්ති වර්ණනා ඇතුළත් නොවේ.
01.2. සිංහල චරිතකතාකරණයෙහි ආරම්භය හා විකාශනය
මනුෂ්‍ය චිත්ත සන්තානගත අදහස් සමුදාය ලේඛනගත කිරීමට ආරම්භ වූ තැන් පටන් සාහිත්‍යය නමැති මහා වෘක්‍ෂය පුෂ්පපලූලපල්ලවයෙන් පෝෂණය වන්නට විය. මෙය යුගයෙන් යුගය වර්ධනය හා හායනය යන දෙයංශයටම ගොදුරු වෙමින් පැවතිණි. මේ අනුව සිංහල සාහිත්‍ය වංශකතාව තුළ නව පිටුවක් පෙරළු යුගයක් ලෙස මහනුවර යුගය විද්වත් අවධානයට යොමු වී ඇත. වරෙක සම්පූර්ණයෙන්ම සාහිත්‍යකරණයෙන් ¥රස්ථ වූ අවදියක්ද තවත් විටෙක සාහිත්‍යයෙහි ශීඝ‍්‍ර‍්‍ර වර්ධනයක්ද මෙම කාල පරිච්ෙඡ්දය තුළ සිදු වී ඇත. වරින්වර රට තුළ ඇති වූ රාජ්‍ය අස්ථාවරත්වය නිසාවෙන් සාහිත්‍ය සේවය අඩාල වන්නට වූ බව සිතිය හැකිය. කෙසේ වූවද නව සාහිත්‍යාංගයන්ගෙ ප‍්‍රභවය සිදු වූ යුගයක් ලෙසද මහනුවර යුගය හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. භික්‍ෂූන් වහන්සේ නමක් අරමුණු කර ගනිමින් ගද්‍යයෙන් චරිතකතා රචනා කිරීමට ආරම්භ කිරීම මෙම යුගයෙහි බිහි වූ නව සාහිත්‍යාංගයන් අතුරෙන් එකක් ලෙස සැලකිය හැකිය.
සිංහල චරිතකතාකරණයෙහි ආරම්භය හා විකාශනය පිළිබ`දව අධ්‍යයනය කිරීමේදී ඉන්දියාව අමතක කළ නොහැකිය. හෙළ සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයෙහි සුපෝෂණය වෙනුවෙන් අනවරතයෙන්ම අසල්වැසි ඉන්දියාවේ ආභාසය බෙහෙවින්ම ලැබී ඇත. චරිතකතාකරණය සම්බන්ධයෙන්ද එය එසේම බලපාන්නට ඇති බව තත් සාහිත්‍යාංගය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සනාථ වන කාරණයකි. සංස්කෘත සාහිත්‍ය වංශකථාව තුළ දෘශ්‍යමාන වන අග‍්‍රගණ්‍ය කෘතිද්වයකි, රාමායණය සහ මහාභාරතය. තදුක්ත කෘතිද්වය වීරකාව්‍ය වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වේ. මහාභාරතයට කුරු-පාණ්ඩව යුද්ධය වස්තුවිෂය වී ඇති අතර පඤ්චපාණ්ඩවයෝ මෙහි වීර චරිතයෝ වෙති. ඔවුන්ගේ චරිත මහාභාරතය තුළදී උත්කර්ෂයෙන් වර්ණනාවට පාත‍්‍ර වේ. වීරකාව්‍යයන් අතර අනෙක් කෘතිය නම් රාමායණයයි. රාම-රාවණ යුද්ධය පදනම් කරගනිමින් රචිත මෙහි රාමගේ සහ රාවණෙගේ චරිතයන් වර්ණනාශ‍්‍රිත වේ. එපමණකුදු නොව සීතා, විභීෂණ, ලක්‍ෂ්මණ ආදීන්ගේ චරිතයන්ද රාමායණය තුළින් විශද වේ.
වීරකාව්‍යයන්ගේ පමණක් නොව, මහාකාව්‍යයන් තුළද චරිතකතා ලක්‍ෂණ බෙහෙවින් අන්තර්ගත වේ. සංස්කෘත මහකාව්‍ය රචනයෙහි සමාරම්භය සිදු වනුයේ මහාකවි අශ්වඝෝෂයන්ගෙනි. උන්වහන්සේගේ කෘතිවල සිටම මහාකාව්‍යයන්හි චරිතකතා ලක්‍ෂණ විද්‍යමානය. සංස්කෘත සාහිත්‍ය තුළ දක්නට ලැබෙන සර්ග 28කින් සමන්විත අශ්වඝෝෂාචාර්යයන් විසින් විරචිත බුද්ධචරිත මහාකාව්‍ය බුදුරජාණන් වහන්සේගේ චරිතාපදානය ඉදිරිපත් කරයි. එහෙත් ප‍්‍රස්තූත කෘතියෙහි දැනට විද්‍යමාන වනුයේ සර්ග 18ක් පමණි. කෘතියට යොදා ඇති සංඥා නාමයෙන්ම එය චරිත කතාවක් වන වග සනාථ වේ. එසේම උන්වහන්සේ විසින් බුද්ධචරිතය සමාශ‍්‍රිත කරගනිමින් සර්ග 18කින් සමුපලක්‍ෂිතව රචනා කරන ලද සෞන්දරනන්ද මහාකාව්‍ය ම`ගින් ඉදිරිපත් කෙරෙනුයේ ජනපද කළ්‍යාණිය හා නන්ද කුමරුගේ ජීවන චරිතයි. මෙම කෘති දෙකම පද්‍යයෙන් විරචිතය. රඝු පරපුරෙහි ඉතිහාසය අළලා රචනා කරන ලද රඝුවංශය වැනි මහාකාව්‍යයන් තුළද චරිතකතා ලක්‍ෂණ දෘශ්‍යමාන වේ. මේ අනුව අපට වෙසෙසින් පැහැදිලි වන කාරණයක් නම් මහාකාව්‍ය සාහිත්‍යයද චරිතකතා ලක්‍ෂණයන්ගෙන් අනූනව රචනා වී ඇති බවයි.
පසුකාලීනව සංස්කෘත සාහිත්‍ය තුළ ‘චරිත’ යන පදයද අන්තර්ගත කරමින් සාහිත්‍යාංගයක් වර්ධනය වෙමින් පැවතිණි. තත් කෘති සමුදාය ඓතිහාසික තොරතුරු අනාවරණයෙහිලා වැදගත් වන ඉතිහාස කෘති වන අතර ඒ තුළ චරිතකතා ලක්‍ෂණ අන්තර්ගතවීම අපගේ අවධානයට යොමු කළ යුතු වේ. ඉතිහාස කෘති නොවූ හුදෙක් චරිතකතා කෘතිද ඇත. සංස්කෘත සාහිත්‍ය තුළ දක්නට ලැබෙන දශකුමාර චරිතම් නම් කෘතිය ගද්‍යයෙන් රචනා කරන ලද එවැනි චරිත කතාවකි. මෙම කෘතියට යොදා ඇති නාමයෙන්ම උක්ත කාරණය සනාථ වේ. පූර්ව පීඨිකා හා උත්තර පීඨිකා යනුවෙන් කාණ්ඩද්වයකින් උපලක්‍ෂිත මෙහි කුමාරවරුන් දස දෙනෙකු පිළිබ`ද ඉදිරිපත් කෙරෙන චරිත කතාවකි. එසේම නල-දමයන්ති කතා පුවත වස්තුවිෂය කරගනිමින් විරචිත නෛෂධචරිතය සර්ග 22කිත් සමන්විත මහකවකි. ශ‍්‍රී හර්ෂයෝ මෙහි කතුවරයාණෝය. මෙහිදී නල කුරුන්ගේ චරිත නිරූපණය කතුවරයා විසින් මැනවින් සිදු කොට ඇත. එසේම හර්ෂ රජතුමාගේ චරිතය විශද කරමින් රචනා කරන ලද කෘතියකි, හර්ෂචරිතය. හර්ෂ රජුගේ චරිතය මේ ස`දහා පාදක කොටගෙන ඇත. මෙම කෘතිය ගද්‍යයෙන් කරන ලද චරිතකතාවකි. ක‍්‍රි.ව. 11වන සියවසේ පද්මගුප්තයන් විසින්ද සර්ග 18කින් සමලක්‍ෂිත වූ කවක් රචනා කොට ඇත. නවසාහසංකචරිතය නම් වූ තත් කෘතිය නවසාහසංග රජතුමාගේ චරිතකතාව ආශ‍්‍රයෙන් රචනා වී ඇත. මේ අනුව සලකා බලන කල්හි සංස්කෘත සාහිත්‍ය තුළ ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන්ද ඇතැම් විට ගද්‍යපද්‍ය මිශ‍්‍රවද චරිතකතා කෘති හෝ චරිතකතා ලක්‍ෂණ ඇතුළත් කෘති රාශියක් උද්භවනය වී ඇති බව තත් සාහිත්‍යාංගය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පළට වන කාරණයකි. පසුකාලීනව සිංහල සාහිත්‍ය තුළ රචනා කරන ලද චරිතකතා උදෙසා මෙම කෘතීන්ගෙන් ඉමහත් ආභාසයක් ලැබෙන්නට ඇත.
සංස්කෘත සාහිත්‍යයෙහි මෙන්ම පාලි සාහිත්‍යයෙහිද චරිත කතා ගණනාවක්ම අපට හමු වේ. පාලි සාහිත්‍ය තුළ සංස්කෘත සාහිත්‍යයට වඩා දියුණු ලෙස චරිතකතා ලක්‍ෂණ අන්තර්ගත වී ඇත. සංස්කෘත භාෂාවේ මෙන්ම ගද්‍ය හා පද්‍ය යන දෙඅංශයෙන්ම පාලි භාෂාව තුළ චරිත කතා රචනා වී තිබීමද විශේෂිතය. පාලි භාෂාවෙන් රචිත චරිත කතා කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කාරණයක් නම් එය බුදුරජාණන් වහන්සෙගේ ධරමාන කාලය දක්වා ඉතිහාසයකට උරුමකම් කියන බවයි. ඇතැම් අවස්ථාවන්හිදී බුදුරජාණන් වහන්සේම ස්වකීය චරිතාපදානය ඉදිරිපත් කළහ. මජ්ක්‍ධිම නිකායේ දක්නට ලැබෙන අරියපරියේසන සූත‍්‍රය ඒ ස`දහා උදාහරණ කොට දැක්විය හැකිය . සූත‍්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ග‍්‍රන්ථ පසළොස අතර ථේර ගාථා හා ථේරී ගාථා යනුවෙන් ග‍්‍රන්ථ දෙකක් දක්නට ලැබේ. උක්ත කෘතීන්ගෙන් බුද්ධශ‍්‍රාවකයන් වහන්සේලාගේ හා බුද්ධශ‍්‍රාවිකාවන්ගේ චරිතකතාව ඉදිරිපත් කෙරේ. ථේරගාථා හා ථේරීගාථා ඒ ඒ භික්‍ෂූන් හා භික්‍ෂුණීන් විසින්ම ඉදිරිපත් කර තිබීම තවත් වැදගත් කාරණයකි. විමානවස්තු හා පේ‍්‍රතවස්තු යන ග‍්‍රන්ථද්වයෙහිද මෙම ලක්‍ෂණ අන්තර්ගෘහිතව ඇත. පුණ්‍යක‍්‍රියා කොට දෙවිලොව ගිය පිරිසගේ ජීවිතකතාව විමාන වස්තුවෙන් ඉදිරිපත් කෙරෙන අතර, පාපක‍්‍රියා කොට අපායගාමී වූ පිරිසගේ ජීවිතකතාව පේ‍්‍රත වස්තුවෙන් ඉදිරිපත් කෙරේ. ඛුද්දක නිකායට අයත් ග‍්‍රන්ථ පසළොස අතර වන බුද්ධවංස නම් කෘතියද චරිතකතා ලක්‍ෂණයන්ගෙන් සපරිපූර්ණ කෘතියකි. ත‍්‍රිපිටකය තුළ අපදාන පාළි නමින් වෙනම ග‍්‍රන්ථයක් දැකිය හැකිය. මෙය සූත‍්‍ර පිටකයෙහි එන ඛුද්දක නිකායෙහි ග‍්‍රන්ථ පසළොසෙන් එකකි. ‘‘අපදාන’’ යන පෙළ වදනෙහි අර්ථය වනුයේ ‘චරිතය’ හෝ ‘චරිතකතාව’ යන්නයි. ඒ අනුව අපදාන පාළිය ම`ගින් ඉදිරිපත් වනුයේ චරිතකතා බව ශඞිකාවක් නැත. ථේරාපදානය හා ථේරී අපදානය වශයෙන් මෙය ද්විප‍්‍රභේද වේ.
පාලි සාහිත්‍ය තුළ බුද්ධ චරිතයට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි. එබැවින් බුදුරජාණන් වහන්සේ පිළිබ`ද චරිතකතා රාශියක්ම අපට හමු වේ. බොහෝ විට මෙවැනි කතා පද්‍යයෙන් රචනා වී තිබීම අපගේ අවධානයට යොමු විය යුත්තකි. උදාහරණයක් වශයෙන් ‘ජිනචරිතය’ නම් කෘතිය පෙන්වාදිය හැකිය. ‘‘ජිනචරිතය’’ යන්නෙන් බුද්ධචරිතය යන නම ගම්‍යමාන වේ. මෙහිදී බෝසත් සිරිත මෙන්ම බුදුසිරිතද ඉදිරිපත් කෙරේ.
ත‍්‍රිපිටකයේ එන දුරවබෝධ තැන් සුබෝධ කරගනු වස් රචිත ග‍්‍රන්ථ සමුදායකි, අට්ඨකතා. අට්ඨකතා මාර්ගයෙන් ත‍්‍රිපිටකයේ දුරවබෝධ තැන් සුබෝධ කිරීම උදෙසා ඇතැම් විට නිදාන ඉදිරිපත් කිරීමට සිදු විය. එහිදී ඒ ඒ සිද්ධීන්ට සම්බන්ධ චරිතයන්හි ලක්‍ෂණ ඉදිරිපත් කිරීමට කතුවරයාට සිදු විය. මේ අනුව චරිතකතා ලක්‍ෂණ රැුගත් ග‍්‍රන්ථ සමුදායක් ලෙස අට්ඨකතා සාහිත්‍ය හ`දුන්වා දීම සාවද්‍ය නොවේ. චරිතයක උත්පත්තියේ සිට මරණය දක්වා සියලූ තොරතුරු මෙම සාහිත්‍යාංගය තුළින් ඉදිරිපත් කෙරේ. ඇතැම් විට ආත්ම ගණනක විස්තරද මේවායින් ඉදිරිපත් කෙරේ. මේ අනුව බැලූ කල්හි අට්ඨකථා යනු චරිතකතාවන්හි සංවර්ධනීය අවස්ථාවක් බව පළට වන කාරණයකි.
යථොක්ත තොරතුරුවලට අනුව සිංහල චරිකතකාකරණයෙහි මූලබීජ පාලි හා සංස්කෘත යන මාතෘ භාෂාවන්ගෙන් අවශෝෂණය කරගෙන ඇති බව පෙනේ. ‘‘සිංහල චරිතකතා සාහිත්‍යයේ පරිණාමය හා විකාසනය හදාරන කල්හි අනුරාධපුර යුගයේ පටන් විසි වන සියවස දක්වා ම විහිද පැතිර පවත්නා සාහිත්‍ය වංශයක් සුවිශද ව පවතී. ගද්‍ය පද්‍ය දෙ අංශයෙහි ම එම ලක්‍ෂණය විද්‍යමානය,’’ යන උද්ධෘතයට අනුව සිංහල චරිතකතාකරණය දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන බව පැහැදිලි වේ. වංශකතා තුළද චරිතකතා ලක්‍ෂණ දැකිය හැකිය. මහාවංශය රචනා කරන මහනාම හිමියන් විසින් දුටුගැමුණු රජතුමා උත්කර්ෂයෙන් වර්ණනා කොට ඇත. වංශකතාවක් වුවද මෙම`ගින් දුටුගැමුණු රජතුමාගේ චරිතකතාව සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කෙරේ. එමතු නොව, දීපවංශය, ථූපවංශය, බෝධිවංශය ආදි වංශකතා ම`ගින්ද චරිතාපදාන ඉදිරිපත් කොට ඇති බව උක්ත කෘතීන් අධ්‍යයනය කිරීමෙන් පිළිබිඹු වේ. අනුරාධපුර යුගයේ මුල්කාලයේදී රචනා වූ මහාවංශය, දීපවංශය, ථූපවංශය වැනි වංශකතාවන්හිද විජය, පණ්ඩුකාභය, දුටුගැමුණු, එළාර ආදි රජවරුන්ගේ ජීවන තොරතුරු අන්තර්ගත වීමෙන් වංශකතා සාහිත්‍ය චරිතකතා ඉදිරිපත් කිරීමේ එක් අවස්ථාවක් වශයෙන් පෙන්වාදිය හැකිය.
සිංහල චරිතකතා සාහිත්‍යයේ අතීතය පිළිබඳ විමසීමේදී එහි මූලබීජ බෞද්ධ සාහිත්‍ය තුළින් මැනවින් නිරූපණය කොට තිබේ. බුදුදහමින් පෝෂණය වූ බෞද්ධ සමාජයෙහි ආරම්භයේ පටන්ම ග‍්‍රන්ථකරණය ස`දහා බුදුසිරිත ඇසුරු කර ගැනීමට උපදෙස් දීමෙන් තත් කාරණය සනාථ වේ. බුදුුරජාණන් වහන්සේගේ චරිතයේ ඇති ශ්‍රේෂ්ඨ ගුණාංග අන්තර්ගත කරමින් බුද්ධචරිතය ආශ‍්‍රයෙන් රචනා වූ ග‍්‍රන්‍ථ විශාල ප‍්‍රමාණයක් වර්තමානය වනවිට චරිතකතා සාහිත්‍යයට එකතු වී තිබේ. බුත්සරණ, අමාවතුර ආදි ග‍්‍රන්ථ බුදුසිරිතෙහි ඇතැම් ගුණ විශ්ලේෂණය කිරීම උදෙසා රචිත ධර්ම ග‍්‍රන්ථයන්ය. නවඅරහාදි බුදුගුණයන්ම විස්තර විවිරණය කරනු වස් බුත්සරණ රචනා වේ. එහෙත් නවඅරහාදි බුදුගුණයන් අතරින් ‘‘පුරිසදම්මසාරථී’’ සම්බුදු ගුණය පමණක් විස්තර විවරණය කිරීමේ පරමාභිලාෂයෙන් අමාවතුර රචනා වේ. මේවායෙහි බුදුදහම විවරණයට බ`දුන් වන අතර බුදුසිරිත හා බුදුසිරිත සම්බන්ධ ඇතැම් ප‍්‍රවෘත්තීන්ද ඉදිරිපත් කෙරේ.
එසේම, කුරුණෑගල යුගයේ රචනා වන ජාතක පොත් වහන්සේ තුළින් සිද්ධාර්ථ බෝධිසත්ත්වයන්ගේ දශ පාරමිතා පිරූ අයුරු විශද වේ. මෙහිදී ජාතක කතා හාරසිය හතළිස් හතක් (447* ඔස්සේ බෝධිසත්ත්වයන්ගේ පූර්ව අවධීන් නිරූපණය කොට ඇත. ජාතක පොත තුළ චරිතකතා රචනයෙහි සංවර්ධනීය අවස්ථාවක් නිරූපණය කිරයි. සෑම ජාතක කතාවකම පූර්වාපර සන්ධි ගැලපීමක් ඇති බැවින් ආත්මද්වයක චරිතකතා මෙහිදී අපට හමු වේ. ජාතක පොතට ප‍්‍රස්ථාවනාවක් ඉදිරිපත් කරන වත්තේවැවේ චන්දිම හිමියෝ ජාතකකතාව වූකලි බුද්ධවංශය හෙවත් බුදුන්ගේ ජීවිත කතාව යැයි පවසති.
‘‘අසරණ සරණ වූ සරණාගත වජ‍්‍රපඤ්ජර වූ කරුණා නිධාන වූ තුන්ලොවට නායක වූ සම්‍යක් සම්බුදු සව_ඥ රාජෝත්තමයාණන් වහන්සේට උත්තමාදර ඇතියෙන් භක්ති පේ‍්‍රමාතිභාරාවනනෝත්තමාංගයෙන් භය ලෝභ කුලාචාරාදීන් විනා සකසා වැ`ද අත්‍ථ_කථා නය ගෙන බුද්ධවංශය හෙවත් බුදුන්ගේ ජීවිත කථාව සිංහල භාෂාවෙන් රචනා කරන්නෙමි’’
මේ අනුව පැහැදිලි වන කාරණයක් නම් ජාතක පොත යනු බුදුරජාණන් වහන්සේගේ ජීවිත කතාව ඉදිරිපත් කරන චරිතාපදානයක් බවයි. චරිතකතා ලක්‍ෂණ සම්පූර්ණයෙන්ම මෙහි අන්තර්ගත කොට ඇති බව යථොක්ත උද්ධෘතය අනුව සනාථ වෙයි. මෙහිදී කතානායකයා ඥානවීර, දානවීර, යුද්ධවීර හා දයාවීර යන ලක්‍ෂණයන්ගෙන් සමුපලක්‍ෂිත කොට ඇති බව ප‍්‍රකටව පෙනෙන කාරණයකි. කුරුණෑගල යුගයෙහිම රචනා වන තවත් ග‍්‍රන්ථයකි, උම්මග්ග ජාතකය. බෝධිසත්ත්වයන්ගේ අසහාය ප‍්‍රඥා පාටවය ඉදිරිපත් කිරීම මෙහි මුඛ්‍ය අභිලාසය වේ. මෙහිදීද බෝධිසත්ත්වයන්ගේ ජීවන චරිතය ඉදිරිපත් කෙරේ. එබැවින් මෙය ජාතක කතාවක් වශයෙන් අගය කළ හැකි අතර බෝධිසත්ත්ව චරිතය ඉදිරිපත්වන බැවින් චරිතකතාවක් වශයෙන් සැලකීමද සාවද්‍ය නොවේ. මෙලෙස තොරතුරු විමර්ශනය කර බලන කල්හි බෞද්ධ සාහිත්‍ය හා වංශකතා සාහිත්‍ය තුළින් සිංහල චරිතකතා සාහිත්‍ය පෝෂණය වී ඇති අයුරු පැහැදිලි වේ. මේ අනුව ගද්‍යයෙන් චරිතකතා ඉදිරිපත් කිරීමේ ලක්‍ෂණය මහනුවර අවධියට පෙර ප‍්‍රචලිතව පැවති බව සිතිය හැකිය. එහි සංවර්ධනීය අවස්ථාවක් වශයෙන්ද කුරුණෑගල සමය හැ`දින්වීම යුක්තියුක්තය. එහෙත් තත් සාහිත්‍ය කෘතීන් චරිතකතා යන නාමයෙන් හ`දුන්වා නොතිබීම විශේෂත්වයකි.
චරිතකතා ලක්‍ෂණ පිළිබ`ද අවධානය යොමු කිරීමෙහිදී ගම්පොල අවධිය කිසිසේත් අමතක කළ නොහැකිය. මෙම යුගයෙහි වැඩ සිටි ද්විතීය ධර්මකීර්ති හිමියන් විසින් රචිත සද්ධර්මාලංකාරය බණකතා සාහිත්‍යයට අයත් වුවද ඒ තුළ චරිතකතා ලක්‍ෂණ අනූනව අඩංගු වී ඇත. බණකතා සාහිත්‍යංගයට අයත් වන සද්ධර්මරත්නාකරය කෝට්ටේ යුගයෙහි වැඩසිටි සිද්ධාර්ථ විමලකීර්ති ධම්මදින්න හිමියන් විසින් විරචිතය. මෙහිදීද ඒ ඒ සිද්ධීන්ට අදාළ වූ පුද්ගල චරිත විදහා දක්වයි. මේ අනුව සලකා බලන කල්හි පුරාතන සිටම හෙළ ගද්‍ය සාහිත්‍ය චරිතකතා හෝ චරිතාපදාන මතුකොට දැක්වීමට පෙළඹී ඇති බව විද්‍යමානිතය.
ගද්‍යයෙන් පමණක් නොව, පද්‍යයෙන්ද චරිත ලක්‍ෂණ ඉදිරිපත් කිරීම සිංහල පද්‍ය සාහිත්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් ප‍්‍රකටව පෙනෙන කාරණයකි. කව්සිළුමිණ, මුවදෙව්දාවත, සසදාවත ආදි සම්භාව්‍ය පද්‍ය කෘති ම`ගින්ද චරිතකතා ඉදිරිපත් කෙරේ. මෙම ග‍්‍රන්ථ ත‍්‍රිත්වයම බෝසතාණන් වහන්සේගේ පූර්ව අවධීන් තුනක් රැුගත් කතාවස්තු ත‍්‍රිත්වයකි. කව්සිළුමිණ ස`දහා කුස ජාතකයත්, මුවදෙව්දාවත ස`දහා මඛාදේව ජාතකයත්, සසදාවත ස`දහා සස ජාතකයත් පාදක කොට ගෙන ඇත. කව්සිළුමිණ කවෙහිදී එහි කතු පණ්ඩිත පැරකුම් නිරි`දුන් බෝසතුන්ගේ පූර්ව අවධිය නිරූපණය කරන්නේ මෙසේය.
‘‘රජ පැමිණි බෝසත්
සත්රජුනෙඩි මැඩැ විසී
විසී තමා කැරැු කලක්
කලක් දසරජදම්නෙන්’’
‘‘ළද පියන් පියවුරු
බිෙ`දව් මෙ දා දක්වා
පින් පියවුරු ම`ඩලෙව් පිළි
මෙහි විස්තර පානෙම්’’
රාජ්‍යයට පැමිණි බෝධිසත්ත්ව තෙමේ සත් රජුන්ගේ එඩිය මැඩ අග‍්‍රකාන්තාව තමාට වස`ග කොට වාසය කළේය. බාල ස්ත‍්‍රීන්ගේ පියවුරු බි`දු මෙන් මෙම ජාතකය කෙටියෙන් දක්වා නැවත මහත් පියවුරු ම`ඩල මෙන් විස්තර සහිතව කියන බව කතුවරයා පවසයි. මහාකාව්‍යයන්හි පමණක් නොව පසුකාලීනව රචිත සන්දේශ කෘතීන්හිද තත් ලක්‍ෂණය අඩු-වැඩි වශයෙන් අන්තර්ගත වී ඇත. සිංහල සාහිත්‍ය වංශකථාවෙහි නව පිටුවක් පෙරළු යුගයක් ලෙස හ`දුන්වාදිය හැකිය. එනම් එතෙක් සිංහල සාහිත්‍ය තුළ පැවති ගී විරිත සමතික‍්‍රමණය කරමින් සිව්පදය මතුව ඒමයි. මෙම යුගයේ රචිත මයූර හා තිසර සංදේශ රචනා වීමත් සම`ගම එතෙක් සිංහල සාහිත්‍ය තුළ දක්නට නොතිබූ සංදේශ සාහිත්‍යය ඇරඹුණා මෙන්ම සිව්පදයද ඇරඹිණි. එහෙත් සන්දේශ කාව්‍යයන්හි චරිතකතා ඉදිරිපත් කිරීමේ සංවර්ධනීය අවස්ථාවක් දැකිය නොහැකිය. නමුදු මතු දැක්වෙන උද්ධෘත ම`ගින් සන්දේශ කාව්‍යන්හිද චරිතාපදාන ඉදිරිපත් කිරීමේ යම් ප‍්‍රවණතාවක් තිබූ බව අවබෝධ කරගත හැකිය.
මයුර සන්දේශය
‘‘සබ`ද, ඒ පුරේශ්වර නරේශ්වරයාගේ කීර්ති ප‍්‍රතාප විශේෂ ශ‍්‍රවණයකර’’
‘‘සිරි සිතබා තර පොලඹා රැු`දි නිතර
රුපු ගජබා මුල් නොතබා ගත් කෙසර
ලක ඔලඹා සිරි සුලබා කළ මෙපුර
දින මහබා බුවනෙකබා රජ පවර’’
‘‘තවද, ඒ පුර ප‍්‍රවරයෙහි විරාජමාන වූ යුවරාජ පද ප‍්‍රාප්ත ධරණීීශ්වරයාගේ ප‍්‍රතාපය ශ‍්‍රවණය කර...’’
ගිරා සන්දේශය
‘‘තවද, මේ නිජභුජබල පරාක‍්‍රමාක‍්‍රාන්ත රිපුරාජ චක‍්‍ර වික‍්‍රම, ප‍්‍රශස්ත, භූමණ්ඩල චක‍්‍රවර්ති, ශ‍්‍රී පරාක‍්‍රමබාහු මහා රාජෝත්තමයාගේ සංග‍්‍රාම වික‍්‍රම ප‍්‍රතාප ප‍්‍රදාන කීර්ත්‍යාදි ගුෙණෙකදේශයක් ශ‍්‍රවණය කර...’’
හංස සන්දේශය
‘‘සතර දිගත යස හර ලම්බා පුරුදු
ළතර රුපුන් ජයගෙන පුම්බා විරුදු
නොහැර වෙත ම කර දෙරනම්බා සිරිදු
නිතොර වැජැඹි සිරි පැරකුම්බා නිරි`දු’’
‘‘තවද ආඛණ්ඩලා ඛණ්ඩ ගුණ ෂණ්ඩ මණ්ඩිත පණ්ඩිත ජන පුණ්ඩරීක මාර්තණ්ඩ මාර්තණ්ඩ කුලෝද්භූත, භූමණ්ඩලෙශ්වර පරාක‍්‍රම බාහු නරේන්ද්‍රයාගේ මෙ ද එක් වණ_නා භාෂණයෙක, එ ද තා කණ_ භූෂණය කර’’
උක්ත නිදර්ශන අනුව සන්දේශ කාව්‍යයන්හිද බුහුමන් චරිත වර්ණනා කිරීම උදෙසා අවකාස ලබා ගෙන ඇති බව පෙනේ. චරිතකතා ලක්‍ෂණ බෙහෙවින් අන්තර්ගත වන ග‍්‍රන්ථ විශේෂයක් ලෙස ප‍්‍රශස්ති සාහිත්‍ය පෙන්වාදිය හැකිය. ප‍්‍රශස්තියක් තුළින්ද කිසියම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ ධීරවීර ස්වභාවය ඉදිරිපත් කෙරේ. මෙහිදී රාජ්‍ය චරිත බෙහෙවින්ම යොදා ගනු ලැබේ. පැරකුම්බා සිරිත එසේ කෝට්ටේ රාජ්‍ය විචාළ සවන පැරකුම් නිරි`දුන්ගේ ගුණ වර්ණනය උදෙසා රචනා වන ප‍්‍රශස්තියකි. එහි චරිතකතා ලක්‍ෂණ නොඅඩුව විද්‍යමාන වේ.
‘‘පැහැ දිය රම්බා රැු`දි මන රම්බා
තුනු සිරි රම්බා පති පිළිබිම්බා
රුපු රජ රම්බා වන මත කුම්බා
දින පැරකුම්බා හිමි තෙවිකුම්බා’’
‘‘ලකැතුන් රට මුළු දඹදිව පිළිබ`ද
නිරි`දුන් බි`ගුකැන් ගුණ සුව`දින් සො`ද
අවුදින් ගෙැ යන රන්මිණි මුවර`ද
මෙරදුන් සරණත තඹරෙනි මනන`ද’’
ප‍්‍රශස්ති කාව්‍යයන්ගේ මතුනොව, හටන් කාව්‍ය සාහිත්‍ය තුළද චරිතකතා ලක්‍ෂණ අන්තර්ගතව ඇත. මහනුවර යුගයෙහි ප‍්‍රචුරව ව්‍යාප්ත වූ සාහිත්‍යාංගයක් ලෙස හටන් කාව්‍ය සාහිත්‍ය හ`දුන්වාදීම යුක්තියුක්ත වේ. සටන්වලදී ඒ ඒ රජවරුන් සහ සේනාධිපතියන් දැක්වූ ශක්‍යතාව මෙම සාහිත්‍ය තුළදී වර්ණනයට බ`දුන්ව ඇත. සටන්වලදී සටන්කාමීන් තුළ පැවති ධීරවීර ස්වභාවය හා සටන්හි බියකරු ස්වභාවය විශේෂයෙන් මෙහිදී ලේඛකයාගේ වර්ණනයට පාත‍්‍ර වේ. සටන් නායකයාගේ ස්වභාවය වර්ණනයේ ඒකදේශයක් වේ.
හෙළ පද්‍ය සාහිත්‍ය වංශකථාව තුළ චරිතකතා කාව්‍යාංග නමින්ද සාහිත්‍යාංගයක් දක්නට ලැබේ. චරිතකතා කාව්‍යංග යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් පුද්ගලයෙකුගේ චරිතය අළලා පද්‍යයෙන් රචනාවන කෘති විශේෂය සඳහාය. චරිකතකා ලක්‍ෂණ මුල්කාලීන පද්‍ය ග‍්‍රන්ථයන්හි අඩු-වැඩි වශයෙන් දක්නට ලැබුණද සම්පූර්ණ වශයෙන් පද්‍යයෙන් චරිතකතා රචනාවීම ආරම්භ වූයේ කෝට්ටේ යුගයේදීය. එහෙත් චරිතකතා පොළොන්නරු, දඹදෙණි, සාහිත්‍ය යුගවල සිට වර්ධනය වෙමින් පැවති සාහිත්‍යාංගයක් බව ප‍්‍රකටව පෙනෙන කාරණයකි. කෝට්ටේ යුගයේ රචනා වූ චරිතකතා කාව්‍ය වන්නේ ‘වයන්ති මාලයයි’. ඉන්පසුව මහනුවර යුගයේදී ‘ස`ගරාජ විත්තිය’, ‘සමනළ හෑල්ල’, ‘බොක්සැල් උපත’, ‘පත්තිනි හෑල්ල’ හා ‘අඹ විදමන’ නමින් තවත් චරිතකතා කිහිපයක් මෙම සාහිත්‍යයට එකතු වී තිබේ.
මෙසේ සලකා බලන කල්හි පැහැදිලි වන කාරණයක් නම් මහනුවර යුගයට පෙර රචිත ගද්‍ය පද්‍ය කෘතීන්හි චරිතකතා ලක්‍ෂණ අන්තර්ගතව ඇති බවයි. හුදෙක්ම එකී ලක්‍ෂණ සම්භාව්‍ය සාහිත්‍ය තුළින්ද පිළිබිඹු කොට ඇත. පාලි, සංස්කෘත ආදි මාතෘභාෂාවල බලපෑමද මේ ස`දහා ලැබෙන්නට ඇති බව තත් කාරණය පිළිබ`ද විමසීමෙන් ප‍්‍රකටව පෙනේ. එහෙත් භික්‍ෂූන් වහන්සේ නමකගේ චරිතාපදානය ඉදිරිපත් කරමින් ගද්‍යයෙන් චරිතකතා ලිවීමේ උච්චතම අවස්ථාවක් ලෙස මහනුවර සමය හැ`දින්වීම යුක්තියුක්ත වේ.
01.3.මහනුවර යුගයේ සාහිත්‍ය අනුප‍්‍රභේද හා චරිතකතා කෘති
සිංහල සාහිත්‍යයෙහි එක් ස්වර්ණමය කඩයිමක් පසුකිරීමෙන් මහනුවර සමය උදා වේ. ‘‘මෙකල සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ සිදුවන ප‍්‍රධාන ලක්‍ෂණ දෙකක් හ`දුනා ගත හැකිය. පළමුවැන්න සම්භාව්‍ය සාහිත්‍යයේ බි`ද වැටීමයි. දෙවැන්න ගැමි සාහිත්‍යයේ වර්ධනයයි’’. යථොක්ත උපුටනයට අනුව මහනුවර සාහිත්‍ය සමයෙහි ප‍්‍රධාන වෙනස්කම් දෙකක් ඇති බව පැහැදිලිය. එනම්, සම්භාව්‍ය සාහිත්‍යයෙහි බි`දවැටීම සහ ගැමි සාහිත්‍යයෙහි වර්ධනය යන කාරණද්වයයි. එහෙත් විභාවි විජයශ‍්‍රීවර්ධනයන්ට අනුව මහනුවර යුගයේ මුල් කාලයේ පැවති සාහිත්‍ය කෘති පූර්ව යුගයෙහි සම්භාව්‍ය සාහිත්‍ය නොනැසී පවත්වා ගැනීමේ අභිලාසයෙන් උත්සහයෙන් උදා කරගත් විදග්ධ සාහිත්‍ය ව්‍යවහාරයක් වේ. මෙම යුගයෙහිදී වෙනත් යුගයන්ට සාපේක්‍ෂව විශාල පිරිසක් සාහිත්‍යයෙහි අභ්‍යුදයට දායක වූහ. මේ නිසා විශාල ග‍්‍රන්ථ සමූහයක් සම්පාදනය විය. පුඤ්චිබණ්ඩාර සන්නස්ගලයන් පෙන්වා දෙන පරිදි මහනුවර යුගයේ සාහිත්‍යයෙහි විශේෂ වෙනස්කම් කිහිපයක් දෘශ්‍යමාන වේ. එනම්,
දෙමළ පොත් සිංහලයට පෙරළීම
ගැමි කාව්‍ය නැ`ග ඒම
විත්ති කඩඉම් පොත් බහුල වීම
සෙසු යුගයන්ට සාපේක්‍ෂව සාහිත්‍ය වශයෙන් සම්භාව්‍ය සාහිත්‍ය යුගයක් ලෙස මහනුවර යුගය පිළිබ`දව සාකච්ඡුා කළ නොහැකිය. මහනුවර සමය සාහිත්‍යයික වශයෙන් අ`දුරු යුගයක් යන කාරණය පවා ඇතැම් වියතුන් විසින් පිළිගෙන නැත. කෙසේවතුදු මෙම යුගයේදී සම්භාව්‍ය ගණයෙහිලා සැලකෙන එකදු කෘතියක් හෝ රචනා නොවීම නිසා සම්භාව්‍ය යුගයක් ලෙස නොසැලෙකකන බව සනාථ වන්නකි. එහෙත් සාහිත්‍ය යුගයක් වශයෙන් සැලකීමට සප‍්‍රමාණික වන පරිද්දෙන් සාකච්ඡුාවට බ`දුන් කළ හැකි ග‍්‍රන්ථ රාශියක් මහනුවර යුගයෙහි රචනා වූ බව අවිවාදිතය. විශේෂයෙන්ම සරණංකර සංඝරාජ හිමියන් සහ උන්හන්සේ විසින් ආරම්භ කරන ලද සිල්වත් සමාගම නිසාවෙන් මහනුවර සමයේ ග‍්‍රන්ථ රාශියක් නිර්මාණය වී ඇත. මෙම යුගයෙහි රචනා වන ග‍්‍රන්ථ කෝට්ටේ යුගයේ මෙන් සම්පූර්ණයෙන්ම පද්‍යයෙන් රචනා කරන ලද ග‍්‍රන්ථයෝ නොවෙති. එසේම, කුරුණෑගල, ගම්පොල සමයන්හි රචනා මෙන් සම්පූර්ණයෙන්ම ගද්‍යයෙන්ම කරනා ලද්දේද නොවේ. මහනුවර යුගයෙහි රචිත සාහිත්‍යය ප‍්‍රධාන වශයෙන් ගද්‍ය හා පද්‍ය වශයෙන් කොටස් දෙකකට විභේදනය කොට සැලකිය හැකිය. ගද්‍යය කෘති විෂය ක්‍ෂේත‍්‍ර අනුව කාණ්ඩත‍්‍රයකට බෙදේ.
බණදහම් පොත්
ඉතිහාසය හා පුරාවෘත්ත විත්ති පොත්, කඩයිම් පොත්, සෙල්ලිපි, සන්නස්, තුඩපත්, සීට්ටු, චූර්ණිකා ආදිය
චරිත කථා
වශයෙනි. සිංහල සාහිත්‍යයෙහි ආරම්භයේ පටන්ම බණදහම් පොත් රචනා වීම ප‍්‍රකටව පෙනේ. අමාවතුර, බුත්සරණ, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මරත්නාකරය, පූජාවලිය, ජාතක පොත් වහන්සේ, උම්මග්ග ජාතකය ආදී ග‍්‍රන්ථ උක්ත කාරණය සනාථ කිරීමට සමත් වේ. මෙලෙස පැමිණි බණදහම් සාහිත්‍ය පූර්ව අවධීන් මෙන් සම්භාව්‍ය නොවූවද, අවිච්ýන්නව පවත්වාගෙන යාම ස`දහා මෙසමයෙහි සිට වියතුන් කටයුතු කර ඇති බව මහනුවර සමයෙහි රචිත බණදහම් පොත් ආශ‍්‍රයෙන් අවබෝධ වේ. එහෙත් නිර්මාණ ශක්තියෙන් වියුක්ත වූ මෙකල ධර්ම ග‍්‍රන්ථ සම්භාව්‍ය ගද්‍ය සාහිත්‍යයෙහි අනුකරණයකි. මෙවක රචිත ඉතිහාස ග‍්‍රන්ථවල විශේෂත්වය වනුයේ වංශකතා මූලාශ‍්‍රවලින් ගිලිහී ගොස් ජනයා තුළ පැවති ප‍්‍රවාද කතා ඔස්සේ ඉතිහාසය සකස් කිරීමට කතුවරුන් ගත් උත්සහය මතයි. මෙලෙස මහනුවර යුගයෙහි ගද්‍ය සාහිත්‍යය කොටස් තුනකට බෙදා දැක්වුවද කහවත්තේ ජිනසිරි හිමියෝ එය කොටස් හයක් යටතේ සංග‍්‍රහ කොට දක්වති. එනම්,
ඉතිහාස හා පුරාවෘත්ත
චරිත කථා
බණ දහම් පොත්
කඩයිම් හා විත්ති පොත්
සන්නස්, සීට්ටු හා තුඩපත්
කතෝලික ගද්‍ය සාහිත්‍යය
යනාදී වශයෙනි . මෙම විභජනයන්ට හාත්පසින්ම වෙනස් වූ බෙදීම්ද ඇතැම් විද්වතුන් විසින් පෙන්වාදී ඇත . මහනුවර යුගයෙහි පද්‍ය සාහිත්‍ය පෘථූලව සංවර්ධනය වූ සාහිත්‍යාංගයකි. කෝට්ටේ යුගයෙහි සම්භාව්‍ය සම්ප‍්‍රදාය විසින් අත්පත් කරගෙන තිබූ පද්‍ය සම්ප‍්‍රදාය මහනුවර යුගය වන විට විවිධ විරිත් ඔස්සේ ගමන් කරමින් රිද්මයට මුල් තැනක් දෙමින් වර්ධනය විය. මෙම යුගයෙහිදී පද්‍ය කෙරෙහි විශේෂ වශයෙන්ම බලපා තිබෙනුයේ ගැමි ජන සාහිත්‍යයි. ඒ අනුව වර්ධනය වූ පද්‍ය සාහිත්‍ය විෂයානුබද්ධව කොටස් අටකට බෙදනු ලැබේ. එනම්,
විරිදු කවි, හටන් කවි
ජාතක කථා කවි
ශෘංගාර වැනුම් (රති, සීපද*
සෙ`දස් කව්
විවිධ විෂයයන් අරබයා ලිවූ කව් පන්ති
සිලෝ
ජන කව්
වෙනත් කව් (සැහැලි* උපදේශ කව්, මාල කව්
වශයෙනි . පද්‍ය කාව්‍ය රචනයෙහිදී කතුවරුන් අර්ථය පිළිබ`දව වැඩි අවධානයක් යොමු නොකළ බව මෙම යුගයෙහි පද්‍ය සාහිත්‍යය පිළිබ`දව අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන කාරණයකි, විරිදු තැනීම. මෙයද මේ යුගයෙහි ජනප‍්‍රියව පැවති කලාවකි. එමතුද නොව, ගී රචනා වීමද මහනුවර සමයෙහි ප‍්‍රලිතව පැවති කලාංගයකි. එය කෝවිල් හා රජ වාසල ආශ‍්‍රිතව සම්බන්ධ වූවකි. ශෘඞිගාරයට හා භක්තියට මහනුවර සමයෙහිදී ජනයා කෙතරම් ඇලූම් කළේද යන්න මේ තුළින් මනාව විශද වන කාරණයකි. මෙම කාල සමයෙහි පද්‍යයෙහි සිදු වූ තවත් විශේෂ ලක්‍ෂණයක් ලෙස පද්‍යයෙන් බුදුබණ කීමද සැලකිය හැකිය. මේ අනුව සලකා බලන කල්හි වස්තු විෂයෙහි විවිධත්වය මහනුවර යුගයෙහි පද්‍ය කෘතීන්ගෙන් මනාව අනාවරණය වේ.
මහනුවර යුගයේ සාහිත්‍ය සම්බන්ධයෙන් කෙරෙන කතිකාවතේදී උක්ත විභජනයන්ට වෙනස් වූ බෙදීමක් ටී.බී. කාන්ගහආරච්චි විසින් පෙන්වා දී ඇත. ඔහු ගද්‍ය හා පද්‍ය වශයෙන් නොබෙදා ඒ සියල්ල එකට ගෙන සලකයි. ඔහු පෙන්වා දෙන පරිදි මහනුවර සාහිත්‍ය
ධර්ම ග‍්‍රන්ථ ඉතිහාසය
ජාතක කථා කාව්‍යය සෙන්‍දශ
ද්‍රවිඩ කථා හටන්
දේව කථා ශෘඞිගාර රචනා
භූත කථා සන්න පොත්
චරිත කථා ශාන්ති කර්ම පොත්
උපදේශ කථා විත්ති පොත්
කඩයිම් පොත් කෝෂ ග‍්‍රන්ථ
වශයෙන් කාණ්ඩ සොළොසකට බෙදා දැක්වේ. මෙසේ සලකා බලන කල්හි මහනුවර යුගයෙහි චරිතකතා රචනා කිරීම වෙනම සාහිත්‍යාංගයක් වශයෙන් වැඩෙමින් පැවති බව මොනවට පළට වන කාරණයකි. මහනුවර යුගයෙහිදී ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන්ද චරිතකතා රචනා වී ඇත. මේ අනුව මහනුවර යුගයෙහි රචනා කරන ලද චරිතකතා කෘති වශයෙන්
ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව
මුංකොටුවේ අබේසිංහ රාල විසින් රචිත ස`ගරජවත
මුංකොටුවේ අබේසිංහ රාලගේ මොරතොටවත
කන්නෑපොල කිවි`දුන්ගේ ස`ගරාජවිත්තිය
ආදි කෘති සැලකිය හැකිය. ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද ‘සංඝරාජ සාධුචරියාව’ මෙම යුගයට අදාළ වූ ගද්‍යයෙන් රචිත චරිත කතාවකි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ ජීවන චරිතයත් එහි පසුබිම් සිද්ධිනුත් ඇතුළත් කොට රචනා වූ උක්ත කෘතියේ මූලික භාෂා ප‍්‍රස්තරය සමකාලීන කථා ව්‍යවහාරයට සාපේක්‍ෂ වූවකි.
මුංකොටුවේ අබේසිංහ රාල විසින් රචනා කරන ලද ‘ස`ගරජවත’ (ක‍්‍රි.ව. 1778-80* හා ‘මොරතොටවත’ (ක‍්‍රි.ව. 1797-98* යන ග‍්‍රන්ථද්වයද මහනුවර යුගයෙහි රචනා කරන ලද චරිතකතා ගණයට අන්තර්ගත කළ හැකි කෘතිද්වයකි. සරණංකර සංඝරාජ හිමියන්ගේ සුවිශේෂී වූ චරිතය ස`ගරජවත ස`දහා වස්තු විෂය සපයා ඇත. පද්‍ය 297කින් සමන්විත මෙම පද්‍ය කෘතිය සරණංකර සංඝරාජ හිමියන් අපවත් වීමෙන් පසුව උන්වහන්සේගේ ගුණයන් අගයනු වස් රචනා වූවකි. මොරතොට ධම්මක්ඛන්ධ මහනාහිමියන්ගේ ආරාධනයෙන් මෙම කෘතිය රචනා වී ඇති බව ග‍්‍රන්ථයෙහි දැක් වේ.
‘‘තුම්පනේ වැලිවිට
ගොවිකුල මුදලි කෙනෙකුට
දාව පිරිසුදු කොට
ඉපැද වැඩෙමින් කෙළින වයසට
දෙවියන් විසින් දෝ
පෙර පැතුම් බලයෙන් දෝ
ගිහි සැප කුමක් දෝ
කිතල සස්නේ පැවිදි වෙම් දෝ
මෙබ`දු සිත් ඉපදී
ලජ්ජී ස`ගුන් නො ලදී
සොළොස් වයසෙහි දී
පහන් මනසින් වෙලා පැවිදී
සරණංකර පොරණ
කියා සම්මුති කර ගෙන
පෙර බුදුන් නම් ගෙන
සසුන් නුබ පත් ස`ද සෙ වසමින’’
ස`ගරජවතෙහි එන පද්‍ය සැමට අවබෝධ කොටගත හැකි පරිදි සරල, මටසිලිටු භාෂාවෙන් රචිතය. රචකයා එක් විරිතකට පමණක් කොටු නොවී රචනා කර ඇති බැවින් මෙය කියවන පාඨකයාටද වෙහෙසක් නොදැනේ.
මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතකතාව අන්තර්ගත කොට රචනා කළ කෘතියක් නිසා ‘මොරතොටවත’ යනුවෙන් මෙම ග‍්‍රන්ථය නම් කර ඇත. මුංකොටුවේරාළ ධම්මක්ඛන්‍ධ නාහිමියන් කෙරෙහි තිබූ ගෞරවය හේතුවෙන් උන්වහන්සේගේ චරිතයේ විශේෂ අවස්ථා හා සිද්ධි අන්තර්ගත කරමින් මෙම කෘතිය රචනා කර තිබේ. ධම්මක්ඛන්‍ධාපදානය හෙවත් ධම්මක්ඛන්‍ධ මහානාහිමියන්ගේ චරිතය කෙබඳුද යන්න පිළිබඳ වැදගත් තොරතුරු මෙම`ගින් සොයාගත හැකිය. මොරතොටවත විරි`දු කාව්‍ය ස්වරූපයෙන් රචනා වූවකි. සමහරු මෙම කෘතිය ප‍්‍රශස්ති ගණයෙහිලාද සලකති. උසස් චරිතයකින් සමුපලක්‍ෂිත වූ මොරතොට ධම්මක්ඛන්ධ මහතෙරුන්ගේ කුල පරම්පරාව, පැවිදිවීම, උපසම්පදාව, අධ්‍යාපනය, ධර්ම කථිකත්වය, අනුනායක පදවි ප‍්‍රාප්තිය හා මහනායක පදවි ප‍්‍රාප්තිය මෙන්ම උන්වහන්සේ ආගමික හා අධ්‍යාපනික වශයෙන් සිදු කරන ලද අනූපම සේවාවන් මේ කෘතියට අන්තර්ගත වී ඇත.
‘‘මහතෙරි`දු මොරතොට
වැඩ කරපු සීත්තරුනට
බොහෝ දේ වැය කොට
නෙත් ලබා සැම කරුම නිම කොට
වැඩ කෙරුවන් සැලව
දම්ක`ද තෙරි`දු පරලව
නම මුත් ලොව සැලව
මොකට පත් වේ සසර නො සලව’’
වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ උසස් චරිතය විශද කරනු වස් රචිත තවත් ග‍්‍රන්ථයකි, කන්නෑපොල කිවි`දුන්ගේ ‘ස`ගරාජවිත්තිය.’ ක‍්‍රි.ව. 1778දී රචනා වන මෙම කෘතිය පද්‍ය 147කින් සමන්විත වේ. ස`ගරජවතෙහි තරම් හෝ සංඝරාජ සාධුචරියාවෙහි තරම් කරුණු මෙහි නොදැක්වේ.
ආයිත්තාලියද්දේ මුහන්දිරම් විසින් රචනා කරන ලද සංඝරාජ සාධුචරියාව මහනුවර යුගයෙහි ගද්‍යයෙන් කරන ලද විශිෂ්ටම චරිතකතාව වේ. ගද්‍යයෙන් රචිත මුල්ම චරිතකතාවද වන මෙම කෘතියෙහි පරමාධ්‍යාශය වී ඇත්තේ වැලිවිට සරණංකර සංඝරාජ මාහිමියන්ගේ චරිතාපදානය පාඨකයා හමුවේ ඉදිරිපත් කිරීමටය.
‘‘...බෝධිසත්වාවතාර ගුණ විශේෂ මහිම ඇති සංඝරාජ ධුරන්ධර ප‍්‍රාප්ත සදාරණ්‍යාභිරත උපෞෂථාරාමවාසී සරණංකරාභිධාන මහාස්ථවිර ස්වාමිපාදයන්ගේ උත්පත්තිය සහිත ප‍්‍රවෘජ්ජාභාවාදි කථන ප‍්‍රකාරයෙන් ශිෂ්‍යගණාභිවෘද්ධි වර්ධනයෙන් ශාසනාභිවෘද්ධියෙහි නියුක්ත ක‍්‍රම ප‍්‍රකාශ කිරීම් වශයෙන් සාධු ජන මනෝනන්දනීය වූ සංඝරාජෝත්තම සාධුචරියාව නම් කථා ප‍්‍රබන්ධයක්....’’
ආදි වශයෙන් කතුවරයා ස්වකීය ග‍්‍රන්ථය රචනා කිරීමේ අභිලාසයන් දක්වා ඇත. ඒ අනුව,
සරණංකර හිමියන්ගේ ළමා කාලය
ආගමික ශාස්ත‍්‍රීය පුනරුත්ථාපන වැඩ පිළිවෙළ
උපසම්පදාව පිහිටුව
සරණංකර හිමියන්ගේ ශිෂ්‍ය පරම්පරාවෙන් සිදු වූ සේවාව
සරණංකර හිමියන්ගේ නිධන ප‍්‍රාප්තිය සහ ආදාහන කෘත්‍යය
ආදි සරණංකර හිමියන්ගේ ජීවන චරිතය හා සම්බන්ධ සියලූ කරුණු මෙම කෘතියෙහිදී මැනවින් ඉදිරිපත් කෙරේ.
යථෝක්ත කරුණු දෙස නැවත අවධානයෙන් බැලූ කල්හි විශද වන කාරණයක් නම් මහනුවර සමය සම්භාව්‍ය සාහිත්‍ය යුගයක් වශයෙන් විද්වත් සම්භාවනාවට පාත‍්‍ර නොවූවද සෙසු යුගයන් මෙන්ම සාහිත්‍යයේ සාහිත්‍ය යුගයක් වශයෙන් සැලකිය හැකි සර්ව ගුණයන්ගෙන් සපරිපූර්ණ බවයි. ගද්‍යයෙන් චරිතකතා රචනා වීම ම`ගින් සිංහල සාහිත්‍යයෙහි එතෙක් අඩුවක්ව පැවති ඒකදේශයක් සම්පූර්ණ කරමින් හෙළ සාහිත්‍ය වංශකථාවට නවමං විවර කළ යුගයක් වශයෙන්ද මෙසමය හැ`දින්වීම යුක්තියුක්ත වේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment