Thursday, December 12, 2013
ක‍්‍රිස්තියානි ආගම හා සාහිත්‍යයෙහි මුල්කාලීන තොරතුරු
ක‍්‍රිස්තියානි ආගම හා සාහිත්‍යයෙහි මුල්කාලීන තොරතුරු
ලක්දිව රාජ්‍ය ධුරාවලිය ගත් කළ කතෝලික ආගම හා එකී සාහිත්‍යය මෙරට ස්ථාපිත වන්නේ කෝටිෙටි යුගයෙන් පසුවය. ඒ පෘතුගීසින්ගේ පැමිණිමත් සම`ග ඔවුන් තම ආගමද ව්‍යාප්ත කළ නිසාය.එහිදී විදේශිය ආධිපත්‍යය රට නතුවීම නිසාවෙන් කතෝලික සාහිත්‍යයක් පිළිබඳවද කතාකළ හැකිය.පෘතුගීසිහු ආගමික මිලේචිචයන් ලෙස ක‍්‍රියාකළ නිසා ඔව්හු ආගම යුක්තිය සඳහානොව අයුක්තිය සඳහාද පරලොව සඳහා නොව මෙලොව සඳහාද භාවිතා කළහ.එම හේතුව නිසාවෙන් ඔවුහු උග‍්‍ර ආගමික මතධාරීහු වූහ.ක‍්‍රි.ව.16 වන සියවසෙහි පෘතුගීසිහු මෙරට ජනයාට කතෝලික දහම බලෙන් ඇදහීමට ඉඩසැලැස් වූහ. රෙටි රජුගේ පටන් සාමන්‍ය මහජනයා දක්වා එකී වංචා සහගත පිළිවෙත අනුගමනය කළහ.කතෝලික පියවරු මෙම කාර්ය සඳහා දැඩි වෙහෙසක් ගත්හ.ෙමි සඳහා කතෝලික පාසල් ආරමිභකළ අතර පියවරු ඒවායේ අධිපත්‍යය දරමින් ක‍්‍රිස්තු ධර්මය ව්‍යාප්ත කළේය.තවත් අවස්ථාවක පල්ලියෙහිම මීසමක් තනා එකී කාර්ය සිදු කරඇත. කතෝලික දහම සමිබන්ධව මුල්යුගයේ එතරමි සාහිත්‍ය කෘතීන් දක්නට නොලැබුනත් යමි පමණකින් එහි වර්ධනයක් පැවතිබව පෙනේ.ධර්මදානය සඳහා එතරමි දුරට සාහිත්‍ය සේවාවක යෙදුන කිසිවකු එමයුගයේ හමුවන්නේ නැත. කෙසේ හෝ එවකට කතෝලික දහම ආශ‍්‍රයෙන් ලියැවුණු ග‍්‍රන්ථ කිහිපයක තොරතුරු අපට හමුෙවි.
1 ක‍්‍රි.ව. 1545 දී ශාන්ත පාවුලූ නිකායේ පියවරු ක‍්‍රිස්තුධර්මය අඩංගු කරුණු ඇතුලත් උපදේශ පොතක් රචනා කරිම.
2ක‍්‍රි.ව. 1610 දී මල්වානේ පියනමක් කථොපකතනයක් හා යාඥා ඇතුලත් කුඩා පොත් කිහිපයක් රචනාකිරීම.
3 එමිමානුවෙල්ද කොස්තා මහතා ලියනලද ‘‘සිංහල භාෂා ශාස්ත‍්‍රය’’ නමි වූ වියරණ ග‍්‍රන්ථය.
4ක‍්‍රි.ව. 1645 දී පියෝරෙබිගැන් පියතුමා විසින් කාණ්ඩතුනකින් යුත් ‘‘දෙවියන් වහන්සේගේ උතුමි මහිමය සඳහාය’’ යන ග‍්‍රන්ථය ලිවීම.
ඉහත ආකාරයේ සාහිත්‍ය කෘති පිළිබඳව දැනගන්නට හැකිවුවත් ප‍්‍රකට සාහිත්‍ය ව්‍යපාරයක් එකල පැවතුනායැයි කිවනොහැකිය.ෙමි වනතුරුත් ජාකෝමි ගොන්සාල්ෙවිස් පියතුමා මෙරටට පැමිණ සිටියේ නැත.එබැවින් ප‍්‍රකටව එම යුගයේ සාහිත්‍ය ව්‍යපාරයේ යෙදුණු කිසිවෙකුත් අපට හඳුනා ගැනීමට නොහැකිය.තවදුරටත් කිතුදහම සමිබන්ධව ලියන ලද සටන් කාව්‍යයක්ද දැකිය හැකිය. ඒ කුස්තන්තීනු හටනය. එමයුගයේ විසූ කුස්තන්තීනුදසා කළ යුද්ධ ව්‍යාපාරය සමිබන්දව විස්තර කරමින ලියා ඇත.එම යුගයේ විසූ උගතකුවන අලගියවන්න මුකවැටිතුමන් විසින් ලියන ලදැයි විස්වාස කෙරේ.මෙතෙක් පැවති සමිභාව්‍ය පද්‍යකෘතියකින් සිදුකළ තෙරුවනට නමස්කාර කිරීම ඉවතාලා ක‍්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීමක් එහි දැක්ක හැකිය.
’‘සවිලෙවි සත මුදුන්
සිය සිරිපා කමළදුන්
මෙත් ගුණ පිරි නදුන්
වඳිමි යෙසුස් ක‍්‍රිස්තු සුරිඳුන්’’’
කෙසේ හෝ කතෝලික දහම යමි ආකාරයකින් සාහිත්‍යයට නැගුණුබව මෙම යුගයේද දත හැකිය.මෙසේ පැවති ක‍්‍රිස්තියානි ආගමට දැඩි පහරවැදීමක් හා අභියෝගයක් වනුයේ ලන්දේසින් පැමිණිමත් ඔවුන් තම දහමවූ රෙපරමාදු ආගම ප‍්‍රචලිත කරීමත් නිසාය.පෘතුගීසින්ගේ දැඩි පීඩාකාරී ආගමික පිළිවෙත නිසාවෙන් කළකිරුනු ජනයා නව ආගම පිළිගත්හ.ඇති වෙමින්ආ ක‍්‍රිස්තියානි ප‍්‍රබොධය නැවත අතුරුදහන් විය.ලන්දේසීන් ද පෘතුගීසින් මෙන් දැඩි ආගමික මතධාරීන් වූ නිසා ඔවිහුද ෙවිගයෙන් රෙපරමාදු දහම ලක්දිව ව්‍යාප්ත කිරීමට කටයුතු කළහ.ලන්දේසීන්ගේ ආගමික ව්‍යාපාරයේ ප‍්‍රධාන ධර්ම¥තවරුන් වූ ‘‘සීමෝන්කාටි හා යොහාන්ස් රුවල් ’’යන දේවගැතිවරුන් දැඩි මෙහෙයක් ආගම ප‍්‍රචලිත කරීමසඳහා ගත්හ.ඔවින් විසින් ‘‘අපෝස්තලූවරුන්ගේ ක‍්‍රියාපොත’’1771 දී රචනා කරණ ලදී.තවද ලන්දේසි ජාතික රුවල් නැමැත්තා ‘‘සිංහල භාෂාෙවි ව්‍යාකරණය ’’ නමින් වියරණ ග‍්‍රන්ථයක්ද ලියා ඇත.මෙම කෘතීන්ට අමතරව ලන්දේසි සමයේ ලියැවුනැයි සැලකිය හැකි සාහිත්‍ය කෘතින් කිහිපයකි ෙමි.
1 ක‍්‍රි.ව 1691 දී ජේ.ඩි.වෝටි සහ ඒ.ද.මෙයි පෘතුගීසි –සිංහල හා සිංහල ඔිලන්දයන
වචනමාලා සකස්කිරීම.
2සංහල රාජාවලියද ක‍්‍රිස්තු දහමට අනුගතව ලියාඇතැයි සැලකේ.
3පිලීප්මල්දෙවුස් විසින් ධර්මෝපදේශ පොත් ලෙසින් බයිබලය,යාඥාව,දශපනත
ආදි කෘතින් රචනාකිරීම.
4ක‍්‍රි.ව 1737 දී ලන්දේසි යාඥා අඩංගු ‘‘විශ්වාස ප‍්‍රකාශනය’’ රවනාවීම.
5 ක‍්‍රි.ව1755 දී නව ප‍්‍රෙවිශයකින් ගීතිකා ඇතුළත් පොත්පත් රචනා වීම.
මෙසේ ලන්දේසින්ගේ පාලන යුගයේදී ද යමි ආකාරයක කතෝලික සාහිත්‍යයක් බිහි වු බව කිවහැකිය.ක‍්‍රිස්තියානි සාහිත්‍යය ලන්දේසින් නිසා අභාවයට ගියමුත් කතෝලික සාහිත්‍ය කෘති එකලද ලියන ලදබව පෙනේ.කෙසේ වෙතත් ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා මෙකී අවස්ථාෙවිදී සිංහල ක‍්‍රිස්තියානි සාහිත්‍යය සඳහා පුරෝගාමීයකු ලෙසින් අපට හමුෙවි.වැටී තිබුණු කිතුනු සසුන නැවත ගොඩනැගීම සඳහා ඔහුගේ මෙහෙය හා කැපවීම සිදුවනුයේ් ෙමි අවස්ථාෙවිදීය.මෙරට විසූ ජුසේවාස් පියතුමාගේ ආගමික කටයුතුවලට සහය වීම සඳහා ඔහුගේ පැමිණිම සිදුවයි.ජුසේවාස් පියතුමන් ලියනලද පොත්පත් පවා සිංහල බසට නැගීමට මෙතුමා තුල පැවති භාෂාහැකියාව හා උගත්කම නිසා හැකිවිය.ක‍්‍රිස්තියානි ඒ නිසාවෙන් කිතුදහම දහම සිංහල ජනයාට කියවා අවබෝධ කරගැනීමට හැකිවිය.අනතුරුව ජා,ගොන්සාල්ෙවිස් පියතුමා තම සාහිත්‍යය කටයුතු සිදුකරයි.හුදෙක් ඔහු ඉන් බලාපොරොත්තු වූයේ තමදහම සඳහා ජනයා ඇදගැනීමටත්,බෞද්ධ හා රෙපරමාදු ආගමිවලට පහරගැසීමටත්බව කිවහැකිය. මෙම සමාජ තත්වය හා එතෙක් පැවති ආගමික තත්වය එයට හේතු වුනායැයි කිව හැකිය.ප‍්‍රථමයෙන් තමාගේ ධර්ම¥ත ව්‍යාපාරය ගමි නියමි ගමිවලට ගොස් සිදුකළ අතර පසුව උගුරේ ඇතිවූ ආබධයක් නිසාවෙන් එකී ධර්ම උපදේශන සේවාව නැවතීමට සිදුෙවි.නමුදු එයින් නොනැවති සාහිත්‍ය ලිවීම මාර්ගයෙන් එකී කාර්්‍යය ඉටුකරයි.කෙසේ හෝ මෙතෙක් විමසු කාරණාදියට අනුව ජා,ගොන්සාල්ෙවිස් පියතුමා ක‍්‍රිස්තියානි සාහිත්‍යයක ආරමිභය සිනිටුහන් කිරීමෙහිලා පුරෝගාමීයකු වන්නේ උක්ත ආගමික අවශ්‍යතාව මත සිදුකළ අපරිමිත සේවාව නිසාවෙන් බව කිවහැකිය.
ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා
ලක්දිව විදේශීය ආධිපත්‍යයට නතු වීමත් සමගින් එකී ජාතීන්සතු සිරිත් විරිත් හාආගමද ව්‍යාප්තියට පත්විය.එහිදී ආගම සමිබන්දව කටයුතු කරනුයේ ආගමික නායකයන්ය.එවන් ක‍්‍රිස්තියානි ආගමත් එකී සාහිත්‍යයත් ප‍්‍රචලිත කරීමෙහිලා අවැසි පොහෝනා ශක්තිය ලබාදුන් පියතුමෙකු ලෙසින් ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා හඳුනා ගතහැකිය.මෙරට පැවති බුදුදහම නිසා අන්‍ය ආගමි ප‍්‍රචාරය කිරිම දැඩිසේ අපහසු කාර්යයක් විය.එකී කාර්යය පෘතුගීසිහු රාජ්‍ය බලය යොදාගෙන සිදුකළහ.නමුදු සාමකාමී ආගමික පිළිවෙතක් ගෙනගිය කතෝලික පියතුමෙකු ලෙසින් අපට ජා,ගොන්සාල්ෙවිස් පියතුමා අගය කළ හැකිය.එතුමෝ ආගමික දිවිපෙවෙතෙහි හරපද්ධතිය සදාචාරවත් දිවිපෙවෙතක් උදෙසා නිදහස්කාමීව ජනයාට විඳීමට අවස්ථාව සලසාදුන් කෙනෙකි.විදේශිකයෙකු වුවද මෙරටටවිත් ස්වදේශීය අදහස් හා හැගීමි ආදියත් පුබුදු කරමින් ස්වකීය සාහිත්‍ය මෙහෙය සිදුකළේය.ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා උපන්නේ ක‍්‍රි.ව 1676 ජුනි 8 වෙනිදාය.කොනක්කි බ‍්‍රාහ්මණ වංශයට අයත්වූ මෙතුමා ගෝෙවි දෙවි මැදුරේදීම බෞතිස්ම ලබාගත්තේය.වැඩිදුර අධ්‍යාපනය ගෝෙවි සමශාස්ත‍්‍ර ශාලාව,ජේසුනිකායික ශාන්ත පාවුලූ විද්‍යායතනය,ද්‍රෙමෙනිකා ශාන්ත තෝමස්, ඇක්වයිනාස් යන ආයතන මාර්ගයෙන් ලබා ඇත.ක‍්‍රි.ව 1696 දී ශාස්ත‍්‍රෙවිදී උපාධිය ලබාගත් මෙතුමා ක‍්‍රි.ව1700දී ඔරතෝනියානු පැවිදි නිකායට ඇතුලූවී පූජක පදවිය ලබාගෙන ඇත. තමාගේ දැනුම තම කිතුනු දිවියෙහි බැබලීමට හා සේවාව සඳහා ඉවහල්වන බවදැන අධ්‍යාපනය ඉතා ඉහලින් හදෑරීය.එහි ප‍්‍රතිඵලයක් වසයෙන් එතුමාට ගෝෙවි විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පදවියක් හිමි වූ අතර එයද අතහැර පසුව මෙතුමෝ තම ශාසනික සේවාව උදෙසා මෙරටට පැමිණෙයි.ඒ ක‍්‍රි.ව 1705දී ජෝසොප්ද ජේසු මරියා,මනුවෙල්ද මි?න්ඩා,හා මිගෙල්ද මෙල්ලා යන තවත් පියතුමන්ලා හතරදෙනකු සමගින්ය. එයින් ඊට ප‍්‍රථමයෙන් ආ ජුසේවාස් පියතුමාගේ අනුගාමිකයෙකු වසයෙන් දැඩි මෙහෙයක් සිදුකිරීමට මෙතුමන්ට සිදුවෙයි.එහිදී ජුසේවාස් පියතුමන් ලියන ලද උපදේශ,ප‍්‍රාර්ථනා,පාදනමස්කාර,ජපමාලා,අභිරහස් ආදී සාහිත්‍ය කෘතීන් ගණනාවක් සිංහල බසින් මෙතුමා ලිවීය.ඒ සඳහා කවිමල නමි ගමින් ආ ලිපිකරුවන් දොළොස් දෙකනු ලවා ඒවා ලියාතැබීමට ක‍්‍රියාකළේය. අනතුරුව ලක්දිව නොයෙක් තැන්වලට ගොස් දේශනා මාර්ගයෙන් කිතුනු දහම ජනයාට කියාදුන්නේය.නමුදු හදිසියේ මුඛයේ ඇතිවූ ආබාධයක් නිසාවෙන් එකී කටයුතු වැඩිදුර කිරීමට නොහැකිවය.එනමුදු ඉන් අධෛර්යමත් නොවි තමාගේ දැනුමින් සාහිත්‍ය කරණයට බටුයේය.කතෝලික දහම දන්නා හා නොදන්නා ජනයාට ඉතාපහසුවෙන් කිතුනුදහම කියාදීමෙහි ලා විවිධ භාෂාවන්ගෙන් කෘති ගණනාවක් රචනා කළේය.‘‘සිංහල පොත් 22ක් ද,ද්‍රවිඩ පොත් 15ක් ද,පෘතුගීසි පොත්04ක් ද,ලන්දේසි පොත්42ක් ද යනාදි වසයෙන් දැක්විය හැකිය’’. එබැවින් කතෝලික සාහිත්‍යයක වැඩි පොත් සංඛ්‍යාවකක් ලියූ නිසාද මෙතුමා විෂේසිත වන්නේය.මෙසේ ඉමහත් සාහිත්‍ය සේවාවක් කිරීමට හැකිවූයේ් අන්‍ය ආගමික සහජීවනය නිසාබව මෙතුමාගේම ප‍්‍රකාශයකින් පැහැදිළි වන්නේය.එසේම තමාට නියමිත වු කටයුත්ත නියමාකාරනේ ඉටුකළ බවද ඉන්පැවසේ. .‘‘මා ෙමි ගුරු වසමට පැමිණි කාලයේදි සිංහලෙන් තිබුනේ ‘‘කුරුසේ ලකුනත්’’’ස්වාමින් වහන්සේගේ යාඥාවත් පමනි’’ඒවාද නිසිපරිදි ලියාතිබුනා නොවෙවි.එබැවින් අප ප‍්‍රතම ධර්ම දුතයානෝ එනමි ජුසේ වාස් පියතුමෝ යාඤාලිවීමට මට අනකළහ.භාෂාව හරි හැටියකට නොදැන එවැන්නකට අතගැසුවොත් වරින් වර වැරදි හරිගස්සන්නට වන නිසා ඒ කාර්යය භාර ගැනීමට මැලිවූයෙමි.තවද සිංහල භාෂාව ගැන තියුනු දැනුමක් තිබුනු ගිහියෝ අප අතර නොසිටියෝය. එබැවින් බෞද්ධ භික්ෂුන්ගේ ගුරු හරුකම් ලබාගන්නට වාස් පියාණෝ මට අවසර දුන්හ.ඉන් පසු භික්ෂුන් වහන්දෑ සමග මිත‍්‍රවී වචන රාසියක අර්ථ ඉගෙන පොත්පත් පිළිබඳ තොරතුරු දැනගෙන එතුමාගේ අටුවා නිගණ්ඩු යනාදිය කියවා බැලූවෙම්. ඉන්පසු යාඥා,ප‍්‍රාර්ථනා ,උපදේශ,මෙම දිවයිනේ සමයම් සතර වාද පොත් ලීවෙමි.එසේ කළේ මා නොව දෙවියන් වහන්සේය.ධර්මොද්්‍යානය, ප‍්‍රතිහාර්යාවලිය, පුාණය ,සුචිශේසය, ආදි පොත් කාන්ඩ පසළොසක්ද පද්‍ය ග‍්‍රන්ථද වුවමනා අනිත් පොත්ද රචනා කළෙමි. ෙමිවා හේතු කොටගෙන සිංහල ජනයාගේ සිත් හැරීමට පටන්ගෙන දැන් විසාල පිරිසක් වී ඇත.දෙවියන් වහන්සේ තම වරප‍්‍රසාදය බලයෙන් ඔවුන් රක්ෂා කරන සේක.’’ උක්ත ප‍්‍රකාශනය දෙස විමසා බලන කල අපට පෙනී යන්නේ මෙතුමාගේ සේවාව ඉතා දැඩි දුෂ්කරතා මධ්‍යයේ ගෙන ගිය බවය.ක‍්‍රි.ව 1705 දී තලෙයිමන්නාරමට ගොස් ඉන්පසුව ක‍්‍රි.ව 1706 දී පුත්තලමද ඉන්පසුව මන්නාරම , මඩකලපුව, කොඩිඩියාරම ආදි ස්ථානයන්ගේ සැරි සරමින් ඉතා දුෂ්කර සේවාවක් සිදුකළහ.ක‍්‍රි.ව 1724 දී මෙතුමා ලක් කිතු සසුනේ ප‍්‍රධානියා දක්වාම පැමිණි ගමනේදී අපට එතුමාගේ කිතුනු සසුන වෙනුවෙන් සිදුකළ මෙහෙවර කිසිදාක අමතක කළ නොහැකිය.එබැවින් සිංහල ක‍්‍රිස්තියානි සසුනේද,සාහිත්‍යයේද ප‍්‍රගමනය උදේසා පුරෝගාමී මෙහෙවරක් සිදුකළ මෙතුමෝ ක‍්‍රි.ව 1742 දී ස්වර්ගස්ථ විය.
ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමාගේ සාහිත්‍ය කෘති
විදේශිකයෙකු වුවද මෙරට තම ආගම වෙනුවෙන් දැඩි මෙහවෙරක් සිදු කළ පියතුමෙකු ලෙසින් ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා අප හඳුනා ගත්තෙමු.එයටත් වඩා මෙතුමාගේ වැදගත්ම සේවාව ක‍්‍රිස්තියානි සාහිත්‍ය වංශයක පුරෝගාමී මෙහෙවරක් සිදුකළ නිසාය. එතෙක් පැවති කිතුනු සාහිත්‍යයක අඩුව පුරවාලමින් දැඩි මෙහෙවරක් සිදුකිරීමෙහිලා කැපවුණු වියතෙකු බැවින් සිංහල ක‍්‍රිස්තියානි සාහිත්‍ය වංශයේ පුරෝගාමියා ලෙසින්ද සලකනු ලැෙබි.ප‍්‍රථමයෙන් සිංහල කිතුනු ග‍්‍රන්ථයක් ලිවීෙමි ගෞරවයද මෙතුමාට හමිෙවි. විවිධ භාෂා පිළිබඳ ඇති පටුත්වයත් ,ආගමික දැනුමත් ,නිර්මාණශීලි කවි හැකියාවත් ඇති බැවින් ස්වකීය සාහිත කාර්්‍යයෙහිලා ඉතා දක්ෂලෙස සමත් කමි පෑවෝය.ඒ සඳහා ලියනලද ගද්‍ය, පද්‍ය හා සින්දු ආදි සාහිත්‍යාංගයේ ඊට සාක්ෂ්‍ය සපයය.ඔහු විසින් සිංහල කතෝලික සාහිත්‍යයක් උදෙසා ලියනලද කෘති ප‍්‍රමාණය මෙලෙසින් වර්ග කිරීමක් කළ හැකිය.
1ග ධර්ම ආඛ්‍යාන
2ග ප‍්‍රශ්නෝත්තර
3ග කාව්‍ය
4ග යාඥා හා භක්ති අභ්‍යාස යනාදි වසයෙන්ය.
මෙතරමි ආගමික කෘති ගණනාවක් ලිවීමෙහිලා හැකිවූයේ සිංහල භාෂාව පිලිබඳව පැවති දැනුමත් නිර්මාණශීලි කාව්‍යමය හැකියාවත් යැයි කිවහැකිය.එතුමා ලියන ලද සාහිත්‍ය කෘතීන් මෙසේ හඳුනා ගනිමු.
1 දේව ෙවිද පුරාණය 2 දේව ෙවිද සංකේෂේපය 3 සුවිශේස විසර්ජනය
4 දේවනීති විසර්ජනය 5 දුක්ප‍්‍රාප්ති ප‍්‍රසංගය 6 අඥාන ඖෂද
7 ධර්මෝද්ධ්‍යාන 8 ප‍්‍රාතිහාර්යාවලිය 9 භේදකාරයන්ගේ තර්කය
10 කි‍්‍රස්තියානි පල්ලිය 11 ඥානාඤ්ජනය 12 සුකෘත දර්පණ
13 බුදු මුල 14 මාතර ප‍්‍රත්‍යක්ෂය 15 දේව පරිහාරය
පද්‍ය කෘතීන් වසයෙන් මෙසේ පෙන්වා දිය හැකිය.
1ග ෙවිද කාව්‍යය
2ග පසන් පොත
3ග ආනන්ද කලිප්පුව
4ග මංගල ගීතය
5ග ලතෝනි පොත
යනාදී වසයෙන්ය.මෙලෙසින් සිංහල භාෂාවෙන් ලියා ඇති කෘතීන්ට අමතරව වෙනත් භාෂාවන්ගෙන් ලියන ලද කෘතීන්ද ෙවි.එනමි දෙමළ භාෂාවෙන් ලියන කෘති පහළොවක්ද, පෘතුගීසි භාෂාවෙන් කෘති හයක්ද, ඕලන්ද භාෂාවෙන් කෘතියක්ද යනාදී වසයෙනි.තවද සිංහල අකාරාදිය ලියාතැබීමද මෙතුමාවිසින්ම සිදුකරඇත.මෙතුමන්ගේ කෘතියක්වන දේව ෙවිද පුරාණය පිළිබඳව ඇගයීමක් කරණ සන්නස්ගල මහතා මෙසේ සඳහන් කරයි.‘‘හෙළ බසෙහි විිජාතික පඬ්වරයකු තුළ පැවති පෘථුල දැනුම දැනගැනිමට දෙවෙවිද පුරාණය කැඩපතකි.ක‍්‍රිස්තියානි ධර්මයෙහි සුඛාවබෝධයට මෙතරමි පොතක් තවම සිංහලෙන් ලියැවී නැත.’’ එබැවින් අපට මෙම කෘති මාර්ගයෙන් දක්නට හැකි එතුමාගේ සාහිත්‍ය සේවාව කෙතරමි පෘථුලදැයි කියාය. මෙසේ සාහිත්‍ය කෘතීන් හඳුනා ගතහැකිය.
ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමාගේ පුරෝගාමී සාහිත්‍ය මෙහෙවර.
යහපතින් තොරවූ කළ මිනිසා ඔහුටද ඔහුගෙන් ලොවටද කිසිදු වැඩක් නොමැත්තේය.නමුදු යහපත උදෙසා කැපවන මිනිසා තමාට මෙන්ම ලොවටද වැඩදායී පුද්ගලකෙු වනවාසේම ඔහු සදා අභිවන්දනයට පාත‍්‍රවන්නේය.ආගමික නායකයකු ලෙසින් දෙවියන් වහන්සේගේ පණිවිඩය මෙලොවට කියාදිමෙහිලා තම මුලූ දිවියම කැපකළ පියතුමෙකු ලෙසින් ජාකෝෙමි ගොන්සා්ෙවිස් පියතුමා හඳුනා ගත හැකිය.විදේශිකයකු වුවද තම රට හා වරප‍්‍රසාදයන් අත්හැර ලක්දිවට බට එතුමා තම සසුන් මෙහෙය ඉතා දුෂ්කරව කැපවීමෙන් සිදුකළේය.ඒ සඳහා ධර්ම දේශනා පමණක් ප‍්‍රමාණවත් නොවන බවදත් එතුමා තම ආබධයෙන් පසු නොසැලී එකී සේවාව කරනුයේ සාහිත්‍ය කටයුතු මාර්ගයෙන්ය.එහිදී අංග සමිපූර්ණ කතෝලික සිංහල සාහිත්‍යයක් උදෙසා පුරෝගාමී මෙහෙවරක් සිදුකළ තැනැත්තෙකු ලෙසින් හඳුනා ගත හැකිය.එතුමන්ගේ සාහිත්‍ය ව්‍යපාරයෙහි සමත්කම පිළිබඳව එඩිමන් පීරිස් පියතුමා සියකෘතියේ මෙලෙස සඳහන් කරයි.‘‘අපරෙටි නොයෙක් පලාත්වල සැරිසරමින් නොටයක් තරාතිරමිවල මිනිසුන් ඇසුරු කළනිසාවනේද සිංහල සාහිත්‍ය පොත් පරිශීලනය කළ නිසාවෙන්ද එතුමාගේ වාග්මාලාව ශබිද රත්නාකරයක් වැන්න.එයින් තම රචනයට ශබිද ගලාආෙවි තැතියෙන් නොව නිතැතින්ය.එතුමාගේ ග‍්‍රන්ථ දිලෙන උචිත, ශබිද අර්ථ, සුගම්‍ය රචනා ශෛලිය, වාක්‍යාලංකාර ආදී ලක්ෂණද, සිත්කලූ වැනුමි මිහිරි වදන්ද, සන්තාප හැගීමි ආදී සාහිත්‍යාත්මක අලංකාරද එතුමාගේ සාහිත්‍ය ඥානයට දෙස්දෙයි.සිංහල ඡුන්දස් හා අලංකාර ශාස්ත‍්‍රය ප‍්‍රගුණ කළනිසාදෝ , නො එසේනමි නෛසර්ගික ඥානය නිසාදෝ ශබිද රසය මොනවට උපදින ලෙස සිංහල අක්ෂර නිසි තැන නිසි ලෙස ගලපා පද යෙදීෙමි කලාව එතුමා දැන සිටියේය.’’ එබැවින් මතෙුමාගේ සාහිත්‍ය සේවාව පිළිබඳව මනාව තවදුරටත් පැහැදිළි කරගැනීම සඳහා මෙසේ අධ්‍යයනය කරමු.
1 ගද්‍ය සාහිත්‍යය සඳහා සිදුකළ මෙහෙය.
ගද්‍ය මනාව හැසිරවීමෙහි සමත් කමි ඇති ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා සිංහල කතෝලික ගද්‍ය සාහිත්‍යයක පැවති අඩුව පිරවීය.ස්වකීය ගද්‍ය කෘති සඳහා මෙතුමෝ දේශීය ගැමි ජන සිතුමි පැතුමි ආදිය යොදාගනිමින් දේශිය ඌරුවකින් එකී කෘති ලියූහ.දේවෙවිද පුරාණය ප‍්‍රධාන කොටගත් ගද්‍ය කෘති අටක් පමණ ලියා ඇත. ශුද්ධ ලියවිල්ල, දේවධර්ම ශාස්ත‍්‍රය, ධර්ම ධරයින්ගේ චරිත, ක‍්‍රිස්්තියානි වන්දනාව, ගුණ දහමි වගාව, ආදී ගද්‍ය ග‍්‍රන්ථ ඒ අතර ප‍්‍රධානත්වයෙහිලා සැළකියහැකිය.සිංහල කතෝලික සාහිත්‍යයේ විශාලතම ග‍්‍රන්ථය වනුයේ දේවෙවිද පුරාණයයි.බයිබලයේ සියලූම පුවත් එහි ඇතුලත්වන අතර අතරින් පතර කට කතා ආදියද ඇතුලත්වෙයි.මෙම කෘතියෙහි ඇගයීමක් කරණ එඩිමන් පොන්සේකා පියතුමන් ‘‘මෙම පෞරාණික අභිනව සංඛ්‍යත ශ‍්‍රී වාඛ්‍ය දේවි කොටිඨාශයම අඩංගු වෙයි.ෙමි මාහැගී ග‍්‍රන්ථය දේව ශ‍්‍රී වාක්‍ය අන්තර්ගතකොට ලිඛිත හෙයින් ආගම ශාස්ත්‍රෝද්ග‍්‍රහණයෙහි ආරමිභය වැන්න.ඒ උත්තම ශාස්ත‍්‍රය නැමති මාලිගාෙවි පදනම වැන්න ,සත්‍ය ධර්මය උගන්වාදෙන ගුරුතුමෙක් වැන්න, මෙම ප‍්‍රයොජනවත් ග‍්‍රන්ථය කියවන්නාගේ ආගම සමිබන්ධ කාරණා ඉගෙනීමට පොලඔවයි. ’’ එබැවින් ඉතාසරල සුගම භාෂා රටාවක් ඇසුරු කරගනිමින් ලියනලද මෙම ග‍්‍රන්ථය සැබවින්ම කතෝලික සාහිත්‍යයේ මුදුන් මල්කඩ වෙයි.මෙහි භාවිතා කරනු ලබන උපමා ආදිය දේශීය ජනයාගේ සුඛාවබෝධය උදෙසා සකසා ගන්නා ලද ඒවාය.එලෙසින් සරල උපමාදිය යොදන අවස්ථාවන් කිහිපයකිෙමි.
ලක්ෂ දහස් කුරුකුහු ඕන් එකකුලෙන් පොඩිකළත්.
පොළඟාට නෙළුමි මලක්දී මා දෂ්ට කරන්න එපායයි කීවාසේ.
දුමට බයින් ගින්නට පනින්නාසේ.
මෙසේ සාර්ථකව එකී ශාස්ත‍්‍රීයවූ අනන්‍ය රසගෙන දෙන්නාවූ උපමාදිය යොදාගනිමින් සාර්ථක වූ ගද්‍ය සාහිත්‍යයක නිර්මණයක් මෙතුමා සිදුකරන්නේය.මෙතුමාගේ තවත් වැදගත් ගද්‍ය කෘතියක් ලෙසින් දේව ෙවිද සංක්ෂේපය හඳුනාගත හැකිය.මෙම කෘතියෙහිලා මෙතුමා විසින් විශේසිතවූ ක‍්‍රමෙවිදයක් සකසාගන්නා ආකාරය කිවහැකිය.එනමි තමන් කියනු ලබන කාරණය ඔප්පුකිරීම සඳහා අවශ්‍ය උදාහරණ දැක්වීමය.‘‘ගෝදුම රූපයෙහි පවත්නා දේවරූපය,පූපය කැබලිකළ කල්හි සියලූ කැබලිවලම සමිපූර්ණයෙන් පෙනෙන්නේය.කණ්ණාඩිය කැඩුණුවිට සියලූ කැබලිවලම සමිපූර්ණලෙස මුහුණ පෙනෙන්නාක්මෙනි.’’ එසේම එතුමන්ගේ ගද්‍යමය කෘතින්හි එනුලබන සරලකියමන්ද විෂේසයෙන් වැදගත් උපදෙශයන් ලබාදෙන අතර ඒවායෙහි ඇති සාහිත්‍යාත්මක වටිනාකමද අතිශයින් වැදගත්ෙවි.සාමාන්‍ය ජනයාට වැටහෙන හා සරල කියමන් භාවිතා කිරීම නිසාවෙන් මෙතුමෝ තමාගේ සමත්කම මැනවින් පෙන්වා දෙයි.
1 කඩුවෙන් කොටනඅය කඩුවෙන්ම නසී.
2 ගෙඩිබලා වෘක්ෂය හැඳින ගන්නාසේ ක‍්‍රියා බලා මිනිසා හඳුනාගත යුතුයි.
3 තමාගේ ඇසේ තිබෙන දැවක් නොබලා අනුන්ගේ තිබෙන රොඩිඩ බලන්නේ කිමද.
එබැවින් සරල උපදෙස් ආදිය දැක්වීමෙහිද ආප්තෝපදේසද යොදනුයේ දක්ෂ රචකයකු නිසාය. සුවිශේෂ විසර්ජනයද කතෝලිකයනට දේවමෙහෙය අතරදී ගායනා කිරීම සඳහා මෙතුමන් ලියන ලද්දක් බව කිවහැකිය.දුක්ප‍්‍රාප්ති සංග‍්‍රහය වනාහී කිස්තුස් වහන්සේ ජෙරුසලෙමිදී විඳි අපමණ දුක් පිළිබඳව ලියන ලද්දකි.එහි විෂේසත්වය වන්නේ ඉදිරියෙහි ඇති පිරිසට දේශනා කරන විලාසයක් දැරීමයි.මනුෂ්‍යාත්මයේ වටිනාකම පිළිබඳව මාතෘකා 12ක් ඇතුලත්ව ලියන ලද තවත් වැදගත් කෘතියක් ලෙසින් ඥානාංජය දැක්විය හැක.සුසිරිතට යොදන පරිද්දෙන් මෙහි එන අදහස් ආදිය බෞද්ධ අදහස් හාද සමගාමීව යන ආකාරය කිව හැකිය.‘‘කොයිතරමි කෙනෙක් වුවත් තමා විසින් තමා නහිනවා විනා වෙන වෙන හැටියකින් නොෙවි.’’‘‘කුණුකසල සමාන දුර්ගන්ධ වු ආත්මය ගෙන සුවඳ පුෂ්ප විහිදෙන වස්ත‍්‍රාභරණවල් අඳින්නේ කුමට දැයි.’’උක්ත අදහස් ආදිය සැබවින්ම බුදුදහෙමි සඳහන්වන විදියේ උපදේසයන් හා සැසඳේ.මෙලෙසින් මෙතුමාට ස්වකීය කෘතීන්හි ධර්ම කාරණාදිය දැක්වීමට හැකිවූයේ මෙරට ජන දිවවිය හා බෞද්ධ පොත්පත් භික්ෂූන් සමගත් ඇසුරුකරමින් කටයුතුකළ නිසාය.මෙලෙසින් වැදගත් සේවයක් ගද්‍ය සාහිත්‍යය සඳහා සිදුකළ බව පෙන්වාදිය හැකිය.
2 පද්‍ය සාහිත්‍ය සඳහා සිදු කළ මෙහෙය
ගද්‍යයට පනපෙවු මෙතුමා පද්‍යයද ඉතා හොඳින් ලිවීමෙහි සමතෙක් වූයේය.එහිදී ගද්‍යයට වඩා පද්‍යය එතුමා රුචිකළබව ලියන ලද සුවිසාල පද්‍ය කෘතීන් දෙස බැලීමෙන් පෙනේ. පද්‍ය කාව්‍යයන් අතර ප‍්‍රධානත්වයෙහිලා සලකනුයේ පදය 537 ක් ඇති ෙවිද කාව්‍යයයි. ඊට අමතරව ආනන්ද කලිප්පුව, මංගල ගීතය,දුක්ප‍්‍රාප්ති සංග‍්‍රහය,දේශනා නවයේ පසන් පොත යනාදීය අනෙකුත් පද්‍ය කාවයයෝය.ෙවිදකාව්‍යය වනාහී කිතුනුවන්ගේ ඇදහිල්ල, පවුල් දිවිය,සමාජදිවියත්,යන කාරණාදිය අලලා රචනා වනබැවින් එය එතෙක් පැවති කිතුදහම සඳහන් පද්‍ය කෘතියක අඩුව පිරිමසාලීය.ෙවිද කාව්‍යයේ අරමුණ වනාහී කිතු සිරිත පද්‍යයෙන් කීම බවපෙනේ.මෙතෙක් පැවති සිංහල සමිභාව්‍ය පද්‍ය ආරමිභය වෙන්වුනේ බුදුන්ට නමස්කාර කිරීමෙන් ලිවීමය.නමුදු මෙම දේවවේද පුරානය ලියනුයේ ක‍්‍රිස්තුස් වහන්සේට නමස්කාර කිරීමෙන්ය. එබැවින් සිංහල කිතුනු පද්‍ය සාහිත්‍යයක ආරමිභය සනිටුහන් කරීමෙහි අඩිතාලම දමනුයේ මෙතුමන් බව අවිවාදයෙන් කිව යුතුය.පද්‍ය කරණයෙහි හසල දැනුමක් ඇති මෙතුමෝ ස්වකීය පද්‍යයන්හි කාව්‍යාලංකාර හා අර්ථාලංකාර යොදාගනිමින් දුෂ්කර කාර්යයක් වූ කිතු සිරිත වර්ණනා කරණ ආකාරය අපූරුය.එළිසම යෙදීමෙහිද අප කවියාගේ ඇති සමත්කම මොනවට පෙන්වන්නේද යන්න මෙම පද්‍යයන් මාර්ගයෙන් පෙන්වා දිය හැකිය.
’‘කොල අතු කඩලන් නෝයා ‘‘අතින් ?ගත් අතු ගසමින
පැළඳි බරණ ලන් නෝයා සිතින් ?ගත් පෙම අදරින
පෙර මග සර සන් නෝයා මුවෙන් කියත් තුති වදනින
කොලහල කර යන් නෝයා’’ සුරින් දුයන් මෙසේ පුදමින’’
තවද කාව්‍යයක පැවතිය යුතු වූ කාවයාත්මක ලක්ෂණ නොඅඩුව සපුරාගැනීමෙහිලා අප කතුවරයා සමත් ෙවි.නිර්මාණශීලි කවිහැකියවත් එතුමාගේ දේශීය ඌරූවත් නිසාවෙන් ස්වකීය පද්‍යකෘති දේශීය වස්තු බීජයන්ගෙන් පෝෂිතවී පවතියි.මෙරට ඇති පලතුරු ආදිය යොදාගනිමින් ආදමිගේ සුගති උද්‍යානය පිළිබඳව වර්ණනයක් කරනුයේ දේශීයත්වය දනවමිනි.
’‘රැුස්ව ඉදුනු වැල වරකා ඇති නේ’’’(39*
‘‘අඔ දඔ කරඔද රස මොර ගිර ඔා’’ (40*
‘‘පේර ජමිබු පල ගිල්වන ගිවුලූ ද
‘‘නාරන් ජමනාරන් අන්නාසි ද ’’(41*
තවද උපමා ආදිය කාව්‍යයක ඇති රසය නොවලහා ප‍්‍රකාශ කිරීමෙහි කවීන් යෙදීම සාමාන්‍ය සරිතය.එකී උපමාදියද මෙම පියතුමා යෙදීමෙහි දක්වන සමත්කම අපූරුය.‘‘විදුරස්න, රන්ගිර, සතර දිවයින්, සක්වලමෙර, සුවහස් කප්, බිමිබර සේනා, ආදී උපමාවන් මෙරට සිංහල සාහිත්‍යයේ ඇති ඒවාම යොදාගනිමින් තම කාව්‍යයන් පෝෂණය කරයි.එකී විචිත‍්‍රවත් උපමා යෙදීෙමි කාව්‍යයක් මෙසේ ගෙන දක්වමු.
‘‘පුන්සඳ වලාවෙන් පෑවූවා ලෙසිනේ
රන් කරඩුවෙන් එළියටගත් මැණික මෙනේ
තුන් ලොව පසිඳු පිතු දෙවි කුමරුන් එදිනේ
පින් ඇති මරිය කන්‍යා කුසිනි බිහිවුනේ’’’
කිතු උපත සිදු වූ ආකාරය උපමා ආදිය යොදාගනිමින් කාව්‍යයට නැගීමෙහි ඇති සමත්කම ඉහත පද්‍යයෙන් පෙනේ.එසේම හෙළ ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෘතීන්ද කියවා ලැබූ දැනුම නිසා මෙම කාර්යය ඉතාපහසු වූවාසේම එකී ආභාසයද නොඅඩුව දේව ෙවිද කාව්‍යයේ දක්නට ලැෙබි.එහිදී ගුත්තිලය, ලෝවැඩ සගරාව, සුභාෂිතය, බුදුගුණ අලංකාරය ආදීයෙහි ආභාසය නොමදව දක්නට හැකිය.එකී කාව්‍යාත්මක අදහස් සමගාමීව යන අවස්ථාවන් කිහිපයක් මෙසේය.
1ෙවිදකාව්‍ය- 317 ‘‘නරලොව දහසක් අවුරුදු
සුර ලොව එක්දිනකට බඳු’’
2ගුත්තිලය- 472 ‘‘කිමෙක කියනු සුරපුර ස්ිරිසර වෙසෙස
මෙලොව සියක් අවුරුදු එහි එක දවස’’
3ෙවිදකාව්‍ය- ‘‘මිහිරි මල් සවඳ ට -වඳින බිගුමෙන් ලොබ කොට
සුපිරිසිදු විලක ට-–දිවෙන ගජසෙන් ලෙසින් සහතු ට
4බුදුගුණ අලංකාරය- ‘‘මිහිවදයෙහි ගඳ ට - දිවෙන බිගුමෙන් ඉව කො ට
තද ගිමි කල දිය ට - දිවෙන ගජසෙන් ලෙසින් විලකට
එනමි එතෙක් පැවති සමිභාව්‍ය සිංහල පද්‍ය සමිප‍්‍රදාය අතික‍්‍රමණය නොකරමින් මෙතුමන් විසින් තම කාව්‍ය ග‍්‍රන්ථයන් ලිවීමෙහිලා සමත්කම දක්වන අතර ධර්මෝපදේශයන් ලබාදීමෙහිලාද එකී කාරණා උපයෝගී කරගන්නා අයුරු විශිස්ටය.ආනන්ද කලිප්පුව වනාහී අනිත් වැදගත්ම පද්‍ය ග‍්‍රන්ථයයි.දෙවියන් නිසා හටගත් සතුට ප‍්‍රකාශ කරන උපදේශාත්මක පද්‍යයන් එහි ඇතුලත්ය.ආනන්ද යනු සන්තෝෂයයි, කලිප්පුව යන වදන ද්‍රවිඩ වෘත්තය හගවන තවත් අතකින් ‘‘උඩගු බවද දනවන්නේය.කෙසේ හෝ ආනන්ද කලිප්පුෙවි පරමාර්ථය පිළිබඳව මාරිඅයේෂා සොයුරිය කරන විිස්තරයක් මෙසේය.‘‘අස්ථිරවූ මෙලෝ සැපත යස රගට නිරූපණය කරමින් අනිත්‍ය පිළිබඳ හැගීමි ඉස්මතුකර දක්වයි.එසේම මෙලෝ සැපසමිපත් හා තාන්න මාන්න මහිමය කෙරෙහි සිත්තුල ආසාවක් වෙනුවට උදාසීනත්වයක් සිත්තුල ජනිත කිරීමට මෙම කාව්‍යය සමත්වී ඇත.’’ ආනන්ද කලිප්පුව කෘතියෙහි පෙනෙන විශේසත්වය එහි ස¥පදේසයන් ඉතා නිර්මාණශීලීිව කියාපෑමය.එහිදී කවියා මිනිස් දිවියෙහි ඇති නිසරුබවත් අවසන තමාකරාඑන මරණය පිළිබඳවත් නිර්මාණාත්මකව කවියකින් මෙසේ පවසයි.
‘‘ කටබහෙන් බලෙන් සපනුන්නේ
ගොඩමඩින් තිබෙන ගමි කුඹුරු මඳිව
දුප්පතුන් නිවට මිනිසුන්නේ,
උන් අතින් සාදාගත් ගේ දොරගෙන
බැට දෙමන් දොරට දමමින්නේ
එදෙසැපත් කමත් නරලොව
වෙන සතුන්ට අත්කර මින්නේ
තද රොසින් ඇවිත් මරු පමණුවන දින
බැඳ අරන් යන්ටදෝ පරවෙනි පන්නේ’’’
සමාජයක යහපත උදෙසා ධර්මෝපදේශ සාහිත්‍යය හරහා සරලව පැවසීමෙහි සමත්වනබව ආනන්ද කලිප්පුව සමස්ථ පද්‍ය කෘතිය දෙස විමසීමෙන් පෙනේ.කතෝලික සිංහල සාහිත්‍යයෙහි ඇති උපදේශාත්මක කෘතීන්හි පැවති අඩුවද සපුරමින් ආනන්ද කලිප්පුව උපදේශ දීම සඳහා ලියා ඇති බව පෙනේ. මෙතුමන් ලියන ලද තවත් විශිස්ට පද්‍ය කෘතියක් ලෙසින් මංගල ගීතය හඳුනා ගත හැකිය.දෙමළ මූල සාහිත්‍ය කෘතියක් ලෙසින් සලකනු ලබන මෙම කෘතිය ආගමික උත්සවවලදී ගායනා කිරීම සඳහා රචනාකරනලද්දකි.මංගල ගීතය ගායනා විලාසය දනවන නිසාවෙන් එහි කව්‍යයන් සින්දු ලක්ෂණද දනවන බවක් පෙනේ.එකී ගීත දේශීය බෙර හා තාලමිපට ආදී සංගීත භාණ්ඩ සමග මුසුකොට ගායනා කිරීමෙහි ඇති හැකියාවක් ද ඇත. එසේම එහි කිතු උපත පිළිබඳව මෙන්ම පූජක පූජක වරියන්ගේද කරුණු ඇතුලත්ව කවි ලියාඇත. මංගල ගීතයෙහි විෂේසයෙන් දක්නට ලැබෙන ලක්ෂණය නමි අර්ථ රසයට වඩා ශබිද රසය ප‍්‍රධානකොට පැවතීමය. එකී අවස්ථාවක් මෙලෙස පෙන්වා දිය හැකිය.
‘‘ගුරු වරු පෙරව සිර සුදු සළුව ගොර
වරු පුද බැඳ වයිර පිරු මෙත මිතුරු සුර
සිරි බස ජේසු කුමර පිරි කර බඳින ක ර
සිරි දර නෙතු අසුර පිරි සිරි ගැසුවෙ ර’’
එබැවින් ශබිද රසයද වෑහෙන පරිද්දෙන් කතෝලික කාව්‍යයන් ආදිය ලියා තැබීමෙහි මෙතුමා සමත්කමක් දක්වන බව කිව හැකිය.සමිභාව්‍ය සිංහල සාහිත්‍යයේ පැනෙන පරිදි සෑම සාහිත්‍ය අංගයක්ම සපුරාලීමෙහි මෙතුමාගේ සාහිත්‍ය ව්‍යාපාරයෙහිලා කැපී පෙනෙ කරුණකි.එනමි වෘත්ත ගන්ධි ශෛලීය පවා තම කෘතීන් ලීවිමෙහිදි භාවිතා කරයි. පාදක සිංහල සාහිත්‍යයේ එන කුෙවිණි අස්නෙහි පරිදී වෘත්ත ගන්ධි රචනා රීතිය භාවිතා කළ එක් තැනක් මෙලෙසින් පෙන්වා දිය හැකිය.‘‘ත‍්‍රී භූවන එක්වාස,සුරවරණ මනුෙවිස, ගෙන දෙරන කුඩවාස, සත රකින අභිලාසයෙන්, බිහිව මවිකුසින, මෘග මගී ලැගි විමන, පුත වමින තෘණ යහන, දුක් බරිත දරු ලෙසින, ඉඳින මෙහි අඩ අඩා, ශ‍්‍රී පාද ගෙන වඩා, තුති කරමු තුඩ තුඩා’’. පසන්පොත වනාහී මෙතුමන් ලියන ලද අනිත් සාහිත්‍ය ග‍්‍රන්ථයයි.දෙවියන් වහන්සේගේ දුක්ප‍්‍රාප්ති මරණය සමග වින්දා වූ දසවිධ ෙවිදනා ඇතුළත් කොට පසන් පොත නි්රමාණය කර ඇත.සංෙවිදී හැගීමි ආදිය කෙතරමි දුරට කුළුගන්වන්නේදයත් එය කියවන පාඨකයාගේ මනස කරුණ රසය දැනවීමෙහි සමත්ෙවි.ඓහි එන පද්‍යයන් ගයන්න්ගේද, අසන්නන්ගේද මනෝභාවයන් දුක්සයුරක ඇද බැඳ තැබීමෙහි ඇති සමත්කම තවත් විෂේසත්වයකිි.එකී අවස්ථාවක් ලෙසින් පහත පද්‍යය පෙන්වා දිය හැකිය.
‘‘අයි අයියෝ මගේ ස්වාමීණි කොචිචර විඳවනවා දෝ
අයි අයියෝ කන්‍යා කුසින් ගත් සිරුරය මඳිවා දෝ
අයි අයියෝ ඹබගේ ගත තව ඉහිලූමි ඇතිවා දෝ
අයි අයියෝ මීටත් වැඩි විඳි නේ මොනවා දෝ ’’
සාමාන්‍ය භාෂා භාවිතයක් ගනිමින් වූවද ලගන්නා පරිද්දෙන් මනරමි කාව්‍යයක් නිර්මාණය කිරීමෙහිලා දක්වන සමත්කම කෙතරමි නමි අපූරුද.පසන් පොත පිළිබඳව ඇගයීමක් කරණ හලාවත රදගුරු පර්ෂදය දක්වන අදහසකි ෙමි.‘‘කරුණා රසය පෙරදැරි කොට එන වැලපිල්ල සිංහල සාහිත්‍ය විෂයෙහි ඉතා දුලබය.කවිසිළුමිණෙහි එන පබවත වැලපිල්ල පබවත තමනට නගන අපවාදයක ස්වරූපයෙන් යුක්තය.සඳකිඳුරු දාවෙහි එන සඳකිඳුරියගේ වැලපිල්ල ශෘංගාර රසය මුදුන්පත් කරමින් තනන දල විලාප කවිපෙළක් මහනුවර යුගයේ ජනකවිවල ගැමි පරිසරයේ අනුභූතිය පිළිඔිඔු කරණ වැලපිළි එමටය.මෙහිලා ගොන්සාල්ෙවිස් හිමියන් ඉදිරිපත් කරණ දේවමාතා වැලපිළි කරුණ රසය පෙරදැරි කරන භක්තිය උද්දීපනය කරන වර්ණිත වස්තුවෙහි මහිමාත්මක භාවයද පිළිිබිඔු කරණ වර්ණනයකි.’’ එබැවින් කතෝලික සිංහල සාහිත්‍යයක ආරමිභක මෙහෙවරක් හා එහි අඩිතාලම මෙතුමන් සැමඅතින්ම සපුරාලන බව කිවහැකිය.පසන් පොත තවත් විෂේසවන්නේ එහිලා ඇති ගී තනු නිර්මාණයන් විමසීමෙහිදීය.එහිලා මෙතුමන් දක්වන පුනරුක්තිය හා ගීතමාලා මුසු යෙදුමි හා කතෝලිකයන්ගේ සිත් ඇඳ බැඳ තබාගනියි.නාඩගමි සමිප‍්‍රදායෙහිලාද එකී ගී තනු නිර්මාණය කිරීමෙහි ඇති හැකියාවද මෙම පසන් පොතෙහි එන කාව්‍යයන්ගේ ඇතිබව කිව හැකිය. එසේ ගීතවත් භාවයකින් ගායනාකළ හැකි අවස්ථාවකි ෙමි.
‘‘ආරාධිත ෙවිවා ඔබ නාමය
එනු ලද්දේවා ඔබ දිව්‍යරාජ්‍යය
ෙවිවා ඔබ අභිමත සුර බුමි ලොව
දේවා නිරතුරු භෝජන අප හට
අප නයකරු අප හට ගෙවනා ලෙස
අපේ නයකරු අපහට ගෙවනුය තොස
යත්ථි මායමිවල අප නොවවැටෙන ලෙස
අප ?ක ගලවනු ආ ෙමින් ජේසු ’’
මෙලෙසින් දක්ෂ කවි හා ගීත ප‍්‍රබන්ධ රචකයකු ලෙසින් මෙතුමෝ අපට හඳුන්වා දිය හැකිය.තවද මෙරට සිංහල භාෂාව පිළිබඳව මෙතුමන් සතුව පැවති දැනුමත් අපූරු ප‍්‍රතිභා ගුණයත් විෂිස්ටය. ඒසියල්ලටම වඩා තම උත්සාහය හා කැපවීම නිසාවෙන් සිංහල ක‍්‍රිස්තියානි සාහිත්‍යයක පෙරගමන් කරුවා ලෙසින් මෙතුමෝ අවිවාදයෙන් සැලකිය යුතුවන්නේය.
3 අවශේස සාහිත්‍ය කටයුතු හා කැපවීම
ජා.ගොන්සාල්ෙවිස් පියතුමාගේ අනිකුත් ශාස්ත‍්‍රීය කටයුතුද කිහිපයක්ද දැකිය හැකිය.පල්ලිවල දේව ගීතිකා ගායනා කිරීම සඳහා අවශ්‍යවන සින්දුද ලියූහ.ඉහත විසමසූ මංගලගීතය,ආනන්ද කලිප්පුව යන කෘතීන් එකී සින්දු හා බැති ගී සඳහා ලියන ලදඒවා බව කිවහැකිය.මංගල ගීතයෙහි එනුලබන එකී අවස්ථාවක් මෙලෙසින් පෙන්වාදිය හැකිය.‘‘මංගල ගීතයෙහි රචිත දේවමාතා භක්ති ගීත අතර ‘‘දේවමාතා උපන් මංගල්‍යය සින්දුව අර්ථ රසයෙන්ද ,ශබිද රසයෙන්ද,අනූන අනුප‍්‍රාසය පිරුණු ඉතාම සුමිහිරි ගීතයකි.රිද්ම කිහිපයකට මාරුවෙමින් ගායනාකළ හැකිවන අයුරින් මෙම කාව්‍යය නිර්මාණය කරඇත.එක් ගී පාදයක් හින්දුස්තානී සංගීතයේ ‘‘දීපචන්ද’තාලය බඳු මාත‍්‍රා තුනෙන් හතරෙන් විභාගවී මාත‍්‍රා හතෙන් යති පිහිටනුයේ ප‍්‍රබන්ධ වූ අතර,අනෙක් ගී පාදය ‘‘හින්චි වැනිව මාත‍්‍රා හයෙන් හය යති පිහිටුවා රචිතය.’’
දේවමාතා සින්දුව---දේවමාතා විප‍්‍රසූතා ප‍්‍රියදුතා මරිය ජිතා
ප‍්‍රියජිතා ප‍්‍රියදුතා මරිය ජිතා,මරිය ජිතා
තේජ යසසින්, රාජකුලකින්,අන ජුවකින්, ඤානවරමින්, මරිය ලන්දෙක, දිව්‍ය රැුයක, බිහි ලොවක,පිය තොසක, දේවමාතා දිලෙන මුතුමෙන්, සුරත රසයෙන්, දරන ගැබයෙන්, උපනි සිරියෙන්-මරිය ලඳෙක දේවමාතා, පුබුදුමලසේය , සුවඳ රැුයසේය, විහිදි බොහොසේය, මරිය දේවමාතා, මුහුණ සඳසේය, දිලෙන විලසය, නේත‍්‍ර මිණිසේය,ගාත‍්‍ර රනසේය, මරිය දේවමාතා- නදනගුණ වූ ,සුරන කැඳවූ, කරුණ සිදුවූ, පිරුණ බෝවූ, මරිය දේවමාතා, දුකට නැවිවන්,සගට ඉනිමන්, ?ටදඳහන්, පිහිට මනරමි, මරිය දේවමාතා- පාප සතයින්, ගලව අදරින්, මෝක්ෂ සියසින්,දැකව සියසින්, මරිය දේව මාතා.’’ ඉහත සඳහන් සින්දුව රමණීය වාග්මාලාවක් යොදාගනිමින් ගයන්නාට පහසුවන පරිද්දෙන හා අසන්නාට ශ‍්‍රවනය කිරීමෙහි පහසුවත් ඇතිවන පරිදි භාෂාව හසුරවා ඇති අයුරු විෂිස්ටය.තවත් මෙතුමාගේ විෂේස මෙහයෙක් නමි ශබිදකෝෂයන් ලියාතැබීමයි.කතෝලික සාහිත්‍යකාමීන්ගේ දුරවබෝධ සිංහල වචන එකතුවක් ලෙසින්ද එයට දෙමළ උදාහරණ දක්වාතිබීම නිසා තවත් වටිනාකම වැඩි වී ඇත්තේය.මෙතුමා ලියූ ශබිදකෝෂ හතරක් පමණ ඇතැයි විස්වාස කෙරේ. පෘතුගීසි-සිංහල 1720 දී 2 සිංහල-පෘතුගීසි 1730,3 විශේෂ ද්‍රවිඩ වාක්‍යාංශ විස්තර 1731දී 4 පෘතුගීසි-දෙමළ-සිංහල 1735 දී වසයෙන් එකී ශබිදකෝෂ පෙන්වාදිය හැකිය.මෙම ශබිදකෝෂයනට පාරිභාෂික වචන යොගෙන තිබෙනුයේ හෙළ සාහිත්‍යයේ ඇති නිගණ්ඩු ආදී කෘතින්ගෙන්ය.තවද සාමාන්‍ය ජනයාගේ ප‍්‍රාදේශීය ව්‍යවහාර භාෂාවද ඒ සඳහා යොදාගෙන ඇතිබව කිවහැකිය.එකී අවස්ථා කිහිපයක් මෙසේ දක්වමු.
්ටද්ුදිය,දියවර,ජල,වතුර,අඔු,පැන්,අප්පු,අපෝ,උදක,බොල,පැන්,අපාය,වාරි,පානි,සිලිල.
ර්ඉදුනකුට,වලපත,වාලධිය,හුනර,බාව,පෙද,වලල්ල,පිල.
ඩ්ිිදමර්ුඉලපත,බෝල්අත්ත,හීන්දඩුමිටිය,මුස්න.
මෙලෙසින් දේසීය භාෂාව ගැමියන් අතරටගොස් ඉතාහොඳින් ආධුනිකයනට සරලව දුරවබෝද පද දැනගෙන සාහිත්‍ය කටයුතු සිදුකිරීමෙහිලා එමගින් මහගු මෙහෙයක් සැලසුනේය.එබැවින් සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳව මෙතුමාගේ ඇති දැනුම කෙතරමිනමි මෙහිදී පලටවූයේද.අඩුවක්වූ කිතුනු සාහිත්‍යයක අඩිතාලම හා එය නගාසිටුවීමෙහි පුරෝගාමී මෙහෙවරක් සිදුකළ ජාකෝෙමි ගොන්සාල්ෙවිස් පියතුමා සදා අභිවන්දනීය වෙයි.