UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ‘සීගිරි කවියෝ සිතෙහි ක්‍ෂණිකව උපන් හැ`ගීම් එලෙසින්ම කවියට නැ`ගූහ’

Thursday, December 12, 2013

‘සීගිරි කවියෝ සිතෙහි ක්‍ෂණිකව උපන් හැ`ගීම් එලෙසින්ම කවියට නැ`ගූහ’

‘‘සීගිරි කවියෝ සිතෙහි ක්‍ෂණිකව උපන් හැ`ගීම් එලෙසින්ම කවියට නැ`ගූහ’’. හෙළදිව රාජධානි අතර අනුරාධපුරය පෞරාණිතම රාජධානිය ලෙස පිළිගනී. අනුරාධපුරයේ රාජධානිය පැවැති නමුදු යම් යම් හේතූන් කරණකොටගෙන විටෙන් විට අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට සංක‍්‍රමණය වූ බව ඓතිහාසික තොරතුරුවලින් සනාථ වේ. තවත් විටෙක තත් රාජධානිය සීගිරියට සංක‍්‍රමණය වී ඇත. එහිදී සීගිරි කසුප් රජතුමා අපට බෙහෙවින් වැදගත් වේ. පෞරාණික අගයෙන් සමන්විත කුවේරයාගේ ආලකමන්දාව වැනි වූ සීගිරි පව්ව නිර්මාණයේ ගෞරවය ඔහුට හිමි වේ. සමස්ත ලාංකිකයන්ගේ පමණක් නොව, මුලූ මහත් ලෝකවාසීන්ගේම අවධානය දිනාගත් මෙම රාජධානිය අද පවා අපගේ සම්භාවනාවට පාත‍්‍ර වේ. සීගිරි රාජධානිය හේතු කිහිපයක් නිසා වැදගත් වේ එනම්, 1ග සීගිරි පව්ව 2ග සිංහ රුව 3ග සීගිරි බිතුසිතුවම් 4ග කැටපත් පවුර ආදියයි. සීගිරිය නැරඹීමට පැමිණි පිරිස එය නරඹා සිතෙහි උපන් සිතුවිලි ධාරා සීගිරි කැටපත් පවුර මත ලියා තැබීමට අමතක නොකළහ. සීගිරිය නැරඹීමට පැමිණි පිරිස එය නැරඹීමෙන් පසුව කවියන් වූ බව ඔවුන් විසින් රචිත පද්‍යයන් තුළින් විද්‍යමාන වේ. සමහර කවීන්ට සීගිරි පව්ව හා එහි විසිතුරු ලෙස සිතුවම් කොට ඇති සීගිරි ලලනාවන් වස්තු බීජ වූ අතර ඇතැමෙකුට ජීවිතයේ දාර්ශනික පැතිකඩද වස්තු විෂය වී ඇත. සීගිරි ගී රචනා කළ පිරිස එක සමාජ වපසරියක් පමණක් නියෝජනය කරන පිරිසක් නොවන බව පැහැදිලි කාරණයකි. සමාජයේ විවිධ පන්තීන් නියොජනය කරන්නන් විසින් සීගිරි ගී නිර්මාණය කරන ලද බව සීගිරි ගී තුළින්ම පසක් වේ. සීගිරි කවීන් අව්‍යක්තයන් ලෙස කිසිවිටෙකත් සැලකිය නොහැකිය. ඔවුන්ගේ නිර්මාණ කෞශල්‍ය කෙරෙහි අපගේ අවධානය යොමු කළ විට අවබෝධ වන කාරණයක් නම් සීගිරි කවීන් පද්‍ය රචනා කිරීමෙහි සහජ හැකියාවක් ඇති පිරිසක් බවයි. මෙම නිබන්ධය තුළදී අපගේ අවධානය යොමු වන්නේ සීගිරි කවියන් සීගිරි පද්‍ය නිර්මාණය කිරීමේදී ස්වකීය චිත්ත සන්තානය තුළ උපන් සිතුවිලි ධාරා ක්‍ෂණිකව ගී බවට හැරයූ අයුරු පිළිබ`දවය. මෙහිදී සීගිරි නිර්මාණකරුවා අව්‍යාජව තම හැ`ගීම් පැවසු අයුරු පිළිබ`දවද අවධානය යොමු කෙරේ. එසේම සීගිරි ගී පිළිබ`දව කෙටි සමාලෝචනයක්ද මෙම`ගින් ඉදිරිපත් කෙරේ. තවද සීගිරි කවියාගේ ප‍්‍රතිභාව පිළිබ`දවද විමසා බැලේ. උක්ත කරුණු සියල්ල සැලකිල්ලට ගෙන සීගිරි කවියාගේ ක්‍ෂණික හැ`ගීම් පැවසීම පිළිබ`දව අධ්‍යයනයක් මේ තුළින් කෙරේ. සීගිරි පද්‍ය සිංහල සාහිත්‍යයේ විද්‍යමාන වන සීගිරි ගී ක‍්‍රි.ව. 8-10 සියවස්වලට හෙවත් අනුරාධපුර යුගයට අයත් වේ. ස්වාධීන නිර්මාණ සමුච්චයක් ලෙස වැදගත් වන මෙය ශිලාලේඛන හැරුණ විට දැනට හමු වන පැරණිම පද්‍ය වශයෙන් ඕනෑම කෙනෙක් පිළිගනී. මුල්කාලීන හෙළ කවියන්ගේ අසහාය නිර්මාණ කෞශල්‍යය විදහාපාන නිර්මාණ විශේෂයක් ලෙස සීගිරි ගී හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. තත් යුගයේ රචිත දැනට ශේෂව ඇති සිඛවළ`ද හා සිඛවළ`ද විනිස, දම්පියා අටුවා ගැටපදය, සියබස්ලකර, තරම්ම සීගිරි පද්‍යයද වැදගත් වේ. දැනට සොයාගෙන ඇති පරිදි සීගිරි පද්‍ය 708ක් පමණ වේ. එහි ගී පබැ`දුම් 685කි. සීගිරි පද්‍ය අතර ගද්‍ය විලසින් රචිත පද්‍යද දැකිය හැකිය. නන්දෙසින් පැමිණි ජනයා විසින් ස්වකීය චිත්ත සන්තානය තුළ පහළ වූ අදහස් සමුදාය පද්‍ය විලසින් මෙහි මෙලෙස රචනා කරන ලදි. ඔවුන් අතර රජවරු, කුමාරවරු, භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ස්ත‍්‍රීහුද වෙති. එහෙත් සීගිරි ගී රචනා කිරීමේදී වැඩි ගෞරවයක් හිමි වන්නේ සාමාන්‍ය ජනයාටයි. ඔවුන්ට මෙම ගීත රචනා කිරීම ස`දහා නොයෙක් දේ වස්තු විෂය වී ඇත. සීගිරි කවියාට වස්තු විෂය වූයේ එහි මනහරව සිතුවම් කරන ලද රූමත් කාන්තාවන් පමණක් නොවේ. ‘‘ සමහර කවියෝ සීගිරි ගල ගැන ලියූහ. තවත් සමහරෙක් කැටපත් පවුර ගැන පමණක් අදහස් පළ කොට සෑහීමට පත් වූහ. ඇතැමෙක් එහි වූ සිංහ රූපය ගැන ගී ලියූහ. පවුර මුදුනෙහි පිහිටි රජ මාළිගය මාතෘකා කොට ගෙන තවත් අය පබැ`දුම් කළහ’’. මේ අනුව සීගිරි පද්‍ය රචකයාගේ සිත් ගැබ තුළට විවිධ වස්තු විෂයයන් ඇතුළු වූ බව පෙනේ. සීගිරි ගී අතුරින් පද්‍ය 403ක් යා ගී විරිතෙන්ද, කව් ගී විරිතෙන් 86ක්ද, දුව`ග ගී විරිතෙන් 44ක්ද, ඊට අමතරව යොන් ගී විරිත, බමර ගී විරිත, උමතු ගී විරිත, පියුම් ගී විරිත, සමුදුරුගොස් විරිත ආදි විරිත් සමූහයක් භාවිත වී ඇත. මෙලෙස විරිත් රාශියක් භාවිත කොට ඇති නිසාම සීගිරි කවියා ගී රචනා කිරීම සම්බන්ධයෙන් පෘථූල අවබෝධයකින් සමලක්‍ෂිත වූ බව කිව හැකිය. සමාජයේ විවිධ පන්තීන් නියොජනය කරන්නන් විසින් සීගිරි ගී රචනා කොට ඇති බැවින් එක් සමාජ වපසරියකට පමණක් සීගිරි ගී ඇතුළත් කළ නොහැක. සීගිරි ගීවල ඇති අනෙක් වැදගත් ලක්‍ෂණයක් නම් ස්වකීය චිත්ත සන්තානය තුළ හටගත් නිර්ව්‍යාජ සංකල්පයන් එලෙසින්ම ලියා තැබීමට තරම් සීගිරි කවියා අවංක වීමය. සීගිරි කවියා තම අදහස් පැවසීමේදී පවා මනා සංයමයකින් එය සිදු කොට ඇති බව පෙනේ. සීගිරි ගී අර්ථපූර්ණ මෙන්ම භාවපූර්ණ නිර්මාණද වේ. සීගිරි කවියාගේ ප‍්‍රතිභාව සීගිරි ගී රචනා කළ කවියන් අවිදග්ධයන් ලෙස කිසිසේත්ම සැලකිය නොහැකිය. සිංහල පද්‍ය සාහිත්‍යයේ ප‍්‍රාරම්භක අවධිය ලෙස මෙම යුගය සැලකුවද තත් යුගයේ පවා ප‍්‍රතිභාන්විත කවියන් සිටි බව සීගිරි පද්‍ය විමර්ශනයෙන් සනාථ වේ. ඔවුන් පසුකාලීන කවියන් මෙන් සංස්කෘත ආලංකාරවාදීන්ට ගැති වී නැත. ඒ තුළින් ඔවුන් අලංකාර පිළිබ`ද කිසිදු දැනුමක් නොමැති අය යැයි අපට නිගමනය කළ නොහැකිය. ඒ මන්ද යත් අලංකාරයන්ට නිදසුන් වශයෙන් ගත හැකි ආලංකාරික පද්‍ය මේ තුළ ගැබ් වී ඇත. සීගිරි ගී අතර සිවුපදයන්ද දැකිය හැකි වීමෙන් ඔහුගේ ප‍්‍රතිභාව පිළිබ`දව මනා අවබෝධයක් ලැබේ. ‘ ‘නොහිද කසුන් ගිරිරද් අප සිරිලක් සිහිගිරි පසු පන්සිය අග්නන් සග යන්නා කෙළෙ පසු එඩි රුපු දප් බිනදල(ය් * අ(ත*ළෙ නැගැ බෙයද් ආ පසු වහසින් (ත*ම මිලියෙන් ඇස සි(ට* අග්නන්ම දසු’’ ක්‍ෂණික පද්‍ය නිර්මාණයේදී සිදු වූයේ එම අවස්ථාවේ කවියාගේ සිතට නැගෙන දේ පැවසීමයි. බොහෝවිට ක්‍ෂණිකව අදහස් ඉදිරිපත් කිරීමේදී ප‍්‍රතිභාන්විත අදහස් ඉදිරිපත් නොවේ. එහෙත් සීගිරි කවියා එලෙස ප‍්‍රතිභාවෙන් වියුක්ත කවියෙකු ලෙස හ`දුන්වාදිය නොහැකිය. සීගිරි කවියා ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීමේ සහජ ප‍්‍රතිභාවකින් සමුපලක්‍ෂිත වී ඇත. සීගිරි ගීයේ පුද්ගල භේදයක් දැකිය නොහැකිය. මෙහිදී ඔහු විසින් අදහස් ඉදිරිපත් කිරීමේදී විවිධ අලංකාරද භාවිත කොට ඇති බව පෙනේ. විශේෂයෙන් ව්‍යංගාර්ථය වැනි අර්ථාලංකාර සීගිරි පද්‍ය තුළ බෙහෙවින් දැකිය හැකි අතර එහිදී හො`දම වචන හො`දම පිළිවෙළට යොදාගැනීමේදී සීගිරි කවියා ඉහළින්ම වැජඹේ. තති යුගයේ භාවිත වූ උපමාදි අලංකාරවලින් සීගිරි පද්‍ය ප‍්‍රතිනිර්මාණය කිරීමට කවියා උත්සුක වී ඇත. සීගිරි ගී අතරින් විවිධ රසයන් පළකිරීම උදෙසා ගී රචනා වී ඇත. එම ගී අතුරින් බොහොමයක් ශෘංගාර රසයෙන් යුක්තය. ‘‘ත හයි ත යත් යමි, යෙවී පිය තළ ගල වී තද වෙත ළ කරව ලී තද මයි බෙ (යදැ* කරවය’’ භාවසාධනයෙහිදී සීගිරි කවියා මනා පටුත්වයක් පළ කොට ඇත. එහෙත් ඔහු එහිදී සංයමයෙන් එය කළ බව විද්‍යමාන ලක්‍ෂණයකි. සිතුවම් කරන ලද බබළන සුරූපිණියන් දෙස ඔවුන් නෙත් යොමු කළේ කාමාශක්ත සල්ලාල පිරිසක් වශයෙන් නොවේ. එහිදී ඔවුන් ස්වකීය ප‍්‍රතිභාව අනුව වාග් චිත‍්‍රයකින් එම ලලනාවන් වර්ණනා කොට ඇත. මුල් යුගයේ කවියන් තුළ කවිත්වය මෙන්ම ප‍්‍රතිභාවද පැවැති බව මේ තුළින් ගම්‍යමාන වේ. ක්‍ෂණික හැ`ගීම් සීගිරි කවියා පැවසූ අයුරු ක්‍ෂණික අදහස් නිර්මාණය කිරීමේදී සීගිරි කවියා සෙසු කවීන් අභිභවමින් ඉදිරියෙන්ම සිටී. රසාත්මක වදන් එක පද්‍යයකට සංග‍්‍රහ කොට පූර්ණ අදහසක් පළ කිරීම මනා පරිචයක් ඇති කවියෙකුට මිස කළ නොහැකිය. දිගු පද්‍යයක් ම`ගින් සිතුවිලි රාශියක් ඉදිරිපත් කිරීමට සීගිරි නිර්මාණකරුවාට අවකාශ නොවීය. ඔහුට එසේ අවශ්‍යයද නොවීය. අල්ප වූ ඉඩ ප‍්‍රමාණයෙන් ස්වකීය අදහස් ඉදිරිපත් කිරීමට සීගිරි කවියාට හේතු වූයේ එබැවිනි. එහෙත් ඔහු එහිදී තම නිකැළැල් අදහස නොවළහා ඉදිරිපත් කිරීමට නිර්ව්‍යාක්‍ වී ඇත. විවිධ අලංකාර භාවිත කරමින් ස්වකීය අදහස ඉදිරිපත් කිරීමට සීගිරි කවියා පෙළඹී ඇති අයුරු විද්‍යමාන වන ලක්‍ෂණයකි. සීගිරි පද්‍යවල උපමාලංකාර භාවිතය සුලභව දක්නට ලැබෙන ලක්‍ෂණයකි. ‘‘සලතලහි හුණ අකර සෙය්න ලයු (තුබු * සිත් මුළා වෙ මෙනෙ මය බෙයදහි රනවනැන දුටුයෙන්’’ ‘‘ගල්තෙලෙහි හුණු අංකුරයක බ`දු සිත් ඇති ඒකාන්තයෙන් පර්වත පාර්ශ්වයෙහි රන්වන් කතුන් දැක මාගේ සිත මුළා වෙයි’’ සීගිරි කවියන් අර්ථාලංකාර පමණක් නොව, ශබ්දාලංකාරද භාවිත කොට ඇත. කර්ණ රසායනය ප‍්‍රබුද්ධ කරමින් අනුප‍්‍රාසාලංකාර සීගිරි පද්‍ය ස`දහාද යොදාගෙන තිබෙන බව සීගිරි පද්‍ය විමසීමෙන් පළට වේ. සීගිරි ගී මුත්තක ගණයට අයත් වේ. සංස්කෘත විචාරකයන් පෙන්වාදෙන්නේ යම් පද්‍යයකින් සම්පූර්ණ අර්ථයක් ඉදිරිපත් වන්නේ නම් එවැනි පද්‍ය මුත්තක ලෙසිනි. සීගිරි ගී තුළද උක්ත අදහස දක්නට ලැබේ. සෑම සීගිරි ගීයකින්ම සම්පූර්ණ අදහසක් ඉදිරිපත් කෙරේ. ‘‘ නැ`ගී බැලූමෝ රන්වන් සිහිගිරි ගල්බිත්හි හින්දි මෙහි කෙසේ මෙන් ගලමතිනි හෙන්නයුන් ( වැනි * හො ’’ ( කන්දට නැ`ගී සීගිරි ගල් බිත්තියෙහි රන්වන් කතුන් බැලීමු. විස්මයකි. ඕ කෙසේ මෙහි සිටීද ? ක`දු මුදුනින් වැටෙන්නියන් වැනි යැයි හ`ගිමි* සීගිරි කවියා එහි දෘශ්‍යමාන වන සීගිරි ලලනාවන්ගේ බාහිර ස්වරූපය පමණක් නොව, අභ්‍යන්තර ස්වරූපයද වැනීම උදෙසා ස්වකීය අවධානය යොමු කොට ඇති බව විද්‍යමාන ලක්‍ෂණයකි. සීගිරි චිත‍්‍ර නැරඹීමෙන් මන්මත් වූ සීගිරි කවීන් සමහර අවස්ථාවලදී ඒවා කෙරෙහි ආශක්ත වූ අයුරුද දක්නට ලැබේ. සීගිරි ගීවල ඇති විශේෂත්වය නම් ඔවුන් ස්වකීය නිර්මාණ ස`දහා සංස්කෘත කවියන්ගේ අදහස් උපැහැරණ කොට නොගැනීමයි. ඔවුන් සෑම විටම උපමා කොටගත්තේ තමන්ට හුරුපුරුදු උපමාවන්ය. මේ තුළද රැු`දී ඇත්තේ සීගිරි කවියන්ගේ නිර්ව්‍යාජත්වයයි. එසේම ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීමේදී නොතේරෙන උපමා ආදිය භාවිත නොකිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. සකු ඇදුරන්ගෙන් නොගෙන තමන්ට හුරුපුරුදු විලාසයෙන් සීගිරි කතුන් වර්ණනයට භාජනය කළ එක් අවස්ථාවක් ලෙස පහත ගීය හ`දුන්වාදිය හැකිය. ’‘ කොමුළ් අමඞ් ලෙඞ් ලින සී එ බොන්ද මියයුර් යහ බැ සී එ කපල් දල වන් දිගැ සී මන ජල්වයි සිත් නොමු සී ’’ ක්‍ෂණික පද්‍ය නිර්මාණයේදී සිදු වනුයේ කවියාගේ ඒ මොහොතේ සිතට නැෙ`ගන අදහස් ඉදිරිපත් කිරීමය. බොහෝවිට ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීමේදී කවියාගේ නිසර්ග හැකියාව ඉස්මතු නොවේ. එහෙත් මෙම ලක්‍ෂණය බෙහෙවින් සීගිරි කවියාගෙන් විතැන් වී ඇත. සීගිරි පද්‍ය තුළදී ඔහුගේ නිසර්ග කවිත්වය පළට වී ඇති බව සීගිරි පද්‍ය විමසීමෙන් මනාව පිළිබිඹු වේ. පුද්ගල භේදයෙන් වියුක්තව කර ඇති උක්ත නිර්මාණ තුළදී භික්‍ෂූන් වහන්සෙලා විසින් කරන ලද ශෘංගාරාත්මක වැනුම්ද දක්නට ලැබේ. එමතුද නොව ස්ත‍්‍රීන් විසින් සපත්නි රෝෂයෙන් රචනා කරන ලද ගීද සීගිරි ගී තුළදී අපට හමු වේ. සීගිරි ගීයෙහි නිම්වළලූ පුළුල් කරමින් කිවි`දියක විසින් රචනා කරන ලද පහත පද්‍ය තුළදී සීගිරි කවියා අර්ථ රසයට මෙන්ම ශබ්ද රසයටද එකසේ ඇලූම් කළ තැනැත්තෙකු විලසින් විද්‍යමාන වේ. ’‘ කැලූම් බැලූම් මුත් සනා මන නැත්තෙන් හයි ළ තද් ගලැ කළ බව ජතිම් නො තොප අසද් බන්දෙන් බෙයන්ද් ගන සිරි බර්නි අග්නක් කෙළෙයි මෙය් ගැසූ එ අභියෙසැ නුයුන් මිණි කැල්ලේ පහස්නෙන් ’’ සීගිරි කවියා පද්‍ය ආකෘතිය කෙරෙහි එතරම් අවධානයක් නොදැක්වූ බව පෙනේ. ඔවූහු එකම ආකෘතියකට සිර නොවූහ. සමහරු සිව්පද ආකෘතියද, තවත් සමහරු ගී ආකෘතියද යොදාගත් අතර ඇතැමෙක් ඒ සියල්ලෙන් වියුක්තව ගද්‍ය විලාසයෙන්ද ගී රචනා කළහ. එනමුදු ඒ තුළද කවිත්වය නොඅඩුව පවතී. එසේම සීගිරි කවියා වචන යොදා ගැනීමේදී හො`දම වචන හො`දම පිළිවෙලට යොදා ගැනීමට වගබලාගෙන ඇත. සීගිරි කවියන්ද රසවතුන්ය. එහෙත් ඔවුන් කවියන් බවට පත් වන්නේ සීගිරි සිතුවම් නැරඹීමෙන් පසුවය. එහෙත් ඔවුන් පහත් කවියන් නොව, සංයමයෙන් යුක්ත කවියන්ය. සීගිරි කවියන්ගේ සංකල්පනා ඉතාමත් ප‍්‍රශස්තය. ඔවුන් සෑමවිටම උත්සාහ කොට ඇත්තේ ස්වකීය පද්‍ය තුළින් රසවත් නිර්මාණයක් ඉදිරිපත් කිරීමටය. එසේම, සහෘදයා තුළ සීගිරි ලලනාවන් පිළිබ`දව ඇල්මක් ඇති වන පරිදි ගී රචනා කිරීම ඔවුන්ගේ ක‍්‍රමය වී ඇත. සීගිරි ගී අතර ඇතැම් ගී විචාර විලාසයෙන්ද රචනා වී තිබීම හේතු කොටගෙන සීගිරි කවියා විචාර බුද්ධියෙන් සමුපලක්‍ෂිත පිරිසක් ලෙස සැලකීමටද අවකාශ තිබේ. විවිධ අලංකාර භාවිත කරමින් ගී රචනා කිරීමද සීගිරි කවියා සතු සුවිශේෂ ලක්‍ෂණයකි. මෙහිදී ඔහු ව්‍යංගාර්ථය භාවිත කිරීම ඉතාමත්ම වැදගත්ය. සීගිරි පද්‍ය අතර මුල් පාද දෙක ප‍්‍රශ්නයක් මතුකරමින්ද සෙසු පාද දෙක ඊට ප‍්‍රත්‍යුත්තර සපයමින්ද රචනා කොට ඇත. මෙය ක්‍ෂණික අදහස් පැවසීමේදී භාවිත කිරීමට අතිශයින් අපහසු කාර්යයකි. එහෙත් සීගිරි කවියා එවැනි අපහසු කර්තව්‍යයක් පවා ඉතා පහසුවෙන් කළ බව සුපැහැදිලි කාරණයකි. මෙම`ගින් පැහැදිලි වනුයේ සීගිරි ගී රචකයා රසිකයෙකු මෙන්ම ප‍්‍රතිභාපූර්ණ කවියෙකුද වූ වගයි. සීගිරි ගීය මුක්තකවලට පමණක් සීමා වීම හේතු කෙට ගෙන ඔවුන් විසින් ව්‍යංගාර්ථය බෙහෙවින් යොදාගෙන ඇත. මේ ස`දහා 183වන ගීය හො`දම නිදසුනකි. ‘‘නො මද නො සුනිල් (ම*ල තමන් නෙතකින් බැල්මෙන් උරදෙක්හි එක් ළ`ග (ම*ල් (ගු*ළු දනා යත වෙ(ත* ගල’’ ’‘මහනෙල දෙස නිතර බලමින් සිටින්නේ, දෙනුවන්හි ඇති මහනෙල් පැහැය ම`ද නිසාද? මෙසේ සිතමින් මෙන් මිනිසුන් පර්වතය දෙසට ඇදෙන විට පියයුරු ම`ඩලෙහි ගවසා තිබුණු මල්, ඒ කාන්තා තොමෝ වහා ඉවත ලූවාය යනු මෙහි ඉ`දුරා ප‍්‍රකාශ වන අරුත වන අතර මිනිසුන් මහ ම`ග යන විට ඔවුන් දෙස බලා සිටි ගැහැණුන් තමන් පැළ`දි මල් බිම දමන්නේ මන්ද? ඒ ප්‍රෙම සම්බන්ධයකි’ යන්න මෙහි එන ව්‍යංගා්ර්ථය වෙයි. මේ අනුව පැහැදිලි වනුයේ සීගිරි කවියෝ ව්‍යංගය භාවිත කිරීමෙහිද සමත්කම් පෑ පිරිසක් බවයි. ඔවුන්ට ගී රචනා කිරීමට තිබූ අල්ප වූ ඉඩ ප‍්‍රමාණය නිසා මෙන්ම කාව්‍ය රචනාවෙහි පටුත්වය නිසා මෙලෙස ව්‍යංගාර්ථය භාවිත කරන්නට ඇති බව සිතිය හැකිය. ඔවුන් කාව්‍ය සංකල්පවලින් පරිපෝෂිත පිරිසක් බවටද මේ අනුව අපට අවබෝධ කරගත හැකිය. එසේම ඔවුන්ගේ ගී තාත්විකය. මේ අනුව සීගිරි ගී, ගල් බෙය`දක චිත‍්‍රණය කළ ස්ත‍්‍රීන්ගේ භාවහාව ලීලාවන් දැකීමෙන් ප‍්‍රමුදිත සිත් ඇති සහජ කවිත්වයෙන් සමුපලක්‍ෂිත සිංහල රසකාමීන්ගේ සිත් ගැබට ගොඩවැදුණු කාව්‍ය සංකල්පනා ලෞකික පරමාර්ථයන් පරාමර්ෂණය කොට ගෙන රචිත අදීන කවීන්ගේ නිර්මාණ සමුච්චයක් ලෙස සැලකිය හැකිය. එසේම, අව්‍යාජ හැ`ගීම් මේ තුළට ගොනු වී තිබීම හා ස්වාධීන අදහස් ගැබීවී තිබීමද සීගිරි ගී සුවිශේෂී නිර්මාණ වීමට හේතු යුක්ති වී ඇත. අටළොස් වසක් රාජ්‍ය විචාළ ප‍්‍රථම කසුප් නිරි`දුන් විසින් නිර්මාණය කරන ලද සීගිරිය වනාහි ලොව අටවන පුදුමය ලෙස ලෝකවාසීන්ගේ සම්භාවනාවට පාත‍්‍ර වේ. එහි විචිත‍්‍රවත් බව හා අගය වැඩිවීමට බලපෑ තවත් ප‍්‍රබල සාධකයක් නම් සීගිරි කැටපත් පවුරේ රචනා කොට ඇති සීගිරි කුරුටු ගීයන්ය. ගණනින් ගී 708ක් වන මෙහි බොහෝ ගීත රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව විසිනි. ඔවුන් ස`දහා විවිධ කරුණු වස්තු විෂය වූ බව ඒ පිළිබ`දව විමසීමෙන් මනාව පළට වේ. ඇතැමුන් සීගිරි පව්වද, තවකෙක් සීගිරි පව්ව පාමුල නිර්මාණය කොට ඇති සිංහයාද වස්තු විෂය කරගත් අතර බොහෝ සීගිරි කවීන්ට වස්තු විෂය වී ඇත්තේ සීගිරියෙහි චිත‍්‍රණය කොට ඇති සීගිරි අප්සරාවන්ය. තවද සීගිරිය නැරඹීමට බොහෝ පිරිස සීගිරිය වෙත පැමිණියහ. ඔවුහු ස්වකීය චිත්ත සන්තානය තුළ උපන් හැ`ගීම් සීගිරි කැටපත් පවරු මත ලියා තැබීමට අමතක නොකළහ. මෙම නිබන්ධය තුළදී අපගේ අවධානය යොමු වන්නේ සීගිරි කවීන් ක්‍ෂණිකව උපන් සිතුවිලි ධාරා කැටපත් පවුර මත ලියා තිබූ ආකාරය පිළිබ`දවය. වාචෝද්ග‍්‍රහණය නොකළද ගී රචනා කිරීම පිළිබ`දව පුළුල් අවබොධයක් හා පරිකල්පනයක් ඔවුන් සතුව තිබූ බව ඒ පිළිබ`දව විමසීමෙන් පැහැදිලි වේ. අවස්ථාවෝචිතව ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීම අතිශයින් අපහසු කාර්යයකි. එම අභියෝගය සීගිරි කවියා බොහොම පහසුවෙන් ජයග‍්‍රහණය කළ බව පෙනේ. ඔවුන්ගේ ගී ඔවුන්ගේ සිත් තුළ උපන් අව්‍යාජ හැ`ගීම්ය. සීගිරි ගීවල වටිනාකම තීව‍්‍ර වීමට මෙයද ප‍්‍රබල සාධකයකි. ගැමි උපමාදි අලංකාර භාවිත කොට ඇති නිසා ක්‍ෂණික හැ`ගීම් සීගිරි පද්‍ය තුළින් පිළිබිඹු කෙරෙන බවට විවාදයක් නොමැත. කෙසේ වුවද උක්ත කරුණු අනුව සීගිරි පද්‍ය තුළින් සීගිරි කවියාගේ ක්‍ෂණික හැ`ගීම් ඉදිරිපත්ව ඇති බවට පැවසීම සාවද්‍ය නොවේ. සමාශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය  ද්වීතීයක මූලාශ‍්‍ර කුලසූරිය, ආනන්ද. ‘‘සිංහල සාහිත්‍යය 1 ’’, සමන් මුද්‍රණාලය, මහරගම, 1961 ධම්මානන්ද ස්ථවිර, තලල්ලේ. ‘‘සීගිරි පද්‍ය’’, අභය ප‍්‍රකාශකයෝ, ගල්කිස්ස, 1966. පරණවිතාන. එස්. - ‘‘සීගිරි කුරුටු ගී 1 වෙළුම’’, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ 07, 2000.  සංස්කරණ ‘‘ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම ශාස්ත‍්‍රීය ස`ගරාව 2005-2006’’, (සංස්.*.යටගල ධම්මපාල හිමි ඇතුළු පිරිස, ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම. ‘‘සීගිරි පද්‍යාවලිය’’, (සංස්.*. නන්දසේන, රත්නපාල. ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, දෙවන මුද්‍රණය 2004.