Thursday, December 12, 2013
සාහිත්‍ය කලා නිර්මාණවල ශෘංගාර රසය ජනිත වන අයුරු
සාහිත්‍ය කලා නිර්මාණවල ශෘංගාර රසය ජනිත වන අයුරු
අනේකවිධ විචාරවාදයන්ට ප‍්‍රභවස්ථානය වූ දේශයක් ලෙස භාරත දේශය අවිවාදයෙන් සැලකිය හැකිය. ප්‍රෞඪ ඉතිහාසයක් ඇති තදීය දේශවාසී ජනයා බුද්ධියේ මුඛ්‍ය ඵලය සඵල කර ගැනීමට ද සමත් විය. ඔවූහු සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයන් ආරම්භ කළා පමණක් නොව, ඒවා විචාරය කරනු වස් විචාරවාදයන් ද ආරම්භ කළහ.මේ අනුව ඔවුන් විසින් ප‍්‍රධාන වශයෙන් සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයන් විචාරය උදෙසා ෂට්විධ විචාරවාදයන් ආරම්භ කරන ලදි. එනම්,
රසවාදය
අලංකාරවාදය
ගුණ-රීතිවාදය
ධ්වනිවාදය
වක්‍රෝක්තිවාදය
ඖචිත්‍යවාදය
යනුවෙනි. මෙම විචාරවාදයන් අතර ප‍්‍රථමාංකයෙහි දැක්වෙන රසවාදය ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමිවනුයේ ක‍්‍රි.පූ පළමු වන සියවසේ විසූ භරත මුනිවරයාට ය. ඔහු විසින් රචනා කරන ලද ‘‘නාට්‍යශාස්ත‍්‍රය’’නමැති කෘතිය ඔස්සේ මෙම විචාරවාදය පිළිබ`ද ප‍්‍රථමයෙන් සාකච්ඡුා කොට ඇති අතර පසුකාලීන ව පහළ වූ විචාරකයන් විසින් මෙම විචාරවාදය තවත් එක් එක් ක‍්‍රමවේදයන් ඔස්සේ විචාරය කෙරිණි.
මෙම නිබන්ධයේ දී ප‍්‍රථමයෙන් ම අපගේ අවධානය යොමු වනුයේ ‘‘රසවාදය යනු කුමක්ද?’’ යන්න සංක්‍ෂේපයෙන් පැහැදිලි කර දීමට ය. රසය ජනිත වීම උදෙසා භාවයන් අත්‍යන්තයෙන් ප‍්‍රයෝජනවත් වේ. භරත මුනිවරයා රස හා භාව අටක් දක්වයි. පසුකාලීන විචාරකයන් විසින් මෙම රස හා භාව තවත් සංවර්ධනය කරන ලදි. භරත මුනිවරයා ඉදිරිපත් කරන ලද රසයන් අතර පළමු වැන්න ශෘංගාරය යි. ‘ශෘංගාරය’ යනු කුමක්ද යන්න තදනන්තර ව නිර්වචනය කෙරේ. පසුව සාහිත්‍ය කලා නිර්මාණයන්හි ශෘංගාරය මිනිසා තුළ ජනිත වන්නේ කෙසේද යන්න පිළිබ`ද ව සාකච්ඡුා කෙරේ.
උක්ත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් රචනා කෙරෙන මෙම නිබන්ධය රසවාදය හා ශෘංගාරය පිළිබ`ද ව නිරවුල් අවබෝධයක් ලබාගනු වස් සප‍්‍රයෝජනවත් වන බව නිරනුමාන ය.
රසවාදය
භාරතීය විචාරවාදයන් අතර රසවාදයට සුවිශේෂී තැනක් හිමි වේ. ‘‘නාට්‍ය ශාස්ත‍්‍රය’’ නමැති විශිෂ්ට කෘතිය නිර්මාණය කළ භරත මුනි විසින් තත් ග‍්‍රන්ථයෙහි සවැනි සහ සත්වැනි පිරිසි`දයන්හි දී මේ පිළිබ`ද ව හ`දුන්වා දී ඇත. නාට්‍ය ශාස්ත‍්‍රයේ දී රසය යන්න නාට්‍යමය උපාංගයක් වශයෙන් දක්වා තිබේ. එහෙත් එය පසුකාලීන විචාරකයන් විසින් සියලූ සාහිත්‍ය කලා නිර්මාණයන්හි පැතිර පවත්නා ධර්මතාවක් වශයෙන් පෙන්වා දී ඇත. භරත මුනි විසින් රස සංකල්පය ඉදිරිපත් කොට ඇත්තේ ආස්වාද්‍ය සුඛයක් වශයෙනි.
‘‘කාව්‍ය නාටකාදී වශයෙන් සාහිත්‍ය කෘතියකින් හෝ වෙනත් කිසියම් කලා නිර්මාණයකින් හෝ සහෘදයා පොදුවේ වි`දින ආනන්දමය හැ`ගීම ‘රස’ යන පදයේ පෘථූල වූ අර්ථය යි.’’ එහෙත් මෙම සංකල්පය හ`දුන්වා දුන් භරත මුනිවරයා ‘‘විභාවානුභාවව්‍යභිචාරීසංයෝගාද්‍රස නිෂ්පත්ති:’’ යනුවෙන් විභාව, අනුභාව හා ව්‍යභිචාරී සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වන අයුරු දක්වා ඇත. ඔහුට අනුව ‘විභාව’ යනු උචිත පරිසරයන් උදා වූ කල්හි මිනිස් සිතෙහි ජනිත වන්නා වූ රති ආදි මනෝභාවයන් ය. සුදුසු පරිසරයන්හි දී සුදුසු හේතුප‍්‍රත්‍ය එළඹ සිටි කල්හි මේවා ජනිත වීමේ හැකියාව ඇත. රසවාදීන් විසින් ආලම්භන විභාව හා උද්දීපන විභාව වශයෙන් විභාව කොටස් දෙකකට බෙදා විග‍්‍රහ කෙරේ. ආලම්භන විභාව යනු අරමුණක එල්බ ගැනීමට හේතු වන්නා වූ බාහිර ලෝකයේ යම් යම් වස්තූන් ය. උද්දීපන විභාව යනු එසේ එල්බ ගෙන උපදින මනෝභාවයන් තීව‍්‍ර කිරීමට හේතුවන බාහිර පරිසරය යි.
‘අනුභාව’ යනු උපන් ස්ථායී භාවයට අනුකූල ව ඔහුගේ ශරීරයේ, මුහුණේ, හැසිරීමේ, වචනවල ඇති වන වෙනස්කම් ය. ආලයේ දී ඇති වන යම් යම් ඉ`ගිබි`ගි අනුභාව ලෙස නිදසුන් කොට දැක්විය හැකි ය. එසේ නම් ‘ව්‍යභිචාර භාව’ යනු කුමක්ද? ව්‍යභිචාර භාව කිසිවිටෙකත් ස්ථීර ව නොපිහිට යි. මේවා ප‍්‍රධාන භාවයන්ට අනුකූල ව උපදී. ප‍්‍රධාන භාවයන්ට අනුගත ව උපදින නොඑසේ නම් ප‍්‍රධාන භාවයන් තීව‍්‍ර කරන භාවයන් ලෙස ද මේවා හැ`දින්විය හැකි ය. භරතට අනුව ව්‍යභිචාර භාවයන් තිස් තුනකි.
උක්ත විභාව, අනුභාව හා ව්‍යභිචාර භාවයන්ගේ සංයෝගයෙන් රස නිෂ්පත්තිය සිදු වන බව භරතගේ මතයයි. විභාව, අනුභාව හා ව්‍යභිචාර භාව යන ත‍්‍රිවර්ගයෙහි ම අරමුණ වන්නේ නළුනිළියන්ගේ හා පාත‍්‍ර වර්ගයාගේ සිතෙහි උපදින ස්ථායී භාවයන් ප‍්‍රකාශ කිරීමයි. භරත රස නිෂ්පත්තියට හේතු වන භාව අටක් සහ ඒ එකිනෙකින් ලැබෙන රස ද නාට්‍ය ශාස්ත‍්‍රය තුළ පෙන්වා දී ඇත.එනම්,
භාව රස
රති ශෘංගාර
හාස හාස්‍ය
ශෝක කරුණ
ක්‍රෝධ රෞද්‍ර
උත්සහ වීර
භය භයානක
ජුගුප්සා බීභත්ස
විස්මය අද්භූත
පසුකාලීන ව මෙම රස හා භාව තව තවත් සංවර්ධනය වූ අතර මෙහි දී අපගේ අවධානය යොමු වනුයේ රති භාව හා ඒ බැ`දුණු ශෘංගාර රසය පිළිබ`ද පමණි.
ශෘංගාර රස යනු කුමක්ද?
භරත මුනිවරයා පෙන්වා දෙන රසයන් අතුරින් ප‍්‍රථමාංකයෙහි ඉදිරිපත් කරන ලද්දේ ශෘංගාර රසය යි. රසවාදයේ දී ඉතාම වැදගත් තැනක් ශෘංගාර රසයට හිමි වේ. එසේම සංස්කෘත විචාරකයන් දක්වන පරිදි රස අතුරින් ශෘංගාරය අතිශය සියුමැලි රසය ද වෙයි. ශෘංගාරය යන වචනය තැනී ඇත්තේ ‘ශෘංග’ යන්නෙනි. ‘ශෘංග’ යනු අනංගයාගේ උද්‍රෙකය යි. එබැවින් තත් ප‍්‍රාප්තියට හේතුවන්නා වූ ආස්වාදය ‘ශෘංගාර’ නමින් හ`දුන්වා තිබේ. සංස්කෘත තත්සම වචනවක් වන මෙහි අර්ථ දහයක් මහා සිංහල ශබ්දකෝෂය තුළ දක්වා තිබේ. සුමංගල ශබ්දකෝෂය තුළ ද ශෘංගාරය යන වචනය උදෙසා ‘‘ආලය, රාගය, මෙවුන්දම, රාගෝත්පාදයට හේතුවන ඇ`දුම් ආදියෙන් කළ වේශය, ආභරණය, නෘත්‍යය, ආලය පිළිබ`ද හැ`ගීම්, නාට්‍යරසයන් අතුරින් පළමු වැන්න, විලාසය, විසිතුරු ලෙස සැරසුණු අය’’ යන අර්ථ දක්වා ඇත. මෙය රතිය නමැති ස්ථායී භාවයෙන් උපදින්නකි. ශාංගාරය අභිමානයට අධිවචනයක් වශයෙන් ද ඇතැම් වියත්හු පෙන්වා දෙති.
භරත මුනි ශෘංගාර රසය විස්තර කරනුයේ ‘‘මේ ලෝකයෙහි සුපිරිසිදු වූ, නිර්මල වූ, දර්ශනීය වූ යමක් ඇත් ද ඒ සියල්ල ශෘංගාරය හා සම්බන්ධ කොට සැලකේ. නිදසුන් වශයෙන් යමෙකු උදුල් වූ ඇ`දුම් පැළ`දුමින් සැරසී සිටිත්ද, ඔවූහු ශෘංගාරවත් යැයි කියනු ලැබෙත්...එහෙයින් ළගන්නා බැවින් ද, උදුල් වෙස් ආත්ම කොට ඇති බැවින් ද මේ රසයට පෙර පටන්ම ශෘංගාර යන නම තබා ඇත. එය ස්ත‍්‍රී පුරුෂයන් හේතු කොටගෙන පවත්නේ ය. භද්‍ර යෞවනය හා බැ`දී ඇත්තේ ය,’’ යනුවෙනි.
මෙයින් අපට ශෘංගාර රසයේ ස්වභාවය කෙබ`දු දැයි පැහැදිලි වේ. තවදුරටත් එය විස්තර කරනු ලබන විශ්වනාථ ප`ඩිවරයා පවසන්නේ ශෘංගාරයෙහිලා පරස්ත‍්‍රිය ද, අනුරාග රහිත ස්ත‍්‍රිය ද, වෛශ්‍යාව ද හැර අන්‍ය නායිකාවෝ ද, දක්‍ෂිණාදී නායකෙයෝ ද ආලම්බන විභාව වන බවයි. චන්ද්‍රාලෝකය, භෘංගනාද යනාදීහු උද්දීපන විභාව ලෙස ද, භ‍්‍රෑ, වික්‍ෂේප ආදිය අනුභාව යටතට ද. ඖග‍්‍ර්‍ය, මරණ, ආලස්‍ය, ජුගුප්සා යනාදිය හැර අනෙක් ඒවා ව්‍යභිචාරී භාව ලෙසද දැක්විය. පසුකාලීන ව, ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමයේ ඒ ඒ අවස්ථානුකූලව මෙහි විවිධ ප‍්‍රභේදයන් විභේදනය වී තිබෙනු අපට දැකිය හැකිය. ඒ අනූව එහි මූලිකම අවස්ථා දෙකක් දක්වා තිබේ. එනම් සම්භෝග ශෘංගාරය හා විප‍්‍රලම්භ ශෘංගාරය නමිනි. සම්භෝග ශෘංගාරය වසන්ත ආදී රමණීය ඍතු, මල් මාලා, ප‍්‍රියයන් හෝ ප‍්‍රියාවන් දැක්ම හා ඔවුන්ගේ මිතුරු තෙපුල් ඇසීම, තොෙ`දාල් බස් බෙණෙමින් හුරතල් කරීම යනාදී විභාවයන්ගෙන් උපදින්නකි. විප‍්‍රලම්භ ශෘංගාරය නිර්වේද, ග්ලානි, ශංකා, අසූයා, ශ‍්‍රම, චින්තා, ඖත්සුක්‍ය, නිද්‍රා, ස්වප්න විබෝධ, ව්‍යාධි, උන්මාද, අපස්මාර, ජඩතා, මරණ ආදී අනුභාව තුළින් උපදී. විප‍්‍රලම්භ ශෘංගාරය නැවත කොටස් වශයෙන් පූර්වානුරාගාත්මක, මානාත්මක, ප‍්‍රවාසාත්මක, කරුණ ලෙස හතරක් දක්වයි.
සාහිත්‍ය කලා නිර්මාණවල ශෘංගාර රසය ජනිත වන අයුරු
රතිය උද්දීපනය වන සේ පබැ`දීම මගින් ශෘංගාර රසය ජනනය වන අයුරු ඉහත දැක්වූවෙමු. සාහිත්‍ය කලා නිර්මාණයන්හීදී නිර්මාණකරුවන් විසින් මිනිස් සිත ප‍්‍රබෝධවත් කරනු වස් ශෘංගාරය පාදක කරගන්නා අයුරු බෙහෙවින් දැකිය හැක ය. රති භාව මූලික කොට ගෙන උපදින ශෘංගාරය ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට විභජනය වන බව ඉහතින් ස`දහන් විය. සාහිත්‍ය කලාවන්හි දී උක්ත අංගද්වය ම එනම්, සම්භෝග ශෘංගාරය හා විප‍්‍රලම්භ ශෘංගාරය ප‍්‍රතිනිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ. මනුෂ්‍ය චිත්ත සන්තානගත ව ශෘංගාර රසය ජනිත කිරීමට සාහිත්‍ය කලාවන්හි දී නිර්මාණකරුවන් සමත් වී ඇති අයුරු කෙසේ ද යන්න සලකා බලමු.
සම්භෝග ශෘංගාරය - ඵමඑම්ක ැබවදහපැබඑ
සම්භෝභ යනු එක්වීම යි. ‘‘...එයින් සම්භෝග ශෘංගාරය වූ කලී වෙන් ව ගියා වූ පෙම්වතකු හෝ පෙම්වතියක නැවත සම්මුඛ වූ අවස්ථාවක ඔවුනොවුන්ගේ දර්ශනය හා ස්පර්ෂය ආදිය හේතුකොටගෙන හදවත් තුළ ඇති වන රතිස්වරූපික වූ කාමික හැ`ගීම් ය,’’ යනුවෙන් සම්භෝග ශෘංගාරය යනු කුමක්දැයි විපුලශාන්ති කරුණාරත්නයන් අර්ථකථනය කොට ඇත. සම්භෝග ශෘංගාරයට පෙම්වතුන්ගේ හා පෙම්වතියන්ගේ දර්ශනය හා ස්පර්ෂය පමණක් නොව බාහිර පාරිසරික සාධකයන් ද අත්‍යවශ්‍ය වේ. මේ කාරණය අවබෝධ කරගැනීම ස`දහා මියුරු සෙ`දසෙහි එන පහත නිදර්ශනය සප‍්‍රයෝජනවත් වේ.
‘‘මුළු ? නොවිද උදයෙහි බසිමින් ගසිනි
පියවන සෙ`දහි සළු අ`දවති රති මතිනි
නොපනත් පනත් කළ සැවුලන් නරඹමිනි
විල්කත් සිනා ගත් වැනි සියපත් වතිනි’’
සැවුලන්ගේ චර්යා පද්ධතියේ එක් ලක්‍ෂණයක් මියුරු සෙ`දස් කතුවරයාට ග‍්‍රහණය විය. සැවුලන් සම්භෝග සුවය වි`දිනුයේ උදෑසන ය. රාත‍්‍රී කාලයෙහි ඔවුන්ට තත් කාර්ය සාධනය කළ හැකි නමුත් ඔවුන් එසේ රාත‍්‍රිය තුළ සම්භොග සුවය නොවි`ද උදයෙහි තත් කාර්යෙහි නිරත වන විට එයින් ලැජ්ජාවට පත් විල්කත සියපත් වතින් සිනා ගත්තාක් වැනි ය. සම්භෝග ශෘංගාරය මිනිස් සිත තුළ ජනිත වීමට අවශ්‍ය මූලික බාහිර සාධකයන් කතුවරයාගේ වර්ණනා විෂයට පාදක කරගෙන ඇත. රතිය හෙවත් ඇල්ම මිනිස් චිත්ත සන්තානය තුළ ජනිත වීමට අවශ්‍ය වර්ණනයන් මේ තුළ අන්තර්ගත වී ඇත. රාත‍්‍රිය වනාහි සම්භෝග ශෘංගාරය ජනිත කිරීමට පාදක වන ප‍්‍රධාන කාරණයකි. විල කාන්තාවට මෙහිදී උපමා කෙට ඇත. එය ද සම්භෝග ශෘංගාරයේ එක් ලක්‍ෂණයකි. මේ අනුව කතුවරයා මිනිස් සිත තුළ සම්භෝග ශෘංගාරයට ආවශ්‍යයික වැනුම් තුළින් තත් ස්වභාවය මිනිස් සිත තුළ ජනිත කොට ඇති බව විද්‍යමාන ය.
‘‘පේ‍්‍රමයෙන් මන රංජිත වේ - නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ - ලංකෘත වේ
ආලයෙන් වෙළී සැදි මෙ ලතා
මණ්ඩපයෙන් චණ්ඩාතප ඛණ්ඩිත වේ හිරු රජි`දුගේ
කෝකිල හ`ඩ කන් පිනවයි - රන් ස්වරයයි
?න ගිරව් දෙන ගී සින්දු - අම බින්දු
සෑම දෙසේ සංගීත ඇසේ
පිපි තඹරන නද බඹරන පිය රැුව් දෙන ලිය කි`දුරන’’
මනමේ නාටකය තුළ අඩංගු මෙම ගීතය සම්භෝග ශෘංගාරය මිනිස් සිත තුළ උජ්වලිත කිරීමට බෙහෙවින් උපකාරී වේ. මනමේ කුමරා හා කුමරිය වනය අතරින් ගමන් කිරීමේ දී ඔවූහු මෙය ගයති. සම්භෝග ශෘංගාරයට අවශ්‍ය පාරිසරික සාධක කතවරයා මැනවින් යොදාගෙන ඇත. වනාන්තරය පුෂ්පයන්ගෙන් යුක්ත වීම, ලතාවන්, කෝකිල හ`ඩ, ?න ගිරවුන්ගේ නාදය තඹුරු පිපීම බඹර නාදය, ලිය කි`දුරු න`ද ආදිය සංකලනය වීම තුළ ඕනෑම පුද්ගලයෙකුගේ සිතෙහි ශෘංගායක් උපදී. ශ‍්‍රවන, දර්ශන හා ස්පර්ශන යන ත‍්‍රිවිධාකාර ශෘංගාරයක් මේ තුළින් ඇති වේ.
‘‘එක්බිති නන්කුසුම් රෙජෙන් ලොව් තවරමින්, කෙවුලන් කුල්වමින් මත්මොනරගණා පිලඹරා කෙකා ගන්වමින්, වෙහෙල් මියුල්ගණා මනදොළ පුරමින්, ග`දගජන් මදකරවමින් මල්පල්ලෙන් සාමඩුලූ සදමින්, බමරකැල ගුම් ගවන්වමින් වනවිල්හි තිසරඋරග සින්බුන් රළසැතින් පුල්මහනෙල්ගලවමින් පියුම්තඹුරුවෙනෙහි රොන් උදහවමින්...’’
ධර්මප‍්‍රදීපිකා කතුවරයා සුළුකළි`ගුදා වත ඉදිරිපත් කිරීමේදී ශෘංගාරවත් වැනුම් යොදාගත් මේ උක්ත උද්ධෘතයෙන් ස්ඵුට වේ. ස්වභාවික පරිසරය මනරම් උපමා හා රූපක යොදාගනිමින් දර්ශන ශෘංගාරය මිනිස් සිත තුළ ජනිත කෙරේ. සාගල නුවර මදුරජුගේ දුව වර්ණනයට බ`දුන් කරන කතුවරයා ඇගේ රූපශ‍්‍රීය පාඨක සිත් තුළ චිත‍්‍රණය කරයි. මෙයින් ඇය පිළිබ`ද රති භාවයත් ශෘංගාර රසයත් මිනිස් සිත තුළ ජනනය වේ. මේ අනුව සාහිත්‍ය කලා තුළින් සම්භෝග ශෘංගාරය මිනිස් සිත තුළ ජනනය කෙරෙන බව පැහැදිලි ය.
විප‍්‍රලම්භ ශෘංගාරය - ෘැජැචඑසදබ ැබවදහපැබඑ
‘විප‍්‍රලම්භ’ යනු වෙන්වීම යි. ‘‘විප‍්‍රලම්භ ශෘංගාරය නම් තරුණ තරුණියන්ගේ අන්‍යෝන්‍ය අභිෂ්ඨාර්ථ සිද්ධීන් යම්කිසි හේතුවකින් වැළකුණු විට හෝ පෙම්වතුන් යුවලක් හදිසියෙන් වෙන්වීමෙන්, එකිනෙකාගේ හදවත් තුළ ඇතිවන ස්වභාවය යි. විප‍්‍රලම්භ ශෘංගාරය සතරාකාරයකට බෙදා දක්වා ඇත. එය මානාත්මකය, පූර්වානුරාගය, ප‍්‍රවාසය, කරුණාත්මකය යනුවෙනි.’’ මේ අනුව විප‍්‍රලම්භ ශෘංගාරය යනු කෙබ`දු ස්වභාවයක් ද යන්න මනාව ස්ඵූට වේ. පැරකුම්බා සිරිතේ දී පැරකුම් රජුගෙන් වියෝ වූ කාන්තාවගේ ස්වරූපය මැනවින් නිරූපණය කොට ඇත.
‘‘බන්දා මින්දද මද අරවින්දා සරලා සර යානේ
මන්දා නිල තුර`ගුට නැෙ`ගමින්දා වියොවග නා වානේ
චන්දා නල ලෙස විය නෙත නින්දා නොලදිමි තනි යානේ
කැන්දා වරෙ පැරකුම් නරනින්දා සකි ස`ද ස`ද පානේ’’
ඇයට අනංගයාගේ දුන්නෙහි නෙළුම් මල් ඊය දමා ම`ද සුළ`ග නමැති අශ්වයා පිට නැ`ගී වියෝ ගින්න වැඩි කරමින් එයි. චන්ද්‍රයා ද ඇයට ගින්නක් වැනිය. ඇය හුදෙකලාව යහනට ගිය නමුදු නින්ද නොය යි. එබැවින් ඇය පවසනුයේ ස`ද එළියේ පැරකුම් රජු කැ`දවාගෙන එන ලෙසට ය. මෙහිදී දක්වන අනංගයා සහ ඔහුගේ දුන්න, ම`ද සුළ`ග, චන්ද්‍රයා, නිදි යහන, ස`ද එළිය ආදිය ශෘංගාරය ජනිත කිරීමට හේතු වන වස්තූන් ය. එහෙත් ප‍්‍රියයාගෙන් වෙන් ව සිටින බැවින් සිත් තුළ ජනිත වනුයේ විප‍්‍රලම්භ ශෘංගාරය යි. පද්‍ය නමැති සාහිත්‍ය නිර්මාණය තුළින් මිනිස් සිතෙහි විප‍්‍රලම්භ ශෘංගාරය ජනිත කිරීමට පැරකුම්බා සිරිත් කතුවරයා සමත් වී ඇති බව මේ අනුව අපට අවබෝධ කරගත හැක ය.
‘‘පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත්දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා
ඉර පායා ඉර අවරට ගියාදෝ
ස`දපායා ස`ද අවරට ගියාදෝ
ඇ`ඩූ ක`දුළු මූදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ’’
ජනකවියා ද විප‍්‍රලම්භ ශෘංගාරය ජනිත කිරීමට සමත් වූ බව උක්ත පද්‍යද්වයෙන් ස්ඵූට වේ. කවියා සතතයෙන් ම ස්වකීය පෙම්වතිය ගැන සිතයි. ඇය ඔහු ළ`ග නැත. එහෙත් ඇය පිළිබ`ද මතකයන් තවම සිතේ පවතී. ඔහු එය ස්මරණය කරමින් ශෘංගාරාත්මක ආශ්වාදයක් වි`දී. මෙය පශ්චාත්තාපයකි නොවේ. ඔහු ඇය පිළිබ`ද ශෝක නො කරයි. ඔහුට ඇත්තේ ආශ්වාදයක් පමණි. එය අතිශයින් ම ස්වකීය සිතුවිලි ධාරාවත් සම`ග ඒකාත්මික වූවකි. ශෘංගාරය ජනනයට අවශ්‍ය පසුබිමක් ද ජනකවියාම සම්මුඛ වී ඇත.
කව්සිළුමිණ මහාකාව්‍ය නමැති සිංහල සාහිත්‍ය කෙතෙහි ජනිත අග‍්‍රගණ්‍ය ඵලය ලෙස දැක්විය හැකි ය. එම ගතෙහි එන පහත ගීය අපට විප‍්‍රලම්භ ශෘංගාරය නම් කෙබ`දුදැයි මනාව පසක් කොට දෙන්නකි.
‘‘රතොට රත ඇදියෙම්- කොපොලැ පතලේ බි`දියෙම්
තනහස මුසු කළෙම්- නිදොසිම්ලූ හා නුගියට’’
එහි අදහසට අනුව තොලෙහි රතත්, කොපුලත පත්ලේත්, තන හසුනුත් ඉතා අගය කොට සලකති. පබවතට අයත් ඒ සියල්ලම මම දුරුකළෙමි. එතරම් වැරදි කළ මම පබවතට දොසක් නොකෙළෙම්ලූ. අෙ`දා්මැයි... වැරදි කරුවෝ සිය වැරැුද්ද වරදකැයි නොසිතති. නොකියති, යනුයි. පබවතිය නැති සොවින් තැවෙන කුස රජු, ඇය හා තමා සමහන් සුවය වි`දි අයුරු සිහිපත් කරයි. එයත් ඔහුට සැපයකි. ඔහු ඇය හා කරන ලද නොයෙකුත් කි‍්‍රයාකාරකම් මගින් පාඨක සිතේ ශෘංගාරාත්මක රසයක් උපදවයි. කුස රජු ගැන කරුණාවකුත්, පබාවතිය ගැන කරන ප‍්‍රකාශයෙන් රතියත් උද්දීපනය වෙයි.
‘‘දම්පාටින් ළා ස`ද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
දම්පාටින් ස`ද මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑනේ
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මං’’
ලූෂන් බලත්සිංහලයන්ගේ ගේය පද රචනයෙන් ද ගුණදාස කපුගේ හා මාලනී බුලත් සිංහලයන්ගේ සුගායනයෙන් ද ශෝභාමත් වූ මෙම ගීය විරහ නොහොත් විප‍්‍රලම්භ ශෘංගාරයේ ස්වභාවය මිනිස් සිත තුළ මනාව සනිටුහන් කරයි. මේ ස`දහා ගේය පද රචකයා යොදා ඇති සංකේත ඉවහල් වී ඇත. දම්පාටින් ස`ද බැස යාම දවස නිමා කිරීමේ සංකේතය යි. ස`ද බැස යන විට අහස ඊට අනුරූප වේ. ඒමතු ද නොව, වෙන් වී යන මොහොතක් පාසා පේ‍්‍රමවන්තයාගේ මුහුණ දම්පාට අහස බ`දු ය. ඔහු ගොළු වී සිටී. ගොළු වී සිටීම යනු විප‍්‍රලම්භ ශෘංගාරයේ අතිශය උචිත අවස්ථාව යි. මේ අනුව බාහිර සාධකයන් ද සම්මිශ‍්‍රණ්‍ය වීම හේතු කොටගෙන මිනිස් සිතෙහි ශෘංගාරය ජනිත වන අයුරු පළට වේ. ශෘංගාරය හුදෙක් එක් ඉන්ද්‍රියකට පමණක් ම සීමා නොවන අතර පංචේන්ද්‍රියයන් තුළින් ම ජනිත වේ. ඕනෑම සාහිත්‍ය කලාවක් තුළ එක් ඉන්ද්‍රියක් හෝ ශෘංගාරයට පත් කරයි. මේ අනුව මිනිස් සිත තුළ ශෘංගාරය ජනිත කිරීමට ඕනෑම සාහිත්‍ය කලාවකට හැකි බව පැහැදිලි ය.
භාරතීය විචාරකයන් විසින් පෙන්වා දෙන ලද ෂට් විචාරවාද අතර රසවාදය යනු කුමක්ද යන්න පිළිබ`ද ව මෙහිදී සාකච්ඡුාවට බ`දුන් කොට ඇත. මෙම විචාර සම්ප‍්‍රදාය ප‍්‍රථමයෙන් ම හ`දුන්වාදීමේ ගෞරවය ක‍්‍රි. පූ. පළමු වන සියවසේ විසූ භරත මුනිවරයාට හිමි වේ. ඔහු විසින් නාට්‍ය ශාස්ත‍්‍රය නම් වූ නාට්‍ය උදෙසා රචනා කරන ලද ස්වකීය කෘතියෙහි දී නාට්‍යයට අදාළ කාරණයන් වශයෙන් මෙම කාරණය දක්වා ඇත. එහෙත් නාට්‍යයට පමණක් සීමා නොවූ රසවාදය පසුකාලීන ව සියලූ සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රයන්ට අදාළ කාරණයක් වශයෙන් දක්වා ඇත. භරත මුනිවරයා පෙන්වා දෙන පරිදි රසයන් ජනිත වීමට නම් භාවයන් සන්තර්පනය කළ යුතුය. එහිදී භරත මුනිවරයා දක්වන රස අතුරින් පළමු වැන්න ශෘංගාරය යි.
‘ශෘංගාර රස’ යනු කුමක්ද යන්න පිළිබ`ද ව ශබ්දකෝෂාගත සහ තත් විෂය සම්බන්ධ ව ප‍්‍රාමාණිකයන් විසින් ඉදිරිපත් කොට ඇති අර්ථකථන ඔස්සේ පැහැදිලි කිරීමක් ඉදිරිපත් කොට ඇත. තදනන්තර ව සාහිත්‍ය කලා ඔස්සේ ශෘංගාර රසය මිනිසා තුළ ජනිත වන්නේ කෙසේද යන්න පිළිබ`ද ව පර්යේෂණාත්මක ව ඉදිරිපත් කොට ඇත. එබැවින් මෙම නිබන්ධය තත් විෂය සම්බන්ධ ව තත්පර වන විචාරක හා පර්යේෂක සියල්ලටම ඉතා වැදගත් වන බව කිව යුතු ය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලී
ප‍්‍රාථමික මූලාශ‍්‍ර:-
කව්සිළුමිණ, (සංස්.*. සෝරත හිමි, වැලිවිටියේ, අභය ප‍්‍රකාශකයෝ, ගල්කිස්ස, 1966.
ධර්මප‍්‍රදීපිකා, (සංස්.*. බද්දේගම විමලවංශ හිමි, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම,1959.
පැරකුම්බා සිරිත, (සංස්.*. කේ. ඞී. පී. වික‍්‍රමසිංහ, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 1954,
මයූර සන්දේශය, (සංස්.*. ඩබ්ලිව්. ඒ. එෆ්. ධර්මවර්ධන, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 1949.
ද්විතීය මූලාශ‍්‍ර:-
කරුණාරත්න, විපුලශාන්ති. විරහ ගී, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 1966.
චන්දිම හිමි, වත්තේවැව. අද්‍යතන සිංහල ගීතය සහ ජනශ‍්‍රැතිය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002
විජයවර්ධන, ජී. හේමපාල. සංස්කෘත කාව්‍ය විචාර මූලධර්ම, කොළඹ: ඇම්.ඞී. ගුණසේන සහ සමාගම, 1967.
විජයවර්ධන ජී. හේමපාල. කාව්‍ය විචාර ගවේෂණ, කොළඹ: අනුලා මුද්‍රණාලය, 1968.
වෙත්තසිංහ, සමුද්‍ර. ලූෂන් - නූතන ගීතයේ රූපක රචකයා, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
බිහේෂ, සම්පත් ඉන්දික හෙ.ව. අලංකාර විනෝදනී, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
සරච්චන්ද්‍ර, එදිරිවීර. මනමේ නාටකය, කොළඹ: ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, 1958.
සුරවීර, එ්. වී. විචාර විලාස, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 1985.
සුචරිත, ගම්ලත්. නාට්‍ය ශාස්ත‍්‍රයේ රසවාදය, කොළඹ: රත්න පොත් ප‍්‍රකාශකයෝ, 1970.
තෘතීය මූලාශ‍්‍ර:-
මහා සිංහල ශබ්දකෝෂය, හරිශ්චන්ද්‍ර විජයතුංග, කොළඹ: ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 2012.
ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය - ද්විතීය භාගය, (සංස්.*. වැලිවිටියේ සෝරත හිමි, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2011.