UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ‘‘පද්‍ය විචාරය යනු , කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමකි

Tuesday, December 10, 2013

‘‘පද්‍ය විචාරය යනු , කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමකි

මානවයා පරිණාමය වීමත් සමල තොරතුරු සන්නිවේදනයට භාෂාව භාවිත කරන්නට විය.ඒ සමග මානවයාගේ බුද්ධිමය පාඨවය ශීඝ‍්‍රයෙන් වැඩි විය. හිස් කබලේ කපාල ධාරිතාව වැඩි විය. මේ සමග මිනිසා ලොව බුද්ධිමත්ව සත්ත්වයෙකු බවට පත් විය. පසුව මිනිසා භාෂාව සන්නිවේදනය සදහා පමණක් නොව වෙනත් කාර්යයන් සදහාද යොදා ගත්තේ ලිඛිත භාෂාවකට සංකේත යොදා ගැනීමත් සමගිනි. භාෂාව මගින් සාහිත්‍ය යන නිර්මාණය මිනිසා සිදු කළේ ඊට පසුව ය.ඉන් පසුව එම නිර්මාණ විචාරය කිරීමට විවධ සාහිත්‍ය න්‍යායන් බිහි කළේය. මෙම සාහිත්‍ය න්‍යායන් මගින් පද්‍ය සාහිත්‍ය විචාරය කිරීමේදි එහි භාෂවට ලබා දී ඇති වැදගත් කම හා භාෂාව ප‍්‍රයෝජනවත් වන්නේ කවර ආකාරයකින්ද යනු මෙහිදි විමසීමට ලක් කරනු ලැබේ. කාව්‍යය හා සාහිත්‍ය විචාරය භාෂාව මාධ්‍යය කරගෙන කරනු ලබන නිර්මාණයක් ලෙස කාව්‍යය හැදින්විය හැක. මේ ලොවෙහි ශබ්දය නැතහොත් භාෂාව නොමැත්තේ නම් මේ ලොව අන්‍ධකාරයෙන් වෙළුනේ වෙයි. ශබ්දය නැතහොත් භාෂාව කරණකොට ගෙන මේ තුන් ලෝකයට ආලෝකවත් වූයේ යැයි දණ්ඩි කාව්‍යාදර්ශය ආරම්භයේදී සදහන් කරයි . සහිතවත් බව ‘‘සහිතස්‍ය භාවො සාහිත්‍යං’’ සාහිත්‍ය නම් වේ. කලාව තුළට සාහිත්‍යය ගැනෙන අතර එහි ඇති අනෙක් කලාවන්ගෙන් සාහිත්‍යය වෙනස් වන්නේ එහි මාධ්‍ය වු භාෂාව කරණකොටගෙනයි. නාට්‍යයක් සාහිත්‍යයක් නොවන අතර එහි නාට්‍ය පිටපත සාහිත්‍යයට අන්තර් ගත කළ හැක. ‘‘ඔහුන් සාහිත්‍ය ශබ්දය යෙදුවේ 1.එක්වීම 2.කාව්‍යානුසාසනා 3. කාව්‍යය යනාදී අර්ථයන්හිය’’ කවිකණ්ඨාභරණයෙහි‘‘කාව්‍යං විශිෂ්ඨශබ්දාර්ථ සාහිත්‍ය සදලංකෘති’’යි යනුවෙන්ද,දම්සරණයෙහි ‘‘විවිධෛශ්වය_සාහිත්‍යයෙන්’’ යන්න යෙදුනේ එක් වීම් අර්ථයෙහිය. ‘‘ශබ්දාර්ථයො©ථාවත් සහභාවෙන විද්‍යා සාහිත්‍ය විද්‍යායි ’’ කාව්‍යමීමංසාවෙහි සාහිත්‍ය ශබ්දය කාව්‍යානුශාසනයෙහි යෙදි ඇත. මුලින් අදහස් හුවමාරුව ස`දහා පමණක් භාෂාව භාවිත වු අතර පසුව එය අසන්නවුන් හා බලන්නවුන් තුළ රසයක් ජනනය වන ලෙස රචනා කිරීම තුළින් සාහිත්‍යය බිහි වන්නට ඇත. පද්‍යය හා නව කතා වැනි කලාත්මක වටිනාකමකින් යුතුව කර ඇති රචනා සාහිත්‍ය ලෙසද විග‍්‍රහ වේ. ’‘න ස ශබ්දො න තද් වාච්‍යං න ස න්‍යයො න සා කලා ජායතෙ යත්න කාව්‍යාජගමහො භාරො මහාන් කවේ:’’(භාමහ* භාමහ ප‍්‍රකාශ කරන පරිදි කාව්‍යාඕගයෙහිලා හැම කරුණක්ම හැම ශබ්දයක්ම හැම අර්ථයක්ම හැම න්‍යායක්ම හැම කලාවක්ම ගැනේ. සාහිත්‍යදප_ණයෙහි‘‘සාහිත්‍ය තත්ත්වමඛිල සුඛමෙව චිත්තං ’‘යනුවෙන් දැක්වේ. සාහිත්‍ය නිර්මාණ කරන කවියා වස්තුවිෂයන් ගන්නේ බාහිර පරිසරයෙන් වන අතර රසවත් කර ලිපි ගත කරන්නේ සමාජය ඇසුරෙන් පහළවු අදහස්වේ. ඒ අනුව සාහිත්‍යය තුළින් සමාජයක සිතුම් පැතුම් විදහා දැක්වෙන කැටපතක්යැයිද ස`දහන් කළ හැකියි. ‘‘ජනතාවගේ සභ්‍යත්වයත් බුද්ධි විකාශනයත් විනිශ්චය කිරීමට ඔහුන්ගේ සාහිතය කලා උපකාරී වෙයි.සාහිත්‍යය වූකලි බස දන්නවුන්ට පමණක් ඇසෙන සේ කියන්නකි.’’ සාහිත්‍ය නිර්මාණවල භාෂාව මාධ්‍ය කරගෙන මෙම අපූර්ව නිර්මාණයකින් යුතු කෘති රවනා කරන හෙයින් භාෂාව උපයොගි කර ගැනීමේ විධිමත් ස්වාභාවයක් විද්‍යමාන විය යුතුයි. මහාචාර්ය රකේෂ්ගුප්තාිඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්’ නමැති ස්වකීය ආචාර්ය උපධි නිබන්ධනයේ දී කාව්‍ය පිළිබඳ පෙර-අපර දිග නිර්වචන පනහක් දක්වයි. එම නිර්වචන ම`ගින් කාව්‍යයේ ඒ ඒ අංග ලක්ෂණ මතු ව පෙනෙන හෙයින් කාව්‍යය යනු කවරේ දැයි හැඳිනීමට එම නිර්වචන උපනිශ‍්‍රය වේ. සාහිත්‍යයක වර්ධනය නිශ්චිත දෙයක් නොවේ.කාලයෙන් කාලයට එය වෙනස් වේ. එහි ස්වරූපය හා ප‍්‍රමාණය වැනි කරුණු කාලයෙන් කාලයට වෙනස් වේ. සාහිත්‍යය ගලා යන ග`ගක් වැනිය. වත_මානයෙහි විවිධ ක්‍ෂෙත‍්‍රයන්ට අදාළව සාහිත්‍ය පිළිබ`දව සාකච්ඡුා කරනු ලැබේ. සාහිත්‍යය ජීවනය පිළිබ`ද විවරණය වේ.කාව්‍යය සමාජ ජීවනය දියුණු කරලිය හැකි මහ`ගු සාධකයකි. කාව්‍යය වශයෙන් ශ‍්‍රව්‍යකාව්‍ය හා දෘශ්‍යකාව්‍ය වශයෙන්ද බෙදේ. එසේම පද්‍ය කාව්‍ය,මහා කාව්‍ය හා ඛණ්ඩ කාව්‍යයැයිද බෙදා ඇත. කාව්‍ය ප‍්‍රධාන වශයෙන් ගද්‍යය හා පද්‍යය වශයෙන්ද කොටස් දෙකකට බෙදේ.ගද්‍යය යනු ‘‘ඡුන්දෝ රහිතං ගද්‍යං’’ ඡුන්දසින් තොරව කරන ලද රචනය ලෙස හදුන්වා දී ඇත. පද්‍යය යනු ‘‘ඡුෙන්‍දාබද්ධපදං පද්‍යම්’’ කී සෙයින් ඡුන්දසින් හෙවත් අක්‍ෂර නියමයෙන් මාත‍්‍රා නියමයෙන් බ`දනා ලද්දේ පද්‍යය නම් වන බව භාරතීය විග‍්‍රහයයි. ස්ංස්කෘත භාෂවෙහි පද්‍ය සාහිත්‍යය ආරම්භ වූයේ ශ්ලෝක මගිනැයි සාම්ප‍්‍රදායික පිළිගැනීම වේ. විශේෂයෙන් පරුණි සිංහල සාහිත්‍යය සිවුපද ආකෘතියෙන් යුතු පද්‍යය විය. පසුව එය නොයෙකුත් සම්ප‍්‍රදායන් ඇති කරමින් දියුණූ වී ඇත වර්තමානය වන විට ස`දැස් හා නිස`දැස් යනුවෙන් ප‍්‍රධාන කොටස් දෙකක් පවතී. ඡුන්දසින් බ`දනා ලද්දේ ස`දැස් කාව්‍ය වන අතර ස`දැැසින් තොරව පබැදුණු කවි නිස`දැස් වේ. සාහිත්‍ය විචාරය පෙරාපර දෙදිසාවේම ඈත කාලයක සිට පැවැතී ඇත. එහිදි පෙරදිග සාහිත්‍ය විචාරය බටහිරට වඩා ඈත ඉතිහාසයකට ගමන් කරන අතර එය වඩා දියුණු ව පැවැතී ඇත. වර්තමානයේ වුවද පෙරදිග සාහිත්‍ය විචාරවාද අපරදිග සාහිත්‍ය විචාර වාද හමුවේ ඉදිරියෙන් පවතින්නක් වේ. පෙරදිග සාහිත්‍ය විචාරවාදවලදී භාෂාවට සෑම විචාර වාදයක්ම ප‍්‍රමුඛත්වය දී ඇත. වේද වැනි ආගමික කෘති කටපාඩමින් රුගෙන ආ භාරතීයයන් හා එහි කුඩා වෙනසක් පිළිබ`දවද ඔවුහු සැලකිලිමත් වූහ. භාරතීය විචාරකයන් ප‍්‍රධාන වශයෙන් විචාරවාද හයක් ගොඩනගා ඇත. රසවාදය , ධ්වනි වාදය , ඖචිත්‍ය වාදය , රිති වාදය හා වක්‍රොක්ති වාදය යනුවේනි. බටහිර ඇතිවු සාහිත්‍ය න්‍යායන් පෙරදිගින් ණයට ගත්තක් යැයි සිතීමට පොළඔවන ආකාරයට සමහර ඒවා පෙරදිග සාහිතණ විචාරවාද හා සාම්‍ය වෙයි. උදාහරණයක් වශයෙන් භාවිත විචාරය හා ධ්වනි වාදය අතර බොහෝ සමානකම් පවති. ඊට අමතරව ආකෘතිවාදය වැනි සාහිත්‍ය න්‍යායන්වලින් මතු කළ කරුණු පෙරදිග සාහිත්‍ය විචාර චින්තාවන්ගෙන් සොයා ගත හැක. සාහිත්‍ය විචාරයේ අරමුණ වන්නේ යම් සාහිත්‍ය කෘතියක් හොදින් කියැවීම හා ඒ තුළින් උසස් සාහිත්‍ය රසයක් ඇත කර ගැනීමයි. සාහිත්‍ය විචාරකයාගේ කාර්යය වන්නේ යම් සාහිත්‍ය නිර්මාණයක් හොදින් රසාස්වාදනය කර ගැනීමට ,කියැවීමට පාඨකයාට උපකාර කිරීමයි. ‘‘ධර්ම චක‍්‍රය පච්චා කොටන තැන මකර රූ- කිනිසි- සරපයි හෙළුවැලි ගෑණු අතරින් උඹ තෝරගත් පච්චය ධර්ම චක‍්‍රය සෝමෙ පුදුම මිනිහෙක් උඹ හිනානොවෙන- නොහ`ඩන බලන්නන් බැල්මෙන් බය කරන මන්ත‍්‍රී ළ`ගවත් නොනැමෙන තර තළෙළු මූණ- රතු ඇස් කළු උඩු රැුවුල- කහ දත් කුණු හරුප ගෝරනාඩුව සමග තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය තිබුණාද ධර්මයක් පපුව යට? බූරු පෙතකදු නාරින මඩම් අස්සේ රිංගන ඉඳහිට හිරෙත් යන උඹටත් හැබෑවට තිබුණද? මොකක් හරි ධර්මයක් අදහන හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන සොමසිරි උඹ එහෙම බැස්සුවක් බවක් නම් අසා නැත අප එනමුදු අසා ඇත වීදියේ බලූ පැටව් වඩාගෙන දෙගොඩහරි ජාමෙත් උඹ මස් කොත්තු කවන වග කප්පන් ජෙරාගේ සව්වන්ට අහුවුණු තැන තලන සෝමෙ පුදුම මිනිහෙක් උඹ මුඩුක්කුවේ පොඩි උන්ට පොත් පත් තෑගි ගෙනියන්න ජැටියේ අල ගෝනි උස්සන දාඩියෙන් පෙ`ගී- මවිල් අස්සෙන් දිලිසෙනවා සොමසිරි ධර්ම චක‍්‍රය උඹේ පපුව මත.’’ කාව්‍ය යනු භාෂාව කරණකොටගෙන නිර්මාණය කරනු ලබන භාෂාත්මක නිර්මාණයක් වේ.එම නිසා කාව්‍යයේ ප‍්‍රධාන උපකරණය භාෂාවයි. සාහිත්‍යයෙහි භාෂාව විවධ ලෙස භාවිත කිරීමෙන් ලොව විවිධ සාහිත්‍ය කරුවන් පෙරළියන් ඇති කර ඇත. කාව්‍යයේ ප‍්‍රධාන උපකරණය භාෂාව වන බැවින්ම භාරතීයයන් කාව්‍යය යනු රසාත්මකං වාක්‍යං කාව්‍යං යනුවෙන් ඇරුත් දක්වා ඇත. සාමාන්‍ය භාෂාත්මක රචනය නොව රසාලිප්ත රචනය කාව්‍යයක් වන්නේ යැයි ඔවුන් අදහස් දක්වා ඇත. සෑම කාව්‍ය නිර්මාණයකම භාෂාව ප‍්‍රධාන වන්නා සේම කාව්‍ය විචාරයේදීද භාෂාව ප‍්‍රධාන කරගෙන විචාර සංකල්ප බිහිවී ඇත. විචාරයේදීද කාව්‍යය අධ්‍යනයට ලක් කරනුයේ භාෂම මුල්කරගෙන ය.පෙරදිග සාහිත්‍ය විචාරයේදී හා බටහිර සාහිත්‍ය විචාරයේදී විවිධ න්‍යායන් කාව්‍ය විචාරය කිරීමට ගොඩනගා ඇත. මෙහිදි පද්‍ය විචාරය යනු කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමක් යන්න මෙහිදි විමර්ෂණය කෙරේ. අප තුළ පේ‍්‍රමය හා දුක වැනි ස්ථායිභාව හැගීම් පවතී.රති වැනි ස්ථායිභාව පෝෂණය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය විභාව නම් වේ. කාව්‍යයක් මගින් රසයක් ඇති වන්නේ විභාව , අනුභාව හා විභචාරී භාව යන් මගිනි. යම් කලා නිර්මාණයක ප‍්‍රධාන කෘතිය පුරා දිවෙන රසය අංගීරස නම් වේ. භාරතීයන් මෙය ආරම්භයේන් හා අවසානයෙන් බොහෝ දුරට තීරණය කරයි. ඇතැම් විට සමස්ත අන්තර්ගතය තුළින් මෙම ප‍්‍රධාන රසය තීරණය කරයි. මෙහිදී දැක්වු කාව්‍යයෙහි මාතෘකාව ධර්ම චක‍්‍රය නම් වේ. ධර්ම චක‍්‍රය යනු බුදු දහම වෙනුවට යොදා ගන්නා සංකේතයක් වේ. එහි ගැඹුරු තේරුමක් පවතී. බොහෝ දුරට ධර්ම චක‍්‍රය මගින් සංසාර චක‍්‍රය ඇතිවන අකාරය හා එය නැති කර දමන පිළීවෙල දැක්වෙන බව බොහෝ දෙනා පිළිගනි. මේ අනුව ධර්ම චක‍්‍රය යන වචය අප සිත් තුළට නැගීමේදි ශාන්ත බව හෝ සංසාර දුක පිළිබ`දව අපට සිහි ගැන්වේ. ශෝක යන ස්ථායි භාවය මගින් කරුණ යන සරය ඇති වේ. මේම කාව්‍ය නිර්මාණයේද ප‍්‍රධාන රසය වන්නේ කරුණ රසයයි. මේ අනුව මෙම කාව්‍යයට යොදා ඇති නාමය මගින් සමස්ත අරුත වෙත සමීප කිරීමක් දැකිය හැක. භාවිත විචාරය අනුව වචනයක ප‍්‍රභේද ප‍්‍රධාන කොටස් හතරකට බෙදා දක්වා ඇත. ඒ අනුව නිර්දිෂ්ටාර්ථය , භාවිකාර්ථය ,ආකල්පය හා අරමුණ වශයෙනි. නිර්දිෂ්ටාර්ථය යනු කිසියම් වචනයකින් මතුවන මූලික අර්ථයයි. භාවිකාර්ථය යනු තම අත්දැකීම අනුව සිතට නගින හැගීමයි. ආකල්පය පිළිබ`ද සැලකීමේදි කතුවරයා කෘතිය දෙස හෙළන ආකල්පය හා පාඨකයා දෙස හෙළන ආකල්පය වේ. මෙහිදි කතුවරයා කෘතිය දෙස හා පාඨකයා දෙස හෙළු ආකල්පය සාර්ථක වී ඇත. ධර්ම චක‍්‍රය යනුවෙන් මුලින්ම නිසදැස් පන්තිය නම් කිරීමෙන් එහි සමස්ත රසය වෙත පාඨකයා රුගෙන යාමේ කතුවරයාගේ ආකල්පය සාර්ථක වී ඇත. භාවිත විචාරයට අනුව රචකයාගේ අරමුණ ගැනද මදක් විමසා බැලීමෙදි කිසියම් රචකයෙකු රචනයක් ඉදිරිපත් කරනුයේ එයින් මූලික අරමුණක් ඉටු කර ගැනීමටයි. කර්තෘ යොදන නිර්දිෂ්ට අර්ථයත් භාවිත අර්ථයත් ඔහු දක්වන ආකල්පයත් පාලනය කරනු ලබන්නේ මෙම අරමුණ විසිනි. එනම් පාඨකයා තුළ හැගීම් ප‍්‍රබොධ කර ඔහු තුළ කම්පනයක් ඇති කරවීමයි. කවියා ව්‍යාංග්‍යාර්ථ දනවන පරිදි වචන භාවිත කරයි නම් , ව්‍යංග්‍යාර්ථ මැනවින් සංවිධානය වීමේ වාච්‍යාර්ථය අබිබවා යන නවතම චමත්කාරයක් දැන වීමෙහිලා සමත් වේ නම් එබදු කවියේ නවත්වයක් ඇත. කාව්‍යයෙහි සාරභූත වු අර්ථ - හරය - වාච්‍යාර්ථ වශයෙන් ප‍්‍රකාශ නොකොට ව්‍යංග්‍යා්ර්ථ වශයෙන් ප‍්‍රකාශ කළ කල්හි විශේෂයෙන් ශෝභා සම්පන්න වෙයි.එබැවින් විචාරයෙහිලා හැම විටම අගය කළ යුත්තේ කාව්‍යයෙහි වාච්‍ය වශයෙන් ප‍්‍රකාශ වන දේ නොව ගම්‍යමාන වශයෙන් කියැවෙන අරුතයි. පූර්වයෙන් දැක්වු නිසදැස් පන්තියේ ‘‘ධර්ම චක‍්‍රය’‘ යන වචනය යෙදී ඇති ස්ථානය අනුව ඒවායින් විවිධ අරුත් සූචනය වේ. ‘‘උඹ තෝරගත් පච්චය ,ධර්ම චක‍්‍රය’’ යන්නෙන් පච්චයක් ලෙස ඇදි ධර්ම චක‍්‍රයක් අදහස් වේ.‘‘තිබුණාට පපුව මත ධර්ම චක‍්‍රය ,තිබුණාද ධර්මයක් පපුව යට?’’ යන්නෙන් යම් යහපත් ප‍්‍රතිපදාවක් ධාර්මික ගති ගුණ වැනි අදහසක් ව්‍යංග්‍යාර්ථ වේ. භාවිත විචාරය ඔස්සේද ස්ථාන කිහිපයක යෙදී ඇති ධර්ම චක‍්‍රය යන්න විමසීමේදි එහි නිර්දිෂ්ටාර්ථ එකක් වුවත් යෙදී ඇති ස්ථානය අනුව භාවිකාර්ථය වෙනස් වේ. එසේ වී ඇත්තේ කතුවරයාගේ අරමුණ හා ආකල්පය අනුවයි. එසේම පද්‍ය නිර්මාණය කුළ ස්ථාන කිහිපයක ධර්ම චක‍්‍රය යන වචනය භාවිත කිරීමෙන් එය යමකයක් ලෙසත් යොදා ගෙන ඇති බව පැහැදිලි වේ. ‘‘එකද්විත‍්‍රිචතුෂ්පාද -යමකානාං විලුකල්පනා: , ආදිමධ්‍යාන්ත මධ්‍යාන්ත - මධ්‍යාද්‍යන්ත සව_ත: ’’ කාවාදර්ශයේ යමක යනුවෙන් දක්වා ඇත්තේ වෙනස් වෙනස් අර්ථ ඇතිසමාන ශ‍්‍රැතියක් ඇති පදයක් නැවැත ප‍්‍රයෝග කිරීමයි. යම් සාහිත්‍ය කෘතියක භාෂාව භාවිත කර තිබෙන ආකාරය අනුව එම සාහිත්‍ය කෘතියේ විශේෂතා ඇති කරයි. භාරතීයයන් එය හැදින් වූයේ විශිෂ්ටා පද රචනා රිති: විශේෂෝ ගුණාත්මා යනුවෙනි. රීතිය යනු කිසියම් විශේෂ වු පද රචනාවකි. මෙම විශේෂතාව ගුණ ආත්ම කොට ඇත්තේය. ධර්මචක‍්‍රය යන කාව්‍ය නිර්මාණයේදී පද රචනාව සරළ චාම් වී අතර එය ආටොපයෙන් තොර වූවකි. දණ්ඞීන් සදහන කරන ආකාරයට මෙම රීතිය වෛදර්භ රීතියයි. සමාස බහුල රළු වදන් වලින් යුතු රිතිය ගෞඩි රීතිය වේ. මෙම නිසදැස් පෙළෙහි ඇති වදන් හා රිතිය සරළ වුවකි.ගැඹුරු අරුත් ඇති වචන භාවිත වී ඇත්තේ ස්වල්ප වශයෙනි. ශබ්ද කිහිපයක් , වචන කිහිපයක් එකතු වූ පමණින් කාව්‍යයක් වන්නේ නැත. ධ්වනි , ගුණිභූතව්‍යංග්‍ය ආදීන්ගේ සමාශ‍්‍රය හේතුකොට ගෙන අලූත් කාව්‍යාර්ථ ඉදිරිපත් කිරීමට කවියා සමත් වේ. එහෙත් එ සදහා තවත් අත්‍යවශ්‍ය ගුණාංගයක් නම් ප‍්‍රතිභාවයි. ප‍්‍රතිභාව නොමැති නම් කිසිදු නවතම කවි වස්තුවක් ඉපදිය නොහැකිය. බන්ධච්ඡුායා ශෛලියේ මාධුර්යය යනු ධ්වනි ගුණීභුතව්‍යංග්‍ය යනුවෙන් නම් කර ඇති සාරාර්ථයට අනුරූප වු ශබ්ද සංඝටනාව වන්නේය. එසේ වුවද ඇතැම් තැනක විශිෂ්ටාර්ථයක් අපේක්‍ෂා නොකොට චතුර මධුර වචන යොදා කෙරෙන රචනාව කාව්‍යය යැයි හැදින්වෙනු දක්නට ඇත. රචනා ශෙලියේ නැතහොත් එහි ශබ්ද සංඝටනාව හේතුවෙන් ඇතිවන මාධුර්යයට නිදර්ශනයක් පූර්වොක්ත කාව්‍යයෙන් දැක්විය හැක. ‘හොටල් ළ`ග- සැලූන්වල සති පොලේ- වින්කලේ- විටකඬේ ගැවසෙන- පච කෙළින මස්කන- අරක්කු බොන- ගංජා උරන සෝමෙ පුදුම මිනිහෙක් උඹ ඒරියා එකේ බජාර් එකේ කාට වුණත් අත තිබ්බොත් අ`ගල් හයක් බස්සනවා කියන ’ මෙහි භාෂාව භාවිත කිරීමෙදි මෙහි දන්තජ අක්‍ෂර රාශියක් දැකිය හැකිය. දණ්ඞීන් ප‍්‍රකාශ කරන ආකාරයට හ‍්‍රස්ව ස්වරයොයෝද , වර්ගාන්තාක්‍ෂරයෝද , දන්තාජාක්‍ෂරයොද් මෘදු නම් වන බව දැක්වේ. මෙහි මෘදු වචන රාශියක් උපයොගි කරගෙන ඇති බැවින් උච්ඡුාරණයේදී සුඛනම්‍ය බවක් දැනේ. මෙහි ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාස ලක්‍ෂණ ද දැකිය හැක. එක හා සමාන වර්ණ සමීපයෙහි යෙදීම අනුප‍්‍රාස නම් වේ. එය ෙඡ්ක අනුප‍්‍රාස , ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාස වැනි විවිධ කොටස් දැකිය හැක. මෙහි යෙදී අති සති පොලේ , වින්කලේ , විට කඬේ ,/ ගැවසෙන , පච කෙළින / කන , බොන , උරන ,/ ඒරීයා එකේ , බජාර් එකේ මේලෙස සමාන වර්ණ එක හා සමාන ස්ථානවල යෙදී ඇත . එම නිසා මෙහි ශ‍්‍රැත්‍ය අනුප‍්‍රාසවත් බවක් දැකිය හැක.එම කරුණ රචනාව මාධුර්යය වීමට හේතු වී ඇත. අවශ්‍ය ස්ථානයට යෙදිය යුතු වචනය යොදා ඇති බව දාඩියෙන් පෙ`ගී - මයිල් අස්සෙන් යන වචන පිළිබ`ද සැළකීමේදි පැහැදිලි වේ. කාව්‍යයක් සාර්ථක වීමට කවියා යොදන සංකල්ප රූපද වැදගත් වේ. සංකල්ප රූප යනු සාහිත්‍ය කෘතියක් කියවීමෙන් සිතෙහි හටගන්නා චිත්ත රූපයි. චිතත් රූප මැවීම ක‍්‍රම ක‍්‍රමෙන් සිදු වී අවසානයේ සාර්ථක නිර්මාණයක එ පිළිබ`ද හො`ද සංකල්ප රූපයක් ඇති වේ. ‘‘සෝමෙ පුදුම මිනිහෙක් උඹ, ඒරියා එකේ බජාර් එකේ , කාට වුණත් අත තිබ්බොත් , අ`ගල් හයක් බස්සනවා කියන’’ මෙහිදි සොමේ යන පුද්ගලයා පිළිබ`ද ඇතිවන සංකල්ප රූපය යම් දරුණු ගතියකින් යුතු දරුණු පුද්ගලයෙකු පිළිබ`ද සංකල්පයක් සිතට නැගේ.ඒ සදහා එම වචන යොදා ඇති පරිසරය හේතුවක් වේ. ‘‘සොමසිරි උඹ..., වීදියේ බලූ පැටව් වඩාගෙන ,දෙගොඩහරි ජාමෙත් උඹ,මස් කොත්තු කවන වග’’ මෙහිදි පාඨකයා තුළ මැවෙන සංකල්ප රූපය පෙර මෙන් රළු වූවක් නොවේ මෘදු පුද්ගලයෙකුගේ සංකල්පයක් සිතේ ඇතිවේ. භාෂාව මගින් ඇති කරන සංකල්ප රූප මගින් ක‍්‍රම ක‍්‍රමයෙන් කාව්‍යයේ අවසාන සංකල්පය කරා රුගෙන යන්නේ භාෂාව මගින් ඇති කරන සංකල්ප රූපයි. කාව්‍යයක විරිත වෙන්කර පෙන්විය හැකි වුවද රිද්මය වෙන් කර පෙන්විය නොහැක. ධ්වනිය කාව්‍යයේ ආත්මය යැයි ධ්වනිවාදීහු පැවැසූහ. ධ්වනිය මෙන්ම රිද්මයද කෘතියක වෙන් කර පෙනි විය නොහැක. මෙම දෙකම කාව්‍යයේහි භාවිත භාෂාව ඇසුරින් පාඨකයා විද ගත යුතු දෙයකි. ධර්ම චක‍්‍රය යන කාව්‍යයේ එන රස ධ්වනි , ආලංකාර ධවනි හා ධ්වනිය හුදු රමණිය කවි සංකල්පනාවක් වන වස්තු ධ්වනිය පාඨකයාට විද ගත හැක්කකි. මෙම නිර්මාණය තුළ මෙම ධ්වනි තුනම අත්විදිය හැක. මෙම නිර්මාණය මනෝවිශලේෂණ න්‍යාය යටතේ ද සාකච්ඡුා කළ හැක්කේ මෙහි යොදා ඇති වචන වචන භාවිතයෙනි. මිනිසෙකුගේ යථාර්ථය බාහිරි ස්වරූප අනුව තේරුම් ගැනීම ඉතා අපහසු වන අතර පුද්ගලයෙකුගේ සිතෙහි හැසිරීම ඉතා සංකීර්ණ බව සොමේ එක අවස්ථාවක බලූ පැටවුන්ට මස් කොත්තු කැවීමත් තවත් වරක බජාර් එකේ කාට හෝ අත තිබ්බොත් අගල් හයක් බස්සනවා යැයි කියනුයේ සිතෙහි වන සංකීර්ණ ස්වභාවය නිසාවෙනි. ‘‘පච්චා කොටන තැන,මකර රූ- කිනිසි- සරපයි ,හෙළුවැලි ගෑණු අතරින්,උඹ තෝරගත් පච්චය,ධර්ම චක‍්‍රය’’ මේ තුළින් සොමසිරිගේ ඉඞ් අවබෝධ කර ගත හැක. ඔහුගේ සහජයන් එලියට ආවේ පච්චයක් මගිනි. නිරුවත් ගැහැණු රූප අතරින් ගෝරා ගත්තේ ධර්ම චක‍්‍රයයි. එයින් ඔහුගේ ඉඞ් කියැවිය හැක. ස්ත‍්‍රිවාදය එස්සේ මෙම කාව්‍ය නිර්මාණය අධ්‍යනය කිරීමේදි අයහපත් යැයි සමාජයේ සාමාන්‍ය කරණය වු සාමාජයේ ඉතා හොද මිනිසුන් ජීවත් වන බව පැහැදිලි වේ. පන්ති පරතරය නිසා ඔවුන් සමාජයේ වැඩි අවධානයට ලක් නොවු බව පැහැදිලි වේ. මෙම නිර්මාණය තුළින්ද ඉස්මතු කිරීමට වෙර දරා ඇත්තේ පච්ච කොටාගෙන, රතු ඇස්, කළු උඩු රුවුල තිබෙන, කුණු හරුප කියන, අසත්පුරුෂ අශිෂ්ට ලෙස මිනිසාට බැලූ බැල්මට පෙනෙන මිනිසා තුළ ජීවත් වන මිනිසා කවරේද යන්න සමාජයට ඒත්තු ගැන්වීමයි. බාහිර පෙනුමින් ස්වභාවිකරණයට ලක් කරන මිනිසාගේ හද තුළ සාධුවරයෙක් සිටිය හැකි බව මෙහිදී අපට ඒත්තු ගන්වා ඇත. මැරයෙකුගේ ස්වරූපයෙන් සමාජයේ ජනයා නිර්වචනය කරන ‘සෝමෙ’ තුළ සෝමසිරි ජීවත් වන ආකාරයත් සමාජීය ජනයා නොදත් එම සැ`ගවුණු කාරණය විසංයෝජනීය කියවීම ඔස්සේ පාඨකයාට සමීපව අවබෝධ කරගත හැකිය. විසංයෝජනීය ලෙස කියවීමේදී නිර්මාණය තුළ අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද තිබීම අනිවාර්යය. ධර්ම චක‍්‍රය නමැති මෙම නිර්මාණයේ දිස්වන අන්‍යෝන්‍ය ප‍්‍රතිපක්‍ෂ යුගල පද අධ්‍යයනයේදී විසංයෝජනීය ලෙස නිර්මාණයට මනාව සමීව විය හැකිය. ‘හිනාවෙන - හිනානොවෙන හ`ඩන - නොහ`ඩන නැමෙන - නොනැමෙන පපුව මත - පපුව යට නිල් ඇස් - රතු ඇස් සුදු දත් - කහ දත් සෝමෙ - සෝමසිරි‘ යනාදී යුගල පද දැකිය හැකිය. විසංයෝජනීය ක‍්‍රමයට අනුව කියවීමේදී ඇතැම් යුගල පද එම නිර්මාණය තුළම දක්නට පුළුවන. එහෙත් පාඨකයාට සැ`ගවුණු අර්ථය විමසීමේදී සංකල්පීය වශයෙන් යුගල පද කියවීමට යොදාගත හැකිය. උදාහරණ වශයෙන් ‘හිනා නොවෙන හා නොහ`ඩන’ යන පදය හා සංකල්පීය වශයෙන් හිනාවෙන සහ හ`ඩන යන පද ලෙස යොදා ගත හැකිය. සමාජයේ වෙසෙන මිනිසා ස්වභාවීකරණයට ලක් කර ගෙන ඇත්තේ හිනාවෙන, හ`ඩන පුද්ගලයන් සංවේදී, ප‍්‍රියමනාප, හොඳ පුද්ගලයන් ලෙසයි. එහෙත් හිනානොවෙන, නොහ`ඩන පුද්ගලයන් තුළ නිවැරදි මිනිසා ජීවත් විය නොහැකිද? මෙම නිර්මාණයේ එන සෝමෙගේ චරිතය විසංයෝජනය ඔස්සේ සමීපව කියවීමේදී පාරභෞතිකව මිනිසා ගොඩනගා ගන්නා දේ පමණක් සත්‍ය නොවන බවත් හිනා නොවන නොහ`ඩන පුද්ගලයාද හිනාවෙන, හ`ඩන පුද්ගලයා සේ යහපත් විය හැකි බව වටහා ගත හැකිය. එය විසංයෝජනීය කියවීමේ අපේක්‍ෂාවයි. එනම් යුගල පදවල එක් පදයකට පමණක් අධිකාරියක් නොදී සමාන අයිතීන් ලබා දීමයි. එසේම මෙම නිර්මාණය තුළ සුවිශේෂී අර්ථයක් ජනනය කරන යුගල පදයක් ලෙස ‘පපුව මත - පපුව යට’ යන යුගල පදය දැක්විය හැකිය. සමාජීය ජනයා ධාර්මික, සැදැහැවත් සුපින්වතෙකු ලෙස සිතා සිටින්නේ සුදු ඇඳගෙන බාහිර ඔපයෙන් ධාර්මික ලෙස හැසිරෙන පුද්ගලයන්ය. එහෙත් ‘පච්ච කොටාගෙන කුණු හරුප ගෝරනාඩු පවසන පුද්ගලයන්’ තුළ බාහිර ලෝකයට නොපෙනුණද සාධු, ධාර්මික මිනිසෙක් සිටිය හැකිය. එම මිනිසාගේ පපුව මත ධර්ම චක‍්‍රය නොදිලෙන මුත් පපුව යට ධර්ම චක‍්‍රය දිලිසෙයි. එහෙත් මිනිසාට පෙනෙන්නේ පපුව මත දිලිසෙන ධර්ම චක‍්‍රය පමණි. මෙම පi පන්තියේ සෝමෙගේ ධර්ම චක‍්‍රය මිනිසුන් නොදකින්නෙ ඔහුගේ පපුව යට ධර්ම චක‍්‍රය ක‍්‍රියාත්මක වීම නිසාය. මෙය අප ජන වහරේ එන ‘‘හක්කෙ බුදු රැුස් බොක්කෙ දඩ මස්’’ යන පිරුළෙන් තවදුරටත් සුපැහැදිලි වේ. මෙබඳු අරුත් පසි`දලීමට හැකි වන්නේ විසංයෝජනීය ක‍්‍රමය ඔස්සේ කියවීට යෑමෙනි. රතු ඇස්, තළෙළු මූණ, කහ දත් යන සංකල්පත් සමග ස්වභාවීකරණයට ලක්කර ගන්නේ වැරදි කරන, නපුරු මිනිසෙකුගේ ස්වරූපයයි. මෙම කාව්‍ය පන්තියේ එන සොමෙගේ ශරීර ලක්‍ෂණ එසේය. මිනිසා නිර්ණය කරන මැර චරිතය සඳහා පාදක වන්නේ එම චරිතාංගයන්ය. එහෙත් එවැනි චරිත ලක්‍ෂණ තිබූ පමණින්ම ඔහුගේ චරිතය පාතාල මැරයෙකුගේ චරිතයකට කෙසේ සමාන වන්නේද? එපමණකින් පුද්ගලයෙකුගේ චරිතය වෙනත් චරිතයන් හා සැසඳිය නොහැක. එම ගැටලූව ලිහිල් කර ගැනීම සඳහා ඩෙරීඩාගේ විසංයෝජනය මනා පිටුවහලක් වේ. ‘‘ප‍්‍රීතිමත් මළගෙදර’’ අගනා කැටයමින් මල්කමින් උඩු වියනින් හා පලසෙන් විලවුනෙන් හා අරලිය මලෙන් අලංකාරවත් පෙට්ටියක දිගා වී තවත් එක් පියෙක් එළඹිලා දිගු ම නින්දට - ලෝකයට මුවා වී. ආසන්න සියවසක් දිවි ගෙවු පියාණන් මළ පුවත එක් කළා විසිරි සිටි උපන් බිම ආධුනික දරු කැළත. රේඩියොවෙත් කිව්වේ අද උදේ බොක්කුවෙ පාලමේ දැන්වීම් ගොක් රුහැන් සිලිසිලිය හුම්ලන පොස්ටර් රෙදි බැනර් අහස් කුස පරපුරක දැලි දුඹුල් තව තවත් වැඩි වෙලා හිරු එළිය පමා කළ නිවි නිවි දිලෙන , ඒ විදුලිකැන් බිත්තිවල යට නොවු දිය සෙවෙල් එළිය කළ එකතු වී කරුණ කැළ සිනාවෙන් මුවෙන් කල් මරා කෙළි කවට කතා වැඩු පණ නැගෙයි ප‍්‍රීතිමත් මළගෙදර අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී බුලත් විටකට හුනූ පුවක් එක් කරන. හ`ඩ යන්ත‍්‍ර ගුණ ගයයි ගුවන් ගැබ පාලි පාඨ ද මුහුවෙලා නොතේරුණු බුදුපුත්තු දෙසති අනියතය හා ගුණ සමර මුසා වැරු ඒ මුවෙන් පෙර සේම. ප‍්‍රීතිමත් සැණකෙළිය වඩවමින් පැන නගියි සුදුපැහැති වත් නිසා නිරතුරු ව වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව. සුනිල් සෙනෙවි කවියාගේ පූවෙ_ාක්ත නිසදැස් පද්‍ය පන්තිය ආරම්භයේදීම එහි අන්තර්ගතය පිළිබද යම් ඉගියක් ලබා දෙයි. කවියා මෙම නම මෙයට යොදනුයේ පාඨකයා සංඥාර්ථවේදමය අපහසුතාවයකට හෙලිමටය. මෙය කතුවරයාගේ අභිප‍්‍රාය නොවුනද විසංයොජනීය කියවීමකට එය ගැටලූවක් නොවේ. එනම් විසංයොජනයෙදී කත_ෘගේ අභිප‍්‍රාය වැදගත් නොවේ.‘‘ බොහෝ විට අප‍්‍රකාශිත අභිප‍්‍රායන්ට එරෙහිව පඨිතය කියවන්නට තැත් කරයි’’. ඉහත නිර්මාණයට එම නම යෙදීමෙන් මෙහි අන්තර්ගතය පිළිබ`ද යම් ඉගියක් ලෙස සැළකීම වැදගත් වේ. එසේම විසංයෝජනය සදහා එකිනෙක ගැටීමක් අවශ්‍ය කරයි. ප‍්‍රීති හා මළ යන්න එකිනෙක ඝට්ටනය වේ. ඇතුළත - පිටත , උස - මිටි , උඩ - යට , සුදු - කලූ වශයෙන් විය හැක. එසේම මෙම නිර්මාණය තුළ ඇති පණ - මළ , ප‍්‍රීතිය - හූම්ලන , මුසා - සත්‍යය, ගුණ - ජඩ , අදුර - එළිය ආදි ප‍්‍රතිපක්‍ෂ යුගල පද රාශියක් දැකිය හැක. මෙම යුගල පද භාවිතයෙන් පාඨකයාට එහි සැගවුණු අරුත් මතු කර ගත හැක. මෙහි අංගීරසය නැතහොත් ප‍්‍රධාන රසය වන්නේ හාස්‍යයයි. එහි ස්ථායිභාවය වන්නේ හාස යි. මෙම සිතෙහි තැන්පත් වී ඇති හාස මෙහි යොදා ඇති පද ඝටනාව නිසා හාස්‍ය රසයක් වේ. එහි ආරම්භය කාව්‍ය නම් කර ඇති නම්න්ම සිදු වේ. මළ ගෙදරක් ප‍්‍රිතිමත් නොවේ යන්න සාමාන්‍යකරණය වී ඇති කරුණයි.මෙය ප‍්‍රිතිමත් යනුවෙන් කීමෙන් හාස්‍ය රසයක් ඇති වේ. එසේ වුවද මළගෙදර යන වචනයෙහි බීභත්ස රසාභාසයක් පවතී. රසයක් ඇති වීමට විභාව , අනුභාව හා විභචාරි භාව හේතු වේ. මෙහි උද්ධිපන විභාව හැටියට මළගෙරක පරිසරය සිතෙහි ඇති වේ. ඒ අනුව ප‍්‍රධාන භාවයට අනුව ඇතිවන හැගීම් මෙහි විභචාරී භාව වේ. ව්‍යුහවාදීන්ට අනුව වචනයක හගවනය හා හැගවුම අතර ස්වාභාවික සම්බන්ධයක් නැත. මේ නිසා මළගෙදර යන වචනය ශ‍්‍රවණය වීමෙන් ඇතිවන හැගීම ප‍්‍රීතිමත් යනුවෙන් විරුද්ධාර්ථවත් බවට පත්වේ. මෙයින්ද හගවනය හා හැගවුම අතර ස්වාභාවික සම්බන්ධයක් නැති බව පැහැදිලි වේ. ‘‘අගනා කැටයමින් මල්කමින් උඩු වියනින් හා පලසෙන් විලවුනෙන් හා අරලිය මලෙන් අලංකාරවත් පෙට්ටියක දිගා වී තවත් එක් පියෙක් එළඹිලා දිගු ම නින්දට -ලෝකයට මුවා වී. ‘‘ සෑම කෙනෙකුම මිය ගිය කළ එය ප‍්‍රීතිමත් දෙයක් නොවේ. දිළිදු ගෘහයක යමෙකු නැතිවීම අනෙක් අයට තම ශරීර අංගයක් නැති වනු සේ දැනේ . නමුත් දැන් සමාජය සංකීර්ණ වී ධනයට , බලයට යටවී ඇත. මෙහි උණූසුම මෙම නිර්මාණයෙන්ද කියා පායි. අගනා කැටයමින් , මල්කමින් හා උඩුවියනෙන් එමෙන්ම විලවුනෙන් යුතු මිනී පෙට්ටියක තම ඥාතියා තැන්පත් කිරීමට දිළින්දන්ට නොහැක. එසේ කළ හැක්කේ ධනවතුන්ට හා ඉහළ මධ්‍යම පන්තිකයන්ට පමණි. එසේ වුවද මළ ගෙයක් ප‍්‍රීතිමත් විය හැකිද යන්න යථාර්ථයක්ද යන්න විමසිය යුතුය. ඒ තුළ යථාර්ථයක් නොවුණද ධනය වියදම් කිරීමෙන් මළගෙයක් ප‍්‍රීතිමත් කිරීමට දැරීමද යථාර්ථයක් නොවන හෙයින් මෙම කාරණා දෙක එක සමීකරණයකින් සම්බන්ධ කළ හැක. මෙහි සදහන් පරිදි තවත් එක් පියෙක් ලොකයට මුවාවි දිගම නින්දට පැමිණ සිටි. මෙහි ව්‍යංග්‍යාර්ථයක් තිබේ.එනම් මේ ලොව මිනිසුන් ලොවට මුවාවි සත්‍යය වසන් කරමින් තමා පිළිබ`ද ව්‍යාජත්වයක් ප‍්‍රදර්ශනය කරමින් සත්‍යයෙන් වියුක්තව නිද්‍රාශීලිව සිටින බවයි. එය කවියා අතිශයොක්තියකින් ප‍්‍රකාශ කරයි. රසේ සාර: චමත්කාර: යුනුවෙන් දක්වා ඇති පරිදි අතිශයොක්තිය , වක්‍රොක්තිය මනා ලෙස යොදා ගත හොත් චමත්කාරය ඇති වේ.මෙහිදි එම අරුත ආනන්ද වර්ධනට අනුව වස්තු ධ්වනි ලෙස නම් කළ හැක. එසේ නම් මෙය දිගම නින්ද ලෙස දැක්වුවද ඇත්තේන්ම මෙය දිගම නින්ද වන්නේද ?දිගම නින්ද වන්නට නම් කෙටි නින්දක්ද විය යුතුය. ධනයෙන් හා බලයෙන් මත්වී එයින් ලොකයේ සැමදා සුඛ්ත මුදිත වී හැකි යැයිද එය පරම දුක්‍ඛ නිවාරණ මාර්ගය යැයි සිතන්නෝ සැබවින්ම මෙම සමාජයේ සැමදා නිදා සිටින්නෝය. සැමදා ඔවුන් මළෝය. වටිනා මෘත කලේබරයන් වැනි විශාල මාළිගා සාදා ගෙන ධනයෙන් හා බලයෙන් මත්ව ඒතුළට වී ජිවත් වෙති. එසේ සිටියද ඔවුන් මිත්‍යාවෙන් වෙලී නිද්‍රාවට පත් වී සිටින්නෝය. එසේ වී නම් එබදු තැනැත්තන්ට මරණයක් අවශ්‍යය වන්නේද, ඔවුන්ගේ මරණය සැබවින්ම ප‍්‍රීතිමත් මරණයක් නොවන්නේය. මොවුන් නිදා ගන්නේ ලෝකයට මුවාවීය, එසේතත් නැතිනම් සමාජයට වෙස්මුහුණක් පැළද ගෙනය. මොවුනට සත්‍යය වනාහි ජඩ සෙළුවක් වැනිය. ධනය හා බලයට මුල්තැන දෙන මෙවැනි ලෙස දුෂිත වු සමාජයේ මෙවැනි ලෙස සත්‍යයෙන් පළා ගිය තැනැත්තෝ සැමදා මළ තැනැත්තෝය. එම නිසා මෙහි තවත් එවැනි පියෙක් ධනයෙන් හා බලයෙන් මත්ව මිය ගිය අයෙකු සේ ජිවත්වීම සමාජයේ අනෙක් අයට සතුටකි. එසේ සතුටු වන්නේ එසේම යථාර්ථයෙන් පළා ගොස් දිගු නින්දට පත් වූවන්ටය.මෙහි ‘‘අගනා කැටයමින් මල්කමින් ,උඩු වියනින් හා පලසෙන් ,විලවුනෙන් හා අරලිය මලෙන් , අලංකාරවත් පෙට්ටියක දිගා වී’’ යන පද සංඝටනාවෙන් පැහැදිලි වන්නේ මෙම කවි පන්තියට අදාළ ප‍්‍රිතිමත් මළගෙදර පිළිබ`ද සංකල්ප රූප ක‍්‍රම ක‍්‍රමයෙන් ඇති වි ප‍්‍රධාන රසය වූ හාස්‍ය රසය වඩාත් පෝහොෂණය කරන බවයි. කවියා ව්‍යාංග්‍යාර්ථ දනවන පරිදි වචන භාවිත කරයි නම් , ව්‍යංග්‍යාර්ථ මැනවින් සංවිධානය වීමේ වාච්‍යාර්ථය අබිබවා යන නවතම චමත්කාරය දැන වීමෙහිලා සමත් වේ නම් එබදු කවියේ නවත්වයක් ඇත මෙහිදි වාච්‍යර්ථය ඉක්මවා ඇති කරන වස්තු ධ්වනිය චමකත්කාර ජනක වේ. ‘‘ආසන්න සියවසක් දිවි ගෙවු පියාණන් මළ පුවත එක් කළා විසිරි සිටි උපන් බිම ආධුනික දරු කැළත.’’ මොහුගේ මෙම දිගු නින්දට සියවසකට ආසන්නය. එසේ මිත්‍යාවෙන් නිදා සිටි මොහු දැන් වයොවෘද්ධ තත්ත්වයට පත් වී ඇත. එම නිසා සමාජය මොහුට ‘පියාණෝ’ කියා ගෞරවයෙන් සළකයි. ‘පියාණෝ ’ යන පදය කවියා යොදා ගත්තේ නිර්දිෂ්ඨාර්ථයෙන් නොව භාවිකාර්ථයෙනි . එනම් හුදු උපහාසය ජනිත කිරීමටය. සමාජය මෙවැනි තැනැත්තන්ට අනේක වූ නම්බු නාම පිරිනමයි. මෙවැනි තැනැත්තන්ට දේශකීර්ති ,දේශශක්ති , ධර්මකාමී වැනි සම්මාන ලබා දෙයි. මොහුටද එවැනි ගෞරව නාමයක් ලෑබී ඇති බව ‘‘පියාණන් මළ පුවත’’ යනුවෙන් අදහස් වේ. ‘‘රේඩියොවෙත් කිව්වේ අද උදේ බොක්කුවෙ පාලමේ දැන්වීම් ගොක් රුහැන් සිලිසිලිය හුම්ලන පොස්ටර් රෙදි බැනර් අහස් කුස පරපුරක දැලි දුඹුල් තව තවත් වැඩි වෙලා හිරු එළිය පමා කළ’’ මොහුගේ මෙම ගෞරවනාම ලැබීමත් සමග මෙම පණිවිඩය මළ නොමළ පිරිසට දැනුම් දීමට ගුවන්විදුලියේ ප‍්‍රචාරය වී ඇත. එසේ පමණක් නොව බොක්කුවක් පාලමක් ගානේ මොහුගේ මෙම ප‍්‍රවෘත්තිය ප‍්‍රදර්ශනය වේ. මෙම උත්සවයට ආගමත් සම්බන්ධ කරගෙන ඇත.ආගමික උත්සව සදහා ගොක් රුහැන් යොදා ආරුක්කු නිර්මාණය කර ඇත. මෙවැනි මළවූවන්ගේ මෙවැනි ක‍්‍රියා මගින් බලා සිටින අනාගත පරපුර මෙම ආදර්ශ රුගෙන අ`දුරු වන බව ‘‘පරපුරක දැලි දුඹුල් තව තවත්’’ මෙයින් පැහැදිලි වේ. මෙවැනි පුද්ගයන්ගේ මෙම ක‍්‍රියා නිසා ආලෝකය නැමැති යථාර්ථය තව තවත් උදාවීම පමා වේ. ප‍්‍රධාන රසයට අනුව එහි සංකල්ප රූප වැඩි කිරීමට කවියා එහි පරිසරය දක්වයි. රසයට හේතුවන පරිසරය උද්ධීපන විභාව වේ.කාව්‍යක නාට්‍යයක් මෙන් පරිසරය සජීවිව දැකිය නොහැකි වේ. නමුත් එහි පිරිසරය සිතෙහි සංකල්ප රූප මගින් ඇති වේ. ඊට උද්ධීපන විභාව හේතු වේ. ඒ අනුව මෙහි බොක්කුවේ පාලමේ දැන්වීම් , ගොක් රුහැන් , පොස්ටර් රෙදි බැනර් ප‍්‍රුධාන රසයට හේතුවන උද්ධීපන විභාව වේ. ‘‘නිවි නිවි දිලෙන , ඒ විදුලිකැන් බිත්තිවල යට නොවු දිය සෙවෙල් එළිය කළ එකතු වී කරුණ කැළ සිනාවෙන් මුවෙන් කල් මරා කෙළි කවට කතා වැඩු පණ නැගෙයි ප‍්‍රීතිමත් මළගෙදර’’ දණ්ඞී ප‍්‍රකාශ කරනුයේ මාධූර්යය යනු ශෘංගාරාදී රස පෝෂිත වාක්‍යය හෙවත් රසවත් රචනය යි. යම් කිසි රචනයක් ඇසීමට ප‍්‍රිය ශබ්ද සහූහය , ඒ ශබ්ද ඇසුරු කොට පවත්නා සරළාර්ථයද මාධූර්ය නම් වේ. මෙහි යොදා ඇති නිවි නිවි , එකතු වී තරුණ කැළ සිනාවෙන් මුවින් වැනි වචන ශබ්ද රසයෙන් රචනා කර ඇති අතර සරළ වූවක්ද වේ. එම නිසා මෙය මාධුර්ය යැයි සදහන් කළ හැක. දණ්ඩි පැහැදිලි කර ඇති දශ ගුණවල එන සමතා ගුණයද මෙම රචනාවෙහි දැකිය හැක. යම් කිසි රචනාවක් පටන් ගැන්මෙහිත් අවසන් කිරීමෙහිත් රචනා විලාසය එකසේ නම් සමතා ගුණයට ඇතුළත් කළ හැක. මෙහි ෙඡ්ක අනුප‍්‍රාසද දැකිය හැක. එකතු වී තරුණ කැළ, නිවි නිවි දිලෙන ,කල් මරා කෙළි කවට කතා මෙම වචන වල වර්ණයන්ගේ සම උච්චාරණය සෑම පදයකම සමාන ආකාරයක් දැකිය හැක. ඒ තුළින් ශබ්ද රසයක් පාඨක මනස තුළ ඇති වේ. එසේම ප‍්‍රතිමත් මළගෙදර යන්නට අනූකුල වු ප‍්‍රධාන රසයට ගැළපෙන අයුරින් සංකල්ප ගොඩ නගා ඇත. ‘‘අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී බුලත් විටකට හුනූ පුවක් එක් කරන. හ`ඩ යන්ත‍්‍ර ගුණ ගයයි ගුවන් ගැබ පාලි පාඨ ද මුහුවෙලා නොතේරුණු බුදුපුත්තු දෙසති අනියතය හා ගුණ සමර මුසා වැරු ඒ මුවෙන් පෙර සේම. ප‍්‍රීතිමත් සැණකෙළිය වඩවමින් පැන නගියි සුදුපැහැති වත් නිසා නිරතුරු ව වෙර වඩා වසං කළ - සත්‍යයේ ජඩ සෙළුව ’’ මෙහි පියා වයොවෘද්ධ වුවද ඔහුගේ මවද ජිවත් වේ. මවද අදුරේ මුල්ලකට වී සිටියි. බුදු දහමට අනුව දරුවන්ට යහ මග කියා දීම දෙමාපියන්ගේ යුතු කමකි. නමුත් මෙම මව තම පුතු අදුරේ සිටියදී තමාද අදුරේ සිටී. සමාජයට මුවාවී සිටි. එසේම ඇය සිටින්නේ කුදු ගැසීය . කෙලින් වීමට නොහැකී වී ඇත්තේ පුරුෂාධිපත්‍යයට ලක් වී සිටින බැවිනි. අ`දුරු මුල්ලක අම්මා මුවා වී - කුදු ගැසී යන්න ස්ත‍්‍රි වාදයට අනුව විචාරය කළ හැක. එනම් අම්මා යන්නට මුවා වී , කුදු ගැසී යනුවෙන් විශේෂණයන් වේ. එසේම අම්මා සිටිනුයේ මුල්ලක යැයි කියයි. මෙහි වක්‍රොක්තියක්ද වේ. පුරුෂාධිපත්‍යයට නතු වු ලෝකයේ කාන්තාවන් පුහුණ දෙන ඛේදවාචකයයි. කාන්තාවක් ලොව උතුම් පදවියක් වන මව් පදවිය ලබා ගත්තද ඇය සමාජ අසාධාරණයට ලක් වේ. පිරිමියාට සාපේක්‍ෂව කාන්තා නිදහස නැත.අම්මා මුල්ලකට වී සිටි . එසේ සිටිනුයේ කුදු ගැසීය. කාන්තාවන්ට නැගී සිටීමට පුරුෂාධිපත්‍යය ඉඩ දෙන්නේ නැත. කාන්තාවන් මුල්ලකට දැමීමට පාගා දැමීමට සමාජය උත්සාහ කරයි.පුර්ව පන්තිමය අවස්තාවෙන් පසුව තම විඤ්ඤාණය සකස් කර ගන්නා පුද්ගලයා පසුව තම විඤ්ඤාණය සකස් කර ගැනීමේදි සමාජ පන්තියද හේතු වන බව මනොවිශ්ලේෂන න්‍යාය වැඩි දියුණු කල මාක්ස්වාදී විචාරකයෙකු වු ලූවි අල්කුෂර් පැහැදිලි කළේය. කාන්තාවන් තම විඤ්ඤාණය සකස් කර ගැනීමේදි මෙම පන්තිමය වශයෙන් අඩු තත්වයෙන් සැළකීම අයහපත් අන්දමින් බලපායි. මෙය කාන්තාවකගේ විඤ්ඤාණය තුළ (ක්ජන* හිඩැසක් ඇති කිරීමට හේතු වේ.එසේ වූ පසු කාන්තාවන්ද සමාජයේ පුරුෂාධිපත්‍යය අනුමත කිරීමට පෙළෙඹෙයි.මෙහි සිටින මව මුල්ලකට වී සිටිනුයේ එබැවිනි. මෙම මළ සැණකෙළිය තුළ බාහිරයට සතුටක් ඇති බව පෙනේ. එයට හේතු වී ඇත්තේ සමාජයට තමන් සුචරිතවත්බව පැවැසීමට දරන උත්සාහයක් නිසාවෙණි. මොවුනට සත්‍යය ජඩ සෙළුවකි. එසේ වන්නේ යථාර්ථය එලි වන්නේ නම් එය ඔවුන්ගේ නිරුවත මනාව ප‍්‍රදර්ශනය වන බැවිණි. එම නිසා සත්‍යය ඔවුනට නින්දිත හෙළුවකි. එය ධනය බලය යොදමින් පමණක් නොව ජිවිත වුව බිල්ලට දී ආරක්‍ෂා කර ගැනීමට ඔවුන් උත්සාහ දරයි. මෙසේ මෙම නිර්මාණය විසංයොජනයට අනුව විමසන කළ නව අරුත් එම පඨිතය තුළින්ම ජනනය වන බව පැහැදිලි වේ. මෙහිදි ලොව සැබෑ යථාර්ථය සත්‍යයේ ජඩ සෙළුව යනුවෙන් රූපකයකට ලක් කිරීමෙන් මෙම කාව්‍ය පන්තියෙන් රස ජනනය කර පාඨකයාගේ බුද්ධියට ආමන්ත‍්‍රනය කරන ආකාරය මැනවින් පැහැදිලි වේ.සාහිත්‍ය කෘතියකින් මුලික වශයෙන් රසයක් බලාපොරොත්තු වන අතර එයින් බුද්ධිමය සංවාදයක්ද තිබිය යුතු වේ. ධ්වනි ,වක්‍රොක්ති හා ව්‍යාංග්‍යාර්ථ වශයෙන් අර්ථ ජනනය කරගනුයේද අවබෝධ කර ගනුයේද බුද්ධිමය පාඨවය නිසාවෙනි. යටි වියනට කිරණ ඉරක් හැමදාම වහින්නේ වනයේ හිස් මුදුනට එළිය පායන්නේත් එතැනට විසල් තුරු සෝදමින් පත් අතර වෑස්සෙන බිංදු ටික පමණයි ලැබෙන්නේ පහළට වෙන් වෙන්ව උස යන මහ ගස් ක`දන් යට ඇලී මිහි පොත්තෙහි කටු කලල් අකුලෙහි යටි වියන සිටියා වෙලී - පැටලී - නොනැ`ගී සිනා සළුවෙන් වැසී යන මෙන් හදක දුක් ගැබ වනය මුදුනේ මීදුමෙන් සහ සො`දුරු මායා පටලයන්ගෙන් වැසී තිබුණා වනය පතුලේ අ`දුරු පදනම අල - පෝට - දෙමළ ඈ වැල් කෙටි ප`දුරු - මිටි වදුලූ ඒ අතර තණ බිස්ස ඉන් නොඉල්පෙන සු`ගු තලය පේ‍්‍රම නොකළත් කුරුලූ ප‍්‍රියයන් සිප නොගත්තත් සුළං සලෙළුන් දකිමි - පොඩි මල් පිපෙන මහිමය යට යටි වියන තුළ වැටිය යුතුය එහි එක් කිරණ බැල්මක් ඉර ගල අවටින් - ස`ද ලප ක`දුලින් ආකාස දෑසීන් උඩු ගුවනින් - දඩු මොණරෙන් ඵීද්ද නොහැකිය ඒ කිරණය ගෙන යා යුතුය බැස වන දුදුල තුළ කටු කොහොල් මෑත් කර වළ - වගුරු මතින් පැන බඩ ගාන සපුන් සේ ගලා යන ග`ගුල් සේ වක් වේවී - හැරි හැරී වර්තනය නියම වෙනස් කොට ගෙන යා යුතුය කිරණය ලක්ශාන්ත අතුකෝරල විසින් නිර්මාණය කරන ලද මෙම කාව්‍යය ප‍්‍රධාන වශයෙන් වක්‍රොක්තියකින් යුක්තව මෙය කියැවීය හැකිය. ඊටා හේතුව වන්නේ මෙහි ‘යටි වියනක’ අරුතින් සමාජයේ පන්තිමය පරතරය හා එහි විපාක ප‍්‍රකාශ වන බැවිනි. ජැක් ඩෙරිඩාගේ විසංයෝජනවාදයට අනුව මෙහි ප‍්‍රතිපක්‍ෂ යුගල රාශියක් සොයා ගත හැකිය . විශාල - කුඩා , උස - මිටි , උඩ - යට, දුක - සැප ,වැසුණු - නොවැසුණු ආදිය ද ඒ අතර වේ.මේ මගින් මෙහි නව අරුතක් ජනනය කර ගත හැක.කාව්‍යය ස`දහා භාෂාව ප‍්‍රධාන මෙවලම වන්නා සේම විචාරයේදීද උපයොගී කර ගන්නා මුලික අමුද්‍රව්‍ය වන්නේ භාෂාවයි.විශාල , උස , උඩ හා සැප යන කරුණු මෙහි වනයක උඩ ස්ථරය වු විශාල ගස් සමුහය වේ. එනම් සමාජයක ධනපති පන්තියයි.යටි වියන යනු පිඞීත පන්තියයි. එයට කුඩා , මිටි , දුක ,වැසුණු යන කරුණු ආදේශ කළ හැක .එනම් සමාජයේ අවධානයට ලක් නොවීම , සමාජයෙන් කොන් වීම , සමාජයේ බලය අතින් කුඩා පිරිසක් යැයි සම්මත වී තිබීම වැනි කරුණු ඊට ආදේශ කළ හැක. කිරණ යටි වියනට නොලැබීම යනු සමාජයේ අසාධාරණයට ලක් වීමයි. මේ අනුව පද්‍ය විචාරය යනු කාව්‍යය භාෂාත්මකව කියැවීමක් බව පැහැදිලි වේ. මනෝවිශ්ලෙෂණ න්‍යායට අනුව සෑම මනිසෙකුම ඉඞ්හි ඇති ලිංගික සහජය හා මරණ සහජය තෘප්ත කර ගැනීමට උත්සාහ කරයි.සදාචාරය සංස්කෘතිය හා නිතීය යන කරුණුවලින් යුතු සුපර් ඉගෝ යටි සිතේ ඇති සහජයන් ඉෂ්ඨ කර ගැනීම තාර්කික බුද්ධියෙන් සිතා වළක්වාලයි. නමුත් ධනවතුන් තම ධනයෙන් සදාචාරය හා නීතිය යටපත් කර ගන්නා බැවීන් ඔවුන් නිතරම තම ඉඩහි ඇති සහජාශාවන් තෘප්ත කර ගැනීමේ දඩයමක යෙදේ. පිඩිත පන්තියේ ජනතාව විඤ්ඤාණය සකස් කර ගැනීමේදීද පන්ති පරතරය ඔවුන්ගේ විඤ්ඤාණය හීනමානයකින් යුතුව නිර්මාණය වීමට මෙම පන්ති භේදය හේතු වේ.මේ අනුව දුප්පතා බොහෝ විට පීඩනයට මානසික බි`දවැටීමකට ලක් වේ. ස්ත‍්‍රි වාදය මස්සේ මෙය විචාරය කිරීමේදී සමාජයක පීඩිත පන්තිය සමාජයේ විවිධ ආකාරයෙන් පීඩාවට පත් වේ. මෙය මෙහිදි ‘‘යටි විනට ලැබෙන කිරණ , විසල් තුරු සොදමින්, පත් අතර වෑස්සෙන , බිංදු ටික පමණයි , ලැබෙන්නේ පහළට’’ යනාදියෙන් පන්ති පරතරයේ හානිය හා එයින් පීඩිත පන්තිය විදින දුක මනාව පැහැදිලි වේ. යටි වියනට කිරණ ඉරක් යන වචන කිහිපය ඇසු විට පාඨකයා ඒ තූළ හගවනය හා වෙනස් හැගවුමකට එම වචන හසු කර ගනී. ව්‍යුහවාදීන් පවසන පරිදි හගවනය හා හැගවුම අතර කිසිදු සම්බන්ධයක් නොමැත. නමුදු පාඨකයා වචනයක් යොදා ඇති හෝ යෙදී ඇති බාහිර පරිසරයද සැළකිල්ලට ලක් කරමින් එහි සැබෑ හගවනය සොයා යයි. ‘විසල් තුරු සෝදමින්, පත් අතර වෑස්සෙන,බිංදු ටික පමණයි ,ලැබෙන්නේ පහළට’ මෙම වදන් කිහිපය අනුව මුලින්ම ඇති වන හගවනය විශාල ගස් සොදමින් පත‍්‍ර අතරට වැටෙන දිය බින්දු කිහිපයක් වුවත් හැගවුමේදි එය යෙදී ඇති පරිසරය අනුව වෂා_වෙන් විශාල ගස් මතට මුලින් වැටෙන ජලය පසුව යටි වියනට වැටෙන බව අවබෝධ කර ගනී. ධ්වනි වාදයටඅනුව වචනයක් කොටස් තුනකට බෙදිය හැක.එනම් 1.*වාච්‍යාර්ථය 2.* ලක්ෂ්‍යාර්ථය 3.*ව්‍යංග්‍යාර්ථය භාවිත විචාරයට අනුව වචනයක් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදිය හැක.ඒවා නම්, 1.*නිර්දිෂ්ටාර්ථය 2.*භාවිකාර්ථය වාච්‍යාර්තය හා නිර්දිෂ්ටාර්ථයත් මගින් යමක කොෂාර්ථය ලබා දෙයි්. යටි වියනට කිරණ ඉරක් යනු වනයක පහළ ස්ථරයට රශ්මීන්ගේ ඉරක් යන්නයි. රශ්මීන්ගේ ඉරක් යන්න තරමක් ව්‍යාකූල අරුතකි. ඉරක් යනුවේන් සාමාන්‍යයෙන් නම් කරනුයේ අ`දින ලද රේඛවකටය. නමුත් ධ්වනි වාදයේ ලක්ෂ්‍යාර්ථය මගින් දෙවැනි තෙරුමක් ලබා දෙයි. සූර්ය රශ්මීන් යනුවෙන් එයට අරුතක් ලැබේ. භාවිත විචාරයේ එන භාවිකාර්ථයත් ධ්වනිවාදීන්ිගේ ව්‍යංග්‍යාර්ථයත් යන දෙකම එකකි. ඒ අනුව සලකන විට භාවිත විචාරයේදී භාවිකාර්ථයෙන් කෙරෙන දෙය ධවනිවාදීන් ලක්ෂ්‍යාර්ථයෙන් කර ඇති අතර ඊටත් වඩා සියුම් විග‍්‍රහයක් ව්‍යාංග්‍යාර්ථයෙන් ධ්වනිවාදීන් සිදු කර ඇතැයි කිව හැක. රසිකයාත් සහෘදයාත් සොයනුයේ ඒ මගින් ධ්වනිත වන සැ`ගවුණු අර්ථයයි. ‘‘පේ‍්‍රම නොකළත් කුරුලූ ප‍්‍රියයන් සිප නොගත්තත් සුළං සලෙළුන් දකිමි - පොඩි මල් පිපෙන මහිමය යට යටි වියන තුළ’’ කෝෂාර්ථයෙන් නොලැබෙන මෙහි සැබැ අරුත ලක්ෂ්‍යාර්ථයෙන් හා භාවිකාර්ථයෙන් ලැබේ. මෙහි ඇති ධ්වනිතාර්ථය රස ධ්නි හා වස්තු ධ්වනි යනුවෙන් දැක්විය හැක. මෙම කාව්‍ය නිර්මාණයේ ප‍්‍රධාන රසය නැතහොත් අංගී රසය වන්නේ කරුණ රසයයි. මෙහි ආලම්භන විභාව වනුයේ උඩ ස්ථරය නැතහොත් උඩු වියන හා යටි වියන වේ. එහි උද්ධිපන විභාව වැස්ස , සූර්ය රශ්මිය , අදුර , සුළග යන වස්තූන් දැක්විය හැක. මෙහිදි කරුණ රසය ඇති වීමට මෙම වස්තු උද්ධීපනය වේ. ඒ අනුව පූර්ව උද්ධෘතයෙන් දැක්වු කාව්‍ය කොටස රස ධ්වනියක් ඇති කරයි. එසේම ඉන් හුදු රමණීය කවි සංකල්පනාවක් ඇති වන නිසා ඉන් වස්තු ධ්වනියක් ඇති වේ. යටි වියනේ දැකුම්කළු කුරුල්ලන් නැත , නැවුම් සුළග පැමිණෙන්නේ නැත. සුළග මෙහිදි සලෙළුන් යැයි නම් කර ඇත. මන්ද මාරුතයට සෑම කෙනෙකුම ප‍්‍රිය කරයි. ඉන් මනසේ සුවය ඇති කරයි. නැවුම් සිතුවිලි ඇති කරයි. එම නිසා කාන්තාවන් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත කරන සලෙළුන් වැන්න. මෙහිදි සුළ`ග කාන්තාවකට උපමා කර නැත්තේ සුළග දරුණු වේගවත් ප‍්‍රවාහයක් වුවහොත් ඉන් මහා විනාශයක් සුදු වන බැවිනි. යටි වියනේ සුවද හමවන රමණීය පූෂ්පයන් විකසිත වේ.පාඨකයා තුළ රමණීය කවි සංකල්පනාවන් ඇති කිරීමට කවියා යොදා ඇති භාෂාව පොහොසත් වේ. සමස්ත වශයෙන් මෙම කාව්‍ය නිර්මාණයෙන් මනා අරුතක් ව්‍යංග වේ. මහා වනයක් විශාල වෘක්‍ෂයන් නිසා යටි වියනෙහි වන කුඩා ගස් , පදුරු ආදියට හිරු රුස් , නැවුම් වාතය ලැබෙන්නේ නැත. එසේම සමාජයේ මහා කුලවතුන් ධනවතුන් යනුවේන් පන්තිභේද පැවැතීමෙන් දුප්පත් ජනයා සැමදා පීඩාවට පත් වන්නේ ය. එසේ වුවත් පහළ සමාජයේ දුප්පතුන් ළග පොහොසතුන් ළග නොමැති ගති ගුණ පවතී. ධනය බලය මත සමාජ පන්තීන් නිර්මාණය වීමට නිර්මාණය කිරීමට එරෙහිව පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු බව කවියා අවසානයට ධ්වනිත කරයි. විචිත‍්‍ර සංකල්පරූප මෑවීමෙහිදි සාර්ථක ක‍්‍රම කිහිපයක් අනුගමනය කළ හැක.ඉන් ප‍්‍රධාන තැනක් උපමාවට ලැබේ. එය අර්ථාලංකාර ගණයෙහිලා සැළකේ. උපමාව මගින් ජීවමාන සංකල්ප රූප මෑවිමේදි වැදගත් වන කරුණ ුකිහිපයක් මෙසේ දැක්විය හැක. 1.* උපමාව මගින් නිශ්චිත පැහැදිලි සංකල්ප රූපයක් නිර්මාණය කිරීම. 2.* උපමාව ප‍්‍රස්තුත විෂයටත් අවස්ථාවටත් උචිත වීම . 3.*උපමාවක් පාඨකයාගේ අත්දැකීමෙහිම කොටසක් වීම. මෙම කරුණ ුතුන උපයෝගී කර ගනිමින් පාඨකයාට තියුණු රසාස්වාදනයක් , කම්පනයක් ඇති කළ හැක. යටි වියනට කිරණ ඉරක් යන කාව්‍ය නිර්මාණයේදී අවාසානයෙහි උපමා කිහිපයක් දක්නට ලැබේ. ‘‘කටු කොහොල් මෑත් කර වළ - වගුරු මතින් පැන බඩ ගාන සපුන් සේ ගලා යන ග`ගුල් සේ වක් වේවී - හැරි හැරී’‘ මෙහි යෙදී ඇති උපමාවන් වන්නේ ‘‘බඩ ගාන සපුන් සේ , ගලා යන ග`ගුල් සේ ’’ යන ඒවා වේ. උපමාව වනාහි උපමාන - උපමේය - සාධාරණ ධම_ - සමාන වාචක යන අංග සතරින් යුක්ත වේ. උපමාවෙහි මූල ධර්ම මෙසේ වුවද විවධ අවස්ථාවලදී විවධ ලෙසින් උපමාවන් යෙදේ. බඩ ගාන සයුන් සේ , ගලා යන ග`ගුල් සේ කිරණ ඉර යන්න සම්පූර්ණ උපමා උපමේයයි. උපමාන හා උපමේය අතර සමාන ධර්මය නම් හිඩැස් අතරින් ගමන් කරන ස්වාභාවයයි නැතහොත් ගමන් කිරීම වංගු සහිත බවයි.සූර්ය කිරණද වනයේ හිඩැස් අතරින් යටි වියන කරා ගමන් කරයි. ගංගාව හා සපුන් ඍජුව ගමන් නොකරන අතර කිරණද හිඩැස් අතරින් තැනින් තැන වැටී ඇති බැවින් කිරණ ඒකත්වයකින් ගත් කල ඍජුභාවයක් එහි දක්නට නැත..සෑම හිඩැසකින්ම එක එක ස්ථානයට විවිධ සෙින් වැටී ඇත. මෙු අනුව කවියා පාඨකයා තුළ මවන උපමාව තුළින් විචිත‍්‍ර සංකල්ප රූප මැවේ.කවියක පරිසරය ,අවස්ථාව , අනුභූතිය, පාඨකයා අවබෝධ කර ගනුයේ සංකල්ප රූප මගිනි. මෙම සංකල්ප රූපවල එකතුවක් ලෙස කවියක සමස්ත පරිසරය සිතෙහි මැවේ. එය සැබැ ලොව පරිසරයට වඩා පියකරු වේ. එම නිසා භාරතීයයන් ‘‘රසේ සාර: චමත්කාර:‘‘ යනුවෙන් හදුන්වා ඇත. භාරතීය ඇතැම් විචාරකයන් පිළි ගත්තේ සෑම කලා කෘතියකම විවිධ ආකාරයෙන් අතිශයොක්තිය දැකිය හැකි බවයි.ලොව සාමාණය සිදුවීම් දකින ආකාරයට වඩා වෙනස් ආකාරයකට අතිශයොක්තියෙන් කලා කෘතීන් තුළ අන්තර් ගත වේ.එම නිසා එවැනි කෘතිවලින් චමත්කාරය වඩා හොදින් ඇති වේ. යටි වියනට කිරණ ඉරක් යන මෙම නිර්මාණයේදීද පරිසරයේ සැබු සි¥වීමක් අතිශයොක්තියෙන් ව්‍යංග්‍යාර්ථව ප‍්‍රකාශ කර ඇත. කාව්‍යයක් උසස් නිර්මාණය වන්නට එහි පද ඝටනාව ශබ්ද අර්ථ දෙකින් මනාව සංයෝජනීය විය යුතු යි. කාව්‍යක යොදන වචන අනුව එවායෙහි අර්ථය හා අදාළ අවස්ථාවට උචිත බව වෙනස් වේ. නිදසුනත් ලෙස කාන්තාව හැදින්වීම සදහා වචන රාශියක් ඇත. කාව්‍යයක අවස්ථාව අනුව හා ඉන් මතු කළ යුතු අර්ථය නැතහොත් අරමුණ අනුව යොදන වචන වෙනස් වේ. කාන්තාවගේ අ`ග පස`ග වැනීමකදි බොහෝ දුරට මියුලැසිය , ලිය වැනි වචන භාවිත කරනුයේ අරමුණ අනුවය. යටි වියනට කිරණ ඉරක් යන නිර්මාණයේ දි මෙම ලක්ෂණය දැකිය හැක.කෝෂාර්ථය වශයෙන් එකිනෙක නොගැළයෙන වචන තුළින් නැවුම් භාවිකාර්ථයක් ගොඩ නගනුයේද පූර්වොක්ත ලක්‍ෂණය පදනම් කරගෙනය. මෙම කාව්‍ය නිර්මාණයේ යොදා ඇති ‘‘ ඇලී මිහි පොත්තෙහි , සුළං සලෙළුන් , එක් කිරණ බැල්මක් , විද්ද නොහැකිය ඒ කිරණය ’’ වැනි වචන දැකි විය හැක. මෙම නිර්මාණයේ සමාන අක්ෂර සමීප ස්ථානවල යෙදීමෙන් අනුප‍්‍රාසවත් බවක් ඇති කිරිමටත් ඊට අමතරව ශබ්ද මාධූර්යයක් ඇති කිරීමටත් කවියා කටයුතු කර ඇත. ‘‘වෙන් වෙන්ව උස යන මහ ගස් ක`දන් යට ඇලී මිහි පොත්තෙහි කටු කලල් අකුලෙහි යටි වියන සිටියා වෙලී - පැටලී - නොනැ`ග’’ මෙහි ‘‘වෙන් වෙන්ව ,ඇලි මිලි වෙලි පැටලී ,කටු කලල් අකුලෙහි’’ යන වචන තුළ වර්ණයන්ගේ උච්චාරණයෙහි සමීප බවක් සමාන බවක් දැකිය හැක. මෙහි ‘ල‘ අක්ෂරය භාවිත කර ඇති ‘‘කටු කලල් අකුලෙහි , වෙලී - පැටලී , ඇලී ’’ යන වචන තුළින් ඇතිවන ශබ්ද ධ්වනිය මගින් කටුක බවක් ,කඨෝර බවක් සිතට දැනේ. ඒසේ යම් පාඨකයාට ඇති වුවහොත් කතුවරයා ශබ්ද ධ්වනිය මගින් අභිපේ‍්‍රත බලාපොරොත්තුව ඉටු වී තිබේ. එම නිසා වචන මනාව සංයොජනය කිරීමෙන් කාව්‍යයක ප‍්‍රතිඵලය ඉතා සාර්ථක වේ. මෙම නිර්මාණය පුරාවට මෙම ලක්‍ෂණය දැකිය හැකි අතර බොහෝ විට මෘදු අක්‍ෂර භාවිත කීරීමෙන් සමතා ගුණය හා මාධුර්ය ගුණය ඇතිවන ආකාරයට නිර්මාණය සිදු කර ඇත. කාව්‍යයේ ප‍්‍රධාන මෙවලම භාෂාව වේ.භාෂාව නොමැති නම් කාව්‍යයක් ඇති නොවේ. දණ්ඞීන් සදහන් කළේ තුන් ලොවම ආලොකවත් වී ඇත්තේ භාෂාව නැමැති ආලෝකය නිසාවෙනි. මිනිසුන් සංස්කෘතිය , ඤාණය හා දැනුම අනාගතය කරා රුගෙන යන ප‍්‍රධාන මාධ්‍යය භාෂාවයි. ලොව බෙහෝ කලාපයන් තුළ ලිඛිත භාෂාවක් භාවිත කරයි. නමුදු ලොව ඇතැම් රටවලට ලිඛිත භාෂාවක් නැත. මෙම රටවල සාහිත්‍යයක් නැත. දකුණු අප‍්‍රිකාවෙහි බොහෝ රටවල මෙම ලක්ෂණය දැකිය හැක. මිනිසා භාෂාවක් කථනයට යොදාගැනීමෙන් පසු ඔහුනගේ බුද්ධිමය පාඨවය දියුණු වු අතර මොළයේ ඇති නියුරෝන ෙසෙල වැඩි වී කපාල ධාරිතාව වැඩි වුණි. පසුව සෞන්දර්ය විද ගැනීමෙන් පසුව කලාව බිහි වන්නට ඇතැයි උගතුන් පරිකල්පනය කෙරේ. කලාව බිහි වි එය ගද්‍ය, පද්‍ය ,දෘශ්‍ය හා චම්පු යනාදි වශයෙන් විවධ කොටස් දක්වා සංවර්ධනය වී ඇත. නිර්මාණ බිහි වීමෙන් පසුව විවිධ විචාර වාද බිහි වී ඇත. සාහිත්‍ය විචාරවාද විශේෂයෙන් පෙරදිග හා බටහිර වශයෙන් ප‍්‍රධාන කොටස් දෙකකට බෙදා දැක් විය හැක. පෙරදිග සාහිත්‍ය මෙන්ම සාහිත්‍ය විචාරයටද අපරදිගට වඩා දීර්ඝ ඉතිහාසයක් ඇත.පෙරදිග සාහිත්‍ය පිළිබ`ද යම් යම් කරුණු වෛදික යුගයේ කෘතිවලින් ද දැකිය හැක. ඍග් වේදයෙහි පුරාණතම සාහිත්‍ය ලක්‍ෂණ දැකිය හැක. භාරතීයයන් වේදය කට පාඩමින් රුගෙන ආ බැවින් ඔවුහු අක්‍ෂරවල හා වචනවල ඉතා කුඩා අනුකුඩා වෙනස් කම් පවා දැකීමට රුචී වූවෝ වෙති.එම නිසා පෙරදිග භාෂාව සම්බන්ධයෙන් දැනුම අතිශය දියුණු වුවක් වේ. භාරතීයයන්ගේ සෑම දර්ශනයකම ආගමකම ආත්මය ප‍්‍රධාන වශයෙන් සාකච්ඡුාවට භාජනය වු කරුණක් විය. මේ බලපෑම නිසාම සාහිත්‍ය විචාරයටද භාරතීයයන් ආත්මය හා සම්බන්ධ කර ඉදිරිපත් ක්ිරිමට රුචිකත්වයක් දක්වා ඇත. මේ නිසා කවියක ආත්මය හා ශරීරය කුමක්දැයි ඔවුන් විමසන්නට විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස විවිධ වාද ඇති වී තිබේ. භාරතීය විචාරයේදී රසවාදය , අලංකාරවාදය ,ධ්වනි වාදය , ඖචිත්‍ය වාදය , රීති වාදය හා වක්‍රොක්ති වාදය යනුවෙන් වාද හයක් ඇති වී තිබේ. අපරදිගද විවිධ සාහිත්‍ය න්‍යායන් විවිධ කාලවලදී විවිධ ආකාරයට බිහි වුණි.නමුදු බටහිර බොහෝ සාහිත්‍ය විචාරවලින් අවධාරණය කළ දේවල් අඩු වැඩි වශයෙන් පෙරදිග සාහිත්‍ය විචාරවලදී සාකච්ඡුා කළ ඒවා වේ. සාහිත්‍ය යනු භාෂාම මුල් කරගෙන නිර්මාණය වූවක් බැවින් සාහිත්‍ය විචාරයේදී ද භාෂාවට වැදගත් තැනක් හිමි වේ. පද්‍ය විචාරයද කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමකි. එහිදි ශබ්ද හා අර්ථ පිළිබ`දව අවධානය යොමු වන අතර ශබ්ද රචනාව හා එය සිදු කර ඇති ආකාරය වැනි කරුණු මත විචාරයද සිදු වේ. සාහිත්‍යයේ රසය පිළිබ`දව සැළකීමේදි එය භාෂාව මගින් සිතෙහි ඇතිවන වින්දනයකි , හැගීමකි.කවියෙකු භාෂාව භාවිත කර ඇති ආකාරය අනුව රස මතු වීමේ ප‍්‍රමාණය වෙනස් ෙවි.එසේම විවිධ සාහිත්‍ය රසයන් ද ඇතිවේ. එසේම ඊට උචිත පරිසරයද කවියා ගොඩ නගන්නේ භාෂාව මගිනි. අනුප‍්‍රාස යමක වැනි ශබ්ද අලංකාර මගින් ඇතිවන රසය උද්ධීපනය කීරීමක් හා අදාළ පරිසරය පිළිබ`ද සංකල්ප සිතෙහි මනාව පහළ වේ. ධ්වනි , වක්‍රොක්ති , ව්‍යංග හා රිති වැනි කරුණු ලැබෙනුයේ කාව්‍ය කෘතියක භාවිත භාෂාව ඇසුරිනි.බටහිර විචාර වාදද එසේම භාෂාව ඇසුරින් අධ්‍යනය කළ යුත්තකි.ව්‍යුහවාදයේදි වුව ව්‍යුහයක් ගොඩ නගා ගන්නේ යම් කෘතියක භාවිත භාෂාව ඇසුරිනි.විසංයෝජන වැනි විචාර කෘතියක ප‍්‍රතිපක්‍ෂ යුගල පද තෝරා එයින් නව අරුතක් ජනනය කරනුයේ , සමීප කියැවීමක් ලබනුයේ භාවිත භාෂාව ඇසුරිනි. ස්ත‍්‍රී වාදය , භාවිත විචාරය හා මනොවිශලේෂණ විචාර වාදවලදී ද සාහිත්‍ය කෘති අධ්‍යනය කරනුයේ යම් සාහිත්‍ය කෘතියක උපයුක්ත භාෂාව ඇසුරිනි. පද්‍ය විචාරය යනු කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමකි යන ප‍්‍රස්තුත කරුණට අදාළව මෙහිදි සාකච්ඡුාවට ලක් කළ ධර්ම චක‍්‍රය , ප‍්‍රීතිමත් මළ ගෙදර හා යටි වියනට කිරණ ඉරක් යන පද්‍ය නිර්මාණ ඇසුරින් එම කරුණ මනාව පැහැදිලි විය. පූර්වයෙන් සදහන් කළ ශබ්ද හා අර්ථ , පද ඝටනාව, ධ්වනිය , රිද්මය , සංකල්ප භාවිතය , රස ජනනය , රස තීව‍්‍ර කිරීම ඇතුළු සැම කරුණක්ම භාෂාව ඇසුරින් , භාෂාව කියැවීමෙන් සිදු වන්නක් බව මනාව පැහැදිලි වේ.ඒ අනුවද පැහැදිලි වන්නේ පද්‍ය විචාරය යනු කවිය පිළිබ`ද කෙරෙන භාෂාත්මක කියැවීමක් යන්නයි. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය අතුකෝරල , ලක්ෂාන්ත .යටි වියන .නුගේගොඩ : සී/ස සරසවි ප‍්‍රකාශකයෝ , 2007 , දිසානායක . කුමාරසිංහ ,’’ සංස්කෘත කාව්‍ය විචාරයේ ආරම්භය ’’ අතිපූජ්‍ය විලපිටියේ ඤාණවංස අනුනායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත‍්‍රීය සංග‍්‍රහය සංස් . කහවත්තේ ජිනසිරි හිමි , නිග්‍රොධාරාම පිරිවෙනි ආචාර්ය මණ්ඩලය , ගෙලිඔය : 2007 පේමරතන ,වැලිවිටියේ . (සංස්.*. කාව්‍යාදර්ශය. කොළඹ 10: සමයවර්ධන පොත්හල ,2001 . ලියනගේ අමරකීර්ති ,ලියනගේ. අමුතු කතාව . මුල්ලේරියාව : වීජේසූරිය ග‍්‍රන්‍ථ කේන්ද්‍රය , 2005 . සුනිල් සෙනෙවි, හිනිදුම . විරාගී මිටියාවත . කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ , 2005 . ඍ්නැි්ටමචඒල ඡුීශක්‍්‍යධඛධඨෂක්‍්ඛ ීඔඹෘෂෑී ෂභ ඍ්ී්ග ඊ්ර්බ්ිථ ්‍යසබාම ඹබසඩැරිසඑහ චරුිිල 1950ග ‘‘පද්‍ය විචාරය යනු , කවිය පිළිබ`දව කෙරෙන භාෂාත්මක කියැවීමකි .’’.

No comments: