Tuesday, December 10, 2013
’‘ඓතිහාසික කාල වකවානුවක් ඇසුරු කර ගනිමින් රචිත නවකතාව, තත්කාලීන සමාජයේ සත්‍ය පිළිඹිබුවක් ලෙස ගත හැකිද? ’’ ඩබ්ලිව් . ඒ. සිල්වාගේ විජයබා කොල්ලය
නවකතාව වර්තමානයේ ලොව සෑම සාහිත්‍යයකම සාහිත්‍යාංගක් වේ. සිංහල සාහිත්‍ය පිළීබ`ද සැළකීමේදි නව කතාවල යම් යම් ලක්‍ෂණ පුරාතන සිංහල සාහිත්‍යයේ දක්නට ලැබුණද පැහැදිලිවම නවකතා සාහිත්‍යාංගයක් සිංහලබසින් ඇති වන්නේ බටහිර නවකතාවේ ආභාසයෙනි. බටහිර නවකතා ආභාසය ලැබීමෙන් පසු සිංහල නවකතාව ක‍්‍රම ක‍්‍රමයෙන් අභිවර්ධනයට පත් වුණි. මේ අනුව විවධ නවකතා රාශියක් සිංහලයෙන් රචනා වී ඇත.සිංහල බසින් රචනා වී ඇති වැදගත් ඓතිහාසික නවකතාවක් ලෙස ඩබ්ල්ව්.ඒ . සිල්වාගේ විජයබා කොල්ලය හැදින්විය හැක. එය දහසයවන සියවසේ ඇතිවු ඓතිහාසික සංසිද්ිධියක් ඇසුරින් රචනා කර ඇති ඓතිහාසික නවකතාවකි. මෙහිදි විමර්ශනයට ලක් කරනුයේ තත්කාලීන සමාජයේ සත්‍ය පිළිබිඹුවක් ලෙස ඓතිහාසික කාල වකවානුවක් ඇසුරු කර ගනිමින් රචිත නවකතාව සැළකිය හැකිද යන්නයි. මෙය විජයබා කොල්ලය ඇසුරින් සාකච්ඡුාවට ලක් කරනු ලැබේ.
ඓතිහාසික නවකතාව
නවකතාව යන්නට ක්ලොරාරිච් දක්වන අදහසක් වන්නේ සැබැ ජීවිතය සිරිත් විරිත් හා එය ලියැවුණු කාලය පිළිබ`ද චිත‍්‍රයක් ඉදිරිපත් කරන්නක් ලෙයසි. කෙටිකතාව කණුවක බැ`ද ඇති වස්සෙකු නම් නව කතාව වත්තක ලිහා ඇති වස්සෙකු යැයි ප‍්‍රකාශ කළ හැක. නව කතාව සරළ රෙඛීයව විකාශනය වන අතර නව කතාව තරංගයක් මෙන් උච්ඡුාවච්ච වී විකාශනය වේ.එක් එක් ලේඛකයා නව කතාව මගින් ඉදිරිපත් කරන දේශපාලන හා සමාජ ඉතිහාසය වෙනස් වන්නේය .එහෙත් ඒ හැම කෘතියකම ඒ තතු ඇතුළත් වන්නේය. මේ අනුව සෑම නව කතාවක්ම තරමක් දුරට හෝ ඉතිහාස විෂයික නව කතාවක් යැයි ග‍්‍රැහැම් ගෆ් ප‍්‍රකාශ කරයි.
සෑම නව කතාවකම තිබිය යුතු ප‍්‍රධාන ලක්‍ෂණය නම් නව කතාවක තිබිය යුතු ලක්‍ෂණ අන්තර් ගත වීමයි.නවකතාව මනෝවිද්‍යාත්මක නවකතා හා රහස්පරීක්‍ෂක නව කතා යැයි විවිධ කොටස් වලට බෙදා ඇත. මෙම වර්ගීකරණයට අනුව මෙහිදි ප‍්‍රස්තුත ගැටළුවට අදාළ ඓතිහාසික නව කතා පිළිබ`දව මෙමහිදි සාකච්ඡුා කෙරේ. යම් ඓතිහාසික සිදුවීමක් හෝ ඓතිහාසික චරිතයක් වස්තුවිෂය කර ගනිමින් රචිත නව කතාව ඓතිහාසික කවකතා යැයි කෙටියෙන් හැදින්විය හැක. නවකතාවක් ඓතිහාසික නව කතාවක් වුවද එය විචාරය කිරීමේදි නව කතා විචාරයේ මුල ධර්ම අමතක නොකළ යුතු වෙයි. ඓතිහාසික නව කතාවක මූලික ලක්‍ෂණය නම් කතාවට පසුබිම්වන අතීත යුගය ජීවමාන ස්වරූපයෙන් පාඨකයා හමුවේ නැවැත උත්පාදනය කිරීමයි.නව කතාවකදී ඓතිහසික යුගය ජීවමාන එකක් ලෙස නිරූපණය කිරීමට ක‍්‍රම කිහිපයක් උපයෝගී කර ගත හැක. මෙහිදි මෙම ක‍්‍රම කේවල වශයෙන් යොදා ගැනීම නොව සම්ස්ත වශයෙන් යොදාගැනීම, අනුගමනය කිරීම උසස් සාහිත්‍ය කෘතියක දැකිය හැක. උසස් ඓතිහාසික නවකතාවක් වන්නට මෙම හේතු හේතු වේ.
ඒ අතීත යුගයේ විසු වැදගත් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන්ගේ ජීවන චරිත විස්තර කිරීම
වැදගත් ඓතිහාසික සිදුවීම් විස්තර කිරීම
වැදගත් පුද්ගලයන්ගේ ජීවිත හා වැදගත්ඓතිහාසික සිදුවීම් එකල පැවැති ඓතිහාසික සමාජයේ වාතාවරණය හා නියම ස්භාවය පිළිබිඹු කිරීම
ඓතිහාසික නවකතා කරුවා ඉතිහාසය පිළිබ`දව නියම ගෞරවයක් හා හැ`ගීමක් ඇති පුද්ගලයෙකු වීම උසස් ඓතිහාසික නවකතාවක් රචනා කිරීමට හේතු වේ.
තමා නිරූපණය කරන අතීත යුගයේ විශ්වාස , ඇදහීම් , ආකල්ප ආදිය පිළිබ`ද වාතාවරණය
කිසිියම් අතීත යුගයක් , පැරුණි සමාජයක්, යටගිය සිදුවීමක් නැවත උත්පාදනය කිරීමේ හැකියාව නවකතා කරුවාට ලැබේ.මෙවැනි නිදහසක් ඉතිහාසඥයාට නැත.
ඇතැම් විචාරකයන්ට අනුව ඓතිහාසික නවකතා දෙකොටසකට බෙදිය හැක.
නවකතාවේ ඓතිහාසික පසුබිම ජීවමාන ලෙස ඉදිරිපත් කිරීමට තැත් කරන නවකතා.
කිසියම් පුද්ගලයෙකුගේ හෝ පුද්ගලයන්ගේ චරිත කලාත්මක පරිදි විවරණය කිරීමට ලියනු ලබන නව කතා.
නව කතාවක පසබිිම විස්තර සහිතව පසුබිම නිරූපණය කළ යුතු නව කතා වර්ග තුනකට බෙදා දැක්විය හැකියි.
(1* තම කතා ශරීරයත්, චරිතත්, වෙන් කළ නොහැකි පරිද්දෙන් පරිසරය හා වෙළී-බැ`දී පවතින බව දැක්වීම කතුවරයාගේ පරමාර්ථය වන විට, මෙවැනි නවකථාවක් ලියන කතුවරයා උත්සහ කරනුයේ, කතාවේ පරිසරය චරිත හැඩගැස්වීමෙහි ලා බොහෝදුරට බල පා ඇති බවත්, ඒවා, එහි අනිවාර්ය ප‍්‍රතිඵලයන් බවත් පාඨකයාට ඒත්තු ගැන්වීමයි. මෙවැනි පරමාර්ථයක් ඇතිව ලියැවෙන නවකථාවල පසුබිම ඉතා විස්තර සහිත ලෙස ඉදිරිපත් කොට ඇති ආකාරය, සිරි ගුනසිංහගේ හෙවනැල්ල, ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි, ලෙනාර්ඞ් වුල්ෆ්ගේ බැද්දේගම, වැනි නවකථාවල අපට දැකගන්නට ලැබේ.
(2* විදේශීය පසුබිමක් ඇති නවකථා, මේවායේ ඇත්තේ පාඨකයාට හුරු-පුරුදු නොවන පසුබිමකි. පසුබිම විදේශීය එකක් නම් පාඨකයාට ඒ පසුබිම තමාගේ සමාජයේ පසුබිමට වඩා වෙනස් බව ඒත්තු ගත හැකි වන විට පමණි, කතාව විශ්වාස කිරීමට ඔහු පෙළඹෙන්නේ. ඒ විදේශීය රටේ පරිසරය, එහි විශේෂ සිරිත්- විරිත්, ඇ`දුම්-පැළ`දුම්, සම්ප‍්‍රදායයන් ආදිය ගැන දීර්ඝ විස්තර සැපයීම මේ ස`දහා අවශ්‍ය වෙයි. මළගිය ඇත්තෝ නමැති නවකථාවට පසුබිම් වන්නේ ජපන් රටයි. නවකථාව මුලදීම ඒ රටේ සංස්කෘතියේ ප‍්‍රධාන අංග පාඨකයා හමුවේ තැබීමට කතුවරයා උත්සුක වෙයි. එම නවකථාවේ මූලික විෂය වන සංස්කෘති දෙකක් අතර ඇති වන ඝට්ටනය නිරූපණය කිරීම සාර්ථක වීම ස`දහා ජපන් රටේ පසුබිම මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේය. ඊ. ඇම්. ෆෝස්ටර්ගේ ‘අ පැසේජ් ටු ඉන්ඩියා’ ( ෑගඵග දෙරඑැරථ ් ඡු්ීී්ඨෑ ඔධ ෂභෘෂ්* නැමති ඉන්දියාව පසුබිම් කොට ගෙන ලියැවී ඇති නවකථාවෙහිද පසුතලය මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත.
(3* ඓතිහාසික පසුබිමක් වටා ලියැවෙන නවකථා, විදේශීය පසුබිමක් ඇති නවකථාවල මෙන්ම, අතීත යුගයක් පසුබිම් කොට ලියැවෙන නවකථාවලද ඇත්තේ පාඨකයාට නුහුරු-නුපුරුදු පසුබිමක්. එවැනි කථාවක පසුතලය පාඨකයාට පිළිගත හැකි වන්නේ එය ඉතා විස්තර සහිතව නිරූපණය කොට ඇතොත් පමණි. කතාවට පසුබිම් වන ඓතිහාසික සමය පාඨකයාගේ නෙත් හමුවේ ප‍්‍රාණවත් ලෙස, ජීවමාන ආකාරයෙන්, මැවී ගියහොත් පමණි, නවකථාවේ සාර්ථකත්වයට මුල පිරෙන්නේ. මේ ජීවමාන ස්වරූපය ලබාදීම ස`දහා, ඒ යුගය පිළිබ`ද තොරතුරු හා ඓතිහාසික කරුණු තැනින් තැන යෙදීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. සම්පූර්ණ අතීත සමාජයක හා සංස්කෘතියක නියම ස්වභාවය හා වාතාවරණය ජීවමාන ලෙස උත්පාදනය කිරීම ඒ ස`දහා අවශ්‍ය වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයක් නිසාය, උසස් ගණයේ ඓතිහාසික නවකථා සෑම සාහිත්‍යයකම පාහේ කලාතුරකින් දක්නට ලැබෙනුයේ.
විජයබා කොල්ලය සමකාලීන සමාජයේ සත්‍ය පිළිඹිබුවක්ද?
ඪබ්ලිව් . ඒ .සිල්වා විසින් රචිත විජයබා කොල්ලය ඓතිහාසික සිදුවීමක් ව්ස්තු විෂය කොට ගත් නව කතාවකි. නව කතා විවිධ කොටස්වලට බෙදා දැක්වීම පහසු නොවේ. එසේ වන්නේ නව කතාවෙහි තිබිය යුත්තේ නව කතාවකට අයත් ලක්‍ෂණ නිසාවෙනි.එසේ වුවද රහස් පරීක්‍ෂක නව කතා , මනෝවිද්‍යාත්මක නව කතා ආදී ලෙස විවිධ කොටස්වලට බේදා දක්වා ඇති බැවින් එය බොහෝ දෙනාගේ පිළි ගැනීමට ලක් වූවකි.
විජයබා කොල්ලය නව කතාව තුළ නවකතාවේ පසුබිම මනාව දැක්වීමේ අවශ්‍යතාව කතුවරයාට වු බව ග‍්‍රන්‍ථ්‍යය විමසීමෙන් පැහැදිලි වේ.එකල හා මෙකල වෙනස කතුවරයා සංසන්දනාත්මක ලෙස ඉදිරිපත් කරයි.
‘‘එකල, මෙකල මෙන් නොව, ශාස්ත‍්‍රානුසාරයෙන් ඊට හේතුව සලකා ගත නොහැකි වූ මිනිස්සු අනාගතයෙහි ඇතිවන විපතකට පූර්ව ලක්ෂණ වශයෙන් මේ දේවානුභාවයෙන් දැක්වුණු නිමිත්තකැයි සිතා නොයෙක් මත ප‍්‍රකාශ කරන්නට වූහ. රටේ පවතින අධර්මයෙන් කලකිරුණා වූ දෙවියන් මේ අන් තැනක් බලා ගමන් කළ සැටි යයි ඇතැමෙක් කීහ....’’
යුග දෙකෙහි සමානකම් පමණක් නොව අසමානකම්ද ඇතැම් විට කතුවරයා ගෙන හැර දක්වයි.
‘‘ඒ කාලේද මේ කාලේ මෙන්ම, නොයෙක් විට, සිංහල තරුණියක දීගයක දීම යුද්ධයකින් ජයගැනිම වැනි වැඩක්. කිමෙක්ද යත්, ඊට නොයෙක් ලෙසින් බාධා කරන්නන් ඇති වූ හෙයිනි. තරුණයකුට බහ දී සිටි- එනම් වාක් ප‍්‍රදානයෙන් ගිවිස ගෙන සිටි තරුණියක වෙන දීගයක දීම ඉතාම දුෂ්කර වූ වැඩකි....’’
කතුවරයා තම කතාවේ මුලදීම මෙසේ එකල මෙන් නොව... යනුවෙන් පටන් ගෙන පසුබිම් විස්තරයක් ඉදිරිපත් කිරිමට උත්සාහ කරයි.මෙසේ දැක්වීම මගින් පාඨකයාට වර්තමානය හා වෙනස් පරිසරයක් අතීතයේ පැවැති බවට කරුණු පැහැදිලි වීම උසස් ඓතිහාසික නව කතාවක ලක්‍ෂණයක් වේ.සජීවි ලෙස අතීත තොරතුරු ගෙනහැර දැක්වීමක්ද මේ මගින් සිදුවේ.
‘‘එකල කොළඹ නගරය මේ තරම් විශාල නොවීය. මෙතරම් ජන බහුල නොවීය. ඓශ්චර්යවත් නොවීය. මංමාවත් මෙතරම් යහපත් නොවීය. පිරිසිදු නොවීය...ගොඩනැගිලි වශයෙන් මෙහි තිබුණේ, මැටි තාප්ප බැම්මෙන් බ`දනා ලද, අතු සෙවිලි වූ ගෙවල් සමූහයකි. සුදු හුනු ගා උළු සෙවිලි කරන ලද ගොඩනැගිලි වෙනුවෙන් තුබුණේ, මුස්ලිම් දේවස්ථාන කිහිපයකුත්, මුස්ලිම් නෞ වාහකයනට හා එම වෙළෙ`ද නායකයනට හා සිංහල සෙනෙවිවරුනට වාසස්ථාන වූ ගෙවල් කිහිපයකුත් පමණකි’’
මෙහිදි කතුවරයා උසස් ඓතිහාසික කෘතියක් වීමට අවශ්‍ය ප‍්‍රමාණවත් පසුබිම නිර්මාණය කිරීමක් පමණක් නොව අනවශය විස්තර දැක්වීමක්ද සිදු කරයි. කොළඹ නගරය මීට පෙරට වඩා දැන් ජනයාගෙන් බහුල වූ බවත් විශාල වූ බවත් දක්වයි.මෙය කුඩා දරුවෙකුට වුව අවබෝධ වන කරුණකි.
‘‘එකල පැවති සිරිත නම් මෙ වැනි අවස්ථාවලදී තමන් කැටුව අහර ගැනීම පිණිස අමුත්තන්හටද ආරාධනා කිරීමය. මේ ආචාරානුගතව කරන සාමාන්‍ය වූ ආරාධනයකි. අමුත්තෝ ඒ බව දනිති. එහෙයින්, එසේ වූ ආරාධනය නො ඉවසති. නායක දෙමාල්ලන් විසින් මෙහිදී කළ ආරාධනයට ස්තුති කොට කාන්තාවෝ පිටත්ව ගියාහ....’’
කතුවරයා පූර්වොක්ත ෙඡ්දයෙන් සදහන් කර ඇත්තේ ආහාර අනුභවයට සුදුසු අවස්ථාවන්හි නිවසේ සිටින අමුත්තන්ට ආරධනා කිරීම 16 වන සියවසේ සිරිතක් බව කතුවරයා සදහන් කරයි. නමුත්‘ මෙම සිරිත වර්තමානයේදීද සිදුවන්නකි.එම නිසා පාඨකයාට කාලය පිළිබ`ද වෙනසක් අවබෝධ නොවේ.එය උසස් ඓතිහාසික ග‍්‍රන්‍ථයක ලක්‍ෂණයක් නොවේ. එසේම මෙසේ විසතර කිරීම අනවශ්‍ය වුවක් යැයිද සිතිය හැක.
නමුදු සෑම අවස්ථාවකම කතුවරයාගේ අදක්‍ෂතාව ප‍්‍රදර්ශනය වන්නේ නොවේ. කතුවරයාගේ බුද්ධිමය පාඨවය ප‍්‍රදර්ශනය වන අවස්ථාද දැකිය හැක. මෙයට හො`ද නිදර්ශනයක් මෙසේ දැක්විය හැක.
‘‘මේ කාලයේ මූණබැලීම කළ කැටපත් සාදන ලද්දේ ලෝහයෙනි. රනින් ඔප නගන ලද්ද, රන් කැටපත නම් විය. රිදී- තඹ- පිත්- තල ආදියෙන්ද වත්කමේ හැටියට මිනිස්සු කැටපත් තනවා ගත්හ. පරංගි කැටපත ලෝහයෙන් නොව, ගන කඩ වීදුරුව රසාලේපනයෙන් පිළියෙළ කළ දර්පණ තලයකි. වර්තමානයෙහි මේ දර්පණතලය සුළුකොට තැකිය යුතු නමුදු එකල එසේ නොව මහාර්ඝ වස්තු සංඛ්‍යාවේ ලා....’’
ඒ සමයෙහි සමාජයේ පැවැති සිරිත් හා ආකල්ප පිළිබ`දවද මෙම කෘතියෙන් තොරතුරු හමු වේ. විවාහය පිළිබ`දව එතරම් දැඩි නිති රීති තිබූ බවක් පැහැදිලි නොවේ. නීලමණි කුමරිය නයනානන්ද කෙරෙහි පිළිබ`ද සිතින් යුක්තව සිටින බව දැන ගන්නා අසංග ඇය නයනානන්දට පාවා දීමට කැමැති වේ. වර්තමානයෙහි දික්කසාද වීම එතරම් පහසු නොවන්නේ මෙරට පැවැති සිංහල නීතිය අනුව නොව ලන්දේසී නිතිය ක‍්‍රමය අනුවයි. දැනටද උඩරට සිංහලයන් වෙනුවෙන් භාවිත වන උඩරට නීතිය මගින් අන්‍යොන්‍ය කැමැත්ත මත දික්කසාද විය හැක. 16 වන සියසේදීද එය එසේ සරළ දෙයක් ලෙස පැවැතී ඇත. එම නිසාම එකගෙයි කෑම වැනි සිරිත් අසභ්‍ය ලෙසින් සමාජය සැලකූයේ නැත. එසේ වී ඇත්තේ එකල සදාචාරය එය පටහැනි නුවූ බැවිනි.
‘‘...එකල කුලවතුන් අතර පවා ‘එකගෙයි කෑම’ නම් සිරිතක් පැවති හෙයිනි. මේ සිරිත අනුසරණය කළ තැන්වල, සොහොයුරන් කිහිප දෙනෙකු වෙනුවෙන් සිටියේ, එකම භාර්යාවකි. නීලමණී එවැනි ගෙදරක් නොපතන්නීය....’’
මෙම කරුණ මහාවංශය ඔස්සේද විමසන කළ සත්‍යය බව පැහැදිලි වේ.
‘‘විජයබාහු තුමාර තෙමේ ලක්දිව රාජ්‍යශ‍්‍රයට පැමිණීමට ප‍්‍රථමයෙන් මැණික්කඩවර පදිංචියට සිටි ස්වකීය සොහොවුරු වූ චක‍්‍රාමුද්ධබාහු කුමාරයා හා එක ගෙයි විසීය. මේ දෙදෙනාගේ සමගි ආශ‍්‍රයෙන් චක‍්‍රායුද්ධබාහු කුමාරුගේ ඇඹිණි වූ කීර වැල්ලේ මහා බිසො බණ්ඩාර නම් තුමියට රයිගම් බණ්බාර ,භුවනෙකබාහුය , පරරාජ සිංහය , මායා දුන්නේ යැයිපුතුන් සිව් දෙනෙක් ඇති වූහ.’’
නවකතතාව ඇරඹෙනුයේ නායක සෙනෙවිගේ මැදුර පිළිබ`ද කරන විස්තරයකිනි. එහිදි කතුවරයා පරිසරය බොහෝ දුරට සාර්තක ලෙස ඉදිරිපත් කර ඇති ආතාරය පහත නිදර්ශනයෙන් පැහැදිලි කළ හැක.
‘‘මේ ගෙය පිහිටියේ, සතර මං සංදියකය. උතුරු දිග ඇය නෙතට වන ලැහැබින් වැසුණු බොරලූගොඩ කන්ද පෙනේ. මොහොතින් මොහොත වඩ වඩා දැඩිවන මීදුම් පටලයෙනුත්, අන්ධකාරයෙනුත්, ඒ නොපෙනී යන්නට ළ`ගය. දකුණු දිගින් කොළොම් විලය. බටහිරින් පෙරවරු වෙළ`ද පොළ, වෙළදුන්හටද වෙළද බඩුවලටද සෙවණ දෙන කූඩම්ය....’’
නමුත් නායක සෙනෙවිගේ භවන විස්තර කිරීමේදි කතුවරයා අඩු දක්‍ෂතාවක් ප‍්‍රදර්ශනය කර ඇත. නායක සෙනෙවිගේ භවන නියත වශයෙන්ම විශාල ලෙස පවතින්නට ඇත.නමුත් කතුවරයා එහි විශාලත්වය බාහිර පෙනුම පිළිබ`දව කිසිදු විස්තරයක් නොදක්වයි. ඔහුට පැරුණි ගෘහනිර්මාණ ශිල්පය පිළිබ`ද සදහන් කරමින් පාඨකයා අදාළ කාලය වෙත රුගෙන යාමේ අවස්ථාවක් කතුවරයා මග හැර ඇති ආකාරය පහත නිදසුනෙන් පැහැදිලි වේ.
‘‘...හුනෙන් හා උළෙන් නිමවන ලද හෙයිනුත්, සිත්කලූ උයනකින් වට වූ හෙයිනුත්, මෙහි ගෘහපති පුරුෂයා සෙස්සකු නොවන බව සැලකිය යුතුය.’’
බොහො තැන්වලදී කතුවරයා ගතානුගතික සාමාන්‍ය පසුබිම් වර්ණනා දැකිය හැකි වන අතර සියුම් විශේෂ විසතර ඇතුළත් නොවේ.කතුවරයාගේ ගතානුගතික වර්ණනාවකට උදාහරණයක් මෙසේ දැක්විය හැක.
‘‘වාරකන් සුළං තනම නැතිවත් , එය පැන නැගෙන කාලය ඉතා ආසන්න බව දන්වමින් වරින් වර හමන බලවත් කුණාටුව ද , එම කුණාටුවෙන් ගසාගෙන යන වළාකුළු ද , ඇයට පෙනේ සන්ධ්‍ය සමය වුවද , සන්ධ්‍යාලොක්ය මර්ධනය කොට ගෙන , ක`දු රුළිවලින් මටියාවතට සාගර තරංගයක් මෙන් ගලා බසින මීදුමද පෙනේ ’’
මුලින් දැක්වු ආකාරයට උසස් ඓතිහාසික නව කතාවක් වීමට නිර්මාණයට සාපේක්‍ස යුගයේ සමාජයට හා සංස්කෘතියට සමාන්තරව තමන් සිටින බවට හැගීමක් පාඨකයාට ලබා දිය යුතුයි. එහිදි එම කාලයට අනුරූපව සමාජයේ පැවැති සිරිත් විරිත් පිළිබ`ද කරුණු ඉතා වැදගත් වේ. මෙම කරුණු අතින් කතුවරයා තරමක් දුරට පොහොසත් වූ බවක් දැකිය හැක. එකල රාත‍්‍රියේ ගමන් බිමන් යාමේදි හුලූඅතු හා පන්දම් රුගෙන ගිය බව නව කතාව මුලදීම දක්නට ලැබේ. එමෙන්ම එකල ආහාර ලබා ගැනීම හා බැදී පැවැති තවත් සිරිතක් වූයේ බිම හිද ගෙන ආහාර ගැනීමයි. මෙම කරුණු නව කතාවෙහි මෙසේ දැක්වේ.
‘‘සැමියා එන ලකුණු - එනම් හුලූ අතු සහ පන්දම් කිහිපයක් දැල්වෙන එළියෙන් ගමන් කරන්නකු එන ලකුණු....’’
‘‘...ඉතා උසස් කුල ගෙවල පවා, ආහාර ගැනීම කෙරුණේ, බිම හි`ද ගෙනය. භෝජනාගාරයෙහි හි`ද ගැනීමට කළාල පිට අතුරන ලද පලස් ඇතිව, පලස් පිට ලන මෙට්ට ඇතිව, ඔවුහු ආහාර ගත්හ. පරිවේෂ කර්මයෙහි ඇතැම් තැන, සේවකයන් යෙදුණාහ. ඇතැම් තැන සේවිකාවන් යෙදුණාහ.’’
විජයබා කොල්ලය සිදු වු යුගයේ සංස්කෘතිය පිළිබ`දව තොරතුරු විජයබා කොල්ලය තුළින් දත හැකිය. එකල සමාජය දෙවියන් පිදීමෙහි යෙදි සිට ඇත්තේ දැඩි විශ්වාසයකිනි.එකල ජනයා දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත. දෙවියන්ට පඩුරු වෙන් කිරීම , දෙවියන්ට පහන් - හදුන්කනූරු ආදිය දල්වා පුදසිරිත් පැවැත්වීම ආදිය සෑම කෙනෙකුම දැඩි බැතියකින් සිදු කළ බව මෙම කෘතියෙන් පැහැදිලි වේ. ඇතැම් විට මෙවැනි දේව භක්තයකට එකල ක‍්‍රිස්තියානි ආගමේ බලපෑමද සුළුවෙන් හෝ බලපාන්නට ඇත. එකල ඇතැම් ක‍්‍රිස්තියාන් පූජකවරු මහා බලයකින් යුතු වූ බවට කට කතා පැතිර තිබූ බව මහාවංශයේද සදහන් වේ.
‘‘...දෙවියන් වෙනුවෙන් පුද සිරිත් පැවැත්වෙන මල් පැලේ පහන් දල්වා, හ`දුන්කූරු දල්වා සුව`ද දුම් දී, මල් පුදා සිය ළතැවිල්ල දෙවියනට කීවාය. එක දෙවියකුට නොව, කතරගම - සමන් -උපුල්වන් -විබීසණ යන සිව් දෙවියනටම කීවාය.’’
‘විජයබා කොල්ලය’ තුළින් සාමාන්‍ය ජනතාව පිළිබ`ද විස්තරවලට අමතරව බොහෝ කොට විස්තර ඇතුළත් වන්නේ රජවරුන් , හමුදා ප‍්‍රධානීන් උසස් කුලවතුන් වැනි තැනැත්තන්ගේය. රාජ්‍යත්වය සම්බන්ධයෙන් පැවැති අරගල වලදී දරු දෙමාපිය සම්බන්ධය පමා අමතක වන ආකාරයකට සමාජය පිරිහී තිබුණි. රාජ්‍යත්වයට පුද්ගලයෙකු තොරා පත් කිරීමේදි අනුගමනය කරනු ලබන සිරිත් හා සම්ප‍්‍රදායන් පිළිබ`දව මෙහි සදහන් වේ.
‘‘සර්වාභරණයෙන් විභූෂිත වූ රජතුමා දළපුඩු සේසත් නගන ලද සිංහාසනයට සුබ මොහොතින් වැඩම කරවන ලදි...මෙසේ පෙර සිරිතට අනූව කළ අභිෂේකයෙන් ඔටුනු පැළ`දි රජු සිංහාසනයෙන් නැගී සිට, පළමුවෙන්ම කළේ චන්දන කල්කයෙන් පිරි...පන්සිල් ගෙන, යළි දළදා මැදුරට වැ`ද, දළදා හිමින් වැ`ද මහජන ප‍්‍රීති ඝෝෂා මද්ධ්‍යයෙහි නගර ප‍්‍රදක්ෂිණා කිරීමය....’’
පැරුණි යුගයක් ජීවමාන ලෙසින් පාඨකයා හමුවේ ඉදිරිපත් කිරීමට එම යුගයේ භාවිත භාෂාව හා යෙදුම් ඉතා වැදගත් වේ.භාෂාව බොහෝදුරට සංස්කෘතියත් සමග බැදී ඇති බැවින් වචන හා අරුත් පිළීබ`ද සැළකීමේදි එම සමාජයේ විශ්වාස , දැනුම , ආකල්ප සමාජය වැනි කරුණු රාශියක් භාෂාව ඔස්සේ අධ්‍යනය කළ හැක. සාර්ථක ඓතිහාසික නව කතාවක් නිර්මාණය කිරීමේදි එම යුගයේ උපයුක්ත භාෂාව හා යෙදුම් දක්නට ලැබීම වැදගත් වේ.නවකතාවට පසුබිම් වු යුගයේ හා වර්තමානයේ යෙදුණු භාෂාව අතර වෙනස්කම් පැවැතුණු බව පැහැදිලි ය. නමුත් ඓතිහාසික කෘතියක මුළු වාග් කෝෂයම එකල භාවිත වු වචනම යෙදීමෙන් එය කියැවීමට වෙනම ආඛ්‍යානයක් අවශය විය හැක. විය යුත්තේ එය නොව පාඨකයාට අවබොධ කර ගැනීමට ගැටලූවක් ඇති නොවන ආකාරයට පැරුණි වැදගත් යෙදුම් හා වචන යෙදීම ඓතිහාසික නව කතාවට ගැළපෙන්නක් වේ. මෙවැනි වචන රාශියක් විජයබා කොල්ලය නව කතාවේහිද දැකිය හැක.
‘‘පැහැදුම (එනම්, පිසූ ආහාරය තැන්පත් වූ පලකය*, පයිංඩ කාරයින්, රාබරක්කුව, ජගලත් තොප්පිය, කූටාලියෙක්, අඩුක්කුවක්, පුලන්නකුට, සම`ගි සන්දියක්, අගම් පොඩි පුරෝගමය
ඓතිහාසික නවකතා කරු ඓතිහාසිකමය තොරතුරු පමණක් දක්වන්නෙක් නොවේ. ඓතිහාසක නවකතාවක නිවැරදි ඓතිහාසික කරුණු අන්තර්ගත වීමක් බලාපොරොත්තු විය හැකි අතර නමුත් එය සාහිත්‍යමය අගයෙන් හීන වූවක් නොවිය යුතුය. ඓතිහාසික පුද්ගලයන්ගේ ජීවන චරිත විස්තරවලට හා ඓතිහාසික සිදුවීම්වලට වඩා වැදගත් වන්නේ ඒ සමයේ ජීවය හෝ ප‍්‍රාණය වූයේ ඒවා බැවිනි. ඒ සමයේ ජනයා ජීවත් වූ ආකාරයක් සිතු පැතු ආකාරයක් ක‍්‍රියා කළ ආකාරයත් එම ක‍්‍රියාවන්ට පෙළඹුණු හේතූන්ද අපට අත්දැකිය හැකි ඒවා වන්නේ නම් එය උසස් ඓතිහාසික නවකතාවක් වන්නේය .
සමාලෝචනය
නවකතාවක ලක්‍ෂණ ආරක්‍ෂා කරමින් ඓතිහාසික සංසිද්ධියක් හෝ පුද්ගලයෙකු හෝ පුද්ගල චරිත ඇසුරින් නිර්මාණය කළ නවකතාව ඓතිහාසික නවකතාවක් වේ. මෙම නවකතාවක ප‍්‍රධාන ලක්‍ෂණය නම් නවකතාවට පසුබිම්වු අතීත යුගය පාඨකයා හමුවේ නැවැත උත්පාදනය කිරීමයි. නවකතාකරුවෙකු ඓතිහාසික නවකතාවක් නිර්මාණය කිරීමේදි නවකතා රාමුවේන් වියුක්ත වීමට කතුවරයාට නොහැකිය. ඓතිහාසිතක නවකතාවක් විචාරය කිරීමේදි හෝ මැන බැලීමේදී නවකතා මුලධර්මවලින් වියුත්ක විම සිදු කළ නොහැක.
සාහිත්‍ය නිර්මාණක් යනු යමක් ඇති සැටියෙන්ම පිළිබිඹු කිරීමක් නොවේ. එවැන්නක් වාර්තාවක් විය හැකිය. ඓතිහාසික ප‍්‍රවෘත්තියක් වස්තු විෂය ලෙස ගෙන ඓතිහාසික නවකතාවක් රචනා කිරීමේදි නවකතාකරුවාට ඉතිහාසඥයෙකුට නොමැති නිදහසක් ලැබේ. එය සිදු වු අයුරින්ම ලියා තැබීම ඉතිහාසඥයාගේ වගකීමයි. එම නිසා ඓතිහාසික නවකතාවකින් තත් කාලීන සමාජයේ සම්පූර්ණ පිළිඹිබුවක් කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් වේ..නමුත් සාහිත්‍ය කරුවෙකුට ඓතිහාසික වස්තුවිෂයක් ඇසුරින් නවකතාවක් රචනා කිරීමේදි ඉතිහාසයෙහි අඩු තැන් පිර වීමට හැකියාවක් ලැබේ.ඉතිහාසයෙහි සිදු වු සිදුවීමක් යළි උත්පාදනය කිරීමට නවකතාවට හැකි වේ.එහිදි සිදුවීම සිදු වු ආකාරය එසේ සිදුවීමට හේතු වු හේතූන් හා එහිදි චරිතයන්ගේ හැසිරීම වැනි කරුණුවලදී පණ පොවන්නේ අරුතක් ලබා දෙන්නේ නවකතා කරුවායි.
ඓතිහාසික නවකතාවක් යම් ඓතිහාසික සිදුවීමක් වේවා ඓතිහාසිත චරිත හෝ චරිතයක් වේවා නවකතාව තුළ විකාශනය කිරීමේදි ප‍්‍රධාන චරිත හා අවශේෂ චරිතයන්ගේ හැසිරීම සම්ස්ත නව කතාවෙහි ප‍්‍රාණය ලෙස හැදින්වුවද සාවද්‍ය නැත. චරිතයන් මගින් සමකාලීන සමාජය , සිතුම් පැතුම් , ජීවන දර්ශනය ආදි බොහෝ කරුණු දත හැකිය.
විජයබා කොල්ලය පිළිබ`ද සැළකීමේදි එහි චරිත නිරුපණයේදි සමාජයේ ඉහළ සමාජය පිළිබ`ද පමණක් බහුල කොට චරිත ලක්‍ෂණ දැකිය හැක.මෙම නවකතාව තුළින් සමකාලීන සමාජය පිළිබ`ද සමාජීය , ආගමික , දේශපාලනමය ,සංස්කෘතිකමය හා ආකල්පමය වැනි කරුණු පිළිබ`ද යම් යම් තොරතුරු දත්නට ලැබේ.එසේ වුවද චරිතවල හැසිරීම එක් තලයකට සීමා වී ඇති බවක් පෙනේ. ඇතැම් තැන්වල අත්‍යවශ්‍ය ඓතිහාසික කරුණු දැක්වීම සියුම් ලෙස දැක්වීම මග හැර ඇති අතර ඇතැම් අවස්ථාවලදී අනවශ්‍ය විස්තර , වැනුම් දැකිය හැක. පොදු ජනයාගේ ජීවන පැවැත්ම ප‍්‍රමාණවත් ලෙස නිරූපණය නොවන නිසාවෙන් ද දහසය වන සියවසේ මුල් භාගයේ ලාංකේය සමාජය පිළිබ`දව ජීවමාන චිත‍්‍රයක් විජයබා කොලල්යෙන් පහළ නොවේ. විජයබා කොල්ලය බාහිර වශයෙන් ඓතිහාසික ග‍්‍රන්‍ථයක් වන අතර නියම ඓතිහාසික නවකතාවක දක්නට ලැබෙන වැදගත් අභ්‍යන්තර ලක්‍ෂණ එහි දැකිය නොහැක. එම නිසා මෙම නවකතාව සමකාලීන සමාජයේ් සත්‍ය පිළිබිඹුවක් නොවේ.
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍ර
මහාවංශය සිංහල. (සංස්.*, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, (බොරලැස්ගමුව: අජිත් ප‍්‍රින්ටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, 2010*
රාජාවලිය. (සංස්.*, බී. ගුණසේකර, (කොළඹ: රජයේ මුද්‍රණාලය, ශ‍්‍රී ලංකාව, 1926*
ද්විතීයික මූලාශ‍්‍ර
වික‍්‍රමසූරිය, සරච්චන්ද්‍ර, විජයබා කොල්ලය විවරණය. (මහරගම: සමන් ප‍්‍රකාශකයෝ, 1963*
සිල්වා, ඩබ්. ඒ. විජයබා කොල්ලය. (කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002*
වෙනත්
ග‍්‍රන්ථ විචාර-18- ඩබ්. ඒ. සිල්වා අංකය, වේරගොඩ පඤ්ඤාසේකර හිමි (සංස්.* (කොළඹ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ, මරදාන*
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment