Thursday, December 12, 2013
සිදත් සඟරාවේ සඳහන් විසිවැදෑරුම් විධි පිළිබඳ සමාලෝචනය
සිදත් සඟරාවේ සඳහන් විසිවැදෑරුම් විධි පිළිබඳ සමාලෝචනය
භාෂාධ්‍යයන ආරම්භ වුයේ දැනට වසර දෙදහසකට පමණ පෙර බව බොහෝ දෙනාගේ පිළිගැනීම යි. පැරණි භාරතයේ වෛදික සාහිත්‍යයේ අංගයක් ලෙස භාෂා අධ්‍යයන ආරම්භ වී ගී‍්‍රසියේ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සහ සිනෝ වැනි දාර්ශනිකයන් ගේ විවිධ ගවේෂණ මත නූතන වාග්විද්‍යා අධ්‍යයන දක්වා එය වර්ධනය වී ඇත. ශී‍්‍ර ලංකාවේ භාෂාධ්‍යයන ආරම්භ වුයේ ද මීට වසර දෙදහසකට පමණ ආසන්න කාලයක සිට බව භාෂාඥයෝ පෙන්වා දෙති. ඒ අතරින් දැනට විද්‍යමානව පවත්නා පැරණිම භාෂාධ්‍යයන ග‍්‍රන්ථය ලෙස සිදත් සඟරාවට හිමිවනුයේ සුවිශේෂස්ථානයකි. කි‍්‍රස්තු වර්ෂ 12-13 සියවස් කාලයට අයත් මෙහි කර්තෘවරයා පිළිබඳ මතද්වයක් වේ. ඇතමෙකු එය සමත්තකුට වර්ණනාව, රසවාහිනී ආදී පාලි ග‍්‍රන්ථ ග‍්‍රන්ථ රචනා කළ වේදේහ හිමියන්ගේ කෘතියක් ලෙස සලකන අතර තවත් සමහරෙක් දෛවඥකාමධේනු ආදී සංස්කෘත ග‍්‍රන්ථ රචනා කළ අනවමදර්ශී හිමියන්ගේ කෘතියක් බවට සලකති.
නූතන වාග්විද්‍යාව යම් මූලධර්ම පද්ධතියක් මත විග‍්‍රහ වනුසේම සිදත් සඟරාවෙහි එන ව්‍යාකරණ විධි විග‍්‍රහ වනුයේ ද මූලධර්යකට යටත්ව ය.
‘‘සදරුත් විදි සියල්
අනුරූ සේ පියොනන්
ඉතිසන් ස`ද සමස් ඈවැ
වහරනු සෙරෙන් සපයා’’
යන විග‍්‍රහය අනුව සංඥා, සන්‍ධි, සමස ආදී ශබ්දාර්ථ විධි සියල්ල ෙඡ්කප‍්‍රයෝගානුකූලව ව්‍යවහාරානුසාරයෙන් ගත යුතු බවට කරන එම මූලධර්මය සමස්ථ කෘතිය සඳහාම සාධාරණ බව ‘‘ මෙ සබඳ සිදත් පිරියත් හිම්’’ යන සඳහනෙන් අවධාරිත ය. නූතන වාග් විද්‍යාවට අනුව ව්‍යාකරණ විධි ව්‍යවහාරානුසාරයෙන් සපයා ගැනීම සාධාරණ වුවත් ෙඡ්කප‍්‍රයෝගයනට පමණක් සීමා කිරීම අනුචිත ය. භාෂා සංසිද්ධීන් වූ කලී ෙඡ්කයන්ගේ ලේඛන ව්‍යවහාරයෙහි පමණක් නොව අෙඡ්කයන්ගේ කථා ව්‍යවහාරයෙහි ද පවතින්නක් බැවින් ‘‘සේ පියෝනන් අනුරූ’’ යන මූලධර්මය පිළිබඳ යම් පමණකින් විමසිය යුතු ය.
සිදත් සඟරාව යනු සිද්ධාන්තයන්ගේ සංග‍්‍රහයකි. සිද්ධාන්ත නම් සිද්ධ වූ අන්ත ඇති හෙවත් දිගු කලක් තුළ ලත් අත්දැකීම් මඟින් නිර්මිත වූ සත්‍යයෝ යි. ඒ නයින් සියලූ ව්‍යාකරණ විධීන්ට සාධාරණ වූ සේ පියොනන් අනුරූ යන මූලධර්මය සිදත්කරුවා පැනවුයේ වචනයේ අර්ථයෙන්ම මෙහි සිද්ධාන්ත ගැබ්ව ඇති බැවිනි.
සේපියෝනන් අනුරූ වහරනු සෙරෙන් රචිත සිද්ධාන්තයන්ගෙන් යුත්ත මෙම ව්‍යාකරණ ග‍්‍රන්ථය අදියර වශයෙන් දොළසකි. ග‍්‍රන්ථාවසානයෙහි එන ඉටුනිටු හා ලකර අදියර පද්‍යබෙන්‍ධා්ප දේශ යන්හි අන්තර්ගතයකි. පළමු සන් අදියරෙහි සිට කිරියකරු පද සබඳ නම් වූ දසවන අදියර දක්වා වියරණ විභාග දැක්වේ. මතු විස්තර වන වියරණ විධීන්ට ප‍්‍රස්තාවනාවක් වශයෙන් සපයා ඇති සන් අදියර සමස්ථ වියරණ විධි පිළිබඳ සංක්‍ෂේිප අන්තර්ගතයකි. එම වියරණ විධි පිළිබඳ විමසීම අප ප‍්‍රස්තුතය බැවින් මෙතැන් සිට ඒ පිළිබඳ අධ්‍යයනය කරමු.
සන් අදියර නම් වූ පළමු පරිච්ෙඡ්දයෙහි විසිවැදෑරුම් වියරණ විධි පිළිබඳ සංග‍්‍රහය අන්තර්ගතය. එම වියරණ විධි පිළිබඳ සංඥා ප‍්‍රදානය කරනෙනු’යි මේ අදියර සන්්් නමින් හඳුන්වයි. අවම නිදසුන් මගින් විස්තර කරන විසිවැදෑරුම් වියරණ විධි සියල්ල
‘‘එබැවින් සන් සඳ - ලිඟු විබත් සමස් පියෙවි
පසකිරිය ලොප දෙස් - අගම් පෙර රූදෙරු පෙරැුළි
වැඩි අඩු නිපා නියම් - අනියම් අවිදුමන් විදි
වී විසි වැදෑරුම් - වියරණ විදි සපයා. ’’
යනුවෙන් සිදත් කරුවා පද්‍ය දෙකකට ගොනු කර දක්වයි. මෙසේ සිදත් කරුවා දක්වන විසිවැදැරූම් වියරණ විධි පහත පරිදි එකිනෙක විමසා බලමු.
01. සන් - ෘැසෙබසඑසදබ :ඡුයදබැඑසජි* 06. පියෙවි - ීඑැපි
02. සද - ක්‍දපඉසබ්එසදබ 07. පස - ්ෙසෙංැි
03. ලිඟු - ඨැබාැර 08. කිරිය -ඪැරඉි
04. විබත් - ක්‍්ිැ 09. ලොප -ෑකසිසදබ
05. සමස් - ක්‍දපචදමබා 10. අදෙස්-ීමඉිඑසඑමඑසදබ
11. අගම් - ්මටපැබඒඑසදබ 16. අඩු - ඍැාමජඑසදබ
12. පෙරරූ - ්ිිසපසක්එසදබ 17. නිපා - ඡු්රඑසජකැි
13. දෙරු - ඍැාමචකසජ්එසදබ 18. නියම් -ඍැටමක්ර දෙරප්එසදබ
14. පෙරළි - ඵැඒඑයැිසි 19. අනියම් -ෂරරුටමක්ර දෙරප්එසදබ
15. වැඩි - ෂබජරු්ිැ 20. අවිදුමන් විදි-ධඉිජමරු දෙරපි
ගද්‍ය භාෂාවෙන් පද්‍ය භාෂාව වෙනස් වන ආකාරය පෙන්වාදීමේ සරල මඟ පෙන්වීමක් ලෙස ඉදිරිපත් කරන මෙම ව්‍යාකරණ විදි විස්ස සිංහල භාෂාවේම ව්‍යාකරණය විශ්ලේෂණය කිරීමෙහිලා උපයෝගී කරගත යුතු එකම සහ ප‍්‍රධානම න්‍යායන් ලෙස පෙන්වා දීමට හෝ අවධාරණය කිරීමට සිදත් කතුවරයා කිසිවිටෙකත් උත්සුක වී නොමැති බව දැක්විය යුතුය. ‘‘කෙසේ වුවද මේ වියරණ විදි විස්ස වාග්විද්‍යාත්මක වර්ගීකරණයක එකම ස්ථරයකට අයත් නොවේ. ඒවා ශබ්ද ශික්‍ෂා හා පද විද්‍යාවේ විවිධ ප‍්‍රත්‍යාශි‍්‍රත මාතෘකාවල ඇතුළත් ය. මේ විවිධත්වය සලකා උක්ත වියරණ විදි විස්ස ප‍්‍රධාන කොටස් හතරකට බෙදිය හැකිය.’’
1. අක්‍ෂර හා ශබ්ද
2. භාෂාව විකෘත කිරීමේ උපාය මාර්ග
3. භාෂාවේ දක්නට ලැබෙන ව්‍යාකරණාංග
4. සමාස
මහැදුරු සුගතපාල සිල්වාගේ උක්ත වර්ගීකරණය පිළිබඳවද අවධානය යොමු කරමින් සිදත් සඟරාවේ දැක්වෙන ව්‍යාකරණ විදී විස්ස පිළිබඳව විමසා බලමු.
1. සන් :ෘැසෙබසඑසදබල ඡුයදබැඑසජි*
‘සන්’ යනුවෙන් සංඥා හෙවත් වර්ණ පිළිබඳව දැක්වීමට කතුවරයා උත්සාහ කර ඇත. ‘‘ පණකුරු ගතකුරු ඈ නම් ලකුණෙන් හඳුන්වනු සන් නම්’’ යනුවෙන් දැක්වෙන පරිදි ප‍්‍රාණාක්‍ෂර ගාත‍්‍රාක්‍ෂර ආදී නාම ලක්‍ෂණයන්ගෙන් හැඳින්වීම සංඥා බව සිදත් කතුවරයා පෙන්වා දෙයි. මෙහිදි ‘‘සන්’’ හෙවත් සංඥා යනුවෙන් හ‍්‍රස්ව, දීර්ඝ, ඝෝෂ, අඝෝෂ, අල්පප‍්‍රාණ, මහාප‍්‍රාණ, ආදී ශබ්දවලට ලක්‍ෂණ අදහස් කරන්නට ඇතැයි වියත්හු පෙන්වා දෙති. මෙසේ සංඥා යන්න හඳුන්වන සිදත්කරු ඒවා සංඛ්‍යාත්මක වශයෙන් වැඩි දුර පැහැදිලි කරයි.
‘‘පණකුරු පසෙකි එද - ලූහුගුරු බෙයින් දස වේ,
ගතකුරු ද වේ විස්සෙක් වහරට යුහු සියබසැ’’
මුලින් දක්වන ලද භේදය දෙවනුව සවිස්තරව දක්වයි. ඒ අනුව සිදත් සඟරාව පෙන්වා දෙන වර්ණ මාලාවේ මූලික ස්වර පහක් වන බවත් ඒවා ලඝු, ගුරු භේදයෙන් දහයක් වන බවත් දක්වයි. අක්‍ෂර වර්ග කිරීමේ දී කතුවරයා භාවිතා කරන ලූහු, ගුරු යන දෙවදන ද හ‍්‍රස්ව හා දීර්ඝ යනුවෙන් නොයෙද්නේ පද්‍යකරණයට අදාළ වියයුතු නිසා යැයි විචාරකයෝ පෙන්වා දෙති. එසේම සිංහල භාෂාවට නිශ‍්‍රය වූ මගධ, සකු භාෂාවල අක්‍ෂර මාලා ස්වර, ව්‍යාඤජන ලෙස හඳුන්වා ඇතත් සිදතෙහි ඒවා ප‍්‍රාණාක්‍ෂර ගාත‍්‍රාක්‍ෂර ලෙස හඳුන්වා ඇත. මෙම ව්‍යවහාරය ද්‍රවිඩ ව්‍යකරණයේ එන උයිරඵලෙත්තු.හා මෙයිර්ඵලෙත්තු යන දෙවදනේ ආභාසයෙන් යොදන්නට ඇතැයි අනුමාන කෙරෙයි.
‘‘පණ’කුරු පසෙකි එද’’ යනුවෙන් ප‍්‍රාණාක්‍ෂර පහක් ගැන පවසන කතුවරයා දීර්ඝාක්‍ෂර කේවලවද, ව්‍යාඤජනාරූඪවද උච්චාරණය වන බැවින් එම දීර්ඝාක්‍ෂර, අක්‍ෂරමාලාවට අන්තර්ග කිරීමේ යුක්ති යුක්තතාව නිදර්ශනාත්මකව පෙන්වා දෙයි. ‘‘ආ ඊල් ඌල් එල් ඕනා ඈහි හුදුවද, සා සී සු සේ සෝ ඈහී ගත් අරුණු කැරැු උසුරුවනු හෙයින් ගුරුපසද’’
කේවලව - ආල්, ඊල්, ඌල්, එල්, ඕනා
ව්‍යාඤජනාරූඪව - සා, සී, සූ, සේ, සෝ
‘‘සන්’’ යන්න පිළිබඳව අක්‍ෂර විද්‍යාත්මකව හා ශබ්ද විද්‍යාත්මකව විග‍්‍රහ කරන කතුවරයා ස්වකීය අධ්‍යාශය අනුව අවශ්‍ය වර්ණ පිළිබඳව විස්තරකථන කරන බව පෙනේ. එහිදී දීර්ඝාක්‍ෂර හා අනුස්වාරය පිළිබඳව කරන්නේද ශබ්දිමමය සඳහනක් බව පෙන්වා දිය හැකිය.
‘‘තමා වදනය පොමින් නොයිකතැයි හැංගේ, නරනිඳුහු ඉංගෙන් සෙවෙනද නැසී පසැහී මේ ඈ කව්ලැකියෙහිදු හංමැටි, වංඇපල ඈ ලෙව් ලැකියෙහිදු .
ඉහත දැක්වෙන ආකාරයට අනුස්වාරය දැක්විමේ දී පළමුව පද්‍යයේ යෙදෙන අයුරු දක්වා දෙවෙනුව ගද්‍යයේ යෙදෙන ආකාරය ස`දහන් කරයි. ‘හංමැටි’ ‘වංඇපල’ මේ ආදීන් කථා ව්‍යවහාරයෙහිත් ‘හැංගේ’ ‘ඉංගේ’ ආදීය කවි බසෙහිත් සපුරා උසුරුවනු ලැබෙතැයිද ‘රග’ ‘බගහර’ ආදියෙහි ඌන මාත‍්‍රාවෙන් උච්චාරණය කරනු ලැබෙතැයිද අනුස්වාරය ලිවීම සඳහා නිදසුන් පෙන්වා දෙයි. එහෙත් ‘රග’, ‘බඟහර’, වචනවල යෙදී ඇති අර්ධානුනාසික්‍ය හෙවත් සංඤකය අර්ධ බින්‍දුව වශයෙන් සිදතෙහි දක්වා තිබීම සාවද්‍ය බව කිව හැකිය. සිදත් සඟරාව, ගණනින් අක්‍ෂර 30ක් තම වර්ණමාලාවට අන්තර්ගත කොට දක්වා තිබුණද, විමසිලිමත්ව සිදත පිරික්සීමෙන්, පෙනෙන්නේ ස්වර ව්‍යාඤ්ජන සහිතව අක්‍ෂර 36න් පිරිමිත වන බවයි. ‘ඇ’කාරය නොදක්වා තිබීමද මෙහි සන් අදියරේ දැකිය හැකි සුවිශේෂම ලක්‍ෂණයකි. මෙයට අමතරව අක්‍ෂරයන්ගේ උත්පත්ති ස්ථාන කරණ- ප‍්‍රයත්න ආදිය ද, වර්ගාක්‍ෂර, අන්ත:ස්ථාක්‍ෂර ඌෂ්මාක්‍ෂර ආදිය දක්වමින් සිංහල අක්‍ෂර මාලාව පිළිබඳ පූර්ණ විග‍්‍රහයක් දක්වා නොමැත. මේ පිළිබඳව මහදුරු සුගතපාල ද සිල්වා, ‘‘මේ ඈ සියලූ ලියැවෙතොත් පමණි. සිදත් සඟරාව ලියැවුණේ සිංහල ලියන්නට දත් ජනතාවකටය. එබැවින් මේ සියලූ විස්තර දක්වා පොත දිග්ගැස්සීම නොයෙදෙයි. පණ’කුරු ගත’කුරු දෙක දැක්විය යුතු වුයේ පසුව දක්වන ලද සන්ධි ආදී ඇතැම් අධිකාරයන්හි එකී නම් දෙක භාවිත කරනු අවශ්‍ය වු හෙයිනි’’ යනුවෙන් සඳහන් කරයි. මේ නයින් බලන කල පෙන්වා දිය හැක්කේ සිදත් සඟරාවේ ‘සන්’ යනුවෙන් කරන විග‍්‍රහය අක්‍ෂර විද්‍යාත්මක හා ශබ්ද විද්‍යාත්මක විග‍්‍රහයක් ලෙසත් පද්‍යකරණයට අවශ්‍ය අන්දමින් කරන ලද විග‍්‍රහයක් ලෙසත්ය.
2. ස`ද :ක්‍දපඉසබ්එසදබ*
වියරණ විදි විස්සෙහි දෙවෙනියට දක්වන්නේ ‘සඳ’ හෙවත් සන්ධි පිළිබඳවයි. සුගතපාල ද සිල්වා දක්වන ආකාරයට, ලොප්, අදෙස්, අගම්, පෙර රූ, දෙරූ, පෙරළි, වැඩි, අඩු, නියම්, අනියම්, අවිදුමන් විදි යන දොළසම මෙයට අයත් විය යුතුය. ‘මේ විදි දොළස වූ කලි පද්‍ය රචනා කරන්නන් හට සිංහලයේ වචන විකෘති කිරීම සඳහා පනවන ලද නීති සමුදායක් වෙයි. වචනයක් නොයෙක් අයුරින් විකෘති කළ හැකිය. මෙවුල යන වචනය ‘මේවුල්’, මෙවූල, මෙව්වුල, මේවුලා’ ආදී නා නා ආකාරයෙන් විකෘති කිරීමට පිළිවන් වෙයි. වියරණ විදි 20 අතර මෙය දැක්වෙන්නේ
‘‘පෙරපර වණන් ගළපනු සඳ නම්, සෙ`දව් මොහොර ඈගී’’ වශයෙනි. මෙයට අනුව පූර්ව පදයේ අග වර්ණයනත් අග පදයේ පූර්ව වර්ණයත්් ගැලපීම සන්ධි නම් වෙයි. මෙම ගැළපීම ලෝපයත්, ආගමත් හෝ විපර්යාසයත් විය හැකිය.
උදා : සඳ + එව් මහ + උර
සඳෙව් (ලෝපය* මොහොර (ආදේශය*
මෙම වචන දෙක සන්ධි නොකළත් අර්ථයෙහි වෙනසක් නොවෙයි. මෙහි ‘‘ගළපනු’ යනු අර්ථය හිතාමතාම ගැළපීමකි. ‘‘ගැළපෙනු’’ යනු ඉබේ සිදුවෙන සන්ධි ක‍්‍රමයකි. එනිසා මෙහි සන්ධි විමත් හා සන්ධි කිරීමත් දැකිය හැකිය. සිදත් සඟරාවේ සංඥා අදියරෙන් පසුව සන්ධි අදියරක් වෙනම ඇති බැවින් වියරණ විදි අතර තිබෙන සන්ධි විදියේ දී වැඩි විස්තර දැක්වීමට උත්සුක වී නොමැත. ‘සන්ධි විදියේ’ දී නොදැක් වූ බොහෝ කරුණු සවිස්තරව හා සනිදර්ශනව සන්ධි අදියරේ දී දක්වා තිබෙයි. එබැවින් සංඥා අදියරෙහි දැක්වෙන සන්ධි හැඳින්වීමි යනු සන්ධි පිළිබඳව සරල හැඳින්වීමක් ලෙස පෙන්වා දිය හැකිය.
3. ලිඟු :ඨැබාැර*
ලිංග භේදය දැක්වීම සඳහා සවිස්තර වූ වෙනම අදියරතක් තිබියදී වියරණ විදි විස්සට ලිංගි භේදය ඇතුළත් කරමින් කතුවරවා උත්සාහ ගෙන ඇත්තේ ලිංග භේදය පිළිබඳව සරල හැඳින්වීමක් කිරීමට විය යුතුය.
‘‘මේයැ මෝයැ යන වහරට කරුණු වුයේ ලිඟු නම් දිය, විදු ඈ ගී.
ඉහත නිර්වචනයේ දැක්වෙන ආකාරයට ‘මේ තෙමේ ය’, ‘මෝ තොමෝ ය’ යන ව්‍යවහාරයට කරුණු වුයේ ලිංග නමි. මෙම විවරණයත්, ලිංග අදියරේ දැක්වෙන විවරණයත් බෙහෙවින්ම මතභේදයට ලක්වූවක් බව සඳහන් කළ යුතුය. සිංහලයෙහි ශබ්ද සම්බන්ධව ඇති ප‍්‍රාණවාචී, අප‍්‍රාණවාචී භේදය නොසලකා හැර තිබීම මෙහි ඇති ප‍්‍රබලම වැරැුද්ද ලෙස ව්‍යාකරණඥයෝ පෙන්වා දෙති. උක්ත නිර්වචනයෙන් පසු සිදත් කතු තම නිර්වචනයට අදාළ නිදසුන් දෙකක් පෙන්වයි. දිය (ලෝකය* විදු (විද්‍යා හෝ විදුලිය* යනුවෙන් ඔහු යොදන දෙපදය සිංහල භාෂාවේ සැලකෙන්නේ නපුංසක ලිංග ගණයෙහිය. ‘ප‍්‍රත්‍ය’ ගැන සැලකීමත්, මගධ සකු භාෂා ව්‍යාකරණය ගැන අවධානය යොමු කර තිබීමත් මෙම වරදට හේතු වී ඇතැයි පහත නිදසුනින් අවබෝධ කරගත හැකිය.
පුරුෂ ස්තී‍්‍ර නපුංසක
පාලි එසො එසා එතං
සංස්කෘත එෂඃ එෂා එතත්
සිංහල මේ මෝ මේ
ඉහත දැක්වෙන ආකාරයට පුරුෂ ලිංග හා නපුංසක ලිංග පෙර විභක්ති රූපවල වෙනසක් දැකිය නොහැකිය. මෙම තත්ත්වය පමණක් පදනම් කොටගෙන සිදත් සඟරා කරු ලිංග භේදය පිළිබඳව කරුණු දක්වා ඇති බව පෙන්වා දිය හැකිය. ලිංග අදියරේ දී
‘‘නොපෙනේ වහර වෙසෙසක් පුමිතිරි ලිඟු දෙක විනා.’’
ආදී වශයෙන් තම විග‍්‍රහය අවධාරණය කර ඇත්තේ ද මෙම නොමග යෑම නිසා විය යුතුය. සංස්කෘත, පාලි අනුසාරයෙන් ඔහු ලිංග භේදය පිළිබඳව විග‍්‍රහ කළේ නම් එහිදීද ඔහුගේ ලිංග භේදය කොටස් 03 ක් විය යුතුය. එහෙත් පාලි හෝ සංස්කෘත භාෂාවල ව්‍යාකරණය ද නිසි ලෙස ඔහුගේ අධ්‍යයනයට ලක් වී නොමැති බව සිදත්කතුගේ ලිංග විග‍්‍රහයෙන් මනාව පැහැදිලි වන බව පෙන්වා දිය හැකිය. මේ ආකාරයෙන් බලන කල පෙන්වා දිය හැක්කේ; කතුවරයා ලිංග අදියරේ දී කරන ලිංග භේද විග‍්‍රයට ප‍්‍රවේශයක් ලෙස සන් අදියරේ දැක්වෙන උක්ත විග‍්‍රහය උපයෝගී කර ගත්තේ නම් තත් අදහස පමණක් සඵල වී ඇති බවත් ලිංග භේදය පිළිබඳව නිසි විග‍්‍රහයක් කිරීමට සමත්ව නැති බවත් ය.
4. විබත් :ක්‍්ිැ*
‘සන්ධි’, ‘ලිංග’ මෙන්ම ‘විභක්ති’ පිළිබඳ සනිදර්ශනිව විග‍්‍රහ කෙරෙන වෙනම අදියරක් සිදතෙහි දක්නට ලැබෙයි. එසේ වුවද කතුවරයා සන් අදියරේ දි විභක්ති පිළිබඳව හඳුන්වා දෙන්නේ පසු පරිච්ෙඡ්දයට ප‍්‍රවේශයක් ලෙසම විය යුතුය.
‘‘නමින් පරවැ බෙදනු ලබනුයේ විබත් නම් යෙහෙ සෙබෙහි ඈගී.’’ නාමයකින් පසුව පිහිටා බෙදනු ලබන්නේ විභක්ති නම් යනුවෙන් විභක්ති හැඳින්වෙයි. කතුවරයාගේ මෙම විග‍්‍රහය ප‍්‍රාමාණික විග‍්‍රහයක් නොවන බව පැහැදිලිය. මගධ, සකු ව්‍යාකරණයට අනුව ශබ්ද ප‍්‍රකෘතියක් කර්ම, කර්තෘ, කරණාදී අර්ථයන්ට හා ධාතුවක් හා කි‍්‍රයා මූලයක් කාල, පුරුෂ, වචන, පද වශයෙන් බෙදා දැක්වීමට උපකාරී වන ප‍්‍රත්‍ය විශේෂය පිළිවෙලින් නාම විභක්ති හා ආඛ්‍යාත විභක්ති වශයෙන් හැඳින්වෙයි. එසේ වුවද සිදත් කතුවරයා සංඥා අදිකාරයේ දී දක්වන්නේ නාම විභක්ති පිළිබඳව පමණි. විසි වැදෑරුම් වියරණ දැක්වීමේ දී මගධ සකු වියරණ සිද්ධාන්ත ගුරු කොටගත් සිදත් කතුවරයා විභක්ති පිළිබඳව දැක්විමේ දී නාම විභක්ති පිළිබඳව පමණක් සඳහන් කොට කි‍්‍රයා විභක්ති නොදැක්වීම දුබලතාවක් යැයි සිතේ. එසේම ආඛ්‍යාත විභක්ති, ‘විභක්ති’ නාමයෙන් හැඳින්වීමට පවා රුචි නොවු බව ප‍්‍රත්‍යය හඳුන්වන ආකාරයෙන් පෙනේ. ‘‘කෙසේ වුවද සිදත් සඟරා කතුවරයා ‘නමින් හා දයින් පරව යෙදී නම හා දය බෙදනුයේ විබත් නම්’ යනුවෙන් සඳහන් කළේ නම් විභක්ති පිළිබඳව ඔහුගේ විග‍්‍රහ වාක්‍යය වඩාත් නිවැරදි වන්නට ඉඩ තිබුණි.
යහ + එ = යෙහෙ (පෙර විභක්තිය*
සබ + එහි = සෙබෙහි (අදර විභක්තිය*
කතුවරයා ප‍්‍රත්‍යහාර ක‍්‍රමයට අනුව ආදි අන්ත විභක්ති දෙකකට අයත් පද දෙකක් නිදසුන් වශයෙන් පෙන්වා දෙයි. කෙසේ වුවද සිදත් සඟරාවේ සන් අදියරේ දැක්වෙන ව්‍යාකරණ විදි විස්ස අතුරින් සැලකිය යුතු ආකාරයේ විග‍්‍රහයක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.
5. සමස් :ක්‍දපචදමබා*
සමාස නම් ව්‍යාකරණ විධිය පිළිබඳව විග‍්‍රහ දෙකක් සංඥා අදියරේ හා සමාස අදියරේ දැක්වේ. එයින් අප අවධානයට යොමු වන්නේ සංඥා අදියරේ දැක්වෙන වියරණ විදි විස්සට අයත් වන සමාස විග‍්‍රහයයි.
‘‘නේ සදන් සියො වැ එක සද අයුරක් වන සේ ගළපනු සමස් නම්, මීපල් නිලූපුලැසි ඈගී.’’
පද දෙකක් හෝ කිහිපයක් එක් වී තනි පදයක් බවට පත්වීම සමාස වීම ලෙස පෙන්වා දෙන කතුවරයා ‘මීපල්’, නිලූපුලැසි යනුවෙන් එයට අදාළ නිදර්ශනද දක්වයි. සංඥා අදියරේ හා සමාස අදියරේ අන්තර්ගත මෙම විග‍්‍රහ වාක්‍යද්වයෙන්ම ප‍්‍රකාශ වන්නේ එක හා සමාන අදහසක් බව පෙන්වා දෙන නූතන ව්‍යාකරණඥයෝ එහි සාවද්‍යතාද පෙන්වා දෙති. එනම්,
1. යුක්තාර්ථවත් භාවය පිළිබඳ සඳහන් නොවීම.
2. සමාස වන පද ‘ශබ්ද’ නමින් හැඳින්වීම.
පාලි, සංස්කෘත ආදී භාෂාවල ව්‍යාකරණය පෙන්වා දෙන ආකාරයට සමාස වන පද දෙක හෝ ඊට වැඩි සංඛ්‍යාවෙහි තිබිය යුතු ප‍්‍රධානම ලක්‍ෂණය වන්නේ යුක්තාර්ථභාවයි. යුක්තාර්ථවත් නොවන පද සමාස නොවේ. එබැවින් සිදතෙහි දැක්වෙන උක්ත විග‍්‍රහයන් ප‍්‍රාමාණික නොවන බව සඳහන් කළ යුතුය. ‘‘සිදතෙහි සමස් දක්වන ලද්දේ සංස්කෘතාදී භාෂාවල සමාස ඇති හෙයිනුත් සිංහලයේ දී සමාස විධියක් නොදැක්වුවහොත් එය අඩුපාඩුවකැයි සිතන හෙයිනුත් විය යුතුය. සංස්කෘතයේ සමාස ක‍්‍රම යෙදෙන හෙයින් සිංහලයටත් එම නිතී දැක්වීම මැනවැයි සිතූි නිසාය.
6. පියෙවි :ීඑැපි*
පියෙවි හෙවත් ප‍්‍රකෘති ව්‍යාකරණ විදියතක් සේ සලකන සිදත්කතු ප‍්‍රකෘති විදියෙහි ප‍්‍රභේද දක්වා පියෙවි යනු මොනවාදැයි හඳුන්වයි.
‘‘පියෙවි දෙවැදෑරුම් දා පියවි සදපියවි , පදයොන් දාපියවි නම් විභතෑනට ඇසිරූ සදපියවි නම්’’
පදයන්ගේ උත්පත්තියට මුල් වූයේ ධාතු ප‍්‍රකෘති බවත් විභක්ති ආදියට ආශ‍්‍රය වූයේ ශබ්ද ප‍්‍රකෘති බවත් පෙන්වා දෙමින් පියවි දෙක දෙයාකාරයකින් විග‍්‍රහකර දක්වා ඇත. මෙහිදී පදයන්ගේ මුල් ස්වභාවය ප‍්‍රකෘති නමින් හඳුන්වයි. ‘දාපියවි’ යන තැන්දී කි‍්‍රයාවල මූලික අවස්ථාව යැයි කියන්නට තිබුණද එසේ කියා නොමැත. සරලව ගත්කල ප‍්‍රකෘති ධාතුය. සද පියෙවි යනු ශබ්ද ප‍්‍රකෘතිය. විභක්ති යනුවෙන් අදහස් කර ඇත්තේ නාම විභක්තිය’’. ‘පදයොන් දා පියවි’ ආදී වශයෙන් ධාතු ප‍්‍රකෘති හඳුන්වා ඇති ආකාරය නූතන ව්‍යාකරණය හා සැසදීමේ දී නිවැරදි බව කිව නොහැකිය. ඔහු දක්වන ආකාරයට පදයන්ගේ උපතට හේතුව හෙවත් උත්පත්තිස්ථානය වුයේ යමක් ද ඒ සියල්ල ධාතු ප‍්‍රකෘති වෙයි. මෙය සාවද්‍ය නිර්වචනයක් වන්නේ නාම, කි‍්‍රයා, නිපාත හා උපසර්ග යන සියල්ල පොදුවේ හඳුන්වනු ලබන්නේ පද වශයෙන් නිසාය. ‘‘ආඛ්‍යාත පද සාධනයට මුල් වුයේ හෙවත් උත්පත්තිස්ථාන වුයේ දාපියවි හෙවත් ධාතු ප‍්‍රකෘති වශයෙන් හැඳින්විණි නම් සිදතේ විග‍්‍රහය වඩාත් නිවැරදි වෙයි.’ සමාස, විභක්ති, ලිංග ආදි වියරණ විදිවලට මෙන් ප‍්‍රකෘති සඳහා වෙනම අදියරක් නොමැති බැවින් ප‍්‍රකෘති පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇති බව පෙනේ.
වෙන වෙන දෙක නිපන් - තසම තබවැයි ඒතෙබේ
කිසි අන් බසින් නුමුසු - හෙළදිවැ පළ නිපන් නම්
මගධ සකු ඈ බණ - සම වූ බස තසම නම්
බිදුණේ තබව නම් වී - විමසා දෙනු එහි පියෝ’’
මුලින් පෙන්වා දුන් ශබ්ද හා ධාතු ප‍්‍රකෘති දෙවග නිෂ්පන්න, තත්සම, තද්භව යනුවෙන් කොටස් 03ට බෙදා දක්වයි. වෙනත් භාෂා හා මිශ‍්‍ර නොවූ හෙළදිවම උපන් ප‍්‍රකෘති ‘නිපන් පියවි’ හෙවත් නිෂ්පන්න ප‍්‍රකෘති ලෙසත්, මගධ සකුි ආදී භාෂාවන්ට සමාන ප‍්‍රකෘති තත්පම ප‍්‍රකෘති ලෙසත්, එම භාෂාවලින් බිඳී පැමිණි ප‍්‍රකෘති තද්භව ප‍්‍රකෘති ලෙසත් හඳුන්වයි.
සංඥා අදියරේ දැක්වෙන වියරණ විදි විස්ස අතරෙහි දැකිය හැකි තරමක් හෝ ප‍්‍රාමාණික විග‍්‍රහය ලෙස මෙම ප‍්‍රකෘති පිළිබඳ කර ඇති විග‍්‍රහයන් දැක්විය හැකිය.
7. පස :්ෙසෙංැි*
ධාතු ප‍්‍රකෘති හා නාම ප‍්‍රකෘති හැඳින්වීමෙන් පසුව සිදත්කරු පෙන්වා දෙන්නේ තත් ප‍්‍රකෘතිවලට ප‍්‍රත්‍ය එක්කිරීමනේ අර්ථය වෙනස් වන ආකාරයයි.
‘‘දයින් නමින් හොත කරනුයේ පස නම් තිළි කරණී, නියැරී ඈගී’’
ධාතුවකින් හෝ නාමයකින් හෝ පරව යොදනු ලබන කොටස ප‍්‍රත්‍යය නම් වේ යනුවෙන් දක්වමින් එයට තිළීි- කරණී - නියැරී - යන නිදර්ශන දක්වයි. එහෙත් ධාතුවකින් වන ප‍්‍රත්‍යය හා නාමයකින් වන ප‍්‍රත්‍යයයි ප‍්‍රත්‍යය දෙකොටසක් ඇති බව දක්වා තිබුණ ද එම ප‍්‍රත්‍යය මොනවාදැයි දැනගැනීමට තරම් නිදසුන් පැහැදිලිව නොමැත. ‘‘නියැරී’’ යනු නුවරෙහි වූ යන අර්ථයෙන් (නුවර + ඊ* සිද්ධ තද්ධිතයකි. මෙහි නිදසුන් පරීක්‍ෂා කරන විට ආඛ්‍යාත ප‍්‍රත්‍යය හා කෘදන්ත ප‍්‍රත්‍යය ධාතුවෙන් වන ප‍්‍රත්‍යය ලෙසත්, තද්ධිත ප‍්‍රත්‍යය නාමයෙන් වන ප‍්‍රත්‍යය ලෙසත් ගත් බව පෙනේ. මෙය අසම්පූර්ණ කියමනෙකි.’’ එබැවින් ශබ්ද ප‍්‍රකෘතියක් විවිධාර්ථවල වරනැගීමට උපයෝගී කරගන්නා විභක්ති ප‍්‍රත්‍යය සිදත් කතුවරයා ප‍්‍රත්‍යය යන නාමයෙන් හැඳින්වීමට උත්සාහ ගෙන නැති බව ඔහුගේ නිදර්ශන වලින් පැහැදිලි වන බව පෙන්වා දිය හැකිය.
8. කිරිය :ඪැරඉි*
‘‘නොදැව් නුගුණ දැව් නිසා සකරුණෙන් දැමුවැ සිදු කිරිය නම් දිනී, වැජඹෙහි, දෙන්නම් ඈගී’’
ද්‍රව්‍යයක් හෝ ගුණයෙන් නොවූද, ද්‍රව්‍යයක් ආශි‍්‍රතව කර්ම, කර්තෘ, කරණාදී ෂට්කාරකයන්ගේ උපකාරයෙන් හා ධාතු මූලයකින් සිද්ධ වුයේ හෙවත් නිෂ්පන්න වූයේ කි‍්‍රයා නම් වෙයි යනුවෙන් සිදත් කතුවරයා සංඥා අදියරේ දී කි‍්‍රයාව හඳුන්වයි. බාලාවතාරය හා සාරස්වතය යන ව්‍යාකරණ ග‍්‍රන්ථවල කි‍්‍රයාව හඳුන්වා ඇති ආකාරයට සිදත් කරුගේ ඉහත විග‍්‍රහය බෙහෙවින්ම සමාන බව පෙනෙයි. කි‍්‍රයාව යනු කුමක්දැයි හඳුන්වා දීමෙන් අනතුරුව කි‍්‍රයාව පිළිබඳව ප‍්‍රථම පුරුෂ අතීත- මධ්‍යම පුරුෂ වර්තමාන- උත්තම පුරුෂ අනාගත වශයෙන් නිදසුන් තුනක් දක්වයි. ඔහු මෙම ශබ්ද කාරක හඳුන්වා ඇත්තේ ‘‘අන්‍ය ශබ්ද කාරක ‘ත’ ශබ්ද කාරක හා ‘ම’ ශබ්ද කාරක යන නම් වලිනි.
x දිනි - අතීත, අන්‍ය ශබ්ද කාරක, ප‍්‍රථම පුරුෂ, ඒක වචන
x වැජඹෙහි - වර්තමාන, ත ශබ්ක කාරක, මධ්‍යම පුරුෂ, ඒකවචන
x දෙන්නෙමි - අනාගත, ම ශබ්ද කාරක, උත්තම පුරුෂ, ඒකවචන
ඉහත දැක්වෙන ආකාරයට කි‍්‍රයාව යනු කුමක්දැයි පෙන්වා දෙමින් ඉදිරිපත් කළ නිදර්ශන තුනෙන්, පුරුෂත‍්‍රයත්, කාලත‍්‍රයත් හැඟවිණි. එහෙත් සියලූ නිදර්ශන ඒක වචනයෙන් දක්වා ඇති බැවින් වචන භේදය ගැන සලකා ඇති බවක් නොපෙනේ. උක්ත නිදසුනෙන් සිදත් කතු පෙන්වා දෙන හැටියට ‘දෙන්නෙම්’ යනු අනාගත කාල කි‍්‍රයාපදයකි. එය ‘දෙන’ වන වර්තමාන කෘදන්ත පදයෙන් හෝ ‘දෙ’ යන කි‍්‍රයා ප‍්‍රකෘතියෙන් සාදාගත් පදයකි. මෙයින් පෙනෙන්නේ සිදත් කතුවරයා අනාගත කාලික කි‍්‍රයාපද සාදාගන්නේ වර්තමාන කෘදන්තයට ‘පුරුෂ ප‍්‍රත්‍යයක්’ එක් කිරීමෙන් බවයි. ඒ බව කි‍්‍රයා අදිරේදී ද මනාව පැහැදිලි වෙයි. කෙසේ වුවද, සංඥා, අදියරේ සඳහන් විස්තරවලට හා ‘කිරිය අදියරේ’ සඳහන් වන අනෙකුත් කි‍්‍රයා ප‍්‍රභේදවලට අනුව පෙනී යන්නේ සිංහල භාෂාවට අදාළ සියලූම කි‍්‍රයාපද පිළිබඳව පද විද්‍යාත්මක විග‍්‍රහයක් සැපයීමට සිදත් කතුවරයා උත්සාහ ගෙන ඇති බවයි.
8. ලොප :ෑකසිසදබ*
සිදත් කතුවරයා ලෝපය හඳුන්වන්නේ ‘‘වණන් අනු’සුරුවීම් ලොප් නම් නත් වරද, මහසුප්, රදු, බා, පා, ආදිය මෙනි යනුවෙනි. උක්ත නිර්වචනයෙන් කතුවරයා පෙන්වා දෙන්නේ වර්ණයන් උච්චාරණය නොකිරීම ලෝපය බවයි. මෙහි ‘වණ’ යන්නෙන් කේවල ව්‍යඤ්ජනයත් ස්වරවත් වූ ව්‍යාඤ්ජනයත් ස්වරයත් යන අක්‍ෂර අදහස් කර තිබේ. කතුවරයා තම නිර්වචනය ඔප්පු කිරීමට ආදි, මධ්‍ය, අන්ත වශයෙන් ලෝපය සිදුවන නිදසුන් ඉදිරිපත් කර තිබුණද එය පැහැදිලි නොමැති බව දැක්විය හැකිය.
ආදි ලෝපය - නන් - වරද (අන්නත - යුවරද*
මධ්‍ය ලෝපය - මහසුප් - රදු (මහාකස්සප - රද¥*
අන්ත ලෝපය - බා - පා (බාහු - පාද*
මහැදුරු සුගතපාල ද සිල්වා පෙන්වාදෙන ආකාරයට සිදත් සඟරාකරු ලෝප විදිය හඳුන්වා දෙන්නේ කාව්‍යාධුනිකයන් සඳහා භාෂාව කෘතී‍්‍රමව සකස් කොට ගෙන මාත‍්‍රා අඩු වැඩි කිරීමට හා කාව්‍යාලංකාර තීව‍්‍ර කිරීමටය. ‘‘ලොප් යනු ආභාවයට යෑමයි. එද භාෂාව කාලයාගේ ඇවෑමෙන් විපරිණාමය වීම නිසා සිදුවෙන ස්වභාවික සිද්ධියකි. සිදත් කතුවරයා ලොප් යනුවෙන් හඳුන්වන්නේ ‘වණන් අනුසුරු වීම් ලොප් නම්’ යනුවෙනි. වර්ණයනක් උච්චාරණය නොකිරීම ලෝපය යනු එහි අදහසයි. එහෙත් වර්ණයක් උච්චාරණය නොකරනවාය යන්නෙන් හැෙඟන්නේ වර්ණය ලියනවාය, නමුත් කියවන්නේ නැත යන අරුතයි. ‘මහකසුප්’ යනුවෙන් ලියා ‘මහසුප්’ යැයි උච්චාරණය කෙරේ නම් ‘ක’ වර්ණය උච්චාරණය නොකොට හැරීමකී. එහෙත් ‘මහසුප්’ යැයි ලියා මහසුප් යැයි උච්චාරණය නෙරේ නම් එහි කිසිදු වර්ණයක් නොකියවා හැරීමක් නැත. වර්ණයත් නොයෙදා හැරීම ‘ලොප්’ යැයි කියන ලද නම්, ඔහු කියන දෙය වඩා පැහැදිලි වනු ඇත. එහෙත් එයද තත්ත්වාකාරය පැහැදිලි කිරීමක් නොවන්නේ ය. මේ අනුව පෙනෙන්නේ ලෝප විදිය හඳුන්වා දෙමින් ආධුනික කවීන් සඳහා අවස්ථාවක් ලබා දීමට උත්සාහ කළ ද සිදත් කතු දක්වන නිර්වචනය හා නිදර්ශන ගැටලූ සහගත බවයි.
10. අදෙස් :ීමඉිඑසඑමඑසදබ*
වණක්හු ලොපා වණක්හු කිරීම අදෙස් නම් සැරියුත්, අයුණු, වැහැප් ඈගී’’ යනුවෙන් සංඥා අදියරේ දී ‘ආදේශ’ යන්න හඳුන්වා දෙයි. මෙහි දැක්වෙන ආකාරයට වර්ණයත් ලොප් කොට වෙනත් වර්ණයක් පැමිණවීම ආදේශය නම් වෙයි. එහෙත් මගධ සකුු ආදී ව්‍යාකරණයේ දැක්වෙන ආකාරයට ආදේශය යනු අකුරක් වෙනුවට වෙනත් අකුරක් පැමිණවීමයි. ‘ශත‍්‍රැවදාදේශඃ’ යනුවෙන් සාරස්වතයෙහි දැක්වෙන්නේ ආදේශය සතුරෙකු මෙන් අකුරක් වෙනුවට වෙනත් අකුරක් පැමිණෙන නිසාය. ‘‘සිදතේ ආදේශය හැඳින් වූ සැටි සාවද්‍ය බව පෙනේ. වර්ණයක් ලොප් කොට වෙනත් වර්ණයක් පැමිණවීම ආදේශය නොවේ. එය ආදේශය නම් එහි ආදේශය වූ නිදසුනක මේ ලක්‍ෂණ දෙකම තිබිය යුතුය. එහි ලොප් වූ අකුරේ අඩු බවත් ආදේශ වූ අකුරේ දෘශ්‍යමානතත්ත්වයත් යන මේ ලක්‍ෂණ දෙකම තිබිය යුතු වෙයි. එහෙත් එබඳු නිදසුනක අකුරක අඩු බවක් නොහැෙඟ්. ආදේශය යනු අකුරක් වෙනුවට අකුරක් පැමිණිමයි. එවිට අක්‍ෂර සංඛ්‍යාවේ අඩුවක් හෝ වැඩියක් නොපෙන්.
සැරිපුත් ඝ සැරියුත් - ප ඝ ය
අගුණ ඝ අයුණු - ග ඝ ය / අ ඝ උ
වසබ ඝ වහබ - ස ඝ හ
වහබ ඝ බැහැප් - - අ ඝ ඇ
‘‘ආදේශ විදිය යනුවෙන් දක්වන ලද්දේ ද නිරුක්තියෙන් සිද්ධ වූ වචනයක් විකෘති කිරීමේ නීතියකි. ‘ශාරිපුත‍්‍ර’ යන්නෙන් සිංහලයට ‘සැරියුත්’ යි බිෙ`දයි. එහෙත් යම්කිසි තැනෙක එළිවැටක් වැනි කාව්‍යාලංකාරයක් රැුක්ත මනා කල්හි සංස්කෘතය බලා එහි ‘ශාරිපුත‍්‍ර’ යන තැන ‘ප’ යන්නක් ඇත්තෙන් සිංහලයේ ‘සැරියුත්’ යන්නද ‘සැරිපුත්’ යි වෙනස් කිරීමට සිදත් නීතියෙන් ඉඩ ලැබේ. එහෙයින්ම සිංහලයට බිඳී අවුත් ඇති ‘අයණු’ ‘වැහැප්’ යන වචනද අගුණු, වැහැබ් යනුවෙන් එළිවැට යන කරුණු අරභයා වෙනස් කොටගත හැකි වෙයි. ‘ආදේශ’ යැයි සිදත් සඟරාවේ දක්වන ලද්දේ ප ඝ ය, ග ඝ ය, බ් ඝ ප්, යනුවෙන් වූ බවට නිදසුන් ය. එහෙත් ඇත්ත වශයෙන් සිදු වී ඇත්තේ සිංහලයේ ඇති ‘ය්’, ‘ප්’ යන ශබ්ද කාව්‍ය ලක්‍ෂණ අරභයා ප, ග, බ් යනුවෙන් වෙනස් කර ගැනීමේ නීති දක්වාලීමෙයි.
11. අගම් :්මටපැබඒඑසදබ*
‘‘වණක්හු නිසා ඔහු නොලොපා යනුවෙන් අගම් නම් නරලඹ රුවාරූ ඇගී’’ යනුවෙන් දැක්වෙන පරිදි ආගම යන්න සිදත්කරු පෙන්වා දෙන්නේ වර්ණයක් ආශ‍්‍රය කරගෙන ඒ ආශ‍්‍රය කරගත් වර්ණය ලොප් නොකොට වනුයේ ආගම නම් වන බවයි.
නි + අලඹ = නිරලඹ
රූ + අරූ = රුවාරූ
‘‘ආගමයට දක්වන ලද නිදසුන්හි ඇත්තේ ද සිංහලයේ අමුතුවෙන් අකුරක් ගැන්මක් නොව සංස්කෘතයෙන් බිඳී ආ හැටියයි. ‘නිරාලම්බ’ යනු ‘නිරලබ’ යි කියා බිඳේ. ‘රූපාරූප’ යනු ‘රුවාරූ’ යි බිඳේ. මේ නිදසුන් දක්වන ලද්දේ කිසියම් තැනක ස්වර දෙකක්ව පිහිටිය හොත් අවැසි නම් ර,ව ආදී අක්‍ෂරයක් එතනට නීති වශයෙනි. මේ ආකාරයෙන් බලන කල පෙන්වා දිය හැක්කේ ආගම නම් ව්‍යාකරණ විදිය ද පද්‍යකරණයේ ආධුනිකයන් වෙනුවෙන් කරන ලද මඟ පෙන්වීමක් බවයි.
12. පෙරරූ :්ිිසපසක්එසදබ*
ලෝප, ආදේශ, ආගම යන ව්‍යාකරණ විදී මෙන්ම ‘පෙරරූ’ නම් විදිය ද පද්‍යකරණයෙහි ආධුනිකයන් උදෙසා කරන ලද මග පෙන්වීමක් ලෙස ව්‍යාකරණඥයෝ පෙන්වා දෙති.
‘‘පර වණහට පෙර රූ කරනු පෙර රූ නම් විස්සම් ඈගී’’
අපර වර්ණය හට පූර්ව රූපය කිරීම පූර්ව රූප බව ඉහත නිර්වචන පාඨයෙන් කියවෙයි.
විස් + කම් = විස්සම්
‘‘මෙහි පරව පැවති ‘ක’ වර්ණයට පූර්වයෙන් පැවති ‘ස්’ වර්ණය වී ඇත. සිදතෙහි සපයා ඇත්තේ ව්‍යාඤ්ජන පූර්ව රූපයට නිදසුන් පමණි. එහෙත් ස්වර පූර්ව රූපයක් ද සිංහලයේ කි‍්‍රයාත්මක පවතී. සංඥා අදියරේ දැක්වෙන පෙරරූ විදිය පිළිබඳව විග‍්‍රහයක යෙදෙන මහැදුරු සුගතපාල ද සිල්වා මහතා සඳහන් කරන්නේ පෙරරූ යනුවෙන් සිදත් කතුවරයා පෙන්වා දී ඇත්තේ සාම්‍යයක් නොව සාම්‍යයෙන් තොර කිරීමේ උපායක් බවයි. ‘‘පෙරරූ යනුවෙන් දක්වන ලද්දේ ඉතිහාසයෙන් බිඳී ආ ‘විස්කම්’ යන වචන කිසියම් එළිවැටක් ආදිය තකා ‘විස්සම්’ ආදීන් වෙනස් කරන උවදෙසකි. ‘විශ්වකර්ම’ යන සංස්කෘත වචනයෙන් සිංහලයට බිඳී එන්නේ ‘‘විස්සම්’’ යනුයි. ස්වර මධ්‍යයෙහි වූ සංස්කෘත ‘ක’ යන්න සිංහලයට එන විට අභාවයට යෑමෙන් සිදුවන සාම්‍යයක් විනා ‘විස්කම්’ යන්නෙන් සැදුණක් නොවේ. විස්සම් යනු එහෙත් කවියාට කිසියම් පද්‍ය පාදයක් අග ‘කම්’ යනුවෙන් දෙ අකුරක එළිවැටක් අවැසි නම් ඒ සඳහා ‘විස්සම්’ යන්නට සකුවේ. ‘ක’ ශබ්දයක්ද වන හෙයින් ‘විස්කම්’ කියා සාම්‍යය තොර කරන්නට මේ නීතියෙන් සිත් පහ වන්නේ ය. එබැවින් පෙරරූ යනුවෙන් දැක්වුණේ සාම්‍යයක් නොව සාම්‍යයෙන් තොර කිරීමේ උපායක් බව පැහැදිලිවම පෙනේ.’’
13. දෙරු :ඍැාමචකසජ්එසදබ*
‘‘වණහටද පදහටද දෙරු දැනවුම් දෙරු නම්, තුටු කෙළෙ ඒ ලොපල්ලා, තුලූණෙන් ළතෙත්්තා, තෙදියට එක නෙත්තා රණ මැද දිය නොත්තා, දිදී, විඳ වි`ද, පළ පළ පාසා යෝහි සකිත් උසුරුවනුද රුසී. සක්වළක් පාසා මහමෙර ඈගී’’ වර්ණයටද, පදයටද රූප දෙකක් ඇති කිරීම දෙරු නම් වේ යනුවෙන් දක්වමින් එයට අදාළ නිර්ශන ලෙස සිදත් කතු පෙන්වා දෙන්නේ ලොපල්ලා - ළතෙත්තා - නෙත්තා - කොත්තා - දිදී - විඳ විඳ - පල පල වන වචනයි. උක්ත විග‍්‍රහයේ දැක්වෙන ආකාරයට සිදත් සඟරාවේ ද්විත්ව වීම් දෙකක් වෙයි. එනම් අකුරු ද්විත්වය හා පද ද්විත්වයයි. ‘‘මෙයින් වණ දෙරුව ශබ්ද ධර්මානුකූලව වන්නකි. පද දෙරුව සම්ප‍්‍රදායානුකූලව වූ යෙදුමකි.’’
වර්ණ දෙරු - ලොපල්ලා - නෙත්තා - නෙත්තා - කොත්තා
පද දෙරු - දිදී - විඳ විඳ - පල පල
උක්ත නිදසුන්වලට අනුව පෙනෙන්නේ පද ද්විත්වය සිදුවෙන්නේ මිශ‍්‍ර කි‍්‍රයා වශයෙන් බවයි. ‘‘ව්‍යාවහාරයේ තනිව සිටිනා ව්‍යාඤ්ජන මාත‍්‍රා රක්‍ෂණය ආදිය සඳහා ද්විත්ව කරගන්නට නිතීයක් වශයෙනි දෙරූ විදිය දෙන ලද්දේ. රහල් හිමියන් වැන්නකුට පවා ‘මෙවුල යන තැන ඇති තනි ‘ල’ යන්න ද්විත්ව කොට ‘මෙවුල්ලා’ යි මාත‍්‍රා පූරණය කළ හැකි වුයේ මේ නීතිය නිසාය. මේ නිතීය කවි බසෙහි යොදාගත හැක්කකි. එහෙත් නීතියට දෙන ලද නිදසුන් නම් නොගැළපෙයි. දිදී, විඳ විඳ, පල පල යනු ව්‍යවහාරයේ ද ඇති යෙදුම් හෙයින් ඒවා අමුතුවෙන් දැක්විය යුතු නොවේ. ඒවා දැක්වීමෙන් කතුවරයා කොට ඇත්තේ අනවශ්‍ය කාරියකි. මේ අනුව පැහැදිලි වන්නේ සිදත් සඟරා කතුවරයා ද්විත්ව රූපයක් පෙන්වා දී ඇත්තේ ගද්‍ය ව්‍යාකරණයට වඩා ආධුනික පද්‍ය රචකයන් ගැන අවධානය යොමු කරමින් බවය.
14. පෙරළි :ඵැඒඑයැිසි*
‘‘පිලි පෙරැුළි, වණ පෙරැුළි, පද පෙරැුළි, විබත් පෙරැුළි, කිරිය පෙරැුළි වී පෙරැුළි පස් වැදෑරුම්’’ යනුවෙන් ස්වර විපර්යාස-ව්‍යඤ්ජන විපර්යාස - පද විපර්යාස - විභක්ති විපර්යාස - කි‍්‍රයා විපර්යාස, පෙරළි හෙවත් විපර්යාස පස් වැදෑරුම් බව මූලිකව හඳුන්වා දෙයි. අනතුරුව පස් වැදෑරුම් විපර්යාසවලට නිදසුන් දක්වයි. පළමුවෙන්ම ඉදිරිපත් කරන පිලිි පෙරළියෙන් අදහස් කර ඇත්තේ ස්වර විපර්යාසය බව වියරණඥයෝ පෙන්වා දෙති.
වසල්, රික්, කිසුම්, ඉපැන් ඈ පිළි පෙරැුළි යනුවෙන් දක්වන්නේ පිළි පෙරළිය හෙවත් ස්වර විපර්යාසය සඳහා නිදර්ශනය.
විසල් ඝ වසල් - ඉ ඝ අ
රුක් ඝ රික් - උ ඝ ඉ
කුසුම් ඝ කිසුම් - උ ඝ ඉ
උපන් ඝ ඉපැන් - උ ඝ ඉ
සිදත් සඟරාවේ දැක්වෙන ආකාරයට ස්වර විපර්යාස විදිය යනු තිබූ ස්වරයක් වෙනුවට වෙනත් ස්වරයක් පැමිණවීමයි. හෙවත් ආදේශ වීමයි. වියරණඥයන් පෙන්වා දෙන ආකාරයට පිලි පෙරළියෙන් හෙවත් ස්වර විපර්යාසයෙන් සුපැහැදිලිව පෙනෙන්නේ ස්වරයන්ගේ විපර්යාසයකට වඩා ස්වරාදේශ විදියකි. දෙවන විපර්යාසය ලෙස හඳුන්වා දෙන්නේ වණපෙරළිය හෙවත් ව්‍යඤ්ජන විපර්යාසයයි. ‘‘කෙණෙර, හුරිර, යහන්, මහණ ඈ පිලි පෙරළි’’ මෙම නිදසුනට අනුව පෙනෙන්නේ වචනයක ඇති ව්‍යඤ්ජනාක්‍ෂරවල ස්ථාන මාරුව වණ පෙරළිය ලෙස හඳුන්වා ඇති බවයි.
කෙරෙණ ඝ කෙණෙර
රුහිර ඝ හුරිර
‘‘මෙහිදී වණ හෙවත් වර්ණ යනුවෙන් අදහස් කොට ඇත්තේ ව්‍යඤ්ජනාක්‍ෂර පිළිබඳවය. ව්‍යාකරණයේ දී ස්වර ව්‍යඤ්ජන දෙකම වර්ණ යන පොදු නමින් භාවිත කෙරේ. එහෙත් මෙහිදී ව්‍යඤ්ජනාක්‍ෂර සඳහා ‘වණ’ යන නාමය භාවිතා කිරීම යෝග්‍ය නොවේ. වණ පෙරැුළිය යන නම ව්‍යවහාර නොකොට ගතකුරු පෙරැුළිය හෝ වියදුන් පෙරැුළිය යන නම් භාවිත කළේ නම් තරමක් දුරට හෝ නිවැරදි වන්නට ඉඩ තිබිණි. සිදත් සඟරාවේ සපයා ඇති නිදසුන් වණ පෙරැුළිය ලෙස හැඳින්වීමට වඩා පාලි සංස්කෘත වචන සිංහලයට තද්භව වශයෙන් පැමිණිමේ දී යෙදුණු රූප ලෙස සැලකිය හැකිය.
සිදත් කරු දක්වන තෙවන පෙරැුළිය පද පෙරැුළියයි. ‘‘රජ දත් ඈ පද පෙරළි’’ දත්රජඝරජදත් වූ අයුරු නිදර්ශන කරමින් පෙන්වා දී ඇත්තේ පද අතර සිදුවන පෙර-පසු මාරු වීම පද පෙරළිය බවයි. මෙයට අමතරව සතරවැනි හා පස්වැනි පෙරැුළි, විබත් හා කි‍්‍රයා පිළිබඳවය. ‘‘ගතු ගතු ද දුදනෝ - සහකට මැණ සපුන් මෙන් පිපිරැුඹැ නිරිඳුමල දා - පරනට බිය මැරුතුළො’’් පදයක් අදාළ විභක්තියෙන් නොව අන්‍ය විභක්තියකින් තැබීම විබත් පෙරළිය නමින් සිදත හ`දුන්වයි. මෙම නිදසුනෙහි උපමාව සහ උපමේය විභක්ති දෙකකින් තබා ඇත. උපමේය වන ‘‘දුදනෝ’’ යනු පෙර විබත් බහුවචන පදයකි. එහෙත් ‘සපුන්’ යන උපමා පදය කර්ම විභක්ති බහුවචන බවයි. කි‍්‍රයාපදයක් වෙනුවට අන්‍ය කි‍්‍රයාපදයක් යෙදීම සිදත් කතුවරයා පෙන්වා දෙන්නේ කිරිය පෙරළිය වශයෙනි. ‘තමා වරදස නොදිස්නේ - මොනරිඳු එකල්හි පුල් සලගැ නවා ගනී ඈ කිරිය පෙරැුළි - මෙම නිදර්ශන වාක්‍යයේ දැක්වෙන ‘නොදිස්නේ’ - ‘ගනී’ යන කි‍්‍රයාපද දෙක ඒ සඳහා දක්වයි.
නොදිසේ ඝ නොදිස්නේ
ගනු ඝ ගනී
ඉහත සඳහන් පස් පෙරළි අතර ‘පිළි පෙරළිය’ හා ‘වණ පෙරළි’ ශබ්ද ධර්මයට හෙවත් භාෂා පරිණාමයට අනුව සිද්ධ වෙන ඒවා මිස කිසිවකුගේ කිරීමක් නිසා වන දෙයක් නොව, නිරන්තරව ව්‍යවහාර වන භාෂාවක ශබ්ද ධර්මයන්ට අනුව වෙනස්වීම නිරායාසයෙන්ම සිදුවන්නකි. එහෙත් පද පෙරළි, විබත් පෙරළි හා කිරිය පෙරළි විරිත, එළිවැට ආරක්‍ෂාකර ගැනීම් වස් කරන ඒවා වෙයි. එහිදී අර්ථයට හා රසයට හානියක් නොවන ලෙස පෙරළි හෙවත් විපර්යාසයන් කළ යුතුය. එසේ නොමැතිව භාෂාවන් පරිහරණය කරන්නන්ගේ සිතැඟි පරිදි පෙරළි සිදු කිරීමට නොහැකිය. මේ සියලූ පෙරැුළියක්ම සිදු කළ යුත්තේ ‘‘සදරුත් විදි සියල් අනුරූ සේ පියොනන්’ යන පාඨයට අනුවය.
15. වැඩි :ෂබජරු්ිැ*
පද්‍යකරණයේ මාත‍්‍රා පිළිබඳව සෘජුව අවධානය යොමු කරමින් පෙන්වා දුන් විදියක් ලෙස ‘වැඩි’ හෙවත් ‘වෘද්ධිය’ හඳුන්වා දිය හැකිය. වෘද්ධි යනු මාත‍්‍රාවල වැඩි වීමයි. නැතහොත් කිසියම් අක්‍ෂරයක් උච්චාරණය කිරීමට ගතවන කාලයේ වැඩි වීමයි. ‘‘වැඩි නම් මත් වැඩි, ඇස්, ඇල්, ඇප්, උවාරණ නවාම් මලවල සිහිලෙහි ඈගී සිදත්කරු පෙන්වා දෙන ආකාරයට තුන් ආකාර මාත‍්‍රා වෘද්ධියක් දක්නට ලැබේ.
1.ස්වරයාගේම විකෘති වීම - මෙයින් මාත‍්‍රා දීර්ඝත්ත්වයක් සිදු වී නොමැත.
2.සමාන ස්වර දෙකක එක්වීම - හ‍්‍රස්ව ස්වර දෙකක් එක් වී දිර්ඝ වී ඇත.
3.හ‍්‍රස්ව ස්වරයාගේම දීර්ඝ වීම.
වශයෙනි. එසේ වුවද සිදතෙහි දී ඇති සෑම නිදසුනකින්ම වෘද්ධියක් සිදු වී ඇති බැව් නොපෙනේ.
1. අස් - මාත‍්‍රා - 02 ඇස් මාත‍්‍ර 02.
ˇ
2. අල් - මාත‍්‍රා - 02 ඇල් මාත‍්‍රා 02.
ˇ
3. අප් - මාත‍්‍රා - 02 ඇප් මාත‍්‍රා 02.
ˇ
4. උවරණ- මාත‍්‍රා - 04 උවාරණ මාත‍්‍රා 05.
5. සිහිලෙහි මාත‍්‍රා - 04 සිහිලේහි මාත‍්‍රා 05.
6. නවම් - මාත‍්‍රා - 03 නවාම් මාත‍්‍රා 03.
ˇ
උක්ත නිදර්ශන පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි වන්නේ 1,2,3 යන පදවල මාත‍්‍රා වෘද්ධික් සිදු නොවි ඇති බවයි. එහෙත් සිදත් කරු පෙන්වා දී තිබෙන්නේ ‘ඇ’ කාරයද මාත‍්‍රා වෘද්ධියක් ලෙසය. කෙසේ වුවද උවාරණ - සිහිලේහි යන දෙවදනෙහි මාත‍්‍රා එක බැගින් සිදු වූ වෘද්ධියක් දක්නට ලැබෙයි. එසේම ‘නවාම්’ යන පදයෙහි ලඝු ගුරු සමාන වුවද උච්චාරණ කාල වශයෙන් සලකන කල වෘද්ධියක් දක්නට ලැබෙයි.
16. අඩු :ඍැාමජඑසදබ*
අඩු නම් මත් අඩු ද`ග සැඬ, කඳ, බඹු සෙගුණෙන් නුවණ නිසයුරා ඈගී’’ අඩු නම් මාත‍්‍රා අඩුවීමයි. සිදත් සඟරා පුරාණ සන්නයෙහි සඳහන් වන අන්දමට දංග - සැණ්ඩ - කන්ද - බම්බු යන වචනවල ඇති, පිළිවෙලින් බින්‍දුව, ණ කාරය, ‘න’ කාරය, ‘ම’ කාරය යන අක්‍ෂරවල පූර්ණ උච්චාරණය නැතිව දඟ, සැඬ, ක`ද, බඹු වශයෙන් අර්ධ ලෙස උච්චාරණය කිරීම මාත‍්‍රා හානියයි.
1. දංග - මාත‍්‍රා - 03 දඟ මාත‍්‍රා - 02.
2. සැණ්ඩ - මාත‍්‍රා - 03 සැඬ මාත‍්‍රා - 02.
3. කන්ද - මාත‍්‍රා - 03 කඳ මාත‍්‍රා - 02.
උක්ත නිදසුන්වල ඇති පූර්ණ නාසික්‍ය අක්‍ෂර අන්ධානුනාසික්‍ය බවට පත් වී ඇත. එබැවින් ඒවායේ දක්නට ලැබෙන්නේ මාත‍්‍රා හානියකි. මෙයට අමතරව පසුව දක්වා ඇති සෙගුණෙන් - නිසයුරා ආදී වචනවලද පැහැදිලි ලෙසම මාත‍්‍රා හානියක් දක්නට ලැබෙයි. එහෙත් දඟ - සැඬ -ක`ද - බඹ ආදී පදවල මාත‍්‍රා හානියක් දක්නට නොමැති බවත් එම වචන සංස්කෘත හා පාලි භාෂාවලින් තද්භව වී සිංහලට පැමිණීමෙන් එසේ සිදු වී ඇති බවත් භාෂාවේදීහු පෙන්වා දෙති. ‘වැඩි’ හා ‘අඩු’ යන විදි දෙක පිළිබඳව අදහස් දක්වන වියරණඥයන් පෙන්වා දෙන්නේ මේවා ගද්‍ය ව්‍යාකරණයේ න්‍යායන් පැහැදිලි නොකරන බවත් පද්‍යකරණයේ මාත‍්‍රා පිහිටුවීම පිළිබඳ දෙන ලද උපදෙස් බවයත් ය.
17. නිපා :ඡු්රඑසජකැි*
ප‍්‍රකෘතියක් ආශ‍්‍රය කොට හෝ ආශ‍්‍රය නොකොට කරන ලද්දේ ‘නිපා’ නම් බව සිදත් සඟරාකරු පෙන්වා දෙයි. ‘‘පියවි නිසා හොත නොනිසා හොත කෙළේ නිපා නම් ගුරුළුගෝමී සඳගෝමී’’ සිදත් කතුවරයා විසින් ‘නිපා’ යනුවෙන් මෙහිදී අදහස් කරන ලද්දේ ‘නිපාත’ පිළිබඳ නොව ‘නිපාතන’ පිළිබඳව බව කිව හැකිය. එයට හේතුව නිපාත පිළිබඳව ලිංගාධිකාරයේ අන්තර්ගත වී තිබීමත්, නිදසුන් වශයෙන් සපයා ඇති ‘ගෝමී’ - ‘පා’ - ‘ගොස්’ යන වචන නිපාද පද නොවීමත් නිසාය. බාලාවතාර ව්‍යාකරණයට අනුව නිර්දිෂ්ට ක‍්‍රමයකට සිද්ධ නොවු සියල්ල නිපාත නම් වේ. සිදතෙහි දැක්වෙන නිදසුන් අක‍්‍රමවත්ව, අනිර්දිෂ්ට ක‍්‍රමයකට සිද්ධ නොවු ඒවා බැවින් නිපාත ගණයෙහිලා දැක්විය නොහැකි බව පෙන්වා දිය හැකිය. ගුරුළුගෝමී, සඳගෝමී යන තැන්වල ඇති ‘ගෝමී’ යනු,
ගෝ ඝ ස්වාමී ඝ ගෝහිමි ඝ ගෝමී
වශයෙන් සිංහලයට පැමිණි වචනයකි. බොහෝ ගවයන් ඇති හෙවත් ධනවත් යන අර්ථය ඉන් පැවසෙයි. පසුකල බෞද්ධෝපාසක යන අර්ථය ‘ගෝමී’ යන්නෙහි අන්තර්ගත විය. ‘රතසිපා’ යන තැන ඇති ‘පා’ යනු ජන සම්මතයෙන් ප‍්‍රජාර්ථයෙහි යෙදේ. එබැවින් ‘ගුරුළුගෝමී’ ‘සඳගෝමී’ ‘රතසිපා’ යනු ව්‍යාකරණ රීතියකට අනුව සිද්ධ වූ සමාස තුනකි. එබැවින් සිදතේ දක්වන ලද නිදසුන් නිපාතන නොවේ. එසේම සිදත් කතුවරයා ‘නිපාතන’ සඳහා ‘නිපා’ යන නම භාවිතා කිරීමද සුදුසුයැයි කිව නොහැකිය.
18. නියම් :ඍැටමක්ර දෙරප්එසදබ*
‘නියම්’ හෙවත් නියම විදිය යනු යමක් ක‍්‍රම කිහිපයකට සිදු නොවී එකම ක‍්‍රමයකට වීම ලෙස ව්‍යාකරණඥයෝ පෙන්වා දෙති. කිසියම් දෙයක් නියමයෙන්ම එකම ආකාරයෙන් සිදුවීම එහි ලක්‍ෂණයයි. එහෙත් සිදතෙහි දැක්වෙන පාඨයෙන් නියම් විදිය කුමක්දැයි හඳුන්වා නොමැත. එහි දැක්වෙන්නේ නිදර්ශනයක් දීම පමණි. ‘‘දමෝරා ඈ නියම් විදි’’ මෙම නිදර්ශනයෙහි දැක්වෙන ආකාරයට ‘දමෝරා’ යන වචනය මෙම ආකාරයෙන්ම විනා වෙනත් ලෙසකින් නොසිටිනා බැව් සිදත් කතුවරයා පෙන්වා දීමට උත්සාහ කර ඇත. ‘දම් + උදර’’ යනු ‘දමෝදර’ කියා හෝ දමුදර කියා හෝ නොසිට නියත වශයෙන්ම ‘දමෝරා’යි සිදුවන බව සිදත් කතු හිමියන්ගේ අදහස වුවද දාම + උදර, දම් + උදර යන පද සන්ධි වී ‘දාමෝදර’ ‘දමෝදර’ ‘දමුදර’ යනුවෙන් ද සියබසෙහි ඇතැම් තැනක යෙදෙන බව රැුපියල් තෙන්නකෝන් සූරීහූ පෙන්වා දෙති. මහැදුරු සුගතපාල ද සිල්වා මහතා දක්වන ආකාරයට නියම් විධිය යනු ද පද්‍යකරණයේ වචන වෙනස්කර ගැනීම සඳහා හඳුන්වා දෙන ලද තවත් ක‍්‍රමයක් පමණි.
19. අනියම් :ෂරරුටමක්ර දෙරප්එසදබ*
නියම් විධිය මෙන්ම අනියම් විධිය හඳුන්වා ඇති ආකාරය ද පැහැදිලි නොවෙයි. නියම් විධිය සඳහා එක් නිදසුනක් පමණක් සපයා තිබුණද අනියම් විධිය සඳහා එකම නිදසුනක් හෝ දක්වා නොතිබීම විශේෂ කරුණකි. ‘‘කිසි ස`ද විබත් ඈ අනියම් විදි අනියම් විධිය පිළිබඳ විස්තර කරන තියඩෝර් ජී පෙරේරා පවසන්නේ සමහර සන්ධි, විභක්ති ආදිය එක ලෙසටම ව්‍යවහාර නොවී විකල්ප ව්‍යවහාර වීම අනියම් විධිය බවයි. එසේම කිසියම් වූ ක‍්‍රමයකට හෝ එයට වෙනස් වූ ක‍්‍රමයකට හෝ වචන වෙනස්, විකෘති කිරීම බවයි. නියම්, අනියම් විධි දෙකෙන් හැෙඟවෙන්නේ මේ කියන ලද්දා වූ එක්තරා ක‍්‍රමයකට හෝ එයට වෙනස් වූ ක‍්‍රමයකට හෝ වචන විකෘත කරගත හැකි බවය. කියන ලද එක්තරා විධියකින් සාධන ලද්දේ නම් එය නියම විධියයි. ඊට වෙනස් විධියෙකිනුදු වචන විකෘතිකර ගත හැකිය. එසේ කළහොත් ඊට අනියම් විධිය යැයි කයනු ලැබේ. ඒ කිරීමේ දී වුවත් ‘‘වහරනු සෙරෙන් සපයා - අනුරූසේ පියෝනන් යන කියමන ගුරුකොට ගත යුතු හෙයින් ඒවා අනියම් වන්නේ කලාතුරකිනි.’’
20. අවිදුමන් විදි :ධඉිජමරු දෙරපි*
සිදත් සඟරාවේ සන් අදියරේ දැක්වෙන ව්‍යාකරණ විධි විස්ස අතරේ දැක්වෙන අවසන් ව්‍යාකරණ විධිය වන්නේ අවිදුමන් විදි හෙවත් අවිද්‍යමාන විධියයි. එය සිදත්කරු හඳුන්වන්නේ ‘‘සියරු රූ නොහළ සුද අත්, පඬු ඇඹුල් ඈ අවිබත් අවිය සඳ අද අවිදුමන් විදි’’ යනුවෙනි. එනම්, ස්වකීය රූපය අත් නොහැරියා වූ සුද අත්, පඬු ඇඹුල් ආදියත් විභක්ති රහිත අව්‍ය ශබ්ද ආදියත් අවිද්‍යමාන විධි ලෙස හැඳින්වෙන බවයි.
ශුද්ධ + අන්ත - සුදඅත්
පාණ්ඩු + කම්බල - පිඬුඇඹුල්
සුද අත්, පඬු ඇඹුල් යන තද්භව රූප පූර්ව ස්වර හෝ පරස්වර ලෝපයෙන් ‘සුදත්’ - පඬැඹුල්’ හෝ පඬුඹුල්’ වශයෙන් සන්ධි විය යුතුය. එහෙත් ඒවා සන්ධි නොවී තද්භව ස්වරූපයෙන්ම සිටියි. මෙපරිද්දෙන් ඒ ඒ තැන කි‍්‍රයාත්මක විය යුතු සන්ධි ආදී ව්‍යාකරණ විදි කි‍්‍රයාත්මක නොවී තිබීම ‘අවිදුමන් විදී’ නම් වේ.
සිදත් සඟරාව ප‍්‍රධාන වශයෙන් අදියර දොළසකින් සමන්විතය. එහි ප‍්‍රථම අදියර වන්නේ ‘සන්’ හෙවත් සංඥා අදියරයි. සංඥා අදියරෙන් ප‍්‍රධාන වශයෙන් දෙයාකාර කාර්යයන් සිදු වී තිබෙයි. සිදත් සඟරාකරු අභිමත වියරණ වීදි විස්සක් හඳුන්වා දීම ඉන් කාර්යයකි. මෙතෙක් අප අවධානයට යොමු වූයේ එම ව්‍යාකරණ විදි විස්ස පිළිබඳයි. එය එක් ආකාරයකට සිදතෙහි දැක්වෙන ව්‍යාකරණ විදිවලට පටුනක් බඳුය. ‘සන්’ යනුවෙන් අක්‍ෂර පිළිබඳව ශබ්දිමමය විග‍්‍රහයකින් ඇරඹෙන මෙම ව්‍යාකරණ විදි, අවිද්‍යමාන විදියෙන් අවසන් වෙයි. එහෙත් එම සියලූ විදි තුළින් සිංහල භාෂාවේ ව්‍යාකරණ න්‍යායන් පිළිබඳව පූර්ණ විග‍්‍රහයක් සිදු වී නොමැති බව දැක්විය යුතුය. ඒ අතර පැහැදිලිවම පෙනෙන්නේ වචන භේදය - පුරුෂ භේදය- උපසර්ග - විශේෂණ විශේෂ්‍ය විදි - උක්තානුක්ත විදි, කි‍්‍රයාකාරක පද සම්බන්ධ විදි ආදිය අන්තර්ගත නොවන බවයි. භාෂා ව්‍යවහාරය පිළිබඳව යාවත්කාලීන න්‍යායයන් ගෙන් යුත් ව්‍යාකරණයක් සපයනවාට වඩා කිසියම් නිර්දිෂ්ට අරමුණකට සරිලන පරිදි ව්‍යාකරණ විදීන් දැක්වීමට සිදත්කරු උත්සාහ ගෙන තිබෙන බව ඉහත සියලූ තොරතුරු වලින් පෙනේ. ඔහුගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ පද්‍යකරණයේ ආධුනිකයන් බවයි, නූතන ව්‍යාකරණඥයින්ද පෙන්වා දෙන්නේ. කෙසේ වුවද සිදත් සඟරාවේ අන්තර්ගත ව්‍යාකරණ විදි මෙන්ම ඒ ඒ ව්‍යාකරණ විදි සඳහා ඉදිරිපත් කරන නිදර්ශන දෙස බැලීමෙන්, සිදත් සඟරාව ව්‍යාකරණය ඉගැන්වීම සඳහා පමණක්ම රචනා වුවක් නොවන බවත් පද්‍යකරණයේ ආධුනිකයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බව පැහැදිලිය. උක්ත ව්‍යාකරණ විදි දෙස අවධානය යොමු කරන කල පෙනෙන විශේෂම ලක්‍ෂණය වන්නේ, සිදත්කරු පෙන්වා දෙන න්‍යායන් හා ඒ ඒ න්‍යායන්ට අදාළ නිදසුන් එකිනෙකට නොගැලපීමයි. බොහෝ දුරට එය පාලි, සංස්කෘත ව්‍යාකරණයන් දෙස බලා න්‍යායන් ඉදිරිපත් කිරීමටත්, ඒවට අදාළ නිදර්ශන සිංහල පද්‍ය, ග‍්‍රන්ථවලින් යොදාගෙන තිබීමත් නිසා සිදු වී ඇති වරදක් ලෙස පෙන්වා දිය හැකිය. එම නිසාම භාෂාධ්‍යයන කාර්යයෙහිද එකම මූලාශ‍්‍රය ලෙස සිදත යොදා ගැනීමේ දී ගැටලූ ඇති වන බව පෙන්වා දිය හැකිය. මෙනිසා සිදත් සඟරාව දෙස බැලිය යුත්තේ භාෂාධ්‍යයනයෙහි දීි ව්‍යාකරණය ඉගැන්වෙන ප‍්‍රධාන මූලාශ‍්‍රයන් වශයෙන් නොව කවීන් සඳහා හෝ සාහිත්‍යකරණයෙහි නියැලෙන ආධුනිකයන් සඳහා වන ප‍්‍රමාණික රීතී සංග‍්‍රහයක් ලෙසය.
ආශි‍්‍රත ග‍්‍රන්ථ
01. ජයතිලක, කේ. විමර්ශන සහිත සිදත් සඟරාව, ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, 1995.
02. ද සිල්වා, සුගතපාල. භාෂා විෂයක ලිපි, සී/ස ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම, 1972.
03. ධම්මපරායනතිස්ස හිමි, බුජ්ජම්පොල සහ ආනන්ද සිරි ඥානිස්සර හිමි, අටබාගේ. සිදත් සඟරා විචාරය සහ සරසවි වියරණය, පිරිස් මුද්‍රණ ශිල්පියෝ, 1966.
04. පඤ්ඤාසාර හිමි, ඔක්කම්පිටියේ. සිදත් සඟරා විමසුම, කර්තෘ ප‍්‍රකාශන, 2004.
05. පෙරේරා, එම්.සී. එළු වියරණ විනිස හෙවත් පද විනිස, විද්‍යාලංකාර මුද්‍රණාලය, 1965.
06. පෙරේරා, තියඩෝර් ජී. සිංහල භාෂාව, ගුණසේන සහ සමාගම, 1946.
07. පේමානන්ද හිමි, පෙනලබොඩ. සිංහල භාෂාවේ පරිණාමය හා සිදත් සඟරාව, එස්. ගොඩගේ සහ සමාගම, 2004.
08. ප‍්‍රඥාසේන, ඊ.ඞී.සී. සිදත් සඟරා විනිස, විද්‍යාර්ථ ප‍්‍රකාශන මුද්‍රණාලය, 1924.
සඟරා
01. වැලිමිටියාවේ කුසලධම්ම ප‍්‍රශස්ති. (සංස.්*. සුගුණධම්ම හිමි සහ ඩබ්. එස්. එන්. චන්දිම, ගොඩගේ සමාගම, 2003.
02. සම්භාෂා (සංස්.*. මාදෝවිට පඥාඤාරාම හිමි සහ වෙලගෙදර විජිත හිමි, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2002.