UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: 02. පත්තිනි දේව සංකල්පයේ ආරම්භය සහ එහි භාරතීය මුහුණුවර

Thursday, December 12, 2013

02. පත්තිනි දේව සංකල්පයේ ආරම්භය සහ එහි භාරතීය මුහුණුවර

02. පත්තිනි දේව සංකල්පයේ ආරම්භය සහ එහි භාරතීය මුහුණුවර මානවයාගේ සාරධර්ම පක්‍ෂය තුළ කේන්‍ද්‍රගත වූ විවිධ විශ්වාසයන්, ඇදහීම්, අභිචාරයන් ආදිය මානව සමාජයෙහි පහළ වූයේ කෙදිනකද යන්න නිශ්චිතව සොයාගැනීම දුශ්කරය. එසේ වුවද මානවයා නමැති සංකල්පය මේ ලොව තුළ ප‍්‍රභවය ලැබුවේ කෙදිනකද, මානවයා සම`ග අත්‍යන්තයෙන්ම බැ`දී වර්තමානය දක්වාම පැවත එන විවිධ විශ්වාසයන්, ඇදහීම්, අභිචාරයන් ආදියෙහි සම්භවයටද ඇත්තේ එවැනිම ඉතිහාසයක් බව නූතන මානව විද්‍යඥයින්ගේ, ඉතිහාසඥයින්ගේ මතය වේ. තාක්‍ෂණය කෙතරම් දියුණු වුවද, මානවයා කෙතරම් සංකීර්ණ සමාජ තලයකට ප‍්‍රවිෂ්ටව සිටියද වර්තමානයෙහි පවා ස්වකීය ජීවිතය සකස් කරගැනීමෙහිලා පදනම බවට පත්ව ඇත්තේ බොහෝ විට ස්වකීය ආගමයි, නැතහොත් තමන් විශ්වාස කරන ආගමික දර්ශනයයි. විවිධ විශ්වාසයන් ආදියයි. මේවා තුළින් මිදීමට නොහැකි තරමට නූතනය වන විටද මානව සමාජය මනාව සකස් වී තිබේ. ලාංකේය ජනයා නිශ්චිත ආගමක් අදහන, ආගමික අනන්‍යතාවකින් ස්වකීය සංස්කෘතිය ගොඩන`ගාගත් සුවිශේෂි ජන කොට්ඨාසයකි. ලාංකේය සංස්කෘතියෙහි පදනම වූයේ බෞද්ධ දර්ශනයයි. කෙසේ වුවද ලාංකිකයාට මෙවැනි සංස්කෘතියක් උරුම වීමෙහිලා ආසන්න සංස්කෘතිය වූ භාරතීය සමාජ ක‍්‍රමයෙහි බලපෑම ප‍්‍රබලව ලැබෙන්නට විය. බෞද්ධ ආගම පමණක් නොව විවධ ඇදහිලි, විශවාසයන් ආදියද මෙරට සමාජ ක‍්‍රමයෙහි තහවුරු වන්නේ මෙම සාධකය පදනම් කොට ගෙනය. පත්තිනි දේවතා ඇදහිල්ල දීර්ඝ කාලයක් තිස්සේ සිට මෙරට ජනයා තුළ පැවත එන්නක් වන අතර එය මෙරටෙහි ව්‍යාප්තව ඇත්තේ ප‍්‍රබල බෞද්ධ මුහුණුවරකිනි. එසේ වුවද පත්තිනි දේවතා සංකල්පයට ඇත්තේ හින්දු ආගම පදනම් කොටගත් භාරතීය සම්භවයකි. නමුත් වර්තමානය වන විට ලාංකේය සමාජයෙන් එහි භාරතීය මුහුණුවර, හින්දු ආගමික පදනම සම්පූර්ණයෙන්ම පාහේ බෞද්ධ මුහුණුවරකට අනුව හැඩගැසී තිබේ. පත්තිනි දෙවියන් යනු ලාංකික බෞද්ධයාට ස්වකීය දේවතාවකි. හින්දු, බෞද්ධ, ජෛන ආදී විවිධ ආගම් සහ දර්ශනවාදයන් ආශ‍්‍රයෙන් ගොඩ නැ`ගුණු භාරතීය සමාජ ක‍්‍රමය ලෝකය තුළ වෙනත් කිසිදු සංස්කෘතියකට උරුමකම් නොකියන මිශ‍්‍රිත මෙන්ම ස්වාධීන අනන්‍යතාවක් පිළිබිඹු කරන්නකි. විවිධ ඇදහීම්, විශ්වාසයන්, ආගමික සම්ප‍්‍රදායයන් ගත්තද ලොව වෙනත් කිසිදු සමාජ ක‍්‍රමයක දැකිය නොහැකි තරමට සංකීර්ණ වූ ස්වභාවයක්ද භාරතීය සමාජ ක‍්‍රමයෙන් නිරූපිතය. කෙසේ නමුත් නූතනය වන විට භාරතීය සංස්කෘතියෙහි අනන්‍යතාව බවට පත්ව ඇත්තේ හින්දු ආගමයි. හින්දු ආගම යනු ප‍්‍රධාන වශයෙන්ම දේව සංකල්පය කේන්‍ද්‍රීය කොටගත් ආගමක් වශයෙන් සැලකේ. මේ නිසාවෙන්ම කිසියම් ශාස්තෘවරයෙකු ප‍්‍රධානත්වයෙහිලා සැලකීමට වඩා දේව සංකල්පය හින්¥න් අතරෙහි ව්‍යාප්තව තිබේ. තවද ලෝකයෙහි ක‍්‍රියාත්මක කිසිදු ආගමක හෝ සම්ප‍්‍රදායයක දැකිය නොහැකි තරමට පැතිරුණු සංකීර්ණ ස්වභාවයක් හින්දු දේව සංකල්පයෙන් නිරූපිතය. ප‍්‍රධාන දෙවිවරු, අප‍්‍රධාන දෙවිවරු, ප‍්‍රාදේශීය දෙවිවරු, යහපත් දෙවිවරු, අයහපත් දෙවිවරු ආදී වශයෙන් නොයෙක් ප‍්‍රභේදයන්ද හින්දු දේව සංකල්පයෙහි දැකිය හැකිය. මෙහිදී පත්තිනි දේව සංකල්පය හින්දු ආගමෙහි මෙන්ම සමස්තයක් වශයෙන් භාරතීය සංස්කෘතියෙහිද සුවිශේෂී අනන්‍යතාවක් ප‍්‍රකට කරන්නකි. දෙවියන් විශ්වාස කරන ඕනෑම ජාතියක, ආගමක පුද්ගලයෙකුගේ ස්වභාවය වන්නේ දෙවියන් පූජනීයත්වයෙහිලා සැලකීමයි. එහිදී තමන්ට වඩා කුමන හෝ ගුණයකින් උසස් ස්ථානයක පිහිටීම මෙන්ම ඒ මතින් තම ජීවිතයට ආලෝකයක් ලබාගත හැකිය යන විශ්වාසය දේව සංකල්පයට පූජනීයත්වයක් එක්කිරීමෙහිලා ප‍්‍රබලව බලපා තිබේ. පත්තිනි දේව සංකල්පය භාරතයෙහි පහලව ව්‍යාප්ත වන්නේද මෙම ස්වභාවය මතිනි. පත්තිනි යනු හින්දු ආගමෙහි පතිව‍්‍රතාවට අධිපති දෙව`ගන වශයෙන් සැලකේ. එසේම තවත් තැනෙක ශිව දෙවියන්ගේ භාර්යාව වන පාරවතියගේ අවතාරයක් වශයෙන්ද සලකා තිබේ. ”පත්තිනි යන ව්‍යවහාරයෙන් එක හිමි ඇති ලිය, පතිවත රකින්නිය, පතිව‍්‍රතාව යන් අරුත් ප‍්‍රකාශ වේ.” විශේෂයෙන්ම පතිව‍්‍රතා සංකල්පය හින්දු සංස්කෘතිය තුළ ඉහළින්ම අගය කරන්නකි. ”පත්තිනි දෙව`ගන දේවත්වයට පත්වූයේ පතිව‍්‍රතාව හෙවත් පතිවත රැුක ගැනීම හේතුවෙනි. ඇයට එම කීර්තිය ලබා ගැනීමට ‘පතිවත’ උපකාරයක් වූයේ එය රැුක්ම සාධු ගුණයක් වීම හේතුවෙනි.” මේ නිසාවෙන්ම කිසිදු ප‍්‍රාදේශීය භේදයකින් තොරව භාරතය තුළ පත්තිනි ඇදහිල්ල ව්‍යාප්තව තිබේ. පත්තිනි දෙව`ගනගේ සම්භවය භාරතයෙහිම සිදුවූ බව හින්¥න්ගේ විශ්වාසයයි. කෙසේ නමුත් පත්තිනි ඇදහිල්ල කුමන කාලසීමාවක භාරතයෙහි පහළ වූයේද යන්නට නිශ්චිත සාධක මුණ නොගැසේ. ”දෙමළ ජනයා ඇය ‘පත්තිනික්කතවුල්’ වශයෙන් හ`දුන්වති.” කෙසේ නමුත් දමිළයන් අතර පත්තිනිය වඩාත් ප‍්‍රකටව ඇත්තේ ‘කන්නකි’ නමිනි. ඒ ඇය දේවත්වයට පත්වීමට ප‍්‍රථමයෙන් ව්‍යවහාර කළ නමයි. පත්තිනි දෙව`ගනගේ උත්පත්තිය පිළිබ`දව විවිධ පුරාවෘත්තයන් භාරතයෙහි නිර්මාණය වී තිබේ. පත්තිනියගේ උත්පත්තිය සම්බන්ධයෙන් ස`දහන් වන්නේ මෙම පුරාවෘත්තයන්හිය. නමුත් කෙතරම් පුරාවෘත්ත බිහිව තිබුණද එම සෑම කතා පුවතකින්ම පත්තිනියගේ උත්පත්තිය සම්බන්ධයෙන් දැක්වෙන්නේ සමාන කතා ප‍්‍රවෘත්තියකි. දේවත්වයට පත්වීමට ප‍්‍රථමයෙන් පත්තිනිය දකුණු ඉන්දියාවෙහි කාවීරපට්ටම් නම් ගමෙහි උත්පත්තිය ලබන්නේ ‘කණ්ණගි’ නමිනි. ඇය තරුණ වියට පත්ව කෝවලන් නම් කුමාරයෙක සම`ග විවාහ වන අතර ඔවුන්ගේ ජීවිතයෙහි ඇතිවූ නොයෙක් අඩුපාඩුකම් නිසාවෙන් කණ්නගී තම සලඹ විකීණීමට තීරණය කරයි. කෝවලන් එය විකිණීමට මධුරාපුරයට ගමන් කරන විට මධුරාපුරයෙහි රජුගේ ග‍්‍රහණයට පත් වන්නේ තම බිසවගේ සළඹක් සොරකම් කළේය යන සැකයෙනි. මෙම සැකය නිසාවෙන් කෝවලන්ට මරණ ද`ඩුවම හිමි වේ. නමුත් කණ්ණගි සැබෑ ප‍්‍රවෘත්තිය රජුට දැන්වූ පසු රජු එම කතා පුවත අසා එම ශෙෘ්කයෙන් මරණයට පත් වේ. කෙසේ නමුත් එයින් සෑහීමකට පත් නොවන කණ්ණගි තමා සත්‍යවාදී නම් සැබෑ පති භක්තියක් ඇත්නම් මධුරාපුරය විනාශ වේවායී ප‍්‍රාර්ථනා කළේය. ඇයගේ ප‍්‍රාර්ථනයෙන් මධුරාපුරය විනාශ වන අතර එය දැක මධුරාපුරයට අධිපති දේවතාවා ඇය වීර පත්තිනිය නමින් ආමන්ත‍්‍රණය කරන්නට විය. ඉන් අනතුරුව දිව්‍ය රූපයකින් පැමිණි කෝවලන් ඇය දිව්‍ය ලෝකයට රැුගෙන යන අතර කණ්ණගී පත්තිනිය නමින් දේවත්වයෙන් ඇදහන්නේ මින් අනතුරුවය.” පත්තිනි පුරා වෘත්තයෙහි පත්තිනි දෙව`ගනගේ උත්පත්තිය සම්බන්ධයෙන් ඇත්තේ මෙවැනි කතා ප‍්‍රවෘත්තියකි. කෙසේ නමුත් පත්තිනිය දේවත්වයෙහිලා හින්¥න්ගේ පූජනීයත්වයට පාත‍්‍ර වන්නේ ඇයගේ ශ්‍රේෂ්ඨ ස්වාමි භක්තිය පිළිබ`ද සිදුවීම පාදක කොට ගෙනය. තවත් ඉතිහාසගත ස`දහනකට අනුව දකුණු ඉන්දියාවෙහි රජකම් කළ සෙංගුට්ටුවාන් රජු කණ්ණගී කුමරිය පත්තිනි නමින් දේවත්වයට පත්කොට ඒ ස`දහා රාජ්‍ය උත්සවයක්ද පවත්වා කණ්ණගීගේ දේවත්වය පිළිගෙන අදහන්නට වූ බවටද මතයක් හින්¥න් අතරෙහි තිබේ. නූතනය වන විටද භාරතයෙහි සෑම ප‍්‍රදේශයකම පාහේ පත්තිනි දේව සංකල්පය ව්‍යාප්තව පවතින අතරම විශාල වශයෙන් දේවාල ආදිය ඉදි කොට නොයෙක් පුදපූජාවන්ද පවත්වා පත්තිනිය වන්දමා මානයට පාත‍්‍ර කෙරේ. පත්තිනිය යනු හින්දු ආගම අදහන්නන්ගේ ප‍්‍රධානතම දේවතාවක් වන අතරම හින්දු ජනයාගේ ජීවිතය සමග අත්‍යන්තයෙන්ම බැ`දුණු දේව සංකල්පයකි. පත්තිනි දේව සංකල්පය භාරතයෙහි අසල්වැසි රාජ්‍යයන් කරාද ව්‍යාප්ත වන්නේ පත්තිනි දේව සංකල්පයෙන් ප‍්‍රකට කළ උත්තම ගුණාංගයන් නිසාවෙනි. පත්තිනි දේව සංකල්පය ලාංකේය සමාජයෙහිද ව්‍යාප්ත වන්නේ භාරතීය බලපෑම පදනම් කොට ගෙනය. කෙසේ වුවද පත්තිනි ලාංකේය සමාජයට පැමිණීමේදී එහි මුල් ස්වභාවය ප‍්‍රබල පරිවර්තනයකට ලක් වෙමින් ලාංකේය සමාජ ක‍්‍රමයට අනුව හැඩගැසී බෞද්ධ මුහුණුවරක් ලැබෙන ආකාරය හ`දුනාගත හැකිය. ලාංකේය විශ්වාසයන්ට අනුව පත්තිනිය යනු බෞද්ධ දේවතාවකි. 03. පත්තිනි දේව සංකල්පයෙහි ලාංකේය බෞද්ධ මුහුණුවර මිහි`දු හිමියන් විසින් ලංකාවට බුදු දහම රැුගෙන ඒම සිංහල ජන සංස්කෘතියෙහි කේන්‍ද්‍රීයම සංධිස්ථානය සනිටුහන් කළ අවස්ථාව වශයෙන් හැ`දින්වීම නිවැරදිය. නිශ්චිත ආගමක හෝ දර්ශනයක පහස නොලත් ලාංකිකයාගේ ජීවන ස්වභාවය සෑම ක්‍ෂේත‍්‍රයකින්ම පරිණාමයට පත්වීමට තරම් මහින්දාගමනයෙහි බලපෑම ලාංකිකයාට දැනෙන්නට විය. මහින්දාගමනයෙන් අනතුරුව ලාංකේය ජන සමාජයෙහි පදනම වූයේ බුදු දහමයි. ප‍්‍රාග් බෞද්ධ යුගයේ ලාංකේය සමාජයෙහි පැවැති නොයෙක් ඇදහීම්, විශ්වාසයන් ආදියටද බෞද්ධ මුහුණුවරක් ලැබීමට තරම් බුදු දහමෙහි පැවැති දාර්ශනික පදනම ප‍්‍රබල වශයෙන් ඉවහල් වන්නට විය. මේ නිසාවෙන්ම බුදු දහම ලංකාවට ලැබීමෙන් පසුව වුවද පෙරදිග, අපරදිග ඇදහිලි විශ්වාසයන් ආදිය ලාංකේය සමාජයට පැමිණියද, ඒවා සියල්ලටම පාහේ සිංහල බෞද්ධ මුහුණුවරක් ලැබෙන ආකාරය පෙනේ. ලාංකේය දේව සංකල්පය සම්බන්ධයෙන්ද දැකිය හැක්කේ මෙවැනිම ස්වභාවයකි. ලාංකේය ජන සමාජයෙහි අදහන දෙවියන් අතුරින් ලාංකික සම්භවයක් ඇතැයි සැලකෙන දෙවියන් ඇත්තේ කිහිප දෙනෙකු පමණි. ලාංකිකයන් අදහන දෙවියන් වැඩි ප‍්‍රමාණයක් ලාංකික සමාජයට පැමිණ ඇත්තේ භාරතීය සමාජයෙනි. ඒ හින්දු ආගමෙහි අදහන දේව සංකල්පයන්ය. නමුත් ලාංකික බෞද්ධයාට හින්දු දෙවියන් වශයෙන් දේව විශේෂයක් නොමැත. ලාංකික බෞද්ධයා අදහන සියලූ දෙවිතාවන් බෞද්ධ මුහුණුවරක් යටතට ගෙන තිබේ. වෙනත් ආකාරයකට කිවහොත් භාරතයෙන් ලංකාවට පැමිණි හින්දු දේවතා සංකල්පයන් බෞද්ධ මුහුණුවරක් යටතේ ලාංකීකරණය වී තිබේ. ලාංකික බෞද්ධයා මහත් පූජනීයත්වයෙන් වන්දනාවට පාත‍්‍ර කරන්නාවූ පත්තිනි දේව සංකල්පය සම්බන්ධයෙන්ද දැකිය හැක්කේ මෙවැනිම ස්වභාවයකි. ”පත්තිනි දේවියට භාරතීය ප‍්‍රභවයක් ඇති නමුත් බෞද්ධ මුහුණුවරක් සිංහල බැතිමතුන් අතින් ලැබී තිබේ.” විශේෂයෙන්ම සිංහල බෞද්ධයන් පුද පූජා පවත්වන භාරතීය ප‍්‍රභවයක් ඇති දෙවිවරුන් අතර ප‍්‍රධාන ස්ථානයක්ද පත්තිනි දෙවියන්ට හිමිව තිබේ. ලාංකේය සමාජයෙහි පත්තිනි දෙවියන් ඇදහීමේ ඉතිහාසය ක‍්‍රි.ව දෙවන සියවස දක්වා ඈත ඉතිහාසයකට ගමන් කරන බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නවුන්ගේ මතය වේ. ලාංකේය මූලාශ‍්‍රයන්හී ස`දහන් නොවූවද ද්‍රවිඩ සංගම් සාහිත්‍යයට අයත් ‘සීලප්පදිකාරම්’ නමැති ග‍්‍රන්ථයෙහි ලාංකීයයන් පත්තිනි දෙවියන් වන්දනා මාන කිරීම ගජබා රාජ්‍යසමය (ක‍්‍රි.ව 112 - 134* වැනි ඈත ඉතිහාසයක ආරම්භ වූ බව දක්වා තිබේ. සීලප්පදිකාරම් නමැති ග‍්‍රන්ථයෙහි ”කෝවලන් කුමරුගේ භාර්යාව වූ කණ්ණගී කුමරිය පත්තිනි නමින් දේවාරූඪ කිරීමේ උත්සවයට කේරළ රජුගේ ආරාධනයෙන් ගජබා රජු එහි ගිය බවත්, පත්තිනියගේ ආදර්ශවත් ජීවිතය ගැන පැහැදුණු රජතුමා ඒ ඇදහීම් ලක්දිව ප‍්‍රචලිත කිරීමේ අරමුණින් පත්තිනි දේවියගේ රුවන් සළඹත්, සිව් දේවාල දෙවියන්ගේ ආයුධත්, වළගම්බා රජු දවස ගෙන ගිය පාත‍්‍රා ධාතුවත් මෙරටට ගෙන ආ බව ද දැක්වේ.” කෙසේ නමුත් ලාංකේය සාහිත්‍ය මූලාශ‍්‍රයක පත්තිනි ඇදහිල්ල පිළිබ`දව ප‍්‍රථම වරට තොරතුරු ස`දහන් වන්නේ කෝට්ටේ යුගයෙහි රචිත කෝකිල සංදේශයෙහිය. කෝකිල සංඳේශය රචනා වූයේ හයවන පරාක‍්‍රමබාහු රාජ්‍ය සමයේදී බව සැලකේ. කෝකිල සංඳේශයෙහි ස`දහන් වන ආකාරයට පරාක‍්‍රමබාහු රජතුමා විසින් තුන් මහල් ප‍්‍රසාදයක් කරවා පත්තිනි දේවියට නමස්කාර කිරීමට ලාංකිකයාට අවස්ථාව සලසා තිබේ. කෝකිල සංඳේශකරුවාද සංඳේශය රැුගෙන යන කොවුලාට පත්තිනි දේවියට නමස්කාර කිරීමට නියම කිරිම තුළ පත්තිනි ඇදහිල්ලට මෙකල සමාජයෙහි පැවැති ප‍්‍රවණතාව වටහාගත හැකිය. ”ගජබා නිරි`දු කර වූ පහය මෙන් පෙර මහ බා මෙ පැරකුම් නරනි`දු සපිරි බර සොබනා රන් කොතින් කරවූ සිරිමැ දුර නරඹා පතිනි පුද - වැද යාගන් මිතුර” මේ නිසාවෙන් කෝට්ටේ යුගය වන විට පත්තිනි ඇදහිල්ල ලාංකිකයා අතර ජනප‍්‍රියව පැවැති ඇදහිල්ලක් නම් පත්තිනි දෙවියන් ඇදහීමේ ඉතිහාසය කොට්ටේ යුගයට වඩා ඈත කාල සීමාවක ඇරඹි බව නිගමනය කළ හැකිය. කෙසේ නමුත් මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ පත්තිනියට ලාංකිකයා දේශීය අනන්‍යතාවක් යටතේ බෞද්ධ මුහුණුවරක් ලබා දීමයි. විශේෂයෙන්ම අතීතයෙහි පමණක් නොව වර්තමානයෙහිද පත්තිනිය යනු සිංහල බෞද්ධ දේව සංකල්පයේ සුවිශේෂී දේවතාවකි. ”වර්තමානයේ පත්තිනි දෙවියන් ඇදහීම සිංහලයන්ට විශේෂ වූවක් බව පෙනේ. විශේෂයෙන්ම සිංහලයන් අතර දෙවියන් උදෙසා කරන පුණ්‍ය කර්මවලදී පත්තිනි දෙවියෝ ප‍්‍රධාන වෙති.” මේ නිසාවෙන් පත්තිනි දෙව`ගන බෞද්ධයන්ට මෙතරම් සුවිශේෂි වීමට හේතුව මෙන්ම, ද්‍රවිඩ හින්දු පත්තිනි දේව සංකල්පය සහ සිංහල බෞද්ධ පත්තිනි දේව සංකල්පය අතර සම විෂමතා විමර්ශනයට ලක්කළ යුතුය. ඒ හරහා පත්තිනි දේව සංකල්පයෙහි ලාංකේය මුහුණුවර මනාව වටහාගත හැකිය. සිංහල බෞද්ධ සම්ප‍්‍රදායයෙහි පත්තිනි උත්පත්තිය පිළිබ`ද පුරාවෘත්තය භාරතයෙහි ස`දහන් කතා පුරාවෘත්තයට හාත්පස වෙනස් ස්වරූපයක් ගනී. ”පත්තිනි දේවිය සත් වාරයක්, සත් අයුරකින් උපන් බව පුරා කථාවල පැවසේ. ජලයෙන්, ගින්දරෙන්, මලෙන්, ගලෙන්, වළාකුලෙන්, සළුවෙන්, අඹෙන් යනු එම සත් වාරයයි.” එසේම සමහර ලාංකේය ජනප‍්‍රවාදයන්ට අනුව පත්තිනිය දොළොස් ආකාරයකට උපන් බවද ප‍්‍රකාශ වේ. මෙහි ඇති තවත් සුවිශේෂීම කරුණ වන්නේ ඇය බෝධිසත්ව පාරමිතාව පුරන්නියක්ය යන මතවාදය සිංහල බෞද්ධයා විසින් පිළිගැනීමයි. මෙම පිළිගැනීමට අනුව ”පත්තිනිය පතිවෘතාවේ දෙව`ගන පමණක් නොව මතු බුද්ධත්වයට පත්වන බෝධිසත්වයෙකි.” කෙසේ නමුත් මෙවැනි සංකල්පයක් සිංහලයා තුළ ජනිත වූයේ කුමන සාධකයක් පදනම් කොට ගෙනද යන්න පිළිබ`දව නිශ්චිත සාධක මුණ නොගැසේ. නමුත් සිංහල බෞද්ධයා තුළ මෙවැනි මතවාදයක් හට ගැනීම පත්තිනි දේව සංකල්පය මෙරටෙහි ප‍්‍රබලව ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානතම සාධකය වශයෙන් දැක්වීම නිවැරදිය. විශේෂයෙන්ම හින්දු ආගමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුළු වුණු වෙනත් කිසිදු දේව සංකල්පයකට වඩා පත්තිනි සංකල්පයට ප‍්‍රබල බෞද්ධ මුහුණුවරක් ලැබී තිබේ. සිංහල ජන සමාජයෙහි ඈත අතීතයෙහි පටන් පැවති චාරිත‍්‍රයක් වශයෙන් කිරිඅම්මාවරුන් පිදීම හැ`දින්විය හැකිය. මෙම චාරිත‍්‍රය නිසාවෙන් තමන්ට ඇතිවන සියලූ දෝෂ උපද්‍රවයන් ම`ගහැරේය යන විශ්වාසය සිංහල බෞද්ධයා තුළ පැවැතිණි. කිරිඅම්මාවරුන් පිදීමේ ආරම්භයෙහි පැවතියේ බෞද්ධ මුහුණුවරකි. නමුත් වර්තමානයෙහි මෙහි බෞද්ධ මුහුණුවර සංඛේතවත් කරන්නේ පත්තිනි දෙව`ගනයි. ”කිරි අම්මාවරුන්ගේ දානයට ගැමියන් විසින් ගමේ පිළිගත් වැඩිමහල් මව්වරුන් සත් දෙනෙකුට ආරාධනා කරන අතර ඔවුන් පත්තිනියගේ සත් උත්පත්තිය නියෝජනය කරයි.” මෙම දානමය කාර්යය අවසන් කරන්නේද පත්තිනි දෙව`ගනගේ ආශීර්වාදය සියලූ දෙනාට ප‍්‍රාර්ථනා කරමිනි. විශේෂයෙන්ම මෙම ආශීර්වාදයන්හී පවා පත්තිනිය ආමන්ත‍්‍රණය කරන්නේ ”මතු බුදු වන ශ‍්‍රී සිද්ධ සත් පත්තිනි දේව ස්වාමීන් වහන්ස, එබ වහන්සේගේ පතිවත බල මහිමය කරණ කොට ගෙන....” ආදී වශයෙනි. මේ නිසාවෙන් එක්තරා ආකාරයකට ගතහොත් සිංහල බෞද්ධයා පත්තිනිය වන්දනාවට ලක් කරන එක්තරා අවස්ථාවක් වශයෙන්ද කිරි අම්මාවරුන්ගේ දානය දැක්විය හැකිය. පත්තිනිය හා සම්බන්ධව ගොඩනැ`ගුණු ඇදහිලි සම්ප‍්‍රදාය හා විශ්වාස පද්ධතිය ආගමික හා සමාජ විද්‍යාත්මක අතින් සිත් ගන්නා සුලූය. දෙමළ වීර කතාවලින් නිරූපණය කෙරෙන පත්තිනිය දරුවන් නොමැති එහෙත් පතිවත රකින උත්තම කාන්තාවකි. එහෙත් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි පත්තිනිය ආකාර කිහිපයකින් පෙනී සිටී. ”පත්තිනි දේවිය උඩරට ප‍්‍රදේශවල දේවධූරාවලියේ සතරවරම් දේවත්වයෙහිලා සලකයි.ඒ අනුව විෂ්ණු, කතරගම, නාථ, පත්තිනි සතරවරම් දෙවිවරුන් ලෙස සලකයි.” මෙසේ උඩරට ප‍්‍රදේශයන්හී පත්තිනිය මේ ආකාරයෙන් ඉතා ඉහලින් අගය කිරීම කෙරෙහි උඩරට ප‍්‍රදේශයෙහි පැවැති මාතෘ මූලික සමාජ ක‍්‍රමය ප‍්‍රධාන සාධකයක් වන්නට ඇති බව සමහර විචාරකයින් ඉදිරිපත් කරන මතවාදයකි. එසේම සිංහල බෞද්ධයන් විසින් පවත්වනු ලබන ගම්මඩු ශාන්ති කර්මයෙහි වන්දනාවට ලක් කරන දොළොස් දෙවිවරුන් ඇතැම් අවස්ථාවන්හී පත්තිනියගේ පරිවාර දෙවිවරු වශයෙන් සලකා තිබේ. ගම්මඩු ශාන්ති කර්මයෙහි ප‍්‍රධානත්වය දරන්නේද පත්තිනි දෙවඟනයි. මේ නිසාවෙන් සිංහල බෞද්ධ ඇදහිලි සහ විශ්වාසයන්හී පත්තිනිය විවිධ ස්වරූපයන්ගෙන් පෙනී සිටී. පත්තිනිය හින්දු ආගමෙහි පතිව‍්‍රතාවට අධිපති දෙව`ගන වශයෙන් සැලකේ. නමුත් සිංහල බෞද්ධයාට ඇය පතිව‍්‍රතාවට අධිපති දෙව`ඟන පමණක්ම නොවේ. විශේෂයෙන්ම ගැමියාට ඇය තමන්ගේ මුළු ජීවිතයම පාලනය කරන්නාවූ දෙව`ගනකි. ස්වකීය ජීවිතයේදී සිංහල බෞද්ධයාට පත්තිනිය මැදිහත් නොවන අවස්ථාවක් නොමැති තරම්ය. ”සිංහල ප‍්‍රදේශවල පිහිටා ඇති පත්තිනි දේවාලවලින් ජනතාවගේ ජීවිත මෙන්ම දේපල ආරක්‍ෂා කර දීම සම්බන්ධ භාර ¥ර කාර්යයද සිදු වෙයි. එයට ඔවුන්ගේ අස්වැන්න සහ වගාවන්ද ඇතුළත්ය.” මේ නිසාවෙන්ම ලාංකේය ගැමි සමාජයන්හී වෙනත් කිසිදු දේවතාවක් පිදීම අරමුණු කොට ගත් දේවාලයන්ට වඩා පත්තිනි දේවිය නමස්කාරය උදෙසා දේවාලයන් ඉදිව තිබේ. මෙරට ගැමියා සාමය, නිරෝගී සම්පත්තිය ආදිය ප‍්‍රාර්ථනා කරන අතරම දෙයියන්ගේ ලෙඩ ආදියෙන් තමන්ව ආරක්‍ෂා කර දෙන ලෙසද පත්තිනියට කන්නලව් කරති. විශේෂයෙන්ම කෝට්ටේ යුගයෙන් අනතුරුව මෙවැනි ස්වභාවයක් ලාංකේය සමාජයෙහි වර්ධනය වන ආකාරය හ`දුනාගත හැකිය. පත්තිනිය දේශීය බෞද්ධ දෙවඟනක් වශයෙන් මෙරට සමාජ ක‍්‍රමයෙහි තහවුරු වන්නේ මෙම අවධියෙන් අනතුරුව වීම ඊට ප‍්‍රධානතම හේතුවක් වූ බව පෙනේ. සිංහල බෞද්ධයා විසින් වාර්ෂිකව පවත්වනු ලබන පූජෝත්සවයන් අතුරින් ප‍්‍රධානතම උත්සවයක් වශයෙන් දළඳා පූජෝත්සවය දැක්විය හැකිය. මෙම පූජෝත්සවයට සම්බන්ධ ප‍්‍රධානතම දෙවඟනක් වශයෙන්ද පත්තිනිය නිරූපණය වේ. ”ගජබා රජු පත්තිනි දේවියගේ රන් සලඹ රැුගෙන විජයශ‍්‍රියෙන් පෙරළා පැමිණිම සිහි කිරීමටත් පත්තිනි දේවියට පූජෝපහාර වශයෙනුත් ඇසළ මාසයේදී ගජබා රජු විසින්ම පවත්වනු ලැබූ උත්සවය පසු කාලයේදී දළ\ පෙරහැර බවට පත්විණැයිද මතයක් පවතී.” ‘එදාහෙළදිව’ ග‍්‍රන්ථය රචනා කළ රොබට් නොක්ස් පවා එම කෘතියෙහි සඳහන් කොට ඇත්තේ දළ\ පෙරහැර පැවැත්වීමේ එක් අරමුණක් වූයේ පත්තිනියට නමස්කාර උදෙසා බවයි. ”පත්තිනි හෑල්ලෙහි සඳහන් වන ආකාරයට පත්තිනිය සශ‍්‍රීකත්වයට, වර්ෂාවට අධීපති දේවතාවිය බැවින් ඇසළ මාසයේදී පෙරහැර පැවැත්වීම සිදු කොට තිබේ.” විශේෂයෙන්ම කෝකිල සංඳේශය වැනි සාහිත්‍ය මූලාශ‍්‍රයන්හී සඳහන් වන ආකාරයට ගජබා රාජ්‍ය සමයෙහදී පත්තිනි දේවියට නමස්කාර කිරීම පිණිස දෙවොලක් ඉදිකොට පුද පූජාදිය සිදු කොට තිබේ. එසේම පත්තිනියට පුෂ්පෝහාර දැකිවීමට මහත්වූ පෙරහැර ආදියද පැවැත්වීමද මෙකල සිදු වූ බව මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන්නවුන්ගේ මතය වේ. වර්තමානයෙහි වුවද දළ\ මාළිගාවෙහි කෙරෙන සෑම පූජෝත්සවයකදීම පත්තිනියද සිහිපත් කෙරේ. දළ\ මාළිගා පරිශ‍්‍රයෙහි පත්තිනිය උදෙසා දෙවොලක්ද ඉදිකොට තිබේ. එපමණක් නොව මහනුවර දළ\ පෙරහැරෙහි පත්තිනි දේවාලයෙහි පෙරහැරටද අවස්ථාව සලසා තිබේ. මේ නිසාවෙන් බෞද්ධ සංකල්පයන්ට සමගාමී ස්වාභාවයක් මෙම උතුම් කාරයයේදී සිංහලයා විසින් පත්තිනියට ලබාදී තිබේ. ලාංකාවෙහි කුමන හෝ ස්ථානයක පවත්වනු ලබන සෑම බෞද්ධ පෙරහැරක් අවසානයෙහිම පවත්වනු ලබන චාරිත‍්‍රයක් වශයෙන් දිය කැපීමේ චාරිත‍්‍රය ඈත අතීතයෙහි පටන්ම පැවැති බවට නොයෙක් සාධකයන් ආශ‍්‍රයෙන් පැහැදිලි වේ. මෙය බෞද්ධ චාරිත‍්‍රයන් අතරෙහි උසස්ම ස්ථානයක් හිමිකර ගන්නාවූ චාරිත‍්‍රයකි. නමුත් මෙම චාරිත‍්‍රයටද පත්තිනි දේවිය හා සම්බන්ධ කතා පුවතක් සිංහල සමාජයෙන් නිර්මාණය වී තිබේ. ”සෑම පෙරහැරකම පාහේ පවත්වනු ලබන දිය කැපීම පත්තිනි පෙරහැරට ආවේණික වූවකි. ගජබා රජු මුහුඳ දෙබෑකර (දිය කපා* ඉන්දියාවට ගිය ගමන අනුස්මරණය කිරීමේ සංඛේතයක් වශයෙන් මෙය සැලකේ.” මෙම අදහස සෑම මතවාදයක් තුළින්ම අනුමත නොකරන්නක් වුවද මෙවැනි මතවාද ගොඩ නැංවීම තුළින් පත්තිනියට යම් ගෞරවයක් එක් කිරීම සිංහල බෞද්ධයාගේ අරමුණක් වූ බව පෙනේ. පත්තිනිය යනු සිංහල බෞද්ධ ජන සමාජයට අනුව සශ‍්‍රීකත්වයට අධිපති දෙවඟනයි. නමුත් භාරතීය පත්තිනි දේව සංකල්පයෙහි මේ ආකාරයට පත්තිනිය තුළින් සශ‍්‍රිකත්වය අරමුණු කළ බවට සාධක මුණ නොගැසේ. හින්දු දේව සංකල්පයට අනුව පත්තිනිය යනු ස්වාමියා අහිමි දරුවන් නොමැති ස්ත‍්‍රියකි. ඇයගේ චරිතයෙන් ප‍්‍රකට වූයේ පතිව‍්‍රතා ගුණාංගයයි. විශේෂයෙන්ම සිංහල ජන සමාජයෙහි ස්වාමියා මළ ස්ත‍්‍රිය යහපත් තැනැත්තියක් වශයෙන් පිළි ගැනෙන්නේ නැත. එසේ වුවද පත්තිනිය පතිව‍්‍රතාවට අධිපති දෙවඟනට වඩා සශ‍්‍රීකත්වයේ සංඛේතයක් ලෙස සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිරූපණය වීම එක්තරා ආකාරයකට ගැටලූ සහගතය. පත්තිනිය සශ‍්‍රීකත්වයේ සංඛේතයක් වශයෙන් සිංහල ජන සංස්කෘතියෙහි යෙදෙන අවස්ථාවක් වශයෙන් කුඹුරු අස්වනු නෙළා ගැනීමෙන් අනරුව පවත්වනු ලබන සොකරි නාටකය දැක්විය හැකිය. ”සොකරි නාටකය විනෝදාර්ථයත්, සශ‍්‍රීකත්වයත්, ආගමික සම්බන්ධතාවත් එක්තැන් කර සකසා ගත්තක් බව පෙනේ. ගැමියන් විසින් මෙම නාටකය පත්තිනි ඇදහිලිවලටත් කතරගම දෙවියන් පිළිබඳ ඇදහිලිවලටත් සම්බන්ධ කර තිබේ.” සොකරි නාටකයෙහි එන සොකරිය භාරතයේ සිට ලංකාවට සංක‍්‍රමණය වුණු දරුවන් නොමැති කාන්තාවකි. කෙසේ නමුත් මෙහිදී සොකරිට දරු සම්පත් ලැබීම තුළින් සශ‍්‍රීකත්වය සංඛේතවත් කොට තිබේ. ”සොකරිට දාරකෝත්පත්තිය සුවසේ සිදු වේවායි මෙහිදී යදිනු ලබන්නේ පත්තිනි දෙවියන්ටය. එසේම දරුවා ලැබීමෙන් පසුව පත්තිනි පූජාවක්ද පවත්වනු ලැබේ.” කෙසේ නමුත් පත්තිනිය මේ ආකාරයට සශ‍්‍රිකත්වයේ සංඛේතයක් වශයෙන් යොදා ගැනීමට හේතු වූ කාරණා අතර සාධාරණිය හේතු නොමැති වුවත් පත්තිනියට තිබුණු අප‍්‍රමාණ ගෞරවය පිළිබිඹු කරන බව පෙනේ. ලංකේය සමාජයට පත්තිනි සංකල්පය පැමිණි කාලය පිළිබඳව නිශ්චිතව නිගමනය කිරීමේ හැකියාවක් නොමැත. එසේ වුවද පත්තිනි සංකල්පය ලංකාවෙහි ව්‍යාප්ත වන්නේ බෞද්ධ මුහුණුවරකින්ය යන්න නිගමනය කළ හැක්කේ නූතනය වන විටද එහි බෞද්ධ මුහුණුවර ඒ ආකාරයෙන්ම තහවුරුව පවතින නිසාවෙනි. ලාංකේය සිංහල බෞද්ධයාට පත්තිනිය දෙවඟනකටත් වඩා බෞද්ධ සංකල්පයකි. භාරතයෙහි පවා පත්තිනි සංකල්පය මෙතරම් ගෞරවාදරයට පාත‍්‍ර වූයේද, පාත‍්‍ර වන්නේද යන්න ගැටලූවකි. විශේෂයෙන්ම ලංකාවෙහි බාහිර සංස්කෘති නියෝජනය කරමින් දායාද වුණු කෙතරම් දේව සංකල්පයන් තිබුණද එම සෑම දේව සංකලපයකටම මෙතරම් දේශීයත්වයක් ආරෝපණය වූයේ නැත. එසේම ලාංකේය සංස්කෘතියෙහි සර්ව ව්‍යාපී ගුණයකින් පෙනී සිටීමේ අවකාශය උදා වූයේ නැත. ආරම්භයෙහි පටන්ම බෞද්ධ මුහුණුවරක් මීට එක් වීම මෙන්ම, රාජ්‍ය අනුග‍්‍රහයෙන් ලාංකේය සමාජයට පිවිසි සංකල්පයක් වීමත් වැනි හේතු සාධක පත්තිනි දේව සංකල්පය මුල් ස්වරූපයට හාත්පස වෙනස් ස්වරූපයකින් ලාංකේය සිංහල බෞද්ධ ජන සමාජයෙහි තහවුරු වීමට අවශ්‍ය පරිසරය සකස් කළ ආකාරය පත්තිනි ඇදහිල්ල වනාහී සිංහල බෞද්ධයාට ඍණිත සංස්කෘතිකමය කාරණාවකි. එසේ වුවද නූතනය වන විට එහි ඍණිත ස්වරූපය සම්පූර්ණයෙන්ම පාහේ මග හැරී දේශිය ස්වරූපයක් ගෙන තිබේ. පෙර සඳහන් කළාක් මෙන්ම මෙම ස්වභාවය ලාංකේය දේව සංකල්පය සම්බන්ධයෙන් පොදු තත්ත්වයක් නිරූපණය කිරීමකි. ඉන්දියානු සාගරය තරණය කරමින් ලක්දිවට පැමිණි ඕනෑම සමාජ තත්ත්වයකට, සංස්කෘතිකමය කාරණාවකට භාරතීය ස්වරූපයෙන් මෙම සමාජ ක‍්‍රමයෙහි තහවුරු වීමට අවකාශ උදා වූයේ නැත. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය එකල ප‍්‍රබලව ලාංකේය සමාජයෙහි තහවුරුව පැවැති නිසාවෙනි. නමුත් බොහෝ භාරතීය සංස්කෘතිකාංගයන් සිංහල බෞද්ධ සංස්කෘතියට ප‍්‍රවිෂ්ටව තිබේ. ඒ පූර්ණ වශයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත ස්වරූපයකිනි. පත්තිනි දෙව්යන් අදහන ලාංකිකයාට පත්තිනිය යනු භාරතීය හින්දු දෙවඟනක් වශයෙන් නොදැනෙන්නේ එම සාධකය නිසාවෙනි. ලාංකිකයාට ඇය සිංහල බෞද්ධ සංස්කෘතියේ ප‍්‍රතිමූර්තයකි. කෙතරම් දෙවිදේවතාවන් ඇදහූවද ප‍්‍රාදේශීය භේදාදිය නොමැතිව පත්තිනිය ලංකාවෙහි සෑම ප‍්‍රදේශයකම ව්‍යාපත්තව ඇත්තේ, ඇයව පූජනීයත්වයෙහිලා සලකන්නේ ඇයගේ හින්දු ස්වරූපය මඟහැරී බෞද්ධ මුහුණුවරකින් ලාංකේය සමාජයට ප‍්‍රවිෂ්ට වූ නිසාවෙනි. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍ර කෝකිල සංෙ`ද්ශය, (සංස්,* රැු. තෙන්නකෝන්, කොළඹ: ශ‍්‍රී ලංකා ප‍්‍රකාශන සමාගම, 1962. ද්විතීයක මූලාශ‍්‍ර අස්සජි හිමි, තල්පේ, ජනකවිය දෙවියෝ සහ යක්‍ෂයෝ, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1998. ධර්මදාස, කේ. එන්. ඕ, සිංහල දේව පුරාණය, පාදුක්ක: රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව, 1994. සෙනෙවිරත්න, අනුරාධ, ලක්දිව බුදු සසුන හා සිංහල සංස්කෘතිය, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2003. සේනාරත්න, පී. ඇම්, ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික දායාද, කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1995. ශාස්ත‍්‍රීය සඟරා අභිනන්දිකා, (සංස්.*, මුදිහන්සේ දිසානායක, ‘කිරිඅමිමා සංකල්පය සහ පත්තිනි ඇදහිල්ල’, උදයසිරි විදානපතිරණ, ’ කොළඹ: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006. ඉ`දුවර, (සංස්.*, දයා අමරසේකර, ‘පත්තිනි ඇදහිල්ල, ලක්ෂ්මී වන්දනය, සමාජ අගයන් සහ පුද්ගල අපේක්‍ෂා පිළිබ`ද පිළිඹිබුව,’ දයා අමරසේකර, වරකාපොල: ආර්ය ප‍්‍රකාශන, 2004. සම්භාෂා - 11 කලාපය, (සංස්,*, පී, ඞී රත්නපාල, ‘පත්තිනි ඇදහීම ලක්දිව තුළ ව්‍යාප්ත වුණු ආකාරය,’ තුසිත රණසිංහ, කොළඹ: අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාව, 2000.