Thursday, December 12, 2013
තොතමීය යුගය හා බහුපුරුෂ සේවනය
තොතමීය යුගය හා බහුපුරුෂ සේවනය
ජනශ‍්‍රැතිය යනු මිනිසා විසින් හුදෙක් වින්දනය උදෙසාම නිර්මාණය කරගත් අර්ථ ශූන්‍ය දෙයක් නොවේ. ජනශ‍්‍රැති අධ්‍යයනය එක් අයුරකින් මිනිසා වින්දනයක් කරා රැුගෙන යන අතර අනෙක් පසින් ඔවුන්ගේ බුද්ධියද වර්ධනය කරයි. එසේම පුරාණ ජනයාගේ ඇවතුම්-පැවතුම් පිළිබ`ද මනා අවබෝධයක් ලබාගැනීම පිණිසද ජනශ‍්‍රැති අධ්‍යයනය බෙහෙවින් ඉවහල් වේ. ආදී මානවයාගේ ක‍්‍රියා කලාපයන්, ඔවුන් ජීවන තතු දැනගනු වස් ජනශ‍්‍රැතිය බෙහෙවින්ම ඉවහල් වේ. සමහර විට ඉතිහාසය පිළිබ`ද නිරවුල් අවබෝධයක් ලබාගැනීමටද ජනශ‍්‍රැතිය අත්‍යවශ්‍යය. සෑම ජාතියකම පාහේ ඉතිහාසය ජනශ‍්‍රැතිය හා බැ`දී පවතී. මෙහිදී අපගේ අවධානය යොමු වන්නෙක් හුදෙක් ජනශ‍්‍රැති අධ්‍යයනය උදෙසා පමණක් නොව, ජනශ‍්‍රැතියට අදාළ කතාවස්තු දෙකක් ඇසුරින් පුරාණ සමාජයෙහි පැවති බහුපුරුෂ සේවනය හා සම්බන්ධ කොට එම කතාවස්තු දෙකෙහි සමානත්වය තොතමීය යුගයෙහි ලක්‍ෂණත් සම`ග සම්මිශ‍්‍රණය කොට විග‍්‍රහ කිරීමටය.
එහිදී ප‍්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු වනුයේ සිංහබාහු පුරාණොක්තිය කෙරෙහිය. සිංහල ජාතියේද ආරම්භය පිළිබ`ද සාදෘශ්‍යත්වයක් සිංහබාහු පුරාණොක්තිය සම`ග බැ`දී පවතී. එහි යම් අයුරකින් බහුපුරුෂ සේවනය පිළිබ`ද තොරතුරු අන්තරීකරණය කොට ඇත. ප‍්‍රථමයෙන්ම තත් කාරණය පිළිබ`ද විමර්ශනයට මත්තෙන් සිංහබාහු පුරාණෝක්තිය සංක්‍ෂේපයෙන් ඉදිරිපත් කොට ඇත.
තදනන්තරව අපගේ අවධානය යොමු වනුයේ ජාතක පොත් වහන්සේ කෙරෙහිය. එහිදීද ජාතක පොතේ එන කතාවස්තු අතරින් පදමානවක ජාතකය කෙරෙහි අපගේ අවධානය යොමු වේ. පා පියවර අනුව පුද්ගලයෙකු හ`දුනාගැනීමට ශක්‍යතාවකින් හෙබි පුද්ගලයෙකු වටා ගෙතුණු කතාවක් වූ බැවින් මෙය උක්ත නාමයෙන් යුක්ත විය. එහිදී යම් අයුරකින් බහුපුරුෂ සේවනය පිළිබ`ද තොරතුරු අන්තර්ගත වේ.
තදනන්තරව බහුපුරුෂ සේවනය හා තොතමීය යුගය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරේ. තත් යුගයෙහිදී බහුපුරුෂ සේවනයේ යෙදුණු අයුරු ගෝත‍්‍රික සමාජයෙහි තොරතුරු ආශ‍්‍රයෙන් අවබෝධ කරගත හැකිය. එහෙත් මෙහිදී අපගේ අවධානය යොමුවනුයේ යථෝක්ත ස`දහන් කරන ලද සිංහබාහු පුරාණොක්තිය හා පදමානවක ජාතකය ආශ‍්‍රයෙන් බහුපුරුෂ සේවනය පිළිබ`දව තොතමීය යුගයෙහි ලක්‍ෂණ ඇසුරින් විග‍්‍රහ කිරීමටය. එය සිව්වෙනි අදියර ලෙස මෙහිදී සාකච්ඡුා කෙරේ.
පදමානවක ජාතකය
යම් පුද්ගලයෙකුගේ පාදලාංඡුනය අනුව හ`දුනාගැනීමට හැකි වූ පුද්ගලයෙකු සම්බන්ධ ජාතක කථාවක් වූ බැවින් මෙය පදමානවක ජාතකය නම් වේ. පන්සිය පනස් ජාතක පොත් වහන්සේගේ එන හාරසිය දහනව වන (419* ජාතකය ‘‘පදමානවක ජාතකය’’ නම් වේ. බොහෝ ජාතක කථාවන් මෙන් පදමානවක ජාතකයද බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි සිටය. ජාතක පොතට අනුව එහි සාරාංශය මෙසේය.
සැවැත්නුවර සිටාණන් කෙනෙකුගේ පුතණුවෙක් සත්අවුරුද්දක් ගිය පුද්ගලයෙකුගේ වුවද පාදලාංඡුනය බලා මෙය අසවලාගේ පාදලාංඡුනය යැයි හ`දුනාගැනීම ඤාණයකින් යුක්ත වූහ. මේ නිසාම ඔහු ‘පදමානවක’ යන නමින් ප‍්‍රකට විය. දිනක් ඔහුගේ පියා ඔහුට හොරෙන් බුදුරජාණන් වහන්සේ මුණගැසීමට දෙවිරම් වෙහෙරට ගියේය. සිය පියාගේ පා අනුව පදමානවකද දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගේ සමීපයෙහි සිටියේය. පසුව පදමානවකගේ පියා ස්වකීය පුත‍්‍රයා ඕනෑම පුද්ගලයෙකුගේ පාදලාංඡුනය අනුව ඔහුව හ`දුනාගැනීමට හැකි ඤාණයකින් හෙබි බව දැනුම් දුන්නේය. මෙම කාරණය පදනම් කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් පදමානවක ජාතකය දේශනා කොට වදාළ සේක.
අතීතයේ බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජු රාජ්‍ය කරන සමයෙහි ඔහුගේ බිසව අනාචාරයෙහි යෙදුණාය. මේ පිළිබ`දව රජු විමසූ විට, ‘මම එසේ නොකරමි. එසේ කරන්නේ නම් ඊළ`ග ආත්මයෙහි අස්මුහුණක් සහිතව යක්‍ෂණියක්ව උපදිම්වා’යි ශපථ කළාය. ඇය මරණින් මතු එසේම වනාන්තරයක මනීකන යක්‍ෂණියක නියායෙන් උපන්නාය. එක්දවසක් බමුණෙක් ස්වකීය පිරිස සම`ග ඇය සිටි ගුහාව සමීපයෙන් ගමනක් යන විට ඇය ඔහු ගෙන ගුහාවෙහි තබා ගනිමින් ඔහු සම`ග සංවාසයෙහි යෙදුණි. පසුව ඇගේ කුසේ බෝධිමසත්ත්වයෝ පිළිසි`ද ගත්හ. දරුවා උපන් පසුත් යක්‍ෂණිය බමුණා සහ බෝධිසත්ත්වයෝ ගුහාවෙහි දමා ගල්දොරකින් වසා කෑම සොයා ඒමට යයි. ඇය යක්‍ෂණියක් බව දැනගත් බෝධිසත්ත්වයෝ තෙවතාවක්ම ගල්ගුහාවෙන් පැනයාමට උත්සහ කළද එය ව්‍යර්ථ විය. පසුව යක්‍ෂණියගෙන්ම ඇගේ සීමා මායිම අසා සිව්වෙනි වර ඇය ගුහාවෙන් පිටතට ගිය පසු ඔවුන්ට ඇගේ ග‍්‍රහණයෙන් මි`දීමට හැකි විය. පසුව ඇය ඔවුන් සොයා ඇගේ මායිමට ආවද නැවත ඔවුන් තමන්ගේ සමීපයට නොඑන බව දැනගත්තාය. එසේ දැනගත් ඇය ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය ශිල්පශාස්ත‍්‍ර නූගත් බැවින් සොරකම් කොට දොළොස් අවුරුද්දක් ගියද පාදලාංඡුනය අනුව සොරා අල්ලාගත හැකි ශාස්ත‍්‍රය කියා දුන්නාය. පසුව ඔවුන් එතෙනින් නික්ම ගිය පසු ඇය ස්වකීය දෑතින් ළයට ගසා ගත්තාය. ස්වාමියාගෙන් හා දරුවාගෙන් වියෝවීමට නොහැකි වූ ඇය ළය පැළී මරණයට පත් වූවාය.
පසුව ඔවුන් බරණැස් රජතුමා සමීපයට අවුත් පාදලාංඡුනයෙන් සොරුන් ඇල්ලීමට හැකි බව දන්වා ඒ අනුසාරයෙන් රාජ්‍ය සේවයට බැ`දුණි. දවසක් රජු හා පුරෝහිතයා ඔහුගේ නුවනේ සත්‍යය දැනගැනීමට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් භාණ්ඩ සොරකම් කළහ. අනතුරුව ඔහු සොරකම් කළ භාණ්ඩ පාදලාංඡුනය අනුව ගොස් සොයා දුන්නේය. එහෙත් සොරුන් කවුරුන්ද යනවග නොකීවේය. එහෙත්
රජතුමා සොරුන්ගේ නම් හෙළි කරන ලෙස පදමානවකට කියම කළේය. ඔහු විවිධ උපැහරණ ම`ගින් සොරුන්ගේ නම් හෙළි නොකිරීමට දැඩි ප‍්‍රයත්නයක් දැරුවේය. එහෙත් සොරුන්ගේ නම් නොකියන්නේ නම් පදමානවකයා සොරා වන බව රජතුමා කියා සිටියේය. ඒ අනුව පදමානවක රජුගේ බලකිරීම නිසා සොරුන්ගේ නම් හෙළි කළේය. රාජභාණ්ඩාගාරයෙහි භාණ්ඩ රජතුමා හා පුරෝහිතයා සොරකම් කොට ජනතාව ඒ ස`දහා පාවාදීමට උත්සාහ කරන බව ඔහු කියා සිටියේය. මෙයින් කෝපයට පත් ජනතාව රජතුමාට හා පුරෝහිතයාට පහර දී මරණයට පත් කළහ.
සිංහබාහු පුරාණොක්තිය
සිංහබාහු පුරාණොක්තිය අපට ප‍්‍රථමයෙන්ම හමු වනුයේ මහාවංශයෙනි. මහාවංශයේ සවැනි පිරිසිෙ`දහිදී මේ කතා පුවත සවිස්තරාත්මකව දක්වා ඇත. මහාවංශයට අනුව එහි සාරාංශය මෙසේය.
අතීතයේ වගුරට වගු නම් රජෙක් රාජ්‍ය කළේය. ඔහුගේ බිසව කලි`ගු රට රජ දියණියකි. මොවුන් දෙදෙනාට දාව උපන් දියණිය සුප්පා නම් වූවාය. ඇය ඉතාමත් රූමත් දියණියක් වූවාය. නිමිත්ත පාඨකයන්ට අනුව ඇය වැඩිවියට පැමිණි පසු සිංහයෙකු සම`ග සංවාසයෙහි යෙදේ. මේ කාරණය ඇසූ දෙමව්පියෝ ඇය නිවසේ සිරකරගෙන පෝෂණය කළහ. මේ හේතුවෙන් තරුණ වියේදී ඇය ස්වකීය මාලිගාවෙන් පැන යයි. අප‍්‍රසිද්ධ වේශයෙන් යන ඇය මගධ රට බලා යන වෙළ`ද සමූහයාට එක්වූවාය. ලාට රට වනයේදී සිංහයෙක් පැන ඇගේ රූප සම්පත්තියට වස`ගව ඇය තමාගේ ගුහාවට ගෙන ගියේය. සිංහයා තමන් මස්මාංශ භුක්ති වි`දිමින් සුප්පවාසාවට පලවැල ගෙනත් දෙමින් ඇය පෝෂණය කළේය.
මෙසේ කල්ගතකරන ඔවුන්ගේ සංවාසයෙන් පිරිමි හා ගැහැණු වශයෙන් නිවුන් දරු උපතක් සිදු විය. පුත‍්‍රයා වැඩිමහළු විය. ඔහුගේ අත්පා සිංහයාගේ මෙන් වූ නිසා ඔහු සිංහබාහු ලෙස නම් කළේය. දුව සිංහසීවලී නම් වූවාය. සොළොස් වියට පත් සිංහබාහු පියාගේ හා මෑණියන්ගේ වෙනස දැනගෙන ඔවුන් සිරකර තැබූ ගල්ගුහාවෙහි දොරටුව ඇරගෙන ඔවූහු තිදෙනා සුප්පා දේවියගේ මාමා කෙනෙකුගේ පුතෙක් වන සේනාධිපතියකුගේ නිවසේ විසූහ. ස්වකීය මාමාගේ දියණිය බව දැනගත් ඔහු සුප්පා දේවිය විවාහ කරගත්තේය.
ආහාර සෙවීමට ගොස් සිංහයා ආපසු ගුහාවට එන විට ඔවුන් එහි නොසිටි බව දැනගෙන ගම් දනව් විනාශ කරමින් ඔවුන් සෙවුවේය. පසුව දනව් වාසීන් රජුට මේ පුවත දැන්වූ විට රජතුමා සිංහයා අල්ලා දෙන පුද්ගලයාට තෑගි දෙන බවට අණබෙර ගැස්වීය. මෙය ඇසූ සිංහබාහු දෙවතාවක්ම සිංහයා මැරීම ස`දහා යාමට උත්සහ කළද සුප්පා දේවිය විසින් එය වළක්වන ලදි. එහෙත් ඔහු තෙවැනි වර සුප්පා දේවියටද හොරෙන් සිංහයා වූ ස්වකීය පියාණන් අල්ලා ගැනීම ස`දහා නික්ම ගියේය.
ඔහු දුනුහී රැුගෙන සිංහයා සමීපයට ගොස් ඊතලවලින් විද සිංහයා මැරීමට උත්සහ කළද සිංහයා තුළ වූ පුත‍්‍ර ස්නේහ නිසා ඊතල වැදී ඌ මරණයට පත් නොවූවේය. මෙසේ තෙවතාවක්ම ඔහුගේ උත්සහය ව්‍යර්ථ විය. එහෙත් සිව්වෙනි වර සිංහයා කෝප වූ බැවින් ඊ පහරවැදී මරණයට පත් විය. පසුව සිංහබාහු සිංහයාගේ හිසත් රැුගෙන වගු රටට ආවේය. එහෙත් ඒ වන විට රජු මරණයට පත්ව දින හතක් ඉක්ම ගොස් තිබුණි.
ඒ වන විට රාජ්‍යය භාරගැනීම ස`දහා වගු රජුට පුතෙකු නොසිටි බැවින් සිංහබාහු වගු රජුගේ දියණියගේ පුත‍්‍රයා බැවින් ඔහුට රාජ්‍යය භාරගන්නා ලෙස ඇමතියෝ ඉල්ලා සිටියහ. ඇමතිවරුන්ගේ ආරධනය භාරගත් සිංහබාහු රාජ්‍යය භාරගෙන එය ස්වකීය මැණියන්ගේ වල්ලභයා වූ සේනාධිපතිට භාර දුන්නේය. සිංහබාහු සිංහසීවලී විවාහ කරගෙන ඔවුන් මුලින් වාසය කළ වනයට ගොස් එහි නුවරක් නිර්මාණය කොට එය ‘සිංහපුරය’ යැයි නම් කොට එහි ඔවූහු වාසය කළහ .
මෙම කතාපුවත පසුකාලීනව කිරම ධම්මානන්ද හිමියන්ට ‘‘සියබස්මල්දම’’ රචනා කිරීමටද පාදක විය. පිලිප්පු සිඤ්ඤෝ නමැති නාඩගම්කරු ‘සිංහවල්ලී’ නම් නාඩගම නිෂ්පාදනය කරනු ලබන්නේද මෙම පුරාණෝක්තිය ඇසුරු කරමිනි. එමතුද නොව, මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් ‘‘සිංහබාහු’’ නාට්‍යය නිර්මාණය කරනුයේද උක්ත සිංහබාහු පුරාණොක්තිය ඇසුරිනි.
මානව වංශකතාව දෙස අවධානය යොමු කරන විල්හෙල්ම් වුන්ඞ් විසින් එය යුග හතරක් ඔස්සේ සාකච්ඡුාවට බ`දුන් කරයි. එනම්,
1ග ප‍්‍රාථමික යුගය
2ග තොටමීය යුගය
3ග වීර සහ දේව යුගය
4ග මානවීය යුගය
වශයෙනි . මෙහිදී තොටමීය යුගය අපගේ නිබන්ධය හා වැදගත් වන බැවින් තත් යුගයේ පැවති ලක්‍ෂණ කෙරෙහි අවධානය යොමු කෙරේ. තොටමීය යන්න ‘‘ඔදඑැපසිප’’ යන්නෙන් බි`දී ආවකි. මේ සංකල්පය ප‍්‍රංශ ජාතික ෑපසක ෘමරනයසැප විසින් ආගමික සංකල්ප ආශ‍්‍රයෙන් විග‍්‍රහ කොට ඇත. මේ ස`දහා ඔහුට පාදක වී ඇත්තේ ඕස්යෙට්‍්‍රලියානු ආදිවාසීන් සම්බන්ධයෙන් ඔහු කළ පරීක්‍ෂණයකි. එම වාර්තාවට අනුව ඔහු ඉදිරිපත් කරන ලද ‘‘ආගමික චිහ්නවාදය’’ නමැති සංකල්පයක් ඔස්සේ මෙය විකාශනය වී ඇත. ඒ අනුව මෙම යුගයෙහි පැවති ප‍්‍රධාන සංකල්පයක් නම් ආගමික චිහ්නයයි.
තොටතමීය යුගයේ පැවති තවත් ලක්‍ෂණයක් නම් බහුභාර්යා සේවනය (ඡුදකහටහබහ* හා බහුපුරුෂ සේවනය (චදකහ්බාරහ*යි. බහුභර්යා හා බහුපුරුෂ සේවනය ස`දහා ප‍්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ගෝත‍්‍රිකයන් අතර සිදු වූ ආක‍්‍රමණයි. එහිදී බලවත් ගෝත‍්‍රයට යටත් වන අනෙක් ගෝත‍්‍රය ඔවුන් බහුපුරුෂ සේවනයට හා බහුභාර්යා සේවනයට නතු වන්නේ නිරායාසයෙන්මය. ඇතැම් විට පිරිසක් නොවූවත් බලවත් එක් පුරුෂයෙකුගේ ආක‍්‍රමණයන්ට යටත් වූ අවස්ථා ඇත.
එසේම යම් යම් සලකුණුවලට වන්දනාමාන කිරීමද යම් යම් සලකුණු විශේෂ මතකයන් සේ ලබාගැනීමද මෙම යුගයෙහිදී සිදු වී ඇත. සිංහල ජාතියේ ආරම්භයද සිංහයා යන සංකේතය හා සබැ`දී තිබේ. පැලෑටියක් හෝ සත්ත්වයෙන් තෝටමය කරගැනීම ආගම විකාශනය වීමේ එක් සංකේතාත්මක ලක්‍ෂණයකි.
‘‘මිනිසා ජීවත් වූයේ සමූහ හැටියටය. සමූහ පාලනය වූයේ ශක්තිමත් පිරිමියෙකු විසිනි. මේ පිරිමියා සමූහයේ ඉන්නා ස්ත‍්‍රීන් සියලූ දෙනාම තම වස`ගයට ගත්තේය. තම පුත්තුද ගැටවර වයසය එනවිට සමූහයෙන් එළවා ගත්තේය. පුත්තු එක්ව පියා මරණයට පත්කළහ. ඒ වරද මකන්නට පියා තෝතමයක් කළ ඔවූහු එයට සංකේතාත්මකව පුදපූජා කළහ. තෝතමය (සත්ත්වයෙක් සංකේත හෝ පාලෑටියක්* නම් උගේ මස් හෝ පැලෑටිය අනුභව කිරීම තහනම්ය. අවුරුද්දකට වරක් පමණක් පුදපූජා පවත්වා තෝතමය (ඔදඑැරප* අනුභව කොට ඒ ම`ගින් පියාගේ මරණය යළිත් සංකේතාත්මකව පෙන්වූහ. මේ ආගම තෝතමය මුල්කොට ඉදිරියට ආ සැටියි.’’
මේ අනුව සලකා බලන කල්හි එක් ශක්තිමත් පුද්ගලයෙකු විසින් පමණක් ස්ත‍්‍රී සමූහයා පාලනය උදෙසා කටයුතු කිරීමේදී එයට විරුද්ධ වූ පුතුන් විසින් ඔහුව මරණයට පත් කොට පසුව සංකේතයක් ඇසුරින් වන්දනා කිරීමට පෙළඹුණු බව ගම්‍යමාන වන කාරණයකි. එසේම ස්වකීය ශරීරාංග පාට කරගැනීම, විවිධ වේශයන් මවා ගැනීමද තොටමීය යුගයෙහි ලක්‍ෂණයන්ය. සිංහබාහු පුරාණෝක්තියට අනුව සුප්පා දේවිය මාලිගයෙන් පැන යන්නේ එසේ වෙස් මාරු කරගෙනය. මේ අනුව බලන විට විල්හෙල්ම් වුන්ඞ් විසින් පෙන්වා දෙන ලද තොටමීය යුගය බහුභාර්යා සේවනය මෙන්ම බහුපුරුෂ සේවනය යන ධාරණාව ඔස්සේද වැදගත් වන යුගයක් ලෙස සැලකිය හැකිය.
බහුපුරුෂ සේවනය පදමානවක ජාතකය හා සිංහබාහු පුරාණෝක්තිය ඇසුරින්
සිංහබාහු පුරාණෝක්තිය හා පදමානවක ජාතකය යන වෘත්තාන්ත දෙකම ඇතැම් සිද්ධි අනුව එකිනෙකට ප‍්‍රතිවිරෝධී මෙන්ම සමහර කරුණු අනුව සාම්‍යය ස්වරූපයකින්ද නිර්මාණය වූ පුරාවෘත්තයන්ය. මෙම පුරාණොක්ති දෙකෙහිම බහුපුරුෂ සේවනය දක්නට ලැබේ. පදමානවක ජාතක කතාවට අනුව බ‍්‍රහ්මදත්ත රජතුමාගේ භාර්යාව අනාචාරයෙහි යෙදේ. ඇය ස්වකීය ස්වාමි පුරුෂයා වූ බ‍්‍රහ්මදත්ත රජතුමා සිටිද්දීම වෙනත් පුරුෂයෙකුගේ පහස වි`දී. එහෙත් රජතුමා ඇයගෙන් ඒ පිළිබ`දව විමසූ විට එබන්දක් නැති බවද තමා එසේ වරදක් කරන්නේ නම් අස්ව මුහුණක් සහිතව යක්‍ෂණියක්ව උපදීවා’යිද ශපථ කරයි . ඇය වරදකාරියක් වූ බැවින් අස්වමුහුණක් සහිතව උත්පත්තිය ලබයි. යක්‍ෂණියක් වූ ඇය පසුව බමුණෙක් සම`ගද සම්භෝග සුව වින්දනය කරයි. එහෙත් යක්‍ෂණිය මස්කෑම යනු ජාතක කතාකරු විසින් කතා රසය දිගටම පවත්වාගෙන යාමට උත්සහ ගැනීමක් හා එහිදී හුදෙක් මස් නොකන බවත් සංකේතාත්මකව ඇගේ අධික රාගය ප‍්‍රතිනිර්මාණය කරන බවත් සමහරු පෙන්වා දෙති.
සිංහබාහු පුරාණොක්තියට අනුව සුප්පා දේවිය එවැනි වරදක් නොකරයි. ඇය නිවසේ සිරකර සිටි නිසා ඉන් බේරීමට පලා යාමේදී සිංහයෙකුට හසු වේ. මේ නිසා ඇයට සිංහයා සම`ග සංවාසයෙහි යෙදීමට සිදු වේ. සිංහයාගේ රැුකවරණය යටතේ ඌ සම`ග සහවාසයෙහි යෙදෙමින් සිටින ඇයට පුතෙකු හා දියණියක වශයෙන් නිවුන් දරු උපතක් සිදු වේ. ඔවුන් අතරින් පුතා වැඩිමහල්ලා බවට පත් වේ. සිංහයෙකු සම`ග යුගදිවියක් ගතකරන සුප්පා බිසව සිංහයාගේ ග‍්‍රහණයෙන් මි`දී අවුත් ස්වකීය මාමා කෙනෙකුගේ පුත‍්‍රයෙක් වන සේනාධිපතියෙකු සම`ග විවාහ වෙයි. මේ අනුව පදමානවක ජාතකය හා සිංහබාහු පුරාණෝක්තිය යන වෘත්තාන්ත දෙකෙහිම යම් යම් සමානකම් හා සමාන චරිත දෘශ්‍යමාන වන බව අවබෝධ වේ.
පදමානවක ජාතකය සිංහබාහු පුරාණොක්තිය
බ‍්‍රහ්මදත්ත රජතුමා වගුරට රජතුමා
බ‍්‍රහ්මදත්ත රජුගේ බිසව සුප්පා දේවිය
යක්‍ෂණිය සිංහයා
බමුණා සේනාධිනායකයා
පදමානවක කුමාරයා සිංහබාහු හා සිංහසීවලී
පදමානවක ජාතකයේ බ‍්‍රහ්මදත්ත රජතුමාගේ භාර්යාව අනාචාරයෙහි යෙදීම නිසා ඇය අස්ව මුහුණක් සහිතව යක්‍ෂණියක්ව උපදී. සිංහබාහු පුරාණෝක්තියේදී වගුරජුගේ දියණිය වන සුප්පා දේවිය සිංහයකු සම`ග සංවාසයෙහි යෙදේ. මෙම පුරාණොක්ති දෙකෙහි දක්නට ලැබෙන ප‍්‍රතිවිරෝධතාව නම් පදමානවක ජාතකයේදී යක්‍ෂණිය බමුණෙකු පැහැරගෙන ගොස් ගල්ගුහාවෙහි තබා ඔහු සම`ග සංවාසයෙහි යෙදීම හා සිංහබාහු පුරාණෝක්තියේදී සිංහයා සුප්පා දේවිය පැහැරගෙන ගොස් ඇය සම`ග සංවාසයෙහි යෙදිමයි. පුරුෂයෙකු මෙන්ම ස්ත‍්‍රියකද පැහැර ගෙන ගිය බව මෙම කතා දෙක තුළින් ස්ඵුට වේ. ඒ අනුව සිංහයා මෙන්ම යක්‍ෂණියද සිදුකරනුයේ බලහත්කාරයෙන් පැහැරගෙන යාමයි. සිංහයා විසින් පැහැරගෙන යනු ලබන්නේ ස්ත‍්‍රියකි. එහෙත් පදමානවක ජාතකයට අනුව යක්‍ෂණිය පුරුෂයෙකු පැහැරගෙන යනු ලබයි. මෙම පුරාණෝක්ති දෙක එකිනෙකට විරුද්ධ වනුයේ එසේ ස්ත‍්‍රියක් හා පුරුෂයෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙනි.
තොතමීය යුගයෙහි ලක්‍ෂණයන්ට අනුව බහුභාර්ය (ඡුදකහටහබහ* මෙන්ම බහුපුරුෂ සේවනයද (චදකහ්බාරහ* දැකිය හැකිය. මෙම යුගයට අනුව තත් සංසිද්ධීන් උදෙසා ප‍්‍රබලව බලපාන ලද්දේ ගෝත‍්‍ර අතර සිදුවන ආක‍්‍රමණයි. අන්‍ය ගෝත‍්‍ර විසින් තවත් ගෝත‍්‍රයක් ආක‍්‍රමණය නිසා ආක‍්‍රමණයට යටත් වන ගෝත‍්‍රිකයන්ගේ මෙලෙස ලිංගික අතවරයන්ට යොමු වේ. සමහර විට ගෝත‍්‍ර අතර නොවූවත් බලවත් පුරුෂයන් විසින් දුර්වල පුරුෂයන් ආක‍්‍රමණය කරනු ලැබේ. පදමානවක ජාතකය හා සිංහබාහු පුරාණෝක්තිය යන දෙකෙහිම මෙලෙස බහුපුරුෂ සේවනයට ප‍්‍රධාන වශයෙන් බලපාන ලද්දේ ආක‍්‍රමණයන්ය. පදමානවක ජාතකයට අනුව යක්‍ෂණිය පිරිස සම`ග ගිය බමුණා ස්වකීය ග‍්‍රහණයට නතු කරගනී. එනම් පැහැදිලිවම ආක‍්‍රමණයක් සිදු වේ. ඇය මිනී කන යක්‍ෂණියක් වූ නිසා ඇය විසින් ඒකාන්තයෙන්ම බමුණා සම`ග ගිය පිරිස ඝාතනය කොට ඔහුව පැහැරගෙන යන්නට ඇත. සිංහබාහු පුරාණෝක්තියේදී මෙයට සාම්‍ය වූ දෙයක් සිදු වේ. මෙහිදී සිදුවන්යේ සිංහයා විසින් රූමත් සුප්පා දේවිය පැහැරගෙන යාමයි. මේ අනුව තොතමීය යුගයේ ලක්‍ෂණයක් වන ආක‍්‍රමණය නිසා අන්‍ය ගෝත‍්‍රිකයකට හෝ පිරිසකට යටත් වීමට සිදුවන කාර්යයට ඇයද නතු වේ. එහෙත් පදමානවක ජාතකයේ එන බරණැස් රජුගේ බිසව හැරෙන්නට එක් පුරුෂයෙකු සම`ග විවාහ වී සිටින විට තවත් පුද්ගලයෙකු සම`ග සංවාසයෙහි යෙදීම සම්බන්ධයෙන් තොරතුරු හමු නොවේ.
සිංහබාහු පුරාණොක්තියට අනුව සිංහයා වූ ස්වකීය පියා මරණයට පත් කිරීමෙන් වීරයකු බවට පත් වන සිංහබාහු කුමාරයා වෙනම නුවරක් ඉදිකොට එහිදී ස්වකීය නැ`ගණිය වූ සිංහසීවලී බිසව කරගෙන වාසය කරයි. මෙයද තොතමීය යුගයෙහි පැවති ලක්‍ෂණයකි. තොතමීය යුගය තුළ සහෝදර-සහෝදරියන් අතර ලිංගික සම්බන්ධතා සිදු වේ. කුඩා කාලයේම ස්ත‍්‍රී පක්‍ෂයෙන් දුරස්වන පිරිමින් වැඩිවියට පත්ව නොදැනුවත්කමින්ද ඇතැම් විට දැනුවත්කමින්ද මෙලෙස සම්බන්ධතා පවත්වා ගනී. එහි ප‍්‍රතිමූර්තියක් ලෙස සිංහබාහු පුරාණොක්තිය පෙන්වාදිය හැකිය.
මිනිසුන් හා සත්ත්වයන් අතර මිතුරුකම, මිනිස් හා සත්ත්ව සංවාසය, සත්ත්ව මිනිස් වේෂ නිරූපණය මෙන්ම මිනිස්-අමිනිස් සබ`දතාද මෙම යුගයෙහි තවත් ලක්‍ෂණයකි. මෙම ලක්‍ෂණය සිංහබාහු පුරාණෝක්තිය හා පදමානවක ජාතකය යන වෘත්තාන්ත දෙකෙහිම දක්නට ලැබේ. පදමානවක ජාතකයට අනුව බමුණා සහවාසයෙහි යෙදෙන්නේ යක්‍ෂණියක සම`ගය. සිංහබාහු පුරාණොක්තියේ එන පරිදි සුප්පා දේවිය සංවාසයෙහි යෙදෙන්නේ සිංහයකු සම`ගය. මේ අනුව මිනිස්-අමිනිස් සංවාසය මෙම කතා දෙකටම අදාළ වේ. කෙසේ වුවද මෙම වෘත්තාන්ත දෙකෙහිම ස්ත‍්‍රීන් බහුපුරුෂ සේවනයට යොමු වූ අයුරු අවබෝධ කරගත හැකිය. එය තොටමීය යුගයෙහි පැවති ලක්‍ෂණයකි. පුරුෂොත්තම සමාජයක් වූ බැවින් ඔවුන්ට එසේ නියැලීමට සිදු වීමද තත් යුගයෙහි ලක්‍ෂණයක් ප‍්‍රතිනිර්මාණය කිරීමක් යැයිද ගම්‍යමාන වන කාරණයකි.
සම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍ය තුළ ජාතක පොත් වහන්සේට ලැබෙනුයේ සුවිශේෂී තැනකි. එක් අයුරකින් උපදේශ කතා රාශියකින්ද තවත් ආකාරයකින් ජනශ‍්‍රැති හා පුරාණෝක්ති රාශියකින්ද සංගෘහිත මෙය දැනුම් කෝෂ්ටාගාරයකි. මෙහි එන පදමානවක ජාතකය වූකලී පියවර අනුව ඕනෑම පුද්ගලයෙකු හ`දුනාගැනීමට හැකි ශක්‍යතාවකින් හෙබි පුද්ගලයෙකු අරඹයා නිර්මිත කතාවකි. කතාවෙහි මුඛ්‍ය අදහස එය වුවත් ඒ හා සම්බන්ධ අතීත කතාව හා එහි විද්‍යමානිත චරිත තුළින් ස්ත‍්‍රීන් බහුපුරුෂ සේවනයේ නිරත වූ අයුරු පැහැදිලි කරගත හැකිය. එසේම පදමානවක ජාතකය හා සමාන වූ පුරාණෝක්තියක්ද අපට හමු වේ. සිංහල ජාතියේ ආරම්භය ස`දහාද සබ`දකම් දක්වන මෙම කතාව සිංහබාහු පුරාණෝක්තියයි. සිංහබාහු පුරාණෝක්තිය තුළින්ද අවබෝධ කරගත හැකි ධාරණාවක් වනුයේ මෙහි එන ස්ත‍්‍රී චරිතය වන සුප්පා දේවිය බහුපුරුෂ සේවනයේ යෙදුණු බවයි. එහෙත් එය අද්‍යතන යුගයෙහි පවතින බහුපුරුෂ සේවනයක් මෙන් නොව එක් ස්වාමියෙකු අත්හැරීමෙන් පසු තවත් ස්වාමියෙකු සම`ග එකතු වීමයි. මෙබ`දු ලක්‍ෂණ තොතමීය යුගය තුළද දැකිය හැකිය.
මෙහිදී ප‍්‍රථමයෙන්ම අපගේ අවධානය යොමු වනුයේ ඉහතින් ස`දහන් කරන ලද පදමානවක ජාතකය හා සිංහබාහු පුරාණෝක්තියෙහි සාරාංශය දැක්වීමටය. තදනන්තරව විල්හෙල්ම් වුන්ඞ් විසින් බෙදා දක්වන ලද යුග හතරෙන් දෙවැනි යුගය වූ තොටමීය යුගය හා තත් යුගයෙහි පැවති බහුපුරුෂ සේවනය කෙරෙහි අවධානය යොමු කෙරේ. තොටමීය යුගය විවිධ හේතූන් මත වැදගත් වුවත් මෙහිදී සාකච්ඡුාවට බ`දුන් වනුයේ තත් යුගයේ පැවති බහුපුරුෂ හා බහුභාර්යා සේවනය සම්බන්ධයෙන් පමණි.
පදමානවක ජාතකය හා සිංහබාහු පුරාණෝක්තියෙහි බහුභාර්යා සේවනය සිදු වනුයේ ආකාර දෙකකටය. මෙහි අවසන් ප‍්‍රස්තූතය තුළින් සාකච්ඡුා කෙරෙනුයේ උක්ත කතාද්වයෙහි බහුපුරුෂ සේවනය සිදුවන අයුරු හා ඒ සිදුවීම තොටමීය යුගයෙහි ලක්‍ෂණත් සම`ග සම්බන්ධ වන්යේ කෙසේද යන කාරණය සම්බන්ධයෙනි. මේ අනුව උක්ත කතාද්වය පිළිබ`දව මෙන්ම තොටමීය යුගයෙහි පැවති බහුපුරුෂ සේවනය පිළිබ`දවද යම් අවබෝධයක් ලබාගැනීම උදෙසා තත් කාරණා සම්බන්ධයෙන් උත්සුක වන පර්ෂදයන්ට මෙම නිබන්ධය ප‍්‍රයෝජනවත් වේ.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍ර:
පන්සිය පනස් ජාතක පොත් වහන්සේ, (සංස්.*. වේරගොඩ අමරමෝළී, කොළඹ: ශ‍්‍රී ලංකා ප‍්‍රකාශන සමාගම, 1961.
මහාවංසො, (1-54 දක්වා පරිච්ෙඡ්ද*, (සංස්.*. මංගල ඉලංගසිංහ, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2006.
ද්විතීය මූලාශ‍්‍ර:
අමරසේකර, දයා. සමාජ විද්‍යාවේ මූලික සංකල්ප, බොරලැස්ගමුව: ආරිය ප‍්‍රකාශකයෝ, 2000.
කුමාරි, චාමිනී. මනමේ සහ සිංහබාහු මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්, වැරැුල්ලගම, සුපිපි ඔෆ්සෙට් ප‍්‍රින්ටර්ස්, 2005.
ටෙනිසන් පෙරේරා, බී.ඒ. මානව විද්‍යාව හා සමාජ විද්‍යා ප‍්‍රවේශය, කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2005.
රත්නපාල, නන්දසේන. මානව විද්‍යාව, වරකාපොල: ආරිය ප‍්‍රකාශකයෝ, 2001.
රත්නපාල, නන්දසේන. ජනශ‍්‍රැති විද්‍යාව, කොළඹ: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1995.
හේරත්, එම්. අත්තනායක. ජාතක කතා හා සමාජ අභියෝග, වරකාපොල: ආරිය ප‍්‍රකාශකයෝ, 1993.
ෘමරනයසැපල ෑපසකග ඔයැ ෑකැප්බඒරහ දෙරපි දෙ ඍැකසටසදමි කසෙැල ඛදබාදබල ඹබසඩැරිසඑහ චරුිිල 1912ග
තෘතීය මූලාශ‍්‍ර
ඉ`දුවර, කලාප අංක 2, (සංස්.*. දයා අමරසේකර ඇතුළු පිරිස, පේරාදෙණිය, සමාජ විද්‍යා අධ්‍යයනංශය, 2004.
ඉ`දුවර, කලාප අංක 14, (සංස්.*. දයා අමරසේකර ඇතුළු පිරිස, පේරාදෙණිය, සමාජ විද්‍යා අධ්‍යයනංශය, 2010.