UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: රොබරෝසියා - ඩිල්ටා තුෂාරි

Thursday, December 12, 2013

රොබරෝසියා - ඩිල්ටා තුෂාරි

රොබරෝසියා - ඩිල්ටා තුෂාරි රොබරෝසියා කෙටි කථාව තුළ එන පේ‍්‍රමවන්තිය සහ පේ‍්‍රමවන්තයා මගින් ඩිල්ටා නිරූපණය කිරීමට උත්සහා දරා ඇත්තේ ස්ත‍්‍රී පුරුෂ සමාජ ස්වභාවය හේතුවෙන් හා එමගින් නිර්මිත සංස්කෘතිය විසින් ගොඩ නගන ලද ස්ත‍්‍රී පුරුෂ ආකෘති හමුවේ ස්ත‍්‍රිය මෙන්ම පුරුෂයාද පීඩාවට පත්වන ආකාරයයි. බොහෝමයක් සමාජ සම්බන්ධතාවයන් සංස්කෘතියේ බලපෑමට යටත් වේ. එනම් බොහෝමයක් සමාජ සබඳතා නිර්මාණය වන්නේ එහි ආධිපත්‍යයෙන් පේ‍්‍රම සබඳතාවයන් තුළ පවා මේ ලක්‍ෂණ දක්නට ලැබේ. මෙහි නිරූපිත පේ‍්‍රමවන්තිය සමාජ සංස්කෘතිය විසින් පවත්වා ගෙන ආ සංකල්ප තුළ සිරවී සිටින අයෙකි. නමුත් මෙහි පේ‍්‍රමවන්තයා සමාජ සම්ප‍්‍රදායන් හමුවේ කැරලි කාර චරිතයකි. නමුත් ඔහු තුළ පවා පුරුෂ මූලිකත්වය පැන නගින අයුරු ඔහුගේ දිවෙන චරිත ලක්‍ෂණ හරහා නිරූපිතයි. පේ‍්‍රම සබඳතාවක් තුළ ආදරය, විශ්වාසය ලස්සන, අවංකබව, සත්‍යවාදිත්වය, අව්‍යාජබව ස්ත‍්‍රිය සතු විය යුතු ගුණාංගයන් ලෙස සැලකෙන අතර පේ‍්‍රමය තුළ ස්ත‍්‍රියව මැනෙන ප‍්‍රමාණයන් ලෙස ද එම ලක්‍ෂණ සැලකේ. මෙහි එන පේ‍්‍රමවන්තිය උත්සහ කරනුයේ මෙම ප‍්‍රමාණයන් පවත්වා ගෙන යාමටය. ඔවුන්ගේ පේ‍්‍රමයේ මුල් කාලය තුළ ඇය ඔහුව දකිනුයේ උදාර පිරිමියෙක් ලෙසය. ඔහු ඇයව දකිනුයේ පොත්පත්වල ඉන්නා ශේ‍්‍රෂ්ඨ ගැහැණියකි ලෙසය. ‘‘බස් එකේ අපි ලංවෙලා ඉඳගෙන හිටියා එයා මගේ අත අල්ලා ගෙන හිටියේ තැලෙන පොඩි වෙන මල් පෙත්තක් අතේ තියා ගෙන ඉන්න තරම් සීරුවෙන් ඇස්වල ආදරේ පිරිලා සැක නෑ එයා උදාර පිරිමියෙක් ’’ ‘‘මං ප‍්‍රාර්ථනා කළ විධිහෙ කෙල්ලෙක් මට ලැබුණා ඒ වචන මට කියන්න බැරි අගයක් දුන්නා මං හරියට පොත්වල ඉන්න ශේ‍්‍රෂ්ඨ ගැහැණියක් වගේ කියලා හිතුණා ’’ මෙහිදී ලේඛිකාව මෙම සංකල්ප අභියෝගයට ලක්වන ආකාරය ප‍්‍රබන්ධය තුළින් ස්මතුකරයි. එනම් සමාජ සංස්කෘතිය මගින් ගොඩනගන ලද සමාජ භූමිකා මත උදාර පිරිමි සහ ශේ‍්‍රෂ්ඨ ගැහැණු සැබවින්ම ස්වභාවික ප‍්‍රපංචයක් නොවන අතර එම ආකෘතිවලට මිනිසා සිරවී ඇති බව ද පෙන්වා දෙයි. මෙහි පේ‍්‍රමවන්තයා හා පේ‍්‍රමවන්තිය අතර පවතින ගටුම මගින් එය මනාව නිරූපිතය. මෙහිදී පේ‍්‍රමවන්තයා පවසනුයේ ‘‘මට ප‍්‍රාර්ථනා කළ විදිහේ කෙල්ලක් ලැබුණා’’ යනුවෙනි. එනම් ඔහුගේ මනස තුළ ගොඩනගන ලද ස්ත‍්‍රී ආකෘතිය ලැබීම පිළිබඳ තෘප්තිය දනවන ප‍්‍රකාශයකි. මෙම ආකෘතිය ගොඩ නංවනු ලබන්නේ සංස්කෘතිය මගිනි. එනම් ඇය ශේ‍්‍රෂ්ඨ ගැහැණියක යන බවට ඇගයුම ලබන්නේ සංස්කෘතියේ රාමුවට එක`ගවීම මතය. ඉන් ඇ`ගවෙන විරුද්ධාර්ථය මත්තේ සංස්කෘතියට එක`ග නොවන්නක් ශේ‍්‍රෂ්ඨ ගැහැණු නොවන්නේ ද යන ප‍්‍රශ්නයයි. එසේම ‘‘එයා මගේ අත අල්ලා ගෙන හිටියේ තැලෙන පොඩිවෙන මල් පෙත්තක් අතේ තියා ගෙන ඉන්නා තරම් සීරුවෙන් ’’ යන ප‍්‍රකාශය තුළ ස්ති‍්‍රයගේ මෘදු බව පිළිබඳ අපේක්‍ෂාව මෙන්ම පුරුෂයාගේ ලිංගික අවශ්‍යතාව හමුවේ ස්ති‍්‍රයගේ සම්මත ස්වභාවය ධ්වනිත වේ. ඇයගේ චින්තනය අනුව ඔහු උදාර පිරිමියෙක් වන්නේ මෙම සංස්කෘතිය විසින් ගොඩනගන ලද පුරුෂ ආකෘතියෙහි ලක්‍ෂණ ඔහු තුළ විද්‍යමානවීම නිසාය. මෙහිදී ලේඛිකාව මතු කරනු ලබන්නේ සංස්කෘතික රාමුවට අනුගත නොවු පිරිමියා උදාර පිරිමියෙක් නොවන්නේද යන ප‍්‍රශ්නය ප‍්‍රබන්ධය තුළ ධ්වනිත කරයි. පෙම්වතුන් වශයෙන් වැඩි කාලයක් ගත කළ යුවලක සබඳතාවය බොහෝ විට විවාහයෙන් කෙළ වර විය යුතු බව සමාජය තුළ පවත්නා සංකල්පයකි. පෙරදිග රටවල් මෙය ස්ත‍්‍රිය විෂයෙහි දැඩි ලෙස ඔහු දකිනුයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර වටා ගොඩ නැගුණු විවාහයකින් කෙළවර වන පේ‍්‍රමය ව්‍යාජයක් බවයි. ඇය ද ඊට එක`ගය. නමුත් ඇය තුළ ගොඩනංවන ලද සංස්කෘතික විඥානය තුළ ඇ සිරවී ඇත. ඇය ලැජ්ජා වන්නේ විය යුතුය. මං දන්නවා, ඒ...ත් අපේ ගෙදර.... ගෙදරින් අහලද අපි ආදරේ කරන්න ගත්තේ? මාව අවිශ්වාසද අනේ ඇයි එහෙම කියන්නේ ... මගේ ගැහැණු හිත තැලූණා කම්මුල කඳුළු වලින් පෙ`ගුණා මෙහි දී කතුවරිය මතු කරනු ලබන්නේ තරුණියක නිවසේ පාලනයට නතුවීමත් තරුණයෙකුට එලෙස දැඩි පාලනයකට යටත් නොවීමත් අතර ඇති වෙනසයි. මෙම..... තුළ මතුවන්නේ ස්ත‍්‍රී පුරුෂ සමාජභාව ගොඩ නැංවීම්ය. එසේම ස්ත‍්‍රිය ගැටලූවක් හමුවේ මුහුණ දීමේ දී ඇය තුළ ඇති සංවේදිභාවය පෙන්වා කඳුළු සැලීම සාමාන්‍යකරණය වී ඇති ආකාරය පෙන්වා දේ. ‘‘ගැහැණු හිත’’ වශයෙන් ලේඛිකාව මෙය විශේෂණය කොට දක්වයි. ප‍්‍රශ්න අභියෝග හමුවේ කඳුළු සැලීම, සිත රිදවා ගැනිම ඉක්මනින්ම දුකට පත්වීම ගැහැණු හිතෙහි ස්වභාවයයි නැත්නම් ස්ත‍්‍රියකගේ චිත්ත ස්වභාවය යැයි නිර්වචනය කොට දී ඇත්තේ සංස්කෘතිය විසින් ගොඩනංවන ලද ආකල්ප මිස එය සැබෑ යථාර්ථය නොවන වග පෙන්වා දේ. එනම් මෙහි එන පේ‍්‍රමවන්තිය ඔහුගෙන් වෙන්වී ජීවිතයට මුහුණ දෙන්නට කෙටිකථාවේ අවසානයේ සිදු වේ. එහි ඇය තුළ පවත්නා ආත්මශක්තිය මනාව ඉස්මතු වේ. මං ජීවත්වෙනවා... මං හිතුවා එනම් පේ‍්‍රමයේ මුල්කාලය තුළ ඇය ඔහුගේ අපේක්‍ෂාව හා ඇයගේ අපේක්‍ෂාව වූ සංස්කෘතියට අනුගතවූ ගැහැණු භූමිකාව නිරූපණය කරයි. එහි දී ඇය මෘදු සුකුමාල මෙන් ඉතා.... දි ස්ත‍්‍රී භූමිකාවක නිරතවන්නීය. නමුත් ඇය බලපෑම් කරයි. ‘ එය විවාහයකින් අවසන් නොවුයේ නම් පුරුෂයාට සාපේක්‍ෂව ස්ත‍්‍රිය කෙරෙහි සෘණාත්මක බලපෑම් එල්ල වේ. මෙහිදී පේ‍්‍රමවන්තිය විවාහ වෙමුයි යෝජනා කරන්නේ නම් මතවාදයන්ගේ බලපෑම් හේතුවෙනි. මෙහිදී පේ‍්‍රමවන්තයාට අවශ්‍ය ඔවුන් දෙදෙනා එකට ජීවත් වීම පමණකි. නමුත් ඇයට නිවසේ පාලනයෙන් හා සමාජ සංස්කෘතික සීමාවන්ගෙන් මිදි විවාහ විය නොහැක. පුරුෂයාට මෙන් ස්ත‍්‍රියගේ තීරණ සම්බන්ධයෙන් නිදහසක් ඇයට හිමි නොවේ. ඇය දෝලනය වන්නේ සම්ප‍්‍රදායන සංස්කෘතිය හා තම ස්වාධීන නිදහස වූ නූතනවාදී අදහස් අතරය. මතුවන්නේ ස්ත‍්‍රී පුරුෂ ‘‘ මේ ජීවිතය වදයක්...ඇයි අපි අපේම නොවන්නේ එයා ඇහුවා එහෙම බෑනේ අපි ලෝක චාරිත‍්‍ර ගැනත් සිතන්න එපෑයෑ විකාර..., අපි මොකටද ඒවට යට වෙන්නේ? ඇත්තටම මං කැමති වුනෙත් මේ එඩිතරකමටයි. ඒත්... මට එහෙම රැුඩිකල් වෙන්න බැරි ඇයි?’’ පේ‍්‍රමවන්තයාගේ රැුඩිකල් බවට ඇය කැමති වුවද ලෝක චාරිත‍්‍ර හෙවත් ස්ත‍්‍රියෙහි විෂයෙහි පවත්නා සංස්කෘතික සීමා මායිම්වලට ඇය යටත්ය. එනම් ලෝක චාරිත‍්‍ර පවත්වා ගෙන ආ ඒවා අනුගමනය කළ යුත්තේ ස්ත‍්‍රිය විසින් යන අදහසට ඇයද එක`ග වී ඇති බවයි. එමෙන්ම මෙම ‘‘ලෝකචාරිත‍්‍ර’’ පුරුෂයා විෂයෙහි එතරම් බලපෑමක් නොකරන බවද ඉන් අ`ගවනු ලබයි. ‘‘ඇයි අපි අපේ ආදරේ ව්‍යාජයක් කරගන්නේ ඔයාව මට ඕනේනම්, මාව ඔයාට ඔනේනම් එච්චරනේ... ඇත්ත තමයි ඒත් ඇයි මට පස්ස ගහන්නේ? මට මං ගැනම ලැජ්ජා හිතුනා. ඒ වුණාට හිත හදා ගන්න නම් බැරිවුණා.’’ අවසානයේ ඔහුගේ වෙන්වීමත් සම`ගම ලඳ බොලඳ මෘදු ස්ත‍්‍රී භූමිකාවෙන් විකෘති වේ. එනම් ඇය සංස්කෘතික සීමාවන් ඉක්මවීමට හෙවත් ඒවා නොසලකා හැරීම හේතුවෙනි. මෙහි නිරූපිත පුරුෂ චරිතය තුළ නූතනවාදී ලක්‍ෂණ බොහෝමයක් දක්නට ඇත. ඔහු ස්වාධීන මත දරන්නේකි. පේ‍්‍රමය, විවාහය, රැුකියාව සම්බන්ධයෙන් ඔහුටම අනන්‍ය වූ මතයක සිට කි‍්‍රයා කරයි. ඔහුගේ චරිතය එක් දෘෂ්ටි කෝණයකින් බැලීමේ දී ප‍්‍රගතිශීලි නූතන අදහස් දරන්නෙක් බව පෙනේ. සාම්ප‍්‍රදායික පුරුෂ භූමිකාවෙහි මෙන් රැුකියාව මත ස්ත‍්‍රියව පෝෂණය කර රැුකබලාගන්නා චරිතයක් නොවේ. ඔහු ඇයව පවා සාම්ප‍්‍රදායිකත්වයෙන් මුදවා ගැනීමට උත්සහ දරයි. ළමයෝ සාම්ප‍්‍රදායික ගැහැණියක් වෙන්න එපා මං කැමති නෑ මගේ ජීවිතේ දවසේ පැය අටකට කන්තෝරුවට හිර කරන්න. මං කැමති නෑ ජීවිතේ කොටූ ගහලා හිර කරන්න. අපි අපේ වෙන එක හිරවීමක්යැ මෙහි දී ඔහු විවාහය නිත්‍යානුකූල වීම හා සාමාන්‍ය පුරුෂයකු මෙන් කන්තෝරුවක කරන රැුකියායට ඔහු අකමැති වූ ස්වාධීන අදහස් දරන්නෙකු බව ඇ`ග වේ. නමුත් ඔහුගේ චරිතයට තවත් දෘෂ්ටිකෝණයතට විග‍්‍රහා කිරීමේ දී නූතනත්ව හා සම්ප‍්‍රදායකි තත්වය අතර දෝලනය වන මානසිකත්වයක් ඔහු සතු වූ බව පෙනේ. ලේඛිකාව මෙහිදී බොහෝ විට නූතන තරුණ පරපුර අතර පවත්නා මෙම දෝලනයවීම තරුණයාගේ චරිතය තුළින් නිරූපණය කිරීමට උත්සහ දරයි. ඔහුට රැුකියාවක් නොමැති වීම විවාහයට බාධාවක් බව පෙම්වතිය කී විට ඔහු එය උපහාසයට ලක්කරයි. දැන් ඔයාට රස්සාවක් තියෙනවා මොකක්ද ඒ හැර ගෙදරට ප‍්‍රශ්නේ එයාට තරහා ගිහින් ඒ මටනේ...ඒත් ඔයාට...? මං මඩ වතුර වලවල් ඇරලා අඩිය තියන ගමන් කිව්වා ඕනේ ඒකය මේ... ගෑණියක් ගත්තොත් කන්න අඳින්න දෙන්න එපෑයෑ... පිරිමියෝ නම් හණමිටි අදහස් පිරිමියෙකු රැුකියාවක් කොට තම බිරිඳව පෝෂණය කළ යුතුය යන අදහස ඔහු හණමිටි අදහස් ලෙස දකියි. රැුකවරණය? ඔයාට ? ඔයා රස්සාවක් කරන ගෑණියෙක්නේ මොකෝ මම උයා පියාගෙන ගෙදර ඉන්නද ලෑස්තිය? නැනේ ? ඔහුගේ මෙම ප‍්‍රකාශයේ මතුපිට අර්ථය ඇයට රස්සාවක් කිරීමට නිදහස ලබාදීමට වුවද එහි සැ`ගවුණ අරුත වශයෙන් ඇය උයා පිහාගෙන ගෙදර සිටිය යුතුයි යන අදහස ඔහුගේ යටි සිත බලාපොරොත්තු වූ බව පෙනේ. ගෑණියෙක් වුණාම මිනිහා කියන දෙයක් අහන්න ඕනේ කී දවසක් කියලා තියෙනවද මේ කතා එපා කියලා කොහෙද රස්සාවට ගියාට පස්සේ ඔළුව ඉදිමිලා. එයාගේ සිත පිළිකුලෙන් පිරිලා හණමිටි අදහස් එයාගේම වචන මට මතක් වුණා. මේ අනුව පුරුෂයා අභිබවා ස්ත‍්‍රිය ඉදිරියටයාම ඔහුගේ ද්වේෂයට ඇය ලක්වීමට හේතුවත් ඔළුව ඉදිමිලා වශයෙන් ඔහු පිටකරන්නේ ඔහු සිත අභ්‍යන්තරයේ පැවති ඊර්ෂ්‍යාසහගත බවයි. එසේම ඔහු ද පුරුෂාධිපත්‍යට ස්ත‍්‍රියගේ නතුවීම අපේක්‍ෂා කරන්නකු බව පෙනේ. ඔහුගේ අභ්‍යන්තර සිතුවිලි නිරූපණය වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු හණ මිටි අදහස් ලෙස සැලකූ සංකල්පයන්ම ඔහු තුළම නිරූපණය වේ. ලේඛිකාව මින් අදහස් කිරීමට උත්සහ දරා ඇත්තේ පුරුෂයාට ස්ත‍්‍රිය පාලනය කිරීමට ඇති අයිතිය නිසර්ගයෙන්ම පැන නගින්නක් බවයි. එනම් මෙම පුරුෂාධිපති සමාජ ආකල්ප සෑම පිරිමි දරුවෙකු තුළම සමාජානුයෝජනය වීමේදී අභයන්තරිකරණය කරගන්නා අතර ඒවා අවිඥානික සැ`ගව පවත්නා බවය. එනම් සංස්කාතිය සමාජය තුළ ... මෙම දෘෂ්ටිවාදයත් සාමාන්‍යකරණය වීම හේතුවෙන ඒවායේ ගැටළු සහගත බව නොපෙනී යන අතර මිත්‍යා මනස වීම ආකල්ප පාලන ... බවයි. එසේම මෙම පේ‍්‍රමවන්තයා ඇයව කායික මානසික දෙයාකාරයටම පාලනය කිරීමට උත්සහ දරයි. ඔහුට අවශ්‍ය ඇත්තේ ඔහුගේ රුචිය අනුව ඇගේ ආකල්ප මෙන්ම බාහිර පෙනුම පවා හැඩගැස්වීමයි. ඕ මේ පිළිබඳව දක්වනුයේ ආදරය එක්තරා වර්ගයක බල දේශපාලනයක් වන බවයි. එනම් සැමියා බිරිඳ, පෙම්වතා පෙම්වතිය අතර පවත්නා සම්බන්ධත්වයේ ප‍්‍රධාන අරමුණ අනෙකාව යටත් කර ගැනීම බවයි. මෙම කෙටි කථාව තුල පෙම්වතාගේ උත්සහය ඇයව යටත් කරගැනිමය. මොකක්ද හලෝ ඔය ඇඳලා ඉන්න බාච්චුව මෙලෝ හැඩයක් නෑ... මං වටපිට බැලැවේ සැකේට...ගිය සතියේ දවසක ඇඳපු ගවුම හිර වැඩියි කිව්වා. පෙරේදා සාරියේ පාට ගොරහැ`ඩියි කීවා... තව දවසක් ඇඳපු ළා පාට සාරිය මළ ගෙදරකට හොඳයි කිව්වා අනේ මන්දා මධ්‍යම ප‍්‍රතිපදාවේ ඇඳුම් මට තෝරා ගන්න බැහැනෙ’’ ඇය ඔහුගේ කැමැත්ත පරිදි පාලනය වන භෞතික වස්තුවක් බවට ඌනනය කිරීමට දරන උත්සහය මෙහි දී ඵලවේ. එසේම ස්ත‍්‍රිය මෘදු මොළොක් හදවතක් ඇති පුරුෂයා කීකරු සත්වයකු විය යුතු බව යන අදහස ඔහු තුළ ද තිබු බව පෙනේ. රිද්දන්න ඔයාට පපුවක් තියෙනවයෑ. ඔයා යන්ත‍්‍රයක් ගෑනියක් නෙමෙයි. සල්ලි රස්සාව කසාදේ වෙන ජීවිතයක් නෑ එනම් ගැහැණියක් වීමට මෘදු හදවතක් හා පෙම්වතා ප‍්‍රශ්න නොකරන ඔහු ඉක්මවා නොවිය යුතුය යන සම්ප‍්‍රදාය විශ්වාසයන්ගේ ගැටළු සහගත බව මෙහි දී ලේඛිකාව පෙන්වා දෙයි. ඇය සම්ප‍්‍රදායිකත්වයේ සිටි කළ ඇයව නුතනත්වයට පත්කිරීමටත් නුතනත්වයට යන කල සම්ප‍්‍රදායික ස්ත‍්‍රියක් කිරීමටත් දරනලද ප‍්‍රයත්නය තුළ ඇයව රූකඩයක් බවට පත් කොට ඇත. ...‘‘ දෙයියනේ මට ගෑණියෙක් වෙන්න දෙන්නේම නෑ...ජීවත් වෙන්න රස්සාවක් කළාම ඒකත් හරි නෑ.’’ අවුරුදු හත හමාරක් තරම් කාලය තුළ නුතන ස්වාධීන නිදහස අදහස් දැරූ පුරුෂයෙකුගේ සිට ස්ත‍්‍රියව පාලනය කරන හා පීඩාවට පත්කරන දෘඪ පුරුෂ භූමිකාවක් දක්වා ඔහු පරිවර්තනය වූ ආකාරය කතුවරිය මනාව පියවරෙන් පියවර දක්වා ඇත. උඹේ කට වැඩියි... මං කිව්වේ ඇත්ත. මට දැන් මේක තිත්තවෙලා උඹ ගෑණියෙක් නෙමේ උද්දච්ච බැල්ලියක්...මං දන්නවා උඹේ කට වහන හැටි. පුරුෂාධිපත්‍යයේ උච්චතම අවස්ථාව තුළ ඔහු අධිකාරී ස්වභාවය හෙවත් පුරුෂයා හා ස්ත‍්‍රිය අතර පවත්නා ...සබඳතාවය මින් විදහා දැක්වේ. පුරුෂයා තම බල අධිකාරිත්වය ස්ත‍්‍රිය විෂයෙහි බලපවත්නා ආකාරය ඉන් ගම්‍ය වේ. එසේම ඔවුන්ගේ පේ‍්‍රම සබඳතාවය අවසානයේ සිදුවන බහින් බස්වීම පවා හ`ගවනු ලබන්නේ පුරුෂයාට සාපේක්‍ෂව ස්ත‍්‍රියට සමාජය තුළ අහිමි කරන ලද නිදහස පිළිබඳ ගැටළුවයි. ඇගෙන් වෙන්වුවද ඔහුට තම ජීවිතය ආරම්භ කිරිම සමාජ සංස්කෘතියෙන් බාධාවක් නෙවේ. නමුත් ඇයට සමාජයේ පවත්නා අවශ්‍යතාවන් හිමි නොවේ. ‘‘ මම බලෙන් තියා ගත්තේ නෑ එල්ලිලා හිටියට මන් පලිද? ...එපා වීම මටත් දැනෙනවා ... මාව එපා වුනේ කියලා තමුසෙව ගන්න අන්න අරහෙ මිනිස්සු පෝලිමේ ඉන්නවා.’’ ඔහුගෙ මේ සංවාදයන් තුළම ස්ත‍්‍රිය සමාජ සංස්කෘතියට හිරකරන ලද ... වන වල ලේඛිකාව මතු කරයි. ඒ අනුව මෙහි තිබෙන පේ‍්‍රමවන්තයා යනු ස්වාධින ප‍්‍රගතිශීලි පුරුෂයෙකුට වඩා ප‍්‍රගතිශිලිත්වය ආවේෂණය කරගත් සාම්ප‍්‍රදායික දෘඪ පුරුෂාධිපති ක‍්‍රමයේම පුරුෂ භූමිකාවේම තවත් දිගුවක් බව හඳුනාගත හැකිය. මෙහි පේ‍්‍රමවන්තියගේ භූමිකාවසාම්ප‍්‍රදායික ස්ත‍්‍රී භූමිකාවෙහි සිට පුරුෂාධිපති ක‍්‍රමයෙන් පීඩා විඳි එහෙයින් වෙනස් ම`ගකට හෙවත් නූතන ස්ත‍්‍රී භූමිකාව කරා ක‍්‍රමයෙන් ඇදි ගිය චරිතයක් වශයෙන් නිරූපණය කර ඇත. මෙහිදී ලේඛිකාව විසින් සමස්ථ ප‍්‍රබන්ධය පුරා දිවෙන අරුත අපූර්ව රූපකයන් ඉදිරිපත්කොට දක්වයි. එනම් රොබරෝසියා මල් මගින් සංකේතවත් වනුයේ සංස්කෘතිය මගින් හික්මනවන ලද ස්ත‍්‍රී භූමිකාව පිළිබඳ පුළුල් සංකේතයකි. එනම් ඔවුන් දෙදෙනා අතර පැවති ගැටුම ක‍්‍රමයෙන් සමාජ සංස්කෘතික ආකල්ප පමුණුවා වර්ධනය වූ අයුරු කතුවරිය රොබරෝසියා මල් ම`ගින් දක්වයි. ‘‘ පටු පාර පුරාම රොබරෝසියා අතුරලා මේ මල් සුවඳ නෑ හැඩයකුත් නෑ ඒත් මේ මල් කෙසේ පාගනන පව්...මට හිතුනෙ එක් එක් මලක්වත් නොපාගා මට යන්නත් බෑ. මට ජීවත් වෙනවායි මට හිතෙනවා’’ සංස්කෘතිය විසින් දෙන ලද ස්ත‍්‍රී භූමිකාව තුළ ස්ත‍්‍රීය ස්වාධීන අනන්‍යතාවක් නොමැති බව.... සුවදම් ...බව ඇ`ගවීමේදී පෙනීයයි. එසේම එම මල් පෑගීම යනුවෙන් එම ගොඩනගන ලද ස්ත‍්‍රි භූමිකාව ස්ත‍්‍රියව පීඩාවට පත් කරන ආකාරයද ධ්වනිත වේ. ස්ත‍්‍රිය සැබෑ ලෙස ජීවත්වීමට මෙම සංස්කෘතික බැඳිම්වලින් මිදි සිටිය යුතු බවද අ`ගවයි. ඒ අනුව අවසානයේ ඇය සම්ප‍්‍රදායිකත්වයෙන් මිදී ස්වාධීන නිදහස් මතවාදයට එළඹි බවද ඉන් ගම්‍යමාන වේ. ප‍්‍රබන්ධය පුරාවට ස්ත‍්‍රී පුරුෂ චරිත‍්‍ර නිරූපණයෙන් ලේඛිකාවගේ අරමුණ වුයේ සංස්කෘතිය ම`ගින් ගොඩනංවන ලද ස්ත‍්‍රී පුරුෂ භූමිකාවන්හි අනන්‍යතා සාමාන්‍යකරණය වී තිබියේ විචාරයේ ගැටළු සහගත නොපෙනි යාමත් වීම ගොඩ නැංවීම ස්වභාවික වූ ගොඩනැංවීමත් පෙනෙන අතර ඉන් ස්ත‍්‍රිය මෙන්ම පුරුෂයාද පීඩාවට පත්වන බවය. විකල්ප දේශපාලන ස්ත‍්‍රිය සුමිත‍්‍රා රාහුබද්ධගේ ඉටි පහන් නැමැති නවකථාව තුළ එන සෝමාගේ චරිත නිරූපණය තුළ විකල්ප දේශපාලනික ස්ත‍්‍රියගේ භුමිකාව නිරූපණය වේ. විකල්ප දේශපාලනික ස්ත‍්‍රිය යනු පවත්නා දේශපාලනික ක‍්‍රමයට සහයෝගය දෙන සහ එය පවත්වාගෙන යාමට වීම දේශපාලන මතවාදය දියුණු කිරීමට උත්සහ දරන ස්ත‍්‍රියයි. බලය ප‍්‍රධාන අරමුණු කර ගත් දේශපාලනය හැමවිටම පුරුෂ ක‍්‍රියාකාරිත්වය හා ඔවුන්ට අයිති දෙයක් ලෙස සැළකීම සාම්ප‍්‍රදායික මතය වුවත් සෝමේ හෙවත් ඬේසි සුසන්ගේ චරිතය හරහා එය වෙනත් දෘෂ්ටියකින් නිරූපණය කර ඇත. සෝමේ යනු තම මව වන දුලිකාත් මෙරට පාලනය කළ සුදු ජාතික ඒජන්තවරයෙකු අතර පැවති සබඳතාවයන් හේතුවෙන් උපත ලද දරුවෙකු ඇය සමාජයේ පීඩාවට ප‍්‍රථමයෙන්ම හසුවන්නේ තම උප්පත්තියේ සුජාතභාවය පිළිබඳ මිනිසුන් නැ`ගු අවලාද හමුවෙහිය. කෙසේ වෙතත් පියා පිළිබඳ හෙවත් ජාතකයේ සුජාත භාවය වෙනුවෙන් ගැටළුවක් සිය මව හා ඇය උපතින්ම හිමි කරගෙන හා දිළිඳු බවත් හේතුවෙන් ඇය සමාජවාදි අදහස් දරන දේශපාලනික ක‍්‍රමයනට තමන් කිරීමට හේතු වූ බව වෙනත්. ඇය හැමවිටම සාමන්‍ය ස්ත‍්‍රී භූමිකාව ඉක්මවා ගිය අතර බුද්ධිමත්, සෘජු ප‍්‍රකාශන හා තීරණ ගන්නා දේශපාලන සවිඥානිකත්වයෙන් යුතු තරුණියකි. තම මව ඥානවති හාමිනේලාගේ නිවසේ සිරිනාථ හා පැවති සබඳතාවය හා සිරිනාථ ඇයගේ දිළිඳු භාවය හා ඇගේ උත්පත්තිය හේතුවෙන් පලාහැර යාමත් ඇගේ සමාජවාදි දේශපාලන ගමන්මගේ උපස්ථම්භනයක් විය. සැමට සමාන සම්පත් ඉඩ ප‍්‍රස්ථා හා සමානාත්මතාවය රජයන සමාජ ක‍්‍රමයක් වෙනුවෙන් ඇයගේ මරණය දක්වාම සටන් කළ ස්ත‍්‍රී භූමිකාවක් වශයෙන් ඇගේ චරිත නිරුපණය හඳුන්වා ඇත. පියා අහිමිවීමත් තම අවශ්‍යතාව දරුවකු ලෙස සමාජයට තුළ පිළිකුළට භාජනය වීමත් ඇය සමාජයට බය දක්වන හා සමාජයෙන් හුදකලා වූ දැරියක බවට පත්වීමට හේතු විය. තම මව ඔවුන්ගේ එදිනෙදා වේල පිරිමසා ගැනිමට වැය කළ අසීමිත ශ‍්‍රමයත් ඇය කෙතරම් මෙම අසාධාරණ සමාජ ක‍්‍රමය පිළිබඳ මුල් බිජය රෝපණය කළේය. ඇය කථිකයෙකු වූ අතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබු ප‍්‍රගතිශීලි බුද්ධිමත් තරුණියකි. ඇය තම විප්ලවවාදී දේශපාලන ක‍්‍රමය අවංකව කැපවූ අතර එහි දී ඇය සිරගත කළ නමුදු ඇගේ දේශපාලනික ගමන් මග මහ දුක්පීඩා හමුවේද නොවෙනස් විය. ඇය ශක්තිමත් සත‍්‍රීි චරිතයක් ලෙස නිරූපිතය. අවසානයේ ස්ත‍්‍රීත්වය පවා පොලිස් නිලධාරීන් අතින් විනාශ වුවත් ඇය පෞද්ගලික ජීවිතයක් ගොඩ න`ගාගෙන විධි සමෘධිමත් කිරීමට උත්සහා තබාගත් අවංක චරිතයකි. ඇගේ රැුඩිකල් බව නිසාම සිය දරු දෙදෙනා වෙනුවෙන් පමණක් නොව සමස්ථ දරු පරපුර වෙනුවෙන්ම ඇය ලොවක් තනන්නට උත්සහ ගත්තාය. ‘‘අපේ දරුවෝ දෙන්නා විතරක් නෙමෙයි මේ රටේ ඉන්න ඔක්කෝම දරුවෝ ගැන හිතලයි අපි වැඩ කරන්න ඕනා මම මගේ දරුවත් එකයි, අන්න අතන අර ලයිට් කණුව යට බුදියගෙන ඉන්න දරුවත් එකය.’’ සැමියාට අවනතවීම නිතරම දරුවන් බිහිකරමින් ගෘහයට සීමා වී ගෙවන සාමාන්‍ය ස්ත‍්‍රී ජිවිතය ඇය දකිනුයේ උපහාසයෙනි. සිය සැමියා වන නියතපාල පවා තම දේශපාලන ව්‍යාපාරයට බඳවා ගැනිමට ඇය සමත් විය. ඇය සිය පවුල හා සැමියා කෙරෙහි දැක්වූ නොසැලකිල්ල නිසාම ඇය වැන්දඹුවක වන නමුදු සිය දේශපාලන ව්‍යාපාරය ඇය අත්නොහරින ශක්තිමත් චරිතයක් වශයෙන් ඇගේ චරිතය නිරූපිතය. සිය දේශපාලන නායකත්වය සහ දේශපාලන මතවාද අන්ධයන් මෙන් අනුකරණය කරන අනුගාමිකයකු බවට තෙමේ පත් නොවිය. ඇය හැමවිටම දුර්වල තැන් මෙන්ම පක්‍ෂ නායකත්වය පවා ප‍්‍රශ්න කළහ. සිය දේශපාලන ව්‍යාපාරය තුළ එකට බැඳි සිටි සාමාජිකයන් වන ලයනල් සුජාතා වැනි අය විවාහ වී තම ජීවිතය හා දරුවන්ගේ ජීවිතය හෙවත් පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් රටින් පැන ගියද ඬේසී එසේ තම පෞද්ගලික ජීවිතය පිළිබඳ කිසිදු දිනක නොසිතු චරිතයකි .‘‘ලයනල් සහෝදරයා ඇතුළු පිරිස විසින් දෙවෙනි වතාවටත් රටේ තරුණ පරපුර වෙත හඳුන්වා දෙන ලද දේශපාලන දර්ශනයක් නිසාවෙන් ජීවිත පූජා කරන්නට සිදුව ඇත. දුප්පත් තරුණ තරුණියන් වෙනුවෙන් මහත් සංවේගයක් ඬේසිගේ සිතේ ගින්නක් මෙන් ඇවිල ගියේය.... කාගේ හෝ අත්සවයකට තමාට මුහුණ දිමට සිදුවුවහොත් තමාගේ දරුවන්ට තාගේ රැුකවරණයද? එසේ පළායාමේ හැකියාවක් හෝ පළා යාමේ වුවමනාවක් තමාට නැතැයි සෝමේ තමා වැනි සියළුම දෙනා කෙරෙහි ඇති අනුකම්පාවෙන් යුතුව සිතුවාය.’’ දේශපාලන සංවිධානයේ ප‍්‍රතිපත්ති වෙනස් වි එය බල අරගලය වෙත .... අවධියේ එම වෙනස්වීම කිසිවකු නොකළ අයුරින් ඇය විවේචනය කිරීමට තරම් එඩිතර හා නිර්භීත ස්වාධීනත්වයකින් යුක්ත තරුණියක් විය. එම නිර්භීත බව නිසාම තම දේශපාලන සංවිධානය විසින්ම හෝ රජය විසින් මහ ම`ග මරා දමන්නේ ඇගේ නිර්භීත ප‍්‍රගතිශීලි බව පාලනය කළ නොහැකි වු හෙයිනි. ඇය හුදෙක් සම්ප‍්‍රදායික සියුමැලි ස්ත‍්‍රී චරිතයක් නොවූ අතර නින්දා අපහස ගැරහුම්වලට මුහුණ දිය හැකි හා අභියෝග හමුවේ නොසැලූණ අවංක හා බුද්ධිමත් තරුණියක් ලෙස සුමිත‍්‍රා රාහුබද්ධ ඇය නිරූපණය කොට ඇත. කතුවරියට අවශ්‍ය වූයේ ස්ත‍්‍රියගේ සිතෙහි ඇති ශක්තිමත් බව ඉස්මතු කිරීම බව හැෙ`ග්. ඇය සෝමේගේ චරිතය තුළ මතු කරන ප‍්‍රගතිශීලි බව හා අභියෝගාත්මක බව තුළ ස්ති‍්‍රය කෙරෙහි නව අර්ථකථනයක් සපයන අතරම සාම්ප‍්‍රදායික මතවාදයේ ඛණ්ඩනවීමක් මෙන්ම පාඨකයාට නව මතයක් ස්ත‍්‍රිය විෂයෙහි ලබා දේ. වැන්දඹු ස්ත‍්‍රිය වැන්දඹු ස්ත‍්‍රියක් යනු සිය සැමියා අහිමි වු කාන්තාවයි. සුමිත‍්‍රා රාහුබද්ධගේ ඉටිපහන් නව කථාව තුළ එන දුලීකා නැමැති චරිතය වැන්දඹු ස්ත‍්‍රියක ලෙස නිරූපණය වි ඇත. ඇය තරුණ අවධීයෙදීම හීන් අප්පු නම් පුද්ගලයෙකුට විවාහකර දුන් නමුත් එම විවාහ ජීවිතය සාර්ථක නොවූහෙයින් ඇය යාපනයේ ඒජන්තවරයෙකුගේ බංගලාවේ වැඩට යන අතර එහිදී ඒජන්තවරයයා සමග හටගත් සම්බන්ධතාවයකින් ඇය දියණියක ලබයි. ඒජන්තවරයා සිය නිල කලය අවසන් විමෙන් පසු සිය රට වන එංගලන්තය බලා යන අතර එහිදී දුලීකා දියණිය සමග ගමට පැමිණියද ඒ වන විටත් හීන් අප්පු මිය ගොස්ය. දුලිකාගේ චරිතය සමස්ත ස්ත‍්‍රී භූමිකාව විෂයෙහි මුහුණ දෙන්නාවූ පීඩාවන් නිරූපණය කරන්නකි. පෙර දිග සමාජයන්හි බොහෝවිට සැමියා බිරිඳගේ ... ආරක්‍ෂකයා, පෝෂණය කරන්නා සහ දරුවන්ගේ නීත්‍යානුකූල හිමි කරුවා ලෙස පිළිගනියි. මේ සියලූ වගකීම් වැන්දඹුවකට සිය දරුවන් වෙනුවෙන් ඉටු කරනු ලැබුවද ඒ සඳහා පිළිගැනිමක් හෝ වටිනාකමක් සමාජයෙන් හිමි නොවේ. දුලිකාගේ චරිතය මගින් ලේඛිකාව මතු කරනු ලබන්නේ මෙම ගැටළුවයි. ඇයගේ දියණියට පියා අහිමි වුවද ඇය සියලූ යුතුකම් ඉටු කරනු ලැබුවද දියණියගේ නිත්‍යානුකූල පියා පිළිබඳ පවත්නා සමාජ මතය වෙනුවෙන් අවමන් විඳින්නිය. සැමියකු නොමැති වීම සහ දරුවාට නීත්‍යානුකූල පියකු නොමැතිවීම හේතුවෙන් ඇග ගමේ සියලූ පුරුෂයන්ගේ ලිංගික ගොදුරක් බවට පත් කිරීමට උත්සහ ගනයි. දුලිකා තනිව නිවසේ ජීවත්වන අතර ඇය සොයා එන පිරිමින් ඇය සොයා ඒමත් ඇය ඒ සඳහා කැමති වුවද අකමැති වුවද ඇගේ අසරණබාවය මොකක්ද ඒක සමාජය විසින් දෙනු ලබන අසරණ භාවයක් නේද? ස්ත‍්‍රීනට සැමියා අහිමිවීම අසරණකමක් ලෙස දකින සමාජය ඒ තුළ ලිංගික වශයෙන් ඇය ගොදුරු කරගනී. දුලිකා යනු රූමත් කාන්තාවකි. ඇයට සැමියකු නොමැති වුවද ඇගේ ශක්තියෙන් ජීවත්වීමට හැකියාව ඇති ධෛර්යමත් කාන්තාවකි. ඇය සොයා එන පිරිමින් ඇයට කිසි දිනක ජිවත්වීම සඳහා උදව් නොකරති. තුමනේරිස් අයියා කන්දේ ගෙදර හමත්තයා වැනි අය එවන් පුද්ගලයන්ය. ‘‘පිරිමියෙක් ගැහැණියකට ලංවන්නේ එකම එක දෙයක් අරමුණු කොට ගෙන යයි ඇය සිතුවාය. එත් ගැහැණියකගේ සිත එහෙම නොවේ. පුඩිය සේ උණුසුම්ව පිරිමියෙකු ළ`ගට වී සිටින්නට ගැහැණියක ආස යෙ. තමා ඇළුම් කරන පිරිමියා තමාව රැුක ගන්නවා ඇතැයි තමාට සැබෑවටම ආදරය කරනු ඇතැයි තමා වැනි ගැහැණුන් සිතන මුත් එය ඒ ආකාරයෙන් සිද්ධ වන්නේ නැත.’’ ස්තී‍්‍ර චිත්තය පුරුෂයා විෂයෙහි ක‍්‍රියාත්මක වන අයුරු අපූර්ව ආකාරයෙන් ඉදිරිපත් වේ. දුලීකාගේ අභ්‍යන්තර සිතෙන් හටගනු ලැබූ මෙම හැ`ගීම් තුළ ඇත්තේ ඇගේ අව්‍යාජත්වයයි. ඇය තුමනේරිස් අයියාගෙන් බලාපොරොත්තු වූයේ ද එයයි. නමුත් දුලීකාට එවැනි ලයාන්විත ආදරබර කරුණාවක් කිසිදු පුරුෂයකුගෙන් හිමි නොවිය. එසේම වැන්දඹු ස්ත‍්‍රියක් සොයා එන පුරුෂයන්ට වඩා එහි අවමානය සහ අවලාද හිමිවනුයේ එම වැන්දඹු ස්ත‍්‍රියටයි. දුලීකාද සමාජයේ ‘‘වල් ගෑණියක’’ ලෙස හඳුන්වා දෙන්නේ ඇගේ ක‍්‍රියා කලාපයට වඩා ඊට සමාජය දෙන අර්ථකථනය අනුවය. ‘‘අපේ අම්මා වල් ගෑණියෙක් නෙමෙයි බං මේ නම්බුකාර මිනිස්සු ඇවිදින් මේ ගෙයි පැලැල්ල ඇරගෙන ගෙට එන්න දැ`ගලූවා මහ ? උන්ට ඒක කරගන්න පුළුවන් වුනොත් අපි වේසාවියෝ බැරි වුණත් අපි වේසාවියෝ ’’ රාහුබද්ධගේ වෑයම වී ඇත්තේ දුලීකා මගින් සමාජයේ අසරණයැයි හඳුන්වන ලද වැන්දඹුව පිළිබඳව මතය වෙනස් කිරීමයි. එනම් දුලිකා ශක්තිමත් ධෛර්යමත් කතකි. සියලූ සමාජ අවවාදයන් හමුවේ ඇයට නැගී සිටීමට ශක්තියක් ඇය සතු විය. නමුත් ඇය පමණක් නොව ඇගේ දියණිය පවා ඔවුන්ගේ ගොදුරක් කරගැනිමට උත්සහ දරයි. ‘‘මං ලොකු ගෑණියක් වෙච්චල් කාලේ මේ ගමේ සද්දන්ත පිරිමි මාව දඩයම් කරගන්න ආවා අම්මටයි මටයි ? නින්දක් නෑ අම්මට නිදාගන්න මන්නේ අරගෙන මම පැලැල්ල ළ`ග ඊන්නවා මට නිදා ගන්න අම්මා මන්නේ අරගෙන පැලැල්ල ළ`ග ඊන්නවා ’’ වැන්දඹු ස්ත‍්‍රියකට ජීවත්වීමට විශේෂිත ආරක්‍ෂාවක් අවශ්‍ය වන්නේ ඇගේ වරදින් නොව ඇය සදාචාරවත් කිරීමට උත්සහ දරන සමාජයේම පුරුෂයන්ගේ බලපෑම හේතුවෙන් බව දුලීකාගේ චරිතය හරහා ලේඛිකාව ගම්‍ය කරයි. ඒ අනුව වැන්දඹු ස්ත‍්‍රියකට අනුකම්පා සහගත ආකල්පයන් ඉක්ම ගියාවූ ප‍්‍රගතිශීලි දෘෂ්ටියකින් ඇය දෙස බලන්නට ලේඛිකාව සහෘදයන්ට ආරාධනා කරයි. එසේම ඇය අසරණ වූ ස්ත‍්‍රියකට වඩා පරාරෝපිත බවෙන් තොර ජවසම්පන්න ශක්තිමත් ස්ත‍්‍රියක් වන අතරම ඇගේ ස්වාධීන නිදහස් පැවැත්ම පිළිබඳ ආකල්පයන් මෙහිදී මතු කරයි. ඒ අනුව වැන්දඹුව පිළිබඳව පවත්නා දෘෂ්ටිවාදයෙන් සංස්කරනයන් සමාජය තුළ ගොඩ නැ`ගිය යුතු බව දුලීකාගේ චරිතය මගින් ලේඛිකාව අ`ගවන බව හඳුනාගත හැකිය. මගුල් මුද්ද - ජයතිලක කම්මැල්ලවීර පෙර දිග විවාහ සංස්ථාවේ බොහෝවිට මුලිකත්වය හිමිවන්නේ පුරුෂයාටය. ගෘහ මූලිකයා ලෙස පිළිගැනීමට ලක්වන්නේ ස්වාමියාය. අඹුසැමි කි‍්‍රයාකාරිත්වය විමසා බැලීමේ දී මෙම සමාජ ආකල්පයන්ට පටහැනි ලෙසින් පවුල හෙවත් කුටුම්භය තුළ ගෘහමූලිකයා ලෙස ආර්ථික වගකීම් දරමින් කැපවීමෙන් යුතුව ක‍්‍රියාකරන ස්තී‍්‍රහුද සිටිති. එවන් ස්ත‍්‍රියක වශයෙන් මගුල් මුද්ද කෙටිකථාවේ එන ශි‍්‍රයාගේ චරිතය හඳුන්වා දිය හැක. මෙහි නන්දසේන යනු ඇගේ සැමියාය. ඔහු නාමික වශයෙන් පමණක් පවුලේ වගකීම් වලට උරදෙයි. ශි‍්‍රයා රැුකියාවට යන අතරතුරම පවුලේ හා දරුවන්ගේ සියලූ වගකීම් කරට ගෙන ක‍්‍රියා කරයි. විවාහ ජීවිතය තුළ ස්ත‍්‍රී භූමිකාවේ පවත්නා ඛේදනීය ස්වරූපය ඇගේ චරිතය හරහා නිරුපිතය. නන්දසේන යනු මත්පැන්වලට ඇබ්බැහිවූවෙකි. ඔහුට දරුවන් ගැන හෝ තම බිරිඳ පිළිබඳ සොයා බැලිමක් හෝ සිදු නොකරයි. මෙරට විවාහ සංස්ථාව තුල එකිනෙකට වෙන්වූ කාර්ය කොටස් සැමියාට සහ බිරිඳට වෙන් වුවද විවාහ ජීවිතය තුළ සැමියා එම වගකීම්වලින් බොහෝවිට මිදුනද ස්ත‍්‍රියට එම සියලූ වගකීම් සිදු වේ. ශි‍්‍රයා තම මව ¥දරුවන් ගැන පමණක් නොව ආර්ථික ප‍්‍රශ්න ද විසඳීමට සිදුවේ. මෙහිදී ඇය එදිනෙදා වේල පිරිමසා ගැනිම සඳහා තම මගුල් මුදුව උකස් තබයි. මගුල් මුද්ද උකස් තැබීමෙන් පසු ඇගේ මානසික අභ්‍යන්තරයේ පැවති ගැටුමක් මෙම කෙටි කථාව තුළ ප‍්‍රධානම සිද්ධිය වේ. එනම් ස්ත‍්‍රියකට මගුලූ මුද්ද ඇය විවාහක බව හ`ගවන සංකේතය වේ. එමගින් ඇය එක් පුරුෂයෙකුට අයත් කාන්තාවක් ලෙස ගම්‍ය කරයි. පීතෘ මුලික සමාජ ක‍්‍රමයකට ස්ති‍්‍රයකට අවිවාහකව සිටිය නොහැක. එවිට ඇය අවලංගු කාසියක් මෙන් සමාජය තුල පිළිගැනීමට ලක් නොවේ. ශි‍්‍රයා තුළ පවත්නේ ඇගේ අතේ මුද්ද නැතිවීම පිළිබඳ භීතියකි. මෙම භීතිය සංස්කෘතිය මගින් ගොඩනගන ලද්දකි. එනම් මැදි වයසේ පවත්නා ස්ත‍්‍රිය සමාජය තුළ පිළිගැනිමට ලක්වන්නේ විවාහක අවිවාහක බව මතය. ‘‘බැඳලා අවුරුදු හතක් වුණා. එක දවසක්වත් මේ මුද්ද ඇගිල්ලෙන් ගැලෙව්වේ නැතිකොට ... මේක උකස් කඬේ තියන්නේ’’ ඇය නන්දසේන සම`ග අප‍්‍රසන්න යුග දිවියක් ගතකරනු ලැබුවද විවාහ ජීවිතය ගෙවු අවුරුදු හත ඇතුලත සංස්කෘතිය මගින් ස්ති‍්‍රයකට පිරිනමන ලද ඇගයුම පවත්වාගෙන යාමට උත්සහ දරා ඇත. තාරුණියකට විවාහවන වයස් වයස් සීමාව ඉක්මවූ කල ඇය සමාජයේ අනුකම්පාවට ලක්වීමට තරම් කරුණක් ලෙස සලකයි. එනම් ස්ත‍්‍රියකට හුදෙකලාව ස්වාධීන පැවැත්මක් සංස්කෘතික අවකාශය තුළ නොමැති ව හැ`ගවේ. එනම් පීතෘ මූලික ක‍්‍රමය තුළ ස්ත‍්‍රිය පුරුෂයකුගේ පාලනයට විවාහය මගින් නතුවිය යුතු බවට සමාජය තුළ ගොඩ නැගි ඇති ආකල්පයන්ය. ශි‍්‍රයාගේ ද කල වයස යමින් පැවති කාලයේ ඇය ශෝකයට පත් වී සිටියේය. එහෙයින් නන්දසේන බැඳ ගැනීම ඇයට ප‍්‍රීතියක් විය. ‘‘දවසින් දවස වයසට යන කොට මට බයක් දැණුනු බව ඇත්ත මාත් එක්ක ඉගෙන ගත්තු කෙල්ලෝ ඔක්කොම බැඳලා උන්ට ලොකු දරුවෝ ඉන්නවා දකිනකොට මට ජීවිතේ එපාවෙන තරම් වේදනාවක් දැනුන බව ඇත්ත. එත් නන්දසේනගේ යෝජනාවට මම එක`ග නොවි ටිකක් හොයලා බලන්ඩයි තිබුණේ. ඒත දැන් හිතෙන හැටිනෙ. කසාද බැන්ද දවසේ මට දැණුනේ රටක් අල්ලා ගත්තා වගේ සතුටක්නේ. මගුල් මුද්ද දාගෙන මම කන්තෝරු ගියේ මොනතරම් ආඩම්බරයක්ද? ඒ දවස්වල මම බස් එකේ ගියේ හැමෝටම මගුල් මුද්ද පේන විදියට සිට් ඇන්දට අත තියාගෙන මමත් දිනපු ගැණියෙක් කියලා මම සතුටු උණානේ.’’ ස්ත‍්‍රියගේ ජයග‍්‍රහණය යනු තවත් පුරුෂයාගේ පාලනයට යටත්වීමය යන දීන මානසිකත්වය ශ‍්‍රියා තුළ අතීතයේ ක‍්‍රියාත්මක විය. එය දැන් ඇය මගුල් මුද්ද හෙවත් විවාහක බවේ සංස්කෘතික සංකේතය රැුකගැනීමට දරන ලද උත්සහයේ මුල් අවස්ථාව හෙවත් පදනම වශයෙන් හඳුනාගත හැක. නන්දසේන සමග එකතුව විවාහ ජීවිතයක් ගත කිරීමට හෝ ඔහුට ආදරය කිරීමට ඇගේ අවශ්‍යතාවය නොවීය. එනම් නන්දසේනගේ ක‍්‍රියාකලාපය තුළ පිඩාවට පත්ව ඇති හෙයිනි. එහෙත් ඇය ඔහු හා විවාහ වු බව හ`ගවන මගුල් මුද්ද අතේ නොමැති වීම පිළිබඳ වේදනා විඳින්නේ විවාහ සංස්ථාව පිළිබඳ සමාජ සංස්කෘතික අර්ථ ගැන්වීම දක්වන ලද ගැතිකම නිසා බව මෙහි ලේඛකයා ඇගවුමක් ලබා දේ. ‘‘ඔන්න ඕකනේ ශි‍්‍රයා මම කියන්නේ ඔයා බොරුවට කැ ගැහැවට මම දන්නවා මට කොච්චර ආදරේද කියලා. දැන් බලන්ඩ ඔයාට මගුල් මුද්ද අතේ නැතුව එක දවසක් ඉන්ඩ බෑ ඇයි? ඇයි ඒ ඒ මොකද දන්නවද ඔයා ඒ තරමටම මට ආදරෙයි ඇත්ත ඒකයි තේරුම’’ අම්මපා මට පැනපු ගමන් මේ මිනිහගේ බෙල්ල මිරිකලා දාන්ඩ පුළුවන් කිසිම බයක් සැකක් නැතුව මෙයා කියන්නේ මම ඌට ආදරේ හින්දයි මුද්ද නැතුව ඉන්ඩ බැරි කියලා ඇය නන්දසේනට සැබවින්ම ආදරය නොකරයි. ඇයට ඔහු පිළිබඳ ඇත්තේ පිළිකුලකි. එසේත් නැත්නම් වෛරයකි. ඇය එය ඔහු ඉදිරියේම පල කිරීම සඳහා දරු දෙදෙනාට මුද්ද මවා පංචායුධ දෙකක් සෑදීමට හෝ පස් දවසකට මුද්ද බේරා ගෙන ඇවිත් ඔහු ඉදිරයේම එය තලා පළිගැනීමටද සිතයි. දැන් ඇයට විවාහ ජීවිතය පිළිකුල් අප‍්‍රසන්න අත්දැකීමකි. බීමත් ස්වාමි පුරුෂයෙකුගේ නොසලකා හරින ලද බිරිඳගේ මානසික වියරුව ඇයගේ හැ`ගිම් තුළ පලවේ. නන්දසේන මගුල් මුද්ද පිළිබඳ වූ ඇගේ වේදනාව සලකනු ලබන්නේ ආදරයක් වශයෙන් විවාහක ජිවිතය තම සැමියා සම`ගම ගත කළ යුතුය යන සංස්කෘතිය විසින් බලගන්වන ලද ආකල්පය ස්ත‍්‍රිය පවත්වා ගෙන යන කල ආදරය ලෙස හඳුනාගැනීම කොතරම් හාස්‍යජනකදැයි ලේඛකයා මෙහි දී පෙන්වා දේ. ඇය නන්දසේනගෙන් මගුල් මුද්ද තලා හෝ ... පලිගැනීමට සිතුවා ද ඇය විවාහය පිළිබඳ ස්ත‍්‍රියට ඇති සංස්කෘතික ඇගයුමට අකීකරුවිමට බියක් දක්වයි. එනම් ස්ත‍්‍රිය තරුණ විය ඉක්මවා මැදි වයසට එළඹීමත් සම`ගම දරුවන් බිහි කිරීම නිසා ශරීරයේ ස්වභාවය පිරිහීමට පත්වේ. ඒ අනුව ඇගේ අතේ නහරද ඉලිප්පී තිබීම පවා කැතට පෙනෙනුයේ මුද්ද නැති නිසා යයි ඇය සිතයි. ස්ත‍්‍රියකගේ පුරුෂයාට සාපේක්‍ෂව වියපත් වීම වේගයෙන් සිදුවීමෙන් ගම්‍ය වනුයේ ඇය විවාහ ජීවිතය වෙනුවෙන් කරන ලද කැප කිරිමේ ප‍්‍රථිඵලයන්ය. එය විවාහ ජීවිතය වෙනුවෙන් කළ යුතු වගකීම් ලෙස සංස්කෘතික දෘෂ්ටිවාදයන් ස්ථාවර කර තිබේ. එහි දී එම කැපකිර්ීම හ`ගවන සංස්කෘතික සංකේතය වන මගුල් මුද්ද නොමැති වීම ඇයට විශාල අඩුවකි. ‘‘ මගේ ඇ`ගිලිවල හැටි ලාම්පු එළියෙන් බිත්තියේ වැටිලා තියෙන හෙවනැල්ල දර ඉපලක් වගේ ඒත් හෙවනැල්ල පේන තරමට කෙට්ටු නෑ මේ අත හැමෝගෙම අත්වල නහර ඉලිප්පිලා පේනවා. මගේ අතේ ටිකක් වැඩියි. ඒත්...මුද්ද නැති නිසයි හු`ගක් අජුවට පෙනෙන්නේ.’’ ස්ත‍්‍රියකගේ විවාහ ජීවිතය අසාර්ථක වීමට කුමන හේතු බලපානු ලැබුවද එය ඇයගේ සමාජීය පැවැත්ම තුළ ඇති ඇගයුම අඩුවීමට හේතු වේ. එනම් ඇය කොතරම් දුක් විඳිනු ලැබුවත් ඇගේ මව පවා ඇගේ විවාහය කැඩෙනවාට අකමැතිය. ‘‘ අම්මා දන්නේ නෑ මගේ අතේ මුද්ද නැතිබව උන්දෑ දැනගත්ත නම් මගුල කැඩුණු ගානට දුක්වෙයි. මේ මගුල මෙහෙම තිබිලා මොකටද අම්මත් දන්නවා මං විඳින දුක් වේදනාව එත් මගුල කැඩෙනවට උන්දෑ කොච්චර බයද?’’ එනම් විවාහ සංස්ථාව හා බැඳුණු අනම්‍ය සංස්කෘතික ආකල්ප පුද්ගලයාට වඩා බලවත් බව පෙනේ. එනම් පුරුෂ කේන්ද්‍රීය සමාජ සංස්කෘතික ආකල්ප තම සමීපතමයන් සම්බන්ධයෙන් අසාධාරණ පීඩාකාරී ආකාරයෙන් ක‍්‍රියාත්මක වුවද එයට අවනත වීම විනා ප‍්‍රශ්න කිරීමට වෙනස් කිරීමට හෝ කිසිදු දායකත්වයක් හිමි නොවන බවයි. මෙම ආකල්ප සමාජ ස්ථාවරයන් බවට පත්වන්නේ එහෙයින් බව ලේඛකයා පාඨකයාට ඉ`ගිකරයි. ‘‘මට නං මේ මගුලෙන් වැඩක් නෑ මේක තියෙනවට වඩා හොඳයි නැති වෙනව නං ඒත් අත පාලූ කරගෙන පාරේ බැහැලා යන්නේ කොහොමද? පාළු අත දකින කොට මිනිස්සු හිතයි මම නොබුඳපු ගෑනියක් කියලා එහෙම හිතලා මං දිහා අනුකම්පාවෙන් බලයි. පව් මේ ගෑණිට මෙච්චර වයසක් යනකල් දීගෙක යන්න බැරිවෙලානෙ’’ එනම් ස්ත‍්‍රියට විවාහ නොවී සිටිමේ නොහැකියාව ස්වභාවිකව සමාජය ගොඩනංවන ලද දෙයක් බව ‘‘මිනිස්සු හිතයි’’ යන ප‍්‍රකාශය තුළ අර්ථවත් වේ. ඇය විවාහ ජීවිතය පවත්වා ගෙන යන්නේ සාමාජික මිනිසාගේ ආකල්පයන්ට බියෙන් බව පෙනේ. පුරුෂයකු හා බැඳි නොසිටින ස්වාධීන ස්ත‍්‍රියක් සමාජයේ අනුකම්පාවට ලක් වන්නේ මන්දැයි මෙහි දී ලේඛකයා ප‍්‍රශ්න කරයි. ඒ අනුව විවාහ සංස්ථාවේ පාර්ශවකරුවෙකු වන ස්ත‍්‍රිය සමාජ සංස්කෘතික අගයන් හා අපේක්‍ෂා සමග සුසංවාදී වීමට දරණ තැතත් එමගින් ඇය ලබන පීඩාවත් ශි‍්‍රයාගේ චරිතය හරහා නිරූපණය වන අතර ස්ත‍්‍රියක වශයෙන් මේවාට අනුගත වීම සමාජ සංස්කෘතික අගයන් සමාජය තුළ සාමාන්‍යකරණය වී විවාහයේ ගැටළු සහගත නොපෙනී බන බවද මෙහි දී ලේඛකයා පෙන්වා දෙනු ලබයි. තරංගා රණසිංහ - ගෙ`ග් පනිනකොට තරංගා රණසිංහගේ ගෙ`ග් පනින කොට කෙටිකථාව තුළ පේ‍්‍රමය හා විවාහය තුළ ස්ත‍්‍රිය විඳිනු ලබන කායික මානසික පීඩාව නිරූපණය වේ. මෙහි නිරූපිත ප‍්‍රධාන ස්ත‍්‍රී චරිතය වන කථකයා දුෂ්කර ග‍්‍රාමීය ප‍්‍රදේශයක සිය සහෝදරියගේ නිවසේ ජීවත් වන තැනැත්තියකි. ඇය එහි දී සෙනරත් සමග ඇති කරගන්නා පේ‍්‍රම සබඳතාවයකින් විවාහ වේ. මෙහි දී විවාහය නැමැති සමාජ සංස්ථාව තුළ පුරුෂයාට හිමි ආධිපත්‍ය හමුවේ ස්ත‍්‍රිය හුදෙක් ඔහුගේ ලිංගික තෘප්තිය පූරණය කරන්නියක මිස සැබෑ මනුෂ්‍යකු ලෙස ඇයට කිසිදු වටිනාකමක් හිමි නොවීම පිළිබඳ ගැටළුව මෙහිදී ලේඛිකාව පෙන්වා දෙයි. ඔවුන් දෙදෙනාගේ විවාහයේ පදනම පේ‍්‍රමය වුවත් ඔහු ඇයව විවාහ කරගන්නේ ඇයට දක්වන ආදරයට වඩා ඇගේ මස්සිනාගෙන් පළි ගැනිමටය. උඹ යමං අපේ ගෙදර මෙහෙම හදිසි තීරණ ගන්නේ මැක්කැයි සෙනරත් මක්කා ඒකේ ඇති වැරැුද්ද මං කොහොමැයි සෙනරත් ඔයාලයි ගෙදර එන්නේ අක්කත් තාම ගෙදරනේ...කියන කොට සෙනරත් කිව්වේ මට ඕනෑ ඔහේලාගේ මස්සිනාට පාඩමක් උගන්වන්න ඔහුගේ විවාහයේ අරමුණ ඇය කෙරෙහි පේ‍්‍රමය හෝ කරුණාව හෝ නොව පුරුෂත්වය අභියෝගයට ලක් කළ ඇගේ මස්සිනාගෙන් පළිගැනීමය. නමුත් ඇය තුළ ඇත්තේ සුන්දර විවාහ ජීවිතයක බලාපොරොත්තුවයි. අපිට කියලා ගේ කැල්ලක් හදාගෙන අපි පිළිවෙල වෙමු සෙනරත් බහක් නොදොඩා නුගේ දිහා බලන් හිටියා. මං මොකක් හරි රස්සාවක් හොයා ගන්නම් සෙනරත් මං සෙනරත්ට එහෙම කිව්වේ බලාපොරොත්තු දාහක් ඇතිව විවාහය පදනම් කොට ගත් පවුල යනු අඹු සැමි සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරිත්වයන්ගෙන් සැදුම් ලත් සමාජ ඒකකයකි. නමුත් ඇය හා සෙනරත් අතර පවතිනුයේ ඇයගේ අපේක්‍ෂාවන්ට වඩා සෙනරත්ගේ රුචියට ඇය අකමැත්තෙන් හෝ එක`ග වීමය. ‘‘ අපි එක වහළක් යටට වෙච්ච සන්තෝසෙට එයැයි කුකුලෙකුයි බෝතලේකුයි ඇන්න ආවා මම කුකුළා සුද්ද කොලා එයැයි බෝතලේ මූඩිය පැන්නුවා’’ මෙහි සැමියා හා බිරිඳ එක වහලක් යටට යාමම එකතු විමේ ප‍්‍රීතිය ඔහු තනිවම විඳගනු ලබයි. එය බිරිඳ සමග බෙදා ගත් සතුටක් නොවේ. ඇය එහි දි කළ යුතු වන්නේ ඔහුගේ සතුට වෙනුවෙන් ඇගේ යුතුකම ඉටු කිරීම පමණකි. විවාහය යනු ස්ත‍්‍රිය හා පුරුෂයා ලිංගික සබඳතාවයන් නීත්‍යානුකූල සහ සමාජ සංස්කෘතිය අනුමැතිය ලබාදෙන සමාජ සංස්ථාවකි. එහි දී එය ස්ත‍්‍රිය සහ පුරුෂයා දෙදෙනාගේම ආකල්ප වල මෙන්ම කාර්යභාරයේ ද සමානාත්මතාවයක් තිබිය යුතුය. නමුත් මෙහිදි විවාහය සංස්කෘතික අර්ථ ගැන්වීම අනුව පුරුෂයාගේ ජීවන පැවැත්ම පවත්වාගෙන යාමට ස්තී‍්‍රය දායක කර ගැනීමක් හැ`ගවේ. මෙහි දී ඔවුන් දෙදෙනා විවාහ වන අවස්ථාවේ ගත් බඩු භාණ්ඩ සියල්ල ඇයගේ ගෘහමය වහල් භාවයයි. ඔහුගේ ලිංගික තෘප්ති පූරණය උදෙසා ඇගේ ලිංගික වහල් භාවයක් හ`ගවයි. නමුත් එම බඩු ... අතර පුරුෂයාගේ වගකීම් කාර්යභාරයට අදාල කිසිවක් නොවීය. ඔහු විවාහය තුළ වගකීම් වලින් නිදහස් වූවෙකු බව ඉන් හැ`ගවේ. ඇතිලි දෙකයි මුට්ටියයි නෑඹිලියයි හිරමනයයි. පැදුරයි පොලෙන් ගත්තා වහළයක් ගහලා තිබුන නිසා එයැයි අතේ සල්ලි ගැවසුනා. මම බෝඩිමේ තිවුව කොට්ටයයි පි`ගානයි හැන්දයි ඇඳුම් පෙට්ටයයි අන්න ආවා. ඇයට අවශ්‍ය වූයේ සෙනරත් සමග සාර්ථක පවුල් දිවියක් පවත්වාගෙන යාමටය. නමුත් සෙනරත් තම විවාහ ජීවිතයේ කිසිදු වගකිමක් ඇය වෙනුවෙන් ඉටු නොකරයි. ‘‘සාම්ප‍්‍රදායික විවාහ සංස්ථාව තුළ පුරුෂයා මූලික වේ. ඔවුන්ගේ ජීව විද්‍යාත්මක වෙනස්කම් නිසා ස්ත‍්‍රිය සහ පුරුෂයාගේ ලිංගිකත්වය පිළිබඳ අත්දැකිම්, ආකල්ප වෙනස් වේ. නිදසුනක් ලෙස හැ`ගිම්බර මානසික තත්වයන්ට වඩා කායික අවහ්‍යතා සම්පූර්ණ කර ගැනීම පුරුෂයාට දැඩි අවශ්‍යතාවන් පවත්නා බව ගැට්ලිට් (ඨ්එඑැකඑ* දක්වා ඇත.’’ එනම් ඇය ගැබ්බර වීමෙන් පසුව සෙනරත් ඇයව අතහැර දමයි. ඇය ක්ලිනික් එකට පෝලිමේ දමා ඔහු යනුයේ ඈ පිළිබඳ කිසිදු තැකිමක් නොකරමින්. ‘‘ මට අල්ලපු පුටුවේ ඉඳගෙන ඉන්න ගෑණු කෙනාගේ මනුසසයා ඔළුව අතගගා ල`ගින් හිටියා’’ ඇයට අවශ්‍ය වූයේ සෙනරත්ගේ (සැමියාගේ* භූමිකාව මෙසේ වීමටය. නමුත් ඇගේ හැ`ගීම්බර මානසිකත්වයට වඩා ඔහුගේ කායික අවශ්‍යතා සම්පුර්ණයෙන් ඇයව නොසලකා හරින ලදියි. ලිංගික කාර්ය තුළ ආධිපත්‍ය ඔහු දරණු ලැබුවත් ඉන් ජනිත වන ප‍්‍රථිඵල වූ දරුවා පිළිබඳ වගකිමෙන් මෙන්ම ඇය පිළිබඳ වගකීමෙන් ද ඔහු මගහැර යයි. ස්ති‍්‍රය හා පුරුෂයා යන දෙදෙනාගේ ස්ව කැමතිවීම හා නීත්‍යානුකූල අනුමැතියෙන් වන විවාහය තුළ පවා ලිංගිකත්වයෙහි යෙදුනද ස්ති‍්‍රයක් ස්ත‍්‍රියක් වීම නිසාම එහි ප‍්‍රථිඵලයන් වන දරුවා පිළිබඳ වගකීම ඇය මත පැවරේ. ඇය ගබ්සා වීමෙන් පවා තනියම රෝහලේ ගත වුව ද ඇයව බැලීමට හෝ සෙනරත් නොපැමිනේ. ඇය හීනෙන් පවා දකිනුයේ සෙනරත්ගේ ආදරයෙන් පිරුණු ඇගේ ලෝකයයි. ‘‘සෙනරත් නිල් මදුරු දැලක් අරගෙක ඇවිත් දැන් කොහොමද කියලා මගේ අතින් ඇල්ලූවා. මම සෙනරත් කියාගෙන ඇස් අරින කොට දන්නේ ලොකු මහත්තයා මගේ අතින් අල්ලා ගෙන ඉන්නවා මාත් එක්ක හිනාවෙලා මගේ ඔළුව අතගෑවා. මගේ ඇස් බොඳවෙලා ගියා’’ ඇය රෝහලේ සිට එක්කර ගෙන යාමටවත් නොපැමිණි අතර ඇය යන විටත් ඔහු ඇගේ ගෙදර නංගී සම`ග අනියම් සබඳතාවක් පවත්වති. විවාහ ජීවිතය තුළ ඇය මුහුණ දුන් ඛේදනීය තත්වය ස්ත‍්‍රියක වීම නිසාම මුහුණ දුන් තත්වයකි. නමුත් පුරුෂයා මෙන් තම පවුල් ජීවිතය අසාර්ථක කර ගැනීමට හෝ එයට පිටුපෑමට ඇයට නොහැකිය. විවාහය අසාර්ථක වීම පුරුෂයාට වඩා ස්ත‍්‍රිය කෙරෙහි බලපෑම් එල්ල කරයි. ඇය තම ජීවිතය විනාශ කර ගන්නවා යැයි පවසන්නේ එහෙයිනි. නමුත් පේ‍්‍රම සබඳතාවය තුළ ග`ගේ පනිනවායැයි කීවේ ඔහුය. පේ‍්‍රමයට වඩා විවාහය සංස්කෘතික අනම්‍ය වූ ගොඩනැගීම්ය. එනම් ස්ත‍්‍රිය සිරකාරියකි. පුරුෂයා මෙන් ඇයට ස්වාධීන විය නොහැකිය. එදා එයයි මට කිව්වේ ගෙ`ග් පනිනවා කියලා එදා මම එයැයිට කිව්වා මට මක්ක උඹ ගෙ`ග් පැනපන්කෝ කියලා. ඒ අනුව පුරුෂාධිපති සමාජ ව්‍යුහයේ එක් අංගයක් වන විවාහය ස්ත‍්‍රියව සිරකරන ලද හා ඇයව පාලනය කරන ඇගේ ස්වාධීන බව අහිමි කරන ප‍්‍රජා පීඩන සමාජ සංස්ථාවක් බව ඇගේ චරිතය මගින් කතුවරිය පෙන්වා දේ. මම ගෙ`ග් පනිනවා වතුර බිව්වා එයයි කිව්වා මට මොකක් උඹ ගෙ`ග් පැනපන්කෝ කියලා පවුල් සංස්ථාවේ සාම්ප‍්‍රදායික අර්ථ ගැන්වීම් අනුව සැමියාගේ කාර්යභාරය හා ක‍්‍රියාකාරිත්වය තුළ පවුලෙහි දරුවන් රැුකබලා ගැනීම ... කටයුතු පමණක් නොව ආර්ථික කටයුතු වන දරුවන් පෝෂණය කිරීම හා රැුකබලා ගැනීම ද ස්ත‍්‍රියගේ කරමත පැවරි ඇත. ගෘහමූලිකයා හෙවත් පවුලේ නීත්‍යානුකූල භාරකාරත්වය වුවද ඔහු සතු වුවද පුරුෂයා බොහෝ අයුරින් ඒවා නොසලකා හරිත්. ඇගේ අක්කාගේ ජීවිතය තුළින් ලේඛිකාව හ`ගවන්නේ ඇයයි. එනම් සෙනරත් පමණක් නොව ඇගේ මස්සිනාද ආදි බොහෝ පුරුෂයන් වර්තමානයේ පවුල් සංස්ථාවේ නාමික ගෘහ මූලිකයන් බවට පත්ව ඇති බවයි. ‘‘ බලපං මේ මිනිහා ගියා ගියාමයි, ගෙදර අහලකවත් පස් පෑගුවේ නැහැ නොවැ මං බලන් උන්දා එනකන් කොහේ හරි ගුබ්බෑයමමක ලැගලා ඇති. ළමයි ඉන්න අප්පා කෙනෙක් නේද මට මේ සැරේ ... ඉලපත ඕනේ හිටියත් එකයි නැතත් එකයි.’’ මෙහිදී ඇගේ පුතා වන උක්කුං යසෝදරාවතේ කවිකිහිපයක් කියනු ඇසෙයි. ලේඛිකාව මෙහිදී සාම්ප‍්‍රදායික සදාචාරවාදීන්ගේ අර්ථ විවරණයට අනුව ස්ත‍්‍රිය යසෝදරාවක විය යුතුය, එනම් සමස්ථ අර්බුද හමුවේ නොසැලි පවුල් සංස්ථාව ආරක්‍ෂාකළ යුතුයි. අදහස්වල පවත්නා ස්ත‍්‍රි වීමක ස්වභාවයක් මෙම දෘෂ්ටිවාදින්ගේ තවත් සමාජ සම්මුතීන්ගේ අනම්‍ය ස්වභායත් අවස්ථාවාදී ස්වරූපයක් පිළිබඳ පුනර්කථනයක යෙදීමට පාඨකයාට ඇරයුම් කරයි. ඒ අනුව විවාහය නැමැති සමාජ සංස්ථාව හා එහි ක‍්‍රියාකාරිත්වය ද පීතෘ මූලික සමාජයක් තුළ ස්ත‍්‍රිය කෙරෙහි පුරූෂයාට වඩා සංස්කෘතික ලෙස අසාධාරණ අයුරින් ගොඩ නැගී ඇති අතර පුරුෂත්වය මත පුරුෂයා ලබන ස්වාධීනත්වය තුළ ස්ත‍්‍රියගේ පීඩාකාරී බවද ලේඛිකාව මෙහි දී පෙන්වා දෙයි. තරංගා රණසිංහ - මෙමා පැරලියෝ විවාහ සංස්ථාව පවත්වාගෙන යාමට උත්සහා දරන මධ්‍යම පාන්තික කාන්තාවකගේ අනවරත උත්සහයක් මෙමා පැරලියෝ කෙටිකථාවෙහි නාලනීගේ චරිතය තුළින් නිරුපිතය. මෙහි නාලනී හා ජයතිලක යනු අඹුසැමියන් වන අතර ඔවුන්ගේ විවාහය තිබියදීම ජයතිලක පත්මිණි නැමති කාන්තාවක් සමග අනියම් සම්බන්ඳතාවයක් පවත්වා ගෙන යයි. ඔවුන්ගේ අනියම් සම්බන්ඳතාවය නිවසින් පරිබාහිරව පමණක් නොව නාලනී සිටියදීම ජයතිලක විසින් පත්මිණි නිවසට කැඳවාගෙන ඒමත් සම`ගම ඊට නාලනීගේ විරෝධය පෑමත් එහිදී ජයතිලක විසින් තම ආධිපත්‍ය පැතිරීම සිදු වේ. ඒ තුළ අසරණ වන නාලනී තම විවාහය රැුකගැනීමේ අරමුණින් දේවාලයට ගොස් ජයතිලක හා පත්මිණිව විනාශ කිරීම සඳහා අදෘශ්‍යමාන බලවේගයන්ගේ පිහිට පතයි. ‘‘විවාහය යනු සමාජ විද්‍යා ශබ්දකෝෂයට අනුව ලිංගික සංසර්ගයට හා සුජාතභාවය ලැබෙන පරිදි ස්ත‍්‍රී පුරුෂ දෙදෙනෙකු අතර සමාජය විසින් පිළිගත් ආකාරයෙන් සිදුවන එක් වීමයි.’’ එනම් මෙම විවාහය මගින් ස්ත‍්‍රියට හා පුරුෂයාට අබිනව සමාජ සංස්ථාවක සාමාජිකත්වය හිමිවන අතරම භාර්යාව හා ස්වාමියා ලෙස නිශ්චිත භූමිකා දෙකක් හිමිවේ. මෙම ප‍්‍රබන්ධ කථාව තුළ ලේඛිකාව උත්සහ දරනුයේ විවාහය තුළ නාලනි සහ ජයතිලකගේ භූමිකා ඔස්සේ යුතුකම් හා වගකීම්වලින් සපිරි මෙම ජීවිතය අන්‍යොන්‍ය වශයෙන් සාධාරණ හා අපක්‍ෂපාති වූවක්දැයි විමසා බැලීමටය. මෙහි නාලනී ජයතිලක පත්මිණි සම`ග අනියම් සබඳතාවක් පවත්වන බව මුල සිටම දැන සිටි නමුත් ඇය ජයතිලකගෙන් එය සෘජුව ඇසීමට බියෙන් පසුවේ. පුරුෂ මූලිකත්වය හමුවේ නිහ`ඩබව අනුගමනය කළාය. උඩහා ගෙදර සොමි නෝනෑ පැක්ටේරියේ මැල් මහත්තයාද නාලනීට කිවේ ජයතිලක ගැණියක් එක්ක රවුම් ගහන බවය’’ මේ අනුව ජයතිලකගේ වැඩ පළ ළ`ග රැුකසිට ජයතිලක පත්මිණි සම`ග පැවති සබඳතාවය සියැසින්ම දුටු නමුත් ඊට එරෙහිව ඇය කථා කිරීමට බියක් දක්වයි. එනම් ස්ත‍්‍රිය හා පුරුෂයා යන දෙදෙනාම ජිව විද්‍යාත්මක වශයෙන් මනුෂ්‍ය සංහතියේ ලිංගික වෙනස්කම් හේතුවෙන් වර්ගීකරණය වූ ප‍්‍රභේද දෙකකි. එහි දී එක් ලිංගිකයකු සුවිශේෂ වීමටත් ඔහුට අනෙකා බිය වීමටත් හේතුව නම් පුරුෂ ලිංගිකයා සතු සමාජය විසින් පිරිනමන ලද බල අධිකාරියයි. ‘‘එදා නාලනී ගෙදර ගියේ තෝන්තුවෙන් ජයතිලක ගෙදර එනකල් නොවිසිල්ලෙන් බලා සිටියාය. ජයතිලක වෙනදා වෙලාවට වැඩ ඇරී ගෙදර ආවාය. ජයතිලකගෙන් හවස තේ බොනකොට ? බත් කනකොට ද ‘ ඒ ගෑණි කව්දැයි’ අහන්න සිතා සිටියද ඒ ගැන නොඇසුවේ ජයතිලකට ඇති බියෙනි.’’ නමුත් අවසානයේ තම නිවසට පත්මිණි කැටුව ඒමට තරම් ජයතිලක තමා කෙරෙහි දැක්වූ නොසැලකිලිමත්භාවයට ඇය විරෝධය පලකරයි. විවාහය තුළ ඇයට හිමි තැන අදෘශ්‍යමාන කිරීමට එරෙහිව ඇය නැගී සිටියි. ‘‘දැන් ඒ ගෑණි ජයතිලක ගෙදරමට ඒකකගෙන ඇවිත් තිබේ. නාලනී කුස්සියට ගියාය. ජයතිලකත් පිටුපසින් පැමිණියේය. මොකද? යැයි ජයතිලක ඇසුවේය. තමුසේ මට බොරු කියන්න එපා. බොරු හරි ඇත්ත හරි තොගේ වැඩක් තෝ බලාගනින් යැයි දත් මිටි කමින් කියූ ජයතිලක කුස්සිය මුල්ලේ වූ මන්නය අතට ගත්තේය. නාලනී කුස්සියෙන් එළියට බැස්සාය.’’ විවාහක ස්ත‍්‍රිය සම්බන්ධයෙන් මූලික අර්බුදය නිර්මාණය වනුයේ මෙකී ප‍්‍රකාශයන් සම`ගය. ජයතිලක ඇයව පාලනය කරනු ලබන්නේ ප‍්‍රචණ්ඩත්වයෙනි. එනම් පුරුෂාධිපති සමාජ ක‍්‍රමය පවත්වා ගෙන යාමේ සමාජ සංස්ථාව වන විවාහය හා පවුල තුළ පුරුෂයාගේ බලය වටා කේන්ද්‍ර ගතවන බැවින් ස්ත‍්‍රිය එහි සිරකාරියක තත්වයට පත්ව ඇත. ඇයට ගෘහ වහල් භාවය පමණක් නොව ඉන් ඇති වන කායික මානසික පිඩනය තුළ සමාජයේ පළ නොවන හෙවත් අදෘශ්‍යමානව ස්ත‍්‍රියව පීඩනයට පත් කර ඇති ව නාලනීගේ චරිතය හරහා පෙන්වා දෙනු ලබයි. නාලනී තම පිඩිත බව වෙනුවෙන් තම පුද්ගල විරෝධය පරාවර්තනය කරනු ලබන්නේ අදෘශ්‍යමාන බලවේග වෙතය. ඇය කාලී අම්මාගේ පිහිට පතන්නේ තම පීඩිත භාවය වෙනුවෙනි. කාලි දේවතාවිය සමාජ සංස්කෘතික සන්දර්භය තුළ නිර්වචනය වන්නේ ස්ත‍්‍රීන්ට සිදුවන දුක් කරදර වෙනුවෙන් පිහිට වන දේවතාවියක ලෙසය. එය පත්තිනි දේව සංකල්පයේ නූතන ප‍්‍රවණතාවය වශයෙන් ද හඳුනාගනී. ඒ අනුව පත්තිනිය යනු ස්ත‍්‍රියගේ සාම්ප‍්‍රදායික භූමිකාව සංකේතවන් කරන අතර පීඩාව හමුවේ ඇගේ ප‍්‍රතිවිරෝධය කාලි අම්මාගෙන් සංකේතවත් වේ. එය කෘරත්වයට වඩා තම අසාධාරණය වෙනුවෙන් හ`ඩක් නැගීමකි. එමගින් ලේඛිකාව හ`ගවනුයේ නාලනීගේ පීඩිත බව අවසානයේ ඇයට කෘරත්වයෙන් මුදා හැරීමට සිදු වූ බව හෙවත් අසාධාරණය වෙනුවෙන් හ`ඩක් නැගිය යුතු බවය. එනම් පුරුෂ මූලික විවාහය තුළ ස්ත‍්‍රියගේ පීඩාව අදෘශ්‍යමානව පවතින බවත් ඒ කෙරෙහි පාඨක මනස සවිඥානික විය යුතු බවත් එමගින් ලේඛිකාව අ`ගවයි. ‘‘විජේ මම ගෙදර එනකොට ළමයි දෙන්නා නිදි මට නින්ද ගියේ නෑ ? දෙගොඩ හරියේ ජයතිලක ආවා. ජයතිලකගේ පාරවල්වලට මගේ ඇ`ග ශුරුවෙලා. මම දොර ඇරියේ ජයතිලකගේ ගුටි කෙළිය ගැන හිතා ගෙන මම දැක්කා ජයතිලකත් එක්ක පත්මිණිත් ඇවිල්ලා ඉන්නවා. මම දොර මුල්ලේ තිබුණ යකඩ පොල්ල අරගෙන එළියට පැන්නා ’‘ යකෝ තෝ හිතුවද ගෙදර ගෑණි මැරිලා කියලි හොර ගෑණු උස්සන් එන්න කියා ගෙන පත්මිණිටගහන්න එනකොට ජයතිලක ඉස්සරහට ආවා. මම යකඩපොල්ල ජයතිලක දිහාවට දික්කළා ඌට ගහන්න’’ එසේම විවාහය තුළ ස්ත‍්‍රියව ගෘහස්ථ ප‍්‍රචන්ඩත්වයට ලක්වීමේ ඛේදනීය තත්වය පිළිබඳව ඇ`ගවුමක් ලබා දේ. ‘‘ජයතිලකගේ පාරවල්වලට මගේ ඇ`ග හුරුවෙලා මම දොර ඇරියේ, ජයතිලකගේ ගුටි කෙළිය ගැන හිතාගෙනම’’ යන ප‍්‍රකාශය තුළ බොහෝ ලාංකික ස්ත‍්‍රීන් පුරුෂයාගේ ප‍්‍රචණ්ඩත්වය හමුවේ නිහඬඩව සිටීම පිළිබඳ ලේඛිකාව යම් ඇ`ගවුමක් ලබා දේ. එනම් විවාහය පවත්වාගෙන යාමේ වගකීම සමාජ සංස්කෘතිය මගින් ස්ත‍්‍රිය මත පවරා ඇති බවත් එය ප‍්‍රහ්න කිරීමෙන් තොරවම මෙරට ස්ත‍්‍රීන් එය පවත්වාගෙන යාමට දරන උත්සහය ඉන් නිරූපිතය. එසේම ලාංකීය ස්ත‍්‍රී විඥානය තුළ පුරුෂයා හෙවත් සැමියා පිළිබඳ මුල් බැස ගත් ආකල්ප යන් හමුවේ පිඩාව පිළිබඳ පවා හැ`ගීම් බොහෝ විට ඔවුන් සතු නොවේ. ජයතිලක මෙතරම් පීඩා කරනු ලැබුවත් කරන ගුරුකමෙන් පසු ජයතිලක බේරා දෙන ලෙස දෙවියන්ගෙන් යදින්නේ එහෙයිනි. ‘‘දේවාලයේ මෑණියෝ ජීවම් කළ නූල දෙමින් කීවේ තුන්වරුවකට ඉස්සරවෙලා එය .... වළලන්න එසේ කළවිට ජයතිලක හෝ පත්මිණි මිය යාම සිදුවන බව නාලනි ආවතේවකරුවකුගෙන් දැන ගත්තාය. මට ජයතිලක බේරලා දෙන්නැයි නාලනී සිතින් දෙවියන් යැද්දාය.’’ එසේම විවාහය මගින් ගෘහමූලිකයා සැමියා වන අතර බිරිඳගේ අනන්‍යතාවය ගොඩනැගෙනුයේ පුරුෂයා මතයි. එමගින් විවාහය තුළ ස්ත‍්‍රියට ස්වාධීන බවක් නොමැති බව අ`ගවයි. ඇය පුරුෂයා ඉදිරයේ අදෘශ්‍යමාන විය යුතුය යන සමාජ අපේක්‍ෂාව එමගින් ගම්‍ය කරයි. මේ...මේ...ජයතිලක මල්ලිගේ නෝනා’’ යැයි කියමින් පත්මිණී නාලනීව හඳුන්වා දුන්නාය. ඒ අනුව සමාජය ඉදිරියේ ස්ත‍්‍රියක් ඇයගේ ස්වාධීන නමින් හඳුන්වනවාට වඩා සැමියාගේ නමින් හැඳින්වීම තුළ ඇගේබ පරාරෝපිත බව අ`ගවයි. එය ස්ත‍්‍රිය විෂයෙහි සමාජය තුළ අදෘශ්‍යමානව පවත්නා බව ලේඛිකාව ඉ`ගි කරයි. මේ අනුව පවුල හා විවාහය යන සමාජ සංස්ථාව පුරුෂ මුලික ගොඩනැංවීම් වන අතර එහි පාර්ශව කරුවන් වන ස්ති‍්‍රය හා පුරුෂයා අතර ඇති භෙජෝමොත්ත සබඳතා මගින් හෙවත් පුරුෂ බල අධිකාරිත්වය හමුවේ ස්ත‍්‍රියගේ පීඩිත බවත් ඒ කෙරෙහි ස්ත‍්‍රිය දක්වන ප‍්‍රතිචාරයන් පිළිබඳවත් ලේඛිකාව මෙහිදී නාලනීගේ චරිතය හරහා නිරූපණය කිරිමට උත්සහ දරා ඇත. එනම් ලේඛිකාව මින් ගම්‍ය කරනු ලබන්නේ පුරුෂ මූලික ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ස්ත‍්‍රිය තුළ ප‍්‍රතිවිරෝධ වශයෙන් මෙන්ම ඒ දෙස ආකල්පමය වශයෙන් වෙනසක් ද අවශ්‍ය බවයි. මුවා මැරූ සලමන් - නිශ්ශංක විජේමාන්න ග‍්‍රාමීය දුෂ්කර ප‍්‍රදේශයක ජීවත් වූ කාන්ති නැමැති කාන්තාව වටා බැඳුණු පුරුෂ චරිත දෙකක් හරහා නිර්මිත මුවා මැරු සලමන් නම් කෙටිකථාව මගින් පුරුෂ මූලික සමාජයේ ස්ත‍්‍රියව පාලනය කිරිමට පුරුෂයා දරන ලද උත්සහය පිළිබඳ ඇ`ගවුමක් ලබා දේ. නිශ්ශංක විජේමාන්න විසින් ප‍්‍රතිනිර්මිත මෙහි ප‍්‍රධාන අභියෝගාත්මක කාන්තා චරිතය වනුයේ කාන්ති නැමැති චරිතයි. ඇය හරහා සමස්ත ස්ත‍්‍රීන් විශයෙහි සෘජු ලෙසත් වක‍්‍ර ලෙසත් පවත්නා පීතෘ මුලික සමාජයේ පුරුෂාධිපත්‍යයෙහි බලපෑමෙන් එමගින් ඔවුන්ට හිමි වූ අවදානම් සහගත ඉරණම පිළිබඳවත් ලේඛකයා අවධානය යොමුකර ඇති බව පෙනේ. මෙහි නිරූපිත කාන්ති යනු ප‍්‍රගතිශීලි ස්ත‍්‍රී චරිතයකි. වෙඩි සලමන් ඇයගේ මුල්ම පෙම්වතා වූ අතර පසුව ඇය බූරු සලමන් හා විවාහ වුවද ඇගේ කන්‍යාභාවය නොමැති වීමෙන් පසුව ඇයව ආපසු නිවසට හැරලවත්. එහි දී ඇය ඉතාලි ජාතික විදේශීකයකුගේනිවසේ මෙහෙකාරකමට ගොස් ඔහු හා පැවති සබඳතාවයෙන් දියණියක ලබයි. නමුත් විදේශීකයාගේ නිලකාලය අහිමී වී යාමත් සම`ග ඔහුට සිය රට බලා යාමට සි¥වීමත් සම`ග ඇය නැවතත් වෙඩි සලමන් සම`ග ජිවත් විය. මෙහි දි ඇය වෙඩි සලමන්ගේත් බූරු සලමන්ගෙත් බල ආධිපත්‍යයට යටත් විමත් සිදු වේ. මෙහි දී කාන්තිගේ ජීවිතය විනාශය දක්වා ගමන් ගත් පුරුෂාධිපති බලය මුලින්ම ක‍්‍රියාත්මක වනුයේ බූරු සලමන් මගිිනි. එනම් ඇගේ කන්‍යාභාවයේ අනන්‍යතා සහතිකය ස්ත‍්‍රී පීඩිත ඉල්ලීමක් වශයෙන් ඇය පළමුවෙන්ම අසරණභාවයට පත්වේ. නමුත් මෙහිදී මෙවන් ප‍්‍රජා පීඩන සමාජ සංස්කෘතික අගයන් අති ක‍්‍රමණය කළයුතු බව ප‍්‍රබන්ධය තුළම කතුවරයා ඇ`ගවුමක් ලබා දේ. එනම් සමාජ සම්මත සංකල්ප හමුවේ ඇයව ප‍්‍රතික්‍ෂේප කරන බූරු සලමන් පසුව ඇය සම`ග සම`ග සබඳකමක් ඇති කර ගැනීමට උත්සහ දරන අතර එය ව්‍යර්ථ වීමෙන් ඇයව විනාශ කිරීමට උත්සහ දැරූබව පෙනේ. බූරු සලමන් තුළ පැවතියේ ලිංගික ඊර්ෂ්‍යාවයි. ‘‘සමහර විට කාන්ති නැන්දට වෙඩි තියන්න බූරු සලමන්ට ආවේගය ආවේ ඇගේ නිලිවස්තර ඇග දැක්කාට වෙන්න ඇති.’’ එනම් කන්‍යාභාවය පිළිබඳ සම්මතයක් මෙන්ම ස්ත‍්‍රිය පිළිබඳ වූ ආකල්පයන් පෙර දිග සංස්කෘතිය තුළ නිර්මාණය වී ඇත්තේ පුරුෂ මූලික කරගත් සමාජයේ පවත්නා ලිංගික ඊර්ෂ්‍යාව හේතුවෙන් බව ප‍්‍රබන්ධ කථාකරුවා ගම්‍ය කරයි. සාම්ප‍්‍රදායික ස්ත‍්‍රිය සංවේදී අවස්ථාවන්හි පවා වැලපෙන්නෙකි යන මතවාදය කාන්තිගේ චරිතය තුළ දක්නට නොලැබේ. තම පෙම්වතා මෙන්ම දරුවාගේ පියා වන ‘‘ පොලිසිය පැමිණ ඔහු ගෞරවාන්විතව කැඳවා ගෙන යන මොහොත උක්කුං දැක්කේය. අඩි හයක් විතර අස සුද්දා කාන්ති නැන්දා බදා ගෙන ඇ`ඩුවේය. ආදරේ අරුමය...සූටිං බලා සිටියේය. එහෙත් කාන්ති නැන්දා ඇසින් කඳුලක්වත් වැටුනේ නැත.’’ මෙහි දී ස්ත‍්‍රියට හා පුරුෂයාට සංස්කෘතියෙන් ලබා දුන් අනන්‍යතා ඛන්ඩණය වීමක් සිදු වේ. එම අනම්‍ය සංකල්පවල වෙනසක් මෙහි දී කතුවරයා අපේක්‍ෂිත කළ බව පෙනේ. වෙඩි සලමන්ට අවශය වූයේ ඇය හෙවත් ස්ත‍්‍රීත්වය පාලනය කිරීමටය. ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය තුළ ස්ත‍්‍රියගේ ලිංගිකත්වය පාලනය කිරීමට පුරුෂයා දරන උත්සහය වෙඩි සලමන්ගේ චරිතය තුළ නිරූපිතය. එහෙත් කාන්ති යනු ඔහුට යටත් වූ සාම්ප‍්‍රදායික ස්ත‍්‍රියක් නොවේ. තී ආයේ කා එක්කවත් යනවා නෙවි ආයේ ඉතින් මං එක්ක යන්ඩ එකෙක් නෑ කාන්ති නැන්දා හිනාවෙවි කියන කොට මටත් හිනා යනවා සෘජුව නොපවසා එය අපූර්ව අයුරින් ඉදිරිපත් කර ඇත. මෙහි දී මුවාත්තීව ඇති කරන ලද අයුරින්ම කාන්තිව ද පාලනය කිරීමට දැරූ උත්සහය පිළිබඳ ඉ`ගියක් මතු වේ. ‘‘ මේකි බඩින්නේ සලමන් කල්පනා කළේ සිදුවන්නට ගිය ව්‍යසනය ගැන කම්පාවක් සිතේ පුරවාගෙනය. ඔහු ඉනේ තිබ්බ හම්පටිය ගලවා ඇගේ බෙල්ලේ පැලැන්දුවේ එදාය.’’ කාන්තිව තම අනසකට නතු කර ගත් ආකාරය ඉන් අදහස් වේ. මෙහි මුවා මරන ලද සලමන් මහත් පසුතැවිල්ලට පත්වේ. එසේම කාන්තිගේ මරණයෙන් පසු ඔහු තම හෘදසාක්‍ෂිය පොඩි සලමන් ඉදිරියේ දිගහැරීමෙන් පොඩි සලමන්ට අවවාද දීම තුළ ඔහුගේ වරද පිළිබඳ පසු තැවීම හා අවබෝධ කරගැනීමත් සිදු වේ. ‘‘ ආදර තෘෂ්ණාව ඔය හැමදේටම වැඩියි උඹලා තුවක්කු අරන් දේශසීමා ආරක්‍ෂා කොරනවා. මේකට ඊට වඩා ලොකු හටනක් උඹ ඉස්කෝලේ ගිහින් විභාග ඵස් කොරා උඹට මේවා තේරෙන්න ඕනා.’’ එසේම මෙහි දී තවත් වැදගත් සිද්ධියක් ලෙස බූරු සලමන් හා වෙඩි සලමන් ඉලක්කයට වෙඩි තැබීමේ සිද්ධිය හඳනා ගත හැකිය. එනම් ඒ සඳහා යොදා ගනු ලබන්නේ ගෑණු රූපයකි. මෙහි දී වෙඩි තැබීම පුරුෂ කාර්යයක් වශයෙනුත් වෙඩි වැදීම ස්ත‍්‍රි කාර්යයක් බව ගම්‍ය වේ. ඉන් අදහස් වන්නේ ස්ත‍්‍රිය හා පුරුෂයා අතර පවත්නා අධිපතිවාදී සබඳතාවයේ ස්වරූපයයි. එහි දී ස්ත‍්‍රියගේ පීඩා සහිත බව පුරූෂයාගේ පීඩාකාරී බවත් පුරුෂ බලව්‍යුහයේ මූලික අංග ලක්‍ෂණ බව හැ`ග වේ. ඉහත දක්වන ලද අවස්ථාව මගින් කතුවරයා කාන්තිගේ සහ වෙඩි සලමන්ගේ භූමිකාවන් පිළිබඳ කරනු ලබන විග‍්‍රහයක් වශයෙන් හඳුනා ගත හැකිය. එසේම කාන්තාව කන්දට සමාන කරමින් ඇය මරණයට පත් වූ කැලයේ ඇති කන්ද කාන්ති කන්ද ලෙස හඳුන්වනු ලබයි. මෙහි දී ස්ත‍්‍රීත්වය ශක්තිමත් නොසැලි සිටින මනුෂ්‍යයකු වශයෙන් හැඳින්විම සඳහා කතුවරයා කාන්ති නැමැති චරිතය හරහා බූරු සලමන් මන්තිරියා එක්ක මොකක්ද ඔය තරම් කථාව ඕක උඹට හොඳක් වේය කියා හිතනවද මගෙ රත්තරනේ හිතලා තියෙන තරම් එක එකා එක්ක මට කථාවක් ඇත්තෙම නෑ එහෙම වුණොත් තිට මං වෙඩි තියනවා වෙඩි සලමන්ගේ මූලික අභිප‍්‍රාය ඇය තමා සන්තක කර ගැනිමය. නමුත් ඇය ඉල්ලන දේ දෙන්නටත් ඇයව පෝෂණය කර රැුකබලා ගැනීමටත් ඔහුට නොහැකි වීම යන බිය ඔහු ඒතුළ සැ`ගව සිටියේය. ‘‘ සුද්දා ගියායිං පසු කාන්ති නැනිදා සලමන්ට හාද වුණ විත්තිය උක්කුංට තේරුම් ගොස් තිබිණ. ඒක ඇත්ත කථාවනම් සුද්දි ඉන්න කාලෙත් ඊට කලියෙනුත් ඇට ඔහු ආදරේ කර තිබිමය. කොයි කාලේ හරි ඈව කරේ බඳින්න තරම් ඈ ඉල්ලූ දේ දෙන්නට තමන්ට බැරි බව සලමන් දැන උන්නේය.’’ නමුත් කාන්තිව පාලනය කිරීමට වෙඩි සලමන් දරන උත්සහය නිෂ්ඵල විය. ‘‘ වෙඩි තියපන් මැරිලා යන එක මීට වැඩිය හොඳයි’’ කාන්ති සමාජ සම්මත ආකල්ප හෝ බයෙන් ක‍්‍රියා කළ තැනැත්තියක් නොවේ. ප‍්‍රබන්ධය තුළ සිදු වූ සමස්ත සිද්ධිය හා ප‍්‍රබන්ධ කථාකරුවාගේ අරමුණ දනවන අපූර්ව රූපකයන් මෙහි දී යොදා ගෙන තිබේ. එනම් වෙඩි සලමන් විසින් රක්‍ෂිත කැලේ මුවෙක් මැරීමය. මෙම මුවා කාන්ති නැන්දා හා සමාන වේ. එනම් දඩයමේ ගිය සලමන්ට හමුවන මුව දෙන ඔහු විසින් ඇති කරන ලද්දකි. අවසානයේ ඔහු විසින්ම එම මුව දෙන මරයි. කාන්තිට ද ඔහු ආදරය කළද අවසානයේ ඇය මරා දමයි. මෙහි දී මුව දෙන හා වෙඩිසලමන් අතර පැවති සබඳතාවයන් අවසානයේ ඌව මරා දැමීමත් කාන්තිගේ සිදුවීමත් එකිනෙකට මනා ලෙස ගලපා පාඨකයාට එය පිළිබිඹු කිරීමට උත්සහ කළ බව පෙනේ. මෙහි තවත් සුවිශේෂ චරිතයක් වන පොඩි සලමන් හෙවත් උක්කුං යනු ලේඛකයාගේ සමස්ත අභිලාසයම ඉදිරිපත් කරනු ලබන චරිතයයි. ඒ අනුව මෙහි බූරු සලමන් හා වෙඩි සලමන් එකි යුගයන් නියෝජනය කරන අතර පොඩි සලමන් නියෝජනය කරනු ලබන්නේ නූතන පරම්පරාවයි. ඔහු සාම්ප‍්‍රදායිකත්වයත් නූතනත්වයත් අතර දෝලනය වන්නකි. පීතෘ මූලික සමාජ ක‍්‍රමයෙහි පවත්නා ආචීර්ණ කල්පිත අදහස් නුතන පරම්පරාව තුළ ද යම් ආකාරයකට පවතින බව පොඩි සලමන්ගේ චරිතය තුළින් පිළිබිඹු වේ. ඔහු කාන්තිගේ රුව තුළින් දකිනු ලබන්නේ ශාන්තිගේ රුවයි. ඔහු අධ්‍යාපනය ලැබූ උගත් පුරුෂයෙකි. නමුත් ඔහු තුළ පවා ශාන්තීව පාලනය කිරීමේ අභිලාසය ඇත. ඉන් ගම්‍ය වන්නේ සාම්ප‍්‍රදායික අධ්‍යාපන ක‍්‍රමය තුළින් නව මිනිසකු බිහිකිරීමේ නොහැකියාවයි. එසේම පිරිමි දරුවෙකු කුඩා කාලයේ පටන්ම පීතා මුලික සමාජ ක‍්‍රමයක් තුළ සමාජානුයෝජනය වීම හේතුකොට ගෙන ඔහු තුළ පුරුෂ මූලික ලක්‍ෂණ නිසර්ගයෙන්ම අන්තරීකරණීය කරගනී. මේ නිසා පොඩි සලමන් පවා ශාන්තිව සැක කරමින් පාලනය කිරීමට උත්සහ දරයි. ‘‘තගේ පවට තා වෙඩි තියන්න සමර්ථය’’ වෙඩි සලමන්ගේ එම ප‍්‍රකාශය අනුව ඇ`ගවෙන්නේ පොඩි සලමන් තුළ පවා ස්ත‍්‍රී පීඩන ස්වභාවය දක්නට ඇති බවයි. එසේම සමස්ත ප‍්‍රබන්ධය තුල ගොඩ නගන ප‍්‍රවාදය වන ‘‘ පුරුෂයා ස්ත‍්‍රිවය පාලනය කරනු ලබන්නේ ලිංගික ඊර්ෂ්‍යාව මතය’’ යන ප‍්‍රකාශය කතුවරයා පාඨක මනසට සවිඥාන කරනු ලබන්නේ පොඩි සලමන් හරහාය. ශාන්තිට වෙඩි තියන්න මොහොතකට කලින් මට මතක් වුණේ ඔය කාරණේ. ඒත් ඒවා ඔක්කොම යටපත් කරගෙන ඈට වෙඩි තියන්න ආවේශයක් මට එන්නේ ඇයි ද මට දැනුනේ නෑ ‘‘ඒ වෙලාවේ උඹලෑ නැන්දා අපිව දැකලා එන මොහොතෙම නැගිට්ටා. උන්දැගේ ශරීරේ ඒ විදිහට දකිනකොට ඒ ඇස්වල බය දකිනකොට වෙඩි තියෙනවා ඇර වෙන මොනවා කරන්නද?’’ එත් ඒ දෙන්නාම දන්නේ තමන් නොව අනෙක් පෙම්වත්තු එනම් මෙහි දී වෙඩි සලමන් හා බූරු සලමන් කාන්තාව පාලනය කිරීමට දැරූ උත්සහය තුළ සැ`ගවුන යටි අරුත නම් තමා නොවන අනෙක් පෙම්වතුන් දැකීම හෙවත් ලිංගික ඊර්ෂ්‍යාව බව පොඩි සලමන් ශාන්ති මැරීමට දරන ලද උත්සහය තුළ හැ`ගවේ. ‘‘කොහොම වුනත් මට මේකිට වෙඩි තියන්න හිතෙනවා. එහෙට හිතන්ඩ ලෑස්තිවෙන්ඩ පුළුවන් තුවක්කුවක් මා ළ`ග තියෙනවා එය විඳවා ගන්ට බැරි දුෂ්ට ආශාවන කියලත් මං දන්නවා වුණත් මට ඒක සමාජ කියලා මටම හිතෙන්නේ නෑ.’’ නූතන පරම්පරාවේ බොහෝ පුරුෂයින් සමාජ සංස්කෘතිය සංකල්ප සම්බන්ධයෙන් සාම්ප‍්‍රදායිකත්වය හා නූතනත්වය අතර දෝලනය වන අයුරු පොඩි සලමන් හරහා නිරූපණය වීමෙන් කතුවර අභිලාසය වූ වර්තමානයේ දී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මගින් ගොඩ නැංවී ඇති අනම්‍ය සංකල්ප නුතන පරුෂයා තුළ පරිවර්කනයට ලක්විය යුතුය යන අදහස ඔහුගේ භූමිකාව හරහා නිරූපණය වේ. එසේම සාම්ප‍්‍රදායික පුරුෂ ආකෘතිය තූළ ඔහු දෘඪ ගති ලක්‍ෂණ පැවතිය යුතුය යන අදහස ස්වභාවික ප‍්‍රපංචයක් මතම ගොඩ නංවන ලද්දක් බව පෙනේ. මං ඒක කරන්නේ කොහොමද? උක්කුංට තිබ්බේ අ`ඩන හිතක්. ඒත් උක්කුං එය තද කරගෙන සලමන්ට උත්තර දුන්නේය. මාමේ මට තුවක්කුව දිලා පලයන් තුවක්කුව උඹට අහවල් දේකටද...නැහැ උඹ ඉගෙන ගන්ඩ ඕනා වෙඩි තියන එක තවත් සාස්තරයක්. එනම් ස්ත‍්‍රිය පිඩාවට පත්කිරීමට මූලික වන සෘණාත්මක සමාජ සංස්කෘතික ක‍්‍රියාකාරිත්වයට වෙනසක් සිදුවිය යුතු බව කතුවරයා මුඛ්‍ය අරමුණ කරගත් බව පොඩි සලමන්ගේ චරිත නිරූපණය තුළ නැවත නැවතත් ප‍්‍රතීයමාන වේ. මෙහි එන ශාන්ති නැමැති චරිතය හෙවත් කාන්තිගේ දුවගේ චරිතය නිර්භයව සංස්කෘතික සීමාව ඛන්ඩණය නොකළ ද තම පාලනය වීමේ අයිතිය වෙනුවෙන් ස්වාධීනව ප‍්‍රගතිශීලි අදහස් ඉදිරිපත් කරනු ලැබූ නූතන කාන්තාවකි. ඇය මෙහි දී තීරණාත්මක ප‍්‍රශ්නයක් අසනු ලබයි. එනම් ‘‘ ඔයාලා ඔක්කොම සලමන්ලා’’ යනුවෙනි. එනම් මෙහි සලමන් යනු පුරුෂාධිපති ක‍්‍රමය පවත්වා යන පුරුෂ පක්‍ෂයයි. එනම් වෙඩි සලමන්, බූරු සලමන්, පොඩි සලමන් වශයෙන් මේ සලමන් ත‍්‍රිත්වය ස්ත‍්‍රියව පිඩාවට පත් ඛල බවයි. අවසානයේ ප‍්‍රබන්ධය තුළ සමාජය තුල පවත්නා මෙම සංකල්පයන් අතික‍්‍රමණය කොට වඩාත් සුභවාදී සුන්දර තැනක් කළ හැකි බව පොඩි සලමන් හා ශාන්ති යන චරිතද්වය හරහා හ`ගවනු ලබයි. ඒ අනුව ශාන්ති චරිතය තුළින් ප‍්‍රබන්ධ මුඛ්‍ය අරමුණ වූ ‘‘ ඇත්තටම සලමන්ට මුවා මරන්නම ඕනද’’ වශයෙන් අසනු ලබන්නේ ස්ත‍්‍රියකට පේ‍්‍රම කිරීමට, පුරුෂයාට ආධිපත්‍ය පැතිරවීමට අයිතියක් නොමැති බවයි. ඒ අනුව නිශ්ශංක විජේමාන්න මුවා මැරූ සලමන් නම් කෙටිකථාව තුළ ගම්‍ය වන්නේ ස්ත‍්‍රියට පුරුෂයාට මෙන් ස්වාධීන බවක් හා නිදහසක් හිමිවිය යුතු බවත් ස්ත‍්‍රිය විෂයෙහි ගොඩනැගී ඇති සංස්කෘතික ආකල්ප හා සම්මතයන් නූතනය වනවිට වෙනස් විය යුතු බවත්ය.

No comments: