UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: සීගිරිය හා සීගිරි ගී

Thursday, December 12, 2013

සීගිරිය හා සීගිරි ගී

සීගිරිය හා සීගිරි ගී හෙළදිව රාජධානි අතර අනුරාධපුරය පැරණිතම රාජධානිය ලෙස පිළිගනු ලැබේ. අනුරාධපුරයේ රාජධානිය පැවැති නමුදු යම් යම් කරුණු කාරණා හේතුකොටගෙන කලින් කල අනුරාධපුර රාජධානිය පොළොන්නරුවට සංක‍්‍රමණය වූ බව ඓතිහාසික තොරතුරුවලින් සනාථ වේ. තවත් විටෙක තත් රාජධානිය සීගිරියට සංක‍්‍රමණය වී ඇත. ‘‘ප‍්‍රපාත සහිත පැතිවලින් යුතු සීගිරිය නැමති රළු කළුගල් පර්වතය මධ්‍ය මුහුදු මට්ටමෙන් අඩි 1,193ක්ද අවට තැනිතලාවෙන් අඩි 600ත් පමණද ඉහළට විහිද යයි. පස්වන ශතවර්ෂයේදී එකල ශ‍්‍රී ලංකාව පාලනය කළ රාජකීයයන්ගේ ගෘහ ජීවිතයට නිග‍්‍රහ ගෙන දුන් ප‍්‍රචණ්ඩද තිරශ්චීන ලෙස කුරිරුද වූ ක‍්‍රියා මාලාවක ප‍්‍රතිඵලයක් ලෙස මේ පර්වතය හදිසියේම දිවයිනේ දේශපාලන ජීවිතයෙහි මධ්‍ය ලක්ෂ්‍යය බවට පත්ව....’’ මෙහිදී සීගිරි කසුප් රජතුමා අපට බෙහෙවින් වැදගත් වේ. පෞරාණික අගයෙන් සමන්විත කුවේරයාගේ ආලකමන්දාව වැනි වූ සීගිරි පව්ව නිර්මාණයේ ගෞරවය ඔහුට හිමි වේ. සමස්ත ලාංකිකයන්ගේ පමණක් නොව, මුළු මහත් ලෝකවාසීන්ගේම අවධානය දිනාගත් මෙම රාජධානිය අද පවා අපගේ සම්භාවනාවට පාත‍්‍ර වේ. සීගිරි රාජධානිය හේතු කිහිපයක් නිසා වැදගත් වේ. එනම් සීගිරි පව්ව, සිංහ රුව, සීගිරි බිතුසිතුවම්, කැටපත් පවුර ආදිය නිසාය. සීගිරිය නැරඹීමට පැමිණි පිරිස එය නරඹා සිතෙහි උපන් සිතුවිලි ධාරාව සීගිරි කැටපත් පවුර මත ලියා තැබීමට අමතක නොකළහ. සීගිරිය නැරඹීමට පැමිණි පිරිස එය නැරඹීමෙන් පසුව කවියන් වූ බව ඔවුන් විසින් රචිත පද්‍යයන් තුළින් විද්‍යමාන වේ. සමහර කවීන්ට සීගිරි පව්ව හා එහි විසිතුරු ලෙස සිතුවම් කොට ඇති සීගිරි ලලනාවන් වස්තු බීජ වූ අතර ඇතැමෙකුට ජීවිතයේ දාර්ශනික පැතිකඩද වස්තු විෂය වී ඇත. සිංහල සාහිත්‍යයේ විද්‍යමාන වන සීගිරි ගී ක‍්‍රි.ව. 8-10 සියවස්වලට හෙවත් අනුරාධපුර යුගයට අයත් වේ. ස්වාධීන නිර්මාණ සමුච්චයක් ලෙස වැදගත් වන මේවා ශිලාලේඛන හැරුණු විට දැනට හමු වන පැරණිම පද්‍ය වශයෙන් ඕනෑම කෙනෙක් පිළිගනී. මුල්කාලීන හෙළ කවියන්ගේ අසහාය නිර්මාණ කෞශල්‍යය විදහාපාන නිර්මාණ විශේෂයක් ලෙස සීගිරි ගී හ`දුන්වාදීම සාවද්‍ය නොවේ. තත් යුගයේ රචිත දැනට ශේෂව ඇති සිඛවළ`ද හා සිඛවළ`ද විනිස, දම්පියා අටුවා ගැටපදය, සියබස්ලකර මෙන්ම සීගිරි පද්‍යයද වැදගත් වේ. දැනට සොයාගෙන ඇති පරිදි සීගිරි පද්‍ය 708ක් පමණ වේ. එහි ගී පබැ`දුම් 685කි. සීගිරි පද්‍ය අතර ගද්‍ය විලසින් රචිත පද්‍යද දැකිය හැකිය. නන්දෙසින් පැමිණි ජනයා විසින් ස්වකීය චිත්ත සන්තානය තුළ පහළ වූ අදහස් සමුදාය පද්‍ය විලසින් මෙහි මෙලෙස රචනා කරන ලදි. ඔවුන් අතර රජවරු, කුමාරවරු, භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ස්ත‍්‍රීහුද වෙති. එහෙත් සීගිරි ගී රචනා කිරීමේදී වැඩි ගෞරවයක් හිමි වන්නේ සාමාන්‍ය ජනයාටයි. ඔවුන්ට මෙම ගීත රචනා කිරීම ස`දහා නොයෙක් දේ වස්තු විෂය වී ඇත. සීගිරි කවියාට වස්තු විෂය වූයේ එහි මනහරව සිතුවම් කරන ලද රූමත් කාන්තාවන් පමණක් නොවේ. ‘‘සමහර කවියෝ සීගිරි ගල ගැන ලියූහ. තවත් සමහරෙක් කැටපත් පවුර ගැන පමණක් අදහස් පළ කොට සෑහීමට පත් වූහ. ඇතැමෙක් එහි වූ සිංහ රූපය ගැන ගී ලියූහ. පවුර මුදුනෙහි පිහිටි රජ මාළිගය මාතෘකා කොට ගෙන තවත් අය පබැ`දුම් කළහ.’’ මේ අනුව සීගිරි පද්‍ය රචකයාගේ සිත් ගැබ තුළට විවිධ වස්තු විෂයයන් ඇතුළු වූ බව පෙනේ. සීගිරි ගී අතුරින් පද්‍ය 403ක් යා ගී විරිතෙන්ද, කව් ගී විරිතෙන් 86ක්ද, දුව`ග ගී විරිතෙන් 44ක්ද, ඊට අමතරව යොන් ගී විරිත, බමර ගී විරිත, උමතු ගී විරිත, පියුම් ගී විරිත, සමුදුරුගොස් විරිත ආදි විරිත් සමූහයක් භාවිත වී ඇත. මෙලෙස විරිත් රාශියක් භාවිත කොට ඇති නිසාම සීගිරි කවියා ගී රචනා කිරීම සම්බන්ධයෙන් පෘථූල අවබෝධයකින් සමලක්‍ෂිත වූ බව කිව හැකිය. සමාජයේ විවිධ පන්තීන් නියෝජනය කරන්නන් විසින් සීගිරි ගී රචනා කොට ඇති බැවින් එක් සමාජ වපසරියකට පමණක් සීගිරි ගී ඇතුළත් කළ නොහැක. සීගිරි ගීවල ඇති අනෙක් වැදගත් ලක්‍ෂණයක් නම් ස්වකීය චිත්ත සන්තානය තුළ හටගත් නිර්ව්‍යාජ සංකල්පයන් එලෙසින්ම ලියා තැබීමට තරම් සීගිරි කවියා අවංක වීමය. සීගිරි කවියා තම අදහස් පැවසීමේදී පවා මනා සංයමයකින් එය සිදු කොට ඇති බව පෙනේ. සීගිරි ගී අර්ථපූර්ණ මෙන්ම භාවපූර්ණ නිර්මාණද වේ. සීගිරි ගීවලින් හෙළිවන තත්කාලීන සමාජය සීගිරි ගී විමර්ශනයට ලක් කිරීමේදී තත්කාලීන සමාජ හා දේශපාලන තත්ත්වය කුමන ස්වරූපයකින් පැවතියේද යන්න විමසීම සමකාලීන සමාජ තත්ත්වය අවබෝධ කර ගැනීම උදෙසා මනා පිටුවහලක් වනු නිසැකය. පළමුවන කාශ්‍යප අනුරාධපුරයෙහි රජ කළ ධාතුසේන රජතුමාගෙන් (ක‍්‍රි.ව. 456 දී* රාජ්‍යය පැහැර ගෙන සීගිරියේ බළකොටුවක් ගොඩනගා එහි රාජ්‍ය කළේය. අපේ වංශ කථාකරුවන්ට අනුව මෙම කාශ්‍යප රජතුමා ධාතුසේන රජතුමාට දාව ඔහුගේ අනියම් බිසවකගේ කුස උපන්නෙකි. ධාතුසේන රජතුමාගේ එකම දියණිය මිගාර නම් පුද්ගලයෙකුට පාවා දුන් අතර ඔහු වරෙක තම දියණියට දුන් වදවලට කෝප වූ රජු මිගාරගේ මෑණියන් පුළුස්සා මරා දැමු බව ඉතිහාස ග‍්‍රන්‍ථයන්හි සදහන් වේ. මෙම ක‍්‍රියාවට පළිගැනීම පිණිස මිගාර විසින් කාශ්‍යපයන් පොළඹවා ගත් බව වංශකතාවල ස`දහන් වේ. එසේම වංශකථාකරුවාගේ දෘෂ්ටියෙන් කාශ්‍යප රජතුමා අවමානයට, ගැරහුමට හා චෝදනාවට ලක් වූවෙකි. නමුත් සීගිරි ගී විමසීමේදී පැහැදිලි වන්නේ කාශ්‍යප රජු සීගිරි කවියන්ගේ අනුකම්පාවට පත් වූ බවයි. ‘‘එක් කවියෙකු සිගිරි පව්වට නැගි ක`දුළු පිරි දෙනෙතින් කල්පනා කරනුයේ රජතුමා ජීවත්වු අකාරයයි.’’ අටළොස් වර්ෂයක් වැනි කෙටි කාලයකදී මෙබ`දු සුවිසල් ප්‍රෞඩ බලකොටුවක් හා පුරවරයක් ගොඩනැගීමට මෙම රජතුමාට හැකි වූයේ ජනතා සහය ඇතිවය. එසේම මෙම කාල සීමාව තුළදී කිසිදු කැරුල්ලක් ඇති වූ බවට ඓතිහාසික ග‍්‍රන්‍ථවලින් සාධක නොලැබේ. ‘‘ධාතුසේන බලයෙන් පහ කළ අනතුරුව කාශ්‍යපට විරුද්ධව කැළඹිමක් වී යැයි කීමට සාධක නොමැත. එමෙන්ම කාශ්‍යප රජ කළ අවුරුදු දහ හත ඇතුළත ඔහුට විරුද්ධව කැරුල්ලක් ඇති වී යැයි වංශකථාවල ස`දහන් නොවේ. එබ`දු කැරුල්ලක් හෝ ඇති වී නම් මොග්ගල්ලානට ලෙහෙසියෙන්ම එහි නායකත්වය ගන්නට තිබුණි.’’ එම නිසා ඉතිහාස ග‍්‍රන්‍ථවලින් සැ`ග වූ තත්කාලීන සමාජ තොරතුරු සීගිරි ගී තුළින් අනාවරණය කරගත හැක. රජු මඩ වගුරක් මගහැර යාමේදී එය දුටු කාශ්‍යප රජුගේ සේනාව රජ පලා ගියේ යැයි සිතා පැන ගියේ යැයි ඓතිහාසික ග‍්‍රන්‍ථවලින් පැවසෙන තොරතුරු සාවද්‍ය යැයි සිතීමට තොරතුරු සීගිරි ගීවලින් හමුවීම ඉතා වැදගත් කාරණයක් කොට සැලකිය හැකිය. මිගාර කාශ්‍යප රජුගේ සේනාවන් බි`දගෙන මුගලන්ට එකතුව කාශ්‍යප විනාශ කළේ යැයි මේ අනූව තර්ක කළ හැක. මෙවැනි ක‍්‍රියාවන් මිගාර කරන්නට ඇත්තේ දුන් පොරොන්දුවලට අනුකූලව විය හැකි බව පෙනේ. සීගිරිය බලකොටුවක් ලෙසින් නිර්මාණය කර ගත් කාශ්‍යප රජු එහි කුවේරයෙකු මෙන් විසූ බව චූලවංශය කියයි. නමුත් සීගිරියේ විද්‍යමාන ශේෂයන්ගෙන් පැහැදිලි වන්නේ එසේ ජීවත් වීමට ඔහුට එතරම් අවශ්‍යතාවක් නොතිබූ බවයි. එය එසේ වී නම් අටළොස් වසක් රාජ්‍යය විචාරීමට මොහුට හැකි වන්නේ නැත. සීගිරි ගී අට, නවය හා දහය වැනි සියවස්වලට අයත් වෙයි. මෙම ගී බහුල ලෙස සීගිරි චිත‍්‍ර දැකීමෙන් ප‍්‍රමෝදයට පත් වු කවියන් විසින් රචනා කර ඇත. ඕනෑම නිර්මාණයකට සමකාලීන යුගයේ සංස්කෘතිය, සදාචාරය, සිරිත්-විරිත් හා ආකල්ප හේතු වන බව බොහෝ උගතුන් පිළිගන්නා කරුණකි. එසේම සීගිරි චිත‍්‍ර දැකීමෙන් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් වන කවියන් ඉතා කෙටි ආකෘතියකට මෙම කවි ඇතුළත් කර ඇති බැවින් එම යුගයේ ආකල්ප ආදිය තෝරා බේරා ගැනීම ඉතා ප‍්‍රවේශමින් කළ යුතු කාර්යයක් බව පෙනේ. සමාජයේ විවිධ ස්ථරවලට අයත් වූවන් විසින් සිගිරි ගී ලියන ලද බව පෙනේ. සාමාන්‍ය ජනයාගේ සිට රාජ සභාවේ නියොජිතයන් දක්වා වූ තැනැත්තන් සීගිරි ගී ලියා ඇත. සමහරුන් අනුන්ගේ ගී තමන් නමින් ලියා ඇති බවද පෙනේ. ඇතැම් වංශවතුන්ට සීගිරි පව්ව පුරසාරම් දෙඞීමට ස්ථානයක් විය. ඇතැම්විට එය ප‍්‍රබුද්ධ වාද මණ්ඩපයක් විය. ඇතැම්විට සීගිරි පව්වේ රචනා වී ඇති ගීවලටත් වඩා රචනා කළ කවියාගේ වත ගොත සදහන් පාඨ සමාජ විද්‍යාත්මක අතින් ඉතා වැදගත් වේ. සීගිරි ගී රචනා වූ සියවස්වල මෙරට සාහිත්‍ය ඥානය සාක්‍ෂරතාව සැලකිය යුතු ඉහළ මට්ටමක පැවැති බවට තර්ක කළ හැක. සීගිරි ගීවල ඇති විශේෂත්වය නම් ඔවුන් ස්වකීය නිර්මාණ ස`දහා සංස්කෘත කවියන්ගේ අදහස් උදාහරණ කොට නොගැනීමයි. ඔවුන් සෑම විටම උපමා කොට ගත්තේ තමන්ට හුරුපුරුදු උපමාවන්ය. මේ තුළද රැු`දී ඇත්තේ සීගිරි කවියන්ගේ නිර්ව්‍යාජත්වයයි. එසේම ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීමේදී නොතේරෙන උපමා ආදිය භාවිත නොකිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. සකු ඇදුරන්ගෙන් නොගෙන තමන්ට හුරුපුරුදු විලාසයෙන් සීගිරි කතුන් වර්ණනයට භාජනය කළ එක් අවස්ථාවක් ලෙස පහත ගීය හ`දුන්වාදිය හැකිය. ‘‘කොමුළ් අමඞ් ලෙඞ් ලින සී එ බොන්ද මියයුර් යහ බැ සී එ කපල් දල වන් දිගැ සී මන ජල්වයි සිත් නොමු සී ’’ ක්‍ෂණික පද්‍ය නිර්මාණයේදී සිදු වනුයේ කවියාගේ ඒ මොහොතේ සිතට නැෙ`ගන අදහස් ඉදිරිපත් කිරීමය. බොහෝවිට ක්‍ෂණිකව පද්‍ය නිර්මාණය කිරීමේදී කවියාගේ නිසර්ග හැකියාව ස්මතු නොවේ. එහෙත් මෙම ලක්‍ෂණය බෙහෙවින් සීගිරි කවියාගෙන් විතැන් වී ඇත. සීගිරි පද්‍ය තුළදී ඔහුගේ නිසර්ග කවිත්වය පළට වී ඇති බව සීගිරි පද්‍ය විමසීමෙන් මනාව පිළිබිඹු වේ. පුද්ගල භේදයෙන් වියුක්තව කර ඇති උක්ත නිර්මාණ තුළදී භික්‍ෂූන් වහන්සේලා විසින් කරන ලද ශෘංගාරාත්මක වැනුම්ද දක්නට ලැබේ. එමතුද නොව ස්ත‍්‍රීන් විසින් සපත්නි රෝෂයෙන් රචනා කරන ලද ගීද සීගිරි ගී තුළදී අපට හමු වේ. සීගිරි ගීයෙහි නිම්වළලූ පුළුල් කරමින් කිවි`දියක විසින් රචනා කරන ලද පහත පද්‍ය තුළදී සීගිරි කවියා අර්ථ රසයට මෙන්ම ශබ්ද රසයටද එකසේ ඇලූම් කළ තැනැත්තෙකු බව විද්‍යමාන කරයි. ‘‘ කැලූම් බැලූම් මුත් සනා මන නැත්තෙන් හයි ළ තද් ගලැ කළ බව ජතිම් නො තොප අසද් බන්දෙන් බෙයන්ද් ගන සිරි බර්නි අග්නක් කෙළෙයි මෙය් ගැසූ එ අභියෙසැ නුයුන් මිණි කැල්ලේ පහස්නෙන් ’’ සීගිරි කවියා පද්‍ය ආකෘතිය කෙරෙහි එතරම් අවධානයක් නොදැක්වූ බව පෙනේ. ඔවූහු එකම ආකෘතියකට සිර නොවූහ. සමහරු සිව්පද ආකෘතියද, තවත් සමහරු ගී ආකෘතියද යොදාගත් අතර ඇතැමෙක් ඒ සියල්ලෙන් වියුක්තව ගද්‍ය විලාසයෙන්ද ගී රචනා කළහ. එනමුදු ඒ තුළද කවිත්වය නොඅඩුව පවතී. එසේම සීගිරි කවියා වචන යොදා ගැනීමේදී හො`දම වචන හො`දම පිළිවෙලට යොදා ගැනීමට වගබලාගෙන ඇත. සීගිරි කවියන්ද රසවතුන්ය. සංස්කෘත සාහිත්‍යය පිළිබ`දවද යම් දැනුවත් භාවයක් එකල උගත් කවියන් අතර තිබූ බව පළට වන්නේ පහත එන නිදර්ශනය ම`ගිනි. ‘‘...වන්දිමි හිමි වලා තො ගොසින් ඇය නෙවෙස්නට....’’ කාලිදාසගේ මේඝ¥තය ගැන අසා ඇති හෝ රසවි`ද ඇති අයෙකු විසින් උක්ත ගීය රචනා කරන්නට ඇති බව සිතන්නට කරුණු යෙදේ. සීගිරියට පැමිණි පුද්ගලයන් කවියන් බවට පත් වන්නේ සීගිරි සිතුවම් නැරඹීමෙන් පසුවය. එහෙත් ඔවුන් පහත් කවියන් නොව, සංයමයෙන් යුක්ත කවියන්ය. එකල සිටි කවියන් ගී පබැ`දුම් ගැන උගත් විදග්ධ පිරිසක් වූ බව මේ නයින් අවබෝධ කර ගත හැකිය. සීගිරි ගී රචනා වූ යුගයේදී සමකාලීන ජනතාව තුළ වු සාහිත්‍ය ඥානය ඉතා ඉහළ මට්ටමක පැවැති බව ඇතැම් ගී විමසීමෙන් පැහැදිලි වේ. උසස් සාහිත්‍ය රසඥතාවක් ඇති වන්නේ ස්වංපෝෂිත සමාජයක් තුළය. ක‍්‍රි.ව. 8, 9, 10 සියවස් තුළ මෙරට පැවැති සාහිත්‍ය දියුණුව හා සශ‍්‍රීක බව සීගිරි ගීවලින් මනාව පැහැදිලි වේ. ‘‘ස්වස්ති මේ ගෙත්තමට සිතු(ජු* කෙනෙක් ද එ කවෙක් හින්දේ ලී (මේ බෙ*ලූව ලී නො හිස් ගී බලත දක්කා සෙ ගෙති ’’ මෙම ගීය පිළිබ`දව විමසීමේදී පැහැදිලි වන්නේ සාහිත්‍ය විචාරය පිළිබ`දව අවබෝධයක් ජනතාවට වූ බවයි. සියබස්ලකර වැනි ග‍්‍රන්‍ථ රචනා වූයේ අනුරාධපුර යුගයේ අවසාන භාගයේදී වුව ඊට පෙර ජනතාවට කාව්‍ය ශාස්ත‍්‍රය පිළිබ`ද සැලකිය යුතු දැනුමක් තිබූ බව පැහැදිලි වේ. සීගිරි ගී බොහොමයක් ගී විරිතෙන් රචනා කළද ඇතැම් ගී සිවුපද ආකෘතිය අනුගමනය කර ඇති බැවින් මෙම කරුණ තවත් පැහැදිලි කර ගත හැකිය. සීගිරි චිත‍්‍ර දැකීමෙන් හටගන්නා ප‍්‍රීති ප‍්‍රමෝදයට අනූකූලව ක්ෂණිකවම කෙටි ආකෘතියකට තම කාව්‍ය සංකල්පනා ලඝු කිරීම එතරම් සරල කාර්යයක් ලෙස සැලකිය නොහැකිය. රජවරුන් විසින්ද මෙම පවුරේ ගී ලියා තිබීමෙන් කරුණු ගණනාවක් පැහැදිලි වේ. කාශ්‍යප රජුගෙන් පසුවද මෙය විනාශවන්නට ඉඩ නොදී ආරක්‍ෂා කිරීමට රජවරුන් උත්සාහ ගන්නට ඇති බව විශ්වාස කළ හැක. එසේම එකල පැවැති සශ‍්‍රීක බව මෙන්ම රාජ්‍යයේ යහපත් පැවැත්මද මින් පැහැදිලි වේ. රජුන් මෙහි පැමිණ ගී ලීයූ අතර අනුන් ලවා ලියවූ ගීද වේ. ‘‘ස්වස්ති එ මළ ද නො බණය සහනෙ මෙ කිම නම කළ යි පින ත පවසමෝ හිමබ අකමය වය. මපරුම ගී.’’ මපරුම හෙවත් ‘රජුගේ ගීයයි’ යන හිසින් රචනා කර ඇති මෙම ගීය කුමන රජකෙනෙකුගේ ගීයක් දැයි පැහැදිලි නැත. සිරිස`ගබෝ අබා යන විරුදය ලත් පළමු උදය නම් මහරජුගේ (ක‍්‍රි.ව. 787-792* වදන් අසා සිව් නැමැති තැනැත්තකු විසින් ලියූ ගීයක්ද දක්නට ලැබේ. ‘‘ස්වස්ති සිරිස(ග්බො අ*බා මහරජ් උදා කී වදන් මසිව් ගෙන ඇවි(ද් මෙ ගිය* ලී (වේ* රන්වනු ගිරිබිතැ (වී ගැ*ති තමා ලී නො රිසි ද දන බ(ල* යත් සෙ එකින් සකැ රතු උපුලැති පැලැන්‍දි.’’ මේ ගීයට අනූව රතු උපුල් පැළ`ද සිටි කාන්තාවන් ගැනද තොරතුරුද දත හැක. සමකාලීනව කාන්තාවන් මෙවැනි අලංකරණවලින් විශේෂ අවස්ථාවලදී සැරසී සිටින්නට ඇත. සමහරක් විට නිරන්තරයෙන්ම එසේ සැරසී මනහර ලෙස වසන්නට ඇති බවද සිතීමටද කරුණු සීගිරි ගීවලින්ම යෙදේ. පූර්වෝක්ත රජවරුන් දෙදෙන සීගිරි පව්වට පැමිණි බවට සාධක නැත. නමුත් මෙය සමකාලීන සමාජය අවබෝධ කරගැනීමට වැදගත් කරුණක් වේ. එම ගමන අතිදුෂ්කර හා අනාරක්‍ෂිත එකක් වන්නට ඇත. රජුගේ ඥාතීන් හා රාජ සභාවේ නිලධාරීන් මෙහි පැමිණ මියුලැසියන් දැක මත්ව ගී ලියා ඇත. ඒ අනූව සමකාලීන දේශපාලන තනතුරු ආදියද සීගිරි ගී ම`ගින් දත හැකිය. ‘‘...මිහිදල් ඇපණන්ගේ සිත් ගී’’ ‘‘...බඞී දාපුල් ඈපාමී මෙ (ලීමි*’’ ‘‘...මිහින්දල් ඈපා(ණ*න් ගී’’ ‘‘(සෙන්* රජුගෙහි වැසි කළි (යා* ගී...’’ වැනි නිලධාරීන් මෙහි පැමිණ තිබීමෙන් සමකාලීන දේශපාලනික තනතුරු ආදිය පිළිබ`දවත් සීගිරිය සමකාලීන සමාජයේ ලැබ තිබූ අවධානයත් ප‍්‍රකට වේ. ‘‘(බ*ලත් පොයල් මයි ගී...’’ (පොයල් නම් යුද සෙනෙවියා වෙමි. මගේ ගීයයි.* යන්නෙහි පොයල් යනු රජුගේ මාළිගය බලාගන්නා බව පරණවිතාන මහතා සදහන් කරයි. මෙහිදී පොයල් නැමැත්තා ස`දහන් කරනුයේ කාන්තාවන් දැකීමෙන් මරණය ගැන පවා වික්‍ෂේපයක් හට නොගන්නා බවයි. මේ තුළින් රාජමාලිගය ආරක්‍ෂා කිරීමේදී මොහු නිතරම මරණ බියෙන් සිටි බව පැහැදිලි වේ. සීගිරි ගී අතර ‘‘ස්වස්ති යහනගොවු සගල්මි මේ ගී ලිමි.’’ යනුවෙන් ‘යහන්ගොවු’ යන වචනයක් හමුවේ. මෙයට පරණවිතාන මහතා අර්ථ දෙකක් දක්වයි. යහන්ගොවු යන්න රජුගේ අශ්වයන් බලන්නා හෝ රජුගේ ශ‍්‍රී යහන් බලාගන්නා යන අර්ථ ඒ ස`දහා දී ඇත. මේ අනුව ‘යහන්ගොවු’ යන්න රජුගේ ශ‍්‍රී යහන බලාගන්නා නම් රජුගේ අන්ත:පුර ස්ත‍්‍රී සේවනය යම් කිසි ක‍්‍රමානුකුල සම්ප‍්‍රදායයක් අනූව සිදු වී ඇති බව සිතිය හැක. සීගිරි කැටපත් පවුරේ ගී ලියූ ඇතැම් උසස් නිලධරයකු තවමත් නිවැරදිව හ`දුනා ගත නොහේ. ‘පයමුල්ලේය්දරු’ නමින් තනතුරක් පිළිබ`දව ගී දෙකකින්ම සාධක ලැබේ. එම ගී දෙක ලියා ඇති ‘බොහෝදේවි’ සහ ‘සගල’ යන දෙදෙනාම ‘මිදෙල ඈපා’ සහ ‘කසබල් ඇපා’ යන රාජකීයයන් යටතේ රාජකාරියෙහි නියුක්ත වූවන් බව පෙනේ. මේ අනූව එකලද රාජ්‍යත්වයට සම්බන්ධ විවිධ නිලයන් තිබූ බව පැහැදිලි වේ. සීගිරිය බැලීමට විවිධ දෙසින් ජනයා පැමිණි බවට සාධක හමුවේ. සීගිරි පව්ව නැරඹීමට පැමිණීම ජනතාව විනෝද ගමනක් යාමක් ලෙස සලකන්නට ඇත. දිවයිනේ විවිධ දෙසින් ජනතාව මෙම ප‍්‍රදේශයට පැමිණීමෙන් මෙම ස්ථානය ඉතා ජනප‍්‍රිය තැනක් වූ බවට කිසිදු සැකයක් නැත. මෙම ප්‍රෞඩ පුරවරයට පැමිණි ජනතාවගෙන් වැඩි ප‍්‍රමාණයක් රුහුණු ප‍්‍රදේශයට අයත් වීම විශේෂත්වයකි. ‘‘මෙයට හේතුවන්නට ඇත්තේ රුහුණු ප‍්‍රදේශය සිංහල රාජධානි සතුරන්ගේ දැඩි ආක‍්‍රමණවලට ගොදුරු නොවූ පෙදෙසක් වීමයි. රාජ්‍යත්වය ආරක්‍ෂා කළ අයගේ ආරක්‍ෂක ස්ථානයක් වූයේද රුහුණු ජනපදයයි. එම නිසාම එම යුගය අධ්‍යාපනය අතින්ද දියුණු තත්වයක පැවැති බවට සැලකිය හැක්කේ සමකාලීන පිරිවෙන් නාමයන්ද ගීවල දක්නට ලැබෙන බැවිනි.’’ ඒ බව පහත නිදසුන් ම`ගින් මැනවින් ගම්‍යමාන කරගත හැකිය. ‘‘රුහුණින් ආ මුගලන ගෙ ගී...’’ (161 ගීය*, ‘‘ශ‍්‍රී රුහුණ්මහගැමැ අනුරුමහපායින්...’’ (170 ගීය*, ‘‘රුහුණින් ආ සිවු ගී...’’ (240 ගීය*, ‘‘...රුහුණින් ආ බොයල තම’’ (242 ගීය*, ‘‘රුහුණ් ප`ඩුලගමු ස`ග මෙ ගී...’’ (279 ගීය*, ‘‘රුහිණින් ආ උපතිස්පැවිජමි...’’(348 ගීය*, ‘‘රුහුණ් වජැරා ගී...’’ (374 ගීය*, ‘‘ශ‍්‍රී රුහුණ් බුදස්හු ගී...’’ (380 ගීය*, ‘‘රුහුණින් ආ දාපුළැ ගී’’ (444 ගීය*, ‘‘රුහුණින් ආ අග් බොයි හිමියන් ගෙ ව¥ර්මි...’’ (545 ගීය*, ‘‘රුහුණින් ආ සගලමි ගිය ලීමි...’’ (575 ගීය*, ‘‘රුහුණින් ආ විජුරලබතීන්...’’ (591 ගීය* සීගිරි ගී ලියූ කවීන්ගෙන් බහුතරය රුහුණෙන් පැමිණි අය බවට හ`දුනා ගත හැකි බැවින් එකල රුහුණ ප‍්‍රදේශය ඉතාමත් දියුණු තත්ත්වයක පැවැති ප‍්‍රදේශයක් සේ සැලකිය හැකිය. මෙම හේතුව නිසාම රුහුණින් පැමිණි කවීහු තමන්ගේ ප‍්‍රදේශය රුහුණ බව එකහෙළාම ප‍්‍රකාශ කළහ. මෙම හේතුව නිසාම ඇතැම් කවියන් විසින්් රුහුණු දෙසින් පැමිණි කවියන්ට උපහාස කිරීමටද පෙළඹී ඇත. ‘‘දෙකිණි පසින ආ පිළිවී රියනල ගී රුහුණින් (කෙ*නෙක් ආ පසින් සෙයි බලන්නට ආ ඔහු කිම යන්(නෙ*යි වරජවා ගනෙ මිදිබියන්’’ (මෙහි ප‍්‍රසන්නතාව නැරඹීමට රුහුණෙන් කෙනෙක් පැමිණියේය. ආඩම්බර කාන්තාවන් අමනාප කරවා ගෙන ගෙන ඔවුන් ආපසු යන්නේ ඇයි?* රුහුණින් ආ වෙනත් කවියෙක් රුහුණු කවියාට සරදම් කළ තැනැත්තාට මෙසේ දෙස් තබනු දක්නට හැකිය. එම නිසා පහත එන ගීය පිළිතුරු ගීයක් ලෙසින් රචනා කළ එකකි. ‘‘රුහුණින් ආ රක්මී ගී බලයි යමින් ලියි වි තා පරද්නා වනු ඉන් යහි (ද* (ෙ*මවැනි රුසයරෙන කළ වී සබා වී ඇවිත්’’ (තා විසින් මෙය බලා යමින් ලියන ලද්දේ විය. එහෙත් ඉන් තොප පරාජය වී ඇත. තොප කියන දේ සත්‍ය නම් මේ රූමතියන් තොප කෙරෙන් ඉවත් වූයේ මන්ද?* මෙවැනි ගී තුළින් ඒවා ලියැවී ඇති කාලය තුළ පළාත් මුල් කරගනිමින් ජනතාව යම් අභිමානයන් ගොඩ නගාගෙන සිටි බව පැහැදිලි වේ. බොහෝ කවීන් සීගිරි චිත‍්‍ර දැකීමෙන් ශෘංගාරය මිශ‍්‍ර වු කාව්‍ය නිර්මාණ රචනා කළ අතර ඇතැම් කවීහු ඊට වෙනස් වූ දෘෂ්ටියකින් කාව්‍ය නිර්මාණ කර ඇත. සීගිරියේ අගය නොදත්, එය වනයට ගොදුරු වන්නට ඉඩ හළ සමාජය කෙරෙහි කලකිරුණු යුවතියන් පර්වතයෙන් බිමට පැන මියයන්නට සැරසෙන සේ එක් කවියෙකුට පෙනෙයි. මෙම කවියා කල්පනා කරන ආකාරයට එකී රූමතියන් අවංක පති භක්තිය ඇතියවුන් නම් කළ යුතුව තිබුණේ සැමියා මළ මොහොතේම දිවි නසා ගැනීමයි. මේ තුළින් එකල කාන්තාවන් ස්වාමිපුරුෂයන් කෙරෙහි දැක්වූ පති භක්තිය, එක් පසෙකින් ස්වාමි පුරුෂයාගේ චිතකයට පැන මරණයට පත්වීම වැනි සිිරිත්වලින් ඉන්දියානු සමාජයේ තත්ත්වයට යම් ආකාරයකින් සමාන වන්නට ඇති බව කල්පනා කළ හැක. සීගිරි චිත‍්‍රවල යම් ශෘංගාරයක් මුසු වී තිබෙන අතර ඇතැම් කවීන් ඒ තුළින් කවීත්වය මෙන්ම විචාර බුද්ධියද විශද කොට ඇත. ‘‘ජෙරෙන් මිරිකෙයි යොවුන් පෙළෙයි ක (ය* වියයින් නෙක, (වෙ* ජීවි නි(යතින් * හී යනෙ මේ හින්දියෙව් එ නැත්තයුන් ’’ (යොවුන් බව ජරාව නිසා මිරිකෙයි. නොයෙක් ව්‍යාධීන් නිසා ශරීරය පීඩා වෙයි. නියත වශයෙන්ම ජීවිතය ක්ෂය වී යන්නේ වෙයි. එබ`දු තත්ත්වයක් නොමැති ඇත්තන් මෙහි හි`දිනා සේය.* සීගිරි ගී සමාජය බොදු දහමින් පෝෂණය වී තිබූ බැවින් ඔවුන් බොහෝවිට බුදු දහමට අනුව තම ජීවන දර්ශනය සකසා ගත්හ. මෙම කවියාද සීගිරි සිතුවම් දකිනුයේ එවැනි විචාර චින්තාවකට අනුවය. අනුරාධපුර යුගය වන විට බුදු දහම ඉතා දියුණු මට්ටමක පැවැති අතර ජනතාවද බුදු දහමත් සම`ග ඉතා සමීප අයුරකින් බැදී සිටි බව ප‍්‍රත්‍යක්ෂ වේ. සීගිරියට පැමිණ එහි ගී ලියූවෝ සියල්ලෝම කවියෝ නොවෙති. සමහර කවීහු සීගිරි සිතුවම් බලා හැ`ගීම් ඇවිස්සීමෙන් කාව්‍ය හික්මීම නොමැතිව සීගිරි ලලනාවන්ට දෝෂාරෝපණය කළහ. නමුත් වියත් කවියා ඉන් කෝපයට පත් නොවීය. එවැනි විචාරවල අසාධාරණකම පෙන්නුම් කිරීම ස`දහා වියත් කවීන්් ගී ලියා ඇත. වාළ කිත්මි නැමැති කවියා විසින් ලියන ලද ගීය පුළුල් විවාදයකට තුඩු දෙන්නක් වේ. ‘‘ස්වස්ති සිති යෙහෙ (ළි*න් (කැ*`ඩි මත් අස් වැසෙන්නයුහට මහපින්සල හැවී සත රන්දවැයෙ පෙලෙ කවර වාළ කිත්මි ලීමි’’ (...ජනයා සතුටු කිරීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්ද?* මෙම ගීය වෙනත් ලිඛිත ගීයකට පිළිතුරු වශයෙන් රචනා කර ඇත. සමාජ සේවයේ යෙදී සිටින අවංක පුද්ගලයෙකුගේ හෝ සමාජයෙන් අසීමිතව කෘතගුණ අපේක්‍ෂා කරන්නෙකුගේ දුක් ගැනවිල්ලක් පිළිබ`ද සංකල්පනාවක් මෙම ගීයෙන් අප සිත්හි ජනිත කෙරේ. මෙම හැ`ගීම එකල සමාජයට සේවය කිරීමේදී යම් තැනැත්තෙකුට ඇතිවන හැ`ගීමක් නොවිය හැකි බවට කිසිවකුට නම් තර්ක කළ හැකිද. ‘‘වෙණජ කිතලූ ගී...’’ යන සීගිරි ගීය තුළින් සමකාලීන සමාජය තුළ වෙළෙන්දන් සිටි බවත් ඔවුන් සමාජය තුළ නොයෙක් වෙළදාම් කටයුතු කරමින් ජීවත් වන්නට ඇති බවත් අනුමාන කළ හැකිය. සමාජයෙහි පැවති නොයෙක් වංශ පරම්පරා ගැනද තතු සීගිරි ගීවලින් මතු කර ගත හැකිය. ‘‘ස්වස්ති කති මුගලන මලනගෙ කිති (මි ලීමි*...’’ (කිති මුගලන නැමැත්තාගේ වංශයෙහි වූ කිති වන මම ලීමි* සමහර සීගිරි ගීවල ‘දසු’ හෙවත් දාස යන වචනය හමුවේ. එය සමකාලීන සමාජය පිළිබ`ද වැදගත් කරුණකි. ‘‘මෙලෙසි වී මා (ද*සු සිවින්...’’ (157 ගීය*, ‘‘තිපි අසද්බන්ද් දසු...’’ (557 ගීය* භාරතයෙහි මෙන් මෙයින් වෙනම කුලයක් අදහස් නොවේ. ඉන්දියාවේ දාස යනු පහත් කුලයකි. නමුත් බෞද්ධ සමාජයේ දාසයා යන්න භාවිත වූයේ වෙනස් අර්ථයකිනි. බෞද්ධයන් තෙරුවන් ඉදිරියේ දාසයන් සේ තමන් සලකනුයේ තෙරුවනට ගරු සත්කාර දැක්වීම සිහිකරගෙනය. රජවරුන්, දැසි දස්සන් විහාරවලට පිදුවේ මෙම සංකල්පය සිහිතබා ගෙනය. සීගිරි කවීහු මියුලැසියන්ගේ දාසයන් බවට පත්වීමට පවා සුදානම් වන්නේ හුදෙක් රසඥතාවෙන් මත් වීම නිසයි. එම`ගින් ඔවුන් සමාජයේ දුක්-දොම්නස්, සැප- දුක අදහස් කර නැත. සීගිරී ගී තුළින් සමකාලීන සමාජයේ දිළි`දු බවද හ`දුනා ගත හැකිය. කුල භේදය එම කාලයෙහිද දක්නට ලැබේ. තමන්ට සමාජයෙන් ලැබුණු ගෞරව නාම විශේෂයෙන් ස`දහන් කිරීමට කවියන් අමතක කර නැත. කවීන් ඇතැම්විට විශේෂණ පද රාශියකින් තම කුල නාමය සරසා ඇත. කුලයෙන් පහත් යැයි සම්මත ඇතැම් ජනයා නම් ස`දහන් නොකරන්නට ඇත. එසේ වන්නට ඇතැයි සිතිය හැක්කේ තමන් පහත් යැයි සම්මත කුලවලට අයත් වූ බැවින් තමන්ගේ කාව්‍ය නිර්මාණවලට එම කාරණය උචිත නොවේ යැයි ඔවුන් කල්පනා කිරීමයි. කුලගර්වයෙන් පිරි සීගිරි කවීන්ගේ නෙතට හසු වූ සීගිරි සේවිකාවන් හෙවත් නිල්වන් ලලනාවන් නින්දා අවලාද රාශියකට මුහුණ දුන්හ. ඇතැම්විට කෝප වූ කවීහු රදව් යැයි කියමින් ඔවුන්ට බැණ වැදුණහ. රන්වනුන් අසල සිටින නිල්වනුන් එකියක (සේවිකාවක* පරිහාසයට ලක් කරනු පිණිස වැලිගම් වැසි අග්බෝහිමි නැමති කවියා රන්වනුන් ළ`ග රදවියන් සිටී යැයි කියමින් නින්දා කරයි. ‘‘ස්වස්ති පිළ අපුලන තොට් නැත්තෙන් හළුගර් නැත්තෙන් වැ(දැ* වෙසෙය් රිදියක් බෙයන්ද්හි රන්වනුන් අතුරෙ...’’ (රෙදි ඇපිල්ලීමට තොටක්ද ඒවා වනා තැබීමට ගෙයක්ද නැති හෙයින් රජක ස්ත‍්‍රියක් බෙයදෙහි රන්වන් තැනැත්තියන් අතරට වැද වෙසෙන්නීය.* මෙහි හළුගර් යන්නෙන් රෙදි වනා තබන ගෙයක් හැ`ගවෙන බව පරණවිතාන මහතා ස`දහන් කරයි. වැලිවිටියේ සෝරත හිමි එය රෙදි සේදීම සදහා ගනු ලබන සබන් විශේෂයකැයි ස`දහන් කරයි. මෙම ගල් තලාව අසල තොටක් රෙදි සේදීමට හා ගල් තලාව රෙදි වියලීමට භාවිත කරන්නට ඇතැයිද අනුමාන කළ හැක. රන්වනුන් සැමියා මළ සොවින් වැලපෙන්නේ නැතිව සිටීම ගැන විමසූ කවියෙකුට පිළිතුරු දෙන තවත් කුලීන කවියෙකු ප‍්‍රකාශ කරනුයේ රන්වනුන් රදවියන් නොවන නිසාවෙන් විලාප නොදෙන බවයි. ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කාන්තාවකට වඩා තම සැමියා මතින් ජීවත් වූ කාන්තාවකට සැමියාගේ වියෝව දරා ගැනීම අදත් අසීරු වේ. ‘‘හො වුයු නො වෙ ද හිමියා වියොවැ වියරුවක්, රිජියක් නො වෙ යි ජත්මො ගියක් ලැබි සිහිගිරි’’ (සැමියා වියෝ වූ නිසා ඇය වියරුව සිටිනවා නේද? ඇය රදවියක නොවන බව අපි දනිමු.* මේ අනූව මෙම ගීයෙන් ඇය පැසසුම් ලැබුවාය. සීගිරි ගී ලියු කවියන් අතර සැලකිය යුතු කවීන් ප‍්‍රමාණයක් ‘‘බත’’ හා ‘‘බතී’’ යනුවෙන් ස`දහන් වේ. මේ පිළිබ`දව උගතුන් අතර විවිධ මත දැකිය හැක. සීගිරි පව්වේ ස`දහන් බත හා බතීලාගෙන් වැඩි දෙනෙකු වැඩවසම් සමාජයේ මැද පන්තියේ කූලීනයන් ලෙසද විදග්ධයන් ලෙසද සැලකිය හැක. එසේම ගිහි පැවිදි භේදයකින් තොරව ගී රචනා කර ඇති බව පෙනේ. සීගිරි ලලනා චිත‍්‍ර බලා රසවි`දීමේ බාධාවක් හෝ ගී ලිවීමේ තහංචියක් පැවිදි පක්ෂයට නොවූ බව ඇතැම් ගීවලින් හෙළි වේ. ක‍්‍රි.ව. 8, 9 හා 10 යන සියවස්වලදී කාන්තාවන් තම නිදහස තහවුරු කරගෙන සිටි බව සීගිරි ගීවලින් පැහැදිලි වේ. ඉන්දියාවේ මෙන් නොව කාන්තාවන් ඇතැම්විට පිරිමින් හා සම ස්ථානයේ නොව පිරිමින්ටත් වඩා ඉහළ ස්ථානයක සිටි බව පැහැදිලි වේ. ඇතැම් ගී රචනා කළ කවියන් හැ`දින්වීමේදී අසවල් භාර්යාවගේ ස්වාමියා යැයි හ`දුන්වාදී තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. බහු භාර්යාවන් පිළිබ`දවද මෙම ගී තුළින් යම් යම් තොරතුරු ලැබේ. සමාන පත්නීන් පිළිබ`දව මෙහිදී අදහස් දක්නට ලැබේ. ‘‘...ඇ`දිනි තමා මෙ බැලූම සෙවතක වී අප නුයුනග නා (තොප නුවනගින් කෙරෙන මේ බැල්ම ඇත්තෙන්ම සපත්නියකගේ මෙනැයි අප විසින් හ`දුනාගන්නා ලද්දේය.* ‘‘මහමතගේ බිරි`ද වු දේවා වෙමි. බෙයදෙහි යුවතිය මගේ සිත් ඇද ගත්තේය. අතින් මුතුවැළක් ගත් ඕ බැලූමින් අප හා සපත්නියක වූවාය.’’ ‘‘නිදලූ මිහින්ද් ගේ අඹුව වු සෙවු නැමැත්තියගේ ගීයයි. මහනෙලින් බරවු පීරා ගෙතු වරල ගෙල දක්වා වැටුණ තොප නුවනගින් කරන බැල්ම සපත්නියකගේ හෙවත් භාර්යාවකගේ වැන්න’’ ‘‘මිහින්ද්’’ හා ‘‘මහමත’’ බහු භාර්යා සේවනයට ගිජු වූ සැමියන් දෙදෙනකු බව පෙනේ. එමෙන්ම ‘දේවා’ හා ‘සේවු’ යන තැනැත්තියන් දෙදෙනා සහකාර සැමියන් ඇසුරේ තෘප්තිමත්ව සිටින්නට උත්සාහ දරන භාර්යාවන් දෙදෙනකු බව පෙනේ. මෙම කිවි`දියන් දෙදෙනාට සීගිරි ළ`දුන් පෙනෙනුයේ තම සැමියන් සන්තර්පණය කිරීමට සුදුසු තැනැත්තියන් ලෙසයි. මේ අනුව එකල තම පවුල් ජීවිතයට හානියක් නොවන අයුරින් බහු භාර්යා ඇසුරට ඉඩ ලැබී ඇති බව පැහැදිලි වේ. ‘සග්’ නැමැති තැනැත්තකු විසින් ලියා ඇති ගීය අනුව බහු භාර්යා සේවනය නොකළ තැනැත්තා සමාජයේ පිළිගැනීමට ලක්වූවෙකු නොවූ බව පෙනේ. ‘‘නොමන්ද් නොද් සිල් ලිය පියන් එක් ජො ගිය දවස්, ගලක් දැන් කළ වි ද හිජ මහලූකල් තපස් කළ සේ ලීතිමි මේ සග්මි.’’ සග් නැමැත්තාගේ මෙම ගීයෙන් ශරීර ශක්තිය ඇති පුරුෂයෙකු අඹුවන් කිහිප දෙනකු ඇසුරු කීරීම අගය කරයි. ඒ අනුව එම යුගයේ සමාජය පූර්වෝක්ත කරුණ පිළිබ`ද ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බව පැහැදිලි වේ. සමාජය තුළ පැවති යම් යම් චාරිත‍්‍ර-වාරිත‍්‍රද ඇතැම් සීගිරි ගීවලින් හ`දුනා ගත හැකිය. ‘‘මෙ පළ (ද* වරද ලෙද ම නොගත් කී වදන් තා- අතින් (ගිලි හුණ* මල් ගත් මෙළෙන් වරල මුදත් හිමි’’ (මා මේ කරන්නේ වරදක් බව ප‍්‍රකට කරුණක් වුවද තොප විසින් කියන ලද වචන මවිසින් පිළිනොගන්නා ලදි. ස්වාමියා මළ හෙයින්, වරල මුදන කල ගිලිහුණු මල් ඇය අතින් ගත්තා පමණි.* හිමියා මළේ වී නමුත් කතුන් මල් ගෙන සෙල්ලම් කරතියි යන චෝදනාවකට පිළිතුරු වශයෙන් මෙහිදී මෙසේ ස`දහන් වී ඇත. සැමියා මළ වැන්දඹු ස්ත‍්‍රිය කටයුතු කළ යුත්තේ මේ අයුරෙන් යැයි ඉ`ගියක් අපට මෙයින් ගම්‍යමාන වේ. විනෝදයට බර වූ අභිසාරිකාවන් මෙන් වූ කතුන් සීගිරි ගී රචනා වූ යුගයේ සිටි බවට සැක කළ හැකි කරුණු හමුවේ. ‘‘අග්නු (වී* හිමියම්බුයුට ගී කළ සිව් (තැ* නින් ගී ගොණෙන ආ සිහිගිරි - මුත් කී නො කිසි අස ගුලූ අපට දුන් අබුයුය්’’ සීගිරියට පැමිණෙන කාමාතුරයන් සන්තර්පණය කිරීමට සීගිරියේ අභිසාරිකාවන් සිටින්නට ඇත. එසේම එක් ගීයක ‘‘සිත් සේ පවතින අය මෙහි ඇතැයි ජනයා මේ ගල වෙත පැමිණි බ`දුය. එබ`දු සිත් සේ පවතින අය මෙහි ඇතත් තොප වැනි ලියෝ එසේ නොවෙති.’’ යනුවෙන් ස`දහන් වෙයි. සීගිරි කවියා අභිසාරිකාවන් සිත් සේ පවතින්නන් වශයෙන් ස`දහන් කරයි. එසේ ස`දහන් කරනුයේ ඔවුන් සියලූ බැ`දීම්වලින් නිදහස්ව කාමාතුරයන්ගේ සිත් පිනවන බැවින් විය යුතුය. එසේම සුදු පැහැ ඇති කතුන් ආඩම්බර ගති ලක්‍ෂණවලින් යුතු යැයි හා එම නිසාම ඇතැම් ජනයා ඔවුන් ප‍්‍රතික්‍ෂෙප කර ඇති බව එක් ගීයකින් පැහැදිලි වේ. කාන්තාවන්ගේ ඇදුම් පිළිබ`දවද සීගිරි ගීවලින් තොරතුරු හමුවේ. සීගිරි චිත‍්‍ර අනුව නම් උඩුකය වස්ත‍්‍රය රහිතව හා යටි කය වස්ත‍්‍රයකින් වැසීම කර ඇති සිතුවම් දැකිය හැක. ගීවලින් කාන්තාවන් තම ශරීරය අලංකාර කළ විවිධ අලංකාර විධි පිළිබ`දවද පුවත් හමු වේ. දිගු කේශ කලාපයක් තිබීම රූපලාවණ්‍යයේ සුවිශේෂී ලක්‍ෂණයක් ලෙස සලකා ඇත. ‘‘යොමු කෙහෙ මල්දමබැරැු නිල්තැලි දිගැස් මල ලූ කතක් නෙත්හැයූ බෙයදහි රන්වනුත් අතුරේ....’’ (බෙයදෙහි රන්වන් (ලියන්* අතර සිටින මල්දමින් බර වූ එල්බෙන කෙහෙ (ඇති* නිල් තිලකයකින් (හොබනා* දිගැසියක් (තමාවෙත* ඇදි ඇස් ඇතියවුන් පාශයක් ලූවාය.* සමකාලීන කාන්තා සැරසීම් ලෙස මල්දමින් යුත් දිගු වරලස හා ඒ අතරින් සැරසිල්ලක් ලෙස යොදන නිල්තැල්ල ආදිය හ`දුනා ගත හැකිය. ඊට අමතරව පියයුරු අතරෙහිද පියුම් සරසා සිටි බවට තොරතුරු ගීවලින් හමුවේ. කාන්තාවන් වීණා ආදී සංගීත භාණ්ඩද භාවිත කර ඇත. සීගිරිය නැරඹීමට විශාල ප‍්‍රමාණයක් පැමිණීම හේතුවෙන් ඇතැමුන් ප‍්‍රචාරක අවශ්‍යතා ඉටු කර ගන්නට සීගිරි ගී ලියා ඇත. සීගිරි ගී අතර ප‍්‍රචාරක අවශ්‍යතා ඉටුකර ගැනීමට රචනා කළ ගී කිහිපයක් හ`දුනා ගත හැත. සීගිරි චිත‍්‍ර පන්සීයයක් පමණ තිබූ බව ඇතැම් ගීවලින් පැහැදිලි වේ. නමුත් විවිධ හේතූන් නිසා අද වන විට ඉතිරි වී ඇත්තේ සිතුවම් කිහිපයක් පමණි. මෑත කාලයේ සීගිරි සිතුවම් සමූහයම විනාශ කළ අවස්ථාවක් වූ අතර පසුව ඒවා යථා තත්ත්වයට පත කර ඇත. සීගිරි ගී රචනා වූ යුගයේදීද මෙවැනි විනාශකාරි ක‍්‍රියාවන් කළ මිනිසුන් පිළිබ`ද තොරතුරු හමුවේ. සීගිරි සිතුවම් විනාශ නොකරන ලෙස ආයාචනය කරමින් ප‍්‍රචාරය සදහා ලියු ගීයක් මෙසේ දැක්විය හැක. ‘‘ස්වස්ති (ඇවිද්* මෙ බලයි යත සිතතම සිත් ග(න්* නෙනත එහි ගැසු දනන් බැස බැස අතින් මෙ නො මඩිමින් බසු. ’’ (මෙහි විත් මෙය නරඹා බැස යන විට සිත් ගන්නා සිත්තම් ජනයා අතින් පිරිමැද්දෝය. කරුණාකර සිතුවම් අල්ලන්නේ නැතිව බහින්න.* මෙම ගීය ලියූ තැනැත්තාගේ නම දක්නට නැත. සමහර විට මෙම ප‍්‍රකාශයන් සීගිරි සිතුවම් ආරක්‍ෂා කළ ආරක්‍ෂක නිලධාරීන්ගේ විය හැකිය. එසේම ගී ලිවීම ස`දහාද ඉඩක් වෙන් කර දීමට නිලධාරීන් සිටි බව සීගිරි ගී ලියා ඇති ආකාරය අනුව සිතිය හැක. සීගිරි ගීවල විසංවාදද දක්නට ලැබේ. ‘‘කිමිජ(බර* විල්හි අත් යුගලෙන් ඉගිලි - ගෙලෙ ල විජලි (නි*ව ගිම් දිව අසර අස (මෙ*හි ආ’’ (අහස් ගෙ`ග් කිමිදි අප්සරාව (දිව අසර* විදුලි මාලාවලින් ගෙලෙ සරසා පියාඹා විත් මෙහි ගිමන් හරින්නීය.* ‘‘ස්වස්ති තමහට නො දිස් වූ මෙන් වෙ(ද* සිත ජන්නෙ (තම*- දිසෙයි නැගෙන බන්දු සිකි (අ* බුරෙහි කිමින්දිසෙ තහට’’ (...යමක් තමන්හට පෙනෙන ආකාරයෙන්ම එය සිතටද නොදැනේද? මට දැනෙන්නේ එසේයි. එහෙත් යහළුව ඔබට දැනෙන්නේ උන් අහසේ පියාසර කරන සේය.* සීගිරි ගී විමසීමේදී සමකාලීනව භාවිත වූ පෙළපත් නාම පිළිබ`දව කරුණු රුසක් අනාවරණය වේ. ඒ අනුව තනතුරු නාම, ගෝත‍්‍ර නාම, ඥාති නාම, සම්මාන නාම හා ස්ථාන නාම ආදි වශයෙන් සිය පෙළපත් නාම සංවිධානය කරගත් ආකාරය සීගිරි ගී තුළින් පැහැදිිලි වේ. එසේම එම නාම වර්තමානයට පරිණාමය වෙමින් වර්තමානයේ පවා ප‍්‍රචලිතව පැවැතීම විශේෂ ලක්‍ෂණයකි. ඒ අනුව මිහින්ද්, මිහින්ද්ද, මහින්ද (මහේන්ද්‍ර*, කිත් -කීර්ති, දහම් සෙන් (ධර්මසේන*, බුදස් (බුද්ධදාස* ආදි නාමයන් දැක්විය හැක. එසේම දොළොස් මහා කවීන් අතර දක්නට ලැබෙන සක්දා මල, අසක්දා මල වැනි නම් සීගිරි ගී අතර දක්නට ලැබේ. අටළොස් වසක් රාජ්‍ය විචාළ ප‍්‍රථම කසුප් නිරි`දුන් විසින් නිර්මාණය කරන ලද සීගිරිය වනාහි ලොව අටවන පුදුමය ලෙස ලෝකවාසීන්ගේ සම්භාවනාවට පාත‍්‍ර වේ. එහි විචිත‍්‍රවත් බව හා අගය වැඩිවීමට බලපෑ තවත් ප‍්‍රබල සාධකයක් නම් සීගිරි කැටපත් පවුරේ රචනා කොට ඇති සීගිරි කුරුටු ගීය. ගණනින් ගී 708ක් වන මෙහි බොහෝ ගීත රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව විසිනි. ඔවුන් ස`දහා විවිධ කරුණු වස්තු විෂය වූ බව ඒ පිළිබ`දව විමසීමෙන් මනාව පළට වේ. ඇතැමුන් සීගිරි පව්වද, තවෙකෙක් සීගිරි පව්ව පාමුල නිර්මාණය කොට ඇති සිංහයාද වස්තු විෂය කරගත් අතර බොහෝ සීගිරි කවීන්ට වස්තු විෂය වී ඇත්තේ සීගිරියෙහි චිත‍්‍රණය කොට ඇති සීගිරි අප්සරාවන්ය. තවද සීගිරිය නැරඹීමට බොහෝ පිරිස සීගිරිය වෙත පැමිණියහ. ඔවුහු ස්වකීය චිත්ත සන්තානය තුළ උපන් හැ`ගීම් සීගිරි කැටපත් පවුර මත ලියා තැබීමට අමතක නොකළහ. සීගිරි කැටපත් පවුරේ ඇති සීගිරි ගී තුළින් තත්කාලීන සමාජයේ විවිධ අංශයන්හි බොහෝ තොරතුරු අනාවරණය කර ගත හැකි බව මැනවින් ගම්‍යමාන වේ. සීගිරි ගී රචනා වූ යුගය වන විට ජනතාව තුළ උසස් සාහිත්‍ය රසඥතාවක් වූ බවට කිසි`දු සැකයක් නැත. ඇතැම් කවියන් සීගිරි සිතුවම් දැකීමෙන් උසස් කාව්‍ය නිර්මාණ කර ඇති අතර ඇතැම් කවීන්ගේ නිර්මාණ තුළ උසස් නිර්මාණ කෞශල්‍යයක් දැකිය නොහැක. ඇතැම් කිවියන් ගී විචාරය කර තිබීමෙන් එකල පැවැති සාහිත්‍ය විචාරයේ දියුණුව මනාව පැහැදිලි වේ. සාහිත්‍ය රසඥතාව ජනතාව තුළ වැඩි දියුණුවීමට ස්වයංපෝෂිත ආර්ථිකයක් හා සාමකාමී දේශපාලන වපසරියක් තිබීම වැදගත් වේ. සීගිරි ගී රචනා වූ යුගයේ ජනයා සීගිරිය නැරඹීමට බහුල වශයෙන් පැමිණයේ, එකල පැවැති සමෘද්ධිමත්භාවය නිසා විය හැකිය. මේ ස`දහා අභ්‍යන්තර යුද ආරවුල්වලින් තොර වීම වැදගත් වේ. රජවරුන් හා උසස් රාජ්‍ය නිලධාරීන්ද සීගිරිය නැරඹීමට පැමිණ තිබීමෙන් මෙම කරුණ මනාව පැහැදිලි වේ. බුදු දහමින් පෝෂිත වූ සමාජයක් සීගිරි ගී රචනා වූ යුගයේ පැවැතිණ. ඒ බව ඇතැම් කවියන් සීගිරි ලලනාවන් දැකීමෙන් තම කවිත්වය මෙන්ම විචාර බුද්ධියද මෙහෙයවා තිබීමෙන් ඒ බව පැහැදිලි වේ. වංශකථාවලින් හ`දුනා ගත නොහැකි රාජ්‍යත්වයට සම්බන්ධ දේශපාලනික වශයෙන් වැදගත් තොරතුරු රාශියක්ද සීගිරි ගී තුළින් හ`දුනා ගත හැකිය. කුල ගෝත‍්‍රයන් බුදු දහමින් ප‍්‍රතික්‍ෂෙප කළද කුල භේදය පැවැති බවට තොරතුරු හමුවේ. එහෙත් දාස වැනි නම් විශාල අර්ථයකින් භාවිත වී ඇති අතර හුදෙක් කුලයම පමණක් පදනම්කරගෙන භාවිත වී නොමැති බව පැහැදිලි වේ. තත් යුගයේ පැවැති පෙළපත් නාමකරණය පිළිබ`ද වැදගත් තොරතුරු ගී තුළින් අනාවරණය වේ. එවැනි නම් භාවිත කිරීමට කුලය, පරපුර, තනතුර හා වාසය කරන ස්ථානය යන කරුණුද බලපා ඇත. සංවාද ගීද හමුවන බැවින් විවෘත සංවාද සමාජයේ පැවැතී ඇත. සීගිරිය ආරක්‍ෂා කිරීමට රාජ්‍යය මැදිහත් වීමෙන් නිලධාරීන් සිටින්නට ඇති බව ඇතැම් ගී විමසීමෙන් පැහැදිලි වේ. රජවරුන්, පැවිද්දන් වැනි විවිධ ක්‍ෂේත‍්‍රයන්ට අයත් ජනයා කැටපත් පවුරේ ගී රචනා කර ඇත. සමකාලීන සමාජයෙහි කාන්තාවන් ජීවත් වූ ආකාරය ගැන තොරතුරු රාශියක් සීගිරි ගීවලින් දත හැකිය. අභිසාරිකා වැනි වෘත්තීන්හි නිරත වූ කාන්තාවන් සිටි අතර වීණා වාදනය කළ හා විනෝදයටම යොමු වූ කාන්තාවන් සමූහ වශයෙන් ජීවත් වූ බවට සීගිරි ගී සාධක සපයයි. පුරුෂයන්ට හිමි වරප‍්‍රසාද බොහෝමයක් කාන්තාවන් හිමිකරගෙන සිටි අතර ඇතැම් අවස්ථාවල පුරුෂයන් අභිබවා යාමටද කාන්තාවට හැකියාව ලැබී ඇත. එසේම කාන්තාවන්ගේ වස්ත‍්‍රාභරණ පිළිබ`දවද බොහෝ තොරතුරු අනාවරණය වේ. කාන්තාවන් කෙරෙහි සමාජය දැක්වු ආකල්පයද මනාව දත හැකිය. කාන්තාවන් බහු පුරුෂ සේවනය හා පූරුෂයන් බහු කාන්තා සේවනය තත් සමාජයේ අනුමත කළ එකක් වී ඇත. මේ අනුව පැහැදිලි වන්නේ සීගිරි ගී යනු උසස් සාහිත්‍ය නිර්මාණ සම්භාරයක් වන්නා සේම තත්කාලීන සමාජ තොරතුරු රාශියක් විදහාපාන කැඩපතක් වන බවයි. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රය මහාවංශය. සුමංගල බටුවන්තුඩාව, (සිංහල අනුවාදය ද්විතීය භාගය, 37 පරි.* 1930. ද්වීතීයික මූලාශ‍්‍රය කුලසූරිය, ආනන්ද, සිංහල සාහිත්‍යය 1. (මහරගම: සමන් මුද්‍රණාලය, 1961*. ධම්මානන්ද හිමි, තලල්ලේ, සීගිරි පද්‍ය. (ගල්කිස්ස: අභය ප‍්‍රකාශකයෝ, 1966*. පරණවිතාන, එස්. සීගිරි කුරුටු ගී 1 වෙළුම. (කොළඹ 07: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2000*. විතාන, ගුණසේන, සීගිරි ගීයේ සමාජ දැක්ම. (රාජගිරිය: කුරුලූ පොත් ප‍්‍රකාශකයෝ, 1990*.  සංස්කරණ සීගිරි පද්‍යාවලිය. (සංස්.*. නන්දසේන රත්නපාල, (කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, දෙවන මුද්‍රණය, 2004*. සීගිරි පද්‍යාවලිය. (සංස්*. නන්දසේන මුදියන්සේ, (කොළඹ 10: ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1963*. සීගිරි කුරුටු ගී. (පරි.* සුචරිත ගම්ලත්, (කොළඹ 07: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, 2000*. වෙනත් අනුරාධපුර යුගය. දේශපාලන තොරතුරු සංස්කරණය; අමරදාස ලියනගමගේ, රණවීර ගුණවර්ධන, (1961* තුන්වන මුද්‍රණය, (කොළඹ: ශ‍්‍රී ලංකා ජාතික පුස්තකාල සේවා මණ්ඩලය. 1987*. එම්.ඒ.එම්.දමයන්ති, ‘‘සීගිරි ගීයෙන් හෙළිවන කවිත්වය’’ ප‍්‍රාචීන භාෂෝපකාර සමාගම ශාස්ත‍්‍රීය ස`ගරාව 2005-2006. (සංස්.*. යටගල ධම්මපාල හිමි ඇතුළු පිරිස.