Thursday, December 12, 2013
දකුණු ඉන්දියානු ආක‍්‍රමණ හා පොළොන්නරු රාජධානියේ සමාරම්භය
දකුණු ඉන්දියානු ආක‍්‍රමණ හා පොළොන්නරු රාජධානියේ සමාරම්භය
අනුරාධපුර රාජධානිය අගභාගය වන විට දේශපාලනික වශයෙන් මෙරට දුර්දශාපන්න කාලයකට අත පොවමින් සිටි බව පෙනේ. ඒ වන විට උතුරු ලංකාවේ ස්වකීය ආධිපත්‍යය පැතිර වූ චෝළයෝ සමකාලීන දක්ෂිණ භාරතයේ බලසම්පන්නම රාජධානියට හිමිකරුවන්ව සිටියහ. අනුරාධපුර රාජධානිය අවසාන භාගය වන විට දකුණු ඉන්දියානු දේශපාලන කේෂ්ත‍්‍රයේ බල සමතුලිතතාවක් ඇති කිරීම ස`දහා පාංඩ්‍යයනුත් සිංහලයනුත් නැගී එමින් පැවති චෝළ බලයට විරුද්ධව ක‍්‍රියා කළ අතර පාංඩ්‍යයන් චෝළ රජුන්ට එරෙහිව කළ සටන්වලදී සිංහල රජු ඔවුන්ට ආධාර පිණිස හමුදා යැවීය. මෙම සටන්වලින් පැරද ගිය ඇතැම් අවස්ථාවලදී පාංඩ්‍ය රජු ලක්දිවට පැමිණ ආරක්ෂාව පැතුවේය. මෙම සිදුවීම්වල අවසාන ප‍්‍රතිඵලය වූයේ සිංහල රජුත්, දකුණු ඉන්දියාවේ පාංඩ්‍යනුත් දුබලව සිටි කාලයකදී චෝළයින් විසින් උතුරු ලංකාව ආක‍්‍රමණය කරනු ලැබ එහි ආධිපත්‍ය පැතිරවීමයි.
ක‍්‍රි.ව.993 දී පමණ රජරට ආක‍්‍රමණය කළ පළමු රාජරාජ එම වර්ෂයේ සිට සෑහෙන තරම් බලපෑමක් කළේය. ඔහු මෙරටට පැමිණ මෙහි සම්පත් කොල්ල කෑවේය. මෙහිදී ලක්දිව රජ කළ පස්වන මිහි`දු රජු රුහුණට පළා ගිය බව පෙනේ. රාජරාජ පුත‍්‍ර රාජේන්ද්‍ර 1017 දී අනුරාධපුර රාජධානියේ අවසාන සිංහල රජු පරාජය කිරීමට සමත් විය. ‘‘පස්වන මිහි`දු රජු 1017 දී චෝළයින් අල්ලාගෙන යාමෙන් පසු පැරණි රජරට චෝළ අධිරාජ්‍යයේ කොටසක් බවට පත්විය. එහෙත් දසවන ශත වර්ෂයේ අවසාන දශකයේ සිටම චෝළයින් ලංකාවේ සෑහෙන දේශපාලන බලපෑමක් ඇති කළා යැයි සිතීමට ප‍්‍රමාණවත් සාක්ෂි දක්නට ලැබේ. ක‍්‍රි. ව 985 - 1014 දක්වා චෝළ අධිරාජ්‍යයා වූ පළමු රාජරාජගේ ශිලා ලේඛන කීපයක්ම ලංකාවේ විවිධ ස්ථානයන්ගෙන් හමුවී ඇත.’’ මාන්තෝට්ටම් නොහොත් මහාතිත්ථ නම් ප‍්‍රදේශයේ ඔහු විසින් කරවන ලදැයි සැලකිය හැකි ‘රාජරාජේශ්වරම්’ නම් දේවාලයක් තිබු බවට සාධක ඇත.
කෙසේ නමුත් 1017 දී පස්වන මිහි`දු රජු සිරකරුවකු ලෙස ඉන්දියාවට ගෙනගිය පසු චෝළ අධිරාජයා උතුරු ලංකාවේ නීත්‍යනුකූල පාලකයා බවට පත්විය. අවාසනාවන්ත මිහි`දු රජු චෝළ දේශයේ සිරකරුවකු ලෙස දොළොස් අවුරුද්දක් සිට අවසානයේදී එහිදීම මිය ගියේය. චෝළ ශිලාලිපිවලට අනුව චෝළයෝ මුළු ලංකාවම ‘මුම්මුඩිශෝලමංඩලම්’ යනුවෙන් නම් කර එය චෝළ අධිරාජ්‍යයේ කොටසක් ලෙස පාලනය කළහ. චෝළයන් පස්වන මිහි`දුගෙන් පසුව මෙහි පාලනය ගෙන ගියද එය උතුරු හා උතුරු මැද ප‍්‍රදේශවලට සීමා වී ඇත. ‘‘චෝළයෝ උතුරු ලංකාවේ ස්වකීය පාලන කාලය තුළදී අනුරාධපුරයේ සිට ‘ජනනාථපුරම්’ යනුවෙන් ඔවුන් විසින් නම් කරන ලද පොළොන්නරුවට අගනුවර මාරු කළහ. රෝහණයෙන් එල්ල වූ විරුද්ධවාදීකම්වලට මුහුණ දීමට අනුරාධපුරයට වඩා පොළොන්නරුවේ භූගෝලීය පිහිටීම යෝග්‍ය වීම මෙහිලා ඉවහල් වූ මූලික හේතුව බවට සැකයක් නැත.’’ මේ අනුව ඔවුන් ස්වකීය රක්ෂාවරණය ස`දහා පොළොන්නරු රාජධානිය ආරම්භ කළ බව පැහැදිලි වේ.
චෝළයන් මෙරට පාලනය කළ සමයේදී ආගමික, සංස්කෘතික, ගෘහනිර්මාණ යනාදි අංශවල සමාන්තර වර්ධනයක් සිදු විය. නමුත් චෝළ පාලන සමය සමස්තයක් වශයෙන් සලකා බලන විට සිංහල බෞද්ධ රජුන්ගේ කාලවල ලැබුණු තරම් අනුග‍්‍රහයක් චෝළයින්ගෙන් බුදුදහමට ලැබුණා යැයි සිතිය නොහැක. නමුත් චෝළයින්ගේ අනුග‍්‍රහය හින්දු ආගමට නොම`දව ලැබුණු නිසාත්, හින්දු සමාජ කොටස් එකල වෙනත් කාලවලට වඩා ප‍්‍රබල වූ නිසාත් හින්දු ආභාසය සිංහල සංස්කෘතියේ විවිධ අංශවලින් දැක ගත හැකි විය.
සොළීන්ගෙන් රට මුදා ගත්තේ පළමු විජයබාහු රජතුමායි. ඔහුට උපසම්පදාව යළි ඇති කරන්නටත්, ශාසනය න`ගා සිටුවන්නටත් සිදු වූයේ ඒ වන විට බෞද්ධාගමේ කිසියම් පරිහානියක් උදා වී තිබූ බැවිනි. විජයබා රජුගෙන් පසු සුළු කාලයක් විවිධ පාලකයන් පාලනය ගෙන ගිය බව පෙනේ. මෙම කාලය තුළ මෙරට සැලකිය යුතු සංවර්ධනයක් සිදු නොවීය. ඉන්පසු පළමු පරාක‍්‍රමබාහු රජුගේ උදාව සිදු විය. මෙම කාලය තුළ සෑම අංශයක්ම පාහේ ශීඝ‍්‍රයෙන් සංවර්ධනය විය. මෙතුමා තුන් සිංහලයම එක්සේසත් කළේය. ‘‘මහා පරාක‍්‍රමබාහු නම් වු මේ මහා නරේන්ද්‍ර තෙමේ සියලූ දෙමළ සතුරන් පලවාහැර මුළු රට සමත් කොට නිෂ්කණ්ටක වූ දුර රටවල්ද අභිභවනය කෙළේය. ඒ රජහුගේ කාලයේදී පොළොන්නරු පුරය අතිශය ශ්‍රෙෂ්ඨභාවයට පත් වූවාය.’’ පොළොන්නරුවේ විසිරී පවතින නෂ්ටාවශේෂයන්ගෙන් මෙම රජතුමාගේ ශ්‍රෙෂ්ඨත්වය හා නිර්මාණවල බාහුල්‍යය මනාව ගම්‍යමාන වේ.
මින් පසුව නිශ්ශංකමල්ල රජතුමා රාජ්‍යත්වයට පත් විය. මෙතුමා කාලිංග වංශිකයෙකු වූ නමුත් සිංහල බස උගෙන සිංහල රජ කෙනෙකු මෙන් රජ කිරීමට උත්සාහ දැරූවෙකි. එසේම මෙම රජතුමාගේ කාලයේදී කලා ශිල්පවල දියුණුවක් දැකගත හැකිය. මෙම රජතුමා ලක්දිව නොයෙක් ස්ථානවල සෙලි ලිපි පිහිටුවා ඇත. මෙම රජුගෙන් පසුව වසර කිහිපයක් රට වියවුල් විය. ඉන්පසුව රජවූ තරමක ප‍්‍රබල වූ රුජිනියන් දෙදෙනෙකු හදුනාගත හැක. එනම් කල්‍යාණවතී රුජින හා ලීලාවතී රුජිනයි. පසුව කාලිංග මාඝ නැමැති දකුණු ඉන්දීය ආක‍්‍රමණිකයෙක් පොළොන්නරු පාලන බලය අල්ලා ගත්තේය. මොහු රජරට ශිෂ්ටාචාරය විනාශ කළ පාලකයා විය. ‘‘කෲර ගති ඇති වූ මේ රජ හින්දු කාරයෙක් විය. ඔහුගෙන් සිංහල බෞද්ධයනට බොහෝ තාඩන පීඩන ලැබුණේය. හෙතෙම විහාරවල ධනය කොල්ලකමින් සිංහලයන්ගේ ඉඩකඩම් ස්වකීය සහචරයන් වූ විදේශිකයනට පාවා දුන්නේය.’’ මේ අනුව පොළොන්නරු යුගයේ ඇති වූ සංකීර්ණ දේශපාලනික තත්ත්වය අවබෝධ කර ගත හැකිය.
පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පය
ඉතිහාසයට අයත් කවර අංගයක වුව ඊට ආවේණික සුලක්ෂණ හ`දුනා ගැනීමේදී තත්කාලීන ඓතිහාසික සමාජ වපසරිය හ`දුනා ගැනීමෙන් අත්වන ප‍්‍රයෝජන මහත්ය. පොළොන්නරු යුගයේ ව්‍යාප්ත වූ ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි බලපෑ දකුණු ඉන්දීය ආභාසය ගැන විමසීම මෙහි ප‍්‍රමුඛ කරුණ වන බැවින් අදාළ යුගයෙහි ඓතිහාසික පසුබිමත්, එම යුගයේ එල්ල වූ විවිධ බලවේගත් වටහා ගැනීමෙන් උක්ත කාරණය මැනවින් සාධනය කර ගත හැකි බව පෙනේ. අනුරපුර යුගයෙහි පටන් පොළොන්නරුව රාජධානියක්ව ක‍්‍රියාත්මකව පැවති මුළු මහත් කාල වකවානුව ශත වර්ෂ දහතුනක් පමණ වන බැවින් ඒසා දීර්ඝ කාලයක් තුළ ජාතියක් ලෙස නිරුපද්‍රිතව එකම ලෙසින් නොපැවති නිසා කලා නිර්මාණයන් තුළ වුවද එබ`දු ඒකාත්මික බවක් දක්නට හැකි නොවේ.
ක‍්‍රි. ව 10 වන සියවසේ අගභාගයේ සිට 13 වන සියවසේ මුලාරම්භය දක්වා වූ රාජධානිය පොළොන්නරු යුගය නම් වේ. ලාංකේය ඉතිහාසයේ දෙවන රාජධානිය ලෙසින් බිහි වූ පොළොන්නරු යුගයේදී පළමු රාජධානිය වූ අනුරාධපුරයේ පැවති ගෘහ නිර්මාණ ශිල්පයේ ඇතැම් අංග ගිලිහී ගියා මෙන්ම නව අංගද එකතු විය. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිිල්පයේ අනන්‍ය ලක්ෂණ එම යුගයේ සැම ගෘහ නිර්මාණයකින්ම විදහා දැක්වේ. මෙම යුගයේ ඇතිවූ ගොඩනැගිලි ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට අනුරාධ සෙනෙවිරත්නයෝ වර්ගීකරණය කරති. ර්‍ණඔයැරු ්රු එඅද නසබාි දෙ ඉමසකාසබටි සබ චදකදබ්රමඅ් ථ රුකසටසදබ ්බා ිැජමක්ර’’ ග ඒ අනුව එම වර්ග දෙක නම්,
⋆ආගමික ගොඩනැගිලි
⋆ලෞකික ගොඩනැගිලි, යනුයි.
ආගමික ගොඩනැගිලි වශයෙන් සාම්ප‍්‍රදායික ආරාම ගොඩනැගිලි ආදියත් ලෞකික ගොඩනැගිලි වශයෙන් රජමාලිගා ආදියත් කෙටියෙන් හැදින්විය හැක. මෙම දෙයාකාර ගොඩනැගිලිවලින් පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයෙහි ආවේණික ලක්ෂණ හ`දුනා ගත හැක. අනුරාධපුර යුගයට සාපේක්්ෂව පොළොන්නරු යුගයේ පාෂාණමය නිර්මාණ පැවතියේ ඉතා සීමිත ප‍්‍රමාණයකි. නමුත් පොළොන්නරු යුගය වන විට ගඩොල් හා හුණු බදාම නිර්මාණ ස`දහා වැඩි වශයෙන් යොදාගත් බව පෙනේ. නමුත් පොළොන්නරු ගල් විහාරය වැනි නිර්මාණ පාෂාණමය මාධ්‍යයෙන් නිර්මාණය වී ඇත. මෙකල බොහෝ නිර්මාණ සදහා හුණු ගල් හා ගඩොල් කැබලිති වලින් යුතුව සාදාගත් කොන්ක‍්‍රීට් විශේෂයක් යොදාගෙන ඇත. මෙම කොන්ක‍්‍රීට් විශේෂය හේතුවෙන් පොළොන්නරුවේ නිර්මාණ අනුරාධපුර යුගයට වඩා උස් වූ හා විශාල වූ නිර්මාණ වීම වැළැක්විය නොහැකි කරුණක් විය.
ථූපාරාමය ඇසුරෙන් මෙම කරුණු සනාථ කරගත හැකිය. ලංකාතිලක පිළිමගෙයද ගඩොල් නිර්මාණයක් වන අතර එහි තිරස් කො`දු ස`දහා භාවිත අමුද්‍රව්‍ය හා නිර්මාණශීලිත්වයේ අගය සෙනරත් පරණවිතාන මහතා මෙසේ දක්වා ඇත. ‘‘ලංකාතිලකයේ දොරටුවල තිරස් කො`දු නිමවා තිබෙන්නේ විශේෂ හැඩයකට තනන ලද සිහින් වයනයකින් යුත් ගඩොල් ම`ගිනි. ගඩොල් පෑස්ම කොතරම් හො`දද යත් පෑන් පිහි තලයක්වත් තබන්නට බැරි තරම්ය. සැරසිලි අංග සාදන ලද්දේ සිනිදු හුණු බදාමයකිනි.’’ මෙයින් පැහැදිලි වන්නේ පොළොන්නරුවේ භාවිත අමුද්‍රව්‍ය අනුරාධපුරයෙන් වෙනස් වන බවයි.
ආකෘතිය අතින් ගත් කලද පොළොන්නරුවේ ඉදිවූ බොහෝ ගෘහ නිර්මාණවල ඊටම වෙන් වූ අනන්‍යතාවක් දැකිය හැක. අනුරාධපුරයේදී විවිධ නිර්මාණ බිහි වූයේ ස්ථූපය ප‍්‍රමුඛ කර ගෙනයි. මෙම යුගයේදී බුද්ධ ප‍්‍රතිමාවන් ප‍්‍රමුඛ කරගෙන නිර්මාණ බිහි වී ඇත. මේ ස`දහා හින්දු ආගමේ බලපෑම ඇති වූ බව පැහැදිලි කළ හැක. හින්දු ආගම මෙහි ප‍්‍රබල වීමත් සමග හින්දු දෙවියන් මහා බලගතු දෙවියන් යන සංකල්පයක් හා එම විශ්වාස බොදුනුවන් අතරද ප‍්‍රචලිත වීම නිසා බුදුන් වහන්සේ පිළිබ`දව හා උන්වහන්සේගේ බල මහිමය අතිශෝක්තියෙන් වඩ වඩා විදහා දැක්විය යුතු වීම මෙයට හේතු වන්නට ඇත.
පොළොන්නරුවේ ඉදිවූ ස්ථූපයන් අතරද විශේෂත්ව රාශියක් දැකිය හැක. පරාක‍්‍රමබාහු රජු කළ දෙමළ මහා සෑය හා සුතිඝර චෛත්‍යය වල දැකිය හැකි විශේෂත්වයක් වන්නේ ඒවා පේසා වළලූවලින් ම`දක් උස්ව ගොඩනංවා එහි මැද කුඩා චෛත්‍යයක් ඉදි කිරිමයි. සෙනරත් පරණවිතාන මහතාගේ අදහස බලාපොරොත්තු වූ උසට සෑදීමට නොහැකි වූ බැවින් මෙසේ සාදා ඇති බවයි. ‘‘ස්තූප දෙකක් එකසේ එක පමණින් නිමාවට නොකොට එයට පරිසමාප්ති ලක්‍ෂණ මාත‍්‍රයක් දෙනු ස`දහා එකම ක‍්‍රමය අනුගමනය කරතියි සිතීම තරමක් අසීරු හෙයින් දමිළ ථූපය හා සුතිඝර චේතිය එක්තරා විශේෂ ක‍්‍රමයක ස්තූප ගණයකට අයත් වී යැයි අනුමාන කළ හැකිය.’’
මේ ස්තූප පිළිබ`දව දැකිය හැකි තවත් සුවිශේෂත්වයක් වන්නේ ස්ථූප වටා ඇති වාහල්කඩ දෙකක් අතර ගඩොලින් කළ බොකු වහල සහිත මලසුන් ගෙවල්ය. ඒවායෙහි බුදු පිළිම තැන්පත් කිරීම මෙම යුගයේ ඇති වූවකි. ප‍්‍රතිමාඝරද පොළොන්නරුවේ අනන්‍යතාව කියා පායි. ගඩොලින් කළ කවාකාර වහලක් සහිත වීම මෙම ප‍්‍රතිමාඝරයන්හි විශිෂ්ට නිර්මාණ කෞශල්‍යය පෙන්වන්නකි. මේවායෙහි බිත්ති ඉතා විශාල වන අතර මෙහි ආකෘතියද විශේෂ වූවකි.
අනුරාධපුරයේ ස`දකඩපහණට වඩා පොළොන්නරුවේ ස`දකඩපහණ තුළ විශේෂත්වයක් දැකිය හැකි විය. අනුරාධපුර යුගයේදී ස`දකඩපහණ යොදාගනු ලැබූවේ ආගමික ස්ථානවලට පමණක් වුවද පොළොන්නරුවේදී එය රාජමාලිගා වැනි ලෞකික ස්ථානවලටද යොදාගනු ලැබීය.
පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පය තුළ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ අලංකාර බාහුල්‍යයයි. අනුරාධපුරයේ නිර්මාණ අලංකාර චාම් ස්වාභාවයකින් යුක්ත විය. පොළොන්නරු නිර්මාණවල අලංකාර බාහුල්‍යය එම යුගයේ ගෘහ නිර්මාණවල ආවේණික ලක්‍ෂණයක් විය. අනුරාධපුරයේ සරල බව තුළින් නිරූපිත තාත්වික ස්වභාවය පොළොන්නරු යුගයේ වෙනස් වී සංකීර්ණ මෙන්ම සෞන්දර්යාත්මක පක්ෂය කෙරෙහි යොමු වූ බව පෙනේ. එසේම පොළොන්නරු සමයේ ගෘහ නිර්මාණ ශිල්පයේ සුවිශේෂත්වය වන්නේ එහි සියලූ ප‍්‍රධාන ගොනඩනැගිලි නගරය කේන්ද්‍රගතව ඉදිවීමයි. නගරයෙන් පිටත ඉදිවී ඇත්තේ පළමු විජයබාහු රජුගේ මාළිගාවත් සූතිඝර චෛත්‍ය වැනි ආගමික ස්ථාන කිහිපයක් පමණි. මෙම කරුණද පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ අනන්‍ය ලක්ෂණයක් බැව් පෙනේ.
පල්ලව, පාණ්ඩ්‍ය, චෝළ, චේර රාජ්‍ය මෙරට ආක‍්‍රමණය කිරීමෙන් පසු ඔවුන්ගේ චාරිත‍්‍ර වාරිත‍්‍ර, කලාශිල්ප, ඇදහිලි, භාෂා සාහිත්‍ය ආදියද මෙහි ප‍්‍රචලිත වන්නට විය. පොළොන්නරුවේ දැනට ශේෂව පවත්නා නටබුන්වලින් එම සංස්කෘතිවල ආභාසයද අනාවරණය වෙයි.
පොළොන්නරු යුගයේ විස්තෘත ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි ඇති වූ දක්ෂිණ භාරතීය බලපෑම
ලාංකේය ගෘහ නිර්මාණ ශිල්පය ආරම්භයේ සිටම විවිධ සම්ප‍්‍රදායන්හි ආභාසය ලබමින් වර්ධනය විය. අනුරපුර යුගයේදී ඒ ස`දහා මූලිකවම බලපෑවේ මිහි`දු හිමි හ`දුන්වා දුන් තත්කාලීන භාරතීය ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායයි. කරුණු එසේ වුවද පොළොන්නරු යුගය වන විට ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි විවිධ සම්ප‍්‍රදායන්හි ආභාසය බලපෑ බව පෙනේ. පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ආවේණික ලක්‍ෂණ පිළිබ`ද ඉහතදී සාකච්ඡුා කළෙමු. එහි ඇතැම් ලක්ෂණ දකුණු ඉන්දීය බලපෑම මත ඇති වූ ඒවායි. මෙම බලපෑම මෙම ක්‍ෂෙත‍්‍රය කෙරෙහි පමණක් නොව සමාජ හා ආගමික ක්‍ෂෙත‍්‍රයන් කෙරෙහිද යොමු විය. බුදු දහමේ ඇදහිලි හා විශ්වාසවල යම් වෙනසක් සිදු වූයේද මෙම බලපෑම නිසාය.
චෝළ ආධිපත්‍යය පැවති සමයේ පොළොන්නරුවේ ගෘහ නිර්මාණ සිංහල සාම්ප‍්‍රදායික ගෘහනිර්මාණ ශිල්පය යටතේ බිහි නොවීය. ‘‘සොළී ආධිපත්‍යය යටතේ සිංහල නිර්මාණ සම්ප‍්‍රදාය අනුව කිසිම ගොඩනැගිල්ලක් නොසාදන ලදි. සෙළී ආණ්ඩුව යටතේ රාජවංශිකයන් කුලවතුන් හා බෞද්ධ භික්‍ෂූන්ද නැතිව ගිය හෙයින් එම අනුග‍්‍රාහකයන් නොමැති වීමෙන් සිංහල ප‍්‍රතිමා ශිල්පීනට සහජ සිත්තරුනට සිය සිප්කම්හි යෙදීමට අවස්ථාවක් නොලැබිණි. ආක‍්‍රමණිකයෝ පොළොන්නරුවෙහි සිය ආගමික සිද්ධස්ථාන ඉදිකළහ. මේවා තනන ලද්දේ එවකට දකුණු ඉන්දියාවේ ප‍්‍රචලිතව පැවැති ගෘහ නිර්මාණ ශිල්ප සම්ප‍්‍රදායට අනුකූලවය.’’ නමුත් මෙම නිර්මාණ තුළද මෙරට පැවැති සිංහල ගෘහනිර්මාණ ශිල්පයේ ලක්‍ෂණ අඩංගු බව සෙනරත් පරණවිතාන සූරීන්ගේ මතයයි. චෝළ අධිපත්‍යය බි`ද දැමීමෙන් පසුව වුවද සිංහල බලය රැුකගත් රජවරුන් අතින් බිහිවූ යම් යම් නිර්මාණ තුළ දකුණු ඉන්දීය බලපෑම පෙනේ. හින්දු ගෘහනිර්මාණ ශිල්පයේ දැඩි ආභාසය පිළිබ`ද ඇම්.බි. ආරියපාල මහතාගේ අදහසක් මෙසේය. ‘‘සිංහල කලාවන් පිළිබ`ද පැරණි වකවානුව යාපහුවෙන් (ක‍්‍රි.ව 1222* අවසන් වෙයි. මෙය ආර්ය හා සම්පූර්ණයෙන්ම බෞද්ධ වන අතර ද්‍රවිඩ ස්වරූපයක් ගත් මධ්‍යකාලීන කලා කෘති තදින්ම හින්දු වේ.’’
පොළොන්නරු යුගයේ ඉදි වූ දාගැබ් ආකෘතිය හා නිර්මාණය අතින් අනුරාධපුරයේ දාගැබ්වලට අතිශයින් සමාන වුවද, ඒවායේ විවිධ අංශවල අසමානකම් දැකිය හැක. පොළොන්නරුවේ පිහිටි විශාලම ස්තූපය වන, පළමු පරාක‍්‍රමබාහු විසින් කරවන ලද දමිළ ථූපයේ (දෙමළ මහා සෑය* පාදයෙහි වට ප‍්‍රමාණය දිවයිනේ පිහිටි එවැනි කවර නිර්මාණයකටත් වඩා විශාල වන්නට ඇත. එහෙත් ඊට සරිලන උසක් නොවීය. හැඩගැන්වූ ස්ථූපයෙහි පිහිටි පේසාවළලූවලින් නැගී ගිය ගර්භය මුදුන සමතලා කර එහි මැද කුඩා ස්ථූපයක් ගොඩ නංවනු ලැබීය. දෙමළ මහා සෑය තනා ඇත්තේ පළමු පරාක‍්‍රබාහු රජු විසින් භාරතයෙන් ගෙන එන ලද ද්‍රවිඩ පිරිස ලවා යැයි සදහන් වේ. එහි ද්‍රවිඩ ගෘහ නිර්මාණ ලක්ෂණ නොපිවිසියා යැයි ඒ අනුව කිව හැකි නොවේ.
පොළොන්නරු යුගයේ ස්ථූපවල පේසාවේ හැඩය ක‍්‍රමයෙන් වෙනස් විය. එසේම වාහල්කඩ කැටයම් අතරට ඝණදෙවි රූපය එකතු වූයෙත් මේ යුගයේදී ඇති වූ හින්දු බලපෑම නිසා විය හැකියි.
අනුරාධපුර යුගයේ ස්ථූපය ප‍්‍රමුඛ කරගෙන විවිධ නිර්මාණ බිහි වූ අතර පොළොන්නරු යුගයේ බුදු පිළිමයට ප‍්‍රමුඛතාව ලැබුණි. බුදු පිළිමය මුල්කරගෙන විවිධ නිර්මාණ බිහි විය. ථූපඝර, ස්තූපඝර යන නම් වලින්ද හැ`දින්වෙන වටදාගේ දළදා මළුවේ ස්තූපය පිහිටි වෘත්තාකාර ගෘහය වෙයි. මහා පරාක‍්‍රමබාහු රජු විසින් කරවන ලද මෙය පොළොන්නරුවේ ගෘහ නිර්මාණ අතර කලාත්මක නිර්මාණයකි. අනුරාධපුර වටදාගෙවල ඇති ලක්ෂණ පිළිබිඹු කරන මෙහි මුල් ස්වභාවය හ`දුනා ගැනීමට තරම් සාධක ඉතිරී වී ඇත. නමුත් මෙහි ඇති ඇතැම් ලක්‍ෂණ ස`දහා දකුණු ඉන්දීය බලපෑම එල්ල වී ඇති බව පෙනේ. ‘‘මේ නිර්මාණ විශේෂය වනාහි , ඉන්දියාවේ ප‍්‍රචලිතව පැවති චේතියඝරවලම ක‍්‍රම විකාශයකි.’’
මෙහි ස්ථූපයටත් වඩා අවධානය යොමු කර ඇත්තේ පියගැටපේළි අභිමුඛව වටදාගේ වටා සතර පසින් ඇති බුදු පිළිම සතර කෙරෙහිය. මෙම පිළිමවල විශේෂතා කිහිපයක් දැකිය හැක. මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න මහතා මෙසේ පවසයි. ‘‘මෙම ප‍්‍රතිමාවන්හි ශීර්ෂයන් බුද්ධ ප‍්‍රතිමාවන්හි සාමාන්‍ය ස්වරූපය වන බොකුටු හිසකෙසින් යුක්ත නොවේ. ශෛලීගත ලක්ෂණ මත මෙම බුද්ධ ප‍්‍රතිමාවන් ඉන්දියාවේ මැන්කුවර්හි ප‍්‍රතිමාවන් අපට සිහිපත් කරවයි.’’ මෙවැනි බුදු පිළිම මධුරාපුරයෙන්ද හමු වී ඇති නිසා මෙම පිළිම දකුණු ඉන්දීය බලපෑමට ලක්ව ඇති බව පෙනේ. ‘‘කුණ්ඩලාකාරව සිටින සේ බුදුපිළිමවල හිසකේ දැක්වීම සාමාන්‍ය සිරිත වන නමුත්, මේ පිළිමවල හිස් මුළුමනින්ම මුඩුකොට හෝ නැතහොත් හිසකේ නැති ලෙසින් පෙනෙන හිස්වැසුමක් පැළද ඇති ලෙස හෝ දක්වා ඇත්තේය. ආදි යුගයේ මදුරාහි කලා කෘතීන්ගේද උතුරු දඹදිව මන්කු ආ නම් ස්ථානයෙන් සොයාගත් මධ්‍ය යුගයට අයත් බුදු පිළිමයකද ඉන්දියාවේ මීට සමාන සිරස් සැදුම් දක්නා ලැබේ. සිවුරු රැුලි නොමැතිව සිරුරටම ඇලී පවතී.’’
එසේම මෙම වටදාගෙහි වහලය පිළිබ`ද විවිධ මත ඉදිරිපත් වී ඇත. දැවයෙන් තැනූ වහලක් තිබූ බව ස්මිදර් මහතාගේ අදහසක් වන අතර ඔහුට එසේ පැවැසීමට හැකි වී ඇත්තේ ඇණ හා උළු කැබැලිති කිහිපයක් හමුවී තිබීම නිසාවෙනි. දැනට දඹදෙණියෙහි ඉදිකොට තිබෙන වහලය මෙන් තිබෙන්නට ඇතැයි හෝකාර්ට් මහතා මුලින් සිතූ නමුත් කුළුණ මත කුඩුම්බි වැනි නෙත්ති තිබෙන බැවින් එක මත එක ක‍්‍රමයෙන් කුඩාවට පිහිට වු කේතුකාකාර වහලයක් තිබෙන්නට ඇතැයි ඔහු පවසයි . කේරලයේ අද දක්නට ලැබෙන ‘ශ‍්‍රී කොයිල් ’ ක‍්‍රමයේ මෙන් වටදාගෙයිද එක මත එක කේතුකාකාර වහලයක් තිබෙන්නට ඇතැයි බණ්ඩාරනායක මහතා අනුමාන කරයි.’’ වර්ණවත් කොට ඔප දමා අලංකාර කළ විට වටදාගෙය නිශ්චිතවම සිංහලයාගේ අද්විතීය ගෘහ නිර්මාණයක් වූවා පමණක් නොව බුදුදහමේ ඉගැන්වෙන භාවනාවට උචිත ස්වභාවික පරිසරය නිර්මාණය වන පරිදිද කරන ලද අතිවිශිෂ්ට සැලැස්මක් වූ අතර ඒ සදහා දකුණු ඉන්දීය බලපෑම්ද එල්ල වී ඇති බව පසක් වේ.
පොළොන්නරු යුගයේ දැකිය හැකි නිර්මාණ අංග අතරින් කැපී පෙනෙන ගොඩනැගිලි වර්ගයකි, පිළිමගෙවල් හෙවත් පටිමාඝර. මේවා ප‍්‍රධාන වශයෙන් වර්ග තුනකි. එනම් සාම්ප‍්‍රදායානුකුලව ගන්ධකුටි යයි නම්කළ හැකි වර්ගය, ගිඤ්ජකාවස්ථ නොහොත් ගෙඩිගේ වර්ගය හා පිහිටි ගලේ නෙලන ලද ලෙන් වර්ගය, යනුවෙනි. මෙම ප‍්‍රතිමා ගෘහ ඉතා විශාල වශයෙන් උස් වූ ගොඩනැගිලි විශේෂයක් බව නෂ්ටාවශේෂ තුළින් පසක් වේ. අතිවිශාල බුදු පිළිම තැනීම පොළොන්නරු යුගය වන විට කෑපී පෙනෙන ලක්‍ෂණයක් වී ඇති බව ප‍්‍රත්‍යක්ෂ වේ. හින්¥න් ත‍්‍රිමූර්තිය මහත් බලයකින් යුතු යැයි සලකන යුගයක බෞද්ධයන්ටද බුදුන් වහන්සෙගේ අධිමානුෂීය තත්ත්වය ඉස්මතු කිරීමට අවශ්‍ය වූවා විය හැකිය. එම නිසා විශාල බුදු පිළිම සංඛ්‍යාවක් බිහි වී ඇත.
ගිඤ්ජකාවස්ථ හෙවත් ගෙඩිගේ වර්ගයට අයත් යයි සැලකිය හැකි පිළිම ගෙවල් පොළොන්නරුවේ ඉදි වූ අති විශිෂ්ට නිර්මාණ වේ. මේ වර්ගයට අයත් පිළිම ගෙවල් ලෙස ථූපාරාමය, ලංකාතිලකය හා තිවංක පිළිම ගෙය දැක්විය හැක. මෙම ගෙඩිගෙවල් බාහිරව මනා අලංකරණයෙන් නිමවා ඇත්තේ පිවිසෙන්නන් තුළ ගාම්භීරත්වයක් ඇති කිරීම සදහාය. ‘‘මෙම ගොඩනැගිලිවල අභ්‍යන්තර සැලසුම් වලින් ගෘහනිර්මාණ ශිල්පියා විශේෂත්වයක් පිළිබ`ද කරන්නේ ම`ද වශයෙන් සාධක දැක්වීම වුවත් ඇතැම් ලක්‍ෂණ අරභයා පමණක් සුවිශේෂත්වයක් දනවයි. ඒවා නම් බාහිර බිත්තිවල ඇති විසිතුරු කැටයම් හා යම්තාක් දුරකට වහලෙහි වක‍්‍රාකාර ස්වභාවය ආදිය වේ. ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ අරමුණ වී ඇත්තේ වන්දනාකරුවන් එම සිද්ධස්ථානය කරා ළගා වනවිට ඔවුන් තුළ දැඩි භක්තියක් එම කලාත්මක දර්ශනය තුළින් ඇති කිරීමයි.’’ මේ ස`දහා පැහැදිලිවම ද්‍රවිඩ බලපෑම එල්ල වී ඇත.
දිග අඩි 84 අ`ගල් 6 ක් වන ථූපාරාමයෙහි ඇතුළුවීමේ ප‍්‍රධාන දොරටුව හින්දු දේවාලයක මෙන් නැගෙනහිර දිශාවට තබා ඇත. ථූපාරාමයේ ඇතුළුවීමේ දොරටුවේ මකර තොරණක් පෙනේ. මෙය පසුකර යාමෙන් අනතුරුව ද්වාර මණ්ඩපයට ඇතුළුවීමේ අවස්ථාව ලැබේ. ප‍්‍රධාන දොරටුවට අමතරව මණ්ඩපයේ උතුරු බිත්තියේ ද්වාරයක් තිබෙන අයුරු දක්නට ලැබේ. මෙහි බිම් සැලැස්ම දෙස බලන විට හින්දු දේවාලයකට සමාන බව හෝකාට් මහතා පිළිගෙන තිබේ. බාහිර බිත්ති දෙස බලන විට හින්දු දේවාලයක මෙන් විමාන ආකෘතිය දක්නට ලැබේ. මේවා ගඩොලින් හා බදාමයෙන් සකසා ඇත.
ථුපාරාමයේ වහලය පිළිබ`දව විවිධ අදහස් දක්නට ලැබේ. එහි ශිව දේවාලවල මෙන් ස්තූපිකාවක් දක්නට ලැබේ. මේ පිළිබ`දව බෙල් මහතා අදහස් දක්වන්නේ මෙය සම්පූර්ණයෙන්ම ද්‍රවිඩ ආභාසයක් බවයි. මෙම නිර්මාණයේ සම්පූර්ණ ආකෘතිය දැනට දැනගැනීමට සාධක නොමැති වුවද මෙය ආකෘතිය අතින් ශිව දේවාලයේ ගලින් තැනු වහලයක් මෙන් තිබෙන්නට ඇතැයි බෙල් මහතා ස`දහන් කරයි. එහෙත් මෙම නිර්මාණය පිළිබ`ද පරණවිතාන මහතා පවසන්නේ චූලවංශයේ දැක්වෙන චන්ද්‍රිකා ශාලා’ යන්නට සමාන විය හැකි බවයි. ථුපාරාමය, ලංකාතිලකය හා තිවංක පිළිම ගෙය යන පිළිමගෙවල් තුනම එක හා සමාන බිම් සැලැස්මකිින් යුක්ත වේ. සතරැුස් ගර්භ ගෘහය (බුදු කුටිය*, අන්තරාලය, මණ්ඩපය හා ද්වාර මණ්ඩපය යන කොටස් හතරකින් සමන්විත වේ. මේවා මූලික ලක්ෂණ අතින් ඉන්දීය හින්දු කෝවිල්වල සැලැස්මට සමානය. නමුත් මෙම මතය පරණවිතාන මහතා ප‍්‍රතික්‍ෂේප කරයි. ඔහුගේ අදහස මෙබ`දුය.
පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය අනුරාධපුර යුගයේ එම ශිල්පයට වඩා මූලික වශයෙන් වෙනස් යැයිද, එය කාම්භෝජ බුරුම සහ වෙනත් බාහිර බලපෑම්වල ලකුණු සහිත ද්‍රාවිඩ අංග ලක්‍ෂණයන් ආවේණික කොට ඇතැයි යන වැරුදි මතයක් දැන් බෙහෙවින් පැතිර පවත්නේය. දෙමළ බලය පැවැති කාලයේදී තනන ලද ශෛව හා වෛෂ්ණව සිද්ධස්ථාන කේවල ද්‍රවිඩ සම්ප‍්‍රදායට අනුව තනන ලද බවට ප‍්‍රශ්නයක් නොමැත.
ලංකාතිලකය හා ථූපාරාමය වැනි ස්ථානවල දැකිය හැකි බොකු වහලය සහිත ගොඩනැගිලිවලට බලපෑවේ ද්‍රවිඩ බලපෑම බව බෙල් මහතා වැනි වියත්හු පෙන්වා දී ඇත. නමුත් මෙවැනි ආකෘති සහිත ගොඩනැගිලි අනුරාධපුරයෙන් හමුවන බැවින් එකහෙළාම ඒවාට ද්‍රවිඩ බලපෑම ලැබුවා යැයි පැවසිය නොහැක. මෙම ගොඩනැගිලි ආකෘතිය ‘ගිඤ්ජකාවස්ථ’ නමින් හැ`දින්වෙන ගොඩනැගිලි වර්ගයකින් පැවැත ආවා යැයි පරණවිතාන මහතා පවසයි. ‘‘මේ ගොඩනැගිලි ක‍්‍රමය පොළොන්නරු යුගයේ නිර්මාණ ශිල්පීන්ගේ නව නිපැයුමක් නොවන බවට පොළොන්නරු ගොඩනැගිලි හා තමන් අතර ඇති සම්බන්ධය දැක්වීමට ප‍්‍රමාණවත් තරමින් රැුකී තිබෙන ගෙඩිගේ නමින් හැ`දින්වෙන ගඩොළු ගොඩනැගිල්ලත් අනුරාධපුර ජේතවන දාගැබට බටහිරින් පිහිටි පිළිමගෙයත් සාක්‍ෂ්‍ය දරයි. පොළොන්නරුවේ ගඩොළු ගොඩනැගිලිවල විසිතුරු අලංකාරයට මුල් වූයේ ද්‍රවිඩ ආභාසය යන මතයද එහෙයින් ම සාවද්‍යය.’’ මෙසේ ද්‍රවිඩ මතය ප‍්‍රතික්‍ෂෙප කරන පරණවිතාන සූරීහු මෙවැනි ගොඩනැගිලි පැරුණි දඹදිව තිබු බවද සදහන් කරති.
තිවංක පිළිමගෙයි ගර්භ ගෘහය තුළ සකසා ඇති බුදු පිළිමය අඩි 3 ක් අ`ගල් 3ක් උස වන අතර එය පද්්මාසනයක් මත ඉදිකර ඇත. මෙම පද්මාසනය අර්ධ කවාකාර හැඩයක් ගනී. අඩි 21 අ`ගල් 8ක් උස බුදුපිළිමය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී එය හින්දු ආභාසය ලබා ති‍්‍රභංග ලක්ෂණ පෙන්නුම් කරයි.
පටිමාඝර දෙස බාහිරින් බැලීමේදී මහල් ගණනකින් යුතු ගොඩනැගිල්ලක් ලෙසය, පෙනෙන්නේ. එසේ පෙනෙනුයේ ව්‍යාජස්ථම්භ හෙවත් කුඩ්‍යස්ථම්භ ම`ගිනි. ‘‘කුටීරාකාරයෙන් සහ හරස් පුවරු ම`ගින් කොටස්වලට බෙදා ඇති මෙම ගොඩනැගිලි නිර්මාණය කර ඇත්තේ යම් කෙනෙකු සිද්ධස්ථානයට ළ`ගාවන විට ඔහු තුළ ඉමහත් ගාම්භීරත්වයක් ඇති වන අයුරිනි. සැබැවින්ම මේවා නියම කුළුණු නොවුණත් ගොඩනැගීම් ඉදිකිරීමේදී යොදාගත් සුවිශේෂ ශිල්පීය දක්‍ෂතා නිසා ඒ තුළින් දෘශ්‍යමය වශයෙන් ඇතිකරන බලපෑම සාර්ථකය’’ මෙවැනි ව්‍යාජස්ථම්භ මෙහි ඉදි වූ ශිව දේවාලවල පැහැදිලිව දැකිය හැකිය. ව්‍යාජස්ථම්භවලින් ගාම්භීරත්වයක් ලබා දුන් මෙම ක‍්‍රමය මෙරට ගෘහනිර්මාණ ශිල්පීන්ට බලපෑවේ දකුණු ඉන්දීය බලපෑම හේතුවෙනි. මේ ආකාරයෙන්ම දකුණු ඉන්දියානු ආභාසය ලබා තනි කළු ගලින් නිර්මාණය වූ ගොඩනැගිල්ලක් නම් නාලන්දා ගෙඩි ගෙයයි. එයත් විහාරයක් ලෙස සාමාන්‍යයෙන් පිළි ගැනෙයි. එය පල්ලව ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායේ සංකේතයකි. මේ අනුව ගෙඩිගේවල නිර්මාණය සදහා ද්‍රවිඩ බලපෑම එල්ල වූ බවට සාක්ෂ්‍ය ඉදිරිපත් කළ හැක.
ගන්ධකුටි වර්ගයට අයත් පිළිම ගෙවල්වලින් තරමක් දුරට හෝ ශේෂ වී තිබෙන්නේ දළදා මළුවෙහි දක්නට ලැබෙන අටදාගේ හා හැටදාගේ පමණි. හැටදාගෙය ප‍්‍රමාණයෙන් අටදාගෙයට වඩා විශාල වේ. මෙය අඩි 8ක් උසැති ප‍්‍රාකාරයකින් වට කරන ලද අඩි 120X අඩි 90 ආයතාකාර බිමක උස්කරන ලද මළුවක ඉදිකොට තිබේ. හැටදාගෙට ඇතුළුවීම ස`දහා දකුණු පසින් ද්වාර මණ්ඩපයකින් යුතු දොරටුවකි. මේ ද්වාර මණ්ඩපය පොළොන්නරුවට ආවේණික වූ අසම සම වර්ගයේ එකකි. අඩි 5 අ`ගල් 6 පුළුලැති මෙම ද්වාර මණ්ඩපය කුළුණු හතරක් මත රුන්දවූ පියැස්සකින් ආවරණය කොට ඇත. බෙල් මහතා පවසන ආකාරයට මෙය කුඩා පරිමාණයේ හින්දු ගෝපුරයක තරමක වෙනස් ආකෘතියකි. මෙහි ඉදිරිපස ස්ටකෝ රූකම්වලින් සරසා තිබූ බවට සාධක ඇත. මෙම අංගය බුදු ගෙවලට යොදාගෙන ඇත්තේ ප‍්‍රථම වරට පොළොන්නරුවේදී බව පැහැදිලිය.
පොළොන්නරු යුගයට අයත් පොත්ගුල් වෙහෙර නමින් හදුන්වන සංඝාරාමය අමුතුම වර්ගයට අයත් ගොඩනැගිල්ලකි. මෙහි ගර්භ ගෘහය කවාකාරවත්, මණ්ඩපය ආයතාකාරවත් උස් ගඩොලින් තනා ඇත. මෙහි වහලය නොමැත. ඇතැම්විට එහි වහලයද ගෙඩිගේ ආකාරයටම අර්ධ ගෝලාකාර හෝ කේතුකාකාරව තනා තිබෙන්නට ඇතැයි මතයකි. එය එසේ වී නම් මේ නිර්මාණයද දකුණු ඉන්දීය ගෘහ නිර්මාණ ශිල්පයේ බලපෑම්වලට ලක්වන්නට ඇත.
ඉසුරුමුණියේ පර්වත විවරයට දෙපසින් ඇති ඇත් රූපද එහි වූ මිනිසාගේ සහ අශ්ව ඔළුවේ රූපයද නිශ්ශංකමල්ල රජුගේ සිංහාසනයද පල්ලව ක‍්‍රමයට නිර්මාණය කරන ලද ඒවා බව පැවසේ.
අනුරාධපුර සමයේ ස`දකඩපහණවල ඇත්, සිංහ, අශ්ව සහ වෘෂභ රූප දක්නට ලැබේ. පොළොන්නරු ස`දකඩපහණින් වෘෂභ රූපය ඉවත්ව ගොස් ඇති බව පෙනේ. ‘‘වෘෂභ සංකේතය හින්¥න්ගේ පූජනීය වස්තුවකි. එය පයට පෑගෙන තැන්හි කොටා තිබීමෙන් චෝළයින්ගේ පාලනයට පසුව සංඛ්‍යාව අතින් දිවයිනේ වැඩි වූ හින්¥න්ගේ ආගමික මතවලට පහරක් වැදෙන නිසා පොළොන්නරුවේ ස`දකඩපහණවලින් වෘෂභ රූපය අයින් කළා යැයි සිතිය හැක.’’ හැටදාගේ හා වටදාගේ අසල ඇති ස`දකඩපහණවල් මේ ස`දහා නිදර්ශනයි. මේ අනුව ස`දකඩපහණද පොළොන්නරු යුගයේ ගෘහනිර්මාණ ශිල්පයට බලපෑ හින්දු ආභාසය පෙන්වන්නකි. හින්දු දහමට අනුව ගවයා යනු ශිව දෙවියන්ගේ වාහනයයි. හින්දු භක්තිකයන්ගේ ආගමික විශ්වාස කෙරෙහි ගෞරවයක් දැක්වූ සිංහල කලා ශිල්පීන් විසින් ගවයා පොළොන්නරු ස`දකඩ පහනින් ඉවත් කරන්නට ඇත.
චෝළයන් මෙරට ආක‍්‍රමණය කිරීමත් සම`ග මෙහි ඉදි කළ ශිව දේවාල ම`ගින් දකුණු ඉන්දීය ගෘහනිර්මාණ ශිල්පය මෙහි ප‍්‍රතිනිර්මාණය විය. විශේෂයෙන් අංක 2 දරණ ශිව දේවාලය මින් ප‍්‍රධාන වේ. මෙය ඔවුන්ගේ ශ්‍රෙෂ්ඨ වාස්තු විද්‍යා සම්ප‍්‍රදාය මැනවින් දක්වයි. ‘‘අංක2 ශිව දේවාලය සමකාලීන දකුණු ඉන්දියානු ගෘහ නිර්මාණ සම්ප‍්‍රදාය අනුව නිර්මාණය කර ඇති අතර ගෙඩිගේ ශෛලියට අයත් ශෛලමය ගොඩනැගිල්ලකි. එසේම මුල්ම මෙන්ම මුළුමනින්ම සරල චෝළ වාස්තු විද්‍යා ශෛලිය ඇති මෙය පොළොන්නරුවේ ඇති ඉන්දියානු කලානිර්මාණ අතරින් ප‍්‍රමුඛස්ථානය හිමි කර ගනියි.’’ පොළොන්නරුවේ පිහිටි තනිකරම ගලින් කරවන ලද එකම නිර්මාණය වූ මෙය චෝළ සමයට අයත් ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයේ සම්පූර්ණ සමාදර්ශයකි යි පරණවිතාන මහතාද කියයි. මෙය එකොළොස්වන සියවසට අයත් චෝළ ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වයි. පොළොන්නරුවේ ශිව දේවාලයේ තිබී සොයාගෙන ඇති ශෛව රූප සමූහය අතර ශිව දෙවියන්ගේ නටරාජ රූපයත්, ශිව පාර්වතී රූපත්, ශෛව මුනිවරයන් කීප දෙනෙකුගේ රූපත් දක්නට ලැබේ. මේවා දකුණු ඉන්දියාවේ සිට මෙහි ගෙන්වන ලද ඒවා බව සැලකේ. ගොඩනැගිල්ල ගර්භ ගෘහයකින්ද ආලින්දයකින්ද සමන්විත වෙයි. මෙහි ඇතුළු ගර්භයේ ශිව දෙවියන් උදෙසා ශිව ලිංගය පිහිටුවා ඇත.
පොළොන්නරුවේ අංක 1 දරණ ශිව දේවාලය පාණ්ඩ්‍ය ගෘහනිර්මාණ ශිල්පය පිළිබිඹු කරයි. ‘‘අලංකාර සැරසිලිවලින් සැදුම්ගත් අංක 1 දරන ශිව දේවාලය... දළදා මැදුර යැයි දිගු කලක් තිස්සේ වරදවා සලකන ලද මේ දේවාලය 12 වන 13 වන සියවස්වලට අයිති පාණ්ඩ්‍ය සම්ප‍්‍රදාය අනුව ඉදිකරන ලද්දකි.’’
ආලාහන පරිවෙන සංඝාරාම සංකීර්ණය හා ඒ අවට පැරණි නගරයේ සීමාව තුළ ඉදිකර තිබෙන බෞද්ධ විහාරාරාම අතරම හින්දු දේවාල විශාල ප‍්‍රමාණයක් පිහිටා ඇති අතර එවැනි පිහිටීමකින් යුක්ත ලක්දිව වැදගත්ම පැරණි නගරය පොළොන්නරුව විය යුතුයි. උක්ත කරුණුවලට අනුව පොළොන්නරු ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහි ඇති වූ දක්ෂිණ භාරතීය බලපෑම කෙතරම්ද යන්න මොනවට ප‍්‍රත්‍යක්ෂ වේ.
සමාලෝචනය
පොළොන්නරු යුගය වනාහි විවිධ කලකෝලාහල ගැටුම් ආදියෙන් සමන්විත වූ කාල පරිච්ෙඡ්දයකි. නමුත් විජයබාහු, පරාක‍්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන්ගේ පාලන සමය සාමකාමී විය. පරාක‍්‍රමබාහු රජුගේ පාලන සමය ලංකා ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිකර ගනී. ඒ වනාහි මෙරට ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් කාලවකවානුවක්ද විය. මෙම යුගයේ ගෘහ නිර්මාණකරණය ස`දහා චෝළ කලාව විශේෂයෙන් බලපා ඇත. ගොඩනැගිලිවල බාහිර බිත්ති අධික විසිතුරු කැටයම්වලින් යුක්තය. එමෙන්ම වහල වක‍්‍රාකාර ස්වභාවයකින් යුක්තය. බැතිමතුන්ගේ සිත් තුළ දැඩි භක්තියක් ඇති කිරිම එම`ගින් බලාපොරොත්තු වන්නට ඇත. උස් වූ ද්වාර විසිතුරු ස්ථම්භ ආදිය ම`ගින් ගොඩනැගිලිවලට ප්‍රෞඪත්වයක් එකතුු කර ඇත. පොළොන්නරු ගෘහ නිර්මාණයන්හි අන්තර්ගත මෙම විසිතුරු බව, අංගබාහුල්‍යය ඉතා චාම් දර්ශනයක් ඇති ථේරවාදි බුදු දහමෙහි ලක්ෂණයක් නොවේ. මේ ස`දහා බොහෝ විට දකුණු ඉන්දියානු බලපෑම හේතුවන්නට ඇති බව පෙනේ.
මෙම යුගයේ ගෘහ නිර්මාණ අතර බෞද්ධ ගොඩනැගිලිවලට අමතරව හින්දු ගොඩනැගිලිද තිබීම විශේෂ වේ. මේවා ද්‍රවිඩ ශෛලියට අයත් හින්දු කෝවිල් වේ. අනුරාධපුර ශිල්පියාට වඩා වෙනස් ආකාරයේ ගොඩනැගිලි ඉදිකිරීමට පොළොන්නරු ශිල්පියා උත්සහ ගෙන ඇති බව පෙනේ. බුදු සමය හින්දු ආගම වැනි ඇදහිලි සම`ග සංකලනය වීම ඊට ප‍්‍රබල හේතුවක් වූවාට සැක නැත. එම`ගින් ලෞකිකත්වයට හා සෞන්දර්යයට වඩා නැඹුරු වීමක් දැකිය හැකිය. උක්ත කරුණු මගින් පැහැදිලි වන්නේ පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය දක්ෂිණ භාරතීය බලපෑමට අනවරතයෙන් ලක් වූ බවයි.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
මහාවංශය සිංහල. දෙහිවල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, 2003.
ද්විතීයික මූලාශ‍්‍රය
අමරසිංහ, මාලිංග, පොළොන්නරුවේ නටබුන්. කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1998.
ආරියපාල, එම්. බී. මධ්‍යකාලීන ලංකා සමාජය. කොළඹථ ලංකාණ්ඩුවේ මුද්‍රණාලය, 1962.
ඇඞ්වින් රණවක, ඊ. ටී. පුරාණ ලංකාව. කොළඹථ සීමාසහිත ඇම්. ඞී. ගුණසේන සහ සමාගම, 1959.
කුමාරි, චාමිනි, පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති වූ විකරණ. වැරැුල්ලවථ සුපිපි ඔප්සෙට්, 2004.
පුෂ්පකුමාර, නදීක ශ‍්‍රී, පොළොන්නරු යුගයේ හින්දු වාස්තු විද්‍යාව. කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2007.
ලගමුව, ඒ. මධ්‍යකාලීන රාජධානිය පොළොන්නරුව. නුගේගොඩථ සරසවි ප‍්‍රකාශකයෝ, 1999.
සරච්චන්ද්‍ර, බන්දුල ශ‍්‍රි, අපේ සංස්කෘතික උරුමය හා ශ‍්‍රී ලංකාවේ සමාජ ආර්ථික පරිසරය . මීගමුවථ විජය මුද්‍රණ ශිල්පියෝ, 2003.
සිරිවීර, ඉන්ද්‍රකීර්ති, රජරට ශිෂ්ටාචාරය හා නිරිතදිග රාජධානි. කොළඹ 10ථ දයාවංශ ජයකොඩි සමාගම, 2001.
සෙනෙවිරත්න, අනුරාධ, පොළොන්නරුව. කොළඹ 10ථ ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2005 (දෙ.මු*
හෙන්රි, ඩබ්ලිව්. කේ. ලංකාවේ නටබුන් නගර. කොළඹථ රත්නාකර පොත් වෙළ`ද ශාලාව, 1956.
තෘතීයික මූලාශ‍්‍රය
මිනුවන්ගමුවේ මහානාම හිමි, ‘‘පොළොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පයෙහි ආවේණික ලක්ෂණ’’, ප‍්‍රණාමාඤ්ජලී, විලේගොඩ සිරිවිමල හිමි (සංස්.*, නුගේගොඩථ බි‍්‍රලියන්ට් ජේ. ප‍්‍රින්ටින්, 2009.
සිරි ගුණසිංහ, ‘‘පුරාණ ලක්දිව වාස්තු විද්‍යාව හා කලා ශිල්ප’’, අනුමෝදනා. අනුරාධ සෙනවිරත්න උපහාර ලිපි සංග‍්‍රහය. එච්. සෝමතිලක හා එච්.එම්.ඞී.ආර්. හේරත් (සංස්.*. කොළඹ 10ථ ගොඩගේ සහ සහෝදරයෝ, 2004.
සෙනරත් පරණවිතාන, ‘‘පොළොන්නරු යුගයේ කලාශිල්ප හා ගෘහ නිර්මාණ ශිල්පය’’, පොළොන්නරු යුගය. (සංස්.* සුමනා සපරමාදු, තිසර ප‍්‍රකාශකයෝ, 1962.
එස්. ටී. බස්නායක, ‘‘පොළොන්නරු යුගයේ වාස්තු විද්‍යාව’’, අපේ සංස්කෘතික උරුමය. සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යංශය, මධ්‍යම සංස්කෘතික අරමුදල, 1998.
සෙනරත් පරණවිතාන, ‘‘පොළොන්නරු යුගයේ සභ්‍යත්වය’’, ලංකා ඉතිහාසය/ 1වන කාණ්ඩය. 2වන භාගය, හේමචන්ද්‍ර (සංස්.*, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලීය ප‍්‍රකාශනය, 1972.
මාතලේ ධම්මකුසල හිමි, ‘‘අනුරාධපුර-පොළොන්නරු කලා සම්ප‍්‍රදායන් අතර කැපී පෙනෙන වෙනස්කම්’’, නිවන්දම. (සංස්.* ටෙනිසන් පෙරේරා, 1983.
වෙනත්
්බමර්ාය් ිැබ්ඩසර්එයබ් ලිඡුධඛධභභ්ඍඹඋ්’ග ක්‍දකදපඉදථ ්රජය්ැදකදටදටසජ්ක ිමරඩැහ ාැච්රඑපැබඑ ල 1987ල
්‍යගඔග ඊ්ිබ්හ්න්ල ීරස ඛ්බන්බ ඵධභ්ීඔෂක් ්රජයසඑැජඑමරුග ීරස ී්ඒටමරම චමඉකසජ්එසදබිල ෘැකයසල1985ග
ිැබ්ර්එය ච්ර්බ්ඩසඑය්බ්ල ඔයැ ්රඑ ්බ ්රජයසඑැජඑමරු දෙ එයැ චදකදබබ්රමඅ් චැරසදා එයැ ක්‍ැහකදබ යසිඑදරහසජ්ක වදමරබ්ක ඩදකග සඩග ැාසඑැා ඉහ ි්ච්ර්ප්ාම ිග ා ල 1954ග