UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: මනෝවිශ්ලේෂණ න්‍යාය හා මනෝවිද්‍යාත්මක නවකථා

Thursday, December 12, 2013

මනෝවිශ්ලේෂණ න්‍යාය හා මනෝවිද්‍යාත්මක නවකථා

මනෝවිශ්ලේෂණ න්‍යාය හා මනෝවිද්‍යාත්මක නවකථා මනෝවිශ්ලේෂණ න්‍යාය ඉදිරිපත් කළේ සිග්මන් ෆ්‍රොයිඞ් විසින්ය. පසුකාලීනව ඇඞ්ලර් හා කාල්යුං යන අනුගාමිකයන් විසින්ද යම් යම් සංශෝධන ඉදිරිපත් කරන ලදි. මෙම විශ්ලේෂණ න්‍යායේ මූලික සංකල්ප සිව් ආකාරයකින් දැක්විය හැකිය. එනම්, 01. මනසේ ස්ථර (ඛැඩැි දෙ ඵසබා* 02. පෞරුෂ ව්‍යුහ (ීඑර්ජමරි දෙ චැරිදබ්කසඑහ* 03. මනෝලිංගික සංවර්ධනය (ඡුිහජයදිැංම්ක ෘැඩදකදචපැබඑ ිඒටැි* 04. සංරක්ෂණ ප‍්‍රයෝග (ෘැෙැබජැ ඵැජය්බසිප* ෆ්‍රොයිඞ්ගේ අවිඥානය පිළිබ`ද සංකල්පය මනෝවිශ්ලේෂණ න්‍යායේ උපකේෂ්ත‍්‍රයක් වන අධිමනෝවිද්‍යාව තුළ කතාබහට ලක් වන මාතෘකාවක් ලෙස දැක්විය හැකිය. එයට හේතුව මිනිස් මනස පිළිබ`ද සාමාන්‍ය නියමය පමණක් එයින් ඉදිරිපත් වන නිසාය. විල්හෙල්ම් වුන්ඞ්ගේ සම්පරීක්ෂණාත්මක මනෝවිද්‍යාවට විපක්ෂව ආනුුභාවික මනෝවිද්‍යාවක් බිහි කිරීමට වියානා විශ්වවිද්‍යාලයේ ප‍්‍රාන්ස් බොන්ටානෝ විසින් ප‍්‍රයත්න දරන ලද අතර ඔහුගේ මතවාදමය දායකත්වය ෆ්‍රොයිඞ්ගේ මනෝවිශ්ලේෂණවාදය බිහිවීමට මූලිකව ඉවහල් විය. ෆ්‍රොයිඞ්ගේ මනෝවිශ්ලේෂණවාදය පසුකාලීනව වෙනත් විෂයයන් සම`ග අත්වැල් බැ`දගැනීමට සමත් විය. එම`ගින් ඒ ඒ විෂයයන් පෝෂණය විය. විශේෂයෙන් කලාව තුළ ෆ්‍රොයිඞ්ගේ සංකල්ප අතිශයින් ජනප‍්‍රිය විය. මනෝවිශ්ලේෂණවාදය බිහිවීමට ප‍්‍රථම මනෝවිද්‍යාවේ ප‍්‍රධාන මාතෘකාව වූයේ විඥානය විමසීමයි. එහෙත් ෆ්‍රොයිඞ් සාමාන්‍ය මනස සම`ග ක‍්‍රියාත්මක වන මනසේ අසාමාන්‍ය පාර්ශවයක් වන අවිඥානය පිළිබ`ද අධ්‍යයනයක් ඉදිරිපත් කළේය. ආනුභාවික මනෝවිද්‍යාවෙන් බැහැරව මිනිස් මනස සායනික ප‍්‍රවේශයක් යටතේ අධ්‍යනය කිරීමට ගත් උත්සාහයයි. මනෝවිශ්ලේෂණවාදයට අනුව මිනිසාගේ සවිඤ්ඤාණික හා අවිඤ්ඤාණිික මනස පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කරනුයේ මනෝවිද්‍යාව ම`ගිනි. පසුව මෙය මනෝවිශ්ලේෂණවාදී සාහිත්‍යයක් සඳහාද ප‍්‍රවේශ වීම සිදුවිය. නූතන මානවයාගේ ගූඪ යථාර්ථය සොයාගැනුමෙහිලා ඉන් ඉමහත් මෙහෙයක් සැලසිණි. මෙහිදී මනෝවිශ්ලේෂණවාදයේ පියා ලෙසින් හඳුන්වනු ලබන සිග්මන් ෆ්‍රොයිඞ් මිනිස් මනස කොටස් තුනකින් යුක්තව අධ්‍යයනය කළේය. මෙය සාහිත්‍යය සඳහා ඉවහල් වනුයේ නිර්මාණකරුවාගේ විඤ්ඤාණ ධාරාව තේරුම් ගැනීම සඳහාය. එහිදී මිනිසාගේ භාවගත ආශාවන්, භින්නපරත්වාරෝපිත හැඟීම්, අතිශය සංකීර්ණ මානුෂීය හැඟීම් ආදිය තේරුම් ගැනීමෙහිලා මනෝවිශ්ලේෂණ න්‍යාය ප‍්‍රයෝජනවත් වන බැව් පෙනී යයි. නවකථාව හා සම්බන්ධව මෙම කාරණාව ධාරණාවක් වනුයේ ප‍්‍රබන්ධ චරිතයන්ගේ අතිශය සංකීර්ණ මානසික හැ`ගීම් දැනගැනීම සඳහාය. යම් ප‍්‍රබන්ධකරුවෙකු ස්වකීය නවකථාවක චරිතයන් භෞතිකමය වශයෙන් දක්වයි නම්, එයින් සැබෑ ජීවිතය පලායන්නේය. එහෙත් නූතනයේ ලියැවෙන මනෝවිද්‍යා නවකථාවන් එකී කාරණාවෙන් පරිබාහිරව සැබෑ මානුෂීය ලක්ෂණයන් විග‍්‍රහ කරන බව කිව හැකිය. නවීන මනෝවිද්‍යා නවකථාවන්හිදී චරිත මාර්ගයෙන්ම කතුවරයාගේ මනසෙහි නිර්මාණය වන චින්තන ධාරාව ගෙනහැරපෑම දැකිය හැකිය. මේ හේතුවෙන් නූතන මනෝවිද්‍යා නවකථාව නිශ්ශබ්දතාවේ අන්තර්භාෂණය වශයෙන්ද හඳුන්වනු ලැබේ. මනෝවිද්‍යාත්මක නවකථාකරුවන් අනුගමනය කරනු ලබන ප‍්‍රකාශන ක‍්‍රම විවිධය. චරිතයේ විඤ්ඤාණ ධාරාවේ සංකීර්ණ ස්වභාවය හා විවිධ චෛතසිකයන්ගෙන් සමන්විත වූ දීප්තිමත් කේන්ද්‍රයක සිට අඳුරු උපවිඤ්ඤාණ ප‍්‍රදේශයක් කරා ඇඳිරි වීගෙන යන මනැස් පටලය වචන ම`ගින් ඔහු සියුම්ව නිර්මාණය කරයි. මෙම සියලූම ප‍්‍රකාශන ක‍්‍රම මූලික කාරණාවන් කිහිපයක් හමුවේ මෙසේ දැක්විය හැකිය.  එක චරිතයක හෝ චරිත කිහිපයක හෝ විඤ්ඤාණය පිළිබිඹු කිරීම  කර්තෘ මැදිහත් වෙමින් හෝ කෙලින්ම චරිතයේ දෘෂ්ටි කෝණයෙන් හෝ ඉදිරිපත් කෙරෙන අභ්‍යන්තර ඒකීය කථනය  කර්තෘගේ ස්වයං ජීවිත අත්දැකීම්වලින් විශාල ප‍්‍රදේශයක් චරිතවලට පිවිසීම  ප‍්‍රකාශන විලාසය කුමක් වුවත් තදාත්ම්‍යකරණයෙන් අවස්ථා නිරූපණය කිරීම  ප‍්‍රදීපනක්ෂණ මාලාවක් ම`ගින් නවකතාව ආකෘතියක ගැබ් කිරීම  අතිශය උචිත පද යෙදුම්, ඉන්ද්‍රීය රූප, සංකේත හා රිද්මය ආදිය ම`ගින් සංක්ෂිප්තබව උත්කර්ෂබව අර්ථ ඝනීකරණය යනාදි කාව්‍ය ලක්ෂණ ප‍්‍රකාශනයෙහි උපයෝගී කර ගැනීම x වින්දනයෙහිදී පාඨකයා කර්මණ්‍ය ලෙස නවකතා අනුභූතිය පුනර්නිර්මාණය කර ගැනීමෙහි යෙදවීම . උක්ත අදහස් අනුව මනෝවිද්‍යාත්මක නවකථාවෙහි ප‍්‍රබන්ධ චරිතයන් කතුවරයාගේ විඤ්ඤාණ ධාරාව යටතේ විකාශනය වන බැව් කිව හැකිය. එබැවින් මෙකී නවකථාවලින් අපේක්ෂිත අරමුණක් වනුයේ මිනිස් සිත තුළ ඇති ගූඪ යථාර්ථය එළි දක්වා පොදු මානුෂීය ධර්මතාවන් කියාපෑම බව පෙනේ. ඒ සඳහා ප‍්‍රබන්ධකරුවා ස්වකීය විඤ්ඤාණ ධාරාව නවකථාවෙහි චරිතයන් ලවා ගැටෙන්නට සලස්වා තමා සතු බුද්ධිය හා සියුම් වින්දනය අනුව තම නිර්මාණයන් හමුවේ චරිතයන්ගේ සංකීර්ණ මානුෂිකත්වය හෙළි කරන බැව් පෙනී යයි. ප‍්‍රබන්ධකථාවන්හිදී කතාකරුවා කරනුයේ චරිතයන් බාහිර ලෝකය සම`ග ගැටෙන විටදී ඇති වන හැඟීම් ආදිය එකී චරිතයන්ගේ අන්තර්භාෂණය මාර්ගයෙන්ම ප‍්‍රකාශ කිරීමය. එහිදී ඇතැම්විට අතිශය සංකීර්ණ මානසික හැ`ගීම් ආදිය ඔහු විෂය කරගනී. එබැවින් මනෝවිද්‍යාත්මක නවකථාවන් මාර්ගයෙන් බලාපොරොත්තු වනුයේ නූතන මානවයාගේ භින්නපරත්වාරෝපිත ආත්මයේ දුඃඛාන්තය, ආසක්ත ජටිලතාව, ආත්මීය ක‍්‍රෑරත්වය, අවිඤ්ඤාණය හා ආධ්‍යාත්මික ප‍්‍රාර්ථනාදිය ගෙනහැරපෑම බව කිව හැකිය. මේ කාරණාවන් ප‍්‍රබන්ධ චරිත හරහා විමසීමෙහිදී මනෝවිශ්ලේෂණ න්‍යායානුකූල සාහිත්‍ය කතිකාවත පාඨකයාට ප‍්‍රයෝජනවත් වේ. මෙහිදී එකී මානසික අංශයන් රැුගත් ප‍්‍රබන්ධ චරිත කිහිපයක් මනෝවිශ්ලේෂණීය ආකාරයෙන් ඉදිරිපත් වන්නේ කෙසේදැයි විමසා බැලේ. එම චරිත මැනවින් තේරුම් ගැනීමට මනෝවිශ්්ලේෂණ න්‍යාය ප‍්‍රයෝජනවත් වන අයුරු පරීක්ෂා කිරීම මෙහි අරමුණ වශයෙන් ස`දහන් කළ හැකිය. තාරකා වාසලමුදලිආරච්චිගේ ‘කළු’ නවකතාවෙහි චරිත තේරුම් ගැනීමට මනෝවිශ්ලේෂණ න්‍යාය උපයෝගී කර ගත හැකි ආකාරය කළු නවකතාවෙහි චේතිගේ චරිතය. මෙම නවකථාව වනාහි නූතන මිනිසාගේ සංකීර්ණ මානසික හැඟීම් ප‍්‍රකට කරමින් ලියන ලද්දකිි. කතුවරියගේ විඤ්ඤාණ ධාරාව ප‍්‍රකාශ කරනුයේ ‘‘චේති’’ නම් චරිතය හරහාය. මෙහිදී කළු යන නාමමාත‍්‍රයම චේතිගේ ජීවිතයේ ඇති දුඃඛිත පක්ෂය හා සංකීර්ණ මානසිකත්වය එළිදක්වයි. ජීවිතයේ ඇය බලාපොරොත්තු වූ සියල්ලම නොසිතූ අයුරින් විසඳීයාමම දෛවයේ උරුමයක්දැයි විටෙක සිතේ. මනෝමය වශයෙන් ගත් කල්හි චේතිගේ ඉච්ඡුාභංගත්වය හා ඉන් ඇය විඳින පීඩාව නවකථාව පුරාවටම කතුවරිය ඉදිරිපත් කරයි. මෙය විටෙකදී මනෝවිශ්ලේෂණවාදයේම කොටසක් වන සාන්දෘෂ්ටිකවාදීචරිත නිරූපණයකැයිද සිතේ. එයට හේතුව සාංදෘෂ්ටිකවාදයේ අරමුණ වනුයේද මිනිස් හදවත විවරණය කිරීම බැවිනි. එහිදී ඔවුන්ද බලාපොරොත්තු වන්නේ මිනිසාගේ නිදහස, කැමැත්ත හා වගකීම් යනාදි සංකල්පනාවන් සර්ව සාධාරණ මානුෂීය චේෂ්ටාවකින් ඉදිරිපත් කිරීම වන බැවිනි. චේතිගේ චරිතය වනාහි අතිශයින්ම පීඩාවට පත්වනුයේ ඇයට ලැබිය යුතු වූ ආදරය, කරුණාව හා ඇගේ සිතුම් පැතුම් හඳුනාගත හැකි කිසිවකු නොමැති වීමෙනි. මෙහෙයින් ඇය සිය ජීවිතයේ හුදකළාව විසීමටත් සිතින් ස්වකීය මානසික හැඟීම් සන්තර්පණය කරගැනීමටත් යොමු වී සිටිනු දැකිය හැකිය. ඒ කාරණාව සම්බන්ධයෙන් චේතිගේ චරිතය අභ්‍යන්තර මනෝභාෂණය (ෂබඑරසදර පදබදකදටමැි* හා සිහින ස්වරූපී බස්වහර වෙතින් ඇගේ චරිතයෙහි මනෝවිශ්ලේෂණීය පැතිකඩක් නිරාවරණය කරගත හැකිය. තවද, චේතිගේ චේතනාවන් සිත තුළම පැවතීම හා ඇගේ යටිසිතෙහි අදහස් මාර්ගයෙන් නිශ්ශබ්දතාවේ අන්තර්භාෂණය ප‍්‍රබන්ධකරුවා ඇගේ චරිතය හරහා සපුරාගන්නා බවක් දැකිය හැකිය. ඉච්ඡුාභංගත්වය හමුවේ ඇයට තම මවගේ නියම දරු සෙනෙහස නොලැබීම, තම උපාධිය සපුරාගත්තද රැුකියාවකට දිගටම යා නොහැකිවීම, ඇගේ කැමැත්ත පරිදි නියම ආදරය ධනුෂ්කගෙන් නොලැබීම, අකමැති විවාහයක් සිදුකර ගැනීම, නැන්දම්මාගේ කෙණෙහිලිකම් හමුවේ ඈ විඳි අපහසුතාව, සැමියාගෙන් නියම ආදරයක් හා පිළිගැනීමක් නොලැබීම යනාදිය චේතිගේ කළු පක්ෂය පෙන්වන කාරණාවෝය. මේ සියල්ල අභිභවා ඇයට තම විවාහ ජීවිතය වහලියක මෙන් ගෙවීමට සිදුවීම අතිශය පීඩාවක් ගෙනදෙන්නා වූ කාරණයක් විය. එසේ දිවි ගෙවන සෑම අවස්ථාවකදීම ඇගේ සිත විවිධ මානසික හැ`ගීම් ඔස්සේ කලහකාරිත්වයෙන් ඔද්දල් විය. මෙලෙසින් පැවති ඇගේ පීඩිත මානසිකත්වය නිදහස සොයා ගියේ නිදිපෙති පානය කර ජීවිතයේ ඇය සොයන සැනසීම ලබා ගැනීමටය. චේති නිදිපෙති බීම වනාහි මානසික ඝට්ටනයේ උග‍්‍රතම අවස්ථාවයි. එසේම, මහානාම ගිනිගේ වන ඇගේ සැමියාගේ පරපීඩිත කාමුකත්වයද ඇයට ස්වකීය ජීවිතය එපාවීමට හේතුවක් වූවා විය හැකිය. මෙලෙසින් ජීවිතය හානිකරගැනීම මනෝවිශ්ලේෂණ න්‍යායට අනුව ජීවිතයේ අප‍්‍රසන්නතාව හෝ සාංකාව (්බැංසඑහ* හේතුවෙන් ඇතිකරවන අවධානය ම`ගහරවා ගැනීමකැයි කිව හැකිය. එ් යමෙකුගේ දිගින් දිගටම පවත්නා ඉච්ඡුාභංගත්වය නිසා ඇතිකරවන පීඩනය සියදිවි හානිකර ගැනීමේ ක‍්‍රියාවලිය දක්වා ඉදිරියට යෑම හේතුවෙනි. මනසෙහි අංශද්වයක් වන විඤ්ඤාණය (ජදබිසදි* හා අවිඤ්ඤාණය (මබජදබිසදි* යන කොටස් දෙකින් ෆ්‍රොයිඞ් පෙන්වා දෙන ආකාරයට සියදිවි හානි කර ගැනීම සඳහා බලපානුයේ අවිඤ්ඤාණයේ ඇතිවන්නා වූ සොම්නස් නියාමයයි (චකැ්ිමරු චරසබැචක*ග මෙය විඤ්ඤාණයේ ඇතිවන සහජ ශක්තියක් වන අතර එම`ගින් විනාශකාරීත්වය හෙවත් විභව ආශය (ාැ්එය ෂබිඑසබජඑ* ඇතිකරවන බව කිවහැකිය. මෙම කාරණාව මාර්ගයෙන් මනෝවිශ්ලේෂණීය වශයෙන් පුද්ගලයා ස්වකීය ගැටලූ විසඳා ගැනීමට යාම කළු නවකතාවේ එන චේතිගේ ක‍්‍රියාකලාපය ම`ගින් එවන් දෙයක් ඇතිවුණා යැයි ප‍්‍රබන්ධකරුවා නොපෙන්වයිද? තවදුරටත් මනෝවිද්‍යාඥයෝ මේ කාරණාව අංශ හතරක් ඔස්සේ පෙන්වාදෙති. 1ග ආක‍්‍රමණශීලිත්වය 2ග අවරෝධනය 3ග ප‍්‍රක්ෂේපණය 4ග ප‍්‍රතිවර්තිත යනුවෙනි. මේ කාරණාවන් මත චේතිගේ චරිතයද සංකීර්ණ මානසික අවපීඩනයකට ලක්වීම ඉහතින් කී පරිදි ඇය මුහුණ දුන් සිදුවීම් හරහා ප‍්‍රකට වේ. එහිදී ඉහත කාරණාවන්ගෙන් ඇය එක් අවස්ථාවක් කරා යොමු වූ බවක් දැක්විය හැකිය. ඇය නිදිපෙති බීම වනාහි ඈ සොයන ලද ඉහතින් සඳහන් කළ එක් පියවරකැයි කිව හැකිය. මෙහිදී තවත් අවස්ථාවක චේති සැනසීම සඳහා පොත්පත් කියවීමට යොමුවීමද එක්තරා අන්දමට ඇගේ සංකීර්ණ මානසික සිතැඟි හෙළි කිරීමකි. එකී අවස්ථාව ප‍්‍රබන්ධකරුවා නිර්මාණය කරනුයේ මෙසේය. ‘‘ජොන් වෝල්ටර්ස්ගේ පසබා මබිය්නැබ -‘නොසැලෙන මනස’ කෘතිය කියැවීමි. යළි යළිත් කියවමි. මගේ විසිරෙන සිතිවිලි එක්තැන් කිරීමට තල්ලූවක් ලදිමි. හෙලන් නිතර කී, කළුම කළු අ`දුර පමණක් නොව ඒ අ`දුරු අනාගතයෙහි රිදී තිතක්ද මට පෙනෙයි. ලෝක ධර්මයෙන් ම`ඩනා ලද යමෙකුගේ සිත නොසැලේද, සෝක රහිත වේද, නිර්මල වේද, බිය රහිත වේද ඒ උතුම් මංගල කාරණයකි. මම ඉවසීමෙන්ද කියවීමෙන්ද සැනසීම ලැබුවෙමි. ගිනිගේ එය නුරුස්සයි. ඔහු විසින් පාරනු ලැබූ තුවාල වේලෙන තෙක් මම පොත්වල ඇති ලෝකවල සැරිසැරුවෙමි. පොත්කඳු අතරේ හුදකලාවේ හති ලෑවෙමි. විටෙක මම ‘‘එඅද අදපැබ’’ හි සේසිරාවීමි. යුද සමයේ කෑමක් බීමක් නැතිව අශ්වයින්ට දෙනු ලැබූ බෝන්චි ඇට බාගෙට තම්බාගෙන කමින් කඳුකරයේ කුඩා බිම් පළාත්වල සැ`ගවී සේසිරලා සේ ජීවත් වීමට මම ප‍්‍රිය කළෙමි.’’ මේ ආකාරයෙන් මනස විවිධ අරමුණු කරා දිව යෑම මනෝවිශ්ලේෂණ න්‍යායේ සඳහන් වන්නේ සංරක්ෂණශීලී පියවරක් ලෙසිනි. මෙම සංරක්ෂණ ප‍්‍රයෝග :ාැෙැබජැ පැජය්බසිප* පෙන්වා දෙන්නේ පුද්ගලයා බාහිර - අභ්‍යන්තර බලපෑම් මත හටගන්නා ඉච්ඡුාභංගත්වය :රෙමිඑර්සදබ* ම`ග හරවා ගැනීමට ගනු ලබන පියවරක් වශයෙනි. සටන් කිරීමේ ප‍්‍රයෝග, පලායාමේ ප‍්‍රයෝග හා ආදේශ කිරීමේ ප‍්‍රයෝග යනුවෙන් එහි අවස්ථා තුනක් පෙන්වා දෙයි. තවද, මනෝවිශ්ලේෂකයන් දක්වන මෙම සංරක්ෂණශීලී ප‍්‍රයෝග අතර ප‍්‍රභේද දෙකක් ඔවුහු පෙන්වා දෙති. එනම්, උත්කර්ෂණය (ිමඉකසප්එසදබ* හා හානිපූරණය (ජදපචැබි්එසදබ* යන කාරණාවන් වශයෙනි. කෙසේ හෝ ඉච්ඡුාභංගත්වය හේතුවෙන් පුද්ගල මනස ඉන් මිදීමට වෙනත් අංශයක් කරා යොමු වීම මනෝවිද්‍යාවට අනුව ඇතැම්විට ජීවිතයේ හානිදායක හෝ ආරක්ෂාකාරී පියවරක් විය හැකිය. මෙහිදී ප‍්‍රබන්ධකරුවා එකී අවස්ථා දෙකටම චේතිගේ චරිතය යොදාගන්නා බව කිව හැකිය. ඒ ඇය විසින් ප‍්‍රථමයෙන් නිදි පෙති බීමත් තවත් විටෙකදී පොත්පත් කියවීමත් යන අවස්ථාවන්ය. මෙය ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂකයන් දක්වනුයේ ස්වීයත්වය හෝ චර්යාවෙහි අඩුවක් වසා ගැනීමක් ලෙසිනි. මනෝවිද්‍යා නවකථාවල ප‍්‍රකට ලක්ෂණයක් වන ප‍්‍රදීපක්ෂණ න්‍යායද කළු නවකතාවෙහිලා දැකිය හැකිය. ඒ චරිතයක් බාහිර සාධක හමුවේ ගැටෙන විටදී සංකීර්ණ මානසික හැඟීම් ආදිය ස්මතු කර ඉන් මිනිස් මනසෙහි ඇති සංකීර්ණත්වය හා ගූඪත්වය පෙන්වාදීමේ ලක්ෂණයයි. මෙසේ ඇගේ මනසට නිතර වධ දෙන කාරණා වනුයේ දරුවා නැතිවීම, තම සැමියාගෙන් වන විපත් නිතර සිහිපත්වීම, උමතුබව සඳහා ඇගේ මව බෙහෙත් දීම, මවාගත් ධනුෂ්කගේ මතකයක් නිතර ඇයව සුවපත් කිරීම යන ඒවාය. ඇය පිළිබ`ද දක්වන එක් තැනකදී ඇගේ මනසෙහි ස්වභාවය කෙතරම් සංකීර්ණ එකක් වන්නට ඇද්දැයි සිතන්නට කරුණු යෙදෙයි. ‘‘ලෝකයක තරම් දුක් උහුලපු චේති - හිතේ දුක දියවෙන කල් හ`ඩා වැටුණු චේති - කම්මුල් රතු වෙනකල් හිනාවෙච්ච චේති - ආදරේට ලෝභ වුණු චේති - ආදරේ නොලැබෙන කොට ඉල්ල ඉල්ලා ඇ`ඩුව චේති - බෝනික්කියක වගේ හුරතල් වුණු චේති - ගුටි කාපු චේති - පිපිරිච්ච ඉදිමිච්ච තොල්වලින් හිනාවෙන්න හදපු චේති’’ කෙසේ හෝ චේතිගේ සිත ලද මානසික අසහනය මත ඇති වූ මානසික පීඩනය, මව බෙහෙත් පෙවීමට එන අවස්ථාවන්හිදී ඇය ඊට එරෙහි වීමෙන් මනාව ප‍්‍රකට වේ. ‘‘ අම්මා පසුපසින් කලබලයෙන් එනු මට දැනේ. මගේ සිත ඇය තේරුම් නොගන්නේ ඇයි? මට දැනෙන හැෙ`ගන දේ ඈට නොහැෙ`ගන්නේ ඇයි? නිදහස පිස්සියක ලෙස මට සලකනවාට මා අකමැති බව ඇයට නොවැටහෙන්නේ ඇයි? මටද සාමාන්‍ය ජීවිතයක් වුවමනා බව ඇයට නොතේරෙන්නේ ඇයි? ගිනිගේ සම`ග ගෙවූ ජීවිතය මීට වඩා හොඳද? මා සාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවූ ජීවිතය අසාමාන්‍ය ගැහැනියක ලෙස ගෙවන මේ ජීවිතයට වඩා හොඳ නොවේද?’’ ප‍්‍රබන්ධකතාකරුවා ඉතා සංකීර්ණ මානුෂීය හැ`ගීම් සමුදායක් මෙහිදී ගෙනහැර දක්වන්නේය. චේතිගේ විඤ්ඤාණ ධාරාවෙහි මතු වූ සංකීර්ණ මානසික ලක්ෂණ ඇය විඳින තීරණාත්මක අවස්ථාවක් ම`ගින් ඇයගේ අතීත අත්දැකීම් හා අනාගත අපේක්ෂා ආදියෙන් පෝෂණය කරමින් බාහිර පරිසරය එකී මොහොතට උචිත ලෙසින් නිර්මාණය කිරීම කෙතරම් විශිෂ්ටද? මෙම මතය වනාහි සාන්දෘෂ්ටිකවාදී අදහස් සම`ගද සමගාමීව ව්‍යාප්ත වන බව කිව හැකිය. සාර්තේ නම් මානව විද්‍යාඥයාගේ අදහසට අනුව මානවයා යනු වර්තමානයේ ජීවත් වන හා විටෙක අනාගතයේද ජීවත්වන්නට හැකි අයෙකි. මෙම අදහස චේතිගේ චරිතය හා සම්බන්ධ වනුයේ ඇය විටෙක අතීත සිතුම් හා අනාගතය අතර දෝලනය වන මනෝමය චේෂ්ටාවන්ගෙන් දිවිගෙවීම හේතුවෙනි. එබැවින් සාන්දෘෂ්ටිකවාදී මනෝවිශ්ලේෂණය ම`ගින් දක්වන පුද්ගල නිදහස හා සන්තුෂ්ටිය ස්ථාපිත කිරීම වනාහි චේතිගේ චරිතය හරහාද කතුවරයා පාඨකයා වෙත ගෙන එනු ලබන සංකල්පීය අදහසකැයි කිව නොහැකිද? එබැවින් මිනිසාව අපේක්ෂාභංගත්වයට පත්කරවන සමාජ සංස්ථාවන් සියල්ල මිනිසාගේම අයහපතත් සලස්වන බවද, එය වනාහි මානවයාගේ සීමාසහිත බවට දුක්සහිත බවට ඉවහල් වන බවද කිව හැකිය. ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණයට අනුව චේතිගේ චරිතය සොම්නස් නියාමයට සාපේක්‍ෂ බවක් දැකිය හැකිය. එනම්, ඇගේ චරිතය නිරන්තරයෙන් විනිවිද යන අවස්ථාවන් දක්වන නිසාවෙනි. ඇගේ උපවිඤ්ඤාණය තුළ නිරන්තරයෙන් තම දරුවාගේ කළලය නිසා දිවිගෙවීමට සිතිම, මවාගත් ධනුෂ්කගේ ආදරයක් නිරතුරුව ඇයව සුවපත් කරනු ලැබීම ආදි මානුෂීය හැඟීම් එවන් අවස්ථාවන්ය. එනම්, මනෝවිද්‍යාවට අනුව මෙය පුද්ගලයකුගේ අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණ :පදඑසඩ්එසදබ* යටතේ නොදැනුවත්වම පාලනය කරනු ලබන විවිධ පේ‍්‍රරණයන් ලෙස සැලකිය හැකිය. එකී අවස්ථාවේදී පාඨකයා නොදැනුවත්වම එම අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණ ම`ගින් පාලනය කරනු ලබයි. ප‍්‍රබන්ධකතාකරුවා චේතිගේ උක්ත අවස්ථාවන් හමුවේ පෙන්වා දෙන්නේද එබ`දු අවිඤ්ඤාණික අභිපේ‍්‍රරණයක් යැයි සිතිය හැකිය. එසේම චේතිගේ චරිතය ඇයගේ සංකීර්ණ මානසික ක‍්‍රියාවලිය මාර්ගයෙන් නිරන්තරව යමක් ගොඩනගාගෙන විඤ්ඤාණය ප‍්‍රීණනය කිරීමෙහිලා රුචිකත්වයක් දක්වන බව කිව හැකිය. එහෙත් ඇගේ චරිතය විටෙකදී යමක් විනාශ කිරීමෙහිදීද තෘප්තිමත් වන අයුරු දැකිය හැකිය. ඇය ස්වකීය ජීවිතය විනාශ කර ගැනීම, මහනාම ගිනිගේ වන තම සැමියාගේ මරණය කැමතිවීම, තමන්ට දෙන බෙහෙත් කෝපයෙන් ප‍්‍රතික්ෂේප කිරීම යනාදි කාරණාවන් එකී මානුෂීය හැඟීම් ලෙසින් දක්වන්නට හැකිය. මෙලෙසින් භවාංග චිත්තය අවිඤ්ඤාණිකව හෝ සවිඤ්ඤාණිකව සතුට කුමන හෝ ආකාරයකින් සොයාගෙන යාම ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදීන් පෙන්වා දෙන්නේ කාරණාවන් තුනක් යටතේය. 1ග රාගය හෙවත් කාමාසාව :කසඉසාද සබිඑසබජඑ* 2ග ආත්මාරක්ෂාව හෙවත් භව ආශාව :ැටද සබිඑසබජඑ* 3ග විනාශකාරිත්වය :ාැ්එය සබිඑසබජඑ* හෙවත් විභව ආශ‍්‍රය යනුවෙනි. මෙම නියමයන්ට අනුව චේතිගේ මානසිකත්වයද යමක් විනාශ කිරීමෙන් හා ගොඩනැංවීමෙන් මනෝමය වින්දනයක් ලබන බව කිව හැකිය. වරෙක චේතිගේ මුවින් ප‍්‍රකාශ වන අදහසක් ගෙන බැලීමේදී පෙනී යනුයේ මිනිසා සීමා බන්ධනයන් හමුවේ රුචි දෙය නොලැබීයාම හේතුවෙන් අතෘප්තියකින් පෙළෙන බවය. ‘‘ මම මිය යමි. නිදි පෙති අහුරක් කටේ රුවා ගනිමි. නින්ද - දීර්ඝ නින්ද, මරණය - ශාන්ත - සුවය. ජීවිතය යනු කුමක්ද? තමන් ඉල්ලා නොගත් ජීවිතය, තමාට කිසිවක් නොදෙන ජීවිතය. ඉල්ලනදේත්, පතනදේත් ඈත් කරවන ජීවිතය, බල්ලෙක් කපුටෙක්ගේ ජීවිතයට තරම්වත් නිදහසක් නැති ජීවිතය...ජීවත්වීමද මිය යාමද පාපය. අත්තකිලමතානු යෝගයද කාමසුඛල්ලිකානු යෝගයද පාපය. ශරීරයට දුක්දීම පාපයකි. එසේ නම් ශරීරයට සැපදීමත් පාපයකි. ඉපදීම දුකකි. ජීවිතය දුකකි.’’ චේතිගේ චරිතයද සමාජය හමුවේ කළකිරීමට පත්වූ නිසා ඉච්ඡුාභංගත්වයට ලක්වී ඇති බව කිව හැකිය. ආගමික, දාර්ශනික, අධිපතිවාදය හා දේශපාලනික අපෝහන භෞතිකවාදය ආදි බන්ධනයන් හමුවේ දුඃඛිත තත්ත්වය කරා ඇදදමන බව චේතිගේ චරිතය හමුවේ කිවහැකි නොවේද? මෙහිදී පාඨකයා විමසනුයේ එවන් පීඩනයක් හේතුවෙන් මානුෂීය වූ ආත්මයේ භින්නපරත්වාරෝපිත දුඃඛාන්තය හෙළිදරව් කිරීමක් ප‍්‍රබන්ධකරුවා චේතිගේ චරිතය හරහා බලාපොරොත්තු වූවාද යන්නයි. එනම්, චේතිගේ චරිතය මේ හේතු නිසාවෙන් හීනමානී අදහස් වලිින් යුක්තව රෝගාතුර වූ බවක් කිව හැකිය. මේ ආකාරයෙන් කළු නවකතාවේ ප‍්‍රධාන චරිතය වන චේතිගේ මාර්ගයෙන් අතිශය සංකීර්ණ වූ මානුෂීය හැ`ගීම් සමුදායක් නිර්මාණය කිරීම අරමුණු කොටගෙන ඇති බව පෙනේ. එබැවින් මනෝවිශ්ලේෂණීයව එකී චරිතය විවරණය කර ගැනීමට අවබෝධ කරගැනීමට හැකියාව සැලසේ. මෙම කාරණාවන් හමුවේ නූතන මිනිසාගේ භවසත්තාවාදී ස්වසන්තානගත ජීවිතය චේතිගේ චරිතය හරහා දක්වන බව ඉඳුරාම කිව හැකිය. චේතිගේ චරිත නිරූපණය, නූතනයේ දිවිගෙවන මිනිසාගේ නුදුටු ආත්මයේ නොදකින දුඃඛාන්තය හා වත්මන් චේතිලාගේ මානුෂීය අසරණභාවය විනිවිද ගිය චරිත නිරූපණයකැයි කිව හැකිය. පිස්සියක ලෙසින් හංවඩු ගසනු ලැබූ චේතිගේ චර්යාවන් ඇයට අනුව සාධාරණ නොවේද? ඇයගේ අසාමාන්‍ය හැසිරීම් නිසාවෙන් සමාජය ඇයව පිස්සියක ලෙසින් සලකයි. එහෙත් චේතිගේ ආධ්‍යාත්මයට ඇයව ජීවත් කරවන සිතිවිලි හමුවේ පිස්සියක් නමැති ලේබලයෙන් කවදානම් ගැලවීමක් ලැබේද? මෙහිදී කතුවරිය චේති නම් චරිතය පිස්සික වුවද ඇය සිහි නුවණින් සිටි සමයේදී හා ඇය අසනීප වූ පසුවත් මනසෙහි ඇතිවන සංකීර්ණ සිතිවිලිි කෙරෙහි දක්වන සාධාරණීකරණය කෙතරම් දුරට හද සසල කරවයිද? මෙලෙසින් සමාජය කොන් කළ අසම්මත චරිතයක් හමුවේ කතාකරුවා ඉතා ගැඹුරු මනෝවිශ්ලේෂණයක් කරමින් ඔවුන්ගේ යථාර්ථය හෙළිකරීමේ පරමාර්ථය සාධනය කළද ඒ සඳහා සමාජ සාධාරණයක් කවදා කා විසින් ඇයට ලබාදෙයිද? කතුවරිය අසන කාරණාව හා අවධාරණය කරනු ලබන විඤ්ඤාණ ධාරාව එය නොවේද? මේ අනුව මෙම චරිතය තේරුම්ගැනීම ස`දහා මනෝවිශ්ලේෂණ න්‍යාය කෙතරම්දුරට ප‍්‍රයෝජනවත් වන්නේද යන්න මැනවින් පැහැදිලි වෙයි. කළු නවකතාවෙහි ධනුෂ්කගේ චරිතය. කළු නවකතාවෙහි එන ධනුෂ්කගේ චරිතය විප්ලවකාරී ස්වභාවයක් ගත් විශ්වවිද්‍යාලයීය සිසුවෙකුගේ ස්වරූපය නිරූපණය කරයි. ඔහුගේ චරිතයද දේශපාලනිකව හා මානවවිද්‍යාත්මකව පාඨකයාට විමසා බැලිය හැකිය. එහිදී ධනුෂ්කගේ චරිතය කතාකරුවා විකාශනය කරනුයේ මාක්ස්වාදී අරගලය කරපින්නාගත් සමාජ සාධාරණය වෙනුවෙන් නායකත්වය ගෙන ජීවිතය වුවද ඒ සඳහා කැපකිරීමට උත්සාහ දරන්නෙකු ලෙසිනි. මෙලෙසින් කෙතරම් දුරට පීඩිත පංතියේ අරගලය වෙත කෑගැසුවත් ඔහු තුළ පවතින්නා වූ සැබෑ මානුෂීය චේෂ්ටාවන් පිළිබ`ද මනෝමය පැතිකඩකින් බලනවිටදී එහි යථාර්ථය විමසා බැලිය හැකිය. මතුපිටින් බලන කල ධනුෂ්කගේ ජීවිතය සැබෑ සර්වසාධාරණ වූ පුද්ගල චරිතයකැයි යමෙකුට සිතෙන්නට පිළිවන. එහෙත් ඔහුගේ එකී අධ්‍යාත්මගත චෛතසිකයන්ගේ හා භාවගත ලාලසාවයන් තුළ ඇත්තේ වෙනත් ස්වාර්ථාභිසාධනීය වූ මනෝචේතනාවෝය. සමාජ විද්‍යාවට අනුව මෙය ස්වාර්ථකාමය, පරාර්ථකාමය හා අනෝමීයතාව ලෙසින් හඳුනාගැනේ. සැබෑ ධනුෂ්කගේ මානසිකත්වය නිරූපණය වනුයේ චේති ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීමකදීය. ‘‘ මට ඕන කලාකාරයෙක් වෙන්න, ‘‘නෑ ධනු ඔයාට ඕන කලාකාරයෙක් වෙලා ඊට පස්සේ ජනප‍්‍රියවෙලා ඊටත් පස්සේ දේශපාලඥයෙක් වෙන්න. ‘‘බාගයක් හරි බාගයක් වැරදියි හැබැයි.....’’ පරාර්ථකාමීත්වය කරපින්නා ගත් ධනුෂ්කගේ සැබෑ යථාර්ථයේ මායාව මනෝවිශ්ලේෂණීයව විමසා බැලිය හැකිය. මේ සඳහා සිග්මන් ෆ්‍රොයිඞ් දක්වන අදහස හා සමගාමීව ධනුෂ්කගේ චරිතය විමසිය හැකිය. ‘‘ පුද්ගල මනස පාවෙන හිමකන්දකට (ෂජැ ඉමරටැ* සමාන කළ ෆ්‍රොයිඞ් සිය මනෝවිශ්ලේෂණවාදයේදී මනස ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දක්වයි. එනම්, විඤ්ඤාණය, උපවිඤ්ඤාණය හා අවිඤ්ඤාණය වශයෙනි. අයිස් කන්දක පිටතට පෙනෙන හතරෙන් එකක් වැනි සුළු කොටස විඤ්ඤාණයට සම කළේය. චින්තනය, කථනය, තර්කනය, ප‍්‍රජානනය වැනි ස්වේච්ඡුාවෙන්ම සිදුකරනු ලබන ක‍්‍රියාවන්ට සම්බන්ධ වන්නේ විඤ්ඤාණයයි. එමෙන්ම අයිස් කන්දක මුහුදු මට්ටමට පහතින් පිහිටා ඇති අපට නොපෙනෙන හතරෙන් තුන්වැනි කොටස අවිඤ්ඤාණයට සමාන කළේය. අවිඤ්ඤාණය අපගේ අවබෝධ ඥානයෙන් දුරස් වන අතර, එය මනසෙහි වැදගත්ම අංශය වශයෙන් ෆ්‍රොයිඞ් සැලකුවේය.’’ මෙහිදී ධනුෂ්කගේ චරිතයද අපට ගත හැකි වන්නේ අවිඤ්ඤාණයේ ඇති ජීව චර්යාවක ශක්තිය ඔහුගේ සමස්ත කාර්යාවලියටම සම්බන්ධ වන බවකි. ඔහුගේ දළ සිත හා උත්තරාත්මය අවස්ථාවන් දෙකක් යටතේ ක‍්‍රියාත්මක වන බව කිව හැකිය. මෙම කාරණාව සම්බන්ධයෙන් පෙනී යනුයේ පෞද්ගලික ලාලසාවයන් (ඡු්ිිසදසදබි* පිනවීම වනාහි මිනිසාගේ පොදු කාරණාවක් ලෙසින් උපවිඤ්ඤාණයේ නිදන්ගත හා ජීවත් කරවන ආසාව වශයෙනි. එබැවින් ධනුෂ්කගේ චරිතය ප‍්‍රබන්ධකරුවා විඤ්ඤාණගත පේ‍්‍රරණයන් හමුවේ විග‍්‍රහ කරවන්නට උත්සාහ දරා තිබේ. ඒ ධනුෂ්ක මදනායකගේ ජීවිතයේ පරමාර්ථමය චේතනාවන්ගේ ජයග‍්‍රහණය කිරීමේ අවශ්‍යතාව ඇති හෙයිනි. මනෝවිද්‍යාවට අනුව එහි පිටුපස සාධන චේතනාව පවතී. එය සම්පූර්ණ කරගැනීමට පැතුම් තලය හා ආචරණ තලය අතරේ විෂමතාවක් නොපැවතිය යුතුය. ප‍්‍රබන්ධකරුවා මෙම අදහස ධනුෂ්කගේ මනස විකෘති තත්ත්වයට පත්වීමට ඔහු යන මාර්ගයේ ඉතා සංකීර්ණ බව ඒත්තු ගැන්වීම සඳහාද උපයුක්ත කොට ගනී. මන්ද යත්, ධනුෂ්කගේ ජීවිතය වනාහි තමා සිතන පතන සියල්ල සපුරාගැනීමෙහිලා ඇති ඉඩකඩ සීමාසහිත වූවක් බැවිනි. මෙම කාරණාවට බාධා පැමිණිවිටදී පුද්ගල ප‍්‍රචණ්ඩත්වය හෝ ආත්මීය ඝාතනය හෝ සිදුකරගන්නා බව කිව හැකිය. එබැවින් ධනුෂ්කගේ චරිතය මාර්ගයෙන් එවැනි පොදු සකීර්ණ මානසික කාරණාවක් දක්වන ආකාරය කිව හැකිය. මේ අයුරින් මනෝවිශ්ලේෂණ න්‍යායට අනූව මෙම චරිතයද මැනවින් වටහා ගත හැකි බව පැහැදිලි වෙයි. මහානාම ගිනිගේ හෙවත් චේතිගේ සැමියා මෙම නවකථාව තුළ එන ප‍්‍රධාන චරිතයක් වශයෙන් ගැනීමට නොහැකි වුවද මොහුගේ චරිතය ම`ගින්ද කිසියම් මනෝවිශ්ලේෂණීය අදහසක් විමසා බැලිය හැකිය. ඇතැම් අවස්ථාවලදී ඔහුගේ සංකීර්ණ මානසික හැඟීම් චේති සම`ග ගෙවන විටදී දක්නට හැකිය. විවාහ දිවියට එතරම් රුචි නොකිරීම, චේතිගේ සතුට හා ඇය වෙනුවෙන් කිසිදු සැලකිල්ලක් නොදැක්වීම, කාමුකත්වය හා ඔහු තුළ පවතින අපගාමී චර්යාව යන කාරණාවන් සියල්ල යම්බ`දු වූ සංකීර්ණ මානසික ලක්ෂණ ප‍්‍රකට කරන අවස්ථාවන්ය. වරෙකදී චේතිගේ සැකයක්ද ගෙනහැර දක්වන ඔහුගේ මනස විවිධ ආකාරයේ ඝට්ටනයන් හමුවේ ප‍්‍රකෝප වේ. එක් අවස්ථාවක චේති ඔහු පිළිබ`දව සිතන්නේ මේ ආකාරයෙනි. ‘‘ගිනිගේගේ හැසිරීම වඩාත් නරක අතට හැරී ඇත. දිනකට දෙකකට වඩා ඔහු ප‍්‍රකෘති ස්වරූපයෙන් ගෙදර නොඑයි. මැදියම් රැුය පසුකොට බමන මතින් එන ගිනිගේගේ කුරිරුකම්වලින් නිතිපතා මම දුක් වින්දෙමි. ඔහු නිතරම මා සැක කළේය. අහේතුකව මගේ හිත පෑරෙව්වේය. අභූත චෝදනා එල්ල කළේය. මම කිසිදු වරදක් නොකළෙමි.’’ සමාජයේ පුද්ගලයන් විවිධ චර්යා රටාවන් හා මානසික ලක්ෂණයන්ගෙන් යුක්ත වන බව කිව හැකිය. මහානාම ගිනිගේ, චේතිගේ සිත තුළ පීඩනය ඇති කළේ ඇයව ඔහුගේ මුදල්වලට විවාහ කර දීම නිසායැයි කිව හැකිය. ඒ නිසා බිරිඳ ඔහුට උපකරණයක් ලෙසින් භාවිත කර ඇගේ සමස්ත අයිතිය ඔහු සතු බව සිතයි. මෙය පරපීඩක කාමුකත්වය කරාද ඔහුගේ මනස මෙහෙයවූ අවස්ථාවක් වේ. ස්වරූප රාගය හෙවත් ආත්ම කාම ආශක්තිය ඔහු තුළින් පෙන්වා දිය හැකිය. මෙහිදී මහානාම ගිනිගේ චරිතය මාර්ගයෙන් මිනිසාගේ මනෝමය ක‍්‍රෑරත්වය, හිංසනය හා ආත්මරාගය ආදි සංකීර්ණ මානසික ලක්ෂණ දැකිය හැකිය. ඒ මනෝවිශ්ලේෂණ න්‍යායානුකූලව එම චරිතය විමර්ශනය කිරීමට යාමෙනි. මේ ආකාරයෙන් කළු නවකථාව ඔස්සේ ප‍්‍රබන්ධකරුවා බලාපොරොත්තු වන චරිතයන්ගේ සංකීර්ණ මානුෂීය ධර්මතාවන් මතුකර ගැනීමට එනම් වටහා ගැනීමට මනෝවිශ්ලේෂණ න්‍යාය ප‍්‍රයෝජනවත් වන ආකාරය මැනවින් පැහැදිලි වෙයි. ඒ අනූව සාහිත්‍ය කෘතියක චරිත අවබෝධ කරගැනීමට මෙම න්‍යාය වැදගත් වන අයුරු දත හැකිය. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය දයා අතුකෝරාළ, අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා. (පානදුර: ශික්ෂාමන්දිර ප‍්‍රකාශන, 2005* ධර්මා රාජපක්ෂ, සාංදෘෂ්ටිකවාදය හා ආධ්‍යාත්මික පෙරළියට පසුබිම් වූ සිංහල නවකතා. (මාතර: විමසුම ප‍්‍රින්ටර්ස්, 2002* දයා එදිරිසිංහ, ඥානදාස පෙරේරා, මනෝවිද්‍යා විමර්ශන. (දෙහිවල: වත්මා ප‍්‍රකාශකයෝ, 2005* එස්. බී. අනුරුද්ධිකා කුමාරි කුලරත්න, සිංහල මනෝවිද්‍යාත්මක නවකතාව. (කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2005* තාරකා වාසලමුදලි ආරච්චි, කළු නවකතාව. (නුගේගොඩ: සරසවි පොත්හල, 2010* සුගත් කංකානම්ගේ, මනෝවිද්‍යාව ආරම්භකයින්ට අත්වැලක්. (කුරූණෑගල: සමුපකාර මුද්‍රණාලය, 2004* එස්.බී. අනුරුද්ධිකා කුමාරි කුලරත්න, සිංහල මනෝවිද්‍යාත්මක නවකතාව, (කොළඹ: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ* කාල්රොජර්ස් සහ නූතන මනෝවිද්‍යාව. දයා එදිරිසිංහ, ගාමිණී හපුආරච්චි (පරි.*, (දෙහිවල: වත්මා ප‍්‍රකාශන, 2006*