UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: යුග කිහිපයක කාන්තා ස්වරූප පිළිබඳ කෙටි හැඳින්වීමක්

Wednesday, December 11, 2013

යුග කිහිපයක කාන්තා ස්වරූප පිළිබඳ කෙටි හැඳින්වීමක්

යුග කිහිපයක කාන්තා ස්වරූප පිළිබඳ කෙටි හැඳින්වීමක් 02-01 වෛදික යුගයේ කාන්තාව ස්ති‍්‍ර පුරුෂ සමාජ භාවය පිළිබ`ද නූතනයේ ද විවිධාකාරයෙන් කතා කරති. මෙයට ප‍්‍රධාන ම හේතුව වී ඇත්තේ ස්ති‍්‍රයගේ කාර්ය භාරය උදෙසා වටිනාකමක් ලැබීම හා අතීත යුගවල දී ඇගේ කාර්ය භාරය වෙනස් වීමයි. ඒ අනුව මෙම එලඹුමෙන් උත්සහ කරනුයේ අතීතයේ විවිධ වූ යුගවල දී ඇගේ වටිනාකම නිර්වචනය කිරීම හා ඈගේ වටිනාකම සෙවීම යි. කෙසේ වෙතත් ස්ති‍්‍රයකගෙන් තොරව පිරිමියෙකුගේ පැවැත්මක් නොමැතිබව සාමාජීය මතය යි. පිරිමි පාර්ශ්වයේ සේ ම ස්ත‍්‍රි පාර්ශ්වයේ ද ජීවිතය අලංකාරමත් වන්නේ එසේත් නැතිනම් අත්‍යලංකාර වන්නේ ඔවුනොවුන්ගේ සම්බන්ධතාවෙනි. මෙසේ මෙම දෙපාර්ශ්වයේ එකතු වීම කවදා කෙසේ සිදු වූවා දැයි විමසීම අතිශයින් ම ප‍්‍රයෝජනය වනු ඇත. විශේෂයෙන් ම මෙහි ස්ති‍්‍ර පුරුෂයන්ගේ බැ`දීම විවිධ ආගම්වල දක්වා ඇත්තේ විවිධ සම්භවයකිනි. ඒ ස`දහා බලපා ඇත්තේ එම ශාස්තෘවරයාට ආවේණික වූ ලක්‍ෂණයන් යැයි කිව නොහැකි ය. මන්ද ඇතැම් දර්ශන විද්‍යාවෙන් ද ප‍්‍රතික්‍ෂේප නොවන නිසාවෙනි. කෙසේ වෙතත් ඇතැම් ඉගැන්වීම් දේවවාදි ඒවා ය. ඇතැම් ආගම් අදේවවාදි ඉගැන්වීම් ය. මෙම සංකල්පය නිසාවෙන් ද ස්ති‍්‍රවාදි විවරණය වෙනස් වූවා යැයි සිතිය හැකි ය. මෙසේ මෙම හේතූන් නිසාවෙන් විවරණය විවිධ වන්නට ඇතැයි සිතිය හැකි ය. කාන්තාවකගෙන් තොරව පුරුෂයකුගේ ජීවිතය අසම්පූණ_ වන්නා සේම පුරුෂයකුගෙන් වියුක්ත වූ ස්ති‍්‍රයකගේ ජීවිතය ද සම්පූර්ණ නොවේ. ඒ නිසා පුරුෂයන් හා ස්තිී‍්‍රන් සහ සම්බන්ධ වීම කවර නම් කාලයක සිදු වූවා දැයි සිතිය නොහැකි ය. කාන්තාව යනු අතිශයින් ම සියුමැලි වස්තුවකි. ජීව විද්‍යානුකූලව පිරිමිියාට විශේෂ වූ ජීවියෙකි. ඇය පිළිබ`ද විවිධ වූ නිර්වචනයන් දක්නට ඇත. එම නිර්වචනයන් තුළින් පෙනෙන ස්ති‍්‍රය විවිධ වූ ලක්‍ෂණයන්ගෙන් සමන්විත ය. මීට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය හටගෙන ඇති බව නූතන විද්‍යාව ම`ගින් සොයාගෙන ඇත. ක‍්‍රමක‍්‍රමයෙන් නිර්මාණය වූ ලෝකය තුළ ජීවය හට ගැනීම සම්බන්ධයෙන් විවිධ වූ දැකීම් ඇත්තේ ඒ පිළිබ`ද නිවරදි තොරතුරු නැති නිසාවෙනි. කෙසේ වෙතත් බුදු දහම තුළ ස්ති‍්‍රය විශේෂිත වූ ආකාරයට හටගෙන නැත. ආභස්සර දිව්‍ය ලෝකයෙන් බට දෙවිවරුන් දෙදනාගෙන් එක් අයෙක් පුරුෂයෙක් වන්නේත් අනිත් කෙනා ස්ති‍්‍රය වන්නේත් දෙදනාගේ රාගික නිශි‍්‍රත සංකල්පයන් අනුව බවයි . විශේෂයෙන් ම දේවවාදි ආගමක් වන හින්දු ආගමට අනුව ස්තියගේ මැවීම පුදුම සහගත යි. හින්දු පුරා වෘත්තවලට අනුව විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා ගැහැණිය මැවීමේ අවස්ථාව පැමිණි විට ඇය මැවීමට ඝණ ද්‍රව්‍ය කිසිවක් නොමැති බව යි. මේ නිසා ඔහු කළේ ඉතිරිව තිබු සුන් බුන් ම`ගින් ඇයව මැවීම යි. ‘‘චන්ද්‍රයාගේ ගෝලාකාරය ද, ලතාවන්ගේ නැමි ද පහුරුවල ඇලෙන ස්වභාවය ද තන පතෙහි වෙව්ලීම් ද, බට ලීයේ කම්පනය ද, පුෂ්පයන්ගෙ පුබුදුව ද, කොළවල සැහැල්ලූව ද, හො`ඩවැලේ ක‍්‍රමයෙන් සිහින් වීම ද, මුවන්ගේ බැලූම් ද, මීමැසි පෙළක් රැුස්ව සිටි ආකාරය ද , හිරු රැුස්වල කෙළිමත් පී‍්‍රතිය ද, සුළෙ`ග් චපල බව ද, හාවාගේ බිය සුලූ බව ද, ගිරවාගේ තුරුල්ලේ මෙළෙක ද, දියමන්තියේ තද බව ද, මදුවල මිහිර ද, ව්‍යාඝ‍්‍රයාගේ නපුර ද, ගින්නෙහි උණුසුම් බව ද, හිමෙහි සිතල ද, කවුඩන්ගේ චර චරය ද, කෝකිලයන්ගේ කූජනය ද, කොකාගේ කෛරාටික බව ද, චක‍්‍ර වක‍්‍රයාගේ පතිව‍්‍රතාව ද ’’ මේ ආදි වශයෙන් ස්ති‍්‍රය මැවූ ආකාරය දක්වා ඇත. ස්ති‍්‍රය මැවීම සම්බන්ධයෙන් විවිධ වූ දේවවාදි මතවාදයන් දක්නට ලැබේ. මීට අමතරව කි‍්‍රස්තියානි සාහිත්‍ය තුළ වෙනම ම ස්ති‍්‍ර සම්බන්ධයෙන් කියවීමක් ඇත. දෙවියන් වහන්සේ විසින් ලෝකය මවන විට ආදම්ගේ ඉල ඇටයකින් ඇය මවා ඇත. මේ ආදි වශයෙන් ස්ති‍්‍රයගේ උපත සම්බන්ධව කි‍්‍රස්තියානි ආගමේ අත්පොත වශයෙන් සැළකෙන බයිබලය තුළ ස්ත‍්‍රිය සම්බන්ධව කියවීමක් ඇත. මේ ආදි වශයෙන් විවිධ වූ කියවීම් මේ සම්බන්ධයෙන් සෙවිය හැකි ය. මෙලෙස කියවීම් තුළින් දැකිය හැකි කාන්තාව වෛදික යුගය වන විට කෙබ`දු තත්ත්වයකට පත්ව ඇත් ද යන්න විමසා බැලීම මෙහි ලා ප‍්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන් ම පුරුෂයෙකුගේ ජීවිතයට ස්ති‍්‍රයක් නොමැති වී නම් ඔහුගේ අසම්පූර්ණ බවට එය ම ප‍්‍රධාන හේතුව බව මෙම යුගයේ කැපී පෙනෙන විශේෂ ලක්‍ෂණයකි. එම සිද්ධිය ශතපථ බ‍්‍රහ්මණයේ මෙසේ දක්වා ඇත . ‘‘අධෙ_ාහි හ වා එෂ ආතමනො යඡ්ජායා තසමාදාවජ්ජායාං න වින්දතෙ. නෛ තාවත් ප‍්‍රජායතෙ අසවෙ_ාහි තාවද් භවති. අථ යජේව ඡුායාං වින්දථෙත ප‍්‍රජායතෙ. තර්හි සවෙ_ා භවති’’ . මෙම`ගින් කියවෙන්නේ ‘‘යමෙකුට බිරියක් නොලැබේ ද, ඒ තාක් ඔහුට දරුවන් නැත. ඒ නිසා ම ඔහු අසම්පූණ_ යි. යම් විටක ඔහුට බිරි`දක් ඇති බව ද. එවිට දරුවන් ලබයි. මෙවිට ඔහු පිරිපුන් මිනිසෙක් වේ’’ යනුවෙනි. මීට අමතරව තෛත්තරීය සංහිතාව තුළ ද මෙවැනි ම අදහසක් දක්වා ඇත. විශේෂයෙන් ම එහි දක්වා ඇත්තේ ගැහැණිය මිනිසාගේ අධ_යක් බවයි. ඒ බව මෙසේ පහත ආකාරයට යථෝක්ත සංහිතාවේ දක්වා ඇත. ‘‘අධ_ භාර්යා මනුෂ්‍යස්‍ය භාර්ය ශේෂ්ඨතම: සඛා භාර්ය මූලං ති‍්‍රවග_ස්‍ය භාර්ය මූලං තරිෂ්‍යති’’ . මේ ආදි වශයෙන් මෙම යුගයේ ස්ති‍්‍ර පුරුෂ භේදයකින් තොරව විසම්මුතියන් බි`ද දමා සම්මුතියෙන් කටයුතු කළ බවක් පෙනී යයි. මේ යුගයේ දී ස්ති‍්‍රය සම්බන්ධයෙන් ද විශේෂතා රාශියක්ම පෙනේ. නූතන අවධිය සේ ම මෙම වෛදික යුගයේ ද ස්ති‍්‍රයකගේ සුවිශේෂි ම අවස්ථාව වශයෙන් මාතෘත්වය සලකා ඇත. යම් ස්ති‍්‍රයකට කුමන හෝ හේතුවක් නිසාවෙන් මවක් වීමට නොහැකි නම් ඇය සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප කොට ඇති ආකාරයක් මේ යුගයෙන් පෙනේ. විශේෂයෙන් ම මෙම කාලවකවානුව වන විට ස්ති‍්‍රයගේ කාර්ය භාර්ය ද විවිධ අයුරින් වෙනස් වී ඇති ආකාරයක් පෙනී යයි. මෙහිදි ස්ති‍්‍රයකගේ කාර්ය කොටස් අතුරින් මාතෘත්වය අතිශයින්ම වැදගත් ය යනුවෙන් උපකල්පනය කළ හැකි වන්නේ ඇයට මෙම යුගයේ වරප‍්‍රසාද බොහෝමයක් ලැබී ඇත්තේ මවක් වීම නිසාවෙනි. කි‍්‍ර. පූ. 2000 පමණ වන විට ස්ති‍්‍ර පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශ්වය ම දඩයමේ යෙදී ඇත. එහෙත් ගැහැණිය මවක් වීම හේතුවෙන් මෙම දුෂ්කර කටයුතු වලින් ඇයව වෙන් කොට ඇත. මෙසේ වෙන් කොට ඇයට සුවිශේෂි වූ කාර්ය කොටස්වල සීමාවන් දක්වා තබා ඇත. මීට අමතරව දරුවන් රැුක බලා ගැනීම ඇයට විශේෂිත නොවූ බවක් පෙනේ. මේ ආදි වශයෙන් විවිධ සම්මතයන්ගෙන් නිර්මාණයක් වූ මෙම කාලය වන විට ම ඒ නිර්මාණයන්ට යම් පදනමක් තිබූ ආකාරයක් නො පෙනේ. ස්ති‍්‍රය ගැබ් ගැනීම සම`ග ම ඇය බොහෝ කටයුතුවලින් අයින් වූවේ කිසිවෙකුගේ බලපෑමකින් තොරව යි. එය සිදු වූයේ ජීව විද්‍යාව පදනම් කොට ගෙන යි. මෙම සිද්ධි ක‍්‍රම ක‍්‍රමයෙන් සිදුවන විට ඇය ගෘහයට ම පමණක් ඇගේ කටයුතු සීමා වීම ස්වභාවිකම සිදු වූ ආකාරයක් පෙනේ. ඉන් පසුව පිරිමියා තනිව ම පවුලේ කටයුතු සිද්ධ කළ යුතු බවක් සමාජ සම්මතයෙන් හෝ නීතියෙන් සිදු වි ඇත. ඇමෙරිකානු විද්‍යාඥයන් දෙදනකු වන රොයිටර් සහ රනර් එය මෙසේ දක්වයි. ‘‘ස්ති‍්‍රය නිෂ්පාදකයෙකු වීමෙන් නැවතුන විට ඇය යැපෙන්නියක බවට පත් වූවා ය. භාර්යාවගේ හා පවුලේ සම්පූර්ණ කටයුතු පිරිමියා මත පැටවිණි.’’ වෛදික යුගයේ ද විවාහ ක‍්‍රම කිහිපයක් තිබී ඇත. මෙම විවාහ ක‍්‍රමයන්හි ඇති නිවැරදිතාව කෙසේ වෙතත් මෙහි දී අප බැලිය යුතු වන්නේ ස්ති‍්‍රයගේ පාරශ්වයෙනි. මන්ද මෙම යුගය තුළ කාන්තාව කෙසේද යන්න මෙම නිබන්ධය මගින් විමසන නිසාවෙනි. මෙම යුගයේ විවාහ ක‍්‍රම සතරක් තිබී ඇත. විවාහ ක‍්‍රමය පුරුෂයන් ගණන ස්ත‍්‍රීන් ගණන ඒක පුරුෂ එක ස්ති‍්‍ර විවාහය (ඵදබද ට්පහ* 01 01 ඒක පුරුෂ බහු ස්ති‍්‍ර විවාහය (ඡුදකහ ට්පහ* 01 01ටවැඩි ඒක ස්ති‍්‍ර බහු පුරුෂ විවාහය (ඡුදකහ ්බාරහ* 01ට වැඩි 01 සමුහ විවාහ (ඨරදමච ප්රරස්ටැ* 01ට වැඩි 01ට වැඩි විශේෂයෙන් ම මෙම විවාහ ක‍්‍රමවලට අමතරව ඒකපත්නි, බහුපත්නි, විධවා, නියෝග ආදි විවාහ ක‍්‍රමයන් තිබුණේ ය. වෛදික සාහිත්‍යය පිරික්සා බලන විට පෙනී යන්නේ තත්කාලීන සමාජය තුළ ඇයට පුරුෂයාට වඩා විශේෂිිත තැනක් තිබු බව යි. ඒ බව ඇයට ලැබුණු මාතෘ පදවිය, ගෘහණි පදවිය, සහ චාරිනි යන පදවිත‍්‍රය ම`ගින් පෙනේ. සෘග් වේදයේ කියනුයේ ගෘහයේ සෝබා සම්පන්න බව තහවුරු වන්නේ ස්ති‍්‍රයගේ පැවැත්මෙන් බව යි. එසේම ඇය ආනන්දයේ භාණ්ඩාගාරය ද බව එහි ම තව තැනක කියයි. මේ ආදි වශයෙන් සේ ම ඇය තම හිමියා සතුටු කිරිමට ලස්සන වස්ත‍්‍ර ඇන්දා ය. ඒ පමණක් නොව ඇය සතුටු සිතින් වාසය කලා සේ ම උදෑසන ම නැ`ගිට පවුලේ සියලූ කටයුතු කරමින් සියල්ලන් ම අවදි කරවූවා ය. මෙම කටයුතු සියල්ල ම ස්ති‍්‍රය අතින් සි¥ වී ඇති බව පෙනේ. ඊට අමතරව ඇය සියලූම යාග පූජා කටයුතු ස`දහා තනිව ම සේ ම සිය ස්වාමියා සම`ග ම සහභාගී වූවා සේ ම ඇය සතුටු සිතින් සිය දරුවන්ගේ සේ ම සිය ස්වාමි පුරුෂයාගේ ද සියලූ ම කටයුතු කළා ය. විශේෂයෙන් ම බෞද්ධ දර්ශනයේ දැක්වෙන යහපත් ස්ති‍්‍රයකගේ ඇතැම් සිද්ධාන්ත මෙහි ද දක්නට ලැබීම ම`ගින් පෙනෙන පැහැදිලි දෙයක් වන්නේ ඇයට සියලූ ම ක්‍ෂේත‍්‍රයන්හි අවශ්‍ය තරමට නිදහසක් තිබුණු බව යි. මීට අමතරව සෘග් වේදයේ සූර්යා සාවිති‍්‍ර විවාහ වර්ණනාවේ ස්ති‍්‍රයගේ ගෘහණි පදවිය ගැන අති සුන්දර වූ විවාහ වර්ණනාවක් දැක්වේ. එම ප‍්‍රකරණයේ දක්වා ඇත්තේ ‘‘යන්න තමාගේ ගෙදරට, ගෘහණියක් වී සියලූ ම දෙනා පාලනය කරන්න’’ යැයි කියා ඇත. මේ ආදි වශයෙන් කටයුතු කිරිම ම`ගින් ඇයට පමණක් ම නොව ඇය වසන ගෘහයට පවා දේව ආර++ක්‍ෂාව ඇල්ම බැල්ම වැටෙන බවක් යථෝක්ත ග‍්‍රන්ථයේ දක්වා ඇත. විශේෂයෙන් ම ‘‘ගාහ_පත්‍යා ජාගෘහි’’ යන නම්වලින් ඇය හ`දුන්වා ඇත්තේ ගෘහණි පදවිය සම්බන්ධයෙන් ඇති කර්තව්‍යයන් ගැන යි. මේ ආදි සනිදර්ශන ම`ගින් අපට පෙනෙන්නේ මෙම යුගය වන විට ස්ති‍්‍රයට හා පුරුෂයාට සමාන අයතිවාසිකම් තිබූ බව යි. මෙහි දී පෙනෙන තවත් දෙයක් වන්නේ ස්ති‍්‍රයට මෙම නම් භාවිත කොට ඇත්තේ ගෞරවයක් වශයෙන් බව යි. වෛදික යුගය වන විට කාන්තාව කෙරෙහි පුරුෂ දෘෂ්ටිය ද සුබවාදි වී ඇති ඇති ආකාරයක් මෙම කාරණා ම`ගින් පෙනී යයි. ඊට අමතරව ඇයට ගෘහණියක් වශයෙන් ද සාර්ථක වීමට දුන් උපදෙස් රාශියක් ම සෘග් වේදයේ 10 වෙනි පරිච්ෙ‏‏‏ඡු්දයේ දක්වා ඇත. එහි දක්වා ඇත්තේ ඇය සියලූ ම මිනිසුන්ට පමණක් නොව සියලූ ම සත්ත්වයන්ට පවා යහපත උදා කරන බව යි. එසේ ම ඇයට මෙහි උපදෙස් වශයෙන් දක්වා ඇත්තේ ස්වාමි පුරුෂයාගේ ගෘහයට ගොස් ඔහු පමණක් නොව ඔහුගේ ගෘහයේ වෙසෙන සියලූ ම දෙනා කෙරෙහි යහපත පතුරුවමින් වාසය කරන්න යැයි යනුවෙන් ද දක්වා ඇත. මෙම කාරණයෙන් පෙනෙන්නේ ඇය සියලූ ම දෙනා කෙරෙහි අධිපති බව පතුරුවාගෙන වාසය කළ බව යි. ‘‘එම්බා යහපත උදා කරන්නාවනි, පති ලෝකයට පිවිසෙන්න, දෙපා හා සිව්පා සතුන් සියල්ලන් ස`දහා යහපත කරන්න. මෙහි ඔබ මනාව විමසා බලා තේජසින් යුක්තව පශුන් ස`දහා යහපත කරන්න .’’ මේ ආදි වශයෙන් අක්වා ඇත. කෙසේ වෙතත් මෙහි දක්නට ලැබෙන විශේෂතම සිද්ධිය වන්නේ මෙසේ එන ස්ති‍්‍රයට තම පවුලේ රැුජිනිය වී තමාගේ මාමා, නැන්දා, මස්සිනා,නෑනා පාලනය කරන්න යනුවෙන් ද දක්වා ඇත. සංහිතා උපනිෂද් කාලයේ කාන්තාවට ස්වතන්ත‍්‍රව හැසිරීමේ භාවයක් තිබුණු බව පෙනේ. මෙම ස්වතන්ත‍්‍රව ඔවුන් විසූ ආකාරය එනම් හැසිරුණු ආකාරය ගාර්ගි, මෛත‍්‍රි ආදි එකල විසු කාන්තාවන්ගෙන් පෙනේ. එසේම සෘග්වේද සංහිතාවේ ස`දහන් වන ආකාරයට පුරාණ වෛදික යුගයේ ස්ත‍්‍රියට යම් ගෞරවණීය ස්ථානයක් ලබා දී තිබුණිx සෘෂිකා හෝ බ‍්‍රහ්මවාදි වැනි නම්වලින් හ`දුන්වනු ලැබූ ‘‘වශවාරා, ඝෝෂා, අපාලා, රොමාසා, ලෝපාමුද්‍ර’’ වැනි කාන්තාවෝ වෛදික සුක්ත රචනයෙහි පවා යෙදුණ හ. මීට අමතරව එකල කාන්තාවන් වාද විවාදවල පවා යෙදී පිරිමින් පවා පරාජය කළ බව සාහිත්‍ය තොරතුරු ම`ගින් පෙනේ, මෛති‍්‍රය යනුවෙන් බ‍්‍රහ්මත්වය පිලිබ`දව විශේෂිත දැනුමක් ලත් කාන්තාවක් සිටි බවද උපනිෂද් ග‍්‍රන්ථයේ දැක්වේ. මොවුන් පිරිමින් සේ භාවනා කළ ආකාරයක් ද මෙම යුගයෙන් පෙනෙන දෙයකි. විශේෂයෙන් ම යාඥාවල්ක්‍යගේ හා බිරියන් දෙදනා අතර ඇති වූ පහත සිද්ධියෙන් එය පෙනේ. ‘‘මා දැන් දුර්වලයි. ඒ නිසා මම වනයට යමි. ඒ බැවින් මා සතු දේ ඔබ දෙපළ අරගෙන බෙදාගත යුතුයැයි කීවේය’’. එවිට මෛත‍්‍රි කියනුයේ ‘‘ස්වාමීනි මේ මහපොළොව පුරා මට දේපළ ඇත්නම් මට නොමැරී සිටිනූ’’ හැකිදැයි අසා බැරි යැයි කී පසු ‘‘ හිමියනි ඒ එසේ නම් නොමැරී සිටිනු නොහැකි දේපළකින් මට වැඩක් නැත. නොමැරී සිටිනු හැකි ක‍්‍රමය මට දුන මැනවයි.’’ කී පසු යාඥාවල්ක්‍ය ඇයට නොමැරී සිටීමට ක‍්‍රමය කියා දී වන ගත වී ඇත. මේ ආදි වශයෙන් නොමැරී සිටීමේ ක‍්‍රමය ඇය උගෙන බ‍්‍රහ්මත්වය අවබෝධකර ගත් බවක් එම ග‍්‍රන්ථයේ ම දක්වා ඇත. මෙම යුගයේ කාන්තාවන් ස්වාධීනව කාලය ගත කළ ආකාරයක් පෙනේ. විශේෂයෙන් ම මෙම වෛදික යුගයේ කාන්තාවෝ වෛදික අධ්‍යාපනයේ යෙදුණු අතර ඔවුන් ස`දහා වෙනම ‘‘චරණා ’’ නම් ඡුාත‍්‍රශාලා වු බව ද ශිෂ්‍යාව ‘‘කති’’ නමින් ද ශිෂ්‍ය නිවාසය ‘‘ඡුාති‍්‍ර ශාලා’’ යන නමින් ද භාවිත වූ අයුරු පාණිනි පෙන්වයි. කෙසේ වෙතත් මෙම මතයේ කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ මත පවතී. පිළිගත් මතයන් අනුව කි‍්‍ර.පූ 500-700ත් අතර කාලය තුළ බව දැනට පිළිගෙන ඇති මතයකි. එහෙත් ඇතැමෙක් කියනුයේ කි‍්‍ර.පූ 700ට පෙර කාන්තවගේ තත්ත්වය මින් පෙනෙන බව යි. මෙම අර්ථය මෙහි ලා අතිශයින් ම යෝග්‍යය වේ. වේදයේ ස`දහන් තොරතුරුවලට අනුව එකල ද ගණිකා වෘත්තිය තිබී ඇත. එහෙත් නූතනයේ මෙන් කිසිවෙකුගේ දෝෂාරෝපණයට එය ලක් වී නැත. මෙම ලක්‍ෂණ ම`ගින් පෙනෙන්නේ මේ කාලයේ කාන්තාවන් බොහෝ සෙයින් ස්වතන්ත‍්‍රව ස්වාධීනව කාලය ගතකර ඇති බව යි. විශේෂයෙන් ම ඉතා දක්‍ෂ ලෙස නැටීමටත් කවි සිංදු ගායනා කිරීමටත් හැකි කාන්තාවන් සිටි බවක් පෙනෙයි. මීට අමතරව පශ්චාත් වෛදික යුගයේ තිබූ සති පූජාව මෙම වෛදික යුගයේ තිබී නැත. සති පූජාව වශයෙන් මෙම කාලයේ ස්තී‍්‍රන් ස`දහා තිබී ඇත්තේ ස්වාමියා මළ පසු ඔහුගේ දර සෑය දැවීමට පෙර එය උඩ ම`දක් සැතපී සිටීම යි. මෙසේ සැතපී සිටීම ම`ගින් ඇගේ ආදරය ගෞරවය ඔහුට දැක්වීම මේ ආකාරයෙන් සංකේත කොට ඇත. මීට අමතරව වේද සමාජයේ කාන්තාව මන්ත‍්‍ර සූත‍්‍ර ගායනා කිරීමට පටුත්වයක් දක්වා ඇති අතර ඉන් ඈ සමාජයේ ඉතා ඉහළ තළයක විරාජමාන වූ ආකාරයක් පෙනේ. වෛදික යුගයේ කාන්තාවගේ ජීවිතය කොටස් 02කට බෙදිය හැකි ය.  වේදාධ්‍යනය  විවාහය මෙම ක‍්‍රම දෙකට ඇය දිවි දීමෙන් කටයුතු කළා ය. ඊට අමතරව මෙම කාලයේ සිටි කාන්තාවන්ගේ නිදහස පෙන්වන ලක්‍ෂණ රාශියක් සොයාගත හැකි යි.  විවාහය සුදුසු වයසේ ම සිදුවීම  විසිතුරු වස්ත‍්‍රාභරණයෙන් සැරසීම  පෙම්වතුන්ගෙන් තෑගිභෝග ලැබීම  ඔවුන් හා විවාහ ගිවිස ගැනීම  රහසින් ඔවුන් හමුවීම හා එසේ ආ පිරිමින් හා එක්ව මන්ත‍්‍ර භාවිත කර ගෙවැස්සන් නිදි කරවීම  වේද අධ්‍යාපනය  වාද විවාද ආදි තර`ග පිරිමින් සම`ග පැවැත්වීම මීට අමතරව බ‍්‍රාහ්මණ යුගය හා සස`දා බලන කල්හි විශේෂයෙන් ම වෛදික යුගයේ කාන්තාවන්ගේ ජීවිතයේ විශේෂතා හ`දුනාගත හැකි ය. එසේ ම එදා ළදරු විවාහයන් නො වූ අතර පියා හා සහෝදරයන් හැර ඕනෑම කෙනකු සම`ග විවාහ විමේ අවස්ථාව මේ කාලයේ ද තිබී ඇත. බ‍්‍රාහ්මණ යුගයේ ස්ති‍්‍රයගේ නිදහස සීමා වු අතර මෙම යුගයේ දී ස්ති‍්‍රය බොහෝ නිදහස වි`දි බව වැන්`දඹුවන් නැවත විවාහ වීම ම`ගින් ද පෙනී යයි. මෙසේ වැන්දඹු කාන්තාවන් හා විවාහ වන පිරිමියා ‘‘දිධීෂුය’’යන නමින් ද දෙවෙනි වරට විවාහ වන කාන්තාව ‘‘පර පූර්වාය’’ යන නමින් ද හ`දුන්වා ඇත. මෙකල කාන්තාවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇතැමෙක් කියනුයේ ඇයට පියාගේ ගෙදර දී ම අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව යි. මෙසේ ගෘහයන් කරා යමින් කාන්්තාවන් විෂයෙහි පමණක් අධ්‍යාපනය උගන්වන ගුරුවරයා ‘‘මන්ත‍්‍ර ද්‍රෂ්ටා සෘෂී’’ යන නමින් හ`දුන්වා ඇත. මීට අමතරව සෘග් වේදයේ අට වැනි මණ්ඩලයේ 39 හා 40 සූක්ත රචනාකර ඇත්තේ කාක්‍ෂිවතී නම් බ‍්‍රහ්මවේදිනිය යි. එසේ ම අගස්ත්‍යාගේ බිරි`ද විසින් ද සුක්තයක් රචනාකොට ඇති බැව් පෙනේ. ඊට අමතරව රොමාශා හා ලොමාශා යන දෙදනා විසින් ද යම් යම් වේද පාඨ රචනා කොට ඇත. මෙසේ බොහෝ ස්ත‍්‍රීහු කැපී පෙනෙන චරිත බවට පත්වී ඇත. මෙම ස්තී‍්‍රන්ට අමතරව බ‍්‍රහ්මවාදිනියන් හා උගත් ස්තී‍්‍රහු බොහෝමයක් වූහ. සූර්යා, ඉන්ද්‍රාණි, ශචි ආදි කාන්තාවෝ ඒ අතර වෙති. මීට අමතරව ඛේල සෘෂිවරයාගේ බිරි`ද වූ විශ්විලා ස්වාමියා හා යුද්්ධයට ගියාය. එසේ ම මෙම වෛදික යුගයේ කාන්තාවන් යුද්ධයන්ට පවා සහභාගී වී ඇති ආකාරයක් පෙනේ. එනම් මුද්ගලානි නම් කාන්තාව සතුරන් හා යුද්ධ කොට ජයග‍්‍රහණය කොට ඇත. මෙහි විශේෂත්වය වන්නේ මැය යුද්ධ කොට සතුරු සේනාව පරදවා දෙනුන් දහසක් ද රැුගෙන ඒම යි. මෙහි දී තව දුරටත් පෙනෙන දෙයක් වන්නේ යුද්ධ හමුදාවේ යුද්ධ කිරීමට පවා අද මෙන් කාන්තාවන් ද හමුදා සේවයේ නිරතව සිට ඇති බව යි. විශේෂයෙන් ම දාසී හා යුුචී යන දෙදනා විසින් ස්ති‍්‍ර බලකායන් දෙකක් පිහිට වූ බව වෛදික ග‍්‍රන්ථයන්හි ස`දහන් වේ. විශේෂයෙන් ම සෑම කාන්තාවක් ම අධ්‍යාපනය හැදෑරිය යුතු අතර යටත් පිරිසෙන් අවම වශයෙන් අධ්‍යාපනය අවුරුදු 25ක් වත් හැදෑරිය යුතු යි. මේ ආකාරයට අධ්‍යාපනය හැදෑරීම ම`ගින් ඇයට විවාහ වීම පමා වේ. විශේෂයෙන් ම ස්ති‍්‍රයද බඹසර රැුකකිය යුතු වේ. ඇයට මල්වර වීමට ප‍්‍රථම ව විවාහ විය නොහැකි ය. එහෙත් කැමැති සැමියකු සම`ග විවාහ වීමේ හැකියාව ඇයට තිබීම සුවිශේෂී ය. මෙය නූතනයේ පවා දක්නට නැති දෙයකි. නූතනයේ ඇතැම් කාන්තාවන්ට දෙමාපිය විරෝධතාවෙන් විවාහ විය නොහැකි ය. එහෙත් මෙම වෛදික යුගයේ කාන්තාවන්ට දෙමාපිය කැමැත්තකින් තොරව විවාහ වීමේ ක‍්‍රමයක් තිබූණේ ය. මෙම ක‍්‍රමය ම`ගින් පෙනෙන විශේෂ ම දෙයක් වන්නේ නූතනයට ද වඩා කාන්තාවන්ට ස්වාධීනව ස්වතන්ත‍්‍රව හැසිරීමේ හැකියාව තිබුණු බව යි. මෙකල විශාල වශයෙන් පැවැතියේ ඒකපත්නි විවාහ ක‍්‍රමය යි. මෙම විවාහ ක‍්‍රමය බොහෝ සෙයින් තිබුණු අතර ජනප‍්‍රිය ම විවාහ ක‍්‍රමය ද වූයේ මෙය යි. මෙම ක‍්‍රමය යටතේ විවාහ වන කාන්තාවන් දම්පතී යන නම්න් හ`දුන්වා ඇත. මෙම කාලයේ සපත්නි විවාහය තිබූ අතර ඒ කාන්තාවන් පුරුෂයා කෙරෙහි ද්වේෂ සහගතව හැසිරුණූ අවස්ථා නැතිවාම නොවේ . අථර්ව වේදයේ එක් තැනක ස`දහන් වන්නේ එක් කාන්තාවක් තම සැමියා මර්දනය කිරීමට විවිධ වූ ඖෂධ වර්ග භාවිත කළ බව යි. ඇය එහි දී ප‍්‍රකාශ කොට ඇත්තේ සිය ස්වාමියා කෙරෙහි පූණ_ අධිකාරය පවත්වනු පිණිස ඹෟෂධ භාවිත කරන බව යි. වෛදික යුගයේ මෙම කරුණු ම`ගින් පෙනෙන දෙයක් වන්නේ සපත්ති විවාහ ක‍්‍රමය ද ස්ථාපිතව තිබුණු බව යි. මෙසේ ස්ථාපිත වී තිබුණු මෙම ක‍්‍රමය විශේෂ වන්නේ සෑම භාර්යාවකට ම එක සමානව සැලකීමට ස්වාමියා බැ`දී සිටීම යි. මෙම ක‍්‍රමයට අමතරව එකල විධවා විවාහ ක‍්‍රමය ද පැවති බව සාහිත්‍ය තොරතුරු ම`ගින් පෙනේ. එබ`දු සිද්ධියක් සෘග් වේදයේ ස`දහන් වේ.‘‘එම්බා කාන්තාවනි, මේ මියගිය ස්වාමියා හැර දමා මේ ජීවන සංසාරයට එන්න ඔබ හා විවාහ වීමට කැමැති යම් පුරුෂයෙක් වේද ඔහුගේ භාර්යාව බවට පත් වන්න.’’ මෙම බහුවිධ වූ විවාහ ක‍්‍රමයන් හස්ත ග‍්‍රාහ යන නමින් හ`දුන්වා ඇත. විශේෂයෙන් ම මෙම කාලයේ ස්ති‍්‍රයගේ නිදහස පෙනෙන විශේෂ ම සිද්ධිය වන්නේ නූතනයේ ද දක්නට නැති බහු පුරුෂ විවාහය යි. මෙම ක‍්‍රමය යටතේ විවාහ වූ කාන්තාවන් බොහෝ සෙයින් සිටි ආකාරයක් පෙනී යයි. වෛදික යුගයේ කාන්තා නිදහස දැනගැනීම උදෙසා මෙම කාරණය අතිශයින් ම වැදගත් වේ. එක් ස්ති‍්‍රයකට පුරුෂයන් දෙදනකු සිටි බව ස`දහන් කරයි. මරුත් දේව වර්ගයාට ම සිටියේ එක බිරි`දකි. ඔවුන්ගේ මෙම රෝදසී නම් බිරි`ද සියලූ ම සැමියන් කෙරෙහි පේ‍්‍රම කළා ය . විශේෂයෙන් ම මෙහි දී පෙනෙන දෙයක් වන්නේ මූලික වශයෙන් තිබූූූ මෙම විවාහ ක‍්‍රමය පසුකාලීන ව ව්‍යාප්ත වූ බව යි. මෙම ක‍්‍රමය පසුකාලීන ව ලංකාව කෙරෙහි ද බලපා ඇති ආකාරයක් ‘‘එක ගෙයි කෑම’’ නම් සංකල්පයෙන් පෙනේ. මීට අමතරව මෙම කාලයේ ජගන් මාතා වන්දනය ද තිබී ඇත. මෙම වන්දනය තුළින් සෞභාග්‍ය අපේක්‍ෂා කළ ද ස්ත‍්‍රිය වන්දනා කොට ඇත. මේ පිළිබ`දව ඉංගී‍්‍රසි ජාතිකයකු වන මහාචාර්ය සර් ජේ .ප්‍රෙසර් ද අදහස් දක්වා ඇත. ඔහු කියනුයේ, ‘‘ජගත්හුගේ ප‍්‍රජනන ශක්තීන් චේතනත්වාරෝපණයෙන් ජගන්මාතා යයි ගෙන බටහිර ආසියාවේ බොහෝ ජනතාව වැ`දුම් පිදුම් කල බැව් සාක්‍ෂ්‍ය සමීක්‍ෂණයේ දී පෙනි යයි. ඔවුන් ජගන්මාතා වෙනස් වෙනස් නම්වලින් ගෙන ඇදහුව ද, ඇය පිළිබ`ද දේව කතා සමාන ල+ක්‍ෂණ ඇත්තේ වී. පිළිවෙත් එකිනෙකට සමාන වී, ජගන්මාතාට වල්ලභයකු හෝ වල්ලභයන් කිහිප දෙනකුන් හෝ ඇතැයි ගත් ඔවුහු ඇයගේ වල්ලභයා සම`ග හෝ වල්ලභයන් සම`ග හෝ අවුරුද්දෙන් අවුරුද්ද සංයෝග වෙතැයි ද එය සතුන්ගේ බෝ වීමටත් පෘථිවියේ සශී‍්‍රකත්වයටත් අත්‍යවශ්‍ය යැයි සැලකූහ. ජගන්මාතා සහ ඇයගේ වල්ලභයාගේත් එක්වීම නිමිත්තෙන් අවුරුද්දකට වරක් ස්ති‍්‍ර පුරුෂ දෙපාර්ශ්වය සම්භෝග රතියෙන් එක්වීමෙන් පෘථිවියේ සශී‍්‍රකත්වය වැඩි දියුණු වන්නාක් මෙන් මනුෂ්‍ය වර්ගයාද අනෙක් සත්ත්වයෝ ද සමෘද්ධිමත් වෙති යි ඔවුහු විශ්වාශ කළ හ. ’’ මේ ආදි වශයෙන් මෙම තොරතුරු ම`ගින් පෙනෙන්නේ වෛදික යුගයේ කාන්තාවන් ලබා සිටි නිදහස යි. විශේෂයෙන් ම වෛදික යුගයේ ස්ති‍්‍ර ලිංග න්‍න්දනයක් ද තිබුණු බව යි. මේ ආදි වශයෙන් බලන විට ඒ අවධියේ කාන්තාවන් විශාල නිදහසක් ලබා ඇති ආකාරය යි. මේ කාලයේ කාන්තාවන් විවාහ වීමේ දී දෑවැද්ද ප‍්‍රශ්නයක් වී නැත. විශේෂයෙන් ම නූතනයේ විවාහයට දෑවැද්ද සාධනීය සංකල්පයක් වී තිබීම වැරදි හෝ නිවැරදි මේ සංකල්පය වෛදික යුගයේ කාන්තාවන්ට ප‍්‍රශ්නයක් වී නැත. මේ ආදි වශයෙන් දෑවැද්ද නොබැලීම ම`ගින් ද කාන්තාවන් කෙරෙහි තිබූ ස්වාධීන බව පෙනී යයි. මෙහි දී තේරුම් ගත යුතු වන්නේ දෑවැද්ද දීම තිබී ඇත. එහෙත් එය නූතනයේ මෙන් ප‍්‍රධාන සාධකයක් බවට පත් වී නැති ආකරයක් පෙනේ. විශේෂයෙන් ම වෛදික යුගය වනාහි කාන්තාවන්ගේ ස්වණ_මය යුගය වශයෙන් ස`දහන් කළ හැක්කේ සුවිශේෂී වූ නිදහසක් කාන්තාවන් කෙරෙහි තිබුණු නිසාවෙනි. මේ කාලයේ කාන්තාවන් මැරුණු පසු දේවත්වයට පත් කොට ඇත. පිරිමි පාර්ශ්වයේ අය දේවත්වයට පත් වූ ප‍්‍රවණතාව අඩු ය. එහෙත් බොහෝ කාන්තාවන් දේවත්වයට පත්වී සිටි ආකාරයක් පෙනේ. වෛදික සෘෂිවරු ද දේවතාවියන් කෙරෙහි මහත් වූ ආදරයක් දැක්වූ හ. විශේෂයෙන් ම දුර්ගා, ලක්‍ෂ්මි, සරස්වතී, ඌෂා, ඉන්ද්‍රාණි, ඉලා, භාරති, හෝත‍්‍රා සීනිමාලී, ශ‍්‍රද්ධා, පාහ්නි මේ ආදි වශයෙන් බොහෝ දේවතාවෝ වෛදික යුගයේ සිටිය හ . මේ ආදි වශයෙන් සේ ම සව_තාතිතම් යනුවෙන් දේවතාවියක් අධිපති වශයෙන් සිටිමින් පුද පූජා ලබා ඇත. ඇය විශ්වජන්‍යා යන නමින් ද හ`දුන්වා ඇත. මේ ආදි ආකාරයෙන් වෛදික දෙවිවරු බොහෝ සෙයින් කාන්තා පාර්ශ්වය නියෝජනය කළෝ ය. මේ දේවතාවියෝ බලවත් අය වූ අතර මේ කාලයේ සිටි සෑම කාන්තාවක් ම මහළු අවධිය දක්වාම තම බලය පතුරුවාගෙන විසු බව වෛදික සුක්තයන්හි දැක් වේ. මීට අමතරව ස්වයංවර විවාහ ක‍්‍රමය ද මේ කාලයේ තිබී ඇත. මෙම ස්වයංවර විවාහය යනු කාන්තාව සරසවා කුමරුන් ඉදිරියට ගෙන ගොස් ඇයට රුචි පරිදි කුමරුකු තෝරා ගන්නට ඉඩ සැලස්වීම යි. විශේෂයෙන් ම වෛදික යුගයේ මේ සම්බන්ධව බොහෝ තොරතුරු දක්නට තිබේ. නිදසුන් වශයෙන් කන්හ කුමරියගේ ස්වයංවරය පෙන්වා දිය හැකි ය. මීට අමතරව මහා භාරතයේ එන ද්‍රෞපදි ස්වයංවරය ද නල දමයන්ති කතාව ද පෙන්වා දිය හැකි ය. මෙම ස්වයංවරවලින් විශේෂ ම ස්වයංවර කිහිපයක් වේ. මෙයට හේතු වන්නේ ද්‍රෞපදි කුමරියත් කන්හා කුමරියත් ස්වයංවරයට ආ කුමරුන් සියල්ලම තෝරා ගැනීම යි. මෙසේ තෝරා ගැනීමත් සම`ගම ඒ කුමරියන් ඒ කුමරුන් හා විවාහ වූ අයුරු ද මහාභාරතය වැනි ග‍්‍රන්‍ථවල දක්වා ඇත. මේ ආදි වශයෙන් කාන්තාවට විශාල නිදහසක් මෙම වෛදික යුගයේ තිබූ බව පෙනී යයි. වෛදික යුගයේ කාන්තාවගේ තත්ත්වය දැනගැනීමට මේ කාරණා ඉතාමත් ප‍්‍රමාණ වේ. මේ තත්ත්වය ම ධර්ම, සූත‍්‍ර කාලය වන විට වෙනස් වී ගිය ද කාන්තාවන්ට වාසිවන ආකාරයට ද කටයුතු සිදුවන්නට වූහ. විශේෂයෙන් ම ව`ද භාර්යාව වර්ෂ පහකින් ද, වදනු ලබන දරුවන් මැරෙන බිරිය වර්ෂ දොලහකින් ද, ද`ගකාර බිරිය ක්‍ෂණයකින් නෙරපිය යුතුයැයි බෞද්ධායන කී අතර වශිෂ්ඨ සෘෂිවරයා කීවේ කලහාකාරී වූව ද, අපරාධකාරී වුව ද, ගෙය හැර පලා ගිය වුව ද, අත්නොහැරිය යුතු යයි ද, කාමයේ වරදවා හැසිරුණ ද ඇය නැවත ගෙන්වා ගත යුතු යයි කීවේ ය. කෙසේ වෙතත් මේ වැරදිකළ කාන්තාවන්ට ද`ඩුවම් නුදුන්නාමත් නො වේ. එසේ වැරදි ආකාරයට හැසිරුණු කාන්තාවන්ට ප‍්‍රබල වශයෙන් දී ඇති ද`ඩුවම නම් සියල්ල ඇතැර තපසට යෑම යි. මෙම යුගයේ කාන්තාවන්ට නීතී රීතී සීමා මායිම් නොතිබුණු හෝ අඩු වශයෙන් සීමා මායිම් තිබුණු යුගයක් බැව් පැහැදිලි ය. විිශේෂයෙන් ම මෙය හින්දු සාහිත්‍යයේ ම පුරුෂයාට වඩා ස්ති‍්‍රයට ලබා දුන්් නිදහසකි. කෙසේ වෙතත් ‘‘මනු’’ කාන්තාව සම්බන්ධයෙන් විප්ලවීය අදහසක් දක්වා ඇත. ඔහු ප‍්‍රකාශ කරනුයේ ‘‘කාන්තාවට ස්වාධීනත්වයක් නැත. ත්‍යාග දුන් ධනය මිස වෙන කිසි ධනයක් නොමැත. ඇගේ යුතුකම වන්නේ ද ගෘහ්‍ය සැලසුම මිස වෙන කිසිවක් නො වේ.’’ යනුවෙනි. එහෙත් ඔහු කියනුයේ යම් පවුලක කාන්තාවක් පුදන ලද නම් එම පවුල කෙරෙහි දෙවි දේවතාවුන් පවා පහදින බවත් ඔවුන්ගේ ගෞරවය රැුකිය යුතු බව ද මනු විසින් කියන ලදි. වෛදික යුගය කාන්තාවගේ ස්වණ_මය යුගය වූව ද මින් පසු උදාවන්නේ කාන්තාවන්ගේ අයහපත් ම කාලය යි. මෙසේ වෛදික යුගය තුළ තිබූ ආගමික දේශපාලනික ආදි සෑම ක්‍ෂේත‍්‍රයක ම ස්වාධීනතාව ක‍්‍රම ක‍්‍රමයෙන් අඩුවන්නට හෙවත් ක්‍ෂය වන්නට පටන්ගත් කාලයක් වශයෙන් පශ්චාද් වෛදික යුගය පෙන්වා දිය හැකි ය. මෙයට ප‍්‍රධාන ම හේතුව වන්නේ බ‍්‍රාහ්මණ සමාජයේ බලවත් වීම බව පෙනී ගිය දෙයකි. බ‍්‍රාහ්මණ සමාජයේ ප‍්‍රබලතාව නිසාවෙන් ම කාන්තාවන් සිටි තත්ත්වයෙන් පහළට වැටෙන්නට විය. මෙයට ප‍්‍රධාන ම හේතුව වනනේ කාන්තාව යැපෙන්නියක් බවට පත්වීම බව මාක්ස්වාදී දෘෂ්ටිය යි. විශේෂයෙන් ම ඔවුන් ප‍්‍රකාශ කරන මතය වන්නේ කාන්තාව පිරිමි පාර්ශ්වයෙන් යැපෙන්නට පටන්ගත් දා සිටම ඇය ද්විතීියික වස්තුවක් වූ බව යි. මෙසේ ද්විතීයික වස්තුවක් වීමත් සම`ග ම ඇය ගෘහ්‍යකරණයට යටත් වූ බව මාක්ස්වාදි අදහස යි. මාක්ස්වාදි වූවා නොවූවා හෝ මේ එළඹෙන්නේ කාන්තාවන්ගේ දුර්භාග්‍ය ම කාලයක් වශයෙන් පෙනී යයි. එම කාලය බ‍්‍රාහ්මණයන්ගේ අධිකාරිත්වය තිබු අවධිය යි. නිෂ්පාදනය සම්බන්ධයෙන් හෝ වේවා කාන්තාවට නින්දිත තත්ත්වයක් අයත් වූ ආකාරය නම් බ‍්‍රාහ්මණ යුගයෙන් පැහැදිලි ය. 02-02 බ‍්‍රාහ්මණ යුගයේ කාන්තාව සමාජ සංවිධානය මනාව තිබුණු ආර්යන්ගේ මෙම ක‍්‍රමයට එරෙහිව බ‍්‍රාහ්මණ යුගය ගොඩ නැගේ. ඒ විරුද්ධත්වය වේගවත් වූයේ බ‍්‍රාහ්මණ සමාජයෙනි. පශ්චාත් වෛදික යුගය යනුවෙන් හ`දුන්වන්නේ බ‍්‍රාහ්මණයන්ගේ අධිකාරිත්වය තිබු මෙම කාලය යි. විශේෂයෙන් ම නිශ්චිත වශයෙන් මෙම කාල පිළිබ`දව දින වකවානු ඉදිරිපත් කළ නොහැක. කෙසේ නමුත් කි‍්‍ර:පූ 06ට පෙර බැව් පැහැදිලි ය. මන්ද බුදු හිමියෝ පහළ වන්නේ මෙම කාලයේ නිසාවෙනි. බොහෝ සෙයින් නිදහස භුක්ති වි`දිමින් සිටි කාන්තාව ඉතාමත් පහත්, නීච නින්දිත ආකාරයට කාලය ගත කිරීමක් මෙම යුගයේ දක්නට ලැබේ. විශේෂයෙන් ම නිරිමාණවාදය රැුගත් බ‍්‍රාහ්මණයන්ගේ ඒකාධිකාරිත්වය නිසා ම මේ අවාසනාවන්ත ඉරණම අයත් වූ ආකාරය පැහැදිලි ය. මෙම ඉරණම කෙසේ අයත් වුව ද ඉන් මහත් සේ කාන්තාව පීඩාවට පත් වූ බව පැහැදිලි ය. විශේෂයෙන් ම පශ්චාද් වෛදික සමාජයෙහි කාන්තාවන්ගේ තත්ත්වය අනුක‍්‍රමයෙන් වෙනස් වූ ආකාරය මානව ධර්ම ශාස්ත‍්‍ර, මනුස්මෘති හා මහා කාව්‍ය ආශ‍්‍රයෙන් දැනගත හැකි ය. ස්ති‍්‍රය පිළිබ`දව ආකල්ප දැක්වෙන සංග‍්‍රහයක් වශයෙන් මනු නීතියෙහි 09 වැනි අධ්‍යාය දැක්විය හැකි ය. එහි දැක්වෙන නීතී රීතී බ‍්‍රාහ්මණ සමාජය විසින් කාන්තාව පිළිිබ`දව දැක්වූ ආකල්පය සුවිශදව ප‍්‍රකට කරයි. කාන්තාව පිළිබ`දව සමස්ත බ‍්‍රාහ්මණ විග‍්‍රහයම එහි දක්නට ඇත . ‘‘දිවා රාත‍්‍රී දෙකේ ස්ත‍්‍රීන්ට ස්වතන්ත‍්‍ර ව හැසිරීමට පුරුෂයන් අවකාශ නොතැබිය යුතු යි. ඔවුන් විෂය රසයෙහි ඇලෙත් නම් ස්වාමියා වස`ගයෙහි තබා ගත යුතු යි.’’ ‘‘ස්ති‍්‍රය බාල වයසෙහි දී පියා විසින් රක්ෂා කරනු ලබන්නී ය. තරුණ වයසෙහි දි ස්වාමි පුරුෂයා විසින් රක්ෂා කරනු ලබන්නී ය. ඇය කිසිවිටෙකත් නිදහස් ව හැසිරීමට සුදුසු නොවන්නී ය.’’ ‘‘සුදුසු කල්හි දියණිය ස්වාමියකුට පාවා නොදෙන පියා නින්දාවට පත් වන්නේ ය. සුදුසු කළ ඇය වෙත නො එළඹෙන ස්වාමි පුරුෂයා නින්දාවට පාත‍්‍ර වන්නේ ය. ස්වාමි පුරුෂයාගේ ඇවෑමෙන් ඇය රක්‍ෂා නොකරන පුත‍්‍රයා ද නින්දාවට පත් වන්නේ ය.’’ ‘‘ස්වාමි පුරුෂයා ශුක‍්‍ර වශයෙන් භාර්යාවගේ ගර්භගත ව කළලයක් බවට පත් වී පුත‍්‍ර ස්වරූපයෙන් ඇයගෙන් යළි උපත ලබන්නේ ය. භාර්යාව ‘ඡුායා’ යන නාමය ලබන්නේ එබැවිනි. එහි අර්ථය ඔහු ඇයගෙන් උපන්නේ ය.’’ ‘‘බිරි`ද ප‍්‍රසූත කරන දරුවා ඇය ආලය කරන පුරුෂයා හා සමාන වන්නේ ය. එබැවින් සිය දරුවන්ගේ පිරිසිදු බව රැුකගැනීම ස`දහා උත්සාහයෙන් භාර්යාව ආරක්‍ෂා කර ගත යුතු යි.’’ ‘‘භාර්යාව අර්ථ සංරක්‍ෂණයෙහි සහ වැය කිරීමෙහි යෙදවිය යුතු ය. පිරිසිදු කිරීම, ධර්මානූකූලව කටයුතු කිරීම, ආහාර පිසීම සහ ගෘහ භාණ්ඩ රැුකබලා ගැනීම යන කටයුතුවල යෙදවිය යුතු යි.’’ ‘‘කීකරු සේවකයන් සම`ග ගේ තුළ තැබූ පමණින් ස්ති‍්‍රහු හො`දින් ආරක්‍ෂා නො වෙති. තමා ම රැුකෙන්නේ සුරක්‍ෂිත වූවෝ වෙති.’’ ‘‘මත් පැන් පානය, දුර්ජන ආශ‍්‍රය, ස්වාමියාගෙන් වෙන්ව වාසය කිරීම, දේශාටනය, අකල් නින්ද, සහ අනුනගේ ගෙවල වාසය යන මේ කාරණ හය ස්ති‍්‍රයගේ ¥ෂණයට හේතු වෙයි.’’ එසේම කාන්තාව යනු ‘‘සබ්බා නදි වංක ගතා - සබ්බේ කට්ඨමයා වනා යත්ථිත්ථියො කරේ පාපං- ලභමානා නිවාතකෙ’’ ‘‘සියලූ ගං`ගාවෝ ඇදට ගමන් කරති. සියලූ වනාන්තරවල දර වෙයි. ස්ති‍්‍රහු අවස්ථාව ලද විට පවුකම් කරති’’. ඊට අමතරව කාන්තාව ගැන මේ ආකාරයේ හැ`දින්වීමක් ද දක්නට ඇත. ‘‘ස්ති‍්‍රහු රූපය ගැන නොතකති, වයස ගැන ද සැලකිලිමත් නොවෙති. පුරුෂයකු විම පමණක් සෑහේ. ඔවුහු රූපියාට මෙන්ම විරූපියාට ද අවනත වෙති. ’’ මේ ආදි වශයෙන් බ‍්‍රාහ්මණ යුගයේ කාන්තාව ගත කළ දුක්ඛිත ජීවිත තත්ත්වය පිළිබ`දව දක්වාලිය හැකි ය. සාමාන්‍යයෙන් සමාජයේ පුතුන්ට වඩා ¥න් රැුකීම අපහසු දෙයකි. වැඩි වියට පත්වන ¥න් දීග දෙන තෙක් මනා පරෙස්සමෙන් රැුකිය යුතු යි. බ‍්‍රාහ්මණ යුගයේ ඇතැම් ගෙවල්වල මහළු කාන්තාවන් සිරකර තිබූ අයුරු ද දැක්වේ. ඔවුන් ඉන් පිටතට ගොස් ඇත්තේ දිය කෙළියට පමණි. මේ ආදි වශයෙන් කාන්තාව සෑම අංශයකින්ම සිරගත කොට තැබූ ආකාරයක් ම පෙනේ. විශේෂයෙන් ම ඇතැම් විටක කාන්තාවන්ගේ දුර්වලතාවන් ම හේතුකොටගෙන ඇයට පහත් ආකරයට සලකා තිබේ. වෙසෙසින්ම කාන්තාව සම්බන්ධයෙන් බොහෝ තොරතුරු මේ යුගයේ දක්නට ලැබේ. මෙහි දී පෙනෙන දෙයක් වන්නේ කාන්තා ශරීරය හා ඇතිවන්නා වූ අපිරිසිදු බවත් හේතු කොටගෙන ඇයට ජීවිතයේ පහත් බවක් උරුම කොට ඇත. ඔවුන්ගේ අදහස හෝ නිදහස ගැන නො විමසා අනුන්ගේ අභිරමණය ස`දහා තාවකාලිකව පාදපරිචාරිකාවක් හැටියට දින කිහිපයක් ස`දහා කාන්තාව කෙළි බඩුවක් වශයෙන් යොදාගෙන ඇති ආකාරය පෙනී යයි. විශේෂයෙන් ම කාන්තාව පිරිමියාට අනවශ්‍යනම් වෙන අවශ්‍ය පිරිමියෙකුට දීමේ හැකියාව තිබු බව ජාතක කතා ම`ගින් හෙළි වේ. විවාහයේදීවත් ඇගේ කැමැත්ත අකමැත්ත විමසීමක් නැත. දෙමව්පියන් තෝරා දෙන කෙනකු අය හා විවාහ විය යුතු යි. මව් පියන්ගේ කැමැත්ත ඇතිව දුවගේ අකමැත්ත ඇතිව ඇය කුදු බමුණන්ට පවරා දුන් අවස්ථා කොතෙකුත් සමකාලීන සමාජයෙන් හමු වේ. කි‍්‍ර:පූ 06 පමණ වන විට ද බ‍්‍රාහ්මණ සමාජයේ කාන්තාව ගෘහයේ වහලියක සේ විකුණුන ආකාරය බෞද්ධ මෙන්ම බ‍්‍රාහ්මණ සමාජීය ග‍්‍රන්ථ ම`ගින් පෙනේ. විශේෂයෙන් ම ඇයට  අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් නොවීය  වේද පාඨ කීමේ ඉඩ ප‍්‍රස්ථාව ද අහුරා ඇත  වෘත්තියක යෙදීම තහනම් විය  සමාජ කටයුතුවලට සහභාගී වීමේ අවස්ථාවක් ද නොවීය  ආගමික කටයුතු ද තහනම් කොට තිබිණ  දේශපාලනික ආදි සෑම අංශයක ම කාන්තාවකට ලැබිය යුතු වරප‍්‍රසාද සියල්ල ම අහිමි වී තිබීම මේ ආදි වශයෙන් දිගින් දිගට ම කාන්තාවන් වශයෙන් ඔවුන් වි`දි දුක් ගැහැට සනිදර්ශනව පෙන්වාදිය හැකි ය. විශේෂයෙන් ම කාන්තාව කුලයෙන් පහත් කෙනකු හා අනාචාරයේ හැසිරුණු විටදි නානාවිධ වූ ද`ඩුවම් දී ඇත. ඇතැම් ද`ඩුවම් තිරිසන් සතුන් කෙරෙහි වුව ද නොපැවැත් විය යුතු ඒවා යි. විශේෂයෙන් ම කණ කැපීම තිබූ අතර ඊට අමතරව කණත් නාසයත් දෙකම කැපීම ද නියෝග කර ඇත්තේ අනාචාරයේ හැසිරුණූ විට යි. එසේ ම යම් කුල ¥තියක් කුළ ¥ෂක වරදක් කළහොත් ඇගේ හිසමත ගඩොල් ගල් හතක් තබා නගරය වටා දුව වීම සිරිතක් විය. ඊට අමතරව හිමියා හෝ ගර්භාෂය නැති කිරීමට උත්සාහ කළ හොත් තොල් කැපීමට ද නියමිත යි. මෙම කාලයේ කාන්තාවක් කෙරෙහි පැවැති විශේෂ ආකාරයක් පිළිබ`දව දැක්විය හැකි ය. එනම් කුමන හේතුවක් නිසා හෝ එනම් කාන්තාව කවර ආකාරයේ වරදක් කළත් ඇයට මරණිය දණ්ඩනය දිය නොහැකි ය. මෙසේ මෙම යුගයේ කාන්තාවන් කෙරෙහි මරණීය දණ්ඩනය දුන් බවට හෝ පැවැති බවට කිසිදු ග‍්‍රන්ථයක සටහන් වී නැත. එහෙත් කලාතුරකින් කාන්තාවන්ට මරණීය දණ්ඩනය දී ඇති ආකාරයක් ද පෙනේ. ‘‘ඔවුහු නොයෙක් ආකාරයෙන් ආරක්‍ෂා කළත් පුරුෂයන් කෙරෙහි වන කාමුකත්ව ය, චපල බව හා නිසර්ග දයා විරහිත බව නිසා සිය ස්වාමි පුරුෂයාට ලැදි නොවන්නා හ.’’ මේ ආදි වශයෙන් කාන්තාව යනු මෙම අවධියේ කුමන ආකරයේ දිවියක් ගෙවන ලද කෙනෙක් දැයි මෙම කාරණා ම`ගින් මනාව දත හැකි යි. ස්ති‍්‍රයගේ ස්වතන්ත‍්‍රතාව පිරිහී ගියේ ඉතාමත් අවාසනාවන්ත ලෙස යි. වෛදික යුගයේ කාන්තාව වි`දි නිදහස මහා භාරතයේ දක්වා ඇත. මෙම නිදහස කෙසේ ද කියා විමසීම ම`ගින් ඒ කාලයේ කාන්තාවගේ නිදහස කෙසේ ද යන්න තව දුරටත් දත හැකි ය. ‘‘මුලදී කාන්තාවෝ නිවසට කූඩු වී සැමියාට හෝ ඤාතීන්ට බරක් ව නොසිටිය හ. ඔවුහු කැමැති පරිදි විනෝද වූහ. ඔවුන් පතිවත නොරැුක්ක ද එකල එය අපරාධයක් සේ නොසිතන ලදි. දැනුදු සිව්පාවුන් හා පක්‍ෂීන් අතර මෙම තත්ත්වය පවත’. ඔවුන් අතර ඊෂ්‍ය_ා කිරීමක් නැත. පැරණි යුගයේ පැවැති මේ සිරිත උතුම් සෘෂිවරුන් විසින් අනුමත කරන ලදි. මෙය තවමත් උතුරුකුරු දිවයිනේ උතුම් කොට සලකනු ලැබේ. වනිතාවට මෙසේ නිදහස දීම පැරණි යුගයේ සිට පැවැත එන පිළිවෙළකි. ’’ මේ ආදි වශයෙන් තිබූ කාන්තා විමුක්තිය ක‍්‍රමක‍්‍රමයෙන් බ‍්‍රාහ්මණ යුගය එළෙඔන විට හීන වී ගොස් ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාරචාර යුගයේ තිබූ ස්ත‍්‍රී ලිංග වන්දනය වෙනුවට බ‍්‍රාහ්මණ යුගය වන විට මෛථුන වන්දනයක් පැවැති බව නරසු දක්ව යි. පෞණ්ඩරීක යාගය ඒ ස`දහා වූවකි. පසුව මෙය මහා දේවගේ ලිංග වන්දනය ස`දහා සැකසී ඇත. මින් අපට පෙනී යන්නේ ප‍්‍රාථමික අවධිය වන විට කාන්තාවන් හා ඔවුන්ගේ එනම් බ‍්‍රාහ්මණයන්ගේ ද ලිංගික ක‍්‍රියා සම්බන්ධයෙන් එතරම් සදාචාරමය බවක් නොතිබුණු බවක් පෙනේ. එහෙත් පසු කාලයේ යම් යම් නීති රාමූන් සැකසෙන විට පිරිමි පාර්ශ්වයට වැඩි වාසි සැලසෙන සේ සකස් වී ඇතැ යි පෙනේ. මෙහි දී ස්ති‍්‍රයට දැඩි නීති රීති පනවා ඇති බව පෙනේ. මෙයට හො`දම නිදසුන වන්නේ බමුණන්ට මෙන් ක්‍ෂීර පූජාවකින් ස්ති‍්‍රයට පිරිසිදු වීම කළ නොහැකි නිසාවෙනි. යම් වරදක් කොට ක්‍ෂීර පූජාවන් ම`ගින් පුරුෂයාට පිරිසිදු විය හැකිය යන්න බ‍්‍රාහමණ සමාජය තුළ කි`දා බැස තිබූ දෙයකි. එහෙත් කාන්තාව ද පුහුදුන් කෙනකි. ඇය අතින් ද යම් යම් වැරදි සිදු විය හැකි ය. එහෙත් පුරුෂයාට මෙන් ඇයට පිරිසිදු විය නොහැකි ය. එහෙත් බමුණන් පසුකාලීනව කාන්තාවක් කෙරෙහි ප‍්‍රකාශ කළේ ඔවුන් විසින් වැරදි කරන නිසාවෙන් කිසිදු කලෙක කාන්තාවන් ස්වාධීනව නොතැබිය යුතු බව යි. ‘‘බාල්‍යේ පිතුව_ශේ තිෂ්ඨෙත් ප‍්‍රාණි ග‍්‍රාහස්‍ය යෞවනේ පුත‍්‍රාණං භත_රි ප්‍රෙතේ න භජෙත් ස්ති‍්‍ර ස්ව තන්ත‍්‍රතාම්’’ මේ ආදි වශයෙන් බ‍්‍රාහ්මණ යුගය වන විට ආගමික දේශපාලන ආදි සැම අංශයකින් ම නිර්දය විවේචනය වූ බව පෙනේ. ඊට අමතරව සැම විට ම කාන්තාව දෙස හෙළු දෘෂ්ටිය මෙසේ ද දක්වා ලිය හැකි ය. ‘‘ධිරත්ථු කණ්ඩිනං සලලං පුරිසංගාළ්හවේධිනං-ධිරත්ථු තං ජනපදං යත්ථිත්ථී පරිනායිකා’’ මෙහි කියනුයේ උත්තමයන් විසින් නින්දා කරන ලද වස්තු තුනක් පිළිබ`දව යි. ‘‘එනම් අනුන්ට මරණ දුක් දීම නින්දා සහගත යි, යම් ජනපදයක් ස්ති‍්‍රයක් විධානය කෙරේ ද, අනුශාසනා කෙරේ ද?, ස්ති‍්‍රයක් නායක කොට ඇති ඒ ජනපදය නින්දිත ය, සත්ත්වයෝ ස්තී‍්‍ර වස`ගයට යත් ද ඔවුහු නින්දිතයෝ’’ යනු යි. මෙසේ කාන්තාවගේ දොස් පමණක් ම දැකීම ම`ගින් ඇය ක‍්‍රමක‍්‍රමයෙන් කුස්සිය මුල්ලට ම වූවා ය. කුස්සිය මුල්ලේ සිට ගෘහ්‍ය කටයුතු උදෙසා දායක වෙමින් දුකසේ විසූ බව පහත ගාථාවෙන් පෙනේ. ‘‘සුමුත්තා සාධු මුත්තම්හි තීහී ඛුජ්ජේහි මුත්තියා උදුක්ඛලෙන මුසලෙන පතිනා කුච්ඡුලේනච මුත්තම්හි ජාති මරණා පතිනා කුච්ඡුලේනච’’ කාන්තාව සෑම අතින් ම අපිරිසිදු ය යන්න මහා භාරතයේ අනුශාසනා පර්වයේ දක්වා ඇත. විශේෂයෙන් එහි දක්වා ඇත්තේ කාන්තාවගේ නීච නින්දිත බව යි. මහා භාරතයේ එය දක්වා ඇත්තේ ජානකගේ මුණුබුරු සුකෘති දක්වා ඇති ආකාරයට යි. එහි කියනුයේ කාන්තාව කිසිම දිනක ස්වාධීන නො කළ යුතු බව යි. එසේ ම උතුම් කුලයක උපන්නත් මනා වූ රූ සපුවෙන් සිටියත් පරිවාර ජනතාවගෙන් අනූන වුව ද තම චර්යා ඉක්මවන්නට ඔවුහු දක්ෂ බව දක්වා ඇත. එසේ ම එහි දිගින් දිගටම මෙසේ දක්වා ඇත. කාන්තාව තරම් වෙන පාපී කිසිවෙක් නැත, යනුවෙනි. ඔවුහු භයංකර වෙති. භායානක ගුණාංගවලින් යුක්ත සේ ම තමා සම`ග ලිංගික ව එකතු වන තැනැත්තා හැර වෙන කිසිවෙකුට ඇය අකමැති සේ ම ඔවුන් හදි හූනියම් හා සමාන බව ද එහි දක්වා ඇත. විශේෂයෙන් ම කාන්තාවෝ සම්බන්ධයෙන් තිබූ තත්ත්වය කෙසේ ද යන්න මෙම යුගයේ බෙහෝ තතු දක්නට ලැබීම ම`ගින් පෙනෙන්නේ ඔවුන් දුක සේ කාලය ගත කළ ආකාරය යි. කෙසේ වෙතත් කාන්තාව මෙම යුගයේ අතිශයින් ම දුක් සහගතව දුකට පත්ව කාලය ගෙවූ බව පෙනී යයි. කාන්තාවකට ලැබිය යුතු ස්වාධීනතාව නැති වී ගියේ ය. මිනිසත් බවේ ගුණයක් වශයෙන් ඇයට යම් ස්වතන්ත‍්‍ර බවක් තිබිය යුතු යි. විශේෂයෙන් ම කාන්තාව ඉතා ම පහත් තත්ත්වයකට හෙළා තිබූ ආකාරය දිගින් දිගට ම මෙසේ පෙන්වා දිය හැකි ය. ලෝක නිර්මාණයේ දී කාන්තාව සම්බන්ධයෙන් දක්වා ඇති ආකාරය හින්දු ආගමේ නිර්මාණය ද මෙහි ලා සොයා බැලීම ප‍්‍රයෝජනවත් වේ. ‘‘ද්විධා කෘතවාත්මනෝ දේහ - මර්ධෙන පුරුෂො භවත් අර්ධෙන නාරි තස්‍ය - සවිරාජ මසෘජත් ප‍්‍රභුථ’’ ‘‘චතුර් වර්ණය මැවූ බ‍්‍රහ්මයා ඉක්බිතිව සිය දේහය අර්ධ දෙකකට බෙදා එක් අර්ධයකින් පුරුෂයා ද අනික් අර්ධයෙන් ස්ති‍්‍රය ද මැවු බව මෙහි කිය වේ. මෙම ස්ති‍්‍ර-පුරුෂ සංයෝගයෙන් විරාජ නම් පුත‍්‍රයා ලැබිණි. මින් පැහැදිලි වන්නේ කාන්තාව ද පුරුෂයා සමානව දිව්‍යමය ආත්මයකට සමාන බව යි. එහෙත් බ‍්‍රාහ්මණ ආගම තුළ මෙම සංකල්පයට කිසිම ආකාරයේ සාධාරණයක් කොට නැත. මෙම තත්ත්වය නිසා ද පැහැදිලි වන්නේ මෙම බ‍්‍රාහ්මණ සමාජයේ කාන්තාව අතිශයින් ම අසාධාරණ ආකාරයට සිරගත කොට තැබූ බව යි. යම් යම් නීති රාමුන් පුරුෂ පාර්ශ්වයට වඩා වාසි සහගත ආකාරයෙනුත් බොහෝ නීතීන් සකසා ඇත්තේ කාන්තා පාර්ශ්වයට අසාධාරණයක් සිදුවන ආකාරයෙන් බව පෙනේ. බ‍්‍රාහ්මණ සමාජය තුළ කාන්තාවගේ තත්ත්වය මෙසේ වුව ද බ‍්‍රාහ්මණ සාහිත්‍ය තුළ කාන්තාව නිරූපිතව ඇත්තේ මීට හාත්පසින් ම වෙනස් ආකාරයට ය යන්න පැහැදිලි ය. විශේෂයෙන් ම ඇය සම්බන්ධ ව සාහිත්‍ය තුළ දක්වා ඇති යම් යම් වචන ම`ගින් විශද වන්නේ ඇයට යම් ගෞරවයක් දෙන්නට ඒ ම`ගින් උත්සාහ කළ ආකාරයකු යි. බ‍්‍රාහ්මණ සාහිත්‍ය තුළ ස්වාභාවික වස්තු දේවත්වයට නැංවීමේ දී ඒවාට ස්ති‍්‍ර ලිංගික නාම යොදා ඇත්තේ ද ස්ති‍්‍රත්වය පිළිබ`ද යම් ගෞරවයක් ජනිතවන ආකාරයට යි. ඇතැම් වචන ම`ගින් පෙනෙන්නේ කාන්තාව කෙරෙහි යම් ගෞරවයක් එකළ සමාජයේ තිබූ බව යි. පහත නිදසුන ඒ ස`දහා ප‍්‍රමාණ වේ. පෘථිවි - මේධනි, මහි, කාන්තා, සූර්ය - සාවිතී‍්‍ර ගින්න - අග්නි හ`ද - කලානි එහෙත් මෙබ`දු සමාජයක් තුළ ම කාන්තාව ස්වධීනත්වයට ලක් නොකළ යුතු බව දක්වා ඇත. විශේෂයෙන් ම ස්ති‍්‍රය පුරුෂයාගේ දාසිය විය යුතු බව දක්වා ඇත. ‘‘නාස්ති ස්ති‍්‍රනාං පෘථග්ඥො න වුතං නාපසුපොසථං පතිංසු ශ‍්‍රැෂතෙ යෙන තෙන ස්වර්ගෙ මහියතෙ’’ ‘‘ස්ති‍්‍රන්ට වෙන ම යාගයක් උපෝසථයක් නැති බව ද ස්වාමියාට උපස්ථානය කිරීම ම`ගින් පමණක් ස්වර්ගය ලද හැකි බව බ‍්‍රාහ්මණයෝ කීහ’’. කෙසේ නමුත් සමස්තයක් වශයෙන් බැලූ කල ස්ති‍්‍රයගේ කිසිදු ගුණයක් දක්වා නැති බැව් පෙනේ. විශේෂයෙන් ම බ‍්‍රාහ්මණ සමාජයේ බොහෝ වශයෙන් දක්වා ඇත්තේ කාන්තාවගේ චපලබව, දුශ්ශීලත්වය, ඊෂ්‍ය_ා සහගත බව ආදි කාන්තාවන් හෙළා දැකීම ආදි තොරතුරු යි. එසේ ම කාන්තාව කිසිදු ආකාරයකට විශ්වාශ නොකළ යුතු යැයි දක්වා ඇත. ‘‘ඖදුම්බරං භවං පුෂ්පං - ශ්වේත වණ_ංච කාකයො: මත්ස්‍ය පාදං ජලේ පශ්‍යේත්- නාරි චිත්තං න විශ්වශේත්’’ මීට අමතරව කාන්තාවන්ගේ ගති සෝභාව පහසුවෙන් අවබෝධ කර ගැනීම අපහසු යි. මුහුදේ සිටින විවිධ මසුන් මෙන් ඔවුහු සංකීර්ණ බව ජාතක කතාවල දක්වා ඇත. ජාතක කතාවල දක්වා ඇත්තේ එකල සමාජයේ පැවැතියා වූ කාන්තා ස්වරූපය ද යන්න ගැටළු සහගත යි. එහෙත් එම ප‍්‍රශ්නය උද්ගත වූ පමණින් ම ජාතක කතා පුරුෂවාදි යැයි කියමින් ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි ය. මෙහි ලා සැලකිය යුතු වන්නේ ‘‘සෑම විද්‍යාවක ම මිත්‍යාවක් ඇත හා සෑම මිත්‍යාවක ම විද්‍යාවක් ඇත’’ යන සංකල්පය යි. ස්තී‍්‍රන් ගතින් දුබල වුව ද චපල ව`දුරන් මෙන් ද, පරිසරයට අනුව හැඩ ගැසෙන රුකක සෙවණැල්ල මෙන් ද, අනවරතයෙන් භ‍්‍රමණය වන ගරාදියක රෝදය මෙන් ද නිතර වෙනස් වන චපල සිතින් යුතු යි යන්න ද ජාතක කතාවල දක්වා ඇත. විශේෂයෙන් ම දෙමාපියන් කෙරෙහි එසේ ම සහෝදරයන් කෙරෙහි ද ඇති පේ‍්‍රමය ගැන ගැහැණුන්ට වැටහීමක් නැත. ඒ පිළිබ`ද හැ`ගීමක් නොමැති බව ද ජාතක කතවල දක්වා ඇත. අලජ්ජි කි‍්‍රයාවල නිතර නිරත වන ඔවුන් ඕනෑම නීතියක් කැඞීමට පසුබට නොවන බව ද දක්වා ඇත. විශේෂයෙන් ම ජාතක කතාකරු දක්වනුයේ ස්තී‍්‍රන් කරන හැම දෙයක් ම කිසිවෙකුගෙන් නොවිමසන බවත් හිතුවක්කාර ලෙස එම කාර්යයේ නියැලෙන බව යි. ඊට අමතරව ඔවුන්ගේ එකම අවිය වන්නේ කථාව, සිනාව, රංගනය හා ගායනය යි. එ ම`ගින් ඔවුහු ‘අස්ථිර මනස් ඇත්තන්ට හානි කරති’ යිි යනුවෙන් ද ජාතක කතාකරු දක්වා ඇත. ඔවුහු ගින්න මෙන් මිනිසා දවන සුලූ යි. කළු නාගයන්ගේ හිස මෙන් මරණීය විෂ සහිත යි. මේ ආදි පමණක් නොව විශේෂයෙන් ම ජාතක කතාකරු දක්වනුයේ ස්ති‍්‍රහු මායම්වලින් හා රැුවටිලිවලින් පිරිගියවුන් සේ ම සත්‍ය නොදන්නා නිසා ද සත්‍ය නොපවසති’යි යනුවෙන් දක්වති. එසේ ම ඔවුන් සත්‍ය බොරුව කොට ද බොරුව සත්‍ය කොට ද දක්වන්නෝ ය යනුවෙන් ද කාමාස්වාදය පතා යම් පුද්ගලයෙක් ඇගේ අත පතයි ද ගින්නට හසු වූ තෙල් මෙන් ඒ පුරුෂයා ව දවන බව කියයි. කෙසේ වෙතත් ජාතක කරුවා තව දුරටත් ප‍්‍රකාශ කරනුයේ පියා ඇගේ අතින් අල්ලා සිටිය දී පවා ඔහුව ඇතැර ඇය පළා යන බව යි. ඒ ස`දහා කියනුයේ සිම්බලියේ මුහුද මැද මාළිගාවක රැුකවල් යොදා නවතා සිටි කාන්තාවකට තම චරිතය රැුක ගැනීමට නොහැකි වූ ආකාරය දක්වයි. මීට අමතරව අන්ධ භූත ජාතකය තුළ කාන්තාව ඉතාමත් නිර්දය ලෙස හුවා දක්වා ඇත. එහි දක්වා ඇත්තේ දැරියක් උපතේ පටන් ආරක්‍ෂා කළත් ඇය කිසි කෙනකුට ආරක්‍ෂා කළ නොහැකි බව යි. විශේෂයෙන් ම එහි දිගින් දිගටම ප‍්‍රකාශ කරනුයේ සත් මහළක් මත්තෙහි ආරක්‍ෂා කොට තැබුවත් ඇයගේ පතිවත ආරක්‍ෂා කළ නොහැකි බව යි. විශේෂයෙන් ම කාන්තාව කිසි ම දේකින් තෘප්තිමත් නොවන බවත් තෘප්තිය උදෙසා සිය ස්වාමියාට හොරෙන් අ`ගුටු මිට්ටකු හෝ කොරෙකු සම`ග හෝ තෘප්තිමත් වීමට උත්සාහ කරන බව ජාතක කතාකරු දක්වා ඇත. මෙම බ‍්‍රාහ්මණ යුගයේ කාන්තාවකට නියමිත කාර්යන් කිහිපයක් දක්වා ඇත. ඇයට උරුම කළ (පිරිමි පාර්ශ්වය විසින්* කාර්යයන් වශයෙන් සැමියාට උපස්ථාන කිරීම, ඔහුට අවශ්‍ය දේ සැපයීම, ගමනක් ගොස් පැමිණි විට ඔහුගේ දෙපා මැඞීම, ඔහුට පෙර අවදි වීම, ඔහුට පසුව නිදා ගැනීම, ඔහුට පසුව අනුභව කිරීම, සතුටින් දක්‍ෂව ගෙයි වැඩ කිරීම, හැමට පසුව නිදා ගැනීම වැනි දේ ද ස්වාමියා මොන තරම් සල්ලාලයෙකු වුවත් නාස්ති කාරයෙකු වුවත් දෙවියෙකුට මෙන් සැලකිය යුතු යි ආදි වශයෙන් දක්වා ඇත. ජාතක කතා කරුවා මෙසේ කාන්තාව සම්බන්ධයෙන් දක්වා ඇති ආකාරය ම`ගින් ඔහු පුරුෂවාදී ය යන සංකල්පය ජනිත වීම ස්වභාවික යි. කෙසේ වෙතත් මෙහි පෙන්වා ඇති සියල්ල ඇත්ත ද යන්න එනම් මෙහි දක්වා ඇති තොරතුරු මධ්‍යස්ථ භාවයකින් දක්වා ඇත්තේ ද යන්න විමසිය යුතු යි. විශේෂයෙන් ම මෙම ජාතක පොත රචනා කරන්නේ පුහුදුන් මිනිසෙක් විනා ආර්ය පුද්ගලයෙක් නො වේ. එසේ ම ඔහු ජාතක පොත ලියන විට එයට කුමක් ඇතුළත් විය යුතු දැයි යනුවෙන් කිසිවෙකුගෙන් ද ප‍්‍රශ්න කළේ නැත. ඒ නිසාවෙන් ජාතක කතා කරුවා පක්‍ෂපාතී වූවා දැයි යන සැකය මතු විය හැකි ය. සාමාන්‍යයෙන් ගිහි ජීවිතයේ නම් මව හෝ පියා උතුම් ය යන සංකල්පයක් නැත. දෙදනා ම එක සමාන යි. එහෙත් බුද්ධ සාසනය තුළ වැදගත් වන්නේ භික්‍ෂුණිය නොව භික්‍ෂුව යි. මෙයට හේතූන් බොහෝ තිබේ. මෙසේ භික්‍ෂුව උතුම් යැයි කීම අතිශයෝක්තියක් නොවන බව පෙනී යන්නේ සහේතුක ව මෙම මතය අධ්‍යනය කිරීමෙන් පමණි. කෙසේ වෙතත් ඇතැම් ස්ති‍්‍රවාදීන් ප‍්‍රකාශ කරනුයේ බුදු හිමියන් ස්ති‍්‍ර විරොධී පුරුෂවාදි බව යි. මෙය සම්පූණ_යෙන් ම මිත්‍යා දැක්මකි. මෙයට ප‍්‍රධාන හේතූන් කිහිපයකි. ජාතක කතා බොහෝමයක් දේශනා කරන්නේ ප‍්‍රධාන වශයෙන් ම භික්‍ෂූන් වහන්සේලා පදනම් කරගෙන යි. මෙයට තව හේතුවක් වන්නේ බුද්ධ ශාසනයේ පැවැත්ම තිබෙනුයේ එනම් බොහෝ සෙයින් ධර්ම ප‍්‍රචාරය වන්නේ භික්‍ෂුන් අතින් වීම ද හේතූවක් වන්නට ඇතැයි සිතිය හැකි ය. මෙම ජාතක කතා පිළිබ`ද සමීක්‍ෂණයක් කර ඇත. ඉන් පැහැදිලි වී ඇත්තේ මෙම ජාතක කතාවල ඇති ස්තී‍්‍ර විරෝධි දේශනා බොහෝමයක් දේශනා කර ඇත්තේ බුදු සසුන කෙරෙහි උකටලී වූ භික්‍ෂූන් කෙරෙහි ය යන්න යි. ඒ නිසාවෙන් ම උන්වහන්සේලා බුදු සසුනේ ර`දවා ගන්නට නම් මෙබ`දු දේශනයක් අත්‍යවශ්‍ය ම ය. විශේෂයෙන් ම භික්‍ෂූන් වහන්සේලා සසුනේ අලවන්නට ස්ති‍්‍ර විවේචනයක් අවශ්‍ය ම විය. භාරතීය සමාජයට අනුගත වීමක් මෙහි දක්නට ලැබේ. විශේෂයෙන් ම ස්ති‍්‍ර දුර්ගුණ පිළිබ`දව භික්‍ෂුව දැන සිටීම භික්‍ෂුවගේ අධ්‍යාත්මික ප‍්‍රගතිය උදෙසා වැදගත් වන්නට ඇතැ යි පසුකාලීන අටුවාචාරීන් වහ්නසේලා ද සිතන්නට ඇත. කෙසේ වෙතත් මෙසේ ස්ත‍්‍රීන් සම්බන්ධයෙන් පවතින සානුකම්පිත දෘෂ්ටිය හා ස්ති‍්‍රයගෙන් භික්‍ෂුවට සිදුවිය හැකි වැරදි ද පෙන්වා දෙන සාහිත්‍යයක් පවත්වාගෙන යාම වරදක් ලෙස පෙනෙන්නේ එ්ක පාර්ශ්වීය සංකල්පයකින් මේ දෙස බැලූවොත් පමණි. විශේෂයෙන් ම මෙම ජාතක කතාවල දී උකටලී භික්‍ෂූන් උදෙසා ස්ති‍්‍රය වර්ණනා කොට ඇත්තේ ඉතාමත් අර පරෙස්සමිනි. උදය භද්ද, අලම්බුසා, කන්හදීපාදි ජාතක කතා මීට නිදසුන් ය. ස්ති‍්‍රය පිළිබ`දව දක්වා ඇති ජාතක කතා (65* හැට පහෙන් (36* තිස් හයක්ම උකටලී භික්‍ෂූන් උදෙසා දේශනා කළ ඒවා ය. ස්ති‍්‍රයගේ දුර්ගුණ ම පමණක් නොව ගුණයන් ද මනාව වණ_නා කොට ඇත. මෙයට කදිම නිදසුන් වන්නේ ඉහතින් දක්වන ලද ජාතක කතා ය. කෙසේ වෙතත් මෙම කතාවල දී කාන්තාවගේ සදාචාරමය පැත්ත වණ_නා කොට ඇත්තේ භික්‍ෂුවගේ පැවිදි දිවියට කිසිම හානියක් නොවන ආකාරයෙනි. විශේෂයෙන් ම ඇතැම් ජාතක කතා ගිහියන් උදෙසා දේශනා කර ඇති අතර ඒවායේ ස්තී‍්‍රන්ගේ ස්ථානෝචිත ප‍්‍රඥාව, පති භක්තිය, ආත්ම ශක්තිය, කාරුණිකත්වය, පරෝපකාරයාදි ගුණයන් දක්වා ඇත. විශේෂයෙන් ම මෙම පසුබිම යටතේ දෘශ්‍යමාන වනුයේ ජාතක කතාකරු කතාවට ගැලපෙන ආකාරයෙන් සකසාගෙන ඇති බව යි. නමුත් මෙසේ බාහිරව තතු ගෙන රචනා කළ මුත් ඇතැම් ඒවා ජාතක කතාකරුගේ දෘෂ්ටිය ඉදිරිපත් කළායැයි ද සිතිය නොහැකි ය. කෙසේ නමුත් බුදුන් වහ්නසේ විසින් දේශනා කළ මේ ජාතක කතා සියල්ලෙන් ම බලාපොරොත්තු වූවේ පරාර්ථ චර්යාව යි. කෙසේ වෙතත් මෙසේ ජාතක කතාකරු ස්ත‍්‍රී විරෝධී දෘෂ්ටියකින් කතා කර ඇති නිසාවෙන් තමන් හට ප‍්‍රත්‍ය දෙන දායිකාවන් කෙරෙහි භික්‍ෂූන් වෛරී සහගත බවකුත් ද්වේෂ සහගත බවකුත් ඇති කරගන්නා බවත් ඉන් භික්‍ෂූන් වහන්සේලා මනෝ විද්‍යාත්මකව යම් පසුබෑමකට ලක්වෙන බව ඩයනා වයි පෝල් නම් බටහිර ලේඛිකාව පවසයි. + මේ පිළිබ`ද ව විමසිය යුත්තේ බෞද්ධයෙකු වශයෙන් හෝ වෙනත් ආගමිකයෙකු වශයෙන් හෝ නොව මධ්‍යස්ථ මතධාරියෙකු වශයෙනි. එසේ විමසීමේ දී විශද වන්නේ බටහිර ලේඛිකාව අන්තවාදිනියක් බව යි. ඒ නිසාවෙන් මේ ලේඛිකාවගේ මෙම මතය පිළිබ`ද දිගින් දිගට ම සාකච්ඡුා කිරීම නිරර්ථක ය යන්න මනාව පැහැදිලි ය. පුරුෂයා කෙසේ වුව ද කුමන ආකාරයේ වැරදි කළත් ස්ති‍්‍රයට වැරදි කිරීම තහනම් ය යනුවෙන් බ‍්‍රාහ්මණ සමාජයේ ස්ථිර වූ දෙයකි. ස්වාමියා එනම් පිරිමි පාර්ශ්වයේ උදවිය කවරාකාරයේ වැරදි දෙයක් කොට ගෙදරට පැමිණි පසු පා සෝදා ගත් පසු පිරිසිදු ය යන සංකල්පය අප සමාජයේ පැල පදියම් වි තිබෙන්නේ ද මෙම බ‍්‍රාහ්මණ සමාජයේ බලපෑම නිසාවෙනි. මෙම අදහස බ‍්‍රාහ්මණ සමාජයෙන් පැවැත එන නමුත් එහි අරුත් ම`ගින් පෙනෙන්නේ ස්ත‍්‍රීන්ට අවාසි සහගත පරිදි මෙම ක‍්‍රම සකස් වී ඇති බව යි. මෙම ක‍්‍රමය ස්ති‍්‍රයට අසාධාරණ ය. මන්ද ස්ති‍්‍රය අතින් යම් වැරැුද්දක් සිදු වූ පසු ඇයට පිරිසිදු විය නොහැකි ය. මෙම තත්ත්වය නූතනයේ නම් දක්නට නැත. මෙම තත්ත්වය හාත්පසින් ම වෙනස් ආකාරයට නූතනයේ දක්නට ඇත. මේ ආදි වශයෙන් කාන්තාව වි`දි අනේක දුක් ගැහැට මේ පමණක් නොව අවසන ස්වාමියා මියගිය පසු ඈ ඔහුගේ සෑයට පැනීමේ ක‍්‍රමයක් ද තිබුණේ ය. ඇයට ද ස්වාමියාගෙන් පසු ජීවිතයක් නො තිබිය යුතු යි යන්න එකල සමාජයෙන් පිළිගත්තා යැයි සිතිය හැකි ය. මෙම සිද්ධිය බ‍්‍රාහ්මණ සමාජයේ සති පූජාව වශයෙන් හ`දුන්වා ඇත. මෙම සති පූජාව සෑම කාන්තාවකට ම අයිති වූවා යැයි සිතිය නොහැකි ය, මන්ද බිසෝ වරුන්ට, එසේත් නැතිනම් රැුජිනියන්ට ද මෙම නීතිය අදාළ නූවූව යි සිතීමට කොතෙකුත් සනිදර්ශන පෙන්වා දිය හැකි ය. විශේෂයෙන් ම ස්ති‍්‍රය සම්බන්ධයෙන් මෙම වෙනස්කම්වලින් හෙළි වන්නේ කුමක්ද? මහා භාරතයේ දැක්වෙන පරිදි ප‍්‍රාථමික අවධියේ කිසිදු විභාගයකින් තොරව එනම් ලිංගික තහංචිවලින් තොරව කාලය ගෙවූ බවත් පසුකාලීන ව ඒ තහංචි පිරිමි පාර්ශ්වයට වාසි සහගත ආකාරයට සකස් වී ඇති බව පෙනී යයි. මෙම අවධියේ නම් ස්ත‍්‍රීන් දෙස පුරුෂයන් හෙළු දෘෂ්ටිය පුරුෂවාදි යැයි කීමට කොතෙකුත් උදාහරණ ඇත. විශේෂයෙන් බ‍්‍රාහ්මණ යුගයේ කාන්තාවන් මෙසේ යම් ක‍්‍රමයකට තබන්නට උත්සාහ ගෙන ඇත්තේ බොහෝ බලාපොරොත්තු සහිතව යි. ලිංගික කාර්යවලින් ඇයව සිරකොට පිරිමියාට පමණක් සෑම ලෙසකින් නිදහසේ හැසිරිය හැකි පරිසරයක් ගොඩ න`ගන්නට උත්සහ ගෙන ඇතැ යි සිතිිය හැක ය. ඊට අමතරව ඇගේ ජීව විද්‍යාත්මක අපිරිසිදු බව නිසාම ඇය පිරිසිදුව තබා ගන්නට උත්සාහ ගත්තා යැයි සිතිය හැකි ය. කෙසේ නමුත් ඇතැම් කාරණා දෙස බලන විට පෙනෙන්නේ බ‍්‍රාහ්මණයන් කාන්තාවන්් කෙරෙහි පැවැතියා වූ ජීව විද්‍යාත්මක ලක්‍ෂණ පදනම් කරගෙන ඇයගේ උච්ඡුාවචනයන් තීරණය කොට ඇති බව යි. බමුණන් විසින් කාන්තාවෝ අධ්‍යාපනික ආගමික ආදි සෑම අංශයකින් ම වියුක්ත කරන ලද්දා හු ඇයගේ මෙම අපිරිසිදුතාව නිසා ම බව විශද වන්නේ මනාලිය නග්නිකා වශයෙන් දැක්විම තුළිනි . විශේෂයෙන් ම මෙම යුගයේ කාන්තාව සියලූම අංශයන්ගෙන් දුරස්ව ගියේ බ‍්‍රාහ්මණ ආගමේ ඉගැන්වීම්වල බලපෑමට වඩා පුරුෂාධිපත්‍යය හා ලිංගික මාත්සර්ය හේතුවෙනැයි පැවසීම අතිශයෝතියක් නොවේ. විශේෂයෙන් ම කාන්තාවක් මැරීම ශුද්‍රයෙකු මැරීම හා සමාන වේ. එසේ ම ඇයගේ ලිංගික කි‍්‍රයා උදෙසා පවා අවශ්‍යතාව ලබාගෙන ඇත්තේ වහලියක ලෙසින් ය යන්න පැහැදිලි ය. බමුණෝ ස්ති‍්‍රයගේ සුළු ප‍්‍රමාද දෝෂයක් වූව ද මහත් කොට සැළකු හ. හින්දු දහමට අනුව කුල දුසක වරදක් කළහොත් ඇය දැඩි ලෙස අවමානයට පත් කර ඇත. බමුණන්ගේ තර්කයට අනුව ස්තී‍්‍රන් ස්වභාවයෙන් ම අපිරිසිදු ය. එසේම ළාමක ය. මේ දුර්ගුණ හා මායාවන්ගෙන් හෙබි කාන්තාවන්ගෙන් පිරිමියා ගැල වී සිටිය යුතු යැයි බමුණෝ කියති . පිරිමින් දුෂණයට පෙළඔවීම ස්ති‍්‍රයගේ ස්වභාවය යි. ඒ බැවින් ඤාණවන්තයින් හැම විටම ස්ති‍්‍රන් විෂයෙහි පරිස්සම් විය යුතු යි. මෙයින් ස්ති‍්‍රය යනු කවුරුන් දැයි වටහා ගත යුතු යි. කෙසේ නමුත් ගැහැණිය මේ ආකාර නම් බමුණන් මීට වඩා ගුණ ධර්ම වලින් යුක්ත විය යුතු යි. මෙහි දී කිව යුත්තේ ‘‘සෑම විද්‍යාවක ම මිත්‍යාවක් ඇතිවා සේ ම සෑම මිත්‍යාවක ම විද්‍යාවක් ඇත ය’’ යන්න යි. මෙසේ මෙම යුගයේ විසු කාන්තාව ඉතාමත් දුකසේ කාලය ගෙවූ බව ඉතාමත් පැහැදිලි ය. ඇයට සෑම ක්‍ෂේත‍්‍රයක ම තිබිය යුතු වූ ඇගේ අයිතිවාසිකම් ගිලිහීි ගොස් ඇත. විශේෂයෙන් ම මානුෂීය මට්ටමින් හෝ ස්ති‍්‍රයට ලැබිය යුතු වූ අනුකම්පාව නැති වී ගිය බව පෙනේ. මෙයට හො`ද ම නිදසුන වන්නේ පෛශාචි විවාහය යි. හුදෙක් ම මෙය ස්ත‍්‍රී ¥ෂණයක් ය යන්න පැහැදිලි ය. මෙ ම`ගින් පෙනෙන්නේ ස්ත‍්‍රී ¥ෂණය පවා තහනම් නොවූ බව යි. මේ ආදි වශයෙන් පැහැදිලිව ම පෙනෙන්නේ ඇයට උරුම විය යුතු නිදහස පුරුෂෝත්තමවාදය හමුවේ දිය වී ගිය බවකු යි. 02-03 බුද්ධ කාලීන කාන්තාව බුදු දහම යනු ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව සියලූ ම සත්ත්වයන්ට විමුක්තිය ලැබිය හැකි පොදු ධම_තාවක් සහිත උත්තරීතර ධර්මයකි. මෙසේ විමුක්තිය ලැබීමට ස්ත‍්‍රී පුරුෂ භේදයක් නැත. විශේෂයෙන් ම ස්ත‍්‍රී, පුරුෂ, බාල, මහළු, දුප්පත්, පොහොසත්, කුලීන කුලහීන භේදයකින් තොරව මෙහි විමුක්තිය දත හැකි ය. මෙවැනි දර්ශනයකින් කාන්තාවන් කෙරෙහි ලද හැකි විමුක්තිය අසීමිත ය. මෙම අසීමිත නිදහස නිසා ම නූතනයේ පමණක් නොව අතීතයේ ද එනම් බුද්ධකාලීන සමයේ කාන්තාව සුවිශාල වූ නිදහසක් ලබන්නට ඇතැ යි සිතිය හැක්කේ බුද්ධ කාලීන කාන්තාවගේ චර්යා රටාවන් අධ්‍යනය කිරීම ම`ගිනි. කි‍්‍ර.පූ පන්සිය හැටේ දී (560* පමණ නේපාලයේ දකුණු දෙස විසූ ශාක්‍ය රාජවංශයේ ජනිත සිදුහත් කුමරුන් බුද්ධත්වයෙන් සොයාගත් ධර්මය කාරණා කිහිපයක් නිසා අනික් සෑම දර්ශනයන්ට ම වඩා ඉතාමත් වේගයෙන් ජනපි‍්‍රය වන්නට පටන් ගත්තේ ය. මින් එක හේතුවක් වූයේ දැඩි නීතී මාලාවක් යටතේ එනම් කුස්සියේ මුල්ලකට සීමා වී සිටි කාන්තාවන්ට කොන්දේසි විරහිතව සමාව දීම යි. ආගම් කතුවරයකු වශයෙන් පමණක් නොව සමාජ ශෝධකයෙකු වශයෙන් ද නැ`ගි සිටි බුදුන් වහන්සේ විසින් දෙන ලද ස්තී‍්‍ර නිදහස හමුවේ බමුණු මතයන් විවේචනය වන්නට පටන් ගත්තේ ය. මේ අනුව කාන්තාව නැණවත්, මෘදු, මොළොක්, නිර්මාණශිලි කාරුණික මාතෘමය තැනැත්තියක් බව හ``දුනාගන්නට බෞද්ධයෝ පටන් ගත්තෝ ය. ඇය හා සියලූම කටයුතු කළ හැකි බවත් වැටහි ගියේ ය. කෙසේ නමුත් හින්දු ආගමේ මෙන් බෞද්ධාගමේ මාතෘත්වය දේවත්වයට නැංවීමක් දක්නට නැත. මාතෘත්වය ලෞකික තත්ත්වයකි. එම මාතෘ තත්ත්වය හේතු කොටගෙන ඇය ලෞකික ජීවිතයේ බොහෝ ගෞරවයට පත් වන්නේ ය. කාන්තාවට බුදුන් වහන්සේ විසින් ලබා දුන් නිදහස කොටස් කිහිපයකට වර්ගී කරණය කළ හැකි ය. එනම්,  මවක් වශයෙන්  භික්‍ෂුණියක් වශයෙන්  බිරි`දක් වශයෙන්  උපාසිකාවක් වශයෙන් වෙන් කළ හැකි ය. බුදුන් වහන්සේගේ බොහෝ දේශනාවලින් පැහැදිලි වන්නේ මව් පිය දෙපළ ම සම තත්ත්වයේ තබා ඇති බව යි. ‘‘මාතා පිතු උපට්ඨානං’’ යනුවෙන් මහා මංගල සූත‍්‍රයේ දැක්වෙන පාඨයෙන් පැහැදිලි වේ. එසේම බුදුන් වහන්සේ මා පිය දෙපළ ම සම ස්්ථානයේ තබා අගය කළ බැව් පහත පාඨයෙන් පෙනේ. ‘‘මහණෙනි, යම් පුත‍්‍ර කෙනෙකුන් විසින් මා පියෝ සිය නිවසෙහි පුදනු ලද්දාහු වෙත් ද ඒ කුලයෝ බ‍්‍රහ්ම සහිත ය. මහණෙනි, යම් පුත‍්‍ර කෙනෙකුන් විසින් මා පියෝ සිය ගෙහි පුදනු ලද්දාහු වෙත් ද ඒ කුලයෝ ඒ කුලයෝ පූර්වාචාර්ය සහිත යි. මහණෙනි පුබ්බාචරිය යනු මා පියන්ට නමකි. මහණෙනි ආහුණෙය්‍ය යනු ද මාපියනට නමකි. ඒ කවර හෙයින් ද යත් මහණෙනි, මා පියෝ පුත‍්‍රයන් පාලනය කරන්නාහු පෝෂණය කරන්නාහූ ලෝකය දක්වන්නා හ, දරුවන්ට බොහෝ උපකාර ඇතිය හ.’’ විශේෂයෙන් ම දෙමාපියන් දෙදනා සම්බන්ධයෙන් ඔවුන්ගේ ගුණයන් දක්වා ඇත්තේ මාතෘ මූලික හෝ පීතෘ මූලික සමාජයක් වෙත මාර්ගයන් විවෘත නොකරමිනි. මේ ආදි වූ ගුණයන්ගෙන් සුසජ්ජිත දෙමාපියෝ නුවණැත්තන් විසින් ආහාරයෙන් ද වස්ත‍්‍රයෙන් ද පානයෙන් ද යහනයෙන්ද ඇ`ග ඉලීමෙන් ද නෑවීමෙන් ද පා දෙවිමෙන් ද නමදින්නෝ ය. මේ ආදි වශයෙන් මාතෘ ගුණය බුදු දහම තුළ අවියෝජනීයව දක්වා ඇත. බුදු දහම හා මාතෘ ගුණය අතර ඇත්තේ වෙන් කළ නොහැකි සබ`දතාවකි. මෙම සබ`දතාව නිසාවෙන් ම මව් ගුණය ඉතා ඉහළින් සලකති. විශේෂයෙන් ම මවගේ අගය තේරුම් ගත් බුදුන් වහන්සේ මවට සමාජයේ උසස් ස්ථානයක් ප‍්‍රදානය කරති. සම්මානනීය අවස්ථාවක් උන්වහන්සේ දෙති. සිය නිවසේ මිතුරා මව යි. (මාතා මිත්තං සකෙ ඝරෙ* බිරි`ද සැමියාගේ පරම මිතුරා යි. (භරියා පරමා සකා* විශේෂයෙන් ම බුදුන් වහන්සේ පවා තම මවට උපස්ථානය කිරීමට දිව්‍ය ලෝකයට පවා වැඩම කළ අවස්ථාවක් බුද්ධ චරිතයෙන් පෙනේ. මේ පමණක් නොව බුදුන් වහන්සේ විසින් මව සහ පියා බ‍්‍රහ්ම, පුර්වාචර්ය, ආහුනෙය්‍ය යන පදවලින් හ`දුන්වන ලද හ. තත්කාලීන හින්දු සමාජයේ බ‍්‍රාහහ්මණයාට හිමිවූයේ විශේෂ ස්ථානයකි. බුදුන් වහන්සේ මෑණියන් ද ඒ ස්ථානයේ ලා සැලකීම තුළින් කාන්තාවට මවක් වශයෙන් ගෙදර පමණක් නොව සමාජයේත් ලබා දුන් තැන ඉතාමත් ඉහළ බව පෙනේ. මීට අමතරව සි`ගාලෝවාද සුත‍්‍රයේ දී දෙමාපියන්ට දරුවෙකුගෙන් විය යුතු යතුකම් කිහිපයක් පෙන්වා දුන්නේ ‘මාතා පිතා දිසා පුබ්බා’ යනුවෙන් මව පියා පෙර දිග දිශාව යැයි පෙන්වා දෙමින් ය.  කුලය වංශය රැුකීම  දායාද රැුකීම  ඔවුන්ගේ අත් පා ආදී මෙහෙවර කටයුතු කිරීම  දෙමාපිය පෝෂණය  මියගිය පසු පින් පෙත් අනුමෝදන් කරවීම මේ ආදි පමණක් නොව මවක් වශයෙන් සමාජයේ දිය හැකි උතුම් ම ස්ථානය වන්නේ බුද්ධ මාතා යන සංකල්පය යි. බුදුන් වහන්සේ මව පිළිබ`ද මෙවන් අදහසක් දරන්නෝ ය. ‘‘මව ඒකාන්තයෙන් දරුවන්ගේ සුභ සිද්ධිය පතන්නී යx තම දරුවන්ට ගෙදර සිටින හො`ද ම මිත‍්‍රයා මව යx තම ආදරණීිය දරුවා කෙරෙහි මව යහපත ම පතන්නී යx තම දිවි දෙවැනි කොට මව ස්වකීය දරුවා රැුක බලා ගන්නී යx මව දරුවන්ගේ පූර්වාචාර්ය යx මව පවුලෙහි නැගෙනහිර දිසාව යx මහණෙනි, ආර්ය විනයේ මව්කිරි කියා කියන්නේ ඒ මේ රුධිරයට ම යx’’ මව පිළිබ`ද ස`දහන් කරන්නා සේ ම බුදුන් වහන්සේ භාර්යාව පිළි`දව ද ස`දහන් කර ඇතx මීට අමතරව කාන්තාවක් වශයෙන් ලද හැකි සුවිශේෂී වරප‍්‍රසාදයක් වශයෙන් කාන්තා පැවිද්ද පෙන්වා දිය හැකි ය. එනම් භික්‍ෂුණියක් වශයෙන් දෙන ලද විමුක්තිය වනාහි වෙන ආගමකින් දිය නොහැකි දෙයකි. විශේෂයෙන් ම අෂ්ට ගරු ධර්ම පිළිගැනීමෙන් අනතුරුව මහා ප‍්‍රජාපති ගෝතමි දේවි ප‍්‍රධාන පන්සියයක් පමණ ස්තී‍්‍රන්ට පැවිද්ද ලබා දුන් හ. මෙසේ පැවිද්ද දීමෙන් අනතුරුව මහා ප‍්‍රජාපතිය ප‍්‍රමුඛ ස්තී‍්‍රහු රහත් භාවය උදෙසා කටයුතු කළ හ. මේ උත්සාහයත් සම`ග ම ඒ තෙරණින් වහන්සේලා සව් කෙළෙසුන් නසා රහත් තත්ත්වයට පත් වූහ. මහා ප‍්‍රජාපතිය තෙවරක් ම පැවිද්ද යාචනා කරද්දීත් එය බුදුන් වහන්සේ විසින් ප‍්‍රතික්‍ෂේප කළේ ස්ත‍්‍රීන් පහත් නිසා යැයි කෙනකුට සිතිය හැකි ය. මේ මතය සම්පූර්ණයෙන්ම වැරදි ය. මෙසේ පැවිද්ද නීතී රීතී විරහිතව දීම උන් වහන්සේ ප‍්‍රතික්‍ෂේප කළා යැයි සිතිය හැකි ය . මීට අමතරව මේ කාලය වන විට නිගණ්ඨනාථ පුත්තගේ සාසනය ද කාන්තාවන් නිසා යම් යම් ගැටළුකාරී තත්ත්වයන් උද්ගත වී ඇති අයුරු ද බුදුන් වහන්සේ නොදැන සිටියා යැයි විය නොහැකි ය. එසේ ම මෙම කාලය යනු ස්තී‍්‍රන් අතිශයින් ම පහත් කොට සැළකු කාලයකි. ඒ අනුව මෙම කාලය බ‍්‍රාහ්මණ සමාජය පුරුෂාධිපත්‍යට නතු වූ කාලයක් බැවින් මෙම කාලය තුළ කාන්තාවන්ට පිරිමි හා සමානව වරප‍්‍රසාද දීම සම්බන්ධයෙන් දෙවරක් සිතා බැලිය යුතුම ය. මීට අමතරව ස්ත‍්‍රීහු පැවිදි කිරීම සම්බන්ධයෙන් බුදුන් වහන්සේට පවා සමාජ අපවාදයන්ට ලක්වන්නට සිදුවිය හැකිව තිබිණි. මේ ආදි වශයෙන් කරණු ද කාන්තාවන් පුරුෂයන් සමීපයේ තැබීමෙන් ඇතිවන්නා වූ යම් යම් සබ`දතා නිසා විමුක්ති මාර්ගයට යම් විපතක් විය හැකි ය යන්න බුදුන් වහන්සේ සිතුවා විය හැකි ය. අෂ්ට ගරු ධර්ම විචාරය කරන බොහෝ දෙනා වර්තමාන මානසිකත්වයෙන් අතීතය ස්පර්ශ කරති. මෙම අෂ්ට ගරු ධර්ම දෙස බැලිය යුත්තේ එකල පැවැති සමාජයට සාපේක්‍ෂව යි. කෙසේ නමුත් යම් යම් සම්මතයන්හි පිහිටා ස්ති‍්‍රයට පැවිද්ද දීම අතිශයින් ම ප‍්‍රඥා පූව_ කි‍්‍රයාවක් බව පෙනේ. මෙම අෂ්ට ගරු ධර්මයන් වූ කලී භික්‍ෂූණීන්ගේ හික්මීම උදෙසා ම දී ඇත. අෂ්ට ගරු ධර්ම පහත පරිදි පෙන්වා දිය හැකි ය.  උපසම්පදාවෙන් සියක් වසක් සපිරුණු භික්‍ෂුණියක් වුව ද එදින උපසම්පදා වූ භික්‍ෂුවට ගරුකළ යුතු යි, වැ`දිය යුතු යි  භික්‍ෂූන් වහන්සේගේ ආරාමයක් ඉදිරිපිට භික්‍ෂුණියක් විසින් වස් නොවිසිය යුතු යි  මසකට දෙවරක් භික්‍ෂූන් වහන්සේ හමුව උපදෙස් ලබා ගත යුතු යි  වස් පවාරණයේ දී තමන් අතින් සිදු වූ අතපසු වීමක් හෝ වරදක් වී නම් ඒ ස`දහා භික්‍ෂූන්ගේ මෙන් ම භික්‍ෂූණී සංඝයා ද ක්‍ෂමා කරවාගත යුතු යි  තමන් අතින් යම් විනය විරෝධි කි‍්‍රයාවක් සිදු වූයේ නම් භික්‍ෂු භික්‍ෂුණි සංඝයා ඉදිරියේ ක්‍ෂමා කරවා ගත යුතු යි  වසර දෙකක් පමණ සිල් සමාදන් වීමෙන් පසු උභතෝ සංඝයා ඉදිරියේ උපසම්පදාව ඉල්ලිය හැකි ය  කිසිදු භික්‍ෂුවකට දෝෂාරෝපණය හෝ භික්‍ෂුවකගේ නුගුණ නොකිව යුතු යි  භික්‍ෂුණියක් භික්‍ෂුවකට උපදෙස් නොදිය යුතු යි. භික්‍ෂුණිය භික්‍ෂුවගෙන් උපදෙස් ගත යුතු යි මීට අමතරව බුද්ධ කාලීන භාරතීය සමාජයේ ස්ති‍්‍රයගේ යථාර්ථය තේරුම් ගැනීමට ථේරි ගාථා අගනා මූලාශ‍්‍රයක් වේ. අනාථ ව සිටි බොහෝ කාන්තාවන් පැවිදි වී රහත් බව ලැබූ ආකාරය මින් පෙනේ. මේ පමණක් නොව රජ මාළිගයේ සිට සැඩොල් කුලය දක්වා පැවිද්ද කැමැති බොහෝ ස්ති‍්‍රහු පැවිදි වූවෝ ය . භාරතීය කාන්තාව පිළිබ`දව අපක්‍ෂපාතී ව අවධානය යොමු කිරීමේ දී ඇයට බුදු දහමින් ලැබිය හැකි ඉහළම පිළිසරණ අත් වූ බව පැහැදිලි වේ. එලෙස විමුක්තිය ලබා ගත් භික්‍ෂූණින් වහන්සේලාට ද විවිධ වූ තනතුරු හමුවේ අග‍්‍රස්ථාන බුදුන් වහන්සේ විසින් ම දෙන ලදි. අග තනතුරු ලත් භික්‍ෂුණීන් වහන්සේලා කිහිප දෙනෙක් මෙසේ පෙන්වා දිය හැකි ය.  මහා ප‍්‍රජාපතී ගෝතමි තෙරණීය - චිරරාත‍්‍රඥාවන් අතර අග‍්‍රස්ථානය  ඛේමා තෙරණිය - නුවණැතියන් අතරින් අග‍්‍ර  උත්පලවන්නා තෙරණිය - සෘද්ධිමතියන් අතරින් අග‍්‍ර  පටාචාරා තෙරණිය - විනයධාරාවන් අතරින් අග‍්‍ර  ධම්මදින්නා තෙරණිය - ධර්ම කථිකාවන් අතරින් අග‍්‍ර මෙසේ කාන්තාවට බුදු දහමින් හිමි වූ විමුක්තිය කෙසේ ද යන්න ඉහත ස`දහන් කාරණා ම`ගින් ද යම් නිශ්චයකට එළඹිය හැකි ය. බුදු දහමේ පැවිදි බව ලත් සෑම කාන්තාවක් අතුරින් එක් අංශයකට සුවිශේෂි වූ භික්‍ෂුණියක් සිටියා ය. ඇය මෙසේ බුදුන් වහන්සේගෙන් අග‍්‍රස්ථායිකා තනතුර ලබාගෙන ඇත. කෙසේ වෙතත් කාන්තාව එකල බුද්ධි හීන අයකු සේ සැලකූ බව දිනක් සෝමා තෙරණියගෙන් මාර තෙමේ ඇසු ප‍්‍රශ්නයෙන් අවබෝධ කරගත හැකි යx එහි දී මාරයා ප‍්‍රකාශ කරනුයේ, ‘‘ඉසිවරුන් විසින් ලැබිය යුතු දුලබ වූ යම් පදවියක් වේ ද දෑ`ගුල් නුවණ ඇති ස්ත‍්‍රිය විසින් එය ලැබිය හැකි නොවේ’’ එහි දී මේ ස`දහා සෝමා තෙරණිය ලබාදුන් පිළිතුර වූයේ, ‘‘ඉත්ථිභාවෝ කිං කයිරා - චිත්තම්හි සුසමාහිතො ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතෝ’’ සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි මනාකොට දහම් දන්නහු නම් ස්ත‍්‍රී භාවය කුමක් කෙරේ ද’’ ස්ත‍්‍රිත්වය අධර්ම යැයි ද පුරුෂ බව උත්තම යැයි ද පැවසීමට මෙම සූත‍්‍ර විවිරණ අනුව අවකාශ නොලැබේx ස්ත‍්‍රි - පුරුෂභාවයත් දෙක ම කර්ම දායද යි. බුදුදහම තුළ කාන්තාවට හිමි ස්ථානය පිළිබ`ද සාවද්‍ය මත දෙකක් ඉදිරිපත් වි ඇතx එනම්,  බුදුරජාණන් වහන්සේ කාන්තාව පිළිබ`ද එතරම් අවධානයක් යොමු නොකළ බවත් ඇය නොසලකා හැරීම හෝ පිළිකුලට ලක් කිරීම උන්වහන්සේගේ ස්ථාවරය වූ බවත් ය.  ලොව පහළ වූ පැරණිතම ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපාරයක් හැටියට බුදුදහම හ`දුනා ගත හැකි බවත් බොහෝ කරුණු අතින් බුදුදහම අධ්‍යතන ස්ත‍්‍රී විමුක්ති අරගලයට සමාන බවත් යx මෙහි ස`දහන් පළමු මතය පිළිබ`ද අදහස් දක්වන ‘‘ඒxඑස්x අල්ටෙකාර්’’ ප‍්‍රකාශ කරනුයේ තපස් චර්යාව අගය කරන ඉගැන්වීමක් හැටියට බුදු දහම කාන්තාවගේ යුතුකම් හා පරමාදර්ශ ගැන එතරම් උනන්දුවක් දක්වා නැති බව යx තාපස චර්යාව අනුමත කොට අනුගමනය කරනු ලබන ආගමිකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකි බව ඔහුගේ අදහස වේ x දෙවන මතය පිළිබ`ද අදහස් දක්වන ග්‍රොස් දැඩිව ප‍්‍රකාශ කර සිටිනුයේ පීතෘ මූලික සමාජයකට අභියෝගයක් එල්ල කරන දැවැන්ත ව්‍යාපාරයක් බව යx ඇය එහි දී සදෘශ්‍යතා 4ක් පිළිබ`ද කරුණු දක්ව යිx  බුදුදහමත් ස්ත‍්‍රී විමුක්ති ව්‍යාපාරයත් අනුභූතියෙන් පටන් ගනී  බුදුදහමත් ස්ත‍්‍රී ව්‍යාපාරයත් යන දෙකට ම ප‍්‍රතිලෝම වීමේ අභිලාෂය සහ ප‍්‍රයත්නය එක් පරිදි ඇත  මේ ව්‍යාපාර දෙක ම සම්ප‍්‍රදායට හා න්‍යාය ධර්මයට වඩා අත්දැකීමට ප‍්‍රමුඛත්වයක් දීමට කැමැත්තක් දක්වන අතර විමුක්තිය සාධනයට හෝ බාධනයට මානසික නිර්මාණ බලපාන්නේ කෙසේදැ යි ගැඹුරින් සොයා බලීමට උත්සුක වේx  බුදුදහමත් ස්ත‍්‍රි විමුක්ති ව්‍යාපාරයත් යන දෙක ම විශ්වාස කරන්නේ අපගේ පැවැත්මේ බලාපොරොත්තුව වන නිදහස මානව සන්ධිස්ථානයේ අනුභුතියේ සන්ධිස්ථානයක් කියා යx මෙලෙස සාදෘශ්‍යතා සතරක් දක්වමින් ප‍්‍රකාශ කර සිටිනුයේ බුදුදහමත් අද්‍යතන ස්ත‍්‍රී වා්‍යපාරයත් අනන්‍ය වන බව යx අපි මෙහි දී උක්ත මතවාද දෙක බුදුදහම තුළ දක්නට නොමැති බවත් එම මතවාද කාන්තාවටත් බුදුදහමටත් සංදිට්ඨික ප‍්‍රතිඵලයක් හිමි නොවන බව අවධාරණය කිරීමට යත්න නො දරන්නෙමුx මන්ද මුලින් දක්වා ඇති කාරණ ද්වය ම බුදු දහමට අදාළ නොවන නිසාවෙනි. බුදුදහම තුළ කාන්තාවට හිමි තත්ත්වය අවබෝධ කරගැනීමට ප‍්‍රාග් බෞද්ධ හා බුද්ධකාලීන භාරතීය සමාජය කාන්තාව අගය කළේ කුමන ආකාරයකින් දැයි සොයා බැලීම මෙහි දී වැදගත් වේx ‘‘ස්වභාව එව නාරීනම් නරානාං ඉහ ¥ෂණම්’’ ‘‘ නාස්ති ස්ත‍්‍රිනාං පෘතග් යඥෙ - න ව‍්‍රතං නාප්‍යුපොෂථම් පතිම් ශ‍්‍රැශ‍්‍රෑෂයතේ යෙන - තෙන ස්වර්ගේ මහීයතෙ’’ ‘‘යං තං ඉසීහි පතතබ්බං ඨානං දුරභිසම්භවං නං තං ද්වාංගුලපඤ්ඤාය සක්කාය පප්පොතුමිත්‍ථියා’’ මනුස්මෘති නම් හින්දු නීති ග‍්‍රන්ථයේ පස්වන හා නවවැනි පරිච්ඡෙදවල සංග‍්‍රහ වී ඇත්තේ අනාදිමත් කාලයක සිට භාරතීය සමාජය කාන්තාව කෙරෙහි දැක්වූ දෘෂ්ටිය බැවින් බුද්ධ කාලයේ ද ඉන් පෙර ද කාන්තාව අගය කෙරුණේ කෙසේ දැයි එම විස්තරය බලා අවබෝධ කර ගත හැකි යx ස්ත‍්‍රිය පුරුෂයා ¥ෂණය කරන බව එකල පැවති මතය වියx කුඩා කල පියා ද යෞවනයෙහි ස්වාමියා ද මහලූ කළ පුතා ද ආරක්ෂා කරන බැවින් කාන්තාව ස්වතන්ත‍්‍රභාවයට සුදුසු නොවේ යැයි ප‍්‍රකාශ කෙරුණිx ඇයට ආගමික ජීවිතයක් නැතැ යි පිළිගැනුණිx ස්ත‍්‍රියට අයිති යඥයක් හෝ ව‍්‍රක්තයක් හෝ උපෝසථයක් නැතැ යි ද ඇයට ස්වර්ගයට යා හැක්කේ ස්වාමියාට කීකරු වීමේන් පමණැකැ යි ද මනුස්මෘතියේ ස`දහන් වේx දෑ`ගුල් නුවණ ඇති ස්ත‍්‍රියට සෘෂිවරුන් විසින් ආයාසයෙන් ලබා ගත් උසස් තැනක් ලැබිය නොහැකි යැයි සෝමා භික්ෂුණියට මාරයා කළ ප‍්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ එදා කාන්තාව පිළිබ`ද තිබූ සමාජමය ස්වාභාවය නොවේ ද? ගැහැනු දරුවකුගේ උපත පිරිමි දරුවකුගේ උපත තරම් උත්සවශ‍්‍රීයට සහ සතුටට හේතු නොවූ බව තෛත්තිරීය බ‍්‍රාහ්මණයේ සදහන් වේx එමෙන් ම පිරිමි දරුවකු ලබා ගැනීම ස`දහා ජප කළ මන්ත‍්‍ර ද ඉටු කළ යුතු පුද සිරිත් ද අථර්ව වේදයේ ස`දහන් වේx ඓතරේය බ‍්‍රාහ්මණයට අනුව පිරිමි දරුවා පවුලක සියලූ අභිමතාර්ථ සාධනය කරන අතර ගැහැනු දරුවා අනවශ්‍ය බරක් පමණක් වේ. මෙකී ද්වීතීයික තත්ත්වයක් එකල කාන්තාවන්ට හිමි වියx ස්ත‍්‍රිය නිර්මාණය කරන ලද්දේ පුරුෂයාගේ ඉල ඇටයකිනැ යි ක‍්‍රිස්තුදේව ධර්මයේ එන දේව නිර්මාණ කථාවේ ස`දහන් වේx හින්දු දේව නිර්මාණ කථාවේ දී ද පළමුවෙන් ඉදිරියට පැමිණෙන්නේ මනු නම් තත්ත්වය යටතේ ස්ත‍්‍රිය ද්වීතීයික නිර්මාණයකිx ඇයට කේසේවත් පුරුෂාධිපත්‍යය ඉක්මවා සිටිය නොහැකි යx එය සර්වබලධාරී ලෝක නිර්මාපක දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපෑමකිx මෙකී සාමාජික හා ආගමික පසුබිමක් තුළ සිට බුදුසමය කෙසේ කාන්තා සමානාත්මතාව සුරැුකුවේදැ යි විමසා බලමුx අග්ගඤ්ඤ සූත‍්‍රයේ ස`දහනට අනුව මෙහි පැමිණි සත්ත්ව විශේෂය අලිංගිකයන් වේx ස්ත‍්‍රි - පුරුෂ භේදය පහළ වන්නේ එක්වර ම යx පුරුෂයා ප‍්‍රථමයෙන් ද ස්ත‍්‍රිය දෙවනුවෙන් ද නොව, සත්ත්ව විශේෂය තුළ ලිංග භේදය සමාන්තරව එක ම මොහොතේ සිදු වූ බව අග්ගඤ්ඤ සූත‍්‍ර තුළ ස`දහන් වේx මෙම`ගින් පුරුෂයාට මූලිකත්වය හා ප‍්‍රමුඛත්වය පිරිනමන, ස්ත‍්‍රියට දිවීතීයිකත්වය ආරෝපණය කරන මැවීමේ න්‍යාය බුදුදහම එක හෙලාම ප‍්‍රතික්‍ෂේප කරයිx ඇය දෙවන පෙළ පුරවැසියකු කිරීමේ න්‍යායික පදනමක් බුදුදහම තුළ කිසිසේත් අන්තර්ගත නොවේx බෞද්ධ සමාජ ස්ථරායණය තුළ බෞද්ධයෝ ලෞකික සහ ආධ්‍යාත්මික යනුවෙන් කොටස් දෙකකට වර්ග කරතිx ලෞකික බෞද්ධ සමාජය භික්‍ෂු - භික්‍ෂුණි, උපාසක - උපාසිකා වශයෙන් චතුර්විධ යx ආධ්‍යාත්මික බෞද්ධ සමාජය පෘථග්ජන සහ ශ‍්‍රාවක යනු විසින් ද්විධ යx ස්ත‍්‍රි පුරුෂ සමානත්වය දෙස න්‍යායික වශයෙන් බැලීමට මෙම ස්ථරායණය තුළ දරන ප‍්‍රයත්නය, අනෙක් කිසිදු ආගමක දක්නට නොලැබේx ‘‘ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් විශේෂයෙන් ප‍්‍රවේදිත ධර්ම විනයෙහි පැවිද්ද ලැබීමටත් සෝතාපත්ති ඵලය, සකදාගාමි ඵලය, සහ අරහත් ඵලය, ලැබීමට ස්ති‍්‍රයට හැකි යx’’ භික්ෂු - භික්ෂුණි, උපාසක - උපාසිකා යන සිව්වනක් පිරිසට තනතුරු ප‍්‍රදානය කිරීමෙන් එම සමානත්වය තවදුරටත් තහවුරු කිරීමට බුදුන් වහන්සේ පියවර ගත් හx විශේෂයෙන් ම භාර්යාවක් වශයෙන් ද කාන්තාව බුදු හිමියන් විසින් අගය කරන ලදි. භාර්යාව යනු යහපත් භාර්යාව බව මෙහි දී වටහා ගත යුතු යි. භාර්යාව කරුණු පහකින් ස්වාමිපුරුෂයාට අනුකම්පා කරන්නී යx කෙනෙකුට සිටිය හැකි හො`දම මිත‍්‍රයා භාර්යාව යx බස්නාහිර දිසාව භාර්යාව යිx පන්සිල් රකින දසපින් කි‍්‍රයාවන්හි යෙදෙන භාර්යාව දෙව`ගනකිx ‘‘වධකභරියා, චොරභරියා, ස්වාමිභරියා, මාතුභරියා, භගිනිභරියා, සඛිභරියා දාසිබරියා’’ යන ක‍්‍රම සතෙන් එකක පිහිටා භාර්යා තනතුර දැරීමේ ශක්‍යතාව ස්ත‍්‍රියට ඇතx මෙම භාර්යාවන්ගේ ලක්‍ෂණ ද උන් වහන්සේ දක්වා ඇත. මෙසේ මෙම ලක්‍ෂණ ද හ`දුනා ගැනීම ම`ගින් නියම බිරි`ද කවරෙක් ද යන්න හ``දුනාගත හැකි ය.  වධක භාර්යාව නිතර ක්‍රෝධයෙන් පසුවන, කිපෙන සුලූ, තම සැමියාට අවනතිය ම පතන, බාහිර පුරුෂයන් හා මිතුරු, තම සැමියාට නො සලකන, ඉඩක් ලදහොත් සැමියා මරා දැමීමට පවා පසුබට නොවන යම් ස්ති‍්‍රයක් වේ නම් ඇය මෙම භාර්යාව යි.  චෝර භාර්යාව යම් ස්ති‍්‍රයක් සැමියා උපයන දෙය සොරකම් කරයි නම් ඇය මේ භාර්යාව යි.  ස්වාමි භාර්යාව අලස, රළු, කිපෙන සුලූ, පරුෂ වචන තෙපළන, සැමියා හා පවුලේ අනිත් අය යටත් කර ගැනීමට උත්සහ කරන කාන්තාව මෙම පාර්ශ්වයට අදාළ ය.  මාතෘ භාර්යාව යම් ස්ති‍්‍රයක් සැමියා කෙරෙහි සෙනෙහෙවත් ද මවක් මෙන් සලකන්නී ද, සැමියා උපයන දේ ආරක්‍ෂා කරන්නී ද ඇය මේ භාර්යාව වේ.  භගිනි භාර්යාව යම් ස්ති‍්‍රයක් සැමියාගේ වැඩි මහල් සොහොයුරිය මෙන් හැසිරෙන්නී ද, භක්තිමත්, ලැජ්ජාශීලී වන්නී ද ඒ භාර්යාව මෙම භාර්යාව වේ.  සඛී භාර්යාව යම් ස්ති‍්‍රයක් කලකින් හමුවන මිතුරියක් දක්නා විටක මෙන් ප‍්‍රීති වන්නී ද, පවුලේ නම්බුව හා සම්ප‍්‍රදාය ආරක්‍ෂා කරන්නී ද ඇය සඛී භාර්යාව නම් වන්නේ ය.  දාසි භාර්යාව යම් ස්ති‍්‍රයක් සැමියා විසින් පහර දුන්න ද, බැන වැදුන ද, කෝප නොවන්නී ද, සමාව දෙන්නී ද, භක්තිමත් දාසියක මෙන් සියලූම අවශ්‍යතා ඉටු කරන්නී ද ඇය දාසි නම් භාර්යාව වන්නීය. මානවවාදී දර්ශනයක් වන බුදු දහමේ ස්ති‍්‍ර-පුරුෂ විභේදනය තිබුණ ද ස්ති‍්‍රයට ද පුරුෂයාට ද වෙනම ම සුවිශේෂී වූ වත් පිළිවෙත් දක්වා ඇතත් කිසිවෙකු උස් පහත් කොට නැත. විශේෂයෙන් ම කාන්තා විමුක්ති ව්‍යාපාරය අරගල තුළින් යන ගමනක් දක්නට ඇත. බෞද්ධ සාහිත්‍යයේ ද වනිතා විමුක්ති අරගලයක් දක්නට ඇත. මෙහි දී තේරුම් ගත යුත්තේ මේ පළමු ව්‍යාපාරය සාර්ථක වූයේ පිරිමි පාර්ශ්වයේ සහයෝගයෙන් බව යි. මින් පෙනෙන්නේ බුදු සමයේ වනිතාවෝ පිරිමින් සම`ග වත් පිළිවෙත්වල යෙදී ඇති බව යි. ඇතැම් ආගම්වල මෙන් පුණ්‍ය කර්මවලින් ස්තී‍්‍රන් වෙන් කිරීමක් බෞද්ධ සංස්කෘතියේ නැත. විශේෂයෙන් ම ස්ති‍්‍රයට පුරුෂ මානසිකත්වය ඇතිකරගත් විට පුරුෂයෙක් විය හැකි බව සූත‍්‍ර පිටකයේ දීඝ නිකායේ සක්ක පඤ්ඤ සුත‍්‍රයේ දක්වයි. මෙයින් අප තේරුම් ගත යුත්තේ කිසිම ස්ති‍්‍රයකට සදාකාලික ව ස්ති‍්‍රයක් වී සිටීමට අවශ්‍ය නො වන බව යි. බුදු සමය වනිතාව සම්බන්ධයෙන් දක්වන මූලික ප‍්‍රබුද්ධ ආකල්ප කිහිපයක් වෙයි.  ඇය මාතෘත්වය හේතු කොටගෙන අතිශය ගෞරවාදරිියට සම්මානයට පත් වන්නී ය  ඇයගේ ආධ්‍යාත්මිකත්වය ඉතා ප‍්‍රබල ය  විවාහ ජීවිතයෙන් පරිබාහිර ව ඇයට කාර්යභාරයක් ඇත. මීට අමතර ව පුරුෂයාගෙන් කාන්තාවකට විය යුතු යුතුකම් ද පෙන්වා ඇත. බුදුන් වහන්සේ මින් බලාපොරොත්තු වී ඇත්තේ ද කාන්තාව හා පුරුෂයා සම තැන්හි තැබීම යි. මෙම යුතුකම් දෙස බැලීමෙන් ඒ බව තවදුරටත් විශද වේ. යුතුකම් රාශියක් සි`ගාලෝවාද සූත‍්‍රයේ දී පෙන්වා දී ඇත.  භාර්යාවට ගරු සැලකිලි දැක්වීමෙන්  ආචාරශීලි බව  විශ්වාශදායක බව  ගෘහ සංවිධානය භාර දීමෙන්  වස්ත‍්‍රාභරණාදිය සපයා දීමෙන් මෙසේ එක් පැත්තකට පමණක් වගකීම් පවරා නො දුන් බුදුන් වහන්සේ දෙපක්‍ෂයට ම අදාළ යුතුකම් හා වගකීම් පෙන්වා දී ඇත. විශේෂයෙන් ම බමුණන් මෙන් බුදුන් වහන්සේ එක් පක්‍ෂයකට පමණක් වගකීම් හා සීමා පවරා නැත. උන් වහන්සේ ස්වාමියාට ද, බිරි`දට ද එක හා සමාන ව දෙදෙනා වෙනුවෙන් වගකීම් හා යුතුකම් ඇති බව පෙන්වා දුන් හ. විශේෂයෙන් ම මෙම කරුණු පසක් වන එක් කාරණයක් නම් කාන්තාව සක‍්‍රීය සමාජ සාධකයක් බවට පත් කිරීම රටක සුභ සාධනය තහවුරු කිරීමේ ක‍්‍රියාවලියේ දී අත්‍යවශ්‍ය බව මුල් බුදුසමය අවධාරණය කළ ඇති බව යx සමකාලීන සමාජය ම`ගින් අත් පා බැ`ද ස්වාමිපුරුෂයාගේ දාසියක ලෙස මුලූතැන් ගෙයි ස`ගවා ගෙන සිටි ස්ත‍්‍රිය සමාජගත කොට (ිදජස්කස‘්එසදබ* ඇගේ ශක්‍යතා ද දක්ෂතා ද පමණක් නොව, ඇගේ සමාජ උපයෝගිතාව ද භාරතීය සමාජයට මතක් කොට දුන්නේ බුදුන් වහන්සේ යx මීට වර්ෂ දෙදහස් හයසියකට පමණ පෙර බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළේ එක් පුරුෂයෙකුට එක් ස්ත‍්‍රියක් පමණක් භාර්යා තනතුරේ තබා ගැනීිමේ අයිතිය පැවරෙන විවාහ සංස්ථාවකිx බුදුන් වහන්සේ පහළ වීමට පෙර භාරතයේ පිළිගෙන තිබුණේ බහුභාර්යා විවාහ ක‍්‍රමය යිx මනුස්මෘතියේ එක් තැනක ස`දහන් වන්නේ බමුණෙකුට භාර්යාවන් තිදෙනෙක් ද, ක්‍ෂති‍්‍රයයෙකුට භාර්යාවන් දෙදෙනකුත් තබා ගත හැකි බව යx වෛශ්‍යයන්ටත් ශුද්‍රයන්ටත් එක් භාර්ය සේවනය එහි දී නියම කොට ඇතx බුදුදහම මෙම පිළිවෙතට විරුද්ධ ප‍්‍රතිචාරයක් දක්වමින් ස්ත‍්‍රියකගේ ගෞරවය ආරක්ෂා කිරීමට කි‍්‍රයා කළ බව ථෙරී ගාථා පාලියෙහි පැහැදිලි ව ස`දහන් වේx සිගාලෝවාද සූත‍්‍රයේ එන ‘‘සාමිකෙන භාරියා පච්චුපට්ඨාතබ්බා සහ භරියා සාමිකං අනුකම්පති’’ යන වාක්‍යවලින් නිර්දේශ කරන්නේ එක ස්වාමිපුරුෂයෙකුත් එක භාර්යාවත් යx අංගුත්තර නිකායේ එක් තැනක බිරියන් සතර දෙනකු සම`ග විසූ ගෘහපතියකුගේ දුක්ඛිත ජීවිතය නිරූපණය කරමින් බුදුරදුන් පිරිනමන ආදර්ශය එක් බිරියක සම`ග ජීවත් වීමේ අනුසස් විය යුතු යx එම නිකායේ තවත් ස්ථාන දෙකක උග්ග නම් ගෘහපතියා බුදුසසුනෙහි පැහැද තමන්ට අයත් භාර්යාවන් අතහැරීම ප‍්‍රාතිහාර්යක් ලෙස දක්වා තිබේx මනුස්මෘතියේ එක් තැනක මෙසේ ස`දහන් වේx ‘‘ස්වාමිපුරුෂයා අශීලාචාර විය හැකි යx එහෙත් භාර්යාවගේ යුතුකම ඔහු එන තුරු බලා සිටීම යx ඔහුට දෙවියෙකු මෙන් ගරු සැලකිලි දැක්වීම යx’’ මෙවැනි සමාජ අසාධාරණ ප‍්‍රතිපත්ති තුළින් කාන්තාව නිදහස් වූයේ බුදුදහමේ තුන්වන ශික්ෂා පදයට ලබා දී තිබූ ස්ථාවර මතය නිසා යx සීලයෙහි ස්තී‍්‍ර - පුරුෂ භේදයක් නැතx පර ස්ත‍්‍රිය කරා යාම මෙන් ම පර පුරුෂයෙකු කරා යාමත් එකසේ ම වැරදි යx පූර්ව විවාහ සම්භෝගය ස්ත‍්‍රියට මෙන් ම පුරුෂයාට ද තහනම් යx ස්ති‍්‍රයට පමණක් සීමා වූ ලිංගික තහංචි පැනවීම බුදුසමය එකලා ම ප‍්‍රතික්‍ෂප කර යිx බුදුසමය කාන්තාව පිළිබ`ද දක්වන ආකල්පය නිවැරදි ලෙස තේරුම් ගත හැක්කේ බුද්ධකාලීන කාන්තාව පිළිබ`ද නිවැරදි අවබොධයක් ලබා ගැනීමෙන් පසුව යx සෘග්වේද සංහිතාවේ ස`දහන් වන ආකාරයට පුරාණ වෛදික යුගයේ ස්ත‍්‍රියට යම් ගෞරවණීය ස්ථානයක් ලබා දී තිබුණිx සෘෂිකා හෝ බ‍්‍රහ්මවාදි වැනි නම්වලින් හ`දුන්වනු ලැබූ ‘‘වශවාරා, ඝෝෂා, අපාලා, රොමාසා, ලෝපාමුද්‍ර’’ වැනි කාන්තාවෝ වෛදික සුක්ත රචනයෙහි පවා යෙදුණා හx බුදුසමයේ කාන්තාව ලබා සිටි ස්ථානය පිළිබ`ද විමර්ශනයක යෙදෙන මහාචාර්ය ලිලී ද සිල්වා ශතපථ බ‍්‍රාහ්මණයෙහි ස`දහන් සිදුවීම් ගණනාවක් දක්වමින් කාන්තාවගේ තත්ත්වය බ‍්‍රහ්මණ යුගයේ දී පරිහානියට පත් වූ බව පෙන්වා දෙයිx ස්ති‍්‍රයගේ තත්ත්වය යළි උසස් බවට පත්වූයේ උපනිෂද් යුගයේදී යx ශ‍්‍රමණ සම්ප‍්‍රදායයෙහි ද ස්ත‍්‍රියට නිදහස හිමි බව පිළිගැණිනිx නමුත් බුදුන් වහන්සේ පහළ වන අවධිය වන විට ස්ති‍්‍රයට ස්ථාවර තත්ත්වයක් නොතිබිණිx ජීවිත කාලය තුළ ම ස්ත‍්‍රියට කවුරුන් හෝ යටතේ විනා ස්වාධීන ව සිටීමේ අවකාශය නොතිබිණිx ස්ති‍්‍රයට හිමිව තිබූ ස්ථානය පිළිබ`ද යම් වැටහීමක් ඇති කර ගැන්ම ස`දහා සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයෙහි එන සිදු වීමක් මෙසේ ගොණු කළ හැකි යx ‘‘ඉත්ථිපි එකච්ඡීයා - සෙයේ‍යා් පෝස ජනාධිප මෙධාවිනි සීලවති -සස්සු දෙවා පතිබ්බතා තස්සා යො ජායතී පොසො- සුරෝ හො දිසම්පති තාදිසා සුභගියා පුත්තො-රජ්ජම්පි අනුසාසති.’’ ‘‘මහරජතුමනි, ඇතැම් ස්ත‍්‍රියක් පිරිමියකුට ද වඩා ශ්‍රේෂ්ඨ යx ඇය පෝෂණය කරන්නx නුවණැතිව සිල්වත්ව ද වැඩෙන ඇය පතිවත රකින යහපත් බිරිදක් ව වෙසෙයිx ඇය ලබන පුතෙක් දක්ෂයෙක් වෙයි. හෙතෙම රාජ්‍යානුශාසනා කරන්නෙක් ද වේx’’ බොහෝ විචාරකයන්ගේ අවධානයට ලක් වූ මෙම ස`දහන ආශ‍්‍රයෙන් බුදුසමය ස්ති‍්‍රය කෙරෙහි දැක්වූ සැබෑ ආකල්පය කිමෙක් ද යන්න අවබෝධ කර ගත හැකි යx මනුස්මෘතියේ ස`දහන් වන ‘‘නාස්ති ස්ත‍්‍රිනාං පෘථග් යඤො න ව‍්‍රතං නාප්‍යුපොෂථම් පතිං ශුශ‍්‍රෑයතෙ යෙන තෙන ස්වර්ගෙ මහීයතේ’’ කාන්තාවගේ පූජා විධි සම්බන්ධයෙන් යම් තොරතුරක් මෙහි සොයා ගත හැකි ය. එහි දක්වා ඇත්තේ ද මධ්‍යස්ථ විමර්ශනයකින් නොවේ ය යන්න මනාව පැහැදිලි ය, ‘‘කාන්තාවට වෙනම කළ හැකි යඤ්ඤයක් ව‍්‍රතයක් හො උපෝසථයක් නැතx ස්වාමියාට කීකරු වීමෙන් පමණක් ස්වර්ගයෙහි සම්මානයට පාත‍්‍ර විය හැකියx’’ මෙම ප‍්‍රකාශ යළි යළිත් බුදුදහම ඔස්සේ විවේචනයට ලක් වියx කාන්තාව හැසිරිය යුතු ආකාරය පිළිබ`ද ඇතැම් තැනක ඇති ප‍්‍රකාශ ස්වාමි පුරුෂයාට සම්පූර්ණයෙන් ම ඇය යටත් විය යුතු බව දැක්වේx මේ පිළිබ`ද ජේx හැරිස් අංගුත්තර නිකායෙන් හා විමාන වත්‍ථුවෙන් නිදසුන් දක්වා පෙන්වා දෙමින් තවදුරටත් ප‍්‍රකාශ කරනුයේ සිගාලෝවාද දිසා නමස්කාරයේ අයිතිවාසිකම් සහිත ගෞරවණීය තත්ත්වයකින් සැලකෙන උසස් සමාජ ධර්මතා අනුව ඇගයෙන කාන්තාවක බව ඈ ඍජුව ප‍්‍රකාශ කර සිටින්නී යx මේ බව තහවුරු කිරීමට චතුර්විධ බුද්ධ ශ‍්‍රාවක පිරිස (චතුපරිසා* යන බෞද්ධ සංකල්පය වැදගත්කොට සලකයි. මහාචාර්ය රාහුල හිමියන් දක්වන ආකාරයට සිගාලෝවද සූත‍්‍රයෙහි ස`දහන් වන (නමස්සෙය්‍ය* යන වචනය ඔස්සේ ප‍්‍රකාශ කරනුයේ භාර්යාව ද ස්වාමියාගේ නමස්කාරයට භාජනය විය යුතු බව යිx අඹු සැමි සම්බන්ධතා පිළිබ`ද ස`දහන් වන තවත් සුත‍්‍ර දෙකක් සංවාස සූත‍්‍ර නමින් අංගුත්තර නිකයේ ඇතුළත් වේx මේ පිළිබ`ද අදහස් දක්වන ලිලී ද සිල්වා මේ සූත‍්‍ර පිළිබ`ද මෙසේ විග‍්‍රහ කරනු ලබයිx බුදුරජාණන් වහන්සේගේ මෙම අදහස්වලින් පෙනී යන්නේ ලිංගිකත්වයට සහජයෙන් ආවේණික වූ උසස් පහත් බවක් නොමැති බව යx උසස් පහත් බවට ඇති නියම සාධක ගුණ නුවණ ඇති නැති බව යx එහෙයින් දේවත්වයට හෝ නීචත්වයට ඇති හිමිකම් ස්ති‍්‍ර පුරුෂ දෙපක්ෂයට ම සම සම යx විශේෂයෙන් ම දරුවන් පිළිබ`ද ස`දහන් කිරීමේ දී දුව පුතා යන ලිංගිකත්වය ප‍්‍රකාශ වන වචන වෙනුවට ත‍්‍රිපිටක ග‍්‍රන්ථ ‘‘පුත්තිමා’’ යන්න යොදා ඇතx සාමාවති හා කානා හදාගත් දරුවන් සේ සැලකේ. දියණිකට සුවිශේෂී තත්ත්වයක් බෞද්ධ පවුලක තිබුණු බව මින් පැහැදිලි වේx භාර්යාවගේ යුතුකම් වඩාත් විස්තරාත්මකව දැක්වෙන ‘‘උග්ගහ සූත‍්‍රයේ ‘කිංකාර පටිස්සාවිනියෝ’ ’‘වශයෙන් සිදු කරනු ලබන ස`දහන ආර්ථිකය විෂයයෙහි කාන්තාවගේ වගකීම තවදුරටත් විස්තර කරයිx සිය සිරුර ද තමන්ට අයිති නැතැ යි ශතපථ බ‍්‍රාහ්මණයෙන් නිගරු ලැබූ ගැහැණිය කෙසේ දේපල හිමිකමක් බලාපොරොත්තු වන්නේ ද? එහෙත් බෞද්ධ සමාජයේ කාන්තාවට ස්වකීය ම වූ දේපල අයිතිය පිළිගැණින. මහාචාර්ය නන්දසේන රත්නපාල ථෙරිගාථා අට්ඨකථාවෙන් ද මේ කරුණ සාකච්ඡුා කරනු ලබයිx විශේෂයෙන් ම කාන්තාවක් වීම නිසාවෙන් ම ආවේණික දුක් වි`දින්නට ඇයට සිදු වේ. මෙයට බොහෝ ස්ති‍්‍රවාදිනියන් විරුද්ධ ය. එහෙත් මෙහි දී කීමට අවශ්‍ය වන්නේ කාන්තාවගේ ජීව විද්‍යාත්මක පිහිටීම සම්බන්ධව යි. මෙය පුරුෂ පාර්ශ්වයෙන් අත්කර දුන් දුකක් නො වේ. මෙසේ ස්ති‍්‍රයක් වීම ම`ගින් ම ලැබෙන දුක් සම්බන්ධව සංයුක්ත නිකායේ ආවේනික දුක්ඛ සුත‍්‍රයේ දක්වා ඇත.  යොවුන් වියේ දී ම පතිකුලයට යන්නට සිදු වීම තුළින් නෑදැයින්ගෙන් වෙන්ව වාසය කරන්නට සිදු වීම  ඇයට මාසික සෘතුවීම පිළිබ`ද දුකට මුහුණ දෙන්නට සිදු වීම  ගැබිණියක් ව වාසය කරන්නට සිදුවීම ද සුවදායක නොවේ.  දරු උපතට මුහුණ දෙන්නට සිදු වීම ද බොහෝ වේදනාකාරි සිද්ධියකි  පුරුෂයෙකුගේ අත් පා මෙහෙවර කරන්නට සිදු වීම ද දුකකි. මෙසේ දුක් වි`දීම කාන්තාවට ආවෙණික දෙයකි. මේ දුක් කිසිවෙකුට වූපසමනය කළ හැකි විනා දුක් වලින් මිදවිය නො හැකි ය. මෙසේ දුක් වි`දි කාන්තාව කෙරෙහි අනුකම්පාවෙන් ඇගේ විමුක්තිය සැලසූ වෙන කිසිදු ශාස්තෘවරයෙක් නැත, බුදු හිමියන් හැරෙන්නට මේ තුන් ලෝකයේ. මීට අමතර ව බුදුන් වහන්සේ විසින් ස්තී‍්‍රන්ට ලබා දුන් නිදහස උපාසිකා පාර්ශ්වයෙන් ද බැලිය හැකි ය. ඇය උපාසිකාවක් වශයෙන් ද බොහෝ නිදහසක් වින්දා ය. විශේෂයෙන් ම විවිධ කාන්තාවෝ උපාසිකාවන් අතුරෙන් අග‍්‍රස්ථායි උපාසිකාව වශයෙන් උපහාර ලැබුවා ය. ඒ අතරින් කිහිප දෙනෙක් මෙසේ දැක්විය හැකි ය.  සුජාතා සිටු දියණිය - සරණ ගියවුන් අතුරෙන් අග‍්‍ර ය  විශාඛා සිටු දියණිය - දායිකාවන් අතුරෙන් අග‍්‍ර ය  උත්තරා - ධ්‍යානයේ ඇළුන අය අතරින් අග‍්‍ර ය  නකුල මාතා - විශ්වාශ ඇතියවුන් අතරින් අග‍්‍ර ය  ඛුජ්ජුත්තරා සිටු දියණිය - බහුශ‍්‍රෑතාවන් අතරින් අග‍්‍ර ය මෙසේ කාන්තාවන් විවිධ වූ ක‍්‍රම ම`ගින් ඇගයීම් කිරීීම ම`ගින් පැහැදිලි වන්නේ කාන්තාවක් වශයෙන් ඇය වි`දි සුවිශේෂි බව යි. මෙසේ මෙම නිදහස වෙනත් කිසිම ආගමක හෝ ශාස්තෘ වරයෙක් විසින් දී නැත. බුදු දහම කාන්තාවට සමතැන දී ඇති බව ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසිද්ධ ස්ති‍්‍රවාදී විචාරිකාවක වන හේමා ගුණතිලක පවසයි. ‘‘ස්ති‍්‍රයගේ තත්ත්වය දිනෙන් දින පහළ යමින් පවතින යුගයක ඇයට ලබා දී ඇති ස්ථානය ගෞරවාන්විත ය’’. එසේ ම කාන්තාවගේ ගුණ එකොළහක් ද උන් වහන්සේ විසින් පෙන්වා දෙන ලදි. ඒ නිසා ම උන් වහන්සේ වෙනත් කිසිදු ශාස්තෘවරයකු නො දුන් ආකාරයේ ස්වාධීන බවක් කාන්තාවට දී ඇතැ යි වනිතාවාදිනියක වන හේමා තුණතිලක පවසන්නී ය. ඇයගේ මෙම ප‍්‍රකාශය වැදගත් වන්නේ ඇය ස්ති‍්‍රවාදිනියක් වන නිසා ය. මෙසේ මේ කාරණා දෙස මධ්‍යස්ථ ව බැලීමේ දී කාන්තාවන් උදෙසා උපරිම නිදහසක් වෙන කිසිදු යුගයක නොතිබුණු තරමට තිබී ඇති බැව් මනාව පෙනේ්. විශේෂයෙන් ම වෙන කිසිදු යුගයක නොවූ තරම් බොහෝ අභියෝග හමුවේ නොසැලී කාන්තාවන් උදෙසා විමුක්තිය ලබා දුන් අයුරු මනාව පැහැදිලි වේ. 02-4 කාන්තා අයිතිය හා ඇගේ කාර්යභාරය හා වගකීම් පුරාතන කාන්තාවගේ සමාජ තත්ත්වය බ‍්‍රාහ්මණ මතවාද හා ඉගැන්වීම් තුළින් පරිහානියකට නැතහොත් පහතට වැටී තිබූ යුගයක ස්ත‍්‍රියට ගෞරවණීය ස්ථනයක් ඇති කර ගැනීමට අදාළ න්‍යායාත්මක පසුබිමක් මෙන් ම ප‍්‍රායෝගික කි‍්‍රයාදාමයක් බුදුදහම තුළින් හ`දුන්වා දීම කාන්තා අයිතිවාසිකම්වල සුවිශේෂ කඩ ඉමක් සනිටුහන් කරයිx එමෙන් ම කාන්තාවගේ විමුක්තිය ස`දහා ද ආගමික හා සමාජමය වශයෙන් නව අර්ථකථනයක් ලබා දුන් දහමක් ලෙසින් බුදුසමයට අද්වීතිය ස්ථානයක් හිමිව ඇතx භාරතීය වෛදික යුගයේ දී කාන්තාව විෂයයෙහි ලබා දී තිබූ ගෞරවණීය තත්ත්වය පසු කාලීන බ‍්‍රාහ්මණ හා ධර්ම ශාස්ත‍්‍ර යුගයන්හි පිරිහී ගිය බව පැහැදිලි කරුණකිx වෛදික යුගයේ කාන්තාව ආගමික හා අධ්‍යාපනිකම වශයෙන් සැලකිය යුතු නිදහසක් හා අයිතිවාසිකම් සමූහයක් භුක්ති වින්ද බවට සාක්ෂි ඇතx වේදය ඉගැනුමට මෙන් ම වේද සුක්ත රචනයට පවා ඇය සහභාගි කරවාගෙන ඇතx විශ්වවාරා, සිකතා, නිවාචාරි, ඝෝෂා, ලෝපමුද්‍ර හා අහලා වැනි කාන්තාවන් මෙසේ සෘග්වේද රචනා කළවුන් අතර ප‍්‍රධාන වේx එහෙත් පසුකාලීන සමාජය වන විට කාන්තාව සතු අධ්‍යාපන අයිතිය බමුණන් විසින් පැහැර ගැනුණු අතර බ‍්‍රාහ්මණ න්‍යාය ග‍්‍රන්ථවලින් කාන්තාවගේ බුද්ධිමය තත්ත්වය අවඥාවට ලක් කර ඇති අතර අධ්‍යාපන අයිතියත් ඇයගෙන් ඉවත් කර ඇතx මනුස්මෘතියේ පැහැදිලිව ම වේදාධ්‍යයනය ස්ත‍්‍රියට අනවශ්‍ය බව දක්වා ඇතx විවාහය හැර අන් කාර්යයන් සඳහා කාන්තාවට මන්ත‍්‍ර අවශ්‍ය නොවන බව දැක්වීමෙන් බුද්ධිමය කාර්යයන් ස`දහා ඇයට තිබූ අවස්ථාව අවම කිරීමට කටයුතු කර ඇති බව පැහැදිලි යx එමෙන් ම සමාජමය වශයෙන් ද ඇය හිරකාරියකගේ තත්ත්වයට ඇද දැමී යx ස්ති‍්‍රය කෙරෙහි අවිශ්වාසයක් ඇති කළ අතර ඇය දැඩි රැුකවරණයක් යටතේ තැබිය යුතු ය යන ආකල්පය ද සමාජය තුළ ගොඩනැගුණිx කාන්තාව කිසිදු වයසක දී ස්වාධීනත්වයට භාජනය නො කළ යුතු බවටත් උතුම් කුලයක උපන්නත් රූසපුවෙන් හා පරිවාර ජනයාගෙන් අනූන වුව ද සිය චර්යාවන් වෙනස් කරලීමට ඇය අකමැති බවටත් ඔවුන්ට වඩා වෙනත් පාපී දෙයක් නොමැති බවත් භයංකර බවටත් භයානක ගුණාංගයන්ගෙන් පිරිපුන් බවටත් තමා සම`ග ලිංගික කාර්යයන් ස`දහා එකතු වන්නාට තරම් වෙනස් කෙනෙකුට ඔවුන් කැමති නොවන බවටත් කාන්තාවන් හදි හූනියම් හා සමාන බවටත් මහාභාරතය ස`දහන් කරයිx මේ කරුණුවලින් පෙනී යන්නේ සමකාලීන සමාජය තුළ කාන්තාවගේ තත්ත්වය මෙන් ම එම සමාජ ආකල්ප මෙවැනි බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථ ම`ගින් තවදුරටත් තහවුරු කරලීමට ක‍්‍රියා කර ඇති බව යිx ස්ති‍්‍රියට වෙන ම යාගයක් හෝ උපෝසථයක් නො මැති බවත් ස්වාමියාට උපස්ථාන කිරීමෙන් පමණක් ඔවුන්ට ස්වර්ග මාර්ග සලසා ගත හැකි බවත් දක්වමින් කාන්තාව පුරුෂාධිපත්‍ය ඉදිරියේ තවදුරටත් බමුණන් විසින් අසරණ බවට පත් කරන ලදිx ස්ත‍්‍රිය චපල, දුශ්ශීල, ඊර්ෂ්‍යයා සහගත බවත් දියණියන් ඉපදීම පවා අභාග්‍යයක් වේ යන මට්ටමට ඇගේ සමාජමය තත්ත්වය ද්වේශ සහගත ලෙසින් අවමානයට ලක්කිරීම බ‍්‍රාහ්මණ සමාජය සූදානම් ව සිටි බව පැහැදිලි යx ස්ත‍්‍රියගේ උපත මවගේ පියාගේ හා සැමියගේ පවුල් තුනට ම අභාග්‍යයක් එලවන්නක් බව මහාභාරතය ස`දහන් කිරීමෙන් ඒ සදහා න්‍යායත්මක පදනමක් ලබා දීමට ගත් උපක‍්‍රමයන් කවරේ ද යන්න තේරුම් ගත හැකි වේx එමෙන් ම ඇය කාමුකත්වයෙන් පිරුණු තැනැත්තියක් යන අදහස නිරතුරුව ම මතු කිරීමට ද බ‍්‍රාහ්මණ සමාජය උත්සහ ගැනීම ඇය කෙරෙහි යහපත් සමාජ ප‍්‍රතිරූපය බිඳ වැටීමට හේතුවක් වියx ගින්නට කෙතරම් දැව දැම්ම ද සියල්ල පිලිස්සී යයිx මුහුදට කෙතරම් ගංගා වැටුණ ද තෘප්තියක් නො ලබයිx ස්ත‍්‍රිය ද කොතරම් පිරිමි ලැබුණ ද තෘප්තිමත් නොවේx යන මහාභාරතීය ප‍්‍රකාශයෙන් කාන්තාව අතෘප්තිමත් ආශාවන්ගෙන් නිරතුරුව පෙළෙන්නියක ලෙසින් හුවා දක්වා ඇතx මේ නිසා ඇය කුඩා අවධියේ පියා යටතේත් තරුණ අවධියේ ස්වාමියා යටතේ හා මහලූ වියේ දී පුතුන් යටතේ ද විසිය යුතු යන න්‍යාය මනුධර්ම ශාස්ත‍්‍රයෙන් මතු කිරීමෙන් ඇය නිරතුරුව ම වරදේ බැෙ`දන තැනැත්තියක් බවත් රැුකවරණ මැද ඇය රැුක බලා ගත යුතු ය’ යන සංකල්පයත් සමාජගත කිරීමට අනුබලයක් ඒ ම`ගින් ලබා දී ඇතx එමෙන් ම කාන්තාව විසින් පැවැත්වෙන යාග හෝම දෙවියන්ට අප‍්‍රිය බවත් එසේ කරනු ලබන කාන්තාවන් අපාගත වන බවත් මනුු විසින් පෙන්වා දීම තුළින් කාන්තාවගේ ආගමික නිදහස කෙතෙක් දුරට බ‍්‍රාහ්මණ සමාජය විසින් නිර්දය ලෙසින් පැහැරගෙන තිබුණේ ද යන්න නිර්ණය කළ හැකි වේx වෛදික යුගයේ දී ශුභවාදි ආකල්පයක් දැරූ කාන්තාවගේ සමාජමය තත්ත්වය ආගමික මතවාද ඔස්සේ ක‍්‍රමයෙන් පැහැර ගැනීමට ලක් වන අතර ඇය සමාජයේ අසරණියකගේ තත්ත්වයට වැටණු බව මෙම සාක්ෂ්‍ය ම`ගින් පැහැදිලි යx බුද්ධකාලය වන විට කාන්තාවගේ තත්ත්වය ශෝචනීයත්වයට පත්ව තිබූ බව ථෙරිගාථා තුළ ස`දහන් තොරතුරු තුළින් සනාත වන කරුණකිx ඒ අනුව බ‍්‍රාහ්මණ සමයෙන් මතු කළ අදහස් නිසා කාන්තාව අත්වි`දි දුක් අපමණ යx එබ`දු සමාජ පසුබිමක් යටතේ පුරුෂ පක්ෂයට පමණක් නොව කාන්තාවට ද විමුක්තිය ලද හැකි බව පෙන්වා දෙමින් පුරුෂ පක්ෂයට මෙන් ‘භික්ෂුණී හා උපාසිකාව’ යැයි තනතුරු ඇති කරමින් ඇයගෙන් ගිලිහී ගොස් තිබූ මානව අයිතීන් නැවත ලබා දෙමින් ඔවුන්ට ද සමාජය තුළ ප‍්‍රගතිශිලී මං හෙළි කරන ලද්දේ බුදුදහම තුළින් බව පැහැදිලි යx ජෛනාගමික මතවාදයන් ද, බ‍්‍රාහ්මණ ඉගැන්වීම්වලට එරෙහිව කාන්තාවට ආගමික සහනශිලීත්වයක් ඇති කිරීමට අදාළ පරිසරය නිර්මාණය කිරීමට දායක වියx එහි දී ඇයට ශාසනය තුළ පැවිදිවීමේ වරය ලබා දුන් අතර ස්ති‍්‍රයක වන බැවින් මෙ ආත්මය තුළ කෛවල්‍ය ඥානය නො ලද හැකි බවත් මතු භවයක පිරිමි ආත්මයක ඉපිද එය ලද හැකි බවත් ඉගැන්වීමෙන් කාන්තාවගේ සමාජ තත්ත්වය වර්ධනය කළ අතර ඇගේ ස්වාධීන චින්තනයට ම`ග ජෛන දහමින් ලබා දීමට කටයුතු කර ඇතx ලෝක නිර්මාණ අවධියේ සිට ම කාන්තාව ගැන කථා කරන බුදුදහම අග්ගඤ්ඤ සූත‍්‍රයේ දී පැහැදිලිි ව දක්වනුයේ මුල දී ලිංග භේදයක් නො තිබුණු බව යිx ස්ත‍්‍රී පුරුෂ ලිංගික සම්බන්ධය පසුව දෙදනාගේ කැමැත්ත මත සිදු වූවක් බව යx මෙම`ගින් ස්ත‍්‍රි පුරුෂ සම්බන්ධය මතු කොට ඇති අතර කාන්තාව පාපීය යන්න හෝ ඇගේ අවශ්‍යතාව මත පමණක් ලිංගික සබ`දතා සිදු වූවක් ද යන අදහස් බැහැර කරන අතර ලෝක නිර්මාණයේ දී අනෙකුත් ආගම්වල ස්ත‍්‍රියට හිමි කර ඇති දෙවැනි තැනින් ඇය මුදවා ගැනීමට ද අදාළ න්‍යායාත්මක පසුබිම බුදුදහම තුළින් මතු කොට තිබේx නිරතුරු ව වරදෙහි බැෙ`දන බුද්ධි හීන පාපී තැනැත්තියක බවට පත් කොට සිටි කාන්තාවගේ බුද්ධිය, නැවතත් බුදුදහම ඇගයුමට ලක් කෙරිණිx ඇයට සැනසුම් මාවතක් බුදුදහමේ පහසින් විවිර කර ගත හැකි වියx සමාජ සාධාරණත්වයට හා කම්පාවට පත්ව අනුකම්පා විරහිත ව මිය යාමට සිටි ‘පටාචාරාව, කිසාගෝතමිය හා රජ්ජුමාලව’ වැනි අසරණියන්ට අනුකම්පාවේ පහස ලැබ ශාසන දායාදයට උරුමකම් කියමින් විමුක්ති ම`ග හෙළි කර ගැනීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේගේ අපරිමිත කරුණාවෙනිx කාන්තාවගේ අයිතිය තහවුරු කර දීමට හා බුද්ධිමය අවකාශය සකසා ගැනීමට බුදුදහමින් සුවිශේෂ වූ අනුබලයක් ලැබුණු බව සූත‍්‍ර පිටකයෙන් පැහැදිලි යx ස්ත‍්‍රියකට වුව ද ස්ත‍්‍රී මානසිකත්වයෙන් මිදී පුරුෂ මානසිකත්වයක් ඇතිකර ගත් විට පුරුෂභාවයක් ලද හැකි බව දීඝනිකයේ සක්කපඤ්හ සූත‍්‍රය දක්වයිx මෙම`ගින් ඉස්මතු වන්නේ කාන්තාවගේ මානසික ශක්තිය පුරුෂායට නො දෙවෙනි බව යx පුරුෂයකුගේ පරම මිතුරිය වනුයේ සිය බිරි`ද බව බුදුරදුන් විසින් දේශනා කරනු ලැබීමෙන් ද කාන්තාව පුරුෂ පක්ෂය අතර අවමානයකට හෝ පහත් තත්ත්වකට ඇද වැටීමෙන් මුදවාගෙන ඇතx එමෙන් ම මවක ලෙසින් ගෞරවණීයත්වයක් ඇයට හිමි කරදීම තුළ කාන්තාවගේ සමාජ තත්ත්වය තවත් අතකින් ශත්තිමත් කොට ඇතx මව පියා සමානත්වයකින් දරුවන් වෙත යුතුකම් කළ යුතු අතර දරුවන් විසින් ද මවුපියන්ට සමානත්වයකින් පෙරළා අදාළ යුතුකම් ඉටු කළ යුතු බව යx මවට තව ආකාරයටත් පියාට තව ආකාරයටත් ලිංගිකත්වය මත සැලකුම් දැක්වීමක් බුදු දහමින් අවධාරණය නො කරන අතර දෙදෙනාට සම අයිතීන් හා සම සැලකුම් දැක්විය යුතු බව පෙන්වාදීමෙන් පුද්ගල සමානාත්මතාව ද සමාජය තුළ තහවුරු කර ඇතx එමෙන් ම පඤ්චානන්තරිය කර්මයන්හි ද මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝභේදය, බුදුරදුන්ගේ ඇගේ ලේ සෙලවීම යන කරුණු එක සමාන දිට්ඨධම්මවේදනීය අකුසල් ලෙසින් දැක්වීමෙන් මව පිළිබ`ද ව සමාජ ආකල්පය වර්ධනය කරන අතර කාන්තාවගේ ගෞරවණීයත්වය ගැන සමාජමය දැක්ම තීව‍්‍ර කර තිබේx එසේ ම කාන්තාවගේ උපත මවට පියාට අශුභයක්, අභාග්‍ය සම්පන්න සිදුවීමක් ලෙසින් අර්ථ ගන්වා තිබූ සමාජයකට කාන්තාව එසේ නොවන්නියක් බව ප‍්‍රායෝගිකව ඔප්පු කිරීමට බුදුරදුන් සමත් වීම කාන්තාව ලත් මහ`ගු වරප‍්‍රසාදයකිx දිනක් බුදුරදුන්ගේ සමීපතමයෙකු වූ කොසොල් මහරජු සිය දේවිය වූ මල්ලිකා විසින් දියණියක් ප‍්‍රසූත කළ බව අසා මහත් කම්පාවට පත් වූයේ එදවස පැවති සමාජ ආකල්පය මත යx එම පණිවිඩය රජු වෙත ලැබුණේ බුදුරදුන් හමුවීමට ගොස් සිටි අවස්ථාවක දී යx පණිවිඩය අසා මහත් කම්පාවට පත් වන රජු දකින බුදුරජාණන් වහන්සේ රජු අමතා කළ මේ ප‍්‍රකාශය වනිතාවගේ ශක්‍යතාව කුමක් ද? යන්න පෙන්වාදීමක් වියx එනම් ‘‘මහරජ, කාන්තාව ශ්‍රේෂ්ඨ ය. පෝෂණය කරනු මැනවිx නැදි මයිලන් දෙවිකොට සලකන පතිව‍්‍රතාව මනාව සුරකින කාන්තාව උතුම් යx සමහර කාන්තාවන් පුත‍්‍රයන්ට වඩා ශ්‍රේෂ්ඨ යx නුවණැති කාන්තාව රටක් පාලනය කිරීමට දක්ෂ පුතුන් බිහි කිරීමට ද සමත් වන්නී ය’’ යනුවෙන් කළ ප‍්‍ර‍්‍රකාශය සමකාලීන සමාජ මත ඛණ්ඩනය කිරීමක් වූ අතර කාන්තාවගේ සිල්වත් බව ගුණවත් බව වර්ධනය කිරීමට ම`ග පෙන්වීමක් වූ අතර ඇයගේ ධෛර්යවන්තකම දියුණු කිරීමට ධනාත්මක න්‍යායක් ද ඒ තුළ අන්තර්ගත යx ශුද්‍රවංශික කාන්තාවක වූ මල්ලිකා දේවිය කොසොල් රජුගේ මෙහෙසියක මෙන් ම ඔහුගේ උපදේශිකාවක් වූවා යx නිරතුරු ව රජු වෙත එළඹී නොයෙක් ප‍්‍රශ්න නිරාකරණ ස`දහා ඇය බුද්ධිමත් කාන්තාවක ලෙසින් ඉදිරිපත් වූවා යx දිනක් සිහින දහසක් දැක මහත් බියට පත් රජු බමුණන්ගේ උපදෙස් මත දහස් සංඛ්‍යාත සතුන් ඝාතනය කොට මහා යාගයක් පැවැත්වීමට සූදානම් වූ අවස්ථාවේ එයින් රජු ගලවාගෙන එහි යථාර්ථය රජුට පැහැදිලි කර දෙනු ලැබුවේ ද මැය විසිනිx රජු පවත්වන ලද අසදෘශ මහා දානයේ සියලූ සංවිධානයන් ක‍්‍රමවත්ව හා විධිමත්ව සකසන ලද්දේ ද ඇයගේ උපදෙස් මත යx මෙලෙසින් රාජ මෙහෙසියක් වීමට හෝ බුද්ධිමත් තැනැත්තියක් ලෙසින් රජුට උපදෙස් දීමට ඇයට උපත හෝ කුලය කිසිදු බාධාවක් නොවී යx එලෙසින් ඇයට රජු ඉදිරියේ කටයුතු කිරීමට අදාළ පරිසරය නිර්මාණය වූයේ ද බුදුදහමින් ඇති කළ සමාජ පසුතලය බව පැහැදිලි යx උදේනි නුවර සාමාවති මෙහෙසියගේ වැඩකාරියක වූ ඛුජ්ජුත්තරාව ද බුදුදහමින් ශික්ෂිත බවට පත් තැනැත්තියකිx දිනක් මල් ගෙන ඒමට ගොස් බුදුරදුන්ගෙන් දහම් අසා සෝවාන් ඵලයට පත් ඇය පෙරළා පැමිණ තමා අසන ලද දහම් එලෙසින් ම සාමාවති මෙහෙසිය අතුළු පන්සිය දෙනෙකු හමුවේ දේශනා කරමින් ඔවුන් හට ද නිවන් දොරටුව විවිර කර දීමට සමත් වූ අතර ඒ ම`ගින් ඇගේ බහුශ‍්‍රැත බව කෙතෙක් ද යන්න නිර්ණය කිරීමට පිළිවනx එමෙන් ම මාතිකා මාතාව ද තමාට කර්මස්ථාන ලබාදුන් භික්ෂුවට පෙර භාවනා කොට අනාගාමි ඵලයට පත් වීම ද කාන්තාව බුද්ධිමය අතින් පිරිමි පක්ෂයට නො දෙවෙනි තැනක් ලබා ගත හැකි තැනැත්තියක බව ප‍්‍රායෝගිකව ඔප්පුකොට ඇතx බුදුදහමේ ඇසුරත් සම`ග ආගම දහම හා ජීවත් වූ විශාඛා ව සත් හැවිරිදි වියේ දී සෝවාන් ඵලය ලබාගත් තැනැත්තියකිx බුදුරදුන් ඇසුරෙන් ලත් ශික්ෂණය හා බුද්ධිය සිය විවාහයෙන් පසු ස්වාමියගේ පක්ෂයේ නැදි මයිලන් ප‍්‍රමුඛ මිසදිටු ගත් නෑ සමූහයා සම්‍යක්දෘෂ්ටිකයන් බවට හැරවීමටත් එනිසා ඇය පවුලේ බුද්ධිමත් ම කාන්තාව බවට පත්වීමටත් අවස්ථාව ලබා ගත්තී යx එසේ ම ගෘහයට පමණක් සීමා වී සිට කාන්තාවට සමාජයේ ඉදිරියට පැමිණ බුද්ධිමය පරිසරයකට ප‍්‍රවේශ වීමට බුදුදහමින් ලබා දුන් නිදහස නැවතත් වනිතා පරපුරක් බිහිකිරීමට පමණක් නොව, සමාජ තලයේ ඉහළ ස්ථාවරයක් කරා ඇයට පිය නැගීමට අනුබලයක් ද වියx ඇතැම් කාන්තාවන් බුදුරදුන් සම`ග ධර්ම සාකච්ඡුා පවා පැවැත්වීමට තරම් බුද්ධිමය වශයෙන් ඉදිරියට පැමිණි ආකාරය බෞද්ධ ඉතිහාසය තුළ අන්තර්ගත යx සැවැත් නුවර විසූ සුමනා නම් කාන්තාව සිය මිතුරියන් වූ වෙනත් කාන්තාවන් පන්සිය දෙනකු සම`ග ජේතවනාරාමයට ගොස් බුදුරදුන් සම`ග ධර්ම සාකච්ඡුා පවත්වා තිබේx එමෙන්ම රජගහනුවර චුන්දි නම් කාන්තාවක් එලෙසින් ම කාන්තාවන් පන්සිය දෙනකු සම`ග බුදුරදුන් වෙත පැමිණ ධර්ම සාකච්ඡුා පවත්වා සිය දැනුම දියුණු කරගෙන ඇතx මෙම තොරතුරු කාන්තාව සිය අයිතීන් දිනා ගැනීමට මෙන්ම බුද්ධිමය අවකාශය පුළුල් කිරීමට ගත් ප‍්‍රයත්නයන් සේ අගය කළ හැකි අතර බ‍්‍රහ්මණ සමාජය එදා සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් ඇතිකොට තිබූ මිථ්‍යා මතයන්ට ප‍්‍රායෝගික ක‍්‍රියාදාමයක් තුළින් පිළිතුරුදීමක් සේ ද පෙන්වාදිය හැකි වේx කාන්තා සමාජය දෙස දයානුකම්පාවකින් බැලිය යුතු බව පසක් කරලීම අරබයා ඇය විසින් වි`දින ආවේණික දුක්ඛයන් පසක් ගැන බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ආවේනික දුක්ඛ සුත‍්‍රයේ දී පෙන්වා වදාළ හx එ බැවින් මෙම කරුණු ආවේනික දුක්ඛයන් වන බැවින් ඇය අනුකම්පා සහගත තැනැත්තියක් බවත් එබැවින් හිංසනයෙන් තවදුරටත් පීඩනයට පත් නො කළ යුතු ය යන අදහසත් ඉන් ගම්‍ය කරයිx විශේෂයෙන් පුරුෂයන්ගෙන් ස්ත‍්‍රියට වන ගෘහස්ථ හිංසනයෙන් ඇය මුදවා ගැනීමට හා ඇගේ කායික හා මානසික සුවය ඇයට ලබා දීමට මේ තුළින් අපේකෂිත යx සිය ගෘහයේ මවක මෙන් ම මිතුරියක් ද වන බව ‘‘මාතාමිත්තං සකේ ඝරේ’’ පෙන්වාදීමෙන් ඇය දරුවන්ගේ මෙන් ම ස්වාමියගේ ද මවක් හා මිතුරියක් බවට පත් කිරීම මත කාන්තාවට සිය ගෘහය තුළ සාමකාකාමිව විසීමටත් ඇයට ගෘහස්ථය තුළ වැඩි බලතල හා කාර්ය කොටසක් හිමි කරමින් ඇයගේ මානව අයිතීන් සුරක්ෂිත කිරීමට මෙම`ගින් මං විවර කොට තිබේx එක් ගිලන් වූ භික්ෂුවකගේ රෝගී තත්ත්වය සුව කිරීම ස`දහා සුප්පියා නම් උපාසිකාව සිය කලවායෙන් මස් කපා එයින් පානයක් සකස් කරන ලද බව ද එක් කතා පුවතක දැක්වේx ‘‘මල්ලිකා, සිරිමා, සාමාවති, කාණමාතා, බන්දුල මල්ලිකා’’ වැනි කාන්තාවන් බුදුසසුනේ පැවැත්ම අරබයා මහත් කැපවීමකින් කටයුතු කළ අතර නිරතුරුව ම එහි අභිවෘද්ධිය ප‍්‍රාර්ථනය කරමින් කටයුතු කළ බව සූත‍්‍ර ධර්ම තුළින් පැහැදිලි වේx මෙ ලෙසින් කාන්තාව ආගමික වශයෙන් ලත් ශික්ෂණය සමාජගත කරමින් ආගමට පමණක් නොව, සමාජයට මෙහෙවරක් කිරීමට ඉදිරිපත් වීම කාන්තාවගේ සමාජමය හැකියාව ප‍්‍රදර්ශනය කිරීමක් වන අතර සමාජ ශුභසාධනයට මහත් උපකාරයක් ද වියx සමාජය තුළ සුචරිතවත් ව ඉදිරියට ඒමටත් ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමටත් සමාජමය වශයෙන් කාන්තාවගේ අයිතීන් සුරැුකීමටත් කටයුතු කළ යුතු ආකාරය කෙසේ ද යන්න පිළිබ`ද ව බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති දේශනාවන් තුළින් පෙනෙන අතර එම`ගින් මානව ක‍්‍රියාකාරිත්වය උන්වහන්සේ වටහාගනු ලබුවේ කෙසේ ද යන්න මතු කරලීමට ද හැකි වේx එසේ ම හැම තැන්හි ම පුරුෂයන් පමණක් පණ්ඩිත නො වන බවත් ‘‘නසො සබ්බෙසු ඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ’’ ස්ත‍්‍රින් ද ඒ ඒ තැන්හි දී පණ්ඩිතයන් වන බව ‘‘ඉත්ථිපි පණ්ඩිතා හොන්ති තත්ථ තත්ථ විචක්ඛනා’’ කළ දේශනය කාන්තාව සම්බන්ධයෙන් වැදගත් යx බුදුරදුන්ගේ දේශනයන් තුළින් මෙන් ම ප‍්‍රායෝගිකව ද කාන්තාවන්ට ආගමික නිදහස හිමි කර දීමෙන් ද ඇය නුවණින් අඩු හැ`දිමිටේ නුවණ ඇත්තියක් නො වන නිසා ද පසක් කළ හැකි විචාර බුුද්ධියෙන් හෙබි තැනැත්තියක් යැයි පෙන්වා දීමෙන් ඇයට සමාජය හිමිකර දී තිබු අවමානය අවම කළ අතරම නිදහස් හා නිවහල් සරල දිවියකට පිවිසීමට හා ආත්ම ගෞරවයෙන් සමාජ තලයේ ක‍්‍රියාත්මක වීමට අවැසි තත්ත්වය ද ලබා දීමට ද මං හෙළි කොට ඇති බව පැහැදිලි යx එබැවින් කාන්තාවගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට හා නැතිව ගිය අයිතීන් ඇයට ලබා දීමටත් පැවති අයිතීන් නව අර්ථකථනයන් මත වර්ධනය කිරීමටත් බුදුදහමින් මහ`ගු මෙහෙවරක් සිදු කොට ඇති බව ද කිව හැකි වන අතර කාන්තා ඉතිහාසයේ සුවිශේෂ සිද්ධීන් රැුසක් සිදු වීමට අඩිතාලම සැකසීමට බුදුදහමේ ආභාසය ලැබුණු බව ශාසන ඉතිහාසය මෙන් ම සමාජ ඉතිහාසය හැදෑරීම තුළින් මනාව පසක් කරගත හැකි යx කාන්තාවකගේ සීමා පිළිබ`ද ව බොහෝ ලෙස කතා කළ හැකි ය. එසේ ම කාන්තාවකට සිමා දිය නො හැකි යැයි ඇතැමෙකුට මතයක් තිබිය හැකි ය. මෙහි දී ඒ මතයට දිය හැකි පිළිතුරක් වන්නේ ඇය විවාහ වන්නේ නම් පවුල නම් සීමාව තුළ ඇය සිටිය යුතු ය යන්න යි. විශේෂයෙන් ම මේ ‘‘කාන්තාවගේ සීමා’’ යනුවෙන් හිරිපිටියේ පඤ්ඤාකිත්ති හිමියන් පුරාතන භාරතීය කාන්තාව යන ග‍්‍රන්ථයේ මාතෘකාවක් රචනා කොට ඇත. එහෙත් එහි සෘජු වශයෙන් කාන්තාවකගේ සීමා දක්වා නැතැ යි කිව යුතු යි. කාන්තාවක්ට පමණක් නොව පිරිමි පාර්ශ්වයට ද බොහෝ සීමා ඇත. කාන්තාව විවාහ වූ පසු ඇය වෙනම ම සුවිශේෂි වූ ලෝකයක විසිය යුතු ය. එහි දී කාන්තාවක විසින් තම දරුවන් වෙනුවෙන් ද, එසේම සිය ස්වාමි පුරුෂයා වෙනුවෙන් ද කළ යුතු බොහෝ දේවල් ඇත. මෙසේ බොහෝ දේවල් යනුවෙන් මෙහි දී දක්වනුයේ ඒවා බුදු හිමියන් විසින් දක්වා ඇති නිසා නො වේ. එසේ ම ඒ් අංග අනිවාර්ය ද නො වේ. කෙසේ නමුත් යම් ස්ති‍්‍රයක් පවුල නම් සීමාවේ සිට මේ අංග ආරක්‍ෂා කරයි නම් ඈ ගෘහණියක් වශයෙන් ද සාර්ථක වන්නී ය. ඒ පමණක් නො වේ. ඈ මවක් වශයෙන් ද බිරි`දක් වශයෙන් ද අතිශයින් ම සාර්ථක වන්නී ය. සාර්ථක කාන්තාවක් යනුවෙන් මෙහි දී පෙන්වා දෙන්නේ යහපත් කාන්තාවක් ය යන්න යි. විශේෂයෙන් ම සාර්ථක කාන්තාවක් වීම අපහසු නොවේ. එහෙත් යහපත් කාන්තාවක් වීම අමාරු කත_ව්‍යකි. කෙසේ නමුත් යහපත් කාන්තාවක් වීමට නම් සපුරාලිය යුතු ගුණාංග රාශියක් බුදු දහමින් පෙන්වා දෙයි. විශේෂයෙන් ම පරමාදර්ශී ගැහැණිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේ විසින් කරන ලද විස්තරයක් දීඝ නිකායේ මහා සුදස්සන සූත‍්‍රයේ දක්වා ඇත. මෙහි දක්වන පරමාදර්ශි කාන්තාවකගේ ලක්‍ෂණ වන්නේ ප‍්‍රසන්න හැසිරීම් රටාවෙන් යුතු, මනා ඡුවි වණ_යෙන් යුත්, පමණට වඩා උස හෝ මිටි නැති, කෘශත් නො වන, තරබාරුත් නො වන, තද කළු පැහැති නො වන, තද සුදු පැහැතිත් නො වන, දිව්‍යමය අලංකාරයෙන් යුක්ත වීම යි. මෙසේ යම් ස්ති‍්‍රයකට මේ ලක්‍ෂණ ඇත්නම් ඇය ස්තී‍්‍ර රත්තනයක් හෙවත් ස්තී‍්‍රන් අතර මැණිකක් බව උන් වහන්සේ වදාළහ. මෙසේ නිවැරදි ස්ති‍්‍රයක් වන්නේ කෙසේ ද යන්න සංස්කෘත සාහිත්‍යයේ ද බොහෝ තැන්වල පෙන්වා දී ඇත. සකු බසින් රචිත මහායාන කෘතියක් වන ලලිත විස්තරයේ ස්තී‍්‍ර රත්නය පිළිබ`දව ම දක්වයි. ඒ අනුව මේ ලලිත විස්තරයේ කාන්තාවකගේ ලක්‍ෂණ විස්තර කරනුයේ යම් කාන්තාවක් තුළ ක්‍ෂති‍්‍රය වංශයට අයත් වූ ද, උසත් නැති මිටිත් නැති වූ ද, කෘශ හෝ තරබාරු නූ වූ ද, කාල වර්ණ හෝ ශ්වේත වර්ණ නො වන, ප‍්‍රසන්න හුරු බුහුටි, සුහදශීලි, රූමත්, රෝමකූපවලින් ස`දුන් සුව`ද වහනය වන, මුවින් නෙළුම් මල් සුව`ද වහනය වන, යනාදි ලක්‍ෂණ ඇත්නම් ඇය ස්තී‍්‍ර රත්නයක් බව දක්වයි. මෙම ලක්‍ෂණයන්හි ඇති නැති බව කෙසේ වෙතත් ස්ති‍්‍රයක් සතුව මේ ලක්‍ෂණ තිබිය යුතු යැයි හ`දුනාගත හැකි ය. විශේෂයෙන් ම කාන්තාවක් වූ කලී ජීව විද්‍යාත්මකව යම් යම් ලක්‍ෂණ අතින් පිරිමියාට සාපේක්‍ෂව අපිරිසිදු ය. මේ නිසා ඈ බොහෝ සෙයින් පිරිසිදු වන්නට උත්සහගත යුතු යි. කෙසේ නමුත් ඇතැම් ග‍්‍රන්‍ථයක දැක්වෙන තොරතුරු ම`ගින් පෙනෙන්නේ ඇයගේ රූපය කෙසේ වෙතත් ඈ පිරිසිදුව සිටියි නම් ශි‍්‍රයා කාන්තාවක් වන බව යි. මීට අමතරව ස්ති‍්‍රය සම්‍යග් ප‍්‍රඥාවෙන් ද යුක්ත විය යුතු යි. මේ බව පෙනෙන්නේ යම් යම් ජාතක කතාවල කාන්තාවෝ යම් යම් උපද්‍රවයන්ගෙන් බේරී ඇත්තේ මෙම සම්‍යග් ප‍්‍රඥාව භාවිත කිරීමෙන් ය. එක් ජාතක කතාවක කියවෙන ආකාරයට ස්ති‍්‍රයක් පළ වැල නෙළාගෙන එන විට භූතයකුට හසු වූවා ය. මෙසේ හසූ වීමෙන් පසු භූතයා ප‍්‍රකාශ කර ඇත්තේ එක්කෝ මරණය නැත්නම් යටත් වීම භාරගන්නා ලෙස යි. එහිි දී ඇය හ`ඩමින් ප‍්‍රකාශ කොට ඇත්තේ තමා කිසිදු දෙයකට බිය නැති බවත් මිය ගිය ස්වාමියා කෙරෙහි ඇති පති භක්තියට කිසිවක් හෝ සිදු කිරීමට නො හැකි බව යි. මින් පසු භූතයා විසින් ඇයව නිදහස් කොට ඇත. මේ සිද්ධියෙන් පැහැදිලි වන්නේ යම් කාන්තාවක් පති භක්තියෙන් යුක්ත නම් ඈ භූතයන්ගෙන් පවා සුරක්‍ෂිත බව යි. මෙසේ මෙම ජාතක කතාවෙන් පෙනෙන්නේ නිර්මල මනසක් ඇති, තම සැමියාට සත්‍ය වශයෙන් ම ආදරය කරන, පති භක්තියෙන් යුක්ත කාන්තාවකගේ ප‍්‍රකාශයකු යි. පුරාණ භාරතීය දෘෂ්ටි කෝණයට අනුව විවාහ චාරිත‍්‍රය ඉතා වැදගත් උසස් ලෙසින් පැවැත් වී ය. මෙහි දී ස්ති‍්‍රය තම ගුණයන් නිසා ගෞරවාදරයට පත් වූවා ය. කාන්තාව නිසා ගෘහස්ථ ආශ‍්‍රමයේ ස්වර්ගය පිළිබ`ද සංකල්පය ඇති විය. දක්‍ෂ ස්මෘතියේ මෙසේ ස`දහන් වෙයි. ‘‘පුරුෂයන්ගේ ගෙදර ප‍්‍රධානිය ස්ති‍්‍රය වෙයි. ඉ`දින් ස්ති‍්‍රය පුරුෂයාගේ වසවර්තිනියක් නො වූව හොත් ගෘහස්ථ ආශ‍්‍රමය තරම් සතුට ඇති වෙන තැනක් නැත ’’. මෙහි දක්වනුයේ ස්ති‍්‍රය ම`ගින් ම ධර්ම, අර්ථ, කාම යන ති‍්‍රවර්ග සම්පත්තිය ම ලැබෙන බව යි. ‘‘තථා යථාර්ථ කාමානං ති‍්‍රවර්ගඵලමශ්නුතෙ’’ යනුවෙන් එය දැක්වෙයි. විශේෂයෙන් ම විවාහය පිළිබ`ද වශිෂ්ඨ ස`දහන් කරන්නේ ද මෙවැනි ම අදහසකි. ගෘහස්ථ ආශ‍්‍රමයේ සිටින්නා ක්‍රෝධයෙන් වෙන්ව සතුටෙන් තැබිය යුතු බව යි. මෙසේ පුරුෂයා සතුටෙන් තැබීමට නම් කාන්තාව සතුට යන්න දැන සිටිය යුතු බව පෙනේ. වශිෂ්ඨ කියනුයේ විවාහයේ දී කාන්තාවන්ගේ බැලිය යුතු ගුණාංග තිබෙන බව යි. ඔහු කියනුයේ ‘‘ගුරුවරයාගේ ආඥාව ගෙන ස්නානය කොට අසමාන ගෝත‍්‍ර ඇති පැහැදිලිව ම මෛථුන විරහිත තමාට වඩා වයසින් අඩු සමාන ගුණ ඇති භාර්යාවක් ලබා ගත යුතු බව යි’’ මෙහි දී වශිෂ්ඨ සෘෂිවරයා දක්වනුයේ සමාන ගතිගුණ ඇති කාන්තාවක් හා විවාහ විය යුතු බව යි. මෙසේ මේ විවාහයෙන් ද අපේක්‍ෂා කොට ඇත්තේ විවිහ දිවියේ සතුට යි. විශේෂයෙන් ම හො`ද ගෘහණියක් සැබවින් ම හැම විට ම සිය හිමියා කෙරෙහි කැපවීමෙන් හා භක්තියෙන් සිටි තැනැත්තියකි. තම ආදරණීය සැමියා රැුක බලා ගැනීමට කවරාකාරයේ දුකක් වුව ද වි`දීමට ඇය කැමැති බව බුදු හිමියෝ දේශනා කළ හ. මෙය ද නියම භාර්යාවකගේ ලක්‍ෂණ සේ ගත හැකි ය. මීට අමතරව මෙසේ කාන්තාවකගේ ජීවිතය තුළ තිිබිය යුතු ගුණාංග රාශියක් පිළිබ`දව බෞද්ධ සාහිත්‍යයෙන් සපයා ගත හැකි ය. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි නපුරු කාන්තාවන් හ`දුනා ගැනීමට ලක්‍ෂණ රාශියක් පෙන්වා දී ඇත. එහි දක්වා ඇත්තේ තම සැමියා නිවස්නෙන් බැහැරව සිටීම ගැන සතුටූ වීම, ඔහු ආපසු නිවසට පැමිණීම ගැන අසතුටු වීම, ඔහුගේ ලාභය පිණිස නොව හානිය පිණිස කටයුතු කිරීම, කළ යුතු දේ නොව නො කට යුතු දේ කිරීම, ඇ`දුම් පිටින් සයනයට ගොස් ස්වාමියාට පිටු පා නිදා ගැනීම, නින්දේ දී නිතර ඉරියව් මාරු කිරීම, නින්දේ දී දැ`ගලීම හා දිගු සුසුම් හෙළීම, වේදනාවෙන් පෙළීම, නිතර වැසිකිළි යාම, මුරණ්ඩුවීම, අමුත්තන්ට අවධානය දැක්වීම, අසල් වැසියන් සම`ග වැඩිපුර ඇ`ගැළුම්කම් පැවැත්වීම, පිට රට යාම, ම`ග දිගේ යාම, සැමියාට නිගරු ලෙස සැලකීම, ලැජ්ජා නැති ලෙස තම සිරුර ප‍්‍රදර්ශනය කිරීම, ඉදිරි දොර අසල සිටගෙන අවට බලාගෙන සිටීම ආදි කරුණු යම් ස්ති‍්‍රයක් සමීපයේ තිබේ නම් ඇය නපුරු ස්ති‍්‍රයක් බව යි. මෙම කාරණයන්ට අමතර ව මෙසේ දිගින් දිගට ම විස්තර කරන්නේ ගෘහ ජීවිතයේ සතුට පවත්වා ගන්නේ කෙසේ ද යන්න පෙන්වා දීමට ය. විශේෂයෙන් ම යම් කාන්තාවක් මෙම ඉහතින් දක්වන ලද කාරණයන්ගෙන් වියුක්ත වී ඇත්නම් ඇය ස්වාමියා කෙරෙහි ම ලැදි කාන්තාවක් බව පෙන්වා දිය හැකි ය. මීට අමතරව ගැහැණියක් දෝෂාරෝපනයට ලක්වන අවස්ථා නවයක් පමණ ජාතක කතා වලින් අනාවරණය වේ. නිතර විනෝද උයන් කරා යාමට කැමති, ගං ඉවුරු කරා නිතර යාමට කැමැති, ඤාතීන්ගේ හෝ අමුත්තන්ගේ නිවෙස් කරා නිතර යාමට කැමැති, කෙටි සිරුර කැපී පෙනෙන ලෙස ඇ`දුම් ඇ`දීමට කැමැති, දැඩි මධ්‍ය ලෝලිත්වය, අලස ලෙස බලා හි`දීම, ඉදිරි දොර අසල නිතර සිටගෙන සිටීම මේ ආදි දේවල්වලින් යහපත් වූ කාන්තාව වෙන් විය යුතු යි. එවිට ඈ යහපත් වූ ගුණ ගරුක බිරි`දක් වේ. මෙම බිරි`ද තම පවුල පමණක් නොව මුළු ප‍්‍රදේශය ම බබුලූවන්නී ය. විශේෂයෙන් ම පිරිමියා හා කාන්තාව දෙවියෙකු හා දෙව`ගනක ආකාරයට වාසය කළ යුතු බව බුදු හිමියෝ උපදෙස් දුන් හ. මින් පෙනෙන්නේ ද ගෘහ දිවිය සාර්ථක කරගැනීමට කාන්තාවක් වශයෙන් කි‍්‍රයා කළ යුතු ආකාරය යි. කාන්තාවකගේ වගකීම් රාශියක් වශයෙන් පෙනෙන තවත් අවස්ථාවක් වන්නේ ගෘහ දිවියේ ඇති කාර්ය කෙසේ ද යන්න විමසන විට යි. විශේෂයෙන් ම ගෘහ ජීවිතයේ සතුට ර`දා පවතින්නේ ප‍්‍රධාන වශයෙන් කාන්තාව යටතේ ය. මෙසේ ගිහි දිවියේ ඇතිවන සතුට ස`දහා පිරිමියා පමණක් නොව දෙදනා තුළ ම සමාන වූ ගුණ වගාවක් තිබිය යුතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන් හ. දෙදනා ම එක සමාන ව ගුණ ධර්මයන්ගෙන් යුක්ත විය යුතු බව උන් වහන්සේ පෙන්වා දුන් අයුරු ‘‘නකුල’’ සූත‍්‍රයෙන් පැහැදිලි වේ . දිනක් නකුල දම්පතීහු බුදුන් වහන්සේ සමිපයට පැමිණ තමන් සරණ බැ`දුණූ දා පටන් එකිනෙනකාට පි‍්‍රය ව, ඉතාමත් සමීප ව, ඉතාමත් සතුටින් ජීවත් වෙන බවත් මරණින් මතු ද තමන් එකට උපදින්නට කැමැති බව කී හ. එහි දී බුදුන් වහනන්සේ වදාළේ, සම සීල, සම චාග, සම ශ‍්‍රද්ධා, සම ප‍්‍රඥාවෙන් යුක්ත නම් දෙදනාට ම තමන් බලාපොරොත්තුවන අයුරින් ජීවිතය සකස් කරගත හැකි බව යි. පවුලක් වශයෙන් ජීවත් වන විට කාන්තාවකගේ යුතුකම් පෙනෙන තවත් අවස්ථාවක් වශයෙන් සි`ගාලෝවාද සුත‍්‍රයේ ඇති ස්ති‍්‍රයකගෙන් විය යුතු යුතුකම් පෙන්වා දිය හැකිය. එහි දක්වා ඇති කාරණා අතිශයින් ම සාර්ථක ගෘහ ජීවිතයක් ගෙවීමට වැදගත් වේ. ගෘහනියක් වශයෙන් ඒ යුතුකම් ඉටු කරන්නේ නම් ඔවුනොවුන් කෙරෙහි අවබෝධයෙන් යුතුව කාලය ගෙවිය හැකි ය. මෙසේ කාන්තාවක් ගෘහණියක් වශයෙන් යුතුකම් ඉටු කිරීමේ දී විවාහ දිවියට පා තබන යුවතියක් ද පිළිපැදිය යුතු යුතුකම් තිබෙන බව බුදු දහමින් පෙන්වා දිය හැකි ය. විවාහ වීමට සිටින තරුණියන්ට අවශ්‍ය කරන උපදෙස් දහයක් විශාඛාවට දී තිබෙන ආකාරයත් ඒවා විවාහ ජීවිතය සාර්ථක ව ඉදිරියට ගෙන යාමට බලපාන ආකාරයත් ‘‘ මනෝරථපූරණි අට්ඨකතාව’’ ම`ගින් පෙනේ. කුල ගෙට නික්මෙන යුවතිය දක්‍ෂ. නැණවත්, විනීත ගති පැවතුම්වලින් යුක්ත විය යුතු යි. විවාහ වී දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි වූ ආදරයෙන් සහයෝගයෙන් සිටින්නේ දෙදෙනා කෙරෙහි ම මනා වූ අවබෝධයක් ඇත්නම් පමණි. ඒ අවබෝධය ස`දහා විශාකාවට දී ඇති මේ අවවාද දහයම මේ විසි එක්වන සියවසේ විවාහ වන යුවතියකට පවා වැදගත් වන්නේ මේ සර්වකාලීන බව නිස යි. මෙසේ නූතන සමාජයට ගැලපෙන මේ අවවාද දහය ම ම`ගින් පෙනෙන්නේ කාන්තාව සතු කාර්ය භාරය යි. සැමියාගේ, ගුරු දෙගුරු, නැදෑයන්, හිත මිතුරන්, කම්කරුවන් ආදි අය තමාගේ අය සිතා කටයුතු කළ යුතු ව ඇත. එම දහය මෙසේ දැක්විය හැකි ය.  ඇතුළතගිනි පිටතට නො දිය යුතු යි  පිටත ගිනි ඇතුළට නො ගත යුතු යි  දෙන්නවුන්ට ම දිය යුතු යි  නො දෙන්නවුන්ට නො දිය යුතු යි.  දෙන්නන්ටත් නො දෙන්නන්ටත් දෙන්න  සැපසේ හි`ද අනුභව කළ යුතු යි  සුවසේ හි`දිය යුතු යි  සුවසේ නිදා ගත යුතු යි  ගිනි පිරි මැසිය යුතු යි  ඇතුළත දෙවියන් වැ`දිය යුතු යි විවාහවන කාන්තාවක් සැප ම බලාපොරොත්තු නො විය යුත යි. විශේෂයෙන් ම සැප මෙන් ම දුක ද සම සිතින් වි`ද දරා ගන්නට ස්ති‍්‍රයට හැකි විය යුතු ම ය. විවාහ වූ දිනයේ සිට ම අනේක වූ හැල හැප්පීම්වලට ලක්වීම සාමාන්‍ය දෙයකි. ඒ නිසාවෙන් කාන්තාව යනු සියුමැලි, බොල`ද තැනැත්තියක වන නිසාවෙන් අටලෝ දහමින් කම්පා නො වන්නට ඇය උත්සහ ගත යුතු ම වේ. විශේෂයෙන් ම විවාහ දිවියේ ඇතිවන ප‍්‍රශ්නවලට වැඩි හරියක් ම වගකිව යුත්තේ කාන්තාව බව සාමාජීය මතය යි. මේ මතවාදය ගොඩ නැෙ`ගන්නේ ගෘහස්ථ කාර්යභාරයන් ඇයට වැඩිපුර ම ඇති නිසාවෙන් ය. පුරාතන භාරතීය ස්මෘතිකරුවන් හා සමාජ ශාස්ත‍්‍රඥයින් විසින් ගිහිගෙය සමාජ ව්‍යවස්ථාවේ වැදගත් ම ස්ථානය වශයෙන් සලකන ලදි. විශේෂයෙන් ම ගෙදර සෝභාව ඇති වන්නේ ගෘහණියගෙනි. ගෙදර කාන්කාවක් නොමැති නම් ඒ ගෙදර අපායක් විය හැකි ය. මන්ද ඒ ගෙදර කිසියම් වූ හෝ පිරිසිදු බවක් ඇතිවන්නේ බිරි`ද නිසාවෙනි. ඇය නිසා ම ගෙදර සැප, සතුට රැු`දීම සිදු වන්නී ය. උදයේ සිට සවස් වන තුරු ම බොහෝ වෙහෙස මහන්සි වී ගෙදරට පැමිණෙන ස්වාමියාට යම් සැහැල්ලූවක් දැනෙන්නේ තම බිරි`දගෙනි. මෙසේ පිරිමියාගේ මහන්සිය දුරුවීමට ඇය ලස්සන කාන්තාවක් විය යුතු නැත. අවශ්‍ය වන්නේ ස්නේහය දක්වන ප‍්‍රිය වචන පමණි. ස්නේහය දක්වන ප‍්‍රිය වචනයන් යම් කාන්තාවක් තුළ තිබේ නම් ඒ කාන්තාව සැමියාගේ විඩාව දුරු කරවන්නී ය. මේ දේවල්වලට අමතරව කාන්තාවක් පිරිසිදු බවින් ද සිටිය යුතු යි. පිරිසිදුකම යම් කාන්තාවක් තුළ තිබේ නම් ඇය සතුව එම ධනය ම ස්වාමියා තමා සන්තකයේ තබා ගැනීමට මහෝපකාරී වේ. ඇගේ පිරිසිදු බව සම්බන්ධයෙන් යාඥාවල්ක්‍ය මෙසේ පවසයි. ‘‘සෝමදේව විසින් කාන්තාවට පිරිසිදු බව දෙන ලදි. ගාන්ධව_ විසින් මිහිරි වචනය හා අග්නිය විසින් සියලූ ආකාරයේ පිරිසිදු වීම ස`දහා ශක්තිය ප‍්‍රදානය කරන ලදි. ඒ නිසා ස්ති‍්‍රහු හැම විට ම පිරිසිදු වෙති’’. මේ අනුව ගිහි ගෙය ස්වර්ගයක් කිරීමේ දී මුලින් ම කාන්තාවගේ මෘදු වචනය, ආකර්ෂණය, පතිව‍්‍රතාව ආදි සියලූ ම ශක්තීන් අවශ්‍ය බව පෙනේ. යම් පවුලක ස්ති‍්‍ර හා පුරුෂයා එක් ව කටයුතු කළහොත් එතැන ස්වර්ගයක් වේ. මිනිසා මෙසේ හැසිරීම තුළින් ධර්ම, අර්ථ, කාම යන සම්පත් තුනත් අවසානයේ මෝක්‍ෂයත් ලබා ගන්නා බව පෙන්වා දිය හැකි ය. මෙහි දී විශේෂත්වය වන්නේ මේ විමුක්තිය ලැබිය හැක්කේ දෙදනාගේ ම සහයෝගයෙන් වීම ය. විශේෂයෙන් ම දෙදනා අතර ඇතිවන්නා වූ විවිධ වූ ප‍්‍රශ්න දෙදනා ම කතා කිරීමෙන් විස`දා ගත යුතු යි. මෙහි දී වැදගත් වන්නේ දෙදනා ම අවංක ව කතා කිරීමට උත්සහ ගැනීම යි. විශේෂයෙන් ම මෙසේ ඇතිවන ප‍්‍රශ්න තාවකාලික ප‍්‍රශ්න විය යුතු යි. ප‍්‍රශ්න ඇතිවීම සාමාන්‍ය දෙයක් ය. එහෙත් ඒවා ඉතා ඉක්මනින් විස`දා ගැනීම අසාමාන්‍ය දෙයක් වේ. මීට අමතර ව විෂ්ණු ස්මෘතියේ කාන්තාව පිළිබ`ද ස`දහන් කර ඇත්තේ ‘‘භත_ුථ සමානව‍්‍රත චාරිත්වම්’’ යන්නෙන් ස්වාමියා සමාන ව ඇය ව‍්‍රත පාලනය කළ යුතු බව කියයි. මෙසේ යමෙක් ගෙදර පාලනය කරයි ද ඇය භාර්යාව යි. මේ ආදි වශයෙන් යම් ගෙදරක කාන්තාව සිවු දෙසින් සැප ගෙන එයි ද, එහි ස්වර්ගය වෙයි. එසේ ක‍්‍රියා නො කළහොත් එහි ම අපාය වෙයි. යමෙකුගේ බිරි`ද ස්වාමියාට අනුකුලව කි‍්‍රයා කරයි නම් එහි ස්වර්ගය උපදී. මෙහි දී පෙනෙන්නේ කාන්තාවකට බොහෝ වගකීම් ආදිය පැවැරී ඇති බව යි. එසේ නම් පුරුෂ පක්‍ෂයට වගකීම් නැති දැයි කිසිවෙකුට විමසිය හැකි ය. මෙහි පැහැදිලි කරගත යුතු දෙයක් ඇත. විශේෂයෙන් ම ව්‍යාපාර ආදි කටයුතුවල දී පුරුෂ ප+ක්‍ෂය ප‍්‍රධනත්වය ගත යුතු අතර මෙසේ ගෘහාශි‍්‍රත කටයුතුවල දී ප‍්‍රධානත්වය ස්ත‍්‍රියට දීම කාලෝචිත ය. ගෙදර ප‍්‍රධානත්වය දීම ස්ති‍්‍රයගේ අයිතිවාසිකමක් බව පෙනෙන්නේ ඇයට ඇති ගෘහාශි‍්‍රත වගකීම් නිසාවෙනි. කෙසේ නමුත් වර්තමාන කාන්තාවට සමාජයේ රිසි සේ ජිවත් වීමට හැකි බව ස්තී‍්‍රන් ම දන්නා දෙයකි. සම අධ්‍යාපන අවස්ථා පමණක් නොව සෑම ක්‍ෂේත‍්‍රයක ම බුද්ධිය ඇත්නම් ඉදිරියට යෑමේ හැකියාව ස්ති‍්‍රයට ඇත. මේ ස`දහා වැට කඩොළු බැ`දීමක් පුරුෂ පාර්ශ්වයෙන් නො වන්නා සේ ම නිවැරදි ම`ග හා යා යුතු ම`ග කුමක් ද යන්න තෝරාගැනීම නම් ඇයට ගැටළුවක් වී ඇති ආකාරය කිව යුතු ම ය. මේ තත්ත්වයට වගකිව යුත්තේ පුරුෂ පාර්ශ්වය නම් නො වේ. විශේෂයෙන් ම පෙරදිග, අපරදිග කාන්තාවන් සදාචාරයේ බැමි සි`ද දමා වේගවත් ගමනක යෙදෙනු දැකිය හැකි ය. විශේෂයෙන් ම දාහත් වැනි සියවසේ ආරම්භ වූ විවෘත ආර්ථිකය සම`ග කාන්තාව වාණිජවාදී රැුල්ලේ ගොදුරක් බවට පත් වී ඇත්තේ කාගේ වරදින් ද?. මේ ස`දහා නව පරම්පරාව මේ වාණිජවාදී රැුල්ලෙන් බේරා ගැනීමේ භාර¥ර්ය කාර්ය ඇත්තේ මූලික වශයෙන් ම කාන්තාවට ය. විශේෂයෙන් ම දරුවන්ගේ පෞරුෂය ගොඩ න`ගන්නේ දෙමාපියන් ය. එහෙත් මේ තත්ත්වය ගම්බද ප‍්‍රදේශවල තරමක් දුරට හෝ දක්නට ඇතත් නාගරික ප‍්‍රදේශවල මේ කාර්ය ඉටු කරනු ලබන්නේ සේවිකාවන් විසින් ය. මේ ක‍්‍රමය තුළින් සිදු වන්නේ නොසන්සුන් අතෘප්තිකර, වගකීම් විරහිත දරුවන් පිරිසක් බිහි වීම යි. මේ තත්ත්වය ඇති නො වන්නට ස්ත‍්‍රිහු වග කිව යුතු ම ය. විශේෂයෙන් ම ආර්ථික දුෂ්කරතා ම`ග හරවා ගනු පිණිස කාන්තාවෝ රට යන්නෝ ය. එහෙත් සිදුවන්නේ බෙහෝ අංශයන්ගෙන් පවුල නම් ඒකකය බි`ද වැටීම යි. මේ බි`දවැටීම නැවතීමට නම් කාන්තාව මීට වටා කැපවීමෙන් කි‍්‍රයා කළ යුතු කාලය පැමිණ ඇත. මෙහි දී පිරිමි පාර්ශ්වයට ද වගකීම් රාශියක් තිබේ. විශේෂයෙන් ම නාගරික කාන්තාවට වඩා අඩු නිදහසක් ග‍්‍රාමීය කාන්තාවට ඇත. එහෙත් මෙහි විශේෂත්වය වන්නේ ග‍්‍රාමිය කාන්තාව ඉතා තෘප්තිමත් ආකාරයින් ජීවත් වීම යි. මේ සම්බන්ධ ව වෙනම ම සොයා බැලිය යුතු යි. කෙසේ නමුත් දරු පරපුර ඉදිරියේ ආදරණීය මවක් වශයෙනුත්, ස්වාමියා ඉදිරියේ ආදරණීය බිරි`දක් වශයෙන් ද ජීවත්වීමේ වගකීමක් ද ස්ත‍්‍රියට ඇත. විශේෂයෙන් ම යම් පවුලක සාර්ථකත්වය රැු`දී ඇත්නම් එහි සම්පූණ_ සාර්ථකත්වය ඇත්තේ බිරි`ද තුළ බව කිව යුතු ය. එසේ ම මේ තත්ත්වයේ අනිත් පැත්ත ද එසේ ම ය යන්න තේරුම් ගත යුතු යි. මන්ද යම් කුටුම්භයක විස`දා ගත නො හැකි වූ ප‍්‍රශ්න උද්ගත වී ඇත්නම් මෙයට සම්පූණ_යෙන් ම වගකිව යුතු වන්නේ කාන්තාව යි. විශේෂයෙන් ම මාතෘත්වය වනාහි සමාජය මෙහෙවන බල වේගය යි. මෙහි කිසිදු ප‍්‍රශ්නයක් නැත. එහෙත් ප‍්‍රශ්නය වන්නේ මාතෘත්වයේ ගෞරවය නූතන මව්වරුන් විසින් ආරක්‍ෂා කරන්නේ ද යන්න යි. මුදල් සෙවීමේ අරමුණින් බෙහෝ කාන්තාවෝ විවිධ රැුකියාවල නිරත වුවත් මුදල් ම සතුට නොවන බවත් මුදල් ම විවාහය නොවන බවත් වටහා ගත යුතු යි. ඒ නිසාවෙන් පැහැදිලි ව ම කිව හැක්කේ නිවස ශ‍්‍රියා කාන්තාව සිටින තැනක් හෝ මූ දේවිය සිටින තැනක් කළ හැක්කේ කාන්තාවට ම බව යි.

No comments: