Wednesday, December 11, 2013
ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය
සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා වැදගත් අංශයක් වශයෙන් ප‍්‍රශස්ති කාව්‍ය සාහිත්‍ය පෙන්වාදිය හැකිය. ප‍්‍රශස්ති කාව්‍යයේ ආරම්භය රාජසභාවල ගායනා කළ ස්තුති ගීතිකාවන්ගෙන් සිදුව ඇතිබව පැහැදිලි වේ. එසේ වුවත් ක‍්‍රි.පූ. යුගවල සිට පෙරදිග මෙන්ම අපරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති මුලබීජ සොයාගත හැකිය. පෙරදිග සාහිත්‍ය තුළ ප‍්‍රශස්ති ලක්‍ෂණ හමුවන ප‍්‍රධානතම අවස්ථාව වන්නේ භාරතීය වේද සාහිත්‍යයි. එහි අන්තර්ගත ගීතයන්හි දෙවියන් ප‍්‍රශංසා කිීරීම සඳහා අතිශයෝක්ති වර්ණනා දක්නට ලැබේ. ථේරගාථා, ථේරීගාථා හා උදානපාළි නම් වූ පාලි ත‍්‍රිපිටකයේද වර්ණනාත්මක ස්වරූපයේ ගායනා ඇතුළත්ව ඇත. බුද්ධ චරිතය හා බෝසත් චරිතය ආශ‍්‍රයෙන් පසුකාලීනව රචනා වූ සාහිත්‍ය කෘතිවන බුත්සරණ, කව්සිළුමිණ, මුවදෙව්දාවත ආදි කෘතීන්හිද කිසියම් ආකාරයක ප‍්‍රශස්ති මූලබීජ දක්නට ලැබේ. එසේම දකුණු ඉන්දීය කලම්බකම් නම් ද්‍රවිඩ සාහිත්‍ය තුළද විරින්ඳු නමින් හඳුන්වන වර්ණනා සාහිත්‍යයක් තිබී ඇත. මහනුවර යුගයේදී මෙරට විරිඳු කාව්‍ය බිහිවීම කෙරෙහි මෙම සාහිත්‍ය මහ`ගු පිටුවහලක්ව තිබේ. ප‍්‍රශස්ති මූලබීජ සෙවීමේදී ග‍්‍රීක හා රෝම යන අපරදිග සාහිත්‍යයටද හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. විශේෂයෙන්ම වීරකාව්‍ය ලක්‍ෂණ සහිත වර්ණනා බිහිවීමට එය හේතු විය. සංස්කෘත ශතක කාව්‍ය හා සන්දේශ කාව්‍යද ප‍්‍රශස්ති බිහිවීම කෙරෙහි සුවිශේෂ බලපෑමක් සිදු කර ඇත. ඒ ඒ රටවල විවිධ නාමයන්ගෙන් හැඳින් වූ වර්ණනා ඇතුළත් මෙම සාහිත්‍ය මෙරට ආරම්භ වන්නේ ප‍්‍රශස්ති යන නාමයෙනි. හයවන පැරකුම්බා රජු වර්ණනා කරමින් රචනා වූ පැරකුම්බා සිරිත මෙම සාහිත්‍යයේ පළමු කෘතිය වශයෙන් සඳහන් වේ. ඉන්පසු කෝට්ටේ, සීතාවක හා මහනුවර යුගවලදී මේ සඳහා විශාල කෘති ප‍්‍රමාණයක් එකතුවී තිබේ.
ප‍්‍රශංසා කිරීම, වර්ණනා කිරීම, ගුණගායනා කිරීම ආදි අර්ථයන් ප‍්‍රශස්ති යන්නෙහි ගැබ්ව ඇත. තනි පුද්ගලයෙකු මූලික කර ගනිමින් ඔහුගේ හාත්පස තොරතුරු වර්ණනයට ලක්කිරීම ප‍්‍රශස්ති කාව්‍යයන් තුළ සිදු වේ. විශේෂයෙන්ම ප‍්‍රශස්ති සඳහා මූලික කරගනු ලබන්නේ රජවරුන් ඇමතිවරුන් වැනි සමාජයේ ප‍්‍රභූ පුද්ගලයන්ය. මෙරට රචනාවී ඇති ප‍්‍රශස්ති කාව්‍ය දෙස අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ යම් යම් දේ ලබා ගැනිමේ අපේක්‍ෂාවෙන් රජවරුන් පිලිබඳ අතිශයෝක්ති වර්ණනා සිදුකර ඇති බවයි. අතීතයේ සිටම මෙරට රාජ සභාවන්හි වන්දිභට්ටයන් නමින් පිරිසක් සිටි අතර ඔවුන්ගේ කාර්ය වූයේ රජු සතුටු කිරීම සඳහා ගායනා ඉදිරිපත් කිරීමයි. උදෑසන අවදිවන රජු පිනවීමේ අටියෙන් ඉදිරිපත් කරන මෙම ගායනයන්හි ඇතුළත් වන්නේ රජුගේ වංශ පරම්පරාව, ලබාගන්නාලද යුද ජයග‍්‍රහණ, රූපශ‍්‍රීය, බාහිර අභ්‍යන්තර ගුණයන් ආදියයි. මෙම`ගින් සතුටු වන රජු මිලමුදල්, ධනධාන්‍ය, නම්බුනාම ආදි සන්තෝෂම් වන්දිභට්ටයන් උදෙසා ලබාදෙයි. රජු පිනවීමේ අරමුණෙන් ඉදිරිපත් කෙරෙන මෙම ගායනාවන්හි බහුලව අන්තර්ගත වන්නේ සංස්කෘත වචන මිශ‍්‍ර කඨෝර භාෂාවකි. අර්ථ රසයට වඩා ප‍්‍රමුඛස්ථානය මෙහිදී ලබා දෙන්නේ ශබ්ද රසයටයි. සංස්කාත වචන සහිත කඨෝර භාෂාව තුළින් මතුකරන ශබ්දධ්වනි තුළින් කර්ණ රසායනය ඇති වේ. මෙසේ රජවරුන් වර්ණනා කරමින් රාජසභාවලදි ගායනා කරන ගීත ඇතුළත් කෘතියක් පළමු වරට රචනා වන්නේ කෝට්ටේ යුගයේදීය. එම කෘතිය වන්නේ පැරකම්බා සිරිතයි. මෙම සාහිත්‍යයට එකතුවන දෙවන කෘතිය වන්නේ සීතාවක යුගයේදී අලගියවන්න මුකවටි ප`ඩිතුමන් විසින් රචනා කළ කොන්ස්තන්තීනු හටනයි. ඉන්පසු මහනුවර යුගයේදී රාජසිංහ වර්ණනා, රාජසිංහ භවනය, ශ‍්‍රී නාමය, පවන ආදි වශයෙන් විශාල කෘති ප‍්‍රමාණයක් මේ සඳහා එකතුව තිබේ.
මහනුවර යුගය වනතෙක් ප‍්‍රශස්ති රචනා වූයේ රජවරුන්, ඇමතිවරුන් ආදි ගිහි ප‍්‍රභූවරුන් වර්ණනා කිරීම සඳහා පමණි. එහෙත් මහනුවර යුගයේදී භික්‍ෂූන් වහන්සේලා වර්ණනා කිරීම සඳහාද ප‍්‍රශස්ති රචනා වී තිබේ. එනම් වැලිවිට සරණංකර සංඝරාජ මහානාහිමියන් වර්ණනා කරමින් රචිත ස`ගරජවත හා මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන් වර්ණනා කරමින් රචිත මොරතොටවත යන කෘති දෙකයි. මෙම කෘති දෙකෙහිම කතුවරයා වන්නේ මුංකොටුවේ අබේසිංහ හෙවත් මුංකොටුවේරාළය. ‘මොරතොටවත පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්’ යන මාතෘකාව මෙම පර්යේෂණය සඳහා තෝරාගනු ලැබුයේද භික්‍ෂූන් උදෙසා ප‍්‍රශස්ති රචනා වීමේ නව ප‍්‍රවණතාව පිළිබඳ අධ්‍යයනයක් කිරීමේ අපේක්‍ෂාවෙනි. මොරතොට ධම්මක්ඛන්‍ධ මහානාහිමියන් රට, ජාතිය, ආගම හා අධ්‍යාපනය වෙනුවෙන් විශාල මෙහෙයක් සිදුකළ මහාතෙරනමකි. සරණංකර සංඝරාජ මාහිමියන් විසින් ආරම්භ කළ ශාසන පුනරුදයේ ඉදිරිගමන තහවුරු කරන ලද්දේ ධම්මක්ඛන්‍ධ හිමියන් විසිනි. එවන් ශාසනික හා ජාතික මෙහෙවරක් ඉටු කළ ධම්මක්ඛන්‍ධ නාහිමියන් පිළිබඳ විස්තර ඇතුළත් කෘතියක් වශයෙන් මොරතොටවත පද්‍ය කාව්‍ය පෙන්වාදිය හැකිය.
ධම්මක්ඛන්‍ධ නාහිමියන් ළ`ගින් ඇසුරු කළ අයෙකු වන මුංකොටුවේරාළ මෙහි කතුවරයා වේ. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ පෞද්ගලික තොරතුරු පවා මොහු දැන සිටි බවක් තත්කෘතිය තුළින් හෙළි වේ. මොරතොටව කෘතිය ධම්මක්ඛන්‍ධ හිමියන් පිළිබඳ තොරතුරු ඇතුළත් චරිතකතා කාව්‍යයක් යැයි ඇතමෙක් පවසති. තත්කෘතිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් කළ මෙම පර්යේෂණය තුළින් ඉදිරිපත් කෙරෙන නිගමනය වන්නේ මොරතොටවත චරිතකතා කාව්‍යයක් නොව ප‍්‍රශස්ති කාව්‍යයක් බවයි. තෙරුවන් නමස්කාරයකින් කෘතිය ආරම්භ කිරීම, කතානායකයාගේ පරපුර උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීම, කතානායකයාගේ කීර්තිඝෝෂය වර්ණනා කිරීම, විවිධ විරිත් භාවිතය, අතිශයෝක්ති වර්ණනා ඇතුළත් කිරීම ආදි ප‍්‍රශස්ති කාව්‍ය ලක්‍ෂණ මෙහි අනතර්ගතවීම තුළින් පැහැදිලි වන්නේ මෙය චරිතකතා කාව්‍යයකට වඩා ප‍්‍රශස්ති කාවයකට ළංවන බවයි.
තත්කෘතිය අධ්‍යයනය කිරීම තුළින් ධම්මක්ඛන්‍ධ හිමියන් කුඩාකාලයේ සිට මහානායක ධුරයට පත්වීමෙන් පසුවද ක‍්‍රියාකර ඇති ආකරය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. කුඩාකාලයේ සිටම ධර්මය පිළිබඳ මනා අවබෝධයකින් සිටි මුන් වහන්සේ උපසම්පදාව ලබන අවස්ථාව වනවිට ත‍්‍රිපිටකය පිළිබඳ පුළුල් අවබෝධයකින් කටයුතු කළහ. ඒ නිසාම පැවිදිවන අවස්ථාවේ තැබූ නිග්‍රෝධ යන නම වෙනුවට ධම්මක්ඛන්‍ධ යනුවෙන් නම වෙනස්කර ඇත. එසේම කාම්බෝජ දේශයෙන් පැමිණි තානාධිපතිවරුන් සම`ග පාලි භාෂාවෙන් කතා කළහැකි අයෙකු තත්කාලයේ සිටියේනම් ඒ මුන්වහන්සේ පමණි. ශාසනයේ දියුණුව වෙනුවෙන් රාජාධි රාජසිංහ රජු සම`ග එක්ව කතිකාවතක්ද පිහිට වූ බව තත්කෘතිය තුළින් තොරතුරු හෙළි වේ. භික්‍ෂු විනය ඇතුළත් කතිකාවතක් පිහිටුවීම සඳහා බලපානු ලැබූ හේතු සාධකයන්ද මොරතොටවත තුළින් සනාථ කරගත හැකිය. ඇතැම් භික්‍ෂූන් වහන්සේලා සිදුකළ යම් යම් ක‍්‍රියාවන් මේ සඳහා හේතු වූ බව නිදසුන් සහිතව මුංකොටුවේරාළ මෙහිදී ඉදිරිපත් කරයි. මොරතොටවත කෘතිය රචනාවන කාලයේ භික්‍ෂූන් වහන්සේලා හා අන්තර් සමාජ සබඳතා කෙසේ පැවතියේද යන්නත් තත්කෘතිය තුළින් තොරතුරු සොයාගත හැකිය. ධම්මක්ඛන්‍ධ හිමියන් වැනි ධර්මධර, විනයධර භික්‍ෂූන් වහන්සේලා අල්ප වශයෙන් හෝ මෙකල සිටි අතර මහජනතාවගේ යහපත වෙනුවෙන් උන්වහන්සේලා කටයුතු කළහ. වෙහෙර විහාරස්ථාන ගොඩනැංවීම, ධර්මදේශනා පැවැත්වීම, කඨින චීවර පුජා උසස් අයුරින් සිදුකිරීම වැනි ශාසන මාමක කාර්යයන් පිළිබඳ තොරතුරු රාශියක් මෙතුළින් අනාවරණය වේ. මහනුවර යුගයේ රජකළ නරේනද්‍රසිංහ රජු ද්‍රවිඩ පාලකයෙකු වූ අතර ධම්මක්ඛන්‍ධ හිමියන්ගෙන් ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පසු ඔහු බෞද්ධ රජෙකු බවට පත්ව බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් විශාල කාර්යභාර්යයක් ඉටුකර තිබේ. එපමණක් නොව බෞද්ධ ග‍්‍රන්‍ථ පවා රචනා කළ බවට තොරතුරු සඳහන් වේ. මෙසේ කරුණු විමසා බලන කල්හි පෙනී යන්නේ මොරතොටවත පද්‍ය කාව්‍යය ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ජීවත තොරතුරු ඇතුළත් කෘතියක් පමණක් නොවන බවයි. මහනුවර යුගයේ සමාජ, දේශපාලන, අධ්‍යාපන හා ශාසනික තොරතුරු රැුසක් හමුවන ඓතිහාසික මූලාශ‍්‍රයක් වශයෙන්ද මෙය හඳුන්වාදිය හැකිය.
මොරතොටවත කෘතිය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් සිදු කළ මෙම පර්යේෂණයේදී තත්කෘතියේ කතුවරයා සම්බන්‍ධවද විශේෂ අවධානයක් යොමුකර ඇත. මුංකොටුවේරාළ යනු රාජසිංහ රජුගේ කවි මඩුවේ සිටි සුප‍්‍රසිද්ධ කවියෙකි. ඔහු පිළිබඳව ගෙතුණු ජනශ‍්‍රැති කිහිපයක්ද මහනුවර ප‍්‍රදේශය අවට ජනතාවගේ මතකයේ අද දක්වාම පවතී. ඒ එක් ජනශ‍්‍රැතියකින් කියැවෙන්නේ මොහු ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ගෝලයෙකු වශයෙන් කලක් පැවිදිව සිට සිවුරු අත්හැර මුංකොටුව නම් ග‍්‍රාමයෙන් භින්න විවාහයක් කරගත් බවයි. අබේසිංහ වන මොහු මුංකොටුවේරාළ නමින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එම භින්න විවාහය නිසාවෙනි. ධම්මක්ඛන්‍ධ හිමියන්ගේ ඉතා සමීපතම මිත‍්‍රයෙකු වශයෙක් සිටි මුංකොටුවේරාළ මොරතොටවත නම් මෙම ප‍්‍රශස්ති කව රචනා කර ඇත්තේ ධම්මක්ඛන්‍ධ හිමියන්ට තිබූ ගෞරවය නිසාවෙන් යැයි අනුමාන කළ හැකිය.
ධම්මක්ඛන්‍ධ හිමියන්ව ඉතා ළ`ගින් ඇසුරු කළ මුංකොටුවේරාළ විසින් රචනා කර ඇති මෙම කෘතියේ ඇතුළත් තොරතුරු සත්‍ය ඒවා වේ. මෙම පර්යේෂණය කිරීමේදී මූලාශ‍්‍රය වශයෙන් භාවිත කරන ලද්දේ මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍යයි. තත් කෘතියේ ඇතුළත් තොරතුරුවල නිරවද්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මොරතොට දිනපොත, මොරතොට හිමියන්ගේ පිංපොත, ස`ගරජවත, එදාහෙළදිව, සංඝරාජ සාධු චරියාව වැනි මූලාශ‍්‍ර භාවිත කෙරිණි. මහනුවර යුගයේ සමාජ, දේශපාලන, අධ්‍යාපන සහ ආගමික තොරතුරු පිළිබඳ යමෙකු තොරතුරු විමර්ශනය කරන්නේ නම් ඒ සඳහා ප‍්‍රාමාණික මූලාශ‍්‍රයක් වශයෙන්ද මොරතොටවත ප‍්‍රශස්ති කව ගිණිය හැකිය. මෙවැනි වැගත් තොරතුරු රාශියක් ඇතුළත් කෘතියක් වන මොරතොටවත ප‍්‍රශස්ති කාව්‍ය සම්බන්‍ධයෙන් කිසිඳු අධ්‍යයනයක් මේ දක්වා සිදුව නොතිබීම සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයේ නව මාවත් විවර වීමට බලපෑ ප‍්‍රබල අභියෝගයක් වශයෙන් දක්වාලිය හැකිය. මෙම පර්යේෂණය තුළින් භික්‍ෂූන් විශයෙහි ප‍්‍රශස්තිි බිහිවීම නම් වූ නව ප‍්‍රවණතාව නම් සාහිත්‍යාංගය ඉස්මතු කිරීමේ හැකියාව ලැබුණේයැයි විශ්වාස කරන්නෙමු.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment