Tuesday, December 10, 2013
වාග්විද්‍යාව යනු
වාග්විද්‍යාව යනු
දෛනික ජීවනෝපාය පවත්වාගෙන යෑමේදී ජලය සහ ආහාර යම් සේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේද ඒහා සමානව ජීවිතය හැඩගස්වා ගැනීමේදී අන් කවර උපකරණයකටත් වඩා භාෂාව වැදගත් වේ. ඒ අනුව කාලානුරූපීව මිනිසා නිපවදන ලද හෝ අනාවරණය කරන ලද වඩාත්ම ප‍්‍රයෝජනවත් උපකරණය භාෂාව ලෙස හැදින්විය හැකිය. ඒ අනුව භාෂාව යනු ‘‘කිසියම් මිනිස් හෝ වෙනත් සත්‍වයින් අතර ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා භාවිත තැන මාධ්‍යයයි.’’ ඒ අවුව මිනිසා විසින් නිපවදන ලද භාෂාව, පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව වාග්විiාවයි. (වාග්+විද්‍යා යන පද දෙක සමාස වී සමාස වී සෑදී ඇත. වචන හෙවත් භාෂණය පිළිබඳ විiාව යන අරුත එහි ඇත.* මෙය බටහිර වාග්වේදීන් ඛසබටමසිඑසි යනුවෙන් අරුත් ගන්වා ඇත. ලතින් භාෂාවේ එන ඛසබටම් සහ ිඑසැි දෙපදයෙන් මෙය සෑදී ඇත. ඛසබටම් යනු එදබටැ යන්නයි. ිඑසැි යනු ිජසැබජැ හෝ නබදඅකැාටැ යනුවෙන් අර්ථ දැක්වේ. වාග්විiාව කොටස් තුනක් ඔස්සේ අධ්‍යයනය කරයි. එනම්
ඓතිහාසික වාග්විiාව
තුලනාත්මක වාග්විiාව
විග‍්‍රහාත්මක වාග්විiාව
යනුවෙනි. මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ විග‍්‍රහාත්මක වාග්විiාවෙහි එන කොටසක් සම්බන්‍ධයෙනි. එහිදී විග‍්‍රහාත්මක වාග්විiාව කොටස් හතරකට බෙදේ.
x ශබ්ද විචාර - චයදබදකදටහ
x පද විචාර - පදරචයදබදකදටහ
x වාක්‍ය විචාර - ිහබඒං
x අර්ථ විචාර - ිැපැබඑසං
මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන ස්ථරය වන්නේ පද විචාරයෙහි දැක්වෙන පදිම සහ උපපදක සම්බන්‍ධ කරුණු කාරණා සඳහාය.
පදිම යනු
පදිම සංජානනය කිරීමේදී අප මුලින්ම අවධානය යොමු කළ යුත්තේ පද විග‍්‍රහය යන්න සම්බන්‍ධවයි. භාෂා ව්‍යාකරණය ගැන අදහස් පළ කිරීමේදී පද විග‍්‍රහය අනිවාර්ය අංගයකි. භාෂාවේ මූලික ඒකකය ශබ්දයයි. ඒ අනුව ශබ්ද ව්‍යාකරණයටෙ ඇතුළත් වන්නේ ශබ්ද මගින් පද සාදා ගැනීමට ආධාර වන හෙයින්ය. සිදත් ස`ගරාවෙහි ‘‘සඳරුත් විදි සියල් – අනුරු සේ පියෝනන්’’ යනු ශබ්දාර්ථ විග‍්‍රයයි. එනම් පද සෑදෙන ආකාරයයි. මීට අමතරව පැරණි ව්‍යාකරණයෙහි පද යන්න විග‍්‍රහ කර ඇත්තේ මෙලෙසිනි.
‘‘විභකත්‍යනතං පදං’’ - විභක්ති අන්ත කර ඇත්තේ පදයි.’’
අත්තජ්ජෝතකා වණ්ණා පදං - අර්ථය බබුලූවන රූපය පදයි.’’
ව්‍යකරණයෙහි පදය සම්බන්‍ධයෙන් දරණ මතය කුමක්ද යන්න උක්ත නිදර්ශන මගින් සනාථ වේ. මීට අමතරව කුමාරතුංග මුනිදාස මහතා පවසන්නේ ‘‘වාක්‍යයක යොග්‍යව සිටි අක්‍ෂර රචනය පද බවයි.’’ එසේම මීට අමතරව නාම, ක‍්‍රියා, නිපාත, ප‍්‍රත්‍ය ආදී සියලූ අර්ථ ජනනය කරන හෙයින් පද වශයෙන්ද හැ`දින්විය හැකිය. ඒ අනුව පදයෙහි ව්‍යාකරණමය වපසරිය උක්ත නිදරිශන මගින් මොනවට විශද වේ.
මෙතෙක් අප පදය, යන්නෙහි ව්‍යාකරණමය හේතු විමසන ලදී. එහෙත් පද සිද්ධිය වාග්විiානුකූලව විමසීමේදී ලැබෙන්නේ මෙවැනි අරුතකි.‘‘වාග්විiානුකූලව භාෂා අධ්‍යයනයේදී පද සිද්ධිය ගැන සලකා බැලීමේදී මෙය හැ`දින්වෙන්නේ පදිම විභාගය වශයෙනි.’’ ඒ අනුව ‘පදිම’ යන්න සාම්ප‍්‍රදායික ව්‍යාකරණයේ හමුනොවන අතර එය අධ්‍යයනය කරනු ලබන්නේ වාග්විiා විෂය ක්‍ෂේත‍්‍රය යටතේය. පදිම හා සමානාර්ථව ඉංගී‍්‍රසියේ යෙදෙන වචනය වන්නේ ‘පදරචයැපැ’ යන්නයි. මින් පසුව ‘පදිම’ කුමක්ද යන්න වෙසෙසා අවබෝධ කර ගත යුතුය. ඒ අනුව ඉතා සරලව දැක්වීමේදී පදිමය යනු අර්ථවත් අවම ඒකකය වශයෙන් සඳහන් කළ හැකිය. එසේම පෙර අපරදිග උගතුන් පවසන්නේ වාක්‍ය විභාගයෙහිලා වැදගත්ම ඒකකය මෙය බවයි. කෙසේවෙතත් පදිම පදිම සම්බන්‍ධයෙන් වාග්වේදීන් විවිධාර්ථවත් නිර්වචන දක්වා ඇත. ඒ අනුව පදිම විග‍්‍රහ කිරීමේදී එම නිර්වචන අපහට මනා අස්වැසිල්ලක් වනු නියතය. එබඳු නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය.
‘‘ පදිම යන වචනය කුඩා අර්ථවත් ඒකකයයි.(ලෙනාඞ් බ්ලූම්පීල්ඞ්*’’
‘‘ කිසියම් භාෂා රූපයක් අන්‍ය කවර හෝ රූපයක් සම`ග ශබ්ද, අර්ථ වශයෙන් අර්ධ සමානත්‍වයක් නොදක්වයි නම් එය සරල රූපයකි. හෙවත් පදිමයකි.(ලෙනාඞ් බ්ලූම්පීල්ඞ්*’’
‘‘ අර්ථවත් අවම කොටස්වලට වෙන් නොකළ හැකි ස්වතන්ත‍්‍ර හෝ බද්ධ රූපය පදිමයයි.(ඉකදජය ්බා එර්ටැර*’’
‘‘ භාෂණයෙහි කුඩාතම වූත් අර්ථවත් වූත් බද්ධ වූ හෝ අබද්ධ වූ ඒකකය පදිමය වේ.(සිමියන් පොටර්*’’
‘‘ භාෂාවේ ආලාපවල අර්ථවත්ව පවත්නා වෙන්වෙන් වශයෙන් යෙදෙන අවම අවයවය පදිමයයි.(හොකට්*’’
උක්ත නිර්වචන අධ්‍යයනය කිරීමේදී වාග්වේදීන් විසින් පදිමය හඳුන්වා ඇත්තේ කෙසේද යන්න මොනවට පසක්වේ. එසේම පදිම යම් සංකීර්ණ ගැටලූවක් බවද මෙමගින් සනාථ වේ. තදෝක්ත කාරණා මගින් ‘පදිමය’ යන්න කුමක්ද බව යම්තාක් දුරට පසක් විය. මීට අමතරව පදිමය සම්බන්‍ධයෙන් කරුණු විමසීමේදී ‘‘භාෂාව සකස් වී ඇති ව්‍යාකරණ පද්ධතිය හා සම්බන්‍ධ මූලික ඒකකය හැඳින්වෙන්නේ පදිමය නමින්ය.’’ එසේම වචනවල සුසංයෝගය එමගින් වාක්‍ය සාධනය සිඳුවන්නේ පදිම එකතු විමෙන්ය. මේ අනුව උක්ත සාධක අනුසාරයෙන් මෙසේ පදිම සංජානනය කළ හැකිය. ඒ අනුව සරල වාක්‍යයක් ගෙන පදිමය මෙසේ අරුත් ගැන්විය හැකිය.
‘‘දැරියෝ මල් කඩති’’
මෙය අර්ථවත් වාක්‍යයක් වී ඇත්තේ පද තුනක ගැළපීමෙනි. ඒ පද ව්‍යාකරණමය සේ අර්ථය අතින් නිදොස් වන්නා සේම එහි අරුත් ගැන්වී ඇති පදිම විමසීමේදී ඉතා සරලව පදිමය යන්න කුමක්දැයි වටහා ගත හැකිය. මෙහිදී පදයෙන් පද විමසීමේදී මුලින්ම ‘දැරියෝ’ යන පදය කොපමණ අවයව සංඛ්‍යාවකට විඛණ්ඩණය කළ හැකිදැයි විමසිය යුතුය. එහි අවසන් අවයවය වන්නේ ‘දරු- ඉ’ යන අවයවයයි. එම අවයව යොදා ගනිමින් ඒහා සමාන පූර්වාපර අවයව අපට සාධනය කළ හැකිය. එහෙත් එහි අවසන් අවයවය වන්නේ ‘දරු’ යන්නයි.
දරු- දරුවා, දරුවන්, දැරිය, දැරියන්, දරුදුක ආදී පූර්ව අවයවත් අඹුදරු, ¥ දරු යන අපූර්වායව තනා ගත හැකිය. ‘දරු’ යන්න තවත් කුඩා අවයවවලට කැඩිය නොහැකිය. ඒ අනුව මෙහි ‘දරු’ යන්න පදිමයයි.
මෙහි ‘මල්’ යන්න විමසා බැලූවහොත් එහි අවසන් අවයවය වන්නේ ‘මල්’ යන්නයි. එම අවයවයෙන් බොහෝ පද මෙසේ සාධනය කළ හැකිය. මල, මල්, මලින්, මල්වලින්, මලට, මල්වලට මෙහි ‘මල්’ යන්න අවසන් අවයවය නිසාවෙන් පද සෑදෙන්නේ එම පදයට අනුවය. ඒ අනුව ‘මල්’ යන්න එහි පදිමයයි. එසේම මෙම වාක්‍යයෙහි ‘කඩති’ යන්නෙහි අවම අවයවය කඩ යන්නයි. එමගින් ‘ කඩ, කඩව, කැඞී, කැඩූ, කඩන, කැඞීම්, පද සාධනය කළ හැකිය. එහෙත් අවම අවයවය වන ‘කඩ’ යන අවයවය පදිමය වශයෙන් හැ`දින්විය හැකිය. යථෝක්ත නිදර්ශනය මෙසේ සුපැහැදිලිව දැක්විය හැකිය.
‘‘දැරියෝ මල් කඩති.’’
දරු/ඉ- ඕ/මල්/කඩ-ති.’’
මෙමගින් පදිම යන්න කුමක්දැයි හඳුනාගත හැකිය. එසේම රූපීමය වශයෙන් සමානත්‍වයක් සලකා පදිම සංජානනය යෝග්‍ය කාරණයක් නොවේ. උදාහරණ වශයෙන්
‘‘පළමු , පරණ
පදනම, පටිය
පදම, පරිප්පු
පළතුරු, පහන
පහසු, පගාව’’
මෙහි ‘ප’ යන කොටස විස්තෘතියට පත්වන හැම මොහොතකම රූපීපමය වශයෙන් සමානය. එහෙත් මෙය රූපීමය වශයෙන් සමාන යැයි සලකා ‘ප’ යන්න පදිමයක් යැයි සැලකිය නොහැක. වාග්වේදීන් පවසන්නේ රූපීමය සාම්‍ය නොවුනත් අර්ථමය වශයෙන් පදිමයක සාම්‍යක් තිබිය යුතු බවයි. මෙම උදාහරණයෙන් උක්ත සාධකය මොනවම පසක් වේ.
ගස්
ගස
ගසට
ගසින්
ගසේ
ගස්වල
මෙහි සෑම තැනකටම ‘ගස්’ යන රූපය පොදුය. විශේෂයෙන්ම රූපයෙන් පමණක් නොව අර්ථයෙන් මෙම රූපයන් සමානය. මෙහිදී ‘ගස්’ යන රූපය මෙහි පදිමය වශයෙන් දැක්විය හැකිය. මෙහිදී අප රූපයෙන් සමාන නොවී අර්ථයෙන් සමාන වන රූපද අධ්‍යයනය කළ යුතු වේ. උදාහරණ වශයෙන්
මම්බොන්නෑ
මන්දන්නෑ
මං මන්දන්නවා
මය්යනවා
මෙහි රූපීමය වශයෙන් වෙනස් වුවද අර්ථමය වශයෙන් පොදු පදිමය වන්නේ ‘මං’ යන්නයි.මීට අමතරව ඉංගී‍්‍රසි භාෂාව අධ්‍යයනය කිරීමේදීද උක්ත කාරණා පොදු සාධකයකි. උදාහරණ වශයෙන් චක්හල චක්හිල චක්හසබටල චක්හැා චක්හමෙකල චක්හටරදමබා යන වචන දැක්විය හැකිය. මෙම ආලාපවල පොදු රූපය වශයෙන් චක්හ යන්න දැක්විය හැකිය. ඒ අනුව උක්ත ආලාපවල පදිමය වන්නේ චක්හ යන්නයි. ඉංග‍්‍රීසි භාෂාවෙහි ැර යන රූපය ක‍්‍රියා පදයක් හා එකතුකිරීමේදී ‘යමක් කරන්නා ’යන අරුත දෙයි. උදාහරණ වශයෙන් අදරනැරල ා්බජැරල අ්සනැරල සෙකකැර මෙම වචන දැක්විය හැකිය. මෙහි ැර යන රූපය පදිමය වශයෙන් හැදින්විය හැකිය. ‘‘ මෙස් සලකා බැලීමේදී පසක්වන්නේ භාෂාවේ ව්‍යාකරණය හා සම්බන්‍ධ වූ මූලික ඒකකය පදිමය බවයි.’’ එසේම භාෂාවේ දක්නට ලැබෙන අර්ථවත් භාවයෙන් යුත් කුඩාම ඒකකය පදිම වශයෙන් හැඳින්විය හැකිය. ඒ අනුව පදිමයක් තවත් අවයවවලට කැඩිය නොහැක. උදාහරණ වශයෙන් ‘පොල්, පුවක්, මල්, ගස් දැක්විය හැකිය. එවා නම් ඒ ඒ රූපයන්හි අර්ථවත් අවම ඒකකයයි. ඒ අනුව තදෝක්ත කරුණු අධ්‍යයනය කිරීමේදී සංකීර්ණ වූ පදිම පංකල්පය සම්බන්‍ධයෙන් යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. එහෙත් පදිම තවත් කොටස් බොහොමයක් ඔස්සේ විස්තර වේ. එමගින් පදිමයෙහි ඇති සංකීර්ණ බව පසක් වේ. විමල් ජී බලගල්ලේ මහතා සිංහල පදිමයන්හි ප‍්‍රභේද මෙසේ ක‍්‍රමානුකූලව විස්තර කර ඇත.
මෙම කාරණා විමසීමේදී පදිම සංජානනය මැනවින් අවබෝධ වේ.
පදිම හා උපපදක
පදිම සම්බන්‍ධයෙන් අවධානය යොමු කිරීමේදී සාකච්ඡුාවට බඳුන් තල යුතු තවත් සුවිශේෂී කාරණාවක් ඇත. එනම් පදිම නමැති ශාඛාවේ ප‍්‍රශාඛාවක් වන උප පදක සම්බන්‍ධයෙනි. මෙහිදී වාග්වේදීන් විසින් උපපදක සඳහා පදාණු යන නාමයද භාවිත කරයි. උපපදක ඉංග‍්‍රීසි භාෂාවේ ්කකදපදරචි යන සමානාර්ථයෙන් යෙදේ. ඒ අනුව මෙහිදී පදිම හා උපපදක අතර ඇති සම්බන්‍ධතාව පිළබඳ විශ්ලේෂණාත්මක අධ්‍යයනයක යෙදේ.
ඒ අනුව උපපදකයක් හෙවත් පදාණුවක් මෙසේ හැඳින්විය හැකිය. ‘‘කිසියම් පදිමයක් නිරූපණය වන අර්ථයෙන් සමාන රූපයෙන් අසමානව යෙදෙන පදක පදාණු ලෙස හැදින්වේ.’’ මෙහිදී උපපදකයට පදිමයෙන් තොර ජීවයක් නොමැති බව පසක් වේ. එසේම උපපදක සෑදෙන්නේ පදිමය මුල්කරගෙනය. උපපදකයේ ප‍්‍රධානියා හෙවත් අයිතිකරුවා පදිමය වශයෙන් අපට අරුත් ගැන්විය හැකිය. මෙමගින් පදිමය හා උපපදකය අතර ඇති සම්බන්‍ධතාව මොනවට පසක් වේ. ඒබ ව මෙම උදාහරණ මගින් තවදුරටත් පසක් වේ.
දැරියෝ/ දරු-ඉ- ඕ/දැර්/දැරි
දැරියෝ යන රූපයේ පදිමය වන්නේ ‘දරු’ යන්නයි. එම පදිම රූපයට අනුව දැර්/දැරි යන රූප මගින් පද සාධනය කර ගත හැකිය. එහිදී දැර්/දැරි යන රූප දරු යන පදිමයේ උපපදක වේ. මන්ද, දරු පදිමයේ අවයව මූලික කරගෙන දැර්/දැරි යන උපපදක මගින් පද සෑදෙන බැවිනි. එසේම ‘කඩති’ යන ක‍්‍රියා රූපයේ කඩ/කැඞ් යන උපපදක දැකිය හැකිය. ඒ අනුව පදිමය වගින්ම සැදී සමාන අර්ථයක් දෙමින් උපපදක විවිධ රූපවල යෙදේ. මෙහිදී අපට දැකගත හැකි උපපදක දක්නට ලැබෙන්නේ පදිමයක් තුළමය. ‘‘පදිමයක් තුළ පවත්නා වෙනස් රූප හැදින්වීම සඳහා උපපදක (පදාණු* භාවිත කෙරේ.’’ මෙම උදාහරණය මගින් උක්ත කාරණය මොනවට පසක්වේ.
1. ් නබසෙැ දබ එයැ ඒඉකැ
2 ඔඅද නබසඩැි දබ එයැ ඒඉකැ
මෙහි පළමු රූපය ඒකවචනය නබසෙැ වශයෙන් යෙදී ඇති අතර එය බහු වචන වූ විට ෙැ අයින් වී ඩැි පැමිණේ. ඩැි යන්න ෙැ නමැති පදිමයේ උපපදකයයි. එහිදී උක්ත පදිමයේ රූපය වෙනස් වුවද අර්ථයෙන් සමාන වී එනම් පදිමයේ ඇති වෙනස් රූප ප‍්‍රකට කිරීමට ද උපපදක භාවිත වන බව පසක් වේ.
පදිමය යනු රූපය අතින් අසමානවුවද අර්ථය අතින් සමාන දෙයකි. එම අසමාන රූපවල අසමාන උපපදකද යෙදේ. එහෙත් එම උපපදක එක් ප‍්‍රධාන පදිමයක උපපදකයක් බවට පත්වේ. උදාහරණ වශයෙන් ඉංග‍්‍රීසියේ බහුවචනාර්ථය යෙදීමට භාවි. කරන ප‍්‍රධාන රූපය වන්නේ ි යන්නයි. එහෙත් ඊට අමතරව යෙදෙන රූපද අපට දැකගත හැකිය.
ජ්එි- ි
ාදටි- ‘
රදිැි- ්ි
ඥි=\ ිඬ‘ඬ්‘* මෙහි ි යන්න බහු වචනාර්ථය සඳහා දී ඇත. එහෙත් ඊට අමගරව යෙදී ඇති ‘ ්ි යන කොටස් අදහස් කරන්නේ ද බහු වචනයයි. ඒ අනුව ි නමැති පදිමයේ උපපදක ලෙස ‘ ්ි මෙම රූප දැක්විය හැකිය. පදිම තුළ වෙනස් ආකාරයෙන් උපපදක යෙදෙන අයුරු උක්ත නිදසුන් මගින් සනාථවේ. මෙවැනි ලක්‍ෂණ සිංහල භාෂාවේද දක්නට ලැබේ. ‘වත්’ ‘මත්’ නමැති තද්ධිත ප‍්‍රත්‍ය විමසීමේදී ඒබ ව පැහැදිලි කර ගත හැකිය.
ඇති අර්ථයේ
(බුද්ධිමත්* මත් (නැණවත්* වත්
මෙහි අර්ථයෙන් සමාන වුවද රූපයෙන් අසමානය. මෙහිදී ‘වත්’ ප‍්‍රත්‍ය බහුලව යෙදෙන නිසා ‘වත්’ නමැති පදිමයේ උපපදක ලෙස ‘වත්, මත් යන ප‍්‍රත්‍ය දැක්විය හැකිය. එසේම නැත යන අර්ථය යෙදීම සඳහා නි, අ, නො යන රූප යොදා ගනී.
නි(නිරෝද*
නැත අ(අකුසල්*
නො(නොතනි*
මෙහි ‘අ’ අවයව බහුලව යෙදෙන හෙයින් ‘අ’ පදිමයේ උපපදක ලෙස ‘අ,නි,නො’යන රූප දැක්විය හැකිය.
නි
{අ= නො
(අ*
ඒ අනුව මෙහි යම් සංකීර්ණ බවක් දක්නට ලැබේ. මෙහිදී අර්ථකථනයෙන් සමාන වුවත් රූපයෙන් අසමාන උපපදක භාෂාවේ දක්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. එ අනුව ‘‘ කිසියම් පදක සමූහයක් පදාණු වශයෙන් ගෙන එක් පදිමයක් යටතේ සලකා බැලීම ඒ අතර පවත්නා ආනුපූරක විස්තෘතිය නිසාවෙනි.’’ ඒ අනුව උපපදක ගැන කරුණු විමසීමේදී ආනුපූරක විස්තෘතිය අමතක නොනල යුතු කාරණයකි. උක්ත කාරණා අධ්‍යයනයේදී අවධානය යොමු කල යුතු කාරණා කිහිපයකි.
x ශබ්දිම විචාරක හේතු
x පදිම විචාරක හේතු
x ව්‍යාකරණාත්මක හේතු
උපපදක විවිධාකාරයේ රූප ගන්නේ මෙම හේතු නිසාවෙනි. මෙම කරුණු වෙන වෙනම ගෙන විමසීමේදී ඒබ ව මොනවට පසක් වේ. ඒ අනුව ඇතැම් උපපදකවල වෙනස්වීමට බලපානුයේ ශබ්දිම හේතු කාරණාය. උදාහරණ වශයෙන් උක්ත සාධකවල අධ්‍යයනය කළ ‘වත්, මත්’ රූප දැක්විය හැකිය. මේවා වෙන් වෙන් වශයෙන් යෙදීමට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ශබ්දිම හෙතු කාරණාය. ‘ඉ,ඊ,උ,ඌ යන රූපයන්හි අවසන් වන පද ‘මත්’ ප‍්‍රත්‍ය ලෙසටත් ‘අ,ආ,ඇ යන රූපයන්ගෙන් අවසන් වන පද සඳහා ‘වත්’ ප‍්‍රත්‍යයත් යෙදේ.
මත්- ඉ, ඊ, උ, ඌ
{වත්=
වත්- අ, ආ, ඇ
මීට අමතරව
සම් - සම්භාෂණ / සම්පූර්ණ
සන් -සන්නිවේදන / සන්දර්ශන
සං- සංයෝග / සංවිධාන
මෙහි සං යන පදිමයෙහි උපපදක ලෙස සන් සං සම් දැක්විය හැකිය. එහෙත් ඒවා වෙන වෙන පදානුවල රූප ගන්නේ ශබ්දිම බලපෑම නිසාය.
(සම්*-ප- බ
{සන්= (සන්*-ග-ඩ
සන්-ය-ප
ඉංග‍්‍රීසි භාෂාවේ මෙම කරුණු දැකගත හැකිය. උදාහරණ වශයෙන්
සර- රුටමක්ර
සප- ච්එසැබඑ
සක-කදටසජ්ක
නැත යන අර්ථය සක පදිමයයි සැලකුවහොත් එයට අදාළ පදාණු සරල සපල සක ලෙස දැක්විය හැකිය.
සර
සක සප
සක
ඒ අනුව ශබ්දිම නිසාවෙන් රූපය වෙනස්වන පදාණු (උපපදක* උක්ත සෝදාහරණ මගින් පසක් විය. එසේම පද හෙතු නිසාද රූපයෙන් වෙනස්වන උපපදක දැකගත හැකිය. එය පදිම නිගමිත මූලධර්ම හෙවත් පදිම විචාරාත්මක හේතු වශයෙන් දක්වයි. මෙහිදී සිදුවන්නේ පද ගොනුවක් නිසාවෙන් ඒ සඳහා යෙදෙන පදාණු හෙවත් උපපදක වෙනස් වීමයි. උදාහරණ වශයෙන් සිංහල භාෂාවෙහි බහු වචනාර්ථ ප‍්‍රකාශනයෙහිලා ‘ලා, වරු, ඌ, ඕ, වල් ආදී උපපදක රාශියක් දැකගත හැකිය. ඒවා ‘ලා’ පදිමයෙහි පදාණු යෙවත් උපපදක වශයෙන් ගැනේ. ඒ අනුව එම උපපදක යෙදීය තීරණය වන්නේ එම වචන ගොනු මතය. උදාහරණ වශයෙන් මෙසේ දැක්විය හැකිය.
ලා- නංගිලා, අම්මලා, තාත්තලා, නැන්දම්මලා,
වරු- ලාමාවරු, හිමිවරු, රජවරු
උ-ඇත්තු, කුකුල්ලූ
ඕ- යාළුවෝ, ශිෂ්‍යයෝ, කන්තාවෝ
වල්-රටවල්, පාරවල්, (හරක්,ගස්,මල්*
ඒ අනුව උක්ත නිදර්ශන අධ්‍යයනය කිරීමේදී එම උපපදක පද ගොනු මත තීරණය වී යෙදෙන බව පසක් වේ. ඉංග‍්‍රීසියේද එම ලක්‍ෂණය දැක ගත හැකිය.
්බඑස- ටදඩැරබපැබඑ
මබ-ජදපදෙරඒඉකැ
ාසි්ාඩ්බඒටැ
මෙහි සක යන පදිමයේ පදාණු ලෙස අනෙත් රූප යෙදී ඇත. මෙම පදාණු හෙවත් උපපදක යෙදෙන්නේ පදයට අනුවය. ඒ අනුව උක්ත සෝදාහරණ මගින් පද ගොනු නිසාවෙන් පදාණු රූප වෙනස් වන අයුරු පැහැදිලිවිය. එසේම ‘‘ කිසියම් පදිමයකට අදාළ පදාණු යෙදීම තීරණය වන්නේ කිසියම් ව්‍යාකරණ ලක්‍ෂණයක් මත නම් එබඳු පදාණු හෙවත් උපපදක ව්‍යාකරණ නිගමිත පදාණු වේ.’’ ඒ අනුව ව්‍යාකරණ හේතු නිසා පදාණු යෙදෙන ආකාරය මෙසේ දක්විය හැකිය. උදාහරණ වශයෙන් සිංහලයේ අනියමාර්ථය සනිටුහන් කිරීමට ‘එක්, අක්, අක් ’ යන පදිණු යෙදේ මෙහි පදිමය වන්නේ ‘එක්’ යන්නයි.
එක්, පුරුෂ ලිංග, (මිනිසෙක්*
එක් අක්, ස්ත‍්‍රී ලිංග, (ගැහැණියක්*
අක්, නපුංසක ලිංග, (ගසක්*
මේවායෙහි යෙදීම් තීරණය වන්නේ ලිංග භේදය අනුවයි.ලිංග භේදය යනු ව්‍යාකරණයේ අංගයකි. ඒ අනුව පදිමයක උපපදක ව්‍යාකරණ හේතු නිසාද වෙනස් වන බව මින් පැහැදිලි වේ. මීට අමතරව උපපදක, ශබ්දිම බදිම නිගමිත මූලධර්ම අනුවද වෙනස් වේ. තදෝක්ත කාරණා අධ්‍යයනයේදී පදිම උපලදක සම්බන්‍ධයෙන් පරිපූර්ණවත් අවබෝධයක් ලැබිණ. ඒ අනුව පසක් වූවේ කිසියම් පදිමයක පදක කිහිපයක් නිරූපණය වේ නම් එම පදක උක්ත පදිමයේ උපපදක ලෙස දැක්විය හැකිය. පදිමයක් තුළින් ගොඩනැගී එහි රූපයෙන් අසමාන වුවද අර්ථයෙන් සමානවී පදිමයේ කොටස් වශයෙන් යෙදෙන්නේ උපපදකයි. ඒ අනුව පදිම හා උපපදක විශ්ලේෂණය කිරීමේදී පදිම හා උපපදක සෑදෙන අයුරු ඒවායෙහි දක්නට ලැබෙන සම්බන්‍ධතා මනාව මෙහිදී අධ්‍යයනය කෙරිණි.
වාග්විiාවේ නිරූපිත පදිම සංකල්පය සම්බන්ධයෙන් උක්ත නිබන්ධයෙහිදී කරුණු දක්වා ඇත. එහිදී පදිම සංකල්පය ඉතා සංකීර්ණ සංකල්පයක් බව තදෝක්ත සාධක අධ්‍යයනයේදී මොනවට පසක් විය. එහිදී සිංහල භාෂාවේ සේම ඉංග‍්‍රීසි භාෂාවේද පදිමයක් සංජානනය කළ හැකි අන්දම මුලින්ම අධ්‍යයනය කරන ලදී. එහිදී පදිමයක් වෙන් කර ගත යුත්තේ කෙසේද යන්න සෝදාහරණව ඉදිරිපත් කරන ලදී. පදිමය කුමක්ද යන්න සම්බන්ධයෙන් ප‍්‍රධාන නිර්ණායකයකට පැමිණිය නොහැක. එබව වාග්වේදීන්ගේ නිර්වචන අධ්‍යයනයේදී විශද විය. එහෙත් අවසාන වශයෙන් පදිමය යනු අර්ථවත් අවම ඒකකයක්යැයි යම් නිගමනයකට අපට එළඹිය හැක. පදිම රූපයෙන් අසමාන වුවද අර්ථයෙන් සමාන විය යුතුය. ඒ සම්බන්ධයෙන් යථෝක්ත නිබන්ධයේදී මනාව කරුණු දක්වා ඇත. මීට අමතරව පදිමයෙහිම කොටසක් වන උපපදක සම්බන්ධයෙන්ද විමර්ශනාත්මක අධ්‍යයනයක යෙදී ඇත. පදිම අර්ථයට සමානව විවිධ අවයවවලින් උපපදක සෑදී ඇත. එබැව් මනාව වටහා ගත හැක්කේ ආනුපූරක විස්තෘතියට අනුවය. ඒ අනුව උක්ත නිබන්ධය මගින් පදිම සංජානනය යන්න කුමක්ද යන්න සහ උපපදකයන්හි ස්වභාවය විමර්ශනාත්මකව අධ්‍යයනය කර ඇත.
මිනිසා විසින් නිපද වන ලද උපකරණ අතර සුවිශේෂීම උපකරණය ලෙස භාෂාව හැ`දින්විය හැකිය. අප එදිනෙදා දිවිය ගත කරන විට භාෂාවෙහි ඇති ප‍්‍රයෝජනත්වය, අවශ්‍යතාව කෙතරම්ද යන්න මොනවට පසක් වේ. මෙම භාෂාව මිනිසා සේම සත්වයාගේද අදහස් සන්නිවේදනය කිරීමේ මාධ්‍යයයි. අනුක‍්‍රමයෙන් ලොව දියුණු වන විට මිනිසා එක් එක් අංශ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට විෂය ක්‍ෂෙත‍්‍රයන් යොදාගත්තේය. සමාජය සම්බන්ධයෙන් සමාජ විi ාවත් මනස සම්බන්ධයෙන් මනෝවිi ාවත් උදාහරණ වශයෙන් දැක්විය හැකිය. ඒ අනුව මිනිසාගේ භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරනු ලබන්නේ වාග්විද ්‍යාවෙනි. එම වාග්විi ාවෙහි ප‍්‍රචලිත විෂය ක්‍ෂෙත‍්‍රයක් ලෙස විග‍්‍රහාත්මක වාග්විi ාව දැකිය හැකිය. මෙම විග‍්‍රහාත්මක වාග්විi ාව ඔස්සේ අධ්‍යයනය කරනු ලබන සුවිශේෂී කාරණාවක් ලෙස පද විචාරය දැකිය හැකිය. ඒ අනුව මම මෙම නිබන්ධයේදී පද විචාරයේ දැක්වෙන පදිම සංකල්පය හා උපපදක සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක අධ්‍යයනයක යෙදීමට යත්න දරම
ආශි‍්‍රත ග‍්‍රන්‍ථ නාමාවලිය
ප‍්‍රාථමික මූලාශ‍්‍රය
සිදත් ස`ගරා මීමංසා. (සංස්.*. අත්තනායක එම් හේරත්, ස්ටැම්පර්ඞ් ලෙක් ප‍්‍රකාශනයකි, පන්නිපිටිය, 2000.
ද්වතීයික මූලාශ‍්‍රය
කරුණාතිලක, ඩබ්.එස්.(ඇතුළු පිරිස*. වාග්විද්‍යා ප‍්‍රවේශය, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ,කොළඹ 10. 2004.
බලගල්ලෙ, විමල් ජී. සිංහල භාෂා අධ්‍යයන ලිපි, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10,2007.
මුනිදාස, කුමාරතුංග. ව්‍යාකරණ විවරණය, ගුණසේන සහ සමාගම, කොළඹ 11,1969.
සිල්වා, සුගතපාල ද. විග‍්‍රහාත්මක වාග්විද්‍යාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, රාජගිරිය, 1963.
තෘතීයික මූලාශ‍්‍රය
සාහිත්‍යය2001 කලාපය.(සංස්.*. අනුර වික‍්‍රමසිංහසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, බත්තරමුල්ල, 2001.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment