UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ‘‘ශබ්ද හා සංකේත ඇසුරින් භාෂාව ඇතිවීම පිළිබඳ කෙටි විමසුමක්’

Tuesday, December 10, 2013

‘‘ශබ්ද හා සංකේත ඇසුරින් භාෂාව ඇතිවීම පිළිබඳ කෙටි විමසුමක්’

‘‘ශබ්ද හා සංකේත ඇසුරින් භාෂාව ඇතිවීම පිළිබඳ කෙටි විමසුමක්’’ ආදි මානවකයන් මිනිසා යන නාමධාරී වූයේ චින්තනයත් සමගිනි.එම නිසාම ර්‍ණයදපද’’ සිතන ලද හා සිතීමට ශක්තිය ඇති යන විශේෂණ නාමයෙන් හදුන්වනු ලැබිණි. එතැන් සිට මානවයන් විවිධ සිදුවීම් හා අත්දැකීම් අන්‍යයන් සම`ග බෙදා ගනිමින් තම චින්තන ශක්තිය වර්ධනය කරගත්තේය. පසුව මානවයන්ගේ කපාල ධාරිතාව වර්ධනය විය.මුලින්ම භාෂාව වනාහි මිනිසා විසින් නිපදවා ගන්නා ලද සුවිශේෂී නිර්මාණයක් වූයේය. එය මෙතෙක් සොයා ගන්නා ලද සියලූම නිමැවුම් අතරින් සුවිශේෂී වූවකි. මන්දයත් එහි ඇති අගය, වටිනාකම මිල කිරීමට නොහැකි මට්ටමක පවතියි.‘‘භාෂාව වනාහි සමාජයේ වසන ජනයා උනුනු හා සබ`දකම් පැවැත්වීම පිණිස යොදි ගනු ලබන වාගාලාප වලින් සැදුණකැයි නිලමනය කළ හැකිය.’’ භාෂාව සොයා ගැනීම සම්බන්‍ධයෙන් විවිධ උගතුන් නිම_ාණවාදී මත හා පරිණාමවාදී මත ඉදිරිපත් කර ඇත. භාෂාව ‘‘මිනිසා විසින් තම අදහස් හා හැඟීම් ප‍්‍රකාශ කිරීමට, අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කරගැනීමට උපයෝගී කරගනු ලබන ප‍්‍රධාන මාධ්‍යයි.’’ භාෂාව උපයෝගී කරගැනීමත් සමඟ අතීත මිනිසා ශිෂ්ට සම්පන්න වූ අතර එම ‘‘ශිෂ්ට සමාජය සාමාජික නීතියෙන් රැුකේ. එමෙන්ම ශිෂ්ට භාෂාව ව්‍යාකරණය නම් වූ භාෂා නීතියෙන් රැුකේ’’ යනු මුනිදාස කුමාරතුංග මහතා ප‍්‍රකාශ කරයි. සංස්කෘත කාව්‍යාදර්ශ නම් වූ ආලංකාරික ග‍්‍රන්‍ථයේ ‘‘ ඉධමන්‍ධං තම: කෘෂ්ණං , ජායෙත භුවනත‍්‍රයං , යදි ශබ්දාහ්වයද ජොතිං , රාසංසංර න දීප්‍යතේ ’’ මේ ලොකයේ භාෂාව නැමැති ආලෝකය නොමැත්තේ නම් මුළු ලොවම අන්‍ධකාරයෙන් යුතු බව දක්වයි. භාෂාව නම් ‘’භාෂක සමාජයක සාමාජිකයන් සන්නිවේදනය ස`දහාත් අදහස් ශබ්දයෝගී කර ගනු ලබන්නකි’’ . භාෂාව නිපදවා ගැනීමත් සම`ග මීට අවුරුදු 5000කට පමණ පෙර ලේඛණය පිණිස චිත‍්‍රාක්‍ෂර භෘවිත කර ඇත.භාෂව තුළින් ප‍්‍රකාශ කළ තැනැත්තා අභිමුඛයේ නොමැති වූවත් අදහස් අවබෝධ කර ගැනීමට හැකිය. ශබ්ද ලියා දැක්වූ විට කිසියම් සංකේත විශේෂයක් බවට පත්වෙයි. එම සංකේත ස* අකුරු සස* අක්‍ෂර සසස* අක්‍ඛරා සඩ* ්කචය්ඉැඑ යන නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. භාෂාවක පවතින කුඩාම අංගය ශබ්ද වන අතර එම ශබ්ද සංකේත ඇසරින් යම් යම් රටාවන්ට අනුව සංයෝග කිරීමෙන් වචන, වාක්‍ය ආදී භාෂාංගයන් නිපදවා ගත හැකිය. ජීවමාන භාෂාවල පමණක් නොව මළ භාෂාවන් (නිදසුන් : සංස්කෘත, පාළි වැනි* තුළද පවතින මූලික ශබ්ද ලියා දක්වන්නේ ඉහත දක්වන්නට යෙදුණු පරිදි වාණ_ මාලාව ආශ‍්‍රයෙනි. කෙසේ වතුඳු මෙහිලා සිහිකළ යුතු ප‍්‍රධානම කරුණ වන්නේ භාෂාවක පදනම වන්නේ ශබ්ද හා ඒවා ලියා දක්වන අක්‍ෂර බව සැලකිය යුතු බවය. ‘‘සිංහල භාෂාවට ඒ ඒ අවධීන්ට අයත් වූ වණ_ මාලා’’ ජීවමාන භාෂාවක කථා ව්‍යවහාරයේ පවතින මූලික ශබ්ද ලියා දක්වන සංකේත හෝඩිය වේ. මළ භාෂාවක හෝඩියක් පැවතුනද ජීවමාන ස්වභාවයේ නැත. ‘‘ලේඛණයේ කුඩාතම අංග අකුරුයි. සිංහල භාෂාවට අයත් විවිධ ශබ්ද ලියා දැක්වීම පිණිස නිපදවා ගන්නා ලද අක්‍ෂර මාලාවක් සිංහලයේ ඇත. අක්‍ෂර මාලාව හෝඩිය යනුවෙන් ද හැදින්වෙයි.’’ සිංහල භාෂාවට අයත් සියලූම අකුරු සම්මත පිළිවෙළකට පෙළ ගැස්වීමෙන් අක්‍ෂර මාලාව සැකසී ඇත. ඊට සිංහල හෝඩිය යැයි කියනු ලැබේ. සිංහල භාෂාවේ ඉතිහාසය අවුරුදු දෙදහසක් පමණ ඉපැරණි වන අතර එය යුගයෙන් යුගයට විවිධ සංස්කරණයන්ට, නොයෙක් වෙනස්කම්වලට භාජනය වෙමින් පැවතගෙන එන්නකි. ආරම්භක අවධියේ නොවැඩුණු, නොපැසුනණු ගතියක් පෙන්නම් කළද අනාදිමත් කාලයක් ගතවීම නිසා අද වනාහි අතුපතර විහිදිගිය මහා වෘක්‍ෂයක් සේ දිස්වන්නේය. සිංහල භාෂාව ඒ, ඒ, අවධීන් තුළ විද්‍යමාන වූ අක්‍ෂර මාලා පහත පරිදි සංක්‍ෂිප්තයෙන් ඉදිරිපත් කළ හැකිය. ස* සිංහල ප‍්‍රාකෘත යුගයේ වණ_ මාලාව ස්වර = අ, ඉ, උ, එ, ඔ ව්‍යංජන = ක, ග, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම, ය, ර, ල, ව, ස, හ, ළ සස* මධ්‍යතන යුගයේ පද්‍යසාහිත්‍යය තුළ දැකිය හැකි වණ_ මාලාව ස්වර = අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, එ, එ්, ඔ, ඕ ව්‍යංජන = ක, ග, ඟ, ජ, ඡු, ට, ඩ, ණ, ඬ, ත, ද, න, ඳ, ප, ඛ, ම, ය, ර, ල, ව, ස, හ, ළ, (අඃ* මේ අවධියේ ගද්‍ය සාහිත්‍යය තුළ සෘ, සෲ යන ස්වරද ඛ, ෂ, ජ, ඣ, ඤ, ධ්, ඪ, ථ, ධ, ඵ, භ, ශ, (අඃ*, යන ව්‍යංජනයන්ද දැකිය හැකිය. වර්තමානයේ අපට පරිශීලනය කළ හැකි විද්‍යාමානව පවතින පැරණිම ව්‍යාකරණ කෘතිය වන සිදත් සඟරාවේද වණ_ මාලාවක් දක්වා තිබෙයි. එය මෙසේය, *සිදත් සඟරා හෝඩිය ‘‘පණකුරු පසෙක් එ ද - ලූහු ගුරු බෙයින් දස වේ ගතකුරුද වේ විස්සක් - වහරට යුහු සියබස ’’ ස්වර = අ, ආ, ඉ, ඊ, උ, ඌ, එ, ඒ, ඔ, ඹ් ව්‍යංජන = ක, ග, ජ, ට, ඩ, ණ, ත, ද, න, ප, බ, ම, ය, ර, ල, ව, ස, හ, ළ (අං* යනුවෙනි. නමුත් සිදත් ස`ගරාව තුළ ඇ හා ඈ යන අක්‍ෂර භාවිත කර ඇත. එම නිසා එහි වර්ගීකරණය සදොස් ය. නමුත් එය පද්‍ය කරණය ස`දහා රචනා කර ඇති බවට ද බොහෝ සාක්‍ෂි ඉදිරිපත් කළ හැක. ‘‘නූතන සිංහල වණ_ මාලාව හඳුන්වා, එය උච්චාරණ ලක්‍ෂණ අනුව වර්ගීකරණය කිරීම’’ සිංහල හොඩිය විවිධ යුගවලදී කාලීන අවශ්‍යතා සලකා විවිධ වෙනස්කම් ඇති වී තිබේ. විදේශීය ආක‍්‍රමණ සම`ගින් එහි විවිධ එකතුවීම් ස`දහා බලැපෑම් එල්ල විය. සමීප අතීතයේදී සිංහල හෝඩියේ අක්‍ෂර 54 පැවතුණු අතර පසුව 60 දක්වා වර්ධනය විය .නූතන සිංහල වණ_ මාලාව අකුරු 61 කින් සමන්විත වෙයි. දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් පැමිණි නිසා අනාගතයේදී තවදුරටත් අක්‍ෂර වණ_ මාලාවට එක්වීමට ඉඩකඩ ඇත. වර්තමානයේදී නොයෙක් විද්වතුන් විවිධාකාරයට වණ_ මාලාව ඉදිරිපත් කර ඇති නමුත් මෙහිලා අපගේ විමසුම යොමු වන්නේ ජාතික අධ්‍යාපන ආයතනය මඟින් සම්මත කර තිබෙන වණ_ මාලාව හඳුන්වා එය උච්චාරණ ලක්‍ෂණ අනුව වර්ග කොට දැක්වීමය. ජාතික අධ්‍යාපන ආයතනයේ සම්මත වණ_ මාලාව ස්වර = අ, ආ, ඇ, ඈ, ඉ, ඊ, උ, ඌ, සෘ, සෲ, ඏ, ඐ, එ, ඒ, ඓ, ඔ, ඹ්, ඹෟ, (අ*ං, (අ*ඃ ව්‍යංජන = ක, ඛ, ග, ඝ, ඬ, ඟ ච, ඡු, ජ, ඣ, ඤ, `ජ ට, ඨ, ඩ, ඪ, ණ, `ඩ ත, ථ, ද, ධ, න, `ද ප, ඵ, බ, භ, ම, ඔ ය, ර, ල, ව ශ, ෂ, ස, හ, ළ ෆ යන අක්ෂරයන්ය. ස්වර යනු තනිව උච්චාරණය කිරීමට හැකි අක්‍ෂරයන්ය. එවැනි අක්‍ෂර නූතන සිංහල වණ_ මාලාව තුළ 18 ක් ඇති අතර ස්වරයන්ගේ ප‍්‍රභේද රාශියකි. ඒවා මෙසේය. හ‍්‍රස්ව - එක්ජ ස්වර දීර්ඝ - දවිජ ස්වර නම්‍ය ස්වර - එක ස්වභාව ස්වර අනම්‍ය ස්වර - ද්වි ස්වභාව ස්වර වශයෙනි. ස්වරයන්ගේ උපකාරයෙන් උච්චාරණය පහසු වන අකුරු ව්‍යංජන නම්වේ. ස්වර දහ අට හැර ඉතිරි සියල්ල ව්‍යංජන අකුරු නම් වේ. එහිදි අනු ප‍්‍රභේදන් රාශියකි. එවා මෙසේය. වර්ගාක්‍ෂර - අල්පප‍්‍රාණ වර්ගාන්ත - මහප‍්‍රාණ ඝෝෂ - අනතඃස්ථ අඝෝෂ - ඌස්මාක්‍ෂර යනුවෙනි. අක්ෂර මාලාව උච්චාරණ ලක්‍ෂණ අනුව වර්ගීකරණය කිරීම අක්‍ෂර උච්චාරණය කිරිමට අවශ්‍ය හා උපකාරීවන අවයව හා අංග ශබ්දොච්චාරණ ඉන්‍ද්‍රිය පද්ධතිය නමින් හැදින්වේ.මෙම ඉන්‍ද්‍රීය පද්ධතිය කාලයත් සම`ග උච්චාරණය ස`දහා උචිත අයුරින් සැකසී ඇත.මෙම පද්දතියට ශ්වාස නාලය , මුඛ විවරය , හා නාසිකා විවරයට වැනි අවයවවලට සීමා වේ. එසේ වුවද අක්‍ෂර උත්පත්තිය ස`දහා පෙනහලූවලින් වායු ධාරාවක් පැමිණීම අවශ්‍ය වන බැවින් එයද ශබ්දොච්චාරණ පද්ධතියට උපකාරී වන අතිරේක අවයවයක් වශයෙන් සළකනු ලැබේ.උච්චාරණයේදී චලනය වන අවයව කරණ නම් වේ. උච්චාරණයේදී නිශ්චලව පවතින අවයව ස්ථාන නම් වේ. ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීමට සැකසී ඇති පෙනහළු තුළින් සිදුවන අතිරේක කාර්යයක් නම් ශබ්ද නිපදවීම ස`දහා පෙනහළුවලින් වාතය විදීමයි. පෙනහළුතුළට වාතය ඇතුළු වීමේදී ශබ්ද උච්චාරණය කළ නොහැකිය. ශබ්ද තන්ත‍්‍රී යන්න ශ්වාස නාලය හරහා ඉදිරිපස සිට පසුපසට විහිදී ඇති ශ්ලෙස්මවත් පටල දෙක මේ නමින් හැදින්වේ.මෙය ප‍්‍රධාන ක‍්‍රියාකාරීත්‍වයන් තුනකදී වැදගත් වේ. 01*. ශබ්ද තන්ත‍්‍රි ශ්වාස නාලය හරහා විහිදි එකට නැවැතී වායුව කිසිසේත් පිට විය නොදි නැවත එකවර ම විවෘත කර වායුව පිට කිරීමෙන් ශබ්ද නිපදවීම එක් ක‍්‍රමයකි. 02*. ශබ්ද තන්ත‍්‍රී හරහා වායුව ගමන් කළ නොහැකි තරමට තද නොවී පෙනහළුවලින් එන වායුව මගින් ඉදිරියට තල්ලූ වී අතරින් වායුව පිටවිය හැකි පරිදි එකිනෙකට ළංවී වායුව වැළකීම දෙවැනි ක‍්‍රමයයි.මෙම ක‍්‍රමයට උපදින ශබ්ද ඝෝෂ නම් වේ. 03*. ඝෝෂ ශබ්ද නිපදවීමේ තරම් ළං නොකොට පහසුවෙන් වායුව පිට විය හැකි පරිදි තරමක් විවෘතව පවත්නා විට වායුව ශබ්ද තන්ත‍්‍රීන්ගේ ගැටීමෙන් පමණක් ගමන් කරන්නට සැලැස්වීම තෙවන ක‍්‍රමයේදී සිදු වේ. ‘හ’ කාරය කීමේදී මෙලෙස ශබ්දොත්පාදන ඉන්‍ද්‍රිය ක‍්‍රියා කරයි. මිනිසාගේ දිව පිහිටා ඇති ස්වභාවය අනුව පහසුවෙන් කතා කළ හැකිය.අනෙකුත් සතුන්ගෙන් මෙය වෙන්කර දැක්විය හැක. ගිරවුන් මිනිසුන්ගේ හ`ඩ අනුකරණය කළ හැක්කේ දිව උඩු තල්ලේ ශ්පර්ශ කළ හැනි බැවිනි. කණ්ඨාග‍්‍රය ශ්වාස නාලය , මුඛ විවරය හා නාසිකා විවරය සම්බන්‍ධ කරනුයේ කණ්ඨාල‍්‍රය මගිනි.මෙය පළල් කිරීම තුළින් ශබ්දවල ගැඹුරුබව මෙන්ම උදාරබවද ඇති වේ. ශබ්ද තන්ත‍්‍රී මගින් නිපදවන ස්වර ශබ්ද මුව විවරයේදී කිසිදු බාධාවකින් නිදහස් ලෙස පිටවේ. මුවෙහිදි ස්වර සදහා විශාල අවහිරයක් සිදුවන්නේ නම් ඒවා ව්‍යංජන බවට පත්වේ. නමුත් ඒවා විවිධ ශබ්දවලට හැරෙන්නේ මුව තුළදී ය. මුව තුළදී සම්පූර්ණව හෝ අර්ධව බාධක නොවූවත් ශබ්ද විවිධත්‍වයට හැරවීම ස`දහා ශබ්ද ධාරා ගමන් කරන මාර්ගයේ හැඩය විවිධාකාර වේ. මෙම හැඩය වෙනස්වීම සිදු වනුයේ වර්ග ව්‍යංජන නිපද වීමේදී බාධක වූ ස්ථාන පහ තුළදීය. කණ්ඨජ ස්වරයන් කණඨයත් ජිව්හා මූලයත් මගින්ද , තාලූජ ස්වර නිපදවීමේදී තල්ලත් ජිව්හා මධ්‍යයත් මගින්ද , මූර්ධජ ස්වර නිපදවීමේදී තල්ලේ මුදුනතත් දිවෙහි තුඩත් මගින්ද දන්නජ ස්වර නිපදවීවේදී දත් මුල් හා ජිහ්හාග‍්‍රය මගින්ද ඕෂ්ඨජ ස්වර නිපදවීමේදී දෙතොල් මගින්ද වායු මාර්ගයේ හැඩය වෙනස් කරනු ලැබේ. මෙසේ ව්‍යංජන ශබ්ද නිපදවන ස්ථානවලදීම කරණයත් සථානයත් මගින් වායු මාර්ගය හැඩගස්වා ශබ්ද වෙනස් අතට හරවන හෙයින් එ්වා ස්වර උපදවන ස්ථාන සේ සලකා පූර්වාචාර්යවරුන් ස්ථාන අනුව ස්වර වර්ග කර තිබේ.මෙසේ අ , ඉ , ඍ , ,උ යන කේවල ස්වර ප‍්‍රධාන ස්ථාන පසටත් එ, ඓ ,ඔ, ඖ යන සන්‍ධි ස්වර හෙවත් ද්විජ ස්වර කණ්ඨතාලූජ හා කණ්ඨෝෂ්ඨජ යනුවෙන් මිශ‍්‍ර ස්ථාන දෙකකටත් වෙන් කර තිබේ . සංස්කෘත භාෂාවේදී හ‍්‍රස්ව දීර්ඝ භේදයට අමතරව ප්ලූත නමින් විශේෂයක් හදුන්වා දී ඇත .ස්වර ශබ්ද උච්චාරණය අනුව පූර්ව ස්වර , අපර හා මධ්‍ය ස්වර වශයෙන් වර්ගීකරණය කර ඇත.දිවේ උස් පහත් වීම හා මුඛය විවෘත වීම අනුව සංවෘත , අර්ධ සංවෘත හා විවෘත ලෙද වර්ගීකරණය කර ඇත.අ වණ_ය උච්චාරණය කැරීමේදි මුව විවෘතව පවති.ඇ වණ_ය නිපදවීවෙමදී අර්ධ වශයෙන්ද ඉ හා උ උච්චාරණය කිරීමේදි මුව සංපූර්ණ වශයෙන් වාගේ වැසෙන බැවින් සංවෘත නම් වේ.එ හා ඔ අර්ධ සංවෘත වේි. සිංහලයේ අනුනාසික (සඤ්ඤක ඇතුළුව* ව්‍යංජන සමග යෙදෙන ස්වර සානුනාසික නම් වේ. එසේ නොවන ඒවා නිරනු නාසික වේ. ස්වර ඝ (ස* හ‍්‍රස්ව - උච්චාරණයේදී මාත‍්‍රා එකකට සීමා වන ස්වර නම්වේ. සිඳත් සඟරාවේ ‘‘ලූහු’’ යන නමින් එය හඳුන්වා ඇත. එවැනි ස්වර 08කි. ඒවා නම් ‘‘අ, ඇ, ඉ, උ, සෘ, ඏ,එ ,ඔ’’ (සස* දීර්ඝ - උච්චාරණයේදී මාත‍්‍රා දෙකක කාලයක් ගත වන ස්වර දීර්ඝනම් වේ. සිඳත් සඟරාවේ ‘‘ගුරු’’ නමින් හඳුන්වා ඇත. ඒවා මෙසේය. ‘‘ආ, ඈ, ඊ, ඌ, සෲ, ෙඏෟ, ඒ, ඵෙ, ඕ, ඖ’’ යනාදියයි. (සසස* නම්‍ය ස්වර හා අනම්‍ය ස්වර - වෙනත් ස්වභාවයකට පත්වන ස්වර නම්‍ය ස්වරයයි. අනම්‍ය ස්වර යනු වෙනත් ස්වභාවයකට පත් නොවන බවයි. නම්‍ය අනම්‍ය අ ඝ ඇ උ ඝ ඉ ඔ ඝ එ (සසස* අපර ස්වර - උච්චාරණයේදී දිව පිටපසට ඇදියන අකුරු මෙනම් වේ. ඒවා නම් ‘‘අ, උ, ඔ’’ යනුයි. (සසස* පූව_ ස්වර - උච්චාරණයේදී දිව ඉදිරියට ඇදීඑන අකුරු මෙනම් වේ. ඒවා නම් ‘‘ඇ, ඉ, එ, යනුයි. සිංහල වණ_ මාලාවේ අපට හමුවන ‘‘ඏ, ඐ’’ යන ස්වර වදන්කවි පොතේ හා හෝඩි පොතේ පමණක් භාවිතයට ගෙන ඇති අක්‍ෂර දෙකකි. මාතෘ භාෂාවල බලපෑම මත සිංහලයට එන්නට ඇති බව සිතිය හැකිය. වදන් කවි පොතේ ‘‘ඏ, ඐ’’ යෙදී ඇත්තේ මෙසේය. ‘‘ඏකුල සන්තති භුවනා වදනින් ඐ මහීපති මහිමා වදනින්’’ යනුවෙනි. ව්‍යංජන ඝ (ස* වර්ගාක්‍ෂර - වර්ග වලට අයත් අකුරු යන අර්ථයෙන් මේ නම භාවිතා කෙරෙයි. ‘‘ක’’ යන්නෙ සිට ‘‘ම’’ දක්වා ඇති අකුරු 25 වර්ගාක්‍ෂර නම්වේ. (සස* වර්ගාන්තාක්‍ෂර - වර්ගයන්ගේ අවසානයේ යෙදෙන අක්‍ෂර මෙනම් වේ. ඒවා 5කි. එනම් ‘‘ඬ, ඤ, ණ, න, ම’’ යනුයි. (සසස* අනතඃසථ - ස්වර ස්වභාවය හා ව්‍යංජන ස්වභාවය අතර පිහිටි අක්‍ෂර මෙනම් වේ. ඒවා නම් ය ඝ ඉ ව ඝ උ ර ඝ සෘ ල ඝ ඏ යනුයි. (සඩ* ඌෂ්මාක්‍ෂර - උච්චාරණයේදී උණුසුම් වායු ධාරාවක් පිටවන අකුරු මේවාය. ‘‘ශ, ෂ, ස, හ’’ එම අක්‍ෂරයන්ය. (ඩ* ඝෝෂ - උච්චාරණයේදී යෝෂ තන්තු ස්පන්‍ධනය වන අකුරුය. ඒවානම් ‘‘ග, ඝ, ඬ, ජ, ඣ, ඤ, ඩ, ඪ, ණ, ධ, න, බ, භ, ම, ය, ර, ල, ව, හ, ළ, (අං*’’ (ඩස* අඝෝෂ - උච්චාරණයේදී යෝෂ තන්තු දැඩිව ස්පන්ධනය නොවන අක්‍ෂර මේවාය. ඒවා ‘‘ක, ඛ, ච, ජ, ට, ඨ, ත, ථ, ප, ඵ, ශ, ෂ, ස’’ නම් වේ. (ඩසස* අල්පප‍්‍රාණ - උච්චාරණයේදී අල්ප හ`ඩකින් නිකුත් වන අකුරු මෙනම් වේ. ඒවා නම්, ‘‘ක, ග, ච, ජ, ට, ඩ, ත, ද, ප, බ’’ වේ. (ඩසසස* මහප‍්‍රාණ - මහත් හ`ඩකින් උච්චාරණය වන අකුරු මහප‍්‍රාණ නම් වේ. ඒවා නම් මෙසේය, ‘‘ඛ, ඝ, ඡු, ඣ, ද, ඨ, ඪ, ථ, ධ, එ, භ’’ වේ. මීට අමතරව අකුරු උත්පත්ති ස්ථාන අනුවද වර්ගීකරණය කරනු ලැබේ. සිංහල භාෂාවේ අක්‍ෂර උච්චාරණයේදී පහත දැක්වෙන ඉන්‍ද්‍රීයයන් භාවිත කරගනු ලැබේ. (ස* දෙතොල (සඩ* රසදිව (ඩස* නාසය (සස* දත් (ඩ* දිව (සසස* දත්වැටිය (ඩස* ඝෝෂ තන්තු 1 වන රූප රාමුවෙන් එය මැනවින් අවබෝධ කරගත හැකිය. පාලි භාෂාවේ ව්‍යාකරණ නීති ඇතුලත් බාලාවතාරය නම් වූ කෘතියේ දක්වා ඇති අක්‍ෂර උත්පත්ති ස්ථාන සිංහල භාෂාවටද පොදු වූවකි. එම පාලි භාෂා ව්‍යාකරණ කෘතියේ එය දක්වා තිබෙන්නේ මෙසේය. (ස* ‘‘අ’’ ‘‘ක’’ වගගහා’’ කණඨජා (සස* ‘‘ඉ’’ ‘‘ච’’ වගගයා’’ තාලූජා (සසස* ‘‘උ’’ ‘‘ප’’ වගගා ඔට්ඨජා (සඩ* ‘‘ට’’ වගග ‘‘ර’’ ‘‘ළා’’ මුදධජා (ඩ* ‘‘ත’’ වගග ‘‘ල’’ ‘‘සා’’ දන්තජා (ඩස* ‘‘එ’’ කණ්ඨතාලූජො (ඩසස* ‘‘ඔ’’ කණ්ඨඔට්ඨජො (ඩසසස* ‘‘වො’’ දන්තොට්ඨජො යනුවෙනි. මෙහි දැක්වෙන උත්පත්ති ස්ථාන නම් කණ්ඨජ උගුර, බොටුව තාලූජ තල්ල ඔට්ඨජ තොල් මුද්ධජ මුදුන දන්තජ දත් ඛණ්ඨ තාලූජ උගුර හා තල්ල කණ්ඨ ඔට්ඨජ උගුර හා තොල් දන්ත ඔට්ඨජ දත් හා තොල් පහත දක්වා ඇති සටහනට අනුව සිංහල වණ_ මාලා වගුගත කොට (උත්පත්ති ස්ථාන අනුව* දැක්විය හැකිය. සිංහල අක්‍ෂර මාලාව ස්වර / ව්‍යංජන අක්ෂර උත්පත්ති ස්ථාන හ‍්‍රස්ව දිඝ_ අඝෝෂ අල්පප‍්‍රාණ අඝෝෂ මහප‍්‍රාණ ඝෝෂ අල්පප‍්‍රාණ ඝෝෂ මහප‍්‍රාණ ඝෝෂ අනුනාසික ඝෝෂ අන්ඃසථ අඝෝෂෂ ඌෂ්මාක්‍ෂර ඝෝෂ ඌෂ්මාකෂර කණ්ඪජ අ ආ ක ඛ ග ඝ ඬ (අ*ඃ හ තාලූජ ඉ ඊ ච ඡු ජ ඣ ඤ ය ශ මූර්ධජ සෘ සෲ ට ඨ ඩ ඪ ණ ර,ළ ෂ දන්තජ ඏ ඐ ත ථ ද ධ න ල ස ඕෂ්ඨජ උ ඌ ප ඵ බ භ ම ෆ කණ්ඨතාලූජ එ ඇ කණ්ඪ ඕෂ්ඨජ ඔ ඕ ඖ දන්ත ඕෂ්ඨජ ව මේ අනුව සලකා බලන කල්හි පැහැදිලිව පෙනෙනුයේ සජීවි භාෂාවක හෝඩිය යනු නිරන්තරයෙන් සංවර්ධනය වන්නකි. මේ සදහා වෙනත් භාෂාවන්ගේ බලපෑම් ඇතුළුව බොහෝ සාධක බලපානු ලැබේ.

No comments: