Tuesday, December 10, 2013
කුල සංකල්පයේ ඇරඹුම
කුල සංකල්පයේ ඇරඹුම.
මවක් තම කිරි කැටියා මෙලොවට බිහි කරන්නේ කුස තුළ හොවා නේක දුක් ගැහැට වි`දිමින්ය. මෙම පෘථිවිතලයේ ඒ ආකාරයෙන් එළිය දකින සෑම පුද්ගලයෙකුටම හිමි වන්නේ සමාන අයිතිවාසිකම්ය. එහෙත් මිනිස් චිත්ත සන්තානයන්හි උඩුදුවා ඇති නොයෙක් උඩ`ගු සංකල්ප නිසාවෙන්ද, සමාජයේ ඇති නැති පරතරය නිසාවෙන්ද, එකම ආකාරයෙන් මෙලොව එළිය දකින මිනිසා විවිධාකාර වශයෙන් භේද බින්න වී ඇත. එවැනි භේදයන් අතර කුල භේදය සමාජයේ දක්නට ලැබෙන මිනිසුන් උස් පහත් ලෙස සලකන සංකල්පයකි.
කුල භේදය ආරම්භ වන්නේ මීට ශතවර්ෂාධිකකාලයක පටන්ය. ආසියාතික රටවල මෙය බොහෝ සෙයින් ව්‍යාප්තව පවතී. ඒ අතර එදා පටන් අද දක්වා කුල භේදය උග්‍ර ලෙස පවතින රටක් ලෙස ඉන්දියාව හැ`දින්විය හැකිය. ඒ අනුව කුල සංකල්පයේ ආරම්භය සම්බන්ධයෙන් කරුණු විමසීමේදී අපගේ අවධානය යොමු වන්නේ භාරතය දෙසටය. කුල ක්රමයේ ආරම්භය සනිටුහන් කරමින් භාරතීය ජනයා
ආර්ය
අනාර්ය
වශයෙන් ඈත අතීතයේ පටන් කුල දෙකකට බෙදී තිබිණ. මෙයින් ආර්ය කුලය එම සමාජයේ බලය අත්පත් කරගනිමින් බලවත් කුලය ලෙස කි‍්‍රයා කළේය. අනුක්රමයෙන් බ්‍රාහ්මණයින් භාරතීය සමාජයේ බලවත් වන විට ඔවුන් සමාජය ප්‍රධාන ස්ථර හෙවත් කුල හතරකට බෙදා දක්වන ලදී. එම විභේදනය ඝෘග්වේදයේ පුරුෂ සුක්තයේදී මෙසේ දක්වා ඇත.
‘‘බ්රාහ්මණෝස්ය මුඛමාසීත් - බාහු රාජන්‍යඃ කෘතඃ
ඌරු තදස්‍ය යද් වෛශ්යඃ- පද්භ්‍යාං ශුද්‍රෝ අජායත’’
එහි අර්ථය වන්නේ මහා බ්‍රහ්මයාගේ මුවින් බ්‍රාහ්මණයෝද, අතින් ක්ෂති්රයෝද, කළවා වලින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද ඉපදී ඇති බවයි. මෙලෙසින් බ්‍රාහ්මණ සමාජයේ කුල ක්‍රමය උග්‍ර ලෙස ව්‍යාප්තව තිබුණු අතර බලය ඇති උසස් කුල විසින් බලය නැති අනෙකුත් කුලවල ශ්‍රමය, ධනය සූරා කමින් තත් සමාජය තුළ ආධිපත්‍යය පතුරුවා තිබිණ. මෙම සංකල්ප බුද්ධ කාලීන සමාජයේද දැඩි ලෙස හිස ඔසවා තිබිණ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සහනශීලී මානුෂීය ප්රතිපදාවන් නිසාවෙන් කුල ක්‍රමයෙන් පීඩිත ජනයාට මහත් අස්වැසිල්ලක් සැලසිණි. උන්වහන්සේ වසල සූත්‍රයේ දක්වන මෙම කාරණාව ඒ සඳහා මනා නිදසුනකි.
‘‘නජච්චා වසලෝ හෝති- නජච්ච්ා හෝති බ්‍රාහ්මණෝ
කම්මනා වසලෝ හෝති- කම්මනා හෝති බ්‍රාහ්මණෝ ’’
(යමෙක් ඉපදීමෙන් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවේ. ඔහු වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ ඔහු කරන ක්‍රියාව අනුවය.*
එසේම උන්වහන්සේ පැවසූවේ බ්‍රාහ්මණ, ක්ෂතී්රය, වෛශ්‍ය, ශුද්‍ර ලෙස සමාජයේ වෙන්කල හැක්කේ මෙවැනි ක්‍රියාවන් කරන ඇත්තන් බවයි.
x ‘‘බ්‍රාහ්මණ- පාපකෙ අකුසලෙ ධම්මේ බාහෙන්තීති බ්‍රාහ්මණෝ (පව් බැහැර කරන්නෝ බමුණෝය.
x ක්ෂතී්රය- ඛෙත්තානං අධිපතීති ඛත්තියෝ (කුඹුරු වැඩකරන්නේ ක්ෂතී්රයන්ය.*
x වෛශ්‍ය- විසුං විසුං කම්මන්තේ පයෝජෙන්තීති වෙස්සා (ආවාහ විවාහ කර දෙන්නේ වෛශ්යයන්ය*
x ශුද්‍ර- ලූද්දාචාරා කුද්දාචාරාති සුද්දා (පහත් වැඩ කරන්නේ ශුද්රයන්ය.*
x ධම්මේන ජනං රඤ්ජෙන්තීති රාජා- (දැහැමෙන් රට රකින්නේ රජතුමාය.*’’
තදුක්ත කාරණා සැලකීමේදී භාරතීය සමාජයේ කුල ක්‍රමය ඇරඹි අයුරු මොනවට පසක් විය. අප මෙහිදී මෙම කරුණු සාකච්ඡුා කරන ලද්දේ භාරතීය කුල සංකල්පයේ සෙවනැල්ල අප සමාජයේ දක්නට ලැබුණු නිසාවෙනි.
ලක්දිව කුල ක්රමයේ ආරම්භය
කුලය වනාහි අනුක්රමයෙන් සමාජයේ මුල් බැස ගත් සංකල්පයකි. ඒ අනුව ‘‘කුලය මිනිසාගේ උපතත් සමග ආරෝපිත තත්වයක් යැයි සමාජ විද්‍යාව අධ්‍යයනයේදී පසක් වේ.’’ කුල ක්රමයේ යම් සාධනීය පැතිකඩක් දක්නට ලැබුණද අන්තවාදී උඩගු මිනිසාගේ ක්‍රියා කලාපය නිසා කුල ක්‍රමය සමාජීය ගැටලූවක් බවට පත්වී ඇත. මෙහිදී අප ලක්දිව කුල ක්‍රමය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී ඒ ප්‍රධාන සෙවනැල්ල වැටී ඇත්තේ භාරතයෙන් බව සනාථ වේ. එහෙත් ඊට ප්‍රථම ලක්දිව මුල් ශිෂ්ටාචාර අධ්‍යයනයේදී යක්ෂ, නාග, දේව වශයෙන් කුල ගෝත්‍ර තුනක් දක්නට ලැබුණු බව මහාවංශය සාක්ෂි දරයි. ඒ බව සනාථ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරිමේදීය.
‘‘ උන්වහන්සේ ජලයෙහිද භූමියෙහිද විසූ අසූ කෙලක් නාගයන් තිසරණයෙහිද පන්සිල්හිද පිහිට වීය.’’ (පරි.1-02*
උක්ත සාධකය මගින් මුල් කාලයේ පටන් ලක්දිව ශිෂ්ටාචාරය තුළ කුල ප්රවණතා දැකගත හැකි බව සනාථ වේ. විජයාගමනයත් සමග ඇරඹෙන ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේදී කුවේණියගේ කුල ගෝත්‍ර මගින්ද පසක් වන්නේ උක්ත සාධකයමය. එසේම එම කාලය වන විට භාරතීය කුල ක්රමයන්හි ආභාසය ලක්දිව වා තලයට මුසු වී තිබිණ. ‘‘විජය කුමරු සහ ඔහුගේ පිරිස දිවයිනට පැමිණි කාලයෙහි පටන්ම බ්‍රාහ්මණයෝ ලක්දිව සමාජයේ ප්රමුඛත්වයක් දැරූහ.’’ මෙමගින් ලක්දිව සමාජයේ කුල ක්‍රමය ආරම්භ වූ අයුරු පළට වේ.
අනුක්රමයෙන් පණ්ඩුකාභය රජු ලක්දිව රජ වන විට විවිධ කුලයන් අප සමාජයේ මුල්බැස ගෙන තිබිණ. රජතුමා නගර සංස්කරණයේදී ඔවුන් සඳහා ස්ථාන වෙන් කිරීම මගින් ඒ බව පැහැදිලි වේ. මහාවංශයේ සඳහන් අන්දමට
‘‘ආජීවකයන් සඳහා ගෙයක්ද, බ්‍රාහ්මණයන් සඳහා වාසස්ථානයක්ද, සිවිකා ශාලාවක්ද, සෙත්ථි ශාලාවක්ද,’’ (පරි.10.102*
මීට අමතරව ජෛන, පරිබ්‍රාජක, නිගණ්ඨ ආරාම එකල දක්නට ලැබී ඇත. එමගින් විවිධ කුල ගෝත්‍ර ලක්දිව සමාජයේ ප්‍රචලිතව පැවති ආකාරය පසක් වේ. මහින්දාගමනයෙන් පසු උක්ත කුල ක්‍රමය යම් ආකාරයෙන් සංවිධාන ගත වීමක් විය. එනම් සමාජයේ විවිධාකාරයේ රැුකියාවල නියුතු පුද්ගලයන් විවිධාකාරයේ කුල ඔස්සේ සමාජයේ ප්‍රචලිත වූවේ මහින්දාගමනයෙන් පසුවය. එනම් සංඝමිත්තාවන් සමග ශී‍්‍ර මහා බෝධිය වැඩමවන විට ඔවුන් සම`ග පැමිණි කුල දහඅට නිසාවෙනි. ‘‘බෝධිවංශයෙහි සඳහන් අන්දමට මහමෙවුනා උයනෙහි ශීි‍්‍ර මහා බෝධි රෝපණ ප්‍රවෘත්තියෙහි තත් බෝධි අංකුර ආරක්ෂාවටත්, නිසි වතාවත් ඉටු කිරීමට විවිධ සේවාවන්හි නියුක්ත කුලයන් පැමිණි බව මහාවංශය, දීපවංශය, බෝධිවංශය ආදී මූලාශ්‍රයයන් කරුණු දක්වයි.’’ එය මූලාශ්රයයන්හි දක්වා ඇත්තේ මෙලෙසිනි.
මහාවංශය-‘‘අට්ඨාරස දේවකුලානි’’ (පරි.1.6*
පාලි මහාබෝධිවංශය- ‘‘අට්ඨාරස දේවතාකුලානි’’
සිංහල බෝධිවංශය- ‘‘අටලොස් කුලැක දෙවියන් ’’
ඒ කුලයන් අතර සිත්තරුන්, ලී වඩුවන්, යකඩ කම්හල් කරුවන්, පෙදෙරේරුවන් සිට ඇත. ඒ අනුව මින් පසුව අප සාකච්ඡුා කරන ලක්දිව මධ්‍යකාලීන යුගයේ කුල ක්රමයේ මූලබීජ ලෙස දක්නට ලැබෙන්නේ උක්ත සාධකයන්ය.
ලක්දිව මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිත කුල ක්‍රමය
‘‘මේඝවන්න රජුගේ (කි‍්‍ර.ව.362* කාලයේ පටන් පෘතුගී්රසීන්ගේ (කි‍්‍ර.ව. 1505* පැමිණීම යන කාල වකවානුව මධ්‍යකාලීන යුගය ලෙස හැඳින්විය හැකිය.’’ ඒ අනුව මධ්‍යකාලීන යුගය ආරම්භ වන්නේ පොළොන්නරු යුගයේ සිටය. මධ්‍යකාලීන යුගයේ ප්‍රචලිත බොහෝ සාධකයන් අතර මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එහි කුල ක්‍රමය සම්බන්ධයෙනි. මධ්‍යකාලීන යුගයට පූර්ව සමයෙහි ලක්දිව කුල ක්‍රමය කෙසේ ප්‍රචලිතව පැවතියේද වග උක්ත මතෘකාව ඔස්සේ මනාව විශද විය. එසේ ඇරඹි කුල ක්‍රමය මෙම කාලය වන විට විවිධ විපර්යාසයන්ට භාජනය වී ඇත. ‘‘ලාංකික සමාජයේ යටත් පිරිසෙන් පශ්චාත් අනුරාධපුරය වන විට කුල භේදය සෑහෙන්න දුරට වර්ධනය වී තිබුණි. පාරම්පරිකව විවිධ වෘත්තීන්හි නිරත වූ කොටස් ජාති, ගෝත්‍ර, කුල වශයෙන් හඳුන්වා ඇත.’’
ජාති, ගෝත්‍ර, කුල වශයෙන් ප්‍රචලිතව පැවති කුල ක්‍රමය අනුක්රමයෙන් විවිධ කුල ඔස්සේ විකාශය විය. එහිදී සමාජයේ උසස් කුල සේම ඔවුනට යටහත් පහත්ව ක්‍රියා කරන කුලීන පිරිසක්ද නිර්මාණය විය. ‘‘කුලය ඉපැරණි කාලයේ දී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමකැයි යන විස්වාසය නිසා තමනට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරිම තමන් වෙත පැවරී ඇති යුතුකමක් යැයි කුලීනයෝ නිහඩව පිළිගත්හ.’’ එහිදී ගොවි කුලය ආදී කුල කිහිපයක් උසස් කුල ලෙස පිළිගත් අතර ඔවුනට විරුද්ධ වූවෝ කුලීනයෝ ලෙස හැඳින්වීය.‘‘ කුල රටාව සම්බන්ධයෙන් උස් පහත් ප්‍රභේද යටත්විජිත සමයෙහි අනිවාර්යයෙන්ම දැකගත හැකිවිය.’’
අප මෙහිදී එසේ ප්‍රචලිත උසස් පහත් කුල සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. ඒ අනුව ලක්දිව මධ්‍යකාලීන යුගයෙහි ‘ත්‍රිවිධ මහාසාර කුලයන්’ නමින් ප්රවලිත කුල කිහිපයක් දැකගත හැකිය. උක්ත නාමය ධර්මප්රදීපිකාවේ අර්ථ ගන්වා ඇත්තේ ‘‘ගහපති කුලය, බ්‍රාහ්මණ කුලය, කැත් කුලය’’ ලෙසින්ය. එකල සමාජයේ උසස් කුල ත්‍රිත්වයක් ලෙස එම කුලයන් සමාජයේ වැජඹී ඇත. මෙලෙස උසස් කුල සමාජයේ තදුක්ත වෘත්තීන්හි නියැලූණ අතර මෙම වෘත්තීන්ගෙන් බැහැරව ක්‍රියා කළ පිරිස් කුලහීනයන් ලෙස හඳුන්වා ඇත. හීන කුල වශයෙන් සමාජයේ කුල භේදයක් දක්නට ලැබුණු බව එළුඅත්තනගලූ වංශයේ එන මෙම ප්‍රකාශයෙන් පසක් වෙයි. ‘‘ මම හීන ජාතියේ උපන් එකෙක් නොවෙමි.’’ මේ පිළිබඳ තොරතුරු ලක්වීදිය හා ශ්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොත ආදී කඩයිම් කෘතිවල විස්තරාත්මකව දක්වා ඇත. යථෝක්ත සාධක මගින් මධ්‍යකාලීන ලංකාවේ මහාසාර කුලයන් සේම කුලීන කුලයන්ද පැවති බවට කරුණු හෙළි වේ.
ලක්වීදිය, පූජාවලිය, නිකාය සංග්‍රහය, දඹදෙනි අස්න ආදී සාහිත්‍ය මූලාශ්‍රයයන් අධ්‍යයනය කිරීමේදී ‘දසදුරා ජනයෝ හා නවකරා ජනයෝ වශයෙන් අවශේෂ කුල ගෝත්‍ර කිහිපයක් හඳුනා ගත හැකිය. ‘‘ දසදුරා ජනයන් කුල දහයකින් සමන්විත කොටසක් ලෙස දැක්විය හැකිය. දඹදෙනි අස්නේ සඳහන් අන්දමට වෘත්තීයමය වශයෙන් අයත් කුල දහයක ජනතාව මෙලෙස හඳුන්වා ඇත. ’’ මීට අමතව පූජාවලියේදී ‘‘ස්වර්ණකාර, කුම්භකාර, චර්මකාර, ලෝහකාර, අයකාර, ධනුකාර, චිත්‍රකාර, උළුවඩු, සුනුවඩු, ද`ඩවඩු, ගල්වඩු’’ එසේම නවකරා ජනයන් වශයෙන් දක්වා ඇත්තේ මුහුදු ආශි‍්‍රතව වාසය කරන කුලයන් බව නිකාය සංග්‍රහයේ එන කරුණු වලින් ප්‍රකට වේ.
උක්ත සාධක අධ්‍යයනයේදී මධ්‍යකාලීන කුල ක්‍රමය සම්බන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ අනුව මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමේදී ලක්දිව විවිධාකාරයේ ශිල්පීය ක්දාණයන්ගෙන් හෙබි කුල ක්රමයන් දැක ගත හැකිය. එවැනි ක්‍රමවත් කුලයන් බිහිවීමට බොහෝ සෙයින් හේතු සාධක වූවේ ශී‍්‍ර මහා බෝධියත් සමග දහඅට කුලයක ජන කොට්ඨාසයක් මෙරටට පැමිණීමයි. එසේ විකාශිත මධ්‍යකාලීන යුගයෙහි කුලයන් සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු රැුසක් ශිලා ලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රය තුළින්ද හෙළි වේ.
ඒ අතර සද්ධර්මාලංකාරයෙහි එන ‘‘අනුරාධපුරයෙහි වූ කුඹල් වීදියක’’ කරුණා කාරණා මගින් සමාජයේ විසූ විවිධාකාර ජනයා වෙන් වෙන් වශයෙන් වීදිවල ජීවත් වූ බවට සාක්ෂි සැපයේ. එසේම ‘‘මධ්‍යකාලීන යුගයෙහි කුල ක්‍රමය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ක්‍රි.ව.1122ට දින නියම කල හැකි බදුමුත්තෑව ද්‍රවිඩ සෙල් ලිපිය අතිශය වැදගත් වේ.’’ මන්ද යත්, එහි රදවුන් ස්වකීය කුලයට අයත් චාරිත්‍ර හා වාරිත්‍ර රන්කරුවන් වෙනුවෙන් ඉටු කිරීම ප්‍රතික්ෂේප කළ බව සඳහන් වේ. එම`ගින් එසමය තුළද කුල ක්‍රමයට එරෙහිව නැගී ආ මතවාද තිබුණු බව මින් සනාථ වේ.
එසේම ‘‘අඹුගමු ශිලාලිපියේ සහ සාහසමල්ලගේ ශිලාලිපියේ කුල හීනයන්ගේ පහසුව පහත වේදිකාවක් තනන ලද බව දක්වා ඇත.’’ මෙමගින් එම සමාජයේ ආධිප්යයකින් හෙබි කුල ගොත් මගින් අනෙකුත් කුලයන් යටත් කරගෙන සිටි අයුරු පැහැදිලි වේ. ඒ අනුව මෙම ශිලා ලේඛන තුළින්ද ප්‍රකාශිත වන්නේ මධ්‍යකාලීන යුගයෙහි කුල ක්‍රමයයි. මේ ආකාරයෙන් දැක්වෙන කුල ක්‍රමය ජනවංශයට අනුව මෙලෙස කුල පරිපාටියක් ලෙස ගෙනහැර දැක්විය හැකිය.
1* ‘‘ගොවියෝ ( හන්දුරුවෝ, වෙල්ලාලයෝ*
2* පේසකාරයෝ (සලාගමයෝ, ‘හාලි’ වියන්නෝ*
3* කුඹුරු (නවන්දන්නෝ, ගල්ලද්දෝ* ආචරියෝ
4* වඩුවෝ (වඩුවෝ, යකඩ වැඩකරන්නෝ ආදීහු*
5* හන්නාලි (මහන්නෝ, ගෙත්තම් කරන්නෝ*
6* රදවු (රෙදි සෝදන්නෝ*
7* ඇම්බැටිටයෝ (කරනවෑමියෝ*
8* සොම්මාරයෝ (හම් වැඩකරන්නෝ, පාවහන් සාදන්නෝ*
9* දුරාවෝ (රා මදින්නෝ*
10* කුම්භකාරයෝ (බඩහැලයෝ*
11* කරාවෝ (මාළු අල්ලන්නෝ*
12* වැද්දෝ (දඩයම් කරන්නෝ*
13* බෙරවායෝ (තූර්ය වාදකයෝ, රෙදි වියන්නෝ, බොහෝ විට නැකැතියෝ*
14* හකුරුවෝ (හකුරු සාදන්නෝ*
15* හුන්නෝ (හුනු පුළුස්සන්නෝ*
16* පන්නයෝ (තණ කපන්නෝ*
17* යමන්නෝ (යකඩ උණු කරන්නෝ*
18* වැල් වඩුවෝ (වේ වැල් වැඩ කරන්නෝ*
19* ගහලයෝ (පහත් වැඩ කරන්නෝ*
20* පදුවෝ (දාස ගොවියෝ, පල්ලැක්කි ගෙනියන්නෝ*
21* මාලා කාරයෝ (පහත් මල්කරුවෝ, උයන් පල්ලෝ*
22* කින්නරයෝ (පැදුරු වියන්නෝ*
23* රොඩියෝ (කඹ සාදන්නෝ, හම්පදම් කරන්නෝ*
24* ඔලියෝ (නටන්නෝ*
25* ඉන්ද්‍රජාලිකයෝ (ඇස්බැන්දුම්කාරයෝ*
26* චණ්ඩාලයෝ (ගෙරි මස්කන්නෝ, කසල ශෝදකයෝ*’’
ලක්දිව කුල ධූරාවලිය නිශ්චිත වශයෙන් ගෙනහැර දැක්වීමට අපහසුය. ඒ පිළිබඳ බොහෝ මතවාද දක්නට ලැබේ. රොබට් නොක්ස්ගේ විදේශීය වාර්තා අධ්‍යයනයේදී අපට දක්නට ලැබෙන්නේ මෙවැනි කුල ධූරාවලියකි.
සග ‘‘හන්දුරු
සසග ආචරි (රන්කරුවෝ, කම්හල්කරුවෝ, වඩුවෝ, සිත්තරුවෝ*
සසසග කුරුවේ ඇත්තෝ, ඇත්ගොව්වෝ (ආචරි කුලයට සමානය*
සඩග පනික්කියෝ (කරණවෑමියෝ*
ඩග කුඹල්ලූ (බඩහැලයෝ*
ඩසග රදව් (රෙදි අපුල්ලන්නෝ*
ඩසසග හ`ගරම්මු (හකුරු වහුම්පුරු*
ඩසසසග පදුවෝ
සංග රෙදි වියන්නෝ (නැකැත්කාරයෝ, බෙරවායෝ, නැට්ටුවෝ*
ංග කදියෝ (කුළුපොත්තෝ*
ංසග කින්නරු (කළාල පැදුරු වියන්නෝ*
ංසසග රොඩියෝ ’’
මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිත කුල ප්රභේදයන් බොහෝමයක් උක්ත නිදර්ශන මගින් පසක් විය. ඇතැම් විට මෙම කුලවලට අයත් ජන කොට්ඨාස ඉතා ස්වල්ප වන්නට ඇත. එහෙත් උසස් කුලය සේම බහුලව මිනිසුන් වාසය කළ කුලය ලෙස නම් කළ හැක්කේ ගොවිගම කුලයයි. එසේම ගොවි කුලයට අමතරව නොයෙක් ආකාරයේ කර්මාන්ත කරුවන් පූර්වෝක්ත ධූරාවලි අධ්‍යයනයේදී දැකගත හැකිය. ‘‘මධ්‍යකාලීන ලංකාවේ කර්මාන්ත කරුවෙකු හඳුන්වනු ලැබුවේ පෙස්ස, පෙසිය, පෙස්සික (සංස්කෘත- පෛ්රශ්ය* යන නම් වලිනි.’’ කර්මාන්තකරුවන්ගේ ලක්ෂණය වූවේ තමන්ටනොව අනුන්ට සේවය කිරීමයි. මධ්‍යකාලීන ලංකාවේ කාර්මික ශ්රේණියැයි ගිණිය හැකි ශිල්ප කුල කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය.
‘‘කාර්යමය පදනම යටතේ
කම්මකාර- කුඹුරු (යකඩ වැඩ කිරීම*
ලෝහකාර- ලෝහකරු (ලෝහ වැඩ කිරීම*
සුවණ්ණකාර- රන්රදී කිරීම, චිත්රකර්මාන්තාදිය.
වඞ්ඩකී- ලී වැඩ කිරීම.
චිත්තකාර- සායම් වැඩ කිරීම්.
එවක කාර්මික ශ්‍රේණි කුල පහක් ඇතුළත් වූ බව මෙමගින් විශද වේ.’’
මෙහිදී මධ්‍යකාලීන යුගයෙහි සුඛාවබෝධය සඳහා එහි කුල කිහිපයක් විස්තරාත්මකව විමසා බැලීයට සුදුසුය. මෙම යුගයේ කුල ප්රභේදයන් අධ්‍යයනය කිරීමේදී අනුන්ට යටහත් පහත්ව සේවය කරමින් ජීවත් වෙන ‘වාල්ලූ’ පිරිසක් දැකගත හැකිය. ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේදී ‘‘ වාල්ලූ එක්තරා ප්‍රමාණයක් සිටි නමුදු ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නොවූ බව පෙනේ .’’ වාලූන් ලෙස ක්‍රියා කිරීමට සිදු වූවේ වාලූන් ලෙස ඉපදීම, ණය නොගෙවී ආදී කරුණු නිසාය. එහිදී තමාට වඩා උසස් කොනක් වාල් කමේ තබා ගත නොහැකි විය.
එසේම මධ්‍යකාලීන යුගයේ ප්‍රචලිත තවත් කුල ක්‍රමයක් වූවේ රදව් කුලයයි.ඔවුන්ට භාර කාර්ය වූවේ රෙදි සේදීමයි. ‘‘රජ පවුලේ හෝ විහාරස්ථානයක සිවුරු, ඇතිරිල, තිර, කොඩි, සතිිපතා හෝ මාස්පතා සේදීම ඔවුන්ට භාර විය.’’ ඈත අතීතයේ පටන් ලක්දිව ප්‍රචලිත කුල ක්‍රමයක් ලෙස ‘චණ්ඩාල කුලය’ දැක්විය හැකිය. සැඩොල් සේම රොඞී කුලය ලෙස හැඳින්වෙන්නේද මෙම කුලයයි. අතීතයේ සේම මධ්‍යකාලීන ලංකාවේද මෙම කුලය දක්නට ලැබිණ. මේ පිළිබඳ කඩයිමි පොත්වල පමණක් නොව නොයෙක් සාහිත්‍ය මූලාශ්රයවලද කරුණු හෙළි වේ. බුත්සරණ ආදී කෘතිවල සැඩොල් ගම්මාන ගැනද කරුණු හෙළි වේ. නගර පිරිසිදු කිරීම ඔවුන්ට භාරව තිබිණ. මෙම කුලය පණ්ඩුකාභය රාජ සමයේ පටන් පැවත එන බවට සාක්ෂි මහාවංශය පිරික්සීමේදී පළට වේ.
’’චණ්ඩාලයෝ පන්සිය දෙනෙක් නගර පිරිසිදු කිරීමෙහි යෙදුණාහ. සියදෙනෙක් වර්චස් බැහැර කිරීමෙහි යෙදුණාහ. එක්සිය පනස් දෙනෙක් මිනී බැහැර කිරීමෙහි යෙදුණාහ. එක්සිය පනස් දෙනෙක් සුසාන භූමිය මුර කළේය.’’ (මහාවංශය, 10-91,92*
මීට අමතරව දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු රොඞී කුලයක ස්ත්‍රියක සමග පැවැත්වූ පේ‍්‍රම සම්බන්ධය මගින්ද, දෙවෙනි ගජබා රජු චරපුරුෂයන් සැඩොල් වෙස් ගන්වා සේවයේ යෙදීමත් යන කරුණු මගින් අතීතයේදී නොව මධ්‍යකාලීන යුගයෙහිද මෙම කුලය ප්‍රචලිතව පැවති බව පැහැදිලි වේ. මේ ආකාරයෙන් අනෙකුත් කුල ක්රමයන් සම්බන්ධයෙන්ද ඓතිහාසික මූලාශ්රයවල තොරතුරු හෙළි වේ.
තදුක්ත කුල ධූරාවලියට අමතරව මධ්‍යකාලීන යුගය වන විට බ්‍රාහ්මණ කුලයද නොනැසී පැවති බවට සාධක හමුවේ. මොවුහු රාජකීය පවුල් සඳහා උපදෙස් ලබා දෙමින් රජවාසල අසලම වැඩසිටි බව පෙනේ. ඔවුන් ප්‍රබල කුලයක් බවටද පත්ව තිබුණි. ‘‘බ්‍රාහ්මණ වංශය පිළිබඳව පුවත් එතරම් ප්‍රකට නොවුනද විශේෂයෙන්ම සන්නස් ප්‍රදාන බහුලව පැවති
කෝට්ටේ යුගවල සිට මහනුවර යුගය වන විට බලවත් ප්‍රභූ පිරිසක් වශයෙන් බමුණු කුලය පත්ව ඇත.’’ මීට අමතරව අමුණුගම ගල් සන්නස පිරික්සීමේදීද බ්‍රාහ්මණ වංශ හා සංඥා පිළිබඳ කරුණු හෙළි වේ.
උක්ත කරුණු අධ්‍යයනයේදී මධ්‍යකාලීන යුගයේදී බොහෝ කුල ක්රමයන් ප්‍රචලිතව පැවති බවට සාධක හෙළි වේ. එමගින් ලක්දිව බොහෝ සෙයින් විස්තෘතව පැවති කුල ක්‍රමයක් දැකගත හැකිය. ‘‘එම කුලක්රමය නිසාවෙන් සමාජයේ සෑහෙන දුරකට ශ්‍රම විභජනයක් දැකගත හැකි විය.’’ එම ශ්‍රම විභජනයක් නිසාවෙන් සමාජයේ වැඩකටයුතු ක්රමානුකූල විය. එහෙත් එහි අහිතකර ප්‍රතිඵල දක්නට ලැබිණ. ඇතැම් ජනයා උසස් කුලවල යැයි සිතා අනෙකුත් ජනයා පහත් කුලීන ජනයා ලෙස සලකා වැඩ කරවා ගැනීම එහි එක් අහිත කර ප්රතිඵලයකි. මෙවැනි කරුණු කාරණාවන්ගෙන් සපිරි කුල ක්‍රමයක් මධ්‍යකාලීන යුගයේ ප්‍රචලිතව පැවති බව උක්ත නිබන්දයේ සෝදාහරණ මගින් පසක් වේ.
ලක්දිව ප්‍රචලිත බොහෝ සම්ප්‍රදායන්ට භාරතීය ආභාසය නොඅඩුව ලැබී ඇත. සමාජයේ ප්‍රචලිත කුල ක්රමයේද උග්‍ර මතවාද සේම ආරම්භක මූලබීජ දක්නට ලැබෙන්නේද භාරතීය සංස්කෘතිය තුළය. ඒ බව වේද ග්රන්ථ අධ්‍යයනයේදී මොනවට පසක් වේ. ලක්දිව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන් කුල ක්රමයේ යම් ප්රවණතා දැකගත හැකිය. මහාවංශය ඇසුරෙන් විජය සහ පණ්ඩුකාභය රාජ සමයන් අධ්‍යයනය කිරීමේදී ඒ බව මොනවට පසක් විය. එහෙත් සමාජයේ සියලූ අංශ කෙරෙහි විසිරී පවත්නා කුල ක්‍රමයක් බිහි වන්නේ මහින්දාගමනයෙන් පසු ලක්දිවට ශී‍්‍ර මහා බෝධියත් සමග දහඅට කුලයක පිරිසක් ලංකාවට පැමිණීමත් සමගය. ඒ වන විටත් යම් යම් කුල ක්රමයන් පැවතුණද භාරතයේ මෙන් උග්‍ර මතවාදී නොවූ කුල සම්ප්රදායක් බිහි වූවේ ලක්දිව බුදු සමය ස්ථාපිත වීමෙන් යැයි සිතිය හැකිය. එහෙත් මධ්‍යකාලීන ලංකා සමාජය වන විට විවිධාකාරයේ කුල ක්රමයන් ලක්දිව ප්‍රචලිතව පැවතිණි. ඒ කුල ක්රමයන් අතර උසස් පහත් භේදයන්ද නිර්මාණය විය. ඒ අනුව උක්ත නිබන්ධය මගින් මධ්‍යකාලීන යුගයෙහි ප්‍රචලිතව පැවති කුල ක්රමයන් ඔවුන්ට අදාළ කටයුතු සම්බන්ධයෙන් විස්තරාත්මක අධ්‍යයනයක යෙදීමට උත්සාහ ගතිමි.
ආශ්රිත ග්ර්රන්ථනාමාවලිය
ප්‍රාථමික මූලාශ්‍රය
එළුඅත්තනුගලූවංශය. ආනන්ද කොන්ගස්තැන්නේ, කර්තෘ ප්රකාශනයකි, රත්නපුර,2000.
ඝෘග්වේදගීතාවලී. (පරි.*. නාරාවිල පැට්රික්, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1997.
දීඝ නිකාය. බුද්ධ ජයන්ති මුද්‍රණය, දෙහිවල, 2002.
ධර්මප්රදීපිකාව. (සංස්.*.රත්මලානේ ධම්මාරාම හිමි, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1919.
පාලි මහාබෝධිවංශය. (සංස්.*. හැදින්නොරුවේ සෝභිත හිමි, ලක්රිවි කිරණ යන්ත්රණාලය, කොළඹ, 1890.
පූජාවලිය. (සංස්.*. කිරිඇල්ලේ ක්‍දාණවිමල හිමි, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1967.
මහාවංශය. (සංස්.*. මංගල ඉලංගසිංහ, ඇස් ගොඩගේ සහ සහෝදරදෙරයෝ, කොළඹ 10, 2007.
මහාවංශය. (සංස්.*. හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ, රජයේ මුද්‍රණාලය. කොළඹ, 1908.
සද්ධර්මාලංකාරය. (සංස්.*. බෙන්තර ශ්රධාතිෂ්ය හිමි, පානදුර මුද්‍රණාලය, පානදුර, 1934.
සිංහල බෝධිවංශය. (සංස්.*. රත්මලානේ ධම්මාරාම හිමි, ලංකාපුත්‍ර මුද්‍රණාලය, කොළඹ, 1957.
සංයුත්ත නිකාය. බුද්ධ ජයන්ති මුද්‍රණය, දෙහිවල, 2002,
මධ්‍යකාලීන සිංහල කලා.(පරි.* එච්.එම්. සෝමරත්න, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1962.
මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය. (පරි.*. ඇම්.බී ආරියපාල, ගුණසේන සහ සමාගම, කොළඹ 11, 1969.
එදා හෙළ දිව. (සංස්.*. ඬේවිඞ් කරුණාරත්න,ගුණසේන සහ සමාගම, කොළඹ 11, 2008.
ද්විතීයික මූලාශ්‍රය
අභයවර්ධන,එම්.ඒ.වී , කඩයිම් පොත් විමර්ශනය, සංස්කෘතික කටයුතු පොර්තමේන්තුව,1978, කොළඹ.
අමරසේකර, දයා . සරල සමාජ සංවිධාන, ආරිය ප්‍රකාශකයෝ, 1995.
තිස්ස කුමාර, ආනන්ද. සිංහල සන්නස් හා තුඩපත්, සාර ප්‍රකාශන, කොට්ටාව, 1992.
පීරිස්, රැුල්ෆ් . සිංහල සමාජ සංවිධාන, විසිදුනු ප්‍රකාශකයෝ, බොරලැස්ගමුව, 2005.
සිරිවීර, ඉන්ද්‍රකීර්ති. මධ්‍යකාලීන ලංකාව, සුප්රා මුද්‍රණාලය, පේරාදෙණිය, 1971.
සිරිවීර, ඉන්ද්‍රකීර්ති . රජරට ශිෂ්ටාචාරය හා නිරිත දිග රාජධානි, දයාවංශ ජයකොඩි සහ සමාගම. කොළඹ 10
තෘතීයික මූලාශ්‍රය
සාරථී. (සංස්.*. උදේනි පද්මානන්ද, මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව, 2004.
මිනිසා අනෙකුත් සත්වයින්ගෙන් වෙනස් වන්නේ උසස් බුද්ධිමත් මනසකින් හෙබි නිසාය. එහෙත් යම් යම් අවස්ථාවලදී මිනිසා ක්‍රියා කරන්නේ සත්වයින්ට නොදෙවෙනි වන අන්දමින්ය. මිනිසා එක හා සමාන ක්‍රියා දාමයකින් මෙලොව එළි දුටුවද මිනිස් සිතුවිලි තුළ අති වන පුහු මාන්නකම් නිසාවෙන් තමා උසස් ලෙස සැලකීමටත් අනුන් පහත් ලෙස සැලකීමටත් පුරුදු වී සිටී. මිනිසා තමුන්ගේ පැවැත්මට විවිධාකාරයේ කටයුතුවල නිරත වී සිටී. එය කල්යත්ම මිනිසාගේ පහසුව තකා කුල ක්‍රමයකට පරිවර්තනය විය. එම කුල ක්‍රමය මිනිසා නියැලෙන කර්තව්‍යයන් අනුව උසස් පහත් අන්දමින් වෙන් කරගනී. එම නිසාවෙන් උසස් කුලයන් ඉදිරියේ අනෙකුත් කුලයන්ට යටහත් පහත්ව ජීවත් වීමට සිදු වේ. කුල ක්රමයේ ආරම්භයත් උග්‍ර කුල භේදයත් අපට දක්නට ලැබෙන්නේ භාරතීය සමාජයේය. එම භාරතීය සමාජයේ ඇසුර ලබමින් ලක්දිවද කුල ක්‍රමයක් ස්ථාපිත වේ. භාරතීය සමාජයේ මෙන් මිනිසා තලා පෙළන අමානුෂික කුල කුමයක් ලක්දිව ප්‍රචලිත නොවේ. අනුක්රමයෙන් ලක්දිව බොහෝ කුල සම්ප්‍රදායන් ප්‍රචලිත වේ. ඒ අනුව ලක්දිව මධ්‍යකාලීන යුගයේ ප්‍රචලිත කුල ක්‍රමය සම්බන්ධයෙන් මෙම නිබන්ධයේදී කරුණු දිග හැරෙයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment