Thursday, December 12, 2013
රුසියානු සාහිත්‍යය හා නවකථා
රුසියානු සාහිත්‍යය හා නවකථා
ඕනෑම සාහිත්‍යයක් ප‍්‍රථමයෙන්ම ආරම්භ වන්නේ ගැමි සාහිත්‍යයක් වශයෙනි. තත් කාරණය රුසියාව සම්බන්ධයෙන්ද එලෙසින්ම වලංගු වේ. එහෙත් සෙසු යුරෝපීය සාහිත්‍යයන් හා සස`දා බලන විට රුසියානු සාහිත්‍යය එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නේ නැත. රුසියානු සාහිත්‍යය විවිධ සාහිත්‍යාංගයන්ගෙන් පිරිපුන් පෘථූල සාහිත්‍යයක් බවට පත් වන්නේ දහනව වන සියවසෙන් පසුවය. එතෙක් පැවති පැරණි රුසියානු ගැමි සාහිත්‍යය ජනකතා, දේවකතා හා ජනප‍්‍රවාදයන්ගෙන් බහුලව පැවතිණි. සාහිත්‍යයට විවිධ අංග එක්වීමේදී පුරාතන සාහිත්‍යාංග විනාශ මුඛයට පත්වීම සාමාන්‍ය ලක්‍ෂණයකි. එසේ වුවත් රුසියානු ගැමි සාහිත්‍යය දහනව සියවස තෙක් අවිච්ýන්නව පැවති බව තත් සාහිත්‍යය පිළිබ`දව විමසීමේදී මනාව පළට වේ. මුල්කාලීන රුසියාවේ තිබූ ජනකතා ආදිය ගීයෙන් රචනා වූ අතර එහි නියම අර්ථයෙන් සාහිත්‍ය කෘතියක් නිර්මාණය වන්නේ දොළොස්වන සියවසෙන් පසුවය. ‘‘දොළොස්වන සියවස දක්වාම රුසියාවේ තිබූණේ ඉහත ස`දහන් කරන ලද අන්දමේ ජනකථා හා ගීයෙන් පවසනු ලබන වීරකථා පමණි. මේවා නියම අන්දමේ සාහිත්‍ය කෘති සංඛ්‍යාවෙහිලා සැලකීම දුෂ්කරය. නියම අර්ථයෙන්ම සාහිත්‍ය කෘතියක් වශයෙන් හැ`දින්විය හැකි මුල්ම ග‍්‍රන්ථය බිහි වූයේ දොළොස් වැනි සියවසෙහි අවසාන භාගයේ දී පමණය.’’
සිංහල සාහිත්‍යය මෙන්ම රුසියානු සාහිත්‍යය ව්‍යාප්ත වීම ස`දහාද ආගමික බලය බෙහෙවින් බලපෑ බව පැහැදිලි කරුණකි. එහෙත් සිංහල සාහිත්‍යයේදී පූජ්‍ය පක්‍ෂය විසින් පැරණි ජනකතා හා ජනප‍්‍රවාද සම්පූර්ණයෙන්ම බැහැර නොකොට ඊට නවාංග එකතු කළ බව පෙනේ. රුසියානු සාහිත්‍යයේදී සිදු වූයේ පූජක පක්‍ෂය විසින් පැරණි රුසියානු ජන සාහිත්‍යය සම්පූර්ණයෙන්ම මිථ්‍යාදෘෂ්ටික නිර්මාණ ලෙස සලකා බැහැර කරන ලදි. මේ නිසා වීර චරිතාඛ්‍යාන රාශියක් අභාවයට ගියේය. පහළොස්වන, දහසයවන මෙන්ම දහහත්වන ශතවර්ෂයන්ටද උක්ත කාරණය සම්බන්ධ වේ. පූජක පක්‍ෂය සාහිත්‍යයික බලය ලබා ගැනීමත් සම`ගම එරට පැවති සාහිත්‍යය විනාශ මුඛයට පාත‍්‍ර විය. එසේම රුසියානු සාහිත්‍ය වර්ධනයද ඇණහිටියේය. මෙම කාලය තුළ ආගමික ග‍්‍රන්ථ නිර්මාණය වීම විශේෂ ලක්‍ෂණයකි. මෙය ශතවර්ෂ පහක් තිස්සේ මහා පීටර් රජතුමා රාජ්‍යත්වයට පත්වන තෙක් පැවතුණි. රුසියාවද ධනවාදයෙන් සමාජවාදයට පෙරළීමත් සම`ග තදනුබද්ධ සමාජය අරමුණු කොට ගෙන නිර්මාණයන් බිහිකළ අතර මේවා ම`ගින්ද රුසියානු ජනයා පිබිදවීම උදෙසා ඉමහත් පිටු බලයක් ලැබිණි.
ඉතා දිළි`දු රටක් ලෙස මුල්කාලීනව පැවති රුසියාව පසුකාලීනව සම්පූර්ණ වශයෙන්ම යුරෝපීයයන්ගේ සංස්කෘතීන්හි බලපෑම්වලට අවනත වේ. විශේෂයෙන්ම දහහත්වන හා දහඅටවන සියවස්හිදී රුසියාව යුරෝපීය සංස්කෘතීන් හා ඝට්ටනය වේ. එම වකවානුවේදී මහා පීටර් රජු රුසියාවේ පාලකයා ලෙස කටයුතු කළේය. රුසියානු සාහිත්‍යය කෙරෙහි අපගේ අවධානය යොමු කිරීමේදී වැදගත් වන නිර්මාණකරුවෙක් නම් මහකවි පුෂ්කින්ය. ඔහු රුසියානු සාහිත්‍යයේ හමුවන පළමුවන ශ්‍රේෂ්ඨ කවියා ලෙස සම්භාවනාවට පාත‍්‍ර වේ. ඔහු විසින් ගැමිකතා කවියට නැ`ගීම සිදු කරන ලදි. එහෙත් ප‍්‍රථම රුසියානු කවියා වශයෙන් ඇතැම් අය විසින් පිළිගනු ලබන්නේ ඩෙර්ෂාවින්ය. ඔහු ක‍්‍රි.ව. 1743-1816 අතර කාලය තුළ ජීවත් වී ඇත. එහෙත් මේ කාලය වන විට රුසියාවේ ශ්‍රේෂ්ඨතම ලේඛකයා වශයෙන් පිළිගැනෙන්නේ ටෝල්ස්ටෝයි නම් ලේඛකයාය. ටෝල්ස්ටෝයි ශ්‍රේෂ්ඨතම ලේඛකයා වශයෙන් පිළිගත්තද රුසියානු නවකතාවේ පියා වශයෙන් සම්භාවනාවට පාත‍්‍ර වූයේ ඔහු නොවේ. රුසියානු නවකතා සාහිත්‍යයෙහි පියා වශයෙන් පිළිගැනෙන්නේ ගොගොල් බව මිණිවන් පී. තිලකරත්න පෙන්වා දෙයි . ඔහු විසින් රුසියානු නවකතා සාහිත්‍ය වෙනත් දෘෂ්ටියකින් බැලීමට පාඨක ජනයා යොමු කිරීම මෙයට හේතුවයි. ඒ ස`දහා ඔහු අග‍්‍ර ගණයේ නවකතා කිහිපයක්ම නිර්මාණය කොට තිබීම සැලකිය හැකිය.
රුසියානු සාහිත්‍ය වර්ධනය වීම උදෙසා යුරෝපීය සාහිත්‍යයේ ආභාසය ලැබ ඇති බව තත් සාහිත්‍ය පිළිබදව විමසීමේදී අවබෝධ වේ. ඒ ස`දහා තදින් බලපෑවේ ප‍්‍රංශ සාහිත්‍යයි. ප‍්‍රංශ සාහිත්‍යයේ සමහර ලක්‍ෂණ අවශෝෂණය කරගත් රුසියානු සාහිත්‍යය අද්‍යතන යුගයේදී ලෝකයේ විශිෂ්ට සාහිත්‍යයක් වශයෙන් ගෞරවය හිමි කරගනිමින් අනෙක් සාහිත්‍යයන් අභිභවනය කරමින් ඇති බව තත් සාහිත්‍ය වංශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් සනාථ වේ. රුසියානු නවකථා සාහිත්‍යය පිළිබ`ද විචාරාක්ෂිය යොමු කිරීමේදී එහි එන වීරයා බෝධිසත්ත්ව ගුණෝපේත කාල්පනික වීරයකු නොව සාමාන්‍ය යථාර්ථ ලෝකයේ ජීවත් වන අයෙකු බව එම නවකථා විමසීමෙන් මැනවින් පැහැදිලි වේ. එබ`දු නවකථා කිහිපයක් පදනම් කරගෙන උක්ත කාරණය විමසුමට ලක් කරනු ලැබේ.
යථාර්ථ තලයේ ජීවත් වන චරිත යනු
රුසියානු නවකථාව තුළින් පහළ වූ යථාර්ථ තලයේ චරිත නිරූපණය කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර යථාර්ථවාදී චරිත යනු මොනවාද යන්න පිළිබ`දව විග‍්‍රහ කර ගැනීම අවස්ථාවෝචිත බව පෙනේ. යථා ූ අර්ථය යන පදද්වය සන්ධි වීමෙන් යථාර්ථය යන පදය නිර්මාණය වී ඇති බව වාග්විද්‍යානුකූලව සිතිය හැකිය. එහෙත් ‘යථාර්ථ’ යන පදය පෘථූල අර්ථයකින් නවකතා සාහිත්‍ය තුළදී භාවිතයට ගෙන ඇති බව පෙනේ. එසේම උක්ත පදය උදෙසා ඉදිරිපත් වී ඇති නිර්වචන සමුදාය ගෙන බැලීමෙන්ද යථාර්ථ යන පදය පුළුල් අර්ථයකින් භාවිත වන බව පැහැදිලිය. සුරවීරයන් පවසන පරිදි ‘‘මෙයින් අදහස් වනුයේ ජීවිතය ඇති සැටියෙන් හෙවත් තාත්විකව නිරූපණය කිරීමට වඩා මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය නිරූපණය කිරීම ය. යථාර්ථ නිරූපණයෙහිලා ලේඛකයා අතින් සිදු වන්නේ යථා තත්ත්වය පිළිබ`ද ස්වකීය ප‍්‍රතික‍්‍රියා දැක්වීම යයි කියනු ලැබේ’’ යනුවෙනි.
උක්ත අර්ථ විග‍්‍රහයට අනුව යථාර්ථවාදයෙන් සිදු වන්නේ මිනිස් ජීවිතය ඇති සැටියෙන් හෙවත් තාත්විකව ඉදරිපත් කිරීමක් නොවන බවයි පැහැදිලි වන්නේ. එහිදී සිදු වන්නේ මිනිස් ජීවිතයේ යථා අර්ථය හෙවත් නියම අර්ථය ප‍්‍රතිනිර්මාණය කිරීමයි. මිනිසාගේ සෑම කි‍්‍රයාවක්ම හා ඔහුගේ සිතුවිලි සමුදාය එලෙසින්ම නිරූපණය කිරීම තුළින් සිදු වන්නේ යථාර්ථවාදය ප‍්‍රතිනිර්මාණය කිරීමක් නොව, අනුකරණය කිරීමකි. අනුකරණය සාහිත්‍යයේදී එතරම් වැදගත් දෙයක් සේ සැලකිය නොහැකිය. මිනිස් ක‍්‍රියාවන් නව්‍යාකාරයකින් කලාත්මකව ඉදිරිපත් කිරීම යථාර්ථවාදී නිරූපණය ලෙස සැලකිය හැකි බව පෙනේ.
මොරිස් නම් බටහිර විචාරකයා යථාර්ථවාදය පිළිබ`දව ඉදිරිපත් කරන අදහස් කැටි කොට දක්වන ලියනගේ අමරකීර්ති සූරීහු ‘‘මිනිස් මනසට බාහිරව පවත්නා ‘වාස්තවක ලෝකය’ත් ඒ බාහිර ලෝකය කෙරෙහි මිනිසා දක්වන ආත්මගත ප‍්‍රතිචාරයත් මිනිසාට භාෂාව ම`ගින් දැන ප‍්‍රතිිනිර්මාණය කළ හැකිය යන මහා බුද්ධි ප‍්‍රබෝධයට අයත් ආනුභූතික ඥානයේ ප‍්‍රතිනිර්මාණාත්මක ස්වරූපය යථාර්ථවාදයයි...’’ යනුයෙන් යථාර්ථවාදය පිළිබ`දව අර්ථකථනය කොට දක්වති.
ලෝකයේ බිහි වූ විශිෂ්ට නවකතා රාශියකටම උරුමකම් කියන්නේ රුසියාවයි. එබැවින්ම නවකතා සාහිත්‍යයෙහි විකසිත කුසුම ලෙස රුසියාව හ`දුන්වා දීම සාවද්‍ය නොවේ. ප‍්‍රංශ නවකතා සාහිත්‍යයෙහි ආභාසයෙන් නවකතා රචනා කිරීම ආරම්භ කරන රුසියාව පසුකාලීනව ප‍්‍රංශයද සමතික‍්‍රමණය කරමින් ඉතා විශිෂ්ට වූ නවකතා රචනා කිරීම උදෙසා උරුමකම් කියමින් සම්භාවනාවට පාත‍්‍ර වේ. ඕනෑම රටක නිර්මාණය වන නවකතා තුළින් තත්කාලීන සමාජය විවරණය කිරීම සාමාන්‍ය ලක්‍ෂණයකි. රුසියාවේද නවකතා නිර්මාණය වීමේදී සමකාලීන සමාජය ඒ ස`දහා බලපෑ බව රුසියානු නවකතා සාහිත්‍ය තුළින් මොනවට පිළිබිඹු වේ. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ රුසියානු නවකථාවන්හි එන වීරයා බෝධිසත්ත්ව ගුණයන්ගෙන් හෙබි කාල්පනික වීරයකු නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන අයෙකු බව විශද කිරීමටයි.
යථාර්ථ තලයේ ජීවත් වන රුසියානු නවකථාවේ වීරයා
චින්ගීස් අයිත්මාතව්ගේ ගුරුගීතයේ එන දුයිෂෙන්
ප‍්‍රතිභාපූර්ණ සුප‍්‍රසිද්ධ ගත් කතුවරයෙකු වශයෙන් කිර්ගීස් ජාතික චින්ගීස් අයිත්මාතව් හ`දුන්වාදිය හැකිය. ඔහු විසින් රචනා කරන ලද සුප‍්‍රසිද්ධම කෘතිය වන්නේ් ‘ගුරුගීතය’යි. ඉතාම අල්ප වූ අධ්‍යාපනයක් ලැබූ දුයිෂෙන් තමා ලැබූ අධ්‍යාපනය අයිලයක ජීවත් වූ දුප්පත් ළමුන්ට ලබාදෙමින් ඔවුන්ගේ ඉදිරි ජීවිතයට අත්වැලක් වූ අයුරු මෙම කෘතිය තුළින් ඉදිරිපත් කෙරේ. ඔහුගේ සාර්ථකම ශිෂ්‍යාව වූයේ අල්තිනායි නම් දැරිවියයි. දෙමව්පියන් නොමැතිව මාමලාගේ නිවෙසෙහි ජීවත් වූ ඇය කුඩා ළමයෙකුට වඩා මෙහෙකාරියකගේ ස්වරූපයෙන් ජීවත් වූවාය. නිවෙසෙහි සියලූ කටයුතු කළ ඇයට අධ්‍යාපනයක් ලබා දීමට ඇගේ නැන්දණිය අකමැති වුවද, දුයිෂෙන්ගේ නොපසුබට වීර්යය හේතුවෙන් මහාචාර්යවරියක් දක්වා උගත් තැනැත්තියක් බවට පත්වීමට ඇයට හැකියාව ලැබිණි.
මෙහි දුයිෂෙන් ස්වකීය කාලය කැප කරමින් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කළ බව නවකතාව පුරාවටම දැකිය හැකිය. පරාර්ථය උදෙසා කැප කළ ඔහුගේ ජීවිතය පරමාදර්ශී භාවයෙන් පරිපූර්ණය. අයිලයේ ජනයා අකමැති වුවද, ස්වෝත්සාහයෙන්ම කුඩා ළමුන්ගේද සහාය ලබා ගනිමින් දුයිෂෙන් පාසලක් නිර්මාණය කරයි. නගරයට පමණක් සීමා වී තිබූ අධ්‍යාපනය ගමටද ගෙන යාමට දුයිෂෙන් ගත් වෙහෙස සැබවින්ම අගය කළ යුතුය. එහෙත් නිස්සරණාධ්‍යාශයෙන් ඔහු කළ කැපවීම තෙරුම් ගෙන ස්වකීය දරුවන් පාසැල වෙත එවීමට පවා සමහර දෙමව්පියෝ අකමැති වූහ. එහෙත් රජයේ නීති- රීතිවලට ඔවූහු බිය වූහ.
‘‘උඹට ඔය තරම් ඕන කමක් තියෙනවනම්, උගන්වාපන් අපට මොකෝ....අපි නීතිවලට විරුද්ධ නැහැ.’’
‘‘එහෙනම් මට කරුණාකරලා උදව් වෙයල්ලා. අර කන්ද උඩ තියෙන බායිලාගේ අස්සගාල ශුද්ධ කරලා ගන්ට ඕන. ග`ග හරහා ඒදණ්ඩක් දාන්ට ඕන. ඉස්කෝලෙට දර ඕන...’’
අයිලයේ මිනිසුන්ගේ බලාපොරොත්තුව වූයේ තමන් මෙන්ම ස්වකීය දරුවන්ද ගොවිතැන් කරමින් ජීවත් වනවා දැකීමයි. දුයිෂෙන් අභියෝග කරන්නේ මෙබ`දු සමාජ රටාවකටය. එහෙත් එයින් ඔහු බලාපොරොත්තු වන්නේ සමාජ ප‍්‍රගමනයයි. දුයිෂෙන් යථාර්ථ තලයේ ජීවත් වන චරිතයකි. ඔහු අයිලයේ මිනිසුන්ට පවසන්නේ ඔවුන් දරුවන්ට අධ්‍යාපනයක් ලබා නොදෙන්නේ නම්, එය ඔවුන්ට කරන අසාධාරණයක් බවයි. ඔහු පාසල ගොඩ නගන්නේ ස්වෝත්සාහයෙන්ය.
එසේම ඔහුද එතරම් දුරට අධ්‍යාපනයක් ලැබූවෙකු නොවේ. තමන්ද ඉගෙන ගන්නේ නොයෙකුත් කරදර මධ්‍යයෙහිය. එසේ ඉගෙනගත් ඔහු අධ්‍යාපනයේ ඇති වැදගත්කම හො`දින්ම අවබෝධ කරගත්තේය. ¥දරුවන් වෙනුවෙන් නොයෙක් වධ හිංසනයන්ට පත්වෙමින් සමහර අවස්ථාවල මැරප‍්‍රහාරවලට පවා හසුවෙමින් ස්වකීය පාසලෙහි කටයුතු කරන්නේ එබැවිනි. සමහර අවස්ථාවල ස්වකීය පාසලෙහි අධ්‍යාපනය ලබන සිසුන්ගේ පෞද්ගලික ජීවිතයට පවා ඔහු මැදිහත් වීමෙන් ඔහු සමාජ ප‍්‍රගමනය උදෙසා කෙතරම් ක‍්‍රියාශීලීව කටයුතු කරන්නේද යන්න මනාව පිළිපිඹු වේ.
නමුත් දුයිෂෙන් සාමාන්‍ය මිනිසකු තුළ පවත්නා චරිත ලක්ෂණ විදහා දක්වන ආකාරය අපට පැහැදිලි වේ. එක් අවස්ථාවක ඔහු වෘකයන්ගෙන් අශ්වයා බේරා ගැනීමට මහලූ යුවළගෙන් තුවක්කුවක් හෝ පොල්ලක් ඉල්ලා සිටියි. ඒ වෘකයන් මරා හෝ අශ්වයා බේරා ගන්නා අටියෙනි. ඒ වන විට ඔහුගේ සිතෙහි කෝපය මුසු පසුතැවිල්ලක් දැඩිව ජනිතව තිබූ අයුරු ගම්‍යමාන වේ.
‘‘තුවක්කුවක් දීපල්ලා තුවක්කුවක්’’
‘‘පොල්ලක් දීපල්ලා’’
තවත් අවස්ථාවකදී පාසලේදී රතු මුහුණා නිසා කෝපයට පත් වන දුයිෂෙන් ඔහුට පළමුව පහර දෙයි. එයින් ඔහුද සාමාන්‍ය යථාර්ථ ලෝකය තුළ ජීවත් වන කෝපය, ආවේගය වැනි හැ`ගීම් ඇතිවන අයෙකු බව ගම්‍යමාන වෙයි. එසේම තම ශිෂ්‍යාව වුවත් අල්තීනායි පිළිබ`ද දුයිෂෙන් සිත තුළ ආදරයක් හට ගනියි. එය සැ`ගවීමට ඔහු කොතරම් උත්සහ කළත් ඔහුගේ චරිතය ක‍්‍රියාත්මක වන සැටියෙන් එය පසක් වේ.
‘‘උඹ ගෙදර යන්න එපා අල්තීනායි, උඹට තේරුණාද’’
‘‘මම උඹ වෙනුවට වග කියන්නම්, දැනට අපේ ගෙදර නැවතියන්. මට නොපෙනෙන තරම් ඈත යන්න එපා’’
පහළොස් හැවිරිදි අල්තීනායි විවාහ කර දීමට ඇයගේ නැන්දණිය වෙහෙස ගත් විට ඇය එයින් ගළවා ගැනීමට දුයිෂෙන් උත්සාහ කරයි. එය ප‍්‍රථමයෙන් අසාර්ථක ප‍්‍රයත්නයක් බවට පත් වේ. ඇයව පැහැර ගෙන යන රතු මූණාට පසුව විරුද්ධ වී අල්තීනායි ඔහුගෙන් ගලවා ගැනීමට ඔහු සමත් වේ. ඇය පිළිබ`ද වූ සියුම් ආදරය නිසා මෙබ`දු මැදිහත් වීමකට ඔහු පෙළඹෙන්නට ඇත.
‘‘වල්ඌරා!’ යැයි දුයිෂේන් දත් විලිස්සමින් ගුගුළේය. ‘දැන් ඉතින් වරෙන් යා යුතු තැනට යමු!’’
‘‘තණකොළ පොඩි කරන්නා වගේ ඈ සමතලා කොට විනාශ කළා යැයි උඹ හිතනවද? මෘගයා, උඹේ කාලේ ඉවරයි!... දැන් ඇගේ කාලයයි!’’
මේ අනුව බලන කල දුයිෂෙන් පරමාදර්ශී චරිතයක් ලෙස ප‍්‍රතිනිර්මාණය කිරීමට අයිත්මාතව් සමත් වූ බව පැහැදිලි වුවත් එම චරිතය බෝධිසත්ත්ව ගුණෝපේත කාල්පනික වීරයකුගේ චරිතයක් ලෙසින් නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන්නකුගේ චරිතයක් ලෙසින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇති බව පෙනේ. සංවර්ධන සාහිත්‍යාත්මක ලක්ෂණ විශද කරන චරිතයක් ලෙස දුයිෂෙන් චරිතය අර්ථ කථනය කළ හැකි අතර උක්ත කාරණයද මැනවින් ප‍්‍රතීයමාන වේ.
චින්ගීස් අයිත්මාතව්ගේ ජමීලා
රුසියානු සාහිත්‍යයෙහි අපට හමුවන සුප‍්‍රසිද්ධ ගත් කතුවරයෙකි, කිර්ගීස් ජාතික චින්ගීස් අයිත්මාතව්. ඔහු විසින් විශිෂ්ට නවකතා කිහිපයක්ම රචනා කර ඇති අතර ‘ජමීලා’ ඉන් එකකි. සොල්දාදුවෙකු වශයෙන් ස්වකීය ස්වාමියා කටයුතු කරන විට ඇය සැමියාගේ දෙමව්පියන් සමීපයෙහි ජීවත් වේ. කලකට පසු ස්වාමියාගෙන් ලිපියක් ලබන ජමීලා එහිද තමාගේ නම පවා ඉතා නොසැලකිල්ලෙන් ස`දහන් කර තිබෙනු දකින්නීය. එයින් ඇය කම්පාවට පත් වන්නීය.
කිසිදු අනාගත බලාපොරොත්තුවකින් තොරව ජීවත් වන ජමීලාගේ සම්පූර්ණ ජීවිතයම එදිනෙදා වැඩ කටයුතුවලට පමණක් සීමා වේ. මෙලෙස ස්වාමියාගෙන් විතැන්ව සිටින ජමීලාගේ සිත ගමට අලූතින් පැමිණෙන උඩ`ගු දනියාර් වෙත ඇදී යයි. ඇය කිසිවිටෙකත් ස්වකීය වල්ලභයාට විරුද්ධ වීමට සිහිනෙනුදු නොසිතයි. එහෙත් භාර්යාවක් වශයෙන් තමාට ලැබිය යුතු ආදරය හා වරප‍්‍රසාදයන් නොලැබී යාමෙන් හා අනාගත කිසිදු බලාපොරොත්තුවකින් තොරව ජීවත් වන ජීවිතය ඇයට අප‍්‍රියය. ඇය යථාර්ථයට මැනවින් මුහුණ දෙයි. ඇය ස්වාමියා හැර යන්නේ ඔහු කෙරෙහි අනාලයකින් නොව, ස්වකීය පරමාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම උදෙසාය. ‘‘දනියාර්ට ජමීලා ආලය කළේ චපල අදහසකින් නොවේ. දෙමහල්ලෝ තම ලේලිට ජමීලාට කරුණාව දැක්වූහ. ආධ්‍යාත්මික වශයෙන් පටු හා පහත් එම ජීවිතය නිසා සතුටු වීමට ඇයට සිදුවිය. ජමීලා දනියාර් සම`ග පැන යාම නිසා අයිලයේ ගෑණු ඇය හෙළා දුටහ. එහෙත් ඈ තම සීමාසහිත භාග්‍යට පයින් ගසා, නියම ජීවිතයක් හා අයිතිය ස`දහා එම පියවර ගත්තාය.’’
ඇය පැවති සමාජ රටාව වෙනස් කරමින් සමාජ ප‍්‍රගමනය උදෙසා කටයුතු කළ බවද පැහැදිලිව පෙනේ. එසේම, සමාජ යථාර්ථය හා ජීවත් වීමේ රටාවද ඔවුන් දැනගෙන සිටි බවද සනාථ වේ. ඇය ඔහු හා නිවෙසින් පැන යන්නේ ඔවුන්ගේම ලොවක ජීවත් වීමේ යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක දක්නට ලැබෙන චරිත ලක්ෂණවලට අනුකූලවය.
අනුන්ගේ සතුට උදෙසා වහලියන් සේ සලකන ස්ත‍්‍රීන් ඕනෑතරම් සමාජය තුළින් දැකිය හැකිය. ඒ අතුරින් ජමීලා වෙනස් පරමාදර්ශී චරිතයක් බවට පත් වන්නේ ස්වකීය සංස්කෘතියට අභියෝග කරමින් තම නිදහස තමා විසින්ම නිර්මාණය කරගන්නා බැවිනි. ඇය මෙලෙස ස්වාමියා හැර දනියාර් සම`ග පැන යාමම යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක් බව විශද කිරීමට සමත් වේ. එනම් තමාට ලැබිය යුතු ආදරය නියම තැනින් නොලැබෙන්නේ නම් ඒ ආදරය ලැබෙන තැනක් වූයේ නම් එතැනට ඇය යොමු වීමයි. ජමීලා පුරුෂයෙකුට නොදෙවෙනි සේ පුරුෂයකු විසින් කළ යුතු කටයුතුද ඉටු කරයි.
‘‘එහෙම කොහොමද! එක් එක්කෙනා තමන්ගේ කරත්ත වලට පැටවීම හරිද? නැහැ යාළුවා. එහෙම බැහැ. මෙහෙට දෙනවා තමුසේගෙ අත. කිචීනෙ බාලා, නුඹ මොකද බලාගෙන ඉන්නෙ නැගපන් කරත්තෙට. හරි හැටි තිරි`ගු මිටි ගොඩ ගහපන්!’’
මේ අනුව ජමීලා නිර්භය කාර්යක්‍ෂම ස්ත‍්‍රියක් බව පෙනේ. ඇය පුරුෂයන්ට පවා විධාන කිරීමට තරම් පෞරුෂයෙකින් හා ඕනෑම කටයුත්තක් සාර්ථකව සිදු කිරීමට දක්‍ෂ තැනැත්තියකි. ඇය පැවති සමාජ රටාව නොබියව අතික‍්‍රමණය කිරීම නිසාම යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක් බවට පත් වන අතර, ඇය එසේ නොවූයේ නම් තත් සමාජය තුළ ඇයට ජීවත් වීමට නොහැකි වේ. එසේම, අසාධාරණයට විරුද්ධ වන ඇය තම නිදහස පාවා දීමට කිසිසේත් නොපැකිළෙයි. ඇය ස්වකීය දෙමව්පියන්ට සලකන පරිද්දෙන් නැන්දණියට හා මාමාට සැලකීමෙන් ජමීලා යථාර්ථ තලයේ ජීවත් වූ චරිතයක් ලෙස නිරූපණය කොට ඇත.
‘‘වැඩිහිටියන් ඉදිරියේ වුවද ලැජ්ජා නොවී ජමීලා ගී ගැයුවාය. නිතර ඈ කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් හෝ ගායනා කළාය. අයිලයේ පිළිගත් චාරිත‍්‍රවලට මේ හැසිරීම් කොහෙත්ම නොගැළපෙන බව නොකිව යුතුය. ජමීලා තරුණියක් නිසාත්, සමහර තරුණියන් එසේ හැසිරීම ස්වභාවික නිිසාත් කල්යාමේදී මේ හැසිරීම ඉබේටම නවතිනු ඇතැයි ඇගේ නැන්දලා දෙදෙනා සිතූහ. ජමීලා තරම් හො`ද කෙනෙක් මෙලොව නැතැයි මම සිතුවෙමි’’ .
එක් අවස්ථාවක තරුණ අසරුවන් ඇය බදාගෙන තමන් සිපගන්නා ලෙස ඇයට අණකළ විට ඇය දැඩිව කුුපිත වන්නීය. සාමාන්‍ය කාන්තාවක් තුළ ඇති වන විවිධ හැ`ගීම් රාශියක් ජමීලාගේ චරිතය තුළින් මතු කර ගත හැකිය.
‘‘හුරතල් කළා ඇති පලයව් අහකට’’
උක්ත තොරතුරුවලට අනුව චින්ගීස් අයිත්මාතව්ගේ ජමීලා නවකතාවේ එන ජමීලා යම් යම් අවස්ථාවල සංවර්ධන සාහිත්‍යාත්මක ලක්ෂණ පිළිඹිබු කරන අතර බෝධිසත්ත්ව ගුණෝපේත වීරවරියක මෙන් නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක් ලෙසින් මතු කොට දක්වා ඇති බව පෙනේ.
චින්ගීස් අයිත්මාතව්ගේ නැතිවුණු වස්තුවේ ඉල්යාස් අලිබායෙව්
නැතිවුණු වස්තුවේ එන රියදුරු ඉල්යාස් අලිබායෙව්, අසේලිට ආලය කරයි. එය සංකීර්ණ ලෙසිනුත් චමත්කාරජනක ලෙසිනුත් වර්ධනය වන්නකි. ඉල්යාස් අසේලිට හා බයිටෙමිර්ට වරදක් කිරීම නිසා සිතින් වේදනා වි`දියි. මුල් අවස්ථාවේදී ඉල්යාස් අසේලි කෙරෙහි දැඩි පේ‍්‍රමයෙන් බැෙ`දයි. නමුත් ඔහුගේ සිතිවිලි සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන අයෙකුගේ මෙන් සැකය මුසු පසුතැවිල්ලකින් පිරී යයි. තමා ඇයට පේ‍්‍රම කළද එබ`දු සිතිවිල්ලක් ඇය තුළ පහළ වීද යන්න ඔහු නැවත නැවත සිතයි.
‘‘නුඹට ඕන මොනවද? නුඹ මොන මෝඩයෙක්ද? ඈ නුඹේ කවුද? මනමාලිද? නංගිද? ම`ගදී හමුවී ගෙදරට ගොස් හැරලූවා. හරියට ආලය පිළිබ`ද එක`ගතාවක් ඇතිවුණාක් මෙන් කනගාටු වෙනවා. ඈ නුඹ ගැන හිතන්නවත් සූදානම් නැතිව ඇති. නුඹ ඈට කොහෙත්ම වුවමනා නැතිව ඇති....’’
ලිපිකරු කාර්යාලයේ සේවය කළ කදීචා නැමති තරුණිය වෙත ඉල්යාස්ගේ සිත එක් අවස්ථාවක ඇදී යයි. ‘‘ආත්ම දමනය සි`දී ගියෙන් මම ඈ වෙත ඇදී ගියෙමි. එහෙත් වහාම පසුබැසීමට මම සමත් වීමි. මා අසේලට වරදක් කරතැයි යන හැ`ගීම මා සිත තුළට පිවිසියේ මාද පුදුමයට පත්කරවමිනි.’’ නමුත් පසු අවස්ථාවක ඔහු ඇගේ වස`ගයට පත් වෙයි. ‘‘මා නැවතුණේ මන්ද, නැවත මා ගෙවැට ළ`ගට ආවේ මන්ද යනු මම නොදනිමි. කදිචා මා එනතුරු බලා සිටියාය. ඈ මගේ ගෙල තදින් ගෙන මගේ දෙතොල් සිප ගත්තාය.’’ බොහෝ කලක් තිස්සේ බලාපොරොත්තු වූ යමක් ඇයගෙන් ඔහුට ලැබුණු බව ඔහු සිතන්නේ යථාර්ථ තලයේ ජීවත් වන සාමාන්‍ය මිනිසකු පරිද්දෙනි.
සංවර්ධනාත්මක සාහිත්‍ය ලක්ෂණ විදහා දක්වන ඉල්යාස්ගේ චරිතය අනුන්ගේ දුකෙහිදී පිහිට වීමට යත්න දරනු පෙනේ. එක් අවස්ථාවක ක`දු බෑවුමක් ඔස්සේ කැඩුණු ලොරියක් තම ලොරිය ආධාරයෙන් රැුගෙන එන්නේ අන්‍යන්ට උදව් කිරීමේ අදහස ඔහු තුළ පැන නැගුණු බැවිනි. ‘‘...මහම`ග තියුණු වංගු සහ ගැඹුරු පල්ලම් සහිත විය. මම මටම දොස් තබා ගතිමි. මේ මිනිසුන් දෙදෙනාට මා නිසා විපතක් වූවොත් යන බිය මා තුළ ඇති විය.’’
එක් අවස්ථාවක ඉල්යාස්ගේ රියට ඈ`දනු ලැබූ රිය අගලකට පෙරළෙයි. එහිදී ඔහුට දැඩි කෝපයක් ඇති වන අතර කනගාටුවක්ද සිතෙහි ඇති වේ. ඔහු හැ`ඞීමට පවා පෙළඹෙන්නේ එබැවිනි. ‘‘...ව්‍යාඝ‍්‍රයකු මෙන් කිපුණු මා රෝද හතර ගොඩගනු වස් එක් එක් රෝදය බැගින් අගලින් ගොඩගන්නට උත්සහ කළද, එය නිෂ්පල විය...විඩාපත් වූ මම හිමෙන් වැසී ඇති මඩ වගුරු බිමේ වැතිර ගෙන, සුන් වූ බලාපොරොත්තු නිසා හැ`ඞීමි....’’ මෙම නවකථාවේ එන වීරයා ලෙසින් ගැනුනද ඔහුගේ සාමාන්‍ය මානුෂීය ලක්ෂණ මෙම කරුණු ම`ගින් අනාවරණය වේ.
එක්විටක ඔහු සම`ග සේවය කරන අනෙක් සේවකයන් ඉල්යාස්ව දැඩි දෝෂදර්ශනයට ලක් කරයි. එයින් කියවෙන හැම කාරණාවක්ම අසත්‍ය යැයි එක එල්ලේ ස`දහන් කළ නොහැකියි. ඔහුගේ චරිතයට අදාළ යම් යම් තථ්‍ය වූ කරුණු ඒ තුළින් ගම්‍යමාන වන බව පැහැදිලි වේ. ඒවා යථාර්ථ තලයේ ජීවත් වන්නකුගේ චරිත ලක්ෂණ බවද පහැදිලි කරගත හැකිය. නමුත් ඒවා ඉල්යාස් එලෙසින් පිළිගන්නට මැලි වනු දක්නට ලැබේ. එයද සාමාන්‍ය මිනිසකුට අනවරතයෙන්ම ඇති විය හැකි හැ`ගීමකි.
‘‘ඒ බොරුවක්. නුඹ බැලූවෙ තනිවම වීරයෙක් වෙන්ටයි. නුඹ විනාශ කරගත්තා. ඉතාම හො`ද අදහසක් නුඹේ කුහක ගති නිසා නැති වුණා. ලොරියට වැඩිපුර රියක් ඈ`දා බඩු පටවාගෙන යාමට පුළුවන් බව දැන් ඉතින් ඔප්පු කරන්ට බැහැ. නුඹ හරි මෝඩයෙක්. උද්දච්චයෙක්.’’
නමුත් එක් තැනක ඔහු තමාගේ ගති ලක්ෂණ පිළිබ`ද ආත්මාවලෝකනයක් කරනු දැක්ක හැකිය.‘‘...එහෙත් එහි නොයාමට මම තීරණය කළෙමි. බය වූ නිසා නොවේ. මගේ මුරණ්ඩුකමත්, කෝපයත්, පුහු ආත්මාඩම්බරයත් මට එහි යාමට බාධා කළේය. පසුගිය රැුය කදිචා සම`ග ගත කිරීමද නිසා මගේ ව්‍යාකූලත්වය තවත් වැඩි විය....’’ වරෙක ජන්තායි සම`ග ගැටුමකට පැටලෙන ඉල්යාස් ඔහුට පහර දෙයි. එවිට ජන්තායි කුපිතව ඔහුට බැන වදියි.
‘‘මැරවරයා, වනචරයා මට ගහනවා. මට කළ දේ හන්දා නුඹට සිරගෙට යන්ට වේවි. නුඹගෙ කේන්තිය නුඹ මා පිට යවන්ට හදනවා...නුඹ හිතනවද නුඹට බේරෙන්ට පුළුවන් කියල....’’
ජන්තායිගේ මෙම ප‍්‍රකාශය ඉල්යාස් පිළිබ`ද චරිත ලක්ෂණ අප හමුවේ තබයි. සාමාන්‍ය තලයේ මිනිසකු තුළ ඇතිවන සමාන හැ`ගීම් ඉල්යාස් තුළ දක්නට ලැබෙයි. ඉල්යාස් බොහෝ සේ වෙහෙස මහන්සි වී කළ දේ අසාර්ථක වූ අතර අලිබෙක් එය ඉතා ලෙහෙසියෙන් හා වැඩි ප‍්‍රයත්නයකින් තොරව සාර්ථක ලෙස ඉටුකිරීම සම්බන්ධයෙන් ඉල්යාස් තුළ මතුවන්නේ අසාධාරණ ඊර්ෂ්‍යාවකි. ඉල්යාස් අයාලේ යමින් සුරාපානය කරමින් සල්ලාල ජීවිතයක් ගත කළ අයෙකු ලෙසද නවකථාව තුළින් පෙනේ.
‘‘...මා බොහෝ සේ වොඞ්කා බිව්වද මගේ ගත සිත නැලවීමට එය අපොසත් වූයෙන්, මගේ කේන්තිය තවත් වැඩි විය. ? වන තුරු නගරයේ හැම තැනම ඇවිද නොසිතාම බෙරොගොවායා වීදියට විත් කදිචාගේ නිවසට ඇතුළු වීමි...දිවා කාලයේදී රිය පදවන මම හවස් වූ විට කදිචා වෙත ගියෙමි.’’
ජීවිතය පිළිබ`ද කලකිරීමක් ඇති වූ අයෙකුගේ ජීවිතය මෙපරිදි වීම ස්වාභාවික කාරණයක් විය හැකිය. තමාට ලොව ආදරය කරන එකම තැනැත්තිය කදිචා බව ඉල්යාස් සිතයි. එනිසයි, ඔහු වඩ වඩා ඇයගේ සෙනෙහසට ළංවන්නේ. මිනිසුන්ගෙන්ද සත්‍යයෙන්ද සැ`ගවීම පිණිස ඔහු ඇයගෙන් ආධාර පතයි. ඔහුගේ බිරි`ද වූ අසේල් පිළිබ`ද ඔහු තුළ වූයේ එක්තරා ආකාරයක කලකිරීමකි. ‘’අසේල් තම පවිත‍්‍ර බවින් හා අවංක බවින් මා ගෙදරින් පන්නා දමන බව නොදැන සිටියාය.’’ ඔහුට ඇගේ ඒකාකාර ජීවන රටාව ගැන කලකිරීමක් ඇති වන්නට ඇත. කදිචා වෙත ඔහු ආශක්ත වීමටද එය ප‍්‍රබල වශයෙන් හේතු වන්නට ඇත.
තම බිරි`ද බයිටෙමිර් හා යුග ජීවිතයක් ගත කරනා බව දැනගන්නා ඉල්යාස් පත්වන්නේ දැඩි අසීරුතාවකටය, පසුතැවිල්ලකටය. ඔහුගේම පුත‍්‍රයා වන සාමට් බයිටෙමිර්ට ‘තාත්තේ’ යැයි ඇමතීම ඔහුට දරාගත නොහෙන සිද්ධියකි. අසේල්ද තමා නොදන්නා පරිදි හැසිරීම ඔහුට වාවා ගත නොහැකිය. ඔහු තමා පිළිබ`ද දැඩි පසුතැවිල්ලකට පත්වන්නේ එබැවිනි. එය යථාර්ථ තලයේ චරිතයකින් බලාපොරොත්තු විය හැක්කකි. පසුව සාමට් පිළිබ`ද පීතෘ ස්නේහය ඉල්යාස් තුළ මතුවීමෙන් ඔහුව ළංකර ගැනීමට පෙළෙඹෙයි.
අවසානයේදී සංවර්ධන සාහිත්‍යාත්මක ලක්ෂණ පිළිඹිබු කරමින් ඉල්යාස් නැවත අලූත් ජීවිතයක් ගත කිරීමට කල්පනා කරයි. ‘‘ගිහිල්ලා අලිබෙක් හමුවෙලා අමුතු ජීවිතයක්, අලූත් ජීවිතයක් නැවත පටන් ගන්නවා. මම සදහටම විනාශ වුණු මිනිහෙක් හැටියට හිතන්න එපා. කල් ගෙවුණාම මම කසාදයක් බැ`ද ගන්නව. මට මගේ ¥ දරුවන් ඇති වේවි. ගෙයක් හදා ගන්නවා....’’ නමුත් ඔහුගේ සිත සන්තාපයට පත්වන්නේ අසේල් ගැන සිහිපත් වීමෙනි. ඇය පිළිබ`ද ආදරණී මතකයන් තම සිතින් එක්වරම ඉවතලීමට ඔහුට හැකියාවක් නැත.
‘‘එහෙත් එක පාඩුවක් මට සදහටම ඇති වුණා. එය නැවත ලබා ගන්නට බැහැ. සදහටම නැතිවුණා...මගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා අසේල් ගැනත් අප දෙදෙනා ගත කළ සුන්දර දවස් කීපය ගැනත් අමතක කරන්නේ නැහැ.’’
ඔහු අතීතයෙන් සමුගැනීමට පෙළඹෙන්නේ ඒ අතීතයේ සුව`ද නැවත නැවත සිහිපත් කරලීමෙනි. අසේල් හා ආලයෙන් ගත කළ තැන්වලට ඔහු ආපසු යන්නේ ඒ චමත්කාර සිතිවිලි අවසන් වරට සිහිපත් කර ගැනීම ස`දහායි. ඇය අසේල් වෙනුවෙන් යහපත් අනාගතයක් ප‍්‍රාර්ථනා කරයි. සැබෑ ආදරයක සැටි ඒ නොවේද යන්න මෙහිදී ගම්‍යමාන වේ.
‘‘අසේල් මගේ පෙම්බර අසේල් ඔබට ආයුබෝවන්. රතු ලේන්සුවක් බැ`දි මගේ නැතිවුණු වස්තුව, මගේ සුකොමල පෙම්බරිය ඔබගේ අනාගතය වාසනාවත් වේවා...’’
මේ අනුව නැතිවුණු වස්තුුව නවකථාවේ වීරයා ලෙස ගැනෙන ඉල්යාස් අලිබායෙව්ගේ චරිතය බෝධිසත්ත්ව ගුණයන්ගෙන් යුක්ත කාල්පනික වීරයකු ලෙසින් නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන සාමාන්‍ය මිනිසකු මෙන් ක‍්‍රියාත්මක වන සංකීර්ණ චරිතයක් ලෙසින් ප‍්‍රතීයමාන වී ඇති බව විශද වේ.
බොරිස් ලැවරෙන්යොප්ගේ හතළිස් එක් වැන්නාහි මර්යුට්කා
මෙම නවකථාවේ පළමුවෙන්ම ස`දහන් වන පරිදි වැලි කතරක සිදුවන බිහිසුණු යුද්ධයකින් අනතුරුව සෙබළුන් විසිතුන් දෙනෙක් ද මර්යුට්කා නැමති කාන්තාවද පණ බේරා ගත්හ. අතරම`ගදී යෙව්සුකොප් ඇතුළු පිරිස සම`ග තවලම් කණ්ඩායමක් බලයෙන් අල්ලා ගැනීමට තැත් දරන මර්යුට්කා අතින් තබන ලද වෙඩිල්ලක ඉලක්කය වැරදී යයි. එයින් සතුරා මිය ගියේ නම් ඇය විසින් ඝාතනය කරන ලද හතළිස් එක්වැන්නා ඔහු වීමට ඉඩ තිබිණි. ඇගේ යුද වීරත්වය මෙයින් පැවසෙන අතර යම් අවස්ථාවක වැරදීමක් වුව සිදුවීමට ඉඩ තිබෙන බව මේ සිද්ධියෙන් මතු කරන එක් කාරණයක් බව පෙන්නුම් කෙරේ.
කෙසේ නමුත් මේ අනූව ඔහුගේ ජීවිතය බේරෙයි. ගොව්රුකා නම් වූ ඔට්‍රොක් ආරක්ෂක හමුදාවේ ලෙප්ටිනන්ට් කෙනෙක් වූ ඔහු එතැන් සිට සිරකරුවකු ලෙසින් මර්යුට්කා ඇතුළු පිරිස සම`ග ගමන් ගනියි. පසුව ඔහු රැුගෙන ගොස් බාරදීමට වගකීම පවරනු ලබන්නේ මර්යුට්කා වෙතටයි. ඇය ඒ අභියෝගය මැනවින් බාරගන්නා බව පෙනී යයි. අවසන් වශයෙන් යෙව්සුකොප් මර්යුට්කා අමතා මෙසේ පවසයි.
‘‘සියල්ල ඔබට භාරයි. සිදුවන සියල්ලට උත්තර ඔබගෙනි. නිලධාරියා රැුකගන්න ඕනෑ. මිනිහ පැනලා ගියොත් ඔබට මනුෂ්‍ය ලෝකයේ ඉපදීම ගැන දුක්වෙන්න සිදුවේවි. පණපිටින් හෝ මරල හෝ එහාට භාරදෙන්න ඕනෑ. එයාගෙන් බේරෙන්න බැරි වුණොත් පණපිටින් යන්න දෙන්න එපා. ආයුබෝවන්’’
මර්යුට්කාගේ අණපරිදි ලෙප්ටිනන් ඇය පසුපස ගමන් කිරීම ආරම්භ කරයි. ඇය තමාට බාර කළ වගකීම ඒ හැටියෙන්ම ඉටු කරලීමට යත්න දරයි. නමුත් අතරම`ගදී ඇය ලෙප්ටිනන් හා ආදරයෙන් වෙළෙනු දැක ගත හැකිය. ඔවුන් දෙදෙනා අතර ඇතිවන පහත සංවාදයෙන් ඒ බව මැනවින් ගම්‍යමාන කරගත හැකිය. ලෙප්ටිනන්ට ආශක්ත වන ඇය මෙසේ මුලපුරන්නීය.
‘‘මට තේරුම් ගන්න බැරි එක කාරණයක්. ඔය ඇස් ඔය තරම් නිල්පාට වුණේ ඇයි? මම නම් මගේ ජීවිතේට ඔය තරම් නිල් පාට ඇස් දැකලා නැහැ. ඔය නිලෙහි කිමිදෙන්නට පුළුවනි. ’’
‘‘මා දන්නේ නැහැ. මට ඒවා උපතින්ම ලැබී තිබෙනවා. බොහෝ දෙනෙක් ඒවායේ අස්වාභාවික වර්ණයක් තිබෙන බව මා සම`ග කීවා.’’ ලෙප්ටිනන්ට් කීවේය.
‘‘ඒක ඇත්ත. මේ ඇස් මෙහෙම වී තිබෙන්නේ මන්දැයි ඔබ සිරභාරයට ගත් වෙලේ සිටම මා කල්පනා කළා. ඔය ඇස් අනතුරු සහගතයි. ඔව් ඕවා අනතුරු සහිතයි.’’
‘‘කාටද’’
‘‘ගැහැණුන්ට කාටත් හොරෙන් ඔය ඇස් උන් ඇතුළට වදිනවා. එයින් උන් කුල්මත් වෙනවා’’
‘‘ඔබටත් එසේ වූවාද’’
මර්යුට්කා නලියන්නට වූවාය.
මේ අනුව කෙතරම් දෘඪ සිතක් ඇති ගැහැණියකගේ සිතෙහි වුවද ඇති විය හැකි ආදරය වැනි හැ`ගීම් මර්යුට්කාගේ සිතෙහිද ජනිත වන අයුරු පෙනේ. ඇය ඔහුගෙන් කතන්දර ඇසීමට තරම් සුරතල් තැනැත්තියක් වන්නේ එම නිසාය. ඇය ඔහු කෙරෙහි පේ‍්‍රමයෙන් වෙළෙයි. ඔහුට අනුකම්පා කරන්නේ ගැහැණියක සතු සහජ කරුණා ගුණය ස්මතු කරමිනි. ‘‘...උමතුවට පත් මර්යුට්කා ලෙප්ටිනන්ට් දෙසට නැඹුරු වී සිය උණුසුම් තොල් ස`ගල ඔහුගේ වැහැරී ගිය කම්මුලට තද කර ගත්තාය.’’
එක් අවස්ථාවක ලෙප්ටිනන්ට් හා මත ගැටුමක් ඇති වූ අවස්ථාවේ මර්යුට්කා දැඩි ලෙස කෝප වී ඔහුට පහර දෙයි. ‘‘අඩියක් ඉදිරියට තැබූ මර්යුට්කා මුළු වැර යොදා ලෙප්ටිනන්ගේ කම්මුලට පහරක් ගැසුවාය.’’ කෙතරම් ආදරයක් සිතෙහි තිබුණද කුපිත වූ විට එබ`දු හැසිරීමක් විශ්වාස කළ හැකි නොවේද. නමුත් ඇය පසුව එයින් කම්පාවට පත් වන බැව් පෙනේ.
ලෙප්ටිනන්ට් ඇය අමතා කරන ප‍්‍රකාශයකින් සංවර්ධන සාහිත්‍යාත්මක ලක්ෂණ මර්යුට්කාගේ චරිතය තුළ පිළිඹිබු වෙයි. ‘‘කාන්තා ලෝකයේ නායිකාව. සියලූ ජයග‍්‍රහණයන් ඔබට තමා. මාගේ ප‍්‍රණාමය ප‍්‍රයිඬේ. ඔබ මා වෙනුවෙන් ලෝකය අනික් පැත්තට පෙරළුවා. ඔබ මගේ නහර තුළට ජීවයේ අමෘතය විද්දා....’’
අවසානයෙහි යාත‍්‍රාවක් දැක ලෙප්ටිනන්ට් පැන යාමට උත්සාහ දැරූ අවස්ථාවේ මර්යුට්කාට යෙව්සුකොප්ගේ වදන් සිහිපත් වෙයි. සුද්දන්ගේ අතට හසු වුණොත් ඔහුට පණපිටින් යාමට ඉඩ නොතබන ලෙස ඔහු ප‍්‍රකාශ කොට තිබිණි. අනතුරුව තම වගකීම සිහිපත් කළ මර්යුට්කා ලෙප්ටිනන්ට වෙඩි තබයි. ඔහු මැරී වැටෙයි. නමුත් ඇය පසුව ඒ පිළිබ`ද සන්තාපයට පත් වන ආකාරය දැක ගත හැකිය. ඔහු පිළිබ`ද සිතෙහි ජනිතව තිබූ ආලය ඇයට දැඩිව සිහිපත් වෙයි. එයින් ඇය සිහි විකල් භාවයටද පත්වෙයි.
‘‘ඉදිරියට දිවගිය ඈ ඔහු අසල දනින් වැටුණාය. රයිපලය විසිකළ ඈ සිය කබාය ඉරා හිස වත්තන් කර ගැනීමට උත්සාහ කළාය. හදිසියේම ඈ විසඥව මළ සිරුර මත ඇද වැටුණාය.’’
‘‘අයියෝ මා කළේ මොකක්ද? මා දෙස බලන්න. ඔබේ ඔය නිල් ඇස් මා දෙස හරවන්න....’’
මේ අනූව මර්යුට්කාගේ චරිතය මෙම නවකථාවෙහිදී බෝධිසත්ත්ව ගුණෝපේත කාල්පනික වීරවරියක ලෙසින් නොව සංකීර්ණ මානුෂීය ලක්ෂණවලින් හෙබි සාමාන්‍ය යථාර්ථ තලයේ දිවි ගෙවන තැනැත්තියකගේ මෙන් විශද කොට තිබේ. ඇය තම අරමුණ වෙත ළ`ගා වීමට අපරිමිත උත්සහයක් දැරුවද සාමාන්‍ය පොදු මානුෂීය හැ`ගුම්වලට බ`දුන් නොවී සිටීමට අසමත් වන බැව් මේ අනුව පැහැදිලි වේ.
චිංගීස් අයිත්මාතව්ගේ ධීවර ගීතයෙහි එන ඔර්ගන්, එම්රේයින්, මිල්ගන් හා කිිරිස්ක්
චිංගීස් අයිත්මාතව් පවසන පරිදි ඔහුගේ නිර්මාණ අතරින් තමා වඩාත්ම කැමැත්ත දක්වන කෘතිය මේ ධීවර ගීතයයි. ඒ නිර්මාණාත්මක ව්‍යුහය අතින් ගත් කල ඔහුගේ සංකීර්ණතම හා පූර්ණ කෘතිය මෙය වීම ම`ගිනි. සත්‍ය පුවතක් ආශ‍්‍රය කරගෙන රචිත මේ නවකථාවේදී අයිත්මාතව් කල්පිතයක් හා පුරාවෘත්තයක් අපූරුවට භාවිත කරමින් දාර්ශනික ප‍්‍රවේශයකට පැමිණෙයි.
තමන්ගේ ගෝත‍්‍රයෙහි අනාගත උරුමක්කාරයන්ට මතු ජීවිතය පුහුණු කිරීමේ අභිප‍්‍රායෙන් දියඹට යන ධීවරයන් පිරිසක් හරහා ලේඛකයා ජීවිතයේ අන්ත අසීරුම අවස්ථාවලදී මනුෂ්‍ය ආධ්‍යාත්මය කෙතරම් දුරට විශිෂ්ටත්වයට පත්වන්නේද යන කාරණය ප‍්‍රතීයමාන කරයි. ඔර්ගන්, මිල්ගන් හා එම්රේයින්ගේ චරිත විකාශනය තුළින් ජීවිතයේ අසීරු අවස්ථාවන් එළඹෙන්නේ පරිහානිය කරා ගමන් කිරීමට නොව විශිෂ්ටත්වය ළ`ගා කර ගැනීමට යන්න අප හමුවේ තබයි. කුඩා කිරිස්ක්ගේ ආධ්‍යාත්මයද අවසානයේ එබ`දු උසස් තත්ත්වයකට පත්වනු දක්නට ලැබේ. ජීවිතයේ එළඹෙන එබ`දු අසීරු අවස්ථාවකදී ඉරණමට අවනත වීම නොව අප කළ යුත්තේ තම ඉරණමේ අධිකාරිත්වය තමා සතුය යන අදහසේ පිහිටා අවසානය දක්වා සටන් කිරීම යැයි මෙහිදී පෙන්වා දෙනු ලබයි.
මෙම නවකථාව පුරාම සංවර්ධන සාහිත්‍යාත්මක ලක්ෂණ ප‍්‍රකට වන අතර පූර්වෝක්ත චරිත සියල්ලක්ම සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන්නා වූ චරිත බවට මෙම නවකථාව පුරාම සාධක විසිරී පැතිරී පවතියි. දියඹට යන සියලූ දෙනා අතරින් අත්දැකීම් සහිත වැඩිමහලූම පුද්ගලයා මහලූ ඔර්ගන්ය. එම්රේයින් යනු එකොළොස් වියැති කුඩා කිරිස්ක්ගේ්්්් පියාය. මිල්ගන් නම් ඔහුගේ මස්සිනාය. අත්දැකීම් සහිත මේ වැඩිහිටියන් තිදෙන දියඹට යන්නේ කුඩා කිරිස්ක්ව ඈත දියඹට පුහුණු කරවීමටයි. ඔහුගේ අනාගත ජීවිතය සඵලමත් කරවීම ඔවුන්ගේ පරමාර්ථයයි. එසේම එම කටයුත්ත වගකීමක් ලෙස වැඩිහිටියන්ට භාර වූවකි.
නවකථාව කෙළවර වීමට පෙර අභාවයට යන මහලූ ඔර්ගන්ගේ චරිතය අත්දැකීම්වලින් පරිපූර්ණත්වයට පත් වූ ප‍්‍රධාන චරිතයක් බවට පත් වන බැව් පෙනේ. දියඹට යන යාත‍්‍රාවේ නායකයා හෙවත් මෙහෙයවන්නා වන්නේ ඔර්ගන්ය. මුල සිටම ඔහුගේ එම අත්දැකීම්වලින් පිරිපුන් නායකත්වය කැපී පෙනේ. නමුත් ඔහුගේ චරිතය මෙම නවකථාවේදී බෝධිසත්ත්ව ගුණයන්ගෙන් යුක්ත චරිතයක් ලෙස නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක ලෙස මතුකොට තිබෙනු පෙනේ. හුදෙක්ම මෙම දඩයම් චාරිකාවලට ඔහු සහභාගී වන්නේ අවශ්‍යතාවේ බලපෑම නිසා නොව ඒ තුළින් ඔහුට තම සිහින ලෝකය තුළ කදිමට සැරිසැරීමට ඉඩ ප‍්‍රස්තාව උදාවන බැවිනි.
‘‘...මේ පිළිබ`ද කල්පනාවට වැටුණ ඔර්ගන් ස්වකීය ආත්මය තුළ ඇති සියලූම ව්‍යාකූලතාවන් නිසාම මේ සිහින යළිත් එළඹෙනු දකින්නට දැඩි සේ අපේක්ෂා කළ අතර උතුම් කි`දුරිය හමුවීමේ නොසිෙ`දන අනවරත බලාපොරොත්තුවෙන් පසු වුණේය...’’
මෙසේ සිහින ලෝකයක් තුළ සැරිසැරුවද ඔහු දැනටමත් නාකි මහල්ලෙකි. සවි ශක්තිය නැතිව ගිය, තවදුරටත් කිසිම සුන්දරත්වයක් නැති මහල්ලෙකි. ඔහුගේ මරණය පවා දැන් ඒ තරම් දුර නොවන බව ඔහුටද තේරුම් යන්නකි. නමුත් එබන්දක් පිළිගැනීමට ඔහුගේ සිත ඉඩදෙන්නේ නැත. ‘‘මරණය පවා දැන් එතරම් දුර නොවේ. එකම දෙය ඊට අවනත වීමට ඔහුගේ හදවත සූදානම් නොවීමයි. ඔහුගේ ළය තුළ ඇති අපේක්ෂාවන් යෞවන අවදියේ පැවතියාක් මෙන් තවමත් ප‍්‍රාණවත්ය. උද්යෝගීය. මෙහි ඇති කාරණය ඔහු මහලූ වී ඇති පමණට ආත්මය වියපත් නොවීමයි. ඔහු මෙවන් සිහින දකින්නේත්, මෙවන් කල්පනාවල ගැලෙන්නේත් ඒ නිසාවෙනි.’’ මහත් වීරයකු වුවත්, කෙතරම් ජීවන අද්දැකීම්වලින් පෝෂණය වී සිටියත් මෙබ`දු හැ`ගීම් සාමාන්‍ය මිනිසකු තුළ ස්වභාවයෙන්ම ඇතිවිය හැකි බව වටහා ගැනීමට හැකි කාරණයකි.
කෙතරම් දියඹ තුළ අද්දැකීම් ලබා තිබුණත් මහලූ ඔර්ගන් තුළද යම් යම් අවස්ථාවල සැක සංකාවන් මතු වේ. ඔහුගේම ප‍්‍රකාශ තුළින් ඒ බව අනාවරණය වේ. හෙතෙම වුවද සියල්ල දත්තෙක් නොවේ. සාමාන්‍ය මනුෂ්‍යකු පමණි. ඔහුටම ආවේණික අද්දැකීම් සම්භාරයක් තිබුණා පමණි. ඊට සාපේක්ෂව පමණි, ඔහුට වුව කල්පනා කළ හැක්කේ.
‘‘පරක්කු වෙනවා, පරක්කු වෙනවා. අපි දැන් ගමන පටන් ගන්න ඕනෑ... මට මේ කාලගුණේ තියෙන තාලෙ ඒ තරං අල්ලන්නෙ නෑ....’’
මාළුවන් අල්ලාගෙන චාරිත‍්‍රයක් ලෙසින් පළමුව එම මාළුවාගේ අක්මාව ඔර්ගන් ඇතුළු පිරිස භක්ෂණය කරති. එසේම නවකථාව තුළ ඔර්ගන් ජීවත්ව සිටිනා කාල පරාශය පුරාම ඔහු දුම් පානය කරන තැනැත්තෙකු බව විද්‍යමාන වේ. දියඹ තුළ ඇති වන මහ කුණාටුවට මුහුණ පෑමේදී මහලූ ඔර්ගන්ද අතිශය භීතියට පත් වන බැව් පෙනේ. කෙතරම් අද්දැකීම් තිබුණත් එබ`දු අවස්ථාවක ඕනෑම අයෙකුගේ සිත නොසන්සුන් වීම ස්වභාවිකය. ඊට මුහුණ පෑම හැර වෙන කළ යුත්තක් එම අවස්ථාවේ ඔර්ගන්ටවත් සිතා ගැනීමට අපහසු විය. දියඹේදී අතුරුදන් වූ ධීවරයන් ගැනද අසා ඇති ඔහුට එසේ සිදුවීම පුදුමයට කරුණක් නොවේ. ඔහුගේ සිත මහත් සේ තැති ගන්නා බව දක්නට ලැබේ.
‘‘හරවපල්ලා. හනික රවුමට හරවපල්ලා...හුළං අත හරියට මතක තියා ගනිල්ලා’’
ගිරිහිම නිපාතයක් බ`දු රුදුරු මීදුම සහිත අන්ධකාරයේ තනිවෙන පිරිස පිළිබ`ද වඩා වගකීමක් ඇත්තේ තමන්ට බව ඔර්ගන් වටහා ගත්තේය. ස්වල්ප වශයෙන් පැවති ජලය නිසි පරිදි බෙදා හදා දීමට ඔහු මූලික වන්නේ එබැවිනි. ඔහුගේ දැඩි අනුකම්පාව යොමු වන්නේ කුඩා කිරිස්ක් වෙතටයි. ඔහු ජලය පානය නොකර ඒ කොටසත් කිරිස්ක් වෙත පිරිනමන්නේ හද කම්පා කරවමිනි. ‘‘මං කොහොම හරි උහුලාන ඉන්නං’’ යනුවෙන් එහිදී ඔහු පවසයි. වැඩිහිටියකු ලෙස ඔහු එබ`දු ක‍්‍රියාමාර්ගයක අනුගමනය කිරීම විස්මයජනක කරුණක් නොවේ.
හදිසියේ ඇති වූ මෙම අසීරු අවස්ථාවේදී මහලූ ඔර්ගන්ද අතිශය කම්පාවට පත් වන බව පැහැදිලි වේ. ඔහුද වැලපෙන්නේ එබැවිනි. ‘‘මහල්ලා එක්කෝ සිටියේ වැලපෙමිනි. නැතිනම් ඔහුගේ දෑස් තිබුණේ නළියමිනි. ඔහුගේ මුහුණ තෙමී ගොසිනි. සිදුවන්නේ කුමක්දැයි යන්න පිළිබ`ද මෙලෝ වැටහීමක් නැත්තාක් මෙන් ඔහු යාත‍්‍රාව අවරෙහි නිසලව හි`දගෙන උන්නේය...’’
ඔහු අවසානයේ තමාගේ අවසානය ළ`ගා වූ බව දැන ජීවිතයේ අවසාන වතාවට සිය කි`දුරිය ගැන සිහිපත් කරයි. මරණාසන්න මොහොතක කවරකුට වුව තමා වඩා ආදරය කරන කෙනෙක් ගැන හෝ දෙයක් ගැන සිහිපත් වීම ස්වභාවික සංසිද්ධියකි. අනෙක් අය වෙනුවෙන් ජලය බි`දකුදු පානය නොකර සිටින ඔර්ගන් අවසානයේ්දී තම ඉරණමට මුහුණ පායි. ඊට පෙර ඔහුගේ මුවින් මනුෂ්‍යත්වයේ හද කම්පා කරවන වදනක් නික්මෙයි. යථාර්ථ තලයේ වසන සැබෑ හෘදයාංගම මිනිසකුගේ කතාන්දරයක් මේ තුළින් විශද වේ.
‘‘...ඉතිං ඔන්න අපි මහ අකරතැබ්බකට වැටිල නං ඉන්නෙ, අනික් උන්ට තව ටිකක් කල් ලැබෙන තාලෙට අපෙන් එකෙකුට තමුන්ගේ ඉරණමට ඉක්මනට යටත් වෙන්න පුළුවනි....’’
නවකථාව තුළ තව ප‍්‍රකට චරිතයක් වන කිරිස්ගේ පියා එනම් එම්රේයින්ද සංකීර්ණ චරිත ලක්ෂණ විදහා දක්වන අයෙකු ලෙසින් නිරූපණය වී ඇත. නොසිතූ අවස්ථාවක නොපැතූ ඇබැද්දියකට මුහුණ පෑමෙන් ඔහු දැඩිව කනගාටු වන්නේ තම ආදරණීය පුුත‍්‍රයා ගැන කල්පනා කිරීමෙනි. අවසානයෙහි තමා ඉතිරිව තිබූ ජලය පානය නොකර තම පුත‍්‍රයා වෙත ඉතිරි කර තබන්නේ පීතෘ ස්නේහයේ බලමහිමය පසක් කරවමිනි. තම පුත‍්‍රයා තුළ තවදුරටත් ජීවිතය පිළිබ`ද බලාපොරොත්තු ර`දවා තබන්නේ එබැවිනි.
‘‘බය වෙන්න එපා. වතුර බි`දක් කටේ නොගා මිනිහෙකුට ඕන්නං දවස් දෙක තුනක් වුණත් උහුලාන ඉන්න පුළුවනි. ඉතිං ඔන්න මොනවා සිද්ධ වුණත් බය වෙන්න හෙම එපා...’’
මෙබ`දු අසීරු අවස්ථාවක ආදරණීය පියෙකුගේ මුවින් නිතැනින්ම පිටවිය හැකි යැයි සිතිය හැකි මෙබ`දු වදන් සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන අයෙකුගෙන්ම පිට වේ. තමාගේද අවසානයද වැඩි ඈතක නොවන බව තේරුම් ගන්නා ඔහු තම පුත‍්‍රයා ගැන දැඩිව ශෝකයට පත් වේ. ‘‘කුසගින්න හා පිපාසයට ගොදුරුව හෙමින් හෙමින් එළඹෙන කුරිරු මරණයට මුහුණ පා, විනිවිදිය නොහෙනා මීදුමේ හා තෙරක් නොපෙනෙන දියඹේ තට්ට තනියම යාත‍්‍රාවක එකොළොස් වියැති දරුවකු හුදකලා වන්නට යන්නේය යන සිතුවිල්ල නැගෙන විට පවා එම්රේයින් වෙවුලා ගියේය...’’ ඔහුට අවසාන වශයෙන් තම ආදරණීය බිරි`දද සිහිපත් වෙයි. මුල පටන්ම තම බිරි`ද කෙරෙහි මහත් ආදරයෙන් කටයුතු කළ බැවිනි. ඇය සම`ග ගත කළ සුන්දර ජීවිතය ඔහු සිහිපත් කරන්නේ පාඨක හදවත් තුළ අනුවේදනීය හැ`ගීම් රාශියක් දනවමිනි.
එම්රේයින්ගේ චරිතයද බෝධිසත්ත්ව ගුණෝපේත කාල්පනික වීරයකු ලෙසින් නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන චරිතයක් ලෙසින් නිරූපණය කර ඇත.
මිල්ගන්ගේ චරිතයද එම ආකාරයෙන්ම මෙම නවකථාව තුළ නිරූපණය වී ඇති බව පසක් කර ගත හැකිය. සාමකාමී පුද්ගලයකු ලෙසින් මුල් අවස්ථාවේ දිස්වන ඔහුගේ චරිතය කරදර රාශියක් පැමිණීම නිසා ඇති වන පීඩාවෙන් කුපිත වෙයි. වේදනාව ඉවසා ගත නොහැකිව ශාප කරයි. එම්රේයින්ටද බැණ වදියි. පිපාසයෙන් හා කුසගින්නෙන් පීඩිත වූවකු තුළ එබ`දු ලක්ෂණ ඇති වීම පුදුමයට කරුණක් නොවේ. ඔහුටද අවසානයේ ස්වකීය ඉරණමට මුහුණ පෑමට සිදු වේ. ‘‘බාගවිට උඹලට ගැලවෙන්න ලැබෙයි..මං දැන් වැඬේ අහවරක් කරන්නයි යන්නේ..උඹ එක පාරටම පුළුවන් හයියෙන් මෙතනින් අහකට පැදපං..එක පාරටම, ආයෙ ලත වෙවී ඉන්න එපා..බැරි වෙලාවත් උඹ මයෙ ළ`ගට ආවොත් හෙම මං උඹ පෙරලලා දානවා....’’
දියඹේ මුල්ම අද්දැකීම් ලබා ගැනීමට පිටත්ව යන කුඩා කිරිස්ක්ට මුහුණට පෑමට සිදු වූයේ කිසිසේත් බලාපොරොත්තු නොවූ සිද්ධියකටය. නවකථාව තුළ ඔහුගේ චරිතයද යථාර්ථ තලයේ සිට නිරූපණය කර ඇති බව පෙනේ. සිදු වූ කරදර ඔහුට දරා ගැනීමට බැරි තරම් ඒවාය. පිපාසයෙන් පීඩිතව, කුඩා කල අද්දැකීමක් වූ ජලය ලබා දෙන පුංචි නිල් මීයා ගැන ඔහු සිහිපත් කරයි. උගෙන් ජලය ඉල්ලා සිටියි. කුඩා ළමයකුගේ අහිංසක සිතැ`ගි මැනවින් මෙහිදී ඉදිරිපත් කරනු ලබයි. ‘‘නිල් මී පුංචෝ මට වතුර ටිකක් දීපන්’’
කුඩා මුස්ලූක් වෙත ඔහුගේ වන පේ‍්‍රමයත් ඇය වෙනකකු හා ගැටීමෙන් ඇතිවන ඊර්ෂ්‍යාවත් මෙහිදී කිරිස්ක්ගේ චරිතය ඇසුරින් කතුවරයා දක්වා තිබේ. මහ දියඹ මත හුදෙකලාව තනි වන ඔහුගේ පුංචි සිතට කෙතරම් නම් පීඩාවක් දැනෙන්නට ඇත්ද. තම පියාද තමා හැරගොස් ඇති බව දත් ඔහු විලාප නගයි.
‘‘දෑස් විවර කර, හිස ඔසවා වට පිට බලන්නේ ළමයා සිය පියා තවදුරටත් යාත‍්‍රාව තුළ නොමැති බැව් දැන ගත්තේය. අනතුරුව යාත‍්‍රාවේ බ`ද අතපත ගාමින් ඉදිරියට ඇදුන ඔහු ඇදහිය නොහැකි තරමේ විලාපයක් මහ හ`ඩින් නිහ`ඩ, ශූන්‍ය දියඹ වෙත මුදා හැරියේය..’’
නමුත් අවසානයේදී කෙසේ හෝ ගොඩබිමක සේයාවක් පෙනෙන්නට පටන් ගනියි. නැවතත් ජීවිත ආශාවෙන් කිරිස්ක්ගේ සිත පිරී යයි. කුඩා කිරිස්්ගේ චරිතය වුවද මෙම නව කථාවේදී සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන එබ`දු චරිතයකට සමාන ආකාරයකින් නිරූපණය කර ඇති බව විශද වේ. ධීවර ගීතයේ සෑම චරිතයක් ම`ගින්ම මිනිසාට අසීරු අවස්ථාවලදී ජනිත විය හැකි හැ`ගීම් සමුදායක් හා ක‍්‍රියා සමුදායක් මතුකොට දක්වා තිබේ. ඒ හැම චරිතයක්ම බෝධිසත්ත්ව ගුණයන්ගෙන් යුක්ත කාල්පනික වීරයන් ලෙසින් නොව සාමාන්‍ය යථාර්ථ තලයේ එනම් පොළොවේ පය ගසමින් ජීවත් වන චරිත ලෙසින් නිරූපණය වී ඇති බව මෙහිලා අවසාන වශයෙන් කිව යුතුය.
සමාලෝචනය
විශ්වය තුළ පහළ වූ විශිෂ්ට සාහිත්‍යයක් ලෙස රුසියානු නවකතා සාහිත්‍යය හ`දුන්වාදිය හැකිය. මහසමුදුර සේ සුවිසල් තත් සාහිත්‍ය තුළ විශිෂ්ට වූ නවකතාකරුවන් රාශියක් හා නවකතා රාශියක් ප‍්‍රභවය විය. සමකාලීන සමාජ අවශ්‍යතාවන් සපුරා ගනිමින් රචිත රුසියනු නවකතා සාහිත්‍යයෙහි සමාජ ප‍්‍රගමනය උදෙසා උරදෙන පරමාදර්ශී යථාර්ථවාදී චරිත රාශියක් හමු වේ. නමුත් එම චරිත සාමාන්‍ය යථාර්ථ ලෝකය තුළම ජීවත් වන චරිත ඇසුරින්ම ප‍්‍රතිනිර්මාණය වී ඇති බව පෙනී යයි.
මෙහිලා අප අවධාරණය කිරීමට යත්න දැරුවේ රුසියානු නවකථාවේ එන වීරයා බෝධිසත්ත්ව ගුණයන්ගෙන් යුක්ත කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය යථාර්ථ තලයේ එනම් පොළොවේ පය ගසමින් ජීවත් වන අයෙකු ලෙසින් නිරූපණය වී ඇති බවයි. සාමාන්‍ය ලෝකයේ වාසය කරන මිනිසාට මුහුණ පාන්නට වන සිදුවීම්වලට ඔවුන්ටද මුහුණ පාන්නට සිදු වේ. එහිදී ඔවුන් ඒවාට මුහුණ පාන්නට වැර දරන ආකාරයත් එමෙන්ම එම අවස්ථාවලදී ඔවුන්ට ඇති වන හැ`ගීම් ආදියත් සාමාන්‍ය යථාර්ථ ලෝකයෙන් ඈත් නොවේ. හුදෙක් යහපත් යැයි සම්මත බෝධසත්ත්ව ගුණයන්ගෙන් පමණක් යුක්ත වූවන් හෝ කළු සුදු වශයෙන් විතැන් වූ සරල චරිත ලෙසින් නොව සාමාන්‍ය මනුෂ්‍යාට හිමි සංකීර්ණ හැ`ගීම්වලින් යුක්ත වූවන් ලෙසින් එහිදී එම චරිත නිරූපණය කොට තිබෙන බව පෙනේ. සාමාන්‍ය යථාර්ථ ලෝකයේ එබ`දු සරල චරිත දක්නට නොලැබෙන බැවිනි.
රුසියානු නවකථාවේ එන වීරයා බෝධිසත්ත්ව ගුණයන්ගෙන් පරිපූර්ණ වූ කාල්පනික වීරයෙකු නොව සාමාන්‍ය යථාර්ථ තලයේ ජීවත් වන්නකු ලෙස නිරූපණය වී ඇති බව මෙම නිබන්ධනයෙහි එන නිදසුන් ම`ගින් මැනවින් පැහැදිලි කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි යන්න අපගේ අනතිමානී අදහස වේ.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍ර :
අමරකීර්තිි, ලියනගේ, අමුතු කතාව. (මුල්ලේරියාව: විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය, 2005*.
තිලකරත්න, මිණිවන් පී. රුසියානු සාහිත්‍ය හා වර්තමාන සිංහල නවකථාව හා කෙටිකතාව. (කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002*.
සුරවීර, ඒ. වී. නවකතා නිර්මාණය හා අවබෝධය. (කොළඹ 12: ප‍්‍රදීප ප‍්‍රකාශකයෝ, නීතිඥ කාර්යාල සංකීර්ණය, 1999*.
තෘතීයික මූලාශ‍්‍ර :
පරිවර්තන
ජමීලා. (පරි.*. දැදිගම වී. රුද්‍රිගු, (රාජගිරිය: කුරුලූ පොත් ප‍්‍රකාශකයෝ, නාවල පාර, 1999*.
ගුරුගීතය. (පරි.*. දැදිගම වී. රුද්රිගු, (බත්තරමුල්ල: කැටපත ප‍්‍රකාශන, ආර්. එස්. එන්ටප‍්‍රයිසස්, 2005*.
නැතිවුණු වස්තුව. (පරි.*. දැදිගම වී. රුද්‍රිගු, (රාජගිරිය: කුරුලූ පොත් ප‍්‍රකාශකයෝ, නාවල පාර, 1999*.
හතළිස් එක් වැන්නා. (පරි.*. දැදිගම වී. රුද්‍රිගු, (රාජගිරිය: කඩුල්ල ප‍්‍රකාශන, පහළ බියන්වල, 2008*.
ධීවර ගීතය. (පරි.*. චූලානන්ද සමරනායක, (දෙහිවල: විදර්ශන ප‍්‍රකාශන, කළුබෝවිල, 2005*.