UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: ඓතිහාසික පසුබිමක් ඇසුරු කර ගත් නවකථා

Thursday, December 12, 2013

ඓතිහාසික පසුබිමක් ඇසුරු කර ගත් නවකථා

ඓතිහාසික පසුබිමක් ඇසුරු කර ගත් නවකථා නවකථාවක් සම්බන්ධයෙන් විමසා බැලීමේදී එහි ඉතා වැදගත්ම අංගය කතා ශරීරය යැයි කිවහොත් එය සාවද්‍ය නොවේ. මන්ද, ඒ කතාවේ සිදුවීම්, කිසියම් නිශ්චිත කාල සීමාවක් තුළදී, නිශ්චිත තැනකදී සිදුවන ඒවා බැවිනි. එනිසා නවකථාව තුළ ඊට උචිත පසුබිම කතුවරයා සැකසිය යුතුයි. එසේ නිශ්චිත කාලසීමාවකට හා තැනකට ගොනු කිරීම, කතාවට අත්‍යවශ්‍ය වූ තාත්විකත්වය ඇති කිරීමට බෙහෙවින් උපකාරී වෙයි. සියලූ නවකථාවන්හි පසුබිම එකම ප‍්‍රමාණයකට සවිස්තරව නිරූපණය කළ යුතු යැයි නියමයක් නැත. ඉතා විස්තර සහිතව පසුබිම දැක්වීම අවශ්‍ය වන නවකථා, වර්ග තුනකට බෙදා සරච්චන්ද්‍ර වික‍්‍රමසූරිය මහතා දක්වයි. (1* තම කතා ශරීරයත්, චරිතත්, වෙන් කළ නොහැකි පරිද්දෙන් පරිසරය හා වෙළී-බැ`දී පවතින බව දැක්වීම කතුවරයාගේ පරමාර්ථය වන විට, මෙවැනි නවකථාවක් ලියන කතුවරයා උත්සහ කරනුයේ, කතාවේ පරිසරය චරිත හැඩගැස්වීමෙහි ලා බොහෝදුරට බල පා ඇති බවත්, ඒවා, එහි අනිවාර්ය ප‍්‍රතිඵලයන් බවත් පාඨකයාට ඒත්තු ගැන්වීමයි. මෙවැනි පරමාර්ථයක් ඇතිව ලියැවෙන නවකථාවල පසුබිම ඉතා විස්තර සහිත ලෙස ඉදිරිපත් කොට ඇති ආකාරය, සිරි ගුනසිංහගේ හෙවනැල්ල, ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි, ලෙනාර්ඞ් වුල්ෆ්ගේ බැද්දේගම, වැනි නවකථාවල අපට දැකගන්නට ලැබේ. (2* විදේශීය පසුබිමක් ඇති නවකථා, මේවායේ ඇත්තේ පාඨකයාට හුරු-පුරුදු නොවන පසුබිමකි. පසුබිම විදේශීය එකක් නම් පාඨකයාට ඒ පසුබිම තමාගේ සමාජයේ පසුබිමට වඩා වෙනස් බව ඒත්තු ගත හැකි වන විට පමණි, කතාව විශ්වාස කිරීමට ඔහු පෙළඹෙන්නේ. ඒ විදේශීය රටේ පරිසරය, එහි විශේෂ සිරිත් - විරිත්, ඇ`දුම් - පැළ`දුම්, සම්ප‍්‍රදායයන් ආදිය ගැන දීර්ඝ විස්තර සැපයීම මේ ස`දහා අවශ්‍ය වෙයි. මළගිය ඇත්තෝ නැමති නවකථාවට පසුබිම් වන්නේ ජපන් රටයි. නවකථාව මුලදීම ඒ රටේ සංස්කෘතියේ ප‍්‍රධාන අංග පාඨකයා හමුවේ තැබීමට කතුවරයා උත්සුක වෙයි. එම නවකථාවේ මූලික විෂය වන සංස්කෘති දෙකක් අතර ඇති වන ඝට්ටනය නිරූපණය කිරීම සාර්ථක වීම ස`දහා ජපන් රටේ පසුබිම මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේය. ඊ. ඇම්. ෆෝස්ටර්ගේ ‘අ පැසේජ් ටු ඉන්ඩියා’ ( ෑගඵග දෙරඑැරථ ් ඡු්ීී්ඨෑ ඔධ ෂභෘෂ්* නැමති ඉන්දියාව පසුබිම් කොට ගෙන ලියැවී ඇති නවකථාවෙහිද පසුතලය මෙසේ විස්තර සහිතව ඉදිරිපත් කොට ඇත. (3* ඓතිහාසික පසුබිමක් වටා ලියැවෙන නවකථා, විදේශීය පසුබිමක් ඇති නවකථාවල මෙන්ම, අතීත යුගයක් පසුබිම් කොට ලියැවෙන නවකථාවලද ඇත්තේ පාඨකයාට නුහුරු - නුපුරුදු පසුබිමක්. එවැනි කථාවක පසුතලය පාඨකයාට පිළිගත හැකි වන්නේ එය ඉතා විස්තර සහිතව නිරූපණය කොට ඇතොත් පමණි. කතාවට පසුබිම් වන ඓතිහාසික සමය පාඨකයාගේ නෙත් හමුවේ ප‍්‍රාණවත් ලෙස, ජීවමාන ආකාරයෙන්, මැවී ගියහොත් පමණි, නවකථාවේ සාර්ථකත්වයට මුල පිරෙන්නේ. මේ ජීවමාන ස්වරූපය ලබාදීම ස`දහා, ඒ යුගය පිළිබ`ද තොරතුරු හා ඓතිහාසික කරුණු තැනින් තැන යෙදීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. සම්පූර්ණ අතීත සමාජයක හා සංස්කෘතියක නියම ස්වභාවය හා වාතාවරණය ජීවමාන ලෙස උත්පාදනය කිරීම ඒ ස`දහා අවශ්‍ය වේ. මෙය ඉතා දුෂ්කර කාර්යයක් නිසාය, උසස් ගණයේ ඓතිහාසික නවකථා සෑම සාහිත්‍යයකම පාහේ කලාතුරකින් දක්නට ලැබෙනුයේ. නවකථාව යන පෘථුල සාහිත්‍යාංගය ‘රහස් පරීක්ෂක නවකථා’, ‘සමාජයීය නවකථා’, ‘මනෝවිද්‍යාත්මක නවකථා’, ‘ඓතිහාසික නවකථා’ යනාදි වශයෙන් වර්ග කර දැක්වුවද සිහිතබා ගත යුතු වැදගත් කරුණක් නම් ඒ නවකථා කුමන වර්ගයකට අදාළ වුවත් ඒවා ප‍්‍රමුඛ වශයෙන්ම ‘නවකථා’ විය යුතු බවයි. මේ නිසා ඓතිහාසික නවකථාවක් මැනීමේදී ප‍්‍රමුඛ වශයෙන් එය නවකථාවක් හැටියට මැනීමට අපට සිදු වෙයි. ‘ඓතිහාසික නවකථා’ ලෙසින් අනුවර්ගයක් විග‍්‍රහ කරන බටහිර විචාරකයන් ඒ නවකථා ගණයට අදාළ යැයි සලකන අනන්‍ය ලක්ෂණ මොනවාදැයි විමසා බැලීම මෙහිදී වැදගත් වන බව පෙනී යයි. සෑම විචාරකයෙක්ම පාහේ දක්වන පරිදි, ඓතිහාසික නවකථාවල මූලික ලක්ෂණය නම්, කතාවට පසුබිම් වන අතීත යුගය ජීවමාන ස්වරූපයෙන් පාඨකයා හමුවේ මතු කරවීමයි. ජී. ලූකකස් නැමති විචාරකයා තම ‘ඓතිහාසික නවකථාව’ යන ග‍්‍රන්ථයේ ස`දහන් කරන ආකාරයට නියම ඓතිහාසික නවකථාව ඇතිවීමට පහත කරුණු එම`ගින් ඉෂ්ට විය යුතුයි. එනම්, කතාවට පසුබිම් වන්නා වූ ඓතිහාසික යුගය පාඨකයා වෙතට ළං කිරීමත්, ඒ යුගයේ නියම හා සත්‍ය ස්වභාවය අද්දැක ගැනීමට පාඨකයාට ඉඩ - කඩ ලබාදීමත්ය. මෙසේ ඒ ඓතිහාසික යුගය ජීවමාන එකක් ලෙසින් නිරූපණය කළ හැක්කේ කෙබ`දු ආකාරයකින්ද? අතීත යුගයේ විසූ වැදගත් පුද්ගලයෙකුගේ හෝ කීපදෙනෙකුගේ ජීවන චරිත විස්තර කිරීමෙන් මේ කටයුත්ත ඉෂ්ට කර ගැනීමට හැකියාවක් නැත. එමෙන්ම, වැදගත් ඓතිහාසික සිදුවීම් විස්තර කිරීමෙන්ද එය නිසි පරිදි ඉටු නොවේ. එනිසා අතීත යුගයේ විසූ රජුන් හා ඔවුන් කළ කී දේ යුද්ධ ආදිය ගැන තතු අඩංගු කළ පළියට උසස් ඓතිහාසික නවකථාවක් ජනිත නොවේ. එබැවින් උසස් ඓතිහාසික නවකථාවක් රචනා කිරීම යනු පහසු කාර්යයක් නොවේ. කතුවරයකු තමාගේ නවකථාවට ඓතිහාසික පසුතලයක් සැපයීමෙන් පමණක් ඓතිහාසික නවකථාවක් ජනිත නොවේ. ඓතිහාසික නවකථාකරුවා ඉතිහාසය පිළිබ`ද නියම ගෞරවයක් හා හැ`ගීමක් ඇති පුද්ගලයෙකු වීමට නම් ඔහුගේ නවකථාවට අඩංගු වන ඓතිහාසික කරුණු හා විස්තර, එතෙක් කරන ලද ඓතිහාසික පර්යේෂණවල ප‍්‍රතිඵලවලට අනුකූල විය යුතුයි. එමෙන්ම, තමා දැක්වීමට අදහස් කරන අතීත යුගයේ විශ්වාස, ඇදහීම්, ආකල්පයන් ආදිය පිළිබ`ද වාතාවරණය, ඒ කාලයත් තැනත් ගැන අප දන්නා මානසික හා භාවමය ස්වභාවයට හා වාතාවරණයට ප‍්‍රතිවිරුද්ධ නොවිය යුතුයි. ඓතිහාසික නවකථාකරුවාට කිසියම් අතීත යුගයක්, පැරණි සමාජයක්, නැතහොත් යටගිය සිදුවීමක් නැවත උත්පාදනය කළ හැකිය. ඇතැම් විචාරකයෝ ඓතිහාසික නවකථාද වර්ග දෙකකට බෙදා දක්වති. එම වර්ග දෙක මෙසේ දැක්විය හැකිය. (1* නවකථාවේ ඓතිහාසික පසුබිම ජීවමාන ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ දරන නවකථා (2* කිසියම් ඓතිහාසික පුද්ගලයෙකුගේ චරිත හෝ පුද්ගලයන් ටික දෙනකුගේ චරිත, කලාත්මක පරිදි විවරණය කරමින් ලියන නවකථා එහෙත් මේ වර්ග දෙක මෙසේ සම්පූර්ණයෙන් වෙන් කොට දැක්වීම අපහසු වන්නේ, කිසිම ඓතිහාසික චරිතයක් ඔහුගේ පරිසරයෙන් වෙන් කිරීම අසීරු කාර්යයක් වන හෙයිනි. ඓතිහාසික පුද්ගලයෙකුගේ චරිතයක් ක‍්‍රියා කළ අයුරු පමණකි, ඉතිහාසඥයාට විස්තර කළ හැක්කේ. ඔහු ඒ ආකාරයෙන් කි‍්‍රයා කිරීමට හේතු ඔහුට අනුමානයෙන් ඉදිරිපත් කළ හැකිය. නමුත් නවකථාකරුවාට ඒ චරිතයේ ක‍්‍රියා කලාපයට හේතු, ඔහුගේ සිතෙහි පහළ වුණු හැ`ගීම් ආදිය පවා රුචි අයුරින් ඉදිරිපත් කළ හැකිය. ඒ චරිතය එසේ ක‍්‍රියා කිරීමට හේතු සැපයීමට පමණක් නොව, ඒ චරිතය ගැන ඓතිහාසික විස්තරවල පෙනෙන අඩුතැන් පිරවීමට පවා ඔහුට අවස්ථාවක් ලැබේ. කරුණු කෙසේ වුවද පළමුව විස්තර කළ වර්ගය එනම් කිසියම් ඓතිහාසික යුගයක නියම ස්වරූපය හා වාතාවරණය ජීවමාන ලෙස යළි උත්පාදනය කරන වර්ගය ඉතිහාසය අතින් සලකා බලන විට වඩා වැදගත් බව විචාරක මතයයි. ඓතිහාසික නවකථාකරුවා හුදු ඉතිහාසඥයකු නොවන බවත්, ඉතිහාසඥයාට නොලැබෙන ආකාරයේ නිදහසක් ඔහුට ලැබෙන බවත්, මේ අනූව පෙනේ. එහෙත් එම නිදහසින් අයුතු ප‍්‍රයෝජන ඔහු නොගත යුතුයි. අදාළ ඓතිහාසික යුගය පිළිබ`ද ඉතිහාසඥයන් විසින් සොයාගෙන ඇති කරුණුවලට විරුද්ධ නොවන ආකාරයෙන් පූර්වෝක්ත නිදහස උපයෝගී කරගෙන, උසස් කලාත්මක නවකථාවක් ලියූ විට පමණි, අදාළ කතුවරයා නියම ඓතිහාසික නවකථාකරුවකු වන්නේ. මේ නිසා ඓතිහාසික නවකථාවක් නිවැරදි ඓතිහාසික කරුණුවලින් සමන්විත, සාහිත්‍යමය අගයෙන්ද හෙබි, කෘතියක් විය යුතු යැයි කීම අයුක්ති සහගත නොවේ. විජයබා කොල්ලයේ ඓතිහාසික පසුබිම තත්කාලීන සමාජයේ සත්‍ය පිළිබිඹුවක්ද ? විචාරකයන් රැුසකගේ ප‍්‍රශංසාවට ලක් වූ ඩබ්. ඒ. සිල්වා මහතාගේ ඓතිහාසික නවකථා අතුරින් ශ්‍රේෂ්ඨතම කෘතිය ලෙසින් සැලකිය හැකි වූ ‘විජයබා කොල්ලය’ ෂෙරිඩන් නම් ඉංග‍්‍රීසි කතුවරයාගේ ‘පිසාරෝ’ නම් නාට්‍ය ග‍්‍රන්ථය අනූව යමින් ලියන ලද්දකි. විජයබා කොල්ලය අතීත යුගයක් වටා ගොතනු ලැබූ නවකථාවක් වන නිසා, එහි පසුබිම ඉතා විස්තර සහිත ලෙස නිරූපණය කිරීම අවශ්‍ය වන බැව් පෙනේ. මෙහිදී අප විසින් විමසිය යුතු වන්නේ, මේ නවකථාවට පසුබිම් වන 16 වන ශතවර්ෂයේ මුල් භාගය ජීවමාන ලෙසින් මෙහි නිරූපණය වී තිබේද යන කාරණය සම්බන්ධවයි. එහිදී ඒ අතීත සමාජය වර්තමාන සමාජයෙන් කෙතරම් දුරට වෙනස් වීද යන්න ගැන වැටහීමක් අපට ලැබෙනු නියතය. මේ නවකථාවට පසුබිම් වන දේශපාලනික පසුබිම රාජාවලියේදී සවිස්තරව දක්නට ලැබේ. විජයබාහු රජු එකල රජ කළ බවත් ප‍්‍රතිකාලූන් පැමිණි අයුරුත් එහි ස`දහන් වෙයි. විජයබා කොල්ලයෙහිද සවිස්තරව නොවූවත් යම් යම් වශයෙන් මේ තොරතුරු ස`දහන් වන බැව් පෙනේ. ‘‘විජයබාහු රජ කරන විට දෙවනුව නැවක් ප‍්‍රතිකාල් දේශයෙන් එන විට සේනාවක් ආයුධ ඇරගෙන සිටියා දැකලා උන්ගේ නැවෙන් කාල තුවක්කුවක් වෙඩි තිබූ කල වෙඩි උණ්ඩය කොස් අත්තක වැදී බි`දගෙන ගියා දැකලා ඒ හමුදාව බි`දී ජයවර්ධන නුවරට ඇවිදින් විජයබාහු හට සැළ කළාහ. ප‍්‍රතිකාලූන්ගෙන් හතර පස් දෙනෙකු නුවරට ගෙන්නවා දක්වාගෙන තෑගි දී යන්නට ඇරියේය. විජයබාහු රජ කරන අවධියටත් ප‍්‍රතිකානෝ කොළොන්තොට වෙළදාම් කරමින් උන්නාහයි දැනගත යුතුයි....’’ මෙම ප‍්‍රවෘත්ති විජයබා කොල්ලයෙහිද ඉතා සවිස්තර වශයෙන් නැතත් ම`ද ම`දව ස`දහන් වනු දැක්ක හැකිය. ‘‘කොළඹ නගරය අත්පත් කර ගත් දින, ප‍්‍රතිකාල් ක`දවුර මහෝත්සවයෙන් යුක්ත විය. නැව්වලින් ගෙනෙන්නට යෙදුණු කෑම් - පීම් පමණක් නොව, නගර වැසියන්ගේ ගව- එළු- කුකුළු- ආදි සතුන්ද මස් කරගත් හෙයින් කිසිවකිනුත් මේ උත්සවයට අඩු- පාඩුවක් නොවීය....’’ තත්කාලීන සමාජයෙහි බලසම්පන්්නයින් බවට පත් වූ ප‍්‍රතිකාල් ජනයා හෙළදිව් වැස්සන්ගේ ජීවිත අන්තරායට පමුණුවමින් වස්තුව කොල්ලකමින් හිංසන ක‍්‍රියා ආදිය සිදු කළ බව මහාවංශයෙහිද ස`දහන් වෙයි. එම කරුණු විජයබා කොල්ලයේ එන්නේ අල්ප වශයෙනි. ඉතිහාසයෙහි එන පුවත් ඉතා සංක්ෂිප්ත ආකාරයෙන් දැක්වීමට කතුවරයා උත්සාහ දරා ඇති බව එම කරුණු කෙටියෙන් දැක්වීමට යාමෙන් පැහැදිලි වේ. එහිදී තත්කාලීන සමාජයෙහි පැවති සැබෑ මුහුණුවර පාඨකයා හමුවේ තැබීමට ඔහු අසමර්ථ වන බැව් පෙනේ. ‘‘...බලසම්පන්න බවට පැමිණි ප‍්‍රතිකාල් ජනයා හෙළදිව් වැස්සන්ගේ ජීවිත අන්තරායට පමුණුවමින් වස්තු පැහැර ගනිමින් ඉතිරිනගේ පතිවත්දම් කඩ කරමින් අනාචාරශීලිව කල් යවන්නට වන්නහුය.’’ විජයබා කොල්ලයේදී ස`දහන් වන ආකාරයට බුවනෙකබා කුමාරයා විජයබාහු රජුගේ මරණයෙන් පසුව අභිනව රජු ලෙස තෝරා ගත් අතර, රයිගම්- වළල්ලාවිටි- පස්යොදුන් කෝරළවල ප‍්‍රතිරාජ පදවිය පරරාජසිංහ කුමරුටත්, සීතාවක - දෙනවක හා සතර කෝරළයේ ප‍්‍රතිරාජ පදවිය මායාදුන්නේ කුමරුටත් ලැබේ. මෙම පුවත් මහාවංශයේ දැක්වෙන්නේ පහත පරිදිය. ඒ අනුව එම සත්‍ය ඓතිහාසික පුවත් පාඨකයා හමුවේ තැබීමට කතුවරයා යම් ආකාරයේ ප‍්‍රයත්නයක් දරා ඇති බව පසක් වේ. ‘‘...මේ තිදෙන අතුරෙන් දෙටු සොහොයුරු තෙම සත් වෙනි භුවනෙකබාහු යන නාමයෙන් ලංකා සිංහාසනයෙහි රජ මෙන් තෝරා ගන්නා ලදි. සෙසු යුවල සොහොවුරන්ගෙන් පරරාජසිංහ නම් වැඩුමහල් තැනැත්තවු හට රයිගම් වළල්ලාවිට් සහ පස්යොදුන් කෝරළවල ආධිපත්‍ය ධූරය හිමිකර දෙන ලදි...බාල සොහොයුරු වූ මායාදුන්නේට දෙනවක සහ සතර කෝරළේ සහිත සීතාවක පළාත අයිති කර දෙන ලදුව ඔහු එහි ස්වකීය අමාත්‍ය තැන වූ ආර්ය මන්ත‍්‍රීන් සම`ග ආණ්ඩු කළේය....’’ මෙසේ විජයබා කොල්ලය රචනා වීමට බලපාන තත්කාලීන සමාජය තුළ පැවති දේශපාලනික තොරතුරුවලින් ඉතා අඩු ප‍්‍රමාණයක් සත්‍ය වශයෙන්ම මෙම නවකථාව තුළ අන්තර්ගත වන බව කිවහොත් එය සාවද්‍ය නොවේ. විජයබා කොල්ලය කතුවරයාට තම නවකථාවේ පසුබිම විස්තර සහිතව ඉදිරිපත් කිරීමේ යම් අවශ්‍යතාවක් තිබූ බව කතාව කියවීමේදී දැනේ. සමකාලීන යුගයත්, ඒ පැරණි යුගයත් අතර වෙනස්කම් දැක්වීම ස`දහා කතුවරයා එක් මූලික උපක‍්‍රමයක් උපයුක්ත කර ගත් බැව් පෙනේ. එනම්, එකලත් මෙකලත් කිසියම් කරුණක් මුල් කොට ගෙන සන්සන්දනය කිරීමයි. ‘‘එකල, මෙකල මෙන් නොව, ශාස්ත‍්‍රානුසාරයෙන් ඊට හේතුව සලකා ගත නොහැකි වූ මිනිස්සු අනාගතයෙහි ඇතිවන විපතකට පූර්ව ලක්ෂණ වශයෙන් මේ දේවානුභාවයෙන් දැක්වුණු නිමිත්තකැයි සිතා නොයෙක් මත ප‍්‍රකාශ කරන්නට වූහ. රටේ පවතින අධර්මයෙන් කලකිරුණා වූ දෙවියන් මේ අන් තැනක් බලා ගමන් කළ සැටි යයි ඇතැමෙක් කීහ....’’ යුග දෙකක් පිළිබ`ද සැස`දීමේදී මෙවැනි වෙනස්කම් පමණක් නොව, සමානතාද කතුවරයා විසින් ඇතැම් විට මතුකොට දක්වා තිබේ. ඒ තුළින් අවබෝධ කර ගත හැක්කේ තත්කාලීන සමාජය පිළිබ`ද සත්‍ය තොරතුරුද යන්න විමර්ශනයට බ`දුන් කළ යුත්තකි. ‘‘ඒ කාලේද මේ කාලේ මෙන්ම, නොයෙක් විට, සිංහල තරුණියක දීගයක දීම යුද්ධයකින් ජයගැනිම වැනි වැඩක්. කිමෙක්ද යත්, ඊට නොයෙක් ලෙසින් බාධා කරන්නන් ඇති වූ හෙයිනි. තරුණයකුට බහ දී සිටි- එනම් වාක් ප‍්‍රදානයෙන් ගිවිස ගෙන සිටි තරුණියක වෙන දීගයක දීම ඉතාම දුෂ්කර වූ වැඩකි....’’ විජයබා කොල්ලයේ කතුවරයා තම නවකථාව ආරම්භයේදීම ‘එකල මෙකල මෙන් නොව....’ යනුවෙන් පටන්ගෙන පසුබිම් සටහනක් ඉදිරිපත් කිරීමට උත්සහ දරනු පෙනේ. තත්කාලීන කොළඹ නගරය පිළිබ`දවත් ප‍්‍රභූන්ගේ වාසස්ථාන ගැනත් ප‍්‍රාමාණික තොරතුරු එහිදී ඉදිරිපත් වීද යන්න සැකයට බ`දුන් වෙයි. ඒවා හුදු බොළද වර්ණනා පමණක් වන බව නවකථාව පුරාම දක්නට ලැබෙන බැවිනි. සත්‍ය වශයෙන්ම පැවති තත්ත්වය ජීවමාන අයුරින් පාඨකයා හමුවේ තැබීමට එහිදී කතුවරයා අසමත් වන බැව් පෙනී යන්නකි. ‘‘එකල කොළඹ නගරය මේ තරම් විශාල නොවීය. මෙතරම් ජන බහුල නොවීය. ඓශ්චර්යවත් නොවීය. මංමාවත් මෙතරම් යහපත් නොවීය. පිරිසිදු නොවීය...ගොඩනැගිලි වශයෙන් මෙහි තිබුණේ, මැටි තාප්ප බැම්මෙන් බ`දනා ලද, අතු සෙවිලි වූ ගෙවල් සමූහයකි. සුදු හුනු ගා උළු සෙවිලි කරන ලද ගොඩනැගිලි වෙනුවෙන් තුබුණේ, මුස්ලිම් දේවස්ථාන කිහිපයකුත්, මුස්ලිම් නෞ වාහකයනට හා එම වෙළෙ`ද නායකයනට හා සිංහල සෙනෙවිවරුනට වාසස්ථාන වූ ගෙවල් කිහිපයකුත් පමණකි’’ මෙහි කතුවරයා දක්වන වෙනස්කම් පිළිබ`ද සැලකීමේදී මේ යුග දෙක අතර වෙනස දක්වාලීමට ඔහු ඉදිරිපත් කොට ඇති තොරතුරු ඉතා බොළ`ද ස`දහන් කිරීමට පවා ප‍්‍රාමාණික නොවන ඒවා බව පෙනී යයි. එකල කොළඹ නගරය මෙකල මෙන් විශාල නොවූ බවත්, ජනබහුල නොවූ බවත් කතුවරයා ප‍්‍රකාශ නොකළත් පාඨකයාට නිතැනින්ම තේරුම් ගත හැක්කකි. සමහරක් තැන්වලදී ‘එකලට විශේෂ වූවක්’ ලෙස කතුවරයා යම් යම් දේ ස්මතු කිරීමට ප‍්‍රයත්න දරා තිබෙනු පෙනේ. එයින් තත්කාලීන සමාජයෙහි සත්‍ය වශයෙන්ම පැවති දෙයක් පිළිබිඹු වේදැයි සලකා බැලීම වටී. එහෙත් මෙහි ස`දහන් කරන දේවල් තත්කාලීන සමාජය සම්බන්ධයෙන් දත හැකි වැදගත් කරුණු නොවන බැව් පැහැදිලි වෙයි. ‘‘එකල පැවති සිරිත නම් මෙ වැනි අවස්ථාවලදී තමන් කැටුව අහාර ගැනීම පිණිස අමුත්තන්හටද ආරාධනා කිරීමය. මේ ආචාරානුගතව කරන සාමාන්‍ය වූ ආරාධනයකි. අමුත්තෝ ඒ බව දනිති. එහෙයින්, එසේ වූ ආරාධනය නො ඉවසති. නායක දෙමාල්ලන් විසින් මෙහිදී කළ ආරාධනයට ස්තුති කොට කාන්තාවෝ පිටත්ව ගියාහ....’’ ‘‘එකල, මෙ කල මෙන් නොව අතින් දංඩක් ගෙන ගමන් කිරීම නිකරුණේ නොකරන ලදි. හරක් දක්කාගෙන ගිය කෙවිටත්, මහල්ලා ගෙනගිය කෙවිටත්, මහල්ලා ගෙන ගිය සැරටියත්, ? මුර සෙබළාද, දොරටු පල්ලාද, ගත් පොල්ලත් හැර, අතින් දංඩක් ගෙන ගියේ, දණ්ඩනායකයන් පමණි....’’ ආහාර අනුභවයට සුදුසු අවස්ථාවන්හීදි නිවසේ සිටින අමුත්තන්ටද ඊට ආරාධනා කිරීම දහසය වන ශතවර්ෂයට විශේෂ වූ සිරිතක් ලෙස සැලකිය යුතු නොවේ. එය වත්මනටද ගැළපෙන්නක් බැවිනි. එසේම දණ්ඩනායකයන් හ`දුනා ගැනීම පිණිස දක්වා විස්තරය ඉතා සරල එකක් බැව් පෙනේ. මේ අනුව පැහැදිලි වන කරුණක් නම් එකල- මෙකල සැස`දීමේ උපක‍්‍රමය එතරම් දක්ෂ ලෙස භාවිත කිරීමට කතුවරයා සමත්ව නැති බවයි. එහෙත් ඇතැම් තන්හි ඒ ඓතිහාසික යුගයේ විශේෂ ලක්ෂණ ස්මතු කොට දැක්වීමට කතුවරයා උත්සුක වී තිබේ. එකල භාවිතයට ගැනුණයි සැලකිය හැකි කැටපත් ගැන නවකථාවේ එන විස්තරය මීට නිදසුන් ලෙස දැක්විය හැකිය. ‘‘මේ කාලයේ මූණබැලීම කළ කැටපත් සාදන ලද්දේ ලෝහයෙනි. රනින් ඔප නගන ලද්ද, රන් කැටපත නම් විය. රිදී- තඹ- පිත්- තල ආදියෙන්ද වත්කමේ හැටියට මිනිස්සු කැටපත් තනවා ගත්හ. පරංගි කැටපත ලෝහයෙන් නොව, ගන කඩ වීදුරුව රසාලේපනයෙන් පිළියෙළ කළ දර්පණ තලයකි. වර්තමානයෙහි මේ දර්පණතලය සුළුකොට තැකිය යුතු නමුදු එකල එසේ නොව මහාර්ඝ වස්තු සංඛ්‍යාවේ ලා....’’ තත්කාලීන සමාජයෙහි බලපැවැත්වුණු ආර්ථික තත්ත්වය පිළිබ`ද යම් තොරතුරක් උක්ත ෙඡ්දයෙන් ලබා ගත හැකි බව පෙනේ. විවිධ ආකාරයේ වත්කම් තිබූ මිනිසුන් එකල වසන්නට ඇති බවට එයින් තොරතුරු අල්ප වශයෙන් නමුදු ලැබේ. එකල සමාජයෙහි දක්නට ලැබුණු එක් සිරිතක් නම් ‘එකගෙයි කෑම’යි. මේ පිළිබ`ද ස`දහනක් මේ කාලය පිළිබ`ද දක්වන රාජාවලියෙහිද දක්නට ලැබේ. ‘‘ශී‍්‍ර රාජසිංහ රජ්ජුරුවන් හා විජයබාහු රජ්ජුරුවන් එකගෙයි ඉන්නා අවදියට දෙදෙනාට ජාතකර වැ¥ කුමාරවරු තුන්දෙනෙක් වූහ. මේ කුමාරයින්ගේ මවු බිසෝ අදහසිනුත් රාජසිංහ රජ්ජුරුවනුත් යන මාතා පිතා දෙදෙන උකුත් වූවායින් පසුව විජයබාහු රජ්ජුරුවන්ට කීරවැල්ලෙන් බිසෝ කෙනෙකුන් ගෙනැවිත් කීරවැල්ලෙන් කුමාරයකුත් ගෙනැවිත් ඇති කළාහ....’’ මේ සිරිත විජයබා කොල්ලයෙහිද දක්නට ලැබෙයි. නීලමණී සිතන අයුරින් කතුවරයා දක්වන්නේ මෙම සිරිත සම්බන්ධයෙන් මෙකල පැවතියා වූ සත්‍ය තොරතුරු විය හැකිය. ‘‘...එකල කුලවතුන් අතර පවා ‘එකගෙයි කෑම’ නම් සිරිතක් පැවති හෙයිනි. මේ සිරිත අනුසරණය කළ තැන්වල, සොහොයුරන් කිහිප දෙනෙකු වෙනුවෙන් සිටියේ, එකම භාර්යාවකි. නීලමණී එවැනි ගෙදරක් නොපතන්නීය....’’ විජයබා කොල්ලයේ එන පසුබිම් විස්තර කථන ගැන සැලකිලිමත් වීමෙන් තත්කාලීන සමාජය හා පරිසරය පිළිබ`ද සත්‍ය තතු ගවේශෂණය කළ හැකිදැයි දෙවරක් සිතන්නට සිදු වෙයි. කතාව ඇරඹෙනුයේ නායක සෙනෙවි මන්දිරය ගැන පසුබිම් වර්ණනාවකිනි. එය පිහිටි පරිසරය පහත පරිදි විස්තර කරයි. එය තරමක් දුරට සාර්ථක ලෙස විස්තර වන්නේ වැදගත් තොරතුරු තෝරාගැනීමටත්, ක‍්‍රමානුකූල බවක් යටතේ දැක්වීමට කතුවරයා ප‍්‍රයත්න දරා ඇති බැවිනැයි සිතේ. ‘‘මේ ගෙය පිහිටියේ, සතර මං සංදියකය. උතුරු දිග ඇය නෙතට වන ලැහැබින් වැසුණු බොරලූගොඩ කන්ද පෙනේ. මොහොතින් මොහොත වඩ වඩා දැඩිවන මීදුම් පටලයෙනුත්, අන්ධකාරයෙනුත්, ඒ නොපෙනී යන්නට ළ`ගය. දකුණු දිගින් කොළොම් විලය. බටහිරින් පෙරවරු වෙළ`ද පොළ, වෙළදුන්හටද වෙළද බඩුවලටද සෙවණ දෙන කූඩම්ය....’’ පසුව දක්නට ලැබෙන නායක සෙනෙවි භවන පිළිබ`ද විස්තරය, එවැනි වැදගත් ගෘහයක් පිළිබ`ද පැහැදිලි චිත‍්‍රයක් පාඨක මනසෙහි සනිටුහන් කිරීමට කතුවරයා අසමත්ව ඇත. එය කෙටි වූත් සරල වූත් විස්තරයක් බව බැලූ බැල්මටම පෙනී යන්නකි. ඒ පැරණි සමයේ ගෘහයක්, මෙබ`දු උසස් සේනාපතියකුගේ ගෘහයක් - එකල ගෘහනිර්මාණ ශිල්පයේ අති විශිෂ්ට නිර්මාණයක්ව පවතින්නට ඇතැයි අපට නිතැනින්ම අනුමාන කළ හැකිය. නමුත් කතුවරයා දක්වා ඇත්තේ මෙසේය. ‘‘...හුනෙන් හා උළෙන් නිමවන ලද හෙයිනුත්, සිත්කලූ උයනකින් වට වූ හෙයිනුත්, මෙහි ගෘහපති පුරුෂයා සෙස්සකු නොවන බව සැලකිය යුතුය.’’ මෙම විස්තරය නිසි පරිදි නිරූපණය කිරීමට කතුවරයා උත්සහ ගත්තේ වී නම් කතාවට අවශ්‍ය ඓතිහාසික පරිසරයත්, එහි සත්‍ය වාතාවරණයත් පාඨකයා හමුවේ තැබීමට ඉඩකඩ තිබිණි. එහෙත් එබ`දු ශක්තියකට ඔහු හිමිකම් කියා නැති බව පෙනේ. නවකථාවේ සියලූ තැන්හිම වාගේ දක්නට ලැබෙන්නේ ගතානුගතික සාමාන්‍ය පසුබිම් වර්ණනා මිස නැවුම් බවින් යුක්ත තත් සමාජ තොරතුරු මැනවින් පිළිබිඹු වන වර්ණනා නොවේ. දහසය වැනි ශතවර්ෂයේ සිරිත් විරිත් ආදිය ගැන නවකථාව තුළ දක්නට ලැබේද යන්න සලකා බැලීම තත් සමාජය නිර්ණය කිරීමෙහිලා ඉතා වැදගත් වන්නකි. පෙර යුගයක සමාජය හා සංස්කෘතිය ජීවමාන ලෙස නිරූපණය කිරීම ස`දහා මේ පැරණි චාරිත‍්‍ර - වාරිත‍්‍ර ගැන විස්තර වැදගත් වේ. ඒ සම්බන්ධයෙන් නම් යම් තරමින් තොරතුරු මෙහිදී දත හැකි බැව් පෙනේ. එකල ? කාලයේ ගමන්වලදී හුලූ අතු හා පන්දම් රැුගෙන යන ලද බව අපට දැනගන්නට ලැබේ. ‘‘සැමියා එන ලකුණු - එනම් හුලූ අතු සහ පන්දම් කිහිපයක් දැල්වෙන එළියෙන් ගමන් කරන්නකු එන ලකුණු....’’ එකල උසස් කුල ගෙවල පවා සිරිත වූයේ බිම ඉ`දගෙන ආහාර ගැනීම බව පෙනේ. එසේම එකල පැවතියා වූ පලස් ආදිය ගැනද යම් තොරතුරක් හැ`දින ගන්නට ලැබේ. එසේම නිවෙස්වල සේවය ස`දහා සිටි කාන්තාවන් හා පුරුෂයන් ගැනද කරුණු එයි. ‘‘...ඉතා උසස් කුල ගෙවල පවා, ආහාර ගැනීම කෙරුණේ, බිම හි`ද ගෙනය. භෝජනාගාරයෙහි හි`ද ගැනීමට කළාල පිට අතුරන ලද පලස් ඇතිව, පලස් පිට ලන මෙට්ට ඇතිව, ඔවුහු ආහාර ගත්හ. පරිවේෂ කර්මයෙහි ඇතැම් තැන, සේවකයන් යෙදුණාහ. ඇතැම් තැන සේවිකාවන් යෙදුණාහ.’’ තත්කාලීන සංස්කෘතික පසුබිම විමසීමේදී පැහැදිලි වන කරුණක් නම් දෙවියන් පිළිබ`ද මෙකලට වඩා වැඩි විශ්වාසයක් ජනයා තුළ තිබූ බවයි. ඉතා වැදගත් අවස්ථාවල දෙවියන් සිහිකර පුද සත්කාර සිදු කරනු ලැබුවේ එබැවින් විය යුතුයි. ‘‘...දෙවියන් වෙනුවෙන් පුද සිරිත් පැවැත්වෙන මල් පැලේ පහන් දල්වා, හ`දුන්කූරු දල්වා සුව`ද දුම් දී, මල් පුදා සිය ළතැවිල්ල දෙවියනට කීවාය. එක දෙවියකුට නොව, කතරගම - සමන් -උපුල්වන් -විබීසණ යන සිව් දෙවියනටම කීවාය.’’ නවකථාව අවසානයේදී සිරිත් විශේෂයක් ලෙස බුවනෙකබාහු රජුගේ මෞලී මංගලෝත්සවය ගැන මනාව විස්තර වෙයි. එය සවිස්තරව දැක්වීමට කතුවරයා උත්සාහ දරා ඇති නිසා එහි විශ්වසනීයත්වය ස්මතු වී පෙනේ. මෞලී මංගල්‍යක් මෙසේ සිදුවන්නට ඇතැයි චිත‍්‍රයක් පාඨක සිතෙහි මැවීමට කතුවරයා මෙහිදී සමත් වී ඇති බව පෙනේ. ‘‘සර්වාභරණයෙන් විභූෂිත වූ රජතුමා දළපුඩු සේසත් නගන ලද සිංහාසනයට සුබ මොහොතින් වැඩම කරවන ලදි...මෙසේ පෙර සිරිතට අනූව කළ අභිෂේකයෙන් ඔටුනු පැළ`දි රජු සිංහාසනයෙන් නැගී සිට, පළමුවෙන්ම කළේ චන්දන කල්කයෙන් පිරි...පන්සිල් ගෙන, යළි දළදා මැදුරට වැ`ද, දළදා හිමින් වැ`ද මහජන ප‍්‍රීති ඝෝෂා මද්ධ්‍යයෙහි නගර ප‍්‍රදක්ෂිණා කිරීමය....’’ තත්කාලීන යුගයේ පැවති විශේෂ කතා ව්‍යවහාර, යෙදුම් ආදිය කෙතරම් දුරට මෙම නවකථාවෙහි ඇතුළත්ව ඇද්ද යන්න විමසීම තත් සමාජයෙහි පැවති භාෂා රටාව වටහාගැනීමට හේතුපාදක වෙයි. එවිට එම සමාජය ජීවමාන ලෙසින් පාඨක සිත්හි සනිටුහන් වන අතර කතාවට පසුබිම් වන පැරණි යුගයේ ව්‍යවහාර කරන ලද භාෂාව, අද අප කතාකරන භාෂාවට වෙනස් බව වැටහී යයි. සෑම භාෂාවක්ම යුගයෙන් යුගයට වෙනස්වීම ස්වභාව කොට ඇති බැවිනි. දහසය වන සියවසේදී ව්‍යවහාර වන්නට ඇතැයි සිතිය හැකි මෙකල පොදුජන වහරෙහි නොදක්නා ලැබෙන වදන් අපට නවකථාව පුරා දැකිය හැකිය. නමුත් ඒ ඉතා අල්ප වශයෙනි. මේ නිසා එකල සමාජයෙහි ව්‍යවහාර වූ භාෂාව ගැන වඩා පැහැදිලි සත්‍ය චිත‍්‍රයක් මැවීමට කතුවරයා අපොහොසත් වෙයි. මෙසේ මෙහි ස`දහන් වදන් කිහිපයක් මෙසේ දක්වමු. එම වදන් නම් එම යුගයෙහි ජනතාව විසින් එදිනෙදා ව්‍යවහාරයෙහිලා භාවිත කරන්නට ඇති බව සිතිය හැකිය. සමාජයෙහි විසූ සාමාන්‍ය ජනතාව හා ප‍්‍රභූ පැලැන්තිය භාවිත කළ භාෂාවේ වෙනස්කම් පැවතියාද යන කාරණය සම්බන්ධයෙන් තොරතුරක් විජයබා කොල්ලයෙන් සිතා ගත නොහැකි බව කිව යුතුයි. ‘‘පැහැදුම (එනම්, පිසූ ආහාරය තැන්පත් වූ පලකය*, පයිංඩ කාරයින්, රාබරක්කුව, ජගලත් තොප්පිය, කූටාලියෙක්, අඩුක්කුවක්, පුලන්නකුට, සම`ගි සන්දියක්, අගම් පොඩි පුරෝගමය ’’ උක්ත තොරතුරුවලට අනූව විජයබා කොල්ලය ම`ගින්, දහසය වැනි සියවසේ මුල් භාගයේ ලාංකේය සමාජය පිළිබ`ද ජීවමාන චිත‍්‍රයක් පාඨක සිත්හි ජනිත නොවන බව අපගේ අදහසයි. ඊට ප‍්‍රධාන හේතුව ලෙස ඒ සමයේ පොදු ජනයාගේ ජීවන පැවැත්ම ප‍්‍රමාණවත් ලෙස නිරූපණය නොවීම දැක්විය හැකිය. එහි නිරූපිත ජීවිතය එම යුගයේ පැවති ඉහළ පන්තිවලට පමණක් සීමා වන බැව් පෙනේ. එසමයෙහි සමාජයීය වාතාවරණය නියම ආකාරයෙන් නිරූපණය නොවන්නේ එබැවිනි. මේ නිසා විජයබා කොල්ලය බාහිර වශයෙන් පමණක් ඓතිහාසික ස්වරූපයක් ගන්නා නවකථාවක් වන බවත්, නියම ඓතිහාසික නවකථාවක දක්නට ලැබෙන වැදගත් අභ්‍යන්තර ලක්ෂණ එහි නොදක්නා ලැබෙන බවත් පෙනී යයි. මේ අනුව ඓතිහාසික කාලවකවානුවක් ඇසුරු කරගත්තද නවකථාව, තත්කාලීන සමාජයේ සත්‍ය පිළිබිඹුවක් ලෙස පූර්ණ වශයෙන් සැලකිය නොහැකි බව විජයබා කොල්ලයෙන් විශද වේ. ඒ නවකථාව වූ කලී ඓතිහාසික රචනයක් නොව කලාත්මක නිර්මාණයක් වන බැවින්ද යන්න විමසිය යුත්තකි. එහිදී සත්‍යත් කල්පිතයත් අතර තොරතුරු අඩංගු වීම වැළැක්විය නොහැක්කක් බව පෙනී යන නිසාවෙනි. සමාලෝචනය ඓතිහාසික නවකථාවක් කියවන කල, ඒ කතාවට පසුබිම් වන අතීත යුගයේ සමාජයේ පැවති තථ්‍ය ස්වභාවය කතාව තුළින් ධ්වනිත වීම ඓතිහාසික නවකථාවක මූලික ලක්ෂණය බැව් පෙනේ. එසේ ධ්වනිත කරවීම නම් පහසු කාර්යයක් ලෙස ස`දහන් කළ නොහැකිය. පැරණි යුගයක් සම්බන්ධයෙන් ජීවමාන ස්වරූපයක් ආරූඪ කිරීමට ඒ යුගයේ පොදු ජනයාගේ ජීවන තත්ත්වය යථාපරිදි නිරූපණය කළ යුතුයි. එකල පොදු ජනයාගේ දෛනික ජීවිතයත්, සාමාන්‍ය පුද්ගලයන්ගේ දුක - සැප, අවුල් - වියවුල්, ආදියත් නවකථාවෙහි විස්තර වීමෙන් තත් යුගය පිළිබ`ද පූර්ණ චිත‍්‍රයක් පාඨක මනස තුළ සනිටුහන් වෙයි. ඓතිහාසික නවකථාකරුවා වුව නියම ඉතිහාසඥයකු නොව කලාකරුවකු බව මෙහිදී තරයේ සිහි තබා ගත යුත්තකි. ඉතිහාසයේ සත්‍ය සිද්ධීන් වුව කලාත්මක වෙනසකට භාජනය කරලීමට ඔහුට ඉඩකඩ ඇති බැවිනි ඒ. මේ නිසා පසුබිම ඓතිහාසික එකක් වූ පමණින් වත් ඒ ඓතිහාසික කරුණු නිවැරදි වූ පමණින් වත් නියම ඓතිහාසික නවකථාවක් ජනිත නොවේ. කෙසේ වුවත් ඓතිහාසික කාලවකවානුවක් ඇසුරු කරගත්තද නවකථාව, තත්කාලීන සමාජයේ සත්‍ය පිළිබිඹුවක් ලෙස පූර්ණ වශයෙන් සැලකිය නොහැකි බව විජයබා කොල්ලයෙන් විශද වේ. සත්‍යත් කල්පිතයත් අතර පවත්නා දෑ නවකථාවක් ස`දහා අත්දැකීම් වන බැවින් එසේ සිදුවීද යන්න විමසා බැලිය යුත්තක් බව මෙහිදී පෙනේ. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍ර මහාවංශය සිංහල. (සංස්.*, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, (බොරලැස්ගමුව: අජිත් ප‍්‍රින්ටර්ස් ප‍්‍රයිවට් ලිමිටඞ්, 2010*. රාජාවලිය. (සංස්.*, බී. ගුණසේකර, (කොළඹ: රජයේ මුද්‍රණාලය, ශ‍්‍රී ලංකාව, 1926*. ද්විතීයික මූලාශ‍්‍ර වික‍්‍රමසූරිය, සරච්චන්ද්‍ර, විජයබා කොල්ලය විවරණය. (මහරගම: සමන් ප‍්‍රකාශකයෝ, 1963*. සිල්වා, ඩබ්. ඒ. විජයබා කොල්ලය. (කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2002*. වෙනත් ග‍්‍රන්ථ විචාර-18- ඩබ්. ඒ. සිල්වා අංකය, වේරගොඩ පඤ්ඤාසේකර හිමි (සංස්.* (කොළඹ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ, මරදාන*. ්‍යග ජ්පථ ‘‘්‍යසිඑදරසජ්ක භදඩැකි’’