Thursday, December 12, 2013
ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීමට පහත සඳහන් සංකල්ප යොදාගත හැකි ආකාර
ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කරගැනීමට පහත සඳහන් සංකල්ප යොදාගත හැකි ආකාර
01. අවධානය
02. සංජානනය
03. මතකය
අවධානය (්ඔඔෑභඔෂධභ*
පංචේන්‍ද්‍රයන් තුළින් ග‍්‍රහණය කරගන්නා වූ සංඥා කෙරෙහි මනස යොමුකිරීම අවධානය නම් වේ. සංඥාවලීන් එකකට හෝ කිහිපයකට මනස යොමු කිරීම අවධානය යි. සංකීර්ණ පරිසරයේ ඇති ප‍්‍රබෝධකයක් තෝරාගෙන, අනෙක් ප‍්‍රබෝධක නොසළකා හැරීම අවධානය ලෙස ලොවෙල් නිර්වචනය කර ඇත. උදාහරණ වශයෙන් ගුරුවරයා පාඩමක් උගන්වන විට ශිෂ්‍යයා එම පාඩමට පමණක් අවධානය යොමු කිරීම දැක්විය හැකි ය. අවධානය යොමු කළ හැකි ප‍්‍රමාණය පිළිබඳ සැළකීමේදී එක් අවස්ථාවකදී අපගේ අවධානය යොමු කළ හැක්කේ එක් අරමුණකට හෝ එක් කාර්යයක් කෙරෙහි පමණි. නිදසුණක් ලෙස ගතහොත් රෙදි මසන කාන්තාවක් පොතක් කියවන්නේ යයි සිතමු. එහිදී එකකටවත් නිසි පරිදි අවධානය නැති නිසා කාර්යක්‍ෂමතාව අඩු වේ. ඉගැන්වීම් ක‍්‍රියාවලියේදී ගුරුවරයා සිසුන්ගේ අවධානය ප‍්‍රසස්ත මධ්‍යන්නයක පවත්වා ගැනීම වැදගත් වේ. එහිදී ගුරුවරයාට ඉගැන්වීම් කාර්යය නිසි පරිදි සිදු කළ හැකි ය. ‘‘මානසික අවස්ථාවකට හෙවත් මානසික ගති ලක්‍ෂණයකට මනස භාවිත කිරීම’’අවධානය ලෙස සාමාන්‍යයෙන් නිර්වචනය කරනු ලැබේ. ‘ඒකාග‍්‍රගත සවිඥානක භාවය’ යනුවෙන් එය නිතරම හඳුන්වනු ලැබේ. නමුත් ඇතැමුන් දක්වන පරිදි, අවධාකය සවිඥානක භාවයේ ඵලයක් නොව, වසිඥානක භාවය අවධානයේ ප‍්‍රතිඵලයකි.’’
මෙහිදී අවධානයට බලපාන සාධක දෙකක් පෙන්වා දිය හැකි ය.
01. විෂය බද්ධ සාධක
02. පුද්ගල බද්ධ සාධක
විෂය බද්ධ සාධක -
විෂය බද්ධ සාධක වශයෙන් අපට පෙන්වා දිය හැක්කේ අවධානට ලක්වන දෙයයි(ප‍්‍රබෝධකය*. අපගේ අවධායට ලක්වන වස්තුවෙහි හෝ කාරණයෙහි (ප‍්‍රබෝධකයෙහි* යම් යම් ලක්‍ෂණයන් හේතුවෙන් අවධානය අඩු වැඩි වීම සිදු වේ.
කිසියම් ප‍්‍රබෝධකයක ආකර්ෂණමය ශක්තිය, විශාලත්වය
ප‍්‍රබෝධකය නැවත නැවත ඉදිරිපත් කිරීම තුළින් වැඩි අවධානය යොමු වේ.
උදා-: (ගින්නක්, ගින්නක්*
වෙනස්වන ප‍්‍රබෝධක කෙරෙහි වැඩි අවධානය යොමු වේ.
උදා-: (විදුලි සංඥා, කටහ`ඩ වෙනස් වීම, යම් දෙයක් පැහැදිලි කර දැක්වීම සඳහා වීඩියෝ පටයක් භාවිත කිරීම*
කිසියම් ද්‍රව්‍යයක පසුබිම එම ද්‍රව්‍යයට වඩා වෙනස් වීම හේතුවෙන් එම වස්තුවට වැඩි අවධානය යොමු වේ.
උදා-: (කළු ලෑල්ල මත සුදු පාටින් ලිවීම, ඝෝෂාවක් තිබුණු තැනෙක හදිසියේ ඇතිවන නිහ`ඩතාව, සාමාන්‍ය ශිෂ්‍ය පිරිසක් මධ්‍යයෙහි ද`ගකාර ළමයෙක්*
අසම්පූර්ණ හා අස්වාභාවික වස්තූන්ට වඩා ක‍්‍රමවත් ලෙස නිම වූ සම්පූර්ණ වස්තූන්ට අවධානය යොමු වේ.
උදා-: (රූපයක් හෝ සිතියමක් සම්පූර්ණයෙන් චිත‍්‍රණය කිරීම*
නුහුරු නුපුරුදු පරිසරයක නව ප‍්‍රබෝධකයක් කෙරෙහි වැඩි අවධානය යොමු වේ.
උදා-: (සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණ පිරිසක් මධ්‍යයෙහි විශේෂ ඇඳුමෙන් සැරසුන කෙනෙකු කෙරෙහි සිත් ඇදී යාම.*
පුද්ගල නිශ‍්‍රිත සාධක
පුද්ගල නිශ‍්‍රිත සාධක යනු අවධානය යොවීමේදී පුද්ගලයාගෙන් එම ප‍්‍රබෝධකය ග‍්‍රහණය කර ගැනීම කෙරෙහි බලපානු ලබන සාධකයන් ය. අවධානය යොමු කරන පුද්ගලයාගේ මනසෙහි ඇති නොයෙකුත් ස්වභාවයන් අනුව අවධානය යොමු වීම වෙනස් වේ.
පුද්ගලයාගේ ඇල්ම, අභිරුචිය, ලැදියාව, උනන්දුව අනුව අවධානය වෙනස් වේ.
සුපුරුදු දෑ කෙරෙහි අවධානය යොමු වීම.
ස්වාභාවික ආශාවන් සහ ජීව විද්‍යාත්මක අවශ්‍යතා අනුව අවධානය වෙනස් වේ.
අධ්‍යාපනය හා අවධානය අතර සම්බන්ධය -
අධ්‍යාපනය ලැබීමේදී හා ලබා දීමේදී අවධානය යන ක‍්‍රියාවලියෙහි අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් වෙයි.
ශිෂ්‍ය මානසික වයස.
සාමාන්‍ය බුද්ධිය ඇතුළු වාචික හැකියාව.
ශිෂ්‍යයා මාතෘකාව, විෂය කෙරෙහි දක්වන අවධානය,
අවධානය වැඩි වශයෙන් රඳවා ගැනීම සඳහා පාඩමක් ඉදිරිපත් කිරීමේදී ගුරුවරයාට වැදගත්වන කරුණු
දිර්ග පාඩමක් කොටස් වශයෙන් ඉදිරිපත් කිරීම
ශිෂ්‍යයා තුළ කරුණු වර්ධනය වන ආකාරයට නව කරුණු ඉදිරිපත් කිරීම,
කළු ලෑල්ල මනාව භාවිත කිරීම.
පැහැදිලි කථා විලාසය.
අවධානයට බාධාකාරී සාධක ඉවත් කිරීම.
ගැටළු විසඳමේ හැකියාව වර්ධනය.
ඉහතින් විස්තර කරන ලද ‘අවධානය’ නමැති සංකල්පය අධ්‍යාපන ක‍්‍රියාවලිය කෙරෙහි කෙබඳු බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳ උගතුන් නොයෙක් අවස්ථාවල තම මතය ප‍්‍රකාශ කොට ඇත්තේ එතරම්ම අවධානය ඉගෙනීම විෂයෙහි බලපාන කරුණක් වන බැවිණි. ‘‘අදාළ කරුණ මත පිහිටුවන ලද අවධානයේ ප‍්‍රමාණය අනුව සවිඥානක භාවය ර\ පවතින බව විශ්වාස කෙරේ. අවධානයේ බුද්ධිමය අංශය මත විද්වත්හු ඉමහත් අවධාරණයක් දක්වති. අවධානයෙන් තොර ව ඉහළ මට්ටමේ දැනුමක් ඇති විය නො හැකි යයි ඔවුහු සලකති.’’ ඉහත ප‍්‍රකාශය අනුව ගම්‍ය වන්නේ ඉගෙනීම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සාර්ථක කරගැනීම විෂයෙහි අවධානය යන සංකල්පය මහත් පිටිවහලක් වන බව යි.
ඉගෙනීම් ක‍්‍රියාවලිය තුළදී ශිෂ්‍යයාට අවධානය වැදගත් වනවා සේම ඉගැන්වීම් ක‍්‍රියාවලිය තුළදී ගුරුවරයා විසින් පංති කාමරය තුළ ශිෂ්‍ය අවධානය රඳවා ගැනීමට උචිත අයුරින් ක‍්‍රියා කළ යුතු ය.
01. ගුරුවරයා තුළ ප‍්‍රසන්න බව තිබිය යුතු ය.
02. ආකර්ෂණීය වදන් භාවිතය.
03. චිත්ත වේග පාලනය කිරීම.
04. නියමිත කාලයට වැඩ කිරීම.
05. ඉගැන්වීම් රටා තුළ විවිධත්වයක් ඇති කිරීම.
06. සමානාත්මතාව දැක්වීම.
07. ඉගෙනීම් උපකරණ භාවිතය.
08. පංති කාමරයට අදාළ බාහිර පරිසරය සකස් කිරීම.
සංජානනය (ඡුෑඍක්‍ෑඡුඔෂධභ*
ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක කර ගැනීම සඳහා ඉතා වැදගත් වන සාධකයකි, සංජානනය. ගෙස්ටෝල්ට්වාදීන්ට අනුව අපගේ සංජානන ක්‍ෂේත‍්‍රය නිත්‍ය වශයෙන්ම සංවිධානය වූවකි. අප යමක් දකින කල්හි, අසන කල්හි ඉන්‍ද්‍රීය මට්ටමේ සංවිධානයක් ඇති වේ. යමක් හඳුනා ගන්නා විට, නම් කරන විට වඩා ඉහළ තත්ත්්වයක සංවිධානයක් ඇති වේ. අප සංජානනය කරනුයේ සංවිධානය වූ සමස්තයකි. අප සංජානනය කරන රටාවන් හා ඊට සංවේදී වන මොළයේ ප‍්‍රවර්තන අතර සමාන බවක් ඇති බව ඔවුන්ගේ මතය යි. එය කිසියම් ප‍්‍රදේශයක් හා එය දක්වන සිතියම අතර ඇති සමරූපතාව බඳු යයි ඔවුහු දැක්වූහ. අපගේ සංජානන රටාවන්ට සරල බවක් සම්පූර්ණ බවක් හා ක‍්‍රමවත් බවක් ගැන්වීමේ ප‍්‍රවණතාවක් ඇති බව ගෙස්ටෝල්ට්වාදී මතය යි. හොඳ දෘෂ්‍යමය වශයෙන් ප‍්‍රමාණවත් ගෙස්ටෝල්ටය සමරූපී බවින් හා ස්ථාවර බවින් යුතු ය. මෙසේ ගෙස්ටෝල්ට්වාදීන්ට අනුව විද්‍යමාන යමක් සැලකිය යුත්තේ සමස්තයක් වශයෙනි.
මේ ක‍්‍රමයේදී ජීවියා සිය පරිසරය සංවිධානය කිරීම හා ප‍්‍රතිසංවිධානය කිරීම නිරතුරු සිදු කරයි. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය මගින් ඉගෙනීම සිදු වේ. එය සිදු වන්නේ ප‍්‍රතිවේද ඉගෙනුමක් ලෙසයි. අප සංජානනය කරන්නේ සංවිධානය වූ ක්‍ෂේත‍්‍රයකි. කිසියම් රටාවකින් යුතු ක්‍ෂේත‍්‍රයකි. සංජානනය කරන දේ මොළය හා ස්නායු පද්ධතිය මගින් නිරායාසයෙන් සාංවිධානය කර සංජානනය කරනු බවයි. ඒ නිසා සමස්ත රටාවම සංජානනය වේ. ගෙස්ටෝල්ට්වාදීන් දැක්වූ සංවිධාන නියමයන් කිහිපයක් මෙසේ දැක්විය ඇකි ය.
01. රූප පිටුතල සංජානනය
02. සමූහිකරණය
03. සංවෘතිය
01. රූප පිටුතල සංජානනය -
කිසියම් සටහනක් පිටුතලයක තිබෙන රූපයක් ලෙස දැකිමේ නම්‍යතාවකි. රූප පිටුතල සංජානනය මිනිසුන්ට මෙන්ම සතුන්ට ද ඇති බව පෙනී ගොස් ඇත. සාමාන්‍යයෙන් අපට රූපය පෙනෙනුයේ පිටුතලයට මදක් ඉදිරියෙන් තිබෙන්නාක් මෙනි.
රූපය පසුබිමට වඩා හොඳින් කැපී පෙනේ. එම නිසා රූපය පසුබිමෙන් වෙන් කොට සංජානනය කිරීම ඉබේ සිදු වනනකි. අපට කුමන දෙයක් වූව ද පෙනෙනුයේ පසුතලයක් හා රූපයකින් යුතුවය. සමහර රූපවල රූපයත් පසුතලයත් වරින් වර මාරු වී පෙනේ. වරෙක රූපය ලෙස පෙනෙන දෙය වරෙක පසුතලය ලෙස පෙනේ. ඉහත රූපය දෙස බැලීමෙන් මෙම කරුණ සනාථ කොට ගත හැක. මෙය ශ‍්‍රව්‍යයේදී ද සිදු වෙයි. අනෙකුත් පසුබිම් ආදිය ඇසෙමින් තිබියදී පක්‍ෂියෙකුගේ මිහිරි නාදය ඒ තුළින් අපට ඇසෙන්නේ ඒ ආකාරයෙනි.
02. සාමූහිකරණය -
සංජානනයේ තවත් සංවිධාන ලක්‍ෂණයකි සාමූහිකරණය. වෙන් වෙන්ව ඇති රූප එක්කොට සාමූහිකරණය කොට දැකීමේ හැකියාවක් ඇත. යම් රූපයක දක්නට ලැබෙනුයේ ඉරි කෑලි කිහිපයක් හෝ තිත් කිහිපයක් හෝ වූව ද ඒවා එකට එක් කර බැලීම සිදු වෙයි. අප දකින දේවල්, අහන දේවල් සාමූහිකරණය කර බැලීමේ ඇසීමේ ප‍්‍රවණතාවයක් අප වෙත වන බව ගෙස්ටෝල්ට්වාදීහු දැක්වූහ. සමස්ත රූපය, කොටස්වලින් වෙනස්ය යන ගෙස්ටෝල්ට් සංකල්පය මෙමගින් ද තහවුරු කෙරේ. සාමූහිකරණය සිදුවනුයේ යම් යම් සාධක හා මූලධර්ම මුල් කරගෙන ය. ඒවා නම්
01. සමීපතා න්‍යාය
02. සාම්‍යතා න්‍යාය
03. සමමිතිය න්‍යාය
04. සන්තතිය න්‍යාය
ලෙස දැක්විය හැකි ය.
සමීපතා න්‍යාය
⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆ ⋆⋆⋆
මෙම තරු අප දකිනුයේ කෙසේ ද? ඒවා වෙන වෙනම ද? එසේ නැතිනම් සියල්ල එකටම ද? එසේත් නැතිනම් තරු තුන බැගින් වන කොටස් ලෙසට ද? සමීපතා න්‍යාය අනුව මෙහිදී තරු තුන බැගින් වෙන වෙනම සාමූහිකරණය කර දක්වමු.
සාම්‍යතා න්‍යාය
මෙහි සමාන වූ සලකුණු ප‍්‍රමාණයක් පහත I හා II රුප සටහන්වල වේ. එහෙත් අප එම දෙක දකිනුයේ දෙවිධියකට ය. II රූපයෙහි තිරස් අතට රවුම් සහ කතිර පේළි සාමූහිකරණය කරන අපි (II* රූපයේ දී සිරස් අතට කතිර සහ රවුම් පේළි සාමූහිකරණය කරමු.
0000 X0X0X
XXXX X0X0X
0000 X0X0X
00 XXXX X0X0X
01 (I* (II*
02
03 සමමිතිය න්‍යාය -
04 කිසියම් රූපයක ඇති නිවැරදිතාවක් සකසා ගැනීමට අපි උත්සාහ ගනිමු. අන් සාධක නැතත්, අවුල් ව තිබෙන ලක්‍ෂණ අතුරෙන් කිසියම් සටහනක් සකසා ගැනීමට තැත් කිරීම යි. අපිළිවෙලට පිහිටුවා ඇති තිත්වලින් අපි තාරකාවක් දකිමු. තාරකා කිහිපයක් යා කොට රූපයක් දකිමු.
05
06
07 සන්තනි න්‍යාය -
08 කිසියම් දෙයක අවිච්ýන්නතාවක්, එක දිගට ගලා යන ස්වභාවයක් ඇත්නම් ඒ සියල්ල එකට ගෙන සලකා බැලීම සන්තති නියමය යි.
09
10 03. සංවෘතිය -
11 විවෘතව ඇති හෝ සම්පූර්ණ නොකර ඇති හෝ රූපයක් සම්පූර්ණ කර දැකීමේ, හෝ ආවෘත කර දැකීමේ යොමු වීමක් අප තුළ වේ. රූප පුර්ණ ලෙස දැකීමේ කැමැත්තක්, ආශාවක් අප තුළ වේ. ක්‍ෂණයකින් දර්ශනය වී ඉවත් කළ රූපයක් වූව ද සම්පූරණ කර දැකීමේ හැකියාවක්, යොමුවීමක් මනසෙහි වේ.
12 මේ අයුරින් සංජානනය පිළිබඳ ගෙස්ටෝල්ට් මතය මගින් ඉදිරිපත් කරන අදහස් ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියාවලිය හසුරුවා ගැනීමෙහි ලා උපකාරී කර ගත හැකි ය. සංජානනය ඉගෙනීමට බලපාන ආකාරය පිළිබඳ විමසීමේදී එය ඉතා වැදගත් වන බව පෙනේ. පරිසරයේ තෝරාගත් යම් දෙයක් කෙරෙහි අවධානය යොමු කිරීමෙන් පසු තම ඉන්ද්‍රියයන් මගින් ඒ දෙය දැන ගැනීම සංජානනය යි. ලෝකයේ තිබෙන දෙයක් තමන්ටම දැනෙන ආකාරය, හැෙ`ගන ආකාරය සංජානනය යි. සංජානනය කෙරෙහි බලපාන සාධක කොටස් දෙකකට වෙන් කළ හැකි ය.
13
14 01. විෂය බද්ධ සාධක
15 02. පුද්ගල නිශ‍්‍රිත සාධක
16
17 01. විෂය බද්ධ සාධක -
18 ප‍්‍රමාණය හා හැඩය මගින් විවිධ ලෙසින් සංජානනය සිදු වෙයි. නිදසුන් ලෙස දුරින් සිටුන පුද්ගලයෙකු කුඩා ලෙස දිස්වීම පෙන්වා දිය හැකි ය. වෙනත් ප‍්‍රබෝධකයන්ගේ බලපෑම නිසා ද සංජානනය සිදු වෙයි. එක සමාන රේඛා දෙකක කෙළවර ඇති කෙටි ඉරි නිසා එහි දිග සමාන නොවන ලෙස දිස් විය හැක.
සමාන්තර රේඛා හරස් රේඛා නිසා සමාන්තර නොවන ලෙස දිස්වීම පෙන්වා දිය හැක. ගෙස්ටෝල්ට් සංජානනයට අනුව මොළයට ඉන්ද්‍රීයයන් මගින් ලැබෙන සංවේදන නොහොත් සංජානන සංවිධානය කර ගැනීමේදී බලපාන මූලධර්ම කිහිපයකි.
01. සමානත්වය - සමානබව - සමරූපී බව
02. සමීපබව - ආසන්නතාව
03. අවිච්ýන්නතාව
04. පූර්ණබව
05. අවසන්බව
02. පුද්ගල නිශ‍්‍රිත සාධක -
අත්දැකීම්, අවශ්‍යතා, සමාජ ඇගයීම් චිත්ත රූප නිරූපණය අනුව සංජානනය වෙනස් වේ.
සංජානනය යනු සංවේදනයටන් ඇති වන වින්දනය තුළින් හට ගන්නා සිතුවිලි ය. සංවේදී සංවේදන ගණනාවක් එක් සිතුවිල්ලක් හෙවත් සංඥාතයක් තුළ ගොනු කරනු ලැබේ. මනස සංවේදනය මගින් විඳ ගනියි. එසේ විඳ ගන්නා බව මනස දැන ගන්නේ සංජානනය මගිනි. බිළිඳකුගේ සංජානනය දුබල ය. ඔහු මදින් මද අත්දැකීම් ලබත්ම, සංඥාත ඇති කර ගනිමින් සංජානන ක‍්‍රියාවෙහි සමත්කම ලබයි. සංවේදනය මගින් ඔහු හෝඩියේ අකුරු හඳුනා ගනියි. අකුරු වලින් වචන හා වාක්‍ය තනනු ලබන්නේ සංජානනය මගිනි. මෙසේ බ, ළ, ලා යන අකුරු සංවේදනය සංකේතවවත් කරයි. ‘බළලා’ යන වචනය ඒ දෙයෙහි සංජානනය සංකේතවත් කරයි. සැබෑ චින්තනය හෙවත් දැනුම පිළිබඳ පරිපුර්ණ ක‍්‍රියාවලිය ඇරඹෙන්නේ සංජානනය සම`ග ය. අත්දැකීම් වැඩි වන තරමට සංජානන හැකියාව වැඩි වේ. අපගේ සංජානන ශක්තීන් පුහුණු කර වර්ධනය කර ගැනීම අතිශයින් වැදගත් ය. කවර හෙයින් ද යත්, අපගේ අධ්‍යාපනය වැඩි වශයෙන් අපගේ සංජානන හැකියාව මත ර\ පවතින බැවිනි.
යමෙකුගේ ප‍්‍රායෝගික දැනුම් සංචිතය සංවර්ධනය වූ සංජානනය මත බෙහෙවින්ම ර\ පවතින අතර, ඔහුගේ සාර්ථකත්වය ර\ පවතින්නේ ඒ හැකියාවන් මත ය. ව්‍යාපාරික සහ වෘත්තීය ජීවිතය තුළ සාර්ථක පුද්ගලයකු වන්නේ, සංජානන හැකියාව වර්ධනය කර ගත් පුද්ගලයා ය. එනම් නිරීක්සීමට පසක් කර ගැනීමට හා මානසිකව ‘සටහන් තබා ගැනීමට’ හැකියාව ලද පුද්ගලයා ය. ‘පොත් ලොවේ’ ජීවත් වීම, බොහෝ විට නිරීක්‍ෂණය සහ සංජානන හැකියාව දුබල වීමට හේතු වන බව පෙනේ. අභ්‍යාසය මගින් සංජානන හැකියාව වර්ධනය කළ හැකි ය. විශ්ලේෂණය කිරීම අවශ්‍ය වන ඕනෑම ඉගෙනුමක් හෝ රැුකියාවක් සංජානන හැකියාව වර්ධනය කරනු ඇත. පුද්ගලයෙකු ලබා ගන්නා හොඳම දැනුම ඔහු පෞද්ගලික සංජානනය මගින් ලබා ගන්නා දැනුම වේ. සෑම ජීවනෝපාය මාර්ගයක් සඳහාම ඉතා හොඳ සංජානනයක් ලෝකයට අවශ්‍ය වී ඇත. දරුවන්ගේ අධ්‍යාපනයේදී සංජානනය නමැති හැකියාව නොමඳ අවධානයට යොමු විය යුතු ය. මන්ද ඔවුන්ගේ ඉගෙනීම් ක‍්‍රියාලිය සඳහා එය බෙහෙවින් බලපාන බැවිණි.
මතකය (ධාරණය/ස්මෘතිය* ඵෑඵධඍශ
මතකය අද පාසල්හි ඉගෙන ගන්නා දරුවන්ගේ වැදගත් අංගයක් වී ඇත. විභාගයකට පෙර ශිෂ්‍යයන්ට උගත් දේ අමතක වී ඇති බවත් එම නිසා විභාගයට පෙනී සිටීම ප‍්‍රතික්‍ෂේප කරන සැටිත් බහුලව දක්නට ලැබෙන කාරණයකි. විභාග ප‍්‍රශ්න පත‍්‍රවල ද ස්මරණය ඇගයීමට සුවිශේෂී ස්ථානයක් වී ඇත. ඒ නිසා කට පාඩම් කිරීම සෙසු දරුවෝ අගය කරති. මේ නිසා ස්මරණය හෙවත් මතකය පිළිබඳ යම් අවබෝධයක් ගුරුවරයාට තිබිය යුතු ය. ස්මරණය ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකි. මේ පිළිබඳව පරීක්‍ෂණ රාශියක් මනෝ විද්‍යාඥයින් විසින් කර ඇත. ඒ අනුව ස්මරණ ක‍්‍රියාවලියේ අංශ තුනක් ඇත. එනම් ආකේතනය (ැබජදාසබට*, ගබඩා කිරීම(ිඑදරසබට*, හා සිහි කැඳවීම(රුඑරුඩසබට* වේ.
ආකේතන අවස්ථාවේදී යම්කිසි දෙයක ලක්‍ෂණ හඳුනා ගනු ලැබේ. වසු පැටියෙක් ද, මුවෙක් ද මේ ‘ද’ අක්‍ෂරය ද නැත්නම් ‘ආ’ අක්‍ෂරය ද වශයෙනි. මතකයේදී ආකේතනය නිරීම ප‍්‍රථම පියවර වේ. ඊට පසු ගබඩා කර ගත යුතු ය. මෙය ඉතා වැදගත් වේ. යමක් ගබඩා කිරීම සිදු නොවේ නම් එය මතකයට නැගීමට සිහි කැඳවීමට නොහැකි ය. යම්කිසි පුස්තකාලයක් පොත් රාශියක් අපිළිවෙලට ගොඩගසා තිබේ නම් අවශ්‍ය පොතක් සොයා ගැනීම පහසු නැත. අප දැනීම ගබඩා කරන්නේ අපගේ පූර්ව අත්දැකීම් මත යි.
ආකේතනය, ගබඩා කිරීම, සිහි කැඳවීම අපගේ අත්දැකීම් මත කුමන අයුරකට එම දැනීම තබාගත යුතු ද යන්න මත ර\ පවතින අතර එය විවිධ අයුරින් කළ හැකි ය. ආකේතනය, ගබඩා කිරීම හා නැවත මතකයට නැගීමේ ක‍්‍රියාවලි තුනම එකිනෙක අතර අන්තර් සමබන්ධතා ඇති කර ගනියි. අප එක් වේලාවක උගත් දේ තවත් වෙලාවක අවශ්‍ය වේ. මනසට තමාගේ මතකයේ තැන්පත් වී ඇති දැනීම ගැන පුදුමාකාර අවබෝධයක් ඇත. ඒ අනුව යම් කිසි තැන්පත් දැනුමක් ලබා ගැනීමට අපගේ ස්මරණය පිරික්‍ෂීම අවශ්‍ය ද නැද්ද යන්න ගැන නිගමනය කළ හැක. එම නිසා නිරපරාදේ කාලය හා ශ‍්‍රමය නාස්ති කර දැමීමක් සිදු නොවේ. ඉගෙනීම් ක‍්‍රියාවලියේදී මෙය ඉතා වැදගත් වේ. මනෝ විද්‍යාඥයන් ස්මරණ ක‍්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ එක`ගතාවක් දරන මතයක් තිබේ. එනම් ඉන්ද්‍රීය ස්මරණය, කෙටි කාලීන ස්මරණය හා දීර්ග කාලීන ස්මරණය ගැන වේ. මේ සෑම ක‍්‍රියාවලියක්ම තොරතුරු ගබඩා කිරීම හා මතකයට නැගීමේ ක‍්‍රියාවලිය හා සම්බන්ධ වේ.
ඉන්ද‍්‍රීය ස්මරණය -
ස්මරණ ක‍්‍රියාවලියේදී ඉන්ද්‍රියමය තොරතුරු යමක් සංජානනය කර මතකයට නගා විනිශ්චය කිරීමට ඇති කාල සීමාවකට එය ආරක්‍ෂා කරයි. ඉන්ද්‍රියමය තොරතුරු සෑම ඉන්ද්‍රියයකින්ම සපයයි. එයින් ශ‍්‍රවණය හා දෘෂ්‍ය ඉන්ද්‍රීයයන් ගැන පර්යේෂණ සිදු කර ඇත. දෘෂ්‍ය තොරතුරු තත්පරයකට අඩු කාලයක් ර\ පවතී. (සජදක* ශ‍්‍රවණ තොරතුරු තත්පරයක් හෝ ඊට අඩු කාලයක් ර\ පවතී. ඊට දෝංකාරය, ප‍්‍රතිරාවය(ැජයද* යයි කියනු ලැබේ. යම් කිසි තොරතුරකට අවධානය යොමුකර එය හඳුනාගෙන කෙටි කාලීන ස්මරණයට යැවිය හැකි ය. එම නිසා එකම මොහොතේ සිද්ධින් ගණනාවකට අවධානය යොමු කළ හැකි ය.
කෙටි කාලීන ස්මරණය -
මේ ක‍්‍රියාවලියේදී ඉගෙන ගත් සීමා සහිත තොරතුරු රැුසක් ස්මරණය තත්පර තිහකට වැඩි කාලයක් ර\ පවතී. වැඩියෙන් පුනරීක්‍ෂණ කිරීමෙන් මීට වඩා කාලයක් තොරතුරු ර\ පවත්වා ගැනීමට හැකි වෙයි . එසේ නොකළ හොත් ස්මරණය නැති වීම ක්‍ෂණයකින් සිදු වෙයි. කෙටි කාලීන ස්මරණයට ද තොරතුරු සීමා සහිත ප‍්‍රමාණයක් පමණක් ර\ පවත්වා ගැනීමට හැක. එය සම්බන්ධ නැති සිද්ධින් හා පහටත් හතටත් අතර අක්‍ෂර සංඛ්‍යා ආදී ප‍්‍රමාණයකි. එක්තරා සම්බන්ධතාවක් ඇති සිද්ධීන් පිළිබඳ මීට වැඩි හැකියාවක් වර්ධනය කළ හැක. වචන හතකට වැඩි අර්ථවත් වාක්‍යයක් මතකයේ තබා ගැනීමට පහසු වේ. කෙටිකාලීන මතකය වුවමනාවට වඩා තොරතුරු වලින් අධික වූවහොත් සමහර තොරතුරු යාමට බැහැරට සිදු වේ. අලූත් තොරතුරුවලට තැනක් දීමට පැරණි තොරතුරු ඉවත් කරනු ලැබේ. කෙටි කාලීන ස්මරණය සීමා සහිත වුව ද එහි තැන්පත් තොරතුරු පහසුවෙන් මතකයට ලබා ගත හැක.
කෙටි කාලීන ස්මරණයේ යමක් ර\ පවත්වා ගැනීමට නම් එය ක‍්‍රියාත්මකව පුනරීක්‍ෂණය කළ යුතු යි. එහෙත් එය වනපොත් කිරීම ඵල නැති වෑයමක් වේ. නැවත නැවත කීම නතර වූ මොහොතේම එය අමතක වේ. මෙහිදී ස්මරණය වර්ධනය වන්නේ නැත. තොරතුරු කෙටිකාලීන ස්මරණයේ තිබීම පමණක් සිදු වේ. කෙටි කාලීන ස්මරණය දෝංකාරය නිසා අර්ථය අනුව නොව ශබ්දය අනුව ගබඩා වේ. පරීක්‍ෂණ මගින් පෙන්වා දෙන වැදගත් සිද්ධාන්තයක් නම් වැරදි ලෙස අක්‍ෂර කියවන්නේ, ශබ්දය නිසා ඇති වන ව්‍යාකූලතාවය නිසා බව ය. වචන වෙනස්ව පෙනුණත් විවිධ අරුත් ඇතත් ශබ්දය එක හා සමාන වන නිසා මෙසේ වැරදි සිදු වේ. ව, ම යන අක්‍ෂර දෙක කියවීම වැරදි ලෙස සිදු වේ. නමුත් ව, ට කියවීමේදී එය සිදු නොවේ. මේ අනුව මතකය ඉගෙනුම් ක‍්‍රියාවලිය සඳහාත් ඉගැන්වීම් ක‍්‍රියාවලිය සඳහාත් සාර්ථකව භාවිත කළ හැකි අයුරු වටහා ගත හැක.
දීර්ඝ කාලීන ස්මරණය -
දීර්ඝ කාලීන ස්මරණයේ ස්ථාවරය මෙයින් තොරතුරු නැවත ලබා ගැනීම පහසු නැත. එහි ගබඩා වී ඇති තොරතුරු වෙත පහසුවෙන් ප‍්‍රවේශ විය නොහැකි බැවිනි. එය මතකයට නගා ගැනීමට අදාල ඉ`ගි සොයා ගත යුතු ය. මෙසේ මතකයට නැගීමට අපහසු වන්නේ අප ජීවිතයේ ලබා ඇති විශාල අත් දැකීම් සම්බාරය කෙටි කාලීන ස්මරණයෙහි ගබඩා වී ඇති නිසා ය. සිද්ධීන්, අත්දැකීම්, කරුණු, අදහස්, විශ්වාස, චාලක කුසලතාවය ආදී සියල්ලම එහි ගබඩා වී ඇත. දීර්ඝ කාලීන ස්මරණයේ තොරතුරු වුවමනාවට වඩා ගබඩා වෙයි යන අවධානමක් නැත. එක් මනෝ විද්‍යාඥයෙක් පවසන අන්දමට එහි හැකියාව 1000,0000,000,000,000 වේ. මෙම සුවිශාල දීර්ඝකාලීන මතකය නමැති පුස්තකාලය ප‍්‍රයෝජනයට ගැනීම සඳහා අත්දැකීම් සංවීධානය කිරීමේ සැළැස්මක් තිබිය යුතු ය. එසේ නැතිනම් ගබඩා වී ඇති දැනුම නැවත් මතකයට නගා ගැනීමට නොහැකි වෙයි. එම නිසා දීර්ඝ කාලීන ස්මරණය පිළිබඳව යමක අර්ථය ඉතාම වැදගත් වේ. අර්ථය පිළිවෙල සපයන බැවිණි. දිර්ඝ කාලීන ස්මරණය කෙරෙහි අර්ථය දෙයාකාරයකින් බලපායි. සිද්ධීන් පිළිබඳ ස්මරණය ගැන සැළකීමේදී යම් විශේෂ සිද්ධියක් මෙන් අත්දැකීමක් කවදා කොහි සිදු වුණා ද යන ආකාරයට මතකයේ තබා ගනු ලබයි. කරුණු මතකයේ ගබඩා කිරීම මීට වෙනස් ය. එළාර රජු ශ‍්‍රී ලංකාව ආක‍්‍රමණය කිරීම පිළිබඳ කරුණු මතකයේ ගබඩා කරන්නේ මාස දින අරමුණු ආදිය අනුවය. මෙයට ශබ්දාර්ථ ස්මරණය යැයි කියනු ලැබේ. සිද්ධින් පිළිබඳ ස්මරණයෙන් ශබ්දාර්ථ පිළිබඳ ස්මරණය නිරන්තරයෙන් එකිනෙක අතර සබඳතාවයකින් ක‍්‍රියා කරයි. සාමාන්‍යයෙන් ශබ්දාර්ථ ස්මරණයටම ප‍්‍රවිෂ්ට වීම පහසු ය. වන පොත් කිරීමේන් යමක් කෙටි කාලීන ස්මරණයේ තැන්පත් කිරීමක් පමණක් සිදු වේ. යම් දැනුමක් දිර්ඝ කාලීන ස්මරණයට මාරු කිරීමට නම් නැවත නැවත පුනරීක්‍ෂණය කළ යුතු ය. ඉතා ගැඹුරු ක‍්‍රියාවලියක් අනුගමණය කළ යුතුයි. දීර්ඝකාලීන ස්මරණයේ ඇති පූර්ව තොරතුරු හා සම්බන්ධ කිරීමෙන් එය ඉටු කර ගත හැක. අලූත් අත්දැකීම් මීට ගබඩා කර ඇති තොරතුරු සමග සම්බන්ධ කිරීමෙන් වඩාත් හොඳින් මතක තබා ගත හැකි ය. මේ අනුව ඉගෙනීම් ක‍්‍රීයාවලිය වඩාත් සාර්ථක කර ගැනීමට මතකය ප‍්‍රයෝජනයට ගත හැකි ආකාරය පැහැදිලි වේ. ස්මරණය ගැන පරීක්‍ෂණ රාශියක් කර ඇත. ඒ අනුව ඉගෙන ගත් දේ මතකයේ රඳවා ගැනීමට ක‍්‍රම ගණනාවක්ම ඉදිරිපත් කර ඇත.
ීූ3ඍ ක‍්‍රමය
මෙය ඉතා පහසුවෙන් අනුගමණය කළ හැකි ක‍්‍රමයකි. මෙම ක‍්‍රමය පියවර පහකින් යුක්ත වේ.
01. සාමාන්‍යයෙන් බැලීම, සමාලෝචනය කිරීම
02. ප‍්‍රශ්න කිරීම
03. කියවීම
04. හ`ඩ නගා කියවීම
05. විචාරීම
මෙම කරුණු පහ තුළින් ඉගෙනුම් ක‍්‍රියාවලිය වඩාත් සාර්ථක ලෙස සිදු කර ගත හැක. එසේම අවධානය මතකය සඳහා බලපායි. ඉගෙනුම් ක‍්‍රියාවලිය පමණක් නොව ඉගැන්වීම් ක‍්‍රියාවලිය ද වඩාත් සාර්ථක කර ගැනීම කෙරෙහි මතකය අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. අපට සංජානනය වන තොරතුරු මතකය මගින් යලි ආවර්ජනය වන ආකාරය පහත රූප සටහනෙන් අවබෝධ කළ හැකි ය.
අමතක වීමට බලපාන සාධක
01. කාලය
02. ස්මෘති ලාංඡුන අමතක වීම
කලින් ඉගෙන ගත් දේ පසුව ඉගෙන ගත් දේ මත අමතක වේ. එවිට දෙකම අමතක වේ. අමතක වීම පිළිබඳ ජීව විද්‍යාත්මක හේතු ගණනාවක් පෙන්වා දී ඇත. මොළය ස්නායු ශෛල වලින් සැදී ඇති නිසා ඒවාට රසායනික පදනමක් ඇත. එහෙයින් ජෛව ක‍්‍රියා දුබල වුවහොත් අමතක වීම සිදු විය හැක. අමතක වීමට රසායනික ප‍්‍රතික‍්‍රියා හේතු වේ. බුද්ධිය හා මතකය අතර සබඳතාවක් ඇති බව ‘ගාර්ඞ්නර්’ නමැති විද්‍යාඥයා පෙන්වා දී ඇත. මිනිසුන්ට බහුවිිධ බුද්ධියක් ඇත. බුද්ධියේ ප‍්‍රභේද කිහිපයක්ම දැකගත හැකි ය. ගතිකමය බුද්ධිය, කායික චාලක බුද්ධිය, සෞදර්යාත්මන බුද්ධිය, අවකාශී බුද්ධිය ආදී වශයෙනි. ආබාධ තත්ත්ව හා අනතුරු, රෝග අමතක වීමට හේතු සාධක වේ. මේ සඳහා ප‍්‍රවේණික හේතු ද බලපාන බව පෙනේ. ජාන විකෘති වීමෙන් ඇති වන පුද්ගලයන්ගේ මොළය තුළ අසාමාන්‍ය තත්ත්වයක් ඇති වේ. මෙසේ වූ විට උපතින් මතක ශක්තිය අඩු වේ.
අමතක වීම අවම කිරීමට කළ හැකි දෑ
01. ආත්ම ගායනාව ( තමාටම පැවසීම*
02. අධි ඉගෙනුම
03. තර්කානුකූල ඉගෙනීම
04. පුනරීක්‍ෂණය
05. සමස්ත ඉගෙනුම
ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය
අතුකෝරාල දයා රෝහණ, අතුකෝරාල නිමලා හේළි, අධ්‍යාපන මනෝවිද්‍යාව හා ගුරුවරයා, 2000, ශික්‍ෂා මන්දිර ප‍්‍රකාශන, පානදුර
ඇට්කින්සන් විලියම් වෝකර්, ප‍්‍රායෝගික මනෝ විද්‍යාව:, මිනිස් මනසේ මහිමය, (පරි* ලීලානන්ද ගමාරච්චි, 2000, ඇස් ගොඩගේ සහ හෝදරයෝ, කොළඹ 10
මුතුලිංගම් එස්, අධ්‍යාපන මනෝවිද්‍යාව සහ මිනුම්, (සංස්*ඞී.එස්.රණවක, 1979, ථස් සදාසිව ප‍්‍රකාශන, කොළඹ 06
සේනාධීර සිලිවි, හේමා පතිරණ චිත‍්‍රාංගනී, ඉගෙනුම් ඉගැන්වීම් ක‍්‍රියා සාර්ථකත්වය සඳහා ගුරු නිපුණතා, 2002, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10
ෆොන්සේකා ලාල්, ඵලදායී අනාගත පරපුරක්, 2006, සදීපා ප‍්‍රකාශන, කොළඹ