UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු

Thursday, December 12, 2013

අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු

අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු සිංහල සාහිත්‍ය වංශයෙහි ශක්තිමත් ශාඛාවක් ලෙස ව්‍යාඛ්‍යාන සාහිත්‍ය දැක්විය හැකිය. ව්‍යාඛ්‍යාන යන්න වි+ආ+ඛ්‍යා ධාතුවෙන් නිෂ්පන්න වී ඇත. ව්‍යාඛ්‍යාන යන්න සංස්කෘත භාෂාවෙන් සිංහල පැමිණි වචනයකි. (ව්‍යාඛ්‍යාන ඝ වියඛමිඝ වියක්හන් ඝ වියැකැන් ඝ ව්‍යාඛ්‍යාන* ‘‘ව්‍යාඛ්‍යාන යන්නෙහි සරල අර්ථය විවරණ යන්නයි.’’ ඒ අනුව ව්‍යාඛ්‍යාන යන්නෙන් අදහස් කරන්නේ මූල ග‍්‍රන්ථයකට අර්ථ විවරණ සැපයීමයි. ව්‍යාඛ්‍යාන යන්න ශබ්ද කෝෂවල අර්ථ ගන්වා ඇත්තේ මෙලෙසිනි. සුමංගල ශබ්දය- ‘‘ව්‍යාඛ්‍යාන- අර්ථ විවරණය, ග‍්‍රන්ථයක අර්ථ පැහැදිලි කිරීමට ලියූ සන්නය, විස්තර කථනය’’ සිංහල ශබ්ද කෝෂය- ‘‘ව්‍යාඛ්‍යාන- අර්ථ පැහැදිලි කිරීම, මූලාශ‍්‍ර අන්වාගත පදයන්හි අවබෝධයේ පහසුව පරිදි තේරුම පැහැදිලි කිරීම’’ යනාදී වශයෙනි. මෙහිදී සමස්ත නිර්වචන අධ්‍යයනයේදී ව්‍යාඛා්‍යාන යන්නෙන් අර්ථ ගන්වා ඇත්තේ විශේෂයෙන් විස්තර කිරීම, අර්ථ ගැන්වීම, පැහැදිලි කිරීම යන අරුත්ය. ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථ ප‍්‍රධාන වශයෙන් කොටස් පහකට වර්ගීකරණය කරයි. එනම්, x සන්න x ගැටපද x පරිකථා x පිටපොත් x විනිස x සන්න ‘‘සන්න යනු මූල ග‍්‍රන්ථයක පදගතාර්ථ තේරුම් දැක්වීම වඩා පුළුල් වූද, සාහිත්‍යමය වූද, ව්‍යාඛ්‍යාන අංගයකි.’’ උදා-: වෙසතුරුදා සන්නය, ධම්මපද සන්නය, ජාතකකථා සන්නය, සුබෝධාලංකාර සන්නය, අභිදානප‍්‍රදීපිකා සන්නය x ගැටපද හෙළටුවා නැවත පෙළටුවාවට නැගීමෙන් පසු එහි දුරවබෝධ නැතිකරනු පිණිස කරන ලද අර්ථ ව්‍යාඛ්‍යාන ගැටපදයි. උදා-: ‘‘විනය ගැටපදය, උමංදා ගැටපදය, රූපසිද්ධි ගැටපදය’’ x පරිකථා මුලාශ‍්‍රයක දුරවබෝධ පදවල විස්තරාර්ථ දක්වන්නේ පරිකථා ම`ගින්ය. ‘‘යම්කිසි ග‍්‍රන්ථයක් ඇසුරු කරගෙන යම් විෂයක් පිළිබඳව කරන සංග‍්‍රහ ග‍්‍රන්ථය.’’ x පිටපොත් ‘‘මුල්කෘතිය අවබෝධ පහසු කරන ලද සටහන් පිළියෙල කොට පිටින් බැඳ ගැබූ පොත් විශේෂයකි. මෙහි මුල් කෘති හා ව්‍යාඛ්‍යානය එකට එකතු කර තිබීම විශේෂයකි.’’ උදා-: සිඛවළඳ විනිස පිටපොත, රූපසිද්ධි පිටපොත, කංඛාවිතරණී පිටපොත x විනිස ‘‘විනිස යනුවෙන් අදහස් කරන්නේ මුල් පාඨයක් හෝ ග‍්‍රන්ථයක් විමසමින් කැරුණු අර්ථ ව්‍යාඛ්‍යානකි. උදා-: ‘‘හෙරණසිඛ විනිස, සිඛවළඳ විනිස’’ එසේම ව්‍යාඛ්‍යාන යන නම කෘතිවල සඳහන් වී ඇත්තේ මෙලෙසිනි. ‘‘ගත් ව්‍යඛ්‍යන් කරන අඳුරක්හු ගත් පූභායෙහි පළමු තුනුරුවනට නමකර’’ ‘‘මෙහි ග‍්‍රන්ථිපද සහිතවැ ගාථා පදෙහි....’’ ‘‘තුන් මහා බෝධීන්ගේ වංශයෙහි සහස‍්‍ර රශ්මීන් විභක්ත පදයන් අතුරෙහි පරිකථානුකූලව පදගෙන වර්ණනා කරනු ලැබේ.’’ මෙහිදී ව්‍යාඛ්‍යාන යනු කවරක්ද යන බව මැනවින් සුඛාවබෝධ විය. අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ තුන්ලොවෙහි වැසි සියලූ සත්වයන් උදෙසා දේශිය සදධර්මය පිටකත‍්‍රයකට විභේදනය කරයි. එනම්, x සූත‍්‍ර පිටකය x විනය පිටකය x අභිධර්ම පිටකය වශයෙනි. මෙම පිටකත‍්‍රය අසුරෙන් සුවිශේෂී වන්නේ විනය පිටකයයි. (‘‘විනයෝ නාම බුද්ධසාසනස්ස ආයු’’ * (අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යයෙහි බහුලව දක්නට ලැබෙන්නේ විනය මුල් කරගත් ව්‍යාඛ්‍යානයන්ය.* මෙම ධර්මස්ඛන්ධය ලක්වැසි පහසට නතු වූයේ ක‍්‍රි:ව: තුන්වන සියවසයේ සිදු වූ මහින්දාගමනයෙන් පසුවය. ඒ අනුව ව්‍යාඛ්‍යාන බිහිවීමට ප‍්‍රධාන හේතු සාධකය වූවේ ලක්දිව බුදුදහම ස්ථාපිත කිරීමයි. එහිදී ශී‍්‍ර මුඛ දේශනාව මගධ භාෂාවෙන් රචනා වූ නිසාවෙන් එම ධර්මස්ඛන්ධයේ අවබෝධය පහසුව පිණිස සිංහල පරිවර්තනය කෙරිණි. ඒ බව මෙම උපැහැරණයෙන් පැහැදිලි වේ. ‘‘අත්ථප්පකාසනත්ථං අට්ඨකථා ආදිතො වසි සතෙහි පඤ්චහි යා සංගීතා අනුසංගීතා ච පච්ඡුාපි, සිංහදීපං පන ආරභථාපි වසිනා මහා මහින්දෙන ඨපිතා සීහල භාසාය සීහලදීප වසීනමත්ථාය.’’ (සුමංගල විලාසිනී අටඨකථාව* ‘‘මගධ බසින් වැටෙමින් ආ බුදු කැලි හෙළදිව අජුරො හෙළු බසින් තුබූහ.’’ ඒබැව් වංශකතාවල දක්වා ඇත්තේ මෙලෙසින්ය. ‘‘සීහලට්ඨකථා සුද්ධා- මහින්දේන සතීමතො කතා සීහල භාසාය- සීහළේසු පවත්තති’’ එසේම ලක්දිව ව්‍යාඛ්‍යාන බිහිවීමට ප‍්‍රධාන ධාරණා දෙකක් අටුවා ටීකා පරිශීලනයේදීද දක්නට ලැබේ. අටුවා මතය- ‘‘ඨපිතා සීහල භාසාය දීපවාසීන මත්ථාය’’ (බුදුගොස් හිමියන් පවසන්නේ දීපවාසීන්ගේ ප‍්‍රයෝජනය පිණිස පාලි අටුවා හෙළ බසින් තැබූ බවයි.* ටීකා මතය- ‘‘පච්ඡුා තම්බපණ්ණෙහි මහාථෙරෙහි නිකායාන්තර ලද්ධිසංකර පරිහරත්ථං සීහලභාසාය ඨපිතො’’ (අන්‍ය ලබ්ධීන්ගේ මතිමතාන්තරවලින් නිකාය විශ්වාසවලින් රැුකගැනීමට අටුවා හෙළු බසින් තැබූ බවයි.* මෙම මතද්වය විමර්ශන කිරීමේදී අටුවාචාරීන්ගේ මතය බොහෝ සෙයින් නිරවද්‍ය බව පැහැදිලි වේ. ඒ අනුව මහාවංශාදී මූලාශ‍්‍රය ම`ගින් අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන ආරම්භයට සේම සම්භවයටද හේතු වූ කාරාණා කවරේදැයි එළෙස සාක්‍ෂ්‍ය සැපයේ. අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවය අවධි තුනක් යටතේ අධ්‍යයනය කළ හැකිය. එනම්, 01. කි‍්‍ර:ව: තුන්වන සියවසයේ මහින්දාගමනයත් සම`ග පාලි ත‍්‍රිපිටකය සිංහලට නැගීම 02. කි‍්‍ර:ව: පස්වන සියවසයේදී බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනයත් සම`ග නැවත හෙළට ුවා පාලියට නැගීම 03. ක‍්‍රි:ව: අටවන සියවසයේදී පාලි අටුවාවලට සිංහල අටුවා සැපයීම යන කාරණා ත‍්‍රිත්වයයි. මෙම අවධි තුනේදීම සිදුවූවේ ව්‍යාඛ්‍යාන සම්භවයයි. ඒ අනුව එම කාරණා තුන වෙන වෙනම අධ්‍යයනය කිරීමේදී ඒබැව් තවදුරත් සුමට වේ. 01. කි‍්‍ර:ව: තුන්වන සියවසයේ මහින්දාගමනයත් සම`ග පාලි ත‍්‍රිපිටකය සිංහලට නැගීම ලංකාදීපය සංස්කෘතික පරිවර්තනයකට ලක් වූ යුගය මෙම යුගය වශයෙන් හැඳිවන් විය හැකිය. මහින්දාගමනයත් සම`ග සියලූ සංස්කෘතික කාරණාවන් වෙනස් වූවා සේම ලක්දිව සාහිත්‍යකරණයද ආරම්භ විය. ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේද ආරම්භක ප‍්‍රවණතාව හමුවන්නේ මෙම යුගයෙනි. එහිදී ලක්දිව බුදුසමය ස්ථාපිත වීමත් සම`ග සමස්ත ලක්වැසි සිව්වන පිරිසගේ සුඛාවබෝධය පිණිය මහින්ද මහරහතන් වහන්සේ විසින් පාලි ත‍්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරන ලදී. මෙම අවස්ථාව ලක්දිව ව්‍යාඛ්‍යාන ක‍්‍රමයේ ප‍්‍රාරම්භක ක‍්‍රියාවලියයි. ‘‘ලංකාවට ආ ධර්ම විනය පමණක් නොව අට්ඨකථා පවා සිංහලට පරිවර්තනය කෙරිණි.’’ මින්පසු එකළ රචිත අටුවා ග‍්‍රන්ථ කවරේදැයි විමසා බැලිය යුතුය. එම ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථ වර්තමානයේ විද්‍යමාන නොවුනද එහි නාමයන් පසුකාලීනව ලියු වූ සාහිත්‍ය කෘති ම`ගින් සොයාගත හැකිය. එහිදී ප‍්‍රධානතම හෙළටුවා ග‍්‍රන්ථ ලෙස x මහා අට්ඨකතා x මහා පච්චරිය අටඨකතා x කුරුන්දි අටඨකතා දැක්විය හැකිය. ‘‘බුද්ධඝෝෂ අටුවාවන්හි මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් වේ.’’ මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කළ ඊ.ඩබ් අධිකාරම් මහතා හෙළටුවා කෘති ගණනාවක් අනාවරණය කරයි. ‘‘මහා අට්ඨකතා හෙවත් මූල අට්ඨකථා මහා පච්චරිය අට්ඨකථා කුරුන්දි අට්ඨකථා අන්ධකට්ඨකථා සංඛෙපට්ඨකථා විනයට්ඨකථා සුත්තන්තට්ඨ කථා ආගමට්ඨකථා දීඝටඨ කථා මජ්ක්‍ධිමට්ඨකථා සංයුත්තට්ඨකථා විනයට්ඨකථා සුත්තන්තට්ඨකථා අභිධම්මට්ඨකථා සීහළමාතිකට්ඨකථා ජාතකට්ඨකථා අංගුත්තරට්ඨකථා’’ ඉන් කිහිපයකි. ඒ අනුව මෙම අවධිය තුළ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු ගණනාවක් දැකගත හැකිය. ඒවා අවබෝධයේ පහසුව පිණිස මෙලෙස දැක්විය හැකිය. එනම්  බුදුසමය හඳුන්වා දීම  ධර්මයෙහි අර්ථ පැහැදිලි කිරීම  නිකායාන්තර දුර්මතවලින් ආරක්‍ෂා කිරීමට  ධර්මයේ චිරස්ථතිය පිණිස  ධර්මය ඉගැන්වීම හා ඉගැන්වීමේ ක‍්‍රම හඳුන්වා දීම පිණිස  ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත බව  සාමකාමී සහජීවන පරිසරය  දේශපාලන බලපෑම  ආගමික පරිසරය යනුවෙනි. එම කාරණා වෙන වෙනම සාකච්ඡුා කිරීමේදී අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවය වූ ආකාරය මනාව පැහැදිලි කර ගත හැකිය.  බුදුසමය හඳුන්වා දීම ක‍්‍රි:ව: තුන්වන සියවසයේදී මහින්දාගමනයෙන් පසු ලක්දිව සංස්කෘතික පරිවර්තනයක් සිදු වූ බව අවිවාදයෙන් යුක්තව පිළිගත යුතු කාරණයකි. එහිදී සිදු වූ විශේෂතම සිදුවීම වන්නේ මිනිසාගේ නිදහස තහවුරු කරන බුදුදහම රටේ රජ්‍ය ආගම බවට පත් වීමයි. එහිදී එම ආගමෙන් මිනිසා තත්ත්වාකාරයෙන් දැනුවත් කිරීමට නම් පාලි භාෂාවෙන් රචිත ති‍්‍රපිටකය සිංහලට පරිවර්තනය කිරීමට සිදුවිය. එහිදී සිදුවූ හෙළටුවාකරණය අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන බිහිවීමට නැතහොත් සම්භවය වීමට එක් හේතුවක් විය.  ධර්මයෙහි අර්ථ පැහැදිලි කිරීම ලක්වැසියා බුදුදහම වැළඳ ගැනීමේ ප‍්‍රවණතාව වැඩිවීමත් සම`ග ධර්මයෙහි අර්ථ පැහැදිලි කිරීමේ අවශ්‍යතාවද වැඩිවිය. එමිදී මිහිඳු හිමියන් ත‍්‍රිපිටකය පෙළ බසට නැගුවා සේම ඒ සඳහා ලියවුණු අටුවාද සිංහලට නැගීම සිදු කෙරිණි.‘‘මහින්ද හිමියන් මේ ළැදිකමට පුරෝගාමීත්වය දුන්නේ දිපභාෂාවෙන් දේශනා කිරීමෙන් නොව, එයටත් වඩා පිටකයට කරන ලද අටුවා එම බසට පෙරළීමෙනි.’’ එහිදී බොහෝ පාලි කෘති සිංහලට නැගූ අතර ඒවායෙහි නාමයන් ඉහ ත මාතෘකාවේ පැහැදිලිව දක්වා ඇත.  නිකායාන්තර දුර්මතවලින් ආරක්‍ෂා කිරීමට බුදුසමය ලක්දිව පෝෂණය වීමත් සම`ග විවිධ මතිමතාන්තර ලබ්ධි ජන සමාජයේ මතුවිය. ඒ බැව් ටීකාචාරීන් දක්වන මතයන්ගෙන්ද පැහැදිලි වේ. ටීකා මතය- ‘‘පච්ඡුා තම්බපණ්ණෙහි මහාථෙරෙහි නිකායාන්තර ලද්ධිසංකර පරිහරත්ථං සීහලභාසාය ඨපිතො’’ (අන්‍ය ලබ්ධීන්ගේ මතිමතාන්තරවලින් නිකාය විශ්වාසවලින් රැුකගැනීමට අටුවා හෙළු බසින් තැබූ බවයි.* මීට අමතරව එම ජන සමාජයේ හින්දු විශ්වාස, මහායාන මතවාද, දේව යක්‍ෂ ඇදහිලි හා විශ්වාස, බමුණු මත, පවතින්න ඇත. එම මතවාදවලින් ලක්වැසියා ගලවා ගැනීමට සහ එම දුර්මතයන් බුදුදහමට එක්වීම නැතිකරනු වස් අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවය වන්නට එක් හේතුවක් වන්නට ඇත.  ධර්මයේ චිරස්ථතිය පිණිස ඕනෑම ආගමක් දර්ශනයක් යම් ආගන්තුක සමාජයක් තුළ ස්ථාපිත වීමට නම් එම භාෂාවට අනුගත විය යුතුය. ඒ සඳහා එම ආගමික ග‍්‍රන්ථ උක්ත භාෂාවට පරිවර්තනය විය යුතුය. අද දක්වා බුදු දහමේ චිරස්ථිතිය ලක්බිම තුළ ආරක්‍ෂා වීමට එක් හේතුවක් ලෙස ව්‍යාඛ්‍යාන සම්භවය දැක්විය හැකිය.  ධර්මය ඉගැන්වීම හා ඉගැන්වීමේ ක‍්‍රම හඳුන්වා දීම පිණිස බුදුදහම ලක්දිව ව්‍යාප්ත වීමත් සම`ග භික්‍ෂූන් වහන්සේලාගේ ප‍්‍රමාණයද ගණනින් වැඩි විය. එහිදී උන්වහන්සේලාට ඉගෙනීමට අධ්‍යපනික, ආගමික ආයතන (පිරිවෙන්* නිර්මාණය විය. එය පුරාවිද්‍යා මූලාශ‍්‍රයය ම`ගින් පැහැදිලි වේ. එම ස්ථානවල පාලි හා අටුවා වෙන වෙනම ඉගෙන ගත්බවද පසුව දෙකම මිශ‍්‍රව ඉගෙන ගත් බවද දීපවංශයේ සඳහන් වේ. ඒ සඳහා ධර්ම ග‍්‍රන්ථයන්හි අර්ථ සුඛාවබෝධයේ පහසුව, ඉගෙනීමේ ක‍්‍රම හඳුන්වා දීම ආදී කාරණා හේතු කොට ගෙනද අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවය වන්නට ඇත.  ආර්ථික වශයෙන් ස්වයං පෝෂිත බව බුදුදහම ලක්දිවෙහි ව්‍යාප්ත වීමත් සම`ග කෘෂි කර්මාන්තයට ප‍්‍රමුඛස්ථානයක් හිමිවිය. එම`ගින් සිදු වූ ප‍්‍රධානතම කාර්ය වූවේ රට ස්වයං පෝෂිත රාජ්‍යයක් බවට පත් වීමයි. අනුරාධපුර සමය රට ස්වයං පෝෂිත වකවානුවක් බව මහාවංසයේ සඳහන් වේ. කෘෂිකර්මාන්තය සඳහා රාජානුග‍්‍රහයද නොඅඩුව ලැබී ඇත. ‘‘මේ නිසා විශාල භික්‍ෂු පිරිසක් පෝෂණය කිරීමේ හැකියාව තත්කාලීන ජන සමාජයට තිබෙන්නට ඇත... ති‍්‍රපිටකයේ ගැඹුරු තැන්වලට සරල අර්ථ විග‍්‍රහ දෙමින් හෙළටුවා සාහිත්‍යය බිහි කිරීමට තරම් විවේක බුද්ධියක් අරිට්ඨාදී මහ තෙරවරුන්ට ලැබුණු බව සිතිය හැකිය.’’  සාමකාමී සහජීවන පරිසරය මහන්දාගමනයෙන් පසු අනුරපුර යුගයේ ලක්දිව දක්නට ලැබෙනේ සාමකාමී වපසරියකි. එහිදී කලහකාමී ලේ වැගිරීම් වලින් තොර, ආක‍්‍රමණවලින් නිදහස් ලංකාවක් මෙම සමයේ දැකගත හැකිය. ‘‘තිස්ස රාජ සමයේ සිට වසර 770ක් පමණ වනතුරු සාමකාමී සෞභාග්‍යමත් සමාජයක් ලංකාවේ විය.’’  දේශපාලන බලපෑම සාහිත්‍ය ප‍්‍රවර්ධනය සඳහා රටේ නායකයා සාහිත්‍යකාමියෙක් විය යුතුය. සාහිතයට අනුබල දෙන්නෙක් විය යුතුය. ඒ සඳහා අනුරපුර යුගයේ රාජ්‍ය පාලකයන් නොමද අනුග‍්‍රහයක් ලබා දී ඇත. එම දේශපාලනික සහයෝගය කොටස් දෙකකට බෙදා දැක්විය යුතුය. ‘‘1. දේශපාලනිකව සාමකාමී නිදහස් පරිසරයක් උදාකරලීම 2. සාහිත්‍ය සංවර්ධනය කිරීම පිණිස සර්වප‍්‍රකාරයෙන්ම ආධාර කිරීම’’ අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට මෙම කාරණයද හේතු වන්නට ඇත.  ආගමික පරිසරය අනුරපුර යුගයේම අපට දැකගත හැකි වන්නේ ආගමට ළැදි පරිසරයක්ය. ඒ අතරත දේවානම් පියතිස්ස, දුටුගැමුණු රාජ්‍ය දවස විශේෂිතය. එම ආගාමික පරිසරය තුළ මිනිසුන් ආගමට දහමට වැඩි නැඹුරුවක් දැක්වීය. එම නිසාවෙන් ආගමික නැඹුරුතාවද අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයට හේතු සාධකයක් වන්නට ඇත. ඒ අනුව යථෝක්ත සාධක ම`ගින් අනුරපුර යුගයේ තුන්සියවස් අවධියේ ව්‍යාඛා්‍යාන සම්භවයට හේතු කාරණා කවරේදැයි අධ්‍යයනය කරන ලදී. 02. කි‍්‍ර:ව: පස්වන සියවසයේදී බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනයත් සම`ග නැවත හෙළට ුවා පාලියට නැගීම අනුරාධපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයෙහිලා දෙවන අධියර මෙම යුගයයි. මෙහිදී සිදු වූ විශේෂම සිදුවීම වූයේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනයයි. ‘‘ත‍්‍රිපිටකය නම් වූ ශාස්තෘන් වහන්සේගේ ශී‍්‍ර මුඛ දේශනාව සුඛනම්‍ය, සුගම, සුබෝධ කරලනු වස්....පාලි අට්ඨකථා සම්පාදනය කිරීමෙහි මහ`ගු මෙහෙවරෙහි යෙදෙන ලද යතිවරයෙකි බුද්ධඝෝෂාචාර්යවරයෝ.’’ එහිදී උන්වහන්සේ විසින් හෙළටුවා නැවත පාලිය නැගීම සිදු කරන ලදී. එහිදී උන්වහන්සේ විසන් විරචිත අට්ඨකතා මෙලෙස දැක්විය හැකිය. ‘‘1. විසුද්ධි මග්ගය 2. විනයට්ඨ කථාව- සමන්ත පාසාදිකාව 3. දීඝනිකායට්ඨකතාව- සුමංගල විලාසනී 4. මජ්ක්‍ධිමනිකායට්ඨකථාව- පපඤ්චසූදනී 5. සංයුත්තනිකායට්ඨකථාව- සාරත්ථප්පකාසිනී 6. අංගුත්තරනිකායට්ඨකථාව- මනොරථපූරණී 7. ධම්මපදට්ඨකතාව’’ මීට අමතරව උගතුන් විශ්වාස කරන අන්දමට මෙම කෘතිවලද කර්තෘ බුදුගොස් හිමියන්ය. ‘‘1. පාතිමොක්‍ඛ- කංඛාවිතරණී අටුවාව 2. ඛුද්දකපාඨ- පරමත්ථජෝතිකා අටුවාව 3. සුත්ත නිපාතය- ’’ 4. ජාතක- ජාතකට්ඨකතා අටුවාව 5. විභංග- සමෝහ විනෝදනී අටුවාව 6. ධම්මසංගනී- අත්‍ථසාලනී අටුවාව 7. කථාවත්‍ථු පුග්ගල පඤ්ඤත්ති ධාතුකථා පඤ්චප්පකරණ අටුවාව යමක පට්ඨාන යන කෘති බුදුගොස් හිමියන් විසින් රචිත කෘති සේ සැලකේ. පාලි ත‍්‍රිපිටකයේ සැම අංශයක්ම අනාවරණය වන සේ අටුවා රචනා කිරීම තුළ මෙම යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවයේ කෙතරම් පිළිගත්තේද යන්න පැහැදිලි වේ. මෙහිදී පාලි අට්ඨකතා සම්භවයට හේතු වූ සාධක කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. එනම්,  ලක්දිවට පමණක් ථේරවාදය ආරක්‍ෂා වී තිබීම.  සිංහල භාෂාවේ අගය අවම වීම  ථේරවාදයේ මූලස්ථානය ලක්දිව නිසාවෙන් පාලි ආරක්‍ෂා කිරීමට පෙළඹීම  ජාත්‍යන්තර වශයෙන් බුදුදහමට ප‍්‍රචාරයක් ලබාදීමට  පාලි භාෂාවේ ජනප‍්‍රියත්වය උදෙසා  මහායානික මතවාද දක්නට ලැබීම යන කාරණා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. අනුරාධපුර යුගයේ පස්වන සියවසවන විට මෙම කාරණා පදනම් කරගනිමින් ව්‍යාඛාන සම්භවය බලවත් වූ අයුරු දැක්විය හැකිය. 03. ක‍්‍රි:ව: අටවන සියවසයේදී පාලි අටුවාවලට සිංහල අටුවා සැපයීම ක‍්‍රි:ව: අටවන සියවස පමණ වනවිට ලක්දිව නැවත වරක් පාලි අටුවා යටපත් වී සිංහල ව්‍යාඛ්‍යාන (අටුවා* රචතා වීමේ ප‍්‍රවණතාව බලවත් විය. ඊට ප‍්‍රධානතම හේතු සාධකය වූවේ පාලි භාෂාව අභාවයට යෑමයි. එම පදනම මත පාලි වැටහීමේ අපහසුතාවක් පැණනැගිණි. එම අපහසුතාව පදනම් කරගනිමින් හෙළටුවා රචනා විය. එයට බල පෑ හේතු සාධක ව්‍යාඛ්‍යාන රචනා වීමටද බලපාන්නට ඇත. එම හේතු සාධක කිහිපයක් මෙලෙස දැක්විය හැකිය.  හින්දු සමයේ බලපෑම  මහායානය බලවත් වීම  ආක‍්‍රමණ, සටන් ආදිය වැඩි වීම  රාජ්‍ය ක‍්‍රමය දුර්වල වීම  ආර්ථික, දේශපාලනික, සාමාජීය අස්ථාවරතත්‍වය මෙම කාරණාවන්ට අනුව මහායානය, හින්දු දහම ගරුකරන රාජ්‍ය පාලකයන් බිහි වූ අතර එහිසී ථේරවාදී පොතපත, වෙහෙර විහාර, විනාශ කරන ලදී. ථෙර්රවාදී භික්‍ෂූන් තම දිවි රැුකගැනීමට උපැවිදි වූ අතර ඇතැම් භික්‍ෂූන් විදේශ ගතවිය. එම පදනම මත ථේරවාදී බුදුසමය අස්ථාර වූ අතර පාලි භාෂාව දන්නවූ අයද සීමිත විය. එහෙයින් දුරවබෝධ පෙළටුවා වටහා ගැනීම පිණිස පාලි දත් විද්වත්හු හෙළටුවා හෙළටුවා රචනා කළහ. අනුරපුර යුගයේ එසේ රචනා කරන ලද ප‍්‍රධානතම ව්‍යාඛ්‍යාන කෘති දෙකක් විද්‍යමාන වේ. එනම්, x විනය පිටකය ඇසුරෙන් රචිත සිඛවළඳ හා සිඛවළඳ විනිස x ධම්මපදට්ඨකථාවට අනුව රචනා කරන ලද ධම්පියා අටුවා ගැටපදය යන කෘති දෙකයි. මෙහිදී භික්‍ෂූන් විසින් අනිවාර්යයෙන්ම දත යුතු විනය පිටකයේ අරුත් පසිදලීමට සිඛවළඳ හා විනිස රචනා වීම තුළම පාලි භාෂාවෙහි පිරිහීම වටහා ගත හැකිය. මෙම ව්‍යාඛ්‍යාන කෘති ලක්වැසියා අතර බෙහෙවින් ප‍්‍රචලිත වූවේ, සිත් ඇදගන්නා සංක්‍ෂිප්ත බස්වහරකින් සමන්විවූ නිසාවෙන්ය. එපමණක් නොව පාලි අටුවාව ලබස් වහරින් මිදී සැමට වටහා ගත හැකි හෙළ වහරකින් වීමද රයට හේතුවකි. උදා-: ‘‘යො පන භික්‍ඛු ගාමා වා අරඤ්ඤ වා අදින්නං ථෙය්‍යසඬ්ඛාතං ආදියෙය්‍ය, යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා බන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හෝසි ථෙනොසී ති තථාරූපං භික්‍ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො’’ එම ශික්‍ෂා පදය සිඛවළඳ කෘතියෙහි සඳහන් වන්නේ මෙලෙසිනි. ‘‘පර මිනිසක්හු අයත් පල් පොහොනා වතක් සොර සිතින් ගත පරිජි වේ. මේ හැම අයිනාදන් පරිජි වේ.’’ ඒ අනුව මෙම සමස්ත ධාරණා අධ්‍යයනය කිරීමේදී අනුරපුර යුගයේ ව්‍යාඛ්‍යාන සම්භවය වූ ආකාරය හඳුනා ගත හැකිය. සිංහල සාහිත්‍යයේ ආරම්භක තතු සේම ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේද ආරම්භක මූලාශ‍්‍ර හමු වන්නේ අනුරාධපුර යුගයෙන්ය. ලක්දිව ව්‍යාඛ්‍යාන සාහිත්‍යය අනුරපුර යුගයේ සම්භවය වූ ආකාරය පිළිබඳ යථෝත්ත මාතෘකා ඔස්සේ සාකච්ඡුා කෙරිණ. එහිදී අනුරාධපුරයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය බුදුසමයේ (විනය පිටකයේ* ඇසුර ලබමින් පෝෂණය වූ බව පසක් විය. එහිදී අනුරාධපුරයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යයේ සම්භවය අවධි තුනක් යටතේ අධ්‍යයනය කෙරිණ. එනම්, 01. කි‍්‍ර:ව: තුන්වන සියවසයේ මහින්දාගමනයත් සම`ග පාලි ත‍්‍රිපිටකය සිංහලට නැගීම 02. කි‍්‍ර:ව: පස්වන සියවසයේදී බුද්ධඝෝෂ හිමියන්ගේ ආගමනයත් සම`ග නැවත හෙළට ුවා පාලියට නැගීම 03. ක‍්‍රි:ව: අටවන සියවසයේදී පාලි අටුවාවලට සිංහල අටුවා සැපයීම යනුවෙනි. මෙම අවධි තුන යටතේ පිහිටා උක්ත මාතෘකා තුළ කරුණු ගොනු කළ අතර එහිදී ක‍්‍රමානුකූලව ව්‍යාඛ්‍යාන සාහිත්‍යය අනුරපුර යුගයේ සම්භවය වූ ආකාරය පළට විය. එම ව්‍යාඛ්‍යාන ග‍්‍රන්ථ පාලි හා සිංහල බස් කේන්ද්‍ර කරගනිමින් නිපැයුන බවද එහිදී ප‍්‍රත්‍යක්‍ෂ විය. අවසන සමස්ත ධාරණා තුළ නිමග්න වීමේදී, අනුරාධපුර යුගයේ විශිෂ්ට ව්‍යාඛ්‍යාන සාහිත්‍යයක් සම්භවය වූ බවත් එහි ගාමක පරමාර්ථය වූයේ බුදුදහමේ චිරස්ථිතිය ආරක්‍ෂා කිරීම බවත් සුවිශද විය. ආශ‍්‍රිත ග‍්‍රන්‍ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයෝ අටදා සන්නය, මැඋයන්ගොඩ විමලකීර්ති හිමි. ඇම්. ඞී ගුණසේන සහ සමාගම, කොළඹ, 1954. ධම්පියා අටුවා ගැටපදය, (සංස්.* ඞී.ඊ හෙට්ටිආරච්චි. ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාලය, කොළඹ, 1974. ධර්මප‍්‍රදීපිකාව, රත්මලානේ ධම්මාරාම හිමි. විද්‍යාලංකාර ප‍්‍රකාශනයකි, 1927. දීපවංශය 01, (සංස්.* අහුන්ගල්ලේ විමලකීර්ති හිමි. විද්‍යාවිලාස යන්ත‍්‍රාලය, 1950. මහාවංශය. (සංස්.*. හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ, රජයේ මුද්‍රණාලය. කොළඹ, 1908. සමන්තපාසාදිකාව, (සංස්.* කොස්ගොඩ සිරිවිසුද්ධි හිමි. කොළඹ, 1993. සාරත්ථදීපනී විනයටීකාව 1, (සංස්.* බී. දේවරක්‍ඛිත හිමි. විද්‍යාභූෂණ මද්‍රණාලය, කොළඹ, බු.ව 2458, සිඛවළඳ හා සිඛවළඳ විනිස, ප‍්‍රාචීන භාෂෝපකර සමාගම, බත්තරමුල්ල, 1999. සුමංගල විලාසිනී නාම දීඝනීකායට්ඨකතා01 , (සංස්.* හෙයියන්තුඩුවේ දෙවමිත්ත හිමි. හේවාවිතාරණ මුද්‍රණාලය, 1918. ද්විතීක මූලාශ‍්‍රයෝ අබයකෝන්, එච්.එම්. ලොකුබණ්ඩා. අනුරපුර පොළොන්නරු සාහිත්‍යය, කත_ෘ ප‍්‍රකාශනයකි, 2005. අමරවංශ හිමි, කොත්මලේ. සිංහල සාහිත්‍ය ලතා, ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2000. ඉන්දරතන හිමි, හත්තොටුවේ. අවිද්‍යමාන සිංහලට්ඨකථා සාහිත්‍යය, කර්තෘ ප‍්‍රකාශනයකි, 2006. උපරතන හිමි, කොටියාගල. පාලි අට්ඨනතා සාහිත්‍යය ප‍්‍රභවය හා විකාශය, බෞද්ධ සංස්කතික මධ්‍යස්ථානය, නැදිමාල, 2007. නානායක්කාර, ගුණවර්ධන. පොළොන්නරු යුගයේ ව්‍යාඛ්‍යාන සාහිත්‍යය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ10, 1998. මලලසේකර, ගුණපාල. ලංකා පාලි සාහිත්‍යය, ගුණසේන සහ සමාගම, කොළඹ, 1965. රාහුල හිමි, අත්තුඩාවේ. අට්ඨකථා සාහිත්‍යය හා අටුවා රසකතා, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, නැදිමාල, 2000. සිරිසුමන හිමි, අගලකඩ. සිංහල ව්‍යාඛ්‍යාන සාහිත්‍යය, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 2009. කෝෂ ග‍්‍රන්ථ සිංහල ශබ්ද කෝෂ්‍ය, 23කාණ්ඩය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1991. සුමංගල ශබ්දකෝෂය. 2, වැලිවිටියේ සෝරත හිමි, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ 10, 1999. වෙනත් ක්‍ය්එඒ ී්බට්හ්බ් ක්‍ෘ ඍදප ඉහ ඪසච්ිි්බ් ඍැ්ිැරජය ෂබිඑසඑමඑැල ෘය්පප්ටසර්ල ෂට්එචමරසල 422403 ෘසිඑල භ්ියසනල ෂබාස්ග