Thursday, December 12, 2013
ඉතිහාස මූලාශ‍්‍රයක් ලෙස ශිලා ලේඛනයන්හි වටිනාකම
ඉතිහාස මූලාශ‍්‍රයක් ලෙස ශිලා ලේඛනයන්හි වටිනාකම
ඉති+හ+ආස ඝ ඉතිහාස ‘ ිද සබාැැා සඑ අ්ි ’ ‘ඒකාන්තයෙන් සිදු විය.’ යන අර්ථය ගෙන දෙන ‘ඉතිහාස’ යන පදය √අස් ධාතුවට මුලින් ‘ඉති’ හා ‘හ’ යන නිපාත ඒකි වී සෑදුණකි. ඉතිහාස අධ්‍යයනයේදී මූලාශ‍්‍ර ද්වයක් ප‍්‍රාධාන්‍ය වන බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ඒවා සාහිත්‍ය මූලාශ‍්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර යනුවෙන් දැක්වෙයි. සාහිත්‍ය මූලාශ‍්‍රයට වඩා පුරාවිද්‍යාත්මක මූලාශ‍්‍ර වැදගත් වනුයේ එහි විශ්වසනීයත්වය ප‍්‍රශස්තතර බැවිණි. මන්ද සාහිත්‍ය මූලාශ‍්‍ර වූ කලී ඉතිහාසගත තොරතුරු සැපයීමේදී ඇතැම් දෑ ඍජුව පළ නොවන හෙයින් ද සාහිත්‍යාත්මක මූලාශ‍්‍ර නිසා ප‍්‍රකෘතිය එලෙසින්ම විවරණය නොවන හෙයිනි. පොදුවේ ගත් කල සාහිත්‍යාත්මක මූලාශ‍්‍රගත තොරතුරු පුරාවිද්‍යාත්මක සාධකයන්ගෙන් තහවුරු වන්නේ නම් සාහිත්‍ය මූලාශ‍්‍රාගත තතු ද සැක හැර පිළිගැනේ. නැතහොත් සාහිත්‍යාගත තොරතුරුවලින් පමණක් සෑහීමට පත් වීමට සිදු වේ.
ශිලාලේඛන, අභිලේඛන ‘‘ෂබිජරසචඑසදසබ * ෑචසටර්චයසජි’’ යැයි අප හඳුනාගන්නා ඓතිහාසික මූලාශ‍්‍ර ද අයත් වනුයේ පුරාවිද්‍යාත්මක ගණයට ය. අභි+√ලිඛ් ධාතුවෙන් නිෂ්පාදනය වූ අභිලේඛන යන්න ‘‘ඔද ඨර්ඩැ දර උරසඑැ ඹචදබ’’ යනුවෙන් දැක්වෙන ශබ්ද කෝෂ අර්ථ ගැන්වීමට අනුව දැනවෙන අර්ථය වනුයේ ‘‘යමක් මතුපිට ලියන ලද්ද’’ යනුයි. ඒ අනුව යම් වස්තුවක් මතුපිට කැටයම් වුණු හෝ ලියවුණු ලියවිල්ලක් සෙල්ලිපි සේ හඳුනාගත හැකි ය. පිහිටි ආකාරය අනුව ශිලා ලේඛන වර්ග හතරක් වන බව සිරිසමන් විජේතුංග මහතා පෙන්වා දෙයි.
I. ලෙන් ලිපි ( ක්‍්ඩැ සබි.* II. ටැම් ලිපි (ඡුසකක්ර සබි.*
III. පර්වත ලිපි (ඍදජන සබි.* IV. පුවරු ලිපි (ීක්ඉ සබි.*
වෙනත් ලිපි යයි තව ලිපි වර්ගයක් ද දක්වා ඇත. ලෙනක හෝ ගුහාවක කටාරමක් අසල හෝ ලෙන තුළ කොටා ඇති ලිපි ලෙන් ලිපි සේ සැළකෙයි. වෙස්සගිරිය, මිහින්තලය, රිටිගල ආදී ස්ථානවලින් දැනට හමුවී ඇති මෙබඳු ලිපි විස්තීර්ණ භාවයෙන් තොර සංක්‍ෂිප්ත ලේඛනයන් වේ. පිහිටි ගලක හෝ සකස් කළ ගලක කොටා ඇත්තේ ගිරි ලිපියි. තෝනිගල, දඹුල්ල, සිතුල්පව්ව වැනි ස්ථානවලින් ගිරි ලිපි සොයාගෙන ඇත. විශේෂයෙන් සිටුවන ලද ගල් කණුවක ජනතාවට දැකගැනීමට හැකිවන අයුරින් රචනා කළ ලිපි ටැම් ලිපි වේ. ලෑල්ලක් හෝ ගල් පුවරුවක් භාවිත කරමින් පුවරු ලිපි සකස් කරනු ලැබේ. වෙනත් ලිපි ගණයට අයත් වන්නේ ගල්ඔරු, පියගැට පෙළෙහි, වාන්ගල් ආදී ස්ථානවල විචිත සෙල් ලිිපිය. මෙසේ සෙල් ලිපි වර්ග කිරීම මේ පිළිබඳ පර්යේෂණ පැවැත් වූ විද්වතුන් විසින් කරනු ලබන අතර අක්‍ෂර ගැන, භාෂා පරිණාමය ඓතිහාසික හා සාමාජික වාර්ථා අනුව මෙම බෙදීම කරන අයුරු දැකගත හැකි ය.
මෙයට අමතරව අන්තර්ගත කරුණු අනුව ද ශිලාලේඛන වර්ගීකරණය කොට ඇත.
01. ස්ථම්බ ශාසන -: ස්මරණාර්ථයෙන් හෝ ගොඩනැගිලිවල ආධාර මාධ්‍යයෙන් ස්ථම්භවල කරන ලද
අභිලේඛන
02. ප‍්‍රතිමා ශාසන -: පුද්ගල, සත්ත්ව හෝ වෙනත් ප‍්‍රතිමා පදනම් කරගෙන රචනා කරන ලද අභිලේඛන
03. රාජ ශාසන -: රජවරුන් පිළිබඳව ඔවුන්ගේ වංශය, කුලය, ගෝත‍්‍රය සහ පවුල් වටපිටාව පිළිබඳව
තොරතුරු සඳහන් අභිලේඛන
04. දාන ශාසන -: රාජකීය හෝ පෞද්ගලික වූ ව්‍යවස්ථාමය වූ නොයෙක් ආකාරයෙන් කරනු ලබන
ප‍්‍රදානයන් පිළිබඳව තොරතුරු දැක්වෙන අභිලේඛන
05. ක‍්‍රය ශාසන -: විකුණූ ලැබූ දෙපල හෝ වෙනත් දෑ පිළිබඳව තොරතුරු අන්තර්ගත අභිලේඛන
06. විජය ශාසන -: ජයග‍්‍රහණයන් සනිටුවන් කරමින් එකි ජයග‍්‍රහණය පිළිබඳව සවිස්තර දත්ත සපයන
අභිලේඛන
07. අභය ශාසන -: නොයෙක් සත්ත්වයන්ට නිදහස ලබා දී අභය දානය දුන් අවස්ථා මූලික කරගෙන
විරචිත අභිලේඛන
08. ධර්ම ශාසන -: දහම් පණිවුඩ සහ ධර්ම කරුණු ඇතුලත් කරමින් විරචිත අභිලේඛන
මෙයට අමතරව වෙනත් මූලාශ‍්‍රය ග‍්‍රන්‍ථයන්හි විවිධාකාර වූ වර්ග කිරීම් දැකගත හැකි ය. එවැනි වර්ග කිරීම් කිහිපයක් පහත දැක්වේ.
හැඳින්වීම් අභිලේඛන -:
වන්දනා කරුවන්, මූර්ති සහ ගෘහ නිර්මාණ ශිල්පීන්, ආක‍්‍රමණිකයන්ගේ පවා නම් ගොත් සඳහන් එමෙන්ම රාජ රාජ මහාමාත්‍යාදී ග‍්‍රාම්‍යාධිපති සහ වෙනත් ප‍්‍රභූ පිරිස් හඳුන්වා දෙමින් පිහිටුවනු ලැබූ අභිලේඛන මෙම කොටසට අයත් වේ. මෙම අභිලේඛන විශේෂය ද ප‍්‍රදානමය හෙවත් කිසිවක් පරිත්‍යාග කිරීම් වශයෙන් යමෙකුට, පිරිසකට හෝ ආයතනයකට පිරිනැමීම් දක්වන අභිලේඛන සහ අනුස්මරණමය හෙවත් කිසිවෙකු හෝ පිරිසක් සිහිපත් කරමින් විරචිත අභිලේඛන ලෙස ද්විවිධ වේ.
වාර්තාමය අභිලේඛන -:
දේශපාලනික, ආගමික හෝ වාණිජමය ගට්ඨන, ඉඩම් දේපල හෝ ශ‍්‍රමය විකිණිම් කටයුතු, විහාරාරාම පාලනයෙහි ලා අවශ්‍ය වූ නීති රීති ව්‍යවස්ථා, බදු මුදල් හා ආදායම් පාලනය මෙන්ම කථිකාවත් දණ්ඩනීති සංග‍්‍රහ ආදී දෑ වාර්ථා කරනු ලබන අභිලේඛන වාර්ථාමය අභිලේඛන ලෙස සැළකෙයි. විහාරාම ඉදි කිරීම් හා ඒවායේ නඩත්තු කටයුතු කළ ආකාරයත් වැව්, පොකුණු, ලිං හා ජලමාර්ග ප‍්‍රතිසංස්කරණය කළ යුතු හා ප‍්‍රතිමා, ස්මාරක ස්ථාපනය පිළිබඳවත් අනාවරණය කිරීමේ අටියෙන් මෙම ශිලාලේඛන රචනා වී ඇති බව පිළිගනු ලැබේ.
පූර්ණ ආගමික පරමාර්ථී අභිලේඛන -:
ආගමික තොරතුරු ලේඛන යන්ත‍්‍ර හා කවචසූත‍්‍ර ආදිය සටහන් කොට තබන ලද අභිලේඛන යි. මෙම අභිලේඛනයන්ගෙන් අපේක්‍ෂා කරන ලද්දේ ඍජුවම ස්වකීය ආගම උච්චස්ථානයෙහි ලා ගෙනහැර දැක්වීම යි. මුලින් දැක්වූ ධර්ම ශාසනයන්හි කුමන හෝ ආගමික වූ ධර්ම කරුණු ඇතුලත් වූවත් මෙම ශිලා ලේඛන විශේෂයෙහි එබඳු වර්ගීකරණයක් දැකිය නොහැකි ය. හුදෙක් ආගමික ප‍්‍රචාරය සැළසීමම මෙහි අරමුන වී ඇති බව පැහැදිලි වේ.
කාව්‍යමය අභිලේඛන -:
ප‍්‍රසස්තිමය අයුරින් රචනා කරන ලද සහ කාව්‍යාත්මක යෙදීම් අන්තර්ගත කරමින් රචනා කරනු ලැබූ අභිලේඛන මෙම කොටසට අයත් වෙයි.
අපහාසකරණී අභිලේඛන -:
ලංකා ඉතිහාසයේ මෙබඳු ශිලා ලේඛන සොයා ගැනීම අපහසු වුවත් භාරතීය සහ වෙනත් විදේශයන්ගෙන් මෙබඳු මූලාශ‍්‍රයන් සොයාගත හැකි ය. යමෙකුට හෝ යම් ආයතනයකට අපහාස කරන අටියෙන් මේවා රචනා වී ඇත.
සෙල්ලිපිවලින් සිදු කෙරෙන ප‍්‍රධාන කාර්යය වන්නේ සන්නිවේදනය යි. භාෂාව එහි මාධ්‍යය වේ. එය සන්නිවේදනයක් වූවත් ඓතිහාසික සන්නිවේදනයකැයි සැළකීම සාවද්‍ය නොවේ. මුලින් කී පරිදි ඉතිහාසගත කරුණු වෙත සාක්‍ෂ්‍ය එළවා ගැනීමේදී ශිලාලේඛන ඉතා වැදගත් වේ.ඉතිහාසගත කරුණුවල අඩුපාඩු විස\ ගැනීම, වැරදි මත නිරාකරණය, භාෂා විකාශන ඥානය, අක්‍ෂර පරිණාමය වැනි අංශ කෙරෙහි ශිලාලේඛනයන්හි උපයෝගීතාව අතිමහත් ය.
ලෝක ඉතිහාස අධ්‍යයනයේදී ශිලාලේඛන මගින් සිදු කෙරෙන මෙහෙය පෙර අපර දෙදිග වියත් විමර්ශනයන්ගෙන් තහවුරු කොට ඇත්තේ ය.