Thursday, December 12, 2013
දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිිලා මයුර කවියා දක්වන සාමර්ථ්‍යය
දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිිලා මයුර කවියා දක්වන සාමර්ථ්‍යය
වසර දෙදහසක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සිංහල සාහිත්‍යයෙහි වැඩෙමින් ආ ප‍්‍රධාන අංගයක් ලෙස සිංහල සන්දේශ පොත් පරපුර ස`දහන් කළ හැක. දැනට අපට විද්‍යමානව ඇති සිංහල සන්දේශ කාව්‍ය සියල්ලම ගම්පොළ යුගයේ සිට ලියැවී ඇත. ඊට පූර්වයෙහි රචිත සන්දේ්්ශ කාව්‍යයක් තවම හමු වී නැත. එහෙත් එයින් ගම්පොළ යුගයට පූර්වයෙහි සිංහල කවීන්ට සන්දේශ කාව්‍ය රචනය නුහුරුව පැවති බවක් නිගමනය කළ නොහැක. දඹදෙණි යුගයෙහි ලියැවුණු සිදත් ස`ගරාවෙහිත් එළුස`දැස්ලකුණෙහිත් එන ඇතැම් නිදර්ශන පාඨ පැරණි සන්දේ්්ශයන්ගෙන් උදුරාගෙන ඇති බව උගතුන් පෙන්වා දෙන්නකි.
සිදතෙහි කම් විබතට දක්වා ඇති නිදසුන් අතර පෙනෙන ‘‘නරඹන්න මොනරාන නස්නා’’ (නටන්නා වූ මොනරුන් නරඹන්න* යන පාඨය හා එවැනි තවත් පාඨ රැුසකින් පූර්වයෙහි රචිත වන්නට ඇතැයි සැලකෙන සන්දේශ කිහිපයක් ගැනම තතු හෙළි වේ. එම තතු විමර්ශනයට ලක්කිරීම මෙහි අරමුණ නොවේ. ගම්පොළ යුගයේ රචිත යැයි සැලකෙන මයූර සන්දේශය පිළිබ`ද අවධානය මෙහිදී යොමු වේ. එයිනුදු දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිිලා මයුර කවියා දක්වන සාමර්ථ්‍යය විමසීමට ලක්කිරීම මෙහි ප‍්‍රමුඛ පරමාර්ථයයි. සන්දේශයන්හි ඉතිහාසය, විකාශය පිළිබ`ද කරුණු කෙරෙහිද අවධානය නොදක්වා උක්ත කරුණ පිළිබ`ද තතු ගෙනහැර දැක්වීමට අපේක්ෂා කරනුයේ මෙම නිබන්ධය ඉතා දිගු වීම, වළක්වනු පිණිසත් ප‍්‍රමුඛ අරමුණ සාධනය කරගනු පිණිසත්ය.
ආඥාව, ආරංචිය, අතින් ගෙන යන පණිවුඩය යන අර්ථවල මේ ‘‘සන්දේශ’’ යන වචනය සංස්කෘත සාහිත්‍යයේ සුලභව ව්‍යවහාර වී ඇති බව මහාචාර්ය පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා පවසයි. එයින් ආරංචිය හා පණිවුඩය යන තේරුම් හ`ගවන තැන් ඉතා සුලභය. ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය ‘‘ලියමන, පණිවුඩ, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තියත තොරතුර, නියමය යන අරුත් දක්වයි. සංස්කෘත, දෙමළ ශබ්දකෝෂවලද දක්වා ඇත්තේ පූර්වෝක්ත අරුත්මය.
සන්දේශ යන වචනයේ ලියමන, පණිවිඩය, දැන්වීම, ආරංචිය, ප‍්‍රවෘත්තිය, ආඥාව යන අර්ථ ඇතත් සන්දේශ කාව්‍යය යන තන්හි අප ගත යුතු වන්නේ පණිවුඩය යන අර්ථය යි. එසේ හෙයින් සන්දේශ කාව්‍යයක් යනු පණිවිඩයක් අන්තර්ගත කොට කරන ලද කාව්‍යය යැයි සරල ව පැවසිය හැකි ය. පණිවුඩයක් අන්තර්ගත කළ පමණකින්ම කෘතියක් සන්දේශ කාව්‍යයක් නොවේ. යම් කෘතියක් සන්දේශ කාව්‍යයක් වන්නට නම් එය යම් යම් ලක්ෂණයන්ගෙන් සමන්විත විය යුතුය. සන්දේශ කාව්‍යයක පැවතිය යුතු මූලික ලක්ෂණ හතරකි. එනම් පේ‍්‍රෂක, හාරක, ග‍්‍රාහක, සන්දේශ, යනුයි. පේ‍්‍රෂක යනු සන්දේශය හෙවත් පණිවුඩය යවන තැනැත්තායි. හාරක යනු පණිවුඩය ගෙන යන්නා හෙවත් ¥තයායි. ග‍්‍රාහක යනු හාරකයා ගෙනයන පණිවුඩය ලබන තැනැත්තායි. සන්දේශ යනු ග‍්‍රාහකයා වෙත ගෙන යනු ලබන පණිවුඩයයි. මේ නයින් බලන කල සන්දේශ කාව්‍යය යනු පේ‍්‍රෂකයකු විසින් හාරකයකු ම`ගින් ග‍්‍රාහකයෙකු වෙත පණිවිඩයක් යවන ආකාරයෙන් රචනා කරන ලද කාව්‍ය විශේෂයකි.
මෙපමණකින්ද කෘතියක් සන්දේශ කාව්‍යයක් නොවේ. සංස්කෘත ආලංකාරිකයන් විසින් අනුදත් ලක්ෂණ බොහොමයක් සන්දේශ විෂයෙහි පවතී. ශ‍්‍රී ඝණානන්ද කාව්‍යයෙහි එම ලක්ෂණ මෙසේ විස්තර කෙරේ.
‘‘ප‍්‍රසිද්ධං නායකී කෘත්‍ය
පුරුෂංවාථ යෝෂිතං
සන්දේශං ප‍්‍රෂයේද්විද්වාන්
¥තෛර්වංශාදිශ්ශුෙභෙඃ’’
(ඥානවන්ත වූ කවි තෙම, (ත්‍යාගවන්තකම පූජ්‍යවන්තකම කුලීනත්වය ආදි ගුණයෙන්* ප‍්‍රසිද්ධ වූ පුරුෂයෙකු හෝ නැතහොත් ස්ත‍්‍රියක හෝ කායක කොට වංශාදි ගුණයෙන් ශෝභන වූ ¥තයන් ලවා ඉතිහාස කතාවක් පෙරටු කොට හෝ ආශිර්වාදයක් පෙරටු කොට ඇති පණිවිඩය හෙවත් හස්න යවන්නේය.*
‘‘ඉතිහාස කතා පූර්වමාශිඃපූර්වමථාපිවා
¥තන්තු වර්ණයේ දාදෞ කුශල ප‍්‍රශ්න පූර්වකම්’’
(¥තයා වනාහි පළමු කොට ආරෝග්‍ය ප‍්‍රශ්නය පූර්ව කොට වර්ණනා කරන්නේය.*
‘‘වර්ණාන්තරං තස්‍ය
ගන්තව්‍යස්ථාන කීර්තනම්
පශ්චාත්තච්ඡෝෂ්‍යසීත්‍යුක්ත්වා
මාර්ගදේශාදි වර්ණයේත් ’’
(ඒ ¥තයාගේ වර්ණනයෙන් අනතුරුව යා යුතු ස්ථානය වර්ණනා (කරන්නේය*, පසුව එය අසන්න යැයි කියා මාර්ග දේශාදිය වර්ණනා කරන්නේය.*
‘‘තතස්තද්දේශනගරී
නායකානාං ගුණස්තුතිඃ
තතෝ වෘත්තාන්ත කතනාං
¥තස්‍යාශිර්වචඃ පරම්’’
(ඉක්බිති ඒ ප‍්‍රදේශයන්හි නගරයන්හි නායකයන් ගුණස්තුති පූර්වකව (වර්ණනා කරන්නේය.* ඉක්බිති සන්දේශ කීම වේ. එයින් පසුව, ¥තයා පිළිබඳ වූ ආශිර්වාදයද වේ.*
සංස්කෘත ආලංකාරිකයන්ගේ මෙම ශ්ලෝකවලට අනුව සන්දේශ කාව්‍යයක ආකෘතිය හා ලක්ෂණ පැහැදිලි වේ. ඒවා මෙලෙස දැක්වීමට පුළුවන.
x කථා නායකයා හෝ නායිකාව ප‍්‍රසිද්ධ අයෙකු විය යුතුය.
x ¥තයා වංශාදියෙන් උතුම් විය යුතුය.
x ආරම්භය ඉතිහාස කතාවකින් හෝ ආශිර්වාදයකින් යුක්ත විය යුතුය.
x මුලින්ම කුසල ප‍්‍රශ්නය පූර්ව කොට ¥තයා වර්ණනා කළ යුතුය.
x ¥ත වර්ණනාවෙන් පසු ¥තයා යා යුතු ස්ථානය වර්ණනා කළ යුතුය.
x සන්දේශාදිය පසුව අසන්න යැයි කියා මාර්ග දේශාදිය වර්ණනා කළ යුතුය.
x පසුව දේශාධිපති, නගරාධිපති නායකයන් වර්ණනා කළ යුතුය.
x පසුව සන්දේශය කිව යුතුය.
x සන්දේශය කීමෙන් අනතුරුව ¥තයාට ආශිර්වාද කළ යුතුවේ.
මෙම ලක්ෂණයන්ගෙන් අනූන වූ කාව්‍යය සන්දේශ කාව්‍යයක් ලෙස අපි හඳුන්වමු. සන්දේශ කාව්‍යය යන්නට පර්යාය වශයෙන් සඳෙස් කව්, අසුන් කව්, හසුන් කව්, පණිවුඩ කාව්‍ය, ¥ත කාව්‍ය යන නාමයන්ද ව්‍යවහාර වේ.
කුරුණෑගල යුගයෙන් පසු මෙරට දේශපාලන පසුබිමෙහි පැවති වියවුල් තත්ත්වය සිංහල සාහිත්‍යය කෙරෙහිද දැඩි බලපෑමක් ඇති කරන ලද බව කියාපාන කෘති විශේෂයක් වශයෙන් සිංහල සන්දේශ කාව්‍යය ඉදිරිපත් කළ හැක. බලය මුල් කර ගෙන කටයුතු කළ ඒ ඒ නායකයන්ගේ පක්ෂය ගත් කවීන් තමතමන්ගේ නායකයන්ට දේවාශිර්වාදය සේම ජනතාශිර්වාදයද ලබා දීමෙහි අරමුණ ඉටු කරගැනීම ස`දහා සන්දේශ රචනය ඉතා වැදගත් බව තේරුම් ගන්නට ඇත. මයූර කවියාගේ අරමුණ විමසන විට පෙනෙන්නේද එම සන්දේශය උක්ත අරමුණ ඉටු කරගැනීමේ ප‍්‍රමුඛ අභිලාෂයෙන් රචනා වී ඇති බවයි.
මයූර සන්දේශය සිංහල සන්දේශ පොත් ගණයේ මුල් කෘතිය වෙයි. එය ගම්පොළ පස්වන බුවනෙකබා දින කරන ලද්දකි. සොළොස්වසක් ඇති (ක‍්‍රි.ව. 1375-1391* ඒ රජුගේ කවර වර්ෂයක මෙය ලියවිණිදැයි ස`දහන්ව නැත. දැනට විද්‍යමාන වන තිසර හා මයූර යන සන්දේශ කාව්‍ය යුගළයෙන් වඩාත් පැරණි සන්දේශ කාව්‍යය කුමක්ද යන්න විවාදාපන්න කරුණකි. මයූර සන්දේශය රචනා වී ඇත්තේ (ක‍්‍රි.ව. 1389-90* යන කාලයේදී බව පවසන කේ.ටී.ඩබ්. සුමනසූරිය මහතා මෙසේ පවසයි. ‘‘පැරණි සාහිත්‍ය ගණයට ගැනෙන සන්දේශවලින් දැනට ඇති මුල්ම පොත වශයෙන් සැලකිය හැක්කේ මයූර සන්දේශයයි.’’ එච්.ඩබ්. කොඞ්රින්ටන් මහතාට අනුව මයූර සන්දේශය (1387-1391* යන කාලයේ රචනා වී ඇති බව සිංහල සන්දේශාවලියෙහි ස`දහන් වෙයි. එච්.සී.බී. බෙල් මහතාගේ වාර්තාවක මෙසේ දැක්වෙයි. ‘‘මයූර සන්දේශය වනාහිි 14 වන ශතවර්ෂයෙහි ලියන ලද්දකි. නොහොත් 1378-1398 රජය කළ ග`ගසිරිපුර බුවනෙකබා රජ සමයේය.’’ ඞී.බී. ජයතිලක වැනි වෙනත් විද්වතුන්ට අනුව මයූරයට වඩා තිසර සන්දේශය වඩා පැරණි වෙයි. ඒ මත කෙසේ වුවත් මයූර සන්දේශය ආරම්භක යුගයේ සන්දේශ කාව්‍යයක් ලෙසට බහුමානයට පාත‍්‍ර වෙයි.
මයූර සන්දේශයේ එන්නේ ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දේවාලය වෙත මයූරයකු අත යැවූ සන්දේශයකි. බුවනෙකබා රාජයන්ද එතුමාගේ දේවියද අලගක්කෝනාර-වීරබාහු-දේවමන්ත‍්‍රී යන තුන්බෑයන්ද අගම්පඩි සෙන`ග-නගරම් සිටු- ගජනායක මැති- සනහස් මැති`දු හා ධර්මකීර්ති මාහිමියන් ඇතුළු මහා සංඝයාද රක්නා ලෙස මයූරයා ලවා උපුල්වන් දෙවි`දු අයැද සිටීම, මෙම සන්දේශයෙහි අභිලාෂය බව පෙනේ. දේව විශ්වාසයට කවුරුත් පාහේ නම්නව සිටි යුගයක උපුල්වන් දෙවි`දුගෙන් බුවනෙකබා රාජ්‍යයට ආසිරි පැතීමට උගත් කවියකු මෙහෙයැවුණු වග මයූරයෙන් පෙනෙන බව පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා දක්වයි. මයූරය ලියූ කවියා කවුරුද යන්න නිශ්චිතව හෙළි වී නැත. නමුත් ධර්මප‍්‍රදීපිකා-අමාවතුර යන ග‍්‍රන්ථයන් සම්පාදනය කළ ගුරුළුගෝමී ප`ඩිවරයන්ගේ පරම්පරාගත මුනුපුරෙකු වූ කවීශ්වර නම් කවීන්ද්‍රයා මෙහි කතුවරයා බව හිත්තටියේ උදිත හිමි පවසයි. කතුවරයා කවරෙකු වුවත් සිංහල සන්දේශ පොත් පරපුරෙහි මයූර සන්දේශයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.
දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිිලා මයුර කවියා දක්වන සාමර්ථ්‍යය
සන්දේශ කාව්‍ය රචනය කෙරෙහි කවීන් තුළ මහත් උනන්දුවක් ඇතිවීමට බලපෑ එක් ප‍්‍රධාන හේතුවක් ලෙස එතෙක් කාව්‍ය ම`ගින් සිදු කළ දඹදිව පරිසර වර්ණනා වෙනුවට මෙරට පරිසරය ගැන අත්දැකීම් විදහා දැක්වීමට අවස්ථාව සලසන සාහිත්‍යාංගයක් ලෙස සන්දේශ කාව්‍යය මතුව ඒම දැක්විය හැකිය. දඹදිව පරිසරය වෙනුවට දේශීය පරිසරය වර්ණනා කිරීමටත් දේශීය සමාජය විදහා දැක්වීමටත් එම`ගින් හැකි විය. සිංහල සාහිත්‍යයෙහි වස්තු විෂය, ආකෘතිය ආදි අංශවලින් නවාගමනයක් ඇති වූයේ සන්දේශ රචනයක් සම`ගමයි. එම`ගින් සිංහල කවි මෙ`ගහි ඇති වූයේ නව වෙනසකි.
සන්දේශ රචනය හේතුවෙන් සිංහල කවීන්ට සැලසුණු වැදගත්ම වාසිය නම් තමන්ට හුරුපුරුදු දේශීය පරිසරය ගැන අත්දැකීම් ස්වකීය කාව්‍යෝක්ති ස`දහා යොදා ගැනීමට හැකි වීමයි. පූර්වයෙහි ජාතක කථා වස්තු විෂය කොට කාව්‍ය රචනා කිරීමේදී අප කවීන්ට සිදු වූයේ සිතින් උපකල්පනය කරගත් දඹදිව පරිසරයක් ගැන වර්ණනා කිරීමටයි. එහිදී ඔවුහු සංස්කෘත කාව්‍ය ආශ‍්‍රයෙන්ම තම කාව්‍ය සංකල්පනා නිපදවීමට යත්න දැරූහ. එයින් සිදු වූයේ ගතානුගතික වූත් සමාන වූත් කවි සංකල්ප ඉදිරිපත් වීමයි.
නමුත් සන්දේශ ලියවුණේ ඒ ඒ කවීන් සමයේ පැවති සමාජ වපසරිය ආශ‍්‍රිත කොට ගෙනය. ඔවුන් වර්ණනා කළ පුද්ගලයෝ ඔවුන් හො`දින් දන්නා හදුනන අය වූහ. වර්ණනාවට බ`දුන් වූ නගර, ගම්බිම් ඔවුන් දැන හ`දුනාගත් නගර හා ගම්බිම් විය. රජුන්, ප‍්‍රභූන් හා නගර වර්ණනා කිරීමේදී ගතානුගතික කාව්‍යෝක්ති බෙහෙවින් ඇසුරු කළද, තමන් ඇසූ දුටු තොරතුරු හැකි පමණින් ගෙනහැර පෑමට ඔවුන් සමත් වූ බව පෙනේ. මෙයින් ගම්‍ය වන්නේ සන්දේශ කවීන් සියලූ තන්හිදී ස්වකීය වූ අත්දැකීම්ම උපයුක්ත කොටගත් බවක් නොවේ. නොයෙක් තැන සකු කවීන්ගේත් පැරණි සිංහල කවීන්ගේත් කෘතිවල විවිධ කාව්‍යෝක්ති, අලංකාරවාදී වර්ණනා ක‍්‍රම අනුගමනය කොට ඇති බව සන්දේශ ආකෘතිය විමර්ශනය කිරීමේදී පැහැදිලි වන්නකි. යථෝක්ත පරිදි දේශීය පරිසරය ගැන ස්වාධීන කවි සංකල්පනා සහිත වැනුම් අප තෝරා ගන්නේ ඒ අතරිනි.
සන්දේශ කාව්‍යයකින් අපේක්ෂා කොට ඇත්තේ කිසියම් ¥තයකු ලවා ඈත පෙදෙසක වෙසෙන දෙවියකු, රජකු, යතිවරයකු වැනි ශ්‍රේෂ්ඨයකුට අස්නක් හෙවත් පණිවුඩයක් යැවීමය. එහිදී කවියා තමා වෙසෙන තැන සිට අස්න ලබන්නා වෙසෙන තැන තෙක් ම`ග තොරතුරු ¥තයාට පැවසිය යුතු වෙයි. ඒ ස`දහා කවියා ඒ ගමන් මෙ`ගහි යෑමෙන් ඊමෙන් හා ම`ග දෙපස නැරඹීමෙන් ලද අත්දැකීම් උපයෝගී කර ගනී. කෙටියෙන්ම කිවහොත් සන්දේශ කාව්‍ය රචනා කොට ඇත්තේ ඒ ඒ කවීන් ජීවත් වූ සමාජ වපසරිය පසුබිම් කොටගෙනය. ¥තයා ගමන් කරන මාර්ගය පිළිබ`ද වැනුම් නිසා භූගෝලීය පරිසරයද නිතැනින්ම ඒ හා බැදුණි.
මයූර සන්දේශය ගම්පොළ සිට දෙවුන්දර උපුල්වන් දේවාලය දක්වා ම`ග සලකුණු ප‍්‍රකට කරන කාව්‍යයකි. ඒ මයූරයාගේ ගමන් ම`ගයි. එය එවක ගම්පොළ සිට දකුණ කරා පැවති මාවත වූවාට නිසැකය. එහි වූ ප‍්‍රසිද්ධ ස්ථාන හා රාජ්‍ය ප‍්‍රභූන්ද වනමින් මෙහි ම`ග සලකුණු සවිස්තරව දක්වා ඇත. ස්ථාන 56 ක් පසු කොට දෙවිනුවරට යන මේ ගමන ස`දහා සම්පූර්ණ දින සතරක් හා පස්වන දිනයෙන් කොටසක්ද ගතවෙයි. දේශීය පරිසරය වර්ණනා කිරීමට ඉඩ ප‍්‍රස්තාව ලැබූ මයූර කවියා අතින් එම කාර්යය මොනවට දැක්වුණු බව ප‍්‍රත්‍යක්ෂ වේ. සන්දේශ කවීන්ට අභිමත වූ පුර වැනුම්, වන වැනුම්, ම`ග වැනුම්, සැ`දෑ නිසා වැනුම් මාර්ගයෙන් මෙම කර්තව්‍යය ඉටුකර ගැනීමට සමර්ථ වන බැව් පෙනේ.
මයූර කවියාද සාම්ප‍්‍රදායික වැනුම් ම`ග අත් නොහරී. නමුත් ඒ තුළින් දේශීය පරිසරය යම් තරමකින් හෝ විදහා දැක්වීමට ගත් උත්සාහය ප‍්‍රශංසනීය වේ. කිසිවිටක තම වැනුම් කිසියම් රමණීය අපූර්වත්වයකින් යුක්තව රසිකයා පිනවීමට හැකි වන අයුරින් ඉදිරිපත් කිරීමටද වග බලාගෙන ඇති බැවිනි ඒ. එහෙත් මයුර කවියා බොහෝ විට එකම අලංකාරය පුන පුනා පවසන අතර ආයාසයෙන් මවන ඇතැම් අලංකාරයක් පැහැදිලි අදහසක් ඉදිරිපත් වන අයුරින් කියාපෑමට අසමත් වනුද පෙනේ. නමුත් එම`ගින් හෙළිවන දේශීය පරිසරය පිළිබ`ද තතු ඉතා වැදගත් වේ.
මයූර සන්දේශයෙහි පුර වැනුම්හි එන නගර අතර ග`ගසිරිපුරය මුල් තැන ගනී. රජු වාසය කළේද එහිය. එනිසා නගරය මනරම් ලෙස සැකසීම මුල් කොටගෙන ඇති කළ නගරම් සිටු තනතුරක්ද විය. නගරය අලංකාර ලෙස සකස් කිරීම ඔහුගේ ප‍්‍රධාන කාර්යය වූ බව මයූරයෙන් පෙනේ. ග`ගසිරිපුර නගරම් සිටු නගරය ජයරාමපුරය මෙන් සකස් කළ බව කියවේ. එහි විශේෂ ලක්ෂණය වූයේ පියුම් පොකුණු බහුල වීමයි. මේ පියුම් පොකුණු නිසා නගරය විශේෂ අලංකාරයක් ලැබූ බව කවියා ස`දහන් කරන්නේ විචිත‍්‍ර ආකාරයෙනි. එවක නගර පවා ඉතා ස්වාභාවික පරිසරයකින් යුක්තවම සකස් කරන්නට ඇති බව මේ අනුව පෙනී යන්නකි. එසේම මහකැලණිපුරය, ජයවර්ධනපුරය, රයිගම්පුරය, වේලාපුරය, වැලිගම වැනි නගරයන් පිළිබ`දවද සෑහෙන පුවත් මයූරයෙන් දත හැකිය.
සොබාදහම් වැනුමට සන්දේශ කවීන් මහත් රුචියක් දක්වා තිබෙන බව පෙනේ. මෙහිදී සන්දේශ කවීන්ට ලැබුණු එක් වාසියක් නම් තමා දැක බලා ඇති හුරු පුරුදු ඇළ, දොළ, පොකුණු, කෙත්, වනපෙත්, සැ`දෑ නිසා උදා පිළිබ`ද ආස්වාදනීය ධර්මතා පිළිබ`ද අත්දැකීම් උපයෝගී කොටගෙන ස්වාධීන කවිසංකල්ප ඉදිරිපත් කිරීම ස`දහා ඉඩ ප‍්‍රස්තාව ලැබීමයි. එම අවස්ථා හැම සන්දේශ කවියාම එක සේ ප‍්‍රයෝජනයට ගත්හයි නොකිව හැකි වුවද වැඩි දෙනෙක් එම කාර්යයෙහි ලා සමර්ථ වූ බව පෙනී යන්නකි. මෙවන් අවස්ථාවක් සෙසු සිංහල කවීන්ට නොලැබී ගියේ ඔවුන්ගේ කථාවස්තු දඹදිව පරිසරය කොටගත් හෙයිනි. එහෙත් සන්දේශ කවීන්ට පරිසරය වූයේ ඔවුන් විසූ ඔවුන්ගේම දේශයේ පරිසරයයි.
මයූර කවියාද එවැනි වැනුම් ස`දහා පෙලඹී යන්නේ සැබෑ සෞන්දර්යකාමියකු ලෙසිනි. එහෙත් ඔහු සැ`දෑ නිසා උදා වැනුම්හීදී දීර්ඝ වැනුම් ස`දහා ප‍්‍රයත්න නොගනී. වෙනත් සන්දේශ කවීන් මෙන් වන වැනුම් ස`දහා වැඩි උනන්දුවක් දැක්වීමක්ද මයූර කවියාගෙන් සිදු නොවේ. එහෙත් සොබාදහමේ ඇතැම් සො`දුරු තැන් පිළිබ`දව රමණීය කවි සිතුවම් චිත‍්‍රණය කිරීමට ඔහු සමත් වෙයි.
සන්දේශ රැුගෙන ගිය ¥තයන්ට නොයෙක් විට වනාන්තර මැදින් ගමන් කරන්නට සිදු විය. ඔවුන් ගමන් කළේ එකල මෙරට ජනයා ගමන් ගත් මාවත් ඔස්සේම බව සිතා ගත හැක. ¥තයන් ගමන් කළ මාර්ග දෙපස වූ වනාන්තර එකල ම`ගීන්ටද හුරු පුරුදුව පැවති බව නිසැකය. එම වනයන් පිළිබ`ද ආස්වාදජනක තොරතුරු වන වැනුම් ම`ගින් ගෙනහැර පෑමට මයූර කවියා සමත් වෙයි. මොනරා ගමන් අරඹන අම්බුළුවාකඩ වුවද තරමක වනයක් වූ බව කවියා විශේෂයෙන්ම එහි මල් පිපුණු හා මල් පිපෙන ගස් ගැන ස`දහන් කිරීම අනුව පැහැදිලි වේ.
‘‘ගහන් වියත වියකෙත සිටි සිටි තැනිනි
වහන් කරත මල් මුවර`ද සල් හිසිනි’’
අනතුරුව මොනරා දකින දික්පිටිය වුවද ගස්වලින් ගැවසී තිබිණි. ඕපත්ඇල්ල පිපුණු දොඹ නාගස් සමූහයෙන් යුක්ත වූ බව පෙනේ. බොල්ගොඩ කලපුව මතින් පියාඹා යන මොනරා පැමිණෙන්නේද වනයකට බව වනදෙවියන් ගැනත්, ගස් ගැනත් ස`දහන් වී තිබීමෙන් පෙනේ. මොනරාට පරිසරයෙහි චමත්කාරජනක බව දැනෙයි. මොනරා පවන් ම`ගින් යා යුත්තේ සෙමින් සිටය. ඒ වනාහි පවනේ පාවීමක් හා සමානය. මොනරා තුළ සැහැල්ලූ වූද ප‍්‍රියමනාප වූද සිතක් ඇති වෙයි. ඒ සම`ගම සිහිල් පවන් මොනරාට වි`දිය හැකිය. ඔහුට ගස් යට සැතපී මං ගිමන් නිවන්නටද සිත් පහළ වෙයි. කවියා පවසන කරුණු අනුව පරිසරයෙහි පැවති කායික මානසික සහනදායි සුවයද පසක් කොට ගත හැකිය.
මිහිරිපැන්නේ වෙරළ අසලින් වැටුණු මාර්ගයෙහිද ගස් ගැවසී තිබිණි. වෙරළ අසබඩදී මොනරා අමතන කවියා සමුද්‍රය ආශ‍්‍රය කරගනිමින් මවන්නේද සෞන්දර්යය ආත්ම කොටගත් සුවදායක පරිසරයකි.
‘‘න`දව සයුරු ලෙළ රළ සළු සලන්නේ
සො`දව සුපිපි තුරු සේසත් සෙ වන්නේ
රදව ලබන සැප එකතින් ලබන්නේ
ර`දව මියුර සයුරස මීරිපැන්නේ’’
මයූරයාගේ ආගමනයෙන් සමුදුරද ඔක`ද වෙයි. එම පරිසරයට මොනරා රජෙකි. රජකුට සළු සලන්නේ ගෞරවයට පමණක් නොවේ. ගිමං නිවීමද ස`දහායි. සමුදුර සළු සලන්නේ සුදෝසුදු පෙණපි`ඩු සහිත රළ නැංවීමෙනි. රළෙහි නෙත් පැහැර ගන්නා දර්ශනයත්, රළ නැගීමෙන් නැෙ`ගන සුවදායක පවනත් කොතරම් ප‍්‍රියමනාප වීද යත් මයූරයාට තමා රජකු ලෙස හැ`ගී යයි. රජකුට අවැසි සේසත් ලෙස මැනවින් පිපුණු තුරු දක්වා තිබේ. තුරු යටට වී රළ නරඹමින් පවන් වි`දිමින් සිටින විට දැනෙන අසීමිත ප‍්‍රීතියත්, සුවයත් කවියා මයූරයා ම`ගින් රසිකයා වෙත දන්වා සිටියි.
ලනුමෝදරින් නික්මෙන මොනරා වනය මැදින් වැටුණු ම`ගක ගමන් කරයි. ඒ වනාහි සූර්ය රශ්මි බිමට වැටෙන්නට නුදුන් පිපුණු වැටකේ ගසින් යුත් ම`ගකි. හිරු රැුස් නොවැටෙන හෙයින් වනය සිසිලසින් යුක්තය. වැටකේ ප`දුරුවල නෙත් පිනවන සුපුෂ්පිත කුසුමයන් පහන් සදිසිය. එම නිසාවෙන් වනයට ප‍්‍රවිෂ්ට වූවෙකුට ලැබෙන්නේ සැපයකි. එවන් සැපයක් දෙන වනය සෙමින් ගෙවන්නට කවියා මොනරාට අණ කරන්නේ වැඩි වෙලාවක් වන සුවය වි`දුවන අටියෙනි. වන සෞන්දර්යයත්, එහි ඇති චමත්කාරයත්, සුවයත් කවියා මෙනෙහි කරන්නේ ප‍්‍රමුදිත වූ සිතකිනි.
‘‘ගුවන් මිණිහු කර නොපැවිය දුන් බිමට
නුවන් පිනන පුල් වැටකේ පහන් වැට
ගෙවන් සුනිල් වන සැප වන පැමිණිහට
ගෙවන් සෙමින් සිට මාවත යටන් යට’’
මොනරාට මීළ`ගට හමුවන වනාන්තරය උග්ගල්බැවුල ප‍්‍රදේශයෙහි විය. එහි විශාල ගස්ද විය. මොනරා එදින ? ගත කරන්නේද එහි වූ උස් වනපති වෘක්ෂයකය. උදෑසන ගමන් අරඹන මොනරාට දිගටම යන්නට සිදු වන්නේ වනාන්තරය මතිනි. කවියා මෙම වන පෙදෙස විචිත‍්‍ර අන්දමින් දක්වා තිබේ.
ගෙවුයන් ගැනද මයූරයේ කීප තැනකම ස`දහන් වේ. ස්වභාවික වනාන්තර කොතරම් තිබුණත් නාගරික ජනතාව මෙන්ම ගැමි ජනතාවද ගෙවුයන් පවත්වාගෙන යෑමට උත්සුක වූ බව පෙනේ. ගුරුගොඩ අරන්දර ගම් දෙකෙහි විශේෂත්වය වූයේ න`දුන් උයන බ`දු උයන් හේතුකොටගෙනය.
‘‘ගෙවුයන් සිරින් සැදි උයනෙව් පුරන්දර
ඉසුරෙන් දනන් රැු`දි ගුණයෙන් නිරන්දර’’
බේරුහල්ගම මල්තුරු සහිත ගෙවුයන් විය. බෙන්තොට ගෙවුයන් වෙන් වෙන් වශයෙන් කියාපෑමට නොහැකි තරම් සිරියෙන් යුක්ත වූ බැව් පෙනේ. ඒවා මෙලොව දිස්වන දෙව්ලොවක් වැනි යැයි කවියා මවා පෑමෙන් එහි විචිත‍්‍රත්වයත් සුන්දරත්වයත් මැනවින් ගම්‍යමාන වේ.
කෙත්වතු නැතහොත් වෙල්යායවල් ගැන මයූරයේ එතරම් ස`දහන් නොවේ. අම්බුළුවාකඩින් නික්මෙන මයූරයාට පළමුවෙන්ම වෙල්යායක් දක්නට ලැබෙන්නේ අලපලාවළදීය. විශාල වෙල්යායක් වූ එහි කතුන් එහා මෙහා යනු එනු සිත්ගන්නා සුලූ දර්ශනයක් විය. කැලණිය පසු කළ විටද වෙල්යායක් දක්නට ලැබුණි. ඇල්ගෙවිලියන් ගැන ස`දහන් වන හෙයින් එය ඇල්කෙත්යායක් විය යුතුය. කෙසේ නමුත් මොනරා එය පසු කරන විට වැසි නොලැබීමෙන් වෙල්යාය කලට පීදීමක් නොලත් බවද පෙනේ. ඉන්පසුව වෙලක් දක්නට ලැබෙන්නේ ස`ගරම් සල්පිටියෙහිදීය. රයිගමට යන ම`ග වැටී තිබුණේ ඒ වෙල්යාය මත්තෙනි. මයූරයාට ගමන් මෙ`ගහි හමුවන වෙහෙර විහාර පිළිබ`ද වර්ණනා ම`ගින්ද අපට දේශීය පරිසරය පිළිබ`ද තොරතුරු රැුසක් ලබා ගත හැකිය.
ඕපත්ඇල්ල දිය ඇල්ලක් පැවති පෙදෙසක් බව පැහැදිලිය. එහි චමත්කාරජනක බව කවියා විදහා දක්වන්නේ මනරම් ආකාරයෙනි. පහත කවියෙන් එය පැහැදිලි කරගත හැකිය.
‘‘රැුව් කළ මීලොල්ලේ මී ලොල්ලේ ය
පුල් දොඹ නා ගොල්ලේ සෙවණැල්ලේ ය
මග ආරැුලි එල්ලේ සුදු වැල්ලේ ය
යව ඕපත් ඇල්ලේ සිතු ඇල්ලේ ය’’
මීයෙහි ලොල් වූ බමරු රැුව් දෙති. දොඹ හා නා ගසවල මල් පිපී ඇත. ලොකු සුදුමල් පිපී තිබෙන විට දැකුමකලූ දර්ශනයකි. ගස් ළං ළංව පවතින විට ඒ ගොල්ලකි. ඒ නිසාම සෙවණැල්ලද දැඩිය. සෙවණැල්ල නිසා සුවදායක පරිසරයක් නිතැනින්ම මැවේ. පරිසරය වඩාත් නෙත් සිත් ඇද ගන්නේ ම`ග ආ දියරැුලි එල්ලේ සුදුවැල්ලද දක්නට ලැබෙන හෙයිනි. එයින්ද පරිසරයෙහි විසිතුරු බව වර්ධනය වෙයි.
ඒ සම`ගම මොනරාට ගමන් කරන්නට සිදු වන්නේ එබ`දුම චිත්තාකර්ෂණීය පරිසරයක් මැදිනි. ඕපත්ඇල්ලේදී බි`ගු රැුවින් දෙකන් ප‍්‍රීණනය කරගත් මොනරාට අනතුරුව ම`දින ම`ද අසන්නට ලැබෙන්නේ ලියන්ගේ ලිය ගී හ`ඩය. මංකඩ නම් දිය පහරක් හරහා වැටුණු ම`ගයි. එයද සුන්දරය. එයින් පසු යා යුත්තේ පිපි විසිතුරු ගස් අසලිනි.
‘‘ලිය ලියගී කියන අ`ඩින්
ම`ද ම`ද වි`ද එමංකඩින්
පිපි විසිතුරු යටන් බඩින්
වඩු මොනරි`දු වෑබඩින්’’
පරිසරය කොතරම් චමත්කාරද කිවහොත් එයින් වශී වූ මොනරාද පින්බර තැනැත්තෙකු මෙනි. ‘වඩු මොනරි`දු’ යන ගෞරවාන්විත ආමන්ත‍්‍රණය ඒ බව පසක් කරවයි. ඒ අතර මොනරා නිසාද පරිසරය තව තවත් විචිත‍්‍ර වන බව පෙනී යයි. පරිසරයෙහි චමත්කාරජනක බව කොතරම්ද කිවහොත් ඒ නිසා මයූරයා උන්මාද වූවාට සැක නැත.
සැ`දෑ නිසා උදා වැනුම් වෙනත් සිංහල කාව්‍යයන්ට මෙන්ම සන්දේශ කාව්‍යයන්ටද පොදුය. ¥තයන් ගමන් ගන්නා දිනයෙහි දවස නිමවත්ම සන්දේශ කවීන්ට සැ`දෑ නිසා උදා වැනුම් ස`දහා අවස්ථාව එළඹේ. බොහෝ විට එබ`දු වැනුුම් කෙටියෙන් ඉදිරිපත් කරන අතර එක් දිනයක් ඔස්සේ දිගු වැනුමක යෙදීමද සන්දේශ කවීන් සම්ප‍්‍රදායයක් කොටගෙන ඇත. එම`ගින් දේශීය පරිසරය පිළිබ`ද චමත්කාරජනක තොරතුරු දත හැකි බව පෙනේ. මයූර කවියා කෙටි සැ`දෑ වැනුමක් ප‍්‍රථමයෙන්ම ඉදිරිපත් කරන්නේ ¥තයා මහකැලණිපුරයට පැමිණි අවස්ථාවෙහිය. ඒ වනාහි ශෘංගාරාත්මක සැ`දෑ පරිසරයකට තුඩු දෙන වැනුමකි.
‘‘කැලූමන් පෙරගිරි ඉසින්ට
කො`දවන වත පුබුදුවන්ට
බමරුන් මුවර`දැර යන්ට
මදරද දුනුකමට එන්ට’’
පෙරදිග කැලූම් ඉසින්නට පටන් ගනී. ස`ද පෙරදිගින් උදා වෙමින් පැවතීම කවියාට පෙනෙන්නේ පෙරදිග කැලූමන් ඉසින ආකාරයෙනි. කවියා ස`ද ගැන නොපවසන ලද්දේ ඒ ගැන සහෘදයාට සිතා ගැනීමට ඉඩ සලසමිනි. ‘ඉසින්ට’ යනු ස`දරැුස් විහිදි ගිය ආකාරය පිළිබ`දව කමනීය අදහසක් පළ කරන යෙදුමකි. පෙරදිග ස`දරැුස් ඉසීමත් සම`ගම කො`දවන පිපී පරිසරය බැබළෙන්නට පටන් ගනී. ඒ සම`ගම බමරු මුවර`ද රැුගෙන යන්නට පැමිණෙති. කවියා ප‍්‍රකාශ නොකළත් පරිසරය බමරුන්ගේ ගුමු නදින් පිරී තිබුණු අයුරු වටහා ගත හැකිය. බමරුන්ගේ ගුමුගුමුව සරාගී හැ`ගීම් දනවන සුලූය. ඒ සම`ගම මදරද සුපුරුදු දුනුකමට පැමිණෙයි. කවියාගේ කවි හැ`ගුම් නිසාවෙන් රමණීය සන්ධ්‍යා පරිසරයක චමත්කාරය මැනවින් වි`ද ගත හැකිය.
සංක්ෂේපයෙන් නමුත් රමණීය උදා වැනුම් කීපයක්ද මයූර කවියාගෙන් ඉදිරිපත් වනු දක්නට ලැබේ. මොනරාට අම්බුළුවාකඩින් නික්ම යන්නට සිදුවන්නේ මෙවන් ප‍්‍රසන්න උදෑසනකදීය.
‘‘ගහන් වියත වියකෙත සිටි සිටි තැනිනි
වහන් කරත මල් මුවර`ද සල් හිසිනි
පහන් සෙ`දහි රිවිකැන් උදයග ලසිනි
පහන් ස`දින් වඩු අම්බුළුවාකඩිනි’’
උදෑසන කාලය එළඹෙත්ම අහසෙහි තරු සිටි සිටි තැනින් වියැකී යයි. මැකී යයි. ‘වියකෙත සිටි සිටි තැනිනි’ යනු අසත්ම සහෘදයාට අහසෙහි තරු මැකී යන අයුරු පැහැදිලිවම මනසින්් දැකිය හැකිය. ඒ සම`ගම හාත්පස ඇති ගස් මතින් පිපි ඇතැම් මල්වල මුවර`ද රැුදෙන අයුරුත්, ඒ ඇතැම් මල්වල මුවර`ද වෑහෙන අයුරුත්, මල් මුවර`ද නිසා සුව`දින් යුතු පරිසරයක් මැවෙන අයුරුත් දැක්ක හැකිය. අනතුරුව හිරු පහන් වෙයි. ¥තයා මෙන්ම සහෘදයාද උදයෙහි ප‍්‍රසන්න සිතින් අවට පරිසරය වැළද ගනී.
රයිගම්පුර රැුය ගත කොට පසුදා මොනරා නික්ම යන්නේද සො`දුරු උදෑසනකය. උදය පර්වතයෙන් සූර්යයා එන කල්හි අ`දුරු ක`ද බිෙ`දයි. සූර්යෝද්ගමනයත් සම`ග අ`දුරු ක`ද බි`දී යාම චමත්කාරජනක දර්ශනයකි. ඒ සම`ගම බි`ගුන්ගේ මුව මල් මුවරෙ`දහි රැුෙ`දයි. පරිසරයෙහි තුරුලිය මලින් ගැවසී ගන්නා අයුරුත්, එයින් පරිසරය සුව`දවත් වන අයුරුත් සිහිපත් කළ හැක. ඒ සම`ග බි`ගු රැුව්ද ඇසෙයි. ඒ නම් මනරම් උදෑසනක් විය යුතු බැව් පෙනී යයි.
‘‘උදේ ගිරින් රිවි එත තම කෙ`ද් බිෙ`ද්
සෙදේ බි`ගුන් මුව මල් මුවරෙ`ද් රැුෙ`ද්’’
මයූර සන්දේශයෙහි එන දියකෙළි වැනුම් ම`ගින්ද දේශීය පරිසරයෙහි චමත්කාරජනක තොරතුරු හෙළි පෙහෙළි වෙයි. මයූරයෙහි දිය කෙළියක් දක්නට ලැබෙන්නේ මොනරා ලනුමෝදර පසු කළ විට හමු වන මානැවියා පොකුණෙහිදීය. මානැවියා පොකුණට රිවිරැුස් නොවැටෙයි. ඒ කෙසේදැයි කිවහොත් අනෝතත්ත විලට රිවිරැුස් නොවැටෙන්නාක් මෙනි. හිරු රැුස් කෙලින්ම පතිත නොවීම නිසා අනෝතත්ත විලෙහි ජලය හැමදා බලවත් සිහිලසින් යුක්තය. මානැවියා පොකුණෙහි ජලයද එවන් බලවත් සිහිලසකින් යුක්තය.
මේ අනුව බලන විට දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිලා මයූර කවියා දක්වන සාමර්ථ්‍යය අගය කළ යුත්තකි. ඒ ආරම්භක යුගයේ සන්දේශ කාව්‍යයකින් අපේක්ෂා කළ නොහැකි තරමින් දේශීය පරිසරය පිළිබ`ද සැබෑ තොරතුරු දක්වමින් ඉතා විචිත‍්‍ර අන්දමින් වර්ණනා කොට ඇති බැවිනි. අවසාන වශයෙන් මයූර සන්දේශය පිළිබ`ද පුඤ්චිබණ්ඩාර සන්නස්ගල මහතා දක්වා ඇති අදහසක් උදුරා මෙහි දක්වමු.
‘‘කාව්‍යක් වශයෙන් මයූරයෙන් ලැබෙන එළිය ඊට වඩා විශාලයි. මෙවක ඇති පැරණිම එළිසම සිවුපද කාව්‍යයත් මේ සන්දේශයයි. මයූර කවි, නිර්මාණාත්මක පද්‍යයන් බව ප‍්‍රසිද්ධ කාරණයකි. වස්තුව වැනීමෙහි කවියා පෙන්වූ හපන්කම පුදුමයි. ඔහුගේ ශක්තිය අනුපමයි. අලංකාර නිර්මාණය අසමසමයි....මයූරයේ මේ තතු විමසන විට, එය ගම්පොළ කාලයේ සිංහල කවියේ උසස් දියුණුව පෙන්වාලන බව කිවයුත්තක් නොවේ. සන්දේශ කාව්‍ය අතර මයූරයට සමකළ හැක්කක් තාම නැත.’’
ගම්පොළ යුගයට අයත් මයූර සන්දේශය සිංහල සන්දේශ සාහිත්‍ය පරපුරේ මුල්ම යුගයටඅයත් වන්නක් ලෙස සලකනු ලැබේ. එසේ සිංහල සන්දේශ සාහිත්‍යයේ මුල්ම යුගයට අයත් වන නමුත් දේශීය පරිසරය වර්ණනා කිරීමෙහිලා මයුර කවියා දක්වන සමත්කම ප‍්‍රාමාණික කොට කිව නොහැකිය. ඒ බව උක්ත නිබන්ධනයෙහිලා මැනවින් පැහැදිලි කර ගත හැකි විය. සකු ආලංකාරිකයන්ගේ වර්ණනා මාර්ගයෙහි සංස්පර්ශය කවියාට නිතැනින්ම ලැබුණද තම නිසර්ග කවිත්වය ඉතා මැනවින් තහවුරු කර දක්වනු මයූර සන්දේශයෙහිදී දක්නට ලැබේ. ඒ තුළින් දේශීය පරිසරය පිළිබ`ද රමණීය අරුත් ප‍්‍රතීයමාන කරමින් ඉතා චමත්කාරජනක සංකල්පනා පාඨක සිත්සතන්හි ජනිත කරවීමට මයූර කවියා දැරූ ප‍්‍රයත්නය සාර්ථක වී තිබෙන බැව් කිව යුතුය.
ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය
ද්විතීයික මූලාශ‍්‍ර
උදිත හිමි, හිත්තටියේ, සිංහල සන්දේශාවලී. සීමාසහිත මාතර වෙළෙන්දෝ, 1949.
තිලකසිරි, සිරි, සිංහල සන්දේශ කාව්‍යයේ සමාජ පසුබිම, කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 2008.
ධර්මාරාම හිමි, රත්මලානේ, සිදත් ස`ගරා විස්තර සන්නය. කොළඹ: විද්‍යාලංකාර යන්ත‍්‍රාලය, 1947.
මයූර සන්දේශය (සංස්*. සිරි තිලකසිරි, කොළඹ 10: රත්න පොත් ප‍්‍රකාශකයෝ, 2000.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සන්දේශ සාහිත්‍යය. කොළඹ: ලේක්හවුස් මුද්‍රණාලය, 1949.
සන්නස්ගල, පුඤ්චිබණ්ඩාර, සිංහල සාහිත්‍ය වංශය. කොළඹ: ලේක්හවුස් මුද්‍රණාලය, 1961.
කේ. ටී. ඩබ්. සුමනසූරිය, ‘‘සන්දේශ’’, සිංහල සාහිත්‍ය ලතා (සංස්*. කොත්මලේ අමරවංශ හිමි, කොළඹ 10: සීමාසහිත කුලරත්න සහ සමාගම, 1968.
ශබ්දකෝෂ
ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂය. වැලිවිටියේ සොරත හිමි (සංස්*, කොළඹ 10: එස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1999 (තෙ.මු.*
වෙනත්
ෂබඑරදාමජඑසදබ ්‍යගක්‍ගඊග ඊැකක’ි රුචදරඑ දබ එයැ නැට්කකැ ෘස්ිඑරසජඑ ීැිිසදබ්ක චැචැර 19 දෙ 1892ග