UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: කුල සංකල්පයේ ප‍්‍රභවය

Thursday, December 12, 2013

කුල සංකල්පයේ ප‍්‍රභවය

කුල සංකල්පයේ ප‍්‍රභවය ‘කුලය’ යන වචනය සිංහල ශබ්දකෝෂයේ අර්ථ දක්වා ඇත්තේ ‘‘වංශය, ගෝත‍්‍රය, ජාතිය, පරම්පරාව, කුටුම්භය.’’ යනුවෙනි. එක් ජාතියකට අයත් මිනිස් කොට්ඨාසයක් හැ`දින්වීම ස`දහා කුලය යන වචනය භාවිත කරන්නට ඇතැයි මේ අනුව පැහැදිලි වේ. කිසියම් සංස්කෘතියකට අනුව හැඩගැසුණු, එක් භාෂාවක් කථා කරන පිරිසක් ම`ගින් පැවත එන පරම්පරාවක ජනතාවක් යන අර්ථයද ඉහත වචනවල ගැබ්ව තිබේ. මෙලොව එළිය දකින සැම පුද්ගලයෙකුටම හිමි විය යුත්තේ සමාන අයිතිවාසිකම්ය. එහෙත් මිනිස් සිත්වල මෝදු වී ඇති නොයෙක් සංකල්ප නිසා හා සමාජයේ ඇති නැති පරතරය නිසාවෙන් එකම ආකාරයෙන් මෙලොව එළිය දකින මිනිසා විවිධ අයුරින් බෙදීම් ඇති කර ගෙන සිටී. එවැනි භේදයන් අතර දක්නට ලැබෙන කුල භේදය සමාජයේ මිනිසුන් උස් පහත් ලෙස සලකන සංකල්පයක් බව හැ`දින්විය හැකිය. කුල භේදය ප‍්‍රභවය වන්නේ බොහෝ කාලයක පටන්ය. ආසියාතික රටවල මෙය බොහෝ සෙයින් ව්‍යාප්තව පවතී. ඒ අතර එදා පටන් අද දක්වා කුල භේදය දැඩි ලෙස පවතින රටක් ලෙස ඉන්දියාව නම් කළ හැකිය. ඒ අනුව කුල සංකල්පයේ ආරම්භය සම්බන්‍ධයෙන් කරුණු විමසීමේදී අපගේ අවධානය යොමු වන්නේ භාරතය දෙසටය. ක‍්‍රි.පූ. 06වන සියවසට පෙර ද ලෝකයේ විවිධ රටවල ජාති, ගෝත‍්‍ර පිළිබ`ද යම් යම් මතවාද තිබෙන්නට ඇත. එහෙත් සාධක සහිතව කුල ක‍්‍රමයේ සම්භවය පිළිබ`ද තොරතුරු පළමුව හමුවන්නේ ක‍්‍රි.පූ. 06 වන සියවසේ බ‍්‍රාහ්මණයන්ගේ සමාජ බෙදීම් ක‍්‍රමයත් සම`ගය. ‘කුල’ යන සංකල්පය හැ`දින්වීම ස`දහා එකල භාවිත වූයේ ‘‘වර්ණ’’ යන පදයයි. කුල ක‍්‍රමයේ ප‍්‍රභවය සනිටුහන් කරමින් භාරතීය ජනයා,  ආර්ය  අනාර්ය ලෙසින් පෙර සිටම කුල දෙකකට බෙදී තිබුණු බව පෙනේ. මෙයින් එම සමාජයේ බලය අත්පත් කරගනිමින් බලවත් කුලය ලෙස කි‍්‍රයා කළේ ආර්ය කුලයයි. අනුක‍්‍රමයෙන් බ‍්‍රාහ්මණයින් භාරතීය සමාජයේ බලවත් වන විට ඔවුන් විසින් සමාජය, ප‍්‍රධාන ස්ථර හෙවත් කුල හතරකට බෙදා දක්වන ලදි. එම විභේදනය ඝෘග්වේදයේ පුරුෂ සුක්තයේදී මෙසේ ස`දහන් කොට ඇත. ‘‘බ‍්‍රාහ්මණෝස්‍ය මුඛමාසීත් - බාහු රාජන්‍යඃ කෘතඃ ඌරු තදස්‍ය යද් වෛශ්‍යඃ - පද්භ්‍යාං ශුද්‍රෝ අජායත’’ එහි පදගතාර්ථය වන්නේ මහා බ‍්‍රහ්මයාගේ මුවින් බ‍්‍රාහ්මණයන්ද, අතින් ක්‍ෂති‍්‍රයයන්ද, කළවා වලින් වෛශ්‍යයන්ද, යටි පතුලෙන් ශුද්‍රයන්ද ඉපදී ඇති බවයි. මෙලෙසින් බ‍්‍රාහ්මණ සමාජයේ කුල ක‍්‍රමය දැඩි ලෙස ව්‍යාප්තව තිබුණු අතර බලය ඇති උසස් කුල විසින් බලය නැති අනෙකුත් කුලවල ශ‍්‍රමය, ධනය සූරාකමින් එම සමාජයෙහි ආධිපත්‍යය පතුරුවමින් ක‍්‍රියා කරන ලදි. මෙම සංකල්ප බුද්ධ කාලීන සමාජයේද දැඩි ලෙස මතු වී තිබිණ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ සහනශීලී මානුෂීය ප‍්‍රතිපදාවන් හේතුවෙන් කුල ක‍්‍රමයෙන් පීඩිත ජනයාට සැලසුණේ මහත් අස්වැසිල්ලකි. උන්වහන්සේ වසල සූත‍්‍රයේ දක්වන අදහස උක්ත කරුණ සනාථ කරන මනා නිදර්ශනයකි. ‘‘නජච්චා වසලෝ හෝති- නජච්ච්ා හෝති බ‍්‍රාහ්මණෝ කම්මනා වසලෝ හෝති- කම්මනා හෝති බ‍්‍රාහ්මණෝ ’’ (යමෙක් ඉපදීමෙන් වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් නොවේ. ඔහු වසලයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් වන්නේ ඔහු කරන ක‍්‍රියාව අනුවය.* එසේම උන්වහන්සේ දේශනා කළේ බ‍්‍රාහ්මණ, ක්‍ෂතී‍්‍රය, වෛශ්‍ය, ශුද්‍ර ලෙස සමාජයේ වෙන්කළ හැක්කේ මෙබ`දු ක‍්‍රියාවන් කරන පුද්ගලයන් බවයි. x ‘‘බ‍්‍රාහ්මණ- පාපකෙ අකුසලෙ ධම්මේ බාහෙන්තීති බ‍්‍රාහ්මණෝ (පව් බැහැර කරන්නෝ බමුණෝය. x ක්‍ෂතී‍්‍රය- ඛෙත්තානං අධිපතීති ඛත්තියෝ (කුඹුරු වැඩකරන්නේ ක්‍ෂතී‍්‍රයයන්ය.* x වෛශ්‍ය- විසුං විසුං කම්මන්තේ පයෝජෙන්තීති වෙස්සා (ආවාහ විවාහ කර දෙන්නේ වෛශ්‍යයන්ය* x ශුද්‍ර- ලූද්දාචාරා කුද්දාචාරාති සුද්දා (පහත් වැඩ කරන්නේ ශුද්‍රයන්ය.* x ධම්මේන ජනං රඤ්ජෙන්තීති රාජා- (දැහැමෙන් රට රකින්නේ රජතුමාය.*’’ පූර්වෝක්ත කාරණා සැලකීමේදී භාරතීය සමාජයේ කුල ක‍්‍රමය ප‍්‍රභවය වූ අන්දම මොනවට ප‍්‍රත්‍යක්ෂ වේ. මෙහිදී මෙම කරුණු සලකා බලන ලද්දේ භාරතීය කුල සංකල්පය නමැති වෘක්ෂයේ ඡුායාව අප සමාජයේ දක්නට ලැබීම හේතුවෙනි. ලක්දිව කුල ක‍්‍රමයේ ප‍්‍රභවය සිංහල කුල ක‍්‍රමයේ ආරම්භය කවරදා කෙසේ සිදු වීද යන්න කාලයේ වැලි තලාවෙන් යට වී ඇත. කුලය වනාහි අනුක‍්‍රමයෙන් සමාජයේ මුල් බැස ගත් සංකල්පයක් බව පෙනේ. ඒ අනුව ‘‘කුලය මිනිසාගේ උපතත් සම`ග ආරෝපිත තත්‍වයක් යැයි සමාජ විද්‍යාව අධ්‍යයනයේදී පසක් වේ.’’ මෙහිදී අප ලක්දිව කුල ක‍්‍රමය සම්බන්‍ධයෙන් අවධානය යොමු කිරීමේදී ඒ ස`දහා ප‍්‍රධාන සෙවනැල්ල වැටී ඇත්තේ භාරතයෙන් බව තහවුරු වේ. එහෙත් ඊට ප‍්‍රථම ලක්දිව මුල් ශිෂ්ටාචාර අධ්‍යයනයේදී යක්‍ෂ, නාග, දේව වශයෙන් කුල ගෝත‍්‍ර තුනක් දක්නට ලැබුණු බව මහාවංශය සාක්‍ෂි දරයි. ඒ බව සනාථ වන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමන පිළිබඳ තොරතුරු අධ්‍යයනය කිරිමේදීය. ‘‘ උන්වහන්සේ ජලයෙහිද භූමියෙහිද විසූ අසූ කෙළක් නාගයන් තිසරණයෙහිද පන්සිල්හිද පිහිට වීය.’’ (පරි.1-02* මෙම සාධකය මගින් මුල් කාලයේ පටන් ලක්දිව ශිෂ්ටාචාරය තුළ කුල ප‍්‍රවණතා දැකගත හැකි බව සනාථ වේ. විජයාගමනයත් සම`ග ඇරඹෙන ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේදී කුවේණියගේ කුල ගෝත‍්‍ර ම`ගින්ද පසක් වන්නේ උක්ත සාධකයමය. එසේම එම කාලය වන විට භාරතීය කුල ක‍්‍රමයන්හි ආභාසය ලක්දිවට ලැබී තිබිණ. ‘‘විජය කුමරු සහ ඔහුගේ පිරිස දිවයිනට පැමිණි කාලයෙහි පටන්ම බ‍්‍රාහ්මණයෝ ලක්දිව සමාජයේ ප‍්‍රමුඛත්‍වයක් දැරූහ.’’ මෙම`ගින් ලක්දිව සමාජයේ කුල ක‍්‍රමය ආරම්භ වූ අයුරු ප‍්‍රකට වේ. අනුක‍්‍රමයෙන් පණ්ඩුකාභය රජු ලක්දිව රජ වන විට විවිධ කුලයන් අප සමාජයේ මුල්බැස ගෙන තිබිණ. රජතුමා නගර නිර්මාණයේදී ඔවුන් සඳහා ස්ථාන වෙන් කිරීම ම`ගින් ඒ බව පැහැදිලි වේ. මහාවංශයේ සඳහන් අන්දමට, ‘‘ආජීවකයන් සඳහා ගෙයක්ද, බ‍්‍රාහ්මණයන් සඳහා වාසස්ථානයක්ද, සිවිකා ශාලාවක්ද, සොත්‍ථි ශාලාවක්ද,’’ (පරි.10.102* මීට අමතරව ජෛන, පරිබ‍්‍රාජක, නිගණ්ඨ ආරාම එකල දක්නට ලැබී ඇත. එම`ගින් විවිධ කුල ගෝත‍්‍ර ලක්දිව සමාජයේ ප‍්‍රචලිතව පැවති ආකාරය පසක් වේ. මහින්දාගමනයෙන් පසු උක්ත කුල ක‍්‍රමය යම් ආකාරයෙන් සංවිධාන ගත වීමක් විය. එනම් සමාජයේ විවිධාකාරයේ රැුකියාවල නියුතු පුද්ගලයන් විවිධාකාරයේ කුල ඔස්සේ සමාජයේ ප‍්‍රචලිත වූයේ මහින්දාගමනයෙන් පසුවය. එනම් සංඝමිත්තාවන් සමග ශී‍්‍ර මහා බෝධිය වැඩමවන විට ඔවුන් සම`ග පැමිණි කුල දහඅට නිසාවෙනි. ‘‘බෝධිවංශයෙහි සඳහන් අන්දමට මහමෙවුනා උයනෙහි ශීි‍්‍ර මහා බෝධි රෝපණ ප‍්‍රවෘත්තියෙහි තත් බෝධි අංකුර ආරක්‍ෂාවටත්, නිසි වතාවත් ඉටු කිරීමට විවිධ සේවාවන්හි නියුක්ත කුලයන් පැමිණි බව මහාවංශය, දීපවංශය, බෝධිවංශය ආදී මූලාශ‍්‍රයයන් කරුණු දක්වයි.’’ එය මූලාශ‍්‍රයයන්හි දක්වා ඇත්තේ මෙලෙසිනි. මහාවංශය- ‘‘අට්ඨාරස දේවකුලානි’’ (පරි.1.6* පාලි මහාබෝධිවංශය- ‘‘අට්ඨාරස දේවතාකුලානි’’ සිංහල බෝධිවංශය- ‘‘අටලොස් කුලැක දෙවියන් ’’ ඒ කුලයන් අතර සිත්තරුන්, ලී වඩුවන්, යකඩ කම්හල් කරුවන්, පෙදෙරේරුවන් සිට ඇත. ‘‘ලංකාවේ ආදි බ‍්‍රාහ්මී සෙල්ලිපිවල ස`දහන් ‘අය’, ‘පරුමක’, ‘ගමික’, ‘ගණපති’ වැනි බෙදුම් සිංහල කුල ක‍්‍රමයේ ආරම්භය ලෙස ඇතැම් විචාරකයෝ දක්වති.’’ අප සාකච්ඡුා කරන ලක්දිව මධ්‍යකාලීන යුගයේ කුල ක‍්‍රමයේ මූලබීජ ලෙස දක්නට ලැබෙන්නේ පූර්වෝක්ත සාධකයන්ය. ලක්දිව මධ්‍යකාලීන යුගයෙහි ප‍්‍රචලිත කුල ක‍්‍රමය මෙහිදී ප‍්‍රථමයෙන් මධ්‍යකාලීන යුගයට අයත් කාල වකවානුව කවරක්ද යන්න ගැන පැහැදිලිව දත යුතුය. ‘‘මේඝවන්න රජුගේ (කි‍්‍ර.ව.362* කාලයේ පටන් පෘතුගී‍්‍රසීන්ගේ (කි‍්‍ර.ව. 1505* පැමිණීම යන කාල වකවානුව මධ්‍යකාලීන යුගය ලෙස හැඳින්විය හැකිය.’’ ඒ අනුව මධ්‍යකාලීන යුගය ආරම්භ වන්නේ පොළොන්නරු යුගයේ සිටය. මධ්‍යකාලීන යුගයේ ප‍්‍රචලිත බොහෝ සාධකයන් අතර මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එහි කුල ක‍්‍රමය සම්බන්‍ධයෙනි. මධ්‍යකාලීන යුගයට පූර්ව සමයෙහි ලක්දිව කුල ක‍්‍රමය කෙසේ ප‍්‍රචලිතව පැවතියේද යන්න පූර්ව තේමාව ඔස්සේ මනාව පැහැදිලි විය. එසේ ඇරඹි කුල ක‍්‍රමය මෙම කාලය වන විට විවිධ විපර්යාසයන්ට භාජනය වී ඇත. ‘‘ලාංකික සමාජයේ යටත් පිරිසෙන් පශ්චාත් අනුරාධපුරය වන විට කුල භේදය සෑහෙන දුරට වර්ධනය වී තිබුණි. පාරම්පරිකව විවිධ වෘත්තීන්හි නිරත වූ කොටස් ජාති, ගෝත‍්‍ර, කුල වශයෙන් හඳුන්වා ඇත.’’ ජාති, ගෝත‍්‍ර, කුල වශයෙන් ප‍්‍රචලිතව පැවති කුල ක‍්‍රමය අනුක‍්‍රමයෙන් විවිධ කුල ඔස්සේ විකාශය විය. එහිදී සමාජයේ උසස් කුල සේම ඔවුනට යටහත් පහත්ව ක‍්‍රියා කරන කුලහීන පිරිසක්ද නිර්මාණය විය. ‘‘කුලය ඉපැරණි කාලයේදී නියම කරන ලද වෙනස් කළ නොහැකි ඉරණමකැයි යන විශ්වාසය නිසා තමනට වඩා උසස් කුලීනයන්ට මෙහෙවර කිරීම තමන් වෙත පැවරී ඇති යුතුකමක් යැයි කුලීනයෝ නිහඩව පිළිගත්හ.’’ එහිදී ගොවි කුලය ආදි කුල කිහිපයක් උසස් කුල ලෙස පිළිගත් අතර ඔවුනට විරුද්ධ වූවන් කුලහීනයන් ලෙස හැඳින්වීය. ‘‘කුල රටාව සම්බන්‍ධයෙන් උස් පහත් ප‍්‍රභේද යටත්විජිත සමයෙහි අනිවාර්යයෙන්ම දැකගත හැකිවිය.’’ අප මෙහිදී එසේ ප‍්‍රචලිත උසස් පහත් කුල සම්බන්‍ධයෙන් විමසා බැලිය යුතුය. ‘‘සරල සමාජ ක‍්‍රමයක් පැවැති මෙසමයේ ආර්ථිකය, කුලය හා වෘත්තිය අනුව සමාජ තත්ත්වය හා ජීවන රටාව සකස් වී තිබුණි. සමාජයේ ඉහළම තත්ත්වය රාජ රාජ මහාමාත්‍යාදීන්ට හිමි වූ අතර භික්ෂූන් හා පූජකයන් පූජනීයත්වයෙන් සලකන ලදි. ධනවතුන් සියලූ භවභෝග සම්පත් හා දැසි දසුන් ඇතිව ඉතා සැපවත් ජීවිත ගත කළ අතර දුගී මගී යාචකාදීහු ඉතා දුක්ඛිත ජීවිත ගත කළහ.’’ ඒ අනුව ලක්දිව මධ්‍යකාලීන යුගයෙහි ‘ත‍්‍රිවිධ මහාසාර කුලයන්’ නමින් ප‍්‍රවලිත කුල කිහිපයක් දැකගත හැකිය. උක්ත නාමය ධර්මප‍්‍රදීපිකාවේ අර්ථ ගන්වා ඇත්තේ ‘‘ගහපති කුලය, බ‍්‍රාහ්මණ කුලය, කැත් කුලය’’ ලෙසින්ය. එකල සමාජයේ උසස් කුල ත‍්‍රිත්‍වයක් ලෙස එම කුලයන් සමාජයේ වැජඹී ඇත. මෙලෙස උසස් කුල සමාජයේ පෙර කී වෘත්තීන්හි නියැලූණ අතර මෙම වෘත්තීන්ගෙන් බැහැරව ක‍්‍රියා කළ පිරිස් කුලහීනයන් ලෙස හඳුන්වා ඇත. හීන කුල වශයෙන් සමාජයේ කුල භේදයක් දක්නට ලැබුණු බව එළුඅත්තනගලූ වංශයේ එන මෙම ප‍්‍රකාශයෙන් පසක් වෙයි. ‘‘මම හීන ජාතියේ උපන් එකෙක් නොවෙමි.’’ මේ පිළිබඳ තොරතුරු ලක්වීදිය හා ශ‍්‍රී ලංකාද්වීපයේ කඩයිම් පොත ආදී කඩයිම් කෘතිවල විස්තරාත්මකව දක්වා ඇත. යථෝක්ත සාධක මගින් මධ්‍යකාලීන ලංකාවේ මහාසාර කුලයන් සේම හීන කුලයන්ද පැවති බවට කරුණු හෙළි වේ. ලක්වීදිය, පූජාවලිය, නිකාය සංග‍්‍රහය, දඹදෙණි අස්න ආදි සාහිත්‍ය මූලාශ‍්‍රයයන් අධ්‍යයනය කිරීමේදී දසදුරා ජනයන් හා නවකරා ජනයන් වශයෙන් අවශේෂ කුල ගෝත‍්‍ර කිහිපයක් හඳුනා ගත හැකිය. ‘‘දසදුරා ජනයන් කුල දහයකින් සමන්විත කොටසක් ලෙස දැක්විය හැකිය. දඹදෙනි අස්නේ සඳහන් අන්දමට වෘත්තීයමය වශයෙන් අයත් කුල දහයක ජනතාව මෙලෙස හඳුන්වා ඇත. ’’ මීට අමතව පූජාවලියේදී ‘‘ස්වර්ණකාර, කුම්භකාර, චර්මකාර, ලෝහකාර, අයකාර, ධනුකාර, චිත‍්‍රකාර, උළුවඩු, සුනුවඩු, ද`ඩවඩු, ගල්වඩු’’ යනුවෙන් දක්වා තිබේ. එසේම නවකරා ජනයන් වශයෙන් දක්වා ඇත්තේ මුහුදු ආශි‍්‍රතව වාසය කරන කුලයන් බව නිකාය සංග‍්‍රහයේ එන කරුණු වලින් ප‍්‍රකට වේ. උක්ත සාධක අධ්‍යයනයේදී මධ්‍යකාලීන කුල ක‍්‍රමය සම්බන්‍ධයෙන් යම් අවබෝධයක් ලබා ගත හැකිය. ඒ අනුව මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමේදී ලක්දිව විවිධාකාරයේ ශිල්පීය ක්‍දාණයන්ගෙන් හෙබි කුල ක‍්‍රමයන් දැක ගත හැකිය. එවැනි ක‍්‍රමවත් කුලයන් බිහිවීමට බොහෝ සෙයින් හේතු සාධක වූවේ ශී‍්‍ර මහා බෝධියත් සමග දහඅට කුලයක ජන කොට්ඨාසයක් මෙරටට පැමිණීමයි. එසේ විකාශිත මධ්‍යකාලීන යුගයෙහි කුලයන් සම්බන්‍ධයෙන් සුවිශේෂී කරුණු රැුසක් ශිලා ලේඛන හා සාහිත්‍ය මූලාශ‍්‍රය තුළින්ද හෙළි වේ. ඒ අතර සද්ධර්මාලංකාරයෙහි එන ‘‘අනුරාධපුරයෙහි වූ කුඹල් වීදියක’’ වැනි කාරණා ම`ගින් සමාජයේ විසූ විවිධාකාර ජනයා වෙන් වෙන් වශයෙන් වීදිවල ජීවත් වූ බවට සාක්‍ෂි සැපයේ. එසේම ‘‘මධ්‍යකාලීන යුගයෙහි කුල ක‍්‍රමය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ක‍්‍රි.ව. 1122ට දින නියම කළ හැකි බදුමුත්තෑව ද්‍රවිඩ සෙල් ලිපිය අතිශය වැදගත් වේ.’’ මන්ද යත්, එහි රදවුන් ස්වකීය කුලයට අයත් චාරිත‍්‍ර හා වාරිත‍්‍ර රන්කරුවන් වෙනුවෙන් ඉටු කිරීම ප‍්‍රතික්‍ෂේප කළ බව සඳහන් වේ. එම`ගින් එසමය තුළද කුල ක‍්‍රමයට එරෙහිව නැගී ආ මතවාද තිබුණු බව සනාථ වේ. එසේම ‘‘අඹුගමු ශිලාලිපියේ සහ සාහසමල්ලගේ ශිලාලිපියේ කුල හීනයන්ගේ පහසුව පතා පහත් වේදිකාවක් තනන ලද බව දක්වා ඇත.’’ මෙම`ගින් එම සමාජයේ ආධිප්‍යයකින් හෙබි කුල ගොත් ම`ගින් අනෙකුත් කුලයන් යටත් කරගෙන සිටි අයුරු පැහැදිලි වේ. ඒ අනුව මෙම ශිලා ලේඛන තුළින්ද ප‍්‍රකාශිත වන්නේ මධ්‍යකාලීන යුගයෙහි කුල ක‍්‍රමයයි. මේ ආකාරයෙන් දැක්වෙන කුල ක‍්‍රමය ජනවංශයට අනුව මෙලෙස කුල ධාරාවලියක් ලෙස ගෙනහැර දැක්විය හැකිය. 1* ‘‘ගොවියෝ ( හන්දුරුවෝ, වෙල්ලාලයෝ* 2* පේසකාරයෝ (සලාගමයෝ, ‘හාලි’ වියන්නෝ* 3* කුඹුරු (නවන්දන්නෝ, ගල්ලද්දෝ* ආචරියෝ 4* වඩුවෝ (වඩුවෝ, යකඩ වැඩකරන්නෝ ආදීහු* 5* හන්නාලි (මහන්නෝ, ගෙත්තම් කරන්නෝ* 6* රදවු (රෙදි සෝදන්නෝ* 7* ඇම්බැටිටයෝ (කරණවෑමියෝ* 8* සොම්මාරයෝ (හම් වැඩකරන්නෝ, පාවහන් සාදන්නෝ* 9* දුරාවෝ (රා මදින්නෝ* 10* කුම්භකාරයෝ (බඩහැලයෝ* 11* කරාවෝ (මාළු අල්ලන්නෝ* 12* වැද්දෝ (දඩයම් කරන්නෝ* 13* බෙරවායෝ (තූර්ය වාදකයෝ, රෙදි වියන්නෝ, බොහෝ විට නැකැතියෝ* 14* හකුරුවෝ (හකුරු සාදන්නෝ* 15* හුන්නෝ (හුනු පුළුස්සන්නෝ* 16* පන්නයෝ (තණ කපන්නෝ* 17* යමන්නෝ (යකඩ උණු කරන්නෝ* 18* වැල් වඩුවෝ (වේ වැල් වැඩ කරන්නෝ* 19* ගහලයෝ (පහත් වැඩ කරන්නෝ* 20* පදුවෝ (දාස ගොවියෝ, පල්ලැක්කි ගෙනියන්නෝ* 21* මාලා කාරයෝ (පහත් මල්කරුවෝ, උයන් පල්ලෝ* 22* කින්නරයෝ (පැදුරු වියන්නෝ* 23* රොඩියෝ (කඹ සාදන්නෝ, හම්පදම් කරන්නෝ* 24* ඔලියෝ (නටන්නෝ* 25* ඉන්‍ද්‍රජාලිකයෝ (ඇස්බැන්දුම්කාරයෝ* 26* චණ්ඩාලයෝ (ගෙරි මස්කන්නෝ, කසල ශෝධකයෝ*’’ ලක්දිව කුල ධූරාවලිය නිශ්චිත වශයෙන් ගෙනහැර දැක්වීමට අපහසුය. ඒ පිළිබඳ බොහෝ මතවාද දක්නට ලැබේ. රොබට් නොක්ස්ගේ විදේශීය වාර්තා අධ්‍යයනයේදී අපට දක්නට ලැබෙන්නේ මෙවැනි කුල ධූරාවලියකි. සග ‘‘හන්දුරු සසග ආචරි (රන්කරුවෝ, කම්හල්කරුවෝ, වඩුවෝ, සිත්තරුවෝ* සසසග කුරුවේ ඇත්තෝ, ඇත්ගොව්වෝ (ආචරි කුලයට සමානය* සඩග පනික්කියෝ (කරණවෑමියෝ* ඩග කුඹල්ලූ (බඩහැලයෝ* ඩසග රදව් (රෙදි අපුල්ලන්නෝ* ඩසසග හ`ගරම්මු (හකුරු වහුම්පුරු* ඩසසසග පදුවෝ සංග රෙදි වියන්නෝ (නැකැත්කාරයෝ, බෙරවායෝ, නැට්ටුවෝ* ංග කදියෝ (කුළුපොත්තෝ* ංසග කින්නරු (කළාල පැදුරු වියන්නෝ* ංසසග රොඩියෝ ’’ මධ්‍යකාලීන යුගයෙහි ප‍්‍රචලිත කුල ප‍්‍රභේදයන් බොහෝමයක් උක්ත නිදර්ශන ම`ගින් පසක් වේ. ඇතැම් විට මෙම කුලවලට අයත් ජන කොට්ඨාස ඉතා ස්වල්ප වන්නට ඇත. එහෙත් උසස් කුලය සේම බහුලව මිනිසුන් වාසය කළ කුලය ලෙස නම් කළ හැක්කේ ගොවිගම කුලයයි. එසේම ගොවි කුලයට අමතරව නොයෙක් ආකාරයේ කර්මාන්තකරුවන් පූර්වෝක්ත ධූරාවලි අධ්‍යයනයේදී දැකගත හැකිය. ‘‘මධ්‍යකාලීන ලංකාවේ කර්මාන්තකරුවෙකු හඳුන්වනු ලැබුවේ පෙස්ස, පෙසිය, පෙස්සික (සංස්කෘත- පෛ‍්‍රශ්‍ය* යන නම් වලිනි.’’ කර්මාන්තකරුවන්ගේ ලක්‍ෂණය වූයේ තමන්ට නොව අනුන්ට සේවය කිරීමයි. මධ්‍යකාලීන ලංකාවේ කාර්මික ශ්‍රේණියැයි ගිණිය හැකි ශිල්ප කුල කිහිපයක් මෙසේ හඳුනා ගත හැකිය. ‘‘කාර්යමය පදනම යටතේ  කම්මකාර- කුඹුරු (යකඩ වැඩ කිරීම*  ලෝහකාර- ලෝහකරු (ලෝහ වැඩ කිරීම*  සුවණ්ණකාර- රන්රදී කිරීම, චිත‍්‍රකර්මාන්තාදිය.  වඞ්ඩකී- ලී වැඩ කිරීම.  චිත්තකාර- සායම් වැඩ කිරීම්. එවක කාර්මික ශ්‍රේණි කුල පහක් ඇතුළත් වූ බව මෙම`ගින් විශද වේ.’’ මෙහිදී මධ්‍යකාලීන යුගයෙහි සුඛාවබෝධය සඳහා එහි කුල කිහිපයක් විස්තරාත්මකව විමසා බැලීමට සුදුසුය. මෙම යුගයේ කුල ප‍්‍රභේදයන් අධ්‍යයනය කිරීමේදී අනුන්ට යටහත් පහත්ව සේවය කරමින් ජීවත් වෙන ‘වාල්ලූ’ පිරිසක් දැකගත හැකිය. ඓතිහාසික තොරතුරු අධ්‍යයනයේදී ‘‘ වාල්ලූ එක්තරා ප‍්‍රමාණයක් සිටි නමුදු ඔවුන්ගේ සංඛ්‍යාව විශාල නොවූ බව පෙනේ .’’ වාලූන් ලෙස ක‍්‍රියා කිරීමට සිදු වූයේ වාලූන් ලෙස ඉපදීම, ණය නොගෙවීම ආදි කරුණු නිසාය. එහිදී තමාට වඩා උසස් කෙනෙකු වාල් කමේ තබා ගත නොහැකි විය. එසේම මධ්‍යකාලීන යුගයේ ප‍්‍රචලිත තවත් කුල ක‍්‍රමයක් වූවේ රදව් කුලයයි. ඔවුන්ට භාර කාර්ය වූයේ රෙදි සේදීමයි. ‘‘රජ පවුලේ හෝ විහාරස්ථානයක සිවුරු, ඇතිරිලි, තිර, කොඩි, සතිිපතා හෝ මාස්පතා සේදීම ඔවුන්ට භාර විය.’’ ඈත අතීතයේ පටන් ලක්දිව ප‍්‍රචලිත කුල ක‍්‍රමයක් ලෙස ‘චණ්ඩාල කුලය’ දැක්විය හැකිය. සැඩොල් සේම රොඞී කුලය ලෙස හැඳින්වෙන්නේද මෙම කුලයයි. අතීතයේ සේම මධ්‍යකාලීන ලංකාවේද මෙම කුලය දක්නට ලැබිණ. මේ පිළිබඳ කඩයිම් පොත්වල පමණක් නොව නොයෙක් සාහිත්‍ය මූලාශ‍්‍රයවලින්ද කරුණු හෙළි වේ. බුත්සරණ ආදී කෘතිවල සැඩොල් ගම්මාන ගැනද කරුණු හෙළි වේ. නගර පිරිසිදු කිරීම ඔවුන්ට භාරව තිබිණ. මෙම කුලය පණ්ඩුකාභය රාජ සමයේ පටන් පැවත එන බවට සාක්‍ෂි මහාවංශය පිරික්සීමේදී පළට වේ. ’’චණ්ඩාලයෝ පන්සිය දෙනෙක් නගර පිරිසිදු කිරීමෙහි යෙදුණාහ. සියදෙනෙක් වර්චස් බැහැර කිරීමෙහි යෙදුණාහ. එක්සිය පනස් දෙනෙක් මිනී බැහැර කිරීමෙහි යෙදුණාහ. එක්සිය පනස් දෙනෙක් සුසාන භූමිය මුර කළේය.’’ (මහාවංශය, 10-91,92* සැඩොලන් ගැන අධ්‍යනය කිරීමේදී ඔවුන් ඉතා පහත් තත්ත්වයෙහි ලා සැලකූ බව පෙනේ. ‘‘ඉන්දියාවේ චණ්ඩාලයෝ යම් තත්වයක සිටියාහුද පුරාණ ලංකාවේද ඔවුහු එම තත්ත්වයේම සිටියහ. විථි හා කාණු ශුද්ධ කිරීම, මළ සිරුරු ගෙනයාම, සොහොන් බිම් මුරකිරීම ආදි ඉතාමත් පහත් වූ ද වැඩ කිරීමට ඔවුනට සිදුවිය.’’ මේ ආකාරයෙන් අනෙකුත් කුල ක‍්‍රමයන් සම්බන්‍ධයෙන්ද ඓතිහාසික මූලාශ‍්‍රයවල තොරතුරු ස`දහන් වේ. පූර්වෝක්ත කුල ධූරාවලියට අමතරව මධ්‍යකාලීන යුගය වන විට බ‍්‍රාහ්මණ කුලයද නොනැසී පැවති බවට සාධක හමුවේ. මොවුන් රාජකීය පවුල් සඳහා උපදෙස් ලබා දෙමින් රජවාසල අසලම වැඩසිටි බව පෙනේ. ඔවුන් ප‍්‍රබල කුලයක් බවටද පත්ව තිබුණි. ‘‘ක‍්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ සිට බුද්ධාගම රාජ්‍ය ආගම වී තිබුණද, ආගමික කටයුතුවලදී ඉන්දීයයන් දැක්වූ ඉවසිලිවන්ත භාවය නිසා සිංහල රජවරු භික්ෂූන්ට ගරු සත්කාර සම්මාන කරන ලෙසින්ම බ‍්‍රාහ්මණයින්ටද සත්කාර සම්මාන කළහ.’’ මීට අමතරව අමුණුගම ගල් සන්නස පිරික්සීමේදීද බ‍්‍රාහ්මණ වංශ හා සංඥා පිළිබඳ කරුණු හෙළි වේ. මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී මධ්‍යකාලීන යුගයේදී බොහෝ කුල ක‍්‍රමයන් ප‍්‍රචලිතව පැවති බවට සාධක හෙළි වේ. එම`ගින් ලක්දිව බොහෝ සෙයින් ප‍්‍රචලිතව පැවති කුල ක‍්‍රමයක් දැකගත හැකිය. ‘‘එම කුලක‍්‍රමය නිසාවෙන් සමාජයේ සෑහෙන දුරකට ශ‍්‍රම විභජනයක් දැකගත හැකි විය.’’ එම ශ‍්‍රම විභජනය හේතුවෙන් සමාජයේ වැඩකටයුතු ක‍්‍රමානුකූල විය. එහෙත් එහි අහිතකර ප‍්‍රතිඵල දක්නට ලැබිණ. ඇතැම් ජනයා උසස් කුලවල යැයි සිතා අනෙකුත් ජනයා පහත් කුලහීන ජනයා ලෙස සලකා වැඩ කරවා ගැනීම එහි එක් අහිත කර ප‍්‍රතිඵලයකි. මෙවැනි කරුණු කාරණාවන්ගෙන් සපිරි කුල ක‍්‍රමයක් මධ්‍යකාලීන යුගයේ ප‍්‍රචලිතව පැවති බව මේ අනුව මැනවින් ගම්‍ය වේ. භාරතීය ආභාසය වූ කලී ලක්දිව ප‍්‍රචලිත බොහෝ සම්ප‍්‍රදායයන්ට නොඅඩුව ලැබී ඇත්තකි. අප පැරණි සමාජයේ ප‍්‍රචලිත කුල ක‍්‍රමයේද උග‍්‍ර මතවාද සේම ආරම්භක මූලබීජ දක්නට ලැබෙන්නේද භාරතීය සංස්කෘතිය තුළය. ඒ බව වේද ග‍්‍රන්‍ථ අධ්‍යයනයේදී මොනවට පසක් වේ. ලක්දිව ශිෂ්ටාචාරය ආරම්භයේ පටන් කුල ක‍්‍රමයේ යම් ප‍්‍රවණතා දැකගත හැකිය. මහාවංශය ඇසුරෙන් විජය සහ පණ්ඩුකාභය රාජ සමයන් අධ්‍යයනය කිරීමේදී ඒ බව හෙළි වේ. නමුත් සමාජයේ සියලූ අංශ කෙරෙහි විසිරී පවත්නා කුල ක‍්‍රමයක් බිහි වන්නේ මහින්දාගමනයෙන් පසු ලක්දිවට ශී‍්‍ර මහා බෝධියත් සම`ග දහඅට කුලයක පිරිසක් ලංකාවට පැමිණීමත් සම`ගය. ඒ වන විටත් යම් යම් කුල ක‍්‍රමයන් පැවතුණද භාරතයේ මෙන් දැඩි මතවාදී කුල සම්ප‍්‍රදායක් බිහි නොවූයේ ලක්දිව බුදු දහමෙහි ක‍්‍රියාකාරිත්වය නිසා යැයි සිතිය හැකිය. එහෙත් මධ්‍යකාලීන ලංකා සමාජය වන විට විවිධාකාරයේ කුල ක‍්‍රමයන් ලක්දිව ප‍්‍රචලිතව පැවතිණි. ඒ කුල ක‍්‍රමයන් අතර උසස් පහත් භේදයන්ද නිර්මාණය විය. ඒ අනුව මෙම නිබන්ධය තුළින් මධ්‍යකාලීන යුගයෙහි ප‍්‍රචලිතව පැවති කුල ක‍්‍රමයන් හා ඔවුන්ට අදාළ කටයුතු සම්බන්‍ධයෙන් යම් අධ්‍යයනයක යෙදීමට ප‍්‍රයත්න දැරූ බව පැවසිය යුතුය. ආශ‍්‍රිත ග‍්‍ර‍්‍රන්‍ථනාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රය එදා හෙළ දිව. (සංස්.*. ඬේවිඞ් කරුණාරත්න, (කොළඹථ ගුණසේන සහ සමාගම, 2008*. එළුඅත්තනුගලූවංශය. ආනන්ද කොන්ගස්තැන්නේ, (රත්නපුරථ කර්තෘ ප‍්‍රකාශනයකි, 2000*. ඝෘග්වේදගීතාවලී. (පරි.*. නාරාවිල පැට්රික්, (කොළඹථ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 1997*. දීඝ නිකාය. (දෙහිවලථ බුද්ධ ජයන්ති මුද්‍රණය, 2002*. ධර්මප‍්‍රදීපිකාව. (සංස්.*.රත්මලානේ ධම්මාරාම හිමි, (කොළඹථ ගුණසේන සහ සමාගම, 1919*. පාලි මහාබෝධිවංශය. (සංස්.*. හැදින්නොරුවේ සෝභිත හිමි, (කොළඹථ ලක්රිවි කිරණ යන්ත‍්‍රණාලය, 1890*. පූජාවලිය. (සංස්.*. කිරිඇල්ලේ ක්‍දාණවිමල හිමි, (කොළඹථ ගුණසේන සහ සමාගම, 1967*. මධ්‍යකාලීන ලංකා සංස්කෘතිය. (පරි.*. ඇම්.බී ආරියපාල, (කොළඹථ ගුණසේන සහ සමාගම, 1969*. මධ්‍යකාලීන සිංහල කලා.(පරි.* එච්.එම්. සෝමරත්න, (කොළඹථ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1962*. මහාවංශය. (සංස්.*. මංගල ඉලංගසිංහ, (කොළඹථ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2007*. මහාවංශය. (සංස්.*. හික්කඩුවේ සුමංගල හිමි, බටුවන්තුඩාවේ, (කොළඹථ රජයේ මුද්‍රණාලය, 1908*. සද්ධර්මාලංකාරය. (සංස්.*. බෙන්තර ශ‍්‍රද්ධාතිෂ්‍ය හිමි, (පානදුරථ පානදුර මුද්‍රණාලය, 1934*. සංයුත්ත නිකාය. (දෙහිවලථ බුද්ධ ජයන්ති මුද්‍රණය, 2002*. සිංහල බෝධිවංශය. (සංස්.*. රත්මලානේ ධම්මාරාම හිමි, (කොළඹථ ලංකාපුත‍්‍ර මුද්‍රණාලය, 1957*. ද්විතීයික මූලාශ‍්‍රය අභයවර්ධන, එම්.ඒ.වී. කඩයිම් පොත් විමර්ශනය, (කොළඹථ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 1978*. අමරසේකර, දයා. සරල සමාජ සංවිධාන, (ආරිය ප‍්‍රකාශකයෝ, 1995*. තිස්ස කුමාර, ආනන්ද. සිංහල සන්නස් හා තුඩපත්, (කොට්ටාවථ සාර ප‍්‍රකාශන, කොට්ටාව, 1992*. පීරිස්, රැුල්ෆ්. සිංහල සමාජ සංවිධාන, (බොරලැස්ගමුවථ විසිදුනු ප‍්‍රකාශකයෝ, 2005*. සිල්වා, කාලිංග ටියුඩර්. කුලය, පන්තිය හා ලංකාවේ සමාජ ගැටුම්, (බොරලැස්ගමුවථ සීදේවි ඔප්සෙට්, 2005*. සිරිවීර, ඉන්ද්‍රකීර්ති. මධ්‍යකාලීන ලංකාව, (පේරාදෙණියථ සුප‍්‍රා මුද්‍රණාලය, 1971*. සිරිවීර, ඉන්ද්‍රකීර්ති. රජරට ශිෂ්ටාචාරය හා නිරිත දිග රාජධානි, (කොළඹථ දයාවංශ ජයකොඩි සහ සමාගම. 1971*. තෘතීයික මූලාශ‍්‍රය සාරථී. (සංස්.*. උදේනි පද්මානන්ද, (මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමෙන්තුව, 2004*. ශබ්දකෝෂ සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය, සිංහල ශබ්දකෝෂ කාර්යාංශය ම`ගින් සම්පාදිතයි, (කොළඹථ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2007*.