UC0GG2kdhy3J-tiQE5Pyrerg?sub_confirmation=1 Sipyaya: වාග්විද්‍යාව යනු2

Thursday, December 12, 2013

වාග්විද්‍යාව යනු2

වාග්විද්‍යාව යනු දෛනික ජීවනෝපාය පවත්වාගෙන යෑමේදී ජලය සහ ආහාර යම් සේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේද ඒ හා සමානව ජීවිතය හැඩගස්වා ගැනීමේදී අන් කවර උපකරණයකටත් වඩා භාෂාව වැදගත් වේ. ඒ අනුව කාලානුරූපීව මිනිසා නිපවදන ලද හෝ අනාවරණය කරන ලද වඩාත්ම ප‍්‍රයෝජනවත් උපකරණය භාෂාව ලෙස හැ`දින්විය හැකිය. ඒ අනුව භාෂාව යනු ‘‘කිසියම් මිනිස් හෝ වෙනත් සත්‍වයින් අතර ඔවුනොවුන්ගේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරන මාධ්‍යයයි.’’ ඒ අනුව මිනිසා විසින් නිපවදන ලද භාෂාව, පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව වාග්විද්‍යාවයි. (වාග්+විද්‍යා යන පද දෙක සමාස වී සෑදී ඇත. වචන හෙවත් භාෂණය පිළිබඳ විද්‍යාව යන අරුත එහි ඇත.* මෙය බටහිර වාග්වේදීන් ඛසබටමසිඑජසි යනුවෙන් අරුත් ගන්වා ඇත. ලතින් භාෂාවේ එන ඛසබටම් සහ ිඑසැි දෙපදයෙන් මෙය සෑදී ඇත. ඛසබටම් යනු එදබටැ යන්නයි. ිඑසැි යනු ිජසැබජැ හෝ නබදඅකැාටැ යනුවෙන් අර්ථ දැක්වේ. වාග්විද්‍යාව අංශ තුනක් ඔස්සේ අධ්‍යයනය කරයි. එනම්,  ඓතිහාසික වාග්විද්‍යාව  තුලනාත්මක වාග්විද්‍යාව  විග‍්‍රහාත්මක වාග්විද්‍යාව යනුවෙනි. මෙහිදී අප අධ්‍යයනය කරනු ලබන්නේ විග‍්‍රහාත්මක වාග්විද්‍යාවෙහි එන කොටසක් සම්බන්‍ධයෙනි. එහිදී විග‍්‍රහාත්මක වාග්විද්‍යාව කොටස් හතරකට බෙදේ. x ශබ්ද විචාර - චයදබදකදටහ x පද විචාර - පදරචයදබදකදටහ x වාක්‍ය විචාර - ිහබඒං x අර්ථ විචාර - ිැපැබඑසං මෙහිදී අපගේ අවධානය යොමු කරනු ලබන ස්ථරය වන්නේ පද විචාරයෙහි දැක්වෙන පදිම සම්බන්‍ධ කරුණු කාරණා සඳහාය. පදිම යනු සාමාන්‍ය සාම්ප‍්‍රදායික ව්‍යාකරණයෙහි හමුනොවන ‘පදිම’ යන වචනයෙන් අභිපේ‍්‍රත වන ව්‍යාකරණ සංකල්පය මෙහිලා පළමුකොටම හ`දුනා ගත යුතුයි. පදිම සංජානනය කිරීමේදී අප මුලින්ම අවධානය යොමු කළ යුත්තේ පද විග‍්‍රහය යන්න සම්බන්‍ධවයි. භාෂා ව්‍යාකරණය ගැන අදහස් පළට කිරීමේදී පද විග‍්‍රහය අනිවාර්ය අංගයකි. භාෂාවේ මූලික ඒකකය ශබ්දයයි. ඒ අනුව ශබ්ද ව්‍යාකරණයට ඇතුළත් වන්නේ ශබ්ද ම`ගින් පද සාදා ගැනීමට ආධාර වන හෙයින්ය. සිදත් ස`ගරාවෙහි ‘‘සඳරුත් විදි සියල් අනුරු සේ පියෝනන්’’ යනු ශබ්දාර්ථ විග‍්‍රයයි. එනම් පද සෑදෙන ආකාරයයි. මීට අමතරව පැරණි ව්‍යාකරණයෙහි පද යන්න විග‍්‍රහ කර ඇත්තේ මෙලෙසිනි. ‘‘විභකත්‍යනතං පදං’’ - විභක්ති අන්ත කර ඇත්තේ පදයි. ‘‘අත්තජ්ජෝතකා වණ්ණා පදං’’ - අර්ථය බබුලූවන රූපය පදයි.’’ ව්‍යාකරණයෙහි පදය සම්බන්‍ධයෙන් දරන මතය කුමක්ද යන්න උක්ත නිදර්ශන ම`ගින් සනාථ වේ. මීට අමතරව කුමාරතුංග මුනිදාස මහතා පවසන්නේ ‘‘වාක්‍යයක යෝග්‍යව සිටි අක්‍ෂර රචනය පද බවයි.’’ එසේම මීට අමතරව නාම, ක‍්‍රියා, නිපාත, ප‍්‍රත්‍ය ආදි සියලූ අර්ථ ජනනය කරන හෙයින් පද වශයෙන්ද හැ`දින්විය හැකිය. ඒ අනුව පදයෙහි ව්‍යාකරණමය වපසරිය උක්ත නිදර්ශන ම`ගින් පැහැදිලි වේ. මෙතෙක් අප ‘පදය’ යන්නෙහි ව්‍යාකරණමය හේතු විමසන ලදී. එහෙත් පද සිද්ධිය වාග්විද්‍යානුකූලව විමසීමේදී ලැබෙන්නේ මෙවැනි අරුතකි. ‘‘වාග්විද්‍යානුකූලව භාෂා අධ්‍යයනයේදී පද සිද්ධිය ගැන සලකා බැලීමේදී මෙය හැ`දින්වෙන්නේ පදිම විභාගය වශයෙනි.’’ ඒ අනුව ‘පදිම’ යන්න සාම්ප‍්‍රදායික ව්‍යාකරණයේ හමුනොවන අතර එය අධ්‍යයනය කරනු ලබන්නේ වාග්විද්‍යා විෂය ක්‍ෂේත‍්‍රය යටතේය. පදිම හා සමානාර්ථව ඉංගී‍්‍රසියේ යෙදෙන වචනය වන්නේ ‘පදරචයැපැ’ යන්නයි. මින් පසුව ‘පදිම’ කුමක්ද යන්න වෙසෙසා අවබෝධ කර ගත යුතුය. ඒ අනුව ඉතා සරලව දැක්වීමේදී පදිමය යනු අර්ථවත් අවම ඒකකය (ඉ්ිසජ පසබසප්ක මබසඑ* වශයෙන් සඳහන් කල හැකිය. එසේම පෙර අපරදිග උගතුන් පවසන්නේ වාක්‍ය විභාගයෙහිලා වැදගත්ම ඒකකය මෙය බවයි. කෙසේ වෙතත් පදිම සම්බන්‍ධයෙන් වාග්වේදීන් විවිධාර්ථවත් නිර්වචන දක්වා ඇත. ඒ අනුව පදිම විග‍්‍රහ කිරීමේදී එම නිර්වචන අපහට මනා අස්වැසිල්ලක් වනු නියතය. එබඳු නිර්වචන කිහිපයක් මෙසේ දැක්විය හැකිය. ‘‘පදිම යන වචනය කුඩා අර්ථවත් ඒකකයයි. (ලෙනාඞ් බ්ලූම්පීල්ඞ්*’’ ‘‘කිසියම් භාෂා රූපයක් අන්‍ය කවර හෝ රූපයක් සම`ග ශබ්ද, අර්ථ වශයෙන් අර්ධ සමානත්‍වයක් නොදක්වයි නම් එය සරල රූපයකි. හෙවත් පදිමයකි. (ලෙනාඞ් බ්ලූම්පීල්ඞ්*’’ ‘‘අර්ථවත් අවම කොටස්වලට වෙන් නොකළ හැකි ස්වතන්ත‍්‍ර හෝ බද්ධ රූපය පදිමයයි. (ඉකදජය ්බා එර්ටැර*’’ ‘‘භාෂණයෙහි කුඩාතම වූත් අර්ථවත් වූත් බද්ධ වූ හෝ අබද්ධ වූ ඒකකය පදිමය වේ.(සිමියන් පොටර්*’’ ‘‘භාෂාවේ ආලාපවල අර්ථවත්ව පවත්නා වෙන්වෙන් වශයෙන් යෙදෙන අවම අවයවය පදිමයයි. (හොකට්*’’ ‘‘විශේෂිත ප‍්‍රකරණයන්හි යෙදෙන තවත් එබ`දු විශේෂිත ඒකකයන්ට සාපේක්ෂව ශබ්දිමයන්ගේ ස්වරූපයෙන් හ`දුනා ගත හැකි ඒකක පදිමයි. (සෙලිග් එස්. හැරිස්*’’ ‘‘ව්‍යාකරණාර්ථයක් හෝ කෝෂාර්ථයක් සහිත වූ සංස්ථිතියෙහි කුඩාතම ඒකක වශයෙන් ශබ්දිමවලින් සංරචිත වූ ඒකක පදිමයි. (ජෝන් බී. කැරොල්*’’ උක්ත නිර්වචන අධ්‍යයනය කිරීමේදී වාග්වේදීන් පදිමය හඳුන්වා ඇත්තේ කෙසේද යන්න මොනවට පසක්වේ. එසේම පදිම නිර්වචනය එක්තරා සංකීර්ණ ගැටලූවක් බවද මෙම`ගින් සනාථ වේ. පූර්වෝක්ත කාරණා ම`ගින් ‘පදිමය’ යනු කුමක්දැයි යම්තාක් දුරට පසක් විය. මීට අමතරව පදිමය සම්බන්‍ධයෙන් කරුණු විමසීමේදී ‘‘භාෂාව සකස් වී ඇති ව්‍යාකරණ පද්ධතිය හා සම්බන්‍ධ මූලික ඒකකය හැඳින්වෙන්නේ පදිමය නමින්ය.’’ එසේම වචනවල සුසංයෝගය එම`ගින් වාක්‍ය සාධනය සිදුවන්නේ පදිම එකතු විමෙන්ය. මේ අනුව උක්ත සාධක අනුසාරයෙන් මෙසේ පදිම සංජානනය කළ හැකිය. ඒ අනුව සරල වාක්‍යයක් ගෙන පදිමය මෙසේ අරුත් ගැන්විය හැකිය. ‘‘දැරියෝ මල් කඩති’’ මෙය අර්ථවත් වාක්‍යයක් වී ඇත්තේ පද තුනක ගැළපීමෙනි. ඒ පද ව්‍යාකරණමය අර්ථය අතින් නිදොස් වන්නා සේම එහි අරුත් ගැන්වී ඇති පදිම විමසීමේදී ඉතා සරලව පදිමය යන්න කුමක්දැයි වටහා ගත හැකිය. මෙහිදී පදයෙන් පදය විමසීමේදී මුලින්ම ‘දැරියෝ’ යන පදය කොපමණ අවයව සංඛ්‍යාවකට විඛණ්ඩණය කළ හැකිදැයි විමසිය යුතුය. එහි අවසන් අවයවන වන්නේ ‘දරු- ඉ’ යන අවයවයයි. එම අවයව යොදා ගනිමින් ඒහා සමාන පූර්වාපර අවයව අපට සාධනය කළ හැකිය. එහෙත් එහි අවසන් අවයවය වන්නේ ‘දරු’ යන්නයි. දරු- දරුවා, දරුවන්, දැරිය, දැරියන්, දරුදුක ආදී පූර්ව අවයවත් අඹුදරු, ¥ දරු යන අපූර්වාවයව තනා ගත හැකිය. ‘දරු’ යන්න තවත් කුඩා අවයවවලට කැඩිය නොහැකිය. ඒ අනුව මෙහි ‘දරු’ යන්න පදිමයකි. මෙහි ‘මල්’ යන්න විමසා බැලූවහොත් එහි අවසන් අවයවය වන්නේ ‘මල්’ යන්නයි. එම අවයවයෙන් බොහෝ පද මෙසේ සාධනය කළ හැකිය. මල, මල්, මලින්, මල්වලින්, මලට, මල්වලට මෙහි ‘මල්’ යන්න අවසන් අවයවය නිසාවෙන් පද සෑදෙන්නේ එම පදයට අනුවය. ඒ අනුව ‘මල්’ යන්න එහි පදිමයයි. එසේම මෙම වාක්‍යයෙහි ‘කඩති’ යන්නෙහි අවම අවයවය කඩ යන්නයි. එමගින් ‘ කඩ, කඩව, කැඞී, කැඩූ, කඩන, කැඞීම්, පද සාධනය කළ හැකිය. එහෙත් අවම අවයවය වන ‘කඩ’ යන අවයවය පදිමය වශයෙන් හැ`දින්විය හැකිය. යථෝක්ත නිදර්ශනය මෙසේ සුපැහැදිලිව දැක්විය හැකිය. ‘‘දැරියෝ මල් කඩති.’’ දරු/ඉ- ඕ/මල්/කඩ-ති.’’ මෙම`ගින් පදිම යන්න කුමක්දැයි හඳුනාගත හැකිය. එසේම රූපීමය වශයෙන් සමානත්‍වයක් සලකා පදිම සංජානනය යෝග්‍ය කාරණයක් නොවේ. ‘‘පළමු , පරණ පදනම, පටිය පදම, පරිප්පු පළතුරු, පහන පහසු, පගාව’’ මෙහි ‘ප’ යන කොටස විස්තෘතියට පත්වන හැම මොහොතකම රූපීපමය වශයෙන් සමානය. එහෙත් මෙය රූපීමය වශයෙන් සමාන යැයි සලකා ‘ප’ යන්න පදිමයක් යැයි සැලකිය නොහැක. වාග්වේදීන් පවසන්නේ රූපීමය සාම්‍ය නොවුණත් අර්ථමය වශයෙන් පදිමයක සාම්‍යක් තිබිය යුතු බවයි. මෙම උදාහරණයෙන් උක්ත සාධකය මොනවම පසක් වේ.  ගස්  ගස  ගසේ  ගස්වල මෙහි සැම තැනකටම ‘ගස්’ යන රූපය පොදුය. විශේෂයෙන්ම රූපයෙන් පමණක් නොව අර්ථයෙන් මෙම රූපයන් සමානය. මෙහිදී ‘ගස්’ යන රූපය මෙහි පදිමය වශයෙන් දැක්විය හැකිය. මෙහිදී අප රූපයෙන් සමාන නොවී අර්ථයෙන් සමාන වන රූපද අධ්‍යයනය කළ යුතු වේ. උදාහරණ වශයෙන්, මම්බොන්නෑ මන්දන්නෑ මං මන්දන්නවා මය්යනවා මෙහි රූපීමය වශයෙන් වෙනසක් වුවද අර්ථමය වශයෙන් පොදු පදිමය වන්නේ ‘මං’ යන්නයි. මීට අමතරව ඉංගී‍්‍රසි භාෂාව අධ්‍යයනය කිරීමේදීද උක්ත කාරණා සාධාරණ වේ. උදාහරණ වශයෙන් චක්හල චක්හිල චක්හසබටල චක්හැාල චක්හමෙකල චක්හටරදමබා යන වචන දැක්විය හැකිය. මෙම ආලාපවල පොදු රූපය වශයෙන් චක්හ යන්න දැක්විය හැකිය. ඒ අනුව උක්ත ආලාපවල පදිමය වන්නේ චක්හ යන්නයි. ඉංග‍්‍රීසි භාෂාවෙහි ැර යන රූපය ක‍්‍රියා පදයක් හා එකතුකිරීමේදී ‘යමක් කරන්නා’ යන අරුත දෙයි. උදාහරණ වශයෙන් අදරනැරල ා්බජැරල අ්කනැරල සෙකකැරල ිසබටැර යන වචන දැක්විය හැකිය. මෙහි ැර යන රූපය පදිමය වශයෙන් හැදින්විය හැකිය. ‘‘මෙස් සලකා බැලීමේදී පසක් වන්නේ භාෂාවේ ව්‍යාකරණය හා සම්බන්‍ධ වූ මූලික ඒකකය පදිමය බවයි.’’ එසේම භාෂාවේ දක්නට ලැබෙන අර්ථවත් භාවයෙන් යුත් කුඩාම ඒකකය පදිම වශයෙන් හැඳින්විය හැකිය. ඒ අනුව පදිමයක් තවත් අවයවවලට කැඩිය නොහැක. උදාහරණ වශයෙන් ‘පොල්, පුවක්, මල්, ගස් දැක්විය හැකිය. ඒවා නම් ඒ ඒ රූපයන්හි අර්ථවත් අවම ඒකකයි. ඒ අනුව මෙම කරුණු අධ්‍යයනය කිරීමේදී සංකීර්ණ වූ පදිම සංකල්පය සම්බන්‍ධයෙන් යම් අවබෝධයක් ලැබිය හැකිය. එහිදී පදිම තුළ ඇති ඉතා කුඩා කාරණා කිහිපයක් සාකච්ඡුා කරන ලදී. එම`ගින් පදිම යන්න පිළිබඳ ප‍්‍රමාණවත් අධ්‍යයනයක් ලැබිය හැකිය. එහෙත් පදිම තවදුරටත් විස්තර වේ. එම`ගින් පදිමයෙහි ඇති සංකීර්ණ බව පසක් වේ. පූර්වොක්ත සාධක අධ්‍යයනයේදී පදිම සංජානනය නිරවුල් විය. ඒ අනුව පදිම යනු අර්ථවත් අවම ඒකකය වශයෙන් අපට යම් අවසන් නිර්ණයකට එළඹිය හැකිය. පදිම සම්බන්‍ධයෙන් අවධානය යොමු කිරීමේදී සාකච්ඡුාවට බඳුන් කළ යුතු තවත් සුවිශේෂී කාරණාවක් ඇත. එනම් පදිම නමැති ශාඛාවේ ප‍්‍රශාඛාවක් වන උපපදක සම්බන්‍ධයෙනි. මෙහිදී වාග්වේදීහු උපපදක සඳහා පදාණු යන නාමයද භාවිත කරති. උපපදක ඉංග‍්‍රීසි භාෂාවේ ්කකදපදරචි යන සමානාර්ථයෙන් යෙදේ. ඒ අනුව මෙහිදී පදිම හා උපපදක අතර ඇති සම්බන්‍ධතාව කෙටියෙන් විමසා බලනු ලැබේ. ඒ අනුව උපපදකයක් හෙවත් පදාණුවක් මෙසේ හැඳින්විය හැකිය. ‘‘කිසියම් පදිමයක් නිරූපණය වන අර්ථයෙන් සමාන රූපයෙන් අසමානව යෙදෙන පදක පදාණු ලෙස හැදින්වේ.’’ මෙහිදී උපපදකයට පදිමයෙන් තොර ජීවයක් නොමැති බව පසක් වේ. එසේම උපපදක සෑදෙන්නේ පදිමය මුල්කරගෙනය. උපපදකයේ ප‍්‍රධානියා හෙවත් අයිතිකරුවා පදිමය වශයෙන් අපට අරුත් ගැන්විය හැකිය. මෙම`ගින් පදිමය හා උපපදකය අතර ඇති සම්බන්‍ධතාව මොනවට පසක් වේ. ඒබ ව මෙම උදාහරණ මගින් තවදුරටත් පසක් වේ. දැරියෝ/ දරු-ඉ- ඕ/දැර්/දැරි දැරියෝ යන රූපයේ පදිමය වන්නේ ‘දරු’ යන්නයි. එම පදිම රූපයට අනුව දැර්/දැරි යන රූප මගින් පද සාධනය කර ගත හැකිය. එහිදී දැර්/දැරි යන රූප දරු යන පදිමයේ උපපදක වේ. මන්ද, දරු පදිමයේ අවයව මූලික කරගෙන දැර්/දැරි යන උපපදක ම`ගින් පද සෑදෙන බැවිනි. එසේම ‘කඩති’ යන ක‍්‍රියා රූපයේ කඩ/කැඞ් යන උපපදක දැකිය හැකිය. ඒ අනුව පදිමය ම`ගින්ම සැදී සමාන අර්ථයක් දෙමින් උපපදක විවිධ රූපවල යෙදේ. මෙහිදී අපට දැකගත හැකි උපපදක දක්නට ලැබෙන්නේ පදිමයක් තුළමය. ‘‘පදිමයක් තුළ පවත්නා වෙනස් රූප හැදින්වීම සඳහා උපපදක (පදාණු* භාවිත කෙරේ.’’ මෙවැනි ලක්‍ෂණ සිංහල භාෂාවේද දක්නට ලැබේ. ‘වත්’ ‘මත්’ නමැති තද්ධිත ප‍්‍රත්‍ය විමසීමේදී ඒ බව පැහැදිලි කර ගත හැකිය. ඇත්තේය යන අර්ථයේ (බුද්ධිමත්* මත් (නැණවත්* වත් මෙහි අර්ථය සමාන වුවද රූපයෙන් අසමානය. මෙහිදී ‘වත්’ ප‍්‍රත්‍ය බහුලව යෙදෙන නිසා ‘වත්’ නමැති පදිමයේ උපපදක ලෙස ‘වත්, මත්’ යන ප‍්‍රත්‍ය දැක්විය හැකිය. එසේම නැත යන අර්ථය යෙදීම සඳහා නි, අ, නො යන රූප යොදා ගනී. නි(නිරෝද* නැත අ(අකුසල්* නො(නොතනි* මෙහි ‘අ’ අවයව බහුලව යෙදෙන හෙයින් ‘අ’ පදිමයේ උපපදක ලෙස ‘අ,නි,නො’යන රූප දැක්විය හැකිය. නි {අ= නො (අ* ඒ අනුව මෙහි යම් සංකීර්ණ බවක් දක්නට ලැබේ. මෙහිදී අර්ථකථනයෙන් සමාන වුවත් රූපයෙන් අසමාන උපපදක භාෂාවේ දක්නට ලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි සොයා බැලිය යුතුය. එ අනුව ‘‘කිසියම් පදක සමූහයක් පදාණු වශයෙන් ගෙන එක් පදිමයක් යටතේ සලකා බැලීම ඒ අතර පවත්නා ආනුපූරක විස්තෘතිය නිසාවෙනි.’’ ඒ අනුව උපපදක ගැන කරුණු විමසීමේදී ආනුපූරක විස්තෘතිය අමතක නොනල යුතු කාරණයකි. උක්ත කාරණා අධ්‍යයනයේදී අවධානය යොමු කල යුතු කාරණා කිහිපයකි. x ශබ්දිම විචාරක හේතු x පදිම විචාරක හේතු x ව්‍යාකරණාත්මක හේතු උපපදක විවිධාකාරයේ රූප ගන්නේ මෙම හේතු නිසාවෙනි. මෙම කරුණු වෙන වෙනම ගෙන විමසීමේදී ඒ බව මොනවට පසක් වේ. ඒ අනුව ඇතැම් උපපදකවල වෙනස්වීමට බලපානුයේ ශබ්දිම හේතු කාරණාය. උදාහරණ වශයෙන් උක්ත සාධකවල අධ්‍යයනය කළ ‘වත්, මත්’ රූප දැක්විය හැකිය. මේවා වෙන් වෙන් වශයෙන් යෙදීමට ප‍්‍රධාන වශයෙන් බලපාන්නේ ශබ්දිමයි. ‘ඉ,ඊ,උ,ඌ’ යන රූපයන්ගෙන් අවසන් වන පද ‘මත්’ ප‍්‍රත්‍ය ලෙසටත් ‘අ,ආ,ඇ’ යන රූපයන්ගෙන් අවසන් වන පද සඳහා ‘වත්’ ප‍්‍රත්‍යයත් යෙදේ. මත්- ඉ, ඊ, උ, ඌ {වත්= වත්- අ, ආ, ඇ එසේම, සම් - සම්භාෂණ / සම්පූර්ණ සන්-සන්නිවේදන / සන්දර්ශන සං - සංයෝග / සංවිධාන මෙහි ‘සං’ යන පදිමයෙහි උපපදක ලෙස ‘‘සන්, සං, සම්’’ දැක්විය හැකිය. එහෙත් ඒවා වෙන වෙන පදාණුවල රූප ගන්නේ ශබ්දිම බලපෑම නිසාය. (සම්*-ප- බ {සන්= (සන්*-ග-ඩ සන්-ය-ප ඉංග‍්‍රීසි භාෂාවේ මෙම කරුණු දැකගත හැකිය. උදාහරණ වශයෙන්, සර- රුටමක්ර සප- ච්එසැබඑ සක-කදටසජ්ක නැත යන අර්ථය සක පදිමයයි සැලකුවහොත් එයට අදාළ පදාණු සරල සපල සක ලෙස දැක්විය හැකිය. සර සක සප සක පදිමයක් තුළින් ගොඩනැගී එහි රූපයෙන් අසමාන වුවද අර්ථයෙන් සමාන වී පදිමයේ කොටස් වශයෙන් යෙදෙන්නේ උපපදකයි. ඒ අනුව පදිම හා උපපදක විශ්ලේෂණය කිරීමේදී පදිම හා උපපදක සෑදෙන අයුරු හා ඒවායෙහි දක්නට ලැබෙන සම්බන්‍ධතා මනාව මෙහිදී පැහැදිලි වෙයි. ඉයුජින් ඒ.නයිදගේ පදිම නිර්වචනයේ ඌනාධිකතා ‘පදිම’ යන්න නිර්වචනය කර ඇති වාග් විද්‍යාඥයින් අතරින් ඉයුජින් ඒ.නයිද ප‍්‍රමුඛ වේ. ඔහු ‘‘පද හෝ පද කොටස් හෝ සංස්ථිත විය හැකි අර්ථවත් අවම ඒකක පදිම’’ වන බව පවසයි. පදිම පිළිබ`ද අර්ථ දැක්වූ වාග්විද්‍යාඥයන් ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඇතුළත් කළ හැක. එය කේවල ආකෘතික හා අර්ථානුබන්ධි වශයෙනි. නයිදගේ නිර්වචනය අර්ථානුබන්ධි කොටසට ඇතුළත් කළ හැක. මෙහිදී නයිද පදිමයක් තුළ සිදුවෙන හා පවතින ශබ්දිම පිළිබ`දව නොසලකා හැර ඇත. ග්ලීසන් නම් වාග් වේදියාගේ අදහස් අනුව පදිම යනු භාෂා ප‍්‍රකාශනය සදහා යොදා ගනිමින් එහි අන්තර්ගතය හා සම්බන්ධයක් දක්වන ඒකකයි. ශබ්දිම කිහිපයක් එකතුව පැවැතීම පදිමයේ ස්වාභාවයයි. මේ අනුව නයිද අර්ථමය නිර්ණායකයන් විවේචනය කර ඇත. අර්ථවත් යන වදන දක්වා තිබුණද එම අර්ථය කෝෂාර්ථයක්ද නැතහොත් ව්‍යාකරණාර්ථයක්ද යන්න පැහැදිලි ලෙස ඔහු දක්වා නොමැත. නමුත් වාග්වේදියකු වූ ජෝන් බී. කැරොල් තම පදිම විග‍්‍රහයේදී ‘‘ව්‍යාකරණාර්ථයක් හෝ කෝෂාර්ථයක් සහිත වූ සංස්ථිතියෙහි කුඩාතම ඒකක වශයෙන් ශබ්දිමවලින් සංරචිත වූ ඒකක පදිමයි.’’ වශයෙන් තත් කාරණය මතු කොට ඇත. අදත්, හෙටත් වැනි නිදසුන් තුළ එක් ශබ්දිමයක් වුව පදිමයක් වී ඇති ආකාරය පැහැදිලි වේ. පදිමයක් ලෙස යෙදෙන ශබ්දිමයන්ට නයිද තැනක් ලබා දී නැත. අද, දවස, දර, අදද වැනි වචන තුළ ප‍්‍රකරණය අනුව ‘ද’ යන්නෙහි අර්ථයක් පවතී. පදිමයක් තුළ සිදුවන ශබ්දිම වෙනස්කම් පිළිබ`දව නයිද එතරම් දුරට කල්පනා කර නැති බව පෙනේ. සිංහලයේ ප‍්‍රතිෂේධාර්ථය හැ`ගවීම ස`දහා යෙදෙන ‘අ’ හා ‘අන්’ ප‍්‍රත්‍යවල යෙදීම පසුව යෙදෙන ශබ්දිමයන්ගේ ස්වර ව්‍යඤ්ජන භේදය මත තීරණය වේ. පදිමය යනු රූපය අතින් අසමාන වුවද අර්ථය අතින් සමාන දෙයකි. එම අසමාන රූපවල අසමාන උපපදකද යෙදේ. එහෙත් එම උපපදක එක් ප‍්‍රධාන පදිමයක උපපදකයක් බවට පත්වේ. උදාහරණ වශයෙන් ඉංග‍්‍රීසියේ බහුවචනාර්ථය යෙදීමට භාවිත. කරන ප‍්‍රධාන රූපය වන්නේ ි යන්නයි. එහෙත් ඊට අමතරව යෙදෙන රූපද අපට දැකගත හැකිය. ජ්එි- ි ාදටි- ‘ රදිැි- ්ි ඥි=\ ිඬ‘ඬ්‘* මෙහි ි යන්න බහු වචනාර්ථය සඳහා දී ඇත. එහෙත් ඊට අමතරව යෙදී ඇති ‘ ්ි යන කොටස් අදහස් කරන්නේද බහු වචනයයි. ඒ අනුව ි නමැති පදිමයේ උපපදක ලෙස ‘ ්ි යන රූප දැක්විය හැකිය. පදිම තුළ වෙනස් ආකාරයෙන් උපපදක යෙදෙන අයුරු උක්ත නිදසුන් ම`ගින් සනාථවේ. මෙවැනි ලක්‍ෂණ සිංහල භාෂාවේද දක්නට ලැබේ. ‘වත්’ ‘මත්’ නමැති තද්ධිත ප‍්‍රත්‍ය විමසීමේදී ඒ බව පැහැදිලි කර ගත හැකිය. ඇති අර්ථයේ (බුද්ධිමත්* මත් (නැණවත්* වත් මෙහි අර්ථයෙන් සමාන වුවද රූපයෙන් අසමානය. මෙහිදී ‘වත්’ ප‍්‍රත්‍ය බහුලව යෙදෙන නිසා ‘වත්’ නමැති පදිමයේ උපපදක ලෙස ‘වත්, මත් යන ප‍්‍රත්‍ය දැක්විය හැකිය. එසේම නැත යන අර්ථය යෙදීම සඳහා නි, අ, නො යන රූප යොදා ගනී. උක්ත කාරණය සම්බන්ධයෙන් පදිම යන්න ගැන කරුණු කීමේදී ස`දහන් කළෙමු. නයිදගේ නිර්වචනය ව්‍යාකරණමය වශයෙන් පදිමයන්ගේ යෙදෙන ස්ථානය අනුව අර්ථය වෙනස් වේ යන්න පිළිබ`දව විමසීමට අනුබලයක් ලබා නොදේ. ඉංග‍්‍රීසි භාෂාවේ ෂ හා පැ යන රූප දෙක එකිනෙක සම්බන්ධ ඒවාය. මෙහි විස්තෘතිය සලකා බැලිය හැක්කේ ව්‍යාකරණමය කාර්යභාරය යටතේය. ෂ උක්ත රූපය වශයෙන්ද පැ අනුක්ත රූපය වශයෙන්ද ඉංග‍්‍රීසියෙහි යෙදේ. මේ අනුව යථොක්ත රූප පදාණු වශයෙන් සලකා එක් පදිමයක් යටතේ ඇතුළත් කළ හැක. පදිම විනිශ්චය ක‍්‍රියා මාර්ග දෙකක් හා සම්බන්ධ වේ. ඒවා නම් වෙන් කිරීම හා එක් කිරීමයි. මෙහිදි භාෂාවට අයත් කිසියම් රූපයක් වෙන් කිරීමේදී එහි ඇතුළත් සැම ශබ්දිමයක් කෙරෙහිම අවධානය යොමු කළ යුතුය. මෙසේ ශබ්දිම කෙරෙහි දැක්වි යුතු අවධානය නයිදගේ මෙම නිර්වචනයෙන් පැහැදිලි නොකරයි. එසේම ඔහු භාෂාවේ අර්ථවත් කුඩාම ඒකක වශයෙන් පදිම හ`දුන්වාදීමෙන්, ශබ්දිමයන් ගැනද එම හැ`දින්වීම පොදු බැවින් පදිමයත් ශබ්දිමයත් වෙන් කොට හ`දුනා ගැනීමට ආධුනිකයාට ඉතාමත් අපහසු වෙයි. නයිදගේ මෙම නිර්වචනයෙන් පදිම, පදාණු හා පදක වෙන් කර හ`දුනාගැනීම දුෂ්කර වෙයි. නයිද ඇතැම් අවස්ථාවලදී පදාණු පදිම සේ ගනියි. එම නිසා එහි භේදය වටහා ගැනීමට ආධුනිකයෙකුට ඔහුගේ නිර්වචනය අනුව ඉතා දුෂ්කර වෙයි. නමුත් ලෙනාඞ් බ්ලූම්පීල්ඞ් ‘‘පදිම යන වචනය කුඩා අර්ථවත් ඒකකයයි’’ යනුවෙන් පදිම නිර්වචනය කොට තිබේ. පදිම විභාගයේදී වාග් වේදියාගේ කාර්යය වන්නේ පදක වෙන් කර දැක්වීමයි. ් කැ්ෙ ේකකි රෙදප එයැ එරුැග ඔඅද කැ්ඩැි ේකක රෙදප එයැ එරුැග මෙම වාක්‍ය දෙකේ ඛැ්ෙ යන්න බහුවචනය ස`දහා ඛැ්ඩැි :කැ්ඩ-ැි* මෙම වචන වල කැ්ෙ හා කැ්ඩ යන්න එකිනෙක වෙනස් රූප වශයෙන් ගත යුතුය. ෙ යන්න ඩ ලෙස වෙනස් වූයේ පරව යෙදුණු ි යන කොටස නිසාවෙනි. මෙවැනි විටෙක වාග්වේදීන් මෙම රූප දෙකම පදිම යන පුළුල් ඒකකයට ඇතුළත් කරයි. මෙම වෙනස් වීම හදුන්වනු ලබන්නේ පදිම - ශබ්දිම වෙනස් වීමක් ලෙසය. නයිදගේ නිර්වචනයට අනුව පදිමයක අර්ථය පමණක් පිළිබ`ද සැලකීමෙන් මෙවැනි විවිධතා අවබෝධ කොට ගත නොහැකිය. නූතන වාග්විද්‍යාවේ අර්ථ ප‍්‍රස්තරය ස`දහා එක්වූ ප‍්‍රකරණය පිළිබ`දව හා ඊට අනුව අර්ථය වෙනස්වන ආකාරය පිළිබ`දව නයිදගේ නිර්වචනයෙන් පැහැදිලි නොවේ. එසේම ඉංග‍්‍රීසි භාෂාවේ එකම පදිමය යෙදෙන අවස්ථාව (ප‍්‍රකරණය අනුව* අනුව අර්ථය වෙනස් වේ. නිදසුන් ලෙස ියැැචල ියැැච යන්න ඒකවචනය හා බහුවචනය ස`දහා එකම අයුරින් යෙදේ. සෙලිග් එස්. හැරිස් මෙම කරුණ තම නිර්වචනයේදී මෙසේ දක්වා ඇත. ‘‘විශේෂිත ප‍්‍රකරණයන්හි යෙදෙන තවත් එබ`දු විශේෂිත ඒකකයන්ට සාපේක්ෂව ශබ්දිමයන්ගේ ස්වරූපයෙන් හ`දුනා ගත හැකි ඒකක පදිමයි.’’ යනුවෙනි. ඇතැම් භාෂාවන්ගේ යෙදෙන අර්ථ ශූන්‍ය පදක පදිමයකට සම්බන්ධ නොවී පවතින අයුරු දෙං යන රතු ඉන්දියානු භාෂාව විමසීමෙන් පැහැදිලි වේ. එම නිසා නයිද ඇතැම් පදක පදිම සේ දැක්වීම ගැටලූ සහගතයි. එසේම පදිමයකට අයත් පදාණු හ`දුනා ගැනීමේදී පදිමවලට අමතරව ශබ්දිම නිගමිත හා ව්‍යාකරණ නිගමිත මුලධර්ම පිළිබ`දව වාග්වේදියෙකුගේ අවධානය යොමු විය යුතුය. නමුත් ඊට නයිදගෙන් විශාල අනුබලයක් නොලැබෙන බව පෙනේ. එම නිසා ව්‍යාකරණමය විග‍්‍රහයේ මුලික ඒකකයක් හා භාෂාවේ පුන පුනා යෙදෙන ශබ්දිම එකකින් හෝ කිහිපයකින් නිමවූයේ පදිම ලෙස හදුන්වන් ලැබුවේ ජොර්ජ් එල්. ට්රේගර් විසිනි. සිංහල බසේ එක් පදයක් සේ සැලකෙන ‘මල්’ වැනි පදිම සංස්කෘත ව්‍යාකරණයෙහි විභක්ති ශූන්‍ය පද සේ හ`දුන්වා තිබීම ඊට නිදසුන් ලෙස දැක්විය හැක. උක්ත කාරණයද නයිදගේ නිර්වචනය ම`ගින් මතු නොවේ. මෙසේ සලකා බලන විට ඉයුජින් ඒ. නයිදගේ පදිම නිර්වචනයෙහි දක්නට ලැබෙන ඌණාධිකතා මැනවින් පැහැදිලි වේ. වාග්විද්‍යාවේ නිරූපිත පදිම සංකල්පය සම්බන්ධයෙන් උක්ත නිබන්ධයෙහිදී කරුණු දක්වා ඇත. එහිදී පදිම සංකල්පය ඉතා සංකීර්ණ සංකල්පයක් බව තදෝක්ත සාධක අධ්‍යයනයේදී මොනවට පසක් විය. එහිදී සිංහල භාෂාවේ සේම ඉංග‍්‍රීසි භාෂාවේද පදිමයක් සංජානනය කළ හැකි අන්දම මුලින්ම අධ්‍යයනය කරන ලදී. එහිදී පදිමයක් වෙන් කර ගත යුත්තේ කෙසේද යන්න සෝදාහරණව ඉදිරිපත් කරන ලදි. පදිමය කුමක්ද යන්න සම්බන්ධයෙන් ප‍්‍රධාන නිර්ණායකයකට පැමිණිය නොහැක. ඒ බව වාග්වේදීන්ගේ නිර්වචන අධ්‍යයනයේදී විශද විය. පදිම රූපයෙන් අසමාන වුවද අර්ථයෙන් සමාන විය යුතුය. ඒ සම්බන්ධයෙන් යථෝක්ත නිබන්ධයේදී මනාව කරුණු දක්වා ඇත. මීට අමතරව පදිමයෙහිම කොටසක් වන උපපදක සම්බන්ධයෙන්ද අධ්‍යයනයක යෙදී ඇත. පදිම අර්ථයට සමානව විවිධ අවයවවලින් උපපදක සෑදී ඇත. ඒ බැව් මනාව වටහා ගත හැක්කේ ආනුපූරක විස්තෘතියට අනුවය. ඒ අනුව උක්ත නිබන්ධය ම`ගින් පදිම සංජානනය යන්න කුමක්ද යන්න සහ උපපදකයන්හි ස්වභාවය විමර්ශනාත්මකව අධ්‍යයනය කර ඇත. එසේම මෙම නිබන්ධයෙහි මුඛ්‍ය පරමාර්ථය වූ ඉයුජින් ඒ. නයිදගේ පදිම නිර්වචනයෙහි පවතින ඌනාධිකතා අනතුරුව විමර්ශනයට භාජනය කරනු ලැබිණී. එහිදී ඔහුගේ පදිම නිර්වචනය හා සම්බන්ධයෙන් අනෙක් වාග්වේදීන් ඉදිරිපත් කළ මතද ඔවුන් පදිම පිළිබ`ද සිදු කළ නිර්වචනද සස`දමින් පවත්නා ඌනාධිකතාවන් ගැන කරුණු තහවුරු කළෙමු. පදිමය පිළිබ`ද අදහස් දැක්වූ වාග්වේදියකු වූ නයිදගේ නිර්වචනය තුළින් අර්ථය මුල් කරගෙන පදිමයක් හදුනාගන්නා ආකාරය පැහැදිලි වෙයි. වාක්‍යයක යෙදෙන ප‍්‍රස්තර අතුරින් කුඩාම අවම ප‍්‍රස්තරය පදිම වේ යැයි ඔහු පවසයි. එය අර්ථවත් වීම අනිවාර්යය යැයි ඔහුගේ මතයයි. නමුත් මෙම පැහැදිලි කිරීමේදී යම් යම් ගැටලූ පැනනගී. පදිමයක් වන්නේ කේසේද කවර ආකාරයකින්ද ආදි ලෙසිනි. එකම පදිමය ඔහු ඇතැම්විට පදකයකටත් ඇතුළත් කරයි. එසේ වූ විට පදිමය හා පදකය අතර පවතින වෙනස හදුනා ගත නොහැකි වේ. පදිම නිර්වචනයේදී නයිද පදයක් තුළ ශබ්දිම වශයෙන් සිදුවන වෙනස පිළිබ`ද සලකා නැත. එසේම වාක්‍ය පිළිබ`දව සැලකීමේදී මොහුගේ නිර්වචනය අසාර්ථක බව පෙනේ. මොහු ව්‍යාකරණමය සංගත ශබ්දයෝග විචාර පිළිබ`ද සැලකිල්ලක් දක්වා නැත. ඉයුජින් ඒ. නයිද වාග්විද්‍යාවේ එන පදිම සංකල්පය නිර්වචනය කිරීමේදී ඒ තුළින් වැදගත් කරුණු මතු කළද ඇතැම් කරුණු පිළිබ`ද ඔහු සැලකිල්ලක් දක්වා නොමැති බව පෙනේ. ඒ අනුව පැහැදිලි වන්නේ ඉයුජින් ඒ.නයිදගේ පදිම නිර්වචනය පදිම යනු කුමක්දැයි හ`දුනා ගැනීමට යම් ආකාරයකින් පිටුවහලක් වුවත් එය ඌනාධිකතාවලින් යුක්ත වූවක් වන බවයි. ආශ‍්‍රිත ග‍්‍රන්ථ නාමාවලිය ප‍්‍රාථමික මූලාශ‍්‍රය සිදත් ස`ගරා මීමංසා. (සංස්.*. අත්තනායක එම් හේරත්, පන්නිපිටියථ ස්ටැම්පර්ඞ් ලෙක් ප‍්‍රකාශනයකි, 2000. ද්වතීයික මූලාශ‍්‍රය කරුණාතිලක, ඩබ්.එස්.(ඇතුළු පිරිස*. වාග්විද්‍යා ප‍්‍රවේශය, කොළඹ 10ථ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2004. බලගල්ලේ, විමල් ජී. සිංහල භාෂා අධ්‍යයන ලිපි, කොළඹ 10ථ ඇස් ගොඩගේ සහ සහෝදරයෝ, 2007. මුනිදාස, කුමාරතුංග. ව්‍යාකරණ විවරණය, කොළඹථ ගුණසේන සහ සමාගම, 1969. සිල්වා, සුගතපාල ද. විග‍්‍රහාත්මක වාග්විද්‍යාව, රාජගිරියථ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, 1963. තෘතීයික මූලාශ‍්‍රය අනුර වික‍්‍රමසිංහ, සාහිත්‍යය2001 කලාපය.(සංස්.*. බත්තරමුල්ලථ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 2001. ෘගඛග ඊදකසබටැරල ධභ ෘෑත්‍ෂභෂභඨ ඔ්‍යෑ ඵධඍඡු්‍යෑඵෑල අදරාල 4එය ැාසල 1948ග